කාන්තා ඔබේ හිසකෙස් ඝනව වර්ධනය කර ගැනීමට ස්වභාවික පිළියම් රැසක් මෙන්න

කාන්තා පිරිමි භේදයකින් තොරව අපි කවුරුත් අලංකාරව හිසකෙස් වර්ධනය කර ගැනීමට ප්‍රිය කරනවා. නමුත් ඔබට ඇත්තේ ඉතා සිහින් හිසකෙස් නම් එය ඔබව අපහසුතාවයට පත් කරන කරුණක් වෙනවා. මානසික ආතතිය, හෝමෝන අසමතුලිත තාවය, විවිධ සෞඛ්‍යය ගැටළු සහ විවිධ ඖෂධ පානය කිරීම වැනි කරුණු නිසා මෙම තත්වය ඇති වන්නට පුළුවන්. බිය වීමට අවශ්‍ය නෑ. හිසකෙස් වල ඝන වර්ධනය ස්වභාවිකවම ඇති කර ගැනීම සඳහා භාවිතා කල හැකි පිළියම් කිහිපයක් අද විශ්ම ලෝකයෙන් ඔබට කියා දෙන්නම්.

දොඩම් යුෂ
හිසකෙස් වල ස්වභාවික ඝන වර්ධනයක් ඇති කර ගැනීම සඳහා භාවිතා කල හැකි පිළියමක් ලෙස දොඩම් යුෂ හඳුන්වා දෙන්නට පුළුවන්. දොඩම් ගෙඩියක් ගෙන රේණු එක් නොවන ආකාරයට යුෂ පමණක් මිරිකා ඔබේ හිසකෙස් මත ආලේප කර පසුව සෝදා දමන්න. එමගින් ඔබේ හිසකේ ඝනව වර්ධනය වේවි.

පොල් තෙල්
පොල් තෙල් මේස හැඳි හතරක් ගෙන එයට දෙහි යුෂ තේ හැඳි දෙකක් එක්කර කලවම් කරන්න. එම මිශ්‍රණය ඔබේ හිසකෙස් වල ආලේප කර හිසෙහි සමට හොඳින් උරාගන්නා තෙක් හිස විනාඩි 10-15 පමණ හොඳින් සම්භාහනය කරන්න. සම්භාහනයෙන් පසු විනාඩි 70 ගත වීමට පෙර හිස හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

ඔලිව් තෙල්
පොල් තෙල් තරම් සාර්ථකව ඔලිව් තෙල් මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර නොදුන්නත් හිසකෙස් වල වර්ධනය සඳහා ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්. ඔලිව් තෙල් තේ හැන්දක් ගෙන හිසේ හොඳින් තවරා හිසට සිදුවන රුධිර සංසරණය වේගවත් වීමට විනාඩි කිහිපයක් හිස සම්භාහනය කරන්න.

එඬරු තෙල්
එඬරු තෙල් මගින් ඔලිව් තෙල් වලට සමානය පෝෂණ ගුණයක් හිසකෙස් වලට ගෙනෙනවා. එඬරු තෙල් ස්වල්ප ප්‍රමාණයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. මෙම සම්භාහන ක්‍රමය සතියකට වාර තුනක් හෝ හතරක් සිදු කරන්න.

කෝමාරිකා
හිසකෙස් වල තෙතමනය නිසි ලෙස ආරක්‍ෂා කර දෙන කෝමාරිකා භාවිතා කර හිසකෙස් වල ඝන වර්ධනය ඉක්මණින්ම සිදු කර ගන්නට පුළුවන්. කෝමාරිකා පත්‍ර කිහිපයක් ගෙන එයින් කෝමාරිකා ජෙල් සපයා ගන්න. කෝමාරිකා ජෙල් හිසකෙස් වල සහ හිසෙහි සමෙහි ආලේප කර විනාඩි කිහිපයක් තබා සෝදා පිරිසිදු කර ගන්න.

විනාකිරි
හිසකෙස් සිහින් වීම වැනි හිසකෙස් ගැටළු වලට සාර්ථක විසඳුමක් ලෙස විනාකිරිත් භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා ඔබට සුදු විනාකිරි හෝ ඇපල් විනාකිරි වුවත් භාවිතයට ගන්නට පුළුවන්. ඔබට කැමති විනාකිරි වර්ගයක් භාවිතා කර ඔබේ හිසකෙස් සෝදා විනාඩි කිහිපයක් සිට හිස සම්භාහනය කර ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න. මෙහිදී විනාකිරි ඉතා ස්වල්ප ප්‍රමාණයක් එනම් මේස හැන්දක් පමණ හිස සේදීමට අවශ්‍ය වතුරට මිශ්‍ර කර හිස සෝදා ගැනීම කරන්න. කිසි විටෙකවත් විනාකිරි පමණක් ඔබේ හිස කෙස් මත ආලේප කරන්න එපා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)