ඔබේ සම රන් පැහැ කරවන වට්ටක්කා පොතු

වට්ටක්කා කියන්නේ ඉටාමත් ගුණදායී එළවළු වර්ගයක්. පසුගිය දිනවල වට්ටක්කා ගැන රට පුරා කතා බහ කරන්න ගත්තා ඔබට මතක ඇති. ගොවීන්ට ඒවා විකුණා ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. කොහොම වූණත් මේ කියන්න යන්නේ අතිශය සුලබ වට්ටක්කා මගින් ඔබේ රුව අලංකරණය කර ගන්නා විදියක් ගැන.

වට්ටක්කා පොතු තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. වට්ටක්කා පොතුවල විටමින් සහ ඛණිජ ලවණ බෙහෙවින් අඩංගුයි. මේ වට්ටක්ක පොතු ආලේපයක් ලෙස සකසා මුහුණේ ශරීරයේ ආලේප කල හැකියි.

මේ තියෙන්නේ ඒ ආලේපය හදන හැටි
මේ සඳහා වට්ටක්කා පොතු ටිකක් ගෙන එළකිරි සමග බ්ලෙන්ඩ් කර ගන්න. එය මුහුණේ සහ ශරීරයේ ආලේප කොට විනාඩි 30 ක් පමණ සිට සෝදා හරින්න. නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබේ සම රන්වන් පැහැ ගැන්වේ. ඊට අමතරව රැලි වැටීමද නතර කරයි.

අස්ථි සවිමත් කර අධි රුධිර පීඩනය පාලනය කරන, පිළිකාව සමග සටන් වදින “නෝකෝල්” වල ඇති අසීමිත ගුණ

“Kohlrabi” යන ජර්මානු වචනයයෙන් හඳුන්වන අපි නෝකෝල් යනුවෙන් හඳුන්වන අහාරය ගැන මේ කරුණු ඔබට වැදගත් වේවි . එය ජර්මන් ගෝවා ලෙසත් හඳුන්වනවා. බ්‍රෝකෝලි වලට සමාන රසයක් ගන්නා මෙහි පැණිරසක් සහිත වනවා. හැඩයෙන් මෙය රාබු සහ ගෝවා අතර මැදි එළවළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම එලවළුවේ මුල් හැර අනෙත් සියළුම කොටස් ආහාරයට ගන්නට පුළුවන්. ජර්මානු ගෝවා සෛල වලට හානිවීම වළක්වන සහ සමස්ත ශරීර සෞඛ්‍යයම වර්ධනය කරන “phytochemicals” සංයෝගයෙන් පොහොසත් වනවා.

අස්ථි සවිමත් කිරීම
“Kohlrabi” මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් වලින් පොහොසත් වන අතර වයස් ගත වද්දී අස්ථි වලට අවශ්‍ය වන ශක්තිය නිසි ලෙස ලාබාදෙන එළවළුවක් වනවා. ඔස්ටියෝපොරෝසීස් රෝගය වැළඳීමේ අවදානම තරුණ අවදියේදී ම ශරීරයට ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම මගින් අඩු කර ගන්නට් පුළුවන්. එම නිසා ඔබට හැකි පරිදි මෙම එළවළුව ඔබේ කෑම වේලට එක්කර ගන්න.

පිළිකාව සමග සටන් වැදීම
එළවළු සතුව පිළිකාව හා සටන් වැදීමට විශේෂ හැකියාවක් තිබෙනවා. අක්මාවේ, පෙනහල්ලේ, සහ මහා බඩවැලේ ඇතිවන පිළිකා සෛල විනාශ කිරීමේ සුවිශේෂ හැකියාවක් මේ “Kohlrabi” සතු වනවා.

ශරීරයේ බර පාලනයවීම
“Kohlrabi” සතු තන්තු සහ වෙනත් පෝෂණ ගුණයන් නිසා ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සහා කරන පුද්ගලයින්ට “Kohlrabi” වඩාත් වැදගත් වනවා. මෙම එළවළුව අනුභව කිරීම මගින් දිගුවේලාවක් කුසගිනි නොදැනී සිටීමට හැකියාව ලැබෙනවා.

හදවත් සෞඛ්‍යය වර්ධනය වනවා
“Kohlrabi” ආහාරයට ගැනීම මගින් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කර ගන්නට පුළුවන්.එළවළු සහ පළතුරු අනුභව කිරීම මගින් හදවත් රෝග අඩු වන බව වයස අවුරුදු 25 – 74 අතර පුද්ගලයින් රැසක් එක්කර සිදු කල එක්තරා අධ්‍යයනයක් විසින් තහවුරු කර තිබෙනවා.

අජීර්ණය
කුසේ ඇතිවන විවිධ අජීර්ණයන් සුව කර ගැනීම සඳහාත් මෙය වඩාත් ඵලදායි වනවා. ඔබ එවන් අවස්ථාවකට මුහුණ දුන් විට සැල්දිරි, “Kohlrabi”, කැරට් සහ කොළපැහැති ඇපල් හොඳින් අඹරා පානයක් සකස් කර පානය කරන්න.

අධි රුධිර පීඩනය පාලනය
නිසි රුධිර පීඩනයක් පවත්වා ගැනීම සඳහා “Kohlrabi” විටමින් C වලින් පොහොසත් වනවා. විටමින් C ඌනතාවය නිසා රුධිර නාලිකා සිහින් වීම “atherosclerosis”, ආඝාතය, පිළිකාව සහ පිත්තාශයේ ගැටළු ඇතිවන්නට පුළුවන්.

පරිවෘත්තීය ක්‍රියාවලිය
ශරීරය තුල එන්සයිමීය ක්‍රියාකාරීත්වය සඳහා “Kohlrabi” සතු විටමින් B සහය වනවා. ශරීරය තුල සාමාන්‍ය ක්‍රියාවලියක් පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් වනවා. විටමින් B සපිරි “Kohlrabi” සහ වෙනත් එළවළු වර්ග ආහාරයට ගන්න.

පෙනීම් වර්ධනය
“Kohlrabi” බීටා කැරොටින් ඇතුළු කැරොටින් වර්ග වලින් පොහොසත් වනවා. බීටා කරොටින් අක්‍ෂි සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකෙන නිසා අක්‍ෂි වල සෞඛ්‍යය වර්ධනය කර ගන්නට “Kohlrabi” ඔබේ ආහාර වේලට එක්කර ගන්න.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)<

වාතය, පිත සමනය කරවන සිරුරට මහා ගුණ දෙන දිව ඔසුවක් වූ හාතාවාරිය

හාතාවාරිය ශාකය ගුණයෙන් අනුන ශාකයක්. හාතාවාරිය කොළවල අඩංගු ඛණිජමය පදාර්ථය පොටෑසියම් වේ. සෝඩියම් කැල්සියම් හා මැග්නීසියම් සාමාන්‍ය ප‍්‍රමාණයන්ගෙන් ද යකඩ සින්ක් හා කොපර් ද ඉතා සුළු ප‍්‍රමාණයන් ගෙන් ද අඩංගුය. කොළ කැඳ සඳහා භාවිතා වන්නේ හාතාවාරිය කොළ හෙයින් මෙම සංයුතීන් වැදගත් වේ.

හාතාවාරිය කඳේ පිටපොත්ත ප‍්‍රතිබැක්ටීරියාමය හා ප‍්‍රතිදිලීරමය ලක්‍ෂණ පෙන්වන අතර ඒවා ග‍්‍රසනිකාවේ පිළිකාමය සෛල ඇති කිරීමෙහි සමත් බව පරීක්‍ෂණ වාර්තා කරයි. ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. ගුල්මය අතීසාරය, වැනි රෝග නිරාවරණය කරන අතර ඇසට හිත කරයි. මෙහි දී වැදගත්ම වන්නේ ඒවා හෘදයට හිත කර වීමයි. මුත‍්‍ර මාර්ගයේ ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කසාය ගුණදායක වේ. රක්තාතීසාරයටත්, අපස්මාරයටත් හාතාවාරිය එළකිරෙන් අඹරා පානය කිරිම ගුණ වේ. අර්ශස්වලට හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම ද ගුණයි. අධික දාහයට හාතාවරිය, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කටුකරෝසන කසාය ලෙස සාදා බීම යෝග්‍යයි. එසේම හාතාවාරිය කොළ ගිතෙලින් බැද අනුභව කිරීමෙන් රාතී‍්‍ර අන්ධතාව සුව වේ.

සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, විෂ්ණු තෛලය, ශාතවාරී තෛලය, නරසිංහ රසායනය ආදිය හාතාවාරිය යොදා පිළියෙල කරනු ලබන ප‍්‍රකට ඖෂධ වේ. එයින් සිද්ධාර්ථ තෛලය ප‍්‍රකට වාත නාශක ඔසුවක් වන අතර හෘද රෝගයනට ද ගුණදායක බව දක්වා ඇත. නරසිංහ රසායනය දහඅට වැදෑරුම් පීනසට ද දියවැඩියාවට ද ඉතා ගුණ දෙන ඖෂධයක් ලෙස ප‍්‍රකට වේ.

මහා නාරායන තෛලය පක්‍ෂගාත, හිසරුදා, කොරවීම, ආදියට ද වඳ ස්ති‍්‍රනට දරු සම්පත් ලබා දිමට ද වාත රෝග, නැසීමට ද ගුණදායක වේ. හාතාවාරිය අල කැඳ පිළියෙල කිරීමේදී හාතාවාරිය අලවල පොතු හැර මැද නාරටිය ඉවත්කර ගත යුතුය. අනෙකුත් කැඳවර්ග පිළියෙල කරන ආකාරයට ම හාතාවාරිය අල කැඳ ද පිළියෙල කර ගත හැකිය. මෙම අසල කැඳ ඉතා පෝෂ්‍යදායකය. රසායන ගුණයෙන් ද යුක්ත වේ.

හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක් දක්වනවා. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත‍්‍ර රෝගවලට ගුණදායකය. හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි. වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්තී‍්‍රන්ගේ ශ්වේත ප‍්‍රදරයට, අධික ඔසප් වීමට ගුණදායකය. එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ.

හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය. හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ පැය බාගයකින් නසා ක්‍ෂණික සුවයක් ලැබෙන බැවින් ද මෙය අත්දුටු ප‍්‍රතිකාරයක් බැව් ද දක්වා තිබේ.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කාබන් පෑන් ඉරි ඇඳුනු වලංගු මුදල් නෝට්ටු වල ඇති පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක් මෙන්න

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන. ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්.

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි. රු 20 ක් 50 ක් නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000 ක් 5000 ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්.

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ. කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න..

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්.

Acetone
මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්. මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්. Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා. පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා. කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය.

Alcohol
Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න. ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා. කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ. මේකත් සාර්ථක ක්‍රමයක්.

Lime Juice
ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්. මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්.

රු 1000 ක 5000 ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ. මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්. දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න.

තව කෙනෙක්ට උදව්වක් වශයෙන් share කර දැනුවත් කරන්න.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව පාලනයකරන, ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහල නෙල්ලි වල තිබෙන ඖෂධීය ගුණ

බෙහෙත් නෙල්ලි ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් ආයුර්වේදීය ඖෂධයක් ලෙසින් පිළිගැනෙනවා. හිසකෙස් වර්ධනය සඳහා නෙල්ලි නිතරම භාවිත කරනවා. එහි තිබෙන වටිනාකම් පිළිබඳව දැනුවත් වීම ඔබට බොහෝ සෙයින් වැදගත් වූ ඇතැයි නිරෝගා අපි විශ්වාස කරනවා..

ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහලයි
බෙහෙත් නෙල්ලි වලට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල නැංවිය හැකි අතර ශරීරය ආසාදන වැලි වැළක්වීමේ හැකියාවක්ද පවතිනවා. දිනපතා නෙල්ලි භාවිත කළ හැකි නම් ඔබට ඇතිවන ආසාදන තත්වයන් මග හරවා ගත හැකියි.

දන්ත සෞඛ්‍යය රැක දෙයි
දිනපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් දත් වල ඇතිවෙන කුහර, මැලියම් සහ ආබාධ වලකා ගන්නට පුලුවන්. නෙල්ලි වල තිබෙන ක්ෂුද්‍ර ජීවින් මර්ධනය කිරීමේ ගුණය නිසා එය ඔබේ මුඛ සෞඛ්‍යය රැක දෙනවා.

සමේ පිළිස්සුම් කැළැල් සුව කරයි
හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන පිළිස්සුම් කැළැල් සුව කිරීමට නෙල්ලි වලට හැකියාවක් තිබෙනවා. නෙල්ලි බ්ලෙන්ඩර් කර පිළිස්සුම් තුවාල මත ආලේපකිරීම මගින් ඒවා සනීප කර ගත හැකියි.

ආහාර ජීර්ණය පහසු කරයි
ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ජීරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට නෙල්ලි තුල විශේෂ හැකියාවක් ඇත. එමගින් දේහයේ පරිවෘත්තීය වේගය වර්ධනය වන අතර බර ද අඩු වේ.

ආමාශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි
සිරුරේ ආමාශගත රෝග ඇති වීම ඉතා වේදනාකාරී එකකි. මෙම තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව බෙහෙත් නෙල්ලි සතුය. බෙහෙත් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ආම්ලික ගතිය අවම කරවන හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

දියවැඩියාව පාලනය කරයි
බෙහෙත් නෙල්ලි ඔබගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කරයි. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලිවලට හැකිය. ඒ නිසා හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි හොඳ ඔසුවකි.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

කොමඩු කාලා ලෙල්ල විසිකරන්න එපා මෙන්න ලෙල්ලේ තියෙන ගුණ

කොමඩු කියන්නේ අතිශය ගුණදායි පළතුරක්. කොමඩු වල ගුණ වගේම එහි ඇට වල තිබෙන ගුණ ගැනත් අපි මීට පෙර කතා කළා. අද අපි කියන්න යන්නේ කොමඩු ගෙඩියේ ඉතුරු කොටස ගැන.. ඒ තමයි කොමඩු ලෙල්ල. කොමඩු ලෙල්ලේ අන්තර්ගත වන සුදු පැහැ වූ ඝන මෙන්ම කිසිඳු රසයක් අන්තර්ගත නොවන කොටස පිළිබඳව තමයි මේ විස්තර.

දකුණු ආසියාව තුල සහ යුරෝපා රටවල් තුලත් කොමඩු ලෙල්ලේ සෞඛ්‍යය වාසි අන්තර්ගත වන නිසාම මෙම කොටස සැලඩ් සඳහාද එක්කර ගන්නවා. කොමඩු ලෙල්ල තුල විටමින් A, B6 සහ C, පොටෑසියම්, මැග්නීසියම් සහ සින්ක් අන්තර්ගත යි.

මෙම විටමින් සහ ඛනිජ සියල්ලෙන්ම ශරීරයට අවශ්‍ය ශක්තිය වර්ධනය කර ශරීරය නිසි පරිදි වර්ධනය වීම නියාමනය කරනවා.

මීට අමතරව කොමඩු ලෙලි තුල අන්තර්ගත වන “lycopene” යන සංයෝගය මගින් ශරීරයට විශාල ප්‍රතිඔක්සිකාරක ගුණයක් සැපයෙන අතර එමගින් රෝග රාශියකින් ආරක්‍ෂාව සැපයෙනවා.

ශරීරයේ මාංශ පේශී සෞඛ්‍යය පිළිබඳව සැලකිල්ලට ගත් පසුව කොමඩු ලෙල්ල තුල අන්තර්ගත වන “citrulline” සංයෝගය සහ ඇමයිනෝ අම්ලයන් මගින් මාංශ පේශී සෞඛ්‍යය වර්ධනය කරනවා.

කොමඩු ලෙලි පරිභෝජනය කිරීම මගින් කාමරාගය වර්ධනය වීමත් ශරීරයේ බර අඩු වීමත් සිදු වන අතර. ඉහත සඳහන් කරන ලද “citrulline” සංයෝගය මගින් කාංසාව වැනි තත්වයන් දුරු කර දිගු කාලීනව ලිංගිකව සතුටුවීමේ හැකියාවද වර්ධනය වනවා.

එමෙන්ම, මෙම සංයෝගය මගින් මුත්‍රා වර්ධනය වීම සිදු වන අතර ශරීරයේ තැම්පත්ව ඇති අතිරික්ත තරලයන් ඉවත් කිරීම සිදු කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීමද සිදු කරනවා.

කොමඩු ලෙල්ලේ මෙම සුදු පැහැති කොටස ආහාරයට ගැනීමට ඔබ අකමැත්තක් දක්වනවා නම් මෙම කොටස ඔබ ආහාරයට ගනු ලබන සැලඩ් සඳහා එක්කර ආහාරයට ගන්න පුළුවන්. නැත්නම් කොමඩු ලෙල්ල තම්බා ලබා ගන්නා සාරය පානය කරන්නත් පුළුවන්.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)