කවුරුත් නොදන්නා කෝපි වල අතීත කතාව

ඈත අතීතයේ එළු රංචුවක සිටි මහලු එළුවන් පිරිසක් ඇදහිය නොහැකි ප්‍රබෝධ‍යකින් නාඹරයන්, මෙන් හැසිරෙනු දැක විමසිලිමත්වූ නැණවත් පූජකවරයෙක් උන් ආහාරයට ගෙන තිබූ විශේෂ ශාකය කුමක්දැයි සොයා හඳුනාගෙන, ඒ ගැන හදාරා බැලුවා. අනතුරුව එය දෙවියන් එවූ තෑග්ගක් ලෙස නම් කළා. එතැන් පටන් ඉන් බීමට සකසාගත් පානය කෝපි ලෙස ලෝකය හඳුනාගත්තා. කෝපි පානයේ ආරම්භය හා බැඳී ඇත්තේ මෙම කතා පුවතයි. අද ලෝකයේ ජනප්‍රිය ම පානය කෝපි කිවත් එය නිවැරැදි යි. ඛනිජ තෙල්වලට පමණක් දෙවැනි වන කෝපි අළෙවිය දිනකට කෝප්ප මිලියන 1400 ක්, පමණ වන බවට ගණන් බලා තිබෙනවා. අමෙරිකාව ආසියාව අප්‍රිකාව ආදි රටවල බහුලවත් තවත් 70 ක ට අධික රටවලත් කෝපි වගා කෙරෙනවා. මෙරටට කෝපි වගාව හඳුන්වා දෙනු ලැබුවේ 1658 දී ලන්දේසීන් විසින්. ශාකය ඇරබිකා , රොබෝස්ටා ලෙසින් ප්‍රභේද දෙකකින් යුක්තයි.
අප්‍රිකානු සම්භවයක් සහිත රොබෝස්ටා බෝල කෝපි ලෙස හඳුන්වනවා. ගස් හා පත්‍ර මඳක් විශාලයි. පඳුරක් ලෙස ලොකුවට වැඩෙනවා. ඉතියෝපියානු සම්භවයකින් යුත් ඇරබිකා වඩාත් ගුණාත්මක ලෙස සැළකෙනවා. ශාකත් පත්‍රත් මඳක් කුඩායි. පත්‍ර දිලිසෙන සුළුයි. පොකුරුවල ගෙඩි වැඩියි. ඇට දිගටි යි.

17 සියවසේ බටහිර යටත් ව්ජිතවල ආර්ථික භෝගයක් ලෙස කෝපි වගාව පැතිර යාමත් සමග ඈඳුණු අපූරු පුවත් අසන්නට ලැබෙනවා. ඉන්දුනීසියානු දූපත් ප්‍රදේශවල ස්වදේශිකයන්ට කෝපි නෙළාගැන්මේ අවසරයක් නුවූයෙන් කලවැද්දන් කෝපි ඇට කා හෙළන වසුරුවලින් ඒවා ලබාගෙන පිරිසිදු කර, සකසා පානය කිරීමට ඔවුන් පුරුදුවුණා. ඒවා රසයෙන් සුවඳින් පමණක් නොව PH අගයෙන්ද වැඩි අගයක් උසුළන බව පසුව සොයාගැනුණා. ඉතා මිල අධික kopi luwak කෝපි විශේෂය බිහිවූයේ එසේ සත්ත්ව ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඒවා වඩා පලදායක කරගත් ක්‍රම වේදය අනුවයි. ඉන් කෝප්පයක් රුපි‍යල් දහදහසක් වෙනවා. අලි ජීර්ණ මාර්ගයෙහි ගමන් කළ,  කෝපි ඇට වලින් සැකසුණු බ්ලැක් අයිවරි කෝපි කෝප්පයක් රුපියල් අටදහසක් බව සඳහන්.

සිරුරේ ජෛව රසායන විස්මයජනක ලෙස අවදිකර සතුටු හද ගැස්ම ලබාදෙන අඩු මාත්‍රයක මත්ද්‍රව්‍යයකට සමාන ලෙසයි කෝපි පානය හඳුන්වනු ලබන්නේ. 17 සියවසේදී පිරිමි කෝපි හල්වලට වඩ වඩා ඇදීයාමත් සමග ඒවායේ කැෆේන් බහුලතාව නිසා ඔවුන් මළමිණී බවට පත්වෙතැයි බියපත්වූ ඔවුන්ගේ භාර්යාවන් කෝපිවලට එරෙහි ව්‍යාපාරයක්ද ගෙනගිය බව සඳහන්. එහෙත් කෝපි කෝප්ප 100 ක් වත් පානය කරන තෙක් එහි අඩංගු කැෆේන් මරණ තර්ජන ගෙනෙන්නේ නැහැ. කෝපිවල අඩංගු කැෆේන් සංයෝග හරහා සිරුරටත් මනසටත් ශක්තිය ලබාදෙන අතර ඊට විටමින් බී, රයිබොෆ්ලෙවින්, පැන්මෝනෙතික් අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් නියැසින් ආදි පෝෂක ගණනාවක් සමග ප්‍රති ඔක්සිකාරක ගුණ ද එක්වනවා. එමගින් කය මනස නිරෝගි කරන කෝපි, අපේ මානසික පීඩනවල දී සැනසුම ගෙනෙනවා.

උදෑසන, කෝපි කෝප්පයක් පානය කිරීමෙන් සිතෙහි අප්‍රසන්න මානසික ස්වභාවයන් දුරුවී යනවා. කෝපි මානසික පීඩනයට ක්ෂණික ප්‍රතිකාරයක් බව පර්යේෂණවලින් තහවුරුවී ඇති අතර දිනක ට කෝපි කෝප්ප තුන හතරක් පානය කිරීමෙන් මානසික පීඩන ඇතිවීම 20% කින් වළකින බව බව ද හෙළිවී තිබෙනවා. දිනපතා කෝපි පානයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ද මගහැරගැන්මට හැකියි. ඒවායේ ඇති poyphenol හා අම්ල මගින් සිරුරේ රුධිරගත සීනි මට්ටම පාලනය කෙරෙනවා. කෝපිවල අඩංගු cafestol , හා caffeic acid මගින් ඉන්සියුලින් ශ්‍රාවය වර්ධනය කරන අතර එමගින්, ග්ලූකෝස් වැඩිවීමෙන් ඇතිවිය හැකි අන්ධ බව හා ස්නායු රෝග වළක්වා දෙනවා. එය පාකින්සන් රෝගීන්ගේ චලන පාලනයට ත් උපකාරිවනවා. මොළයේ ප්‍රදාහ වැළැක්මට ඇති හැකියාවෙන් ඇල්ෂයිමර් රෝගය වැළඳීමට ඇති ඉඩ 20% කින් අඩුකරදීමට ද සමත්. එසේම කෝපි සීමාසහිතව ගැන්ම හර්දයටද හිතකර වන අතර එය හර්දය ආශ්‍රිත බොහෝ රෝග වළක්වනවා. හදවත් රෝග වැළඳීමේ අවදානම 11%කින් පහත හෙළනවා. ආඝාතය වැළඳීමේ අවදානම ද 20%කින් අඩුකර දෙනවා. කෝපි ප්‍රතිඔක්සිකාරක මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහයත් වළකාලනවා. උදර ආබාධවලදී සහන සලසනවා.

එය උත්තේජකයක් මෙන්ම කැලරි දහනය කරන්නක් ලෙසද හැඳින්විය හැකියි. කෝපි පානය අධික ආහාර පරිභෝජනය වළක්වන අතර සිරුරේ බරත් අඩුකර දෙනවා. මේද දහනය කරන පානයන් අතරේ මුල්තැනක් කෝපිවලට හිමිවන්නේත් එහි ඇති කැෆේන් ප්‍රමාණය නිසායි. කැලරි අධිකව ලබාගත්තත් සිරුරට උරාගැන්මේ ප්‍රමාණය කැෆේන් මගින් බෙහෙවින් අඩුකරදෙනු ලබනවා. අමෙරිකාවේ ඇල්බාමා සරසවිය මගින් කෙරුණු අධ්‍යයනයකදී කෝපිවල සින්ක් බහුලතාව ඉක්මනින් වියපත් පෙනුමක් ලැබීම වළක්වා වඩා තරුණපෙනුමක් ලබාදෙන්නක් බවත්, එය පිළිකා අවදානම අඩුකිරීම, දීර්ඝායුෂ ලැබීම වැනි තවත් වාසි සිරුරට අත්කර දෙන බවත් සොයා ගනු ලැබුවා. වැඩි ම කාලසීමාවක් ජීවත්වී, ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ බළලකුගේ දීර්ඝායුෂ ලැබීමේ රහස ලෙස අනාවරණය වූයේ ස්වාමිදුව විසින් සුරතල් සතාට දිනපතා උදෑසන කෝපි බීමට ලබාදීමයි.

වකුගඩු රෝගීන්ට යහපත් ප්‍රතිචාර දක්වන කෝපි ඔවුන්ගේ ආයු කාලය ද දීර්ඝ කර දෙන්නක් බව සඳහන්. පෘතුගාල පර්යේෂකයන් පිරිසක් පුද්ගලයන් 2300 ක්, යොදාගෙන වසර 12 ක් තිස්සේ කළ හැදෑරීමකදී දිනකට කෝපි කෝප්ප තුන බැගින් පානය කිරීමෙන් , වකුගඩු රෝගීන් මියයන අවදානම 25% කින් අඩුකර ගත හැකි බව සොයාගෙන තිබෙනවා. කෝපි පිත්තාශයේ ගල් සෑදීම වළක්වන අතර එය අක්මාවේ ත් ආරක්ෂකයෙක්.
දිනකට කෝපි කෝප්ප තුන හතරක් බීමෙන් සිරෝසීස් හා non alcoholic fatty liver වැනි රෝගවලින් ඈත්වීමට මග පෑදෙන බව සඳහන්වෙනවා. 50%ක පිළිකා මර්දන හැකියාවක් ඇති බව සඳහන්වන කෝපි , අක්මාවේ පිළිකා වැළැක්වීමට සෑහෙන දායකත්වයක් දරන්නක්. රතු මස් අධිකව ආහාරයට ගැනීම, සිරුරට ව්‍යායාම නො දීම , ආදි අහිතකර පුරුදු නිසා ජීවිත කාලය අඩුවන අතර දිනකට කෝපි කෝප්පය බැගින්වත් පානය කිරීමෙන් ,එම අඩුව සීමාකරගත හැකි බව සඳහන් වෙනවා. හැබැයි පුරුද්දක් වශයෙන් නිතරම කෝපි බීම නම් කිසිසේත් සුදුසු නැහැ. දිනකට කෝප්ප 1-4 දක්වා පානය කිරීම එහි උපරිම සෞඛ්‍ය වාසි ලබා ගැන්මට ප්‍රමාණවත්.

සීත නිදිමත මෙන්ම විඩාවද එයින් දුරුකරගත හැකියි. එහෙත් අසීමිතව ගැනීමෙන් නින්ද අඩුවීම , විඩා දැනීම, ඇතුළු සිරුරට අහිතකර තත්ත්ව ගණනාවක් උදාවිය හැකියි. දුම් පානය කරන්නන්ට හා ව්‍යායාම රහිත අයට කෝපි පානයේ වාසි උපරිමව ලැබෙන්නේ ත් නැහැ. නිසි ලෙස නො පෙරෙන ලද කෝපි පානයෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉතා ස්වල්ප‍යක් වැඩිවිය හැකි බවට සඳහන් වන අතර එය ගැටළුවක් වන්නේ වැඩි පුර කුඩු දමා සැරට සැදූ කුඩා කෝපි කෝප්ප 5 ක් පමණ දිනකදි පානය කළ විටයි. සාමාන්‍යයෙන් පෙරා සැකසූ කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් පමණ අඩංගුවන අතර දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 ඉක්මවා ගැන්ම වැඩිහිටියන්ට හිතකර නොවන, බව සඳහන් වනවා. එසේම ගැබිණි කාන්තාවකට ,දිනකට කැෆේන් මිලි ග්‍රෑම් 200 ඉක්මවා යාම නුසුදුසු බැවින් කෝපි කෝප්පයකට දෙකකට වඩා බීම හිතකර නැහැ. අස්ථි බිඳීම් සහිත ඔස්ටියෝ පොරෝසිස් රෝගීන්ද කෝපි පානය සීමා කළ යුතු බව සඳහන්. අසාමාන්‍ය හර්ද ස්පන්දනය ඇති රෝගීන්ට කැෆේන් වලින් රුධිර පීඩනය මඳක් ඉහල යා හැකි බැවින් ඔවුන්ට ද කෝපි හිතකර නැහැ.

ලිපිය සැකැසුම නිර්මාණ අයිතිය – Indrakumari Rathnayake සතුයි.
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය ඇසුරිනි)

මුත්‍රා ගල් දිය කරන විෂ නාශකය පිටවක්කා

ගෙම්දුළු වටා සුලබව වැඩෙමින් අපගේ නිරෝගිතාව වෙනුවෙන් සුවිශේෂ, මෙහෙයක් ඉටුකරන පිටවක්කා නෙල්ලි ශාකයට නෑකම් කියන නිසාදෝ බිම් නෙල්ලි නමින්ද හැඳින්වෙනවා. ශාකය සෙන්ටි මීටර් 60 ක පමණ ඉහලට වැඩෙන අතර සිහින් පත්‍ර ඇති නාරටිය පිටුපසින් කුඩා මල් පේලි සැදී, පල ගැන්වී එම බීජ මගින් ව්‍යාප්ත වෙනවා. එළ හා රතු වශයෙන් පිටවක්කා වර්ග දෙකක් ඇති අතර වඩා ප්‍රයෝජනයට ගැනෙන්නේ එළ වර්ගයයි. එය Euphorbiaceae කුලයට අයත්. ශ්‍රී ලංකාව ඉන්දියාව භූතානය වැනි රටවල බහුලව දක්නට ලැබෙනවා. Thaamalaki, ,Drhapadia නම්වලින් ද හඳුන්වනු ලබනවා. ආයුර්වේදයේ බොහෝ රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නා අතර ඒ සඳහා කොළ, මුල් , ඇට මෙන්ම ගස සහමුළින්මත් උපයෝගිකර ගන්නවා. පිටවක්කා, විෂ නාශකයක් මුත්‍රාකාරකයක්, ලේ පිරිසිදු කරන්නක්, මෙන්ම ආහාර රුචිය වර්ධනය කරන්නක් ලෙස ද සැළකෙනවා. පීනස කැස්ස ඇදුම උණ, ඇස්‍ රෝග සෙංගමාලය අක්මාරෝග, ක්ෂය රෝග ඉදිමුම් පාන්ඩුව විසප්පු හොරි දද තුවාල, චර්ම රෝග මල බද්ධය, අම්ලපිත්තය අස්ථි බිඳුම්, මුත්‍රා රෝග, ආර්තව ගැටළු,, ගර්භාෂ රෝග, ගොනෝරියා, නාග විෂ, වැනි අවස්ථා රාශියක දී ප්‍රතිකාර සඳහා පිටවක්කා යොදාගනු ලබනවා.

එසේම ඖෂධ විෂවීම් මධ්‍යසාර විෂවීම් දුරුකිරීමටද බෝවන රෝග හා බෝ නොවන රෝග වළකාලීමටද , පිටවක්කා උපකාරීවනවා.දරුවන් ගේ
ප්‍රති ශක්ති ,වර්ධනය කරදීමේත්, පණු රෝග මර්දන‍ය කිරීමේත් හැකියාව එහි පවතිනවා. මුත්‍රා ගල් දිය කිරීමේ ගුණයෙන් ද යුක්තයි. අක්මා ප්‍රදාහ, සර්ප විෂ, පිත්තාශ රෝග, ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය , ඖෂධ මධ්‍යසාර විසවීම්, ආමාශයික තුවාල, අම්ලපිත්ත, ශ්වේත ප්‍රදර, වැනි අවස්ථා ගණනාවක් සඳහාත් ,අධි රුධිර පීඩන , කොලෙස්ටරෝල් තත්ත්වයන් ,පාලන‍ය කිරීම සඳහාත් ,මේදය බැහැර කිරීම හා රුධිරය,පිරිසිදු කිරීම සඳහාත් කෘෂ භාවය දුරුකර ශක්තිය වැඩීම සඳහාත් පිටවක්කා කැඳ ඉතා යෝග්‍යයි. කැඳ, මෙන් ම මැල්ලුම, ශාකය තැම්බු දිය, නිතර ආහාරපාන වශයෙන් යොදා ගැනීමෙන් , ශාකයේ ප්‍රතිලාභ බොහෝ සෙයින් අත්කරගත හැකියි.

“සුදු පිටවක්කා කොළ කැද” අවශ්‍ය ද්‍රව්‍ය – පිටවක්කා ගස් පිටින්ම දෙමිටක්‌ පමණ, පොල් කිරි කෝප්ප 2, කැකුළු හාල් කෝප්ප ½, රතු ළූණු ගෙඩි කීපයක්, ලුණු.

සාදන ක්‍රමය – හාල් සෝදා ගරා ලිප තබා පිටවක්කා ගස් හොදින් කොටා මිරිකා ගන්න. හොදින් බත ඉදුණු පසු පොඩි කර ලියා ගත් රතුළූණු ද පොල් කිරි සහ පිටවක්කා යුෂ ද දමා අවශ්‍ය පමණ ලුණු එක් කර විනාඩි කීපයක් පිස ගන්න.

පිටවක්කා වලින් අත් බෙහෙත්, පීනසට – පිටවක්කා මුල් තම්බා ගත් දියට මීපැණි මිශ්‍ර කර බීම කැඳ බීම. සොටු ගලන පීනසට – ශාකය වියළා කුඩුකර ,ඉන් තේ හැඳි බාගයක් සහ කහ කුඩු ස්වල්පයක් උතුරුවාගත් උණවතුර කෝප්පයකට දමා නිවුණු පසු මීපැණි දමා ,බීම. දියවැඩියාවට – ශාකය වියළාගත් කුඩු තැම්බූ ජලය බීම සහ කැඳ පානය. සැරව ගලන තුවාල වලට – ශාකය, තැම්බූ දියෙන් සේදීම. විසප්පුවලට – පැළෑටිය ඇල්දියෙන් අඹරා ගෑම. අජීර්ණ, අතීසාර ලේ අතීසාර, ආහාර විෂවීම්වලට – ශාකය කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා මිරිකූ යුෂ පානය. ගෙඩි පැසවීමට – ශාකය කැකුළු හාල් සමග ඇල්දියෙන් අඹරා ගෑම. පැණිරස ආහාරව අධිකව ගැන්මෙන් පසු රුධිරගත සීනි පාලනයට – වියළා කුඩුකර තේ හැඳි බාගයක් යොදා තේ මෙන් පානය කිරීම. රක්ත ප්‍රදර ‍රෝගයට හා ශක්තිය වැඩීමට – පිටවක්කා නිවුඩු හාල් වතුරෙන් අඹරා යුෂ, මිරිකා බීම. මුත්‍රා ගල්වලට – නීරමුල්ලිය සමග එකට තැම්බූ දියපානය

Indra kumari Rathnayake
(මූලාශ්‍ර- වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය)

සර්වරෝග නිවාරණය කරන දිව්‍ය ඖෂධය ගොටු කොළ

ගොටු කොළ මිටක යුෂ ගෙන ඊට මීපැණි හැන්දක් මුසුකර දිනපතා උදෑසන පානය කිරීමෙන් සර්වරෝග නිවාරණය වීමේ ශක්තියක් උපදින බව සඳහන් වෙනවා. ඉන් සිරුර සුවපත්වීමෙන් දීර්ඝායුෂත් හිමිවන බව සඳහන්. 17 වන සියවසේ, චීනයේ විසූ ශාක විද්‍යාඥ චින් යූ එන් නමැති ආත්මාරක්ෂක සටන් කරුවා වසර 256 ක ජීවිත කාලයක් ගෙවූ බව සටහන් වෙනවා. එය අදහන්නට අසීරු පුවතක් තමයි. ඒත් ඔහු දීර්ඝ කාලයක් ජීවත්වීම පිළිබඳව හෙළිකර ඇති රහස දැනගන්නට ඔබත් කැමති ඇති. එය මෙයයි. ඔහූ තමාගේ සෑම ප්‍රධාන ආහාර වේලකට ම ගොටුකොළ එක්කර ගත්තා. ගොටුකොළවල ඇති දිව්‍යමය ඖෂධ ගුණ නිසා සංස්කෘත පොත් වල එය හඳුන්වා දෙන්නේ ‘දිව්‍ය මහ ඕෂධී’ යන නමින්. එසේම බ්‍රහ්ම මංඩුකී ලෙස ද නම් කෙරෙනවා. බ්‍රහ්මී තෛලය සිඳින්නේ ත් ගොටුකොළ මූල ද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින්. ඉන්දියාව දකුණු අප්‍රිකාව මැඩගස්කරය ආදි රටවල දක්නට ලැබෙන ගොටු කොළ ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික කලාපයක තෙත් ප්‍රදේශවල වැවෙනවා. මහ, හීන් , වශයෙන් ප්‍රභේද දෙකකට බෙදෙන අතර වඩා ගුණදායක වන්නේ කුඩා කොළ , හීන් නැටි සහිත හීන් ගොටුකොළ විශේෂයයි. එය පලා වර්ග අතර ඉහල ම අගයක් ගන්නවා. සලාද සම්බෝල ලෙස අමුවෙන් ආභාරයට ගැනීම වඩා පලදායකයි. මැල්ලුමක් වෑංජනයක් ලෙසත් සකසා ගත හැකියි. කැඳ ,හා යුෂ, ලෙස, පානය කරන්නත් හැකියි. නිතර ආහාරයට ගැන්මෙන් සිරුරට බොහෝ වාසි අත් වනවා.

විටමින් බහුල ගොටුකොළ, යකඩ කැල්සියම් ප්‍රෝටීන් පොටෑසියම් පොස්පරස් , නියැසින්, තයමින්, බීටා කැරොටීන් ආදි පෝෂක ගණනාවකින් පොහොසත් . ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. එය ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක් ,විෂ දුරුකරන්නක් මෙන්ම ආහාර රුචිය හා මතකය ද වඩන්නක්. ගොටුකොළ මොළයේ ස්නායු තන්තු, නිරෝගි කර ධාරණ ශක්තිය වඩවන ආහාරයක්. කුඩා කාලයේ සිට දරුවන්ට ගොටුකොළ ලබාදීමෙන් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු වඩා පලදායක කරගත හැකියි. දරුවන්ට ඉඳුල් කටගෑමේදී ම ගොටුකොළ යුෂ හෝ කැඳ ස්වල්පයක් මුවගාන්නේ එහි ඇති බුද්ධිය හා මතකය වර්ධනය කරන ගුණ ලබාදීමට යි. දරුවන් මවුකිරේ සිට ඝන ආහාරවලට හැරෙනවිට ත් බත් සමග අඹරා ගත් ගොටු කොළ ලබා දෙනවා. එමගින් ස්නායු ශක්තිමත් වීම මතකය වැඩීම කට හඬ මිහිරිවීම මෙන් ම පණු රෝග , සෙම් රෝග , ඇස් රෝග, ‍හා රක්ත හීනතා, දුරුවීමේ වාසිත් දරුවන්ට ලැබෙනවා.

මොළයේ ආවේගශීලි අවස්ථා පාලනය කළ හැකි ගොටුකොළ ඒ ආශ්‍රිතව ඇතිවන අවපීඩනය, විශාදය, කාන්සාව, ආදි මානසික රෝග තත්ත්ව දුරලන ඖෂධයක් ලෙසත් හැඳින්විය හැකියි. ගොටුකොළ, මුකුණුවැන්න හා කොහොඹ කොළ සමග තැඹිලි වතුරෙන් අනා හිස් ගැල්වුමක් සකසනු ලබන අතර එය මානසික සෞඛ්‍යය වර්ධනයට සිත සැහැල්ලු කිරීමට යොදාගන්නා බව සඳහන්. ගොටුකොළ හදවතටත් හිතකරයි. එය මනා රුධිර සංසරණයට දායක වෙමින් අධිරුධිර පීඩන තත්ත්ව පාලනය කර දෙනවා. රුධිරය පිරිසුදු කරනවා. රුධිර වර්ධක ගුණයෙන් නීරක්තියත් දුරුකර හරිනවා. මවුකිරිත් වර්ධනය කර දෙනවා. A විටමින් බහුලතාවත් සමග ගොටුකොළවලට, ඇස් රෝග දුරුකර , පෙනීම වර්ධනය කිරීමටද හැකියි, සමේ කුරුළෑ දද කුෂ්ට තුවාල සුවපත්කරන අතර ඉක්මනින් වියපත් නොවන පැහැපත් කාන්තිමත් සමක් ලබා දෙනවා. වඩා යොවුන් පෙනුමක් ලබාදීමට නැවුම් ගොටු කොළ යුෂ එළ කිරි සමග මිශ්‍රකර දෙනු ලබනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිත සෙම් ප්‍රතිශ්‍යාව උණ උගුරෙහි සෙම, ඇදුම, ක්ෂය රෝග තත්ත්වයන් පාලන‍ය කිරීමේ ශක්තියක් ගොටුකොළවල පවතිනවා. රතුලූනු සමග ගොටුකොළ සංයෝගවූ විට එය පීනසට දිව ඔසුවක් සේ සැළකෙනවා . ගොටු කොළවලට යහමින් රතුලූනු එක්කර ආහාරයට ගැන්මෙන් ඇදුම මැනවින් පාලනය කර ගත හැකි බව සඳහන්. බහිශ්‍රාව පද්ධතීන් ගේ ක්‍රියාකාරිත්වයට ද ගොටු කොළ මනා සහායක් ලබා දෙනවා. එය මුත්‍රාකාරකයක් වන අතර මුත්‍රා පෙරීම පහසුකර දෙනවා . දියවැඩියාවට එරෙහිව ක්‍රියා කරනවා.

ආහාර ජිර්ණ පද්ධතිය ආශ්‍රිත මල බද්ධය අතීසාර අර්ශස් සුවකිරීමට දායකවනවා. ආමාශගත තුවාල සුවකිරීමේ හැකියාවැති ගොටුකොළ අම්ලපිත්ත රෝගයට ද කදිම ඔසුවක්. තේ බීම ඉතා අහිතකර වන එම රෝගී අවස්ථාවේදී පවනේ වියළා කුඩුකරගත් ගොටුකොළ තේ මෙන් පානය කිරීමෙන් සහන සැළසෙනවා. ගොටුකොළ නිද්‍රාකාරකයක් ලෙසද ක්‍රියාත්මක වනවා. නින්ද අඩු වි‍යපත් වූවන්ට, ගොටු කොළ ආහාරයට ගැන්මෙන් පහසුවෙන් නින්ද ළඟා කර ගත හැකි බව සඳහන්. එය විෂනාශක ගුණයෙන් යුතු අතර, සර්ප වෙදකම් සඳහා ද යොදා ගනු ලබනවා. දිවි මකුළු විෂ ශරීර ගතවූ විට ගොටු කොළ යුෂ ලබා දෙන බව සඳහන්වනවා. ශුක්‍ර දෝෂ දුරුකර හරින ගොටුකොළ වාජීකරණ ඖෂධයක් ලෙසද ක්‍රියාත්මකවන්නක්. ඒ සඳහා ගොටුකොළ චූර්ණය එළඟිතෙල් සමග ලබාදෙනවා. බරවා සන්ධි ප්‍රදාහ ලාදුරු රක්තවාත අපස්මාර සොරයිසිස් ආදි රෝග ගණනාවක් පාලනය කිරීමට ගොටුකොළ දායකවන වා. එය උපදංශ, සිපිලිස් වැනි සමාජ රෝග ප්‍රතිකාර සඳහා ත් යොදා ගනු ලබනවා. ගොටුකොළ අහිතකර ලෙස දක්වා ඇති ව්ශේෂ රෝගී අවස්ථාවක හැර දිනපතා ගැනීම සුදුසු වුවත් එය කලින් කලට කෙටි කාලයකට නවතා යළි පසුව ගැනීම වඩාත් සුදුසු බවයි සඳහන් වන්නේ.

පීනසට – ගොටු කොළ යුෂ කිතුල් පැණි භෝ මී පැණි සමග බීම ගුණදායකයි. ගොටු කොළ යුෂ මඳක් රත්කර ගම්මිරිස් කුඩු සමග උදේ බීම ද සුදුසු යි. හෙම්බිරිස්සාව ට – ගොටු මුල් කරදමුංගු සමව ගෙන තම්බා පෙරා මීපැණි සමග බීම. කුරුලෑවලට – මුංඇට අමුකහ ගොටුකොළ සමව ගෙන අඹරා රෝස වතුර මීපැණි හා එඬරු තෙල් සමග අනා ගෑම. ශුක්‍රාණු වර්ධනයට – ගොටු කොළ හා එළඟි තෙල් වූර්ණයක්සේ සකසාගෙන උදයේ ගැනීම. භිසකේ පැසීම හා වැටීම නැවැත්වීමට – දොඹදලු බුලත් රතුලූනු ගොටුකොළ සමග කොටා , කළුදුරු තලතෙල් සමග මඳ පමණට උතුරුවා හිසේ ගෑම. තුවාල වලට – කොළ පොඩිකර තැබීමෙන් විෂබීජ නාශකයක් වෙමින් සැරව සැදීම වළකා සුවපත් වෙනවා. ශ්‍රාවය ගලන තුවාලවලට – ගොටු දඬු හා මුල් අඹරා යළි තල තෙල් දමා අඹරා බැඳීම. මල බද්ධයට – කොළ, නැටි හා මුල් සූදුරු සමග කබලේ බැද වතුර සමග බීමට ගැනීම. ගර්භාෂ පීඩාවලට – ගොටුකොළ තම්බා තේ මෙන් පානය කිරීම. මතක වර්ධනයට – කුඩුකළ ගොටුකොළ ග්‍රෑම් බාගයක ප්‍රමාණයක් ගැනීම. අර්ශස් අපස්මාර මොළයේ ආබාධවලට – වියළි කුඩුවලට සීනි මීපැණි ගිතෙල් දමා පානය කිරීම. දරුවන්ගේ ආහාර රුචිය වර්ධනයට ගොටුකොළ යුෂට සීනි දමා කකාරා පැණියක් කර, ඉන් තේ හැන්ද බැගින් දවසට තුන්වරක් දීම

ලිපිය සැකැසුම සහ නිර්මාණ අයිතිය- Indra kumari Rathnayake. සතුයි.
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)

නහර ගැට ගැසිම සුව කරගන්න ඉඟුරු, සුදු ලූණු, උළු හාල් වලින් සත්කාරයක්

මේ රෝගයට ගොඩක් අය මුහුණ දෙනවා. පාද වල නහර ගැට ගැසීම නිසා පීඩා විඳින, වේදනා විඳින රෝගීන්ට සැත්කමකට මුහුණ නොදී හෙළ වෙද ප්‍රතිකර්මයකින් සම්පූර්ණ සුවය ලබන්නට පුළුවන් අගනා බෙහෙත් වට්ටෝරුවක් අපේ පාරම්පරික වෙද පොත්වල සඳහන් වෙනවා.දෙපාවල නහර ගැට ගැසීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ‘ශිරා ගැටිති’ යනුවෙන්. රුධිරය ගෙන යන ශිරා නාළිකා වල තෙල් තැන්පත් වීමෙන් මෙම රෝග තත්වය හටගන්නා බවයි අපේ ඉපැරණි වෙද පතපොතෙහි සඳහන් වෙන්නේ.මේ සඳහා ප්‍රතිකාර කරද්දී දෙපා සේදීමට කිසිම විටෙක ‘ඇල් වතුර’ පාවිච්චි කිරීම සුදුසු වන්නේ නැහැ. මඳ රස්නය ඇති උණු ජලයෙන් තමයි දෙපා සේදිය යුතු වන්නේ.මෙම ප්‍රතිකාරය සාදා ගැනීමට නික කොළ මිටක් පමණ ගෙන එය පිරිසිදු කර සිහින්ව ලියා ගන්න. තරමක ඉඟුරු කැබැල්ලක්, සුදු ලූණු බික් කීපයක්, උළු හාල් මිටක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් භාවිතා කර ඉතා සිනිඳු වනතුරු අඹරාගත යුතුයි. එසේ අඹරා ගැනීමේදී ජලය එක් බිඳුවක් හෝ ඊට එක් නොකළ යුතුයි.

අඹරා ගත් මෙම මිශ්‍රණය මිරිස් ගුලියක් මෙන් හදාගෙන පසෙකින් තබාගන්න. ඊළඟට නැවුම් මුට්ටියක් ගෙන පිරිසිදු හුඹස් මැටි අඬු කෝප්පයක් ගෙන ඊට අඬු කෝප්ප 1,1/2ක් වන පරිදි ජලය එකතුකර හොඳින් මිශ්‍රකර ලිප තබා ගන්න. එය උකු පදමට පැමිණි පසු ලිපෙන් බා, කලින් පිළියෙල කරගත් මිශ්‍රණය ඊට හොඳින් කලවම් කරගන්න. ඉන්පසුව වසා තබන්න.ඉන්පසුව රාත්‍රී කාලයේ දී ගැට ගැසුන නහර සහිත දෙපා මද රස්නය ඇති වතුරෙන් සෝදා හොඳින් පිස දමා ගන්න. ඊළඟට පිළියෙල කරගත් ඔසු මිශ්‍රණය ආබාධ සහිත ප්‍රදේශයේ ආලේප කරන්න. එය පැය 12 ක පමණ කාලයක් තිබෙන්නට හරින්න. නිදාගන්නා විට තමන්ගේ සිරුර ඇඳෙහි පවතින උස මට්ටමට වඩා උසකින් දෙපා තබාගන්න. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් මේ ප්‍රතිකාර එක දිගට භාවිතා කරන්න. එම කාල සීමාවේදී ඇල්වතුරෙන් දෙපා තෙමා ගැනීම නොකළ යුතුයි. ස්නානයේ දී මද රස්නය සහිත ජලය භාවිතා කරනවා නම් ඉතා සුදුසුයි. විශේෂයෙන් මේ කාලය තුළ දී මුං ඇට, මෑ කරල්, වම්බටු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුමයි. සති 06 ක්, සති 08 ක් අතර කාලයක් ගත වෙද්දී සියලුම වේදනාවන් පහව ගොස් මනා සුවයක් දැනෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

වසර 500ක් පැරණි දියවැඩියාව නිට්ටාවටම සුවකරන පානයක් තැඹිලි වලින් සාදන හැටි

ආදි කාලයේ අපේ මුතුන්මිත්තන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ ශාරීරික තත්ත්වයන් ලෙසයි.ඒ නිසා ඔවුන් ඉතාම අමාරු රෝගයකදී හැර ඖෂධ වශයෙන් නම් කරන දෙයක්‌ ගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් දෛනික ජීවිතයේදී තුන්වේලටම කිසියම් ඖෂධයක්‌ ගන්නට හුරු පුරුදුව සිටියා. උදාහරණයක්‌ වශයෙන් ගත්තොත් ඔවුන් උදේට අනුභව කළේ කිසියම් අල වර්ගයක්‌. එහෙමත් නැත්නම් බඩ ඉරිඟු, මුං ඇට වැනි ධාන්‍ය වර්ගයක්‌. දහවලට ඔවුන් දේශීය සහල් වර්ගයකින් පිසින ලද බත් සමඟ එළවළු වර්ග දෙකක්‌ සමඟ පලා වර්ගයක්‌ අනුභව කළා. රාත්‍රි කාලයේදීත් ඔවුන් බත් සමඟ එක්‌ හොද්දක්‌ අනුභව කර වේලාසනින් නින්දට ගොස්‌ අලුයමින් අවදි වුණා. මේ කියන කාලයේදී මත්පැන් භාවිතය තිබුණේ නැති තරම්. අරක්‌කු කියා දෙයක්‌ ගැන දැනගෙනවත් නොතිබුණු ඒ යුගයේ දකුණේ මිනිසුන් පොල් රා හෝ කිතුල් රා වලිනුත්, උතුරේ මිනිසුන් තල් රා වලිනුත් මත් ගතිය ලබා ගත්තා.

සිගරට්‌ හෝ සුරුට්‌ටු බීමත් ඒ කාලයේ තිබුණේ නැහැ. ඒ වෙනුවට පාවට්‌ටා කොලවලින් සෑදූ ඖෂධීය සුරුට්‌ටුවක්‌ තිබුණා. එය සෙම සහ කැස්‌සට හොඳ බවට පිළිගැනීමක්‌ තිබුණා. මේ අනුව එදා ජීවත් වූ අයට ඖෂධ වුණේ ආහාරමයි. දියවැඩියාව සුව කර ගැනීම සඳහා මෙයට වසර 500 කට පෙර විසූ ජනයා පාවිච්චි කළ පානයක්‌ ගැන ඔබට කියන්නම්. හොඳ තත්ත්වයේ තැඹිලි ගෙඩියක්‌ ගන්න. උළුහාල් ග්‍රෑම් 25 ක්‌ වංගෙඩියේ ලා කොටා, තැඹිලි ගෙඩියේ ඇස්‌ස කපා එම උළුහාල් තැඹිලි ගෙඩිය තුළට දමා ඇස්‌ස වසා, රැයක්‌ එළිවන තුරු එළිමහනේ පින්නේ තබන්න. පසුව උදේ සවස ආහාරයට පෙර මෙය පානය කරන්න. මෙය දින 14 ක්‌ කළ යුතු ප්‍රතිකාරයක්‌. ඒ නිසා තැඹිලි ගෙඩි 14 ක්‌ අවශ්‍යයි. රන් තැඹිලි සපයා ගත හැක්‌ නම් වඩාත් සුදුසුයි. සෙම් අමාරුව තිබෙන අය මෙය පරිහරණය කිරීමේදී රාත්‍රි වේල, ඉර බැසීමට පෙර සවස්‌ වරුවේ පානය කළ යුතුයි. ඒ සමඟම කුරක්‌කන් කැඳ, කුරක්‌කන් පිට්‌ටු, කුරක්‌කන් රොටි යනාදියත් ආහාරයට ගත යුතුයි. මෙය දියවැඩියාවට දිව ඔසුවක්‌.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පිළිකාව වළකන බිම්මල්

ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් මේද රහිත බිම්මල්වලට ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල් ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස් සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදයාබාධ හා පිළිකා අවදානම පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන බිම්මල්) අඩංගුය.පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින් මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු 45 ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන් මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි. බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක අඩුවෙමින් යන ඔස්ට්‍රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම ලිපියේ අන්තර්ගතය.

බිම්මලක උපත – ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන් තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ. උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.

විෂ සහිත බිම්මල් – ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක් ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්, කොප්රීන්, මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්, ඉඩොටොනික්, ඇසිඩ්, මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය, අක්මා ආසාදනය, සිහිමද ගතිය, ලේ සමඟ ශ්ලේෂ්මළ සහිත පාචනය, හිසරදය, මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය. උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා පවතී.‘බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති. වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම අනිවාර්ය කරුණකි.විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද?…..තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින් යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය.

සමහර බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර බිම්මල්වලින් ඇලෙන සුළු ශ‍්‍රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර අවස්ථාවල ඌරු කොටු, කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය.සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ‍්‍රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු බිම්මලකි. විෂ රහිත ආහාරයට සුදුසු බිම්මල් විශේෂ පහතින්..

ඉඳලෝලු (Agaricus Campestris)ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන් ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.

ලේනහතු (Schizophyiium Communce) දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.බට්න් බිම්මල් (Button mushroom)ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.

පිදුරු හතු (Lentimus Sajor Caju) දිරායන කොළ රොඩු, තෘණ, පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල් විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.

මුතුබෙලි බිම්මල් – අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ. ඉන් ඔයිස්ටර් බිම්මල් (Oyster mu shroom) ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප විශේෂයක් වන Plurotus Flabellatus නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.

ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්…විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය. එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල් සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා අසාදන ඇති විය හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හන්දිපත් අමාරුවට ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ සත්කාරයක්

2017-08-13 වැනි දින මම සුපුරුදු පරිදි අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසින් වසර ගණනාවකට පෙර මා වෙත දෙන ලද උපදෙස් පරිදි නිදි යහනේදී මෛත‍්‍රී භාවනා මෙනෙහි කොට නිදි යහනට වැදුනෙමි. (මෙම පුරුද්ද පසුගිය වසර ගණනාව පුරාම සිදු කරන ලද හෙයින් නිදි යහනට වැදුණු වහාම නිරායාසයෙන්ම මට මෛත‍්‍රී භාවනාව සිහිපත් වෙයි) මහ නාහිමියන් විසින් කරණීය මෙත්ත සූත‍්‍රය ඇසුරෙන් දෙසන ලද කරුණු සත්‍ය බව මට නම් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී තිබේ. සුවසේ නින්ද යෑම, සුවසේ අවදිවීම, දෙවියන්ට ප‍්‍රියවීම, මුහුණ ප‍්‍රසන්න වීම ආදි කරුණු මට මැනවින් ප‍්‍රත්‍යක්ෂ වී ඇත. නිදි යහනේදී මම සිහිනයක් දුටුවෙමි. සිහිනයෙන් මා දුටුවේ බලන්ගොඩ මහ නාහිමියන් අප නිවසේ ඉදිරි සාලයේ වැඩ සිටින අයුරුයි. උන්වහන්සේ අතින් සංඥා කොට තමන් වහන්සේ වෙත පැමිණෙන ලෙස මට කළ සංඥාවට අනුව මම ගෞරව පූර්වකව උන්වහන්සේ වෙත ළඟා වීමි. උන්වහන්සේ මගේ දකුණු අත ගෙන පරීක්ෂා කරමින්ම මගේ වම් අත ද පරීක්ෂා කරමින් සිටින අතර මා බිරිඳ නන්දා ඒ අසලට පැමිණියාය. ඒ සමඟම නාහිමියෝ අතුරුදන් වූ සේක. තවත් මොහොතකින් නාහිමියෝ ප‍්‍රාදූර්භූත වී මගේ අත් දෙකම පෙර පරිදි පරීක්ෂා කිරීමට පටන් ගත් විට නන්දා නැවතත් මා අසලට පැමිණියාය. පෙර පරිදිම නාහිමියෝ අතුරුදන් වූ සේක. පසුව මම නාහිමියන් සොයා මාර්ගයට ගිය සඳ නාහිමියෝ දුඹුරු වන් සිවුරු පොරවාගත් මහ සඟ පෙරටු කොට උන්වහන්සේ වඩින අයුරු මම දුටුවෙමි. ක්ෂණයකින් මගේ සිහින ලොවෙන් උන්වහන්සේ අතුරුදන් වූ සේක.

මෙම සිහිනය පිළිබද විස්තරය මා අවදි වූ සැණින් මා පුත් සපුමල් බණ්ඩාරට කීවෙමි. ඔහු කීවේ මා මේ දිනවල ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගැන ලිපි ලිවීම හා උන්වහන්සේ සම්බන්ධව සිත යොමු කරන නිසා මෙසේ සිහිනයෙන් දකින්නට ඇති බවයි. එක් අතකින් ඔහුගේ කතාව නිවරැදි වන්නට පුළුවන. මෙම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි. එහෙත් සිහිනයෙන් මා දුටු නායක හිමියන් පසු වූයේ වයස 60 හෝ 70 ඇති රූපකායෙනි. දුටු පමණින්ම මේ නාහිමියන් බව මට පසක් විය. එසේ වූයේ කෙසේ ද? නාහිමියන් කිසියම් පණිවුඩයක් දීමට උත්සාහ ගත්තේද? එය මට ගැටලූවකි. එහෙත් පෙර දිනයකදී මට කිසියම් උපදෙසක් දෙමින් උන්වහන්සේ කියා සිටියේ උන්වහන්සේ දෙන ලද කිසියම් කරුණක් පිළිබඳව උන්වහන්සේගෙන් මතු දිනයකදී සංඥාවක් ලැබෙන බවයි. උන්වහන්සේ මෙසේ පැමිණියේ එම සංඥාව දීම සඳහාද? එම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි. මේ අවස්ථාවේ පෙර භවය පිළිබඳව නාහිමියන් සමඟ මා කරුණු විමසමින් සිටින අවස්ථාවකදී විවිධ ක‍්‍රම මඟින් පෙර භවය තහවුරු කළ හැකි බව ද පැවසූ උන්වහන්සේ කියා සිටියේ බටහිර රටවල ඇතැම් උගතුන් පෙර භවය තහවුරු කරන ලෙසයි. එවන් අවස්ථාවලදී උන්වහන්සේ ප‍්‍රකාශ කළේ ඇතැම් අය කොතෙක් සරලව මෙම කරුණ පැහැදිලි කළත් ඔවුන් එය පිළිනොගන්නා බවයි. ”එහෙම අවස්ථාවකදී ඒ ඇත්තන්ගෙන්ම මම ප‍්‍රශ්න අහනවා” දවසක් මම එක්තරා විශ්වවිද්‍යාලයක දේශනයකට ගියා. එම ශාලාවේ හිටපු එක්තරා උගත් මහත්මයෙක් හැම කරුණක්ම මට ඔප්පු කරන ලෙස කියනවා. මම කීවා විශ්වයේ සමහර කරුණු තියෙනවා ඒ දේවල් සත්‍ය නමුත් භෞතික වශයෙන් ඔප්පු කරන්න බැරි බව. ඒ මහත්තයා මා කියන දේ පිළිගන්නේම නෑ. ඒ මහත්තයට මං කීවා මහත්මයා ඔබතුමා කරුණාකරල මොකක් හරි ගැන හිතන්න කියලා. ඒ මහත්තයට හිතන්න කියලා මම විනාඩියක් දෙකක් කල් දීලා මම ඇහැව්වා හිතුවද කියලා. ඒ මහත්තයා කීවා ඔව් කියලා. එහෙනං කරුණාකරල තමන් හිතපු දේ මේ සභාවට කියන්න කියලා. ඒ් මහත්තයා තමන් හිතපු දේ සභාවට කිවා. හොඳයි දැන් මහත්තයා හිතුව දේ ඔප්පු කරන්න කියලා ඒ මහත්තයාට කීවා මං කීවා. ඒ මහත්තයා නිරුත්තර වුණා. මං කීවා විශ්වයේ තියෙන බොහෝ දේවල් සත්‍ය වුණත් අපට භෞතික මිණුම් දඬුවලින් ඔප්පු කරන්න බැහැ කියලා. ඒ වගේ මා දුටු මේ සිහිනයත් ඔප්පු කරන්න මට බැහැ.

එ්ත් මා දුටු සිහිනයේ කිසියම් වැදගත් පණිවුඩයක් දීමට උන්වහන්සේ පැමිණි බවයි, මට නං සිතෙන්නේ. අපි බොහෝ වේලාවට ජීවිතයේ සිදුවන ඇතැම් සිද්ධීන් අහඹු සිද්ධීන් ලෙස සලකා අමතක කර දැමීමට පුරුදුව සිටින්නෙමු. එහෙත් එය එසේ නොවේ. අප දැන් ගෙවන දිවි ගමන භව ගණනාවකට පෙර සිටම සැලසුම් වී ඇති බව අප බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වහන්සේගේ ජීවිතයසේම අපගේ ජීවිත ගමනද පෙර සැලසුමක ප‍්‍රතිඵලයක්. මෙම සිදුවීම් සමුදාය ඔබට කීමට පෙර මහ නා හිමියන් බලන්ගොඩදී හමුවූ අවස්ථාවක් පිළිබඳව කියනු කැමැත්තෙමි. දිනක් මා බම්බලපිටියේ පිහිටි නාඩි කියවන කාර්යාලයේ රැඳී සිටින විට එක්තරා ජපන් ජාතික කාන්තාවක්ද තම නාඩි පත කියවා ගැනීම සඳහා පැමිණ සිටියාය. නාඩි කියවන කාර්යාලයේ අධිපති ආචාර්ය ජයසංකර් මහතා මා ඇයට හඳුන්වා දෙමින් කියා සිටියේ මා මේ විෂය පිළිබඳව විමර්ශනය කරන කෙනෙක් නිසා ඇයගේ නාඩි කියවීම පිළිබඳ තොරතුරු ඇය කැමති නම් පමණක් කියන ලෙසටය. ඊට තම අභිමතය දැක්වූ ඇය තමා නවාතැන් ගෙන සිටි කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයට පැමිණෙන ලෙස මට ඇරයුම් කළාය. පසු දින මම ඇය සිටි හෝටලයට ගියෙමි. ඇය පිළිබඳව තොරතුරු විමසූ විට ඇය කියා සිටියේ තමා මෙම හෝටලයේ කාමරය මුළු වසර සඳහාම මුදල් ගෙවා වෙන් කරවා ගෙන ඇති බවය. ඊට හේතුවද කීමට තරම් ඇය කාරුණික වූවාය. ඇය කියා සිටියේ එම හෝටලයේ ඇය සිටින කාමරයේ පිහිටි බැල්කනිය තමාට භාවනාව කිරීමට ඉතාම යෝග්‍යතම ස්ථානය බවයි. භාවනාවට හිඳගත් සැණින්ම තමා සමාධිගත වන බවද පැවසූ ඇය මෙවන් තැනක් තමන්ට ලෝකයේ කිසිම තැනක් මෙතෙක් හමුවී නැති බවද කීවාය. (මේ මොහොතේ විසුද්ධි මාර්ගයේ ඇති අප්පායවාස සප්පායවාස පිළිබඳව දක්වා ඇති අවස්ථාව සිහිපත් වෙයි. එහි සඳහන් වන්නේ කිසියම් යෝගියෙක් භාවනා අසපුවකට ගිය විට එම අසපුවේ අධිපති ස්වාමින් වහන්සේගේ අවසරය ඇතිව දින කීපයක් කුටි මාරු කර ගැනීමෙන් තමන්ට සප්පාය වන කුටිය තෝරාගෙන භාවනාවේ යෙදීම ප‍්‍රතිඵලදායක බවයි) ඒ අතරතුර ඇය මගෙන් තවත් කාරුණික ඉල්ලීමක්ද කළාය. එනම් ඇය එම දිනවල බුදු දහම පිළිබඳව ජපන් බසින් ග‍්‍රන්ථයක් රචනා කරන හෙයින් ලංකාවේ වැඩ සිටින උගත් ධර්මධර ස්වාමින් වහන්සේලා වෙත ඇය කැඳවාගෙන යන ලෙසයි.

ඒ අනුව මම ඇය පළමුවෙන් නුගේගොඩ රත්තනපිටියේ පිහිටි සාසන අසපුවේ නා හිමියන් වෙත කැඳවාගෙන ගියෙමි. උන්වහන්සේ වෙතින් බුදු දහම පුනර්භවය කර්මය වැනි ප‍්‍රශ්න ඇය විමසූ අතර නා හිමියන් විසින් සිංහලෙන් දෙන ලද පිළිතුරු ඉංගී‍්‍රසියට පරිවර්තනය කළේ මවිසිනි. ඇය මේ සියල්ල පටිගත කර ගත් අතර පසුව එම සාකච්ඡාන්හි සඳහන් දේ ලේඛනයක් ලෙස සකස් කර දුන්නේද මවිසිනි. ඉන් අනතුරුව ඇය තමන්ට බලන්ගොඩ නායක හාමුදුරුවන් වහන්සේ හමුවීමේ අවශ්‍යතාවද හෙළි කළාය. අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් වහන්සේගෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන නියමිත දිනයේ දී අපි බලන්ගොඩ ගියෙමු. (මෙම ගමන සඳහා මා මිත‍්‍ර රාජගිරියේ මාදින්නාගොඩ ආරිය බණ්ඩාර සමරකෝන් මහතා සමග ජපන් කාන්තාවගේ යහළුවෙකුද සහභාගී වූ අයුරු මතකයට එයි.) නා හිමියන් අප වෙනුවෙන් වෙන් කළ වේලාවටම අපි බලන්ගොඩ ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයට ගියෙමු. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ ජපන් ජාතික භාවනානු යෝගියෙකු වන සෝකෝ අසාහාරා නමැති අය විසින් අළුතින් තනවා පූජා කරන ලද ආරාමයේය. ආරාමය ඉදිරිපිට සෝකෝ අසහාරා විසින් තනවන ලද බවට නාම පුවරුවක් ද සවි කර තිබිණ. (මෙම ඉදිකිරීම පසුකාලීනව නාහිමියන්ගේ ජීවිතය පිළිබඳව මහත් බලපෑමක් කළ සිදුවීමක් බවට ද පත්විය.)

ජපන් ජාතික කාන්තාව අසපුවේ සුන්දරත්වය නැරඹීම සඳහා ගියාය. ඒ වනවිටත් දහවල් දානය රැගෙන ආ හතළිහකට වැඩි දායක පිරිස උන්වහන්සේගේ දෙපා අසල මහත් ගෞරවයෙන් ආදරයෙන් හා සෙනෙහසින් යුතුව මහ නාහිමියන් හා කතාබහේ යෙදෙන අපූරු දසුන අපි දුටුවෙමු. අපට නම් එම අපූරූ දසුන ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් විය. ඒ සුන්දර අපූරු දසුන දුටු විට අපට සිතුණේ අප මේ සිටින්නේ ලෝක පූජිත මහා යතිවරයාණන් වහන්සේ නමක් ඉදිරියේ ද යනුවෙනි. හේතුව බුද්ධ ධර්මය වැනි ගැඹුරු ධර්මයක් මුළු ලොවටම දේශනා කරන මුළු ලෝකයේම වියතුනගේ ගෞරව බුහුමන් ලබන ලෝක පූජිත මහා බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ සරල චාම් නිහතමානී ගුණ කදම්බය උන්වහන්සේ ගත කරන ජීවිතය තුළින් මොනවට විද්‍යමාන වූ අවස්ථාව අප දෑසින්ම දුටු හෙයිනි. අපි උන්වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් වාඩිවීමු. කුඩා සාමණේර හිමිනමක් අපට තේ කෝප්ප දෙකක් පිරිනැමූහ. ”අනේ හාමුදුරුවනේ මම සීනි දාල තේ බොන්නෙ නෑ. මම ඉතා සෙමින් පොඩි හාමදුරුවන්ට කීවෙමි” ඒ දෙස බලා සිටි නාහිමියෝ ”ඇයි මුන්නැහේ සීනිවලට බයද? බය වෙන්න එපා මහත්තයෝ අපේ රටේ ඕවට හොඳ සිංහල බෙහෙත් තියෙනවා. ඒත් අපේ රටේ මිනිස්සු හුඟ දෙනෙක් මේ ගැන දන්නෙ නෑ. දැනගත්තත් පිළිගන්නේ නෑ. බටහිර වෙදකම එන්න කලින් පුරාණයේ ඉඳලම අපේ රටේ තිබුණේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය. මේ වෛද්‍ය ක‍්‍රමය ලෝකෙට ප‍්‍රකාශ කළේ මීට අවුරුදු පන් දහසකට හය දහසකට ඉස්සර හිටිය ඉර්සීන් වහන්සේලා. ”පොඩි නම අර ගම්මාලූ කිරි බෝතලෙන් පොඩි කුප්පියකට ටිකක් දාල ගේමුකෝ” නාහිමියෝ පොඩි හමුදුරුවන්ට කීහ. ”මහත්තයෝ භික්ෂුන් වහන්සලාට ගිහියන්ට වෙද හෙදකම් කිරීම විනය විරෝධියි. ඒත් මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් බෙහෙත් ගැන කියා දෙන ක‍්‍රමයක් අපේ විනය පොත පතේ තියෙනවා. ඒ ගැන විස්තර කියා දෙන්න කාලය මදි”. පොඩි හාමුදුරුවන් ගම්මාලූ කිරි සහිත කුප්පිය දෑතින්ම නා හිමියන්ට පිළිගැන්වීය. ”මහත්තයෝ මේ කුප්පියේ තියෙන ගම්මාලූ කිරි කිසියම් රෝගියෙක් පාවිචිචි කරනවා නං පාචිචි කරන්න ඕනෑ මෙහෙමයි. ඉරටු කෑල්ලක් අරගෙන හොඳට හෝදල කුප්පියේ තියෙන ගම්මාලූ කිරිවල තවරල හත් අට වතාවක් ගසා දමන්න ඕනෑ. ඉන් පස්සේ ඉරටු කෑල්ලේ තියෙන ප‍්‍රමාණය තමයි, මාත‍්‍රාව මේක මහා බලසම්පන්න බෙහෙතක්. කිසිම ලෙසකින්වත් මාත‍්‍රාව ඉක්මවලා ගන්න එපා කියලයි තියෙන්නේ”.

මේ බෙහෙත ගන්න කෙනා හිස් බඩට බෙහෙත බොන්න ඕනෑ. බෙහෙත බීලා පැය දෙකක් යනකල් කිරි හෝ වෙනත් ආහාර ආදිය නොගත යුතුයි. බෙහෙත නොකඩවා දින විසි එකක් ගත්තම රෝගියාට තමන්ටම ගුණ අගුණ දැනගන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. නාහිමියන් දෙන ලද ගම්මාලූ කුප්පිය මම ඉමහත් ගෞරවයෙන් යුතුව දෑතින්ම පිළිගතිමි. ඔය වගේ අත් බෙහෙත් හුඟාක් අපේ ගම්වල ඉන්න සිංහල වෙද මහත්තුරු දන්නවා” නාහිමියෝ පැවසූහ. මේ විස්තරය අසා සිටි නාහිමියන් ඉදිරියේ වාඩි වී හුන් එක්තරා වයසක උපාසක මහත්තයකු නාහිමියන් වෙත තම රෝගී තත්ත්වය කියා සිටිමින් ඊට ප‍්‍රතිකර්මයක් නැතිදැයි විමසීය. ”අනේ නායක හාමුදුරුවනේ මගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි. ගමනක් බිමනක් යනකොට හන්දිපත් ඔක්කෝම රිදෙනවා. කකියනවා. මේකට මොකුත් අත් බෙහෙතක් නැද්ද අපේ හාමුදුරුවනේ”. උපාසක මහතා මහත් බය පක්ෂපාතීව නාහිමියන් වෙතින් විමසීය. නාහිමියන් සිනහමුසු මුහුණින් යුතුව දුන් පිළිතුර මට අද මෙන් සිහිපත් වෙයි. ”මේ ඇත්තගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි කීවනේ. මේකට හොඳම ඖෂධය වේදනානුස්මෘති භාවනාවයි. මම කලක් ඉන්දියවේ ඍෂිකේෂි ආශ‍්‍රමයේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙනගන්න ගියා ඔහොම ඉන්න අතරේ මම දැක්කා බටහිර රටවල සංචාරකයෝ විශාල පිරිසක් හිමාල කන්ද නගින්න යනවා එනවා. ඒත් මේ ඇත්තන්ගේ බඩු පොදි ඔක්කොම උස්සගෙන යන්නේ ටිබෙට් ජාතික මිනිස්සු. සංචාරක ඇත්තෝ බඩු පොදි ටිකක් විතරයි ගෙන යන්නේ. දවසක් මට හිතුණා මේ කම්කරු ඇත්තන් හමුවෙලා මේ ගැන විස්තරය දැනගන්න. ඒ ඇත්තෝ බොහෝම කැමැත්තෙන් මට තොරතුරු කීවා. මේ ඇත්තෝ හිමාල කන්ද නගින්න සතියකට ඉස්සෙල්ලා පොඩි ඖෂධයක් හදාගෙන බොනවා. ඒක ඉතාම සරල බෙහෙතක්. ඖෂධය අපි කවුරුත් දන්නා කෝමාරිකා ගස්. ඒ අය කෝමාරිකා පැළයක කොළයක් කඩාගෙන පිට පොත්ත සුද්ධ කරල කෑලි දහයකට දොළහකට විතර කපාගෙන ඉන් එක කෑල්ලක් පිරිසිදු එළගිතෙලේ රතු සීනි සමඟ දවටලා තැටියකට දාලා මඳ ගින්නේ රත් කරල කෑමට ගන්නවා කියලා කීවා. මේ ඖෂධය උදේ හවස වශයෙන් දින පහක්ම නොකඩවා ගත යුතු වෙනවා. ඔවුන් කී අන්දමට මෙකී ඖෂධය ගමනට පෙරත් ගමන ගොස් ආපසු ආ පසුත් මේ කෝමාරිකා කෑලි ඖෂධය ගන්නා බවයි. ඒ ඇත්තෝ මට කීවේ. උතුරු ඉන්දියාව අධික සීතල දේශගුණයක් පවතින පළාතක් නිසා මෙහෙම කපාපු කෝමාරිකා දඬු ඕනෑම කාලයක් තියාගන්න පුළුවන්. නරක් වෙන්නෙ නෑ. අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණය නිසා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. කෙනෙක් මේ ඖෂධය ගන්නවා නම් කපාපු කෝමාරිකා කෑලි ශීතකරණයක තියල ගත්තට වරදක් නෑ. ඒත් අපේ රටේ හොඳ පිරිසිදු එළඟිතෙල් ලබාගන්න අමාරුයි. ඒ නිසා ඔස්ට්‍රෙිලියාවෙන් ගෙන එන බටර් පාවිච්චි කළාට වරදක් නෑ. හැබැයි රතු සීනිවල දවටලා රත් කරල ගන්නම ඕනෑ. දවසක් මට හිතුණා මේ ඖෂධය අපේ රටේ ක‍්‍රීඩාවල යෙදෙන දරුවන්ට පාව්චිචි කරන්න කටයුතු කළා නම් හුඟාක් දක්ෂකම් ඒ අයට පෙන්වන්න පුළුවන් නේද කියලා. අනෙක මේ ඖෂධය ස්වාභාවික පැළෑටියක් හන්දා ශරීරයට අතුරු අබාධ ඇතිවෙන්නෙත් නෑ සමහර වෙලාවට බටහිර ඖෂධ ගන්නකොට ඇතිවන අතුරු ආබාධවලට තවත් බෙහෙත්පෙති ගන්න ඕනෑ වෙනවා.

මේ අතර අප සමඟ පැමිණි ජපන් කාන්තාව නාහිමියන් බැහැ දැකීමට පැමිණ තමන් ගෙනා පලතුරු කූඩය නාහිමියන්ට පිළිගන්වා වැඳ පසෙකට වූවාය. මම ඇය පැමිණි කාරණය උන්වහන්සේට දැන්වූ අතර නාහිමියෝ ඇය දෙස විනාඩියක් දෙකක් පමණ කාලයක් බලා සිට නැවතත් පැමිණ සිටි පිරිසගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට පටන්ගත් සේක. එසේම ඇය පන්සල් භූමියට ඇතුළුවන අවස්ථාවේ තිබූ ප‍්‍රසන්න බව ඇයගෙන් ගිලිහී ඇති අයුරු අපට නිරීක්ෂණය විය. පෙර දිනෙකදී රත්තනපිටිය සසුන අසපුවේදී එම නාහිමියන්ගේ බුදු දහම පුනර්භවය කර්මය වැනි ප‍්‍රශ්න ඇය විමසුවද ඇය මෙදින කිසිදු ප‍්‍රශ්නයක් බලංගොඩ නාහිමියන් ගෙන් නොඇසුවේ මන්ද? බුදුදහම පිළිබඳව විමසීම සඳහා කොළඹ සිට ඇය මෙපමණ දුරක් ගෙවා පැමිණියේම උක්ත කරුණ සඳහාමය. දැන් ඇය තුෂ්ණීභූතව සිටින්නේ මන්දැයි මට කුකුසක් ඇතිවූ නමුදු නාහිමියන් ඉදිරියේ එසේ ඇසීම සුදුසු නොවන නිසා මම නිහඬව සිටියෙමි. පැමිණ සිටි තවත් වයසක කාන්තාවක දොහොත් මුදුනේ දෑත් තබාගෙන වැඳගෙන මෙසේ විමසීය. ”නායක හාමුදුරුවනේ මට නිතරම හීනෙන් නරක බය හිතෙන හීන පේනවා. මේකට මොකද කරන්නේ අපේ නායක හාමුදුරුවනේ?” ඇය මහත් ගෞරව සම්ප‍්‍රයුක්තව ඇසුවාය. ඇය නාහිමියන්ගෙන් කිසියම් පිහිටක් පිළිසරණක් අපේක්ෂාවෙන් සිටි බව ඇය කතා කළ විලාසයෙන් සහ බියට පත්ව සිටින අයුරෙන් අපට මොනවට පැහැදිලි විය.

(මෛත‍්‍රී රත්නායක – දිවයින පුවත්පත ඇසුරෙනි)

අතීතයේ සිටම පැවත එන දරු සම්පත් නැති අයට දරු සම්පත් ලබාදෙන නෙළුම් අල

හිත පැහැදෙන, නෙලුම් මල්වට්ටියකින් බුදුන් පුදා කුසල් වඩවා අකුසල් සමනය කර දරු පල අයදින තරුණ යුවති පතින්ට අත්තම්මා කිවේ ”නෙලුම් අල මාළුවක් එහෙම සතියකට දෙතුන්වතාවක් උයා බලපල්ලා දරුවනේ”කියා. ඒ රාවනා රජ සමයේ සිට පවතින හෙළ වෙදකමේ දරුසම්පත් ලබාදෙන්නට නෙලුම් අලයෙන් කල ප්‍රතිකාර කටවහරින් පැවත සහ අත් හදාබැලීමෙන් අත්තම්මලාට ඒ ගැනතිබු අචල විශ්වාසය නිසයි….මල බද්ධය නැති කිරීමට අසීමිත අත් බෙහෙත් සංඛ්‍යාවක් දැනහුන් අත්තම්මලාගේ වට්ටෝරුවේ නොවැරැදුණු නෙලුම් අලය, අර්ශස් සහ ගුදයේ ඇතිවන වෙනත් අබාධ වලට මෙන්ම හදවත් රෝගින්ට ද, දියවැඩියා රෝගින්ටද බිය සැක නැතිව පිරිනැමුණු ඖෂධිය ආහාරවෙලේ මුල් තැනක් ගත්තා.වැදු අම්මලාට කිරි එරවිමට අත්තම්මා දුන් අත් බෙහෙත් අතරට එක් වුනු තවත් ආහාරයක්වන නෙලුම් අල ව්‍යංජනය නවයොවුන් යුවතියන්ගේ ආර්තව වේදනාවන්ටත් අපූරු අත් බෙහෙතක්.නිතර කැස්ස හෙම්බිරිස්සාව හැදෙන දරුවන්ටත් , ඇදුම සහිත වැඩිහිටියන්ටත් රසවත් නෙලුම් අල ව්‍යන්ජනයකින් ප්‍රතිකාරකිරීමට අත්තම්මා දැන උන්නා. ද්විතිය ගුණ ඇති නෙලුම් අලයෙන් මල බද්ධය ඇති වුන්ට මල පහ කිරීමට මෙන්ම පාචනය ඇති අයට මල නතර කිරීමටද ඇති හැකියාව ඉතා අපූරුයි.ශරීරය සිසිල් කිරීමේ ගුණ ඇති නෙලුම් අලය උෂ්ණාධික සිරුරුඇති අයට ශරීරය සිතල කර සමබර තාවය පවත්වා ගැනීමටඋපකාරී වන අතර, තදබල නියන්කාල වලදී පැතිරෙන ඇස් රෝගසහ වෙනත් අබාධ වලින් සිරුර සුවපත්ව තබා ගැනීමටත් උපකාරීවුනා . සම වියලිමෙන් සහ ආසාත්මිකතාවයන් නිසා ඇතිවන දිගු කාලින සමේ රෝග ඇති අයට අත්තම්මලා නෙලුම් අල නොවැරදෙව්වේ සමේ තෙතමනය රඳවා ගැනීමට නෙලුම් අලයට ඇති හැකියාව ඔවුන් හොදින් දැන හුන්නිසා.පෝෂක විශ්ලේෂණ වලදී විස්තරවන පරිදි නෙලුම් අලය යනු ප්‍රතිඔක්සිකාරක උතුරා යන සංයුතියක් අඩංගු, අතුරු ආබාධ කිසිවක් නැති ලොව පවතින අනර්ඝතම ස්වාභාවික ඖෂධිය ආහාරයක්.විශාල පරාසයක පැතිරුණු විටමින්වර්ග ගණනාවකින්ද (සි, ඊ, කේ, බිවර්ගයේ-බි 6, තයමින්, යසින්,රයිබෝෆ්ලෙවින්), යකඩ,කැල්සියම්, පොස්පරස් ඇතුළුලවන වර්ග ගණනාවකින්ද, මුහුදු මාළුන්ගෙන් ලැබෙන ඔමේගා 3සග ඔමේගා 6 මේධ වර්ගද නෙලුම්අලවල අඩංගු වනවා.

යම් තරමකට ප්‍රෝටීන, සහ කාබෝහයිඩ්රේට අඩංගු වුවද වැඩිපුර ඇති ශාකමය තන්තු සහ ජල සංයුතිය හේතුවෙන් කැලරි ප්‍රමාණය ඉතා ස්වල්පයක් අඩංගුවන ආහාර ගොඩට වැටෙන නෙලුම් අලය ඒ නිසාම පෝෂණ ඌනතාවයක් නැතිව ශරීරයේ බර අඩු කර ගැනීමට උදව් වන කදිම ආහාරයක්.වසර දහස් ගණනක් පුරා ඖෂධිය භාවිතයට ගත් නෙලුම් අල දේශීය වෙදකමේදී සර්ප, දිවි මකුළු සහකෘමි විෂ සුව කිරීමට වාගේම පණුආසාධන ප්‍රතිකාර පිණිසත් යොදාගෙන තිබෙනවා.දරු පල ලබා දීමටත් ලිංගිකබෙලහීන තාවය නැති කිරීමට පුරුෂයින්ට කල ප්‍රතිකාර අතරත් මුල් තැන ගත් නෙලුම් අල මානසික ආතතිය අඩු කිරීමට යොදන ඉස්සකුඩිච්චි සඳහා මුල්තැනට යොදාගෙන ඇති ඖෂධයක්. කාන්තා රෝග සුවකිරීමට, රුධිර පිඩනයට මෙන්ම දියවැඩියා සුවයටත් දේශීය වෙදකමේ නෙලුම් අල සහ ශාකයේ සියලු කොටස් භාවිතා කෙරෙනවා.ආයුර්වේදයේදී නෙලුම් අල ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ රුධිරය පිරිසිඳු කිරීම, රුධිරගත අසාමාන්‍ය රෝග, ආහාර මාර්ගයෙන් රුධිර වහනය වැලැක්වීම වැනි රුධිරය හා සම්බන්ධ රෝග සුවයට.මිට අමතරව පණු ආසාදන, පුස්වර්ග නිසා සෑදෙන ආසාදන,වසූරිය, ලාදුරු, වැනි විශාල පරාසයක පැතිරුණු වයිරස බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීමටත් නෙලුම් අල මෙන්ම ශාකයේ අනෙක් කොටස් භාවිතාකෙරෙනවා.තව දුරටත් විස්තර කරනවානම් ස්වසන සහ ආහාර මාර්ග පද්ධතියේ රෝග මෙන්ම කාන්තාවන්ටත් පුරුෂයින්ටත් ප්‍රජනන පද්ධතියේ සෑදෙන රෝග පිළිකා සහ තවත් මෙකි නොකී බොහෝ රෝග සුව කිරීමටත් නෙලුම් ශාකයේ කොටස් යොදාගැනෙනවා. සිදුහත් කුමාර පිළිසිඳ ගැනීමෙන් ඔබ්බට දිවෙන ඉතිහාසයක් ඇති නෙලුම් වර්ග ලොව වටා පැතිරුණුවර්ග සියයකට අධික ප්‍රමාණයක් තිබෙනවා. වසර දහස් ගණනක් මුළුල්ලේ විවීධ සංස්කෘතීන් වල ඖෂධිය සහ පූජනීය කටයුතුවලට ගැනුණු නෙලුම් ශාකය පිලිබඳ විද්‍යාත්මක හදාරුම් බොහොම මෑතක් වනතුරු සිදු කරතිබුනේ නැහැ.

පර්යේෂණ දත්ත වලට අනුව නෙලුම් අලයේ ඇති පොටෑසියම්වල පොහොසත් බව හදවත් පේශියේ සහ රුධිර නාල වලපැවැත්ම මනාව හසුරුවා , සිරිරේ දියර සමතුලිතතාවය පවත්වාගැනීමෙන් අධි රුධිර පීඩනය වලක්වා හදවත නිරෝගිව රැකබලා ගන්නවා.නෙලුම් අලයේ ඇති අධි ප්‍රති ඔක්සිකාරක නිසා ශරීරය පිරිසිඳුකිරීම,පිළිකා වැලකීම, රුධිරශෝධනය කර නිරෝගිතාවය පවත්වා ගැනීමට හැකි බව ඔවුන් සහතික කරනවා.මිට අමතරව නෙලුම් අලයේ ඇති ක්ෂුද්‍රජිවින්ට විරුද්ධ හැකියාව නිසා ඕනෑම පද්ධතියක ඇති වන බැක්ටිරියා , වයිරස හෝ දිලිර ආසාධනයකට විරුද්දව ක්‍රියා කිරීමට හැකි අතර තව දුරටත් ඔවුන් පවසන්නේ නෙලුම් අල වලට රුධිර සිනි මට්ටම අඩුකිරීමටත්, පවතින ඉන්සියුලින් වලගුණාත්මක භාවය වැඩි කිරීමටත් අපූරු හැකියාවක් ඇති බවයි.ලොව වටා සූප වේදීන්ගේ හද දිනාඇති මේ මහඟු ආහාරය ජපන්,චීන, කොරියාව වැනි රටවල සුඛෝපබෝගී හෝටල් වලදී අධිමිල ගෙවා දිව සහ ඇස පිනවනලෙස ලබා ගැනීමට පුළුවන්.චීනයේ සහ ජපානයේ වේලු නෙලුම්අල ඉඟුරු සමඟ ඔසු පැණක් ලෙස පිළියෙළ කර පානය කරන්නේ නිරෝගී බව පවත්වා ගැනීමට.කයිදම් බතට, දානයට නොවැරැදුණු නෙලුම් අල ව්‍යංජනය අපට නම් එදා නිතර රස බලන්නට ලැබුණු අමතක නොවන ව්‍යන්ජනයක්. කොස් ඇට හෝ කජු මද එක්කල නෙලුම් අල ව්‍යංජනය මෙන්ම හාල්මැස්සන් එක්කර සෑදූ නෙලුම්අල බැදුම හෝ අමු සම්බෝලයේ රස අදනම් සිහෙනෙන් දිව ගෑසුවඳක් වාගෙයි.මෙතරම් රස ගුණ පිරි නෙලුම් අලය අද වනවිට අපේ රටේදී ආහාරයට ගැනීමේ හැකියාව ගැන සාධාරණ බියක් ඇති වී තිබෙනවා.දශක ගණනාවක් පුරා පාලනයක් නොමැතිව භාවිතා කල කෘමිනාශක සහ වල් නාශක වල අතුරුපලයක් ලෙස අපේ රටේ බොහෝවැව් ගංගා රොන් මඩේ රසදිය,ඊයම් වැනි බර ලෝහ තැන්පත් වීඇති බවට පවතින විශ්වාසය පහසුවෙන් ඉවත දමන්නට හැකියාවක් නැහැ.ඔබේ වටපිටාවෙන් දූෂණය නොවූ පොකුණකින්, අගලකින් හෝ මේ අමිල ඖෂධය පරිභෝජනයට ලැබේවායි පතමින් අදට නවතිමි. (ලිපිය අන්තර්ජාලයෙනි.. ලිපියේ මුලික අයිතිය රේණුකා විමලරත්න : ලන්ඩනය) ඡායාරූප අන්තර්ජාලයෙන් (නමනොදත් ශිල්පීන්ට සියලු ගෞරවහිමිවේ.)

හෘද රෝග කොලෙස්ටරෝල් නිට්ටාවටම සුවකරන සුදුළූණු කිරි කසාය හදන හැටි

අපගේ හෙළ වෙදකම ගහකොළ, සතා සිවුපාවා, පරිසරය හා බැඳුණු අපූරු වෙදකමකි. මේ වෙදකමට ඇවැසි බොහෝ දෑ අප අවට පරිසරයේ එදා අපේ නිවසේ කුස්සියේ සුලභව දකින්නට ලැබුණි. ගෙවත්තේ රවුමක් ගිය කළ හමුවන ගස් කොළන්වලින් ලබාගන්නා දලූ, කොළ, පොතු, මල් සහ මුල් යන පංචාංගය වා, පිත්, සෙම් යන තුන් දොසම නසන්නට හැකි දිව ඔසුම විය. කුස්සියේ කුළු බඩු පෙට්ටිය කෑම රස කළා පමණක් නොව බොහෝ රෝගාබාධ දුරු කරන්නටද හේතු විය. වංගෙඩිය, මෝල්ගස, කුල්ල, පෙනේරය, මිරිස්ගල, කැත්ත, උදැල්ල, නගුල මෙකී නොකී සෑම උපකරණයක්ම අපට නොමිලේම ශාරීරික ව්‍යායාම ලබා දුන් ව්‍යායාම උපකරණද විය.ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි. ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක්.මේවා බැහැර කළ අපි විවිධ රසකාරක වර්ග මුසු වූ ආහාර පානවලට හුරු වූ වී සිටින්නෙමු. නොමිලේ ලැබුණ ව්‍යායාම උපකරණ බැහැර දැමූ අපට අද දස දහස් ගණනින් වැය කර ව්‍යායාම උපකරණ මිලදී ගන්නට සිදුව ඇත. මේ සියල්ල මේ අයුරින් උඩු යටිකුරු වෙද්දී පෙෂර්, කොලොස්ටරෝල්, ඩයබිටික්ස් ආදී උජාරු නම් වලින් හඳුන්වන ලෙඩ රෝග පමණක් උරුම කරගෙන පෙති, කරල් ගිල දමන සමාජයක් කෙමෙන්, කෙමෙන් අපි විසින් ගොඩනගාගෙන ඇත්තෙමු.කුස්සියේ කුළු බඩු පෙට්ටිය තුළ තිබූ ඖෂධීය කුළු බඩුවලින් වැඩි හරියක් අද වන විට කුඩු වශයෙන් කඩෙන් මිලදී ගන්නට හැකි වී ඇත. එහෙත් මේ අතර තිබූ එක් ඖෂධයක් පමණක් තවමත් ඉතිරි වී ඇත්තේ එය කුඩුකර ගත නොහැකි නිසාය. මේ අනගි ඔසුව වන්නේ සුදුළුෑනුය. අම්ල හැර ලවණ, කටුක, තිත්ත, මධුර සහ කසාය යන රස පංචකයෙන් යුක්ත සුදුළුෑනු අප පීඩා විඳින බොහෝ රෝගාබාධ වලට අපමණ ගුණ ගෙන දෙන අනගි ඔසුවක් බව අප හා පැවසුවේ රිවිර පුවත්පත විසින් රටට හඳුන්වා දුන් වාත රෝග, අස්ථි ආශ‍්‍රිත රෝග, ස්නායු, චර්ම, අර්ශස්, සෙම් රෝග සහ කාන්තා රෝග ආදී විවිධ රෝගාබාධ සඳහා තමන්ටම ආවේණික වූ පාරම්පරික විශ්මිත ප‍්‍රතිකාරයන් මගින් සුවහසක් රෝගීන් සුවපත් කළ, සුවපත් කරන පොල්ගහවෙල, යටිගල්ඔළුව, සමන්ති ජයවික‍්‍රම වෙද මාතාවයි.

අනගි දිව ඔසුවක් වූ සුදුළුෑනුවල ගුණය සහ ඉන් සුවකර ගත හැකි රෝගාබාධ පිළිබඳව එම වෙද මාතාව අප හා අදහස් දැක්වූ අතර සුදුළුෑනු ප‍්‍රධාන ඖෂධය බවට පත් කර ගනිමින් සකස් කර ගන්නා ‘සුදුළුෑනු කිරි කසාය’ නම් දිව ඔසුව ඇතුළු ඖෂධ කිහිපයක් ඔබ වෙනුවෙන් ලබා දීමට අමතක කළේද නැත.‘සුදුළුෑනු කියන්නේ මහා ප‍්‍රබල දිව ඔසුවක්. විශේෂයෙන්ම අද බොහෝ අය පීඩා විඳින බෝ නොවන රෝග රාශියකට ගුණ දෙන ඔසුවක්. කොලස්ටරෝල් පාලනයට අක්මාවේ මේදය තැන්පත් වීමට, හෘද උත්තේජනයට, ස්නායු රෝගවලට, අධි රුධිර පීඩනයට, පිළිකාවලට, මල බද්ධයට, අර්ශස් ඇතුළු සියලූම වාත රෝගවලට ආදී වශයෙන් වා, පිත්, සෙම් යන තුන් දොස කිපීමෙන් ඇතිවන බොහෝ රෝග සමනයට සුදුළුෑනු ප‍්‍රබල ඔසුවක්. ඒවාගෙම ශ්වසනය පහසු කරවීමට, මූත‍්‍රා ජනනයට, ශූක‍්‍ර ජනනයට ඉතා ගුණදායක ඔසුවක්.රෝගයක් වැලඳුනාට පස්සේ ප‍්‍රතිකාර කරනවාට වඩා එම රෝගය වළක්වා ගන්න පුළුවන් ක‍්‍රියාමාර්ග ගන්න එකයි වඩා වැදගත් වන්නේ. මෙහිදී විශේෂයෙන්ම අද සමාජයේ මහා ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා පිළිකාවලින් මිදෙන්න ලොකු පිටුවහලක් සුදුළුෑනුවලින් ලැබෙනවා. එහිදී අක්මා පිළිකා, ආමාශ පිළිකා, ගර්භාෂ පිළිකා විශේෂයි. සුදුළුෑනු වල ඇති විශේෂිත ඖෂධීය ගුණය මෙවන් ස්ථානවල පිළිකා ඇතිවෙන්න බලපාන අහිතකර ෙසෙල විනාශ කරන්න ප‍්‍රබල ලෙස යොදාගන්න පුළුවන්.ආයුර්වේදයේ ‘මහා වාතය’ නමින් හඳුන්වන්නේ අධික රුධිර පීඩනයයි. රුධිර පීඩන මාපකයේ රසදිය මිලි ලීටර් 120 – 80. ඒ තමයි නිරෝගී කෙනකුගේ රුධිර පීඩන මට්ටම. එය 140 – 90 ටත් එහා යනවනම් ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ ඖෂධ භාවිතා කරන්න සිදුවෙනවා.සුදුළුෑනු, උළුහාල් සංයෝගය වාතයට සුදුසුයි. සුදුළුෑනු, බැබිල සංයෝගය ඇග නිවන ‘ස්වේතප‍්‍රදර’ වැනි කාන්තා රෝග සමනයට යොදා ගන්න පුළුවන් සංයෝගයක්. සුදුළුෑනු, කොල්ලූ සංයෝගය බලකාරකයි. සුදුළුෑනු මාළුව ගර්භණී මාතාවන්ගේ වාතාබාධයන් සමනයට ඉතා සුදුසුයි. දරු ප‍්‍රසූතියෙන් පසු සුදුළුෑනු කබලේ බැදලා කිතුල් හකුරු සමග සංයෝග කරලා පාවිච්චි කිරීමෙන් එවැනි මව්වරුන්ට මුහුණ දෙන්න වෙන බොහෝ රෝගාබාධ සමනය කර ගන්න පුළුවන්.

සර්ප දෂ්ඨවලදී විෂ බන්ධනය කළාම කළු සුදුළුෑනු බිකක් අදාළ මන්ත‍්‍රවලින් ජප කරලා දුන්නාම විෂ බහිනවා.ඒ තරම් ප‍්‍රබල දිව ඔසුවක් වූ සුදුළුෑනු ප‍්‍රධාන ඖෂධය හැටියට යොදා ගන්නා ‘සුදුළුෑනු කිරි කසාය’ සතියකට තුන් වරක් පමණ බොනවානම් ඉහත කී රෝගාබාධවලින් වැළකෙන්න අපට පුළුවන්. මේ සඳහා සුදුළුෑනු කලං 12 ක්, එළකිරි පත 01 ක් (අඩු කෝපප 01ක්) වතුර පත 07 ක් (අඩුකෝප්ප 07 ක්) වතුර පත 08 එකට සිදුවා නිවුණාට පසු එළඟිතෙල් තේ හැඳි 01 යි, මී පැණි තේ හැඳි 01 යි මිශ‍්‍ර කරලා උදේ සවස පත භාගය බැගින් බොන්න.මේ විදියට මේ කසාය සතියකට දින 03 ක් දිගටම භාවිත කරන්න. ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි. ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක් තමයි මේ ‘සුදුළුෑනු කිරි කසාය’ පිළිකා රෝගී තත්ත්වයකට පත්ව ඉන්න කෙනකුටත් ඒ සඳහා නියමිත ප‍්‍රතිකාරවල යෙදෙන ගමන් මෙම කසාය භාවිතා කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනවා.මේ කසාය වාගේම අද සමාජයෙන් ඈත්වෙලා යන ‘මහදලූ අනුපානය’ නම් තැම්බුම සඳහාත් යොදා ගන්න ප‍්‍රධාන ඔසුවක් සුදුළුෑනු. අද බොහෝ අය සෙම් රෝගවලින් පීඩා විඳිනවා. මේකට හේතුව ළදරු වියේදීම එම සෙම් රෝග සමනය කර ගන්නට කටයුතු නොකිරීමයි. මේ ‘මහදලූ අනුපානය’ ළදරු වයසේදීම සෙම් රෝග සමනය කරනවා. පණු රෝග සමනය කරනවා. ඒ සඳහා දෙහි, දොඩම්, නාරං, යකි නාරං, පඹුරු, කුඹුරු, කුඩුමිරිස, නික, පාවට්ටා යන මේවායේ දලූ, අමු ඉඟුරු සුදුළුෑනු සමව ගෙන කොටා කෙසෙල් කොළයක ඔතා වණ්ඩුවේ තම්බා උණුවතුර ස්වල්පයක් දමා මිරිකා මී පැණි මිශ‍්‍ර කර සාදා ගන්නා තැම්බුම තමයි ‘මහදලූ අනුපානය’ කියන්නේ.තද බල වාතරෝග වලදී යොදා ගන්නා ‘දන්ථිමූලාදී’ කසාය සඳහාත් සුදුළුෑනු යොදා ගන්නවා. දැත්ත මුල්, බැබිල මුල්, වියළි ඉඟුරු, කටු කර`ඩු මුල්, බේත් එඩරු මුල්, දේවදාර, නික මුල්, බෙලි මුල්, සුදුළුෑනු, කොල්ලූ, උඳු කලං 01 යි, මංචාඩි 02 බැගින් ගෙන වතුර පත 08 එකට සිඳුවා පෙරා එඩරු තෙල් මේස හැඳි භාගයක් මිශ‍්‍ර කර සකස් කර ගන්නා ‘දන්ථිමූලාදී’ කසාය තද බල වාතරෝග වලදී යොදා ගන්නවා. මේ ආකාරයට සුදුළුෑනු නම් වූ දිව ඔසුව අපේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරන, ශක්තිමත් කරන මහා ප‍්‍රබල ඔසුවක් බව විශේෂයෙන් කිව යුතුයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දරුණු හදිසි අනතුරකදී සැණින් මිය යන අය නැවත උපදින හැටි

1957 මැයි මාසෙ එක් ඉරිදාවක ජෝන් පොලොක් නම් තැනැත්තාගේ දියණියන් දෙදෙනා වන 11 හැවිරිදි ජෙනීපා පොලොක් සහ හය හැවිරිදි ජැක්කිව්ලියන් දරුණු රිය අනතුරකින් මිය ගියා. සුරතල්කමින් සිත් පැහැරගන්නා වියේ පසුවූ මේ දැරියන් නැති නිවහන පාළු සොහොනක් තරම් වුණා. පොලොක් මහතාට මෙය දරාගන්නට බැරි තරම් වුණේ ඔහු ඒ තරමටම දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසකින් ජීවත්ව සිටීමයි. සිය බිරියගේ මානසිකත්වය හැඩගස්වා ගැනීමට මහත් අසීරුවන තරමට ඇය වඩාත් කම්පනයට පත්ව සිටියා.එංගලන්ත සමාජයේදී මේ කම්පනය ඒ හැටි දුර ඇදගෙන යන්නට තරම් පසුබිමක් නොතිබුණත් මේ දෙදෙනාට දරුවන් දෙදෙනා ගැන වූ මතකය සහ ඔවුන් මරණයට පත් වූ පසු ඇත්තටම ඉන්නේ කොහේදැයි දැනගැනීමේ කුහුලක් තිබුණා. උපතින්ම රෝමානු කතෝලිකයකු වූ ජෝන් පොලොක් මේ ගැන සිතා සිටියේ කුමන මාර්ගයකින් මේ තොරතුරු සොයාගන්නට හැකිවේදැයි කියලායි. මාස ගණනාවක් ගියත් ඔහුට මේ සඳහා මඟක් හමුවුණේ නැහැ.නොදැනුවත්වම කාලය ගත වුණා. හරියටම 17 මාසයකට පස්සේ ජෝන් පොලොක්ගේ බිරිය ගැබ් ගත්තා. ඇය ප්‍රසූත කළේ නිවුන් දරුවන්. දෙදෙනාම දූවරු. දරු දෙදෙනාගේ පරතරය විනාඩි 10යි. නිවුන් දරුවන් දෙදෙනාගේ පෙනුම මියගිය දරුවන්ගේ රූපවලට සමාන වීම පොලොක් දෙපළට කම්පනයක් ඇතිකළා. මේ ඉන්නේ අපේ මැරිච්ච දූවරුද? කියලා හිතුණා. එය වඩ වඩාත් තහවුරු වන්නට පටන් ගත්තේ දරුවන් දෙදෙනාගේ වර්ධනයත් එක්ක. ඔවුන්ගේ බාහිර ස්වරූපයන් තවදුරටත් මියගිය දරුවන් දෙදෙනාගේම වීම වූ නිසායි.

මෙහිදී පොලොක් මහතාගේ වඩාත් මවිතයට හේතු වුණේ ශීත කාලවලදී බාල දුවගේ නළලේ සිට දකුණු ඇහිබැමේ වම් කොන තෙක් විහිද ගිය ලපයක් පිහිටා තිබීමයි. එය හරියටම මියගිය බාල දුවණිය වූ ජැක්විලියන්ගේ එතැනම වූ ලපයට සමානයි. සාමාන්‍ය දිනවල ලපයක් වශයෙන් හඳුනාගත හැකි වුණත් ශීත දිනවල එය වඩාත් ඉස්මතුව පෙනෙන්නට පටන් ගත්තා. මෙම ලප කැළල මිය ගිය බාල දූ ජැක්විලියන්ගේ ඇති වූයේ ඇයට වයස තුනක් වෙද්දී වැටීමකිනුයි. එසේ ඇතිවුණු කැළලම එසේ පිහිටීම ගැන ඔහුට අදහාගන්න බැරි තරම් වුණා.මේ තොරතුරු ඔස්සේ පොලොක් මහතාගේ කුහුල වැඩිවන්නට පටන් ගත්තා. ඔහු මහත් අවධානයකින් සිය දූවරු කෙරෙහි පසු වුණා. මියගිය දුවණියගේ ළපැත්තේ ශතයක තරම් දුඹුරු පැහැයක ලපයක් තිබුණා. ජැක්විලියන්ගේද එසේම දුඹුරු පැහැගත් ලපයක් මතුවී තිබුණා. ඇය මියගිය දුවණිය වාගේ කාගේවත් කියාදීමක් නැතිව පැන්සලක් අතට අරන් ලියන්න පටන් ගත්තා. ඇය පැන්සලය අල්ලන්නේ දකුණු අතේ මැදැඟිලි අතරින්. මියගිය බාල දුවණියත් එසේම පැන්සලක් අතට අරන් ඒ විධියටම ලියන්නට උත්සාහ කළ අයුරු පොලොක් මහතාට සිහි වුණා.

දරුවන් දෙදෙනාගේ බාල දුවණිය ලප කැළැල් හා හුරු පුරුදුකම්වලින් මියගිය බාල දුවණියටම සමාන වුවත් වැඩිමහල් දියණියගේ බාහිර ලකුණුවලින් හඳුනාගන්නට පුළුවන්කමක් නොතිබුණේ මියගිය වැඩිමල් දුවණියගේද එවන් විශේෂයෙන් හඳුනාගත හැකි ලකුණු නොවුණු නිසායි. නමුත් ගමන, සිනාව සහ ගති පැවතුම් මියගිය වැඩිමල් දූ වාගේමයි. මියගිය දියණියත් තම නැඟණියගේ අතින් අල්ලාගෙන ඇවිදින්නට ආස කළා වගේ නැවත උපන් වැඩිමහල් දියණියත් කල්යත්ම එසේම කිරීම තවත් පුදුමයට හේතු වුණා.ටික කාලෙකට පස්සේ හොඳින් කතාබහ කරගන්නට දෙදෙනාටම පුළුවන් වුණාට පස්සේ දවසක් දෙදෙනා 1957 සිදුවූ ඒ මාරක රිය අනතුර ගැන තොරතුරු කතා කරගන්නවා සැඟවී අසා උන් පොලොක් මහත්මියට එය අදහාගන්නවත් බැරි තරම් වුණා. ඇය මේ අවස්ථාව පොලොක් මහතාටත් පෙන්වූවා. පුනරුත්පත්තිය විශ්වාස නොකරන රෝමානු කතෝලික භක්තිකයෙක් වූ පොලොක් මහතා තවත් උපක්‍රමයක් අනුගමනය කරන්න පෙලඹුණා.මියගිය දරුවන් දෙදෙනාගේ සඟවා තිබුණු සෙල්ලම් බඩු සියල්ල එළියට අරන් ඒවා කලවමේ එකට තබා දරුවන් දෙදෙනාට පෙන්වූවා. ඔහුට හොඳට මතකයි දරුවන් දෙදෙනාගේ සෙල්ලම් බඩු මොනවාද කියලා. පුදුමයක තරම දෙදෙනාම තම තමන් කාලයක් හුරුපුරුදුව සිටියා වගේ මියගිය දරුවන් දෙදෙනාගේ සෙල්ලම් බඩු පැහැදිලිව වෙන්කරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා.මේ සිදුවීම බටහිර පුවත්පත්වල පළවුණාම ඊට එරෙහි හේතු කියන්නත් එය බොරුවක් කියා කියන්නත් බොහෝ පිරිස් එකතු වුණා. බොහෝ අය රෝමානු කතෝලික අය. ඒ කොහොම වුණත් පොලොක් මහතා සත්‍ය වටහා ගත්තා. තමන් ඇදහූ ආගම කෙසේ වෙතත් ඇස් පනාපිට ඔප්පු වුණු සත්‍යය පිළිගන්නට සිතක් ඇතිකරගත්තා.මෙවන් සිදුවීම් කිහිපයක් අප රටෙත් වාර්තා වුණත් ඒ සියල්ල බෙහෙවින් මතවාදයට ලක් වුණත් පර්යේෂණාත්මකව ඉදිරියට ගෙන යන්නටත් එහිවන ගැඹුරු තත්ත්වයන් තේරුම් ගන්නටත් වැඩිපුර උනන්දුවක් ඇති වුණේ නැහැ.එසේ නම් දාහත් මාසයකට පස්සේ පොලොක් මහතා නොසිතුවක් සිදුවුණේ කොහොමද? කියන පැනය කා අතරත් කතාබහට ලක්වීම සාමාන්‍ය දෙයක්. මේ වනවිට අන්තරාභවයක් පවතින බවට වූ මතවාද ගැන බටහිර විද්‍යාඥයන් සෙවුම් බැලුම් කරමින් පැවැති නිසාම දාහත් මාසයක් යන තුරු හදිසි අනතුරකින් මියගිය පොලොක් මහතාගේ දරු දෙදෙනා අන්තරාභව තත්ත්වයේ පසුවී තියෙන්න ඕන. මාන්‍යයෙන් මෙවන් හදිසි අනතුරු වූ අවස්ථාවල ශරීරය තුළ ප්‍රාණය රඳවා තබා ගැනීමට නොහැකිවන සේ තැළී පොඩිවී සුනු විසුනු වී ගියානම් නැවත එම ශරීරය තුළට විත් ශල්‍යකර්මයකදී හෝ ඉන් පෙර අවස්ථාවකදී සිහිය එන්නට පුළුවන්. නමුත් පොලොක් මහතාගේ දරුවන්ගේ අනතුර ඉතා දරුණු එකක් මෙන්ම හදිස්සියේම ඇති වූ බරපතළ සිදුවීමක්. රිය අනතුර සිදුවූ සැණින් දරුවන් දෙදෙනා මියගොස් තිබෙන බව වෛද්‍ය වාර්තා සනාථ කරන නිසා මේ දරුවන්ට සිහිනයක් වැනි වූ මේ හදිසි මරණය කල්යල් බලා තවත් තැනකට තමන්ට අවශ්‍ය පරිදි යන්නට ඉඩක් සලසා නැහැ.

ශරීර දෙකෙන්ම දරුවන් දෙදෙනා අවකාශයට එක්වූ වහාම දෙදෙනාට සිදුවූ දේ පෙනෙන්නට දැනෙන්ට ඕන. එවන් මොහොතක සිට තම පියාත් මවත් පත්වන තත්ත්වයත් ඔවුන් අත්විඳින වේදනාවනුත් මේ අයට දැනෙන්ට පටන් ගන්නවා. සිදුවූයේ කර්මානුරූපීව සිදුවිය යුතුම දෙයක් නම් එය වළක්වාලන්නට නොහැකි දෙයක් බව මේ අයට හැඟෙන්නට ඕන. අන්තරාභවය තුළ සැරිසරන මේ දරුවන් දෙදෙනා පිළිබඳ නොදැන හෝ මවුපියන් විසින් සිත සිතා කල්ගත කිරීම චිත්තවේගයන් මඟින් යම් දැන්වීමක් බලපෑමක් කරන්නට බැරි යැයි කියන්නට බැහැ. සිතකින් මුදා හැරෙන චිත්ත ශක්ති වේගයන් අවකාශය තුළ හැඟීමක් දැනීමක් ඇති කරන්නට බලයක් ඇති විය හැකියි. දරු දෙදෙනා සම්බන්ධයෙන් සිතින් මුදා හැරෙන දුක සන්තාපය හා ළතැවුල වැනි හැඟීම් මෙන්ම මේ දරුවන්ට මොනවා වුණාද? මේ ගොල්ලෝ කොහේ ඇත්ද? යන්න සිතීම කාට නම් වළක්වාලන්නට පුළුවන්ද? එවන් චිත්ත ධාරාවන් ක්‍රියාකාරී වීම තුළ යම් බලපෑමක් ඇතිකරන්නට ඉඩකඩ තියෙනවා. කම්පනයට පත් මවුපියන් කරන කියන දේත් නිරතුරුව දරුවන් පිළිබඳ චිත්ත රූප මවා ගනිමින් ප්‍රාර්ථනා කරනදේත් බලපෑමක් ඇති කරන්නට බැරි නැහැ. එවන් ප්‍රාර්ථනා සහිතව කල් ගත කළ මවුපියන් කල්යත්ම දරුවකු පතා හෝ එසේ නොකොට සිටිනා කාලයක අන්තරාභවය තුළ සිටින දරු දෙදෙනාට නැවත තමන් වඩාත් ඇලුම්කරන තැනට එන්නට පුළුවන්. ඒ සඳහා වූ කර්මානුරූප අවස්ථාවක්ද ඉස්මතු වීම නිසා ඊට බාධාවකින් තොරව ගන්ධබ්බයන් වශයෙන් මවු කුස තුළ වූ කලල රූප ද්වයට එකතු වන්නට පුළුවන්. ඒ සඳහා ද්වීය තත්ත්වයක අවස්ථා හ¼දාගන්නටත් පුළුවන්. මෙහිදී ප්‍රබලව ඉස්මතු වන්නේ චිත්ත වේග අතර රැඳුණු සිතුවිලියි. එය වඩාත් ප්‍රබලව ඉස්මතුව දැනවීමක් කළොත් එවන් අවස්ථා ඇතිවිය හැකි බව මෙවන් සිදුවීම් පිළිබඳ පර්යේෂණ වාර්තා හා බෞද්ධ ඉගැන්වීම් අනුව පැහැදිලි වෙනවා.

කථාවත්ථු අටුවාවෙහි සඳහන්ව ඇති අන්තරාභවවාදීන්ගේ විස්තර කිරීමට අනුව අන්තරාභවයෙහි වූ සත්ත්වයා දිවැස් නැතුව දිවැස් ඇත්තකු විධියටද සෘද්ධි ඇත්තකු හැටියටද මවුපිය සමාගමයත් මවගේ සෘතු සමයත් බලමිත් සත් දවසක් හෝ වැඩි කාලයක් එහි ජීවත් වන බව කියැවෙනවා. එම අටුවාවම දක්වන ආකාරයට අන්තරාභවවාදයට අනුව සත්ත්වයකු අන්තරාභවයට පමුණුවන වෙනම කර්මයක් නැහැ. මැරුණු සත්ත්වයා ඊළඟ ආත්ම භාවයෙහි උපදින්නේ යම් කර්මයකින්ද අන්තරාභවයෙහි උපදින්නේත් ඒ කර්මයෙන්ම බවයි එහි සඳහන් වෙන්නේ. මෙම කාරණාව පොලොක් මහතාගේ දියණියන්ටද පොදු වූවක් බව පැහැදිලි වෙනවා. ඉහත විස්තරයේ සඳහන් දරුවන් දෙදෙනා මවුපියන්ගේ දැඩි කම්පනයත් බලාපොරොත්තු සහගත සෙවීමත් වන සිතුවිලි අතරින් නැවත ඔවුන් අතරටම එන්නට වූ බව පෙනෙන්නට තියෙනවා. භවය පුරා එක්වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම තමන්ගේම දරුවන් වී උපන්නොත් එහිදී ඇතිවන සෙනෙහස ඉදිරියට යන එකක් නිසා නැවත නැවතත් එම දරුවන්ට එම මවුපියන්ම හමුවන්නට පුළුවන් බැව් කියැවෙනවා. අන්තරාභවයක සිට නැවත උපත ලද පොලොක් දැරියන්ගේ කතා පුවත මෙන්ම අපේ රටේද වාර්තා වුණු මෙවන් පුවත් විමසා බලද්දී පැහැදිලි වන්නේ එලෙස විය හැකි බවයි. – එස්. රණසිංහ

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන, රතු අල වල ඇති අසීමිත ගුණ

බීට් , එහෙමත් නැත්නම් රතු අල යනු විශාල ඖෂධීය ගුණයක් ඇති බොහෝ ලෙඩරෝග සුව කිරීමට උපකාර වල එළවළුවක්. මේ කියන්නේ ඒ පිළිබඳව කරුණු කිහිපයක්. රතු අල වෙත රතු පැහැය ලබා දෙන “anthocyanins” සංයෝගය සතුව පිළිකා නාශක බලයක් අඩංගු වනවා. ඊට අමතරව රතු අල තුල අන්තර්ගත වන “betaine” සංයෝගය මගින් වේදනා නාශක බලයත් හදවතේ සෞඛ්‍යය වර්ධනයත් සිදු වන අතර විටමින් B1, B2, B12 සහ විටමින් C, කොපර්, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, පොස්පරස් සහ අයඩින් වැනි ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් සහ ඛනිජ රතු අල තුල අඩංගු වනවා. රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කිරීමට උපකාර වන රතු අල ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනයට සහ අක්මාවේ සෞඛ්‍යය තත්වය නිසි ලෙස වර්ධනයටද උපකාර වනවා.

රක්තහීනතාවයට ගුණ දෙන රතු අල ශරීරයේ විෂ සහිත සංඝටක ඉවත් කර ශරීරය අකලට වියපත් වීම පවා පාලනය කර රුධිර නාලිකා ආරක්‍ෂා කරනු ලබනවා. එමෙන්ම, රතු අල තුල අඩංගු වන විශේෂිත වර්ගයේ තන්තුවක් වන “pectin” සහ ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය සහ “cellulose” වැනි සංඝටක මගින් ආහාර ජීර්ණය නිසි පරිදි නියාමනය වීම සහ අක්මාවේ මේදය තැම්පත් වීමෙන්ද අපව ආරක්‍ෂා කරනවා. ක්‍රීඩා වල නිරත වන්නන්ටත් බොහෝ සෞඛ්‍යය වාසි ගෙනෙන රතු අල මගින් ඔවුනට අවශ්‍ය කාය ශක්තිය වර්ධනය වීම රතු අල අනුභවයෙන් සිදු වනවා.

ඔබේ අභිමතය පරිදි රතු අල අමුවෙන්, යුෂ පානය මගින්, පිස ගෙන හෝ තම්බා ආහාරයට ගන්නට පුළුවන්. රතු අල ආහාරය සඳහා සකස් කර ගන්නා අවස්ථාවේදී රතු අල පත්‍ර ඉවත නොදා පත්‍රත් ආහාරයට ගන්න. රතු අල පත්‍ර තුල පොටෑසියම් අන්තර්ගත වන නිසා රතු අල පත්‍ර ඉතා ගුණදායක වනවා. (රතු අල පත්‍ර කෝප්ප භාගයක පොටෑසියම් මිලි ග්‍රෑම් 644 අන්තර්ගත වනවා) අධ්‍යයන මගින් පෙන්වා දෙන ආකාරයට පොටෑසියම් බහුල ආහාර සහ සෝඩියම් අවම ආහාර පරිභෝජනය කිරීමෙන් හෘද රෝග සහ ආඝාතය ඇතිවීමේ අවදානම 21% කින් අඩු කර ගන්නට පුළුවන්.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

අවවාදයයි – දරුවන්ට මෙන්න මේ යෝගට් දෙන්න එපා

(යෝගට් ගැන මුහුණු පොතේ පළකරන ලද සටහනකින් උපුටාගන්නා ලදි) මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක් ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක් ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා. ලංකාවේ යෝගට් ගැන.ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ඒ නිසයි මේක ලියන්නම හිතුනේ.යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම… ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන.යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න.. යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ.

ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.යුරියා කිරිපිටි.සීනි වගේ දෙවල්…එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල.ඒත් දෙමල මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ.ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල මිනිස්සු ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්. කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..? කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි.ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු.නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි. අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ.නොයෙක් වස විස දානවා ඒවට..තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා. අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා.කෝන් ෆ්ලවර්..යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා…

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මාල දිවයිනෙන් ලංකාවට පැමිණ පිළිකා රෝගීන් සුවපත් කරවන වෙද මහතා

(පිළිකා සුව කරන මෙම වෛද්‍ය තුමා ගැන මුහුණු පොතෙහි පළකල සටහනක් ඇසුරෙන් මෙම ලිපිය උපුටාගන්නා ලදි.) අද හතර දෙනෙක් මාලදිවයිනේ සිට අපේ ඔෆිස් එකට පැමිණියා. මව පියා සහ බිරිද සමග පැමිණි ඔහුගේ නම අබ්දුල්ලා. මීට මාස හතකට පමණ පෙර මේ තුන්දෙනාත් සමග අපේ ගල්කිස්සේ පිහිටි සෙරෙන්ඩිබ් ආයතනයට පැමිණියේ දරුවන් නොමැතිවීම නිසාත් මවගේ දනහිසේ ඇති ආබාධය නිසාත් නොනවතින කැස්සක් නිසාත්, පියාගේ දියවැඩියාව සහ හෘදයාබාද තත්වයන් නිසාත්ය. නමුත් මා විසින් බයෝරෙසොනන්ස් පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුව දැනගත්තේ වෙනත් කාරණාවකි. මවට වම් පෙණහැල්ලේ පිලිකාවක්ද, බිරිදට ප්ලිහාවේ පිලිකාවක්ද වර්ධනය වෙමින් පවතින බව බයෝරෙසොනන්ස් පරීක්ෂාව අනුව සොයා ගත්තා. බිරිද ගේ මුළු ඇගම රිදෙන බව ඔවුන් පසුව පැවසුවා. ඇය හෙද පුහුණුව ලද කෙනෙක් නිසා මා හට කරුණු කතා කරන්නටද පහසු වුනා.කෙසේ හෝ දරුවන් ගැනද අපි සොයා බැලූ අතර බිරිදගේ ඝර්භාෂයේ ඉතා දරුණු ආකාරයට බැක්ටීරියා වර්ධනය වී ඇති අයුරු අපි දුටුවා. මේ අනුව අපි ඔවුන් සියලු දෙනාටම විටායි ජීන් සහ තවත් පෝෂණ අතිරේක කිහිපයක් ලබා ගන්නට පැවසූ අතර ඔවුන් ඒවා මාස 7ක් පුරාවටම ලබා ගත්තා. එසේම මා පිලිකා සෛල වර්ධනය වී ඇති බව දුටු දෙදෙනාව පිලියන්දල සම්පත් වෙදමහතා වෙතට යොමු කලා.මෙවර ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ නැවතත් සම්පත් වෙදමහතා වෙත යොමුවන්නටයි. කෙසේ හෝ මාද ලංකාවේ සිටි නිසා මට මේ හතාර දෙනාව පරීක්ෂා කරන්නට හැකි වුනා. ඇත්තටම කියන්න සතුටුයි හතර දෙනාම බොහොම සුවෙන් සහ සතුටින් තමයි අවේ. ඒ අයගේ අවසරය ලද නිසා මා පහත ඒ අයගේ පරීක්ෂාවේ පින්තූර කිහිපයක් පල කරන්නම්.පහල පින්තූර වල වම් පසඇත්තේ මීට මාස 7 කට පමණ පෙර පරීක්ෂාවේදී ලැබුනු දත්තයන් වන අතර දකුණුපස ඇත්තේ අද දින ලබාගත් බයෝරෙසොනන්ස් වාර්ථාවේ විස්තරයි. මේ මවගේ වම් පෙනහැල්ලද, බිරිදගේ වසා පද්ධතිය සහ ප්ලීහාව මෙම තත්වයට ගොදුරුවී දැන් යතා තත්වයට පත්වී ඇති ආකාරය මෙම රෑප රාමු වලින් මනාව පිලිඹිබු වෙනවා.සම්පත් වෙදමහතා වෙත යොමු කල මේ දෙදෙනා අද මේ ලෙසට පිලිකාවලින් තොරව ජීවත්වනු දැකීම ඉමහත් සතුටක්. මොවුන් මාවෙතට රැගෙන ආ අබ්දුල්ලාටද දැන් ඇත්තේ මහා සැනසිල්ලකි.

කෙසේ වුවත් ඔවුන් මාස හතක් තිස්සේ මාලදිවයිනේ සිට පැමිණ මෙසේ සිංහල බෙහෙත් වලින් සුවය ලැබීම ගැන අපටද ඉමහත් සතුටකි.පියාසහ පුතා විටායිජීන් සහ වෙනත් සප්ලිමන්ට් කිහිපයක් පමණක් භාවිතා කල අතර ඔවුන්ගේ සෞඛ්‍යයද ඉතාමත් හොද තත්වයක පවතී. පියාට තිබූ දියවැඩියාව සහ ආතරයිටීස් තත්වය දැන් සුවපත් වී ඇත.දැන් මේ දෙදෙනාට දරුවන් ලබා ගැනීමට කිසිදු බාදාවක් නැත. මෙවුන් වසර 14ක් දරුවන් නැතිව සිටින යුවලකි.මොවුන්ගේ රෝග සුව වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ බෙහෙත් ටික නියම කලට වේලාවට නියම මාත්‍රයෙන් විශ්වාසයෙන් ලබා ගැනීමයි. අද ඔවුන් ඉතාමත් සතුටින් අපගේ ආයතනයෙන් පිටව ගියේ ලබන ඉරිදා සම්පත් මහත්තයාගෙන් බෙහෙත් අරං සදුදා මාලේ බලා පිටත් වන බව පවසාය.තවද ඔවුන් මා හට බයෝරෙසොනන්ස් පරීක්ෂණ මධස්ථානයක් මාලදිවයිනේ ආරම්භ කිරීමට ආරාධනා කල අතර එය මා විසින් සතුටින් බාරගන්නා ලද බවද පවසමි.සම්පත් මහත්තයා මට මේවා ෆේස් බුක් දාන්න එපා කියලා කිහිප වතාවක්ම කිව්වා. මොකද එන පිරිස ඉතාමත් වැඩි නිසා. ඉරිදා දවසේ පමණක් වෙදකම් කරන නිසාත් එදිනටත් 300 කට වැඩි පිරිසකට වෙදකම් කරන්නට සිදුවන නිසාත් තමයි ගැටලුව මතු වී ඇත්තේ. ඒත් එතුමා කරන සේවය හෙලි නොකර බැරි නිසයි මෙසේ ලියන්නේ.පිනැති ඇත්තෝ පමණක්ම පැමිණෙත්වා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ලෙඩ රෝග රැසකට සුවය සලසන අමු කහ සත්කාරය

කහ විෂබිජ නාශක ගුණයෙන් ඉහළ සම පැහැපත් කිරිම සඳහා භාවිතා කරනා කහ, ආයුර්වේදයේ ඖෂධයක් ලෙස මෙන්ම ආහාර වශයෙන් ගන්නා කුළු බඩු අතර ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.ශරිර අභ්‍යන්තරවත් බාහිරවත් ඇති වන දීලිර , බැක්ටීරියා සහ වෛරස් ආසාදන සඳහා ගුණදායකය කහ, ආයුර්වේදයේදි ඒකිය ඖෂධයක් ලෙස මෙන්ම ඖෂධ සංයෝගයක් ලෙස ද භාවිතා කෙරේ.කහ , අත් කහ යනුවෙන්ද ව්‍යවහාරයේ භාවිතා කරන කහවල උද්හිද විද්‍යාත්මක නාමය වනුයේ curcuma longa යනුවෙනි. කහ වර්ග හතරකි, හරිද්‍රා, කර්පුර හරිද්‍රා, ආම්රගන්ද, හරන් හොදින් පැසුණූ කහ අලය , රතු පැහැයට හුරුය. කුංකුම පැහැයට හුරු පැහැයක් ගන්නා කහ ඖෂධ ගුණයෙන් ඉහළ බව කියවේ. ඖෂධිය ගුණ කප හා වාතය සමනයට ගුණදායක කහ ඖෂධය, පිත වර්ධනය කිරිමකින් යුක්ත වන බැවින් ග්‍රැස්ට්‍රයිටීස් රෝගින්ට සහ පිත්තාශයේ ගල් ඇති විටද කහ භාවිතය සිමා කිරිම රෝගි තත්ත්වයට ගුණදායකය.ශරිරයේ ඉදිමුම් සහිත වේදනාව සමනය කිරිමටත්, කුෂ්ඨ හා තුවාල පිරිසිදු කිරිමටත් අමු කහ භාවිතා කෙරේ. (ආහාර රුචිය ඇති කිරිමට ච කහ ඉතා යෝග්‍ය ඖෂධයකි.අන්ත්‍රගත කෘමිනාශක ගුණයක් ඇති නිසාම කහ සියලු වයස්වල පසුවන්නේ පණුරෝග සමනයට ද වඩාත් යෝග්‍යය වේ.හික්කාවෙන් පෙළෙන රෝගින්ට වියළී කහ පුලුස්සා ඇවිළෙන විට එකවර නිවා දැමිමේදි නගින දුම ගුණදායකය.ශරිරයේ ඇතිවන ආසාත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලිමෙන් ගුණය ලැබේ.රුධිරයේ සුදු සෛල වැඩි කිරිමේ ගුණයකින් යුතු කහ, ඇදුම රෝගින්ට මී පැණි සමඟ මිශ්‍රකර ගැනිම ද යෝග්‍යය වේ.

පුරස්ථිත ග්‍රන්ථි ඉදිමුණ රෝගි තත්ත්වය සඳහා කහ භාවිතය ගුණදායක අතර මල්ගෝවා ව්‍යාංජනයට කහ වැඩිදුර දමා ගැනිමෙන් , පුරස්ථිත ග්‍රන්ථි ආශ්‍රිතව සහ පියයුරු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්ත්ව පාලනය කරගත හැකිය.ස්වාභාවිකවම අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසිදු කිරිම ද ගුණදායකය.ශරිරයේ ඇතිවන අර්බුද ග්‍රන්ථි ගෙඩි වලට රුධිරය ගමන් කිරිම අඩුකිරිම නිසා පිළීකාවන් වර්ධනය විම සිමා කිරිමටත් , තුවාල පටකවල නව පටක වැඩි තුවාල ඉක්මණින් සුව විමටත් කහ උපකාරි වේ.ගංසුරිය කොළ පොතු ,අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදිම සඳහා භාවිතා කිරිම ද ගුණය.ශරිරයේ ඇතිවන කුෂ්ඨ , දද , ඇති අවස්ථාවේදි අමු කහ කොටා ගැල්විම හෝ තම්බා වතුරෙන් සේදිම ද යෝග්‍යය.දිලිරි ආසාදන වළක්වා ගැනිමට හින් නිදිකුම්බා අමුකහ දමා තම්බා ඇත්තෝර කොළ ද අමුකහ සමඟ අඹරා තලපය ගැල්විම ද සුදුසුය.සියඹලා කොළ අමුකහ සමට ගෙන තම්බා හෝ කොටා ශරිරයේ ගැල්විමක් ආසාත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දේ.ශරිරයේ වේදනා සහිත තැන්වලට කහකුඩු වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරිරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.රුව වැඩි කිරිමට භාවිතා කරන ආයුර්වේද පැක් වර්ග, ස්ක්‍රබ් වර්ග , ක්ලෙන්ස් වර්ග අතර ද ප්‍රධානම අමුද්‍රව්‍ය ලෙසට භාවිතා කරන කහ වඩාත් යෝග්‍ය වන්නේ ස්වභාවික කහ අමුවෙන් ගැනිම බව ද මතක තබා ගත යුතුය.කහ ශරිරයේ ගැල්විමෙන් මැරුණූ සම ඉවත් වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි. එම නිසාම සම පැහැපත් කිරිමේ ආලේපනයක් ලෙසත් අකලට සම වයසට යෑම වැළැක්විමේ ඖෂධයක ලෙසත් අතිතයේ සිට අද දක්වා කහ භාවිතා කර තිබේ.එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

කහ වල ඖෂධීය ගුණ උපදෙස් – බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ.

මව් කුස ඇතුලේ සිටින දරු පැටියා විනෝද වන අවස්ථා

මව් කුස තුළ දරුවා සැඟවී සිටියත්, ඔහු අවට ලෝකයේ සිදු වන දේවල් ගැන පසු වන්නේ හොඳ අවධානයකින්. මව් කුසින් එපිට ලෝකයේ සුන්දර දේවල් සිදු වන දරුවා ප්‍රීතියෙන් කුල්මත් වෙනවා. ඉතින් මව් කුසේ සිටින දරුවා වෙනුවෙන් ධනාත්මක දේවල් සිදු කරමින්, ඔහුව විනෝදයට පත් කිරීමේ හැකියාව ඔබ සතුයි 1. රසවත් ආහාර – දරුවාට සති 13 – 15 වන විට, ඔහු රස හඳුනා ගන්නට පටන් ගන්නවා. මව ලබා ගන්නා ආහාර වල රසය Amniotic තරලයට එකතු වෙනවා. ඔබේ දරුවා එය විඳිනවා. ඉතින් ඔබ ලබා ගන්නා ආහාර වල රසය මත ඔබේ දරුවා විනෝද වෙනවා. දරුවා වැදුණු පසුත් දරුවාට පිහිටන්නේ මෙම පුරුද්දයි. මව සෞඛ්‍යමත් හා රසවත් ආහාර ලබා ගන්නවා නම්, දරුවා අනාගතයේදී ආහාර ලබා ගැනීමට මැලි නොවන බව පැවසෙනවා. ඒ වගේම තමයි, මව පැණි රස ආහාර ලබා ගන්නවා නම්, දරුවා බිහි වූ පසු මව් කිරි බීමට වැඩි ප්‍රියතාවයක් දක්වන බවත් පැවසෙනවා. 2. ලා උණුසුම් ජලයෙන් ස්නානය කිරීම – දරුවා මවගේ කුසට තෙරපීගෙනයි සිටින්නේ. මේ නිසා පිටත සිදු වන උෂ්ණත්ව වෙනස්කම් දරුවාට ඉතා හොඳින් දැනෙනවා. ඉතින් මේ නිසා තද රස්නය ඇති වතුරින් ස්නානය කිරීම නම් බොහොම භයානකයි. නමුත් ලා උණුසුමක් සහිත ජලයෙන් ස්නානය කරන විට ඔබේ ගත සැහැල්ලු වෙනවා වගේම, දරුවාටත් සැනසුම් සහගත බවක් ලැබෙනවා. ඒ වගේම තමයි ජලය ගලා යන ශබ්දයත් දරුවාව පිනවන බව පැවසෙනවා. ඔබට බාත් ටබ් එකකට බැහැලා ස්නානය කරන්න පුලුවන්නම් තමයි වඩාත්ම හොඳ. 3. කුස පිටතින් පිරිමැදීම – දරුවෙකුට සති 20ක් පමණ වන විට කුස පිටතින් සිදු වන පිරිමදීම් දැනෙන්නට ගන්නවා. මෘදු ආදරණිය පිරිමැදීමක් දරුවාව සතුටට පත් කරවනවා. පියා සහ දරුවා අතර ඇති බැඳීම වැඩි කිරීමට මෙම ක්‍රියාව ඉවහල් වන බව කියවෙනවා. පියාට පුළුවන් මවගේ කුස පිටතින් පිරිමදින්න. ඖෂධීය තෙල් වර්ගයක්, මෘදු ක්‍රීම් වර්ගයක් ගල්වා, මෘදුව සම්බාහනය කරන්න. මේ අතරේ සෞම්‍ය සංගීතයකටත් සවන් දෙන්න.

4. මව කතා කරන ශබ්දය ඇසීම – දරුවාට වයස සති 25- 26 වන විට දරුවා පිටතින් ඇසෙන ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නට පටන් ගන්නවා. දරුවාව සුවපත් කල හැකි ආදරනියම හඬ වන්නේ මවගේ ආදරණිය ආමන්ත්‍රණයි. මෙයින් දරුවාට සැනසුම් සහගත හැඟීමක් ඇති වෙනවා. දරුවා තුල ආරක්ෂා සහගත හැඟීමක් ඇති වෙනවා. මව සහ දරුවා අතර ඇති බැඳීම වැඩි කර ගන්නටත් මෙය හේතුවක් වෙනවා. මේ නිසා මව ආදරනියව නිතරම තම දරුවාට ඇමතීම සිදු කිරීම ඉතා වැදගත් කාර්යයක් වෙනවා. ඒ වගේම කුසේ සිටින දරුවාව ඇමතීම පියා ඇතුළු පවුලේ අන් අයත් සිදු කිරීම වැදගත්. එමඟින් දරුවාට විවිධ හඬවල් ඇසීමට සහ හඳුනා ගැනීමට අවස්තාව හිමි වෙනවා. 5. සංගීතයට සවන් දීම – මව දරුවා බිහි වීමට ප්‍රථමයෙන් සුන්දර සංගීත වලට සවන් දීම දරුවාට ඉතා හිතකරයි. මෙමඟින් මවගේ සිරුර තුල දරුවාට හිතකර වූ හෝර්මෝන නිපදවෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි, සෞම්‍ය සංගීතය මඟින් දරුවාගේ මොළය වර්ධනය කර, සංවේදනා දැනීම උත්තේජනය කරනවා. මේ නිසා දරුවාට ඇසෙන්නට සංගීතය ශ්‍රවණය කිරීම ඉතා වැදගත්. 6. මව විවේකයෙන් ගත කරන කාලය – මව විවේකයෙන් සිටින වෙලාවට තමයි බිලිඳා විනෝද වීමට තෝරා ගන්නේ. දරුවා පිනුම් ගසන්නටත්, සෙලවෙන්නටත්, සිටින ඉරියව් මාරු කිරීමටත් වැඩි කැමැත්තක් දක්වන්නේ මව විවේකයෙන් සිටින වෙලාවටයි. දරුවා ඒ මොහොත ගත කරන්නේ ප්‍රීතියෙන් බව පැවසෙනවා. 7 මව සිනහා වන අවස්තාව – මව සතුටින් සිනහ වෙන අවස්තාවලදී දරුවා සතුටෙන් පිනුම් ගසනවා. සිනහවත් සමඟ මාංශ පේශි හැකිලෙන නිසා මෙය සිදු වෙනවා. මව සතුටින් සිටින විට මවගේ සිරුර තුලින් නිපදවෙන හෝර්මෝන වල බලපෑම නිසා, දරුවාත් ප්‍රීතියට පත් වෙනවා. එය දරුවාගේ සෞඛ්‍ය මට්ටමත් ඉහල නංවනවා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කොලෙස්ටරෝල් නැති කරවන සියඹලා පානය

කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන. හෘදයට රුධිරය සැපයෙන නාලයක ඒ ආකාරයෙන් සිදුවූ විට හෘදයාබාධයක් ඇති වේ. මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය ඇතිවේ. පාදයකට රුධිර සපයන නාලයක එවැනි අවහිර වීමක් සිදු වුවහොත් පාදයේ සුව නොවන තුවාල ඇති වී ඇතැම් විට කකුල කපා දැමීමට පවා සිදුවේ.එනම් එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්‍රයිග්ලිසරොයිඩ වේ. මේ අතරින් එච්.ඩී.එල් යනු ශරීරයට හිතකර ලිපිඩ වර්ගයකි. එල්.ඩී.එල්, වී.එල්.ඩී.එල් සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකිය.මෙතරම් භයානක තත්වයට පත් විය හැකි කොලොස්ටරෝල් රෝගය සියඹලා මගින් සුව කර ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වෙනවා. සියඹලා මදයේ උපරිම ප්‍රතිඵලය මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගන්න පුළුවන්.

කිරි හොද්දට – මිරිස්‌ හොද්දට – මස්‌ හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌ වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකියි. භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම – බඩේ වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි.කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවක්. වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ලැබෙනවා.සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයක් ලෙස හදුන්වන්න පුළුවන්. ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක්‌ ලබා දෙන බවත් සදහන් කළ යුතුයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හෘදයාබාධයකින් මරණය පෙනි පෙනී ජීවිතය ගලවාදුන් දිව්‍ය ඔසුව

මේ ලිපිය උපුටාගන්නා ලද්දේ හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් තම පියාගේ ජීවිතය සුව වූ විශ්මිත බෙහෙතක් ගැන ඔහුගේ පුතු මුහුණු පොතෙහි පළ කරන ලද සටහනක් ඇසුරෙනි. මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි.. ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය.සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්‍රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම් ක්‍රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත් නොවීය.

ඒ කාලයේදී අයියාගේ මිතුරෙකු සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක් ගැන අයියාට පවසා තිබුනි. ඔහුගේ මවට එය පාවිච්චි කිරීමෙන් පසුව හිර වී තිබූ නාලිකා නැවත පිරිසිදු වී තිබූ බව කියා තිබුනි. ලොකු ව්ශ්වාසයක් නොමැති උනත් අපි ඒ බෙහෙත ගෙදර හදන්න තීරණය කලා.. අනෙක් බෙහෙත් නිර්දේශිත ආකාරයටම ලබා ගන්නා ගමන් එම බෙහෙත තාත්තා වසරක් පමණ එක දිගට නොකඩවා පාවිච්චි කලා.. ඒ අතරතුර කාලයේදී තාත්තා එකෝ පරීක්ෂණයන්ට භාජනය කල අතර එහිදී හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවී තිබූ බ්ලොක් මගහැරී ඇතිබව පරික්ෂන වලදී පැවසූවා.. බයිපාස් සැත්කමක් නොකර ඔහු අද සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවමින් ඉන්නවා.. කොලෙස්ටරෝල් තියෙන අයටත් මේක පාවිච්චි කරන්න පුලුවන්… මෙමෙ බෙහෙතේ හිමිකරු කවුරුද නොදන්නා නමුදු එම බෙහෙත නිසා තාත්ත සුවවූ බව දන්නා නිසා අවශ්‍ය නම් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට මා එය සැකසූ මොහොතේ ජායාරූපද සමග මෙසේ එය පල කරමි..!

අවශ්‍ය ද්‍රව්‍ය – ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි(මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැණි. මුලින්ම සුදුලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න. ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න.. සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml, මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා,ඒක වැදගත්.. දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික් වගේ භාජනේකට දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..

ඒ ප්‍රමාණෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩව ඒකෙන් මේස හැන්දක ප්‍රමාණයක් බොන්න ඕනේ.. ඒ බීලා පැය කාලකට විතර පස්සෙ සාමාන්‍ය විදියට දවසේ වැඩ කෑම බීම ගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් කරල ඕක හදාගන්න පුලුවන් සැරින් සැරේට.ඒත් නොකඩවා දිනපතා අපේ තාත්ත ඕක පාවිච්චි කලා.. අවශ්‍ය කෙනෙක්ට මේ බෙහෙත ගැන කියන්න හැකිතාක් Share කරන්න. ඔබට ගොඩක් පිං..!

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කටු අනෝදා, වලින් රසවත් ව්‍යාංජනයක් හදන හැටි

හෙළයන්ගේ අවුළු අතරින් තවත් ඉහළ ඔසු ගුණයෙන් පිරි අහරක් වගේම වසවිසක් කෘතීම සාත්තුවක් නොමැතිව වැඩෙනා සහ රටේ ඕනෑම පරිසරයක වැඩෙනා ශාකයක ඵලයක් හැටියට කටු ආතා එහෙමත් නෑතිනම් කටු අනෝදා හදුන්වන්නට පුළුවනි. මෙහි මල් ගෙඩි සහ දළු ආහාරයට එක්කරගත හැක. මෙය ඉදුනු ඵලය ඉතා රසවත් පළතුරක් මෙන්ම සිරුර සිසිල් කරනා පළතුරකි ඒවගේම වකුගඩුවේ ගල් දියකර හැරීමේ හා පිළිකා ශෙයිල විනාශ කිරීමේ ගුණයෙන්ද පරිපූර්ණයි. කටු අනෝදා කිරට සකසන ආකාරය – තරමක් පැසුනු කටු අනෝදා ගෙඩියක් ගෙන පිට පොත්ත ඉවත්කොට දෙපළු කොට මැද ඇතිනාරටිය කොටස කපා ඉවත් කරගන්න. පසුව ඔබ දෙල් පිසීමට කපාගන්නා පරිදි තරමක කොටස් වලට කපා හැකිතරම් එහි ඇට ඉවත් කරගන්න. පසුව පිසීමට සුදුසු මැටි භාජනයක් ගෙන එයට කපාගත් කොටස් දමා කුරුදු පොතු කැබැල්ලක් ගම්මිරිස් ස්වල්පයක් අමු කොච්චි ගෙඩියක්, කහ ලුණු ,රතුළූණු, සුදුළූණු, තුන පහ, කරපිංචා දමා හොදින් කවලම්කොට දිය කිරි දමා පිස ගන්න පසුව හොදින් තැම්බුනු පසු මිටිකිරි දමා දෙල් අවුළුව මෙන් හොදින් සැකසුනු පසු බාගන්න. ඔබට අවැසිනම් මෙයට පසුව තෙල් රත්කොට අබ සුදුළූණු රතුළූණු තෙම්පරාදු කොට මෙයට එක්කර ගැනිමටද හැක.

මෙය නොදන්නා බොහෝ දෙනා සිතාවි මේ දෙල් අවුලුවක් කියා පෙනුමෙන් සහ රසින් බොහෝ සේ දෙල් අවුළුවට සමානයි මෙය අතීතයේදි හෙළයා ආහාර ගැනීමේදී කිසිදා අදමෙන් මස්පිඩු වර්ධනයට සීමාවූ බත්පතක් කැවේනෑ එහි අස්ථි ශක්තිමත් වීමට, ඇස් පෙනීම වර්ධනයට, මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට බහිස්ස්‍රාවීය පද්ධතිය පිරි පහදුවට, සිරුරේ විෂ හරනයට, මස් පිඩු වර්ධනයට, ප්‍රතිශක්ති වර්ධනයට, ග්‍රන්ථි පද්ධතියේ ක්‍රියාවට, සිරුර සිසිල් කරන, සිරුර උණුසුම් කරන, තෙල් හරණයට යන කරුණු සියල්ලම සමබර ලෙස සැකසූ බත් පතකිනුයි එදා කුස පුරාව ගත්තේ. අද එය ගිලිහීම නිසා බොහො රෝග වැලදී ඇත ගිලිහුනු සෑම ආහාරයක් වෙනුවෙන්ම අද වනවිට සියල්ලන්ටම ඒ අනිසි ප්‍රතිඵලයට බෙහෙත් පෙත්තක් ගිලීමට සිදුව ඇත ජාතියම රෝගී වී හමාරයි.

අප රටට කිසිදු ආහාර වෙනුවෙන් සැකසූ ජාතික ප්‍රතිපතියක් නොමැති අඩුපාඩුව නිසා හිතු මනාපෙට රටට ජාතියට මිනිස් සිරුරට පවා නොගැලපෙන ආහාර පිටරටින් ගෙන අලෙවිකරනවා මෙන්ම මෙරට තුලද නිපදවා අලෙවිකරනවා පසුව ඒ හේතුවෙන් ඇතිවන රෝග සුව කිරීමට යැයි කියා රෝහල්වලට විශාල මුදලක්ද වැය කරනවා නමුත් කිසිදා මේ දෑ සීමා කිරීමට හෝ නවතා දැමීමට ඉල්ලීම් කලද එය ඉටු නොකරනේ ඔවුන්ගේ සාක්කුවලට,ලැබෙනා ප්‍රථිලාභ හේතුවෙනි නමුත් ඔබ අපට යුතුකමක් වගකීමක් ඇත අපගේ අනාගතය වෙනුවෙන් මේ නුසුදුසු ආහාර වලින් ගැලවීමට ඈත්වීමට සහ ඒවා ප්‍රවර්ධනයට ඉඩකඩ ඇහිරීම තුලින් මාගේ මේ මිතුරු ගොනුවේද බොහෝ පිළිකා කාරක ආහාර කරුවන්ගේ ප්‍රවර්ධන පිටුවල වෙලද ප්‍රචාරයන්ට උදවු දෙන්නන් සිටින බැවු මා දැක ඇත. ඔබ ඔබේ බුද්ධියෙන් සිතන්න අවංකවම ඔබ ලැබූ මිනිසත් භවයේදී නිරෝගීව ජීවත්වීමේ අවස්ථාව සිතා මතාම නැති කරගෙන නේද කියා විදිම වෙනුවට විදවීම ලගා නොකර ගන්න හෙළයිනේ.. වසවිසෙන් තොර සැබෑ හෙළ ආහාර නිරන්තරයෙන් භුක්තිවිද නීරෝගීමන් පරපුරක් නීරෝගීමත් ආර්ථිකයක් ගොඩනගමු අප සෑම නිවසකම ඉඩකඩ ඇති පරිදි වසවිසෙන් තොර හෙළ භෝගවලින් පිරි ගෙවතු වගාවක් ආරම්භ කරමු මෙය ජාතික අවශ්‍යයතාවකි. නිරන්තරයෙන් හෙළයන්ගේ නීරෝගීබව වෙනුවෙන් වෙහෙසෙන මා හේනේ පැලේ අප්පුහාමි. ඔබ සැමට තෙරුවන් සරණයි…!!

(උපුටාගැනීම හේනේ පැලේ අප්පුහාමි)

රාබු යුෂ වීදුරුවක ඇති ඖෂධීය ගුණ

රාබු කියන්නෙ එළවළුවක් වුනාට කවුරුත් කන්න අකැමැති එළවළුවක්. මේ එළවළුව කන්නෙ නැති හේතුව තමයි රාබුවල ඇති සැර නහයට අප්‍රිය වීම. නමුත් රාබුවල තිබෙන ඖෂධීය ගුණ ගැන දැන ගත්තොත් ඔබ රාබු වෑංජනයක් සතියකට දෙවරක්වත් ආහාර වේලට එක්කර ගනීවි. ළපටි රාබු වෑංජනය ඉතාම රසවත්. ඒ වගේම රාබු සලාද ලෙස සාදා ගත්තොත් රසවත් ආහාරයක්. රාබු ඇටවලින් ගන්න තෙල් පුද්ගල ශරීරයේ හටගන්නා රෝග නිවාරණයට කදිමයි.රාබුවලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ මූලක කියල. ඒ වගේම ලොකු අලයක් තිබෙන නිසා මහා කන්ද කියලත් දිගු අලයක් තිබෙන නිසා දීර්ඝ කන්ද නමිනුත් රාබු හඳුන්වනවා. ඇත් දළයට සමාන අලයක් ඇති නිසා හස්ති දන්තක කියලත් සංස්කෘතෙන් රාබු හඳුන්වනවා. චීනයේ උපත ලද රාබු රෝම අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ පවා බහුල වශයෙන් භාවිත කළා කියලා ඉතිහාසය සාක්‍ෂි දරනවා. රාබු මල බද්ධයටත්, කෑම අජීර්ණයටත්, අර්ශස් ආදී රෝග රාශියකටත් ගුණ දෙන ඖෂධයක්.ඒ වගේම හෘද රෝග, පෙණහලු ආශ්‍රිත රෝග නිට්ටාවටම සුව කළ හැකි අගනා ඔසුවක් තමයි රාබු කියන්නේ.

අක්මාව ආශ්‍රිත රෝග, ඇස් ලෙඩ, ප්ලේයාව වැනි රෝග රාශියක් එකම ඖෂධයකින් සුව වෙනවා කිවොත් ඔබ පුදුම වේවි. ශරීරයට විසක් ඇතුළු වුණොත් ඒ විස ඉවත් කිරීමේ හැකියාවක් රාබුවලට පවතිනවා. ඒ නිසයි මෙය අක්මාවට ඉතා හිතකර ඔසුවක් වෙන්නේ. උණ, සෙංගමාල රෝගීන්ගේ එම රෝග තත්ත්වයන් දුරලන්න නම් ඔබ රෝගියාට දෛනික ආහාර වේලට රාබු වෑංජනයක් පමණයි එක් කළ යුත්තේ. සෙංගමාල රෝගීන්ගේ කහ ගැන්වූ සිරුර යථා තත්ත්වයට අරගන්න කදිම ඔසුවක් තමයි රාබු.

පොදුවේ සෑම අර්ශස් රෝගයකටම ගොදුරු වුණු රෝගීන් රාබු වෑංජනයක් හෝ සලාදයක් දෛනික කෑම වේලට එක්කර ගන්නව නම් අර්ශස් රෝගයට තිත තියන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචිය නැති කරන්නත්, කෑම දිරවීම පහසු කරන්නත්, මල බද්ධය නැති කරන්නත් රාබුවලට පුළුවන්. එයට හේතුව තමයි රාබුවල පවතින සුවිශේෂ රසායනික සංඝටක.ඔබ අර්ශස් රෝගයට ගොදුරු වී පිඩා විඳින්නෙක් නම් රාබු අල කපා බඳුනකට දමා ඒ බඳුනට මුං ඇට ස්වල්පයක් එක්කර තම්බා වතුර පෙරා තලපයක් සේ පොඩිකර කන්න. සතියක් පමණ දිනපතා එක් වේලක් මෙලෙස සිදුකළොත් ඔබට අර්ශස් රෝගය තව දුරටත් අභියෝගයක් නොවේ. මුත්‍රා මාර්ග පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම (අඩුවෙන් මුත්‍රා යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී) රාබු තැම්බූ වතුර බොනව නම් හොඳයි. මුත්‍රාශය ආශ්‍රිත සෑම රෝගයකටම එය අගනා ඖෂධයක්. එහෙමත් නැතිනම් රාබු අල ගෙන කොටා ඒ යුෂට අවශ්‍ය පදමට වතුර දමා එය දිනපතා බොන්න. මුත්‍රා ගල් දිය කිරීමටත් මෙය ඉතාම වැදගත් ඖෂධයක්.ඒ වගේම වකුගඩු පිරිසුදු කරන්නත් එය අගනා ඖෂධයක්. මධුමේහය, දියවැඩියාව වැනි රෝග ඇති අයට දිනපතා රාබු අල හෝ සලාද වෑංජනයක් කෑම වේලට එක් කරනවා නම් ඒ රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගන්නත් පුළුවන්.වයසට යෑම පමා කරන්න නම් දිනපතා රාබු වෑංජනයක් ගන්න. වැදගත්ම දෙයක් තමයි පිළිකා නාශක හැකියාව උපරිමයෙන්ම රාබු ඖෂධය සතුව පැවැතීම රාබු තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත නිසා මෙය ආහාරයට ගත් විට ශරීරයේ ඇති විස තත්ත්වයන් ඉවත් වෙනවා. රුධිරය පිරිසුදු වෙනවා. මේ නිසා පිළිකා නාශනය වීමේ ගුණයක් මේ ඖෂධීය එළවළුව සතුව පවතිනවා.

විශේෂයෙන්ම බඩවැල ආශ්‍රිත පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකා ආදී රෝග රැසකට රාබු හොඳ ඖෂධයක්. දිනපතා රාබු යුෂ වීදුරුවක් බොනව නම් ඔබට පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. වැලඳී ඇති පිළිකා සුව වීමටත් එය ගුණයි. ඒ වගේම මුඛය ආශ්‍රිත පිළිකා සුව කරන්න රාබුවලට පුළුවන් කියල මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. හරිම පහසු දෙයයි කළ යුත්තේ. එළවළුවක් විදියට දෛනික කෑම වේලට රාබු එක්කර ගන්නව නම් ඔබ ආරක්‍ෂිතයි. රාබුවල පවතින විස නසන ගුණය නිසා පිළිකා සෛල ඉදිරියට වැඩීම වළකනවා. ඒ නිසයි පිළිකාවලින් මිදීමට කදිම ඔසුවක් ලෙස වෙදැදුරන් රාබු ඖෂධය පිළිබඳ සඳහන් කරන්නේ. සමේ හටගන්නා සුදු කබර රෝගය සුව කරන්නත් රාබුවලට පුළුවන්. මුලින්ම රාබු අල කැබලිවලට කපා හොඳින් වියළාගෙන කුඩු කරගන්න. ඉන් පසු විනාකිරි දියර සමඟ ඒ චූර්ණය තබා විනාකිරි තුළම වියළෙන්න හරින්න. එය වියළුණාට පසුව ඉඟුරු ඉස්මෙන් හෝ ගව මුත්‍රාවලින් අඹරා සුදු කබරවල ආලේප කරන්න. කෙටි කලකින් සුව වේවි.රාබු කියන්නේ කෙඳි සහිත එළවළුවක් නිසා මල බද්ධය රෝගය සුව කරන්නත් මෙය ගුණයි. ආහාර දිරවීම, කාර්යක්‍ෂම කරන්න වගේම අන්ත්‍රවල චලන හොඳින් සිදු වන්නත් රාබු හොඳ ඖෂධීය ආහාරයක්. බොහෝ පුද්ගලයන්ට විවිධ අසාත්මිකතා තිබෙනවා. දූවිලි ගියොත් ඇස් දැවිල්ල, ඇස් රතුවීම, කඳුළු ඒම වැනි දේවල්, දුම් වර්ගවලටත් අසාත්මිකතා ඇතිවෙනවා. එය දුරලන්න රාබු ඉතාම ගුණදායකයි.

රාබු තැම්බූ වතුරින් මුව සේදීම ඉතාම ගුණයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට රුධිර පීඩනය පාලනයකින් පවත්වාගෙන යන්නත් රාබු කොළ ගුණදායකයි. සලාදයක්, සම්බලයක් ලෙස ආහාරයටගන්නව නම් ඉතාම ගුණයි. විටමින් බී, සී, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත රාබු වියළි සම නැතිකර තෙතමනය සහිත සමක් ලබා දෙන්නත් හැකි එළවළුවක්.රාබු කියන්නේ රූපලාවණ්‍යයටත් සුදුසු ඖෂධයක්. ළපටි රාබු අරගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. තෙතමනය සහිත හමක් ලබන්නත් මුහුණේ ලප කැළැල් මකා හරින්නත් මෙය ඉතා වැදගත් ඖෂධයක්. මේ ආකාරයට යටි පතුල් පැළීමෙන් පීඩා විඳින අයට මේ ආලේපය ගෑවොත් යටි පතුල් පැළීමෙන් මිදෙන්න පුළුවන්. විවිධ ආසාදන නිසා උණ හටගත් රෝගීන්ට සුවය ලබාදීමට රාබු යුෂ සමඟ සහිඳලුණු මිශ්‍රකර බීමට දෙන්න.මී මැස්සෝ, දෙබරු, බඹරු විද්දම විසට ඉදිමුමක් සහිත වේදනාවක් ඇති වෙනවා. ඒ විස නසන්නත් ඉදිමුම බස්සන්නත් වේදනාව නැති කරන්නත් හිතකර ඔසුවක් තමයි රාබු. දෂ්ටනය වූ තැන රාබු අල තළා පැලැස්තරයක් තැබීමෙන් විස නැති කරන්න පුළුවන්. ඒ වගේම හිසකේ ගැලවෙනවා නම්, හිස්සොරිවලින් පීඩා විඳිනව නම් ඒ තත්ත්වයෙන් මිදෙන්න රාබු අල යුෂ කොණ්ඩෙ ආලේප කරන්න. ආලේප කර පැය දෙකකට පසුව සෝදා හරින්න. රාබු ඇටවලින් ගත් තෙල් වුණත් මෙයට ඉතාම යෝග්‍යයයි.මුත්‍රාශය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින අය දිනපතා හිස්බඩට රාබු යුෂ කෝප්ප භාගයක් බීවොත් මුත්‍රා ගල් ඇතුළු සෑම මුත්‍රා ආසාදනයක්ම නැති වෙනවා. ඒ වගේම මුත්‍රා රෝග වැලඳීමේ අවදානමත් නැති වෙනවා.හොරි, දද, කුෂ්ඨ, තුවාලවලටත් රාබු බාහිරින් ආලේප කරන්න පුළුවන්. එවන් අපහසුතාවකට ලක්වූ විටකදී රස සින්ධූර අරගෙන රාබු යුෂෙන් අඹරා හොරි, දද, කුෂ්ඨවල ආලේප කරන්න. සැරව බිබිළි නම් ඉක්මනින් ශ්‍රාවය ඉවත් කරනවා.

කුෂ්ඨ රෝගයකදී නම් රාබු ඉස්ම අරගෙන ඉඟුරු, ගෙන්දගම් සමව මිශ්‍රකර අඹරා කුෂ්ඨ මතුපිට ගාන්න. දින කිහිපයක් මෙය කරන්න. ඉක්මනින් සුව වේවි.ඕ.පී.ඩී. මට්ටමෙන් පවතින පුනර්ණවාසව අරිෂ්ටයේ රාබු අන්තර්ගතයි. මුත්‍රා රෝග සහ ඉදිමුමට අගනා ඔසුවක් වන පුනර්නනාසව ඕ.පී.ඩී. මට්ටමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.ළපටි රාබුවලින් සාදාගත හැකි රසවත් ආහාරයක් ගැන මම ඔබට කියන්නම්. ළපටි රාබු අරගෙන හීනියට ලියාගෙන ඒ කැබැලි ලුණු එකට දමා මිරිකා එයට රාබු කොළ සලාදයක් එක්කර අවශ්‍ය කලමනා දමා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර ආහාරයට ගන්න. බත් සමඟ මෙය ඉතාම රසවත්. ඇත්තටම රාබු කියන්නේ බොහෝ දෙනෙක් කන්න අකැමැති වුණත් මිනිසාව ලෙඩ රෝග රැසකින් මුදා ගත හැකි ප්‍රබල ආරක්‍ෂකයක්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සර්වාංගෙම ලෙඩ සොයන MRI පරික්ෂණය කරන්නේ මෙහෙමයි

MRI පරීක්ෂණයේදි මොකද වෙන්නේ?, මේ පරික්ෂාව ආරක්ෂිතද? හැමෝටම කරන්න පුලුවන්ද? මේ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු. MRI ස්කෑන් එකක් ලෙසින් හඳුන්වන්නේ රෝග විනිශ්චය සඳහා භාවිතා කරන අති නවීන තාක්‍ෂණයක්. මෙමගින් අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වල තිබෙන රෝගී තත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඉතාම මිල අධික වගේම ඉතාම නිවැරදි තොරතුරු ලබා දෙන තාක්‍ෂණයක්. ශරීරයේ සෑම අවයවයක්ම වාගේ පරික්ෂා කරන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. X කිරණ සටහන්, CT ස්කෑන් වැනි දේ භාවිතා කර නිරීක්‍ෂණය කරන්න බැරි සංකීර්ණ අවස්ථා සඳහා MRI ස්කෑන් භාවිතා කරනවා. උදා: පිළිකා අධ්‍යයනය, මොළය පරික්ෂා කිරීම, අනතුරකදී ශරීර අභ්‍යන්තරයට සිදුවී ඇති හානි පරික්ෂා කිරීම, හදවත පරික්ෂා කිරීම මින් කිහිපයක් පමණයි. MRI යන කෙටි යෙදුමෙන් හඳුන්වන්නේ Magnetic Resonance Imaging යන්නයි. මෙහිදී සිදුවන්නේ අධි තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයක් අපගේ සිරුර හරහා යැවීමෙන් අපේ සිරුරේ අභ්‍යන්තර අවයව වල ඉතා පැහැදිළි රූප සටහන් ලබා ගැනීම. MRI ස්කෑන් පරීක්ෂාවකදී මොකද වෙන්නේ? MRI ස්කෑන් පරික්ෂාවකදී රෝගියාව පැතලි ඇඳක දිගා කොට ස්කෑනරය ඇතුලට සෙමෙන් යවනවා. පළමුව යන්ත්‍රය තුලට යොමු කරන්නේ හිස පෙදෙසද නැති නම් දෙපයද කියන දෙය තීරණය වන්නේ පරික්ෂා කරන අවයවය අනුවයි.MRI ස්කෑනරයක් ක්‍රියා කරවන්න අවසර තියෙන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විකිරණ තාක්ෂණ ශිල්පියෙකුට පමණයි (radiographer). ඔවුන් මෙම යන්ත්‍රය පාලනය කරන්නේ පරිගණකයක් ආධාරයෙන්. සාමාන්‍යයයෙන් මෙම පරිගණකය තියෙන්නේ වෙනම කාමරයක. ස්කෑනරය මගින් නිකුත් කරන අධික චුම්භක ක්ෂේස්ත්‍රයෙන් පරිගණකය වෙන් කිරීමට තමයි මෙලෙස කරන්නේ. මෙම තාක්ෂණ ශිල්පියාට කැමරා ආධාරයෙන් ස්කෑනරය තුල සිටින රෝගියාව නිරීක්ෂණය කල හැකි අතර intercom එකක් ආධාරයෙන් ඔහු සමග සංවාදයේ යෙදෙන්නත් පුළුවන්.ස්කෑන් පරීක්ෂාවක් සඳහා මිනිත්තු කිහිපයක් හෝ ඇතැම් මිට මිනිත්තු 90ක් පමණ දීර්ග කාලයක් ගත වෙන්නත් පුළුවන්. කාලය බොහෝ දුරට තීරණය වන්නේ කොපමණ පින්තුර ප්‍රමාණයක් ලබා ගන්නවා ද සහ කුමන අවයවද පරික්ෂා කරන්නේ, පරික්ෂා කරන පෙදෙසේ විශාලත්වය වැනි කාරණා මත. කොහොම වුනත් ස්කෑන් පරික්ෂාව සිදුකෙරෙන සම්පුර්ණ කාලය පුරාම රෝගියාට හැකි තරම් නිසොල්මන්ව සිටින්න සිදුවෙනවා මෙය ඉතාම වැදගත් දෙයක්.

ෙමෙය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ද? මෙය ඉතාම ආරක්ෂිත සහ වේදනා රහිත ක්‍රියාවලියක්. මෙහිදී තිබෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක කොටුවී සිටීමේදීහිතට දැනෙන බිය. මෙය හැම කෙනෙකුටම නැති එක්තරා මානසික තත්වයක්. මෙයට කියන්නේ claustrophobia කියල. MRI ස්කෑන් පරීක්ෂාවකදී X කිරණ පරීක්ෂාවකදී මෙන් ශරීරය විකිරණ වලට නිරාවරණය වීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා ගැබිණි මව්වරුන්ට පවා මෙම ස්කෑන් පරික්ෂාව සිදුකර ගන්න පුළුවන් හානියකින් තොරව.මෙතෙක් කිසිදු පර්යේෂණයකින් හෝ සිදුවීමකින් තහවුරු වී නැහැ MRI ස්කෑන් පරීක්ෂාවකදී ශරීරයට හානි ගෙනදීමක් සිදුවෙනවද කියන දෙය. මේ නිසා ලොව දැනට ඇති ආරක්ෂිතම රෝග පරික්ෂාණ කරන ක්‍රමවේදය ලෙසින් MRI හඳුන්වනවා. සමහර අයට MRI පරීක්ෂාවක් සිදු කර ගන්න හැකියාවක් නැහැ. MRI ස්කෑන් යන්ත්‍රයක් තුලදී රෝගියෙකු ඉතා තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයකට භාජනය වෙන බව අප කලින් සඳහන් කළා. මේ නිසා රෝගියාගේ සිරුර තුල ලෝහ කොටස් තිබේ නම් ඔහුට හෝ ඇයට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා. නමුත්, ශරීරයේ ලෝහ කොටස් තිබීම MRI ස්කෑන් පරික්ෂාවකට ස්ථිර නුසුදුසකමක් ලෙසින් පුර්ව නිගමනයකට එළඹෙන්නට අපට හැකියාවක් නැහැ. එය නිගමනය කල යුත්තේ ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ තාක්ෂණ ශිල්පියෙකු (radiographer) පමණයි. රෝගියෙකුගේ වගකීම වන්නේ තමන්ගේ ශරීරය තුල ලෝහ කොටස් ඇත්නම් ඒ බව ඉතා පැහැදිලිව සහ හැකි තරම් නිවැරදිව වෛද්‍යවරයාට දැනුම් දීමයි. රෝගියාට හරි හැටි වැටහීමක් නැති නම් තම සිරුරේ තිබෙන ලෝහ කොටස ගැන, ඒ ගැන නිවැරදි තොරතුරු දැනගන්නට X කිරණ පරීක්ෂාවක් සිදු කර ගන්න පුළුවන්.

මීළඟ වැදගත් කරුණ වන්නේ MRI ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීමේ අවස්ථාව රෝගියෙකුට මගහරවන ශරීරයේ ස්ථාපනය කර ඇති ලෝහ කොටස් මොනවාද යන්නයි. පහත තිබෙන්නේ එවන් ශරීරයේ ස්ථාපිත ලෝහ කොටස් ලැයිස්තුවක් මෙය බහුලවම දකින්නට ලැබෙන උපාංග ලැයිස්තුවක් පමණි.Pacemaker හෝ cardioverter-defibrillator (ICD) මෙය ඇතැම් හදවත් රෝගීන්ගේ හදවතේ ස්පන්දනය ක්‍රමානුකුලව සිදුකිරීම සඳහා සිරුර තුල ස්ථාපනය කරන උපකරණ දෙකකි.අස්ථි බිඳීමකදී අස්ථි එකිනෙක හා සම්බන්ද කිරීමට ලෝහ පතුරු, ඇණ, කම්බි වැනි දේ යොදා ඇති විට Nerve simulator දීර්ග කාලින ස්නායු වේදනා වලින් පෙලෙන පුද්ගලයින්ගේ සිරුරේ ස්ථාපනය කරන උපාංගයකි. Cochlear implant ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් පළඳින hearing aid වැනි සිරුර තුල ස්ථාපිත උපාංගයකි Drug pump implant සිරුර තුල ස්ථාපිත වේදනා නාශක උපාංගයකි.#Brain aneurysm clips පිපිරීමට අවධානමක් ඇති මොළයේ රුධිර නාල සඳහා භාවිතා කරන ලෝහ ඇමිනුමකි. Eye implants ඇසේ ස්ථාපනය කරන කුඩා ලෝහ පතුරු වැනි දෙයකි බොහෝ විට දෘෂ්ඨිවිතානය නිසි තැන තැබීම සඳහා මෙවැනි දේ භාවිතා කරයි. Intrauterine device (IUD) ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා ගර්භාෂය තුල ස්ථාපනය කරන ප්ලාස්ටික් සහ තඹ මිශ්‍ර උපාංගයකි.කෘතීම සන්ධි දණහිස හෝ උකුල් ඇටය කැඩී ගිය රෝගීන් සඳහා භාවිතා කරයි. ලෝහ දත් පැළඳ ඇති විට Tubal ligation clips ගැබ් ගැනීම වැළක්වීම සඳහා භාවිතා කරන ක්‍රමයකි.Surgical clips or staples සැත්කමකින් පසු තුවාල වැසීම සඳහා ඇතැම් විට භාවිතා කරයි.යලිත් අවධාරණය කරන්නේ ඔබ තුල ඉහත උපාංග තිබීම තුලින් ඔබට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත නොහැකි යන වැරදි නිගමනයට නොපැමිණිය යුතු අතර මෙම ලයිස්තුවේ නැති වෙනත් ලෝහ උපාංගයක් ඔබගේ සිරුර තුල තිබීම නිසා ඔබට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගන්නට නොහැකි වන්නටද ඉඩ ඇති බවයි. මේ නිසා වැදගත්ම කාරණය වන්නේ ඔබගේ වෛද්‍යවරයා සමග විවෘත්තව සාකච්ඡා කිරීමයි.ඔබට මේ ලිපියෙන් දැනුමක් ලැබුන නම් මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)