පිළිකා සුවකරන, මුත්‍රා ගල් නසන උක් යුෂ

මිහිරි රස සහිත ශාක අතර උක් ගස්වලට හිමිවන්නේ සුවිශේෂ තැනක්. උක්ගස්වලට කුඩා දරුවන් ආස කරන්නේ පලතුරක් විදියටයි. රසවත් ආහාරයක් මෙන්ම පලතුරක් ලෙසත් භාවිත කරන උක්ගස් සීනි නිෂ්පාදනයටත් අත්‍යවශ්‍යම ශාකයක්. ඊට අමතරව උක්ගස් කියන්නේ රෝග රැසකට ගුණය සලසන සුවය ලබා දෙන අගනා ඖෂධයක්. වියළි සහ තෙතමනය සහිත ඕනෑම පසක හට ගන්නා උක්ගස්, දඬු සහිත ශාකයක්. පඳුරක් සේ හටගන්න උක්ගස් අඩි 4ත් 12ත් අතර උසකට වැඩෙනවා. ආයුර්වේදයට අනුව තෘණ පංචමූල ගණයට අයත් උක්ගස් ඉක්ෂු, බහුරස, මධුතෘණ ආදී නම් රැසකින් හඳුන්වනවා.

නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන උක්ගස් අයත් වන්නේ ට්පචථඪදචඥ කුලය හෙවත් යව කුලයට. සාමාන්‍ය ලෙස ගත්තොත් උක්ගස් අයත් කුල දෙකක් පවතිනවා. එනම් දඬු සුදු පැහැති උක් ගස් හා දඬු කළු පැහැති උක්ගස්. ඒ අතරෙන් ඖෂධ පිණිස බහුල වශයෙන් යොදා ගන්නේ කළු උක්ගස් හෙවත් දණ්ඩ රතු හෝ දුඹුරු පැහැති උක්ගස. උක් දඬු ඉස්ම, මුල් තමයි ඖෂධ පිණිස ගන්නේ. උක් ගස් යුෂ අධික පැණි රසින් යුක්ත නිසා දියවැඩියා රෝගීන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීම නුසුදුසුයි. සීමාසහිතව ගත්තට ගැටලුවක් නෑ. ඒ වගේම තමයි ඖෂධ පිණිස උක් දඬු ගැනීමේදී පුස්වලින් තොර, අපිරිසුදු ජලය ගලන ස්ථානවල හටගත් උක්ගස්වලින් තොර පිරිසුදු උක් ගස් ගැනීම ඉතාම වැදගත්.

උක් පැණි හා උක් හකුරු හදන හැටි
ආයුර්වේදයේදී වෛද්‍යවරුන් විවිධ රෝග සඳහා උක් පැණි ඖෂධ පිණිස නිර්දේශ කරනවා. ඔබට නිවෙසේ සිටම උක් පැණි සාදා ගන්න පුළුවන්. එය ඉතා පහසුයි. උක් දඬු තළා මිරිකා ගත් යුෂ හොඳින් පෙරා ළිපේ රත් කර පැණි පදමට එන තුරු හැඳි ගාන්න. පැණි පදමට ආපසු ළිපෙන් බාගෙන එය බෝතල් කර උක් පැණි දිගු කාලයක් තබා ගන්නත් පුළුවන්. ඒ වගේම උක් හකුරු සාදන්නෙ මෙහෙමයි. මම ඉහත කීවා වගේ උක් යුෂ අරගෙන හොඳින් රත් කර පැණි පදමට වඩා ඝනව රත් කිරීමෙන් උක් හකුරු සාදා ගන්න පුළුවන්. උක් හකුරු හෙවත් ගුඩ ඔෟෂධ පිස බහුල වශයෙන් දේශීය වෛද්‍යවරුන් නියම කරනවා. ඒ වගේම අරිෂ්ට, ආසව සෑදීමේදීත් ගුඩ හෙවත් උක් හකුරු බහුල වශයෙන් යොදා ගන්නවා. මෙය ශරීරය පුෂ්ටිමත් කළ හැකි වටිනා ඖෂධයක්.

කටහඬ සියුම් කිරීමට උක්දඬුවලින් ඔසුවක්
ඇතැම් අයට සෙම්ප්‍රතිශ්‍යා ගතිය නිසා හෝ අධික ලෙස කතා කිරීම නිසා කටහඬ විකෘති වන්න පුළුවන්. කටහඬ බැරැන්ඩි අයගේ හඬ නැවැතත් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්නත් කටහඬ සියුම් කරන්නත් උක්ගස්වලට පුළුවන්. දිනපතා උදෑසන උක් දඬු තළා පෙරා ගත් උක් යුෂ වීදුරුවක් බොනව නම් සියුම් පැහැදිලි කටහඬකට ඔබට හිමිකම් කියන්න පුළුවන්.

මුත්‍රා ගල් නසන උක් හකුරු
මුත්‍රාශය ආශ්‍රිත රෝග රැසකට උක් ගස් හොඳ ප්‍රතිකර්මයක්. මුත්‍රා පිටවීමේදී ශරීරයේ දැවිල්ල වගේ තිබෙනව නම් රුධිරය සමඟ මුත්‍රා පිටවන තත්ත්වයක් තිබෙනවනම් සතියක් පමණ දිනපතා හිස් බඩට උක් යුෂ වීදුරුවක් බොන්න. ඇතැම් විට උෂ්ණ කාලවලදී වතුර පානය කිරීම අවම කිරීම නිසා හෝ වෙනත් හේතූන් මත මුත්‍රා දැවිල්ල දැඩි ලෙස හටගන්න පුළුවන්. එවන් අවස්ථාවලදී උක් යුෂ කෝප්පයකට දෙහි යුෂ ස්වල්පයක් හෝ ඉඟුරු යුෂ ස්වල්පයක් හෝ මිශ්‍ර කර රෝගියාට බොන්න දෙන්න. එහෙමත් නැතිනම් පොල්කිරි වීදුරු කාලකට උක් යුෂ වීදුරු භාගයක් පමණ මිශ්‍ර කර බොන්න. මුත්‍රා දැවිල්ලට එය ගුණදායකයි. මුත්‍රවාහිනි පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වයට උක් හකුරු ඉතාමත්ම ගුණදායකයි. මුත්‍රාශය ආශ්‍රිතව ගල් ඇති අය දිනපතා උක් හකුරු ආහාරයට ගැනීමෙන් මුත්‍රා ගල් දියකර හැරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම උක් යුෂ, කැකිරි, කිරිබදු එකට මිශ්‍ර කර තම්බා ආහාරයට ගැනීමෙන් මුත්‍රා ගල් විනාශ කරන්නත් පුළුවන්.

ශල්‍යකර්මවලින් පසුව සිරුර ප්‍රාණවත් කරන උක් යුෂ
විවිධ ශල්‍යකර්මවලට භාජන කිරීමෙන් පසුව හෝ බොහෝ කාලයක් රෝගාතුරව සිටීම නිසා ඇතැමුන්ගේ සිරුරෙ පෘෂ්ටිමත් බව නැතිවී ශරීරය දුර්වල තත්ත්වයකට පත්වනවා. කෙට්ටු වීම හෙවත් කෘශවීම එහි අතුරු ප්‍රතිඵලයක්. ශරීරයේ රුධිර සම්පාදනය හීන වීම නිසයි එහෙම වන්නේ. එවන් රෝගීන්ට යළිත් ශරීර ප්‍රාණය ලබා දෙන්නත් රුධිරය සම්පාදන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරන්නත් උක් යුෂ, නෙල්ලි යුෂ, මී පැණි සමව අරගෙන මිශ්‍ර කරලා දිනපතා උදෑසන සති 2ක් පමණ බොන්න දෙන්න. ඒ වගේම තමයි ඇතැම් අය ග්‍රීස්ම කාලවලදී රසායනික මිශ්‍රණ අඩංගු පැණි බීම ශීතකරණයේ තබා පානය කිරීමට පුරුදුව සිටිනවා. එය ඇත්තටම සල්ලි දීලා ලෙඩ ගැනීමක්. උෂ්ණ කාලවලදී උක් දඬු තළා පෙරා ගත් යුෂ ශීත කර පානය කරනව නම් එය ශරීරය ප්‍රාණවත්වීමට වගේම විවිධ රෝග නිවාරණය කිරීමටත් ගුණදායකයි.

ශරීර ශක්තිය වැඩිකර ගන්න සුදු උක් පැණි බොන්න.
විවිධ උණ රෝග වැලැඳීම හේතුවෙන් ශරීරයේ අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය හීන වීම නිසා ඇඟ දුර්වලකම වගේම ආහාර අරුචියක් ඇති වෙනවා. එවන් රෝග තත්ත්වයන් නැති කර ආහාර රුචිය වැඩි කරන්න සුදු උක් දඬු යුෂ පානය කිරීමෙන් හැකියාව පවතිනවා. ඒ වගේම අවුරුදු උත්සවවලදී හෝ ක්‍රීඩා උත්සවවලදී ඇඟ වෙහෙසවන ක්‍රීඩා කිරීමෙන් පසු අධික ශක්තියක් වැයවීම නිසා ශරීරය වෙව්ලීම වගේ අතුරු රෝග වැලැඳෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ශක්තිජනක ආහාරයක් ලෙස උක්ගස් යුෂ පානය කිරීම වැදගත්. මෙය රසවත් බීමක් වගේම ශරීර ශක්තිය වඩවන හොඳ ශක්ති ජනක පානයක්.

උක් යුෂවලින් කුෂ්ඨ සුවකරන්න පුළුවන්
ොවිවිධ කුෂ්ඨ රෝග තත්ත්වවලට ගොදුරු වී සිටින අයට ක්‍රමක්‍රමයෙන් ඒ රෝගයෙන් සුවය ලබන්න පුළුවන් ක්‍රමයක් තමයි අඛණ්ඩව දිනකට වරක් බැගින් උක් යුෂ පානය කිරීම. කුෂ්ඨ රෝග සුව කිරීමට උක් ගස් යුෂවලින් පුළුවන් කියලා අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගෙන තිබෙනවා.

නාසයෙන් ලේ ගැලීම නවත්වන ක්‍රමයක්
ෙතද අව්වේ රැඳී සිටීම නිසා හෝ වෙනයම් හේතුවක් මත නාසයෙන් ලේ ගලන අවදානමකදී ලේ ගැලීම නවතාලන්න උක් යුෂවලට පුළුවන්. නාසයෙන් රුධිරය වහනය වන අවස්ථාවකදී මිදි යුෂ සහ උක් යුෂ සමව අරගෙන හොඳින් මිශ්‍ර කර නස්න කරන්න. (නාසයට ඇතුළු කරන්න) රුධිරය වහනය වීම ඉන්පසු නවතිනවා.

ආහාර ජීර්ණය පහසු කරන ඔසුවක්
නොදිරවූ ලෙස මල පිටවීම හෙවත් ග්‍රහණි රෝගයෙන් පීඩා විඳින පිරිස් අප සමාජයේ සිටිනවා. එවන් අය දිනකට එක් වරක් බැගින් සතියක පමණ කාලයක් උක් යුෂ, මිදි යුෂ, රට ඉඳි යුෂ සමව මිශ්‍ර කරලා පානය කරන්න. ආහාර ජීර්ණයට එය අගනා ඔෟෂධීය පානයක්.

පිළිකා නසන උක් යුෂ
උක් යුෂවල පොදුවේ කැල්සියම්, පොටෑසියම්, යකඩ අන්තර්ගතයි. එබැවින් ශරීරය තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට මේ ඖෂධීය පානයට පුළුවන්. එබැවින් ශරීරය තුළ පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. සතියට දින 3ක්වත් උක් යුෂ පානය කරනව නම් පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සහ පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම නැති කරන්නත් වැලැඳුණු පිළිකා සුව කරන්නත් උක්ගස්වලට පුළුවන්.

දුර්වල වුණු අක්මාවට උක් යුෂෙන් සුවය
සෙංගමාල රෝගය වැලැඳුණු අයට එයින් සුවය ලබන්න පුළුවන්. ඒ සඳහා උක් ගස් යුෂ පානය කරන්න දෙන්න. එසේ නැතිනම් සෙංගමාල රෝගියකුට ඇහැළ පොතු කෂායක් හදලා ඒ කෂායට උක් යුෂ මිශ්‍ර කර බොන්න දෙන්න. එයත් ගුණදායකයි. එහෙමත් නැතිනම් උක් යුෂට දෙහි යුෂ මිශ්‍ර කරලා දිනකට වරක් බැගින් බොන්න දෙන්න. සෙංගමාල රෝගය වැලැඳුණු රෝගියකුගේ අක්මාව මඳින් මඳ දුර්වල වෙනවා. එය යථා තත්ත්වයට පත් කරන්න නිතර නිතර පැණි රස දේවල් දීම කරනවා. විවිධ පැණි රස දෑ දෙනවට වඩා සෞඛ්‍යයට හිතකර උක් ගස් යුෂ සෙංගමාල රෝගීන්ට දෙන්න පුරුදු වෙන්න. ඉතා පහසුවෙන් ජීර්ණය වීමට හැකි සීනි වර්ග උක්ගස්වල තිබෙනවා. එබැවින් සෙංගමාල රෝගීන්ගේ අක්මාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න නිර්දේශ කළ හැකි හොඳම දේ තමයි උක් යුෂ කියන්නේ.

බර අඩු දරුවන්ගේ බර වැඩි කරන ක්‍රමයක්
වැඩිහිටියන් අතර තිබෙන මිථ්‍යා මතයක් තමයි උක් දඬු හැපීමෙන් කුඩා දරුවන්ගේ දත් නරක් වෙනවා කියන සැකය. අධික පැණි රස ද්‍රව්‍යයක් නිසා දරුවන්ගේ දත් පණුවො කයි කියන බයකුත් ඔවුන් තුළ තිබෙනවා. නමුත් ඒ මතය වැරැදියි. උක් දඬු සපා යුෂ පානය කිරීමට දරුවන් පොලඹවනව නම් දත් අතර ඇති විසබීජ විනාශ කරන්නත්, අහිතකර බැක්ටීරියා විනාශ කරන්නත් පුළුවන්. ඒ වගේම දින දෙකකට වරක්වත් උක් දණ්ඩක් හපනව නම් මුඛ දුර්ගන්ධයත් නැති වෙනවා. දත් නරක් වීමේ අවදානමත් එයින් නැති වෙනවා. මොකද උක්ගස් කියන්නේ ඛනිජ ලවණ අධික ලෙස අඩංගු ද්‍රව්‍යයක් නිසා එය දත්වලට ඉතාමත්ම හිතකරයි. ඒ වගේම තමයි කුඩා දරුවන් විශාල පිරිසකගේ ශරීරවල බර අඩු ගතියක් පවතිනවා. ශරීරයේ බර වර්ධනය කිරීමට උක්ගස්වලින් පුළුවන්. එය අපි පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. එබැවින් සතියකට වරක් හෝ ඔබේ දරුවාට පිරිසුදු උක්ගස් දඬු කැබැල්ලක් හැපීමට දෙන්න.

(උපුටා ගැනීම – විශ්වය දෑතට Wishvaya dhathata)

මතක ශක්තිය වර්ධනය කරන බිත්තර වල ඇති ඔබ නොදත් ගුණ

බිත්තර ආහාරයට ගැනීම පිළිබඳ විවිධ මත තිබෙනවා. ඇතැම් අය කියන්නේ එයින් කොලෙස්ටරෝල් වැඩි වීම වගේ ප්‍රශ්න එන බවයි. මේ අතර එහි කිසිදු ගැටලුවක් නැහැ කියලා කියන අයත් ඉන්නවා. මේ නිසා, ළඟදී වාර්තා වූ විවිධ පර්යේෂණයන්වල ප්‍රතිඵලත් ආශ්‍රය කරගනිමින්, කිකිළි බිත්තරවල ගුණ පිළිබඳ ඔබට යමක් කියන්න අප තීරණය කළා. දවසකට බිත්තර දෙකක් නැත්නම් තුනක් ආහාරයට ගැනීමෙන් පහත සඳහන් වාසි සැලසෙනවා.

1. මොළයට අවශ්‍ය කෝලීන් ලැබෙනවා
මොළයේ සෛලවල සන්නිවේදන කටයුතු පාලනය වන පොස්පොලිපිඩ වල සංඝටකයක් තමයි කෝලීන්. මෙය මොළයේ වැදගත්ම සංඝටකය වන බව පෙන්වා දී තිබෙනවා. කෝලීන් අඩු වුණාම මතක ශක්තිය දුර්වල වෙනවා. නමුත් බිත්තර දෙකක් දවසකට ආහාරයට ගත්තොත් මොළයේ කෝලීන් අවශ්‍යතාව සම්පූර්ණ වනවා.

2. ඇස් පෙනීම ආරක්ෂා වනවා
කිකිළි බිත්තරවල ලුටෙයින් තිබෙන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මෙය ඇස් පෙනීම හොඳ තත්ත්වයේ තිබීමට හේතුවන රසායනිකයක්. එය අඩු වුනාම ඇසෙහි සෛලවලට හානි වී ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්

3. විටමින් D
තම්බාපු බිත්තරයක සැලකිය යුතු විටමින් D ප්‍රමාණයක් තිබෙනවා. එයින් කැල්සියම් උරා ගැනීම පහසු කරන අතර ඒ නිසා දත් සහ අස්ථි සවිමත් වන්නට හේතු වනවා.

4. හිසකෙස්, සම​, අක්මාව​
බිත්තර වලින් බයොටින් ලැබෙන අතර එය හිසකෙස් වගේම සමේ ආරක්ෂාවටත් වැදගත් වනවා. ඒ වගේම එහි වන පොස්පොලිපිඩ් වලින් අක්මාවෙන් විෂ සහිත රසායනිකයන් ඉවත් කිරීම පහසු කරනවා.

5. හදවත් රෝග පාලනය​
බිත්තර වලින් කොලෙස්ටරෝල් වැඩි කරන බව සාමාන්‍ය පිළිගැනීම වුණත්, එම කොලෙස්ටරෝල් පොස්පොටයිඩ් නම් රසායනිකයක් මගින් පාලනය කෙරෙන බව මෑතකදී කළ පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම එයින් ශරීරයේ කොලෙස්ටරෝල් නිපදවීම ද පාලනය කරනවා. ඒ අනුව බිත්තර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි වීමක් වෙන්නේ නැහැ. ඊට අමරතව බිතරවල ඔමේගා-3 අම්ල අඩංගු හෙයින් ට්‍රයිග්ලිසරයිඩ පාලනයෙන් ද හදවත් රෝග අඩු කරන්න දායක වනවා.

6. ශරීරයේ බර අඩු වීම​
උදෑසන ආහාරයට කැලරි අඩු ආහාර වේලක් සමඟ බිත්තර ආහාරයට ගත්තොත් ඔබට බර අඩු කරගැනීමේ හැකියාව තිබෙන බව මෑතකදී කළ පර්යේෂණයකින් කියැවුණා. බිත්තර ආහාරයට ගැනීමෙන් වැඩි වේලාවක් බඩගිනි ඇති නොවන නිසා ඊළඟ ආහාර වේලට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරගත හැකි බවයි පැවසෙන්නේ.

7. පිළිකා පාලනය​
කලින් සඳහන් කරපු කෝලීන් හේතුවෙන් පිළිකා ඇතිවීමද පාලනය කරන බව සොයාගෙන තිබෙනවා. වැඩෙන වයසේදී බිත්තර නිතර ආහාරයට ගත් කාන්තාවන් ගේ පියයුරු පිළිකා සෑදීමේ සම්භාවිතාව සියයට 18 කින් පමණ අඩුවන බව පර්යේෂකයන් පෙන්වා දුන්නා.

8. දරුවන් ලැබීමේදී
දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට ෆෝලික් අම්ල පෙති ලබා දෙන බව ඔබ දන්නවා. මෙය දරු පිළිසිඳ ගැනීමක් වූ පසු කළලයේ වර්ධනයට වැදගත් වන බී විටමින් කාණ්ඩයේ එක් විටමිනයක්. බිත්තරයක ෆෝලික් අම්ලය මයික්‍රෝ ග්‍රෑම් 7 ක් අඩංගු වනවා.

9. වයසට යෑම පාලනය​
නෙදර්ලන්තයේදී කළ පර්යේෂණයකින් හෙළි වුණේ මුහුණේ ලප සහ රැළි වැටීම අඩු කිරීමට බිත්තර ආහාරයට ගැනීම උපකාර වන බවයි.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්..
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ලෙඩ රෝග රැසකට ගුණ දෙන කුරුම්බා මද, ව්‍යංජනයක් හදන හැටි

හෙළයන්ගේ ආහාර අතරින් තවත් සුවිශේෂී රසැති ගුණැති ආහාරයකි කුරුම්බා නොහොත් වෑවර මදය අහ කුරුම්බා වතුර කියන්නේ ඉතාමත් ශක්තිජනක පානයක් සේම කැමකි ඕනෑම කුසගිනි හො පිපාසිත අවස්තාවක වේලාවක කුරුම්බ ගෙඩියක් බී එහි මදය කා කුසගින්න මෙන්ම විඩාව අධික පිපාසය සන්සිදුවා ගතහැක එකල ගැමි නිවසක මුළුතැන්ගේ පොල්ගෙඩියක් බිදින හඩට කුඩා දරුවන් දුව එන්නේ කොප්පයක්ද ඔසවා ගෙනමයි ඒ එතරම්ම ප්‍රිය ජනක පානයක් ශක්තිජනක පානයක් වූ බැවිනි එකල දරුවන්ගේ ක්‍රියාශිලිත්වය ලෙඩ රෝග වලට ඔරොත්තුදීම මතක ශක්තිය විශ්ලේශන හැකියාව අද දරුවන්ට වඩා බෙහෙවින් ඉහල මට්ටමක තිබුබැවු මැනවින් පෙනේ ඒ සියල්ලන්ට එකල ගත් ආහාර පාන විශේෂයෙන් බලපෑ බවත් ඔවුන්ට පරිසරය,සමග තිබූ සබැදියාවද බලපා ඇතිබව මා හොදින්ම වටහා ගෙන ඇත ඒ ඔවුන් දිනපතා ශක්තිජනක පානයක් වන පොල් වතුර කුරුම්බා වතුර පානය කලා ගසකින් පොල් ගෙඩියක් කඩද්දී දරුවන්ට කුරුම්බා ගෙඩියක්ද කැඩීමට අමතක නොකලෙමි අද වනවිට එය හාත්පස වෙනස්වී ඇත මන්ද කිසිවක් නිසා නොව පිටරටින් එන හා මිල අධික උජාරුවට බටහිර ඇදුම් ඇද කට උල්කරමින් ප්‍රසිද්ධ කරනා ආහාර කොතෙක් වස විස වුවත් එයම කා පිළිකා ඇතුළු භයානක රොග හදාගන්නට උපන් හපන් ජාතියක් ලෙස ලොවේම හන්වඩු ගසා ගත්තේ වසර කිහිපයක සිටයි එකල දරුවාට දුන්නේ හොදම දෙයයි ඒ ඔවුන්ගේ ගෙවත්තෙන් සපයාගත් දෙයිනුයි ඔවුන් කුස පුරවගත්තේ පිටරැටියන්ගේ කසල වලින් සැකසූ ආහාර වලින් නොවේ.

ඔබත් නිතර ආහාර සමග පොල් වතුර කෝප්පයක් කුරුම්බා වතුර කෝප්පයක් ගැනීමට හුරුවන්න. කුරුම්බා යනු මතක,ශක්තිය වඩවන ඉතා ඉහල ඔක්ෂි කාරක ගුණයක් ඇති මානසික ආතතිය දුරු කරන පුරුෂ ශක්තිය,වඩවන ශරීර ශක්තිය වඩවන සිරුර නිවනා තැඹිලි වලට වඩා ඉහල දෙයකි මන්ද බොන වේලාව තැඹිලි බීමේදි තරම් සැලකිය යුතු නොවන නිසාත් බඩේ අම්ල රෝග වැනි රෝගියෙකුට තැඹිලි වලට වඩා කුරුම්බා සුදුසු නිසාත් ඉහල මාංශමය බොගවල ගුණාංග බොහොමයක් මෙහි මදයෙහි අන්තර්ගතයි.

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා යහපත්ලෙස සිදුකරයි එමනිසාම,අධිකව ආහාර ගෙන අපහසුතාවල ලක්වූ (ඉස්මුරුත්තාව ) අයෙකුටද කුරුම්බා ජලය පානය මගින් සහනයක් ලැබේ. මලබද්දය දුරු කරයි. මුත්‍රා අඩස්සිය දුරු කරයි.

කුරුම්බා මද අවුළුව සකසන අයුරු
කුරුම්බා ගෙඩියක මදය ගලවාගන්න ඔබට ප්‍රමාණවත් තරම් පසුව එය,කුඩා කැබලිවලට කපාගෙන පිසීමට සුදුසු මැටි බදුනකට දමා කරපිංචා උළුහාල් කුරුදු ලුණු ගමිරිස් කොච්චි ගෙඩියක් තුනපහ ඇතුළුදෑ දමා දියකිරි දමා ලිප තබා හොදින් පැසුනු පසු මිටිකිරි ස්වල්පයක්ද දමා ආහාරයට ගත හැකී. පිසීම ඉතා සරල වන අතර බොහෝ දරුවන් පවා ඉතා රුචිකත්වයක් දක්වාවි බිම්මල් මෙන් අපූරු අවුලුවක් ඔබට මෙයින් සැපයේ ඉහල පෝශ්‍යය පදාර්ත ප්‍රමාණයක් මින් ලැබේ.

දෙශීයව ඇති කිසිදු වසවිසක් නොමැතිව අපට,සපයා ගතහැකි මෙවැනි ඉහල පොශයය ගුණය ඇති ආහාරවලට යොමුවෙමු සොයාමීට් යැයි කියනා පුන්නක්කු කැමෙන් මිදෙමු නීරොගීවෙමු පිළිකා රෝහලට වකුගඩු රෝහලට තව තවත් ආදාර නොව ඒහි ඇදකට යන රෝගියෙන් මුදවාගන්න උත්සාහ කරමු.

නීරෝගී හෙළ පරපුරක් වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙනමා හේනේ පැලේ අප්පුහාමි.. ඔබ සැමට තෙරුවන් සරණයි.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඇවිද ගන්න බැරි රෝගීන් ඇවිද්දවන වැලිගම වෛද්‍ය එච්. ඒ. මදනායක

ඇවිද ගන්න බැරි ශරීරයේ සාමාන්‍ය චලනයක්‌ සිදු කරන්න බැරි කාන්තාවක්‌. ඇගේ වයස අවුරුදු 40 ඉක්‌ම ගිහින්. ඇගේ කොඳු ඇට පෙළ පරීක්‍ෂා කිරීමේදී වැටහෙනවා ඒවායේ තැන් තැන්වල පිපුරුම් තිබෙන බවත්, ඒ නිසා කොඳු ඇට පුරුක්‌ අතර හටගෙන තිබෙන තෙරපීමක්‌ හටගෙන සුෂුම්නාව පීඩනයට පත් වී ඇයට ඇවිද ගන්න බැරිව තිබෙන බවත් ඔබ අවබෝධ කර ගන්නවා.

වෛද්‍ය එච්. ඒ. මදනායක – ඔව්. මා ළඟට ඇය ගෙන එන විට නිදා සිටින තැනින් නැගිටලා කෙලින් ඉඳගන්නවත් ඇයට බැහැ. ඒ නිසා ඇය ඇවිද්දවීමේ අභියෝගයට වඩා ඇය නැගිට්‌ටවීමේ අභියෝගය තමයි මුලින්ම අප ඉදිරිපිට තිබුණේ. කෙනෙක්‌ ඇඳක නිදා සිටින විට හෝ හාන්සි පුටුවක වැතිර සිටින විට හෝ නැගිටින්නේ ශරීරයේ උඩුකය මගින් යොදන ආයාසයෙන්. ඒ ආයාසය පිළිබඳ පණිවුඩය සුෂුම්නාව මගින් කොඳුඇට දිගේ පහළට යන්න ඕනෑ. හැබැයි සුෂුම්නාව තෙරැපිලා තිබෙනවා නම් ඒ සංඥාව යන්නේ නැහැ. සුෂුම්නාව බෙල්ල කිට්‌ටුවෙන් තෙරපිලා නම් සංඥාව යන්නේ ඒ ටික දුර විතරයි. එතකොට ඔළුව හොළවන්න පුළුවන්. ඇඟේ ඉතිරි හරිය හොලවන්න, මා වෙත ගෙනාව. රෝගී කාන්තාවගේ බෙල්ලට ටිකක්‌ පහළින් කොඳු ඇටයේ පිපිරුමක්‌ තිබුණා. පිට මැදට වෙන්නට තව පිපිරුමක්‌ තිබුණා. ඊළඟට ඉනට සමාන්තරව තුන්වැනි පිපිරුම. මේ පිපිරුම් සියල්ල සිදු වෙලා තිබුණේ කුඩා කාලයේදී ඇය ඇද වැටීම නිසයි. වැඩිහිටියන් කොන්දේ තෙල්ගෑවා මිසක ඒ කාලයේදී මේ ගැන සැලකිලිමත් වුණේ නැහැ. පසුව පිපිරුම වර්ධනය වෙලා ඇට පුරුක්‌ අතර තිබෙන කාටිලේජවලට හානි වුණා. ඇයට ගෙලෙන් පහළ සොලවා ගන්නට බැරි වූයේ ඒ නිසයි.

ප්‍රශ්නය – මේ කාන්තාව සුවකිරීම ඔබට අභියෝගයක්‌ වුණාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක – හැම වෛද්‍යවරයකුටම තමා ඉදිරිපිට ඉන්න රෝගියා අභියෝගයක්‌. රෝගියෙක්‌ වෛද්‍යවරයා ඉදිරියට එන්නේ සනීප වෙලා නොවෙයි. රෝගියකු විදියටයි. ඔහු හෝ ඇය සුවපත් කිරීම තමයි වෛද්‍යවරයාගේ අභියෝගය. කොඳු ඇට පෙළේ ආබාධ නිසා ඇවිද ගන්න බැරි කාන්තාවක්‌ මා මීට පෙරත් සුවපත් කර තිබුණා. එහෙත් මේ කාන්තාවගේ එක්‌ස්‌ කිරණ වාර්තා සහ රෝගී නිශ්චය පත් පරීක්‍ෂා කරනවිට මට තේරුම් ගියා කාරණය ටිකක්‌ අමාරු බව. මා මුලින්ම අවධානය යොමු කළේ ඇය ඇවිද්දවීම නොව සයනය මත හිඳවීම ගැනයි.

ප්‍රශ්නය – මේ සඳහා ඔබ දීපු ඖෂධවල අඩංගු මොනවාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක – මා මෙයට පෙරත් ඔබට කියා තිබෙනවා අපේ පරම්පරාවේ බෙහෙත් සංකීර්ණ නැහැ. කසායකට තිබෙන්නේ බෙහෙත් ජාති තුන හතරයි. අපි බෙහෙතේ ගුණාගුණ හදාගන්නේ එයට යොදන ඖෂධවල බර වෙනස්‌ කිරීමෙන් ඒ කියන්නේ කසායකට ඖෂධ හතරක්‌ තිබෙනවා කියලා හිතමු. මෙයින් පළමුවැනි ඖෂධය කළඳක්‌ ගන්නකොට දෙවැනි ඖෂධය කලං එකහමාරක්‌ හෝ කලං 5 ක්‌ විය හැකියි. තුන්වන ඖෂධය කලං භාගයක්‌ විය හැකියි. ඉතින් පෙර කී රෝගී කාන්තාවට මා මුලින්ම තෙලක්‌ ගෑවා. එය ගොඩපර මුල්කරගත් ඖෂධයක්‌ Dillenia retusa ලෙස හඳුන්වන ගොඩපර ශාකය උණ, ස්‌නායු පද්ධතියේ ආබාධ, මුඛ රෝග, ඇඟ කෙට්‌ටුවීම, නොසංසිඳුන පිපාසය, කැස්‌ස, පපුවේ සහ බඩේ දැවිල්ලට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌. හෘදය සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමටත් හිසකෙස්‌ වර්ධනය කිරීමටත් ගොඩපර ඉස්‌මවලට පුළුවන්. මේ හැමටම වඩා දිරාගිය අස්‌ථි වර්ධනය කිරීමටත් කාටිලේජ වර්ධනය කිරීමටත් ගොඩපරවලට හැකියාව තිබෙනවා. මේ අවසන් කාරණය පාරම්පරික වෛද්‍යවරුන් අත්දැකීමෙන් දැන සිටි දෙයක්‌. ඒ නිසා පෙර කී කාන්තාවගේ තත්ත්වය වැන්නකදී අප මුලින්ම කරන්නේ ඉතා සියුම් ලෙස ශරීරය තුළට කි¹ බසින තෙල් වර්ගයක්‌ ආලේප කිරීමයි. එයින් සිදුකරන්නේ ඖෂධ අවශෝෂණය සඳහා ශරීරය සූදානම් වීමයි. මේ ආකාරයට බෙහෙත් කළ පසු පළමුවන දෙසතියෙන් අනතුරුව ඇය නැගී සිටියා. එතැන් සිට ඇය ඇවිද්දවීම ඒ තරම් දෙයක්‌ නෙමෙයි. මේ වන විට ඇය සෑහෙන තරම් ඇවිද යනවා.

වෛද්‍ය තුමන් සම්බන්ධකර ගැනීමට, නොමිලේ විස්‌තර සඳහා අමතන්න 0412251321/ 0710827836
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ආතරයිටීස්, අම්ල පිත්ත ඇතුළු රෝග රැසක් සුවකරන කෝමාරිකා

කෝමාරිකා ශාකයේ කඳ ඉතාමත් කෙටි වන අතර පත‍්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක් දික් වූ විට පත‍්‍ර පිහිටීම තරමක් ඈත් විය හැකිය. කෝමාරිකා ශාකයේ පත‍්‍ර දිගැටි වන අතර පත‍්‍රවල තියුණු නොවන කටු පිහිටා ඇත. කෝමාරිකා මල් තැඹිලි පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේදීය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, උතුරු අප‍්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ‍්‍රී ලංකාවේ වියළි ප‍්‍රදේශය තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට, කතරගම, කන්කසන්තුරේ, මන්නාරම, කල්පිටිය, යාපනය ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් දැකගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාවද පවතී. ප‍්‍රචාරණය සිදුකෙරෙන්නේ මොරෙයියන් (මොටි) මඟිනි. සෙවණ සහිත ස්ථානවල හොඳින් වැඩෙන අතර මනා ජල පාලනයකින් යුතුව නඩත්තු කටයුතු කිරීමෙන් හොඳින් වවාගත හැකිය.

කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ
ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව සිදු කරයි. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සඳහා ගුණදායකයි. අක්මාවේ ක‍්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි. වා, පිත්, සෙම් තිබීම නිසා හටගන්නා රෝග සමනය කරයි. ප‍්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි. සමේ තෙතමනය ආරක්ෂා කරයි. මුත‍්‍රා දැවිල්ල පාලනය කරයි. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි. පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත් යෝග්‍යයි. මලබද්ධය සුව කරයි. කුසගිනි වඩා හොඳින් ආහාර ජීර්ණය සිදුකරයි. ගර්භාශ ගත උෂ්ණත්වය පාලනය කර දරුපල ඇති කරයි. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී වේදනාව පාලනය කරයි. පෙණහලූ ආශි‍්‍රත රෝග සුව කරයි. හිස්හොරි වළක්වා හිසකෙස් වර්ධනය කරයි. ලියුකේමියා රෝගීන්ට හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි. හිරු කිරණින් සමට ඇතිවන බලපෑම් වළක්වයි. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්ටිමත් කරයි. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුවකිරීමේ හැකියාව පවතී.

ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේදී සාමාන්‍ය රෝගී තත්ත්වයේ සිට මාරාන්තික රෝගී තත්ත්වයන් දක්වාම කෝමාරිකා භාවිතයෙන් ඖෂධ සකස්කර ප‍්‍රතිකාර කිරීමෙන් බොහෝ මාරාන්තික රෝග සුවපත් වන නිසා නූතන විද්‍යාවේදී පරීක්ෂණ කීපයකට භාජන කර ඇත. ඛනිජ ද‍්‍රව්‍ය 20කින් ඇමයිනෝ අම්ල 18කින් විටමින් වර්ග 12කින්ද යුක්ත වේ. කෝමාරිකා විවිධ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් මෙන්ම එන්සයිම විශාල ප‍්‍රමාණයකින් යුක්ත වන නිසා කෝමාරිකා මදයෙන් සුළු ප‍්‍රමාණයක් වුවද ආහාරයට ගැනීමෙන් දෛනිකව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබාගැනීමට හැකිවේ.

විශේෂයෙන් මස්, මාංස අනුභවයෙන් තොර නිර්මාංස ආහාර පමණක් ලබාගන්නා අයට වඩාත් ගුණදායී ආහාරයක් ලෙස කෝමාරිකා හඳුන්වා දිය හැකිය. තවද මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස්, අර්ශස්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලූකර ඉදිමුම, මුත‍්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන් සඳහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිය.

උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ ලූණු ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කර පානය කිරීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වී කුසගිනි වඩවයි. එමෙන්ම පණු රෝගද සුවපත් කරයි. ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිත කිරීමෙන් රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය වැඩිකර ශරීරයේ සෛල ශක්තිමත් කිරීමට උපකාරී වේ.වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ වැජඹෙන ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකිය. හිසකෙස් වර්ධනය කර, හිස්හොරි පාලනය කර වර්ණවත් පෝෂ්‍යදායී කෙස් කලඹක් ඇති කිරීමට කෝමාරිකා උපකාරී වේ. සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පැහැපත් කරමින් සම පෝෂණය කරයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී කෝමාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන ඇති නමුත් ඈත අතීතයේ සිටම ආයුර්වේදයේත් හෙළ වෙදකමේදීත් පිළිකා රෝග සඳහා ඖෂධ සකස් කිරීමේදී කෝමාරිකා භාවිත කරනු ලැබුවේ එහි ඇති පිළිකා නාශක ගුණය නිසාය.කෙට්ටුව මට්ටු කරන ඖෂධයක්

පොතු ඉවත් කරගත් කෝමාරිකා මද කපා මැටි පොළවක හෝ රෙද්දක් මත වියැළීමට හරින්න. මෙම කෝමාරිකා හා සමාන බරින් යුක්තව පිරිසුදු ගිතෙල් ගෙන රත් කරගෙන එයට සකස් කරගත් කෝමාරිකා කැබලි දමා නිවුණු පසු මී පැණිද දමා හොඳින් මිශ‍්‍ර කර තබාගෙන උදේ හවස ටික ටික ආහාරයට ගන්න. මෙම ඖෂධය අති පූජනීය බළන්ගොඩ මෛත‍්‍රය නාහිමියන් අනුදැන වදාළ හෙළ වෙදකමේ එන ප‍්‍රත්‍යක්ෂ ඖෂධයකි.

පෙණහලූ ගත රෝගවලට – අමුකහ, කෝමාරිකා මද සමඟ හොඳින් අඹරා බෙල්ලේ සහ පිටේ ආලේප කරන්න. කල් පවතින කැස්සට – කෝමාරිකා මද තේ හැඳි 01, මී පැණි තේ හැඳි 01, වියළි ඉඟුරු තේ හැඳි 1/4, ගම්මිරිස් කුඩු තේ හැඳි 01 හොඳින් අඹරා ටික ටික අනුභව කරන්න. ඇස් දැවිල්ලට – අරළු කුඩු, සූකිරි, මීපැණි, කෝමාරිකා මද, සමව ගෙන හොඳින් මිශ‍්‍ර කර ඇස් මත ටික වේලාවක් තබා සිටින්න. හිසකෙස් වැඞීමට – ගොඩපර තම්බාගත් වතුරට කෝමාරිකා මද හොඳින් මිශ‍්‍ර කර හිස ගල්වා තබා ටික වේලාවකින් සෝදා හරින්න. රුව වඩවා ගැනීමට – කෝමාරිකා යුෂ ගෙන මුහුණේ ආලේප කර ටික වේලාවක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සමේ ලප කැළැල්වලට – කෝමාරිකා මද වැස්ලීන් සමඟ මිශ‍්‍ර කර ආලේප කිරීමෙන් ලප කැළැල් නැතිවේ. අම්ල පිතට – මඳඵ රස්නෙ වතුර වීදුරුවකට කෝමාරිකා යුෂ හැඳි 02යි, මී පැණි හැඳි 02යි දමා හොඳින් කලවම් කර බොන්න. සිරෝසීස් රෝගීන්ට – මුං ඇට තැම්බූ වතුරට කෝමාරිකා මද මිශ‍්‍ර කර පානය කරන්න. (ලූණු මිශ‍්‍ර කිරීමෙන් වළකින්න). ආතරයිටීස් – කෝමාරිකා මද ගිතෙල් සමඟ මිශ‍්‍ර කර අනුභව කරන්න.

(තොරතුරු මුහුණු පොතින්… අනු..)

අක්මාව ලෙඩ වුණොත් මේ රෝග ලක්ෂණ ඇතිවෙනවා

(Liver) ලිවර් එක කිව්වොත් බොහෝදෙනා හදුනන මෙම අක්මාව, අති සුවිශේෂී වූ ඉන්ද්‍රියක් එහි වටිනාකම මෙන්ම ක්‍රියාකාරීත්වය හා ආරක්ෂා කරගැනීම පිලිබදව දැනුවත්වීම ලෙඩරෝග වලින් විශාල ප්‍රමානයක් වලක්වාගැනීමට හැකිවනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සදහන් වෙනවා. අසනීපයක් සොයාගැනීමට නොහැකිනම් අක්මාවට ප්‍රතිකාර කරන්න එවිට අදාල රෝගය සුවපත් වේ.. යනුවෙන්, මෙම ලිපිය ලිවීමට ප්‍රදානම කාරණය වන්නේ සියලුම අවයවයන්ට බලපාන මහාපොදුසාදකය වන්නෙ අක්මාව හෙවත් ලිවර් එක බැවින්‍ ය.

අක්මාවෙන් කෙරෙන කාර්‍යයන් කිහිපයක්,
දැනට සොයාගෙන තිබෙන පරිදි හෝමෝන 500කට වඩා අක්මාව විසින් නිපදවන බව නමුත් සොයානොගත් හෝමෝන විශාල ප්‍රමාණයක් අක්මාව විසින් නිපදවනවා මෙම හෝමෝන සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට අත්‍යවශ්‍ය වන අතර මම නිශ්පාදනය අකල්මරනය වූවොත් සියලුම ඉන්දියන් හට විශාල බලපැමන් එල්ලවෙනවා, මේ හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවේ.

ආහාර ජීර්ණය අපගේ සියලුම ක්‍රියාවන්ට මූලිකමදේ වෙනවා,මෙහිදී ජීර්නයට අවස්‍යම වන්නේ HCL අම්ලයයි. මෙම අම්ලය ඉතාමත්ම සාන්ද්‍රයි කොටිම්ම කිව්වොත් අල්ලට දැම්මොත් අනිත් පැත්තෙන් එන්න තරම්, එවැනි සාන්ද්‍ර ද්‍රාවණයක ආහාර දියවීමෙන් පසු මහාබඩවැල වෙත මුද හැරෙයි, මෙමෙ අවස්තාවේදී තමයි පිත අවස්‍ය වෙන්නේ,, මෙම පිත භාස්මිකයි එමනිසා බඩවැල් වලට යන්නෙ උදාසීන වූ ආහාරයි,

නමුත් පිත නිශ්පාදනය නැවතුනොත් මොනව වෙයිද ? බඩවැල් සියල්ල පිච්චෙනව, ඒහේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්වෙන්න වෙනවා. කැන්සර් තත්වයක් උනත් ඇතිවිය හැකී, අහාර දිරවීමේ අපහසුතා, අවශෝෂණය අපහසුතා, නිසිලෙස ආහාර අවශෝෂණය නිරීමට නොහැකි වූවත් රෝග ගණනාවක් සෑදීම වැලැක්විය නොහැකී.

නමුත් කොහොමද මෙම කාර්‍යය අක්මාව සම්බන්ද වෙන්නේ ? අක්මාව තුල තමයි පිත නිපදවන්නේ, දිනකට ලීටර් 1,1/2ක් පිත අක්මාව විසින් නිපවදනව ඒ නිශ්පාදනය කරන වැඩිපුර පිත පිත්තාශය මගින් තැන්පත් කරගනු ලබයි, නමුත් සමහර අයගේ පිත්තාශය අයින් කරල ඒ අයට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද හදිසියකට ගන්න ආපහු පිත නෑ.. දවසගානෙ පිත නිශ්පාදනය වෙන දේවල් ආහාරයට ගන්නම වෙනව. ජීවිතට තියෙන තුරාවටම එවැනි අය පුලුවන්තරම් අක්මාව ප්‍රවේශම් කරගත යුතුයි.

රූපලාවණ්‍ය පිලිබදව අපේ කාන්තා පාර්ශවය ගොඩක් වදවෙනවනේ නමුත් මේ කියන්න යනදේ ඔවුන්ට ඉතාම වැදගත්, ඒවගේම රූපලාවණ්‍ය ශිල්පීන්ට, අපි නිතරම බලන්නේ පිටත ඔපය පමණයි නේද , නමුත් වියයුත්තේ ශරීරයේ අභ්‍යන්තර පොශණයයි, නමුත් අභ්‍යන්තර පෝශණයත් දිය යුත්තේ කුමන අවයවයටද ?හා කුමක්නිසා ලබාදිය යුතුද යන්නයි.

සම රැලි වැටීම් ස්වබාවයක් ඇතිවන්නට ප්‍රධානම හේතුව වන්නේ සමට යටින් ඇති කොලැජන් දුර්වල වීමයි. මෙම කොලැජන් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට පිටියුටරි හෝමෝනයක් වන ග්‍රෝත් හෝමෝනය අවශ්‍ය වෙනවා. වයසට යනවිට මෙම හෝමෝනය ශ්‍රාවය වීම ටික ටික නතර වෙනවා. නමුත් අපි ආහාරයට ගන්නා කොළ වර්ග වල තියෙන ක්ලොරෙල්ලා ග්රෝත් ෆැක්ටර් එකට හැකියි ග්‍රෝත් හෝමෝනය ලෙසට ක්‍රියාත්මක වෙන්න. මෙම කොළ පාට හරිත වර්ණ ස්වභාවික රසායනිකය වැඩියෙන්ම ඇත්තේ ක්ලොරෙල්ලා කියන ඇල්ගී වලයි. මේ නිසා මෙම ආහාර අප දෛනිකව ගැනීමෙන් සිරුරට ක්ලොරෙල්ලා ග්රෝත් ෆැක්ටර් නැමති ශාඛ හෝමෝනය ලැබෙනවා. එයද අප ශරීරය තුලදී ග්‍රෝත් හෝමෝනය සේම ක්‍රියාත්මක වී අක්මාව පණ නංවනවා. එහි ඇති හෝමෝන නිපදවීමට මෙම සංඝටකය බලපානවා.එසේම සමට යටින් ඇති කොලැජන් ශක්තිමත් කරවා. මේ අනුව කොලපාට ආහාර වැඩිපුර ගැනීම මගින් සමද අක්මාවද යන දෙකම නිරෝගි වෙනවා.

ලේවල තිබෙන විශ ඉවත්කිරීම මෙම අක්මාව හරහා කරන විශාල කර්තව්‍යයක් ශරීරයට අප විසින් දෙනුලබන වසවිෂ ලේවලට එකතුවේ. එක සියලු විෂ අක්මාව විසින් රදවාගෙන සිටී. ඉන්පසු සෑම දිනකම රාත්‍රි 11ත් අළුයම 2ත් අතර කාලයේදී රැස්කර තබාගත් සියලුම විෂ හරනය කරනු ලබයි. මේ හේතුව නිසා අනිවාර්යයෙන්ම ඉහත කී කාලය තුලදී තද නින්දේ පසුවිය යුතුය.

ඔබ දැක ඇති දියවැඩියා රෝගීන් සීනි අඩුවීමෙන් කෝමා තත්වයට පත්වෙනවා. නමුත් අප ශරීරයේ සෛල වල ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස තැන්පත් වී තිබෙනව එසේනම් වහා මොලය ක්‍රියාත්මකවී එම සෛලවල තිබෙන ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත්කර දහනයට අවස්‍ය ග්ලූකෝස් ලබාදීම කරනවා. නමුත් කොහොමද මෙය වෙන්නේ. මෙතනදිත් අක්මාව මූලිකවේ අක්මාව විසින් නිපදවන ඉන්සියුලින් ග්‍රෝත්ෆක්ටර් (IGF) එක මගිනුයි මෙමක්‍රියාවත් කරන්නේ. මෙම ගලයිකෝජන් ග්ලූකෝස් බවට හරවන ක්‍රියාවලිය ට කියන්නේ ග්ලූකෝනියෝ ජෙනිසිස් යනුවෙනි.

කොලොස්ටරෝල් කියන්නෙ අපිට අත්‍යවශ්‍ය දෙයක් මොකද මොලයේ ඝන කොටස හෙවත් ග්‍රේමැටර් එකෙන් 80% ක් පමණ සෑදී ඇත්තේ කොලොස්ටරෝල් වලින්. ඒවගේම SEX වලට අවස්‍ය හෝමෝන සාදන ග්‍රන්ථි සෑදී ඇත්තේද කොලොස්ටරෝල් වලින්‍, අපගේ ස්නායු පද්දතියේ පිටත ස්තරය (කේසින් එක) සෑදී ඇත්තේද කොලොස්ටරෝල් වලින් ය, මෙම කොලොස්ටරෝල් සාදනු ලබන්නේද අක්මාව විසින් ය. (පොඩ්ඩක් සිතන්න) කොලොස්ටරෝල් වලට බෙහෙත් ගැනීමෙන් ඉහත සියල්ලද දියවී යයි, එහි ප්‍රතිඵලයක් ලෙස, අල්සයිමර්ඩිසීස් මෙන්ම බෙලහීනතාවටත් පත්වේ,)

ඒවගේම තවත් කාර්‍යයන් මේම අක්මාව විසින් සිදුකරනු ලබනවා, එමනිසා එය ආරක්ෂා කරගැනීම නීරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය කාරනයකි. අක්මාව අකල්මරනය වෙන්නේ හෝ විනාශ වෙන්නේ ඇයි?

අක්මාව වැඩිපුරම හාවිවෙන්නේ, බටහිර වෛද්‍යක්‍රමයෙන් වැඩිපුරම භාවිතාවෙන වෙදනා නාශක හෙවත් පේන්කිලර්ස් නිසාය. නමුත් වේදනා නාශක ඔබේ දරුවාගේ සිට ගෙදර සිටින සියලුමදෙනාට ඔබවිසින්ම ලබාදේ නමුත් Acetaminophen නැමැති වේදනා නාශක අක්මාව විනාශ කරයි.

අද සියලුම වෙලදසැල් වල පෙට්ටි පිටින්ගන්න පුළුවන් වේදනා නාශක ඔනතරම් තිබෙනවා. අපි සියලුම දෙනා ඔලුවෙ කැක්කුමක් ආපු විගසම ඉහතකී Acetaminophen වර්ගයේ වේදනා නාශක ලබාගැනීමට නීතියෙන් පවා අවසර ඇත, නමුත් මම දන්න කෙනෙක් ගෙදරත් එක්ක තරහවෙලා ඉහත වර්ගයේ පෙති 20ක් පමණ පානයකොට ඇත එහි ප්‍රතිඵල ලෙස ඔහුගේ අක්මාව විනාශ වී, මියගියේය.. ඔබගේ ගෙදරත් මෙවැනි වේදනානාශක පෙට්ටි ගනන් කාඩ් ගනන් ඇති නමුත් ඔබේ දරුවාට මෙය අහූනොත් කුමන විනාශයක් වේද යන්න ඔබම සිතා බලන්න.

සෑම වෙලදසැලකම තිබෙනවා කියන්නෙ විශාල පාවිච්චියක් තිබෙනවා කියනඑකනේ, ඒකියන්නෙ අපි නොදන්නවා උනාට විශාල අක්මා ප්‍රස්නයක් තියනව බහුතරයකට, ඉහත සදහන් කල සියලු කාර්‍යයන් අක්‍රීයවෙනවා මෙම වේදනානාශක පාවිච්චියෙන්,දන්නවද මේ පොඩි පෙත්තක් දෙකක් නිසා රටම රෝගීවෙනබව, දැන්මේ කිසිවක් ඔබට රහසක් නොවේ. මේ බටහිර බෙහෙත් වලින් එකක් පමණයි තව ඕනතරම් තියනව අක්මාවට හානි පමුනුවන ඖෂධයන්.

මත්පැන් පානය නිසාත් සිරෝසීස් වැනි රෝග සෑදෙන්න පුලුවන් , නමුත් එහි ප්‍රවනතාව 5% ක් පමණයි. වැඩිම හානිය ඉහත කී කාරනය නිසාම සිදුවේ. ඇස්ට්‍රා, ගැබුරුතෙලේ බැදීම, සීනි අතියෝගය, එලවළු පලතුරු වලට ගහන වස විෂ, රසකාරක, මෙවැනි ද්‍රව්‍ය නිසාද අක්මාවට යම් හානියක් සිදුවේ.

රෝග ලක්ෂණයන්
සමේ කැසීම් තත්වයන්, ඇගේ අපහසුතාවය, ඇගට පනනැති ගතිය, අතුල් පතුක් වල දැවිල්ල හා කැසීම, මොලයට හානිවෙනනිසා, සිනැතිවෙන්න, සිහිමදගති ඇතිවෙන්න පුලුවන්, ඒවගේම දවල් නින්ද යෑම හා රාත්‍රිය නිදි වර්ජිත වීම. සැලකියයුතුයි – අක්මාව විසින් නිතරම අක්මාව සුවපත්කරගනු ලබයි එම නිසා නිතර නිතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි අක්මාව ට අවස්‍ය පෝෂණය නොලැබීමෙන් බැරිමතැන තම ක්‍රියාවලිය අතහැර දමයි එවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

අක්මාව නීරෝගිමත්ව තබාගන්නනම් කලයුත්තේ ආහාරවලින් අවශ්‍ය දේ ලබාදීමයි. නෝකෝල්, බීට් රූට්, රාබු, බ්‍රොකලි, ගෝවා, ඕගනික් ක්‍රමයට සෑදූ කහ, (ඉහත සදහන් සියල්ල කාබනික පොහොර යොදා සාදනලද එලවළු නම් ඉතාමත් ගුණදායක වේ,)

වගේම අක්මාව යලි යතාතත්වයට පත්කිරීමටත් , තිබෙන අක්මාවේ වැඩිදියුණු කිරීමට සිට්රස් කුළයේ එලවලු වල තමයි සල්ෆර් තියෙන්නේ. ඒ නිසයි කුණු වුනාම මේ තරම් ගද ගහන්නේ මේ එලවලු. අක්මාවේ විශ ඉවත් කරන්න මේ සල්ෆර් අත්‍යවශ්‍ය සාදකයක්. එලෙසෙයි සිට්රස් කුලයේ එලවලු අක්මාවට උදව් කරන්නේ. කොරොල්ලා ග්‍රෝත්ෆක්ටර් එක නිශ්පාදනය සදහා අවස්‍ය කොරොල්ලාසොරකෝනියානා ඇල්ගී විශේශය ලබාදිය හැකීය, අක්මාවේ විශ හරනය කරන්නට බීට්රූට් වලට හැකියාවක් ඇත.

ඒවගේම පිත්තාශයේ ගල් තිබේනම් ඒවත් ඉවත්කිරීමට ක්‍රම හෝලිස්ටික් මෙඩිසින් වලින් කරගත හැක, පිත්තාශය ඉවත් කිරීමෙන් මුලු ශරීරයම ලොකු අවදානමක හෙලයි, පිත්තාශය තිබෙන්නෙ වැඩිපුර නිශ්පාදනය කල පිත රැස්කරතබා පිත නිශ්පාදනය සදහා අවශ්‍ය පෝෂණය නොලැබූවිට පිත්තාශය නැමැති ගබඩාවෙන් අවස්‍ය පිත නිකුත් කරනු ලබයි, නමුත් එය නොමැතිනම් කුඩා බඩවැල්වල අංගුලිකා හා සෛල බිත්ති විනාශයට පත්වීමෙන් පසුකාලෙකදී පිලිකාවකට එන්න පුලුවන් මෙය ඉතාමත් භයානකම තත්වයකි. මෙම ලිපිය තවත් කෙනෙකුගේ යහපත උදෙසා ශෙයා කරන්න. තෙරුවන්සරනයි..!!

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කොලෙස්‌ටරෝල් ඇතුළු රෝග රැසක් පාලනය කරන මඤ්ඤොක්‌කා කොළ සම්බෝලය

ආහාර වර්ග පිළිබඳ විවිධ මත ජන සමාජය තුළ ගොඩ නැගී ඇත. ඒ නිසාම බොහෝ දෙනා ආහාර වර්ග ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වීමක්‌ සිදු කරනවා. මඤ්ඤොක්‌කා පිළිබඳවත් ජන සමාජයේ විවිධ මතවාද ගොඩ නැඟී තිබෙන නිසාම බොහෝ දෙනා මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දීද විශේෂයෙන් පාලනය කිරීමක්‌ සිදු කරනවා. මඤ්ඤොක්‌කා වල අර්තාපල් වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක්‌ සහ කාබෝහයිඩ්රේට්‌ ප්‍රමාණයක්‌ අඩංගුයි.

බොහෝ දෙනා අතර මතයක්‌ පවතිනවා මඤ්ඤොක්‌කා ආහාරයට ගත් පසුව ඉඟුරු යොදා සකස්‌ කළ තේ බීම නුසුදුසු බව. ඒ මතයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සත්‍යතාවක්‌ පවතී. බොහෝ දෙනකුට එයින් ආසාත්මිකතාවක්‌ ඇතිවේ. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගත් විට ආයුර්වේදීය බෙහෙත් වට්‌ටෝරු හෝ ඉඟුරු යොදා සකස්‌ කළ තේ පානය කිරීමත් සුදුසු නොවේ.

කොලෙස්‌ටරෝල් පාලනය කරනවා. රෝග රැසකට සුව ගෙන දේ. මානසික ආතතිය අඩු කරනවා. ඇමගඩ්ලීන් නම් එන්සයිමය අඩංගු නිසා පිළිකා නාශක ගුණයක්‌ ද මඤ්ඤොක්‌කා වල අන්තර්ගතයි. දියවැඩියාව පාලනය කරනවා. අධික කැලරි ප්‍රමාණයක්‌ අඩංගු නිසා ශරීරය මහත් වීමක්‌ සිදු කරනවා. අල වගේම කොළත් ගුණයි

මඤ්ඤොක්‌කා අල වල පවතින ගුණ ඒ ආකාරයටම කොළ වලත් අන්තර්ගතයි. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී කොළ වලින් සකස්‌ කර ගත් මැල්ලුමත් ආහාරයට එක්‌ කරගන්න. මඤ්ඤොක්‌කා කොළ වල විශේෂයෙන් ප්‍රොaටීන් සහ විටමින් වැඩි ප්‍රමාණයක්‌ අඩංගු නිසා වයසට යැමේ දී ඇතිවන අමතක වීම් තත්ත්ව පාලනය කිරීමක්‌ සිදු කරනවා.

ආහාරයට ගැනීමේ දී මේ ගැනත් සිතන්න
මඤ්ඤොක්‌කා අල තම්බන අවස්‌ථාවේ දී පියනකි න් වසා තැම්බීම නුසුදුසුයි. හැම විටම පියන හැර මඤ්ඤොක්‌කා තම්බන්න. ඒ වගේම මඤ්ඤොක්‌කා තම්බන විටත්, වෑංජනයක්‌ ලෙස සකස්‌ කරන විටත් විශේෂයෙන්ම කහ යෙදීම කළ යුතුයි. මන්ද එමඟින් මඤ්ඤොක්‌කා වල අඩංගු විෂ මර්දනය වීමක්‌ සිදු වන බැවිනි. පළුදු වූ මඤ්ඤොක්‌කා අල ආහාරයට ගැනීම නුසුදුසුයි. ගැබිනි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සේම කුඩා දරුවන්ටත් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම සුදුසුයි. විශේෂයෙන් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී පොලුත් සමඟ ආහාරයට ගන්නවා නම් සිදුවන ආසාත්මිකතා අවම කර ගත හැකියි. මන්ද පොල් වලත් විෂ නැසීමේ ගුණයක්‌ අන්තර්ගත වී ඇති බැවිනි.

මඤ්ඤොක්කා කොළ මැල්ලුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – මඤ්ඤොක්කා කොළ, තිබ්බටු, රතුළූණු, වියළි මිරිස්, ගාගත් පොල්, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය
හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරෙන්න තියන්න. ඉන් පසු වංගෙඩියේ දාලා කොටන්න. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරන්න. ටිකකින් ගාගත්තු පොල් ටික දාලා නැවතත් කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ. වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමන්න. ඊට පසූ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පසු කොළ මිශ්‍රණය දාලා මලවගන්න.

වෛද්‍ය S.M.A.R සෙනවිරත්න රෝහල් අධ්‍යක්‌ෂ ඩි.බී වෙලගෙදර ආයුර්වේද මහ රෝහල, කුරුණෑගල
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ඩෙංගු රෝගය හැදෙන්නේ මෙන්න මෙහෙමයි – වෛරස් එක ව්‍යාප්තවෙන හැටි

වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා.. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා. මේ විදියට වයිරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වයිරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia ) (ඉතා වැදගත් ) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී.. නැවත වරක් අවධාරණය කරනවා… උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ.. අඩුම උනොත් දෙවෙනි දවසෙ…එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ.(එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ) ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ..

කාට හරි උණ ගැනුනොත් , (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක ) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. පුලුවන් කමක් තියනවා නම් NS1 antigen test එක උණ සෑදී පලවෙනි පැය 24 තුල කරගන්න. එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා පැය විසිහතරම නෙට් එකක අතුලෙ ඉන්න ඕනෙ.

ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදා ගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එකකට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි තුන්වෙනි දවස් වල full blood count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද කියලා දැන ගන්න කම් නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂන මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ.

දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම දවස් තුනක් නෙට් එකේ ඉන්න ඕනෙ. ඔබට වලැඳුනේ ඩෙංගුනම් ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම් ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ.

මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක ඉස්කෝලෙ යන එක වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ…. මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරන්තික ලෙඩක්. මාස තුනක් මේ වැඩේ කලොත් අපිට ඩෙංගු රෝගය මේ තියන ප්‍රමාණෙන් භාගයකට අඩු කරන්න පුලුවන්. (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි.)

රෝග ලක්ශණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්
මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා.. නමුත් ඒ den1 කියන වයිරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වයිරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂන මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝගලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා.. ඒ විතරක් නෙමේ ඩෙංගු රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් මේ යන වසංගතය ට හේතුව den2 කියන වයිරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ශණ මතු වෙනවා.

අනිත් කාරණය මදුරුවෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viemia කියන තත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වයිරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viremia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්සණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමෙ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය “උණ ” තත්වය.. මේ අයව වෙන්කරලා මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ.. (අවධාරණය කරමින් ) මේ වනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේ දිගටම කරගෙන යන්න.

© වෛද්‍ය හසින්ත උදලාගම #Dengue
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ඇස් පෙනීම වැඩි කරන, කොලෙස්ටරෝල් නැති කරන සුදුළුණු මී පැණි සත්කාරය

මීපැණි තේ හැන්දක් දිනපතා හිස්බඩ ගැනීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව පැවසෙනවා. යකඩ, සින්ක්, කැල්සියම්, විටමින් බී6 , පොටෑසියම්, තයොමින් රයිබබොෆ්ලේවින්, ආදි පෝෂක ගණනාවකින් යුත් මීපැණි ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි ඖෂධයක්. ප්‍රතිශක්තිය ලබාදීම මෙන්ම සුදුරුධිරානු වර්ධනය, නින්ද ලබා දීම, ක්ෂුද්‍ර ජීවින් හා සටන් කිරීම, ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගි කිරීම, කොලෙස්ටරෝල් පාලනය, තුවාල සුව කිරීම සම පැහැපත් කිරීම වැනි කාර් ය භාරයන් රැසක් සිරුරට ඉටුකර දෙනවා.

සුදුලූනු ද ප්‍රතිඔක්සිකාරක ගුණ පිරි වටිනා ඖෂධයක්. මැන්ගනිස්, සිලේනියම්, විටමින් කැල්සියම් පොස්පරස් පොටෑසියම් ආදි පෝෂක සංඝටක වලින් යුක්තයි. බැක්ටීරියා නාශක දිලීර නාශක පිළිකා නාශක ප්‍රති ප්‍රදාහ කාරක ගුණවලින් යුතු ‍යි. මේදය දහනය කිරීමට, රුධිර කැටි දිය කිරීමට සමත් හදවතේ මිතුරෙක්. කොලෙස්ටරෝල් පාලනයට, අධි රුධිර පීඩනය වැළකීමට සහාය වන්නක්. සෙම් ප්‍රතිශ්‍යා උණ වාත කුෂ්ට මාන්දම් රෝග ඇතුළු විවිධ රෝග දුරලීමට උපකාරි වන්නක්. කුසගින්න වඩන්නක් සේ ම තරුණ පෙනුම ද ළඟාකර දෙන්නක්.

මේ දෙවර්ගය එක්කර වටිනා ප්‍රතිශක්ති ඖෂධයක් සකසා ගත හැකියි. සුදුලූනු ගෙඩි කිහිපයක්, අළුත් පිරිසිදු මීපැණි කෝප්පයක්, ජෑම් බෝතලයක් හෝ එවැනි කට ලොකු වීදුරු බෝතලයක් ළංකර ගන්න. සුදුලූනු බික්වලට වෙන්කර පොතු හැර බෝතලයෙන් 1/3 ක පමණ ප්‍රමාණයක් ඉන් පුරවන්න. ඒවා වැසෙන ප්‍රමාණයට මී පැණි වත් කරන්න. හොඳින් සුදුලූනු වටයේ පැතිරෙන සේත් වායු බුබුළු ඉතිරි නොවන සේත් මිශ්‍ර කරන්න. බෝතලයෙන් 1/3 ක් හිස්ව තැබෙන සේ මිශ්‍රණය සකසාගත යුතුයි.

මුඩිය හොඳින් වසා අව්වට නිරාවරණය නොවන සේ කාමර උෂ්ණත්වයේ හෝ ශීතකරණයේ දින කීපයක් තබා ගන්න.මිශ්‍රණය දියාරු වනවිට දිනපතා උදේ හිස්බඩ සුදුලූනු බික බැගින් කෑමට ගන්න . මෙය සිරුරට ශක්තිය හා ප්‍රති ශක්තිය වඩවන්නක්. හදවතට බෙහෙවින් හිතකරවන අතර, අධි රුධිර පීඩනයටත් අධි කොලෙස්ටරෝල්තාවටත් කදිම අත් බෙහෙතක්. තරබාරුබව දුරු කරනවා. මලබද්ධය වළක්වනවා. ඇස් පෙනීම දියුණු කරනවා. සිරුර නිරෝගි කර, දීර්ඝායුෂ ලබා දීමට දායකත්වය සපයනවා.

අවවාදයයි – ඌරු මස් කන්න එපා

කුණු කසළ, මුත්‍රා, සහ පිළුණු වූ ආහාර වැනි පිළිකුල් සහගත දෑ සැමවිටම ආහාරයට ගන්නා මල, මුත්‍රා සහ වමනය ආදියෙහි වැතිර වාසය කරනා සත්ව කොට්ඨාශයක් තමයි ඌරා කියන්නේ. ඌරන් විසින් ආහාරයට ගනු ලබන පිළිකුල් සහගත දෑ තුල අඩංගු වන විෂ සහිත සංඝටක සියල්ලම ඌරාගේ ශරීරයෙන් ඉවත්ව නොයන අතර මෙම විෂ සහිත සංඝටක ඌරාගේ මේද සෛල තුල සහ අවයව තුල තැම්පත් වනවා.

Yersinia enterocolitica” යනු සතුන්ගේ ශරීර තුලින් සොයාගැනීමට හැකි වන උපද්‍රව සහිත ක්‍ෂුද්‍රජීවි විශේෂයක්. මෙම ක්‍ෂුද්‍රජීව වර්ගය ආසාදනය වීමෙන් පසුව උණ, මාංශ පෙශී පෙරලීම, පාචනය සහ වමනය වැනි විවිධ රෝග ඇති වනවා. ඌරන්ගේ ශරීර තුලින් හමුවන තවත් ප්‍රභල අපවිත්‍රකාරක ද්‍රව්‍යක් වන “Ractopamine” ශරීර ගත වීම මගින් මරණය සිදුවීමට පවා ඉඩ තිබෙනවා.

ඌරු බඩවැල් වාසභූමියක් කරගෙන ජීවත් වන “Taenia solium” වැනි භායනක පරපෝෂිතයා විසින් ශරීරයේ පටක අපවිත්‍ර කිරීම, පටක තුල අතිරික්ත ජලය එකතු වන “edema” රෝගය, ශරීරය තෙහෙට්ටුවට පත් කර අසනීප කරන “malaise” රෝගය, මාංශ පේශී වල වේදනාව ඇති කරන “myalgia” රෝගය, සහ ආහාර අරුචිව වැනි තත්වයන් ඇති කරනවා.

ඌරු මස් ආහාරයට ගැනීමෙන් ඇති වන මෙවන් රෝග වලින් ආරක්‍ෂාව සලසා ගැනීමට නම් ඌරාගේ බඩවැල් තුල සිටිනා මෙවන් පරපෝෂිතයින් විනාශ කර දැමිය යුතු වනවා. අමුවෙන් ආහාරයට ගත හැකි ආහාර වර්ග සමග ඌරු මස් එකට එක්කර ආහාරයට ගැනීමෙන් වැළකීම සහ අධික උෂ්ණත්වයක් යටතේ ඌරු මස් පිස ගැනීම මගින් මෙය සිදු කර ගන්නට පුළුවන්. එමෙන්ම, ඔබ අමු ඌරු මස් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න.

ඉහත සඳහන් කරන ලද ආකාරයට ඌරු මස් පිස ගත්තත් ගොවිපොළවල් තුල ඌරන් ඇති කරන ආකාරය, ඌරන්ට ලබා දෙන ආහාර අනුව සහ මස් නිෂ්පාදනය කරනු ලබන ආකාරය අනුව ඇතැම් අවස්ථා වල මෙම අහිතකර සංඝටකයන් ඌරු මස් පිසීමෙන් අනතුරුවත් පිසින ලද ඌරුමස් තුල අන්තර්ගත වීමට ඉඩ ඇති නිසා ඌරුමස් ආහාරයට ගැනීම අවම කිරීමයි සෞඛ්‍යයට වඩාත් හිතකර වන්නේ.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

මඤ්ඤොක්කා ඉඟුරු එකට අනුභව කරන්න එපා විෂ උනොත් මේ ලක්ෂණ ඇතිවෙනවා

විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මියගෙන්….මඤ්ඤොක්කා සමඟ ඉඟුරු අගුණද….?? ලුණු මිරිසුත් සමඟ මඤ්ඤොක්කා කෑ මා එහි රසය තවත් විඳීමට අම්මාගෙන් ඉඟුරු තේ එකක් බොමුද ඇසුවේ ටිකක් උස් හඬෙකිනි.එය අසා සිටි සීයා කෑගැසුවේ “මොකද මැරෙන්නද හදන්නේ?…” කියමිනි. එදා පැරැන්ණන් මඤ්ඤොක්කා හා ඉඟුරු එකට කෑමට ගැනීම මාරාන්තික යැයි පැවසීමේ පදනම සොයා බලමු.මඤ්ඤොක්කා යනු ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මඤ්ඤොක්කා සමහර අවස්ථාවලදී විෂ විය හැක.

එයට හේතුවන්නේ සීනි සමග සම්බන්ධවූ සයනයිඩ් ( Cyanogenic glycoside -Linamerin) සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය වේ. මෙය මඤ්ඤොක්කා අලය තුළ ඇති පිෂ්ඨය කොටසෙහි අක්‍රියව ගබඩා වී ඇති අතර සාමාන්‍යයෙන් අක්‍රීය සංයෝගයකි. මඤ්ඤොක්කා පොත්තේ පවතින ලිනමරේස් නම් වූ එන්සයිමය මගින් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් (HCN) සයනයිඩ් බවට පත් කළ හැක.මෙය ශරීරයට විෂ විය හැකියි.

තුවාල වී හුලං වැදුණු මඤ්ඤොක්කා අල (නිල්ඉරි දිවූ අල ) ආහාරයට ගැනීමෙන්ද බොහෝවිට මෙය සිදුවේ. එවැනි අල ඉවත් කිරීමද මඤ්ඤොක්කා තැම්බීමේදී වතුර ප්‍රමාණවත් තරමට දමා භාජනය විවෘතව තැම්බීම මගින් ද Hydrogen cyanide ඉවත් කරගත හැක. මඤ්ඤොක්කා අල පරිස්සමින් පොතු ඉවත්කර ඉන් පසු කුඩා කැබලි වලට කපා පැය කිහිපයක් හොඳින් ජලයේ පොඟවා ජලය ඉවත් කොට, අලුත් වතුරින් තම්බන අතරේ කිහිප වරක් වතුර පෙරා ගැනීම ද විෂ සංයෝග ඉවත් වීමට මනා රුකුලක් වෙයි

කෙසේ නමුත් අමු මඤ්ඤොක්කා කෑම අනුමත කළ නොහැක. මෙයට හේතුව නම් ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවින්ගේ එන්සයිම මගින් ද සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රිජන් සයනයිඩ් (HCN) බවට හැරවිය හැකි බැවිනි.

අපගේ ප්‍රධාන සාකච්ඡාවට නැවත පැමිණියහොත් ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක. එනිසා මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය. (ඉඟුරු බිස්කට් ජින්ජර් බියර්… වැනි) සමහරුන් මාංශ පිළියෙළ කරනවිටද ඉඟුරු දමයි. මස් හොදි සමඟ මඤ්ඤොක්කා කෑමට ගෙන මෙම රෝග ලක්ෂණ පහළ වූ අවස්ථා පිළිබඳවද අසන්නට ලැබේ.මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.

හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration), රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure), පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse), නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache), ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain), වමනය (Vomiting), දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea), මනස ව්‍යාකූල වීම ( Mental Confusion ), මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching), ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions), දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre), යකඩ උරාගැනීම අඩු වීම, ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක. විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක. මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.

(සමීර, වෛද්‍ය ශිෂ්‍ය. ප්‍රජා විශේෂඥ වෛද්‍ය Uthpala Amarasinghe. මෙම පෝස්ට් එක අනන්තය විනිවිද සමූහයට Share කරලා තිබුනේ සුව වරුණ පිටුවෙන්. Share කරන Posts අනන්තය විනිවිද තුල පල නොවන බැවින් මෙසේ උපුටා පල කලේ එහි ඇති වැදගත්කම නිසාමයි. මෙහි සියළු ‍‍ගෞරවය එතුමියටත්, සුව වරුණ පිටුවටත්, මෙහි නම සදහන් රචකයාටත් හිමිවිය යුතුයි. ඔබට ස්තුතියි උත්පලා අමරසිංහ වෛද්‍යතුමියනි.)

කොලෙස්ටරෝල් නැති කරන තායිවානයේ සොයාගත් වටිනා සත්කාරයක් සාදමු

මෙම සත්කාරය සොයාගෙන තියන්නෙ නම් තායිවානයේ. මෙ හදපු බොතල් විදෙශ රටවල විකුණන්න තියෙනවා. අපි මුලින්ම හෘද්‍යාබාධයක් සහ බයිපාස් සැත්කම යනු කුමක්ද කියලා හඳුනාගෙන ඉමු. ඇතැම් අවස්ථාවලදි ඔබගේ දෙමාපියන්ට, ඔබගේ හිතවතෙකුට හෝ ඔබට හෘද්‍යාබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයා විසින් බයිපාස් සැත්තමක් සිදු කල යුතු යැයි ඔබට දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඔබ කම්පාවට පත් වෙනු ඇත. ඒ මන්ද යත් බොහෝ දෙනා අතර මෙම සැත්කම පිලිබද ඇති දැනුම අල්ප වැවිනි..

බයිපාස් සැත්කමේදි සිදු කරනු ලබන්නේ කුමක්ද ? හෘදයාබාධයක් යනු හෘදයට රුධිරය සපයන කිරිටක ධමනි වල රුධිර කැටියක් සිරවිම නිසා එම අවහිරතාවයට ඔබිබෙන් ඇති ප්‍රදේශයට රුධිර සැපයුම අඩාල විමෙන් එම පටකය මියයයි. මෙහිදි හෘත් පෙෂි පටකය මිය යන බැවින් එම මිය ගිය කොටසට නිසි පරිදි රුධිරය පොම්පකිරිමේ හැකියාවක් නොමැත..

එබැවින් සිරුරේ අනෙකුත් වැදගත් අවයව වලටද රුධිරය සැපයුම අඩාල වි රෝගියා මිය යයි. එම නිසා හෘදයාබාධයක් සදහා ලබාදිය හැකි ප්‍රතිකාර වලින් සිදුවිය යුත්තේ ඉහත සදහන් කල කිරිටක ධමනිය තුල ඇති රුධිර කැටියක් ඉවත් කිරිම හෝ කිරිටක ධමනියේ එම අවහිරතාවය මග හැරෙන පරිදි වෙනත් ශිරාකොටසක් සවි කිරිම මගින් ඒ තුලින් රුධිරය ගමන් කරවිමට සැලැස්විමයි..

මෙහිදි පළමුව සදහන් කල ප්‍රතිකාර ක්‍රමය බොහෝවිට සිදු කරන්නේ ඹෟෂධ මගින් එනම් හෘදයාබාධ්‍යක් ඇති වු රෝගියෙකුට දෙන ස්ට්‍රෙප්ටොකයිනේස් නැමැති ඹෟෂධ මගින් රුධිර කැටිය දිය කර හරි නමුත් ඇතැම් අවස්ථාවලදි මෙම ඹෟෂධය මගින් රුධිර කැටිය මුළුමනින්ම ඉවත්කල නොහැකි අවස්ථා ඇත. එවිට කල හැකි ප්‍රතිකාරය වන්නේ එම අවහිරතාවය මග හැරෙන ලෙස රුධිරය ගමන් කල හැකි වෙනත් මාර්ගයක් සැදිමයි. එය බයිපාස් සැත්කමක් ලෙස හැදින්වේ.

සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි.

රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:

Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.

Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.
ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.

දැන් අපි බලමු බයිපාස් සැත්කම නොකර අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මගහරවා ගැනීමට සහ දියවැදියාවට වටිනා පානයක් සකසා ගන්නා ආකාරය..

මෙම ඖෂධීය පානය සෑදිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
ලෙමන් දෙහි ඉස්ම 250 ml, ඉගුරු ග්‍රෑම් 500, ලොකු සුදුළුණු ග්‍රෑම් 500, ඇපල් සයිඩර් විනාකිරි 250ml, පිරිසිදු මී පැණි 500 ml

පළමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර කුඩා කැබලිවලට කපා ගන්න.ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු වෙන වෙනම බ්ලෙන්ඩරයකට දමා හොදින් අඹරාගන්න. හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා පහත රූපයන් අකාරයට සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ. ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ සහ ඇපල් සයිඩර් විනාකිරි එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ රත්කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි. පසුව එම මිශ්‍රනය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර පහත රූපයේ පරිදි බොතලයකට දමා දිණපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න.. නොන්ස්ටික් බාජනයක් වඩා සුදුසුයි. ශිත කරණයේ තබා බිමට කලින්සිත ගතිය යවා බිමට ගන්න.

නේරංජනා කස්තුරිආරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඇඟ නිවන සිරුරට ගුණදායක නෙල්ලි දෝසී හදාගන්න විදිය

සීනී වල දැමු නෙල්ලි හා ඒක හදන්නේ කොහොමද කියලා අපේ කිහිප දෙනෙක් අහලා තියෙනවා මම දැක්කා. ඒ නිසාම මමත් බොහෝම කැමැත්තෙන් හදන හරිම ගුණදායි නෙල්ලි දෝසී මම හදන විදිහ ලියන්න හිතුවා.

හොදින් පැසුනු නෙල්ලි 200 ග්‍රෑම් (බෙහෙත් නෙල්ලි, හා ඕනම වර්ගයක්)හොදින් සෝදා ගන්න.මම ගත්තේ බෙහෙත් නෙල්ලි. ගෑරොප්පුවකින් ගෙඩිය සම්පුර්ණයෙන් කෙටෙන සේ අනින්න (ටිකක් අපහසු වැඩක්.පරිස්සමෙන්) මෙහෙම කරන්නේ පැනි හොදින් නෙල්ලි ගෙඩියේ ඇතුලට උරා ගන්නයි. දැන් ස්ටීමර් එකක දාලා හුමාලෙන් තම්බාගන්න. කඩපිම්මේ උනත් හොදයි.ඇගිල්ලෙන් පොඩිකලාම තැලෙන තරමට තැම්බුනාම අරගෙන නිවෙන්න තියන්න.

සීනී 200ග්‍රැම් , තැලු ඉගුරු කැල්ලක්, එනසාල් ,කරාඹු නැටි කිහිපයක් , ලුනු හා ජලය අවශ්‍ය තරමට එකතු කරලා ලිපේ ර්ත් වේගන එනකොට තැම්බු නෙල්ලි ඒකට එකතු කරන්න.( කිතුල් පැනිත් හොද ඇති) හෙමින් හැදි ගාමින් සීනී දියරය මදක් ඝන වෙනකොට ලිපෙන් බා නිවෙන්න තියන්න. නිවුනාම බලන්න රස ම්ම්ම්ම්ම්ම් බෙහෙත් රසත් නෙල්ලි රසත් එක්ක සීනී හා කුලුබඩු රස එකතු වෙලා හැපෙනකොට හොදම රසයි. ටිකක් වැඩියෙන් හදලා බෝතල් වල අසුරා ගන්න…

නෙල්ලි නොකන අයට කවන්න්න හොදම ක්‍රමයක් මේ… නෙල්ලී හොදම බෙහතක් නේ. මේ නෙල්ලි දෝසි එක ගෙඩියක් උදේ හිස්බඩට කෑවම පුදුම සිසිලක්. ඒ වගේම ඇගේ ඌශ්නයට , වඩාත් හොදයි. මෙහෙම හදලා .කල් තියාගන්න පුලුවන් . පරන උනාම තවත් රසයි ගුනයි, හදලා බලන්න අපේ අය. රස ගුන කියන්න, ඒ වගේම අඩුපාඩු ත් කියන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ආමාශගත රෝගවලට, වකුගඩු ආබාධ, දිය වැඩියාවට ගුණ දෙන ඇඹරැල්ලා

ඇඹරැල්ලා කියන්නේ පලතුරටත්, එළවළුවටත්, බෙහෙතටත් යොදාගන්න පුළුවන් වටිනා ශාකයක්.ගෙඩි ළපටි කාලයේ සිට ම පැසී ඉදෙන තෙක් වෑංජනයට සුදුසුයි. කහපාටවී ඉදුණු ගෙඩි, කැරොටින් ව්ටමින් C සපිරි ශක්තිය වඩන ආහාරයක්. වා පිත් සමනය කරන්නක්. ඉදුණු ගෙඩියක් උදේ ආහාරයට ගැනීම සිරුර නිරෝගි වීමටත් ශක්තිය වැඩීමටත් හේතු වෙනවා. එය හදවතට මෙන් ම දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. එසේ ම සම පැහැපත් කරනවා. කටහඬ මිහිරි කරනවා. මනස සන්සුන් කරනවා. විටමින් C, මෙන්ම A B 1 2 යකඩ කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් කැරොටින් තයොමින්, වැනි පෝෂක ගණනාවක් අඩංගු ඇඹරැල්ලා ගෙඩි කොළ පොතු යන සියල්ල ඖෂධීය ගුණයෙන් යුක්තයි.

දියවැඩියාවට මුත්‍රා ආබාධවලට හා ලේ අර්ශස් වලට විශේෂයෙන් ගුණදායකයි. ලේවල හා මුත්‍රාවල සීනි පාලනය කිරීමේ මනා හැකියාවක් පවතිනවා. මුත්‍රා මාර්ගයේ ඉදිමුම්, වේදනා සමනයට සමත්. අධික රුධිර වහනය වළක්වන ගුණයෙන් යුක්තයි.කක්කල් කැස්ස උදරාබා ධ තුවාල පිළිස්සුම් ,අක්ෂිරෝග, ස්නායු රෝග උගුරේ තුවාල, මුඛ ආසාදන අතීසාර, අර්ශස් ආදි රෝග ගණනාවකට ඖෂධ ලෙස යොදා ගැනෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. ඇඹරැල්ලා හදවතට හිතකරයි. හර්ද රෝග දුරලනවා. අධි රුධිර පීඩනය පාලනය කිරීමට හොඳම පලතුරක් සේ සැලකෙනවා සිරුරේ මේද තට්ටු දිය කරමින් කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර දෙනවා. වෙසෙසින් ම අමු ගෙඩි තරබාරු බව මග හැර දෙන්නක්. ස්නායු ආබාධ හා කුෂ්ට රෝග මැඬලන්නක්. එසේ ම එය හොඳ වේදනා නාශකයක්.හන්දිපත් වේදනා, ඉදිමුම් තැලීම් ආදියේදී ගසේ පොතු ලුණු දියෙන් අඹරා ගෑමෙන් සහන අත්වෙනවා.

ඇඹරැල්ලා ආමාශගත රෝගවලට සහන සලසමින් ආහාර ජීර්ණ පද්ධතිය ද ,නිසිලෙස ක්‍රියා කරවනවා. මල බද්ධය දුරු කරනවා . ආහාර රුචිය වඩනවා.ධාතු ශක්තිය වඩන වාජීකරණ ඖෂධයක් සේත් ක්‍රියාත්මකවනවා. ඇඹරැල්ලා කොළ , වකුගඩු ආබාධ , පිළිකා රෝගවලට හා කාන්තා රෝගවලට ගුණදායකයි. කොළ ,මැල්ලුමක් සේ ආහාරයට ගත හැකියි. ඇඹරැල්ලා දලු සිහින්ව ලියා පොල් , රතුලූනු උම්බලකඩ දෙහි මිරිස් යොදා සකසා ගන්නා සම්බෝලය ද, රසවත් මෙන්ම ගුණවත් කෑමක්. ඇඹරැල්ලා ගෙඩි පලතුරක් හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමෙන් ද එහි ප්‍රතිලාභ අත්කරගත හැකියි.

ඒ හැරුණුවිට අච්චාරු චට්නි සෝස් ආදී නොයෙක් ආහාරත් බීම වර්ගත් ඇඹරැල්ලාවලින් සකසාගත හැකියි.කොතෙක් ගුණදායක වුවත් අසීමිත ලෙස ඇඹරැල්ලා ආහාරයට ගැන්ම නම් සුදුසු නැහැ.

තද බල වාත වේදනා ඇතිවිට – කොළ හා පොතු තම්බා බීමෙන් සහන අත්වෙනවා. දිය වැඩියාවට – පොතු කෂාය කර බීම ගුණදයකයි. සෙම් ගෙඩිවලින් පීඩා විඳිනවිට – පොතු කොටා දෙහි සමග අඹරා කකාරා , බෙල්ලේ ගෑම යහපත්. තැල්මක් ඇතිවූ විට – පොතු .අරළු අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් කකාරා ගෑම ගුණදායකයි. පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගෑමද සුදුසුයි. කක්කල් කැස්සට, හා කල්ගත කුෂ්ටවලට – ඉදුණු ගෙඩි පොතු හැර ගෑරුප්පුවෙන් සිදුරුකර මී පැණියෙහි බහා තබා දිනකට එකක් බැගින් කෑම සුදුසුයි.

(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය පුවත්පත් හා වෛද්‍ය ලේඛන)

සිරුරේ පිළිකා ඇතිවිය හැකි ස්ථාන 5 ක් සහ පිළිකා සෑදීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ

පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර, එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්, පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී. වරෙක එය බටහිරට පමණක් සීමාවු රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්‍ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්,‍ ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ.

ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ ශෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. ඒය සඇත්තේ ඩී.එන්.ඒ. වලිනි. ඩී.එන්.ඒ මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවය. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.

ලංකාවේ බහුල පිළිකා වර්ග වල “පූර්ව ලක්ෂණ” මෙහි සදහන් රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා ද ?

සති 3ක් ඉක්මවූ කටහඬෙහි වෙනසක්. මුඛයේ රතු පාට හෝ සුදු පාට ලප මතුවීමක්. මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ ඒ සමග ලේ පිටවීමක් ගෙල, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක්. කල් අල්ලා පවතින අජීර්ණ තත්ත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක්. කල් පවතින සුව නොවන තුවාලයක්. පියයුරුවල හෝ වෙන ස්ථානයක ඝනවීමක් හෝ ගැටයක්. යෝනි මාර්ගයෙන් රුධිරය හෝ අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.

01පියයුරු පිළිකා රෝග ලක්ෂණ
පියයුරෙහි වලගැසීමක්. සමේ වෙනස් වීමක්. පියයුරුවල මෑතකදී ඇති වූ,හැඩයේ වෙනස්කමක් හෝ පැහැදිලි අසමමිතික බවක්. සමේ වෙනස්වීමක්. තනපුඩුවේ ගිලීයාමක් හෝ අසමමිතික බවක්. පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්.

02 මුඛ පිළිකාව
මුඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක. රෝග ලක්ෂණ – කල් පවතින සුව නොවන තුවාල. කල් පවතින රතු ලප. කල් පවතින සුදු ලප. කල් පවතින රතු හා සුදු මිශ්‍ර ලප. සමාන්‍ය නොවන මුඛයේ දැවිල්ලක් සමග තොල් හා ශ්ලේෂ්මලයේ ඝන වීමක් හා සුදුමැලි වීමක්.

03 මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ
මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්. මළපහ සමග ලේ පිටවීමක්. උදර වේදනාව. පෙරට වඩා මළපහ සිහින් සිහින් ස්වභාවය ක් ගැනීම. මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් මළපහ කිරීමෙන් පසුවද දැනීම. ගුද මාර්ගයෙන් ලේ පිටවීමක් හෝ නිතර නිතර ආතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවය ක්. ශරීරයේ බර අනපේක්ෂිත ලෙස අඩු වීම.

04 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ
බෙල්ලේ වේදනාවක්. හුස්ම ගැනීමේ අපහසුවක්. තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාලවීමක් හෝ වෙනසක්. බෙල්ලේ වසා ගැටිති ඉදිමීමක්. හේතුවක් නොමැතිව කටහඩේ ගොරෝසු බවක්. ගිලීමේ අපහසුවක්

05 ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ
ලිංගිකව එක් වීමෙන් පසු රුධිර වහනයක්. යෝනි මාර්ගයෙන් දුර්ගන්ධකින් යුතු ස්‍රාවයක් පිටවීම. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්. මාස් ශුද්ධිය නැවතී තිබෙන කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිර ය පිටවීම. පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකා ව අඇතිවීමට පෙර හදුනාගත හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මහත වැඩිනම් පහසුවෙන් කෙට්ටු වෙන්න, තේ වෙනුවට සුදුළූණු තේ පානය කරන්න

සුදු ළුණු යනු එදිනෙදා භාවිතය සදහා ගන්නා ඖෂදීය ගුණයෙන් පිරිපුන් ආහාරයකි. ආහාර රසවත් කිරීම සදහා මෙන්ම විවධ ආහාර දිරවීමේ ආපහසුතා සදහාද සුදු ලුණු බහුවල යොදා ගැනේ. එමෙන්ම රුධිර පීඩනය පාලනය කිරීම මෙන්ම විවිධාකාර ලෙඩ රෝග රාශියක් සමනය කිරීමද සුදු ළුණු මගින් සිදුවේ. වර්තමානයේ බොහෝ දෙනා අතර සුදු ළුණු තේ බොහෝ ප්‍රචලිත පානයක් වී තිබේ. දිනපතා මෙවැනි ඖෂධිය තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිපල ගණනාවක් ලබා ගන්නට පුළුවන්.

සුදු ළුණු තේ කෝප්පයක් සාදා ගන්නා ආකාරය.
ජලය වීදුරුවක් පමණ උණු කරගන්න – හොදි පොඩි කරන ලද සුදු ළුණු බික් කිහිපයක් එයට දමන්න – ඔබට කැමති නම් ඉගුරු ස්වල්පයක්ද මෙයට මිශ්‍ර කරන්නට පුළුවන් – මෙසේ මිනිත්තු 20ක් රත් වෙන්නට හරින්න – ඉන් පසු උදුනෙන් ඉවත් කර මිනිත්තු 10ක් නිවෙන්නට හරින්න – ඉන් පසු තේ කෝප්පය පෙරා ගෙන පානය කරන්න.

මෙවැනි තේ කෝප්පයක් දිනපතා පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි පිළිබද ඔබ දැනුවත්ද?
අධික ස්ථුල භාවය පාලනය වී ඔබට සිහින් සිරුරක් ලැබේ. මෙම පානය මගින් ඔබගේ සිරුරේ පරිවෘත්තිය වේගය වැඩි වීම මෙයට හේතුවයි. ඔබගේ හෘදයේ නිරෝගී බව සදහා මෙම පානය බොහෝ වැදගත් වේ. එමගින් ඔබගේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය විමමේය හේතුවයි. ඔබගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත විවධ රෝගාබාධ මෙම පානය නිසා අවම වේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම් ආසාදන සදහා සුදු ළුණු ඉතා හොද ඖෂධයකි. සුදු ළුණු යනු ස්වාභාවික ප්‍රතිජීවක ඖෂධයකි. එමගින් ඔබගේ ශරීරයේ ඇති වන විවධ වයිරස් රෝග සදහා ක්ෂණික සහනයක් ලබා දෙයි. පුරාන කාලයේද විව්ධාකාර ආසාදන තත්ව සදහා ඖෂධයක් ලෙස සුදු ළුණු භාවිතා කර ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හොරි, දද, කුෂ්ඨ නිට්ටාවටම සුවකරගන්න ආයුර්වේද හෙළ ඔසුවක්

සොබා දහමේ අපූර්ව නිර්මාණය මිනිසා වුවත් ඔහුගේ පැවැත්මක් රඳා පවතිනුයේ මේ අපූර්ව වෙනත් නිර්මාණයක් මත යැයි කීවොත් එය නිවැරදි ය. සොබා සෞන්දර්යය දනවන පරිසරය තුළම නොයෙක් විෂමතා පදනම් කොටගෙන එහි සම හෝ අසමතුලිතතා මත ගැටෙන මිනිසාට පාරිසරික හා ශාරීරික සංකුලතාවලට මුහුණපාන්නට වෙයි. එය හොඳටත් මෙන් ම නරකටත් බලපානු ලබනවා. එසේ නරකට බලපාන අවස්ථාවල දී විවිධ රෝග කාරකයන් ඔබ හමුවට එයි. ජීවිතය සුන්දරව ගත කළත් මේ රෝග කාරකයන් ගෙන් බේරීමට ස්වභාවධර්මයා අපට උදව් කරන්නේ පරිසර සමතුලිතතාවයන් රැකෙන පරිදි ය. පරිසරයෙන් ම ලැබෙන බොහෝ දේ අතරට මේ රෝග බීජ ඇතුළත් ය. එසේ අප ශරීරයට එකතු වන රෝගයන් අපගේ ශරීර දුර්වලතාවන්ට බොහෝ සේ බලපානු ලබනවා.

විශේෂයෙන් සිරුරේ පිටතින් ම ඇති සම කෙරෙහි මේ පාරිසරික බලපෑම් ඇති කරනු ලබනවා.සමෙහි ඇතිවන දද, කුෂ්ඨ වැනි රෝග සිරුර තුළ කිඳා බැසීමට විෂම වූ පරිසරය බලපානු ලබනවා. ඒ අනුව ඔබගේ අසනීප තත්ත්ව විවිධ හේතුන් නිසා ව්‍යාප්ත වී සමාජය අඳුරට ගිල ගැනීම වැඩි ඈතක නොවන්නේ වඩාත් සුපරීක්‍ෂාකාරී නොවුව හොත් පමණි. හොරි, දද, කුෂ්ඨ වැනි සමෙහි රෝග ගැන සැලකුවහොත්? මේවා සම මතුපිට ඇතිවන වඩා වේගයෙන් ව්‍යාප්ත වන රෝගී තත්ත්වයන් ය. මේවා නොසලකා හැරියොත් අවලස්සන මෙන්ම වඩාත් උග්‍ර වීමට ද පටන් ගන්නවා. මනා සෞඛ්‍ය පිළිවෙත් නොපිළිපැද්දොත් මෙහි අශෝබන බව එනම් පිළිකුල් සහගත තත්ත්වයක් බවට පත් විය හැකි වෙනවා.රෝගයේ පැතිරීම තදබල බව අනුව තමයි කැසීම වැනි ලක්‍ෂණ ඇතිවෙන්නෙ. සමහර විට දැවිල්ලක්, කැසිල්ලක්, ශ්‍රාවය වීම් නැතිව හෝ පොතු ගැලවෙන්නෙ නැතිව දද වැනි දේවල් එන්න පුළුවන්.

මෙවැනි තත්ත්ව රෝගය අනුව නිර්නයවීමකට ලක් කළ හැකියි.බෝවීමේ ප්‍රවණතාවය වැඩි ගතියක් මේ රෝගවල දැකිය හැකි තවත් ලක්‍ෂණයක්. විශේෂයෙන් අපිරිසිදු බව, තදබල මානසික හේතු මේවා උද්ගත වීමේ ලක්‍ෂණ වශයෙන් පෙන්වාදිය හැකියි. ආහාර පාලනයක් වීමක් සිදුවුවහොත් එවැනි තත්ත්ව අඩුකර ගත හැකියි. ඒ අනුව, උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකීමට සිදු වෙනවා. එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම ද සුදුසු නැහැ. (එනම් උෂ්ණ හා සීතල ආහාර වශයෙන්). ඒ විතරක් නෙවෙයි මේ සමේ රෝගවලට තුඩු දෙන තවත් කාරණයක් ලෙස අන් අයගේ ඇඳුම් පැළඳුම් භාවිතය නිසා ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. දේශගුණික බලපෑම් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට බලපානවා. පරම්පරාවෙන් පරම්පරාවට ද මේ දද, හොරි වැනි තත්ත්ව විකසනය වීමට පුළුවන්.

ඇදුම රෝගීන්ගේ දියර ගලනවා වගේ දැකිය හැකියි. එවිට කුෂ්ඨ ඒමට ඇති ප්‍රවණතාවය වැඩියි. මේවායින් වැළකීමට අප ගත යුතු අත් බෙහෙත් කිහිපයක් මෙලෙස දැකිය හැකියි. සේදීමට – ඇත්තෝර කොළ, පින්න කොළ, කොහොඹ කොළ, අහු කොළ, හීන් නිදි කුම්බා, අමු කහ, වෙනිවැල් ගැට, තම්බපු ඳ වතුරින් සෝදන්න.* අරළු, බුළු, නෙල්ලි, තම්බපු වතුරින් සෝදන්න. කරවිල කොළ, අමු කහ සමඟ තම්බපු වතුරින් සෝදන්න. අමුකහ කොහොඹ කොළ තම්බපු වතුරින් සෝදන්න.

ආලේපන – සඳහා ගත හැකි තෙල් වර්ග කිහිපයක් මෙසේ යි. නීල්‍යාදී, පිණ්ඩ, සර්ව විෂාදිය, සීතෝදි, තල තෙල් හා එළඟිතෙල්. අමු කහ කොහොඹ කොළ අඹරා ගාන්න. ගොටු කොළ අඹරා තල තෙලෙන් මලවා බඳින්න. මදුරුතලා කොළ අමු කහ කොටා බඳීන්න. ඇත්තෝර කොළ දෙහි ගැට මද සුදු ලූණු, දෙහි ඇඹුලින් අඹරා ගාන්න. (මෙය විශේෂිත වන්නේ දද හා පණු කැවිලි වලටයි.)

සැරව ගලනවිට – අමු ගස්ලබු, තම්බා පොඩිකර අඹරා ගාන්න. පාං විස්කෝතු උණු වතුරින් පොඟවා බඳින්න. එවිට සැරව ටික සේරම ඇදිල එන්නට පටන් ගනී.

දුම් ඇල්ලීමට – අත්තන ගෙඩියේ මද එළබටු ගෙඩියේ බටු එක පමණ ගෙන කොහොඹ තෙලෙන් අඹරා පොල් කටු අගුරු මත දමා දුම් ඇල්ලීම කරන්න.

(තොරතුරු උපුටා ගැනීමකි…අනු.)

මේ ගැන දන්නවනම් ඔයත් හැමදාම උද්දෙට හීල් බත් කනවා

සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල්බත් පිළිබදව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද “හීල් බත් කියන්නේ මොනවද?” කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත.

හීල්බත් කියන්නේ කුමක්‌ද?. හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි?. ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම සදහාත් හීල් බත් පිළිබදව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම සදහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු.

හීල් බත් කියන්නේ මොනවද?
හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටසයි. එනම් හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගනී. දියබත් යනු රෑට ඉතුරුවන බත් දංකුඩයට නැත්නම් බත් ටිකකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුඑනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්‍ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. දිය බත් යනු හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයකි. නමුත් හීල් බත් යනු දංකුඩය පමණක්‌ නොවේ. කොහොම වෙතත් මේ දෙකෙහිම හොදම ගුණයක් තියෙනවා.

හීල් බතෙහි ගුණ පෝෂණ විද්‍යාත්මක පමණක්‌ නොව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී පුඑල් පරාසයක විහිදී පවතියි. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නය එවැනි පුඑල් පරාසයක සිට සළකා බැලීමේදී අපට පහත සදහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගත හැකිය.

හීල් බත්වල බී කාණ්‌ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩිය
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතුඑ හිතකර ක්‌ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වේ. අප බත් පීළුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්‍රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා බී විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ සී විටමින්වල සාන්ද්‍රණය ඉහළ යයි. එනම් හීල් බත් යනු විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌ වේ.

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාය. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරහාය. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්‍රචලිත වී ඇත්තේ මස්‌ ඇතුඑ සත්ත්ව ආහාර ගැනීමය. ජනප්‍රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගත හැකිය.

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවයි
බත් තිරි`ගු ආදී අනෙකුත් ධාන්‍ය වලට සාපේක්‌ෂව ඉතා හොඳින් ජීරණය වේ. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්‍රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වේ. විශේෂයෙන් ප්‍රොටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවේ.

හීල් බත් ජෛවී ආහාරයකි
ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීය. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැදීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම්ය.

එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාමය. පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතුඑ එළවඑ අද අතිශයින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවිනි. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබේ.

බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැත. එහෙත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙයි. එනම් හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්‍යයට බෙහෙවින්ම හිතකර ආහාරයකි.

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ
හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැත. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ වේ. රාත්‍රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුතු ප්‍රමාණයක්‌ ඉතුරු වේ. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීමය. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්ය.

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම ස`දහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්‍රියට ලිප තබන්නට සිදු වෙයි. නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැත. ව්‍යාංජනද බොහෝ විට රාත්‍රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකිය. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්‍ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.

හීල් බත් ඉන්ධන අර්බුදයට හොදම විසඳුමකි
හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්‍රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවේ. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවේ.

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයකි
හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැත. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දී ඇත. බත් අහක දැමීමේ පාපයේ බරපතල කම උගන්වන අම්මා මා කුඩා කලදී කියාදුන් කථාන්දරයක්‌ මෙහිදී මට සිහි වෙයි.

එක්‌තරා ගොවි මහතෙකුගේ බිරියක්‌ ඉතාම අරපිරිමැස්‌මෙන් කටයුතු කරන්නීය. ඇය බත් ඇටයක්‌ වත් අහක දමන්නේ නැත. එහෙත් දිනක්‌ ඇය බත් උයද්දී බත් හැලිය පෙන දමමින් උතුරන විට එක්‌ බත් ඇටයක්‌ ලිප් ගල මතට වීසි වී ඇත. එය දුටු ඇය ඉරටුවක්‌ රැගෙන එම බත් ඇටයද ආපසු බත් හැලියට අරගෙන දමන්නට උත්සාහ කළේය. නමුත් ඇයට ආපසු ගත හැකි වූයේ බත් ඇටයෙන් භාගයක්‌ පමණි. අනෙක්‌ බත් ඇට භාගය ලිපට වැටී පිලිස්‌සී ගියේය. මේ පිළිබදව දුකෙන් පසුවූ එම ගෙවිලිය රෝගාතුරව මිය ගියාය. එසේ මියගොස්‌ බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට එළදෙනක්‌ වී ගොවි මහතාගේ හරක්‌ පට්‌ටියේම උපන්නාය. ඒ අතර ගොවි මහතා වෙනත් විවාහයක්‌ කර ගත්තේය. අලුත ගෙනා බිරිද කිසිම අර පිරිමැස්‌මක්‌ නැතිව බත් හැලි පිටින් අහක වීසි කරන්නට වූවාය.

කාලයාගේ ඇවෑමෙන් එළදෙනද මිය ගිය අතර ගොවි මහතා එළදෙනගේ අං තට්‌ටුව සහිත හිස්‌ කබල බුලත් කොටුවේ කණුවක ගසා තැබුවේය. ගොවි මහතාගේ දෙවන බිරිය බත් අහක දමන ආකාරය බුලත් කොටුවේ සිට දුටු මියගිය එළදෙනගේ හිස්‌ කබලට පවා සිනා පහළ වූයේ “මා බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට මේ සා සාපයකට ගොදුරු වූවා නම් මේ තරම් බත් අහක දමන මේ ගැහැණියට යන්නට අපායක්‌වත් තියෙනවාද?” කියා සිතීමෙනි. අපට මෙම කථාව මෙහිදී කියන්නට සිදු වූයේ අද බොහෝ ගෘහණියන් බත් වීසි කිරීම කොතරම් අපරාධයක්‌ දැයි නොසිතා බත් විසි කිරීමේ මහා අපරාධය කරන නිසාය. හීල් බත් කෑමෙන් එම අපරාධය සහමුලින්ම වළකා ගත හැකිය. එය අරපිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයක්‌ වේ.

හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයකි
හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව ඉහතින් විස්‌තර කරන ලදී. ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයද එමගින් අඩු වේ. එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතුඑ ස්‌වභාවික පරිසරය විනාශ වේ. ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වෙයි.

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හොදම විසදුමකි
බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයකි. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම සදහා උයා පිහා ගැනීමටය. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වේ. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම සදහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙයි. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්‍රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට අසු වී ඇත. එහෙත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හොදම විසදුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑමයි.

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි
හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වේ. එයට හේතු රාශියක්‌ම පවතියි. හීල්බත් වල බී විටමින් ප්‍රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වේ. ඒ තුළින් හො`ද ක්‍රියාශීලී මනසක්‌ද ඇති වේ. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගත හැකිය.

හීල් බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ
ඉහත විස්‌තර කරන ලද කරුණුවලින් ඔබට පෙනී යන්නේ හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බවය. එනම් ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම සිදුවේ. එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටද ඉවහල් වේ. එසේ කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යය හීල් බත් කෑම තුළින් දියුණු වන විට දීර්ඝායු ලැබීම නියත ලෙසම සිදු වේ.

තොරතුරු වෛද්‍ය පාලිත සමන් ජයකොඩි.,උ.ගැ අනු
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අවවාදයයි එළවළු තෙල් නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවෙනවා

එළවළු තෙල් භාවිතය අහිතකර ඇයි? මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන සයිඩ් අජ්ලුනි (said ajlouni) සිදුකළ පර්‍යේෂණයක් මඟින් එළවළු තෙල් වලින් ගැඹුරු තෙලේ බැදීම අහිතකර බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන් ලෝහ බඳුන් භාවිතා කරමින් එළවළු තෙල් වලින් බැදීමේදී අධික තාපය හමුවේ විෂ රසායනික මුදා හැරීම සිදුවෙනවා. එසේම මෙම පර්‍යේෂණ වලින් හෙළි වී ඇති වැදගත්ම කරුණ වන්නේ මේ නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවයි.

පොටැටො චිප්ස් කියන්නේ පුංචි බබාලා වගේම වැඩිහිටියනුත් කන්න කැමති කෑමක්. ආසාවෙන් කෑවට ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන හුඟ දෙනෙක් දැනුවත් නැහැ. විශේෂයෙන් චිප්ස් සැකසීමේදී එළවළු තෙල් භාවිතය සුදුසු නොවන බව පරීක්ෂණ මඟින් මේ වන විටත් අනාවරණය වෙලා තියෙනවා.

පොටැටො චිප්ස් කියන්නේ ඉතින් අර්තාපල් පෙති ගැඹුරු තෙලේ බැදීමෙන් සකසන අපූරු කෑමක්. නමුත් එළවළු තෙල් භාවිතා කරමින් අධික උෂ්ණත්වයක් යටතේ එය සැකසීම සුදුසු නොවන බව අපි ඔබට පෙරදිත් පැවසුවා. එහෙත් එසේ කරන්නේ නම් එමඟින් ඇතිවන අහිතකර බලපෑමත් විශාලයි. පිළිකා සහ හෘද රෝග සෑදීමේ අවදානමක් ඇති බවයි පර්‍යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ වෙනුවට විකල්ප තියෙනවා ද?
පර්‍යේෂණ වලින් මෙම තොරතුරු හෙළිවීමත් සමඟ එළවළු තෙල් භාවිතයට බහුතරයක් දෙනා බියවීම සහ ඇතිවන අතුරු ආබාධ නිසා මේ වෙනුවට භාවිතා කළ හැකි විකල්ප හඳුන්වා දී තිබෙනවා. ඔලිව් තෙල්, පොල් තෙල් සහ බටර් ඒ අතර ප්‍රධාන වෙනවා. විශේෂයෙන්ම මෙම විකල්ප හඳුන්වා දීම සිදුකර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් වීම සුවිශේෂියි. අදින් පසු එළවළු තෙල් භාවිතයේ දී මෙන්ම පොටැටො චිප්ස් වැනි ආහාර භාවිතයේදීත් ඔබ වඩා සැළකිලිමත් විය යුතු බව මතකයේ රඳවාගන්න.

සටහන අනුපමා හේරත්
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රස ගුණ දෙන පිළිකා නසන රඹුටන්

වසරකට වරක් උදාවන වර්ණවත් රඹුටන් වාරය, කොපර් මදි වීමෙන් වැඩිහිටියන්ට, පසුකාලීනව ,ඇතිවිය හැකි නීරක්තිය, රුධිර නාල පිපිරීම්, හන්දිපත් වේදනා , නිරන්තර ආසාදන, ආදී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැන්මට උපකාරීවන අපූරු කාල සීමාවක් බව සඳහන් වෙනවා. කොපර් බොහෝ ආහාරවල නැති එහෙත් රඹුටන්වල යහමින් ඇති පෝෂකයක්. මැලේ ඉන්දුසියානු සම්හවයක් සහිත රඹුටන් ශාකය ශ්‍රීලංකාව ,ඇතුළු ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු මධ්‍ය අමෙරිකානු රටවලද පැතිර පවතින්නක්. එය Spanidaceae කුලයට අයත්. මෙරට මැලයන් රතු , මැලයන් කහ ,ලෙස නිර්දේශිත රඹුටන් ප්‍රභේද ත් වගාකරනු ලබනවා ඒ සඳහා ඉඩම් හෙක්ට්යාර් 3666 ක් යොදාගෙන ඇති බව සඳහන්.

රසවත් පලතුරක් වන රඹුටන් සීනි ද්‍රාවණයක ගිල්වා කල් තබාගත හැකි අතර ඇතැම් රටවල් ඒවා ටින් කර වෙළද පොළට යවනවා. දිනකට අවශ්‍ය C විටමින් ප්‍රමාණයෙන් 66% ක් රඹුටන් ග්‍රෑම් 100කින් ලබාගත හැකියි . එපමණක ශක්ති ඒකක 82 ක් අඩංගුයි. එසේ ම කොපර් මෙන්ම විටමින් B ප්‍රභේද වන නියැසින් රිබොෆ්ලෙවින්, ෆෝලේට් මෙන්ම, යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් මැන්ගනිස් තන්තු ,සෝඩියම් කාබොහයිඩ්‍රේට් ආදි පෝෂක හා, රසායන ගණනාවකින් සපිරි පලතුරක්. ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින් පොහොසත් . බැක්ටීරියා,වයිරස්, දිලීර නාශක ගුණ සහිතයි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන රෝග වළකනවා. එසේ ම නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග ද වළක්වනවා . විජලනය දුරුකරන්නක්, විෂ හා මේදය බැහැරකරන්නක්, ලේ වඩන්නක්, බර පාලනය කරන්නක් මෙන්ම පිළිකා වළකන්නක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් සිරුර නිරෝගි කිරීමට දායකවනවා .

රඹුටන් ගෙඩි මෙන්ම අනෙකුත් ශාක කොටස්ද ඔසු ගුණ සහිතයි. පැරණි වෛද්‍ය ක්‍රමවල ශාක මුල් වලින් ඔසුපැන් සකසා උණ රෝගවලට ප්‍රතිකාර ලෙස ලබා දෙනවා. කොළ තලපයක් සේ සකසා හිසේ කැක්කුම් සඳහා යොදාගන්නව ශාකයේ පොතුවලින් මුඛ ආසාදන දුරුකිරීමට ප්‍රතිකාර කරනවා. රඹුටන් විඩාව හා පිපාසය නිවන්නක් . හදවතටත් හිතකරයි .පොටෑසියම් ඇතුළු පෝෂක අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල්, මට්ටම් පාලනය කරමින් හදවත් රෝගවලට වැට බඳිනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් වර්ධනය කරමින් දියවැඩියාව පාලනය කරනවා. වකුගඩු පිරිසිදුකර දෙනවා. පණු රෝග පාලනය කරනවා. රුධිර සෛල වල ට හානිකරන විස දුරලමින් ඒවා මනාව පවත්වා ගනිමින් නීරක්තිය හා ඒ ආශ්‍රිතව ඇතිවන රෝග අවම කරනවා. විටමින් B සමග ස්නායු පද්ධතිය නිරෝගි කරමින් උදාසීන බව බැහැර කර ප්‍රබෝධය, හා කාර්‍යශීලිතාව ඇති කරනවා.

එසේම, මානසික ආතති බැහැරකර මනසත් සන්සුන් කර දෙනවා . කැල්සියම් මගින් අස්ථි හා දත් ශක්තිමත් වනවා. දන්ත රෝග හා විදුරුමසින් ලේ ගැලීම් ඉන් වළකා ගනු ලබනවා. ඒවායේ ඇති පොලිසැකරයිඩ , කොලෙස්ටරෝල් පාලනය , ආහාර ජීර්ණය පහසු කිරීම, මෙන්ම පද්ධතියේ පිළිකා ඇතිවීම ද වළකනවා . ඊට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද පාලනය කළ හැකියි. එසේම රඹුටන් ඇටවල අඩංගු NLTI ට්‍රිප්සීන් නිෂේධකාරකය ද මුල්කාලීන පිළිකා ගැට්ති වලට ප්‍රතිකාර කළ හැක්කක් බව සඳහන්වෙනවා. රඹුටන් ලෙල්ලත් පිළිකා නාශක සහිතයි. එහි රූප ලාවණ්‍ය වර්ධනයට යොදාගත හැකි රසායන ඇති බව ද සඳහන්. එහෙත් රඹුටන් ලෙල්ල කටින් සපා ඉවත් කිරීමෙන් එහි ඇති ඇතැම් විෂ සංඝටක තොල් ඉදිමීම් වැනි අපහසුතා ඇති කිරීමට හේතු විය හැකියි . රඹුටන්වල බහුල ප්‍රතිඔක්සිකාරක මගින් සෛල ආරක්ෂාකිරීම ට මෙන් ම විකෘතිවීම් වළක්වාලීමට ද හැකි බැවින් එමගින් ද පිළිකා වළකිනවා.

සෛල විකෘති වීම පාලනය කිරීමේ හැකියාවෙන් හදවත් රෝග, සම රැලි වැටීම් ආදියත් වළකිනවා. ඉන් සම නිරෝගි වී පැහැපත්ව,වඩාත් තරුණ පෙනුමක් ලැබෙනවා. එය ඇස් පෙනුමත් හිසකේත් වර්ධනය කරන්නක්. එසේ ම ශුක්‍ර වර්ධන‍ය කර ලිංගික හැකියාව ද වඩන්නක්. වසරකට වරක් පමණක් සිරුරට ලැබෙන මේ වාසි ලබාගන්නට රඹුටන් වාරයේදී හැකිවෙනවා. එහෙත් අසීමිත ලෙස රඹුටන් කෑමෙන් උගුර රිදීම, පලු දැමීම, වැනි අසාත්මික ලක්ෂණ ඇතිවිය හැකියි. උෂ්ණ ආහාරයක් බැවින් ඒ හා සමග කතුරු මුරුංගා බෙලිමල් වතුර වැනි සිසිලකර ආහාරපාන ගැනීමත් දිනපතා හොදින් නෑමත්, හිතකරයි. එසේ වුවත් කැස්ස, වකුගඩු රෝග, පොතු කබර, වාත රක්ත, බඩ දැවිල්ල ආදිය ඇතිවිට රඹුටන් කෑම සුදුසු නැහැ,

ලිපිය සැකැසුම Indra Rathnay
(මූලාශ්‍ර අත්තම්මාගේ අත් බෙහෙත් හා අන්තර්ජාලය ඇසුරිනි)