පිරිත් නූල අතේ බැන්දම එම බලය ඔබේ සිරුරට ලැබෙන විදිය දැනගන්න

පිරිත් නුල අද කා අතරත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්ව ඇත. එය ආගමික කටයුතුවලදී පිරිත්හුය ලෙස ව්‍යවහාර කෙරේ. පිරිත් නූලේ ආරම්භය කවදා කෙසේදැයි සඳහන් කිරීමට නොහැකි වුවත් ඒ පිළිබඳ ඉතිහාසගත තොරතුරු අනුව එයට දිගු අතීතයක්‌ ඇති බව පෙනේ.

පිරිත් නූල මීට ටික කාලයකට පෙර අද තරම් භාවිතයක්‌ තිබුණේ නැත. ඒ දිනවල අවස්‌ථා කීපයකදී පමණක්‌ මෙය භාවිතයට ගෙන තිබේ. ඒ අතර යම් ස්‌ථානයක පිරිත් දේශනාවක්‌ පවත්වා ගැනීමෙන් පසුව පිරිත්නූල් ගැටගසා ඇත. එසේම කෙනෙකු බියට පත්වුණු අවස්‌ථාවක පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ඇත.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. අද බොහෝ දෙනෙක්‌ විහාරස්‌ථානයට එන්නේ පිරිත් නූලක්‌ ලබා ගැනීමට ය. මෑත කාලයේ පිරිත් නූල මෙතරම් ව්‍යාප්තවීමක්‌ දකින්නට ලැබෙන්නේ කුමන හේතුවක්‌ නිසා ද යන්න සොයා බැලිය යුතුය එයට එක්‌ කාරණාවක්‌ ලෙස දැන් මිනිස්‌සු ඉස්‌සරට වඩා පිරිත් අහන්නට හා පිරිත් සඡ්Cධායනය කරන්නට වැඩි කැමැත්තක්‌ ඇතිවීම දැක්‌විය හැකිය. ඉස්‌සර ගෙවල් ආරක්‍ෂාවට හා රෝගී වූ අය සඳහා නිරන්තර තොවිල් හා පිදේනි දීම් සිදුවිණි. ඈත පිටිසර ගමක ඉපදුණු මට ඒ පිළිබඳව මනා අත්දැකීමක්‌ ඇත. කුඩා කාලයේ නිවසේ සිටින විට සෑම දිනකම රාත්‍රි යාමයේ කුමන හෝ ප්‍රදේශයකින් යක්‌ බෙරහඬක්‌ ඇසෙන්නට සැලසිණි.

එහෙත් අද කෙනෙකුගේ උපන්දිනයක්‌ වේවා විභාගයක්‌ වේවා. විදෙස්‌ ගත වීමත් වේවා, මංග්‍යලයයන් වේවා හැකි නම් වෙනත් කුමන හෝ කාරණයක්‌ මුල් කරගෙන සෙත්පිරිත් එනම් වරු පිරිතක්‌වත් දේශනා කරවා ගන්නට සැදී පැහැදී සිටී. ඒ නිසා පිරිත් “නුල්” ද නිරන්තර අවශ්‍ය දෙයක්‌ ලෙස භාවිතා වේ.

අද තරුණ, තරුණියන් ආරක්‍ෂක පිරිත් දේශනාවක්‌ නිරන්තර ඇසුරු කරති. ඒ නිරන්තර ධර්මය අසන්නට සැලසෙන නිසාය. එසේ නම් අද සමාජය ඉස්‌සරට වඩා ආගමික සහනය සොයා යන ආකාරයක්‌ දැකිය හැකිය. ඒ සෙවීම නිසා නිවැරදි අවබෝධයක්‌ හා ඒ ගැන වටිනා බවක්‌ තව තවත් දැන ගෙන ඇත. ඒ නිසාත් පිරිත් නූල් වැඩි භාවිතයක්‌ වී ඇති බව පෙනේ.

එසේම, මෑත කාලයේ පිරිත් නූල ජනප්‍රියවීමට හේතුකාරණා අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්‌ථානය සුවිශේෂත්වයක්‌ ගනී. එනම් ගංඟාරාම පන්සලට පැමිණෙන සෑම දෙනෙකුටම ධාතු කරඬුව හිසමත තබා, පිරිත් නුලක්‌ බැඳ ආශිර්වාද කිරීම සෑම දෙනා අතර සතුටට කාරණයක්‌ විය. මේ නිසා සෑම දෙනෙක්‌ම නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගෙන ගංඟාරාමයට ගොස්‌ පිරිත් නූලක්‌ බැඳගෙන එන සිරිතක්‌ ඇති වුණේය.

එසේම පිරිත් නූල බැඳීමෙන් ඇති වන ආශිර්වාද ගැන නොදැනුවත්කම නිසා සමහර අයට විශ්වාසයක්‌ තිබුණේ නැත. නමුත් දැන් ඒ පිළිබඳව දැනුවත් ඇති නිසා වඩ වඩාත් ඒ කෙරෙහි නැඹුරු වන ආකාරයක්‌ දැකිය හැකිය.

සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අය පිරිත් නූල් ගැටගසා විවිධ මාධ්‍යයන් තුළ දැක ගන්නට ලැබීමෙන්ද සමහර දෙනා එයට යොමු වූහ. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිරත වූ අය පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා එම තරගවලට යැමේදී එය දකින සමහර අය එයට යොමු වුහ. මෙහි විශේෂත්වය වන්නේ පිරිත් නූල මහතට තිබීමයි. දැන් බොහෝ දෙනෙක්‌ කියන්නේ හාමුදුරුවනේ ටිකක්‌ මහතට පිරිත් නූලක්‌ බඳින්න කියාය.

පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

නූල යොදා ගනිමින් ඈත අතීතයේද විවිධ ආරක්‍ෂක විධි භාවිත කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක්‌ ගනී. එසේම, යාග හෝම, බලි බිලි ආදියට මෙන්ම යන්ත්‍රමන්ත්‍ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කර ගෙන ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ න ච හෙස්‌සති වෝභයං ඉති වත්වා කුන්ඩිකාය තේ ජලේන නිසිංචිය
(මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.)
සුත්තංච තේසං හතථෙසු ලගෙත්වා නභසාගමා.. පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී ගෝණදෙණියේ සීවලී හිමි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කැළණි විහාරයේ බෝධිය යට පිහිටි නාග ලෝකයට යන අභිරහස් දොරටුවේ කතාව

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනය වීම සනිටුහන් කරන්නට ඉදි වුණු කැළණි විහාරයට ඉතාම දීර්ඝ වගේම අලංකාර ඉතිහාසයක් තිබෙනවා. අද වන විට කොළඹ අවට පිහිටි ප්‍රධානතම පන්සල් කිහිපයෙන් එකක් තමයි කැළණිය විහාරය.

කැළණිය විහාරය ඉදි වීම පිළිබඳ ඉතිහාස කතාව බොහෝ දෙනෙක් දන්නවා. නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධය සමනය කිරීමට කෘතඥතාව පළ කිරීමක් වශයෙන් මනි අක්ඛික නා රජතුමා කළ ආරාධනාවකට අනුව බුද්ධත්වය ලබා අට වන වසරේදී බුදුන් කැළණියට වැඩම කළා. එහිදී බුදුන් වහන්සේ නාග ගෝත්‍රිකයන් උදෙසා ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ තමයි කැළණි විහාරය ගොඩ නැංවුණේ. මෙහි පූජනීයත්වය තවත් ඉහළ නංවමින් ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු අංකුර අටෙන් බිහි වූ එක් අෂ්ඨ ඵලරූහ බෝධීන් වහන්සේ නමකුත් කැළණි විහාරය තුළ රෝපණය කෙරුණා.

කොහොම නමුත් මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මෙලොව අතර දොරටුව තිබුණු තැන ආවරණය වන විදිහට බව දන්නවාද? සාමාන්‍ය බෝධියකට වඩා ඉතාම ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත මේ බෝධිය රෝපණය කර තිබීමම එයට හොඳ සාක්ෂියක්. පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව සකස් වුණු මේ නාග ලෝකයට යන දොරටුව නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ ද්වාර ස්ථානයයි.

නාගයන් ගැන කතා කරනකොට ඔවුන් වර්ග කෙරෙන ආකාරය දැන සිටීමත් වැදගත්. නාග, දේව නාග, අර්ධ නාග සහ මනු නාග ලෙස නාග කුල හතරක් තිබෙනවා. නාග ලෝකයේ සිටින්නේ මෙයින් නාග කුලය පමණයි. දේව නාගයන් දිව්‍ය ලෝකය තුලත්, මනු නාගයන් මනුෂ්‍ය ලෝකය තුලත් වාසය කරනවා. අර්ධ නාගයන් තමයි නාග ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණය වෙමින් ජීවත් වුණේ. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සැපයීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වුණා. බුලත් ඇතුළු නාග ලෝකයෙන් පැමිණි ගස්වැල් ගෙන එන ලද්දේත් මෙසේ අර්ධ නාගයන් විසින් බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙන දොරටුව කැලණිය බෝධීන් වහන්සේ රෝපණය කිරීමත් සමග අවහිර කෙරුණා. මෙරටට බුදු දහම ලැබී බෞද්ධ සමාජයක් බිහි වීමත් එක්ක නාගයන්ගේ ආරක්ෂාව අවශ්‍ය නොවුණු නිසා එකල මනු නාග ගෝත්‍රිකයන් සමග ඇති වූ එකඟතාවක් මත මේ දොරටුව වසා දමන්න තීරණය වූ බවයි කියවෙන්නේ. මේ නිසා අද වන විට භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්න හැකියාවක් නැහැ. කොහොම නමුත් බෝධිය රෝපණය කරන විට ලැබුණු විශේෂ අවසරයක් මත චන්ද්‍ර මාසයේ 14,15,16 කියන තිථිවලදී මේ දොරටුව නාග ආත්ම සඳහා විවෘත වෙනවා. එවිට ඔවුන්ගේ මෙලොවට පැමිණ, කැළණිය පන්සලට වැඳුම් පිදුම් කර ආපසු යන බවයි කියවෙන්නේ.

අර්ධ නාගයන් මෙලොවට භෞතික වශයෙන් පැමිණීම නැවතී යාමත් එක්ක ඔවුන් සමග පැමිණි නාග කන්‍යාවන් සේවනයද නැවතී ගියා. අධික සරාගී බවකිනුත්, ඉහළ ලිංගික ශක්තියකිනුත් යුක්ත බව කියවෙන නාග කන්‍යාවන් එකල මනු නාග රජවරුන්ගේ සහ ප්‍රාදේශීය නායකයන්ගේ සේවනයට නිතරම යොදා ගැනුණා. කෙසේ නමුත් එය නැවතී යාම නිසා පසුව මෙලොව විසූ මනු නාගයන් පවා නාග නොවන ගෝත්‍ර සමග මිශ්‍ර වී තිබෙනවා. කොහොම නමුත් නාග ජාන වෙනත් මනුෂ්‍ය ගෝත්‍රවල ජාන හමුවේ ඉක්මනින්ම නෂ්ට වී ගියා.

මේ නිසා ගෙවී ගිය වසර 2000 කට අධික කාලය තුලදී නාග ගෝත්‍රිකයන් මෙරටින් තුරන්වම ගොස් තිබෙනවා. කෙසේ නමුත් කැළණිය බෝධිය යට පිහිටි දොරටුව අනාගතයේ විවෘත විය හැකි බවත්, සමහරවිට අනාගතයේදී මෙරට නැවතත් මනු නාග ගෝත්‍රයක් බිහි විය හැකි බවටත් සැක කළ හැකියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

නිවසට සිරිකත කැන්දන බුදු පහන තියන නිවැරදි වත් පිළිවෙත් මෙන්න

ඇතැම් වේලාවන්වලට නිවසේ පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයනගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා.මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල් වට්ටියක් පුජා කළ යුතුයි. මල් වට්ටියක් පුජා කරන්න බැරි නම් එක මලක් හරි පුජා කරන්න. ගෙදර තුන්සුත්‍රය කීමෙන් පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා. කරණිය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් දෙවියන‍්ගේ උපකාර ලැබෙනවා.

සෑමබෞද්ධ නිවසකම බුද්ධ ප්‍රතිමාවක් වන්දනා කිරිම චාරිත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. නැගෙනහිර දිසාව දෙසට සිටින අයුරින් හෝ එසේත් නොහැකි අවස්ථාවල දී උතුරු දිසාව දෙසට සිටින අයුරින් හෝ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සැලකිල්ලට ගත යුතු කාරණාවක් වෙනවා. මේ දිසා දෙකටම තැබීමට අසීරු අවස්ථාවල දී පමණක් දකුණට මුහුණ ලා තැබිය හැකියි.

බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන නිවැරැදි ක්‍රමය මෙයයි‍. බුද්ධ ප්‍රතිමාවක් තැබීමේදී තමන් නිදන කාමර වලට මුහුණ ලා තැබීම සුදුසු නැහැ. තමන් නිදා ගන්නා කාමරවල බුද්ධ ප්‍රතිමා තබන අවස්ථා අපි දැක තිබෙනවා. එවැනි අවස්ථාවල දී නිදන ඇදට මුහුණලා ඇති ආකාරයට බුද්ධ ප්‍රතිමා තැබීම කෙසේවත් සුදුසු නැහැ. හැකි නම් නිදන කාමරයක බුද්ධ ප්‍රතිමා තැබීමෙන් වැළකී සිටිම වඩා සුදුසුයි. එසේ තබන අවස්ථාවල දී ඇද නොපෙනෙන ආකාරයට බුද්ධ ප්‍රතිමාව තැබිය යුතුයි. බුදුන් වහන්සේ ට කරන ගෞරවයක් ලෙසයි එලෙස අප පහන තබන්නේ. එසේ නිසි ඇගැයීමකින් එය නොකර අවස්ථාවල දී යම් යම් දෝස නිවැසියන්ට සිදුවන අවස්ථා අපි අසා තිබෙනවා.

මගේ නිවසේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන ගෞරවනීය හැඟීම භක්තිය අනිවාර්යෙන්ම ඇති කරගන්නට අවශ්‍යයි. ඒ හැඟීම ඇති කරගෙන ජීවමාන බුදුන්වහන්සේට උපස්ථාන කරනවා කියන අරමු‍ෙණහි පිහිටුවා උතුම් අදහසින් තමාට පුළුවන් ආකාරයට වත්පිළිවෙත් කළ යුතුයි.

අතීතයේ නම් බෞද්ධයන් බුද්ධ කාලය ලෙස සලකා තුන්වරුවේ ම බුද්ධ වන්දනා කිරීම සිදු කළා. වර්තමානයේ සංකීර්ණ ජීවන ර‍ටාවත් සමඟ එසේ කිරීමට අපහසුවෛලා තියෙනවා.උදෑසන කාලයේ බුද්ධ වන්දනාව කිරීම ඉතා සුදුසුයි. සවස් කාලයත් සුදුසුයි.

බෞද්ධයන් බොහෝ දෙනෙකුට තියෙන තවත් ගැටලුවක් වශයෙන් මේ පහන පත්තු කරන්නට සුදුසු කාලය කුමක්ද ? යන ගැටලුව අපි මෙහිදි සාකච්ජා කරන්නට අදහස් කරනවා. පහන පත්තු කිරීමට නියමිත වේලාවක් නැහැ. දවසේ ඕනෑම වෙලාවක පහන පත්තු කිරීම සුදුසුයි. ඇතැම් වේලාවන්වලට පහන පත්තු කීරීමේ දි එම පහනට යක්ෂයන්ගේ ප්‍රේතයන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව සමහරුන්ගේ මතයක් තිබෙනවා. ලොව්තුරා බුදුරජානන්වහන්සේ අරමුණු කරගෙන පිළිගැන්වුණ පහනක්, යක්ෂයෙක් ප්‍රේතයෙක් වෙනත් අමුනුස්සයෙක් එය බාරගන්නනේ නැහැ. එ නිසා ඒ පිළිබද සැකයක් තබා ගත යුතු වෙන්නේ නැහැ. ඒ ‍පිළිබඳ ඇති වැරදි මතවාද දුරු කරගත යුතුයි.

සර්වඥයන්වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කිහිපයක් පිළිබඳ අපි කතා කරමු. පළමු වන පිළිවෙත වන්නේ පහන් පුජා කිරීමයි. පහන් පුජා කරන විට නිතරම පහන ඉතා පිරිසුදු කළ යුතුයි දැලි කුණු වැකිලා නම් එය සෝදා පවිත්‍ර කළ යුතුයි. අනිවාර්යෙන්ම අලුත් පහන් තිරයක් පිරිසුදු තෙල් පහනට යෙදිය යුතුයි.

පහන දල්වන අවස්ථාවේ සිතිය යුතුයි තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ‍ගෙ ශිලාලෝකයෙන්, තමන්වහන්සේගේ ප්‍රඥාලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණාලෝකයෙන්, තුන්ලෝක ධාතුවම ආලෝකවත් කරන්නට යෙදුණා ඒ උතුම්වු බුදුරජාණන් වහන්සේ ගේ ශිලා‍ලෝකයට ප්‍රඥාලෝකයට ධර්මාලෝකයට නිර්වාණාලෝකය මේ පහන් ‍ආලෝකය පූජාකරමි පුජාකරමි පුජා කරමි පුජා කරමි පුජාවේවා කියලා පහන දල්වන අවස්ථාවේ සිතිය යුතුයි‍.

තවත් ගැටලුවක් තියෙනවා ඇතැම් බෞද්ධයින්ට පහන පත්තුකළ පසු එය පූජා කිරීමෙන් අනතුරුව නිවාදැමීම සුදුසුද කියා. එසේ කිරීම වරදක් නොවෙයි. සුවඳ දුම් පුජා කරන විට නිතරම ජිවමන බුදුන්ට පුජාකරනවා කියලා පුජා කළ යුතුයි. මහ විශාල සුගන්ධ ප්‍රමාණයක් එක වර බුදුන් වහන්සේ ට පුජා කරන්නට හොඳ නැහැ. සුගන්ධයන් බොහෝ ප්‍රමාණයක් බුදු කුටියේ දැල්වු විට උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා නම් උන්වහන්සේට වැඩ සිටින්නට අපහසුයි කියලා සිතලා මේ සුවඳ දුම් දැල්විය යුතුයි. ඒ නිසා උන්වහන්සේ වෙහෙසට පත් නොවන ආකාරයට මේ සුවඳ දුම් පුජා කළ යුතුයි. ඒ නිසා ජීවමානව බුදුන් වැඩ හිටියා නම් ඒ බුදු කුටිය සුගන්ධවත් කරන්නයි මේ සුවඳ ධුපය පුජා කරන්නේ කියලා පුජා කළ යුතුයි. ස්වාමිනි භාග්‍යවතුන්වහන්ස ඔබ වහන්සේ සිල් සුවදින් ගුණ සුවඳින් සදහන් සුවඳින් තුන්ලෝක ධාතුවම සුවඳවත් අමාදම් සුවඳින් තුන් ලෝක ධාතුවම සුවඳවත් කළ ඒ උතුම් ගුණයන්ට මේ දසත විහිදෙන සුවඳ ධූපය සුවඳවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.

සිසිල් පැන් දිනකට වරක් හෝ පුජා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ජීවමාන කෙනෙකුට ජීවත් වීමට පැන් අත්‍යවශ්‍ය වන්නා සේ පැන් පුජා කළ යුතු වෙනවා. ඒ වගේම පිරිසුදු භාජනයකට පැන් පුජා කළ යුතුයි. ස්වාමිනී නිවුණු සැනසුණු සිතක් ඇති සර්වඥයන් වහන්සේ ඔබවහන්සේට මේ පිවිතුරු සිසිල් පැන් පුජා කරමි පුජා වේවා. මේ උතුම් පුණ්‍ය කර්මයෙන් මටත් නිවි සැනසුණ සිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ වගේ සිසිල් පැන් පුජාව ඕනෑම වෙලාවක කළ හැකිය.

මල් වට්ටියක් පුජා කළ හැකි අවස්ථාවක මල් වට්ටියක් පුජා කළ යුතුයි. මල් වට්ටියක් පුජා කරන්න බැරි නම් එක මලක් හරි පුජා කරන්න. මල් කඩලා ඉතා පිරිසුදුවට තැන්පත් කරන්න. ඉන් අනතුරුව මල් බඳුන අතේ තියාගන සිතන්න‍. ස්වාමීනී භාග්‍යවතුන්වහන්සේ ඔබවහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරුවු සේක. ‍සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයේ කෙලෙස් නැසු සේක. ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ සේක. අරහන් වන සේක. මේ ගුණයන්ගෙන් යුතු මේ උතුමන්ට මේ පිවිතුරු සුවඳ මල් පුජා කරමි. පුජා කරමි පුජා කරමි පුජාවේවා කියලා මල් තැන්පත් කරලා දෑත් එකතු කරලා වැඳලා, ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස‍ ඔබවහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් බැබළුණ සේක. මලක් සේ සවනක් බුදුරුස් මාලාවන්ගෙන් බැබළුණ සේක. මලක් සේ බබළන ශ්‍රි සත් ධර්මය දේශනා කළ සේක. ඔබවහන්සේට මේ මල් පුජා කරමි කියලා ඒ පින්බලයෙන් දිර්ඝ ආයුෂයයෙන්ද ,ශරීර වර්ණයෙන් ද, නීරෝගි සැපයෙන්ද, ප්‍රඥවෙන්ද, බබළන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගුණයෙන් ,නුවණින්, යස ඉසුරින්ද, සැප සම්පතින්ද ධන ධාන්‍යයෙන් ද බබළන්නට ලැබේවා. ඒවගේ මා හට චිත්ත ඒකාග්‍රතාව ලැබේවා. අටලෝ දහමින් කම්පා නොවන මානසික ශක්තිය වර්ධනය වේවා. මට නිර්වාණයට ‍මේ පින හේතු වේවා වාසනා වේවා.

මල් පහන් පුජා කර ගාථා කීම ප්‍රමාණවත් නැහැ. අර්ථයෙන් ධර්මයෙන් සිත කය දෙකම එක අරමුණක පිහිටා කටයුතු කළ යුතුයි. බුදුන් වන්දනාව කිරීමේ දී බිම හිදගෙන ඉතිපිසො, ස්වාක්ඛාතෝ, සුපටිපන්නො කියන ගාථා තුනෙන් තෙරුවන් වන්දනා කර වන්දාමි චේතියන් සබ්බන්.. කියන ගාථාවලින් සියලු චෛත්‍යන් වන්දනා කර යස්ස මූලේ කියන ගාථාවෙන් බෝධි වන්දනා කර එයින් පසු මල් පහන් සුවදදුම් පැන් පුජා කිරීම කළ යුතුයි. ඉන් පසුව නිවැරැදිව සුත්‍ර දේශනාවක් ගායනා කළ යුතුයි.

කරණීය මෙත්ත සුත්‍රය ගායනා කිරීම ඉතාම හොඳයි‍. කරණීය මෙත්ත සුත්‍රය කරනවා නම් දෙවිවරුන් බොහොම කැමැති. ඒ සුත්‍රය දේශනා කරන විට දෙවිවරුන් එයට සවන් දීලා සතුටට පත්වෙනවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය සියලු දෙනාගේ ජීවිතවලට ලබා දෙනවා . දෙවිවරුන් විතරක් නොවෙයි අමනුෂ්‍යයන්ගේ රැකවරණය ලැබෙන්න මේ සුත්‍රය හේතු කාරණා වනවා. ඒ වගේම ඔබට රතන සුත්‍රය ගායනා කිරීමෙන් රෝගා බාධ ආර්ථික ප්‍රශ්න ආදියත් යම් මට්මකට මඟ හරවා ගැනීමටත් ආහාරපාන සුලභ කර ගැනීමට හේතුනවා. ඒ‍මෙන්ම අමනුෂ්‍ය බලපෑම් නැති කර ගැනීමටත් තෙරුවන්ගේ මහනුභාව සම්පන්න බලයක් මේ සුත්‍රය සතු වෙනවා. ඒවගේම ශරිර වර්ණය ලබා ගැනීමට පිරිත් සුත්‍රයක් තියනවා. ඒ පිරිත් සුත්‍රයට කියන්නේ පූරෙන්තං බෝධි සම්භරේ නිබ්බත්තං වට්ටක ජාතියං යක්ෂපේතේන ධාවජ්ජී මහ සත්තං විවජ්ජයි

‍වට්ටක පිරිත දේශනා කරන විට ශරිරය තුළ තියෙන දෝස නැති වෙනවා. හමේ විස නැති වෙනවා ලප කැළැල් නැති වෙනවා. එකදවසින් නොවෙයි ටික කලයක් භක්තියෙන් යුතුව එය කළ යුතුයි. මේ පිරිත තුන්සිය විසිපස්වතාවක් වතුර භාජනයක් රැගෙන සත් ගායනා කළා නම් ඒ ජලය ටික ටික පානය කිරීමෙන් ශරීරය වර්ණවත් වීම සිදුවෙනවා. ඒවගේම තමයි පිරිමි පක්ෂයට නම් ශරිර ශක්තිය ලබා ගන්න නිරෝගි බව වැඩි කරන්න රෝග පීඩා අඩු කරගන්න ‍ බොහෝ උපකාර වනවා. ධම්ම පදයේ සදහන් වන ලෝක වර්ගය ලෝකවර්ගයේ ගාථා දොළහක් තියෙනවා. ඒ ගාථා සත් ගායනා කිරීම බොහොම වැදගත්.

පිරිමි පාර්ශ්වයේ නිරෝගී බව රෝග පීඩා ශරීර ශක්තිය ‍රෝග පීඩා ආදිය දුරු කර ගැනීමට කාන්තා පක්ෂයට නම් ශරීර ශක්තිය නිරෝගි බව වර්ධනය කර ගැනීමට ධම්ම පදයෙ තියෙන පුප්ප වර්ගය බෙහෙවින් වැදගත් වනවා. ඒ ගාථා නිතර නිතර භාවිත කිරීමෙන් මේ ගුණ ලබා ගන්න පුළුවන්. කයෙහි ඇති රෝග පිඩා දුරුවෙන්න සතුරු කරදර අනවිණ කොඩිවිණ නැති වීමට ඒරාෂ්ටක යන්ත්‍ර මන්ත්‍රාදියෙන් වන කරදර දුරුවෙන්න බොහෝ උපකාර වනවා.

කඳ පිරිත භාවිත කිරීම විරූපච්චහිමේ මෙත්තං මෙත්තං …යනුවෙන් ඇති පිරිත් පොතෙහි ඇති කඳ පිරිත භාවිත කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේ මතමන්ගේ නිවැස් වලට අමනුස්සයන් භුතයන් ‍ගෙන් යක්ෂයන්ගෙන් වන අමනුස්ස දෝස වන කරදර හිරිහැර ඇති සත් පුරුෂයන් ඉන්නවා නම් ‘ඉති තදුභය සේනා ගට්යයන් ‍අඤ්ඤමඤ්ඤං …’ලෙස ඇති දස මාර පිරිත භාවිත කරන්න විශේෂයෙන් මතක තබා ගත යුතුයි. මේ කිසිදු පිරිතක් පටිගත කර ශ්‍රවණය කිරීම කිසිදු පලක් නැහැ. තමන් හොඳින් පිරිසුදු වෙලා මේ ගාථාවන් සජ්ඣායනා කළ යුතුයි.

තව දුරටත් වැදගත් වන පිරිත් දේශනා තිබෙනවා. ඒ පිරිත් දේශනා අතර තුන්දොස් දුරු කරගැනීමට ලේ කෝප වීම් සෙම් රෝග ආදියට ජන්ද පිරිත ඉතා වැදගත් වෙනවා. ‍ඒ ලෙස බුද්ධ දේශනා රාශියක් සිද්ධ වෙලා තියෙනවා.

බ්‍රහ්ම මන්ත්‍රය නමින් හැඳින්වෙන පිරිතක් තිබෙනවා. බ්‍රහ්ම මන්ත්‍රය කියලා හඳුන්වන්නේ මෝර පිරිතයි. එය සජ්ඣායනා කිරීමත් ලෙඩ රෝග සතුරු කරදර ආදිය වළක්වා ගැනීමට උපකාර වෙනවා. එහි පුර්වාන්තය සහා අපරාන්තය කියලා පසුගාථා දෙකක් තියෙනවා. එහි පුර්වාන්තය උදෑසන කාලයේ සජ්ඣායනා කරන්නට අවශ්‍ය වෙනවා. අපරාන්තය අග කොටස නින්දට පෙර සජ්ඣායනා කරන්නට ඕන.

උදෑසන කාලයේ පුර්වාන්තය කොටස සත් ගායනා කිරීමෙන් හවස් වන තුරු ජීවිතයට ආරක්ෂා රැකවරණය ලැබෙනවා. සියලු බුදු වරුන්ගේ ආරක්ෂාව බෝධින්වහන්සේලාගේ ආරක්ෂාව ලබා ගන්නට මේ මෝර පිරිත උපකාරී වෙනවා. අපේ ඇතැම් බෞද්ධයන්ගේ මිථ්‍යා මතවාදයක් තියනවා තුන්සුත්‍රය නිවසේ සජ්ඣායනා කිරීම සුදුසු නැතැයි කියලා. ඇත්ත වශයෙන්ම එය මිථ්‍යා දෘෂ්ටි අදහසක්. ‍ගෙදර තුන්සුත්‍රය කීම පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙනවා. කරණිය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් දෙවියන‍්ගේ උපකාර ලැබෙනවා. මහ මංගල සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් අත්තරත්ඛාය තමන්ගේ ජීවිතයට යහපත සලසා ගැනීමට සුදුසු වෙනවා‍. ඒනිසා පුද්ගලික ජීවිතයේ ආරක්ෂාව සලසා ගන්න මහ මංගල සුත්‍රයට වඩා අනර්ඝ වූ තවත් දේශනාවක් නැති තරම්.

රතන සුත්‍රය සජ්ඣායනා කිරීමෙන් ආහාරපාන මිල මුදල් ලබා ගැනීමට ඇති බාධක කරදර දුරු කරගැනීමටත් රෝග පිඩා ආදිය දුරුවීමටත් උපකාරී වෙනවා. අමනුස්ස රෝග දුරු කරගැනීමට උපකාරී වෙනවා. මහානුභාව සම්පන්න ආරක්ෂාව ලැබෙන මේ තුන්සුත්‍ර දේශනාව නිතර භාවිතය ඉතා වැදගත් වෙනවා. දස දිසා පිරිත නිවෙසේ නිතර භාවිත කිරීමෙන් අමනුස්ස දෝස යක්ෂ දෝස වැළකි යනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මිථ්‍යා දෘෂ්ටියේ එල්බගෙන ඉන්න හොඳ නැහැ. මේ මිථ්‍යා මත දුරු කරගෙන නිවසේදීම පිරිත් දේශනා කිරීමෙන් තමන්ගේ සහ නිවසේ ආරක්ෂාව ඇති කරගැනී‍මට මෙන්ම මෙලොව පරලොව ආරක්ෂාව ද සලසා ගැනීමට උපකාරී වෙනවා. සියලු දෝස දුරු කර ඔබේ ආරක්ෂාව ඔබටම සලසා ගැනීමට පිරිත බොහෝ උපකාරී වෙනවා.

(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

98% ක් ම නොදන්නා ධර්ම චක්‍රයේ ගැඹුරු අරුත මෙන්න

ධර්මය ගොනු කර, රථ රෝදයක ආකාරයෙන් ඉදිරිපත් කැරුණු සැලැසුම දක්වන ලිපියකි මේ. බුදු දහම සංකේතවත් කැරෙන මූලිකතම ලාංඡනය ධර්ම චක්‍රය යි. බුද්ධ – බෝසත් චරිත ප්‍රකට කිරීම සඳහා ක්‍රි.පූ. 3 වන සියවස වැනි ආදි යුගවලදී සිරිපතුල, චක්‍රය, ඇත් රූපය ආදිය භාවිත කළ බව සාන්චි – භාරුත් කැටයම් මගින් පැහැදිලි ය. ඒ යුගයේ චක්‍රය ධර්මයේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ ස්ථානවලදී ඉදිරිපත් කැරුණු බව මෞය¸ යුගයේ විශිෂ්ට කලා කෘති සේ පිළිගැනෙන සිංහ රූප සහිත ධර්මචක්‍ර ස්තම්බවලින් වටහාගත හැකි වේ.

අශෝක සමයට අයත් එකී සිංහ කුලුනුවල ශීර්ෂය ධර්මානුකූල පාලනය නිරූපණය සඳහා කොතරම් අපූරු දැ යි වටහාගත් ඉන්දීය දේශපාලනික පඬිවරුන්ට 1947දී ජාතික නිදහස ලබා ස්වෛරී – ස්වාධීන රාජ්‍යයක සංකේතය කුමක් විය යුතු දැ යි විමසන විට මේ අශෝක සිංහ කුලුනු හිස ඒ සඳහා ඉතා උචිත බැව් පෙනී ගියේ ය. ඒ අනුව ඉන්දීය කොඩියේ දැක්වෙන්නේ අශෝක ධර්ම චක්‍රය යි. පුරාණයේ සිට සිංහ රූපයෙන් පෙරපර දෙදිග සංකේතවත් කර ඇත්තේ තේජස, නිරවද්‍යතාව, තියුණු බුද්ධිය හා යුක්තිගරුක භාවය යි.

ඒ රූප අතර ධර්ම චක්‍රය නිර්මාණය කර, රාජ්‍ය ආඥාව චක්‍රයක් සේ භ්‍රමණය වෙමින් පැතිරී යන බවත්, එය ඒකාන්තයෙන් කායික හික්මීම, චෛතසික නිරවුල් බව හා ප්‍රඥාවෙන් තීරණ ගැනීම යන ගුණාංගවලින් සමන්විත වීමේ අවශ්‍යතාවත් සංකේතවත් කැරිණි. මෙයින් ප්‍රචණ්ඩ වූ ආධිපත්‍යය හෝ කුරිරු රාජාඥාව අනුමත නොවූ බව හා ධර්මය පදනම් කරගත් පාලනය පමණක් ම රජතුමා පිළිගත් බව පැහැදිලි වෙයි.

ධර්මාශෝක රජතුමා ධාර්මික රාජ්‍ය පිළිවෙතට හැරීම, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කිරීමෙන් වූ වෙනසක් බවත්, එතැන් සිට දිග්විජය අතැර ධර්ම විජය ආරම්භ කැරුණු බවත් පැහැදිලි කරුණකි. ස්මිත් වැනි බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් පවා පිළිගෙන ඇත්තේ ධර්මාශෝක රජතුමා තරමට ධර්මිෂ්ට වූ වෙනත් රජ කෙනකු ගැන ලෝක ඉතිහාසයෙහි කියවා නැති බව යි.

බුදු දහමේ දියුණුවට හා ව්‍යාප්තියට සිදු වූ සේවාව සමඟ ධර්මානුකූල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යෑමටත්, කූටෝපානයක් නොවූ සැබෑ සුහදතාවෙන් අසල්වැසි රාජ්‍යයන් සමඟ සබඳතා පවත්වාගැනීමටත් අශෝක රජු දැක්වූ උනන්දුව එතුමාගේ සැබෑ ධාර්මිකත්වය පිළිබිඹු කිරීමක් බව සෑම ඉතිහාසඥයකු ම පිළිගෙන ඇත. මේ රජු ධර්මය බලයක්, ශක්තියක් බව හා එය චක්‍රාකාර ව සංසරණය වන බව පිළිගෙන තිබේ. ඒ බව කාලිංග ගිරි ලිපිය ඇතුළු ශිලා ලිපි ගණනාවකින් ම පැහැදිලි කැරේ.

ධර්ම ශක්තිය චක්‍රාකාර බවත්, එය ජීවිතයේ සෑම අවස්ථාවක ම සංසරණය විය යුතු බවත් පැහැදිලි කළේ බුදු රජාණන් වහන්සේ ප්‍රථම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මගිනි. මෙම පළමු දේශනාව පවත්වා ඇත්තේ බුද්ධත්වයෙන් මාස දෙකහමාරක පමණ කලකට පසු ව ය.

බුදු බව ලැබීමෙන් පසු පළමු සතිය ධර්ම මනසිකාරය සඳහා (අවබෝධ කරගත් ධර්මය මුල සිට අගටත්, අග සිට මුලටත් සිහිපත් කිරීම), බුද්ධ ඤාණ පරීක්ෂාව (බුද්ධත්වය හා උපන් ඤාණ සම්භාරය එකිනෙක අත්හදා බැලීම) යන දෙකරුණට ගත විණි. අනිමිසලෝචනය, රත්නචංක්‍රමණය ආදි වූ සතිවලින් අවසන් සත්වැන්න ගයාවට ආසන්නයේ වූ කිරිපලු රුක් සෙවණේ සමාධි සුවයෙන් කල් ගෙවා ඇත.

සත්වන සතිය අවසන නැගී සිටි තථාගතයන් වහන්සේ, යළිත් එළු රංචු බොහෝ සෙයින් ලැග සිටින අජපල් නුගරුක මුලට වැඩ, “මා අවබෝධ කරගත් ධර්මය ලොවට ඉදිරිපත් කරන්නේ කෙසේ ද?” යනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවට යොමු වූහ. මේ වන විට බුද්ධත්වයෙන් මාස දෙකක පමණ කාලයක් ගත ව තිබිණි. නේරංජා නදී තීරය, ගයා වන ළැහැබ අතර වූ සිහිල් රම්‍ය ප්‍රදේශයේ හුදෙකලා වීම මුන් වහන්සේට ප්‍රයෝජනවත් වූයේ නිසල ජලයෙහි පියුම් මතු වන්නාක් බඳු නැවුම් සිතිවිලි ධාරාඋපදවාගැනීම සඳහා ය.

මතු කරගත් මුතු – මැණික් සම්භාරය අර්ථවත් ව සමාජ ප්‍රයෝජනය සඳහා යෙදවීමට සැලසුම් කරන, ඒ සඳහා පිරිස කවුරුන් දැ යි තෝරන දානපතියකු සේ බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කොතනක, කවුරුන්ගෙන්, කවර ආකාරයකින් ආරම්භ කළ යුතු ද? යනු නිශ්චය කරගැනීමට මේ නිසල හුදෙකලා කාලය ප්‍රයෝජනයට ගත්හ. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්, තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින් ම ශ්‍රවණයට යෝග්‍ය ශ්‍රාවකයන් ලෙස බුදු රජාණන් වහන්සේට අදහස් පහළ වූයේ දෙකරුණක් නිසා ය.

ඔවුහු බෝසතාණන් වහන්සේ අතිදුෂ්කර ව්‍රත සමාදානවල යෙදුණ සමයෙහි ඉතා සමීප ව ඇප-උපස්ථාන කළ පිරිස වූහ. බෝසතුන් රජගහ නුවරට අයත් මහ වන පෙදෙසින් නික්ම ගයාවට පැමිණෙන විට, දැඩි පිළිවෙත් නිවනට මග නොවන බව හැඳින ඒවා අතැර පිඬුසිඟා වැඩ, ලද ආහාරයක් අනුභවය පටන් ගන්නවාත් සමඟ මේ පස්දෙනා “සිදුහත් කුමරු වැරදි මගට පිළිපන්නේ යැ” යි කියමින් එතුමන් අතැර මහා ගංගාවෙන් ද එතෙර වී උතුරට ගමන් කර ප්‍රසිද්ධ ඉසිපතනයේ වාසය සඳහා පිටමං වූ හ.

බුද්ධත්වනේ පසු ඔවුන් ගැන සිහි කරනා විට බුදුන් වහන්සේට පෙනීගියේ, තමා අතැර ගිය ද ඔවුන් හිතකාමී, නිවැරදි පිරිසක් ලෙසට ය. එය පළමු කරුණ විය. දෙවැන්න වූයේ පස්වග තවුසන් නිවරද මගට ගැනීමේ යුතුකමක් ද තමා වෙත පැවරෙන බව ය. ඔවුන් පස්දෙනා බෝසතුන් දුෂ්කර ක්‍රියාවේ යෙදුණු මහ වනයට යවන ලද්දේ පියාණන් වූ සුදොවුන් රජතුමා විසිනි. අනතුරුවලින් වළකා තවස් දම් රැකීමට ආධාර වනු පිණිස එවූ මොවුන් වරෙක ආරක්ෂකයන් ලෙසින් ද, තවත් වරෙක උපස්ථායිකයන් ලෙසින් ද කළ කටයුතු සිහිපත් කළ එතුමන්ට පස්දෙනාගේ මූලිකයා වූ කොණ්ඩඤ්ඤ තමා ළදරු කල දේහ පරීක්ෂාවට පැමිණි බමුණු ගුරුන් අතර වූ ළාබාල වූ ද, “බුදු වනු විනා අන් කවරකට හෝ පත් නොවන බව“ ස්ථිර ව පැවසූ මහා නුවණැත්තා බව ද සිහිපත් විය.

බුදුන් වහන්සේ ඔවුන් සොයා ඉසිපතනයට යෑමේ දීර්ඝ ගමනට පිළිපන්හ. අතරමග මුලින් ම හමු වූයේ උපක ආජීවකයා ය. මොහු ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත්, ජීවිතාන්තය දක්වා ව්‍රත සමාදානයෙන් කල් ගෙවන පූජකවරයෙකි. ගසක් යට සෙවණේ සමීප ව හිඳ කතාබහට මුලපිරූ උපක “ඔබ කොහි යන්නහු ද? කවර ආචාර්යවරයකු ගුරු කොට කවර පිළිවෙතක පිහිටියක්හු ද?” ආදි ප්‍රශ්න රැසක් විමසා සිටියේ ය. “මම ධර්ම චක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමින් සිටිමි” යනුවෙන් උන් වහන්සේ පිළිතුරු දීම ආරම්භ කළහ (ධම්මචක්කං පවත්තේතුං). බුද්ධ ධර්මය චක්‍රාකාර බව පැවසෙන මුල් ම අවස්ථාව මෙය වේ.

ධර්මය ගොනු කර, රථ රෝදයක රූපාකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා බුදුන් වහන්සේ සැලසුම් කළේ බුද්ධත්වයෙන් අනතුරු ව දෙමාසයක් පමණ වූ කාලයක් නේරංජරා නදිය අසබඩ ගයා තීර්ථයේ වැඩ සිටි සමයේ ය. බුද්ධකාලීන භාරතීය නානා ආචාර්යවරු ඔවුන්ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ සමාජ දර්ශන සංකේතාත්මක ව රූපාකාරයෙන් දැක්වීමේ සම්ප්‍රදායකට හුරු ව සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

ක්‍රි.පූ. 8 – 4 අතර කාලය භාරතීය ආගමික හා දාර්ශනික චින්තකයන් රැසක් පහළ වූ කාලයකි. අබ්‍රාහ්මණික සම්ප්‍රදායේ මතවාදීන් බහුල වීමත්, තරගයට මෙන් ඒවා ඉදිරිපත් කිරීමත් සිදු වන විට, ජනයාට ඒ අතර විශේෂතා හඳුනාගැනීම පහසු කරනු පිණිස රූපමය සංකේත භාවිතය අවශ්‍යතම කරුණක් සේ සැලකිණි.

මේ සම්ප්‍රදාය ක්‍රි.පූ. 2000ට පමණ ඉහත වූ මොහෙන්ජොදාරො – හරප්පා ශිෂ්ටාචාර යුගයේ පවා භාවිත වූවක් බව පිළිගැනේ. පශුපති, ජගන්මාතා, ලිංගපූජා ආදි වූ ඇදහිලි හා සම්බන්ධ සංකේත ඒ ආදි යුගයේ භාවිතා වූ බවට සාක්ෂි ඇත. වෙසෙසින් ඉන්දීය සංස්කෘතියෙහි මුද්‍රා හා සංකේත භාවිතය සුවිශේෂ ලක්ෂණයකි. ජෛන මහාවීර ආචාර්යතුමන්ගේ අනුගාමිකයෝ සුපිපි නෙළුම් මලේ සංකේතයට ප්‍රණාම දැක්වීමට පුරුදු ව සිටියහ.

ක්‍රි.පූ. 3 – 2 සියවස්වල නිර්මාණය වූ බෞද්ධ සංකේතවල ප්‍රධානත්වය දරන ධර්මචක්‍රය බුදුන් වහන්සේ විසින් “ධර්මචක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමි”යි කරන ලද භාෂිතය අනුව ඉන් සියවස් දෙක හමාරකට පමණ පසුව අශෝක අධිරාජයාගේ උපදේශයට අනුව නිර්මාණය විය. බුදුරදුන් මේ පළමු දේශනාවට වඩින ගමනේදී මුලින් ම හමු වූ උපක ආජීවකට “ධර්මචක්‍රය ප්‍රවර්තනය” කිරීම සම්බන්ධ ව කළ අවධානාත්මක ප්‍රකාශයට සමීප දහම් බෙර ලැවීම (ධම්ම භේරිංබරාපේතුං) සඳහා යන ගමනක් බව හා දහම් වැසි වැස්සවීම (ධම්ම මේඝ) සඳහා වූවක් බව ද පවසා තිබේ. “දහම් අමාව ලොව ගලා යෑමට සලස්වා ඇත. සවන් දෝතින් ගෙන එය පානය කරත්වා!” යන ආකර්ෂණීය දැන්වීමක් ද කර තිබේ.

දහම් බෙර ලැවීම, දහම් වැසි වැස්සවීම, අමා ගඟ ගලා යෑමට සැලැස්වීම යන සන්නිවේදන අතිශය ජනකාන්ත වුව ද බහුජන ආකර්ෂණයට බෙහෙවින් පාත්‍ර වූ ප්‍රකාශනය ධර්මචක්‍රය ප්‍රවර්තනය නොහොත්, “ලෝවටා ධර්මය භ්‍රමණය වීමට සැලැස්වීම” යන්න ය. මෙයට හේතුව “චක්‍ර ප්‍රවර්තන” යනු චක්‍රවර්තී රජතුමාගේ ධර්මාධිපත්‍යය යන ඉපැරණි භාරතීය රාජ්‍ය සංකල්පය සමඟ එක් මාවතේ ගමන් කරන්නක් වීම ය. සිදුහත් කුමරු සක්විති රජ වීමේ වාසනා ගුණ සහිත වුව ද, එම ආධිපත්‍යය අතැරදැමුයේ අලුයම හෙළන කෙළපිඬක් සේ යැ යි ධර්ම සාහිත්‍යයේ දැක්වේ. උන් වහන්සේගේ ලුහුබැඳීම වූයේ භෞතික සම්පත් සාධනය මගින් ප්‍රජාව පිනවීම නො වේ.

තමා විමුක්තියට පැමිණ සත්ත්ව ලෝකයාට ද ඒ මග හෙළි කර ඔවුන් ද පරම සුඛයට පත් කිරීම ය. මේ සඳහා සියලු ලෞකික බැඳීම් අතැරදැමීම (අභිනික්මන), වනගත ව බවුන් වැඩීම මගින් සත්‍ය සෙවීම (වානප්‍රස්ථ) අවශ්‍ය ම මාර්ගය බව සලකා එය අනුගමනය කළහ. මේ මග එකල භාරතීය වියත් ජනයාගේ ජීවන සම්ප්‍රදායයක් බවට ද පත් ව තිබිණි. බොහෝ පුණ්‍ය – බල – ඤාණ සම්පත් සහිත වූ කුලපුතුන් ලෞකික සැපත හැරදා බවුන් වැඩුමට වනගත වූ බවට වාර්තා ඇත. සිදුහත් කුමරුන්ගේ ප්‍රවේශය ද එක් වියත් ඤාණගවේෂි ගණයට අයත් වුව ද විශේෂතාව වූයේ ඒ බොහෝදෙනා තමන් කිසියම් ආචාර්යවරයකුගේ අතවැස්සකු බවට පත් වීමෙන් සෑහීමට පත් වුව ද, මෙතුවක් ගමන්මගේ අතරක නොසිට පරම විමුක්තිය ලබාගැනීම සඳහා තමා ම මෙහෙයවීම ය. මෙතුමන්ට කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර හා උද්දක රාමපුත්‍ර තවුසන් දෙදෙනාගෙන් චෛතසික ශක්තියේ උසස් තලයට නැගීමට මාර්ගය පෑදිණි.

උද්දක රාමපුත්‍ර විඥානය මගින් ලෝකය අල්ලාගැනීම (භෞතික හා චෛතසිකමය වශයෙන්) සපුරා අතහරින නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා චිත්ත ශක්ති වර්ධනයේ මාර්ගය පහදා දී එහි ඵලාධිගමයට ද උපකාර වූ හ. එහෙත් බෝසතාණන් ක්ලේශ ප්‍රහාණය (සපුරා කෙලෙස් දුරු කිරීම) හා බුද්ධ ඤාණය මෙම තවුසන්ගේ ප්‍රතිපදාවෙන් අත් නො වන බව තියුණු නුවණින් දැන, නේරන්ජරා නදී තීරයේ බෝධි මූලයට පැමිණියේ එම දෙකරුණ සාක්ෂාත් කරගැනීම සඳහා ය. බෝධි මණ්ඩපයේදී, බෝසතුන් ක්ලේශ ප්‍රහාණයට (කෙලෙස් දුරු කිරීමට) සමතෙක් විය. ඒ කරුණ විසිතුරු උපමාවකින් දක්වා ඇත්තේ, දිගුකලක් තිස්සේ ගේ හදන වඩුවා සොයමින් සිටි කෙනකුට හදිසියේ ම ඔහු දැක හැඳිනගැනීමට ලද අවස්ථාවක් ලෙස ය.

වඩුවා තෘෂ්ණාව ය. සසර ගමනේ නවාතැන් ගැනීමට ගෙවල් හදන මොහු හැඳිනගැනීම යනු තෘෂ්ණාවත්, එහි කාර්යයත් අවබෝධ කරගැනීම ය. සංසාරය ද චක්‍රයකි. එයට ගමන් කරන වේග ශක්තිය ලබාදෙන්නේ ද තෘෂ්ණාව යි. ගෙවල් හදන වඩුවා – සංසාර චක්‍රය – එය භ්‍රමණය කරන ජව ශක්තිය, මේ සියලු උපමා හා සංකේත අන් කිසිවක් නොව, තෘෂ්ණාව ම බව පහදාගත් බුදු රජාණෝ එය නැති කිරීම සඳහා ශක්තිමත් වන්නේ ධර්මචක්‍රය බව බුද්ධ ඤාණයෙන් අවබෝධ කරගත්හ.

ධර්මචක්‍රය ගරාදි අටකින් යුක්ත ය. යහපත් දැක්ම, යහපත් සංකල්පනා ආදි වූ කරුණු අට කේන්ද්‍රගත ව ඇත්තේ සීල – සමාධි – පඤ්ඤා නම් වූ, කාය – වාක් සංවරය, චිත්ත සමාධිය හා අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් ලොව දෙස බලන ප්‍රඥාවෙන් යුක්ත වීම යන ශක්තීන් මත ය. මෙහි පැවැත්ම රථ චක්‍රයක ගරාදි බොස්ගෙඩියෙහි සවි වී තිබෙන්නාක් වැනි එකිනෙකෙහි ආධාරයෙන් පවත්නා ස්වභාවයක් බව වටහාගත හැකි ය. ගරාදි – බොස්ගෙඩිය, පට්ටම එකිනෙකින් වෙන් කළ හොත් රථ චක්‍රයක් නොපවත්නා සේ, ආර්ය මාර්ගයට අයත් කරුණු අටත් සීල – සමාධි – ප්‍රඥාවෙන් එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. මේ චක්‍රයේ පැවැත්ම, මෙහි සංචරණය සිදු වන්නේ රවුමට සවි කරන පට්ටම නිසා ය.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය – සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදි වූ ධර්ම කාරණා මෙම චක්‍රයට අන්තර්ගත වූ එහි පැවැත්ම ස්ථිර කරන්නා වූ අංගයෝ ය. මේ උත්තරීතර මානව ධර්මයේ සංයුතිය ලෞකික – ලෝකෝත්තර සුබ සාධනය අපේක්ෂා කරන බැවින් චාරිත්‍ර වාරිත්‍ර වැනි සුළු කරුණක පවා යහපත් බව (සම්මා) අපේක්ෂා කැරේ. ආර්ය ශ්‍රාවකයා සෑම ඉරියව්වකදී ම, නින්දේදී පවා සිහි එළවා සිටිය යුතු යැ යි අවධාරණය කර ඇත්තේ, යහපත් දැක්ම (සම්මා දිට්ඨිය) සමඟ ඇවිදීම – සිටගෙන සිටීම වැනි ඉරියව්වක පවා සබැඳියාවක් පවත්නා නිසා ය.

බෝමැඬදී අවබෝධ කරගත් ධර්මය, මානව ජීවන ප්‍රතිපදාවේ චාරිත්‍රයක් වැනි සුළු කරුණක් සමඟ ද සම්බන්ධය පැහැදිලි කැරෙන ඥාන මාර්ගයක් නිසා ධර්ම චක්‍රයක් බව වටහාගත් බුදුන් වහන්සේ එය මුල් වරට හෙළි කළ යුත්තේ යම් ධර්ම ශක්තියක් ඇති පිරිසක් ඉදිරියෙහි බව තීරණය කළහ.

පස්වග තවුසන් ඉසිපතනයෙහි වෙසෙන බව දැනගත් එතුමෝ උපක ආජීවක හමුවේදී ඉසිපතනය බලා ගමන් ගන්නා බව පැවසුවේ ඉහත සඳහන් බෞද්ධ ජීවන ප්‍රතිපදාව නොහොත් ධර්ම චක්‍රය ප්‍රවර්තනය සඳහා වන උද්යෝගීමත් ගමන ගැන ය. දීර්ඝ – දුෂ්කර චාරිකාවක් වූ එය, රෝහිත වස්තු, උරුවිල්වා කල්ප, අරුණාලය, සාරථිපුර පසු කර ගංගා නදියෙන් එතෙර ව බරණැස් නුවරට යොමු වී තිබිණි. ඒ ගමනේ රාත්‍රි නවාතැන්පළවල දී නව හඳක් පායා එන බව කිහිප දිනකදී ම දක්නට ලැබිණි.

ආසාළ්හ මාස (ඇසළ මස) පුරහඳ ශාස්ත්‍රීය වූ ද විමුක්ති දායක වූ ද ධර්ම දර්ශන ප්‍රකාශන සඳහා ආශීර්වාද ලබා දෙන බව භාරතීයයන්ගේ පිළිගැනීමකි. එහෙත් බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ සුදුසු බිමක ම (යෝග්‍ය පිරිසක් ඉදිරියෙහි) ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම ය. කෙසේ නමුත් උන් වහන්සේ ඉසිපතනයට පා තැබුයේ ජන විශ්වාසය වූ ආශීර්වාදාත්මක ඇසළ පුන් පෝ දා ය. බුදුරදුන් පස්වග තවුසන් වෙත වඩිනු දුටු විගස කායික වශයෙන් උන් වහන්සේ ප්‍රභාස්වර ව සිටිනු දැක, සිද්ධාර්ථ ගෞතමයන් තපසින් ගිලිහී, පිහිට පතා අප වෙත එතැ” යි කල්පනා කළහ.

උන් වහන්සේට ආගන්තුක සත්කාර කිරීමට පවා මැළි වූ ඔවුන් බුදු හිමියන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග කිහිප විටක් පැවසුව ද විශ්වාස නොකළ අතර, නව සොයාගැනීමක් ඇතැයි කියූ විට එය ද අවඥාවෙන් බැහැර කෙරිණි. “මා කිසිදා ඔබ බොරුවෙන් රවටා ඇද්දැ” යි අසා තමන් වහන්සේගේ සත්‍යවාදීත්වය අතීත ප්‍රවෘත්තිවලින් පවා ගෙනහැර පෑමට උන්වහන්සේට මෙහිදී සිදු විය.

කෙසේ නමුත් පස්වග තවුසෝ මුන් වහන්සේ කුමක් පවසනු ඇද්දැයි විපිළිසර වූවෝ හිර බසිමින්, සඳ නැෙඟමින් ඉසිපතනය මිශ්‍රවර්ණ සහිත ආලෝකයෙන් නැවුම් අසිරියකට පත් වන මොහොතෙහි තුරුගොමුවක් පසුබිම් කරගත් සහන් එළියක කථිකයාණන්ට අසුනක් පනවා ඒ වටා චක්‍රාකාර ව පත්කඩ එළා හිඳගත්හ.

බුදුන් වහන්සේට පස්වග තවුසන්ගේ හැසිරීම හොඳට හුරු ය. ඔවුන් මේ මොහොතෙහි කර ඔසවා නෙත් දල්වා තමන් වහන්සේ වෙත ආකර්ෂණය වී සිටින්නේ පිට වන හැම වචනයක් ම හොඳින් අසාගැනීමට හා විමර්ශනයට ය. සැඳෑ යාමයේ, දිනයට නියමිත අවසන් ගීතිකා මහ හඬින් ගයන කුරවි කෙවිල්ලෝ ද බිමට නැමුණු අතුපතරෙහි ලැග මේ අමුත්තාගේ හඬ ඇසීමට නිහඬ වූ හ. තවුසන් හා මිතුරු දමින් කල්ගෙවන හා- මුවපොව්වෝ ද බුලත් හපමින් ඇස් අයා කන් යොමා අසල තැන්පත් වූ හ.

පරිසරයට නෙත්හෙළූ කථිකයාණන්ට සඳ නැඟෙන මේ යාමයේ ධර්ම චක්‍රය දියත් කිරීමේ මොහොත පැමිණ ඇති බව පැහැදිලි විය. එදින දියත් වූ ධර්මචක්‍ර දේශනාව නිමා වූයේ ආරම්භයේදී බුදුනට අවනත නොවූ කොණ්ඩඤ්ඤ සෝවාන් පලයට පත් වීමෙන් හා ඉතිරි සිව්දෙනා බුදු සව්වන් බවට පත් වීමෙනි. එතැන් සිට අතිදීර්ඝ කාලයක් ලොව සැරි සරන ධර්මචක්‍රය මිනිස් ප්‍රජාව උතුම් සීලාචාර බවට පත් කිරීමෙහි සමත් විය. ඉදිරි කාලයේදී ධර්මචක්‍රයේ අනුහස වඩ වඩාත් ලෝකයට දැනෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ශ්‍රීපාදය වන්දනාවට පෙර මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න දැනගෙන වන්දනා කරන්න

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.

1. ආරම්භය
සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.

2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම
ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.

3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.කෝඩුකාරයින් වර්ග දෙකයි.ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්

“වඳින්ඩ යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, වැඳල බහින මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, කරුණාවයි – කරුණාවයි”

වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්‍රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.

4. පද්මෙට යනතුරු
ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.පලාබද්දල මාර්ගයදුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු ලිහිණි හෙල අම්බලමලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.

ධර්මරාජ ගල
අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.
ගෙත්තම් පාන/ඉඳිකටු පානබුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?

සීතගඟුල
මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.

ඇහැල කණුව
අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.

අහස්ගව්ව
මේ ආශ්‍රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.

මහගිරිදඹය
අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.

හැටන් නල්ලතන්නි මාර්ගය
දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.

5. නොකියූ පැත්ත.
කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා. පියසටහන් පමණක් තබා ගෙන යන අන් සියල්ල රැගෙන එන්නට කාරුණික වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ සිංහල තේරුම නිවැරදිව දැනගන්න

“යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛෙ සබ්බේ ව භූතා සුමනා භවන්තු අථොපි සක්කච්ච සුනන්තු භාසිතං”
තේරුම – භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

“තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරොථ මානුසියා පජාය දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා”
තේරුම – අමනුෂ්යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්ය ප්රජාව කෙරෙහි මෛත්රිය කරවු. යම් මනුෂ්ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වා යං රතනං පණීතං න නො සමං අත්ථි තථාගතෙන ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – මනුෂ්ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

“ඛයං විරාගං අමතං පණීතං යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක් කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්ය බලයෙන් සෙත් වේවා.

“යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනාතෙන සමොන විජ්ජති ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු”
තේරුම – බුද්ධ ශ්රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්රශංසා කොට ප්රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්නභාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන නික්කාමිනො ගොතම සාසනම්හි තෙ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු”
තේරුම – යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“යථින්ද ඛීලො පඨවිංසිතො සියා චතුබ්භිවාතෙහි අසම්පකම්පියො තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්රණීත රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“යෙ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්යයන් තමනට ප්රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි චතූහපායෙහිච විප්පමුත්තො චඡාභිඨානානි අභබ්බොකාතුං ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ්බො සො තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ තථූපමං ධම්මවරං අදෙසයි නිබ්බාණගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධෙ රතනං පණීතං ඒතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ග්‍රීෂ්මසෘතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“වරො වරඤ්ඤු වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයි ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා

“ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ ථාගතං දෙව මනුස්ස පූජිතං සඞඝං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්රාවක සඞඝයා වහන්සේ වඳිමු.

ඉහත ශක්රදේවේන්ද්රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි.
තෙරුවන් සරණයි..

බුදුසරණ අන්තර්ජාල කලාපය – ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න!

මෙය උපුටාගැනීමකි – ජනිත වූ සුලු හෝ කුසලයක් වේද එය මුල්සම්පාදකයන්ටද අනුමෝදන් වෙත්වා. Share කර ඔබත් ධර්ම දානයට දායක වන්න (උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පින්වන්ත දරුවෙකුගේ උපතක් ලබාගන්න විදිය

පින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියත් අනුගමනය කළ යුතු ආර්‍ය චාරිත්‍ර පේවිම් මෙසේ ය. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ( පැය 24 පුරාවට පූර්ණ උතුම් උපෝසථයක් ලෙස ) සතියක් පුරාවට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. එම සතිය පුරාවට දිනකට දෙවරක් ( උදේ – සවස ) මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස, පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. ( තුන් සූත්‍රය, ධජග්ග පිරිත, මහාසමය සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය ආදිය…) වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය. ( වෙනත් ඉල්ලීම් කිසිවක් නොකළ යුතුය.)

එම සතිය පුරාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇතුළත් පොත්පත් කියවමින් ඒවා තේරුම් ගනිමින් ගතකළ යුතුය. දවසේ හැකි සෑම විට ම බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා පුරුදු කළ යුතුය. මහා සඟරුවන උදෙසා දන්පැන් පූජා කළ යුතුය. මෙලෙස සතියක් පුරාවට උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රදුන් වැඩ සිටින අනුරාධපුර පින් බිම වන්දනා කිරීමට යා යුතුය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කළ යුතුය. මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්ම රාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදම් කළ යුතුය. ස්වර්ණමාලි මහා ස්ථූපය අභියසට පැමිණ, අවිද්‍යා අන්ධකාරය දුරුකොට ප්‍රඥාලෝකයෙන් තුන් ලොවම එළිය කළ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ප්‍රඥාලෝකයට උපහාර පිණිස යැයි සිතා සුවඳ දුම් දල්වන්න. සතළිස් පස් වසරක් පුරා ගතකළ පරම නිර්මල සම්බුදු දිවියට උපහාර පිණිස යැයි සිතා පිවිතුරු සුවඳ මල් පූජා කරන්න. ඉන් පසු මිහිරට සැදැහැයෙන් හඬනගා තෙරුවන් ගුණ සජ්ජායනා කරමින් මහා සෑය තුන් වතාවක් දක්ෂිණා වර්තව පැදකුණු කරන්න. එසේ කිරීමෙන් පසු පේසා වළලු මත නළල තබා උතුම් බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත්, මහ සෑ රජාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජාකරමි… පූජා වේවා! යි සිතා ජීවිතය පූජා කරන්න. උදෑසන කාලයක දී නම් කිරිපිඬු පූජා කරන්න. සවස් කාලයකදී නම් ගිලන්පස පූජා කරන්න. සෑ මළුවේ ම මහ සෑය හොඳින් පෙනෙනා තැනක අසුන් ගන්න. මිහිරට සැදැහැයෙන් තෙරුවන් වන්දනා කොට ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් ආදී පූජාවන් පූජා කරන්න. පසුව මෙසේ දේවතා ආරාධනය සිදු කරන්න.

සමන්තා චක්ක වාලේසූ – අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තධම්මස්සවණ කාලෝ – අයං භදන්තා

හාත්පස සක්වළ සිටින සදහම් අසනු කැමති දෙවියෝ සැදැහැ සිත් උපදවාගෙන අප මුනිරජුන් වදහළ මිහිරි සඳහම් ඇසුමට දැන් මෙතැනට පැමිණෙත්වා! පින්වත් දෙවිවරුනේ මේ එයට කාලයයි! ඉන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍රයත්, රතන සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සජ්ජායනා කරන්න. ඉන්පසු දෙනෙත් පියාගෙන ටික වෙලාවක් බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් සිදු කරන්න. ඉන්පසු සතියක් පුරාවට රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන් වචනයෙන් පවසා ඝටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පති බ්‍රහ්ම රාජය, සනංකුමාර බ්‍රහ්ම රාජයා ආදී බ්‍රහ්ම රාජයන්ට පින් අනුමෝදන් කරන්න. රැස්කළ පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ටත් අනුමෝදන් කළ යුතුය. එමෙන්ම ශාසන භාරධාරී විශ්ණු දෙවිඳුන්ටත්, සුමන සමන් දෙවිඳුන්ටත්, ස්වර්ණමාලි දෙවඟනටත් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දුටුගැමුණු දිව්‍ය රාජයාට පින් අනුමෝදන් කරන්න. භූමාටු දෙවිවරුන්ගේ පටන් සදෙව් ලෝවාසී සියලු දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික සියලු දෙවියන්ටත් පොදුවේ පින් අනුමෝදන් කරන්න.

ඉන්පසු ආයුෂ අවසන් වී මනුලොව වඩින්නට සිටිනා පින්වත් දිව්‍යරාජයෙකුට හෝ බ්‍රහ්මරාජයෙකුට පින්වත් දරුවෙකු බලාපොරොත්තු වන මෑණියන් විසින් තම කුසේ පිළිසිඳ ගන්නට මෙලෙසින් ආරාධනා කරන්න. ” සුගති ලොවක් වූ මිනිස්ලොව ඉපදීමට බලා සිටිනා දිව්‍යාරාජයිනි, බ්‍රහ්මරාජයිනි මිනිස් ලොව ඉපදී උතුම්ම ලාභය වූ තිසරණ සහිත ශ්‍රද්ධා ලාභය ලැබීම පිණිසත්, බුදුසසුන සුරැකීම පිණිසත්, ලංකාදීපය ආරක්ෂා කර සිංහල ජාතිය ආරක්ෂා කිරීමටත්, රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිසත් ඔබ වහන්සේලාගෙන් කවුරු හෝ තෙරුවන් කෙරෙහි පැහැදුන සිත් ඇති සීලවන්ත මාගේ කුස පිළිසිඳ ගනු මැනවි. අපි දෙදෙනාම මහත් වූ සෙනෙහසින් ඔබ රැකබලා ගන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ කුස පිළිසිඳ ගන්නා සේක්වා! මෙසේ දෙවනුව ද තෙවනුව ද ආරාධනා කොට සිටින්න. මෙසේ කරනා විට ඒකාන්තයෙන්ම පින්වන්තයෙකු ඔබගේ මව්කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. මෙසේ ශාසනික ප්‍රතිපත්තීන්හි පිහිටීමෙන් පින්වන්ත දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත්පසු කටයුතු කළ යුත්තේ මේ අයුරිනි.

දරු සම්පත පිළිසිඳ ගත් පසු සිදුකළ යුතු ආර්‍ය චාරිත්‍ර
මව්කුසේ දරු සම්පතක් පිළිසිඳ ගත්තේ ය යන දැනීම පහළ වූ සැණින් මව්පිය දෙදෙනා තෙරුවන් වන්දනා කොට දරුවාව තෙරුවනට පූජා කළ යුතුය.
හැකි නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රජුන් වැඩ සිටින අනුරාධපුර පින්බිම වන්දනා කිරීමට ගොස් පෙර සේම මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. දරුවාගේ ජීවිතය නැවත වරක් තෙරුවනට පූජා කළ යුතුය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, ස්වර්ණමාලි මහා සෑ රදුන්ටත් දරුවාගේ ජීවිතය පූජා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය.( මේ ආකාරයටම දරුවා මෙලොවට බිහි වූ පසුවත් සිදු කරන්න.)

ඉන්පසුව මහත් ඕනෑකමකින් දරු ගැබ ආරක්ෂා කරගනිමින් දිනපතා පන්සිල් රකිමින්, පුන් පොහෝ දින වලට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කරන්න. හැකි සෑම විටම සඟරුවනට දන්පැන් පුදන්න. උතුම් තෙරුවන් ගුණ හොඳින් ඉගෙන ගනිමින් ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඒ තෙරුවන් ගුණ හොඳින් මතකයේ දරාගෙන හැකි සෑම විටම ඒ තෙරුවන් ගුණ සිහිකරමින් උපන් ශ්‍රද්ධාව දියුණු කර ගන්න. තෙරුවන් ගුණ සඳහන් වන උතුම් දහම් පොත් කියවමින් ධර්මය සිහිකරන්න. මෛත්‍රී භාවනාව නිතර වඩන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරමින් සැදැහැසිතින් සෙත් පිරිත් සජ්ජායනා. කරන්න. දරුවා බිහිවීමට කාලය ළඟාවන විට සංඝරත්නය බැහැදැක වන්දනා කොට උතුම් අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබගන්න. තුණුරුවනේ ගුණ සිහිකරමින් පිරිත් පැන් පානය කොට මව්කුසේ පැන් තවරා ගන්න.

ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ… එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹ වේ…

මෙසේ ආර්‍ය පිළිවෙත් පිරීමෙන් පින්වන්ත දරු උපතක් සිදු වේ. දෙමාපියන්ට කරදරයක් නොවී සමාජයට බරක් නොවී ලොකු මහත් වී ඔහු පැමිණි කටයුත්ත නිර්භීතව සිදුකරනු ඇත. ඔහු උපන් පවුල දිනෙන් දින ධන ධාන්‍යයෙන් දියුණු වේ. මෙවන් පින්වන්තයින් දහ පහළොස් දෙනෙකු පවුලක සිටිය ද මව්පියන් දෙදෙනාට සවියක් මිස බරක් නොවේ. ඔහුගේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්, ආඩම්බරයක්, ගෞරවයක් වේ. ඔහු අපගේ අවිහිංසාවාදී කෘෂිකර්මාන්තය දියුණු කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කරනු ඇත. වාරි කර්මාන්තය දියුණු කරනු ඇත. වියළී ගිය රට සශ්‍රීක කරනු ඇත. සංඝරත්නය නො සිඳී පවතින්නට කල්‍යාණ වැටක් ඉදිකරනු ඇත. නිරෝගී ජනතාවක් වෙනුවෙන් ආරෝග්‍යශාලා ඉදිකරනු ඇත. සුවසේ ගමන් බිමන් යාමට මංමාවත් ඉදිකරනු ඇත.

උපුටා ගැනීම :- “ගෞතම සසුනේ පිහිට ලබන මනුලොව උපදින පුණ්‍යවන්තයෝ..” ග්‍රන්ථයෙන් / 🖊️ සැකසුම :- හෙළ අරණ

මහත් පල මහානිසංස ලැබෙන අට පිරිකර පූජාව ගැන හරියටම දැනගන්න

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක්, අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ. තිචීවරං ච පත්තෝච – වාසී සුචීව බන්ධනං පරිස්සාවන අට්ඨෙතෙ – යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්.. දෙපට සිවුර (සංඝාටිය), තනිපට සිවුර (උත්තරා සංඝ), අඳනය (අන්තර වාසිකය), පටිය (කාය බන්ධනය), පාත්‍රය (පත්ත), කඩ කැත්ත (දැලිපිහිය – වාසී), ඉඳීකටුව (සුචි), පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවෙන හාස්කම්

කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය. ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි. දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ. හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත. ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු. මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි. ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ. නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා. ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාල නැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි. දඹදෙණියෙ ඉඳලා. අම්මගෙ නම…? ලීලා බෝතේජු. අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද? මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ. එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…

ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය. මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාල අපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ… අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කතරගම දෙවියන්ගේ පිහිට ලබාගන්න නිවැරදි පිළිවෙත

ඈත අතීතයේ සිටම කතරගම දෙවියන් තරම් අප රටේ ජනතාව අතර ඇදහීමට පාත්‍රවූ වෙනත් දෙවි කෙනෙකු නැති තරම්ය. ඒ බව දිනපතාම පාහේ කතරගම දෙවොලට රැස්වන බැතිමතුන්ගෙන් හා කතරගම දෙවියන් පිළිබඳව පුවත්පත්වල පළවෙන ලිපි මගින්ද පෙනෙයි. නමුත් දෙවියන් ඇදහීම පිළිබඳව බොහෝ දෙනකුට පැහැදිලි අවබෝධයක් ඇති බව නොපෙනෙන අතර දෙවියන් ඇදහීමෙන් තමන්ට ලැබෙන්නේ කුමන විධියේ ආනිසංසද යන වගද නොදන්නා බව පෙනෙයි. සෑම දෙවි කෙනෙක්ම සෝවාන් ඵල හෝ උසස් ඵලයක් පතා පාරමීදම් පුරන උතුමෝය. කතරගම දෙවියන් බුදු බව පතා පිං අපේක්ෂාවෙන් වැඩ සිටින බව විශ්වාසයයි. මේ විශ්වයේ උපත ලබන මිනිසුන්ට තෝරාගත හැකි මාර්ගයන් දෙකකි. එනම්, ආධ්‍යාත්මික (ලෝකෝත්තර) මාර්ගය සහ ලෞකික මාර්ගයයි.

ලෝකෝත්තර මාර්ගය තෝරාගැනීමට නම් සංසාරගතව පැවතෙන පුරුද්දක් එම පුද්ගලයාට හිමිව පැවතිය යුතු අතර තමන්ට ලෝකෝත්තර මාර්ගය හිමි බව නොදන්නා පුද්ගලයෝ ද සිටිති. මිනිසුන්ගෙන් බොහෝදෙනකු පතන්නේ මිල මුදල්, යාන වාහන, දේපළ වස්තුව, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික වර්ධනයි. දෙවිවරුන් ඇදහීම හා දෙවිවරුන්ගෙන් පිහිට ලබාගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියානු ජ්‍යොතිෂයෙන් මග පෙන්වීමක් ලබාදී ඇත. පාරම්පරික ජ්‍යොතිෂ්‍යවේදීන් ‘ගුරු මුෂ්ටි’ ලෙස සඟවාගෙන භාවිත කළ කරුණු කිහිපයක් මම හෙළි කරමි. එක් එක් ග්‍රහයන් විසින් නිවේදනය කරනු ලබන දෙවිවරුන් මෙසේය

රවි – ශිව, සඳු – ගව්රි, කුජ – ස්කන්ද, බුධ – විෂ්ණු, ගුරු – සම්බශිව, සිකුරු – ලක්ෂ්මි, සෙනසුරු – නාරායන, රාහු – දුර්ගා, කේතු – ගණපති

‘ස්කන්ද දෙවිඳුන්’ කතරගම ප්‍රදේශයේ වැඩ සිටින බැවින් ‘කතරගම දෙවියන්’ නමින් ව්‍යවහාර කරන අතර ඉන්දියාවේ හා හින්දු භක්තිකයෝ ‘මුරුගන්’ නමින්ද හඳුන්වති. ලෝකෝත්තර හා ලෞකික යන මාර්ගයන් අනුව මනුෂ්‍ය ජීවිතය තුළ දෙවිවරුන් නිවේදනය වන ආකාර තුනකි. 1. ඉෂ්ට දේවතාවන් ලෙස / 2. ධර්ම දේවතාවන් ලෙස / 3. පාලන දේවතාවන් ලෙස

1) ඉෂ්ට දේවතාවන් — ඉෂ්ට දේවතාවන්ගේ අරමුණ වන්නේ ජන්මියා මෝක්ෂ මාර්ගයට යොමු කිරීමයි. ලෝකෝත්තර දියුණුව ලබාගැනීමට නම් ජීවිතයේ සත්‍යය අවබෝධ කරගත යුතු අතර තෘෂ්ණාවෙන් මිදීම හෙවත් බැඳීම් අත්හැරීමට ජන්මියා යොමුවිය යුතුය. එම නිසා ලෞකික දියුණුව අපේක්ෂාවෙන් යම් පුද්ගලයකු තමන්ගේ ඉෂ්ට දේවතාවන් අදහන්නේ නම් එම පුද්ගලයාගේ අපේක්ෂාවන් ඉටු නොවන අතර ජීවිතයේ තවත් කරදර හා බාධකවලට මුහුණදීමට සිදුවිය හැකිය. එවිට එම පුද්ගලයා නිතැතින්ම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වන බැවිනි. ස්කන්ද දෙවියන් යම් පුද්ගලයකුගේ ඉෂ්ට දේවතාවන් වන්නේ නම් එම පුද්ගලයාට ‘දෙවියන් දැකීමේ භාග්‍යය’ හිමිවනු ඇත. ‘දෙවියන් දැකීම’ යන කරුණ තුළ සිද්ධි දෙකක් නිවේදනය කරයි. එනම් වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකීම හෝ දෙවියන්ගේ බලය තමන්ගේ ජීවිතය තුළින් අත්දැකීම යන්නයි. ස්කන්ද දෙවිඳුන් ඉෂ්ට දේවතාවන් වන පුද්ගලයකුට වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකිය හැකි බව කියැවෙයි. අනෙක් බැතිමතුන්ට, දෙවියන්ගේ බලය තම ජීවිතය තුළ අත්දැකිය හැකිය. මේ කුමන ආකාරයට හෝ දෙවියන් දැකීමට නම් එම පුද්ගලයා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ධර්මානුකූල ජීවිතයක් ගත කළ යුතුය. දෙවියන්ව රැවටිය නොහැකි බව සෑම කෙනෙකුම දැනගත යුතුය.

2) ධර්ම දේවතාවන් — යම් පුද්ගලයකු මේ ලෝකයේ උත්පාදනය ලැබීමට හේතුවන මූලය වන්නේ පූර්ව භවයන්හිදී තමන්ට ඉටුකර ගැනීමට නොහැකිවූ අරමුණු හා ආශා ඉටුකර ගැනීමයි. එම නිසා ධර්ම දේවතාවන්, යම් පුද්ගලයකුගේ ආත්මීය උවමනාවන් ඉටුකර ගැනීමට මග පාදනු ඇත. එම උවමනා ලෝකෝත්තර මාර්ගයට හෝ ලෞකික මාර්ගයට හෝ යොමුවිය හැකිය. මේ තුළින් යහපත් කර්මයන් මෙන්ම අයහපත් කර්මයද උත්පාදනය වෙයි.

3) පාලන දේවතාවන් — මේ ලෝකයේ උත්පාදනය ලබන මිනිසුන්ගෙන් බහුතරයකට ඇත්තේ මිල මුදල්, යාන වාහන, ඉඩම්කඩම්, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික ආශාය. ජන්මියාගේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට පාලන දේවතාවන් පිහිටවනු ඇත.

ස්කන්ද දෙවිඳුන් ඔබගේ ඉෂ්ට දේවතාවන්ද, ධර්ම දේවතාවන්ද, පාලන දේවතාවන්ද යන වග දැනගන්නේ කෙසේද? බොහෝ බැතිමතුන් දෙවියන් අදහන්නේ මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිව නොවේ. අප රටේ භාවිත කරන ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් තුළින්ද දෙවියන් ඇදහීම පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබානොදෙයි. එම නිසා ඔබ භාවිත කරන සාමාන්‍ය දළ කේන්දරයෙන් මෙම තොරතුරු සොයා ගැනීමට නොහැක. මේ සඳහා වේදීය ක්‍රමයට කේන්දරයක් සාදාගත යුතුය. ආත්ම කාරක ග්‍රහයා සහ අමාත්‍යකාරක ග්‍රහයා සොයාගෙන, එම ග්‍රහයන් නවාම්ශයේ සිටින ස්ථානය අනුව දේවතාවන් සොයාගත යුතුය. කුජ ග්‍රහයා මගින් ස්කන්ද දෙවිඳුන් නිවේදනය කරයි.

ස්කන්ද දෙවිඳුන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද? කතරගම වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් බො​හෝ දෙනෙකුට ‘කඳ සුරිඳුන්’ දැකගැනීමේ අපේක්ෂාව ඇත. නමුත් එය හැමෝටම උදා නොවන භාග්‍යයකි. සමහරවිට ඔබද එම භාග්‍යය හිමි බැතිමතකු බව ඔබ නොදැන සිටින්නට පුළුවනි. එම නිසා මුලින්ම ඔබගේ දේවතාවන් දැනගත යුතුය. කෙසේ නමුත් දෙවිඳුන් දැකීමට හෝ පිහිට ලබාගැනීමට හෝ ඔබ තුළ පූර්ව සූදානමක් තිබිය යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් මෙසේය. දෙවියන් වෙත ළංවීමට අපට බාධාවන් පවතී. එම බාධා හෙවත් අඳුර ඇති කරන්නේ රාහු විසිනි. එම බාධා දුරු කළ හැකි වන්නේ ගණ දෙවියන්ටයි. එම නිසා එක් එක් පුද්ගලයාගේ කේන්දරයට අනුව හිමිවන ‘වචන තුනක ගණ දෙවි මන්තරයක්’ අඟහරුවාදා දිනවල ගායනා කළ යුතුය. ස්කන්ද දෙවිඳුන් වෙනුවෙන්වූ පහත සඳහන් මූල මන්තරය අඟහරුවාදා දිනවල උදේ 6-7 අතර හෝ දහවල් 1-2 අතර හෝ රාත්‍රී 8-9 අතර වේලාවක පළමු දින 324 වාරයක් ගායනා කර තමන්ට සිද්ධි කරගෙන ඉන්පසු 108 වාරයක් ගායනා කරන්න. මන්තරය ‘ඕම් ශරවණභවාය නමාහ’ මෙම පිළිවෙත් අනුගමනය කළ බැතිමතුන්ට නොසිතූ ආකාරයට ව්‍යාපාර දියුණුව ලැබී ඇත. දැවෙන ප්‍රශ්නවලින් මිදී ඇත. විවාහය, දරු සම්පත් ලැබී ඇත.

ප්‍රසන්ජන සිල්වා – ජ්‍යොතිෂ්‍යවේදී පාරම්පරික වෛද්‍ය , වෙද​ ගෙදර අංක 19 මිනුවම්පිටිය පාර, පානදුර.
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

ලක්ෂ්මී දේවියගේ පිහිට ලැබෙන්න ඔබේ නිවාස මේ විදියට තියාගන්න

විවාහ වෙන්නට පෙර පොරොන්දම් බලන්නේ විවාහය නොකැඩී සමුර්ධිමත් විවාහ ජීවිතයක් ගතකරන්නටයි. ඔබ ගෙයක් හදන්නේද ලක්ෂ්මිය හා ශ්‍රියාව වඩන නිවසක සියලු දෙන එක්වී සතුටින් සාමයෙන් වාසය කරන්නයි.එසේ නම් ඔබ නිවසක් සාදනවානම් ඔබේ උපන් නැකත් අනුව එම නිවස වර්ග කිරීම වාස්තු රීතීන්ට අනුව නිවාස පොරොන්දම් බැලිය යුතු වන්නේය. ඒ අතර එකුන් දස වර්ග කිරීම ,ඒකා දස වර්ග කිරීම, ෂෝඩෂ වර්ග කිරීම වශයෙන් කොටස් 3 කට වර්ග කිරීම කරන්න පුළුවන්. යමෙකු නිවසක් තනන්නට පෙර තමන්ට සුදුසු බිමක් තෝරා ගැනීම ප්‍රථමයෙන්ම කල යුතු වන්නේය.

දහසය ආකාර භූමි ලක්ෂණද දහනව ආකාර භුමි ලක්ෂණද ඇත්තේය. චතුරස්‍ර, ත්‍රිකෝණ, විෂම බාහු, ආයත, වෘත, වක්‍ර දණ්ඩ, සකට, ව්‍යජන, භාද්‍රසන,බෘහත්මුඛ ,ධනුරි, ,පණවස්ථාන, මුජරාකාර, පොරෝ,කුළු,කුර්ම,කුඨ,ආදී වශයෙන් විවිධ ආකාර භුමි ලක්ෂණ ඇත්තේය. එම නිසා නිවසක් තැනීමට පෙර ඔබ මේ පිලිබඳ බුද්ධිමත් පරිනත ජෝතීශය හා වාස්තු විද්‍යාව පිළිඹඳ දැනුම ඇති අයෙකු මගින් උපදේශ ලබාගෙන ඉඩමක් තෝරා ගත්තානම් ඔබ නිවරදිතැනසිටි අයෙක්. ඉන්පසු දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා නිවාස සැලසුමක් තමන්ගේ අවශ්‍යතා සහ තමන්ට වියදම්කල හැකි මට්ටමේ නිවසක සැලසුමක් සකස්කර ගැනීම බුද්ධි ගෝචරය. ඉන්පසු දක්‍ෂ ජෝතීෂ්‍ය හා වාස්තු පිලිබඳ දැනුමක් ඇති අයකුගෙන් නිවසේ වෙසන සියලු දෙනාගේ ජන්ම නැකත් අනුව නිවස වර්ග කිරීම කර ගත යුතුය. එසේ කිරීමෙන් අය වැය ගෙයි ආයුෂ ආදී පොරොන්දම් සියල්ල ගලපා නිවසේ වර්ග ප්‍රමාණයනිර්ණය කොට, දොරවල් දිසාගත කර ගැනීම, නියමිත ස්ථානයේ ප්‍රධාන දොර ස්ථාපිත කිරීම,නිදන කාමර,මුළුතැන්ගේ,නාන කාමර,ගරාජය, වහලය නිර්මාණය කිරීම ,වැඳුම් පිදුම් කරන ස්ථානය,ගේට්ටුව ස්ථාපිත කරන ස්ථානය, ළිඳ හා වැසිකිලිය තනන ස්ථානයද,සතුන් සිවුපාවුන් ඇතිකරන ස්ථාන ලකුණු කර ගැනීම කලයුතුවන්නේය.

එසේ නම් අප වාස්තු විද්‍යාවෙන් කරන්නේ කුමක්ද? විශ්වයේ ඇති ග්‍රහ වස්තුන්ගේ බලපෑම සැලකිල්ලට ගෙන පුරාණ ඍෂිවරු රාශි දොලොස, නැකත් 27 ,දින, දිශා, තිථි වල ඇති අන්තර් සම්බන්ධතාවය තුලින් ඇතිවන අසුභතාවයන් මගහරවා ගෙන යහපත් අයුරින් ධර්ම, අර්ථ ,කාම, මෝෂ, යන මේ සතර වැදෑරුම් කාර්යන්වල යහපත් ප්‍රතිපල අත්කර ගැනීම සඳහා යම් රීතියක් ගනිතයම නියමයන් ඔස්සේ නිවසක් ගොඩනැගිල්ලක් නිවැරදිව නිර්මාණය කර යහපත් ලෙස ජීවත් වීමට අවශ්‍ය නිවහනක් තනාගැනීමට මග සලස්වා ගැනීමයි. එසේ නම් භූමිය තෝරා ගැනීම පාද බෙදා වෙන් කිරීම ගෘහ දිශා චක්‍රය ,ආදිය නියමිත අන්දමින් සැලසුම් කර ගැනීම කල යුතු වන්නේය. අද පවතින ඉඩම් හිඟය හා කුඩා ඉඩම් කුට්ටියකට මේ සියලු වාස්තු විද්‍යා රීතින් අනුව කටයුතු කල හැකිද යන්න යමෙකුට ගැටළුවක් ඇතිවිය හැකිය.

එය සැබෑ සිතුවිල්ලක් වුවද තිබෙන තිබෙන ඉඩ ප්‍රමාණයෙන් වාස්තු විද්‍යානුකූලව තමන්ට හොඳින් ජීවත්විය හැකි නිවසක් තනාගත හැකිය. වාස්තු විද්‍යාව කොතරම් පැරණිද යත් “අග්නි පුරාණය”නමැති පුරාණ ග්‍රන්ථයේ මේ බව පැහැදිලිව දක්වා තිබේ. එනම් මහා බ්‍රහ්මයා විසින් විශ්ව කර්ම දෙවියන්ටත් මය නම් ඍශිවරයාටත් පසුව මනුෂ්‍ය වර්ගයාටත් උගන්වන ලද ශිල්පයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාව කොතෙක් දුරට භාවිතා කලද යන්න සීගිරිය ,වැව් පොකුණු ,ජල තටාක, වාර් මාර්ග පද්දතිය, බෞද්ධ සිද්ධස්ථාන වලින් දැක බලා ගත හැකිය. එසේම මහා වංශයේ සඳහන් වන පරිදි ශිල්ප ශ්‍රේණි 18 ක් ධර්මශෝක රජු ලංකාවට එවූ බවද සඳහන්ය. එම නිසා වාස්තු විද්‍යාව විස්වාසය මත පදනම් වූවක් නොව එය යම් රීති මාලාවක් මත පදනම්ව මනුෂ්‍යන්ට ආත්ම විස්වාසය සහජීවනය ඇති කරගෙන සැපතට පත් වීමට අවශ්‍ය මාර්ගෝපදේශය දෙන්නකි.

නිවසක් ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් දෝෂ ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය. බ්‍රහ්ම වේධ දෝෂ,(නිවසේ හරි මැදට තවත් නිවසක ප්‍රදාන දොර වැටිතිබිම) ද්වාර වේධ දෝෂ, (තවත් නිවසක ප්‍රදාන දොර තම නිවසේ ප්‍රධානදොර කෙලින් තිබීම)වෘක්ෂ දෝෂ, කුප වේධ දෝෂ,(ලිඳ නිවැරදිව ස්ථානගත නොවීම) ස්ථම්භ වේධ දෝෂ,(ස්ථම්බයක් හෝ කුළුණක් ප්‍රධාන දොරට කෙලින් තිබීම) සුසාන වේධ දෝෂ, ප්‍රතිමා වේධ දෝෂ, කෝණ වේධ දෝෂ, මල මුත්‍ර ස්ථාන වේධ දෝෂ, රජක වේධ දෝෂ,කෝණ වේධ දෝෂ,විශේෂයෙන් හමුදා කඳවුරු ආසන්නයේ තිබේනම් ඒ පිළිබඳවත් ,ගුවන් තොටුපළවල් ආශ්‍රිත නම් ඒ මේ ආදී දෝෂ පිළිඹඳව සැලකිලිමත් විය යුතුය.

එසේම නිවසක අත්තිවාරම් දමන මොහොතේ මංගල කෘඤය ගැසීමට ප්‍රථම වාස්තු නාග චක්‍රය අනුව කටයුතු කල යුතුය. භූම නාගයා වම් ඇලයෙන් සැතපෙන බැවින් භුම නාගයාගේ හිසේ සිට වල්ගය දක්වා කොටස් 8 කට බෙදයි. එනම් හිස ,හෘදය, උදරය, නාභිය, ගුදය, දණද, කෙන්ඩ ,වල්ගය, වශයෙනි, ඒ අනුව නාභියේ මංගල කෘග්‍රය ගැසීම ශුභ වේ.

විශේෂයෙන්ම දැනට ප්‍රාදේශීය සභාවල හා නගරසභා වල සිටින සේවක මහතුන්ද නිවාස සැලසුම් සකසන බැවින් ඒ අය තෝරා ගැනීමේදී සේවා දායකයා බුද්ධිමත්ව කටයුතු කල යුතුය.මොන ආයතනයක සේවය කලත් සැලසුමක් සාදාගත යුත්තේ ඒ පිලිබඳ මනා දැනුමක් පරිනත භාවයක් ඇති අයකුගෙන්මය.ඔබ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ රීතීන්ට අනුකුලව සැලසුම සකස්කරගතයුතු අතර එය අනුමත කිරීමට අවශ්‍ය ලියකියවිලි සැලසුම් ශිල්පියා හෝ ඉන්ජිනේරුවාලවා සම්පුර්ණකර ගතයුතු අතර එසේ කිරීමෙන් ඔබේ සැලසුම ප්‍රදේශීය සභාවට හෝ නගර සභාවට ප්‍රතික්ෂේප කල නොහැකිය.

එසේම චීන ෂෙන්ශුයි ක්‍රමද භාවිතයට අද බොහෝ දෙනා පුරුදුවී ඇති අතර ඒවා ලංකාව වැනි රටක උචිත නොවීමටබොහෝ දුරට ඉඩ පවතී.ඉතාලි රටේ ඉන්න අය ඒ රටේ සැලසුම් ගෙනවිත් ලකාවේ සදයි නමුත් ඒ නිවසේ ජීවත්වීමට තරම් වාසනාවක් හිමි නොවීමට බොහෝවිට ඉඩ ඇති නිසා අපේ රටට ගැලපෙන පරිදි නිවසක් වාස්තු විද්‍යානු කුලව සකස්කර ගත හැකි නම් ඉන් යහපතක් සිදුවේ. එම නිසා ඒ ගැන දන්නා අයකුගෙන් විමසාම කටයුතු කිරීම යහපත් වන අතර ඔබ දැනටමත් නිවස සදා නිමකර හෝ කොටසක් නිමවා ඇතිනම් නිවස පරික්ෂාකර අවම වියදමකින් දෝෂ මගහරවා ගැනීමත් ඔබව බියට පත් කරන්නවුන්ගෙන් ප්‍රවේසම්ව කටයුතු කරගැ නිමටත් බුද්ධිමත් වන්න.

විශේෂයෙන් නිවසක් තනන ඔබ සැලකියුතු විශේෂ දේනම් දිශාගත කිරීමයි.උතුර,ඊසාන ,නැගෙනහිර,ඉතා පිරිසිදුව තබා ගතයුතුය.සතුට සමගිය සවුභාග්‍ය උතුරු දිශාවෙනුත්,මානසික ප්‍රීතිය ධනය ලැබීම ජල පරිභෝජනය ඊසාන දිශාවෙනුත්,ආයු,ධන,ආර්ථික ලාබ නැගෙනහිර දිසාවලින් ලැබෙන බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.උතුරින් චන්ද්‍ර කාන්දුව වර්ධනය වන්නේය එනිසා හොඳින් ආලෝකය පවතින අතර ඊසාන දිශාවෙන් ශක්තිය බල රෝපණයත්, වර්ධන වේගයත් ඇති කරයි.නැගෙනහිර දිශාවේ සුර්යාගේ උදාවෙන් ජිව ශක්තියත් ප්‍රබෝදයත් ඇතිවේ.එමනිසා ශක්තිය ආරෝපණය වන්නේ උතුරු,ඊසාන,නැගෙනහිර දිසාවලින් නිසා නිවසක එම දිසාවල මඩ ගොහොරු,ගිණි තැබීම්,අපවිත්‍රදේ රැස් කිරීම,සත්වගාල් ඉදිකිරීමෙන් විශ්ව ශක්තිය ගලා ඒම වලක්වාලයි. එනිසා එය නිවසකට ඉතාම අශුබ කටයුත්තකි.විශේෂයෙන් උතුරු දසාවට හිස දමා නිදා නොගතයතුය එය පසුකාලීනව රෝගාතුරවීමට ඉඩපවතී.

ගෘහ දිශා චක්‍රය අනුවත් නිවසේ වෙසෙනන්ගේ උපන් නැකත් අනුවත් නිවසක් සැලසුම් කරගැනීමෙන් නිවසේ සිරි සැප ලඟාවි ශ්‍රී ලක්‍ෂමීය වඩවන නිවසක් තනා ගතහැකි අතර නිවසේ කාමර වෙන් කිරීමේදී නිදන කාමර හා ධනය තැන්පත් කරන ස්ථාන උතුරටත්, ඊසාන දිසාවට ආගමික වතාවත් කරන ස්ථානද,නැගෙනහිරට නාන කාමරද,ගිනිකොණට මුළුතැන් ගෙයද,දකුණට නිදනගය නාන ගෙයද,බටහිරට කෑම කාමරද,වැසිකිලි දකුණ නිරිත අතරටද ,නිරිතට උපකරණ ගබඩා ද ශුබවන අතර ඔබේ ඉඩම පිහිටා ඇති අන්දමට මේ ආකාරයට සැලසුම්කර ගතනොහැකිවීමට ඉඩ ඇති බැවින් ඔබේ ඉඩම ,නිවස නිවැරදි පරික්ෂාවක් කර අවශ්‍ය නිවැරදි කිරීම් අනවශ්‍ය වියදමක් නොකර ඉටුකරගතයුතුය.

ඔබේ නිවසේ වටා පිටාවේ ගස් වැල් රෝපණය පිලිබඳවද ඔබ සැලකිලිමත් විය යුතු අතර කටු සහිත ගස් හා අරලිය/පතොක් වැනි පිටතට කිරි ගලායන ගස්වර්ග අශුබ වන්නේය.එමනිසා ඔබේ ඉඩමේ ප්‍රමානය අනුව ඒ ඒ දිසාවන්වලට සුදුසු ශාක වර්ග හෝ ඖෂධ වර්ග රෝපණකර ගැනීම උපදේශයන් මත ඉටුකර ගැනීම ශුබවන්නේය..

එසේම නිවෙසේ ගල්වන පාට පිළිබඳවද වැඩි සැලකිල්ලක් දක්වියයුතුය.රතු පාටින් උද්වේගකර අවස්ථාවන් පිළිබිඹු වන අතර කහ පාට වලින් සවුම්‍ය බව හා නම්‍ය ශිලී ගති පැවතුම් පෙන්නුම් කරයි. සුදු පාට නැවුම් බව පෙන්නුම් කලද සුදු පාට නිවසකට නුසුදුසු බවත් සුදුසු වර්ණ රටාවකින් නිවසේ චාම් බව පෙන්නුම් කරන අතර එම වරණ රටාව තුලින් මානසික සහනය සුවය,නිරෝගිකමටත් අක්‍ෂි වල ඇතිවියහැකි අබාද නැතිකරගෙන අධ්‍යාත්මික ගුනධර්ම වර්ධන කරගෙන සමුර්ධිමත් ජිවිතයක් ගතකිරීමේ හැකියාව නිවැරදි වර්ණ ගල්විමකින් ඉටුකරගත හැකිය.

ලක්‍ෂමී හෙවත් ශ්‍රියා කාන්තාව බෙලි වනයට, කෙසෙල් මලට, කන්‍යාව ලඟට, කුන්ජරයට ,වෘක්ෂයට ,තෝමරයට ,පටපිලියට, මෙන්ම අලංකාර නිවසටද වඩින්නේ යයි අග්නි පුරාණයේ සඳහන් වන බැවින් ඔබත් ඔබගේ නිවසේ ඇති අඩු පාඩු ,වාස්තු දෝෂ ඉවත් කරගෙන සතුටින්,සාමයෙන්,නිදුක් නිරෝගිව, ජීවත්වන්නට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශයක් ලබාගැනීම ඉතාම කාලෝචිතය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දේව පූජාවට නිවැරදිව පූජා වට්ටිය හදන හැටි

අතීතයේ දෙවියන්ට පූජා වට්‌ටියක්‌ තැබුවේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් වර්තමානය වන විට දෙවියන් උදෙසා පූජා වට්‌ටියක්‌ තැබීමට බැතිමත්හු බොහොමයක්‌ පුරුදුව සිටිති. එදා බැතිමත්හු දෙවියන් සතුටු කිරීමට ප්‍රතිපත්ති පූජාව ඉවහල්කොට ගත්හ. දෙවියන් කෙරෙහි භක්‌තියෙන් පුද පූජා තැබීමට කැප වූවන්ට දෙවියන් සඳහා මල් මාලාවක්‌, තිරයක්‌, පහනක්‌, කිරිබත් ස්‌වල්පයක්‌ මේ අතරින් එකක්‌ හෝ දෙකක්‌ තබා දෙවියන්ට පින් අනුමෝදන් කරවීමෙන් එදා තමන්ගේ බලාපොරොත්තු සපල කර ගැනීමට හැකිකම තිබිණි. එහෙත් වර්තමානයේ තමන්ට දේව පිහිට ලැබෙන්නේ ලොකු පලතුරු වට්‌ටියක්‌ තැබීමෙන්, ලොකු මුදලක්‌ පරිත්‍යාග කිරීමෙන් යෑයි බැතිමත්හු විශ්වාස කරති.

මෙසේ පූජා කරන පූජා වට්‌ටිය බොහෝ අවස්‌ථාවල දෙවියන්ට තබා ප්‍රේතයකුටවත් තැබීමට සුදුසු නොවේ. කුණු වී ඇති දිවුල්, කෙසෙල්ගෙඩි වැනි පලතුරු ඇතැම් අවස්‌ථාවල දක්‌නට ලැබේ. දෙවියන් පිදීමට පලතුරු වට්‌ටිය නැතිවම බැරි අංගයක්‌ බවට වර්තමානයේ පවත්ව ඇත. කෙසේ වෙතුදු දෙවියන් බැතිමතුන් විසින් දෙන පූජා වට්‌ටි බලා පොරොත්තුවෙන් සිටින අයෙක්‌ නොවේ. එහෙත් තමාට ගරු සත්කාර කරන්නේ යෑයි යන විශ්වාසයෙන් දෙවියන් යම් ප්‍රීති ප්‍රමෝදයකට පත් වෙති.

මෙසේ හෙයින් දෙවියන්ට යමක්‌ පුදන විට ඉතාමත්ව පිරිසිදුව නොඉඳුල්ව පූජා කිරීම යහපත් ප්‍රතිඵල ලැබීමට හේතු වේ. විශේෂයෙන් පූජා වට්‌ටියක්‌ දෙවියන් සඳහා තබන්නේ දෙවියන් සතුටු කර තමා තුළ ඇති කිසියම් බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීමේ අපේක්‍ෂාවෙනි. මේ නිසා පූජා වට්‌ටිය විධිමත්ව සකස්‌ කර ගත යුතු වෙයි. මෙහිදී තමා විසින් තබන්නට යන පූජාවෙන් බලාපොරොත්තු වන්නේ කුමන පිහිටක්‌ද යන්න සිහි කටයුතුය. ඊට අදාළ වන ආකාරයේ ද්‍රව්‍යවලින් පූජා වට්‌ටිය සකස්‌ විය යුතුය. තමාගේ සතුරකුගේ වෛර ක්‍රියාවක්‌ සඳහා කිසියම් තැනැත්තෙකු දෙවියන් ඉදිරියේ අවලාදයක්‌ කීමට යැමේදී සතුරන් දුරුවීම සඳහා අදළ ද්‍රව්‍ය පූජා වට්‌ටියේ තැන්පත් කර පිදීමෙන් තමා බලාපොරොත්තු වන අදහස සඵල වේ. ගොදරදොරේ වැඩි දියුණුව, දරු සම්පත් ඇතුළු යහපත් ප්‍රතිඵල ලැබීමේ අපේක්‍ෂාවෙන් කරනු ලබන පුද පූජාවලදී බෙලි, දෙලුම්, ඕලු පංචාමෘත්ත කිරි පැණි ආදී ද්‍රව්‍ය සහිත පූජාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.

පූජා වට්‌ටියක්‌ සකස්‌ කර ගැනීමේදී අනුගමය කළ යුතු පිළිවෙත් ක්‍රමයක්‌ ඇත. ග්‍රහ පූජාවක්‌ තැබීමේදී අදාළ ග්‍රහ රූපය ඇඳ පූජා වට්‌ටිය සැකසිය යුතු වන්නේය. මින් අදහස්‌ වනුයේ ඒ ඒ දෙවිවරුන්ට හිමි ග්‍රහයන්ට අනුව පුද පූජා වට්‌ටිය සැකසීමයි. පූජා වට්‌ටිය සැකසීමේදී වට්‌ටිය හෝ තැටිය පිරිසිදුව ගෙන ඒ මත බුලත් කොළ එළිය යුතුයි. බුලත් කොළ එළීමේදී විශේෂයෙන් බුලතේ මුල වට්‌ටියේ හෝ තැටියේ මැද වන්නටත්, බුලතේ කෙළවර මුදුන්වන්නට සේ සිටින සේ උඩ අතට තැබිය යුතු වෙයි. අනතුරුව මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්‌ සෝදා පිරිසිදු කර සඳුන් තිලක තුනක්‌ තබා වට්‌ටියේ මැද තැබිය යුතු වෙයි. බුලත් හයක්‌ ඇතුළු රවුමටද බුලත් දොළසක්‌ පිටරවුමටද තැබීම සම්ප්‍රදාය වේ. එයට ලදපස්‌මල්, මී පොරි හෝ කැකුළු සහල් එක්‌ වගයක්‌ අතුරු පානක චතුමධුර කැවිලි වර්ග පහක්‌ අලංකාරව තැන්පත් කටයුතු වන්නේය. එයටම බෙලි දොඩම් කෙසෙල් ඇතුළු පලතුරු වර්ග පහක්‌ තැඹිලි හෝ පැන් බඳුනක්‌ද තැබිය යුතු වේ.

මෙසේ සකස්‌ කර ගන්නා පූජා වට්‌ටිය පිරිසිදු රෙදි කඩකින් වැසීම කළ යුතු වේ. සුවඳ ද්‍රව්‍ය, අගිල් සැවන්දරා, කපුරු සහ පඬුරක්‌ පූජා වට්‌ටිය සමඟ පිදීම කළ යුතු වේ. දෙවියන් උදෙසා පූජාවක්‌ තැබීමේදී ගණ දෙවියන්ට පූජාවක්‌ මුලින් තැබීම සුවිශේෂී වෙයි. ඊශ්වර දෙවියන් විසින් මෙය ආඥවක්‌ ලෙස පනවා ඇතැයි වෛදික මතයක්‌ පවතී. මෙම නියමය පරිදි බැතිමතුන් මොන දෙවියන්ට පූජාවක්‌ තැබූවත් මුලින්ම ගණ දෙවියන්ට පූජාවක්‌ තැබීම නියමයයි. මේ අනුව මුලින්ම පූජා වට්‌ටියේ තබන ලද පොල්ගෙඩිය ගණ දෙවියන්ට හිමිවන බැවින් සහ පැන් බඳුන කඩවර දෙවියන්ට හිමිවන බැවින් ගණ දෙවියන්ට වෙනමම පූජාවක්‌ තැබීම අවශ්‍ය නොවේ.

(උපුටා ගැනීම රිවිර පුවත්පත)

වැටකේ මල් පූජාවේ බල මහිමෙන් රාහු අපල දුරුවෙනවද?

සෙනසුරුගෙන් නිතර නිතර කරදර විපත් ඇති වෙතැයි වැඩි දෙනා තුළ බියක් පවතී. රාහු සම්බන්ධයෙන් ද පුද්ගලයින් තුළ එවැනි බියක් පවතී. එසේ වුවද රාහු හැම අවස්ථාවකදී අයහපත් හෝ අශුභදායක තත්ත්වයෙන් ජන්මියාට විපත් නොපමුණුවනු ඇත. රාහු සිටි ස්ථානය, දශාව, සංයෝග දෘෂ්ටි අනුව විපත් කරදර ඇතිකරයි. මෙවැනි දේ ‘අපල’ වශයෙන් හැඳින්වේ. අනෙකුත් ග්‍රහයින්ගෙන් ඇති කෙරෙන අපල උවදුරු සේම රාහුගෙන් ඇති කෙරෙන අයහපත වෙනුවෙන් යම් යම් ආකාරයේ පුද පූජා හා පිළිවෙත් ඈත අතීතයේ පටන්ම පවතී. එබැවින් මෙම රාහුගේ අපල සම්බන්ධයෙන් සෙතක් ශාන්තියක් සලසා ගන්නේ කෙසේදැයි විමසා බලමු.

රාහු නියෝජනය කරනු ලබන්නේ වැටකේ වෘක්ෂය. එය වෙනත් වෘක්ෂ මෙන් හර ගණයට අයත් නොවේ. මෙම වෘක්ෂයට ආවතේව කිරීම හෝ පිරිමැදීම වඩාත් යෝග්‍යය. යම් යම් ආකාරයේ පූජාවලදී වැටකේ කොළ භාවිතයට ගැනීම වඩාත් සුදුසුය. වැටකේ මල් යම් යම් පූජාවන් සඳහා යොදා ගැනීම යෝග්‍යය. රාහුගේ අපල තත්ත්වය පවත්නා පුද්ගලයින් පදිංචි ස්ථානයේ වැටකේ වවා ගැනීම සුදුසුවන අතර ඊට හිරිහැර කිරීම යෝග්‍ය නොවේ.

සාමාන්‍යයෙන් මැණික් පැලඳීම විවිධ පුද්ගලයින් විසින් ඉටු කරනු ලබන්නේ එමගින් ලැබෙන ගුණාත්මක භාවයට වඩා අලංකාරය සඳහාය. එහෙත් රාහුගේ අපල අවම කර ගැනීම සඳහා ගෝමේද වර්ගයට අයත් වූ මැණික් පැලඳීමෙන් යම් යහපතක් සිදු වේ. අපල දුරුවේ. මැණික් පැලඳීමේදී එය බෙහෙවින්ම ශරීරයට ස්පර්ශ විය යුතුය. එසේ වූ විට මැණික් පැලඳීමේ ගුණය නිසි තත්ත්වයෙන් අත්පත් කර ගැනීමට පිළිවන.

මල් පූජා කිරීමේ කාර්යයට ආගම් භේදයකින් තොරව වැඩි දෙනකු සහභාගි වන්නේ එමගින් මනසට යම් සතුටක් ලැබෙන අතර පුණ්‍යකර්මයක් හෙයිනි. ග්‍රහ අපල දුරකර ගැනීම සඳහා මල් පූජා කිරීම යෝග්‍ය වූ පිළිවෙතකි. රාහුගේ අපල සඳහා සුදුසු සුවඳවත් වැටකේ මල් විශේෂිත වන්නේ වැටකේ වෘක්ෂය රාහු නියෝජනය කරනු ලබන හෙයිනි.
රාහුගෙන් සිදුවන අපල සම්බන්ධයෙන් බලියාග පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයකි. වඩාත් යෝග්‍ය වන්නේ නාග රාක්ෂ බලිය හා රාක්ෂ බලියයි. රාහුගේ ගමන නිසා සිදුවන අපල උවදුරු සඳහා අසුරගිරි රකුසු බලිය බෙහෙවින් යෝග්‍යය. රාහු වැටකේ හා වෙනත් සුදු මල් වර්ග නියෝජනය කරනු ලබන හෙයින් වැටකේ සහිත සුදුමලින් සකස්කරන ලද මල්බලි මගින්ද අපල දුරුවේ.

විවිධ ග්‍රහයින්ගේ අපලයන් දුරුකර ගැනීම සඳහා යම් යම් දේවල් යම් පුද්ගලයන් උදෙසා ප්‍රදානය කිරීමෙන් සෙතක් ශාන්තියක් ඇති කෙරේ. රාහුගේ අපල පවත්නා පුද්ගලයින් ලෝහයෙන් සකස් කරන ලද විවිධ භාණ්ඩ, නාගරූප, ඝන නූලෙන් සකස් කරන ලද නීල වර්ණයෙන් යුක්ත රෙදි, ගෝමේද වර්ගයට අයත් මැණික් කාලවර්ණයෙන් යුක්ත එළුවන් හා අශ්වයන් ත්‍යාග වශයෙන් ලබාදීම හෝ පූජාකිරීම වඩාත් යෝග්‍යය.

ඖෂධ ජලයෙන් ස්නානය කිරීමෙන් රෝග සුවවන බව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දක්වා ඇත. එමගින් යම් සෙතක් ශාන්තියක් ලැබෙන අතර අපල සම්බන්ධයෙන් ඖෂධ ජලය ස්නානය සඳහා වඩාත් යෝග්‍ය හෙයින් ඇත්දත්, ඊතණ, තල, කොළොන්, තම්බාගත් ජලය ස්නානය කිරීමයි. දෙවියන් උදෙසා විවිධ පූජාවන් පැවැත්වීම අපල සම්බන්ධයෙන් යෝග්‍ය වූ පිළිවෙතකි. සිව දෙවියන් හා පාර්වතී වෙනුවෙන් පුද පූජා පැවත්වීම වඩාත් යෝග්‍යය. මෙම දෙවියන් වෙනුවෙන් නිතර වැටකේ මල් පූජා කරන්න. උක් සකුරු, සමන් පිච්ච, ඊතණ, එළකිරි පූජා කිරීම තුළින් රාහුගේ අපල දුරුකර ගැනීමට පිළිවන. සෙත්කවි ගායනය කිරීම මගින් යම් සහනයක් ලබා ගැනීමට පිළිවන. මෙසේ සෙත් කවි ඔප්පු කිරීම කළ යුත්තේ චන්ද්‍රයා පුර පක්ෂයේ බලවත් වූ කාල සීමාවන් තුළය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් එමගින් සහනයක් ලබාගැනීම සඳහා විෂ්ණු, කතරගම දෙවියන් උදෙසා සෙත් කවි ගායනය තුළින් යම් සෙතක් ලබා ගැනීමට පිළිවන. මෙම සෙත් කවි ඔප්පු කරන විට ප්‍රතිග්‍රාහකයා එම ස්ථානයේ සිටීම වඩා වැදගත්ය. එමගින් ලැබෙන ශාන්තිය වැඩි කෙරේ. විධිමත් ආකාරයෙන් සකස් කරගත් යන්ත්‍ර තුළින් වඩාත් උසස් ප්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට හැකියාව පවතී. මෙම යන්ත්‍ර සකස් කර ගන්නා තඹ තහඩු සඳහා යම් ප්‍රමාණයක් යකඩ මිශ්‍ර කිරීම වඩාත් සුදුසුය. රාහුගේ අපල සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ නාගර්ජනය යන්ත්‍රයයි. මෙම යන්ත්‍ර ශරීරයට ස්පර්ශ වන ආකාරයෙන් ගෙල පැලඳීම වඩාත් යෝග්‍යය. යන්ත්‍ර සකස් කිරීම හා පැලඳීම තම උපන් නැකතට සීහෙන ආකාරයෙන් සකස් කරගත යුතුය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් සුදු පැහැති තිර පූජාකිරීම වඩාත් සුදුසුය. මීට අමතරව සුදු මල්මාලා පූජා කිරීම යෝග්‍ය වන අතර ඒ සඳහා වැටකේ මල් කීපයක් හෝ යොදාගත යුතුය. රාහුගේ අපල පවත්නා පුද්ගලයින් අනතුරුදායක කටයුතුවල නිරතවන විට ඒ සම්බන්ධයෙන් වඩාත් හොඳින් ප්‍රවේශම් විය යුතුය. විදුලි උපකරණ භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තාක්ෂණික දේවල්වලින් අනතුරු වැඩිවීමේ ප්‍රවණතාව වැඩි කෙරේ.

අභිසම්භිධාන හෝ ජිනපංජරය වැනි පිරිත් සූත්‍ර දිනපතා සජ්ජායනය මගින් හා දේව ස්තේ‍රාත්තර ගායනය තුළින් අපල දුරුකර ගැනීමට හැකියාව පවතී. අපල කාල පවත්නා කාල සීමාවන් තුළදී පාපකර්මයන්ගෙන් වැළකීම වඩාත් යෝග්‍ය වන අතර ආගම ධර්මය අනුව කටයුතු කරනු ලබන්නේ නම් එමගින් යම් සහනයක් අත්පත් කරගැනීමට පිළිවන. ජලයේ වාසය කරනු ලබන සත්ත්වයන් වෙනුවෙන් උදේ කාලයේ ආහාර දීම වඩාත් යෝග්‍යය. එමගින් රාහු අපල දුරුකර ගැනීමට පිළිවන.

ප්‍රේමදාස කළුතන්තිරි
(උපුටා ගැනීම රිවිර පුවත්පත)

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ විශ්මිත අතීත කතාව

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත. රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ.

එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත. රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.

එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී. මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි. මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්. රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ. දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි.

ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි. පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි. මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ග්‍රහ අපල දුරුවෙන්න නිවැරදිවම බෝධි පූජාවක් තියෙන විදිය දැනගන්න

ග්‍රහ අපල දුරුවීමටම පමණක්ම නොවෙයි සැපත ශාන්තිය වෙනුවෙන් බොහෝමයක් අය බෝධිපූජා පවත්වනවා. මේ ලිපියෙන් කියා දෙන්න අදහස් කරන්නේ නිවැරදිම බෝධිපූජාවක් සිදු කරන ආකාරයයි. කිසිඳු සැකයකින් තොරවම ග්‍රහ අපල වලට නිවැරදිවම මේ ආකාරයට බෝධිපූජාව දින 7ක් කරලම අපල සඵල කර ගන්න අත්විඳින්න.

උවමනා මොනවාද?
සත් වරක් පෙරාගත් පිරිසිදු පැන් කළ 7ක්, පැන් කළයට සඳුන් කුඩු, සැවැන්දරා කුඩු, පිච්ච මල්, පිණි දිය එක් කරන්න. පහන් 27ක්, බුලත් කොළ 63 ක්, පොල්මල් 1 ක්, ගිතෙල් සහ පොල්තෙල්, රතු කහ නිල් සුදු මල් වර්ග 9 ක්, සුදු කහ පැහැති කොඩි 7 ක්, නෙළුම් මල් 7 ක්, සුදු මල් මාලයක්, කපුරු සුවඳකූරු.

කොහොමද පේ වෙන්නේ?
බෝධි පූජාවක් කරන්න ඕන කියල හිතපු වෙලාවේ ඉදලම මේ කටයුත්තට සූදානම් වෙනවා නම් බොහෝමත් සාර්ථක වෙනවා මේ බෝධිපූජාව. පූජාභාණ්ඩ සියල්ල රැස් කරන මොහොතේ පටන්ම තමන්ට හෝ බෝධිපූජාව කරන තැනැත්තාට සෙතක් ශාන්තියක් අත් වේවා යන හැඟීමෙන්ම කටයුතු කල යුතු අතරම ජීවිතයේ ඇති අරිටු අපල දුරුවේවා යන අධිෂ්ඨානය වගේම සිත් ඇතුලෙන්ම මේ බෝධිපූජාව කෙරෙහි විශ්වාසයක් තියෙන්නම ඕන.

මේ ආකාරයට වර්ධනය කර ගත් ධනාත්මක සිතුවිලිත් සමඟම බෝධිපූජාව සිදු කරන බෝ මළුවට ගිහින් පලමුවෙන්ම බෝමළුව හොදින් පිරිසිදු කරන්න.සකස් කර ගත්තු පැන් කල වලින් ටික ටික බෝ මළුවටත් මල් ආසන වලටත් ඉසින්න. ඊට පස්සේ බෝධියට ඉදිරියෙන් මළුවේ එක පෙළට කව තුනක් ඇඳ ගන්න. කව තුන තුල බුලත් 21 බැගින් නෙළුම් මලේ හැඩයට අතුරන්න. මැද කවයේ පොල් තෙල් පහන් හතක්ද, ඊට දකුණු පසින් කවයේ ගිතෙල් පහන් හතක්ද, වම් පස කවයේ ගිතෙල් පහන් නවයක්ද පිළිවෙලින් දල්වන්න.

තෙල් මල් පහම් සුවඳුකූරු සමඟ සකස් කර ගත් වට්ටි 4ක් බෝමළුව සිව් කොණ තබා විෂ්ණු කතරගම සමන් විභීෂණ දෙවියන් සිහිකර ඒ වෙනුවෙන් ගිතෙලින් පහන් හතර දල්වන්න. බෝධියට මල්මාලා සහ කොඩි වැල් පළදවන්න.මල් වර්ග නවය මල් අසුනේ සහ බුලත් කව මත තැම්පත් කරන්න.කපුරු සුවඳ දුම් දෙන්න. සැමට යහපතක් සෙතක් ශාන්තියක් උදාවේවා යන චේතනාව පෙරදැරිව යහපත උදාවේවා යන අධිෂ්ඨානයෙන් භක්තියෙන් සුවඳ පැන් කල එකින් එක හිස මත තබා බෝසමිඳු වටා හත් වරක් ප්‍රදක්ෂිණා කොට බෝසමිඳුන් නාවන්න.

නෙළුම් මල් හත බෝ සමිඳුන් ඉදිරියේ තැම්පත් කොට පන්සිල් සමාදම් වී බුදුන් වැද බෝ සමිඳුන් වඳින්න. නවග්‍රහ සෙත් ශාන්තිය , ගාථා සජ්ගායනා කොට බෝ සමිඳුන් නමදින්න. අවසානයේ කරණීයමෙත්ත සූත්‍රය සජ්ගායනා කරන්න.බෝධි පූජාව බදාදාවකින් හෝ සෙනසුරාදාවකින් ආරම්භ කොට පුරා සතියක් පැවැත්වීමෙන් සියළුම අපල දුරු වේ ඒකාන්තයි.

මේ බෝධිපූජාවෙන් ඔබේ සියළුම අපල දුරු වේවා. ඔබටසෙතක් ශාන්තියක්ම අත් වේවා. ඔබේ සියළු යහපත් කටයුතු සාර්ථක වේවා.
ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.

(උපුටා ගැනීම -සිංහළ වෙදකම)

ආමිස පුජාවේ ආනිසංස හරියටම දැනගන්න

බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා උසස් තත්වයකි.

නිර්වාණ මාර්ගඵල තත්වයන් ලබාගැනීම පිණිස ශ්‍රද්ධා, වීර්යය, සති,සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය බල ධර්මයන් පහ සමව වැඩී තිබීම අත්‍යවශ්‍යය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ප්‍රබල අවබෝධාත්මක ශ්‍රද්ධාවක් ලැබෙනුයේ හදවතින් ධර්මය දකින්න දකින්නය. ”ධර්මය දකින්නා මා දකී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ එබැවිනි. නමුත් එක රැයෙන් ධර්මය අවබෝධ කරගෙන, කෙලෙස් ප්‍රහීන කළ නොහැකිය.එයට ගමන් කළ යුතු, වැඩිය යුතු ප්‍රතිපදාවක් ඇත. ධර්මය දැකීමට නම් පියවරෙන් පියවර ගමන් කළ යුතුය.ඉන්ද්‍රිය බල ධර්මයන් ක්‍රමානුකූලව වැඩිය යුතුය. ධර්මය දැක ඉපදෙන ශ්‍රද්ධාවට පළමුව සාමාන්‍ය පෘථග්ජන සිත්වල බුද්ධ රූප දැකීමෙන්, බෝධි වන්දනා ආදිය කිරීමෙන් ශ්‍රද්ධාව ජනිත වේ.

පෙර බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවලදී පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා ආනන්ද බෝධිය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් රෝපණය කළේ බුදුරජාණන්වහන්සේගේ අනුදැනුම මතය. ජීවමාන බුදුරජාණන්වහන්සේට නමස්කාර කරමියි සිතා එයට වන්දනා කිරීමට අදද දහස් ගණන් බැතිමත්තු එවැනි ස්ථානවලට යති. ඔවුන් ශ්‍රද්ධාවෙන් එවැනි උතුම් වස්තූන් වන්දනා කර අප්‍රමාණ කුසල් රැස් කර ගනිති. අනෙත් අතින් ධර්මය හදවතින් දැක, ධර්මය දරණ පුද්ගලයෙක් වේද ඔහු කෙරේද මේ වා කෙරෙහි ඇත්තේ ශ්‍රද්ධාවකි. අප මහා බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික වස්තූන් යන අදහස සිතට නැඟෙත්ම එවැනි පුද්ගලයකුගේ සිත තුළ ඇතිවන්නේ කෘතඥ පූර්වක , ශ්‍රද්ධා සිතිවිලිය.

ධර්මයේ හරය , ඇත්තේ බාහිර වස්තුවක හෝ පොතපතක හෝ බුදු පිළිමයක නොවේය. ඒවාට වන්දනා කළ පමණින් නිවන් දකින්නේ නැත. අඩුම තරමින් ජීවීත කාලයම ජීවමාන බුදුරජාණන්වහන්සේට වන්දනා කළ කළ සිටියද නිවන් දැකිය නොහැක. එසේනම් බුදු පිළිමයකට වැඳිමෙන් නිවන සාක්ෂාත් කළ නොහැකි බවට සැකයක් නැත. නිවන දකින්නේ සම්මා දිට්ඨිය වැඩුණු සිතකිනි. සමාධි ප්‍රඥා වැඩි දියුණු කරන, ශීලයක් රකින පුද්ගලයකු විසින්, තමාගේ සිත තුළ ඇති කෙලෙස් මූලයන් තම ප්‍රඥාවෙන් දැක ඒවායේ අක්මුල් මුළිනුපුටා දමා, අවිද්‍යා, තෘෂ්ණා ආදී සංයෝජනයන්ගෙන් සර්ව සම්පූර්ණ වශයෙන්ම නිදහස් වීමෙනි. ඒ අවබෝධය සෑම බෞද්ධයකු තුළම තිබීම වැදගත්ය. එසේ වූවත් බුද්ධ ප්‍රතිමාවකට, බෝධි වෘක්ෂයකට සැඳැහැ සිතින් වන්දනාමාන කිරීමෙන් තම තමන්ගේ කුසල් සිත් වඩවා ගත හැක. සිත පිරිසිදු කර ගත හැක. ඒවාට විරුද්ධව නැඟී සිටිමින්, විකල්පවාදී අදහස් දරන්නන් නොදැනුවත්වම හෝ කරන්නේ, නිවන් දැකිය නොහැකි අයට කුසලයක් හෝ කරගැනීමට තිබෙන මං අවුරාලීමකි.

එසේම තවත් කරුණක් කිව යුත්තකි. මේ බුදු දහම ලංකාව තුළ රැකී ඇත්තේ අප විසින් පවත්වාගෙන එනු ලබන යම් යම් සංස්කෘතික අංගයන්ගෙන් ලැබෙන අනුබලයද හේතුවෙනි. කෙසෙල් ගෙඩිය ඉතා සියුම්ය.එය පිටත පොත්තෙන් ආරක්ෂා වී නොතිබුණේ නම්, කෙසෙල් ගෙඩිය විනාශ වීම ඉක්මන්ය . එසේම බෞද්ධ දර්ශනය යනුද ඉතා සියුම් ධර්මයකි. සියුම් ප්‍රඥාවෙන් දතයුතු ධර්මයකි. එය සැමට අවබෝධ කළ නොහැක. ධර්මයේ හරය වැනසෙමින් යමින් පවතී. නමුදු ඉදිරි අනාගතයේද පාරමි ඇත්තන් බිහිවෙනු නො අනුමානය. ඔවුන් සඳහා මෙම උතුම් ධර්මය අප සුරැකිය යුතුය. එහෙයින් බුද්ධිමත්ව සලකා බලා කටයුතු කළ යුතුය. ධර්මය රකින මුවාවෙන් පැමිණෙන විෂම අදහස් එලෙසින්ම භාර නොගෙන ප්‍රඥාවෙන් විමසා බැලිය යුතුය.

කෙසේ වුවද, නිර්වාණය යනු තම හදවතින් දැකිය යුත්තකි. ඇතැම් විට උසස් මාර්ගඵල ලැබූවන් බුද්ධ වන්දනා, බෝධී වන්දනා නොකරනු ඇත. එය බොහෝ විට වීමට ඉඩ ඇත. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම සිටින්නේ තම හදවත තුළ බව ඔවුන් ප්‍රත්‍යක්ෂව අත්දැක අති බැවිනි. බුදු ගුණ තිබෙන්නේත් තම සිතේය. ධර්මය තිබෙන්නේත් තම සිතේය. ආර්ය සංඝ රත්නය වැඩ සිටින්නේත් තම සිතේය. හදවත කෙලෙස් මලින් දුරලූ සුගන්ධ කුටියක් වූ කල, බුදුන් සොයා පිටත ගැවසීමට ඔවුනට අවශ්‍ය නොවනු ඇත.

සියල්ල ප්‍රඥාවෙන් විමසා බලා , තම සිතට ගැළපෙන අන්දමින්, තම සිතේ කෙලෙස් මුල් ඉදිරී යන අන්දමින්, තමාට සුදුසු ක්‍රමවේදයන් තෝරා ගෙන, නිර්වාණ මාර්ගය පූරණය කිරීම් තමා සතු වගකීමකි. ඒ සඳහා අවශ්‍ය වීර්යය ඔබ සැමට නිරතුරුවම ලැබේවා.

තෙරුවන් සරණයි..
(උපුටා ගැනීම අමා සුව)

පන්සලකට ගිහින් නිවැරදිව බෝධි පූජාවක් තියන හැටි දැනගන්න

දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ. එය අද ලක්දිව බෞද්ධයන් අතර නිරන්තරයෙන් සිදුවන ජනපි‍්‍රය ආගමික කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා ම පෙර පැවති බෝධි පූජාව අද වන විට විවිධ වෙනස් වීම්වලට භාජනය වී ඇත. මෙම වෙනස් වීම් නිසා අද බෝධි පූජාව පැවැත්වීමේ අරමුණු ද වෙනත් මගක් ගෙන ඇත.

බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.

අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි. බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.

බෝධි යනු අවබෝධ බැවින් බෝධි පූජාව ද අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් ය. නමුත් අද ඇතැම් අයෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් දැයි විමසිය යුතු ය. බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන බොහෝ අයගේ අරමුණු වනුයේ අපල උපද්‍රව දුරු කරවා ගැනීම හා සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වැනි කරුණු ය. හදිසි ආබාධවලට ලක්වූවන්ට ආශිර්වාද පිණිස ආගමික කටයුතු කිරීමෙන් ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරලිය හැකි ය. එය කායික නිරෝගී භාවයට ද සෘජු ව බලපානු ඇත. හඳහන පරීක්‍ෂා කරවා ගැනීමෙන් අපල ඇති බව දැනගත් විට හා ඡ්‍යොතිෂවේදීන් බෝධි පූජා පැවැත්වීම නිර්දේශ කළ විට පන්සල බෝධිය සිහිවන බෞද්ධයෝ ද අද සිටිති. මල් පහන් ආදී නෙකවිධ පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට ගාථා කවි ගායනා කරමින් දින ගණන් ඇතැම්හු බෝධිය ඉදිරිපට යාඥාවන් පවත්වති. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වේ. මෙලෙස පූජාවන් පැවැත්වීමේ දී බොහෝවිට අරුත්සුන් සෝභනකාරී වැඩවල ඇතැම්හු යෙදෙති. ශාස්ත්‍රය නිසි ලෙස නොදත් හා මූල්‍යමය අරමුණු පමණක් ඇති ඡ්‍යොතිෂවේදීහු ද කිසිදු පදනමක් නැතිව දින ගණන් බෝධි පූජාවන් කිරීම නිර්දේශ කරති. සියලු පූජා ද්‍රව්‍යයන් එකම ස්ථානයක තබා පූජාව පැවැත්විය යුතු යැයි ඡ්‍යොතිෂවේදියෙකු නිර්දේශ කළ බැවින් මල් පහන් ආදී සියලු ද්‍රව්‍යයන් බෝධිය අසල බුදුකුටිය තුළ තබා සිදුකළ බෝධිපූජාවක් අවසන් වූයේ මල් ආසන, තිරරෙදි ආදිය ගිනිබත් වීමෙන් බව මෑතක දී අපට සැල විය. ඇතැම් විට බෝධිපූජා පැවැත්විය යුතු කාලවකවානු ද නියම කෙරේ. ඇතැම්හු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට පැමිණෙති. බෝධි පූජාව යනු බුද්ධිය මුල් කරගෙන යෙදිය යුතු ආගමික කාර්යයක් බව බෝධි පූජාව පවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

බෝධිපූජාවෙන් පමණක් අපල දුරු නොවේ. බෝධියට මෙන්ම අනෙක් වෘක්‍ෂලතාදියට ද ආදරය කළ යුතුය. සොබාදහමට පරිසරයට ලැදිව දිවි ගෙවීමෙන් අපල අනතුරු අවම කරගත හැකි ය. විහාරස්ථානයෙන් ම ඇති තරම් ජලය ගෙන බෝධිය නාවන ඇතැම්හු පිපාසිත සතෙකුට ජල බිඳක් දීමට මැලි වෙති. බුදුරදුන්ගේ නව ගුණ සිහි කරමින් ඒ පිහිටෙන් අපල දුරුවේවායි කවි ගායනා කෙරේ. යමෙකුගේ ගුණ ගායනා කිරීම ස්තුති පූජා ගණයට වැටේ. ඉන් පින් සිදුවේ. “නවගුණ ශාන්තිය” හෝ නවග්‍රහ ශාන්තිය ලෙස නම් කොට ඇති පැරණි කාව්‍ය මාලාව තුළ ඉල්ලීම් රාශියක් ඇතුළත් වේ. බෝධි පූජාවෙන් පමණක් මේ සෑම පැතුමක් ම ඉටුවේ දැයි සැක සහිතය. මල් පහන් ආදිය පුදා බෝධිය ළඟ වන්දනා කිරීමෙන් සියලු පැතුම් ඉටුවෙන බවක් බුදු දහමේ සඳහන් නොවේ. බෝධි පූජාවෙන් ශාන්තිය උදා නොවන බව ඉන් අදහස් නොකෙරේ. බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු ය. සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය. රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවකි. එය බුදුරදුන් සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කරන ඉල්ලීම සාධාරණද? එය ඉටු වේවි ද? මේ පිළිබඳ අප බුද්ධිමත් ව කල්පනා කළ යුතු ය.

පාලි භාෂාව පිළිබඳ අනවබෝධය නිසා බොහෝ විට ගාථාදිය සදොස්ව වහරන අතර අනවබෝධයෙන් මිදීමට හෙළ බසින් පමණක් වන්දනා කරන අවස්ථා ද ඇත. කෙසේ පැවැත්වූවත් බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය. ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.

ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම. පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම. බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම. යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම. අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම. ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම. බෝධි වන්දනා ගාථා හා කවි ගායනය. තෙරුවන් ක්ෂමා කරවා ගැනීම. දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම. මෛත්‍රී භාවනාව

පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)
විහාරස්ථාන යනු විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථාන නොවේ. බෝධි පූජාවට පමණක් නොව ආගමික ස්ථානයකට යන විට චාම් හා සම්පූර්ණ ඇඳුමකින් සැරසීම මුලින් ම කළ යුතු ය. පූජා ද්‍රව්‍යයන් ශ්‍රද්ධාවෙන් හා පිරිසුදුව සකසා ගැනීම කළ යුතු ය. හැම දෙයක් ම මිලට ගැනීමට වඩා අවම වශයෙන් තමා විසින් ම තම නිවසින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවලය. පහන් කපුරු ආදිය දල්වන්නේ නම් ඒවා දැල්විය යුත්තේ ඒ සඳහා පිළියෙළ කොට ඇති ස්ථානවල පමණි. බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වති.

එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙනු ඇත. ඇතැම් තැනක පෙරේත තටුවක් මෙන් බුද්ධ පූජාව ද පවත්වනු පෙනේ. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කොට, සමහර විට ඒ මත හඳුන්කූරු ද ගසා මල් අසුන් උඩ තබති. එය බුදුරදුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගැනීමට නො හැකි ය. එබැවින් මෙවැනි පූජාවන් තැබීමේ දී පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා පිරිසුදු භාජන ද යොදා ගත යුතු ය. අඬු කැඩුණු, බිඳුණු, අපිරිසුදු භාජන සිඟන්නෙකුටවත් පිළිගැන්වීම සිදු නොකළ යුතු ය. එසේ තිබියදී බුද්ධ පූජාවට, බෝධිපූජාවට අපිරිසුදු භාජන යොදා ගැනීම කෙතරම් නුසුදුසුද? වන්දනාවට යොදාගන්නා කවි හා ගාථා පිළිබඳව ද අප තුළ නිසි අවබෝධයක් තිබිය යුතු ය.

අප පංචශීලය සමාදන් වනුයේ පාලි භාෂාවෙනි. අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ සදොස් ව වැහැරීමත් ඒ සඳහා විකල්පයක් ලෙස සිංහලය පමණක් භාවිත කිරීමත් බුද්ධිගෝචර නොවේ. සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු වී ඇත.

පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසල තීව්‍ර වීමට හේතු වේ. බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වේ. මල් පිදීම ද එසේ ය. මල් ප්‍රිය උපදවන වස්තුවකි.

උතුම් හා උසස් බවේ සංකේතයකි. පැරණි දඹදිවවාසීහු උසස් කෙනෙක් දක්නට යාමේ දී මල් පොකුරක් ගෙන යති. ඒ අනුව බුදුරදුන් බැලීමට ආ අය ද මල් ගෙන ආහ. මල් පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස පැරැන්නන් සිතූහ. ඒ සිරිත අනුව මල් පූජාව ආරම්භ විය. මල්වලින් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් එය කරන නිසා යහපතක් වේ. පිනක් සිදුවේ. අප පහන් දල්වන්නේ බුදුරදුන් උදෙසාය. උන්වහන්සේට ගෞරවය පිණිස ය. මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

බලන්ගොඩ මෙත්තානන්ද හිමි
(උපුටාගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපය )

විශ්වයේ ඇති බලවත්ම ස්ථානයවූ අති පූජනීය රුවන්වැලි මහාසෑ රජාණන් වහන්සේ

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.

රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.

රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.

මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.

රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.

දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.

පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි.

මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

උපුටා ගැනීම (Wishmaya.com – විශ්මය.කොම්)

මොකද්ද මේ කිරි දානය කියන්නේ? හරියටම කිරි දානයක් දෙන හැටි දැනගන්න

දේශීය බෞද්ධ සමාජය තුල කිරි අම්මාවරුන් පිදීම හා කිරි දාන දීම විශේෂ අරමුණු පදනම් කරගෙන පවත්වනු ලබයි. දරුවන් අපේක්ෂාවෙන්, දරුවන් බිහි වී තුන් මසකින්, වසන්ගත රෝග සුව වීමෙන් පසු, කෙත් වතු සරුසාර වීම පතා, නව වසරක් එලඹීමේදී..

මෙහිලා පත්තිනි දෙවියන් ප්‍රධාන වන අතර එ සදහා භාර හාර විම සිදුකොට වු භාරය සපල වු පසු දානය දිමට ගැමියන් අමතක නොකරයි කුඩා දරුවන්ට වැළඳෙන රෝග දේවියගේ දොසින් වැළඳෙන රෝග පත්තිනි දේවියගේ නාමයෙන් සුව වන බවත් වසර පුරා දියහැකි දානයක් ලෙසත් අලුත් අවුරුදු තෙල් වළන් ලිප තැබිමට පෙර කරන පුණ්‍ය ක්‍රියවක් ලෙසද මෙය පවත්වයි.

පට්ටි සතේ කිරි අම්මාවරුනේ.. පට්ටි සතේ සිට දිවැස් බලන්නේ.. දුන්නු මෙ කිරි දන වරද නොගන්නේ.. පට්ටි සතේන් කිරි බිසවු වඩින්නේ……

ප්‍රධාන කිරි අම්මාට බුලත් අතක් දි කිරි දානයට ආරාධනා කල යුතු අතර පහතරට ප්‍රදේශවල ( පත්තිනි මහතෙකු හො කපු මහතෙකුට ) එම රාජකාරිය පවරනු ලබයි බදාදා හො සෙනසුරාදා දිනයක් මෙහිලා යොදාගනියි. මෙම දානයට වාඩිවීම සඳහා සිල්වත්,ගුණවත් කිරි මවුවරුන් තෝරාගත යුතු අතර ඒ සදහා නුසුදුසු අය සේ සැලකෙන්නේ…

අංග විකල වුවන්, සිය දරුවන් මියගිය අය, වැන්දඹු කාන්තාවන්, දරුවන් නොලද කාන්තාවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නියන්, ගණිකාවන්ය

අළුයම දානය සදහා සම්බන්ධ වන සියලුදෙනා එකට පැමිණීම,ගේ ඉදිරිපිට ඇති දෙහි හා කහ මිශ්‍ර ජලයෙන් මුහුන කට සොදා ගෙට ඇතුල්විම, පත්තිනි දෙවියන්ගේ රුපය මල් යහනේ තැම්පත් කිරීම කරනු ලබයි. උඩු වියන් ඇද පැදුරු එලා කෙසේ කොල 7ක් පැදුරු මත එලා එහි බුලත් 7ක් හා පඬුරු 7ක් තබම්න් පිනිදියර, ලද පස්මල්, පොරි ඉස කපුරු සුවඳ දුම් අල්ලා කෙසෙල් කොල මත කිරි බත්, කිරියා, කැවුම්, කෙසෙල්, හකුරු, අඹ, තල, අතිරස, ආස්මී ආදිය තැම්පත් කරයි.

පුජා විදි රටාව..
පහන් පත්තු කිරීම, පන්සිල් ගැනිම, තෙරුවන් වන්ඳනාව, පත්තිනි දෙවියන් හට කන්නලව් කිරීම, අට කොන හා සිරස පාද කවි ගායනාව, නිවැසියන් අශිර්වාද කිරීම, සෙත් පිරිත් සජ්ඣායනය, දෙවියන්ට පිංදීම.

කිරි අම්මාවරුන් විසින් දානය ඉඳුල් කිරීමට ප්‍රථම කොටසක් සතුන්ට අයින් කිරීමක් කරයි ඉන්පසු දානය ඉඳුල් කරයි. දල්වන ලද පහන් තිර අතැතිව කිරි අම්මාවරුන් විසින් දොස් දුරුකිරීම කොට එම තිර කිරි බඳුනකට දමනු ලබයි. දානය දකුණතට ගන්නා අම්මාවරු පසුපස නොබලා ගෙයින් පිට විමත් නිවසියන්හට අපි යනවා කියා නොකීමටත් මතක තබා ගනි නිවසින් එළියට පැමිනෙණ කිරි අම්මාවරුන් වතුර කළයක් පෙරලා එහි දිය නිවසියන්ට පෑගීමට සලස්වයි එයින් ඇස්වහ, කටවහ, හෝවා, අඬවැඩියා දොස් දුරුවන බව විස්වාස කරයි.

අඹේ පලමු උපතකි පෙර සත්පතිනි නම තැබුවේ.. ලොබේ වඩන පඬ් නුවරට ගිනි දී රට වැනසුවේ.. සුබේ පතිනි දෙවිඳු ගෙ අණ මොහු සියොගත පැලඳුවේ.. ඔබේ සියලු ගත පිරිපත පතිනි අණට දුරලුවේ…

කොතරම් දියුණු තාක්ෂණික සම්පත් නවින විද්‍යා බාහුල වුවද මිනිසුන් සිය භක්තිපුර්ව ආධ්‍යාත්මික සුව පතා අද්‍යතනයේ වුව කිරි අම්මාවරුන් හට දානය පුදා දේ…

ජනශ්‍රැති විමසුමක් (ශ්‍රීනාත් දන්දෙනිය නෘත්‍ය ශ්‍රී) 0716062767
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සුවපත් නින්දක් ලබන්න, නින්දට පෙර මේ ක්‍රම අනුව භාවනාවේ යෙදෙන්න

දිනක් භාග්‍යවතුන් වහන්සේ අළවු රට සිංසපා වනයෙහි ගවයන් ගමන් ගන්නා මගෙහි පිහිටි ඇට්ටේරියා කොළ ඇතිරියක වැඩ සිටිසේක. එකල්හී හත්ථක ආලවක නමැත්තා ඒ අසලින් ඇවිදගෙන යන විට බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ එක් පසෙක වාඩි වී “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පෙරදින රැයෙහි සුවසේ නිදාගත් සේක්ද?” යනුවෙන් විමසීය.

එයට පිළිවදන් දුන් බුදුරජාණන් වහන්සේ, පෙරදින රැයෙහි තමන් වහන්සේ සුවසේ සැතපුන බවත්, ලොව සුවසේ නිදන්නන් අතර තමන්වහන්සේ ද එක් අයෙකු බවත් පැවසූ සේක. බුදුරදුන්ගේ පිළිතුරෙන් විස්මයට පත් හත්ථක ආලවක හිම වැටෙන රාත්‍රියෙහි ගොන්කුර නිසා රළු වූ බිමක ඉතා තුනී කොල ඇතිරියක ශීතල සුළඟට හසුව සුවසේ නිදාගත්තේය යනුවෙන් කෙසේ පැවසිය හැකිදැයි විමසී ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ හත්ථක ආලවකට කරුණු පැහැදිලි කරමින් ඔහුගෙන් මෙසේ විමසූ සේක. කිසියම් තැනැත්තෙකුට සියලු සැපතින් පිරි නිවසක් වේද, එහි මැනවින් සකස් කළ යහනක භාර්යාවන් සිව්දෙනෙකුගේ උපස්ථාන ලබමින් සැතපෙන අතර එම තැනැත්තා සුවසේ නිදන්නෙකැයි ඔබ විශ්වාස කරන්නේදැයි විමසූ සේක. එවැනි සැපතින් පිරි ආරක්ෂා සහිත යහනක සැතපෙන එම තැනැත්තා සැබැවින් ම සුවසේ නිදන්නෙකැයි තමා විශ්වාස කරන බව හත්ථක ආලවක පැවසී ය.

ඔහුගේ පිළිතුර අනුව තවදුරටත් කරුණු පැහැදිලි කළ බුදුන්වහන්සේ කායිකව හෝ චේතසිකව යම් රාගයකින් හෝ ද්වේෂයකින් හෝ මෝහයකින් එම තැනැත්තා පෙළේනම් සැපතින් පිරි සුවපහසු යහනක් ලැබුණත්, ඔහුට සුව නින්දක් ලැබිය හැකිදැයි විමසූ සේක. ආරක්ෂාව සහිත කොතරම් සුව පහසු යහනක් ලැබුණත්, එැවනි චිත්ත වේගයන්ගෙන් පීඩිතව සිටින්නෙකුට සුවපහසු නින්දක් අපේක්ෂා කළ නොහැකි බව හත්ථක ආලවක පිළිගත්තේ ය. තථාගතයන් වහන්සේ රාග දෝස මෝහ යන අකුශල සහගත සිතිවිලි මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ සුවසේ සැතපෙන බවත්, ඒ අනුව ලොව සුවසේ නිදන්නන් අතර උන්වහන්සේ ද එක් අයෙකු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බුදුරදුන් හා හත්ථක ආලවක අතර ඇති වූ මෙම සංවාදයෙන් වර්තමාන ලෝකයා මුහුණ දෙන සාතිශය බරපතල ගැටලුවක් විශද වේ. එනම් නිසි පරිදි නින්ද නොයැමේ ගැටලුව යි. මෙය පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් මුහුණ දෙන බරපතල ගැටලුව කි. නිසි පරිදි නින්ද නොලැබීමේ හේතුවෙන් මානසික ආතතිය මෙන්ම කායික ආබාධවලින්ද පුද්ගලයා පීඩාවට පත්ව තිබේ. එම ගැටලුව අවම කිරීම සඳහා විවිධ ආකාරයේ උපදෙස් හා ප්‍රතිකාර මෙන්ම ඖෂධ වර්ග ද සොයාගෙන තිබේ. එහෙත් බාහිරව ලබාදෙන මෙම ප්‍රතිකාරවලින් තාවකාලික සහනයක් ලැබුණත් දීර්ඝකාලීන සුවයක් අපේක්ෂා කළ නොහැකි ය.

බුදුරදුන් රැය පහන් කළ සිංසපා වනයේ පැවතියේ අතිශය දුෂ්කර පරිසරය කි. එහි පොළොව ගවයන් නිතර එහා මෙහා යාමෙන් රළු වී තිබිණි. උන්වහන්සේ සැතපුන කොළ ඇතිරිය තුනී එකකි. උන්වහන්සේ එහි වැඩම කළේ ශීත ඍතුව පැවති කාලයේ හෙයින් රැය පුරාම හිම වැටිණි. දැඩි ශීතල සුළං හමා ආවේය. එයින් ආරක්ෂා වීමට උන්වහන්සේ සතුව තිබුණේ තුන් සිවුර පමණි. මෙපමණ අධික ශීතල රැයක සුවසේ සැතපුණේ යැයි බුදුරදුන් පවසනු ඇසීම හත්ථක ආලවකට නම් සැබැවින්ම අරුමය කි. එහෙත් එවැනි උවදුරු කිසිත් නැති, සුවපහසු පරිසරයක පිහිටී සයනයක නිදන තැනැත්තෙකුට සුව නින්දක් නොලැබෙන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව රාග, ද්වේෂ, මෝහ යන අකුශල සහගත චිත්තවේග ගණයට අයත් ආවේගවලින් ඔහුගේ සිත ආකූල වී ඇති හෙයිනි. එම චිත්තවේගවලින් මුළුමණින් ම මිදෙනතාක් සුව නින්දක් බලාපොරොත්තුවිය නොහැකිය. සුවපහසු සයනයක වැතිරී සිටියත් සිත නිරන්තරයෙන් ම රාගාදි ආවේගවලින් ආකුල වී ඇති නම් නින්ද අප සොයා නොපැමිණෙනු ඇත. රාග දෝස මෝහ සිතිවිලි ඇතිවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. එය ආකාස්මිකව ඇති වන්නක් නොවේ. නගරය ප්‍රදක්‍ෂිණා කරන අවස්ථාවක තමන් දුටු රූමත් ස්ත්‍රියක් පිළිබඳ රාග සිත් උපදවාගෙන ඇය ගැන බලාපොරොත්තුවෙන් රැය නිදිවර්ජිතව පහන් කළ කොසොල් රජු පිළිබඳ පුවතක් ධම්මපදට්ඨකථාවේ දැක්වේ. රාගයෙන් දැවෙන සිතක් ඇති කෙනෙකු නිදිවර්ජිතව පීඩා විඳී අයුරු මෙන්ම, ඒ නිසා සිදුකිරීමට අපේක්ෂාකළ විනාශය එහි මැනවින් විවරණය වේ.

ඇතැම් විට සිතේ ඇතිවන රාග සිතිවිලි අතීතයට හා සම්බන්ධ වූ ඒවා විය හැකි ය. නැතහොත් අනාගතයට සම්බන්ධ වූ ඒවා වීමට පුළුවන. පුද්ගලයා හැම විටම ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය ගැන අවධානය යොමුකරමිනි. වඩා වැදගත්ම මොහොත වර්තමානයයි. එහෙත් එහි සිත රඳවා තබාගැනීමට බොහෝ දෙනෙකු ප්‍රයත්න නොදරයි. අතීතය ගැන දුක් වීමෙනුත්, අනාගතය ගැන සිහින මැවීමෙනුත් ඵලක් නැත. අධික ශීතල සුළං හමා එන රැයෙහි තුනී තණ ඇතිරියක සැතපුණු බුදුරදුන් සුව නින්දක් ලැබුවේ උන්වහන්සේගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් ආකූල නොවූ බැවිණි. කොතරම් ශීතල පැවතුන ද, සිත කෙලෙස්වලින් මි¼දී ඇති හෙයින් උන්වහන්සේගේ සිතෙහි හමා ආ ශීතල සුළග සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවීය. සිත සියල්ලෙන් නිදහස් වූ හෙයින් බාහිර පරිසරයෙන් ලැබෙන දෑ සම්බන්ධයෙන් කම්පනයක් උන්වහන්සේගේ සිතෙහි ඇති නොවුණි. ඒ අනුව සිත කෙලෙස්වලින් නිදහස් වූ තරමට එහි සංසුන් බව, තැන්පත් බව, නොසැලෙන ස්වභාවය ආරක්ෂා වේ. මෙත් සිත දියුණු කළ තැනැත්තෙකු සුවසේ නිදන්නේත් (සුඛං සුපති) සුවසේ අවදිවන්නේත් (සුඛං පටිබුජ්ඣති) නපුරු සිහින නොදකින්නේත් (න පාපකං සුපිනං පස්සති) ද්වේෂයෙන් සිත නිදහස්ව ඇති හෙයිනි. ඒ අනුව සුව නින්දක් ලැබීමට මෙත් සිත දියුණු කිරීම හේතුවන බව පැහැදිලි ය.

සැහැල්ලුවෙන් නින්දට යා හැක්කේ සිත නිදහස් වූ විට පමණි. සිත සැහැල්ලු කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු දක්නට ලැබේ. කවර ආගමකට අයත් වුවද නින්දට පෙර ආගමික වතාවත්වල නිරත වීමෙන් සිත සැහැල්ලු කරගැනීමට හැකි වේ. නින්දට පෙර මොහොතක් භාවනා කිරීම සිත සැහැල්ලු කර ගැනීමට ඇති තවත් එක් උපක්‍රමය කි. මෙහිදී ආනාපාන සතිය වැඩීම වඩාත් යෝග්‍ය වන්නේ එමගින් සිත වර්තමානයේ රඳවා ගැනීමේ හැකියාව වර්ධනය කරන හෙයිනි. සතර ඉරියව්වෙන් කවර ඉරියව්වක වුව පිහිටා මෙත්තා භාවනාව වැඩිය හැකි ය. නින්ද ලැබෙන තෙක් මෙස් සිත වැඩීම කළ හැකිය යන්න මෙත්ත සූත්‍රය අවසානයේ දැක්වේ. සක්මන් භාවනාව ද ඒ සඳහා යෝග්‍ය අභ්‍යාසයකි. සිහිනුවණින් අනුගමනය කළ හැකි මෙවැනි උපක්‍රම සුව නින්දක් ලැබීමට හේතුවේ.

එහෙත් බුද්ධ වචනය අනුව සෑබෑම සුව නින්දක් ලැබිය හැකි වන්නේ සියලු ආශා දුරුකළ, හදවත දවන වේදනා සංසිඳුවා සිතින් සංසුන් බවට පැමිණි තැනැත්තා ට ය. එවන් උතුමන් ලබන සුව දායක නින්දක් කාම රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවූ තැනැත්තාට ලැබිය නොහැකි ය. කෙලෙස්වලින් සිත නිදහස් කරගත් පමණට ඒ හා සමාන සුවදායක නින්දක කොටස්කරුවෙකු බවට පත්විය හැකිය.

(කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය උඩුහාවර ආනන්ද හිමි)
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)