වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාරයා – පරිස්සම් නොවුනොත් ජීවිතයත් අනතුරේ

බලාපොරොත්තු ‍ගොන්නක් හිතේ තියගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබේ ජීවිතේ අමතකම නොවන විවාහ දවස ජීවිත කාලයටම සුන්දර සිහිවටනයක් කරන්නේ වෙඩින් ඇල්බම් එක.ඒත් ඒ වෙඩින් ඇල්බම් එක නිසා ඔබට ලෙඩරෝගත් හැදිලා ඔබේ වගේම ඔබට අනාගතයෙදි ලැබෙන්න ඉන්න දරුවන්ගෙන් ජීවිතයට අවධානමක් වෙන්න පුළුවන් කිව්වොත් ඔබ පුදුම වේවී.අන්න ඒ නිසා වෙඩින් එකේ ඡායාරූප ශිල්පියා තෝරගන්න දෙන අවධානයට වඩා සිය දහස් ගුණයක අවධාණයක් දෙන්න ඕනේ ඔහු හදන වෙඩින් ඇල්බම් එකට පාවිච්චි කරන මුද්‍රණ කඩදාසි ගැනයි.

මොකද මේ දවස්වල ලංකාවේ අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසියක් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක ආරම්භ වුනේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න කිහිපදෙනක් අඩු මිළකට වෙඩින් ඇල්බම් එක කරන්න කියලා හිතාගෙන ඉන්දියාවේ ගිහින් ඇල්බම් මුද්‍රණය කිරීම ආරම්භ වීමත් එක්කයි.මේ විදිහට කීප දෙනෙක් විතරක් අඩු මිළට ඇල්බම් දෙන්නේ කොහොමද කියලා බලද්දි ක්ෂේත්‍රයේ හැමෝම වගේ මේ සින්තටික් කඩදාසියේ රහස සොයාගත්තා.ඒ නිසා දැන් දැන් ලංකාවේ වෙඩින් ඇල්බම් මුද්‍රණය කරන බොහොමයක් දෙනා තරගකාරී මිළක් දෙන්න ඕනේ නිසා අර ඉන්දියාවෙ තියන සින්තටික් කඩදාසිය ආනයනය කරලා අඩුමිළ‍ට වෙඩින් ඇල්බම් කරන්න පුරුදු වෙලා.පොඩි ලාභයක් වෙනුවෙන් පාවිච්චි කරන මේ කෘතිම සින්තටික් කඩදාසිය නිසා ඇතිවෙන සහ අනාගතයෙදී ඇතිවෙන්න පුළුවන් අවධානම ගැන නම් හුග දෙනක් දන්නේ නැහැ.අන්න ඒ නිසා ඔබේ වගේම අනාගත පරපුරෙත් ආරක්ෂාව ගැන හිතනවා නම් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න.

ඡායාරූප ශිල්පීන් මැගසින් ඇල්බම් කිරීමට භාවිතා කරන මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සින්තටික් මුද්‍රණ කඩදාසියේ ශරීරයට අහිතකර රසායනික සංඝටක රාශියක් අඩංගුයි කියලා මේ වෙනකොට තහවරු වෙලා තියනවා. මේ ගැන ලොකුවටම කතාබහක් ඇතිවුනේ සින්තටික් මුද්‍රණ කඩදාසියෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමත් එක්ක. එළිමහන් ප්‍රචාරණ කටයුතු වගේ කෙටිකාලීන අවශ්‍යතා සදහා පාවිච්චි කරන මේ සින්තටික් කඩදාසිය සමාන්‍ය කඩදාසියක් වගේ ඉරන්න බැහැ (NonTerable) . ඒ වගේම මේ කඩදාසිවලින් මුද්‍රණය කරපු වෙඩින් ඇල්බම් එකක් සාමාන්‍ය වෙඩින් ඇල්බම් එකකට වඩා බරින් සෑහෙන්න අඩුයි.මේ කෘතිම කඩදාසිය ඉරන්න බෑ වගේම දිරන්නෙත් නෑ.වතුර දැම්මත් පෙගෙන්නෙ නැති මේ කඩදාසිය හදලා තියෙන්නේ Polyethylene terephthalate (PET) කියන මූලද්‍රව්‍යයයෙන්.

පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍යය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට බලපෑම් සිදුවන බව Environmental Health Perspectives සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක සඳහන් වෙලා තියනවා. මේ සින්තටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ සින්තටික් කඩදාසියේ ඇති අමුද්‍රව්‍ය ඇස්‌වල මෙන්ම සමෙහි තැවරීම ඉතා උපද්‍රවකාරී බවයි. මේ කෘතීම කඩදාසියේ ඇතුලත් ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බව වගේම පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බවත් එම පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

ඡායාරූප මුද්‍රණය සඳහාම පමණක් ප්‍රමිතිගත කරන ලද වර්ණ ඡායාරූප මුද්‍රණ කඩදාසි වෙළඳපොලේ බහුලවම තිබුණත් සුළු ලාබයක් ගැන පමණක් සිතා විෂ රසායනික ද්‍රව්‍ය සහිත සින්තටික් කෘතීම කඩදාසියේ වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කිරීමට ඇතැම් මුද්‍රණ ශිල්පීන් පෙළඹී ඉන්නේ ගණදෙනුකරුවන්ට එය වඩා ලාභදායි කඩදාසියක් සහ වතුරට ඔරොත්තු දෙන, ඉරෙන්නේ නැති, කල්පවතින කඩදාසියක් බව පෙන්වාදෙමින්. නමුත් මෙම කඩදාසිය භාවිතයෙන් ඔබගේ වටිනා ඡායාරූප ඇල්බමය වසර 10ක් පමණ කෙටි කාලයකදී වර්ණ වෙනස් වීමකට ලක්වීම සහ ඔබගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත අවධානමක හෙළිවීමක් බව මුද්‍රණ ශිල්පීන්ගේ අදහසයි.

සමහර විට ඔබ මේ පොඩි ලාභය ගැන හිතලා ඉන්දියාවෙන් ආනයනය කරන මේ විෂ සහිත සින්තටික් කඩදාසිය තෝරගන්නේ නොදැනුවත්ව නම් දැන් ඔන්න කාටවත් ඔබව රවට්ටන්න බෑ. ඔබම කල්පනා කරලා බලන්න.එවේලේ ලැබෙන පොඩි ලාභයට වඩා ඔබේ සහ දරුවන්ගේ අනාගතය වටිනවා නේ.අනිත් එක දැන් පොලීතීන් තහනමත් එක්ක මුළු රටම පරිසර හිතකාමීව අනාගතය ගැන හිතද්දි අපේ ලංකාවට විෂ රසායන අඩංගු කඩදාසි ගෙන්වන මේ වැඩේ නවත්තන්න ඔබේ දායකත්වය දෙන්න.ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ සින්තටික් කඩදාසිය ප්‍රතික්ෂේප කරන එකයි.ඔබේ ඒ තීරණයත් එක්ක ඔබේ අනාගතය වගේම රටේ අනාගතය වෙනුවෙන් කරන උතුම් මෙහෙවරකට ඔබත් දායකත්වයක් ලබාදෙනවා.

අන්න ඒ හින්දා හෙට අනිද්දා විවාහවෙන්න ඉන්න අය වගේම නොදැන මේ විෂ සහිත සින්තටික් කඩදාසියට අහුවෙන ඡායාරූප ශිල්පීන් ඇතුළු හැමදෙනාට දැනගන්න මේ ලිපිය පුළුවන් තරමක් ෂෙයා කරන්න.

සාර්ථක ගැබ්ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා.

මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?
පිරිමියෙකු නැතිව ස්වභාවික තත්වයන් යටතේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න කොහෙත්ම බැහැ. ශුක‍්‍රාණු සෛල ස්වභාවිකව නිෂ්පාදනය කරන්නේ පිරිමි පක්ෂයේ සිරුර තුළ ස්වභාවිකව ශ‍්‍රාවය වන හෝමෝන නිසයි.

පර්යේෂණාගාර මට්ටමින් ශුක‍්‍ර සෛල නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා. නමුත් ඒවා ස්වභාවික ශුක‍්‍ර සෛල වගේම ක‍්‍රියාකාරී ද කියලා සැකයක් තියනවා. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් සඳහා පිරිමියෙකුගේ ශුක‍්‍ර සෛල අත්‍යවශ්‍යයි.

පිළිසිඳ ගැනීමකට පියාගේ සෞඛ්‍ය තත්වයත් බලපානවාද?
අනිවාර්යයෙන්ම. දරුවෙක් හැදෙන්නෙ මව සහ පියා කියන දෙදෙනාගේම ජානවලින්. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක තාත්තා කෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම වැදගත්.

ඒ කියන්නෙ අංගවිකල බව, මානසික ව්‍යාධි තත්වයන් ගැන නෙවෙයි. අසනීප තත්වයන්ගෙන් තොර නිරෝගී කෙනෙක් වීම වැදගත්.

ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමි කෙනෙක් මත් පැන් පානය කිරීම තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්. මත්පැන් නිසා ශුක‍්‍ර සෛලවල ප්‍රබල බව, නිරෝගී බව සහ ක‍්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒවායේ ආයු කාලයත් වෙනස් වෙන්න පුළුවන්.

ශුක‍්‍ර සෛලවල ආයු කාලය පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් ශුක‍්‍ර සෛල කාන්තා යෝනි මාර්ග තුළ දී දින 4 ක් 6 ක් විතර සජීවී තත්වයේ සිටිනවා. ඒ අතර ඩිම්බ සෛලයක් පිටවූ පසු එය සංසේචනය කරන්න යෝනි මාර්ගයේ තිබෙන ශුක‍්‍ර සෛලවලට පුළුවන්.

නමුත් ශුක‍්‍ර සෛල දින හතරක්ම සජීවී තත්වයේ ඉන්නේ නැතිව දින දෙකකින් එහි ජීවි බව නැති වුණොත් තුන් වෙනි දිනයේ ඩිම්බ සෛලයක් විමෝචනය වුණාට එය සංසේචනය කරන්න ශුක‍්‍ර සෛලවලට හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි වැඩි දින ගණනක් ශුක‍්‍ර සෛල සජීවී ව තබා ගැනීම වැදගත් වෙන්නෙ. මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න ඍජුවම හේතු වෙනවා.

එතකොට ඒවායේ ක‍්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් විස්තර කරලා දෙන්න.
ශුක‍්‍රාණු සෛල මිලියන ගණනක් යෝනි මාර්ගයට ඇතුළු වුණත් ඩිම්බයක් සංසේචනය කරන්න අවස්ථාව තිබෙන්නෙ එකම එක ශුක‍්‍රාණු සෛලයකට විතරයි. ඒ කියන්නෙ අර මිලියන ගණනින් හොඳම, ශක්තිමත්ම සෛලයට විතරයි.

යෝනි මාර්ගයට ඇතුළු වුණු තැන ඉඳලා ඩිම්බ සෛලය දක්වා පිහිනාගෙන ගමන් කරන්න නම් ශුක‍්‍රාණු සෛලය ඉතාම හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු නිරෝගී සෛලයක් විය යුතුයි. ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ශුක‍්‍රාණු සෛලවලට ඩිම්බය තෙක් පිහිනා යන්න බැහැ. ඒ ආකාරයට තමයි ක‍්‍රියාකාරීත්වය වැදගත් වෙන්නෙ. කලින් කිව්වා වගේම මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ මත් පැන් සහ මත් ද්‍රව්‍යවල ක‍්‍රියාකාරීත්වය විතරද?
නැහැ. පිරිමියාගේ ස්ථුල බව හේතු වෙන්න පුළුවන්. පිරිමියා තමන්ගේ සිරුරේ බර නිසි පවත්වා ගැනීම වැදගත්. අධික තරබාරු බව ශුක‍්‍රාණු සෛල නිපදවීමේ ධාරිතාව අඩු කරනවා. ඒ වගේම අනුරාගී හැසිරීමක දී ශුක‍්‍රාණු සෛල විමෝචනය කිරීමේ වේගයත් අඩු වෙන්න ස්ථුල බව හේතු වෙනවා.

මීට අමතරව තවත් කාරණයක් කියන්න ඕනෙ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමියෙකු සවුනා,ස්ටීම් බාත්,හොට් බාත් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් තාවකාලිකව වැළකී සිටීම ඉතාම වැදගත්.

හොට් බාත් හෝ සවුනා මගින් ශුක‍්‍රාණු සෛල අධික උණුසුමට ලක් වෙනවා. ඉන් ඒවායේ ජීවී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තාවකාලිකව ඒ වගේ දේවල් නතර කරන්න අනිවාර්යයෙන්ම වගබලා ගන්න ඕනෙ.

දුලංජලී මුතුවාඩිගේ – මුලාශ්‍රය – ලක්බිම

අවුරුදු 300ක් ජීවත් වියහැකි රහස් බෙහෙතක් හමුවෙයි..!

වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා ගිය ආයුෂ විඳින සෘෂිවරුන් වෙසෙන බව ද කියති. භාවනාවෙන් සහ දේශීය ඖෂධ භාවිතයෙන් ඔවුන් ඒසේ දීර්ඝායුෂ විඳිමින් සිටින බව පැවසේ.

වර්තමානයේ ජනතාව ගෙවන දිවි පෙවෙතේ හැටිය වසර සීයක් නිරෝගීව ජීවත් විය හැකි නම් එය ද විස්ම කර්මයකි. එසේ නම් යමෙකුට අවුරුදු තුන්සීයක් ජීවත් විය හැකි යම් ඖෂධයක් නිෂ්පාදනය වුව හොත් කෙසේ වෙයිද? කුමන ආකාරයේ ඉල්ලුමක් ඒ සඳහා ලැබෙයි ද?

එසේ අවුරුදු තුන්සියක් ජීවත් විය හැකි අපුරු විස්මිත දේශීය ඖෂධයක් පිළිබඳව විස්තර සොයා යාමට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපට හැකි විය.

මහනුවර රාජධානී සමයේ විසු බව කියන ශ්‍රී රත්නසේකර නමැති රාජකීය වෛද්‍යවරයකු විසින් ලියන ලද අත්වෙද පොතක මිනිසෙකුට අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි බව කියන අරුම පුදුම බෙහෙතක් ගැන සඳහන් වෙයි.

මේ විස්මිත බෙහෙත පිළිබඳව සඳහන්ව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශීය වෛද්‍ය ග්‍රන්ථියක් ලෙස සැලකෙන සිතියම් සහිත දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නමැති ග්‍රන්ථයේය. රත්නපුර මාරුක ශාස්ත්‍රෝ​දය පරිවේණාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මේ වෙද පොතේ කතුවරයා වේ. මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් එළි දක්වා තිබෙන්නේ 1959 වසරේදීය. ඥානවිමල හිමි මෙරට විසු අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැලකේ.

එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය ​වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ.

සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත.

එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ. එයින් ද පොත් හතක්ම ලියා පළ කර ඇත්තෝ ඥානවිමල හිමියන් විසින් වීම ද විශේෂත්වයකි.

ඥානවිමල හිමියන් විසින් ලියන ලද මෙම වෙද පොත පිළිබඳවත් එහි සටහන් කර ඇති අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත පිළිබඳවත් තොරතුරු මා හට පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කුරුණෑගල මැහිඇල්ලේ පදිංචි ආර්.ඩී.සී. රන්තිලක මහතාය.

සර්වාංග වෙදකමට සහ කැඩුම් බිඳුම් වෙදකමට එකසේ දක්ෂ රන්තිලක වෙද පරම්පරාවට අයත් රන්තිලක වෙද මහතා (69) රාජ්‍ය ගෞරව සම්මානලාභී වෛද්‍යවරයෙකි.

ඥානවිමල හිමියන් ලියු මෙම වෙද පොත ඒ මහතාට ලැබී තිබුණේ ඔහුගේ පියාණන් වු හව්කෙන්දා රත්තිලක වෙද මහතාගෙන්ය. හව්කෙන්දා මහතා හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය ශාන්ති කර්ම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් දැරූ අයෙකි.

පියාගෙන් උරුමයක් ලෙස ලැබුණු පාරම්පරික වෙද අත් පොත් පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අතරේ තිබු ඥානවිමල හිමි ලියු දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නම් වූ මේ ඉපැරණි ග්‍රන්ථයට සුවිශේෂී වටිනාමක් ලැබෙන්නේ මුද්‍රණයෙන් එළි දක්වා තිබුණේ මෙහි පොත් සුළු ප්‍රමාණයක් නිසා බව ද පැවසේ.

පිටු 530 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ 288 සහ 289 පිටුවල අවුරුදු තුන්සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත් සෑදීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.

විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක මුල සිට බඹයක් (අඩි හයක්) උඩින් උඩ කොටස පෙත්ත මට්ටමට කපා හැර ඉතිරි වන ඒ මුල් කොටස මුදුනෙහි ලොකු වංගෙඩියක ඇතුළු කුහරය පමණ වූ විශාල සිඳුරක් පහතට සාරා ඒ සිදුරු ඇතුළට ඇට අස්කළ අමු නෙල්ලි පලම් හැට හතරක් සහ ඒ වර්ගයේ ලී කෑල්ලකින්ම ඇබයක් ගසා බිම සිට එ් ලී කොටස වැසී යන පරිදි අඩි හයක් උසට ගොම වැරටී (වියැළුණු ගොම) ගොඩ ගසා ඒ ගොම වැරටිවලට ගිනි තබා, ගොම වැරටි සම්පූර්ණයෙන්ම දැවී ගියාට පසු උතුරා නැගගෙන විත් එකට පිලිස්සී තිබෙන ඒ ජලාශ සාරය සහිත නෙල්ලි කල්කය ගෙන ගිතෙල් අඹරා නොපිරිහුණු ශක්තිය ඇති (පනස් විය නොඉක්ම වූ) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙන ඉස් සෝදා නහවා පිරිසිදු කොට පිරුවට අන්දවා මැසි මඳුරුවන්ගෙන් උවදුර නොවන පරිදි ආරක්ෂා සහිතව විශේෂ ඇතුළු කාමරයක කත මේ නෙල්ලි කල්කයක් උණු කළ එළ කිරිත් පමණක්ම දිනකට තුන් වේල බැගින් දිනපතා මසක් ආහාර වශයෙන් දිය යුතුය. මෙසේ මේ රසායනය එළ කිරි සමග දින පසළොස් අනුභව කරන විට ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් නියපොතු දත් හා සමත් ගැලවී යයි. මීළඟට අනික් දින පසළොස අනුභව කරන විට මේ සියල්ලම නැවත හොඳින් වැඩී තරුණ භාවයට පත් වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු තුන්සියයක්ම ජීවත් විය හැකියි. ඉන් පසු වෙන විශේෂ පාවිච්චියක් හෝ ප්‍රතිකාරයක් නැත. යනුවෙන් ශ්‍රී රත්නසේකර රාජකීය වෛද්‍යවරයා ලියු බවද අත් පොතෙහි සඳහන් වේ.’’ යනුවෙන් ද පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල හිමියෝ තම පොතෙහි සඳහන් කර තිබේ.

ඉන් පසුව උන් වහන්සේ මෙසේද සඳහන් කර ඇත. පත්කෑල විශේෂ වාජිකරණ ඖෂධයකි. අගින් කපා දැමූ ගසේ මුල් කොටස ගොමු රොඩු ගින්නෙන් රත් වන විට මුල් සහිත සම්පූර්ණ මුල කොටසේම ඇති සාරය උතුරා මුදුනෙහි වූ සිඳුරෙහි තිබෙන නෙල්ලි පලම් හැට හතරේ සමග එකට මිශ්‍ර වෙයි. නෙල්ලිද සෞඛ්‍ය ධාතු වර්ධනය වන ඖෂධයකි. මෙසේ ඇති වන මිශ්‍රණයෙහි ජීවන බලය වැඩි දියුණු කිරීමේ යම් කිසි ශක්තියක් බලයක් ඇතිවාට කිසිම සැකයක් නැත.

මෙය අප ඇසු දුටු කාලයක පරීක්ෂණයකට භාජනය කර නැති බව ද, මෙම වාජිකරණ ඖෂධය අත්හදා බැලීම් නවීන විද්‍යාවේ හා මානව සමාජයේ දියුණුවට හිතැති අයට බාර වූවක් බවද ඥානවිමල හිමියෝ කියා සිටිති.

මෙම ඖෂධය නිපදවීම සඳහා යොදා ගනු ලබන පත්කෑල නැතිනම් විලාශ නමැති ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Butea Frondosa වේ.

මෙම පත්කෑල (රත්කෑල) සහ කැට කෑල (ගැට කෑල) යනුවෙන් වර්ග දෙකකි. මෙයින් ගැට සහිත සුඳු කඳක් ඇති වඩා නිල් පාට නොවු

කොස් කොළ ප්‍රමාණ හැඩ හුරුකමින් යුත් කො​ළ ඇති අඩි පනහක් පමණ උසට වැවෙන වර්ගය කැට කෑල නම් වේ. මේ වර්ගයේ සෙතු ඇල්ම උළුක්කුව ඉදිමුම ඇතුළු කැඩුම් බිඳුම් වෙදකමට සහ තවත් වෙදකම්වලට ද ගන්නා බව ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.

එසේම පත් කෑල (රත්කෑල) රත් පාටට හුරු කඳන් ඇති අඩි හැත්තෑපහක් පමණ උසට වැඩෙන විශාල ගසකි. මේ ගසේ කොළ කැට කෑල කොළ වලට වඩා විශාලය. තද නිල් පැහැයකින් යුක්තය. එක වරම ගස පිරි යන සේ අතු අග පිපී තිබෙන රත් පාට මල් සමූහය දින දෙකක් තුළ පර වී වැටී ගොස් ගස් යට රතු පළස් අැතුරුවාත් සේ පෙනෙයි.

දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එති. යි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ.

මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ​යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත. මෙම ශබ්ද කෝෂය සකස් කළ ආකාරය ද ඥානවිමල හිමියන් සඳහන් කර තිබෙන්නේ මෙසේය.

පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙ​ළෙමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා බෙහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි.

ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ ​නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරි​යෙහි තබා අඳින ලද නියම සටහන්ය.

​මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය.
වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්‍රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්‍රව්‍යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැරණි පොත ප​තෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය.

අපේ වෙද පරම්පරාව අවුරුදු දෙදහස් හයසීකටත් වඩා පැරැණි පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් එක්කම තමයි අපේ කුල පරම්පරාව ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආගමනය වුණෙ. බෝධිය රැක ගැනීමට පැමිණි පැරැණි කුල පරම්පරාවලින් එකක් විදිහටත් අපේ පරම්පරාව සැලකෙනවා. මගේ පියාණන් ද මේ රහස් බෙහෙත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරලා තිබුණත් අසීරු වැඩක් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සඳහා අත්හදා ගැනීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු වීම. මාත් වරක් උත්සාහ කළා. මටත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේකේ තියෙන විස්තර අනුව බැලුවාම මේ සඳහා ඉදිරිපත් වෙන්න මිනිස්සු අකැමැතියි. යනුවෙන් ද වෛද්‍ය රන්තිලක මහතා ප්‍රකාශ කළේය.

පුෂ්පකුමාර ජයරත්න
උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

ඔබේ සම පැහැපත් කරන අංක එකේ ස්වභාවික පානයක් හදමු

ඔන්න මම ගේනවා කියපු natural whitning bodylotion එක හදන විදිය කියලා දෙන්නයි යන්නේ. මේකෙන් සමට පොෂණය වගේම සමේ පැහැය වෙනස් කරලා සුදු පැහැපත් සමක් ලබාදෙන්න සමත් වෙනවා. දැන් අපි බලමු මේක හදා ගන්න මොනවාද ඕනේ කරන්නෙ කියල.

මුලින්ම බ්ලිචින් පවුඩර එක හදමු.නැත්නම් ඔයාලට මිලදී ගන්න පුළුවන් සබාවික බ්ලිචින් පව්ඩර් එකක් තියෙනවා ගන්න Yellow calamine පව්ඩර්.මේක සම සදහා භාවිතා කරන pack වර්ග සදහා භාවිතා කරනවා ගොඩක් දෙනා මේ සම්බන්ධයෙන් වැඩිය අහලා නැහැ නමුතේ ඒ packet එක ගත්තාම කියවලා බලන්න ඒකේ natiral bleaching එකක් කියලා ගහලා තියනවා. pharmacy එකේ බලන්න පුලුවන් නැතිනම් online තමයි ගන්න වෙන්නේ. ගන්න පුළුවන් අය ගන්න ගොඩක් හොදයි.නැත්නම් ගෙදර හදා ගමු

අවශ්‍ය දේවල් – කැරට් පව්ඩර් මේස හැදී 3ක්, උළු හාල් පවුඩර් මේස හැදී 3ක්, මුල්ටානි මිට්ටි මේස හැදී 3ක්, කුංකුම රේණු 10 ක් කුඩු කර දොඩම් ලෙලි පවුඩර් මේස හැදී 3 ක් හිනි පෙනේරෙකින් ඔය වර්ග ටික හලලා බෝතලේකට දා ගන්න

whitning bodylotion එක හදමු
තරමක ලොකු පොල් ගෙඩියකින් බාගයක් හෝ පොඩි පොල් ගෙඩියක් නම් එක ගෙඩියක් ගා ගන්න කෝර්න් ෆ්ලවර් තේ හැන්දක් ග්ලිසරින් තේ හැන්දක් මම කියලා දුන්න බ්ලිචින් පවුඩර් මේස හැදී මේස හැදි 3 ක් නැත්නම් Yellow calamine පව්ඩර්.

පළමුව ගා ගත් පොල් ටික බ්ලෙඩර් කරන්න හොදින් බ්ලෙන්ඩර් කරලා එහි උකු කිරි ටික පෙරලා වෙන් කරගන්න.පොල් කිරි වල විටමින් C අඩංගු වෙනවා සමෙහි දීප්තිමත් බව ඉලාස්ට්‍ර්සිටි එක වගේම වියලි බව අවම කරනවා.ඉන් පසු වෙන් කර ගත් කිරි ටික ඩබල් බොයිල් කරගන්නයි යන්නේ ගොඩක් දෙනා දන්නවානේ දැන් ඒ ගැන.කිරි එක අලුමිනියම් භාජනයකට දාලා ඒක වතුර එකක බස්සලා තරමක් අඩු ගින්දරේ ලිපේ තියන්න.ටික වෙලාවකින් කෝන් ෆ්ලවර් තේ හැන්ද පොල් කිරි වලට මිශ්‍ර කරලා උකු වෙනකම් හැදි ගාමින් double boil කරගන්න.ඉන් පසු ලිපෙන් ඉවත් කර බ්ලිචින් පව්ඩර් මේස හැදි 3 දාලා එයත් හොදින් මිශ්‍ර කර ගන්න.එයට ග්ලිසරින් ටිකත් දාලා හොදින් මිශ්‍ර කරන්න.මිශ්‍ර කර ගත් ලෝශන් එක බෝතලයකට දාලා භාවිතා කරන්න ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න ,දෙකකට හදා ගන්න ෆ්‍රිජ් එකේ තිබීම අනිවාර්යයි .

සුබ දිවියක්‌ !!! නේරංජනා කස්තුරිආරච්චි

පිරිමි ඔබ ඉක්මනින් වියපත් කරවන ඔස්ටියෝ පොරෝසිස් රෝගය

ඔස්ටියෝ පොරෝසිස් ප්‍රචලිතව ඇත්තේ කාන්තා රෝගයක් ලෙසයි. එනිසා කාන්තාවන් ඒ ගැන සැලකිලිමත් වුවත් පිරිමි ඒ ගැන අවධානයෙන් නොසිටීමෙන් තත්ත්වය බැරෑරුම් වනතුරු ඔවුන් තුළ රෝගය ඇතැයි හඳුනාගත නො හැකිවනවා.

කොන්ද කුදුවූ වියපත් කාන්තාවන් ඔබට මග තොට දී හමු වී ඇති. එසේවූයේ ඇයිදැයි ඔබට සිතුණාද? බොහෝවිට එසේ කුදුවන්නේ අස්ථි දුර්වලවීම නිසා ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වය නිසයි.

වෛ‍ද්‍ය පරීක්ෂණවලින් හෙළිවන්නේ වයස අවුරුදු 20, 30, 40, වයස්කාණ්ඩවල සැලකිය යුතු පිරිමි සංඛ්‍යාවක් රෝගයේ මුල් අවදිය වන ඔස්ටියෝපෝනියා තත්ත්වයේ පසුවන බවයි. එම අවදියේ රෝගය ගැන සැලකිලිමත් වුව හොත් පසුකාලීන ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වයෙන් ඇතිවන අස්ථි බිඳීම් කුදුවීම් ආදී යෙන් වැළකිය හැකියි.

අපේ අස්ථි සකස්ව සවිමත්ව ඇත්තේ කැල්සියම් තැන්පත්වීම මුල්කරගෙනයි. අප ගන්නා ආහාරවලින් ලැබෙන කැල්සියම් දිනපතා අස්ථිවල තැන්පත්වද්දී ඒවායේ තැන්පත්ව තිබූ කැල්සියම් ඉවත්වනවා. එසේ ඉවත්වන කැල්සියම් ප්‍රමාණයට නො අඩු ප්‍රමාණයක් ලබාදිය නො හැකිවූ විට අස්ථි දුර්වලවන්නට පටන්ගන්නවා. ලිස්සා වැටීමකදී අස්ථියක් බිඳෙන්නේ නම් එයින් කියවෙන්නේ ඔස්ටියො පොරෝසිස් අවදානමක් ඇති බවයි.

මෙය කාන්තා රෝගයක් ලෙස සැලකෙන්නේ ඔවුන් වියපත් වීමේදී ඊස්ට්‍රජන් හෝමෝනය ඔවුන්ට අහිමිවනබැවින් . ඒ නිසා කැල්සියම් ඌණතාව ඇතිවී රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩ කඩ සැලසෙනවා.

පිරිමින්ගේ ටෙස්ටරෝන් හෝමෝන ඌණතාවද ඔස්ටියෝ පොරෝසිස් වැළඳීමට හේතුවක්. අධික මත්පැන් පානය නිසා ටෙස්ටරෝන් හොර්මෝනයේ නිෂ්පාදනය අඩුවනවා. ඉන් මුත්‍රා සමග කැල්සියම් ප්‍රමාණයක් ද පිටවී යනවා. සිගරැට් දුම්පානය කැල්සියම් උරාගැනීමේ හැකියාව අඩු කරනවා. එසේ ම අස්ථි සෛලවලට හානිකිරීමටත්, අස්ථි පටක සෑදීමට එරෙහිවීමටත් ඊට හැකියි.

අක්‍රීය ජීවිතයක් ගත කිරීම, කැල්සියම් ගන්නා ප්‍රමාණය මදිවීම, සිරුරට නිසි බර නැතිවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු අපස්මාරය පිළිකා ආතරයිටිස් වැනි රෝගවලට ලබා දෙන ඇතැම් බෙහෙත් හා ජානමය හේතු ද ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට බල පෑ හැකියි. උස අඩුවීම, කොන්ද රුදාව පිට කුදුවීම වැනි තත්ත්වයන් ඔස්ටියෝ පොරෝසිස් හි ලක්ෂණයන් වන කශේරුකා බිඳීම් නිසා ඇතිවිය හැකියි.

ඔස්ටියෝපොරෝසිස් වැළඳී ඇත්දැයි දනගැන්මට එක්ස් කිරණ පරීක්ෂණයකින් හැකිවෙනවා අස්ථී ඝනත්වය මැනීමේ පරීක්ෂණයකින් මුල් අවස්ථාවේ ම රෝගය හඳුනා ගත හැකියි. රෝගයෙන් වැළකීම සඳහා කැල්සියම්, ඩී හා කේ විටමින් අවශ්‍ය පමණට සිරුරට ලබා ගැනීම , ව්‍යායාමයෙහි යෙදීම හා මත්පැනින් දුම් පානයෙන් දුරුවීම කළයුතුවනවා. ස්වාභාවික ආහාරවලින් අවශ්‍ය පෝෂක ලබාගැනීම සිරුරට ඉතා හිතකරයි.

අස්ථි වර්ධනයට කැල්සියම් හා ඩී විටමින් සඳහා කුඩා මසුන් වියළි හාල් මැස්සන් ආදි කටු සමග ආහාරයට ගත හැකි මත්ස්‍ය ආහාර. එළකිරි යෝග්‍යයි. කඩල සෝයා දිවුල් ආදියෙහිත් කැල්සියම් අඩංගුයිසම මත වැටෙන හිරු එළිය, තෙල් සහිත මසුන් සැමන් හුරුල්ලන් ආදිය විටමින් ඩී ලබා දෙනවා. විටමින් කේ අස්ථිවල යහපත් පැවැත්මටත් බිඳුණු අස්ථි යළි ප්‍රකෘතිමත් කිරීමටත් හේතුවනවා. උළුහාල් , මුරුංගා, නිවිති හා තද කොළ පැහැති පලාවර්ගවල විටමින් කේ අඩංගුවනවා. එළවළු හා පලතුරු වැඩි වශයෙන් අනුහව කරන්නන්ගේ අස්ථි ඝන බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඇවිදීම, එකතැන උඩපනිමින් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම , බර ඉසිලීම්, ජිම්නාස්ටික් ආදී ව්‍යායාම් අස්ථි ශක්තිමත් කිරීමට හේතුවනවා. ඉතින් උදාසන හිරු එළිය සමට හොඳින් වැටෙනසේ හිඳ ව්‍යායාමයෙහි යෙදෙමු. යෝග්‍ය ආහාර සමග එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගනනිමු. මතින් දුමින් වැළකෙමු එවිට රෝග සාධක වලින් විශාල ප්‍රති ශතයක් අපෙන් ඈත්ව හිඳිනු ඇති.

ලිපිය සැකසුම Indra Rathnay
(ආරෝග්‍යා හා අන්තර්ජාලය ඇසුරිනි)

ඔබ සැමට කරන අවවාදයයි “හඳුන්කූරු දුමෙන් පිළිකා ඇතිවෙනවා”

ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත’ කියා ලියැවී තිබෙන වැකි අපට හුරු පුරුදුය. ඒ කතාව කෙතරම් මේ කාලයට උචිත දැයි සිතෙන්නේ යම් යම් සිදුවීම් දෙස බැලූ විටය.

අද සමාජයේ ජීවත් වෙන මිනිසුන් බොහෝමයක් මුළා කළ හැක්කේ භක්තිය මුල්කොටගෙනය. ආධ්‍යාත්මික විශ්වාස හා ඇදහිලි ඉදිරිපෙළට දැමුවහොත් මේ දූපත් වාසීන් ප්‍රාණ ඇපයට හෝ ගත හැකිය. ඒ තරමටම ආගමික භක්තිමත් භාවයෙන් හෙබි ඇත‍්තෝ මේ දිවයිනේ වෙසෙන්නෝය. කෙසේ වුවද එය කූට ව්‍යාපාරිකයන්ට නම් මුවහත් අවියකි. ආගමික භක්තිය ඉහවහා ගියවුන් ආධාරයෙන් ඔවුහු තම වෙළඳාමෙන් වැඩි ලාභ ලබන අතර ආගමික භක්තිකයන් ද රෝගීන් බවට පත් කරති.

හඳුන්කුරු, කට්ටකුමන්ජල් ආදියෙන් නිකුත් කෙරෙන සුවඳ දුම් සිගරට් දුමට වඩා මිනිස් සිරුරේ සෛලවලට විෂ සහිත වියහැකි බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී ඇත.

සුවඳ දුම්, සිගරට් දුමට වඩා ජාන විපර්යාසකාරක, ජානවලට විස සහිත හා ශෛලවලට විෂ සහිත බව එම පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. ලීචවෙන් ග්වොන්ග් නැමති තායිලන්ත වෛද්‍යවරයා පවසන කාරණු අවධානයට ගත යුතුය.

‘ඔහු පවසන්නේ පූජාවක් වශයෙන් දල්වන හඳුන්කූරුවලින් පිටවන දුමාරය පිළිකාකාරක රසායනික ද්‍රව්‍යවලින් පිරී පවතින බවයි. මෙම දුමාරය තුළ සිගරට් දුමටත් වඩා පිලිකාකාරක අඩංගු බව ඔහු පවසයි.’

“ඔබ දන්නවාද, එක් හඳුන්කූරකින් සිගරට් එකක් තරමටම පිළිකාකාරක රසායනික පරිසරයට නිකුත් කරනවා. මම දැනගෙන හිටියා මේවගේ පිලිකාකාරක තියෙනවා කියලා, ඒත් මම පුදුමයට පත්වුණා, තියෙන ප්‍රමාණය දැකලා”
ඔහු කියයි.

වසර කිහිපයක් පුරා ඔහු මෙම පර්යේෂණය සිදු කළ අතර, අයුත්‍යා, චචොන්ග්සෝ සහ සමුට් ප්‍රකාන් නැමති පන්සල් තුනට අයත් සේවකයන් 40 ක් ඊට යොදාගෙන තිබිණි. හඳුන්කූරු දුමාරයෙන් තොර පරිසරයක සිටින 25 දෙනෙකුද යොදාගෙන තිබිණි.

මේ පර්යේෂණයෙන් තහවුරු වූ දෑ පුදුම උපදවන සුලුවිය. ලියුකේමියාව ඇතිවීමේ අවදානම වැඩිකරන රසායනිකයක් වන බෙන්සීන් , ලේ පිළිකාකාරකයක් වන බියුටෙඩීන්, සහ පෙනහළු සහ සමේ පිළිකා ඇතිකරවන බෙන්සෝඇපයිරීන්, නැමති රසායන ද්‍රව්‍යයන්ට අධිකව නිරාවරණය වී තිබෙන බව තහවුරු විණි.

ඛේදවාචකය වන්නේ, අදාළ පර්යේෂණයට සහභාගී කරවා ගත් පන්සල් සෙවකයන්ගේ ශරීරයේ තිබූ බෙන්සීන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් 4ගුණයකින් ද බියුටෙඩීන් ප්‍රමාණය 260 ගුණයකින්ද, වඩාත් භයානක සංඝටකය වන බෙන්සෝඇපයිරීන් 63 ගුණයකින්ද වැඩි බව මෙහිදී අනාවරණය වීමය. එමතු නොව පන්සල් සේවකයන්ගේ රුධිර සහ මුත්‍රා පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වූයේ ඔවුන්ගේ ඩී.එන්.ඒ. හානි වී ඇති බවත්, ඔවුන්ගේ සිරුරට එම හානිය පිළිසකර කර ගැනීමට හැකියාවක් නොමැති බවත්ය.

‘වරදවා හිතන්න එපා, සිගරට් බොන හැම හැමෝටම පිළිකා හැදෙන්නේ නෑ, හැබැයි 20%කට විතර පිළිකා හැදෙනවා. පරීක්ෂණ වලට අනුව අපි දන්නවා ඩී.එන්.ඒ. වලට හානියක් සිදුවන බව, හැබැයි අපි දන්නේ නෑ ඒක පිළිකාවක් දක්වා දුරදිග යයිද කියන එක. කෙසේ වෙතත් ඔවුන්ට එහෙම වෙන්න තියෙන අවදානම වැඩියි.’
මනූන් කියයි.

අප අවධාරණය කරන්නෙ සියලුම හඳුන්කූරු ගැන නොවේ. ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර බෙදාහරින හඳුන්කූරු පිළිබඳවය. මෙලෙස ප්‍රමිතියෙන් තොරව සිදුවන නිෂ්පාදනවල සුවඳ දුම් නිරන්තරයෙන් ආඝ්‍රාණය කරන ආගමික නායකයන් ද බහුතරයක් පිළිකා, ඇඳුම ආදී ස්වාසනාලය ආශ්‍රිත රෝගයන්ට ගොදුරු වෙති. ලංකාවේ වැඩි වශයෙන් පරිසරය දූෂණය වන්නේ වාහනවලින් නිකුත් කරන විෂ වායුවලින් වුවද ඉන් අනතුරුව හානිකර වායූන් මුදා හැරෙන්නේ සඳුන්කූරු ආශ්‍රයෙන් නිකුත් වන වායූන් මඟින් බව ඇතැම් පරිසර සංවිධාන පවසයි. මේ සියල්ලටම මූලය වන්නේ ලංකාවේ ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය වන්නාවූ හඳුන් කූරු නිෂ්පාදන වේ.

ඈත අතීතයේ පටන් ආගමික වතාවත් හා සබැඳි මේ සුගන්ධ ධුම නිකුත් කරන හඳුන් කූරු නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද ඒ සඳහා අවශ්‍ය වට්ටෝරුව පිළිබඳව අප සොයා බැලුවෙමු. ලී කුඩු, ගොම, අඟුරු, බෝඹු පොතු, භාවිතා කොට හඳුන්කූරු තලපය සදාගන්නා අතර උණ පතුරු භාවිතයෙන් කූර සකසා ගනියි. මේ සියල්ලම ස්වාභාවික අමුද්‍රව්‍ය වන අතර එමඟින් ශරීරයට කිසිඳු හානියක් නොවේ. එහෙත් සියල්ල වානිජකරණයට ලක්ව ඇති කර්මාන්ත ඇති රටක හඳුන්කූරු කර්මාන්තයද වානිජකරණයට ලක්ව ඇත.

නිසි ප්‍රමිතියෙන් තොරව ලංකාවේ නිෂ්පාදනය වන හඳුන්කූරුවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් හෝ පාරිභෝගික සේවා ආයතනයෙන් තවමත් කිසිදු ප්‍රමිති ගත කිරීමක් කර නොමැති නිසා එම නිසා මෙම කර්මාන්තය මඟින් සිදුවන අහිතකර පල විපාක ද දිනෙන් දින ඉහළ යයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අප උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ උපදේශක සාලිය පෙරේරා සම්බන්ධ කරගත්තෙමු.

“දැන් වෙ‍ෙළඳපොලේ තියන හඳුන්කූරුවල කිසිදු ප්‍රමිතියක් නැහැ. ඒ ප්‍රමිතිය පිළිබඳව තවමත් තත්ව සහතික නිකුත් කරලාත් නැහැ. ඒ නිසාම මේ ව්‍යාපාරිකයක් තමන්ගේ හිතුමනාපෙට කාබන්ඩයොක්සයිඩ් , බැරලෝහ වගේම වෙනත් විෂ රසායන හඳුන්කූරුවලට අඩංගු කරන්න පෙළඹිලා තියනවා.

ඉන්දියානු පර්යේෂණයෙන් අහිතකරයි කියලා සහතික කරපු ඉන්දියානු හඳුන්කූරු සන්නාම තමයි ලංකාවෙ කඩවල වැඩියෙන් විකුණන්නේ. මේක සුළු දෙයක් නෙමෙයි. ලංකාවට ඉස්සරහට ලොකු ගැටලුවක් වෙයි. ”

යුරෝපා සංගමයට අදාළ රටවල් සඳහා 2014 වර්ෂයේදි සුගන්ධකාරක ද්‍රව්‍ය සඳහා නීතියක් පැනවූ අතර සුගන්ධකාරක රසායනික ද්‍රව්‍ය 1326ක් ඒ අනුව මිනිස් සිරුරට අහිතකර වීම හේතුවෙන් භාවිතය තහනම් කෙරුණි. “විශේෂ සුවඳක්” (special fragrance) යන අලෙවිකාරක නාමවලින් ලංකාවේ වාණිජ වෙ‍ෙළඳපොලළේ පවතින බොහොමයක් සුවඳකාරක හා හඳුන්කූරු ආනයනය කරනු ලබන කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා අඩු මිලට වෙ‍ෙළඳපොළේ බෙදා හරිනු ලබයි. නමුත් මේ පිළිබඳව නොදන්නා ආගමික භක්තියෙන් අන්ධ වුණු බැතිමතුහු ඒවා භාවිතාකර අහිතකර ප්‍රතිඵල ලබති.

‘ඉස්සර අපි හඳුන්කූරු හැදුවේ ස්වාභාවික දෙවල් වලින්. දැන් එහෙම වෙනවා අඩුයි. සේරම පිටින් ගෙන්වනවා. ඒ හින්දා මේ රටේ මේ කර්මාන්තේ කරපු දහස් ගාණකගේ ජීවිත කබලෙන් ලිපට වැටුණා’

ජීවිත කාලයෙන් අඩකටත් වැඩි කලක් හඳුන්කූරු හැදූ කාන්තාවක් වන කුසුමාවතී මහත්මිය එහෙම කීවාය. ඈ කියන්නාක් මෙන් මෙවක සියලු දෑ ගෙන්වන්නේ පිටරටින්ය. ඉනිදු ‘අරුමෝසම්’දෑ වැඩිවශයෙන් ගෙනෙනුයේ චීනයෙනි. වෙසක් සැරසිලි, පූජා ද්‍රව්‍ය බොහොමයක් චීනෙන් එන නැව්වලින් මෙරටට ගොඩබායි.

මේ කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසක් සිටින්නේ නුවර, මීගමු මාර්ගවලින් කොළඹ නගරයට ඇතුළත් වන කැලණි පාලම යට දෙපස පවතින කුඩා නිවාසවලය.

“මෙල්වින් කාර්වින්” නම් ඇමරිකානු රාසායන විද්‍යාඥයා ආසියානු රටවල භාවිතා කරන මේ සුගන්ධකාරක පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදුකළ අතර මේ නිසා මොළයට වන හානිය ඉතා ඉහළ බව එහිදී ඔහු තහවුරු කර ඇත.

මේ පිළිබඳව තොරතුරු විමසීමට තායි සුමේධා ආයතනයේ සභාපති සුමේධ ඇල්පිටිය මහතා සම්බන්ධ කරගත්තෙමු.

”අපේ නිෂ්පාදන සියල්ල ස්වාභාවික අමුද්‍රව්‍යවකින් නිෂ්පාදනය කරන්නේ. ඒත් සමහර ආයතන හඳුන්කූරුවලට මඳුරු දඟර නිෂ්පාදනය කොට ඉතුරුවෙන කුඩු යොදාගන්නවා කියලා රාවයක් තියනවා. සමහර හඳුන්කූරු පත්තු කළාම එන සුවඳ දරාගන්න අමාරුයි. ලංකාවේ තාමත් හඳුන්කූරු සඳහා නිසි ප්‍රමිතියක් නැහැ. ”

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගෙන් අදහස් විමසුවෙමු. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ඒ පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසකි.

“ලංකාව කියන්නෙ හඳුන්කූරු කර්මාන්ත ඉතා හොඳින් සහ ස්වාභාවික අමුද්‍රව්‍ය ආධාරයෙන් නිෂ්පාදනය කරපු රටක්. හඳුන්කූර කියන්නෙ සුගන්ධයෙන් පූජනීය බවක් ගෙන දෙන්නක්. ඒත් දැන් නිෂ්පාදනය වෙන හඳුන්කූරු විනාශකාරී කියලා තහවුරු කරලා තියනවා නම් ඒක වලක්වා ගන්නට පරිසර සංවිධානවලින් හා අදාළ රාජ්‍ය අංශවලින් වහාම පියවර ගත යුතුයි. ”

“සුගන්ධයෙන් මෙහා යන අපහසුවක් ඇති කරන ධූමයන් ඇති වනවා නම් එය බුද්ධ පුජාවට අකැපයි. ” පශ්චාත් බුද්ධ කාලීන ව්‍යවහාරයේ සුවඳ දුම් භාවිතය පිළිබඳව පවතින්නේ මෙලෙසය.

ලෝකයේ වායු දූෂණය වන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටිනා ශ්‍රී ලංකාව සුගන්ධකාරක හේතුවෙන් පාරිසරික දූෂණයට ලක්වෙමින් පවතියි. මේ පිළිබඳව රාජ්‍ය අංශ කිසිදු මැදිහත් වීමක් මේ වන තෙක් සිදුකර නොමැති අතර පාරිභෝහික සේවා අධිකාරිය ද නිහඬය. මේ පිළිබඳව පාරිභෝගිකයන් ද නිහඬ වුවහෙත් වෙන්නේ වඳින්න ගිය දේවාලය හිසේ කඩන් වැටීමයි. එසේ නොවීමට නම් ඊට පෙර වඳින්න යන දේවාලයක දැනුවත්ව යා යුතුයි.

විශේෂ ස්තූතිය. හරිත ලංකා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කතිකාචාර්ය
ඉන්දික විජේබණ්ඩාර (රැස පුවත්පතේ ලිපියක් උපුටා ගැනින)

ලංකාව ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියෝ හෙළිකළ අනාවැකි රැසක්

බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් යනු දැයෙන් සමුගෙන කොතරම් වර්ෂ ගනනාවක් ගියද කිසිවකුගේ සිතෙන් නොමැකෙන හිමි නමකි. හිමියන් විසින් බුදු සසුන වෙනුවෙන් කල සේවය මෙන්ම විවිධ අනාවැකි ආදිය පිළිබදව කියා තිබුනු ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාද එහිමියන් පිලිබදව බොහෝ දෑ ලියවී ඇත. මේ එහිමියන් කියු ලංකාවේ ඉදිරි අනාගතය ගැන කියු කරුණු පිලිබදවයි.

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ. සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතාය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

තමන් වහන්සේ මෙම කරුණු මට හෙළි කළ යුතු යෑයි තීරණය කළේ පෙර දින පැමිණි මාස්‌ටර්වරුන් විසින් මා පිළිබදව දැක්‌ වූ යහපත් ප්‍රතිචාර නිසාවෙන් බව ද පැවැසූ සේක. උන්වහන්සේ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බොහෝ කරුණු මෙම කෘතියට ඇතුළත් නොකළේ ඒවා බොහෝ දුරට අතිශය විස්‌මිතවීම ද ඇතැම් කරුණු පාඨක ඔබ වුව ද සැකයෙන් බලන බව මා දන්නා නිසාය.

උන්වහන්සේගේ පෙර භවය මේ භවය සහ මතු භවය පිළිබද විස්‌තරය මවිසින් “ඉසිවරුන් දුටු මගේ බව ගමන” නමින් පළ කළ(1) ග්‍රන්ථයට ඇතුළත් කළේද උන්වහන්සේගෙන් රූපවාහිනී පටිගත කිරීම් අතරතුර ලද වාචික අවසරය සහිත බවද මවිසින් සිහිපත් කළ යුතුව ඇත.

නාහිමියන් තවත් බොහෝ විස්‌තර පවසන ලද නමුත් ඒ සියල්ල මෙම අවස්‌ථාවේ සටහන් කිරීම නොමැනැවයි මම සිතමි. එහෙත් මට ද ඇදහිය නොහැකි විස්‌තර සමුදායක්‌ උන්වහන්සේ පැවැසූ අතර එම විස්‌තර මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීමට මා තීරණය කළේ අති පූජ්‍ය බලංගොඩ මහ නාහිමියන් පිළිබදව අප දන්නා, පොතපතින් කියවා ඇති විස්‌තර සම්භාරයට අමතරව, අප නොදන්නා විස්‌තර කරුණු කොපමණ ඇති දැයි මට සිතුන නිසාය.

අති පූජ්‍ය බලංගොඩ මහ නාහිමියන් වහන්සේ යනු මේ ලෝකයෙන් පමණක්‌ නොව මුළු විශ්වයෙන්ම වැදුම් පිදුම් ලැබූ මහා යතිවරයන් වහන්සේ නමක්‌ බව නම් මට පසක්‌ විය.

“ඊයේ රෑ ආපු ඇත්තෝ මම බව ගමන නිම කිරීමට තීරණය කළ වේලාවේ ඒ අය මහත් සේ කලබලයට පත්වුණ බව ඒ ඇත්තෝ කීවා”.

“ඒ වනතුරු මමවත් දැනගෙන හිටියේ නෑ මා පිළිබදව විශ්වය පාලනය කරන මාස්‌ටර්වරුන් සුපරීක්‌ෂාවෙන් ඉන්නවා කියලා”.

“ඒ වේලාවේ මුන්නැහේ කුමක්‌ කරයිද කියල ඒ අය නොඉවසිල්ලෙන් බලා ඉදල තියෙනවා. මුන්නැහේ මට දීර්ඝායුෂ විඳීමට ආරධනා කිරීම පිළිබදව ඒ ඇත්තෝ මහත් සේ සතුටට පත්වෙලා තියෙනවා. මුන්නැහේට දැනගත යුතු යමක්‌ ඇත්නම් ඒ අය පැහැදිලි කරන බවත් නාහිමියෝ පැවසූහ. (1992) මා එවකට පැවති යුධයත්, එය අවසන් වන කාලය පිළිබදවත් අප රටේ අනාගතය පිළිබදවත් සිතූ අතර ලැබුණු පිළිතුරු සියල්ල මේ වනවිටත් සත්‍ය වී ඇත”

“ලබන ශතකයේ පළමු දශකයේ මුල් භාගයේදී යුද්ධය අවසන් වන බවත් (2010) පසුව රටේ විශාල වශයෙන් භෞතික දියුණුවක්‌ ඇති වෙනවා. එවකට බිහිවෙන රාජ්‍ය පාලකයන් අවංකව රට ගැන හිතල වංචා දූෂණවලින් තොරව කටයුතු කළොත් ලබන ශතකයේ දෙවැනි දශකය (2020) වනවිට අපේ රට ලෝකයේ විශිෂ්ටතම රටවල් ගොඩට එකතු වෙනවා”
(මෙම ප්‍රකාශය නාහිමියන් මා හා පැවසුවේ 1992 දී දෙසැම්බර් මාසයේදී බව මගේ සිහියට නැෙග්.)

එකී තත්ත්වය ඇති කිරීමේ කාර්ය භාරය රදා පවතින්නේ රටේ නායකයා අතෙයි. ඔහු අවංකව දැහැමිව රට පාලනය කළොත් රටේ අනාගතය යහපත් වෙනවා. රට පාලනය කරන අයගේ ක්‍රියා කලාපය උඩයි සියල්ල සිද්ධ වෙන්නේ.

හරියට ගෙදරක පියා වගෙයි. ගෙදරක පියා දුශ්චරිතයට බරවෙලා රා අරක්‌කු බොන, මස්‌ මාංශ කන කෙනෙක්‌ නම් එම පවුල විනාශයට පත්වෙනවා. පිටින් බලන අයගේ අවඥාවට භාජන වෙනවා.පියා යහපත් ගුණගරුක කෙනෙක්‌ නම්, පැවැත්ම යහපත් නම්, සියලු දුශ්චරිතවලින් මිදුන කෙනෙක්‌ නම්, ඒ පවුල දියුණු වෙනවා. පිටින් බලාගෙන ඉන්න අය අගය කරනවා. ආශිර්වාද කරනවා. රටක්‌ වුණත් එහෙමයි. රටේ පාලකයා අතෙයි රටේ දියුණුව හරි, පරිහානිය හරි, රදා පවතින්නේ. ඒක නිසා රටේ පාලකයා අවංකව, ධාර්මිකව, කටයුතු කළ යුතුවෙනවා”

“නායක හාමුදුරුවනේ මේ රටේ රාජ්‍ය නායකයාට විශ්ව කීර්ති සම්මානයක්‌ ලැබෙනවා කියල, නාඩි වාක්‍ය වලින් කියෑවුණා කියල, ඔබ වහන්සේ ප්‍රකාශ කළ බවක්‌ මට සිහි වෙනවා. ඒ ගැන දැනගන්න මම කැමතියි හාමුදුරුවනේ” මම සිතුවෙමි.

“හොදයි මම උත්තර දෙන්නං. ඊට පළමු මුන්නැහේට කරුණු තුනකට කැමති වෙන්න සිදුවෙනවා. එකක්‌ තමයි මේ බවයෙන් සමුගන්නා තුරු මත්පැන් පානය නොකරන බවට. දෙවැන්න මුන්නැහේ කිසිම විටෙක කාගේ හෝ බලපෑමකට හෝ යටත් වී මෝහන නිද්‍රාවට පත් නොවන බවට. තුන්වැන්න මෙම විස්‌තරය කිසිම විටෙක ලාභ අපේක්‌ෂාවෙන් කිසිම කෙනකුට හෝ නොකියන බවට.

එසේම මෙම විස්‌තරය මා අපවත් වන තුරු කිසිවකුටවත් නොකියන බවට. අඩුම තරමින් තමන්ගේ පවුලේ අයටවත් නොකියන බවට කැමැති විය යුතුවෙනවා. ඒ සියලු කරුණුවලට මම මුඵ හදවතින්ම එකග වන බව මම දැඩිව සිතුවෙමි.

“හොදයි මුන්නැහේ එකග වුණු අන්දමට කටයුතු කරයි කියල” මම විශ්වස කරනවා. හැබැයි මෙම රාජ්‍ය නායකයා කවුද කියල නං හිතන්න එපා. කර්මානුරූපව රාජ්‍ය නායකයා පිළිබදව සංඥාවක්‌ ලැබිය යුතු අවස්‌ථාවේදී මුන්නැහේට ලැබෙයි. එම තැනැත්තා මෙම පණිවුඩය පිළිගෙන කටයුතු කළොත් විශ්ව සම්මානය පමණක්‌ නෙවෙයි දීර්ගකාලීනව මෙරට රාජ්‍යත්වයට වුණත් පත්වීමේ වාසනාවද හිමිවෙනවා.

සියලු විස්‌තර හෙළි කිරීමෙන් පසු උන්වහන්සේ විසින් අවසානයට දුන් උපදේශය ද පාඨක ඔබට ද වැදගත් වේ යෑයි සිතූ හෙයින් මෙසේ සටහන් කිරීමට අදහස්‌ කළෙමි.

“මහත්තයා කිසියම් යහපත් වැඩක්‌ කරන්න කල්පනාවක්‌ තියෙනවනං, ඒක ප්‍රසිද්ධීයේ කියන්න එපා. අප අවට විෂම බලවේග තියෙනවා. එම විෂම බලවේග යහපත් දේ විනාශ කරන්න බලාගෙනයි ඉන්නේ. දැන් මේ පවතින යුද්ධයත් එවැනි විෂම බලවේගයක ප්‍රතිඵලයක්‌. දැන් සම්‍යයක්‌ දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය අඩුවෙලා, පසු කාලීනව තරුණ උගත් ශීලවන්ත හාමුදුරුවරු විවිධ පිංකම් පුද පූජා සිදුකරනවා. පිංකම් කරනවා. ඒ පිං බලෙන් නැවතත් සම්‍යයක්‌ දෘෂ්ටික දෙවිවරුන්ගේ බලය වැඩිවෙලා මේ අදුරු කාලය අවසන් වෙනවා.

“මුන්නැහේට මං දුන්න ඉන්දියාවේදී මං භාවනා කළ විස්‌තර තියෙන පොත් පිංච ඉදිරි කාලයකදී මුන්නැහේට මුද්‍රණය කරන්න අවස්‌ථාවක්‌ එනවා. ඒක ප්‍රකාශයට පත් කරන එක හොදයි. ඒ පොතේ තැන්තැන්වල මං භාවිත කළ ප්‍රබල වශී මන්තර වගයක්‌ තියෙනවා. ඒවා ප්‍රකාශයට පත් කරන්න එපා. එතකොට ඒවා මගේ නම දාල වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරන්න පුළුවනි. ඒකේ විස්‌තර මං සදහන් කරල තියෙන්නේ කෙටියෙන්. නමුත් ඒ මන්ත්‍ර ජීවං කරන්න ඕන සුදුසු පරිසරයක්‌ තුළයි. හරියට අපි පිරිත් දේශනාවක්‌ කරන කොට පිරිත් මණ්‌ඩප්පයක්‌ හදල වත්පිළිවෙත් අනුව වැඩ කරනවා වගෙයි”

“මෙම යන්ත්‍ර බලගන්වන්න විශේෂ ක්‍රම තියෙනවා. විශේෂ ගොඩනැඟිලි ඉදිකරන්න ඕනෑ. එතකොට තමයි විශ්වයේ ශක්‌ති කදම්බයන් ඒ ජීවම් කරන තෙල්වලට, වස්‌තුවට, ඇතුළත් වෙන්නේ. මා ළග මහා බලසම්පන්න මලයාලි ගුරුකම් යන්ත්‍ර හිටං තිබුණා. ඒවයේ තිබුණා මිනිස්‌සු මරන්ඩ තරම් ප්‍රබල මන්ත්‍ර. ඒත් මං ඒ කිසිම මන්ත්‍රයක්‌ කවදාවත් අත්හදා බැලුවේ නෑ. ඒ මන්ත්‍ර දුන්නු ඇත්තෝ ඒවා මට දුන්නේ ඒවා මං කිසිම දිනෙක එම මන්ත්‍ර පාව්ච්ච් නොකරන බව තමන් දන්නා නිසා කියලත් කීවා”.

“දවසක්‌ මට කල්පනා වුණා මේ තරම් ප්‍රබල මන්ත්‍ර කිසියම් දුෂ්ට මනුස්‌සයෙක්‌ අතට පත්වුණොත් රටට, මනුෂ්‍ය සමාජයට, විශාල විපත්තියක්‌ සිද්ධ වෙනවා නේද කියල හිතල අපේ ඩ්‍රයිවර් උන්නැහේ ලවා ඒවා ඔක්‌කෝම පුච්චලා දැම්මා. මේ පුංචි වශී මන්තර තුන හතර විතරක්‌ ඉතිරි කරගත්තා. ඒ මන්ත්‍ර හරි බලවත්. එහෙම කියන්නේ කිසි කෙනෙකුට හානියක්‌ නොවන විදිහට මං අත්හදා බලපු හින්දයි. නියම වත්පිළිවෙත් අනුව, සුදුසු පරිසරයක්‌ තුළ ඉදගෙන, සුදුසු සිල්වත් පිරිසක්‌ විසින්, මෙම වශී මන්ත්‍ර ජප කළොත් එය ඉතාම බලවත් වශී යන්ත්‍රයක්‌ වෙනවා. මම ඒවා පොතේ දීර්ග වශයෙන් සටහන් නොකළේ මේ විස්‌තර වැරදි අයෙක්‌ අතට පත් වුණොත් සිදුවිය හැකි විනාශය අවම කිරීම සදහායි.

දිනක්‌ නායක හාමුදුරුවන් වහන්සේ බත්තරමුල්ල චිත්තව්වේකාරයට වැඩිය බවට ලද ආරංචියකට අනුව උන්වහන්සේ හමුවීම සදහා බත්තරමුල්ල චිත්තවිවේකාරාමයට ගියෙමි. මා යන විට උන්වහන්සේ ඉහළ ශාලාවේ හාන්සි පුටුවකට වී පොතක්‌ කියවමින් සිටි සේක.

කුඩා සාමණේර හිමි නමක්‌ උන්වහන්සේගේ කෙණ්‌ඩා යුගලය සම්භාහනය කරමින් සිටියහ. නා හිමියන්ට වැද නමස්‌කාර කළ මම සම්භාහනය කිරීමේ අවස්‌ථාව ලබා ගතිමි. ඒ අතරතුර නාහිමියන් සමඟ කතාවට යොමු වීමි.

“නායක හාමුදුරුවනේ පත්තරේ තිබුණා අනුර බණ්‌ඩාරනායක මහත්තයාගේ කකුල කැඩිලා ඔත්පලවෙලා ඉන්නවා කියලා”. මම කීවෙමි.

“ඔව්, ඔය ආරංචිය පත්තරෙන් දැකල තමයි මමත් කොළඹ ආවේ. උන්නැහේගේ දුක සැප බලලා යන්න. ඔය රත්වත්තේ පවුලේ ඇත්තෝ, බණ්‌ඩාරනායක පවුලේ ඇත්තෝ, මට හුගාක්‌ උදවු පදව් කරපු ඇත්තෝ. මං බලංගොඩ පිරිවෙණේ ඉන්න කොට රත්වත්තේ පවුලේ ඇත්තෝ මගේ දුකසැප නිතර නිතර සොයා බැලුවා. ඒක නිසා මගේ හිතේ ඒ පවුලේ ඇත්තන් ගැන විශේෂ ඇල්මක්‌ තියෙනවා”.

“අවසරයි, හාමුදුරුවනේ, මොනවද අනුර බණ්‌ඩාරනායක මහත්තයා කියන්නේ” මම ඇසුවෙමි.

“මම උන්නැහේට අවවාද නං කළා. ඒත් උන්නැහේ ඒවා පිළිගෙන ක්‍රියා කරයි කියලා මට නං සැකයි. මම කීවා පවුලේ ඇත්තෝ විරසක වේලා, ඇන කොටා ගන්න එක නවත්තලා, සමගිවෙන්න කියලා. තමුන්ට මේ රටේ නායකකමට උරුමයක්‌ තියෙනවා නේද? නාඩි වාක්‍යවල කියලත් තියෙනවා. නියම කරල තියෙන පුද පූජා, වත්පිළිවෙත් කරල දේශපාලන කටයුතු කරන්න කියලා මම කීවා. මහත්තයා, මම මගේ යුතුකම ඉටු කෙරුවා. අවවාද අනුශාසනා භාරගෙන කටයුතු කරන එක ඒ ඇත්තන්ට භාරයි”

විජේතුංග ජනාධිපතිතුමා විසින් රජය විසුරුවා හරින ලදි. එතෙක්‌ මහජන පක්‌ෂයේ නායිකාව ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මැතිනිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට බැදුනු අතර පක්‌ෂය විසින් එතුමිය ජනාධිපති අපේක්‌ෂිකාව වශයෙන් තෝරා ගන්නා ලදි. (ඇයගේ ජන්ම පත්‍රය නාඩි වාක්‍ය තුළින් විමසීම සදහා බැංග්ලෝරය වෙත යෑවූ බව එක්‌තරා සතිඅන්ත පුවත් පතකට ලිපියක්‌ සපයමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු විසින් ලියන ලද ලිපියක සදහන්ව තිබිණි.)

ජනාධිපතිවරණය සදහා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉදිරිපත් කරන ලද්දේ ජනප්‍රිය නායකයකුව සිටි ගාමිණී දිසානායක මහතාය. පසු දින මුදල් අමාත්‍යාශංයේ මාධ්‍ය අංශයට පැමිණි දයාරත්න මහතා මානවසිංහ මහතාට කළ ප්‍රකාශය අප කාගේත් සිනහවට හේතු විය.

“ප්‍රභාත්, ඝෘෂිවරයා නායක හාමුදුරුවන්ටත් ලණුවක්‌ දීලනේ. තරුණ කාන්තාව එක්‌කළ තරගයට එන්නේ තලත්තෑනි කාන්තාවක්‌ කියලනේ කීවේ. දැන් ඇවිල්ල ඉන්නේ ගාමිණී දිසානායක මහත්තයනේ”. මද වේලාවක්‌ නිහඩව සිටි මානවසිංහ මහතා,

“දයා ඉලෙක්‌ෂන් එකට තව කල් තියෙනවනේ. අපි බලා ඉදිමු මොකද වෙන්නේ කියල” මානවසිංහ මහතා කීවේය.

සති කීපයකට පසු එක්‌තරා උදෑසනක මාධ්‍ය ඔස්‌සේ මුළු රටම කම්පා කරමින් ප්‍රකාශ වූ පුවතින් කියෑවුණේ ජනාධිපති අපේක්‌ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙක්‌ම තොටළග ත්‍රස්‌තවාදීන් විසින් අටවන ලද බෝම්බයකට හසුවී දිවංගත වූ බවයි. පසුව එක්‌සත් ජාතික පක්‌ෂය විසින් නව ජනාධිපති අපේක්‌ෂිකාව ලෙස දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිද වූ ශ්‍රීමති දිසානායක මැතිනිය නම් කරන ලදි.

අභිධජ මහා රට්‌ඨ ගුරු අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් වහන්සේ විසින් පවසන ලද බොහෝ දේ මේ වනවිටත් සැබෑ වෙමින් පවතී. මෙවැනි පොත් ලිවීමට මට කිසිදු අදහසක්‌ නොතිබිණ. එහෙත් මගේ මිතුරන් සහ පවුලේ අයගේ දිරි ගැන්වීම නිසාම මෙම පොත ඔබ අතට පත් කිරීමට මට භාග්‍යය ලැබිණ.

මෙහි සඳහන් බොහෝ කරුණු මා පමණක්‌ දැන සිටි හෙයින් එම කරුණු බෞද්ධ ජනතාවට දැනගත හැකිවන සේ ලියන ලෙස කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම පොත ඔබ අතට පත් වූ බව නැවතත් සදහන් කරනු කැමැත්තෙමි.

පොත් ලිවීමේ අපේක්‌ෂාවක්‌, අභිලාෂයක්‌,මා තුළ නොතිබුණි. එහෙයින් ඡායාරූප, සටහන් ආදිය එක්‌රැස්‌ කර ගනිමින් වඩා විස්‌තරාත්මක දින වකවානු සහිතව පොතක්‌ ඔබ වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන මම කනගාටුවෙමි. මගේ අභිප්‍රාය වූයේ නාඩි වාක්‍ය පිළිබද වීඩියෝ චිත්‍රපටියක්‌ නිපදවීම බැවින් එහි හඩපටය සමඟ රූප ද තිබෙන නිසා විශේෂ සටහන් තබා නොගත්තෙමි. අත්‍යවශ්‍ය අවස්‌ථා වලදී තබාගත් කෙටි සටහන් පමණක්‌ ඇසුරෙන් මෙම පොත පළකරවන ලද බව පාඨක ඔබගේ දැනගැනීම සදහා මෙසේ සටහන් කර තබමි.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් වහන්සේ සමාන්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව විශ්වයේ මහා බලසම්පන්න මාස්‌ටර්වරුන්ගේ පමණක්‌ නොව ඝෘෂිවරුන්ගේ ද නමස්‌කාරයට පාත්‍ර වූ මතු බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරණ බෝධි සත්වයාණන් වහන්සේ නමක්‌ බවයි.

මතු බුදුවන අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ එම උදාර ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවායි පිංකම් කර පිං අනුමෝදන් කරන සෑම අවස්‌ථාවකම අපේ බෞද්ධ ජනතාව උන්වහන්සේටද පිං අනුමෝදන් කිරීම මහත් පිංකමක්‌ නොවන්නේද?

නාඩි වාක්‍ය පිළිබද විද්වත් මතය – (ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ අදහස)
නාඩි වාක්‍යය පිළිබදව ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ අදහස්‌ දැනගැනීම සදහා වේලාවක්‌ ලබාගැනීමට ඒ මහතාගේ කාර්යාලයට මම දුරකථයෙන් කතා කළෙමි. ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා දිනයක්‌ හා වේලාවක්‌ දුන් අතර නියමිත දිනයට පැමිණෙන ලෙස ඒ මහතා කාරුණිකව මගෙන් ඉල්ලා සිටියේය. නියමිත දිනයට, නියමිත වේලාවට, ගියමුත් ඒ මහතා පැමිණීමට සුඵ ප්‍රමාදයක්‌ ඇතිවන බව දන්වා ඇති හෙයින් කාර්යාලයට වී සිටින ලෙස ඒ මහතාගේ ලේකම්වරයෙක්‌ මට දැන්වීය.

ඒ අනුව ආතර් සී. ක්‌ලාක්‌ මහතාගේ කාර්යාලයේ රැදී සිටින අතරතුර එතුමාගේ කාර්යාලය මගේ නිරීක්‌ෂණයට ලක්‌විය. පොත් පත්වලින් පිරුණු අල්මාරි හා කොම්පියුටරයකින් කාර්යාලය සමන්විත වූ අතර මා දුටු එකම ආගමික ශාස්‌තෘවරයකුගේ රූපයක්‌ වශයෙන් දුටුවේ අල්මාරියක්‌ මත නිතර ඇස ගැටෙන මානයේ තබා තිබූ ගාන්ධර්ව කලාවට අනුව නිර්මිත ගෞතම බුදුන් වහන්සේගේ උඩුකයේ පිළිමයක්‌ පමණකි.

ටික වේලාවකින් ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා පැමිණි අතර ප්‍රමාද වීම පිළිබදව ඒ මහතා පළමුව කනගාටුව පළ කළේය. මා නාඩි වාක්‍යය පිළිබදවත්, ඒ පිළිබදව මේ දක්‌වා කර ඇති විමර්ශනත්, අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් සමඟ කරන ලද සාකච්ඡාවන් පිළිබද විස්‌තර ද එම සාකච්ඡාවන් වීඩියෝගත කර ඇති බව ද පැවසීමි.

මගේ කතාවට සාවධානව සවන් දුන් ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා කළ ප්‍රකාශයයි මේ..
“පළමුවෙන් මෙම විෂය පිළිබදච මා දැනුවත් කිරීම ගැන මම ඔබට ස්‌තුතිවන්ත වෙනවා. ජ්‍යෙතිෂ්‍ය ගැන මම කියවලා, අසා, තිබෙනවා. ඒත් ජ්‍යෙතිෂ්‍යයේ මෙබදු අංශයක්‌ ඇති බව මම දැනගෙන සිටියේ නෑ. මට මේ ආරංචිය දීම පිළිබදව මම නැවතත් ඔබට ස්‌තුතිවන්ත වෙනවා. ඒත් මේ අවස්‌ථාවේ ඔබට උදව් කිරීමට මට ක්‍රමයක්‌ නැහැ. ඒ ගැන මට කනගාටුයි. හේතුව මම මේ දිනවල කාර්ය බහුලයි. නාසා ආයතනය විසින් මෑතදී සොයාගන්නා ලද (1992) අලුත් ග්‍රහලෝකයක පස්‌ පිළිබදව පරීක්‌ෂා කරල මාස දෙකක්‌ ඇතුළත වාර්තාවක්‌ සපයන්න කියල විස්‌තර එවල තියෙනවා. ඒ ගැන මම දිවා රාත්‍රි වැඩ කරනවා. ඔබේ ඉල්ලීමට පැය කීපයක්‌ මිඩංගු කිරීමටවත් වේලාවක්‌ ලබාදීමට නොහැකි වීම ගැන මම නැවතත් ඔබෙන් සමාව ඉල්ලනවා”

“ඒත් ඔබ විස්‌තර කළ කරුණු ආශ්‍රයෙන් මම අදහස්‌ කීපයක්‌ කියන්න කැමතියි. පළමුවෙන් මා පිළිබදව මගේ පවුලේ තොරතුරු ආදිය ගැන විස්‌තර නාඩි වාක්‍ය තුළින් කියෑවෙනවා කියලා ඔබ කීවා. ඔබ දන්නවා මා පිළිබදව බෙහෝ රටවල විවිධ භාෂාවලින් පත පොත ලියෑවිලා තියෙනවා. එමනිසා ඕනෑම කෙනකුට මා ගැන තොරතුරු සොයල විස්‌තර කියන්න පුළුවන් කියල සාධාරණ සැකයක්‌ මා තුළ තියෙනවා”

“ඊළග කරුණ තමයි ලෝකයේ බොහෝ දෙනකුගේ විස්‌තර සටහන් වෙලා තියෙනවා නම්, ඒ සදහා විශාල පුස්‌තකාල පද්ධතියක්‌ අවශ්‍ය වෙනවා. එවැනි පුස්‌තකාල පද්ධතියක්‌ තියෙනවද කියලා මම දන්නෙ නෑ. මම මේ කීවේ ඔබ කීව කරුණු පදනම් කරගෙන”. කරුණු දැක්‌වීම පිළිබදවත්, මට මෙම සාකච්ඡාව ලබාදීම පිළිබදවත්, ස්‌තුතිය පළ කළ මා එතුමා පළ කළ අදහස්‌වලට ප්‍රති උත්තර සැපයීම සදහා තවත් කෙටි කාලයක්‌ ලබාදිය හැකි දැයි විමසීමි. ඒ සදහා බොහෝ සේ කැමති වන බව පැවසූ ආචාර්ය ආතර් සී. ක්‌ලාක්‌ මහතා මගේ අදහස්‌ දක්‌වන ලෙස කාරුණික ඉල්ලීමක්‌ ද කළේය.

“ඒ අනුව නාඩි වාක්‍යය කියෑවීමට කාලයක්‌ නොමැති වීම සහ දෙවනුව දැක්‌වූ කරුණ වූ ඔබතුමා පිළිබදව පළ වී ඇති පොතපත ආශ්‍රයෙන් කරුණු දැනගත හැකි බවට ඔබතුමා දරන මතය සාධාරණ බව ද පැවසීමි. එහෙත් තුන්වැනි කරුණ පිළිබද ඔබගේ අවධානය පිළිබදව මා දරන මතය පළකිරීමට කැමැත්තෙමි. එනම් ලෝක පූජිත විද්‍යාඥයන් තම කරුණු පැහැදිලි කිරීමට යොදාගත්තේ අකුරු කීපයක කේතයක්‌ බවත්, ඒ කුඩා කේතය විග්‍රහ කිරීමට විශාල පොත්පත් සම්භාරයක්‌ ලියෑවී ඇති බව ද උදාහරණයක්‌ වශයෙන් අයින්ස්‌ටයින් වැනි මහා ගණිතඥයන් තම සමීකරණ සදහා යෙදාගෙන ඇත්තේ ඉතා කුඩා කේත ක්‍රමයක්‌ වන අතර එම කේත විශ්ලේෂණය සදහා දීර්ඝ සටහන් ලියා දැක්‌වීම පිළිබදවත් මම කරුණු පැහැදිලි කළෙමි.

බදුල්ලේ මෛත්‍රී රත්නායක මුලාශ්‍රය -දිවයින- ඉසිවරුන් දුටු මගේ බව ගමන ග්‍රන්ථය.

ඔබේ ඇස් පෙනීමත් වර්ධනය කරගන්න අක්ෂි ව්‍යායාම් 10ක් මෙන්න

එක දිගට වරු ගණන් පරිගණක තිරය හෝ රූපවාහිනිය දෙස බලාගෙන සිටීම ඇස් වලට කිසිසේත්ම හොඳ නැහැ. ඉක්මණින් කන්නාඩි පළදින්න වනවා සේම ඇස් වියලීම, ඇස් කැසීම, හිසරදය වැනි අතුරු ආබාධ එන්නටත් පුළුවන්. එත් එහෙමයි කියල, රූපවාහිනිය හෝ පරිගණකය නරඹන එක නතර කිරීම ප්‍රායෝගික නැහැ. නමුත් ඒ දේවල් කරන අතරතුරම ඇස් වල ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් ව්‍යායාම කිහිපයක් නම් තිබෙනවා. ඉතින් අද දවසේ අපි සඳහන් කරන්න යන්නේ ඉතා පහසුවෙන් ඇස් වලට කරන්න පුළුවන් ව්‍යායාම දහයක් පිළිබඳවයි.

වේලාව තිබෙන විදිහට මේ ව්‍යායාම ටික හැමදාම කළොත් ඉක්මනට කන්නාඩි දාන වෙන එකකුත් නැහැ, කලින් කියපු අතුරු ආබාධ එන එකකුත් නැහැ. එසේම ටික දවසක් කරනකොට ඇස් වල පැහැදිලි වෙනසකුත් තිබෙන බව ඔබට තේරේවි.

අඳුර දෙස බලා සිටීම
ප්‍රථමයෙන්ම අත් දෙක බොකුටු කර, වටපිටාවේ ඇති දේවල් සහ ආලෝකය නොපෙනනෙන ලෙසට ඇස් දෙකම වසා ගන්න. ඇස් දෙක විවෘත කර මේ දැඩි අන්ධකාරය දෙස විනාඩි කිහිපයක් බලා සිටින්න.

ඇස් දෙපසට ගෙන යාම
පහසු තැනක සිටගන්න. නැත්නම් පුටුවක කොන්ද කෙලින් තබා වාඩි වෙන්න. දැන් ඔලුව හරවන්නේ නැතුව ඇස් දෙක පමණක් කරකවා වම් පැත්ත බලන්න. ඒ පෙනෙන දේට දෑස් යොමා හොඳින් බලා සිටින්න. ඊළඟට ඔලුව හරවන්නේ නැතුව දකුණට ඇස් හරවා බලා සිටින්න. මේ ආකාරයට ඇස් දෙකෙන් පස්වරක් වම සහ දකුණ බලන්න. මේ චක්‍රය 3 වරක් පමණ කරන්න.

ඇස් ඉහළ පහළ ගෙන යාම
කලින් කියූ සේම පහසු තැනක සිටගන්න. නැත්නම් කෙලින් වාඩි වෙන්න. ඇස් දෙක ඉහළට කරකවා උඩ බලන්න. අවශ්‍ය නම් නළල රැලි වට්ටන්න. ඔබට පෙනෙන දේ ගැන දෑස් යොමා සිටින්න. ඊළඟට ඔලුව හරවන්නේ නැතුව ඇස් දෙකෙන් පහල බලන්න. මේ ආකාරයට ඇස් දෙකෙන් පස්වරක් ඉහළ සහ පහළ බලන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ඇස් විකරණය දිගේ දෙපසට ගෙන යාම
නැවතත් පහසු තැනක සිටගන්න. නැත්නම් කෙලින් වාඩි වෙන්න. ඇස් වලින් වම් පස පහළ බලන්න. දැන් ඇස් එහි විකරණය දිගේ ගෙන යමින් දකුණු පස ඉහළ බලන්න. මෙලෙස ඇස් දෙක පස්වරක් දෙපසට විකරණය දිගේ ගෙන යන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ඇස් රවුමට කරකැවීම
පහසු තැනක වාඩි වෙන්න. ඇස් වලින් වම් පස පහළ බලන්න. දැන් ඇස් රවුමට පස්වරක් දක්ෂිණාවර්තව කරකවන්න. ඉන්පසු වාමාවර්තව පස්වරක් කරකවන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ළඟ සහ දුර බැලීම
පැන්සලක් හෝ අතේ ඇඟිල්ලක් ඇස්වලට සෙන්ටිමීටර් 20ක් ඉදිරියෙන් නාසයට කෙලින් තබාගන්න. දැන් මේ පැන්සල හෝ ඇඟිල්ල දෙස බලන්න. ඉන්පසු ඒ කෙලින්ම ඈත තිබෙන දෙයකට ඇස් යොමු කර හොඳින් ඒ දෙය දෙස බලන්න. නැවතත් පැන්සල දිහා බලන්න. මේ ආකාරයට පස් වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රයක් 3 වරක් පමණ කරන්න.

දෑස් යොමා සිටීම
පුටුවක් මත කෙලින් වාඩි වී හරි කෙළින් ඉදිරිය බලන්න. ඊළඟට ඇහි බැම දෙක අතර ලක්ෂ්‍යයක් දෙස බලා තත්පර කිහිපයක් දෑස අයාගෙන සිටින්න. නැවතත් ඉදිරිය බලන්න. මෙලෙසට පස්වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රය 3 වරක් පමණ කරන්න.

දෑස් යොමා සිටීමේ දෙවන ක්‍රමය
පුටුවක් මත කෙළින් වාඩි වී හරි කෙළින් ඉදිරිය බලන්න. ඊළඟට නාසයේ කෙළවර දෙස බලා තත්පර කිහිපයක් දෑස අයාගෙන සිටින්න. නැවතත් ඉදිරිය බලන්න. මෙලෙස පස්වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රයක් 3 වරක් පමණ කරන්න.

ඇස් තෙරපීම
ඇස් දෙක හොඳින් වසාගන්න. ඉන්පසු අත් දෙකින් ඇස් දෙක වැඩිය තද නොකර ලාවට තත්පර දෙක තුනක් මිරිකන්න. ඉන්පසු ඇස් දෙක වටා ඇති මස්පිඩු බුරුල් කරන්න. නැවතත් ඇස් දෙක මිරිකන්න. මේ විදියට දස වතාවක් කරන්න.

ඇස් දෙක හොඳින් වසාගන්න. ඉන්පසු පිල්ලම් දෙක ලාවට රවුමට තෙරපන්න. ඉතා තදින් මිරිකන්නත් එපා. මේ ආකාරයට වරකට වාමාවර්තවත්, අනෙක් වර දක්ෂිණාවර්තවත් ලෙස දස වතාවක් (එක දිශාවකට 5 බැගින්) ඇස් දෙක තෙරපන්න.

ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

භාග්‍යවතුන් වහන්සේට පුජා කරන කිරි ආහාර නිවැරදිව සකසාගන්නා විදිය මෙන්න

අප ගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදිව සකස් කර ගන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය.. (මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප්‍රමාණයන් ය.)

සුවඳැල් සහල් – 1 kg, වියලි කජු මද – 125g, වියලි මිදි – 200g, රට ඉඳි – 250g, ඇපල් ගෙඩි – 2යි, තැඹිලි ගෙඩි – 4යි, එළ කිරි – ලීටර් 5යි, ඇන්කර් හෝ හයිලන්ඩ් බටර් – 100g, එනසාල් – 15g, කරාඹු නැටි – 15g, ස්ට්‍රොබෙරි ගෙඩි කිහිපයක්, මී පැණි කාලක් පමණ.

සාදා ගන්නා ආකාරය..
සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න. ඉන්පසු තැඹිලි වතුරේම පෙගෙන්නට තබන්න. එනසාල් සහ කරාඹු නැටි බැදගෙන, කුඩු වන ලෙස කොටාගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන්පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න. එළ කිරි ලීටර් 5 ගෙන ප්‍රමාණවත් භාජනයකට දමා රත්කරන්න.. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න.

ස්වල්ප වේලාවක් තබා පෙ‍ඟෙන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි එකට එක් කරන්න. ඉන්පසු කර වීම වැලැක්වීම පිණිසත් උතුරා ඉවත් වීම වැළැක්වීම පිණිසත් දිගටම හැඳිගාන්න.. හැඳිගාන අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියලි මිදි ස්වල්පයක් ද රට ඉඳිද එක් කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආ විට ලිපෙන් බාගන්න. වියලි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරය. නැතිනම් වියලි මිදි වැඩි පුර තැම්බී රසය වෙනස් වේ.

ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකිය. එය ගැටලුවක් නොවේ. උකු භාවය නැති වන තෙක් රත් කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙන තෙක් පමණයි.

ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුන ද පාත්‍රයට දමා ටික වේලාවකින් උකු භාවය නැති වී ඝන බවට පත් වේ. ඉන් පසු මී පැණි ප්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක් කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද ස්ට්‍රෝබෙරි ද, කජු ස්වල්පයක් සහ වියලි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න.

ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න.

මෙහි දී මුඛවාඩම් බැඳගෙන (මාස්ක් – mask), පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇදුම් පැළදුම් ආදිය ඇඳගෙන කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍ය වේ. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ සජ්ඣායනාවක් වැනි යමක් හෝ පිරිත් හෝ ඇසෙන්නට දමා ගෙන බුදු ගුණම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසිවීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛ වාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගත හැක).

මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ්‍රද්ධාවෙන් සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව මහත් සැදැහැයෙන් කර්ම කර්ම ඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබේ..!!

තෙරුවන් සරණයි..!!!
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කොච්චර පාඩම් කරත්, මතක හිටින්නේම නැද්ද? මෙන්න ක්‍රමවේදයක්

කෙතරම් අමාරු විෂයයක් වුණත් ඔබේ මොළයට ඕනෑ ම දෙයක් ඉගෙන ගැනීමට පුළුවන්. එය ඉතා ඉක්මනින් කරන්නටත් පුළුවන්. එය රුසියානු, අරාබි හෝ වෙනත් සංකීර්ණ භාෂාවක් ද කියන එකවත්, සංගීත භාණ්ඩයක් ද කියන එකවත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව වැනි විෂයයක් ද කියන එකවත් ගැටලුවක් නොවේ.

සමීක්ෂණයකට අනුව ඉතා ම කාර්යක්‍ෂම ඉගෙනුම් කාලය වන්නේ, නව විෂයයක් හෝ කෞශල්‍යයක් හමුවී ගත වන පළමු පැය 20 ට ඇතුළත් කාලයයි. නව විෂයක් හමුවූ අවස්ථාවක මොළය ශීඝ්‍රයෙන් එම දැනුම උකහා ගැනීමට ක්‍රියා කරයි. නමුත් ඒ සඳහා පුද්ගල රුචිකත්වය සහ නව විෂය කෙරෙහි මොළයට දැනෙන උත්තේජනය ද බලපායි.

මෙලෙස, මොළය නව තොරතුරු එකතු කර ගැනීම පිළිබඳ අධ්‍යයනය කළ පළමු පිරිස අතර 19 වන සියවසේ ජර්මනියේ විසූ දාර්ශනිකයෙක් සහ මනෝ විද්‍යාඥයෙක් වූ හර්මාන් එබින්හව්ස් (Hermann Ebbinghaus) ද වූහ.

නව කුසලතාවට දක්වන සබඳතාව සහ එය ඉගෙන ගැනීමට ගත කරන කාලය අනුව ඔහු ‘ඉගෙනුම් වක්‍රය’ නමැති අදහස ඉදිරිපත් කළේය.එය ප්‍රස්ථාරයක් මගින් පැහැදිලි කිරීමට, “දැනුම” සිරස් රේඛාවටත් (Y අක්ෂයට), “කාලය” තිරස් රේඛාවටත් (X අක්ෂයට) යෙදිය හැකිය. මුල් පැය කීපය තුළ නව විෂයයක් හැදෑරීමට වැඩි කාලයක් වැය කිරීම මගින් වැඩි දැනුමක් උකහා ගත හැකි බව එබින්හව්ස්ට පැහැදිලි විය. ඒ අනුව ප්‍රස්ථාරයේ වක්‍රය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

නමුත් කෙටි කාලයකට පසු, එය අධ්‍යයනය කිරීමට ඇති මොළයේ ධාරිතාව කාලයට සමාන්තරව ගමන් කරයි. නමුත් එම විෂය හැදෑරීමට දිගින් දිගට ම කාලය යෙදවීම පරිපූර්ණත්වයට කෙනෙක් යොමුකරනු ඇත. නමුත් නව දැනුම ග්‍රහණය කර ගැනීම ශිඝ්‍රයෙන් අවසන් වනු ඇත. නව දැනුමක් රැස්කර ගැනීමට ගත වන කාලය ඇස්තමේන්තු කිරීමට එබින්හව්ස්ගේ ප්‍රස්ථාරය මේ වන විට යොදා ගැනේ. ඵලදායිතාව අගැයීමට ලක් කිරීම සඳහා එය ව්‍යාපාරික ලෝකයේ ද නිරතුරුව යොදා ගනී.අප නව විෂයයක් හැදෑරීම ආරම්භ කර ගත වන පළමු පැය 20 වඩා වේගවත් සහ ඵලදායී වේ. නව උත්තේජකයක් හමුවූ වහා ම ඊට වහා ප්‍රතිචාර දැක්වීමට සහ උපරිම දත්ත ප්‍රමාණයක් උකහා ගැනීමට අපේ මොළය හැඩගැසී තිබේ.

කාලයක් පුරා එක ම උත්තේජන නැවත නැවත හමුවීම තුළ මොළයේ ප්‍රතිචාරය ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග ශීඝ්‍රයෙන් අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය නැවතී යයි. මෙම පියවර ඇබ්බැහි වීම යනුවෙන් හැඳින්වේ.අප යමක් අලුතෙන් ඉගෙන ගන්නා විට, එය කෙතරම් සංකීර්ණ වුවත්, එහි අප ඉගෙන ගන්නා කරුණු මුලින් සහ ක්‍ෂණිකව ග්‍රහණය කර ගන්නා අතර පසුව එය මන්දගාමී වේ.

ඔබ හදාරන ක්‍රමවේදය හඳුනා ගන්න
ඵලදායිතාව වර්ධනය කළ යුත්තේ කෙසේදැයි උගන්වන ඇමෙරිකානු ජාතික ජෝෂ් කෆ්මන් (Josh Kaufman), මෙම මුල් පැය කීපයේ කෙරෙන උකහා ගැනීම කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇත්තෙකි.මෙම පදනම ඔහුගේ ‘පළමු පැය 20’ (The First 20 Hours) ග්‍රන්ථයට ප්‍රස්තුත විය.ඔහුගේ යෝජනාව වන්නේ, විෂය ජීරණය කළ හැකි කොටස් කීපයකට බෙදිය යුතු බවය. පරිබාහිර බාධා මගහැර දිනකට විනාඩි 45 ක් බැගින් සෑම දිනක ම ඊට සෘජු අවධානය යොමු කළ යුතුය.

ඔබ එහි විශේෂඥයෙකු විය නොහැකි නමුත් ඒ වන විට පැය 20 ක ශක්තිමත් මතකයක් ඔබ සතුව වනු ඇත. එය ඔබගේ ඉච්ඡාභංගත්වය බිඳ ඉදිරියට යාමට ප්‍රමාණවත් වනු ඇත.එසේ ම, නව විෂය පිළිබඳ ඔබ තුළ ඇති වන විශ්වාසය එහි පරිපූර්ණත්වය කරා යාමට ඔබට උපකාර වේවි.

පැය පහේ අධ්‍යයනය
නව විෂය දැනුමක් ග්‍රහණය කරගන්නා අනෙක් ආකාරය වන්නේ, ‘පැය පහේ රීතියයි’, දිනකට පැය බැගින් සතියේ දින පහක් තුළ හැදෑරීම එම ක්‍රමවේදයයි.මෙම ‘ඕනෑකමින් කෙරෙන හැදෑරීම’ අවධාරණය කරන සුප්‍රකට පුද්ගලයන් අතර බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ද වේ. කැපවීමෙන් නව දැනුම උකහා ගැනීම සඳහා දිනපතා කාලය වෙන් කිරීම මෙමගින් අපේක්‍ෂා කෙරේ. එහිදී තමන් එම විෂය මාතෘකාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තේ යැයි පුද්ගලයා සෑහීමට පත්වීමත් සමග ඉන් ඔබ්බට අනෙක් මාතෘකාවලට යමින් ඉදිරියට යනු ඇති බව ඔහු පවසයි.

විශේෂඥයන්ට අනුව, අප පැය පහේ රීතියට අනුගත වන්නේ නම්, අපට නව හැකියාවක් සෑම සති හතරකට වරක් ම උකහා ගත හැකිය. එය සිදුවන්නේ, නිරන්තර අධ්‍යයනය සහ ඒ පිළිබඳ ඇති පෙළඹවීම නිසාය.ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් ඕනෑකමින් කෙරෙන හැදෑරීම අනුගමනය කරන්නෝ වෙති.

සාර්ථකත්වයේ රහස විමසීමේදී බිල් ගේට්ස්, එලන් මස්ක්, වරන් බුෆේ හෝ මාර්ක් සකර්බර්ග් වැනි අය සඳහන් කළේ, උවමනාවෙන් කරන හැදෑරීමට තමන්ගේ ඇති ඇල්මය.ඔබට යම් මාර්ගයක සාර්ථකත්වයට ළඟා විය යුත්තේ නම්, ඉගෙනුමට ඇති ආශාව පවත්වාගෙන යන්න, ඉලක්කයට ළඟා වීමට තමා තුළ ම විනය පවත්වාගෙන යන්න.