දවස් 7 න් සුදු කොන්ඩය කළු කරන සාර්ථක සත්කාරයක් නිවසේදීම සාදමු

කොණ්ඩය ඉදෙන අයට 6/7 වතාවක් මෙම සත්කාරය හරියට කිරීතුළින් සාර්තක ප්‍රතිපල ලබා ගන්න පුලුවනි. මේක hair එකට දෙන්න පුළුවන් හොදම සත්කාරයක් ,මෙය monthly continue කරන්න පුලුවන් ඒ වගේම වැසි දින වල,හවස් කාළයේ,අසනීප දින වල ,පීනස ඇති අය ,ගැබිණි මවු වරුන්ට සුදුසු වෙන්නේ නැහැ.

මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද ???
කෙස් ගස් වලට හොද පෝෂණයක් ලැබෙනවා. කෙස් ගහ ශක්තිමත් වෙනවා ,හැලීම අඩු වෙනවා. අකලට හිසකෙස් ඉදෙන එක අඩු වෙනවා. සුදු කෙස් ගස් කලු කර ගන්නත් පුලුවන්. හිසකෙස් වල අග පැළීම්. දුර්වර්ණ හිසකෙස් ,වියලි හිසකෙස් ,damage hai වලට බෙහෙවින් ගුණයි. මේක hurbal treatment එකක් මේකෙන් කෙස් ගහ වටා කහට තරලයක් වගේ බැදෙනවා ඒකෙන් අපේ කෙස් ගහ ආරක්ශිත වෙනවා.

අවශ්‍ය දේවල් දැන් කියන්නම්.
Henna powder මේස හැදි කිහිපයක්, ලෙමන් juice tikak, 3/4 මේස හැදි යෝගට් හෝ මී කිරි, පිරිසිදු පොල්තෙල්, 2/3 vitamin E CAPSULE, බිත්තර එකක්, තේ කුඩු හෝ කෝපි කුඩු ස්වල්පයක් ( tea වලට එන්නෙ brown color එකක් / coffy වලට එන්නෙ black color එකක්)

මේව මිශ්‍ර කර THICK PASTE එකක් හදා ගන්න
මේක අපි ගාන්න ඕනේ හිස් මුදුනෙන් පටන් අරන් එක කෑල්ලෙන් කෑල්ලට ගාලා එම කෙස් ටික හිස් මුදුනේ රැදෙන සේ ඔතන්න ,පසුව SHOWER CAP එකක් ඔලුවට දමා පැය 2/3 තියලා SHAPOO දමා සෝදා CONDITIONER කරන්න.

නොතේරුණ තැන් ගැන අහන්න ඔයාලත් කරලා බලන්න ,මේක කරලා REBOND ,RELAX ,වගේ CHEMICAL දේවල් කරන්න බැහැ.

ලිපියේ අයිතිය – Umayangana egodawaththa
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කුරුළෑ ගෙඩි, කුරුළෑ ලප ඉවත් කරන අයිස් කියුබ් ප්‍රතිකාර ක්‍රම රැසක්

කුරුළෑ සම්බන්ධයෙන් කෙල්ලෝ කොල්ලෝ ගොඩක් වෙලාවට මානසිකව වැටෙනවා නේ.. ඔන්න ඒ කට්ටියට.. අපි දන්නවානේ ice cube treatment beauty සම්බන්ධයෙන් සමට ගොඩක් වැදගත් දෙයක් කියලා. අපි බලමු ඒ ice cube කොහොමද අපේ skin type එකට අනූව හදා ගන්නේ කියලා. ගොඩක් අය කරන්මේ වතුර අයිස් කරලා මුහුණේ ගාන ඒක ඒකත් හොදයි නරක නැහැ නමුත් මේ දෙවල් එකතු කරලා මේ treatment කරලා ඔයාලම ඔයාලගේ මුහුණ කණ්නාඩියෙන් සති දෙකකින් වගේ වෙනස බලන්න. මෙන්න මෙහෙමයි කරන්නේ.

තක්කාලී, ලෙමන් ( නැත්නම් orange juice ටිකක්) – කැළැල් සහිත සමට බෙහෙවින් උපකාරී වේ.සමෙහි සිදුරු අවම කිරීමට සමත් වෙනවා වගේම සමෙහි දීප්තිමත් බවක් ලබා දෙනවා.natural bleaching එකක් නිසා සමේ අදුරු ගතිය ඉවත් කරගන්න පුලුවන් .

හාල් පිටි, වතුර – මෙයද සමට ප්‍රබෝධමත් බවක් හොද තෙතමනයක් වගේම කැළැල් අවම කර සම සිනිදු කර පැහැපත් කරනවා

අලිගැටපේර, fresh milk – මේක භාවිතා කරන්න පුලුවන් dry skin එකක් තියන අයට විතරමයි. අදික වියලුන ස්වාභාවය පහව යනවා, සමට හොද තෙතමනයක් ලබා දෙනවා වියලි රැලි වැටීම් අඩු කරනවා

අල, වතුර – කැලැල්, කට වටේ කලු වීම්, මුහුණේ අදුරු ලප කැලැල්, pigmantation වැනි ත්ත්වයන් සුවපත් කරලා සමට සුමුදු පැහැපත් බවක් ලබා දෙනවා.

කෝමාරිකා, ලෙමන්( නැත්නම් orange juice ටිකක්) – කුරුලෑ සහිත සමට තෙල් ගතිය අවම කරනවා,කුරුලෑ සීරුවට සුවපත් කරනවා සම සිසිල් කරනවා,bleaching ආසාදන සුවපත් කරනවා.සම නැවුම්ව තබනවා

Cucumber, ලෙමන්( නැත්නම් orange juice ටිකක්) – කුරුලෑ සහිත සමට සීතල සම්පින්ඩනයක් ලබා දෙනවා බිබිලි කුරුලෑ අවම කරනවා,සම සිසිල් කරනවා,bleaching ආසාදන සුවපත් කරනවා.සම නැවුම්ව තබනවා

මේ වගේ දෙවල් එකතු කරලා ඔයාලගෙ සමට හොද පෝෂණයක් ලබා ගන්න පුලුවන් දවසට විනාඩි 10/ 15 පමණ ,රෙදි කෑලී වල ඔතලා ice cube treatment වලින් ප්‍රතිඵල ගන්න අමාරුයි මෙකද පෝෂණය උරා ගන්නේ රෙදි කැබැල්ල හරහා වෙන නිසා. Ice කැටය direct මුහුණේ අතුල්ලන්න.දිනපතා කරන්න පුලුවන් ,රාත්‍රීයේ දී මෙම treatment එක කරන්න ටිකක් අවදානම් සෙම ,ඔලුව කැක්කුම ,ඇදුම තියන අයට .දහවල් කාලයට පොඩි වෙලාවක් වෙන් කරගන්න.මේකෙන් treatment කරලා මුහුණ සෝදන්නේ නැහැ.මුහුණේ රැදෙන්න දෙන්න වියලෙනක්ම් පැය 3/5 අතර කාලයක් .සමට පැහැදිලි වෙනසක් බලාගන්න පුලුවන්.

ඔන්න කියා දුන්නා ඔයාලගේ උත්සහය තමයි ඔයාලගේ සමේ ලස්සන වැඩි කරන්නේ,ගොඩක් අය treatment කරලා result inbox දානවා.ගොඩක් ස්තුති මගෙන් යම් කිසි සාදාරනයක් සමාජයට හොද විවියට වෙනවනම්.සන්තෝසයි ඔයාලට වගේම මගෙත් ආත්ම විශ්වාසය දවසින් දවස වැඩි වෙනවා ඔයාලගේ ආදරයත් ,ඇගයීමත් එක්ක.😍

ලිපියේ අයිතිය Umayangana egodawaththa
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කහ ගැහැනු දත් සුදු කරගන්න මෙන්න ක්‍රමේ – අඟුරු ගැන ඔබ නොදන්නා ඉතා වටිනා කරුණු රැසක්

සබන් ෆේස් වොෂ් සිට දැන් දැන් කෑම වලදිත් ඇක්ටිව් කාබන් හමුවෙනවා. මොනාද මේ ඇක්ටිව් කාබන් කියන්නේ?
ඇක්ටිව් කාබන් ලෙස බොහෝ දෙනා දනිතත් මෙය හැදින්වීමට වඩාත් සුදුසු යැයි මා සිතන්නේ සක්‍රීයක අඟුරු (activated charcoal) ලෙසයි. අඟුරු යනු කාබන් වල ස්වරුපයක් වන අතර පොල්කටු, දැව වැනි කාබන් අධික ද්‍රව්‍ය අර්ධ දහනයෙන් ඉතිරිවන අස්ඵටිකරූපි ‘‘කාබන්‘‘ සහිත සවිවර කළු පැහැ ශේෂයන් වේ. අඟුරු භෞතික හා රසායනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් සක්‍රීය කල අඟුරු (activated charcoal) සාදාගනි.

අඟුරු වල සැකැස්ම අනුව එහි මතුපිට ඉතා කුඩා විවර (pores) ඉතා විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙම සිදුරු මගින් මතුපිට පෘෂ්ඨ වර්ගඵලය අතිශයින් වැඩි කරයි. ආසන්න ලෙස ග්‍රෑම් එකක කාබන් අඟුරු මත වර්ගමීටර් දහස ඉක්මවූ ක්ෂේත්‍රඵලයක් ඇතැයි පැවසේ. මෙමගින් අධික ලෙස බාහිරට නිරාවරිත සක්‍රිය කලාපයක් ඇතිකරයි.

මෙසේ නිරාවරිත අධික පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මත අනෙකුත් අණු/සංයෝග වර්ග, අධිශෝෂණය (adsorption) යටතේ බැදී සිරකරගැනිමේ හැකියාවක් පවති. එනම් විවිධ අංශූන් හා සංකීර්ණ අණු වැන්ඩවාල් බල වැනි අන්තර් අණුක ආකර්ෂණ බල යටතේ අඟුරු වල පෘෂ්ඨයට බැදිම සිදුවේ.

පැරැන්නන් විසින් ළිං තුලට පිරිසිදු අඟුරු දමන බව ඔබ අසා ඇති. විද්‍යාත්මක දැනුමකින් තොරව උවද ඔවුන් එසේ අඟුරු ජලයට එක් කිරිම මගින් ළිදේ ජලය පිරිසුදු කරගැනිමට හැකියාව ලැබේ. මක් නිසාද යත්,ඉහත අධිශෝෂණ ක්‍රියාවලිය යටතේ බැදීමෙන්, ජලයෙහි යම් අපද්‍රව්‍ය හා රසායනිකයන් වෙතොත් ඒවා ඉවත්කර ජල පවිත්‍රකරණ ක්‍රියාවලියක් සිදුකරයි.එම නිසා වර්තමානයේ බොහෝ ජල පෙරණ වලද සක්‍රීය කාබන් අඩංගු වේ.

සක්‍රීයකල කාබන්, විසවීම් හා ඖෂධ අධිමාත්‍රයන්ගෙන් ශරිරගත වූ අවස්ථාවල ඒවා ඉවත්කිරිම සදහා ද යොදාගනි. වෛද්‍ය උපදෙස් මත සිදුකල යුතු ප්‍රතිකාරයක් වන අතර සාන්ද්‍ර අම්ල භෂ්ම හෝ සයනයිඩ සදහා ප්‍රතිපල රහිතය.

(විදේශයන් හී) ඇතැමෙක් ඇක්ටිව් කාබන්, මත්බව අඩුකරගැනිමට, ආහාර මාර්ගයේ වායු ඉවත්කිරිමට හා කොලෙස්ටරෝල් මට්ටම් පහත දමාගැනිමේ අරමුණින් භාවිතා කලද, මෙතෙක් ඒවා වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නැත.

විටෙක ඔබ භාවිතා කරන දන්තාලේපයේ හා මුහුණු ආලේපන වල කාබන් අඩංගු යැයි සදහන් ව ඇති. සක්‍රීයකල අඟුරු භාවිතයෙන් දත් සුදු වන බවට කැපි පෙනන ප්‍රතිපල සහිතව මෙතෙක් සනාථ වී නොමැත. සමේ / මුහුණේ ආලේපන වල කතාවත් එයමයි. activated charcoal පිලිබදව දැනටත් බොහෝ පරික්ෂණ සිදුවෙනවා. ඉදිරියෙදි තව තව වැඩ බලාගන්න පුලුවන් වෙයි.

-Roshin Fernando-

ඔබේ සම පැහැපත් කරන අංක එකේ ස්වභාවික පානයක් හදමු

ඔන්න මම ගේනවා කියපු natural whitning bodylotion එක හදන විදිය කියලා දෙන්නයි යන්නේ. මේකෙන් සමට පොෂණය වගේම සමේ පැහැය වෙනස් කරලා සුදු පැහැපත් සමක් ලබාදෙන්න සමත් වෙනවා. දැන් අපි බලමු මේක හදා ගන්න මොනවාද ඕනේ කරන්නෙ කියල.

මුලින්ම බ්ලිචින් පවුඩර එක හදමු.නැත්නම් ඔයාලට මිලදී ගන්න පුළුවන් සබාවික බ්ලිචින් පව්ඩර් එකක් තියෙනවා ගන්න Yellow calamine පව්ඩර්.මේක සම සදහා භාවිතා කරන pack වර්ග සදහා භාවිතා කරනවා ගොඩක් දෙනා මේ සම්බන්ධයෙන් වැඩිය අහලා නැහැ නමුතේ ඒ packet එක ගත්තාම කියවලා බලන්න ඒකේ natiral bleaching එකක් කියලා ගහලා තියනවා. pharmacy එකේ බලන්න පුලුවන් නැතිනම් online තමයි ගන්න වෙන්නේ. ගන්න පුළුවන් අය ගන්න ගොඩක් හොදයි.නැත්නම් ගෙදර හදා ගමු

අවශ්‍ය දේවල් – කැරට් පව්ඩර් මේස හැදී 3ක්, උළු හාල් පවුඩර් මේස හැදී 3ක්, මුල්ටානි මිට්ටි මේස හැදී 3ක්, කුංකුම රේණු 10 ක් කුඩු කර දොඩම් ලෙලි පවුඩර් මේස හැදී 3 ක් හිනි පෙනේරෙකින් ඔය වර්ග ටික හලලා බෝතලේකට දා ගන්න

whitning bodylotion එක හදමු
තරමක ලොකු පොල් ගෙඩියකින් බාගයක් හෝ පොඩි පොල් ගෙඩියක් නම් එක ගෙඩියක් ගා ගන්න කෝර්න් ෆ්ලවර් තේ හැන්දක් ග්ලිසරින් තේ හැන්දක් මම කියලා දුන්න බ්ලිචින් පවුඩර් මේස හැදී මේස හැදි 3 ක් නැත්නම් Yellow calamine පව්ඩර්.

පළමුව ගා ගත් පොල් ටික බ්ලෙඩර් කරන්න හොදින් බ්ලෙන්ඩර් කරලා එහි උකු කිරි ටික පෙරලා වෙන් කරගන්න.පොල් කිරි වල විටමින් C අඩංගු වෙනවා සමෙහි දීප්තිමත් බව ඉලාස්ට්‍ර්සිටි එක වගේම වියලි බව අවම කරනවා.ඉන් පසු වෙන් කර ගත් කිරි ටික ඩබල් බොයිල් කරගන්නයි යන්නේ ගොඩක් දෙනා දන්නවානේ දැන් ඒ ගැන.කිරි එක අලුමිනියම් භාජනයකට දාලා ඒක වතුර එකක බස්සලා තරමක් අඩු ගින්දරේ ලිපේ තියන්න.ටික වෙලාවකින් කෝන් ෆ්ලවර් තේ හැන්ද පොල් කිරි වලට මිශ්‍ර කරලා උකු වෙනකම් හැදි ගාමින් double boil කරගන්න.ඉන් පසු ලිපෙන් ඉවත් කර බ්ලිචින් පව්ඩර් මේස හැදි 3 දාලා එයත් හොදින් මිශ්‍ර කර ගන්න.එයට ග්ලිසරින් ටිකත් දාලා හොදින් මිශ්‍ර කරන්න.මිශ්‍ර කර ගත් ලෝශන් එක බෝතලයකට දාලා භාවිතා කරන්න ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න ,දෙකකට හදා ගන්න ෆ්‍රිජ් එකේ තිබීම අනිවාර්යයි .

සුබ දිවියක්‌ !!! නේරංජනා කස්තුරිආරච්චි

කොහොඹ වලින් සබන් සහ සම පැහැපත් කරන සත්කාරයක් ගෙදරදීම හදන හැටි

Azadirachta Indica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කොහොඹ රුව වඩන තවත් ගුණාත්මක ශාකයක්. කොහොඹ ගැන අපි හැමෝම දන්නවනේ. කොහොඹ ඇට, මුල්, මල්, පොතු, කොල මේ සියල්ලම විශාල වටිනාකමක් තියෙන බෙහෙත් වර්ග. තිත්ත රසයෙන් යුතු, ඇග සිසිල් කරන, ලේ පිරිසිදු කරන, හොදම විශබීජ නාශකයක්. ඉතින් අපි බලමුකො කොහොමද කියලා කොහොඹවලින් ලස්සන වෙන්නෙ.

කොහොඹ ෆේස්පැක් සඳහා අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, අමු කහ කැබැල්ලක්

කොහොඹ කොල සහ අමුකහ යන දෙකම පිරිසිදු ගලක හොදට අඹර ගන්න. මේ පැක් එක විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ තියලා මූණට ඇප්ලයි කරන්න. මොකද්ද අඹරපු ගමන් කොහොඹ කොල ගෑවොත් ඇස් දැවිල්ල එන නිසා. විනාඩි 20ක් තියලා සීතල වතුරෙන් සෝදලා ඉවත් කරන්න. ලප කැලැල් මැකිලා, කුරුලෑ ආසාදන දුරු වෙලා ලස්සන පැහැපත් මූනක් ඔයාට ලබාගන්න පුළුවන් මේ පැක් එක දැම්මොත්. හැබැයි බ්ලීචින් ක්‍රීම් වර්ග පාවිච්චි කරන කෙනෙක් මේක පාවිච්චි කලොත් කුරුලෑ එන්න පුළුවන්. මොකද බ්ලීචින් විස ඉවත් වෙන නිසාවෙන්.

කොහොඹ මසාජ් සඳහා අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, අමුකහ කෑල්ලක්

පැක් එකටම වගේ මේ ටික අඹරලා පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පොට්ටනි හදාගන්න පුංචිවට, දැන් මේ පොට්ටනි අරන් ඔයාට පුළුවන් මූණ මසාජ් කරන්න. හොඳ රිසාල්ට් තියෙනවා.කරලා බලන්න.

කොහොඹ සබන් සඳහා අවශ්‍ය දේවල් – ඔන්න එහෙනම් සබන් කෑල්ලකුත් හදමු ආයෙ, අවශ්‍ය දේවල් – කොහොඹ කොල මිටක්, කස්තුරි කහ, ඔලිව් ඔයිල් මේස හැන්දක්, බේබි සබන් කැටයක්, ග්ලිසරීන් ටිකක්

මුලින්ම කොහොඹ කොල හොදට අඹරලා පේස්ට් එක හදාගන්න. දැන් සබන් ග්‍රේට් කරලා අරන් ඩබල් බොයිල් කරන්න. මේ මිශ්‍රණයට කොහොඹ කොල පේස්ට් එක, කස්තුරි කහ, ග්ලිසරීන්, ඔලිව් ඔයිල් එකතු කරලා පැය භාගයක් ඩබල් බොයිල් කරන්න. දැන් මේ මිශ්‍රණය පෙට්‍රෝලියම් ජෙල් යෙදූ භාජනේකට දාලා සෙට් වෙන්න තියෙන්න. ඔයාට පුළුවන් මේ සබන් එක පාවිච්චි කරන්න. කුරුලෑ ලප දුරු වෙලා සම පැහැපත් කරගන්න පුළුවන්.

කොහොඹ කොල හා අමුකහ අඹරලා හිසේ ගෑමෙන් හිස්සොරි අඩු කරගන්න පුළුවන්. කොහොඹ කොල තම්බා නෑමෙන් ශරීර විඩාව දුරු වෙනවා. ආසාදන ඇති විට කොහොඹ කොල තම්බා ඇග සේදීම සුදුසුයි. කොහොඹ දෙහි සමග අඹරා ගෑමෙන් මුහුණෙ තෙල් ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් කරලා බලන්න..

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කරදරකාරී උකුණන් හා සුදු හිසකෙස් නැති කරන සත්කාර රැසක් මෙන්න

වයසට යාමේදී හිසකෙස් සුදුවීම සාමාන්‍ය දෙයක් වූවත් තරුණ වයසේදී හිසකෙස් සුදුවෙන්න පටන් ගැනීමනම් අසාමාන්‍ය දෙයක්. නමුත් මේ වනවිට බොහෝදෙනා මේ ගැටළුව නිසා අපහසුතාවයට පත්වෙලා සිටිනවා. විවිධ ප්‍රතිකාර කලත් මෙම ගැටළුවට විසඳුමක් සොයා ගැනීමට අපහසුවන අවස්ථා බොහෝය. මෙම ලිපියෙන් කියවෙන ක්‍රම මගින් ඔබේ හිසකෙස් තරුණ වියේදී සුදුවන ගැටළුවට පිළියමක් ලෙස ලබා ගැනීමට හැකිවේවී.

කරපිංචා කොළ කොටා ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න. මීට අමතරව කරපිංචා සම්බෝල ලෙස හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමත් වඩාත් සුදුසුයි. තලාගත් ඉඟුරු ස්වල්පයක් මීපැණි මේස හැන්දක මිශ්‍ර කර උදෑසන ආහාරයට ගන්න. කරපිංචා කොළ කීපයක් සහ උළු හාල් ස්වල්පයක් පොල් තෙල් වලට දමා රත් කර හිස ගල්වා පැය කීපයක් තබා සෝදා හරින්න. නෙල්ලි වියලා කුඩු කර පොල් තෙල් සමඟ මිශ්‍ර කර රත්කර හිසෙහි ආලේප කරන්න. පේර කොළ පොඩි කර යුෂ හිස් ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්න. මේ ප්‍රතිකාරය දිනපතා වුවත් කිරීම සුදුසුයි. සති දෙකකට වරක් පිරිසිදු ගී හිස ගල්වා මසාජ් කරන්න. කරවිල යුෂ ඔලිව් තෙල් හෝ තල තෙල් සමඟ මිශ්‍ර කර හිස ගල්වා තබා සෝදා හරින්න.

මීලඟට දැනුවත් කරන්නේ බොහොමයක් පාසල් දැරියන් හා ඇතැම් කාන්තාවන් පීඩා විඳින උකුණු කරදරය පිළිබඳයි.

උකුණන් බෝවීම ඉතා ඉක්මනින් ම සිදු වන්නක්. උකුණන් ඇති අයකු පාවිච්චි කළ කොට්ටඋර, ඇඳ ඇතිරිලි, තුවා මෙන්ම විශේෂයෙන් ම පනාව, කොණ්ඩය සරසන උපකරණ ආදිය පාවිච්චි කිරීමෙන් ඔබටත් උකුණන් බෝවිය හැකියි. එයට අමතරව වසංගතයක් ලෙස හිසෙහි ඉතාමත් අධික සංඛ්‍යාවක් උකුණන් සිටින අයකුට ළංව සිටීමෙන් ද උකුණන් බෝවීම සිදු විය හැකියි.එසේ බෝවන උකුණන් ඔබ අපිරිසුදුව සිටින්නේ නම් ඉතා ඉක්මනින් ම ඔබේ හිසේ උකුණු ජනපද ඇතිකර ගනී.

රුව ලස්සන සමඟින් පිරිසුදු බව ගැන ද උනන්දු විය යුතුයි. එසේ නොමැතිව ලස්සන ගැන පමණක් ම සිතීමෙන් සැබෑ ලස්සනක් ලබා ගත නොහැකියි.උකුණු කරදරයෙන් බේරීම සඳහා සිදු කළ හැකි ස්වාභාවික ප්‍රතිකර්මයක් පහතින් දැක්වේ.

මෙම ප්‍රතිකර්මය සිදු කිරීම සඳහා ඔබට කොහොඹ දලු හා වෙරළු දළු අවශ්‍ය වේ. පිරිසුදු කරගත් කොහොඹ දළුත් වෙරළු දළුත් එකට කොටා තලපයක් සාදා ගත යුතුයි. දැන් මෙම තලපය හිසේ හොඳින් ආලේප කරන්න. එය විනාඩි 20ක් පමණ වේලාවක් තබන්න. ඉන්පසුව දැති සිහින් පනාවකින් හිස හොඳින් පීරන්න. ඉන් අනතුරුව ඔබ හිස සේදීම හෝ නෑම සිදු කළ යුතුයි.මෙම ප්‍රතිකර්මය කිරීමේ දී ඔබ තම සෞඛ්‍ය තත්ත්වය ගැන ද මඳක් සැලකිලිමත් වීම වැදගත් වේ.

ඔබ සෙම් අධික, පීනස් ආදී ලෙඩ රෝග ඇති අයෙක් නම් මෙය සිදු කළ යුත්තේ හොඳින් සූර්යාලෝකය පවතින උණුසුම් දිනවල දී ය. නැතිනම් මේ කොළවර්ග දෙකම සීතල බවින් යුතු නිසා සෙම වැඩි වීමක් සිදු විය හැකියි. මෙය උදෑසන හෝ සවස් වරුවේ සිදු කිරීමෙන් ද සෙම් තත්ත්වන් වැඩි විය හැකිය.

උකුණු කරදරය නිසා සමාජයේ පිළිකුලට ලක් වී කොන් වීමට අවශ්‍ය වන්නේ නැහැ. වෙළෙඳපොළේ ඇති කෘත්‍රිම ආලේපනයන්හි රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ඒවා භාවිත කිරීමට අකැමැති ඔබට මේ ස්වාභාවික ප්‍රතිකර්මය සිදු කළ හැකියි. මානසිකව හා ශාරීරිකව වද දුන් උකුණු කරදරයෙන් දැන් ඉක්මනින් ම මිදෙන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ උනන්දුව හා ඕනෑකම පමණයි.

සුබ දිවියක් !!!
නේරංජනා කස්තුරිආරච්චි

ඉස්හොරි කරදරේ නැත්තටම නැති කරන්න මුං ඇට පිටි වලින් සත්කාරයක්

ඉස්හොරි කියන්නේ බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුගේ හිසෙහි ඇතිවිය හැකි බොහොම කරදරකාරී රෝග තත්වයක්. ආයුර්වේදයට අනුව නම් මේ ඉස්හොරි ඇතිවන්නේ ශරීරයේ දෝෂ කෝපවීම නිසයි. අනෙක් අතට හිසේ රැඳෙන කුණු, දූවිලි හා ආසාත්මික වන ආලේප වර්ග නිසාත් මේ ඉස්හොරි තත්වය ඇතිවෙන්න පුළුවන්.

මේ රෝග තත්වය මුළුමනින්ම නිරාවරණය කළ හැකි පහසු ප්‍රතිකාරයක් පාරම්පරික වෙද පොත් වල සඳහන් වෙනවා. මේ එම පාරම්පරික වෙද පොතේ එන රහස් බෙහෙත ගැනයි.

මුං ඇට පිටි හැටියට සකස් කරගෙන මුලින් භාජනයක අසුරා ඊට පසුව මඳ වේලවක් ස්නානය කර මුං ඇට පිටි යම් ප්‍රමාණයක් හිස මත තබා වතුර ටිකකින් හිස යළි තෙමාගෙන ෂැම්පු ගාන ආකාරයට හිස හොඳින් සම්බාහනය කරගන්න. මේ සත්කාරය සතියට දින 02 ක් පමණ මාසයක් යනතුරු සිදු කරන්න.

ඉස්හොරි මුළුමනින්ම දුරු වී කේෂ කලාපයට පැහැපත් බවකුත් ලැබෙන බව ඒකාන්තයි. ඔබම සිදුකර මේ වෙනස අත්දකින්න.

හිස්හොරි සඳහා ස්වාභාවික ආයුර්වේදීය ප්‍රතිකාර…
බැබිල දලු, දෙහිගැට, උළුහාල් පොල් කිරෙන් තම්බා පොඩිකර පෙරා හිස ගලවන්න. නෙල්ලි, කීකිරිඳිය මිට මිට කොටා යුෂ හිස ගල්වා ටික වේලාවකින් ස්නානය කරන්න. හිස්හොරි තත්වයක් ඇතිවිට හිස පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. ශරීර අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමටද අත්‍යාවශ්‍ය වේ. හරංකහ මී පැණියෙන් අඹරා හිස ගල්වා පැයකට පමණ පසු සෝදා හරින්න. මුං ඇට පිටි, මුදවපු කිරි සමඟ මිශ්‍රකර හිසේ සම මතුපිට ගල්වා පැයකට පමණ පසු සෝදාහරින්න. කෝමාරිකා මදය හිස ගල්වන්න. අමු නෙල්ලි පොල් සමඟ තම්බා අඹරා හිස ගල්වන්න. තිත්ත තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4 කට මීතෙල් අවුන්ස 1 ක් දමා අව්වෙන් කකාරා හිසේ ගල්වන්න. කිහිරි පොතු, කොහොඹ පොතු, මාදං පොතු, කෙළිඳ පොතු, සහිඳ ලුණු සම පමණ ගෙන එළ මුත්‍රයෙන් අඹරා හිස ගල්වා පැයකට පමණ පසු සෝදා හරින්න.

මූලාශ්‍රය :- මව්බිම “වෙද”අතිරේකය
තොරතුරු :- පාරම්පරික වෛද්‍ය වීරප්පෙරුම මහතා
සටහන :- පංකජ
සැකසීම :- හෙළ අරණ ™️

සම පැහැපත් කරගැනීමට බිත්තර සුදු මදයෙන් කල හැකි ඔබ නොදන්නා බොහෝ දේ මෙන්න

බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරය ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

තෙල් සහිත සමට
තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යයි. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3ක් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

හිස කෙස් වර්ධනයට
දුර්වල, අවපැහැ ගැන්වුණු, හිස කෙස් වලට බාහිරින් ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක් බිත්තර සුදු මදය ආලේප කිරීම. හිස් කබලේ අලේප කර විනාඩි 30 කින් ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හිස කෙස් වර්ධනය කරන්නත්, කෙස් කළඹේ නිරෝගී භාවයටත් බිත්තර සුදු මදය ඉතා කදිමයි.

හිස කෙස් වලට කන්ඩිෂනර් එකක්
හිස කෙස් සිනිඳු කරවන ස්වාභාවික කන්ඩිෂනර් එකක් විදිහට බිත්තර සුදු මදය පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර සුදු මදයට ඔලිව් තෙල් තේ හැඳි 2ක්, යෝගට් කප් එකකින් 1/4 න් මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45කින් පමණ සෝදා ඉවත් කරන්න.

සමට හොඳ scrub එකක්
සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට දෙන්න. විනාඩි 20ක් 30ක් විතර ප්‍රමාණවත්. මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය try කරලා බලන්න.

ඇස් යට කළු වීමට
නිදි වැරීම, මානසික ආතතිය වැනි හේතු නිසා ඇස් යට කළු වීම, ඇස් වටා ඉදිමුම ඇති වෙනවා. ඒ තත්ත්වය අවම කරන්න බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරයි
හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපහ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න. ක්‍රමානුකුලව සතියට තුන් වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

කුරුලෑ හා තුවාල නිසා ඇති වු කැළැල් මකාගන්න සාර්ථකම ප්‍රතිකර්ම මෙන්න

කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝකාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට හානිවන බවනම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට පහසුවෙන් සපයාගත හැකි විටමින් E සහ තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

විටමින් E සහ පොල් තෙල්
පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

විටමින් E සහ ලෙමන් යුෂ
නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්.

විටමින් E සහ කෝමාරිකා
කෝමාරිකා කියන්නේ සමට ගොඩාක් හිතකර ඖෂධයක්. ඒ වගේම සුන්දරත්වය රැක ගන්න කෝමාරිකා වලින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. සූරා ගත් කෝමාරිකා මද තේ හැඳි 2කට විටමින් E කරලක තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න. විනාඩි 20-30 කින් ඉවත් කරන්න. සතියට දෙවරක්, තුන් වරක් ආලේප කරන්න.

කොකෝවා බටර් සහ විටමින් E
කොකෝවා බටර් සමට පෝෂණය ලබා දෙන අතරම පහසුවෙන් සම තුළට අවශෝෂණය වෙනවා. ඒ නිසා ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. විටමින් E කරලක තෙල් හා කොකෝවා බටර් ස්වල්පයක් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න.

සම රැළි වැටීම වළකා සමේ පැහැපත් බව වර්ධනය කරන ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක්

ඕනෑම කෙනෙකු වයසට යෑමේදී සම රැළි වැටීම සාමාන්‍ය දෙයක් වුවත් හිරු එළියට නිරාවරණය වීම, ඖෂධ භාවිතය, මානසික ආතතිය, සිරැරේ බර අඩු වීම, විටමින් E අඩු වීම, දුම්පානය වගේ දේවල් නිසාත් ජානමය හේතු නිසාත් සම රුළි වැටීම සිදුවිය හැකියි. මුහුණ, අත්වල සම රුළි වැටීම කාන්තාවකගේ රූපයේ සුන්දරත්වයට බාධාවක්. තම නිවසේදීම පහසුවෙන් කල හැකි මේ සත්කාරවලින් ඔබේ සම රැළි වැටීම අවම කර සම පැහැපත් කිරිමට උදව් වෙනවා.

ලෙමන් සත්කාරය
මෙය ආලේපයක්. යෝගට් හැන්දක්, මී පැණි හැන්දක්, විටමින් E සහ ලෙමන් යුෂ තේ හැන්දක් බැගින් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. එම ආලේපය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක්වත් කරන්න.

ආමන්ඩ් සත්කාරය
රැව රුක ගැනීමට ආමන්ඩ් වලට විශේෂ හැකියාවක් තිබෙනවා. ආමන්ඩ් ඇට කිහිපයක් කිරි ටිකක පොඟවා රුයක් තබන්න. පසුදා උදෑසනට එම ආමන්ඩ් ඇට ග්‍රයින්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න. එයින් ඝනකම ඇති පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මුහුණ පිරිසුදු වතුරින් සෝදා හරින්න. දිනපතා කිරීම වඩා සුදුසුයි. ප්‍රතිඵලදායකයි.

ජලය පානය
සම රුළි වැටීමට හොඳම ප්‍රතිකාරය ජලයයි. හොඳින් ජලය පානය කිරීමෙන් රුළි වැටීම අවම කරගත හැකියි. දිනකට ලීටර් දෙකක් වත් ජලය පානය කිරීමෙන් සුන්දර සමක් ලබා ගත හැකියි.

කැරට් සත්කාරය
කැරට් ගෙඩි දෙකක් හොඳින් සෝදා තම්බාගන්න. පසුව එම කැරට් ගෙඩි දෙක හොඳින් පොඩි කරන්න. එයට මී පැණි ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. මුහුණට ප්‍රාණවත් බවක් ලැබේවි. මුහුණ රුළි වැටීමට හොඳ පිළියමකි.

කෝමාරිකා සත්කාරය
කෝමාරිකා රෑපලාවන්ය සඳහා බහුලව යොදා ගන්නා ශාක වර්ගයකි. එය පිරිසුදු කාරකයකි. කෝමාරිකා පත්‍ර වල ජෙලි ස්වභාවයක් ඇත. එම ජෙලි සූරා වෙන් කරගෙන සමේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. සමට පැහැපත් බවක් ඇතිවේ.

කෙසෙල් සත්කාරය
මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් අවශ්ය වේ. එම කෙසල් ගෙඩි හොඳින් පොඩි කර පේස්ට් එකක් සකස් කරගන්න. එම පේස්ට් එක සමේ රුලි වැටුණු තැන්වල ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. කදිම පිළියමක්.

ඔලිව් තෙල් සත්කාරය
ඔලිව් තෙල් ස්වල්පයක් යොදා මුහුණ හොඳින් සම්බාහනය කරන්න. එමගින් සමට තෙතමනය ලැබේ. එවිට මුහුණේ ඇති සෛල අලුත්වැඩියා වී පැහැපත් පෙනුමක් ලැබේ. මෙම ඔලිව් තෙල් සත්කාරය දිනපතා කළ හැකිය.

ඉඟුරු සත්කාරය
මෙය පහසුවෙන් කළ හැකි සත්කාරයකි. මී පැණි මේස හැන්දකට ගාන ලද ඉඟුරැ ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන කෑමට ගන්න.