වැනිලා වැව්වොත් ගොඩ, කිලෝ එකක් රු 5000 යි

වැනිලා වගාව ගැන ගොඩක් අය විමසු නිසා කෙටි සටහන් විදිහට මේ තොරතුරු ටික දාන්න හිතුවා බෝගයේ නියමිත ආර්ථික වාසි ලබාගැනීමට නම් වැවෙන දේශගුණික අවශ්‍යතා විදිහට මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ,වැඩි ,වාර්ෂික වර්ෂාපතනය 2000 -2500 mm උෂ්ණත්වය සෙල්සියස් 21-30 ප්‍රශස්ත 27 ලෙස ගන්නා අතර වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා වියලි කාලසීමාවක් ඇති විට ඉතා හොදින් මල් හටගනී ,මේ අනුව ලංකාවේ උඩරට මැදරට කුරුණෑගල ,මහනුවර මාතලේ ,කෑගල්ල ,නුවරඑලිය මාතර(උරුබොක්ක වැනි කදුකර ) රත්නපුර වැනි දිස්තික්ක වල වගා කලහැකරෝපණ ද්‍රව්‍ය ලෙස අඩි 3/4 ක පමණ වැනිලා දඩු කැබලි සිටුවීම් ආධාරක ශාකයකට අල්ලාගෙන ඉහලට වැඩීමට ,ආධාරක ලෙස ග්ලිඩිසිරිය වැඩිපුර යොදාගනී වැනිලා දඩු කැබැල්ල සිටුවීමට මාස 6 කට පමණ කලින් ආධාරක ලී සිටුවා සෙවන 60%-70%ලැබුණු පසු සිටුවීම කල යුතුය.

වැනිලා සෙවන ප්‍රියකරන බෝගයකි සිටුවන පරතරය පේලි අතර අඩි 5 පැල අතර අඩි 8 අක්කර යකට පැල 1000 ආසන්න ව හදාගන්න පුළුවන් .ආධාරක ලී පොලව මට්ටමේ සිට අඩි 6 පමණ උස උදළු මිටක් පමණ මහත විය යුතුය ,එම ආධාරක අසල සිට අදාරකයෙන් එලියටඑනලෙස අඩි 2 පමණ කාණුවක් කපා එම කණුවට කොම්පෝස්ට් පුරවා අඩි 4 පමණ දිග දඩු කැබැල්ල අඩි 1.5 -2 පමණ ආධාරක ලී යට ගැට ගසා ඉතිරි කොටසේ කොළ ඉවත් කර කපාගත කොම්පෝස්ට් පුරවන ලද කාණුවේ වල්ලලන්න(එල් අකුරේ හැඩයට කොටසක් පොළවෙන් උඩ අනෙක් කොටස කොම්පෝස්ට් කණුව තුල) .පසුව එම කොටස දිරාගිය කොළ රොඩු වැනි දෙයකින් ආවරණය කරන්න,

සිටුවීමට පසු වර්ශාපතන්‍යක් නැත්නම් ජලය යොදන්න අලුතින් සිටවන ලද වැල් කැබල්ල කෙසෙල් පඩරැල් පුවක් අතු පොල් අතු වගෙ එවාගේ න් වහන්න සති 3 වගෙ යනකොට අලුත් අංකුර ක්‍රියාත්මක වෙනවා පැල වෙනවාසුදුසු ප්‍රදේශය තෙත් කලාපයේ අතර මැදි කලාපයේ වියළි කලාපයේ හොදින් සෙවන සහිත තැනක ජලය නිතර තියන ජලසම්පාදන කරන්න පුළුවන් ස්තීර ජල ප්‍රභවයක් සහිත තැනක් හෝ කෘතිම නෙට් හවුස්` එකක මිස්ට් ස්ප්‍රින්කල් යොදාගෙන පුළුවන් වෙයි කියලා විශ්වාස යි. සිටුවීමට කලින් වැනිලා වැල් කැබලි පුර්ව ප්‍රතිකාර කරලා හිටවන්න වැල් කපාගත් වහාම හිටවන්න ගන්නෙ නැ සතියක් දෙකක් වැල් ගස් දෙබලක වගේ දෙපැත්ත ට එල්ල්න්න දාලා තියලා හිටවන්න . වැනිලා වගාව අස්වැන්න ගන්න අවුරුදු 2 වගෙ යනවා දිග මීටර් එකක් කැබලි සිටුවීමදී කුඩා දඩු කැබලි වලින් පැල කරගෙන හදාගන්න වැල් අස්වැන්න එන්න අවුරුදු 3/4 යන්න වා.මුල් අස්වැන්න වැලකින් 250 ග්‍රෑම් වගෙ 3/4 අවුරුදු වල කිලෝ එකක් ගන්න පුළුවන් ඉන් පසුව කිලෝ 3 පමණ සාමාන්‍ය යක් තියන්න පුළුවන් කිලෝ එකක් කට අමු කරල් 60/70 අල්ලනවා අමු කිලෝ එකක් අද වෙලදපොල රු 5000/6000 දක්වා වෙනවා ..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ලක්ෂ ගණනින් මුදල් උපයන්න අන්නාසි වගාවක් පටන් ගන්න විදිය

අනනාස් කොමොසස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත්වේ.මෙහි නිජබිම බ්‍රසීලයයි. ඉදවා අළුත් පළතුරක් ලෙසද ටින්වල අසුරනලද පළතුරක් ලෙස ජෑම් හාකෝඩියල් ආකාරයටද අන්නාසි ආහාරයට ගනුලැබේ. අන්නාසි ඵලයේ හා පත්‍රවල යුෂයෙහි පණුනාශකහැකියාව ඇතිඅතර තවද ඵලයේ ඇති බ්‍රොමිලින් නම් එන්සයිමය නිසා ආහාර දිරවීම පහසුකිරීම මෙහි ඖෂධීයමය ගුණ ලෙස හඳුනාගතහැක. චීනය,පිලිපීනය වැනි රටවල අන්නාසි පත්‍රවලින් ලබාගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනයට ගනුලැබේ. තවද විනාකිරි කර්මාන්තය සඳහා ද අන්නාසි උපයෝගීකරගනුලැබේ.

අන්නාසි වගාවේ දේශගුණික අවශ්‍යතා – වර්ශාපතනය – වර්ෂයකට මිලිමීටර්. 1500 – 3000 පමණ. උෂ්ණත්වය – සෙන්ටිග්‍රේට් අංශක 24– 32 පමණ.

අන්නාසි වගාබිමෙහි පසෙහි ස්වභාවය – වගාවට සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසකි. මැටි හෝ හුණු අධික පස් වගාවට නුසුදුසුය. හොඳින් පසේ ජලය බැසයාම වගාව සාර්ථකවීමට වැදගත්ය. පසෙහි පී.එච්. අගය 5.5 – 6 වීම වඩාත් සුදුසුය.

අන්නාසි ප්‍රබේද ප්‍රධාන ව‍ශයෙන් වගාකරන ප්‍රබේද දෙකක් ඇත. මුරුසි ප්‍රබේදය – ඉදවා අළුත් පළතුරක් ලෙස වැඩිවශයෙන් පරිබෝජනයකරයි.හොඳින් ඉදුණු ගෙඩියෙන් සුවඳක් හමයි.මාංශලය තද කහ වර්ණයෙන් යුතු අතර ඉතා පැණිරසය.හොඳින් වැඩුණු ගෙඩියක් කිලෝ එකහමාරක් පමණ බරය.මේ ප්‍රබේදයේ පත්‍ර කටු සහිතය.මේ ගසකින් මොරෙයියන් වැඩිප්‍රමාණයක්ද ලබාගත හැක.

කිව් ප්‍රබේදය – මේ ප්‍රබේදය ටින්වල ඇසිරීම සඳහා ගනුලබයි.කිව් ප්‍රබේදය මුරුසි ප්‍රබේදය තරම් පැණිරස නැත.තරමක් ඇඹුල් රසැතිය.මාංශලය සුදු පාටට හුරු ලාකහ පැහැතිය.ඉතා වැඩි යුෂ ප්‍රමාණයක් ඇත.ගෙඩියක් කිලෝ එකහමාරේ සිට කිලෝ තුන පමණ දක්වා වැඩේ.පත්‍රවල කටු අඩු අතර මොරෙයියන් හටගැනීමද අඩුය.

අන්නාසි වගාවේ රෝපණ ද්‍රව්‍ය – රෝපණ ද්‍රව්‍ය ලෙස විවිධාකාරයේ මොරෙය්යන් වර්ග භාවිතාකළ හැකිය. කරඬුව – ගෙඩිය මුදුනේ ඇති කොටස. නටුමොරෙයියන් – ගෙඩියේ නටුවෙන් මතුවන මොරෙයියන්. අක්ෂිමොරෙයියන් – පත්‍ර අතරින් මතුවන මොරෙයියන්. මුල්මොරෙයියන් – කඳ පාමුළින් මතුවන මොරෙයියන්.


අන්නාසි වගාකිරීම ක්ෂේත්‍රය සැකසීම – මූලික බිම් සැකසීම ලෙස ට්‍රැක්ටරයකින් පොළව හෑමෙන් පස මෘදුවසකසා දිග,පළල හා ගැඹුර සෙන්ටිමීටර 20 වන කානු සැකසිය යුතුය.බෑවුම් සහිත ඉඩමක නම් කානු දැමියයුත්තේ සමෝච්ච ක්‍රමයටය.කානු කැපීමේදී ඉවත්කරන පස්,බෑවුම ඇති දිසාවේ කුඩා වැටියක් සෑදෙන ආකාරයට දමන්න.

පැල සිටුවීම දෙපේළි ක්‍රමය – සකස්කරගත් ක්ෂේත්‍රයේ කානු දිගේ සෙන්ටිමීටර 20 ක පරතරයෙන් මොරෙය්යන් කෙළින් සිටින පරිදි වැටියට හේත්තුකරන්න.වැටියට විරුද්ධ පැත්තෙන් පස් සූරාගෙන මොරෙය්යන්ගේ පාදස්ථ කොටසින් සෙන්ටිමීටර 10 -15 පමණ වැසෙන සේ පස් දැමියයුතුය.දෙපේළි ක්‍රමය යටතේ පේළි දෙක අතර පරතරය සෙන්ටිමීටර 60 වියයුතුය.

තනිපේළි ක්‍රමය – මෙම කමයට පැල සිටුවීමේදී පේළි තුළ පැල අතර පර‍තරය සෙන්ටිමීටර 30 වියයුතුය.තනිපේළි ක්‍රමයේදී පේළි දෙකක් අතර පරතරය මීටර දෙකක් වියයුතුය.

පොහොර යෙදීම – යූරියා, රොක්පොස්පේට්, මියුරියේට්ඔ‍ෆ්පොටෑෂ් භාවිතාකර සාදාගන්නා එන්.පී.කේ. 11-7-31 පොහොර මිශ්‍රණය අන්නාසි සඳහා නිර්දේශිතය.අන්නාසි සඳහා මූළික පොහොර යෙදීමක් නොකර සිටුවා මසකට පසු ඉහත සඳහන් මිශ්‍රණයෙන් එක පැලයකට ග්‍රෑම් 28 බැගින් යෙදියයුතුය.ඉන්පසු සෑම මාස 3-4 කට වරක් පසේ හොඳින් තෙතමනය ඇති විටදී ඉහත සඳහන් කළ පොහොර ප්‍රමාණයම දැමියයුතුය.පළමු වරට පොහොර යොදන විට පැල ආසන්නයේ පසට යොදන්න ඉන්පසු ගසේ පහළින් ඇති පත්‍ර අතරට පොහොර යොදන්න.ගසේ ගොබයට පොහොර වැටීමට ඉඩනොදෙන්න.

ජල සම්පාදනය – වර්ශාව නොමැති වියලි කාලවලදී මසකට වාර 6-7 දක්වා ජල සැපයුම මගින් හොඳ අස්වැන්නක් ලබාගතහැක.පසෙ තෙතමනය සුරැකීමට සෙන්ටිමීටර 20-30 පමණ ඝණකමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැල පේළි අතරට යෙදියයුතුය.

අන්නාසි වගාවේ වල් පැල මර්දනය – සුළුපරිමාන වගාවන්හි අන්නාසි පත්‍රවලට හානි නොවන සේ උදලුගෑමෙන් වල් මර්දනය කළහැක.වල් මර්දනයට රසායනික වල්නාශකද භාවිත කළහැක.ඩියුරෝන් 80% තෙත්කළහැකි කුඩකි.එය ග්‍රෑම් 2ක් ජලය ලීටර 180- 200 ක මිශ්‍රකර සිටුවා මාසයක් පමණ වූ වගා වල වල්පැල මර්දනයට යෙදියහැක.

අන්නාසි වගාවට වැළදෙන රෝග – ගොබය හෙවත් කරඩුව කුණුවීම, පාදස්ථය කුණුවීම හා මුල් කුණුවීම, ගෙඩි කුණුවීම, ගස් මැළවීම රෝග
ලක්ෂණ හා රෝග පාලනය – කරඬුව කුණුවීම හා පාදස්ථ, මුල් කුණුවීම
රෝග ලක්ෂණ සැළකීමේදී ගොබ කුණුවීම අළුත් වගාවල ඇතිවේ. ගොබයේ ළාබාල පත්‍ර පහසුවෙන් ගැලවී එයි. පාදස්ථ,මුල් කුණුවීමේදී පත්‍ර මැළවේ. ගස් පහසුවෙන් ගැලවී එයි. රෝග පැතිරීම රෝගකාරක දිලීර සහිත පස් හා රෝපණ ද්‍රව්‍ය මගින් සිදුවේ. රෝග පාලනය සඳහා නිරෝගී වගාවකින් මොරෙයියන් ගෙන පැල සිටුවීමට පෙර දිලීරනාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කර සිටුවියයුතුය. වගා ඉඩමේ ජලවහනය දියුණු කළයුතුය. වර්ශාව අධික තෙත් කාළගුණයක් ඇති විට පැල නොසිටුවීම වැදගත්ය. පැල සිටුවීමේදී ගොබය තුලට පස් නොවැටීමට වගබලා ගතයුතුය. පවතින වගාවක ගොබ කුණුවීමට දලීරනාශකයක් වන මැන්කොසෙබ් 64% , මෙටලැක්සිල් 8% තෙත්කළහැකි කුඩු (රිඩොමිල්) පැලවල ගොබයට යොදන්න. පවතින වගාවක පාදස්ථ කුණුවීම හෝ මුල් කුණුවීම ඇති විට රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත්කර ඉහත දැක්වූ දිලීරනාශකයම ගසේ පාමුල සේදීයන සේ වත්කර ගස පාමුළට පස් දමන්න.එවිට අළුත් මුල් වැඩේ.

ගෙඩි කුණුවීම
රෝග ලක්ෂණ සැළකීමේදී දිලීරය ඇතුල්වී දින දෙකකට පමණ පසු නෙලාගත් ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන්ගනී. පසුව මේ කළුපැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළටද පැතිරේ.රෝග පාලනය කිරීමේදී හානි නොවන සේ ප්‍රවේශමෙන් නෙලාගත් ගෙඩි පිරිසිදු ස්ථානයක ගබඩාකළ යුතුය. රෝගය තදින් ඇත්නම් බෙනොමිල් 80% තෙත්කළහැකි කුඩු ග්‍රෑම් 100 ක් ජලය මිලිලීටර 100 ක දියකළ ද්‍රාවණයක ගෙඩිවල නටුවේ කැපුම්පෘෂ්ඨය ගිල්වා ඉවතට ගෙන ගබඩාකරන්න.

ගස් මැළවීම
රෝග ලක්ෂණ සැළකීමේදී රෝගය වැලඳුන ගස්වල පත්‍ර පළමුව රතුවී පසුව රෝස පාටවේ. මේ අවස්ථාවේදී දාරය දිගේ පත්‍රඇතුලට නැමේ.පත්‍ර මැළවුණු ස්වභාවයක් දිස්වේ.රෝගී ගස් ක්‍රමයෙන් මැරීයයි.අන්නාසි ගස් මැළවීම විවිධ හේතු නිසා සිදුවේ.එනම් පාදස්ථ කුණුවීම , මුල් කුණුවීම , පිටිමකුණා මගින් පැතිරෙන වෛරස් රෝගය නිසා ගස් මැළවීම.රෝග පාලනය කිරීමේදී වැදගත් වන්නේ නිරෝගී වගාවකින් ලබාගත් මොරෙයියන් පමණක් සිටුවීමය. පිටිමකුණා පාලනයකරගැනීමද අවශ්‍යවේ.

කෘතීමව මල් හටගැන්වීම
අවාරයේ අන්නාසි අස්වනු ලබාගැනීම මෙහි අරමුණවේ. මේ සඳහා එතිෆෝන්, ඉන්ඩෝල්, ඇසිටික් අම්ලය, කැල්සියම් කාබයිඩ් වැනි රසායනික යොදාගනී. වඩාත් කාර්යක්ෂම රසායනිකය එතිෆෝන්ය. මෙහි වෙළඳනාමය එත්‍රල්ය. නිෂ්පාදනයන්ගේ නිර්දේශයන්ට අනුව සාදාගත් ද්‍රාවණයෙන් මිලිලීටර් 40 පමණ අන්නාසි ගසේ මේරූ පත්‍ර 20 ට වැඩි නම් ගොබයට වත්කල යුතුය. ද්‍රාවණය යොදා දින 30 න් රතු පාට මල් හටගනී.

ගෙඩි විශාල කරගැනීම
ඇල්‍ෆා නැප්තලීන් ඇසිටික් අම්ලය අඩංගු රසායනික ද්‍රව්‍යක් හෝ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය නිර්දේශිත පරිදි ජලයේ දියකර සාදාගත් ද්‍රාවණයේ ලීටරයකට යූරියා ග්‍රෑම් 2ක් මිශ්‍රකර මල් පිපී මසකින් ළපටි ගෙඩි වල‍ට ඉසීමෙන් ගෙඩිවල ප්‍රමාණය විශාල කරගතහැක.

ගෙඩිවල පැහැය වැඩිකරගැනීම
නෙළාගත් අන්නාසි ගෙඩිවලට එතිෆෝන් යෙදීමෙන් ඒකාකාරී කහ පැහැයක් ලබාගතහැක.

අස්වනු නෙළීම
අන්නාසි ගෙඩියේ නටුව සෙන්ටිමීටර 20 පමණ දිගට තබා ගෙඩියෙන් 25% පමණ පිටපොත්තේ වර්ණ‍ය කහපැහැවූ පැසුණු අන්නාසි ගෙඩි උදේ වරුවක නෙළිය යුතුය. නෙලූගෙඩි එකගොඩේ ගොඩනොගසා මදක් තුනීකර සෙවනේ තබා ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළයුතුය.

සාර්ථක අන්නාසි වගාවකට..
අනවශ්‍ය මොරෙයියන් ඉවත්කිරීම , නිසිකලට පොහොර දැමීම, ජලසම්පාදනය කිරීම, රෝග හා පළිබෝධ පාලනය කිරීම ආදිය කරමින් හොදින් නඩත්තුකරන අන්නාසි වගාවකින් වසර 3ක් පමණ සාර්ථක ලෙස අස්වැන්න ලබාගතහැක.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගෙවත්තේ පොඩි ඉඩකින් සාර්ථක අස්වැන්නක් ලැබෙනසේ ඉඟුරු වවන හැටි

ඉගුරු වානිජ වගාවක් ලෙස සිදු කරන්නේ කොහොමද? මුහුදු මට්ටමේ සිට මීටර් 1700 පමණ කලාපය දක්වා වගා කල හැකි මෙම බෝගය මාර්තු සිට මැයි දක්වා වූ කාලයේ වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක. පොල් වගාවේදී අතුරු බෝගයක් ලෙස වගා කල හැකි මෙම බෝගය සදහා නියං කාලවලදී ජල සම්පාදනය කළ යුතුය.

බෝගය සිටුවීමට ගන්නා ක්ෂේත්රය සෙන්ටිමීටර් 20- 25 ගැඹුරට බිමි කොටා සෙන්ටිමීටර් 60ක පරතරයට වැඩි කාණු සකසා එහි සෙන්ටිමීටර් 20 පමණ පරතරය ඇතිව මව් අලයෙන් වෙන් කරගත් අංකුර කැබැල්ලක් තබා පස් වලින් වැසිය යුතු අතර මුළු ක්ෂේත්‍රයම පිදුරු හෝ කොහුබත් මගින් ආවරණය කළ යුතුය.

ආරම්භයේදී බිම් සැකසීමේදී හෙක්ටයාර එකකට යූරියා කිලෝග්රැම් 75 ක්ද , සැපොස් පොස්පේට් කිලෝග්රැම් 230 ක්ද , මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝග්රැම් 66 ක්ද අනුමත පොහොර වර්ග වේ .

පසුව සිටුවා මාස 2කට පසු මතුපිට පොහොර ලෙස හෙක්ටයාර එකකට යූරියා කිලෝග්රෑම් 75 ක් හා මියුරේට් ම්ෆ් පොටෑෂ් කිලෝග්රැම් 33 ක් යෙදිය යුතුය. වගාව ආරම්භ කරන අවස්ථාවේදී හෙක්ටයාර එකකට කාබන්පියුරාන් 3% කැට කිලෝග්රෑම්

17 – 20 අතර ප්‍රමාණයක් යෙදීමෙන් ඉගුරු වගාවේ ප්‍රධානතම පළිබෝධකයා වන කඳ විදින දළඹුවා පාලනය කල හැක. දිලීර ආසාදනයක් හේතුවෙන් ඇති වන මද කුණුවීමේ හා පත්‍රවල කහ පුල්ලි ඇති වීමේ රෝගයට පිලියම් ලෙස කැප්ටාන් වැනි දිලීර නාශකයක් භාවිතා කල හැකි අතර රෝගය වැළදුනු පැළ ගලවා ක්ෂේත්රයෙන් ඉවත් කිරීමෙන් රෝගය පැතිර යාම පාලනය කල හැක.
ඉගුරු වගාව නිවැරදිව කරන්න මේ විදිහට බිම සකසන්න ඕන

හොදින් පස අඩි එකහමාරක් විතර පෙරලන්න (හාන්න). පාත්ති අඩි 5 ක් පමණ පලල දිග අඩි 10 සිට 20 දක්වා කැමැති ප්‍රමාණයක් ගන්න. පාත්තිය කට ඩොලමයිට් කිලෝ 3ක් /5 ක් පමණ යොදන්න. පාත්තියකට කාබනික පොහොර කිලෝ 50 පොහොර මලු 2 පමණ කවලම් කරන්න. අඩි 1 න් 1 පරතරයට කුඩා වලවල් පාත්ති ය තුල හාර ගන්න පේලි අතර හා වලවල් අතර පරතරය අඩි එකයි. එම වලකට rock ෆොස්පෙටේ ග්‍රෑම් 50 පමණ දන්න. හොදින් කවලම් කරලා දින 2 කට පමණ පසු වැසි සහිත දිනක වලකට ග්‍රෑම් 40 ක් 50 ක් පමණ වන ලොකු ඉගුරු බිජ කැබැල්ලක් සිටුවා අගල් එකක් පමණ පස් වලින් වහන්න. වසුනක් ලෙස පිදුරු හෝ මානා ගලිඩ්සිරිය, වැනි වසුන් යොදන්න දහයිය ත් හොදයි. ඉගුරු වගාව කරන ප්‍රධාන කන්න ය පෙබරවාරි අවසන් කාලේ සිට මැයි මාසෙ දක්වා. අස්වැන්න ගැම් 50 කැබැල්ලක් සිටුවීමට නිසා 700 ග් අනිවාර්යයෙන් ගන්න පුළුවන්. නියම ක්‍රමය අනුගමනය කරලා, මැයි හිටවලා දෙසැම්බර් අස්වැන්න ගන්න පුළුවන්. මේ වසරේ ගිය වසරට වඩා ඉගුරු වගාව ට යොමුවීම අඩු බව පෙනෙන්නට තියෙන්නේ එ නිසා ඊලඟට කන්නයේ මිල රු 500 පමන වෙන්න පුළුවන්. පසුගිය වසරේ බීජ මිල රු 500 /600 දක්වා උනත් මේ වසරේ 280/300 (රැන්ගුන් වර්ගය ) පමණ වෙනවා. මේ ප්‍රදේශයේ. වෙළදපොල මිල අඩු වු විට වගාව අඩු වෙනවා ඊට පස්සෙ මිල වැඩි වෙනවා ඊටපසු වැඩියෙන් හදලා නිශ්පාදනය වැඩි උනාම මිල බහිනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

සාර්ථකව ඔබේ ගෙවත්තෙත් ඇන්තූරියම් වවන්න උපදෙස් රැසක් මෙන්න

‘ඇන්තූරියම්’ ආදායම් උපයන මල් වර්ග අතර විශාල තැනක් හිමිවී තිබෙනවා. ඇරේසියේ කුලයට අයත් ඇන්තූරියම් මුහුදු මටටමේ සිට අඩි 4000දක්වා වගා කළ හැකි අතර 70% 80% අතර සෙවණක් අවශ්‍යය.

ඇන්තූරියම් වගා කිරීමේ ක්‍රම දෙකකි. මින් පළමු ක්‍රමය පෝච්චිවල වගා කිරීමයි. පෝච්චිවල වගාකිරීමේ දී වාණිජ ක්‍රමයට වගා කිරීම තරමක් අපහසුය. එහෙත් නිවසේ අලංකාරයට පෝච්චිවල වගා කළ හැකිය. පෝච්චියක් තෝරා ගැනීමේ දී සෙ.මී. 30ක විෂ්කම්භයක් ඇති පෝච්චියක් තෝරා ගත යුතුය. මේ ලෙස තෝරා ගත් පෝච්චිවල යට ඇති සිදුරු හොඳින් සුද්ද කළ යුතුය. සිදුරුවලට උඩින් උළු කැට කැබිලි හෝ ගඩොල් කැට කැබිලි තිබිය යුතුය.

මේ උළු කැට හෝ ගඩොල් කැට කැබැලි සාමාන්‍යයෙන් අඟල් එකහාමාර දෙක ප්‍රමාණයට තැබිය යුතුය. මේ ආකාරයට එක තට්ටුවක් පෝච්චියේ අඩියට දමා ඊට උඩින් දිරා ගිය කොළ පොහොර මිශ්‍රණ තට්ටුවක් දැමිය යුතුය. මේ ආකාරයට වගා මිශ්‍රණ දෙකෙන් එකක් යොදා ගෙන පෝච්චියෙන් හතරෙන් තුනක් පිරවිය යුතුය. ඊට පසු ඇන්තූරියම් පැළවල වැඩිපුර ඇති මුල් කපා දමා කැප්ටාන් දියකරන ලද බඳුනක ගිල්වා විනාඩි පහක් තිබීමෙන් පසු පැළය පෝච්චියේ සිටුවන්න. පැළය සිටුවීමට පෙර මාධ්‍යයෙන් පුරවා අඟලක් පමණ ප්‍රමාණයක් පෝච්චියේ නිදහස්ව තබා ගැනීමට මතක තබා ගන්න.

අන්තූරියම් වගාව සඳහා පාත්ති සැකසීම ක්‍රම දෙකක් අනුව කළ හැකිය. මේ අනුව සාමාන්‍ය ක්‍රමය සහ නූතන ක්‍රමයට අනුව පාත්ති සකස් කළ හැකිය.

සාමාන්‍ය ක්‍රමයේ දී භාවිතා කරන වගා මාධ්‍යය පස සමඟ ගැටීමක් සිදු නොවෙන බව පැහැදිලිව මතක තබාගත යුතුයි. මෙහිදී පාත්ති උස් වූ ආකාරයට මෙන්ම ගිල්වූ ආකාරයට සකස් කළ හැකිය. මින් වඩාත් යෝග්‍ය වන්නේ උස් වූ ක්‍රමයට පාත්ති සැකසීමයි. එහෙත් වඩාත් වියළි කාලගුණයක් ඇති ප්‍රදේශවල ගිල් වූ ක්‍රමයට පාත්ති සැකසීම වඩාත් යෝග්‍ය වේ.

පාත්ති ඇතුළත ගැඹුර සෙ.මී 22.5 සිට25 දක්වා වියයුතු අතර එමෙන්ම පතුලේ මනා ජලවහනයක් තිබිය යුතුය. මේ සඳහා පාත්ති පතුලේ ඝනකම 2 හෝ 2/1/2 ට සකස් කරන ලද උළු කැට කෑලි/ගඩොල් කැට දැමිය යුතුය. පාත්ති පතුලට අඟල් 3ක උසකට උළු කැට හෝ ගඩොල් කැට අතුරන්න. මේ මත ඉතාමත් පරිස්සමින් අඟල් 7ක උසකට වගා මාධ්‍යයක් අතුරන්න. වයස මාස 8-10 ක් වූ පැළ සෙ.මී.30×30 පරතරයට මෙන්ම සෙ.මි. 45×45 පරතරයට ත්‍රිකෝණාකාර ක්‍රමයට හෝ සමචතුරඝ්‍රකාර ක්‍රමයට සිටුවන්න. එහෙත් හොඳින් වැඩුණු පරිනත ඇන්තූරියම් ශාකයක් සිටුවීමේ දී යොදන පිළිවෙත මීට වඩා වෙනස්ය. මේ නිසා මෙවැනි පැළ සෙ.මී 60×60 ප්‍රමාණයට සිටුවන්න. ඔබ සාමාන්‍ය පාත්ති ක්‍රමයට යොමු වන්නේ නම් ඒ ක්‍රමය නිසි ලෙස අනුගමනය කළයුතුය. එහෙත් නූතන ක්‍රමය මීට වඩා වෙනස්ය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අත මිට සරු කරගන්න ගෙවත්තේම මුං ඇට වවමුද? මෙන්න වගාව පටන්ගන්න විදිය

මේ ලිපිය වෙදකම ගැන නම් නොවෙයි ඒත් ලෙඩ රෝග වලින් වැලකීසිටීමට මේ අදහස ප්‍රයෝජනයක් වේවි. අද රටේ ලෙඩ රෝග බොහොමයකට හේතු වෙලා තියෙන්නෙ අපි කන කෑම බීම වර්ග වල තියෙන වස විස. ඉතින් අපි නීරෝගී පරපුරක් හදන එක පටන් ගන්න ඕන අපේම ගෙවත්තෙන්.

අපි සාමාන්‍යයෙන් මුං වගාකරනව දැකල තියෙන්නෙ කුඹුරෙ හරි නියරෙ හරිනෙ. ඒත් ඇත්තටම ගෙදර පරිභෝජනයට අපිට මුං වවාගන්න පුලුවන් අපේ ගෙවත්තේම. මේ මම ගෙවත්තේ කල මුං වගාව, හරිම සාර්ථකයි. මම දැන් මාස 6-7 සිට පාවිච්චි කරන්නේ මගේ වගාවේ මුං. පොහොර අවශ්‍ය වන්නේ නැහැ, මම බඩඉරිඟු පාත්තියෙමයි මුං හැදුවෙ. කිසිම කෘමි හානියකුත් නැහැ.

මම මුං බඩඉරිඟු පාත්තියෙම හැදුවෙ ඇයි? මුං කියන්නෙ පසේ නයිට්‍රජන් සංයුතිය වැඩි කරන ශාකයක්. බඩඉරිඟු වලට අවශ්‍යම පෝෂකයක් වන නයිට්‍රජන් මේ නිසා ඉබේම මුං වලින් ලැබෙනව. මේ විදියට මිත්‍ර බෝග එකට සිටුවීමෙන් ගෙවත්තේ කුඩා ඉඩ හොදින් කලමනාකරණය කරගන්නත් පුලුවන්.

මුං ඇට කොහොමද වගා කරන්නෙ? මුල්ලුවකින් පස් ටික පොඩ්ඩක් බුරුල් කරල මුං ටික දාල තුනී පස් තට්ටුවකින් වහන්න. මුල් දවස් කිහිපයේ පැලවෙනකම් හොදින් වතුර දාන්න. මාස 2-2.5 කින් මුං අස්වැන්න ලබාගන්නත් පුලුවන්.

කුඩාම ගෙවත්තක උනත් පහසුවෙන් අවම නඩත්තුවකින් කල හැකි වගාවක් මේක. ලපටිම මුං කරල් තෙල්දාල කෑමට සකසා ගන්නත් පුලුවන්. පිටරට වලින් ගේන මයිසූර් පරිප්පු වෙනුවට රසවත් පෝෂණීය වෑංජනයක් සකසා ගන්නත් පුලුවන්. මුං කිරිබත්, මුං කැවුම් සකසා ගන්නත් පුලුවන්.

ඉතින්, මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා වගේම සිංහල අලුත් අවුරුද්දටත් මම නම් කිරිබත් හදන්නෙ මගේ ගෙවත්තේම මුං වලින්. හැමෝම මේ විදියට උත්සාහ කරල බලන්න.

සටහන : නීනා යි
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

මේ ගස් ගෙවත්තේ සිටෙවුවොත් ඔබේ දියුණුව සක්කරයටවත් වළක්වන්න බෑ

සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ, සතා සීපාවුන්ගේ පිහිට නිසාය. ගවයා නොමැති නම් ළදරුවන්ට කිරි නැත. කිරි නැති වුණොත් ළදරුවෝ මිය යති. එවිට පළමුවෙන්ම මිනිසා මිහිතලයෙන් නැතිවී යයි. තණකොළ නොමැතිනම් ගවයාටද පැවැත්මක්‌ නැත. මේ දෙස බලනවිට ගහකොළ, සතුන් හා මිනිසා අතර ඇති ප්‍රබල සම්බන්ධතාවය මනාසේ අවබෝධ කරගත හැක.

පැරණි පඬිවරුන් හා සෘෂිවරුන්ද වෘක්‍ෂලතාදියෙහි ඇති මේ සුවිශේෂී ජීව ගුණය මැනවින් අවබෝධ කරගෙන සිටි බව පැරණි වාස්‌තු විද්‍යා පොතපත කියවනවිට පසක්‌ වේ. සියලුම ගුප්ත විද්‍යා කටයුතුවලදී ද ආයුර්වේදයේදී වෘක්‍ෂලතා උපයෝගී කරගෙන ඇත. රෝග නිවාරණයට ග්‍රහ අපල නැසීමට භූත උපද්‍රව නැති කිරීමට මෙන්ම දේව ආකර්ෂණය ලැබීමටද ඒවා පිහිට කරගෙන ඇත. සිංහලයාගේ ප්‍රධානම සංස්‌කෘතික මංගල්‍ය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී ශුභ නැකතට හිසට – පයට කොළ තබා කොළ යුෂෙන් තැනූ නානු ගා තෙල් ගා නිරෝගී බව දීර්ඝායුෂ පැතීමෙන්ම ගසකොළවලට හෙළයා විසින් ඉහළම ස්‌ථානයක්‌ හිමිකර දී තිබෙන බව කිව යුතුය.

අපගේ ආගම වූ බුද්ධාගම වෘක්‌ෂයට ශ්‍රේෂ්ඨ ස්‌ථානයක්‌ උරුම කරදී තිබේ. බෞද්ධයන් තරම් ගසට ගරු කරන ජාතියක්‌ ලොව නැත. බෞද්ධයෝ ජීවමාන බුදු රදුනට මෙන් බෝධි වෘක්‌ෂයට වඳිති පුදති. ගරු කරති. ජය ශ්‍රී මහා බෝධි රාජයා යනුවෙන් බෝධි වෘක්‌ෂය රාජ්‍යත්වට පත්කර ඇත. එසේ වී තිබෙන්නේ සිදුහත් තවුසන් ඇසතු රුකට පිටදී සියලු කෙලෙසුන් නසා බුදුවූ බැවිනි. ලොව පහල වන සියලු බුදුවරු කුමන හෝ වෘක්‍ෂයට පිටදී බුදු බව ලබති. ඒ නිසා බොහෝ වර්ගවල ගස්‌ පිදුම් ලැබීමට සුදුසුවී ඇත. අටවිසි බුදු රදුන් පිටදුන් වෘක්‍ෂද විසි අටක්‌ තිබේ. ඒ නිසා බෞද්ධයන්ට ගස්‌ යනු පූජනීය වස්‌තුවකි.

බුදු බව ලැබීමට පවා ආධාර විය හැකි ශක්‌තියක්‌ ගහකට තිබෙන නිසා ගස්‌ වැල්වල ගුප්ත බලයක්‌ තිබෙන බව ප්‍රකට වෙයි. පැරණි සෘෂිවරු විවිධ ගස්‌වල ඇති මෙම ශක්‌තිය හඳුනාගත් අතර ඒ පිළිබඳ විස්‌තර ග්‍රන්ථවලට ඇතුළත් කළහ. නෙත් සිත් සනහන පැහැයක්‌ ගස්‌වල කොළවල තිබේ. රෝහල්වලට කොළ පැහැය යොදන්නේ ඒ නිසාය. නිල්වන් ගහකොළවල දර්ශනය එහි ඇසුරෙන් ලැබෙන නැවුම් පිරිසිදු සුළඟ හා සිසිලස නෙත සිත සනසවයි. ඉන් එහා ගිය ගුප්තවූ ශුභාශුභ ප්‍රතිඵල ද මේ නිසා ඇතිවන බව පසක්‌ කළ රුසිවරු ගෙමිදුලෙහි හා ගෙඋයනෙහි වගා කළ යුතු ගහකොළ පිළිබඳ විවිධ උපදෙස්‌ දී ඇත.

මදුරුතලා මදුරුවන් පලවා හරී, අඳුකොළ, සස්‌සඳ ඵලවරා නාගයන්ට එරෙහි වේ. කුප්පමේනිය ගස බළලාට දිව ඔසුවකි. මෙවැනි සුවිශේෂී පැළෑටි වර්ග බොහෝ ඇත. නිවස ඉදිරිපිට වැවීමට ශුභ ගස්‌වර්ග රැසක්‌ ජ්‍යෙතිෂ හා වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල දැක්‌වේ.මදටිය, මූනමල්. සපු, දෙලුම්, කොසඹ, පුවක්‌, කොස්‌, තල්, පොල්, පලොල්, දේවදාර බඳුවදමල්. සාදික්‌කා, මිදි, බෝලිද්ද, අඹ, සමන්, නෙලුම්, මහනෙල්. කෙසෙල්, දොඩම්, සපු, දුනකේ, වැටකේ, ගෙඋයන ඉදිරිපස වැවීමෙන් නිරෝගීබව, නුවණ, ආයුෂ වැඩෙන බව දක්‌වා ඇත. මෙම ගහකොළ ඇසුරෙන් ලැබෙන පිරිසිදු වාතය නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි බව විද්‍යාත්මකවද සනාථ වේ.

කොසඹ හා අඹවල හෙණ වළක්‌වන ශක්‌තියක්‌ද ඇතැයි පැවසේ. එසේම රෝග නාශක බලය සහිත නිසා බෝවන රෝග වළක්‌වයි. පත්තිනි දෙවියන්ගේ බලයද එහි තිබේ. විවිධ ශාන්තිකර්මවලට මේවා යොදා ගන්නේ ඒ නිසාය. එහෙත් අඹ හා ඇසතු ගස්‌ ගෙය ඉදිරිපස නොවැවිය යුතු යයි ඇතැම් පොත්වල සඳහන් වේ. කෙසෙල් ගස්‌ද ගෙයි දොරකඩ නොවවන ලෙසට කියා ඇත. නේත්‍ර ආබාධවලට ඔසුවක්‌ වූ දෙලුම් ගෙය ඉදිරිපිට වැවීම ශුභයෑයි කියා තිබේ. පොල්, නවසි, බෝදිලි ගෙයි ඉදිරිපස වැවීමට කියා ඇතත් ගොන් තැඹිලි, රත් තැඹිලි, රන් තැඹිලි ගෙයි දොරකඩ වැවීම අශුභ බව කියා ඇත. ඒවා දේවාල, පන්සල් ආදී සිද්ධස්‌ථාන, රජ මැදුරු හා පොදු ස්‌ථානවලට සුදුසුය.

ගෙවත්තේ ඊතණ තිබීම ශුභ ලෙස දක්‌වා තිබේ. ඊතණ මංගල සම්මත පැළෑටියක්‌ වන අතර දේව ප්‍රසාදය ලැබේ. ඊතණ ඇති බිම ජලය රඳයි. ආයු වැඩීමට එය බලපායි. හීරුස්‌ස තොලබෝ දෙවර්ගයද මෙවැනිම මංගල සම්මත පැළෑටිය. ඒවා ගෙවත්තක තිබීමෙන් ශුභ ඵල උදාවේ. ගෙවත්තේ කලාඳුරු තිබීම රෝග නැතිවීමට හා ගව සම්පත් වැඩිවීමටත් ධනය ලැබීමටත් හේතුවේ. එය සුවඳ හමන ඔසු පැලෑටියකි. දෙමට, අන්දර, සූරිය, කැටකෑල වැනි ගස්‌වර්ග තිබීමෙන් යක්‍ෂ, ප්‍රේත උවදුරු දුරුවේ. දෙහි ගස නිසාද එසේ වෙයි. එය බොහෝ විට බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනවත්ය.

ඒ ඒ ගස්‌ වර්ග ගෙයි සිට තිබිය යුතු දිශාවන්ද දක්‌වා ඇත. ගෙට උතුරෙන් පුලිල, ඩෙබර ගස ද නැගෙනහිරට නුග, අත්තික්‌කා හා නාගස්‌ද දකුණෙන් දිවුල් ගස්‌ද, බස්‌නාහිරට බෝ ගස්‌ද වැවීමෙන් යහපත උදාවෙන බව පවසා ඇතත් බෝ, නා, නුග ගස්‌ නිවෙස්‌ අසල වැවීම සුදුසු නැත. ඒවා දේවතා දිගෘහිතවීම හා නාගයින්ගේ වාසයට හේතුවන බැවිනි.

ගෙවත්තේ වැවීමට අශුභ ගස්‌ වර්ගද ඇත. ඉඹුල්, ඇඹුල් දොඩම්, ප්‍රවඟු, බෙලි, ඇහැල, කිනිහිර, සියඹලා, කොලාං, හැඩවක, බුරුත, කිහිරිබුතැස්‌, තිබොල්, කරඳ, සාරණ, ඇට්‌ටේරියා, පියං, පෙනෙල, ගොරක මේ ගණයට අයත්වේ. මේවා වැවීමෙන් නොයෙක්‌ හිරිහැර අපල කරදර පැමිණේ. මෙම ගස්‌ වර්ග තිබුණ බිමක නව නිවසක්‌ තනනවිට එම ගස්‌ මුලින්ම උදුරා පස්‌ද ඉවත් කළ යුතු යෑයි කියා ඇත. එහි දොස්‌ එතරම්ම උග්‍ර බව පැවසේ.

ගෙවත්තේ ගස්‌ නොසිටුවා කොතනක හෝ ඉඩක්‌ තැබීමද අශූභ බව කියා ඇත. එරබඳු කජු, වතුසුදු ආදී ගස්‌ වර්ගද ගෙවත්තේ නොවැවිය යුතු බවට උපදෙස්‌ දී ඇත. මේ ගණයට සුදු අරලියාද අයත් වේ. එයින් යස ඉසුරු නැතිවේ. කරදර, හිරිහැර ඇතිවේ. මල් වර්ග අතර තද රතුපාට මල් ගේ ඉදිරිපස වැවීම අශුභය. රාජභය හා අනතුරු ආපදා සතුරු කරදර ඇතිවේ. සුදු අරලියා වලින් දුක ශෝක ඇති කරයි. විශේෂයෙන් වද මල් ගස්‌ වැවීමෙන් වද හිංසා ඇතිවන බව පැරණි මතයකි. කටු සහිත ගස්‌ වර්ග ගේ ඉදිරිපස හෝ මිනිසුන්ට දර්ශනය වන තැන්වල වැවීම ශුභ නැත. මේ නිසා ගෙහිමියන්ට අවුල් වියවුල් ඇතිවේ. පතොක්‌ ආදී ගල් මුඩුබිම් ඇසුරුකොට වැවෙන පැළෑටි වගා නොකළ යුතුය. ඇසේ හිසේ රෝග ඇති කරයි. කරදර හිත් තැවුල් වැඩිවේ. ගව සම්පත ගොවිතැන් පාලුවේ. කිරි ඇති ගස්‌ වර්ග ගෙවත්තේ වැවීම අශුභ යයි එක්‌ මතයක සඳහන් වුවද එය ශුභ බවටද මතයක්‌ පවතී.

විෂ සහිත ගස්‌ වැවීම අශුභය. නියඟලා, ජාපාල, කනේරු ආදිය මේ ගණයට අයත්වේ. කිරි මිශ්‍ර ගස්‌ නිසා සොර බිය ඇතිවේ යෑයි කියති. වැල් රුක්‌අත්තන අශුභය. පිච්චමල් වවනවා නම් එම බිම ඉතා පිරිසිදුව තැබිය යුතුය. බෙලි කලුවර සඳුන් මදාරා වැනි ගස්‌ දේවතාගෘහිත වන බැවින් අශුභය. ගෙවත්තෙහි වැවුන ගසකට යම් උවදුරක්‌ වුවහොත් ඒවා උදුරා දැමිය යුතුය. විදුලි සැර හා හෙණ වැදුන දිරාගිය බෙණ සහිත සුළඟින් කැඩී ගිය, වැල්සෙවුන, පනුවන් කෑ ගස්‌ හා දෙබර, බඹර මී, වද බඳින ලද ගස්‌ අශුභ බැවින් ඉවත් කළ යුතුය.

පනුවන් කෑ සහ ඉහත කී පරිදි හානි වූ ගස්‌ තිබීමෙන් ගෙහිමියාට සුව නොවන රෝග සෑදේ යෑයි කියා ඇත. වඳ පීදුනු ගස්‌ ගෙවත්තේ තිබීම ශුභ නැත. පිල්ල සෑදුන ගස්‌ද අශුභය. එසේම යම් ගසක්‌ අස්‌වාභාවික ලෙස පීදී ගෙඩි හටගැනීමද අශුභය. කෙසෙල් ගසක මැදින් පිපිරී මුහ වැටීම පොල් ගස්‌වල අතු ලියලීම, තලමල් පිපීම වැනි දේ තම ගෙවත්තේ සිදු වුණොත් සියලු දෙනාටම අපලය. ඒ ගස දින තුනක්‌ තුළ සහමුලින් ගලවා දමා ශාන්තිකර්මයක්‌ කරවාගත යුතුය.

බෝ, නුග, කරඳ, කොසඹ, තෙලෙඹු. සඳුන්, කුරුඳු, දේවදාර, පස්‌ පැඟිරි, කරපිංච, නා යන ගස්‌වල දර ගෙවත්තේ හෝ මුළුතැන්ගෙයි දැල්වීම අහිතකර විපත් ගෙන දෙන දෙයකි. ඒ නිසා ගෙවත්තේ ගස්‌ වගා කිරීමේදී සහ ඒවා පවත්වාගෙන යැමේදී පැරණි උපදෙස්‌ පිළිපැදීම වඩාත් යෝග්‍ය වේ. එයින් අනවශ්‍ය විපත් කරදර වළක්‌වා ගත හැකිය.

ජ්‍යෙතිෂ හා ගුප්තවේදී පී. සී. පතිරණ
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

වස විස නැතුව පොඩි ඉඩකින් ගෙවත්තේම දඹළ වගාවක් පටන්ගන්න හැටි

අද දේශීය වෙළෙඳපොළේ දඹල කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කි. නමුත් ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදා ගැනෙනුයේ වේලකට දඹල ග්‍රෑම් 250 ක් පමණි. ඒ සඳහා පාරිභෝගිකයා වැය කරන මුදල රුපියල් 30 කි. ගෙවත්තෙන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ආකරයක් වූ දඹල සඳහා අපි මුදලක් වැය කිරීම අනුවණකමකි.

දඹල ශක්තිමත් කඳක් හිමි වැල් වර්ගයකි. දහවල් කාලය වැඩි (දිගු දිවා) විට හොඳ අස්වැන්නක් ලබා දෙයි. පැරැණි ප්‍රභේද මෙම තත්ත්වය මැනවින් නිරූපණය කරන අතර නව ප්‍රභේද මෙම ගුණය ඉවත් කර ඇත. මේ නිසා වසර පුරා සාර්ථක අස්වනු ලබා දෙයි.

ප්‍රෝටීන් බහුල එළවළු අතරින් ඉතා පහසුවෙන් වගා කළ හැකි භෝගයක් වන දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර මෙම සියලු කොටස්වල ප්‍රෝටීන් ඉහළ අගයක් ගනී. තවද කාබෝහයිඩ්රේට්, මේදය, විටමින් A ,B සහ C අඩංගු වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකි බෝගයකි. පාරම්පරිකව වගා කරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකි වූයේ මහ කන්නයේ දී පමණකි. එයට හේතුව එම ප්‍රභේදවල මල් පිපීම සඳහා කෙටි දිවා කාල තිබිය යුතු වූ නිසා ය.

නමුත් වර්තමානයේ දී වසර පුරාම වගා කර අස්වනු ලබාගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ. වියළි කාලයේදී ජලය ලබා දීමෙන් වැඩි ඵලදාවන්ට හිමිකම් කිව හැකිය. දඹල වගාව වානිජ වශයෙන් දැන් වැඩි නැඹුරුවක් දක්වන නමුත් ගෙවතු වගාවක් ලෙස බහුලව දැකිය හැකිය.

වානිජ වශයෙන් වගා කළ විට පන්දලම් හෝ මැස්සක් හෝ සැපයිය යුතුය. ගෙවතු වගාවකදී එක වැලක් හෝ දෙකක් හෝ ගසකට, පන්දලමකට, වැටකට ආදී වශයෙන් වුවද පුහුණු කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය.

හොඳින් ජලය බැස යන වැලි සහිත ලෝම පස වඩාත් සුදුසු වන අතර සෙන්ටිමීටර් 75 X සෙන්ටිමීටර 60 පරතරයක් තිබිය යුතුය. එක් වළකට බීජ 2 – 3 පමණක් සිටුවන්න. බීජ සිටුවා ගැනීමට පෙර වලට කාබනික පොහොර යොදා ගැනීමෙන් හොඳ වර්ධනයක් පෙන්නුම් කරයි.

බීජ සිටුවීමට පෙර මූලික පොහොර ලෙස N. P. K.- 20 : 100 : 40 අනුපාතයට යෙදිය යුතුයි. යූරියා කිලෝග්‍රෑම් 45 යි. ට්‍රිපල් සුපර් පොස්පේට් කිලෝග්‍රෑම් 215 යි.

මියුරියේට් ඔෆ් පොස්පේට් කිලෝග්‍රෑම් 65 යි. මෙය වානිජ වගාවක් සඳහා හෙක්ටයාරයකට නිර්දේශ කර ඇති පොහොර ප්‍රමාණයයි. දඹල සිටුවා සති 04 කදීත්, සති 10 කදීත් හෙක්ටයාරයකට යූරියා කිලෝග්‍රෑම් 20 ක් යෙදීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබෙයි.

වසර පුරාම වගාකර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි වර්ගයකි. කරල් කොළ පැහැතිය. කරලක සාමාන්‍ය බර ග්රෑම් 15 පමණ වේ.

ක්‍රිෂ්ණා
ශ්‍රී ලාංකික ගෙවතු වගාවන් වලදී ඉතා ජනප්‍රිය බෝග ප්‍රභේදයකි. දැනට SLA 44, UPS 12, SLS 40 යන ප්‍රභේද සමඟ දේශිය ප්‍රභේද රාශියක් ගොවීන් විසින් වගා කරනු ලබයි. SLS 44 ප්‍රභේද කොළ පැහැති ප්‍රභේදයක් වන අතර එය 1997 වසරේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.

පස
වැලි සහිත පස්වල මෙන්ම මැටි අධික පස්වලද වගාකළ හැකි බෝගයකි. නමුත් හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු වැලි ලෝම් සහ මැටි ලෝම් පස් වගාව ස‍ඳහා වඩා සුදුසුය.

බිම් සැකසීම
ගැඹුරට බිම පෙරලා කැට පොඩිකර ගන්න. ඉඩමෙහි ජලය රදා සිටීමේ අවදානමක් පවතී නම් උස් පාත්ති හෝ වැටි හා කානු ආකාරයට ඉඩම සකස්කර ගන්න.

බීජ අවශ්‍යතාවය – හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 21 – 23කි, පරතරය – සෙන්ටිමීටර් 75 x සෙන්ටිමීටර් 60කි, වගා කාලය – වර්ෂා කාලය ආරම්භයත් සමඟ බීජ සිටුවන්න. එක් වලක සෙන්ටිමීටර් 2-5 පමණ ගැඹුරින් බීජ 2 – 3 පමණ සිටුවිය යුතුය, ආධාරක සිටුවීම – වලවල් අසලින් සිටුවාගත් ආධාරක කණු වෙත වැල් පුහුණු කරන්න, පොහොර යෙදීම – හොඳින් දිරාපත්වූ කාබනික පොහොර සකසාගත් වලවල්වලට යොදා පස් සමඟ හොඳින් කළවම් කරගන්න. මෙයට අමතරව පහත සඳහන් ආකාරයට රසායනික පොහොර ද වගාවට ලබාදෙන්න.

ජල සම්පාදනය
වියළි කාළගුණික තත්ත්වයන් පවතින අවස්ථාවලදී සතියකට වරක් පමණ බැඟින් වගාවට ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇතිවිට මෙයට වඩා අඩු කාල පරතරයකින් ජලය ලබාදීමට සිදුවනු ඇත.

වල් පැලෑටි පාලනය
ආරම්භක අවස්ථාවේදී දඹල බෝගය ඉතා සෙමින් වර්ධනය වන නිසා මෙම කාලයේදී වල් පැලෑටි පාලනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වන්න. බීජ ප්‍රරෝහණය වී සති 1,3,5,7 සහ 12 දී වල් පැලෑටි පාලනය කිරීම විශේෂයෙන් නිර්දේශ කරනු ලැබේ.

රෝග හා කෘමි හානි පාලනය
දඹල වගාවට විශාල වශයෙන් හානි පමුණුවනු ලබන කෘමින් සහ රෝග පිළිබඳ වාර්තා වී නැත. සමහර අවස්ථාවලදී පත්‍ර ආහාරයට ගන්නා දළඹුවන් හා කරල් විදින පණුවන් වැනි කෘමින් නිසා සුළු හානි ඇතිවිය හැකිය. බැක්ටීරියා මැලවීම නිසා වැල්වලට හානි වී ඇති අවස්ථා පිළිබඳව ද කලාතුරකින් වාර්තා වී තිබේ.

අස්වනු නෙලීම
නිර්දේශිත ප්‍රභේදයෙහි (එස්.එල්.එස්. 44) පළමු අස්වැන්න දින 75 දී පමණ ලබාගත හැකිය. නමුත් බහුල වශයෙන් වගාකරනු ලබන වෙනත් ප්‍රභේදවල මේ සඳහා දින 90 – 100 පමණ කාලයක් ගතවේ. එම අවස්ථාවේ සිට සති 6 – 7 පමණ කාලයක් තුළ අස්වනු ලබාගත හැකිය. දින 3 – 4 වරක් බැඟින් ලපටි කරල් නෙලාගන්න.

අතමිට සරු කරවන තක්කාලි වගාවක් ඔබේ ගෙවත්තේම පටන්ගන්න විදිය

සොලනේසි (Solanaceae) කුලයට අයත් ප්‍රධාන භෝගයක් වන තක්කාලි උද්භිද විද්‍යාත්මකව Lycopersicon esculantum ලෙස හඳුන්වනු ලබයි. පේරු හා ඉක්වදෝරය රටවල් ආශ්‍රිතව සම්භවය වී ඇති තක්කාලි වර්තමානයේ බොහෝ රටවල ප්‍රකට වගාවකි. ආසියාතික රටවල තක්කාලි එළවුළුවක් ලෙස ආහාරයට ගත්තද යුරෝපයේ එය ප්‍රසිද්ධ වනුයේ පලතුරක් ලෙසටය. ශ්‍රි ලංකාවේ යාපනය, දඹුල්ල හා මාතලේ ආදී දිස්ත්‍රික්කවල තක්කාලි මහා පරිමාණයෙන් වගා කරනු දැකිය හැකිය.උඩරට තෙත් කලාපය හැර ලංකාවේ සෙසු සියලු දේශගුණික කලාප වල සාර්ථකව වගා කළ හැකි තක්කාලි ගෙවත්තක වගා කිරීමට සුදුසුම භෝගයකි.

තක්කාලි ප්‍රභේද
කේ. ඩබ්. ආර්. (ටී. 62 ), රෝමා, තක්කාලි KC – 1, තිළිණ, තරිඳු, රවී, රෂ්මි ආදී තක්කාලි ප්‍රභේද වර්ග රාශියක්ම පවතියි.

තක්කාලි තවාන
තක්කාලි බීජ කෙළින්ම වගා ක්ෂේත්‍රයේ සිටුවනවා වෙනුවට තවාන් දමා ඉන් අනතරුව ලැබෙන පැළ ක්ෂේත්‍රයේ සිටුවීම කළ යුතුය .තක්කාලි වගාවකට බීජ තවාන් දැමීමට යෝග්‍යම කාල වකවානුව වනුයේ මාර්තු මාසයේ මැද හෝ අගෝස්තු මාසය අවසානයේදීය.තවානේ පාත්ති වල බීජ සිටුවිය යුත්තේ බීජ පේළි අතර පරතරය සෙන්ටි මීටර 12 ක් වන පරිදිය. බීජ සෙන්ටිමීටරයක් පමණ ගැඹුරකින් පසේ යටකර ඊට උඩින් වසුනක් යෙදීම කළ යුතුය. පසුව සම්පූර්ණ තවානම ආවරණය කිරීම සුදුසුය. තවානට ජලය දිනපතාම දැමීම වැදගත් වේ. පස මතුපිටට දැමූ වසුන සතියකින් පමණ ඉවත් කර ඉන්පසු එළඹෙන ඉදිරි දින දෙක තුන තුළදී අනවශ්‍ය පැළ ඉවත් කළ යුතුය. ක්ෂේත්‍රයේ සිටුවීමට දින කිහිපයකට පෙර සිට තවානේදී පැළ දැඩි කිරීම ආරම්භ කළ යුතුය.

ක්ෂේත්‍රයේ සිටුවීම
තවානේ බීජ සිටුවා සති දෙකක් හා තුනක් අතර කාලයේදී පැළ ගලවා ක්ෂේත්‍රයේ සිටුවීම සිදු කරයි. මෙලෙස තවානෙන් පැළ ඉවත් කරන දිනට පෙර දින වලදී වගා ක්ෂේත්‍රය පිළියෙළ කිරීම ඇරැඹිම සුදුසුය. මීට පෙර බටු,මිරිස් වැනි සොලනේසි කුලයට අයත් බෝග වගා නොකල හොඳින් ජල වහනය වන බිමක් ක්ෂේත්‍රය ලෙස තෝරා ගත යුතු වේ. ඉන්පසු බිම පස් පෙරලා වළවල් සකසනු ලැබේ .සැකසූ වළවල්වල පැළ සිටුවීමට දින තුනකට පමණ පෙර කාබනික පොහොර හා මූලික පොහොර යෙදිය යුතුය. වගා නඩත්තුව බෝගයට ජලය යෙදීම අත්‍යවශ්‍ය වුවත් ප්‍රමාණය ඉක්මවා ජලය වැඩි වශයෙන් එක් කරන්නේ නම් එයද හානිකරය. පැළ සඳහා ආධාරක සිටුවීම කල යුතු අතර මල් පිපීම ඇරැඹිමට ප්‍රථමව එය කල යුතුය.එමෙන්ම වල් පැළවලින් තොරව ක්ෂේත්‍රය පවත්වා ගැනීම වගාවට පසුකාලීනව ඇතිවිය හැකි රෝග හා පළිබෝධ හානි වළක්වා ගත හැකි පහසුම මඟකි.

අස්වැන්න නෙළීම
අස්වැන්න නෙළිය යුත්තේ ගෙඩි කහ පැහැ ගැන්වෙන අවස්ථාවේ ය. පළිබෝධකයෝ කෘමී පලිබෝධකයින් ලෙස තක්කාලි ගෙඩි විදින පණුවා හා කියත් පණුවා ප්‍රධාන වේ. තක්කාලි ගෙඩි විදින පණුවා පළමුව පත්‍ර ආහාරයට ගනිමින් සිට පසුව ඵලය සිදුරු කර ඵල ඇතුළට ගමන් කරයි. කියත් පණුවා පැළ ළපටි අවධියේ පැළ වල කඳ කොටස කා විනාශ කරයි.මෙම හානි පාලනය සඳහා ක්ෂේත්‍රය වල් පැළෑටිවලින් තොරව තබා ගැනීමත් සූර්යාලෝකය යහමින් පතිත වන පරිදි තබා ගැනීමත් සිදු කළ යුතුය. තවද තවානේදී පැළ දියමලන් කෑම වැනි රෝගයන්ට ගොදුරු විය හැකිය.එම නිසා තවාන සැකසීමේදී එහි පාත්ති ජීවාණුහරණය කිරීමත් ජලය පාත්ති වල නොරැඳෙන සේ පාත්ති වටා කානු සැකසීමත් සිදු කල යුතු වැදගත් පිළිවෙතකි.

උමයංගනා පූජනී ගුණසේකර කෘෂිකර්ම පීඨය රුහුණ විශ්වවිද්‍යාලය
(උපුටා ගැනීම සිළුමිණ පුවත්පත)

ගත සිත සුවපත් කරවන ‘ජපන් අරලිය මල්’ ඔබේ ගෙවත්තෙත් වවමුද?

කාර්යබහුල ජීවිතය තුල මඳකට හෝ එයින් මිදී ගත සිත සුවපත් කරනා කාර්යයක නිරත විය හැකි නම්…, එසේ ඔබට අනෙක වාරයක් සිතෙන්නට ඇති. සුන්දර වූ මල් වගාවක හිමිකාරියක් වීම ද ගත සිත සුවපත් කරනා භාවනාවකට සමානය. මලින් පිරුණු සුන්දර ගෙවත්තක් දකින කා හට වුවද ඇති වන්නේ සැනසිලිදායක හැඟීමකි.

මල් වගාවේ නියැලෙන බොහෝ දෙනෙකු එක එක ශාක විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ. කාලයත් සමඟ මෙම නම් වලින්ම එම ශාක ප්‍රචලිත වේ. කෙසේ වුවද මල් වගාව පිලිබඳ උනන්දුවක් දක්වන සැමට එම ශාකයන්ටම අවේනික වූ උද්භිද නාමයන් දන සිටීම ඉතාමත් ප්‍රයෝජන වේවි. අද මල් කලාවේ විසිතුරු ශාක යටතේ අප ඔබට ඉදිරිපත් කරන මේ ශාකය ජපන් අරලිය නමින් හැඳින් වුවද එහි උද්භිද නාමය වනුයේ “ඇඩේනියම්” යන්නයි. අලංකාර මල් රාශියකින් පිරුණු ඇඩේනියම් ශාකය ගෙමිදුලට ගෙන දෙන්නේ ඉමහත් චමත්කාරයකි. වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන බැවින් මෙම ශාකය මනා සුර්යාලෝකයක් ඇති විට හොඳින් වගා කල හැකිය.

ශාකයේ ස්වභාවය
තරමක ගොරෝසු ජපන් අරලිය පත්‍රය අඟල් 04ක් පමණ දිගට වැඩේ. එහි අග කොටස රවුම්ය. වැඩි වශයෙන් කොළ පැහැති පත්‍ර සහිතව මෙම ශාකය දුටුවත්, වර්ණ සහිත පත්‍ර දක්නට ලැබේ. ඉතා අලංකාර හරමක ලොකු මල් හට ගන්නා ඇඩේනියම් හි විවිධ වර්ණ සහිත ප්‍රභේද ඇත. රතු, ලා රෝස, සුදු, ලා දම් පමණක් නොව ද්විත්ව වර්ණ වලින්ද මල් හට ගන්නා අතර මෙම මලක පෙති පහකි. මඳක් දිගටි කෙමියකින් යුක්ත වීම ජපන් අරලියා මලෙහි ඇති විශේෂත්වයයි. සාමාන්‍යයෙන් අඩු පත්‍ර හට ගත්ත ද අතු අගිස්සේ හට ගන්නා බැවින් ජපන් අරලියා ගසෙහි සෑම විටම දැකිය හැක්කේ දඬු ස්වභාවයකි. මෙම ශාකයේ මුල මහත්ව වැඩෙන බැවින් අතු කප්පාදු කිරීමෙන් හොඳ පඳුරක් සකස් කර ගත හැකියි.

වර්ගයා බෝ කිරීම
මෙහි වර්ගයා බෝ කිරීම මඟින් හෝ අතු කැබලි මඟින් මාර්ගයෙන් සිදු කල හැකි වෙයි. අතු පැල කිරීමෙන් ඉක්මනින් ශාකයක් සකස් කර ගත හැකි වනවා පමණක් නොව මව් ශාකයේ වර්ණයෙන්ම මල් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.

බිජ ලබා ගැනීම
මෙම ඇඩේනියම් මල් පර වූ පසුව කරල් හට ගනියි. කරල් මේරු පසු ඒ තුල වූ බිජ ලබා ගෙන තවන් කල යුතු වේ. කරල් මෝරා පිපිරී විසිරීමට ප්‍රථම බිජ අයින් කර ගැනීමට වග බලා ගන්න. මෙම බිජ වලින් පැල කරගත් ශාක වල මල් ඇතැම් විට මව් ශාකයේ පුෂ්පවලට වඩා වෙනස් වීමට ද ඉඩ තිබේ. ඊට හේතුව වනුයේ ස්වභාවිකව සිදුවන පරාගනයයි.

අතු බැඳීම
අතු බැඳීමෙන් පැල ලබා ගත හැකියි. මෙහිදී අතු කැබැල්ලේ මුල් ඇදුණු පසුව එම කොටස වෙන්කර බඳුන් ගත කළ යුතු අතර මේ සඳහා වැලි වැඩි මිශ්‍රණයක් තෝරා ගන්න. එනම් වැලි කොටස් එකකට කොම්පෝස්ට් කොටස් 1/2 වන ලෙසින් සැකසු මෙම මිශ්‍රණයෙහි පැල සිටුවිය යුතුය.

පොහොර භාවිතය
සති දෙකක් පමණ ගත වූ පසුව ශාකයේ වර්ධනයට සමතුලිත පොහොරක් යෙදිය යුතු අතර, මල් ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් සපයන්න. පොහොර යෙදිය යුත්තේ සති දෙකකට වරක් වශයෙනි.

සුර්යාලෝකය
හොඳ ආලෝකයක් ලැබෙන විට අලංකාර මල් මල් රාශියක් ලබාගත හැකි බැවින් තද සුර්යාලෝකයක් පතිත වන ස්ථානයක ඇඩේනියම් ශාක තැන්පත් කිරීම වැදගත්.

රෝග හා පලිබෝධ හානි
රෝග බෝ වීම මඳක් අඩු ශාකයක් ලෙසින් හැඳින් වුව ද මේ ශාකය කඳ කුණුවීමේ රෝගයට භාජනය වේ. එසේ වීමට ඉඩ ඇත්තේ හොඳ ජල වහනයක් නොවූ විටදීය.

එබැවින් හොඳින් ජලය බැස යන පරිදි වගා මාධ්‍යයත්, බඳුනත් සකස් කර ගැනීමට අමතක නොකරන්න. නිවෙසක උඩ මහලේ කොරිඩෝවට හොඳින්ම ගැලපෙන ශාකයක් වූ මෙම ඇඩේනියම් ශාකයට නියමිත පරිදි ජලය, පොහොර සපයා නිසි ලෙස නඩත්තු කිරීමෙන් ඔබටත් ඇඩේනියම් වගාවක හිමිකරුවෙකු විය හැකිය.

(උපුටා ගැනීම thewoman වෙබ් අඩවියෙන්)

ඔබේ ගෙවත්තෙත් ලස්සනට මල් පිපෙන්න රෝස පැලයක් හදාගන්න නිවැරදිම ක්‍රම රැසක් මෙන්න

රෝස කියන්නේ අලංකාරය මෙන්ම අලෙවිය පිණිස වවන මල් අතර ප්‍රමුඛ තැනක් හිමිවන මල් වර්ගයකි. රෝස වලට ඇති වැඩි කැමැත්ත නිසා මල් පැල ගෙනත් සිට වුවද ටික දවසක් යන විට මල් පැලය සරුවට නොවැඩිම, මල් හට නොගනිම, නොයෙකුත් රෝග වැළදිම නිසා වැනි කරුණු නිසා රෝස පැල වගාව ආසාර්ථක වෙයි. නමුත් ඔබ රෝස පැලයක් නිවැරදිව සාදාගන්නෙ කෙසෙද යන්න ගැන දැණුමක් තිබුණානම් ඉහත ගැටළු වලට විසදුම් සොයා ගැනිම පහසු වන අතර සාර්ථකව රෝස පැල නිරෝගිව පවත්වාගත හැකියි. ඒ සදහා පහත කරුණු ගැන ඔබත් අවධානය යොමුකරන්න.

පාත්තියක් සකසා පැළ සිටුවන්නෙ නම්
මෙහිදි පාත්තිය සකසා ගැනිම ඔබ වැවිමට යන රෝස වර්ගය අනුව තිරණය වෙයි. ඒ අනුව පැළ ප්‍රමාණය අනුව හයිබ්‍රට් ට්‍රී රෝස සදහා, පැළ දෙකක් අතර පරතරය අඩි 03 ක් සිටිනසේ පාත්තිය සකසා ගත යුතුයි. ඔබ තෝරාගත් රෝස පැළ කුරු රෝස නම් එවා මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය. නැත්නම් ඔබ වැල් රෝස වගා කිරිමට තිරණය කර ඇත්නම් ගස් දෙකක් අතර පරතරය අඩි 10ක් සිටිනසේ පාත්තිය සකසා ගතයුතුයි.

මිට අමතරව පොළව මත රෝස පැලයක් සිටුවන විට අඩි 1 1/2 සහ 2 ප්‍රමණයේ වලක් සැදිය යුතු අතර පස් වගා භූමියෙන් මදක් ඉහලට වනසේ පස් ගොඩකර ජලය බැසයන සේ සැකසිය යුතුයි.

රෝස පැලයක් පොච්චියක සිටුවනවානම්
මේහිදි ප්‍රමාණයෙන් විශාල පොච්චියක් තෝරාගැනිමට සැළකිලිමත් වන්න. ඊට අමතරව මැටිවලින් නිමවු පොච්චියක් නම් එය වඩාත් උචිත වේ. පොච්චියක පැලයක් සිටවු පසු දින 10ක් පමණ යනතුරු සේවන ලැබෙන සේ තබා, ජලයද දමන්න.

අවශ්‍ය වගා මාධ්‍ය සහ එය සකසා ගැනිම
රෝස පාත්තියක නම් : ඔබ රෝස පාත්තියක වගා කිරිමෙදි වගා මාධ්‍ය ලෙස පස් කොටස් 1 ක්, කොළ පොහොර කොටස් ක්, හොඳින් දිරා ගිය ගොම කොටස් 1/2 ක්, වැලි කොටස් 1/2 ක්, ලෙස තෝරාගත යුතුයි.

රෝස පැළයක් පොච්චියක සිටුවනවානම්: මේ සදහා වගා මාධ්‍ය ලෙස ලොම් පස් කොටස් 1 ක්, කොළ කොටස් 1/3 ක්, දිරූ ගොම කොටස් 1/2 ක්, වැලි කොටස් 1/3 ක්, දැව අළු කොටස් 1/6 ලෙසයි.

ඊට අමතරව පොච්චිය පතුලේ සිදුරු කර ඒ මත වක්‍ර උළු කැට තබාඒ මත බොරළු තට්ටුවක් අතුරන්න. ඊට ඉහලින් වියලි කොළ තට්ටුවක් අතුරා ඉහත සාදාගත් වගා මිශ්‍රණයෙන් පොච්චිය පුරවා පැළය සිටුවන්න.

රෝස වලට හැදෙන රෝග සහ පීළියම්
කළුපුල්ලි රෝගය – රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. මෙම අවස්ථාවේදි පත්‍ර කහ පාටවිම, කළු පුල්ලි ඇතිවීම, රෝග ලක්ෂණ වන අතර වර්ෂාවත් සමග රෝගය පැතිර යයි. මේ සදහා පීළියම් ලෙස ප්‍රොපීනොබ්, අඩංගු දිලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය කරගත හැකියි

පසු මැරිමේ තත්වය – මෙහිදි මුල සිට ඉහලට කළුපාට වන අතර තෙතමනය අධිකවිම නිසා සිදුවේ. මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම වඩාත් සුදුසුයි.

සුදු පුස් රෝගය – මෙම තත්වයේදි ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකි අතර පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරෙනු දැකිය හැකියි. මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්ධනය කලහැකි වේ.

කූඹින්ගෙන් සිදුවන හානි සදහා – කූඹින්ගෙන් ද රෝස වගාවට හානි සිදුවන බව ඔබ දන්නවාද? මෙහිදි කූඹීන් විසින් කොළවල යුෂ උරා බීම නිසා ගස් ඉතා ඉක්මනින් විනාශ වේ. මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මේ තත්වය මර්ධනය කල හැකි වේ.

පිටි මකුණා – මෙම තත්වය යටතේදි මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොන අතර සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස මෙය දැකගත හැකියි. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.

කොරපොතු කෘමියා – මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වෙමින් රෝස පැළය විනාශ කිරිමට කටයුතු කරයි. මේ සඳහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්ධනය කල හැකි වේ. මීට අමතරව කුරුමිණියන්, කුඩා පණු විශේෂ, දළඹුවන්, යුෂ උරාබොන කෘමීන්, මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අමතර ආදායමක් උපයාගන්න ගෙවත්තේම මිරිස් වගාවක් පටන් ගන්න විදිය ගැන හරියටම දැනගන්න

අප රටේ කොයි කවුරුත් දන්නා මිරිස් එදිනෙදා ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. එම නිසා දේශීය වශයෙන් වියලි මිරිස් මෙන්ම අමු මිරිස්වලටද හොඳ ඉල්ලුමක් පවතී. වැඩි ආදායමක් ලබාගත හැකි බෝගයක් ලෙස මිරිස්වලට ප‍්‍රධාන තැනක් හිමි වී තිබේ. සෑහෙන කලක පටන් ගොවි මහතුන් මිරිස් වගාවට කැමති ප‍්‍රධාන හේතු දෙකක් ඇත. ඒවා නම් අපහසුවකින් තොරව අස්වැන්න කල්තබා ගැනීමට හැකිවීම සහ පවතින ඒකාකාර හොඳ මිල යන කරුණුයි. ශ්‍රී ලංකාවේ මිරිස් වගාව ක‍්‍රමයෙන් ව්‍යාප්ත වී අසූූව දශකයේ එහි වපසරිය හෙක්ටයාර් 35000 ක් දක්වා ඉහළ ගියද, අද එය හෙක්ටයාර 18000 ක් පමණ දක්වා පහත බැස තිබේ. අපේ ජාතික අවශ්‍යතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 45000 ක් පමණ වේ. නමුත් වර්තමානයේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මිරිස් විශාල ලෙස ආනයනය කිරීමට සිදුවී තිබේ.

කෙසේ වෙතත් මෑත භාගයේ නොයෙකුත් හේතුන් නිසා ගොවි ජනතාවගේ මිරිස් වගාව ගැන ඇති උනන්දුව අඩු වී තිබේ. මිරිස් ආනයනය කිරීම, ගුණාත්මයෙන් යුත් බීජ අඩුවීම, මිල පහත වැටීම, හා ලෙඩ රෝග මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපෑ කරුණුය. එහෙත් මිරිස් මිල යළිත් ඉහල ගොස් ඇති මෙම වකවානුවේ ඉතා හොඳ ආදායමක් ලබාගත හැකි බැවින් මිරිස් වගාව කෙරෙහි වඩ වඩාත් නැඹුරු වන්නේ නම් අපේ ජාතික අවශ්‍යතාව සපුරා ගැනීමේ ඉලක්කය කරා ළඟා විය හැකිය. මේ ගැන ගොවි ජනතාවගේ අවධානය යොමු විය යුතු කාලය එළඹ තිබේ. ශ්‍රී ලංකාවේ සෑම කෘෂි දේශගුණික කලාපයකම මිරිස් වගා කළ හැකිය. නමුත් තෙත් කලාපයේ මිරිස්, අමු මිරිස් ලෙස බොහෝ විට වෙළෙඳපොළට එන අතර වියළි මිරිස් බහුලව නිපදවනුයේ වියළි කලාපයේය. විශේෂයෙන් මෑත භාගයේ මහවැලි කලාපවල මිරිස් බහුලව වගා කොට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත්තේය.

දේශගුණික අවශ්‍යතාමිරිස් විවිධ දේශගුණික තත්ත්ව යටතේ වගා කළ හැකි නමුත් සම්මත දේශගුණික අවශ්‍යතා තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1600 ක් දක්වා එනම් අඩි 6000 ක පමණ දක්වා උස් ප‍්‍රදේශයන්හි වගා කළ හැකිය. වගාව සඳහා සුදුසු උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 21 – 27 කි. වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 600 – 10000 අතර පවතින ප‍්‍රදේශවල අහස් දියෙන් වගා කළ හැක. අනෙකුත් ප‍්‍රදේශවල ජල සම්පාදනය කළ හැකිය. ගැඹුරු පසක් සහිත සාරවත් හොඳින් ජලය බැස යන ඉඩම් සුදුසුය. ජලය හොඳින් බැස නොයන්නේ නම් මිරිස් ගස් තරමක් දුර්වල වේ. නමුත් උස් පාත්ති යොදා ඒවායේ මිරිස් වගා කළ හැකිය.

නිර්දේශිත ප‍්‍රභේදශී‍ ලංකාවේ මිරිස් වගා කරන ප‍්‍රදේශයන්ට වඩා හොඳින් ගැලපෙන වැඩි අස්වනු ලැබිය හැකි මිරිස් ප‍්‍රභේද 5 ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇත. එම්. අයි. 1, එම්. අයි 2, කේ. ඒ. 2, අරුණලු හා එම්. අයි හොටි එම ප‍්‍රභේදයන් වේ.

එම්. අයි. 1: සෙ.මි. 75 ක් පමණ උසට වැඩෙන මෙම ප‍්‍රභේදයේ සෙ.මී 10 – 12 පමණ දිගින් යුත් කරල් හට ගනී. මාස 5 1/2 – 6 පමණ ආර්ථික ජීවිත කාලයක් පවතින අතර, බීජ වැපිරීමේ සිට මල් පිපීමට ගතවන දින ගණන සෙසු ප‍්‍රභේද වලට වඩා තරමක් වැඩිය. අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවින් අතර ප‍්‍රචලිත ප‍්‍රභේදයකි.

එම්. අයි 2: සෙ.මි. 55 – 60 පමණ උසකින් යුත්, කප්පාදු කළ තේ පඳුරක ආකාරයට වර්ධනය වන මෙම ප‍්‍රභේදයේ අතු බෙදීම ඉතා පහළින් ආරම්භ වේ. සෙ.මි. 5 – 7 ක් පමණ දිගක් ඇති, අග‍්‍රය මොට වූ කෙටි කරල් ඉතා විශාල සංඛ්‍යාවක් එක් පඳුරක දැකිය හැක. කරලක් තුල අඩංගු බීජ ප‍්‍රමණය අධික බැවින් කරල්වල වියළි බර සෙසු ප‍්‍රභේද වලට වඩා වැඩිය. අමු හා වියලි මිරිස් යන දෙආකාරයටම සුදුසු වුවත් වියළි මිරිස් කිලෝවක් නිපදවීමට අවශ්‍ය ඉදුණු මිරිස් ප‍්‍රමාණය කිලෝ හතරකට අඩුය. සෙසු ප‍්‍රභේද වල මෙම අගය හතරක්් පමණ වේ.

කේ. ඒ. 2: එම්. අයි. 2 ප‍්‍රභේදයට සමාන වර්ධන විලාශයක් පෙන්වුවද, එතරම් තද බදව අතු නොබෙදේ. අග‍්‍රය උල් වූ සෙ.මී. 7 – 8 ක් පමණ දිගින් යුත් මධ්‍යම ප‍්‍රමාණයේ කරල්වල මි.මී. 2 පමණ වූ ඝණකම එලාවරණයනක් (පොත්තක්) ඇත. වියළි මිරිස් ලෙස වැඩි කලක් අස්වනු ලබාගත නොහැකි බැවින් හා වියළීමේදී වැඩිකලක් ගතවන නිසාත්, අමු මිරිස් වගාකරුවන් අතර වඩාත්ම ජනප්‍රිය ප‍්‍රභේදයක් ලෙස සැලකිය හැකිය. කොළ කොඩවීමේ සංකීර්ණයට තරමක් ප‍්‍රතිරෝධීතාවයක් පෙන්වයි.

අරුණලු: සෙ.මී. 55 – 60 උසකින් යුත් එතරම් අතු නොබෙදුණු මධ්‍යම ප‍්‍රමාණයේ සෙ.මී. 6 – 8 පමණ දිගින් යුත් කරල් හටගන්නා ප‍්‍රභේදයකි. ඉහළට යොමු වූ කරල් හට ගන්නා බැවින් සෙසු ප‍්‍රභේදයන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනා ගත හැක. දිගු කලක් වර්ණය නොවී කල් තබා ගතහැකි දීප්තිමත් රත් පැහැයෙන යුත් වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත්ම උචිත ප‍්‍රභේදයකි. සෙසු ප‍්‍රභේදයන් වඩා දින 7 – 10 පමණ ඉක්මණින් අස්වනු ලබාගත හැකි මෙම ප‍්‍රභේදයේ සුවිශේෂී ලක්ෂණයක් වනුයේ පළමු අස්වනු වාර 3 – 4 තුළ දී ලැබිය හැකි මුළු අස්වැන්නෙන් 75% ක් පමණ ලබාගත හැකි වීමයි. කරල් ඉහළට පිහිටා ඇති බැවින් අස්වනු නෙලීමේදී වැඩි සැලකිල්ලන් යොමු නොකළහොත් රිකිලි කැඩී යාමක් සිදුවිය හැකිය. ඇන්ත‍්‍රැක්නෝස් රෝගයට මධ්‍යස්ථ ප‍්‍රතිරෝධිතාවයක් පෙන්වුවද, කොළ කොඩවීමේ සංකීර්ණයට ප‍්‍රතිරෝධීතාවයක් නොපෙන්වයි.

එම්. අයි. හොට්: දෙ.මී. 55 – 60 පමණ උසකින් යුත්, පඳුරක් ලෙස වූ මෙම ප‍්‍රභේදය මධ්‍යස්ථ ප‍්‍රමාණයේ කරල් හට ගනී. අමු හා වියලි මිරිස් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි මෙම ප‍්‍රභේදය අස්වනු විභවය සෙසු ප‍්‍රභේදයන්ට වඩා 15% ක් පමණ වැඩිය. කොළ කොඩවීමෙ සංකීර්ණයට තරමක් ප‍්‍රතිරෝධීතාවයක් පෙන්වන අතර ඇන්ත‍්‍රැක්නෝස් හා සෙසු දිලීර ආසාදනයන්ට මධ්‍යස්ථ ප‍්‍රතිරෝධීතාවයක් පෙන්නුම් කරයි. වියළි මිරිස්වල වර්ණය නොවෙනස්ව දිගු කලක් තබාගත හැකි මෙම ප‍්‍රභේදය 2002 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද්දකි.

බීජ අවශ්‍යතාව හා වගා කාලයසාමාන්‍යයෙන් අක්කරයක් වගා කිරීම සඳහා බීජ කිලෝ ග‍්‍රෑම් 01 ක්ද, අවශ්‍ය වේ. මිරිස් වගා කාල වන්නේ මහ කන්නයේදී අහස් දියෙන් වගා කරන්නේ නම් ඔක්තෝබර් මාසයේද මහ කන්නයේ වාරි ජලයෙන් වගා කරන්නේ නම් දෙසැම්බර් ජනවාර මාසවලද, යල් කන්නයේදී වාරි ජලයෙන් වගා කරන්නේ නම් අප්‍රේල් මැයි මාස වලදී පැළ සිටුවීම යෝග්‍යය.

තවාන් සැලසීමහොඳ බිමක් මේ සඳහා තෝරා ගත යුතුය. හොඳින් හිරුඑළිය ලැබෙන, මීට ප‍්‍රථම තවානක් නොදැමූූ ස්ථානයක් වඩා සුදුසුය. ජල සම්පාදනය පහසුවන අන්දමට උස්පාත්ති සකස් කරගත යුතුය. පළල මීටරයක් පමණ වන අවශ්‍ය පමණට දිග වූ පාත්ති සකසා ජීවානුහරණය කළ යුතුය. මේ සඳහා ක‍්‍රම තුනක් විශේෂයෙන් අනුගමනය කළ හැක.පාත්ති පොලිතින් වලින්් වැසීම, රසායනික දිලීර නාශාක යෙදීම දහයියා සහ පිදුරු මඟින් පාත්ති තැම්බීම යන ක‍්‍රම තුනෙන් එකක් භාවිතා කොට පස ජීවානුහරණය කරගත හැක.තවානට බීජ දැමීමට පෙර බීජ කිලෝ ග‍්‍රෑම එකකට කැප්ටාන් 80% කුඩු ග‍්‍රෑම් 06 ක් හෝ තිරාම් 80% කුඩු ග‍්‍රෑම් 04 ක් යොදා බීජ ප‍්‍රතිකාර කළ යුතුය.තවානෙහි බීජ දැමීම සකස් කරගත් පේලි දිගේ හෝ අක‍්‍රමවත්ව විසුරුවා හැරීමට පුළුවන. එක් හෙක්ටයාරයකට මීටර් 3 සහ සෙන්ටි මීටර් 90 පාත්ති 30 ක් අවශ්‍ය වේ. බීජ තවාන් කර දින 08 – 10 ක් ගත වූ පසු සියලුම බීජ ප‍්‍රරෝහණය වී අවසන් වේ. තවානේ පැළ මාසයක් පමණ තැබිය යුතුය.

ක්‍ෂේත‍්‍රයේ සිටවීමහොඳින් කැට පොඩිවන ලෙසට සෙන්ටි මීටර 20 – 25 ගැඹුරින් පස පෙරලා ක්‍ෂේත‍්‍රය හොඳින් සකස් කරගත යුතුය. භූමියේ පිහිටීම අනුව ජලය බැස යන ආකාරයට පාත්ති සහ කානු සකස් කැර ගත යුතුය. දින 25 – 30 ක් පමණ වයසැති සෙන්ටි මීටර් 15 ක් පමණ උස් වූ පැළ ක්‍ෂේත‍්‍රයේ සිටුවීම සඳහා සුදුසුය.

පොහොර යෙදීම හා ජල සම්පාදනය: පැළ සිටුවීමට දින 2 – 3 කට පෙර ත්‍රිත්ව සුපර් පොස්පේට් කිලෝ ග‍්‍රෑම් 40 ක් ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග‍්‍රෑම් 20 ක් ද, අක්කරයට මූූලික පොහොර ලෙස යෙදිය යුතුය. මතුපිට පොහොර ලෙස සති 2 දී හා සති 4 දී අක්කරයට යූූරියා කිලෝ ග‍්‍රෑම් 25 බැගින් යෙදිය යුතුය. එසේම පැළ සිටුවා සති 8 දී තුන්වන මතුපිට පොහොර ලෙස අක්කරයකට යූූරියා කිලෝ ග‍්‍රෑම් 25 සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝ ග‍්‍රෑම් 20 ක් යෙදිය යුතුය. හතරවන මතුපිට පොහොර ලෙස අක්කරයකට යූූරියා කිලෝ ග‍්‍රෑම් 25 ක් යෙදිය යුතුය.

රෝග හා පලිබෝධ හානිමාස 5 ක් පවතින මිරිස් වගාවක් සඳහා සම්පූර්ණ ජල අවශ්‍යතාව හෙක්ටයාර් සෙන්ටිමීටර් 120 ක් හෙවත් අක්කරයකට අඩි 4 කි. පළමු මාස දෙක තුළ දී දින 4 – 5 වරක් බැගින් ජලය යෙදීම ප‍්‍රමාණවත්ය. මල් හා කරල් ලපටි අවස්ථාවන්හිදී වගාවට ජල හිඟයක් ඇති නොවීමට වගබලා ගත යුතුය. මල් හා කරල් හැලීම එමඟින් වළක්වා ගත හැකිය. කිසි විටෙකත් පාත්ති ජලයෙන් යට කිරීම නොකළ යුතුය. ප‍්‍රධාන වශයෙන් දියමලන් කෑම, ඇන්ත‍්‍රැක්නෝස් රෝගය, සිටු මැරීම, කොළ පුල්ලි රෝගය, පාමුල කුණුවීම පත‍්‍ර සිහින්වීමේ තත්ත්වයද ඇතිවේ. මේ හැර පැලමැක්කා, කුඩිත්තා, මයිටා, සුදු මැක්කාගේ හානි නිසා කොළ කොඩවීම ඇතිවේ. මෙය මිරිස් වගාවේ ඇති ප‍්‍රධාන ගැටලුවකි. මේ හැර කරල් විදින දළඹුවාගේ හානියද දක්නට ලැබේ. මේවා රසායන ද්‍රව්‍ය යොදා පාලනය කර ගත හැක.

අස්වැන්න නෙළීම: සිටුවා දින 70 – 80 කට පසුව අස්වැන්න නෙලීම කළ හැකි හොඳින් මෝරා ඇති තද කොළ පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක. වියළි නිෂ්පාදනය සඳහා රතු පැහැ වී ඇති කරල් නෙලා ගත යුතුය. ප‍්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 – 10 ක් අතර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 – 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක.සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ ග‍්‍රෑම් 3 – 4 කින් වියලි මිරිස් කිලෝ ග‍්‍රෑම් එකක් ලබා ගත හැක. හොඳින් මෝරා ඇති තද කොල පාටින් යුත් කරල් අමු මිරිස් වශයෙන් නෙලා ගත හැක. වියළි මිරිස් නිෂ්පාදනය සඳහා රතු පැහැවී ඇති කරල් නෙලා ගත යුතුය. ප‍්‍රථම අස්වනු නෙලීමේ සිට දින 8 – 10 ක් අකර කාලාන්තරයකින් ඉදිරියට මාස 2 – 3 ක් තිස්සේ අස්වනු ලබාගත හැක.සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ ග‍්‍රෑම් 3 – 4 කින වියළි මිරිස් කිලෝ ග‍්‍රෑම් එකක් ලබා ගත හැක. ජල සම්පාදනයෙන් නඩත්තු කරන වගාවකින්, අක්කරයකට වියලි මිරිස් කිලෝ ග‍්‍රෑම් 800 – 1200 ක් එනම් හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 2500 – 3000 ක් පමණ ද ලබගත හැක. අහස් දියෙන් වගා කරන්නේ නම් අක්කරයකට කිලෝ ග‍්‍රෑම් 400 – 600 (හෙක්ටයාරයකට කිලෝ ග‍්‍රෑම් 1000 – 1500) ක් පමණ ලබාගත හැක.වියළි මිරිස් ගබඩා කිරීම සඳහා හණ ගෝනි යොදා ගන්නේ නම් වඩා හොඳයි. ගෝනිවලට තද කර පිරවීම නොකරන්නේ නම් යහපත්ය. ගෝනියක් 2/3 ක් පමණ පිරවීම යෝග්‍යය. මිරිස් ගෝනි පොළොව සමඟ ස්පර්ශ වනසේ ගබඩා නොකළ යුතුය. මසකට වඩා ගබඩා කරන්නේ නම් වරින් වර නැවැත වියළිය යුතුය. මාස 3 කට වඩා ගබඩා කර තැබූූ විට වර්ණය අඩු වේ. එවිට වෙළෙඳපොළ වටිනාකම ද අඩුවේ.මේ දිනවල මිරිස් මිල ඉහළ ගොස් ඇත. අක්කරයක මිරිස් වගා කොට හොඳින් නඩත්තු කළහොත් ආසන්න වශයෙන් වියලි මිරිස් කිලෝ ග‍්‍රෑම් 1000 ක් පමණ ලබාගත හැක. කිලෝ එකක් රු: 150,00 කට පමණ අලෙවි කළහොත් රුපියල් 150,000.00 ක පමණ ආදායමක් උපයා ගත හැක. මේ පිළිබඳව වියළි කලාපයේ හා මහවැලි ගොවි ජනතාවගේ අවධානය නැවත යොමු විය යුතු කාලය දැන් එළැඹ තිබේ.

කේ. බී. ගුණරත්නසහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ව්‍යාප්ති හා පුහුණු අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය

රත්තරන් වලට වඩා වටිනා වල්ලාපට්ටා ශාකය වගාකරන විදිය ගැන හරියටම දැනගන්න

ශ්‍රී ලංකාවේ තෙත් හා අතර මැදි කලාපවල ස්‌වභාවිකව බහුල වශයෙන් වගා වී ඇති වල්ලාපට්‌ටා ශාකය අපේ රටට ආවේනික වූවක්‌ ලෙස සැලකේ. සමහර ගස්‌ අවුරුදු ගණනාවක්‌ පැරණි විශාල කඳන් සහිත ගස්‌වේ. මෙම ගස්‌වල අත්තක්‌ බිඳී ස්‌වභාවිකව තුවාල වී ඒ තුලට ජලය කාන්දු වී ඇති වන “කුණ” නැත්නම් එහි තුල ඇති වන ලොව ඉතාම අගනා වටිනා සුවඳ ඇති මිල අධික සුවඳ විලවුන් නිපදවීමට ගන්නා “රෙසිනය හෙවත් අගාවුඩ් නිපදවයි මෙම රෙසිනය සොයා ගැනීම සඳහා ජාවාරම්කරුවන් මෙම ගස්‌ කපා දමමින් මහා කැලෑ විනාශයක්‌ කරන බව නිතර නිතර පුවත් පත් මගින් දකින්නට ලැබේ. ගස්‌ සීයක්‌ කැපූවත් එක ගසක හෝ දෙකක සුළු ප්‍රමාණයක්‌ මෙම රෙසිනය තිබිය හැක. සමහර විට නොතිබෙන්නටද පුළුවන. ඉවක්‌ බවක්‌ නැතිව නොදන්නා කම නිසා කපා විනාශ කර දැමීමෙන් මෙම ශාකය වඳවී යැමට පුළුවන.

අපේ පැරන්නන් ගවයින් බැඳීමටද ලණු ඇඹරීම සඳහාද, අමුතු බාන, කොල ලණු හා වැට කඩුලු බැඳීමටද දැන් මෙන් තංගුස්‌ පට නොව ගස්‌වල පට්‌ටා භාවිතා කරන ලදී. එවන් එක්‌ ගසක්‌ මෙම වල්ලා ගස වල්ලාපට්‌ටා වූයේ එයින් ලබා ගන්නා පට්‌ටා නිසා වෙනි.

“අගාමුඩ්” වලින් සුවඳ විලවුන්වලට අමතරව තෙල්, හඳුන්කූරු ඖෂධ වර්ග නිපදවයි. මීට අමතරව සුවඳ කාරක ද්‍රව්‍ය, රූපලාවණන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයට බහුලව යොදාගනී. යුරෝපා සහ අරාබි රටවලට මෙම අගාවුඩ් වලින් නිපදවන නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක්‌ ඇත. අරාබි රටවල වාසීන් තම ගෙදරට අමුත්තන් පැමිණ විට ආගාවුඩ්වලින් නිවසට සුවඳ දුම් ඇල්ලීම කරන්නේ ඒ අයට කරන ගෞරවයක්‌ ලෙසිනි. බුදු පුදට අගාවුඩ්වලින් නිපදවන හඳුන්කූරු ලොව වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ චීනය සහ තායිලන්තයයි. වර්තමානයේ මෙම අගාවුඩ්වල ඇති වටිනාකම දෙස බැලීමේදී රත්‍රන් අභිභවා යන තත්ත්වයකට පත්ව ඇත. අගාවුඩ් තෙල් ලීටර් එකක්‌ ඇමරිකන් ඩොලර් 50000 ක්‌ වෙත බව කියවේ. මෙම තෙල් දියර රත්‍රන් ලෙසද හඳුන්වයි.

මෙම වගාව රට තුළ ව්‍යාප්ත කිරීමෙන් වගා කරුවන්ගේ අතමිට සරුකරගත හැකි අතර විශාල විදේශ විනිමයක්‌ උපයා ගත හැක. අගාවුඩ් වර්ග ගණනාවක්‌ ඇත. තෛමලයිසිඒ (ඔයහපැක්‌ජ්ae) කුලයට අයත් උද්භිද විද්‍යාත්මක ඇක්‌විලාරියා (aqමසක්‌රස්‌) නමින් හැඳින්වේ. ලංකාවේ ඇති ප්‍රභේදය ඇක්‌විලාරියා වල්ලා වේ. මීට අමතරව ඇක්‌විලානියා ක්‍රෙෂ්නා ඇක්‌විලානියා සබින්ටෙග්රා, ඇක්‌විලාරිය, බේල්ලොනිල් යනු කීපයකි. මෙම වගාව මෙරට තුල ව්‍යාප්ත කිරීම සඳහා සමාගම් කීපයක්‌ ඉදිරිපත් වී ඇත. ඒ අතරින් සදාහරිත වැවිලි සමාගම විසින් අවුරුදු කීපයක්‌ පර්යේෂණ මට්‌ටමින් වගා කර එය කළ හැකි බව තහවුරු කර ගෙන මෙරටට ගැලපෙන වර්ගයක්‌ ලෙස ඇක්‌විලාරියා ක්‍ෂේනා වර්ග හඳුන්වාදී ඇත. වියට්‌නාමය කාම්බෝජය, තායිලන්තය, ලාඕසය වැනි රටවල වාණිජ වගාවක්‌ ලෙස ව්‍යාප්ත වී ඇත. මෙම වගාව මහාපරිමාණයෙන් හෝ ගෙවතු වගාවක්‌ ලෙස ඉඩකඩ ඇති සැටියෙන් අපරට තුළ වගා කර ඉහළ ආදායමක්‌ ලැබිය හැකි අතර අප රට වල්ලා පට්‌ටා සංහාරයද තරමක්‌ දුරට හෝ පාලනය කළ හැක. මෙම ආර්ථික වැවිල්ල සඳහා ආසියාවේ විශාලතම අගාවුඩ් පැළ තවානද මෙම සමාගම මගින් ඉංගිරියේ පිහිටුවා ඇත. ලොව අගාවුඩ්වලට ඇති ඉල්ලුම අධික වී ඇත්තේ මෙම සුවඳට සමානව කෘතීමව අගාවුඩ් ආදේශකයක්‌ මෙතෙක්‌ නිපදවීමට නොහැකි වීමයි.

පහතරට තෙත් හා මැදරට තෙත් කලාප වගාවට වඩාත් සුදුසු වූවත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජල සම්පාදනය යටතේ වගා කළ හැක. සෙවනට ලැදි වාතයේ ආර්ද්‍රතාවය ප්‍රිය කරන ශාකයක්‌ නිසා පොල් කෙසෙල් වැනි භෝග අතර වගා කිරීමෙන් වැඩි වර්ධනයක්‌ පෙන්නුම් කරයි. මේ හැර වියළි කලාපීය ප්‍රදේශවල ජලසම්පාදනය යටතේ දැනටමත් මෙම සමාගම හරහා ගොවීන් විසින් වගා කර ඇත.

වගාවට භූමිය තෝරා ගැනීමේදී හොඳින් ජල වහනය වන, අධික මැටි, වැලි හා ලවන රහිත, ගල් බොරළු නැති සරු බිමක්‌ තෝරා ගත යුතුය. භූමිය හොඳින් පස පෙරළා බිම සකස්‌ කර අධික සෝදාපාලු ඇත්නම් ගල් වැටි වැනි සුදුසු පාංශු සංරක්‍ෂණ ක්‍රමයක්‌ අනුගමනය කල යුතුය. පැල සිටුවීමේදී පැල දෙකක්‌ අතර අඩි 10 ක පරතරයක්‌ද පේලි අතර අඩි 11 ක පරතරයක්‌ද සිටින සේ අඩි 1 1/2, 1 1/2, 1 1/2, වලවල් කපා මතුපිට පස්‌ සමග කාබනික පොහොර කි. ග්‍රෑ 05 ක්‌ පමණ මිශ්‍ර කර එක වලකට එකතු කළ යුතුය. මීට අමතරව නිල් කැට පොහොර හෝ දැවපොහොර මිශ්‍රණය එකතු කිරීම වගාවේ සාර්ථකත්වයට හේතුවේ පැල සිටුවා සුළගින් පැලවලට හානි සිදු විය හැකි බැවින් ආධාරක කොටු සිටුවා බැඳිය යුතුය. වියලි කාලවලදී ජල සම්පාදනය කිරීමෙන් වර්ධනය ඒකාකාරීව තබා ගත හැක. වල් පාලනය හොඳින් කළ යුතු අතර අඩු තරමින් පැල වටා අඩි 2-3 ක ප්‍රමාණයක්‌ හොඳින් උදළු ගා වල් රහිතව තිබිය යුතුය. කෘමි හා පළිබෝධ හානි එතරම් නැති වූවත් කොල සහ කහ පැහැති කෘමීන් ඇත්නම් සුදුසු කෘමිනාශකයක්‌ යෙදිය හැක. මනා ලෙස වර්ධනය වූ ගස සෘජුව හොඳ ශාඛා වියනක්‌ සහිතව තිබිය යුතුය. කඳ මැදින් එන රිකිලි මව් ගසට ආසන්නයෙන්ම කපා ඉවත් කල යුතුය. අඩි 15 ක්‌ පමණ උසට වැඩෙන අතර සශ්‍රික වගාවක්‌ සඳහා අවුරුදු පතා කාබනික පොහොර හා නිල්කැට පොහොර හෝ දැව පොහොර යෙදිය යුතුය.

වගාවට අවුරුදු හයක්‌ සම්පූර්ණ වූ විට පොළව මට්‌ටමේ සිට උස මීටර් 4 දී කඳෙහි වට ප්‍රමාණය සෙන්ටි මීටර් 45 දී ගස තුළ කෘතීමව අගාවුඩ් නිපදවීමේ රසායනිකය තාක්‍ෂණික මෙවලම් කට්‌ටලය මගින් විද්‍යානු කුලව ගසවිද ඇතුල් කරනු ලැබේ. මෙම උපකරණ කට්‌ටලය ණ්‌නසඑ (Cමකඑසඩ්ed aට්‌රඅදදා නසඑ) නමින් හැඳින්වේ. එම ක්‍රියාවලියේ එකම හිමිකරුවා වන්නේද සදාහරිත වැවිලි සමාගම වන අතර එහි තාක්‍ෂණික නිලධාරීන් මෙම කාර්යය ඉටු කර දෙනු ඇත. අවුරුදු 8 සම්පූර්ණ වන විට ගස තුළ අගාවුඩ් වර්ධනය වී ඇත.

ඒ ඇම්. සරත් චන්ද්‍රබණ්‌ඩාර (විශ්‍රාම ලත් කෘෂිකර්ම උපදේශ නාඋල)
(උපුටා ගැනීම දිවයින පුවත්පත)

අතමිට සරු කර හොඳ ආදායමක් ලබාගත හැකි බද්ධ රඹුටන් වගාවක් පටන් ගන්න විදිය මෙන්න

රඹුටන් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පලතුරක්. රඹුටන් වාරේ වෙළෙඳ පොළ තුළ විදේශිකයන්ගෙන්ද මේ සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා. ඇතැම් වාරවල ගෙඩියක් රුපියල් අටකටත් වඩා ඉහළ යන අවස්ථා දැකිය හැකියි. ඒත් මේ වගාව ආදායම් මාර්ගයක් හැටියට යොදාගන්නේ සීමිත පිරිසක්. රඹුටන් වගාවක් ක‍්‍රමානුකූලව කරන්නේ නම් ඉතාමත් පහසුවෙන් හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කරගත හැකියි.

‘සැන්ඩේසි’ කුලයට අයත් වන රඹුටන් ගස උද්භිද විද්‍යාත්මක ව හඳුන්වන්නේ ‘නෙෆලියම් ලප්පා සියමු’ (නෙපිහිලියුම් ලැප්කුසියුම්) නමිනි. මෙහි නිජබිම මලයාසියාව වුවද මේ වන විට අග්නිදිග ආසියාවේ තවත් රටවල් 140 ව්‍යාප්ත වී ඇත. 15 වන සියවසේ දී මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීිසීන්ගෙන් ලද දායාදයක් ලෙස රඹුටන් හඳුන්වයි.පැණි රඹුටන්, වල් රඹුටන් කරත්ත රඹුටන් යනුවෙන් විවිධ නමින් හඳුන්වනු ලැබූූ රඹුටන් වර්තමානය වන විට ගුණාත්මක භාවය වර්ධනය වී මැලේසියන් රතු මැලයන් රතු මැලේසියන් කහ මැලයන් කහ මල්වාන විශේෂ ආදී වශයෙන් බද්ධ රඹුටන් වර්ග කිහිපයක් ද ජාවා ලබුක බෝලා ජාවා සින්ජන් ජානි ජාවා සිසිලස්, ජාවා සින්ටිජාන් ආදී වශයෙන් ද රඹුටන් වර්ග කිහිපයක් ම ඇත.රඹුටන් දේශීය වෙළෙඳ පොළට මෙන් ම විදේශීය වෙළෙඳ පොළට ද යැවීමට කටයුතු කිරීම අවශ්‍ය වන අතර ටින් කර අපනයනයට ද මග සැලසිය හැකිය. ජෑම් වර්ග, කෝඩියල් වර්ග, රඹුටන්වලින් නිෂ්පාදනය කළ හැකිය. විශේෂයෙන් ම රජයේ මැදිහත් වීමෙන් රඹුටන් වගාකරුවනට ද සහනාධාර ලබාදීමෙන් ඔවුන් දිරිමත් කිරීමෙන් ද ඊට සරිලන හොඳ වෙළෙඳ පොළක් සකස් කර දීමෙන් ද රටේ ආර්ථිකයට පිටුවහලක් ලබාගත හැකිය.ව්‍යාපාරයක් වශයෙන් රඹුටන් වගාවක් කරන්නේ නම් රඹුටන් පැළ තවානක් සකස් කර ගැනීම පිළිබඳ අවබෝධයක් වැදගත්වේ.බද්ධ රඹුටන් පැළ තවානක් ආරම්භ කිරීමේ දී කරුණු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුකළ යුතුය. ඉන් ප‍්‍රධාන කරුණ නම් බද්ධ පැළ සඳහා පවතින වර්තමාන ඉල්ලුම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමය. තවාන සුළු පරිමාණයෙන් ආරම්භ කර පසුව ක‍්‍රමයෙන් නිෂ්පාදිත පැළ ප‍්‍රමාණය වැඩි කිරීම හොඳම ක‍්‍රමය වේ. එසේ කිරීමෙන් පැළ තවානක් කෙරෙහි ගැනුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු වේ. මෙම විශ්වාසය ක‍්‍රමයෙන් ගොඩනැගිය යුතුය.සුදුසු ස්ථානයක් තෝරා ගැනීම තවානේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුවකි. වර්ෂය පුරාම ජලය හොඳින් තිබිය යුතු අතර වියලි කාලගුණයක් පවතින කාලවල දී ද ජලසම්පාදනය කර හෝ ජලය සපයා ගැනීමට අවශ්‍ය වේ. විශේෂයෙන් ම තවාන් පැළ වලට කාබනික පොහොර අත්‍යවශ්‍ය වෙයි.

පස සකසා ගැනීමපස ගැන සැලකිලිමත් වීම ද අවශ්‍ය වේ. තවාන් භූමියේ පස් සමහර විට සුදුසු නොවන්නේ නම් වෙනත් සුදුසු ස්ථානයකින් පස් සපයා ගැනීම කළ හැකිය. කොළ රොඩු දිරා ගිය ගස්යට වූ කාබනික ද්‍රව්‍ය අධිකව මතුපිට පස් අඟල් 1 – 2 ක් ගැඹුරට සුරාගත් පස් යොදා ගත යුතුය. රඹුටන් බීජවලට සමහර අවස්ථාවල දිලීර ආසාදන පැතිරිය හැකි බැවින් පස් ජීවානුහරණය කළ හැකි නම් එය ආරක්‍ෂාකාරීවේ. මේ සඳහා මෙම තවාන් මිශ‍්‍රනය වාෂ්පයෙන් තැම්බීමෙන්් හෝ අධික උෂ්ණත්වයට භාජනය කිරීමෙන් හෝ නාශක වර්ගයක් භාවිතා කිරීමෙන් කළ හැකිය.

බීජ තෝරා ගැනීමපැල තවාන නඩත්තු කිරීමේ දී සූර්යාලෝකය විවිධ ප‍්‍රමාණයෙන් අවශ්‍ය වෙයි. තවානේ කොටසකට හොඳින් සූර්යාලෝකය ලැබීම ද කොටසකට මද සුර්යාලෝකය ද කොටසකට සෙවන සහිත වීමද අවශ්‍ය වේ. මෙම සෙවන සහිත කොටස කෘත්‍රිමව හෝ ස්වාභාවිකව නිර්මාණය කරගත හැකිය. ඒ සඳහා දැල් ගෘහ ප්‍රෙපගේටර් හෝ ගස් හෝ වැල් මගින් ඇති කරනු ලබන සෙවණ වශයෙන් යොදා ගත හැකිය.බද්ධ රඹුටන් පැළ තවානක් ආරම්භ කිරීමේ දී රඹුටන් බීජ තෝරාගැනීම, ප‍්‍රරෝහනය කරගැනීම, වැලිතවාන් අනුජ තෝරා ගැනීම හා බද්ධ කිරීම, වැලි තවාන් ක‍්‍රමය බඳුන් මිශ‍්‍රනය හා බදුන් පිරවීම ආදි දේ පිළිබඳව විශේෂ දැනුමක් තිබිය යුතුය.ග‍්‍රාහක පැළ සඳහා බීජ තෝරා ගැනීමේ දී බීජ ලබාගත් ශාකයේ ගුණාත්මය පිළිබඳ එතරම් සැලකිලිමත් නොවුනත් සෑම විටම විශාල බීජ සහිත ශාකයකින් බීජ ලබාගත යුතුය. එම බීජවලින් දිරිමත් නිරෝගී පැළයක් ලබාගත හැකිය.මෙම බීජ ලබා ගැනීම සඳහා මව්ශාක වවාගැනීම ඉතාම ප‍්‍රයෝජනවත් වේ. එහි දී උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුත් විවිධ දියුණු කළ ප‍්‍රභේදවල මව් ශාක වවාගැනීම අවශ්‍යය. තවානක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ දී අනුජ ලබාගන්නා මව් ශාක පිළිබඳව ද සලකා බලන අතර පලතුරු පැළ සඳහා දෙපාර්තමේන්තු ප‍්‍රමිති සහතිකය (ලේබලය) යෙදීමේ දී බද්ධ අංකූර ගත් ස්ථානය සලකා බලනු ලැබේ. බද්ධ අංකූර ගත් මව්ශාක කෘෂි දෙපාර්තමේන්තුව අනුමත කළ මව් ශාක උද්‍යානයකින් ලබාගත් බවට සහතිකයක් තිබිය යුතුය.මේ ආකාරයෙන් ලබාගත් ගෙඩිවල මදය කූඩයක් වැනි භාජනයක අතුල්ලා ඉවත් කර පසුව පැය 24 ක පමණ කාලයක් මද පවනේ වියළීමට හැර කැප්ටාන් වැනි දිලීර නාශකයක් බීජවල හොඳින් ගල්වා තවාන් කරන්න.

වැලි තවාන් ක‍්‍රමයවැලි තවාන් ක‍්‍රමයේ දී අඩි 03 ක් පමණ පළල අවශ්‍ය ප‍්‍රමාණයට දිග සහ අගල් 6 – 8 ක් ඝනකමට වැලි පිරවිය හැකි ලෙසට තවාන සකසා ගත යුතුය. මෙම වැලි ගංගා වැලි නම් වඩාත් සුදුසුය. මෙම තවානේ පැළවල පත‍්‍ර කොළ පැහැයට හැරෙන විට බඳුන්වල සිටුවිය යුතුය. මෙම බඳුන් මිශ‍්‍රනය හා පිරවීම වඩාත් වැදගත්ය. මෙම මිශ‍්‍රනය සඳහා මතුපිට පස් කොටස් 01 ක් කොම්පෝස්ට් පොහොර කොටස් 01 ක් සහ ගංගා වැලි කොටස් 1/2 ගෙන මිශ‍්‍රකළ යුතුය. කෙසේ වෙතත් මෙහිදී මතුපිට පස්වල ස්වභාවය අනුව එකතු කරන වැලි ප‍්‍රමාණය අඩුවැඩි කරගත හැකිය. බදුන් සෑදීම සඳහා ගේජ් 300 කලු පොලිතීන් යොදා ගත යුතු අතර බඳුනක උස අගල් 11 – 12 පමණ විය යුතු අතර අගල් 08 ක් පමණ පළල විය යුතුය. මෙම බදුන් සඳහා ඉහත පස් මිශ‍්‍රනයෙන් පුරවා ගත යුතුය. පැළ සිටුවා මාස 8 – 12 ක කාලයක් තුළ පැළය බද්ධ කිරීමේ සුදුසු තත්ත්වයට පත්කර ගත හැකිය.

බද්ධ කිරීමඅනුජය තෝරා ගැනීම හා බද්ධ කිරීම ඉතාමත් වැදගත් කාර්යයක් වේ. විශේෂයෙන් රඹුටන් බද්ධ කිරීමේ දී කාලගුණ තත්ත්වයේ බලපෑමක් ඇත. එනම් අධික වියළි කාලවල දී බද්ධ කිරීමේ සාර්ථකත්වයේ ප‍්‍රතිශතය අඩුය. අනුජයෙහි හා ග‍්‍රාහකයෙහි පොතු ගැලවීම ඉතාමත් හොඳින් සිදුවිය යුතුය. අධික වියලි කාලවල දී පොතු ගැලවීම අපහසුය. සාමාන්‍යයෙන් රඹුටන් මව්ශාකවල ගෙඩි හටගෙන මෝරා ඇති අවස්ථාවල පොතු ගැලවීම සිදුනොවේ. ශාකයට නිසි ආකාරව ජලය හා පෝෂක නොලැබේ නම් පොතු ගැලවීම අපහසුය. ග‍්‍රාහක ශාකවලට ද මෙම තත්ත්වය බලපානු ලැබේ. බද්ධය වැඩි ප‍්‍රතිශතයකින් සාර්ථක වීමට නම් ග‍්‍රාහකය හා අනුජය යන කොටස් දෙකෙහිම ඉතා හොඳින් පොතු ගැලවීම සිදුවිය යුතුය. අඩ දළ දඩු පත‍්‍ර හැලුන ස්ථානවලින් අංකූර ගැනීම සිදුවේ. සති දෙකකට පෙර පත‍්‍ර ඉවත් කිරීමෙන් ද අංකූර සුදානම් කළ හැකිය.

පැළැස්තර බද්ධයග‍්‍රාහකය පැන්සලක් තරම් මහත් වු විට පොළොව මට්ටමේ සිට අඟල් 6 – 8 ක්් ඉහළින් පැලැස්තර බද්ධය බහුල වශයෙන් සිදු කරයි. බද්ධය සිදුකර සති 03 කදී පොලිතීන් පටිය විවෘත කර බද්ධය සාර්ථක වී ඇත්නම් ඉන් සතියකට පමණ පසු බද්ධ සන්ධියේ සිට අගල් 02 ක් ඉහළින් ග‍්‍රාහකයේ උඩ කොටස ඉවත් කළ යුතුය. මෙම කැපුම් ස්ථානයේ දිලීර නාශකයක් ආලේප කළ යුතුය. බද්ධය සාර්ථක වීම සඳහා බද්ධකරුගේ ප‍්‍රවීනත්වය බෙහෙවින් බලපානු ඇත.ග‍්‍රාහකයේ ඉහළ කොටස ඉවත් කර සති 02 ක් පමණ වූ විට අංකූරය වර්ධනය වීම ආරම්භ වේ. ග‍්‍රාහකයෙ වෙනත් ස්ථානවලින් හටගන්නා රිකිලි කඩා ඉවත් කළ යුතුය. බද්ධ අංකූරයෙන් ද එක් ශාඛාවක් පමණක් වර්ධනය වීමට ඉඩහැරිය යුතුයි. බද්ධ රිකිල්ල අඩි 1 – 2 ක් පමණ උස් වූ විට අලෙවිය සඳහා සුදුසුය. අලෙවියට පෙර පැළ හිරු එළියට හුරු කිරීම කළයුතුය.මේ කාර්යයේදී පුහුණු කම්කරු ශ‍්‍රමය හා ප‍්‍රවාහන පහසුකම් ඉතාම වැදගත්වේ. නුපුහුණු කම්කරුවන් නම් සති කිහිපයක් විශේෂ කාර්යයන් සඳහා පුහුණුකර වැඩට යෙදිය යුතුය. පොලිතීන් බදුන් සැකසීම, පස් මිශ‍්‍රනය පිළියෙල කිරීම, බදුන් පිරවීම, බද්ධ කිරීම පොහොරයෙදීම හා ජලය සැපයීම සඳහා පුහුණු ශ‍්‍රමය අවශ්‍ය වේ.තවානට අවශ්‍ය යෙදවුම් ප‍්‍රවාහනයට ද තවානේ නිෂ්පාදන අලෙවිය සඳහා ද හොඳ ප‍්‍රවාහන මාර්ග තිබීම අත්‍යවශ්‍ය කරුණකි.මෙම කරුණු ප‍්‍රයෝජනයට ගැනීමෙන් ඔබට හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි ක‍්‍රමානුකූල සකස් කරන ලද බද්ධ පැළ තවානක් සකස් කර ගත හැකියැයි අපි විශ්වාස කරමු.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හරි විදිහට සරුවට මල් වැවෙන්න ඕකිඩ් වවනවනම් මෙන්න ක්‍රමය

අපි කවුරුත් ලස්සන ඕකිඩ් පඳුරක් අපේ ගෙවත්තේ හදාගන්න ආසයි. ඒත් ගොඩක් අය හිතේ තියෙන ආසාවට කඩෙන් ඕකිඩ් පැළයක් ගෙනාවට ඒකට හරියට සාත්තු කරන්න දන්නෙ නැති නිසා වැඩිකාලයක් යන්න කලින් ඕකිඩ් පැළය මරාගන්නවා. හරියට ඕකිඩ් පැලයකට සාත්තු කරන්න දන්න කෙනෙක් ටිකෙන් ටික තම වගාව ව්‍යාප්ත කරගෙන එය ව්‍යාපාරයක් මට්ටමටම දියුණු කරගන්නවා. අද අපි ඔබට කියලා දෙන්නේ ගෙදරදි වැඩි වියදමක් නැතිව ඉතාමත් අඩු යෙදවුම් සහිතව ඕකිඩ් මල් වගාවකට පිවිසිලා එය වාණිජ මට්ටමටම දියුණු කරගන්න පුලුවන් ආකාරය ගැනයි. ඉස්සෙල්ලා පොඩියට ගස් කීපයක් වවලා මේක අතපත ගාලා අත්දැකීම් අරගෙන ඒක හොඳට ඇඟට පත්තියන් වුනාට පස්සේ ව්‍යාපාරික මට්ටමින් සා‍ර්ථකව මේ වගාව කරගෙන යන්න වුනත් පුලුවන්.

ඔබ වාණිජ වගාවක් නොකර විනෝදාංශයක් ලෙස මෙය වගාකරනවා නම් අඩුම යෙදවුම් සංඛ්‍යාවක් සහිතව මේ වැඩේ කරගන්න. ගැල්වනයිස් බට ගෙනැල්ලා ආරක්ෂිත ගෘහ හදන්න ඕනි නෑ.. ගෙදර වත්තෙ පිටියේ හොඳට සෙවණ වැටෙන තැනක් තියෙනවා නම් (50%ක් සූර්යයා ලෝකය ලැබෙන), පැළයට අවශ්‍ය තෙතමනය ප්‍රමාණය විතරක් ලැබෙන, අනවශ්‍ය වතුර හොඳට බැහැල යන ලෙස පැලය සිටුවන මාධ්‍යය (මීඩියා එක) සකසා ගන්න පුලුවන් නම් ඔබ බොහෝ වැඩ කොටසක් කරගෙන අවසන්. ඊට පස්සෙ ඔයාට තියෙන්නේ අවශ්‍ය පොහොර නියමිත අනුපාත වලින් දියරයක් ලෙස සකසා විටින් විට ස්ප්‍රේ බෝතලයකින් ඉසීම විතරයි. (පොහොර යොදන විදිහ අපි තව ටිකකින් කියලා දෙනවා )

මෙම ඕකිඩ් පැළ අව්වට, වැස්සට, අපේ ස්වභාවික සුළඟට හොඳට නිරාවරණය වෙන විදිහට හදන්න. ගෙවත්තේ සෙවන සහිත තැනක් නැත්නම් 50%ක් සූර්‍යයාලෝකය ලැබෙන නෙට් එකක් කඩෙන් මිළදී අරගෙන උණ ලී දෙකක නෙට් එක රඳවලා පොඩි ආවරණයක් හදාගන්න. මේවට අවශ්‍ය N (නයිට්‍රජන්) ඇතුළු බොහෝ පොහොර වර්ගයන් ස්වභාවිකව ලැබෙන්නේ වැස්සෙන්, ඒක නිසා වැසි වතුර ටික පැළය හිටවපු මාධ්‍යය තුළින් හොඳට බැහැලා යනවා නම් වැස්සට කොහෙත්ම බය වෙන්න එපා. එය ආශිර්වාදයක් ලෙස සලකන්න. කිසිම විටෙක දිලීර හානියක්, කෘමි හානියක් එන්න කලින් ඕකිඩ් ගහට දිලීර නාශක, කෘමි නාෂක ඉසින්න යන්න එපා. එයාට එයා විසින්ම හොඳ ප්‍රතිශක්තියක් ඇති කරගෙන පරිසරයට හොඳින් ඔරොත්තු දෙන ශක්තිමත් ගහක් ලෙස වැඩෙන්න දෙන්න.

අපිට ඕකිඩ් පැළ සිටුවන මාධ්‍යය විදිහට කුඩා වියළි පොල්ලෙලි කැබලි සමඟ අඟුරු කැබලි, කුඩා උළු කැට කැබලි හෝ චිප්ස් ගල් ආදිය එකක් හෝ මේ කිහිපයම යොදාගන්න පුලුවන්.

පොල් ලෙල්ලක් ගන්නවිට වියළි පොල් ගෙඩියක පොල්ලෙල්ලක් ම ගන්න. මෙම පොල් ගෙඩියේ නැට්ට සම්බන්ධවන පැත්තේ ඇති කොහු වලින් තරමක් ඝනමින් යුක්ත කොටස කපා ඉවත් කරගන්න. අපි පොල් ලෙල්ලේ චිප්ස් සෑදීමට ගන්නේ මේ ඉතිරි පොල් ලෙලි කොටසයි. දැන් ඉතින් හොඳ කැපෙන මන්නයක් වැනි පිහියක් ආධාරයෙන් ශක්තිමත් කොටයක් උඩ මේ පොල්ලෙල්ල තියලා අඟල් 1/2, අඟල් 3/4, අඟල් 1 පමණ ප්‍රමාණයේ කැබලි වලට පොල් ලෙල්ල කපා ගන්න. කපාගත් මේ චිප්ස් කැබලි හොඳට වතුර භාජනයක පොඟවලා ගිල්වලා තියන්න. දවසකින් දෙකකින් එහි සැර ගතිය ඉවත් වුනාට පස්සේ එම භාජනයෙන් චිප්ස් ටික වෙන්කර ගන්න.

නිතරම පාහේ වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක සිටින අයෙක් නම් මාධ්‍යයට යොදන පොල් ලෙලි චිප්ස් ප්‍රමාණය අඩු කරගන්න. අතරමැදි කලාපයක අයෙක් නම් මාධ්‍යට යොදන පොල් ලෙලි චිප්ස් වල අනුපාතය අපි ඔයාලට පසුව කියලා දෙන අනුපාතයෙන්ම තියාගන්න. වියළි කලාපයක වාසය කරන කෙනෙක් නම් මාධ්‍යයට යොදන පොල් ලෙලි චිප්ස් ප්‍රමාණය අනෙක් ඒවාට සාපේක්ෂව තරමක් වැඩි කරගන්න.

ඔන්න දැන් අපි යන්නේ ඔයාලට මාධ්‍යය සකසා ගන්න හැටි, පොහොර දමන හැටි ආදී බොහෝ කරුණු කාරණා කියලා දෙන්න. මෙය ඕකිඩ් විනෝදාංශයක් ලෙස වවන අයට මෙන්ම වාණිජව වගා කරන අයටත් එක සේ වැදගත් වන පාඩමක්.

බඳුන් මාධ්‍යයක තිබිය යුතු ලක්ෂණ වන්නේ, තරමක් තෙතමනය රැඳෙන, ඉක්මනින් ජලය බැසයන, මුල් වලට පහසුවෙන් රිංගාගෙන යා හැකි හොඳ වාතනයක් සහිත ඉඩකඩ ආදී කරුණුයි. මේ සඳහා, අපට බඳුන් මාධ්‍යය සාදාගැනීමට පහත සඳහන් දෑ එකතු කරගත හැකියි.

විශ්කම්භය 5″ (අඟල් 5 ) සිට ඕනෑම විශාල ප්‍රමාණයක බඳුනක සිටුවිය හැකි පැළයකට ගත හැකි බඳුන් මාධ්‍යයන්..
පොල් ලෙලි කැබලි සමඟ උළු කැට කැබලි, අඟුරු සමඟ පොල්ලෙලි කැබලි, චිප්ස් ගල් සමඟ කොහුබත්, අඟුරු, පොල්ලෙලි කැබලි හා උළු කැට කැබලි, අඟුරු පමණක්, පොල්ලෙලි කැබලි පමණක්, විශ්කම්භය 2″ (අඟල් 2 ) නෙට් පොට් එකක පැළ කිරීම සඳහා බඳුන් මාධ්‍යය :- කොහුබත් සමඟ චිප්ස් ගල්

මෙහිදී ගල් කුඩු ඉවත් වන පරිදි හොඳින් සෝදා පිරිසිදු කරගත් පැතලි චිප්ස් ගල් සමඟ කොහුබත් 2:1 අනුපාතයෙන් සකසා ගත හැකියි. (පැතලි චිප්ස් ගල් කොටස් 2 : කොහුබත් කොටස් 1 )
කුඩා පොල්ලෙලි කැබලි පමණක්
මෙම ඉහත සියලුම වගා මාධ්‍යයන් මඟින් පැළවලට පෝෂණය සැපයීමක්‌ සිදු නොවේ . පෝෂණය ලබා දිය යුත්තේ පොහොර භාවිතයෙනි.

කුඩා පැළ විශාල ප්‍රමාණයක් ඇති කොම්පොට් එකක බඳුන් මාධ්‍යය :- හලා ගත් සිහින් වැලි පමණක් හෝ හලාගත් සිහින් වැලි සමඟ හලාගත් කොහුබත් කොටස් 1 : 1 අනුපාතයෙන්

පොදු කරුණු :-
සාමාන්‍ය කාලගුණයක් සහිත දිනවල දී දවසට එක් වතාවක් උදය කාලයේ දී වතුර යොදන්න. අධික වියළි කාලගුණයක් සහිත දිනකදී දවසට දෙපාරක් වතුර යොදන්න. උදේ කාලයේ වතුර යෙදීම උදෑසන 8 ට පෙර හා සවස් කාලයේ වතුර යෙදීම සවස 3 ට පෙර සිදු කරන්න. පොහොර දියකර එය ශාකයේ මුල් පත්‍ර ආදී සියල්ලම හොඳින් නැහැවී යන පරිදි ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් ස්ප්‍රේ කරන්න.

ශාකයේ මූලික වර්ධන අවධියේ දී N (නයිට්‍රජන්) වැඩි පොහොර මිශ්‍රණ අනුපාතයක් ද, ( උදා:- 27:14:14 හෝ 30:10:10 ), ශාකය මධ්‍යස්ථ වර්ධනයක් පෙන්වන අවධියේ දී P (පොස්පරස්) වැඩි පොහොර මිශ්‍රණ අනුපාතයක් ද, (උදා:- 15:30:15 , 20:30:20 හෝ 10:52:10 ) ශාකයේ මල් හට ගැනීම ආසන්න සහ මල් පිපෙන අවධියේ දී K (පොටෑසියම්) වැඩි පොහොර මිශ්‍රණ අනුපාතයක් ද ( උදා:- 10:20:30 , 13:27:27 හෝ 6:30:30 ) යොදන්න. කාලයක් ගතවීමෙන් ශාකයේ හටගත් අනවශ්‍ය අංකුර ගලවා, අනවශ්‍ය මුල් කපා පැළ බෙදා නැවත අලුත් පැළ බඳුන් ගත කිරීමේදී P වැඩි පොහොර මිශ්‍රණ අනුපාතයක් නැවත යොදන්න.

පොහොර යෙදීමේ සුදුසුම අවස්ථාව වන්නේ උදෑසන 4 යි. නමුත් අපේ පහසුවට උදෑසන 8 ට පෙර පොහොර යොදා අවසන් කරන්න. ( ඕකිඩ් ශාක වල පූටිකා විවෘත වීම සවස 6 ට ආරම්භ වී පූටිකා උපරිමව විවෘත වීම සිදුවන්නේ උදෑසන 4 ට යි. උදෑසන 8 න් පසු පත්‍ර වල පූටිකා නැවත වැසීම සිදුවන නිසා පොහොර කාර්යක්ෂමතාව සඳහා උදෑසන 8 ට පෙර පොහොර යෙදීමට හැකිතරම් උත්සාහ ගන්න.)

පොහොර යෙදීමේ දී දින දෙකකට වරක් පොහොර යොදන්න. (උදා :- ඔබ පොහොර යෙදුවේ සඳුදා දිනයේ නම්, නැවත ඔබ පොහොර යෙදිය යුතු වන්නේ බ්‍රහස්පතින්දා දිනයේ දී යි.) මෙලෙස සති 2 ක් එක දිගට එම පොහොර යෙදීම සිදුකරන්න. සති 2 කට පසු එය නවතා නැවත තව සති 2 ක් සමාන NPK අනුපාත ඇති පොහොර මිශ්‍රණයක් ( 18:18:18 , 20:20:20 , 21:21:21 ) පෙර පරිදිම දින දෙකකට සැරයක් යොදන්න. මෙම පොහොර මිශ්‍රණ යොදන අතර තුර සතියකට සැරයක් ‘කාබනික දියර පොහොරක් හෝ ඇල්බට් මිශ්‍රණය යොදන්න.'( සාමාන්‍යයෙන් NPK වැනි අකාබනික පොහොර මිශ්‍රණයකින් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. මෙම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ශාකයට ලබා දීම සඳහා කාබනික දියර පොහොර හෝ ඇල්බට් මිශ්‍රණය යොදාගනු ලබනවා. මෙම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සැපයීම ශාකයේ ඕනෑම වර්ධන අවධියට එක සේ යෙදිය හැකියි.)

දිලීර නාශක යෙදීමේදී මැන්කොසෙට් හෝ කැප්ටාන් වැනි දිලීර නාශක වර්ගයක් භාවිතා කරන්න. පොහොර ජලයේ දිය කිරීමේ දී පිරිසිදු වතුර ලීටර් 1,1/2 (මිලිමීටර් 1500)ට පොහොර මිශ්‍රණයෙන් තේ හැඳි 01 ක් යොදා මෙම දියර පොහොර සකසාගන්න. ( මෙම සාන්ද්‍රණය යොදාගන්නේ දින 2 කට වරක් යෙදීම සඳහායි. ඔබ පොහොර යොදන කාල ප්‍රාන්තරය මීට වඩා වැඩි නම් මීට වඩා වැඩි සාන්ද්‍රණයකින් යුක්තව මෙම පොහොර ජලයේ දියකරගත හැකියි.)

මාධ්‍යය බඳුන් ගත කිරීමට පෙර අපිට එය ජීවාණුහරණය කරගත් හැකි නම් වඩාත් සුදුසුයි. ඒ සඳහා අපිට මෙම බඳුන් මාධ්‍යය හුමාලයෙන් තැම්බීම සිදුකරන්න පුලුවන්. ඔබ තරමක විශාල වගාවක් කරන අයෙක් නම් මෙම ක්‍රමය ඔබට අපහසු නිසා, පිරිසිදු වතුර ලීටර් 25 කට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (H2O2) 50ml (මිලිලීටර් 50)ක් යොදා හොඳින් කලවම් කර අඟුරු, පොල්ලෙලි වැනි බඳුන් මාධ්‍යයන් පැය 2ක් පමණ හොඳින් පොඟවීමට හැර ජීවාණුහරණය කරගන්න පුලුවන්.

ශාකයට යෙදිය යුතු වන්නේ ස්වභාවික ජලයයි. ළිං වතුර මේ සඳහා වඩාත්ම යෝග්‍ය වෙනවා. ටැප් ජලයේ ක්ලෝරින් තියෙන නිසා එය යෙදීම නුසුදුසුයි. නමුත් අපිට තියෙන්නේ ටැප් ජලය පමණයි නම් පැය 24 – 48 ක් පමණ වෙනම භාජනයකට ටැප් වතුර එක්‍ රැස් කරලා තියාගන්න. ක්ලෝරින් වාෂ්ප වී යාම සඳහා එම භාජනයේ කට විවෘත කරලම තියන්න. දැන් දවසකට දෙකකට පස්සේ මේ වතුර ඔයාලගේ ඕකිඩ් පැළ වලට යොදන්න පුලුවන්. කිසිම හානියක් වෙන්නෙ නැහැ.

ඕකිඩ් වගා කිරීමට මැටි බඳුන්, සිමෙන්ති බඳුන්, ප්ලාස්ටික් බඳුන්, ලී බඳුන්, ආදී බොහෝ දේ යොදාගන්න පුලුවන්. නමුත් ව්‍යාපාරයක් ලෙස කරන අයෙකුට නම් වඩාත් සුදුසු වන්නේ මැටි බඳුන් සහ සිමෙන්ති බඳුන් කියන වර්ග දෙකයි.

උඩවැඩියා (ඕකිඩ්) වර්ග ගණනාවක් තිබුනත් බොහෝ ජනප්‍රිය වර්ග කිහිපයක් පහතින් දක්වා තියෙනවා.
ඩෙන්ඩ්‍රෝබියම්, පැලනොප්සිස්, කැට්ලියා, වැන්ඩා

අපිට මෙම පැළ වෙළඳපොලෙන් කුඩා පැළ රාශියක් තියෙන සාමූහික බඳුනක් (කොම්පොට්) ලෙස හෝ තරමක විශාල පැල වෙන වෙනම මිළදී ගත හැකියි. නමුත් වගාවක් කරන අයෙකුට නම් වාසිදායක වන්නේ මෙවැනි කොම්පොට් එකක් වෙළඳපොලෙන් මිළ දී ගැනීමයි. ඩෙන්ඩ්‍රෝබියම් පැළයක් පියවරෙන් පියවර නිවැරදිව බඳුන් ගත කරන හැටි.

සාමූහික බඳුන තුළ ඇති පැළ අඟල් 2ක් 3ක් පමණ වනතෙක් හොඳට වැඩුණු පසු පැළ වලට හානියක් නොවන සේ බය නැතිව අතින් ඇද කොම්පොට් එකෙන් පැළ ගලවගන්න. ඉන්පසුව ලොකු පැළ හා කුඩා පැළ වෙන්කරගන්න. කුඩා පැළ තව දුරටත් වර්ධනය වීමට එම බඳුනම තුළ සිටුවන්න. නැතහොත් හලාගත් සිහින් වැලි සමඟ හලාගත් කොහුබත් කොටස් 1 : 1 අනුපාතය සහිත බඳුන් මාධ්‍යයක තව දුරටත් වර්ධනය වන තෙක් සිටුවා ගන්න. දැන් අපි මෙම සාමූහික බඳුනෙන් වෙන් කරගත් තරමක විශාල පැළ, කටෙහි ප්‍රමාණය 2″ (අඟල් 2) විශ්කම්භය සහිත ‘නෙට් පොට්’ (Net pot) එකක සිටුවා ගැනීම සිදුකළ යුතුයි. අපිට මේ සඳහා කුඩා පොල්ලෙලි චිප්ස් පමණක් හෝ චිප්ස් ගල් සමඟ කොහුබත් මාධ්‍යය (අනුපාතය 2 : 1 ලෙස) ගත හැකියි. මෙවැනි බඳුනක වගා කරන ලද පැළ සඳහා K (පොටෑසියම්) වැඩි පොහොර මිශ්‍රණයක් යොදන්න. මෙලෙස අඟල් 6 ක් පමණ උසක් වන තෙක් මෙම බඳුන තුළ පැළයට වැඩීමට සැලැස්විය හැකියි. මෙවැනි ශාකයක් නෙට් පොට් එකක සිටුවාගත් මුල්ම දින කිහිපයේ එයට දමන වතුර සීමා කිරීමෙන් ඉක්මනටම (සති 3ක් ඇතුලත) නෙට් පොට් එක තුළ හොඳින් මුල් අද්දවා ගත හැකියි.

අඟල් 6 ක් පමණ උසට වැඩුණු ඩෙන්ඩ්‍රෝබියම් පැළ ඉන් පසුව විශ්කම්භය අඟල් 5 ක් හා උස අඟල් 5 ක් වූ බඳුනක සිටුවිය යුතුයි. මෙහිදී එම බඳුනට පැළය බඳුන් ගත කිරීමට පෙර අඟල් 9 ක් පමණ උස ආධාරකයක් සවිකරගත යුතුයි.

ඔබ අඟුරු පමණක් යොදා ගන්නේ නම් :-
යොදා ගන්නා අඟුරු කැබලි අඟල් 1/2, අඟල් 3/4 පමණ ප්‍රමාණයේ ඒවා විය යුතුයි. බඳුනෙන් 2/3ක් පමණ උසකට අඟල් 1 ප්‍රමාණයේ අඟුරු කැබලි අසුරා ගන්න. පැළයේ මුල් තනුක දිලීර නාශක ද්‍රාවණයක පොඟවා ගෙන බඳුන ආධාරකයට සිරස්ව තබා ගන්න. පැළයේ වර්ධන අග්‍රය ඉදිරියට සිටින සේ තබා පැළය පරණ ටී ෂර්ට් පටි කැබැල්ලකින් 8 ඉලක්කමේ හැඩයට ආධාරකයට ගැට ගසා ගන්න. ඉන් පසුව අඟල් 1/2 ක්, 3/4 පමණ වන අඟුරු කැබලි වලින් බඳුනේ ඉතිරි 1/3 පුරවා ගන්න. ඉන්පසු මුළු ශාකයම හොඳින් තෙමී යන ලෙස ජලය යොදන්න. (පොස්පරස්) වැඩි පොහොරක් ශාකයට යොදන්න.

චිප්ස් ගල් කොහුබත් මාධ්‍යය යොදාගන්නේ නම්,
චිප්ස් ගල් කොටස් 3 කට කොහුබත් කොටස් 1 වන ලෙස මාධ්‍යය සකසා ගන්න. චිප්ස් ගල් ගැනීමේදී ගල් කුඩු හොඳින් ඉවත්වන පරිදි චිප්ස් ගල් ටික සෝදා ගන්න. රවුම් චිප්ස් ගල් වලට වඩා පැතලි චිප්ස් ගල් වඩා සුදුසු වේ.

පොල්ලෙලි කැබලි පමණක් යොදාගන්නේ නම්
අඟල් 1/2, 3/4 ප්‍රමාණයේ කැබලි වලට කපාගන්න. වියළි පොල්ලෙලි පමණක් භාවිතා කරන්න. ( මෙහි තද ගතිය නිසා තෙතමනය රැඳෙන අතර අනවශ්‍ය ලෙස ජලය නොරැඳේ.) පොල් ලෙලි කැබලි මාධ්‍යයට යෙදීමට පෙර දින කිහිපයක් ජලයේ තබා එහි සැර අඩු කරගන්න. ඉහත පරිදි බඳුන සකසා ගන්න. පොල්ලෙලි වල අනෙක් මාධ්‍යයන්ට වඩා වැඩි කාලයක් ජලය රඳාපවතින හෙයින් ජලය යෙදීමේ දී පරීක්ෂාකාරී වන්න.

පැලනොප්සිස් පැළ වගා කිරීම.
මෙය වියළි කලාප වල වුව ද පහසුවෙන් වගාකළ හැකි ශක්තිමත් උඩවැඩියා විශේෂයක්, ඩෙන්ඩ්‍රෝබියම් වලට වඩා දිලීර ආසාදන වලට ලක්වීමේ ප්‍රවණතාවය ද අඩුයි. මෙය ද තමාට හුරුපුරුදු මාධ්‍යයක වගාකළ හැකියි. පැලනොප්සිස් ආකාර කිහිපයකට වගා කළ හැකියි. (උදා:- මැටි බඳුන් තුළ, පොල්ලෙලි මත, රිජිෆෝම් මත )

පැලනොප්සිස් පැළයක් බඳුන් ගත කරන හැටි..
මේ සඳහා විශ්කම්භය අඟල් 4,1/2ක් පමණ වන හා උස අඟල් 3 ක් පමණ වන මැටි බඳුන් මේ සඳහා ඉතා යෝග්‍යයි. අපිට ඉහත සඳහන් කළ ඕනෑම මාධ්‍යයකින් බඳුන පුරවා ගත හැකියි. උදාහරණයක් ලෙස බඳුන පුරවන්නේ අඟුරු මාධ්‍යයකින් නම් පළමුව අඟලක් පමණ විශාලත්වයෙන් යුතු අඟුරු කැබලි වලින් බඳුනේ අඩක් පමණ පුරවන්න. ඉන් පසු පෙර පරිදිම නෙට් පොට් එකෙන් ශාකය ගෙන තනුක දිලීර ද්‍රාවණයක මුල් තෙමාගෙන බඳුනේ මධ්‍යයට වන්නට පැළය තබා ඉතිරි අඩ ද අඟලක පමණ ප්‍රමාණයෙන් යුතු අඟුරු කැබලි වලින් පුරවා ගන්න. ජලය සහ පොහොර යෙදීම සඳහා පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න.

පැලනොප්සිස් පැළයක් පොල්ලෙලි මත සිටුවීම..
පැරණි පොල්ලෙල්ලක් ගෙන එය ජලයෙන් පොඟවා ගන්න. එම පොල්ලෙල්ලේ මතු පිට පොත්ත තරමක් ඉවත්කර ගන්න. ඒ මත පැළය තබන්න. පැළය පොල්ලෙල්ලේ රඳවා ගැනීමට තංගුස් නූලක් ආධාරයෙන් පොල්ලෙල්ලට ගැට ගසා ගන්න.

පැලනොප්සිස් පැළයක් රිජිෆෝම් මත වගා කිරීම.
අඟල් 6 ක් දිග, අඟල් 5 ක් පළල, ඝනකම අඟල් 3/4 ක් වූ රිජිෆෝම් කැබැල්ලක් ගන්න. දැන් සිමෙන්ති ටිකකට වතුර ටිකක් දමා වෙනම උකු සිමෙන්ති ද්‍රාවණයක් සකසා ගන්න. ඉන්පසු මෙම උකු සිමෙන්ති ද්‍රාවණයේ රිජිෆෝම් කැබැල්ල ගිල්වා ගන්න. ඉන්පසුව එය වියළා ගන්න. දැන් රිජිෆෝම් කැබැල්ලේ මධ්‍යයට වන්නට සිදුරක් සකසාගෙන එහි පොඩි පොල්ලෙලි කොටසක් තැන්පත් කරගන්න. ( මුල් වලට අවශ්‍ය තෙතමනය රඳවා ගැනීමට )

දැන් එම පොල්ලෙලි කොටස මත පැළය තබා තංගුස් නූල් කැබැල්ලකින් රිජිෆෝම් කැබැල්ලට තබා ගැට ගසා ගන්න. දැන් මෙහි ඉහළින් සිදුරු සකස් කර 50% ක් සූර්‍යයාලෝකය ලැබනෙ පරිසරයක එල්ලා තබන්න. වතුර යෙදීමේ දී හා පොහොර යෙදීමේ දී ඉහත ක්‍රියාවලියම අනුගමනය කරන්න.

වැන්ඩා ශාකයක් බඳුන්ගත කිරීම.
මෙම ශාකවල වසරකට මල් 2ක් 3ක් පමණ පිපෙන අතර මල් හට ගැනීමට වසරක් හෝ දෙකක් පමණ ගතවේ. සාමාන්‍යයෙන් වැන්ඩා ශාකයකට යෝග්‍ය ආර්ද්‍රතාවය 70%-75% ක් හා වැටෙන සූර්‍යයාලෝක ප්‍රමාණය 60% ක් පමණ වීම ඉතා සුදුසුයි. මෙය අනෙක් වර්ග වලට වඩා වැඩි සූර්‍යයාලෝක ප්‍රමාණයකට නිරාවරණය වී සිටිය හැකි ශාකයකි.

වැන්ඩා ශාක වල මූල පද්ධතිය ඉතා දිගට සෑදෙන නිසා, එල්ලා තැබිය හැකි ලෙස සකස් කරන ලද කල් පවතින ලී වලින් සාදන ලද බඳුන් මේ සඳහා ඉතාමත් සුදුසුයි. (සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් පමණ නිරුපද්‍රිතව තබාගත හැකි ලීවර්ගයක් ) මෙම බඳුන අඟල් 6ක් දිග, අඟල් 6ක් පළල හා අඟල් 4ක් උස ප්‍රමාණයේ බඳුනක් විය යුතුයි. බොහෝවිට වැන්ඩා ශාක වලට මාධ්‍යය ලෙස යොදාගන්නේ තද දැවයක අඟුරු යි. මෙහි දී අඟල් 1ක් හා අඟල් 2ක් පමණ වන විශාලත්වයෙන් යුතු අඟුරු භාවිතා කරනවා.

ප්‍රථමයෙන් ලී බඳුනේ පතුලට අඟල් 2 ක ප්‍රමාණයෙන් යුතු වූ විශාල අඟුරු කැබලි තට්ටුවක් ලෙස යොදන්න. ඉන්පසුව වැන්ඩා ශාකය බඳුනේ මැදින් රඳවන්න. දැනටමත් මෙම ශාකයේ දිගට මුල් පවතී නම් එම මුල් ලී බඳුනේ සිදුරු අතරින් එළියට ගන්න. ඉන්පසුව අඟල් 1ක ප්‍රමාණයෙන් යුතු අඟුරු කැබලි ශාකය වටේට යොදා එය රඳවා ගන්න. දැන් මෙම බඳුන එල්ලාගත හැකි ආකාරයට සකස්කරගෙන එල්ලා ගන්න. ජලය සහ පොහොර යෙදීම කලින් සඳහන් කළ ආකාරයටම සිදු කරන්න.

කැට්ලියා ශාක වගාකිරීම.
මෙම කුලයේ ශාක වල ඉතා සුවඳවත් මල් හටගන්නවා. මෙම කැට්ලියා වර්ග ද වගා කරන්නේ පොල්ලෙල්ලක මතු පිටයි (උඩ පැත්තේ). මෙම පැළය රඳවා ගැනීමට පොල්ලෙල්ල මතුපිට තරමක් තලා ගැනීම සිදු කරනවා. ජලය සහ පොහොර යෙදීම කලින් සඳහන් කළ ආකාරයට ම සිදුකරන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

නිවැරදිව ඔබේ ගෙවත්තේම නයි මිරිස් වගාවක් පටන්ගමු

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.

කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.

පැළ නිපදවා ගැනීම
ඇට ලබා ගැනීම සඳහා හොදින් පැසුනු කරල් බාවිතා කල හැකිය.වැදගත්ම කරුණ නම් මෙම ඇට කරලෙන් ඉවත් කොට කෙටි කාලයක් (දින 2-3) ඇතුලත තවාන් බඳුන් වල තැන්පත් කල යුතුය.මෙම ඇට කල් යත්ම ජීවී තාවය ගිලිහී යයි.වෙලඳපොලෙන් අසුරන ලද බීජ මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න.

පැළ නිපදවා ගැනීම සඳහා බඳුන් සැකසීම
බඳුන් සැකසීම සඳහා හකුලා තිබෙන විට සෙන්ටි මීටර 10 ක් (අඟල් 4) පළල හා සෙන්ටි මීටර් 10 ක් උස පොලිතීන් බඳුන් භාවිතා කිරීම වාසිදායක වේ. ජලවහනය සඳහා බෑගයේ පතුලේ කුඩා සිදුරු 4-8 ක් පමණ ඇති කළ යුතුය. පතුල සීල් නොකරන ලද බැගයක් ද මේ සඳහා යොදා ගත හැක. සකසා ගත් පෝච්චි වලට බීජ 10-12 පමණ සමාකාරව විහිදී යන ලෙස තැන්පත් කරන්න.පසුව එයට සෙවණ සපයන්න. අඟල් 6-8 පමණ වන පැළ සිටුවීමට ගත හැකිය.

පැළ අවශ්‍යතාව<
අක්කරයකට පැළ 4000 පමණ. එක් වලකට පැළ එක බැගින්.
අවශ්‍ය පරතරය පැළ අතර අඩි 3 පේලි අතර අඩි අඩි 2.5 /3 වලවල් සකස් කරගැනීම අවමය දිග, පළල , උස අඩියක් පමණ විය යුතු අතර වලේ ප්‍රමානය වැඩි වන තරමට නීරෝගී ශක්තිමත් උසස් දිරියකින් යුත් ගසක් සාදා ගත් හැකිය.(වලෙහි ප්‍රමාණය අඩි 2/2 2 දක්වා වැඩි කල හැකිය) වලෙහි ප්‍රමාණය වැඩි වන තරමට කොච්චි ගස පවත්වා ගත් හැකි කාලය වැඩි වේ.

වලවල් පිරවීම
කොම්පෝස්ට් කොටස් දෙකට මතුපිට පස් එක බැගින් කලවම් කර වලවල් පිරවිය යුතුයි.<br/> කොම්පෝස්ට් 2: මතුපිට පස් 1. මෙහිදී කොම්පෝස්ට් බහුලව යොදාගැනීම විශේශ කරුනකි.

පොහොර අවශ්‍යතාවය
නයි මිරිස් සඳහා සුවිශේශී වූ පොහොර නිර්දේශයක් අවශ්‍ය නැත.පැළ කුමක් හෝ ඌනතා ලක්ශණ පෙන්වයි නම් පමණක් මිරිස් සඳහා වූ පොහොර බාවිතා කල හැකිය.නමුත් මෙම නයි මිරිස් ප්‍රබේද රසායනික පොහොර නොමැතිව වගා කිරීමේදී උසස් වර්දන වේගයක් පෙන්වයි.

වල පිරවීමේදී මඩ පොහොර (TSP) 10-15g පමන වලකට කලවම් කිරීම ඉහල ගුණාත්මයක් සහිත පැළයක් කබා ගැනීමට ඉවහල් වනු ඇත.

පැළ සිටුවීම

එක් වලකට එක් පැළය බැගින් සිටුවීම සුදුසුයි.පැළයේ උස අඟල් 6-8 වන පැළ ක්ශේත්‍රයේ සිටුවීමට සුදුසුය.පැළ සිටුවා සෙවණ සැපයීම අත්‍යාවශයයි.

නඩත්තුව
වැදගත්ම කරුණ නම් මෙහිදී විශේශ වූ නඩත්තුවක් අවශ්‍ය නැත. වියලි කලාපයේ දී ජලය සැපයීම පැළ කුඩා කාලයේදී දිනකට දෙවරක් ජලය සැපයිය යුතුය.මිරිස් වගාවට වැලඳෙන රෝග සහ හානිකරන පළිබෝද මෙම බෝගයටද එකසේ බලපානු ලබයි.මෙය රෝග වලට ප්‍රතිරෝදී බවක් පෙන්වන අතර සෙවන සහිත පරිසරයේ වුවද සාර්තකව වගා කල හැකිය.වියලි කාලගුණ තත්ව යටතේ නොනැසී පැවතීමේ හැකියාවක්ද පවතියි.

අස්වනු නෙලීම
හොඳින් නඩත්තු කරන ලද වගාවකින් දින 75 ක් ඇතුලත පලමු අස්වැන්න නෙලාගත හැකිය.හොඳින් නඩත්තු කරන ලද වගාවකින් වසරකට වැඩි කාලයක් පලදාව ගත හැකිය.

විෂේශ කරුණු
වගාව මල අතු වලින්(පොල් අතු,කෙසෙල් පරඬැල්,තල් අතු.)ආවරණය කිරීමෙන් වගාවට පැමිනෙන කෘමීන් වලක්වා ගත හැකිය.තවද වගාව වටා දාස් පෙතියා මල් පැළ සිටිවීමෙන් වගාවට එන කෘමීන් පාලනය කරගත හැකිය.දාස් පෙතියා කෘමි විකර්ශක ශාකයක් ලෙස ක්‍රියා කරයි. තවද මෙම ශාකය තම ගෙවත්තේ වගා මලු වලද පහසුවෙන් වගා කරගත හැකිය.

(හරිත ලංකා කෘෂි සේවා පිටුවෙනි)