මේක බීලා දවස් 7කින් බඩ අඩු කරගන්න – ගෙදරදීම හදාගන්න පුළුවන් පානයක් මෙන්න

බඩේ තියන ටයර් ටික, ඒ කිව්වේ බඩ වටේ තැන්පත් වෙලා තියන තෙල් තට්ටුව තියාගෙන ඉන්න ආස අය නම් බොහොම අඩුයි. වැඩි දෙනෙක් මෙහෙම ඉන්නේ එක්කෝ කෑම පාලනය කර ගන්න බැරි නිසා, නැතිනම් ව්‍යායාම කරන්න කම්මැලි නිසා හෝ වේලාවක් නැති නිසා. කවුරු හරි ඇවිත් බඩ අඩුකරලා දෙනවනම් ඒකට අකමැති අය ඉඳියි කියලා හිතන්නත් අමාරුයි නේද? අපි දැන් කියන්න යන්නේ ඒ් වගේ කිසිම අතිරේක මහන්සියක් නැතිව ලේසියෙන්ම බඩ අඩුකර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

මෑත කාලයේදී කරපු අධ්‍යනයකින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි බඩේ මේ විදියට තෙල් පිරිලා තියෙන එක ලස්සන ගැන ප්‍රශ්නයක්ම නොවෙයි කියලා. මේකෙන් දරුණු ලෙඩ රෝග වැළඳෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔබේ බර නියමිත ප්‍රමාණයේ තියෙනවා වූණත් බඩ ප්‍රදේශයේ තෙල් පිරිලා තියෙනවා කියන්නේ ඔබ නිරෝගී නැහැ කියන එකයි. ඔබේ ආයු කාලය අඩුකරන්නත්, තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්නත් බඩේ තෙල් තැම්පත්වීම හේතු වෙනවා.

දැන් මේ කියන්න යන මේදය දහනය කරන වට්ටෝරුව ලෝකය පුරාම ජනප්‍රිය වුණු එකක්. විවිධ වයස් මට්ටම්වල විවිධ බරවල් තිබුණු අය මේක උත්සාහ කරලා බලලා තමන්ගේ බර අඩුවුණු බව කියලා තියෙනවා. මේ නිසා මෙතෙක් හොයාගත්තු සාර්ථක ක්‍රමයක් මේක. ප්‍රධානම දේ මේක හදාගන්න එක හරිම සරලයි වගේම පහසුයි. අවශ්‍ය වන්නේ පාස්ලි, ‍ලෙමන් සහ වතුර විතරයි. මේ 3 පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරගෙන බර අඩුවීම වේගවත් කරගන්න. කරන්න තියෙන්නේ මේ සරල උපදෙස්ටික පිළිපදින එක විතරයි.

අවශ්‍යදේ දේවල් තමයි මේ – පාස්ලි කොළ මිටියක් ලොකු ලෙමන් ගෙඩියක් වතුර කොප්පයක්

හදාගන්නේ මෙහෙමයි..
මුලින්ම පාස්ලි කොළ ටික මිටියක් වගේ අරගෙන මැල්ලුම් හදන්න වගේ පුළුවන්තරම් සිහින්ව කපාගන්න. ඒක කරන්න කම්මැලිනම් බ්ලෙන්ඩර් එකට දාලා කුඩුකරලා ගන්න. ඊටපස්සේ ලෙමන් ගෙඩිය දෙකට කපලා යුෂ ටික වීදුරු භාජනයකට මිරිකා ගන්න. මේ යුෂ වලට කෑලිකරගත්තු පාස්ලි කොළ ටිකයි, වතුර කොප්පයයි එකතු කරගෙන කවලම් කරගන්න.

මේ මිශ්‍රණය දිනපතාම උදේ නැගිටපු ගමන් හිස්බඩ බොන්න ඔනේ. එක දිගටම මේ විදියට දවස් 6ක් හැමදාම උදේට මේක බොන්න. මතක තියාගන්න මේක නැවුම්ව හදාගත්තු ගමන් තමයි බොන්න ඕන. ඊට පස්සේ දවස් 10 ක් විවේක ගන්න. ඒ කිවුවේ දවස් 6ක් මේක බීලා ඊලඟට දවස් 10ක් මේක නොබී ඉන්න ඕනේ. ඉන්පස්සේ තවත් බර අඩුකරගන්න ඕනෙ නම් ආයෙත් දවස් 6ක් බොන්න, 10 ක් විවෙක ගන්න. මේ චක්‍රය ඔබ කැමති කාලයක් කරන්න.

මේ බීම එකේ තියෙන වැදගත් ලක්ෂණ බොහොමයි
පාස්ලි හා ලෙමන් කියන දෙකම ඔබේ මේදය දහනය කරනවා වගේම කලිනුත් කිවුවා වගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. විශේෂයෙන්ම පාස්ලි වලින් ඔබේ ආහාර ජීරණය වේගවත් කරලා ශරිරයේ එකතුවෙන තරලයන් ඉවත් කිරීම කාර්යක්ෂම කරනවා. මේ නිසා මුහුණේ එහෙම තියෙන පිම්බුණ ගතිය දුරු වෙලා යනවා. මේදයටත් වඩා අපිව මහතයි වගේ පේන්න හේතුව මේ විදියට ශරීරයේ තරල එක් රැස්වීමයි.

ඔබට පුදුම හිතෙයි මේකෙන් ලැබෙන ප්‍රතිඵලය දැක්කම. පළවෙනි දවස් 6 අවසාන වෙන්න කලින් පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන්. බඩේ තියෙන තෙල් ටික දහනය වෙලා ගිහින් ඇඟටත් ශක්තිය ලැබේවි. සති කිහිපයක් මේක කළා නම් කිසිම මහන්සියක් නොවී ලස්සන සිරුරකට හිමිකම් කියන්න පුළුවන් වේවි.

පේනවා නේද ස්වභාවික දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන් ප්‍රයෝජනය. මේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම නිසා ලේසියෙන්ම විසඳුමක් ලබාගන්නත් ඔබට හැකිවේවි.

ඔබේ කට ගඳ ගහන එකට හේතුව මෙන්න, මෙය ඉවත් කරගෙන ප්‍රශ්නය විසඳාගන්න

කට ගඳ ගැසීම, එසේත් නොමැති නම් දුර්ගන්ධ ශ්වාසය යනු බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්කිරීම සඳහා හේතුවී තිබෙන සෞඛ්‍ය තත්වයකි. ඔබ කොපමණ උත්සාහ කළත් ඇතැම්විට එම තත්වය සමනය කරගන්නට නොහැකි වෙන්න ඇති.

මොකද්ද හේතුව..
ගලග්‍රන්ථිය මත ඇතිවී තිබෙන ගල් තත්වය නිසා තමයි බොහෝවිට කට ගඳ ගැසීම කියන තත්වය ඇතිවන්නේ.

මුව විවර කොට හොඳින් පරීක්ෂාකර බැලුවොත් ගලග්‍රන්ථිය මත සුදු පැහැති තිත් වගයක් ඔබට දැක ගන්නට ලැබේවි. ඔබේ කට ගඳ ගසනවානම් ඒ සඳහා වගකිවයුතු වන්නේ එයයි. එම ගල් විසින් සල්ෆර් වැනි පිළිකුල් ගන්ධයක් නිකුත් කරනවා.

කට ගඳ ගැසීමට හේතුවන මෙම ගල් වර්ගය ඔබේ මුඛයෙන් ඉවත් කළොත් ඔබේ කට ගඳ ගැසීමේ ප්‍රශ්නය සාර්ථකව විසඳේවි.

එය සෙම, බැක්ටීරියා, සහ ආහාර වලින් සමන්විත ගුලියක් යනුවෙන් හැඳින්වූවාට වරදක් නැත.

එය සමූහය දැඩි ස්වභාවයකට පත්වූවිට කට ගඳ ගැසීම පමණක් නොවෙයි ආහාර ගිලීමේදී වේදනාවක් දැනීම වැනි තත්වයන්ද ඇතිවෙන්නට පුළුවන්.

බොහෝවිට ඒවා පහසුවෙන් ඉවත්කරගන්නට හැකියාව තිබුණත්, ඇතැම්විට සුළු ශල්‍යකර්මයක අවශ්‍යතාවයක් මතුවෙන්නට පුළුවන්.

ඔබේ මුඛය හොඳින් විවර කර Cotton Buds එකක් ආධාරයෙන් වුවද මෙම ගල් ඉවත් කරගත හැකි අතර එය ඇතුලට වෙන්න පිහිටා තිබේනම් සුළු ශල්‍යකර්මයකින් මෙය ඉවත් කරගත හැක.

අර්ශස් නිට්ටාවට සුවකරගන්න රාබු අල, මුං ඇට ප්‍රතිකාරය

මූල පලා නමින් අතීතයේ සිට හැඳින්වෙන, ආහාරයට ගැනෙන, රාබු, ආහාර සඳහා මෙන් ම ඖෂධ සඳහාත් යොදා ගන්නා වටිනා ශාකයක්. එය කෘසිපරේසියේ කුලයට අයත්වන්නක්. චීන සම්භවයක් සහිත යි. සංස්කෘතයෙන් මූලක ලෙස හැඳින් වෙන අතර අලවල හැඩරුව අනුව හස්ති දන්තක, මහාකන්ද , දීර්ඝ කන්ද යන නම්වලින්ද හඳුන්වනු ලබනවා. ආහාර රුචිය වඩන්නක් බැවින් ‘රුචිරන්’ නමින් ද හඳුන්වනු ලබනවා.

ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාපවල රාබු වගා කර ගත හැකියි. බෝල රාබු , බීරළු රාබු, රතු රාබු, හා දිග රාබු යන ප්‍රභේද මෙහි වගා කරනු ලබනවා. කඳුරට ජනප්‍රියව ඇති රතුරාබු මාසයක් තුළ අස්වැන්න, නෙළිය හැක්කක් වන අතර එය සලාද සැකසුමට යොදා ගන්නවා. වෑංජන‍ය, තැම්බුම අච්චාරු ව සම්බෝලය යනාදි තවත් විවිධ ක්‍රමවලින් රාබු ආහාරයට ගත හැකියි. රාබු කොළ සලාදයද රසවත් ගුණවත් ආහාරයක් . අල පෙති කපා වියළා, අටුකොස් විලස ආහාරයට ගන්නත් හැකියි.

රාබු මල බද්ධය දුරලන්නක් මෙන්ම විවිධ රෝග වැළැක්වීමේ ශක්තිය ද ඇත්තක්. නිතර ආහාරයට ගැනීමෙන් බොහෝ රෝගවලින් වැළකිය හැකියි.ඇස්කොබික් , ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල රාබු විටමින් බී 6 රයිබොෆ්ලේවින්, මැග්නීසියම් කොපර් පොස්පරස් යකඩ කැරටීන් හා මාංශ ජනක ධාතු වලින් පොහොසත්. කාබෝහයි ඩ්‍රේට් බහුල බැවින් මනා ශක්ති ප්‍රභවයක්ද වනවා. ග්‍රෑම් 100 ක කිලෝ කැලරි 20 ක ශක්තියක් ඒවායේ පවතිනවා. ඇතැමුන් අප්‍රිය කරන රාබුවල ඇති ගන්ධය නිකුත්වන්නේ ගෙන්දගම් අධික බව නිසා. ඒවා සිරුරේ රුධිරයෙහි විෂ ඉවත්කර පිරිසිදු කර දෙන ගුණයෙන් යුක්තයි . අක්මාවට ඉතා හිතකරයි. රාබු ආයුර්වේදයේ වා පිත් සෙම් යන තුන් දොසම සමනය කරන්නක් ලෙස සැළකෙනවා. සෙම ආශ්‍රිත, රෝගවලට ගුණ දෙන එය පීනස ඇදුම කැස්ස හා කක්කල් කැස්ස සමනය කරගන්නට උපකාරීවනවා.

එසේම අර්ශස් රෝගයෙන් පෙළෙන්නන්ටත් සහන සලසන්නක්. දිය වැඩියාව ක්ෂය රෝගය, චර්ම රෝග, වාත රෝග, ගැස්ට්රයිටිස් දුරු කරන ශක්තියෙන් යුතුයි. පිත්තාශ, වකුගඩු, පණු රෝග, ආමාශයික ආබාධ , සන්ධි ප්‍රදාහවලට එරෙහිවද ක්‍රියාත්මක වෙනවා. දූවිල්ලට ඇතිවන ඇස් දැවිල්ල කඳුළු ගැලීම ආදි අසාත්මිකතා ද දුරු කරනවා.රාබු අලය මෙන් ම කොළය ද ගුණදායකයි. එම දෙවර්ගය ම එකට ආහාරයට ගැනීමෙන් මුත්‍රා පෙරීම මැනවින් සිදු කෙරෙනවා. රාබු අල කෙටූ යුෂ වලට ජලය ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මුත්‍රා ගල් දියවීමට මෙන් ම වකුගඩු පිරිසිදුවීමටත් හේතුවන්නක් බව සඳහන්.

එසේ ම මුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය, මුත්‍රා අඩුවෙන් යාම, ආදි අපහසුතාවලටත් එය මෙන්ම රාබු තැම්බූ වතුර ද ගුණදායක බව සඳහන් වෙනවා. රාබු අමුවෙන් ගැනීම මුත්‍රා ගල් ඇති අයට හිතක‍ර වුවත් සෙම් රෝග ඇතිවිට අමු රාබු හිතකර නැහැ.දිනපතා රාබු යුෂ වීදුරුවක් සකසාගෙන පානය කිරීමෙන් පිළිකා වළකින බව සඳහන් වෙනවා. රාබු යුෂ වලින් , ක්ෂාර , මූලකාදී වැනි තෙල් වර්ග ද නිෂ්පාදනය කෙරෙනවා. විවිධ ආසාදන නිසා උණ හටගත් විට රාබු යුෂ සහිඳලුණු සමග මිශ්‍රකර දෙනවා . උණට මෙන් ම සෙංගමාලයට ත් රාබු වෑන්ජනය හිතකර බව සඳහන්.

රාබු දුම්බීමට ඇබ්බැහිවූවන්ට ඉන් ම්දීමටත් උපකාරී වන්නක් සේ සැළකෙනවා. ඒ සඳහා රාබු යුෂ තේ හැඳි 3ක් මීපැණි තේ හැන්දක් සමග දිනකට දෙවර බැගින් පානයකළ යුතු බව සඳහන්වෙනවා. හිස් සොරි හා හිසකෙස් ගැලවීම යාම සඳහා රාබු යුෂ හිසේ ගල්වනවා. විටමින් බී සී සින්ක් ආදියෙන් සරු රාබු සමෙහි ඇතිවන කුෂ්ට ළප කැළැල්, වියළි බව දුරුකර, තෙතමනය රඳවා වියපත් පෙනුම ද පමාකර දෙන්නක්. එය සුදුකබර වැනි චර්ම රෝගවලට එරෙහිවද ක්‍රියා කරනවා.

ඉන්දියාව ජපානය වැනි රටවල් රාබු අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය බව සඳහන්. ‍එය ලොව පුරා රට රටවල වගාකෙරෙන්නක්. මැක්සිකෝවේ සංස්කෘතික අංගවලටත් රාබු එක්කරගෙන ඇති අතර ‘රාබු රාත්‍රිය’ නමින් විශේෂ උත්සවයක් ඔවු න් වාර්ෂිකව පවත්වනවා.

දියවැඩියාවට – රාබු අල ඉතා සිහින්ව ලියා, රතුලූනු උම්බලකඩ අමුමිරිස් ආදිය දමා සම්බෝලයක් සේ සකසා නිතර ආහාරයට ගැනීම

කල් ගතවූ කැස්සට – රාබු අල යුෂ ,සහිඳ ලුනු , තිප්පිලි කූඩු මීපැණි දමා මඳක් රත් කොට උදේ හවස මේස ,හැඳි දෙක බැගින් බීම

අර්ශස් ගෙඩිවලට – රාබු අල ,කොළ සිහින්ව ලියා ලුණු මිටක් දමා තම්බා මඳ උණුසුම් විට .ගෙඩි සේදීම. ( රස්නය අඩුවීයන තෙක් )අල කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා තැවීමත් සුදුසුයි

සන්ධි ඉදිමුමට – රාබු කොළ අමුකහ දිය ලුණු දමා කොටා මඳගින්නේ මලවා බැඳීම

සම සුදුවීමේ රෝගයට – රාබු අල පෙති කපා වියළා විනාකිරෙහි දමා වියළෙන්නට හැර ඉඟුරු ඉස්මෙන් අඹරා ආලේප කිරීම

මීමැසි බඹර දෙබර විසට – රාබු කැබැල්ලක් තලා පැළැස්තර දැමීම

අර්ශස්වලට – රාබු අල මුං ඇට ස්වල්පයක් සමග තම්බා තලපයක් කර ටික කලක් දිනපතා ආහාරයට ගැන්ම

සමේ ළප කැලැල් හා වියළි බව දුරුකිරීමට හා යටි පතුල් පැලීමට – ළපටි ,රාබු තලා යෝගට් සමග මිශ්‍රකර ආලේප කිරීම

(මූලාශ්‍ර හා සේයා රූ අන්තර්ජාලය හා වෛද්‍ය, ලේඛන ඇසුරිනි).

හරියටම එළු මස් කරියක් හදන හැටි දැනගන්න, රෙසිපි එකත් එක්කම මෙන්න

ගොඩක් ගෘහණියන් එළු මස් කරියක් කොහොමද හරියටම හදන්නේ කියලා දැනුවත් නෑ. ඉතින් ඔන්න අපි අද කියන්න යන්නේ වස විස නැති එළු මස් කරියක් කොහොමද හරියටම ගෙදරදීම රසට හදාගන්නේ කියලා. අවශ්‍ය කරන දේවල් පහතින් තියෙනවා.

මේ තියෙන්නේ අවශ්‍ය දේවල් – එළු මස් 1kg ක්,අර්තාපල් අල ලොකු ගෙඩි 1 ක් (කොටු කපා), පොල්තෙල් තේ හැඳි 3 ක්, ලූණු ලොකු ගෙඩි 3 ක් (පොඩියට කපා ගත්), කරපින්චා ඉත්තක්, ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 2 ක්, කහ කුඩු තේ හැඳි 1/2 ක්, මිරිස් කුඩු මේස හැඳි 1 ක්, තුනපහ තේ හැඳි 3 ක්, තක්කාලි සාමාන්‍ය තරමේ ගෙඩි 2 ක්, රස පදමට ලුණු, උණු වතුර කෝප්ප 2 ක්.

මෙන්න සාදන ක්‍රමය – වළඳක පොල්තෙල් රත් වෙන්න හැර එයට ලූණු, කරපින්චා සහ ලුණු පොඩ්ඩක් දමා රන් වන් වනතුරු පිස ගන්න. එයට ඉඟුරු සුදුලූණු පේස්ට් එක එකතු කර සුවඳ හමන තුරු විනාඩි 2-3ක් පිස ගන්න. ලිපේ ගින්දර අඩු කර කහ, මිරිස් කුඩු, තුනපහ එකතු කර විනාඩියක් පමණ පිස ගන්න. පිලිස්සෙන එක නැති කරන්න එයට වතුර තේ හැන්දක් පමණ එකතු කරන්න. තුනපහ වල පිසුනු සුවඳ එන විට තක්කාලි ටික එකතු කර මෘදු වන තෙක් පිස ගන්න. එළු මස් ටික සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. උණු වතුර කෝප්ප දෙක එකතු කර හොඳින් මිශ්‍ර කර ගින්දර අඩු කර මූඩියකින් වසා විනාඩි 30ක් පමණ පිස ගන්න. මස් ටික සියයට 75ක් පමණ පිසීගෙන එන විට අර්තාපල් අල ටික එකතු කර තවත් විනාඩි 10-12ක් අල මෘදු වන තෙක් පිසගෙන ලිපෙන් ඉවතට ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

මොළයට හානි සිදු කරන, ඔබව තරබාරු කරන MSG අඩංගු ආහාර වර්ග

MSG කියන්නේ පිළිකා කාරකයක්. ඒ වගේම ආහාර රසගන්වනයක්. ගොඩක් කෑම රස ගන්වන්න මේ MSG (Monosodium Glutamate) යොදාගන්නවා. ඔබ හා ඔබේ පවුලේ අය දිනපතා ආහාරයට ගන්නා ආහාර වර්ග දහස් ගණනක මෙම MSG අඩංගු බව ඔබ දන්නවාද? මෙන්න මේ ආහාර වල MSG අඩංගුයි.

බෝතල් කරන ලද ආහාර, සකස් කරන ලද මස් වර්ග, සැලඩ් ඩ්‍රෙසින්, චයිනීස් ආහාර, ක්‍රැකර්ස්, ජපන් ආහාර, පැස්ටා වර්ග, සුප් කැට, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, ස්නැක් වර්ග, වියලි සුප් වර්ග, ශීත කල ආහාර, ක්ෂණික ආහාර, බිස්කට් වර්ග, ස්ටු වර්ග ආදිය MSG අඩංගු අහාර වර්ග කිහිපයක් පමණි.

MSG අඩංගු නොවන සකස් කල ආහාර ද්‍රව්‍යයක් සොයා ගැනීම පවා ඉතා දුෂ්කරය. MSG එකතු කිරීමේ පරමාර්ථය වන්නේ ආහාරයේ රසය වැඩිකර වෙළඳ පොල වැඩි කර ගැනීමයි.

නොමග යවන ආකාරයේ MSG අඩංගු කර ඇති ආකාරයන්
ඔබ ගන්නා ආහාරවල පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය යටතේ සෘජුවම මොනෝසෝඩියම් ග්ලුටමේට් ලෙස සඳහන් නොකර පහත සඳහන් ආකාරවලින් දක්වා ඇත්තේද MSG ය. ස්වාභාවික රසකාරක, අනුමත රසකාරක, රසයාමයන්,මෝල්ටඩ් බාර්ලි, වැඩිදියුණු කල ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වාභාවික චිකන් රසය, දැල්ලන් රසය, මාළු රසය, ආහාර පදම් කාරක,සෝයා ප්‍රොටීන්, තන්දුරි චිකන්, ඉරිඟු සිරප්,සෝයා සෝස්,ස්වාභාවික ඌරු මස් රසය, ස්වාභාවික එළු මස් රසය, ජෙලටීන්, ස්වයං විච්ඡේදක යීස්ට්( autolysis yeast), බාර්ලි මෝල්ට් , එන්සයිම්ස් පෙක්ටීන්, සිට්‍රික් ඇසිඩ්ඔබ යම් සකසන ලද ආහාරයක් ආහාරයට ගන්නේ නම් ඒ සෑම දෙයකම පාහේ සැඟවුනු ආකාරයෙන් MSG අඩංගු වී ඇති බව මතක තබා ගන්න.

ආහාර රසකාරක MSG භාවිතය නිසා ඇතිවන ප්‍රතිවිපාකයන්
MSG භාවිතය නිසා සමහර පුද්ගලයන් තුල විවිධ කෙටිකාලීන අතුරු ආබාධයන් ඇති වන බව අනාවරණය වී ඇත. හිස කැක්කුම, දහඩිය දැමීම, හිරිවැටීම,ශරීරයේ දැවිල්ල, පපුවේ වේදනාව, හෘද ස්පන්දන ව්‍යාකූලතාවයන්ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.

තරබාරු බව ඇතිවීම
මිනිසුන් මෙන්ම පර්යේෂණාගාර සතුන්ද උපයෝගී කරගෙන කරන ලද පර්යේෂණ අනුව MSG භාවිතය නිසා තරබාරු බව හා දේහ බර වැඩිවීම සිදුවන බව අනාවරණය වී ඇත.ආහාර රුචිය පාලනය කරන Leptinහෝමෝනයට ඇතිකරන බලපෑම් නිසා මේ තත්වය ඇතිවේ.

මොළයට හානි සිදුවීම
MSG මගින් මොළයේ සෛල වලට හානි සිදු කරන බවත් හෝමෝන පද්ධතියේ අසාමාන්‍යතා ඇති කරන බවත් දැනට සොයාගෙන ඇත.ඇතැම් විට පිළිකා ඇතිවීමට හේතුවිය හැක. තද හිසරදය (Migraine headache)

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

විදුරු මස් ආසාදන පිළිකා වලට එරෙහිව සටන් කරන මැංගුස් වල ඇති ඔබ නොදත් ඖෂධීය ගුණ

දම්පාටින් බබළන හුරුබුහුටි බාහිර පෙනුමින් ඕනෑම කෙනකුගේ සිතක් ආකර්ෂණය කර ගැනීමට මැංගුස්වලට පුළුවන්. ලස්සන වගේ ම එහි පවතින ගුණ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.

මැංගුස්වල ජලය ග්රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්රෑම් 41ක්, මේදය ග්රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒවාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලි ග්රෑම් 12ක්, යකඩ මිලි ග්රෑම් 0.30ක්, මැග්නීසියම් මිලි ග්රෑම් 13ක්, පොස්පරස් මිලි ග්රෑම් 8ක්, පොටෑසියම් මිලි ග්රෑම් 48ක්, සෝඩියම් මිලි ග්රෑම් 7ක් සහ සින්ක් මිලි ග්රෑම් 0.21 ක් අන්තර්ගතයි.

මැංගුස්වල විද්‍යාත්මක නාමය වන්නේ Garcinia mango stana යි. මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මිනිස් සිරුරෙහි වියපත් බව දුරලමින් තරුණබව රැක ගැනීමට උපකාර කරයි. එහි අඩංගු සංතෘප්ත මේදය හේතුවෙන් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පවත්වා ගැනීමට පුළුවන.

මැංගුස් ග්රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 63ක් වැනි ප්‍රමාණයකි. එමනිසා මිනිස් සිරුරේ අන්තර්ගත මේද ප්‍රමාණය මැංගුස් ආහාරය ගැනීමෙන් පාලනය කරගත හැකි ය. ස්ථුලතාවයෙන් දුක් විඳින පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීමෙන් තම ශරීර බර අඩුකර ගැනීමට පුළුවන. මැංගුස් ග්රෑම් 100කින් මිනිස් සිරුරට අත්‍යවශ්‍ය විටමින් සී 12%ක් පමණ ලබා ගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. රතු රුධිර සෛල වර්ධනය කර ගැනීමට මැංගුස් ආහාරයට ගැනීමෙන් හැකියාව ඇත. රුධිර නාළවල ධමනි හීනි වීමේ තත්ත්වය මඟහරවා ගැනීමට ද , මැංගුස් වඩාත් උචිත පලතුරකි.

මැංගුස් මඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට හැකි ය.එමඟින් රෝග වළක්වා ගැනීමට ද හැකිවේ. මැංගුස්වල අන්තර්ගත තඹ, මැග්නීසියම්, ඛනිජ ලවණ හා පොටෑසියම් නම් වූ පෝෂ්‍ය පදාර්ථ මඟින් අධික රුධිර පීඩන තත්ත්ව වළක්වාගත හැකි ය. එසේ ම හෘද ස්පන්ධනය මනාව පාලනය කර ගැනීමට පුළුවන.

මැංගුස්වල අඩංගු විටමින් සී හේතුවෙන් ඇසේ ඇතිවන සුද තත්ත්වය වළක්වා ගත හැකි බව වෛද්‍යවරු ප්‍රකාශකර කරති. දේශීය වෛද්‍යවරුන් ද, මැංගුස් මදය පමණක් නොව, එහි ලෙල්ල තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබේ.

මැංගුස් ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාරයට ගුණදායක ය. එපමණක් ද නොව, ඔසප් සිදුවීමේදී ඇතිවෙන වේදනා මඟහරවා ගැනීමට ද මැංගුස්වලින් විවිධ දේශීය බෙහෙත් වර්ග පිළියෙළ කරනු ලබයි. මැංගුස්වල කොළ සහ පොතු මඟින් මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට සඳහා බෙහෙත් වට්ටෝරු සාදනු ලැබේ.

මැංගුස් ආහාරයට ගැනීමෙන් මුහුණේ ඇතිවන කුරුළෑ වැනි ආසාදන තත්ත්ව අවම කර ගැනීමට පුළුවන. විවිධ චර්ම රෝග සුවවීම වේගවත් කරන අතරම, සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාව ද මැංගුස්වල පවතී.

මෙහි අඩංගු xanthones නමැති සංඝටකය හේතුවෙන් මිනිස් සිරුරට බලපාන දිලීර, වෛරස් ආසාදන තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන. පිළිකා රෝග සඳහා ද මැංගුස් ඉතාමත් ම ගුණදායක පලතුරකි.වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට, ගර්භණී සමයේදී මැංගුස් ආහාරයට ගැනීම එතරම් ගුණ දායක නොවේ.

ප්‍රතිඔක්සිකාරකයක් වීම
විවිධ විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මැංගුස් සතුව වර්ග දෙකක “xanthones” වන “alpha mangosteen” සහ “gamma mangosteen” යන සංයෝග අන්තර්ගත වන බව සොයාගෙන තිබෙනවා. “xanthones” මගින් ශරීරයේ දැවිල්ල වැනි තත්වයන් සමනය කිරීම ඇතුළුව විවිධ වර්ගයේ හෘද රෝග සුවපත් කරන බවත් අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. ප්‍රතිඔක්සිකාරක බලයන්ද වන මෙම සංයෝග මගින් විවිධ රෝග කාරක නිසා ශරීරයේ හානි වූ සෛල සුවපත් කිරීම, අකලට ශරීරය වියපත් වීම වැළක්වීම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කිරීම සහ කායික සහ මානසික සෞඛ්‍යය වර්ධනය කිරීම පවා මැංගුස් මගින් සිදු කරනවා.

කැලරි අවම වීම
කැලරි සහිත ආහාර තෝරා බේරා ආහාර ලබා ගන්නා අයට මැංගුස් කදිම පළතුරක්. මැංගුස් තුල අන්තර්ගත වන්නේ කැලරි ඉතා අඩු අගයක්. (මැංගුස් ග්‍රෑම් 100 තුල කැලරි 63 ක් අන්තර්ගත වනවා) ඒ වගේම, මැංගුස් සතුව සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් සුළු ප්‍රමාණයක්වත් අන්තර්ගත වන්නේ නෑ. එපමණක් නොවෙයි, මැංගුස් තන්තු වලින්ද පොහොසත් පළතුරක් වනවා. (ග්‍රෑම් 100 තුල 13% පමණ) ශරීරයේ බර පාලනය කිරීමට උත්සහා කරනන් සඳහාත් මැංගුස් ඉතා උසස් පළතුරක්.

විටමින් C
මැංගුස් විටමින් C වලින් පොහොසත් පළතුරක්. (ග්‍රෑම් 100 තුල විටමින් C 12%). ජලයේ දියවන ප්‍රතිඔක්සිකාරකයක් වන මෙම විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් අපව ආරක්‍ෂා කරන අතර වෙනත් රෝග කාරක වලින්ද අපව ආරක්‍ෂා කරනවා. විටමින් C සපිරි මැංගුස් ආහාරයට ගැනීම මගින් ශරීරයේ නව සෛල වර්ධනයත් ඇතිකරනු ලබනවා. ගර්භණි සමයේදී කාන්තාවකට මේ ආකාරයේ විටමින් C අතිශය වැදගත් වන අතර කපාටක රෝග සඳහාත් මැංගුස්ඉතා හොඳඖෂධයක් වනවා.

රුධිරය සංසරණය
මැංගුස් මගින් ශරීරයේ රතු රුධිර සෛල වර්ධනය කරන අතර රක්තහීනතාවය දුරු කරනවා. රුධිර නාලිකා ශක්තිමත් කර රුධිර සංසරණයත් නිසි ලෙස සිදු කිරීමට මැංගුස් තුල අන්තර්ගත වන සෞඛ්‍යය සම්පන සංඝටක දායක වනවා. මැංගුස් සුලභව අහාරයට ගැනීම මගින් තියුණු පපුවේ වේදනාව, අධික කොලෙස්ටරෝල් මට්ටම, “atherosclerosis” සහ හදවතේ රුධිර නාලිකා සිර වීම වැනි රෝග සුවපත් කර ගන්නට පුළුවන්.
මැංගුස් ආහාරයට ගැනීම මගින් ඇසට සිදුවන රුධිර සංසරණය නිසි ලෙස සිදුවීම නිසාත්විටමින් C නිසි ලෙස ශරීරයට සැපයීම නිසාත් “cataracts” වැනි අක්‍ෂි රෝග (මෙයඇසේ කාචයේ විනිවිද පෙනෙන ස්වභාවය වැඩිවීම නිසා පෙනීම බොඳ වන රෝගයක්) වලින් පහසුවෙන්ම ආරක්‍ෂා වන්නට පුළුවන්.

අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම
මිනිස් ශරීරයේ අන්තරගත වන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස අඩු කර හදවතේ නිසි ක්‍රියාකාරීත්වය රැක ගන්නට මැංගුස් ජීවක ඔසුවක් වනවා.

Tuberculosis
මැංගුස් සතු බැක්ටීරියා නාශක බලයන් සහ දිලීර නාශක බලයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමත් “Tuberculosis” වැනි බැක්ටීරියා නිසා පෙනහල්ල තුල ඇතිවන රෝග නැසීමත් සිදු කරනවා.

පිළිකාව
පිළිකාව පාලනයට සමත් වන්නේ මැංගුස් තුල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලයයි.

රුධිර පීඩනය
මැංගුස් සතු කොපර්, මැන්ගනීස් සහ මැග්නීසියම් යන ඛනිජ වර්ගමගින් හද ගැස්ම සහ රුධිර පීඩනය නිසි ලෙස පවත්වා කිරීටක හදවත් රෝග සහ ආඝාතය වැනි දරුණු රෝගී තත්වයන් වලින් ආරක්‍ෂා කිරීමක් සිදු කරනවා.

වේදනා නාශක බලය
ඖෂධ පානය කිරීම මගින් සුව කල නොහැකි සයට්කා වේදනාව මැංගුස් තුල අඩංගු වන වේදනා නාශක බලය විසින් සුව කරනු ලබනවා. ඔබත් සයටිකා වේදනාව වැනි ශරීර වේදනා වලින් පසු වන පුද්ගලයෙක් නම් දිනකට දෙතුන් වතාවක් මැංගුස් ආහාරයට ගන්න. ඔබේ ශරීර වේදනාවන් සුවපත් වේවි.

“Alzheimer’s” රෝගය
“Alzheimer’s” රෝගය යනු මොළයේ පරිහානිය නිසා ඇතිවන මානසික රෝගී තත්වයක්. මෙම රෝගයේ රෝග ලක්‍ෂණ වන්නේ ව්‍යාකූල බව, වික්ෂේපය සහ කරුණු මතකයෙහි රදවා තබා ගැනීම අපහසුවීමයි. මැංගුස් ආහාරයට ගැනීම මගින් ලැබෙන තවත් වටිනා සෞඛ්‍යය වාසියක් වන්නේ “Alzheimer’s” රෝගය සුවපත් වීමයි.

කුරුලෑ
මැංගුස් සතු ස්වභාවික බැක්ටීරියා සහ විෂබීජ නාශක බලයන් මගින් කුරුලෑ වැනි සම මත ඇතිවන ආසාදනයන්ට සුවය ගෙනෙනවා.

සෛල නවත සැකසීම
අනෙත් පළතුරු හා සසඳන විට මැංගුස් පළතුරේ ලෙල්ලේ “Xanthone” සංයෝගය වැඩි වශයෙන් අන්තර්ගත වනවා. මෙම සංයෝගය මගින් ශරීරයේ හානි වූ සෛල නැවත සකසා ආරක්‍ෂා කරනු ලබනවා.

ශරීරයේ බර අඩු කිරීම
මැංගුස් ලෙල්ලේ අන්තර්ගත වන “Xanthone” සංයෝගය මගින් අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේබර වැඩි වීම පාලනය කරනු ලබනවා.

විදුරු මස් වල ඇතිවන ආසාදන දුරලීම
මැංගුස් ආහාරයට ගැනීමෙන් “periodontitis” වැනි විදුරු මස් ආසාදනයන් සුව කර ගන්නටත් පුළුවන්.

ඔසප් වේදනා සමනය කිරීම
කාන්තාවකට ඔසප් වීමක් අසන්න වන විට හිස කරකැවිල්ල, මනෝභාවය වෙනස් වීම, රුධිර පීඩනය වැඩි වීම වැනි විවිධ පීඩාකාරී ලක්‍ෂණමතු වනවා. මැංගුස් මුල මගින් මෙවන් ඔසප් වේදනා සමනය කරන බවට මැලේසියාවේ සිදු කරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

උදරාබාධ සුව කිරීම
මැංගුස් විශාල ලෙස වගා කරන රටක් තමයි පිලිපීනය. ඔවුන් මැංගුස් උදරය ආශ්‍රිත රෝග සුව කිරීම සඳහා නිතරම භාවිතා කරනවා. ඔවුන් මේ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ මැංගුස් ශාකයේ පත්‍රයි. මැංගුස් පත්‍ර භාවිතයෙන් පාචනය, බඩවැල් තුල හට ගන්නා “dysentery” රෝගය සහ මුත්‍රා රෝග සුව සුව කරනු ලබනවා.

වියපත්වීම පාලනය කිරීම
මැංගුස් සතු “catechin” වැනි ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරය අකලට වියපත් වීම වලකා තරුණ පෙනුම රැකදෙනවා.

ශක්තිය වර්ධනය කිරීම
ඔබව ප්‍රබෝධමත් කර මුළු දවසම ශක්තිමත්ව තැබීමට මෙම පළතුරට හැකියාව තිබෙනවා. මෙහි අඩංගු වන පෝෂණ ගුණය නිසයි ශරීරය ප්‍රබෝධමත් කර ශක්තිය වර්ධනය කරනු ලබන්නේ.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ගොඩක් ගෘහණියන් දැනුවත් නැති කොස් ඇට කළුපොල් මාළුව හදන හැටි

ගොඩක් දෙනෙක් කළුපොල් මාළුව ගැන අහලා තිබුණට අතළොස්සක් විතරයි කළුපොල් මාළුවේ රසය ගැන දන්නේ. අන්න ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර කළුපොල් මාළුවක් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය – ලොකු කොස් ඇට 25 ක් පමණ, සිහින්ව කපාගත් රතු ළුණු මේස තේ හැඳි 04 ක්, සිහින්ව කපාගත අමු මිරිස් කරල් 04 ක්, කරපිංචා දළු ස්වල්පයක්, උම්බලකඩ මේස තේ හැඳි 04 ක්, ලුණු ස්වල්පයක්, තුනපහ සහ බදපු මිරිස් කුඩු, පොල් කිරි කෝප්ප 01 ක්, බැද අඹරා ගත් පොල් මේස තේ හැඳි 02 ක්, බැද අඹරා ගත් හාල් මේස තේ හැඳි 02 ක්

සාදන ආකාරය :
මුලින්ම කොස් ඇට පිරිසිදු කර, පොතු පිටින් කුඩා කැබලිවලට වෙන් නොවන සේ තලා ගන්න. මැටි වලඳකට තලාගත් කොස් ඇට දමා තැම්බෙන්න අවශ්‍ය පරිදි වතුර එකතු කරන්න. බැදපු හාල්, පොල් හා පොල් කිරි හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න. කොස් ඇට හොඳින් තැම්බෙන්න දෙන්න. කොස් ඇට තැම්බුණාට පස්සේ බැදපු හාල්, පොල් සහ පොල් කිරි එකතු කරන්න. විනාඩි 10 ක් පමණ තැම්බෙන්නට හැර ලිපෙන් ඉවතට ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ළපටි දඹල වලින් රසට සම්බෝලයක් හදමුද?

දඹල කියන්නේ ප්‍රෝටීන්, හිතකර මේද සහ තන්තු බහුල එළවළුවක්. උයන්නේ නැතිව අමුවෙන් මේ එළවළුව කන්න පුළුවන් නම් එහි ඇති පෝෂණ ගුණය එලෙසින්ම අපිට ලබා ගන්න පුළුවන්. අද හැඩකාරී අපි රුව ගුණ රැකදෙන, සෞඛ්‍ය සම්පන්න දිවියකට උදව් වෙන ළපටි දඹල සම්බෝලය හදන හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :
ළපටි දඹල 50g ක්, රතු ළූනු 50g ක්, පොඩි තක්කාලි ගෙඩි 1 ක්, අමු මිරිස් කරල් 2 ක්, ගාගත් පොල් 25g ක්, ගම්මිරිස් තේ හැඳි 1 ක්, දෙහි ස්වල්පයක්, ලුණු පදමට

සාදන ක්‍රමය :
දඹල සුද්ද කර ගෙන දෙපැත්ත කපා ඉවත් කර හීනියට කපා ගන්න. රතු ළූනු, තක්කාලි සහ අමු මිරිස් හීනියට කපා ගන්න. පසුව පොල් සමග දෙහි, ලුණු සහ ගම්මිරිස් හොඳින් අනා ගන්න. ඉන් පසු කපා ගත් සියලුම දේ පොල් සමග මිශ්‍ර කරන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

තේ මේසෙට රස මාළු පාන් හදමුද? රෙසිපි එකත් එක්කම පහසුවෙන් හදන හැටි මෙන්න

මාළු පාන් කිවුවම කන්න ආස නැත්තේ කවුද නේද? තේ මේසෙට උණු උණුවට රසට මාළු පාන් එකක් තිබුණොත් කොහොමද? කදිමයි නේද? ගොඩක් ගෘහණියන් හිතන්නේ මාළු පාන් ගෙදරදීම හදන්න අමාරුයි කියලා. ඔන්න අපි අද කියන්න යන්නේ ගෙදරදීම රසට මාළුපාන් හදන හැටි ගැන.

පිටි මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පන් පිටි 450g ක්, බටර් 40g ක්, ඊස්ට් මේස හැදි 1ක්, සීනි තේ හැදි 1ක්, වතුර කෝප්ප 1ක්, ලුණු තේ හැදි 1/2ක්

පිටි මිශ්‍රණය හදන හැටි
මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර විනඩි 5ක් පමන තබන්න. පසුව එම දියරය පිටි වලට පියවරෙන් පියවර එකතු කරගෙන හොදින් අනාගන්න. මොලිය පදමට පැමිණී පසු ව්නාඩි 15ක් පමන ආවරනය කර පිපෙන්න තබන්න. පසුව එය කුඩා ප්‍රමාණයේ බෝල වලට වෙන් කර ගන්න. ඉන්පසු කුඩා බෝල තුනි කර එයට මාළු පිරවුම මේස හැන්දක් පමන දමා ත්‍රිකෝණාකරව සාදාගෙන නැවත විනඩි 30ක් පමන පිපෙන්නට තියන්න.

සාදා ගත් සියලුම මාළු පාන් වල උඩ කොටසේ, හොදින් ගසා ගන්නා ලද බිත්තර සුදු මද පින්සලක් ආදරයෙන් ආලේප කරන්න. පසුව oven තැටියක බටර් ස්වල්පයක් තවරා එයට පාන් පිටි ස්වල්පයක් ඉස ගන්න. එහි මාළු පාන් තබා 180c විනාඩි 30ක් පමන oven එකේ පිසගන්න්න. හැම විටම oven එක නියමිත උෂ්ණත්වයට කලින් රත් කරගන්න.

පිරවුම සදහා අවශය වන්නේ – සැමන් හෝ තම්බාගත් මාලු 200g ක්, තම්බාගත් අල ගෙඩි 2ක්, ලීක්ස් ස්වල්පයක්, ළූණූ ගෙඩි 1ක්, අඹරාගත් සුදු ළූණු තේ හැදි 1ක්, අඹරාගත් ඉඟුරු තේ හැදි 1ක්, අමු මිරිස් කරල් 2ක්, තෙල් මේස හැදි 2ක්, කරපිංචා ඉත්තක්, ලුනු පදමට, කහ කුඩු තේ හැදි 1/4ක්, ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්, අබ ඇට තේ හැදි 1/4ක්.

මෙන්න මිශ්‍රණය හදන හැටි
තෙල් රත්වෙන්නට හැර එයට ඇබ ඇට දමා පුපුරන විට, ඉගුරු, සුදු ළූණූ, කරපින්චා, අමු මිරිස්,ළූණූ දමා තෙම්පරාදු කරගන්න. එයට ලීක්ස්, මාලු හෝ සැමන්, තම්බා පොඩි කරගත් අල එක්කර හොදින් මිශ්‍ර කරන්න. හොදින් තෙම්පරාදු කර පදමට ලුණු දමා ගම්මිරිස් එක් කර ලිපෙන් ඉවත් කර ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ගෙදරදීම රසට මසාලා තෝසෙ හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

තොසේ කිවුවම කන්න ආස නැති කෙනෙක් නැති තරම් නේද? ගොඩක් අය තොසේ රාත්‍රී ආහාරයක් ලෙස ආහාරයට ගන්න කැමතියි. තෝසෙ වලින් රසම තෝසෙ විදියට අල මසාලා කරියක් මැදට දාලා හදන මසාලා තෝසේ වලට හැමෝම වගේ කැමතියි නේ. ඔන්න අපි අද කියන්න යන්නේ මසාලා තෝසෙ කොහොමද ගෙදරදීම රසට හදාගන්නේ කියලා. පහලින් තියෙනවා මසාලා තෝසෙ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය සහ හදන හැටි. ඔයාලත් හදලම බලන්නකෝ.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – හාල් පිටි 200g ක්, උළුඳු පිටි 200g ක්, ඇල් වතුර අවශ්‍ය පමණට
මසාලා පිරවුම – පොල් තෙල් ස්වල්පයක්, කපා ගත් සුදු ළූණු මේස හැඳි 1 ක්, සූදුරු තේ හැඳි 1/2 ක්, අබ තේ හැඳි 1/2 ක්, වියලි මිරිස් කරල් 2 ක්, කපා ගත් ළූණු ගෙඩි 1 ක්, කපා ගත් තක්කාලි ගෙඩි 1 ක්, කපා ගත් අමු මිරිස් කරල් 2 ක්, කහ කුඩු තේ හැඳි 1 ක්, මිරිස් කුඩු තේ හැඳි 1 ක්, ලුණු අවශ්‍ය පමණට, තම්බා කපා ගත් අල 500g ක්, කපා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, බටර් අවශ්‍ය පමණට

මෙන්න සාදන ක්‍රමය :
භාජනයක් ගෙන එයට හාල් පිටි, උළුඳු පිටි, ලුණු එක් කොට හොඳින් මිශ්‍ර කර වතුර ස්වල්පය බැගින් එක් කරමින් තරමක් දියාරු වූ පිටි මිශ්‍රණයක් සාදා පැය 5ක් පමණ පිපෙන්නට තබන්න. දැන් පෑන් එකක් ලිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු එයට අබ, සුදු ළූණු, සූදුරු, වියලි මිරිස්, ළූණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් එයට තක්කාලි, අමු මිරිස්, කහ කුඩු , මිරිස් කුඩු , ලුණු සහ තම්බා කපා ගත් අල එක් කර හොඳින් පිස ගන්න. අවසානයේදී කොත්තමල්ලි කොළ එක් කර අල පිරවුම සාදා ගන්න. දැන් තෝස ටික සාදා ගන්න, පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කර සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එක් කර තොසේ සාදා ගන්න. දැන් සාදා ගත් තොසේ එක මැද්දට සාදා ගත් අල කරියෙන් ස්වල්පයක් එක් කර රෝල් කරන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

විවාහක ඔබට දරුඵල ප්‍රමාද ද? එහෙනම් මෙන්න මේ හේතු දැන්ම අවම කර ගන්න

විවාහයෙන් පස්සේ යුවලකට තියෙන එකම බලාපොරොත්තුව දරු සුරතල් බලන එක. ඒත් ඉතින් ඒ වාසනාව සමහර අයට නැතුව යනවා. ඒකට ඉතින් එක එක විදියේ හේතු බලපානවා. සමහර විට ඔයා හිතුවේ වත් නැති මේ කියන හේතුත් ඔබේ දරුඵල ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දරුඵල ප්‍රමාද අය මේ කියන දේවල් ගැනත් ටිකක් වැඩිපුර හිතන්න වේවි.

සරු කාලය නිවැරදිව හදුනා නොගැනීම දරුඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. කාන්තාවකගේ සරු කාලය නිවැරදිව හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගික සබඳතා පැවැත්වීම මඟින් ඉක්මනින්ම ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඇතැම් අය තමන්ගේ සරු කාලය නිවැරදිව හදුනා ගන්නේ නැහැ. මේ නිසා තමන්ගේ සරු කාලය ගැන හොද අවබෝධයක් තියා ගන්න එක ඉතාමත් වැදගත්.

ලිංගික සබඳතා සීමා කිරීමත් මේකට තවත් හේතුවක්. සමහර කාන්තාවන් හිතන වැරදි දෙයක් තමයි නිතරම ලිංගික සබදතා පැවැත්වීම ගැබ් ගැනීමට අයහපත් විදියට බලපානවා කියන එක. ඒත් ඒක වැරදි අදහසක්. නිරවුල් මනසක් ඇතිව සෞඛ්‍ය සම්පන්න ලිංගික ජිවිතයක් පවත්වා ගැනීම ඉක්මන් දරුපල ලැබීමට අනිවාර්යෙන් බලපානවා.

ලිංගික ජීවිතය මනසට පීඩනයක් ගෙන දෙන්නක් බවට පත් කර ගැනීමත් බොහෝ දෙනෙක්ට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. නිතර නිතර ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇතැම් කාන්තාවන් අකමැත්තක් දක්වනවා. ඒ ගැන ඇති අකමැත්ත අවිඥානිකව බලපෑම් කරනවා. මානසික පීඩනයක්, වදයක් බවට පත් වෙනවා. එය ලිංගික ජීවිතය අවුල් වෙන්නත්, දරුවන් ලැබීමට යාමේදීත් අනිවාර්යෙන් බලපෑම් කරනවා.

වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සඳහා යොමු නොවීම කියන්නේ මෙතැනදී ඇති වන තවත් ගැටළුවක්. දරුපල ප්‍රමාද වීමට කාන්තාවගේ වගේම පිරිමියාගේත් යම් යම් දුර්වලතා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැක හැර දැන ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ගැබ් ගැනීමකට විශේෂයෙන් කාන්තාව ඉතාමත් හොඳ කායික නිරෝගී භාවයකින් සිටිය යුතුයි. ඒ වගේම පිරිමියාත්. හැබැයි මෙතැනදී කායික නිරෝගිභාවය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. නින්ද, හොද සෞඛ්‍ය පුරුදු, පෝෂ්‍යදායී ආහාර, මානසික සැහැල්ලුව, කිරි සිහිනය සැබෑ කරගන්න නැතුවම බැහැ.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

චිකන් කරියක් එක්ක කන්න, ගෙදරදීම රසට අල පරාටා හදන හැටි

පරාටා කියන්නේ ගොඩක් අය කැමති කෑමක්. අල පරාටා උදේට වගේම රාත්‍රී ආහාරයක් විදිහටත් කන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට අල පරාටා ලේසියෙන්ම හද ගන්න හැටි කියලා දෙනවා. චිකන් කරියක් එක්ක මේ අල පරාට හරිම රසයි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා පොඩි කරගත් අල 500g ක්, පාන් පිටි 250g ක්, ලුණු ස්වල්පයක් ක්, මාගරින් මේස හැඳි 2ක්, පොල් තෙල්

මෙන්න හදන හැටි – මුලින්ම පිටි ටික හලා ගෙන එයට මාගරින් සහ ලුණු දමා හොඳින් කලවම් කර ගන්න. පිටි මිශ්‍රනයටම පොඩි කර ගත් අල එතකු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න. අතේ නොඇලෙන සේ වන තෙක් තෙල් එකතු කරමින් පිටි ටික අනා ගන්න. හදා ගත්ත මිශ්‍රණයෙන් චූටි චූටි බෝල හදා ගෙන බෝල ටික විනාඩි 15ක් විතර පැත්තකින් තියල තියන්න. පසුව බෝල ටික හොඳට තුනී කරන්න. අවසානයට තෙල් තවරපු තැටියක දෙපැත්ත දාලා පුච්ච ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

බිත්තර එකම විදියට කාලා එපා වෙලාද? බිත්තර ඩෙවල් එකක් හදලා කමුද?

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්. හැමදාම එකම විදියට බිත්තර කාලා එපා වෙලා නේද? බිත්තර ඩෙවල් කාලා තියෙනවද? හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීල බිත්තර ඩෙවල් එකක් ගෙදරදීම හදන හැටි කමයි මේ කියන්න යන්නේ. ඔයාලත් හදලම බලන්න. පහසුවෙන් හදාගන්න පුළුවන්. අමුත්තන්ට පිළිගන්වන්න කෑම මේසෙට තියන්න පුළුවන් රසවත් ආකාර්ෂණිය ආහාරක් වේවි. මෙන්න හදන හැටි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය – තම්බා ගත් බිත්තර 3ක්, තම්බා පොඩි කර ගත් අල ගෙඩි 1/2 ක්, බටර් ස්වල්පයක් ක්, කඩා ගන්නා ලද බිත්තරයක්, පාන් කුඩු ස්වල්පයක්, ගැඹුරු තෙලේ බැදීමට තෙල්, ලුණු සහ ගම්මිරිස් රස අනුව

මෙන්න සාදන ක්‍රමය – මුලින්ම තම්බා ගත් බිත්තර දෙකට කපා කහ මදය ඉවත් කරගන්න. භාජනයක් ගෙන කහ මද ටික හොඳින් පොඩි කර ගෙන පොඩි කර ගත් අල එකතු කර හොදින් මිශ්‍ර කරන්න. එයට බටර් ස්වල්පයක් ද එක්කර ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් පොඩිකර කවලම් කර පසෙකින් තබා ගන්න. පසුව බිත්තර සුදු මද 3 ගෙන කඩා ගන්නා ලද බිත්තරයෙන් දවටා පාන්කුඞු වල දවටා ගැඹුරු තෙලේ ඉතාම ප්‍රවේශමෙන් බැදගන්න. විනාඩි දෙකක් පමණ බැඳුණු පසු එම බිත්තර සුදු මද එළියට ගෙන පිඟානක අතුරන්න. සදා ගත් කහ මද මිශ්‍රණය බැදගත් සිදුමද වලට පුරවන්න. කැමති නම් සැරසීමට මිරිස් කුඩු ටිකක්, පාස්ලි කොල හෝ සිහින්ව කපාගත් කරපින්චා කොල ටිකක් උඩින් ඉසින්න පුලුවන්.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ගෙදරදිම පහසුවෙන් ඉඳි ආප්ප කොත්තු හදමුද? මෙන්න රෙසිපි එකත් එක්කම හදන හැටි

කොත්තු කන්න කවුද ආස නැත්තේ නේද? රොටි කොත්තු ඉඳි ආප්ප කොත්තු වලින් ගොඩක් අය කන්න ආස කෑමක් තමයි ඉඳි ආප්ප කොත්තු. කඩේ හදන කොත්තුවට වඩා ගෙදර හදන කොත්තුව පිරිසිදුව රසට පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔන්න අපි දැන් කියන්න යන්නේ ගෙදරදීම පහසුවෙන් ඉඳිආප්ප කොත්තුවක් කොහොමද හදාගන්නේ කියලා. ගෙදරදිම ඉඳි ආප්ප කොත්තු හදමු. මේ තියෙන්නේ හදන හැටි.

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – ඉඳි ආප්ප 20 ක්, සිහින්ව කපා ගත් කැරට් අල 2 ක්, සිහින්ව කපා ගත් ලීක්ස්, සිහින්ව කපා ගත් තක්කාලි ගෙඩි 1 ක්, බීට්කර ගත් බිත්තර 3 ක්, සිහින්ව කපා ගත් ලොකු ළූණු ගෙඩි 1/2 ක්, සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3 ක්, සුදු ළූණු බික් 2 ක්, ඉඟුරු ස්වල්පයක්, කරපිංචා ස්වල්පයක් , රම්පෙ කෑල්ලක්, කරදමුංගු 1 ක්, කරාඹු නැටි 2 ක්, ලුණු පදමට, බටර් තේ හැඳි 2, හොදි කැමති පමණට (මස් හෝ කිරි හොදි)

මෙන්න සාදන ක්‍රමය – පළමුව ඉඳි ආප්ප කැබලි වලට කඩා පැත්තකින් තබන්න. පෑන් එක රත්කර එයට බටර් දමා මද ගින්දරේ තබා කපාගත් ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු, කරදමුංගු, කරාඹු නැටි, අමු මිරිස් එක්කර සාමාන්‍ය ගින්දරෙන් පිස ගන්න. කැරට් සහ ලීක්ස් එක්කර ගින්දර අඩු කර විනාඩි 4ක් පිස ගත් පසු බිත්තර එක්කර මිශ්‍ර කරන්න. එයටම ඉඳි ආප්ප සහ තක්කාලි එක්කර රස අනුව ලුණු එක් කරන්න. දැන් හොදි එක්කර ගන්න. හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

මාරක පිළිකා රෝගය නැත්තටම නැති කරගන්න වරකා කන්න

රසයෙන් ගුණයෙන් පිරි කාගේත් කටට කෙළ උනන කෑමක් වන වරකා වලින් පිළිකා නසන්න පුළුවන් කියලා ඔයා දැනගෙන සිටියාද? අප රටේ වැවෙන පළතුරක් වන වරකා වල තන්තු, පොටෑසියම්, විටමින් A, විටමින් B6, විටමින් C, මැග්නීසියම්, යකඩ, ප්‍රෝටීන් සහ කැල්සියම් යන පෝෂණ ගුණයන් රැසක් තියෙනවා. දිනකට අපේ ශරීරයට විටමින් B6 25% පමණ අවශ්‍ය වෙනවා. එළවළු විතරක් කන කෙනෙක්ට වරකා වලින් ශරීරයට අවශ්‍ය විටමින් ලබා ගන්න පුළුවන්. පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා.

වරකා ඔයාගේ ආහාරයට අනිවාර්යෙන්ම එකතු කර ගන්න
වරකා මදුළු කෝප්පයක කැලරි 155, මේදය 4g, කොලෙස්ටරෝ සහ සෝඩියම් අන්තර්ගත වෙනවා. වරකා වල විටමින් A, විටමින් C සංයෝග සහ ශරීරයට අවශ්‍ය ඛනිජ අඩංගු වෙනවා වගේම වරකා වල ඇති සරල සිනි ශරීරයට ගුණදායක වන අතර තන්තු ලැබීමෙන් ආහාර ජීරණය වේගවත් වෙනවා.

මහා බඩවැලේ පිළිකා සුව කිරීම
වරකා වල ඇති phytonutrients, lignans, sapanins සහ isoflavones යන සංයෝග වලට පිළිකා මර්දනය කරන්න පුළුවන් පොහොසත් ගුණයන් අඩංගු වෙනවා. ඒ වගේම වරකා වල ඉහල ප්‍රතිශක්තීකරණ ගුණයන් ඇති නිසා වරකා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති වන රෝග වලට එරෙහිව සටන් කරනවා.

phytonutrients
මෙය පිළිකා මර්දනය කල හැකි සංයෝගයක් වන අතර පිළිකා සෛල මුල් කාලයේදීම විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. වරකා සතුව ප්‍රමාණවත් පරිදි සංයෝග අනතර්ගත වී නිසා පිළිකා මර්දනය කිරීමට සුවිගේෂි හැකියාවක් තියෙනවා.

lignans සහ isoflavones
මෙම සංයෝග දෙක මගින් ඊස්ටජන් හෝමෝනය නිපදවීම කරන්න පුළුවන් නිසා ගර්භාෂයේ ඇති වෙන පිළිකා වලක්වා ගැනීමට පුළුවන් වෙනවා. මෙය කාන්තවන් 500යක් යොදා ගෙන සනාථ කර ගෙන තියෙනවා.

sapanins
මහා බඩවැලේ ඇති වෙන පිළිකාවට සටන් කිරීමට හැකියාවක් මෙම සංයෝගය සතුයි. මෙය ලියුකේමියා සෛල සමග සටන් වදින බව සනාථ කර තියෙනවා. මෙම සංයෝගය මගින් පිළිකා සෛල වටා කවරයක් සදා පිළිකා සෛල වර්ධනය වැලැක්වීමේ හැකියාව තිබෙනවා.

DNA සෛල ආරක්ෂා කිරීම
වරකා සතුව ප්‍රතිඔක්සිකාරක බලයන් ඇති නිසා ශරීරයේ හට ගන්නා රෝග කාරක සමග සටන් වැදීමට සහ ඔක්සිකාරක ඇති වීම වලක්වා ගැනීමටද හැකියාව තිබෙනවා. මහා බඩවැලේ සහ ආහාර ජීරණ පද්දතියේ ඇති විෂ ඉවත් කර පිළිකා අවදානමෙන් මිදවීමට වරකා වලට පුළුවන් වෙනවා.

වරකා සතුව විටමින් C ඇති නිසා ප්‍රතිශක්තිකරණය වේගවත් වෙනවා. පිළිකාවෙන් මිදීමට වගේම බොහෝ රොග වලින් වැලකීමට වරකා ඔයාගේ ආහාරයට එකතු කර ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

දවසක් හරි වැඩියන් ජිවත් වෙන්න ඕන නම් මෙන්න කන්න ඕන කෑම වර්ග ටික

“මම නම් මැරෙන්න බය නෑ” කිය කියා ගොඩාක් දෙනෙක් ඒ ගැන පම්පෝරි ගැහුවට මොනවා හරි දෙයක් වෙලාම බලන්න ඕන ඔය කියන අය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. පොඩි ලෙඩක් හැදුනත් ඇති ඔය කියන කට වැහෙන්න. මැරෙන්න කවුද බය නැත්තේ. හැමෝම බයයි මැරෙන්න. විහින් මැරෙන්න ගිය අය පවා නොමැරී බේරුනාම කියන්නේ “අනේ මාව බේර ගන්න, ඉස්පිරිතාලෙට අරන් යන්න” කියලා.

ජීවිතය ඒ තරමට වටිනවා. මරණ ඇඳේ ඉන්න කෙනෙක් වුනත් බලන්නේ තව දවසක් හරි වැඩියෙන් ජිවත් වෙන්න. දිගු කාලයක් ජිවත් වෙන්න එහෙම නැත්තන් දිර්ඝායුෂ විඳින්න හැමෝම අපේක්ෂා කරනවා. ලෙඩ ඇඳේ ඉදන් දිර්ඝායුෂ විඳලා වැඩක් නෑ . ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න එක තමයි වෙන්න ඕන. අපේ ජිවන රටාවට අමතරව අපි පවත්වාගෙන යන ආහාර රටාව අනිවාර්යෙන්ම ඒ සඳහා බලපෑමක් කරනවා. නිවැරදි හා පෝෂ්‍යදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න කියන එක අපි හැමදාමත් ඔයාට මතක් කරන්නේ ඒකනේ.

දිර්ඝායුෂ විඳින්න නම් නැතුවම බැරි ආහාර ටිකක් තමයි මේ. මේ දේවල් අදම අහාර වේලට එකතු කර ගන්න අමතක කර ගන්න එපා.

හෘද ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල බලපෑමක් ඇති කරන්න රතු ළූණු වලට පුළුවන්. රතු ලූණු වල අඩංගු පෝෂණ ගුණයන් පිළිකා හා දියවැඩියා නාශකයක් විදිහට ක්‍රියා කරනවා. විශේෂයෙන් රතු ළූණු වල අන්තර්ගත quercetin නිසා පිළිකා සෛල මර්ධනය සිදු වෙනවා. ලූණු කියන්නේ අම්ලපිත්ත රෝගයට කදිම විසඳුමක් . අපි ඔය කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා. ඒ නිසා වැඩිපුර රතු ළූණු ආහාරයට එකතු කර ගන්න.

බෝංචි ඔබේ දිර්ඝායුෂ වර්ධනය සඳහා ඉතාමත් වටිනා ආහාරයක්. බෝංචි දිනපතා ආහාරයට එක් කර ගැනීම බොහෝ රෝග වලින් ඔබව ආරෂා කරන බව සඳහන් වෙනවා. ඔස්ට්‍රේලියාව, ජපානය, ස්වීඩනය යන රටවල සිදු කරන ලද පර්යේෂණ වලින් ඒ බව සනාත වෙලා තියෙනවා.

තන්තු බහුලව අඩංගු කොළ පාට එළවලු වල පෝෂණ ගුණය වැඩියි. කැලරි සංඛ්‍යාව අවමයි.එළවලු 500gක, කැලරි 100ක් පමණ අඩංගු වෙනවා .මේ නිසා සිරැරේ බර අඩු කරන්න, අක්ෂි දුර්වලතා නැති කර ගන්න, දියවැඩියා අවදානම පාලනයට, කොලෙස්ටරෝල් අවම කර ගන්න රුධිර වාහිනී වල ආරක්ෂාවට කොළ පැහැති අහාර විශේෂයෙන් තන්තුමය ආහාර හොඳ විසඳුමක්.

ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේද, ඔක්සිකාරකයන්, ඔමේගා 3 හා පිළිකා නාශක කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් E වැනි පෝෂක කොටස් අඩංගු රටකජු, ආමන්ඩ්, කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වල අන්තර්ගතයි. මේ ආහාර හදවත් රෝග, දියවැඩියාව, ඇඟේ බර පාලනයට උපකාරී වෙනවා

සුදුළූනු කියන්නේ පිළිකා සෛල වර්ධනය පාලනය කරමින් ඔබව පිළිකා අවදානමෙන් ආරක්ෂා කරන ආහාරයක්. ඒ වගේම කොලෙස්ටරෝල් වැනි භයානක බෝ නොවන රෝග වලින් ආරක්ෂා කරමින් ඔබව නිරෝගී කරන ආහාරයක්.

ඒ වගේම මේ කියන බොහොමයක් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න තියෙන රසකාරකයක්, ඖෂධයක් විදියට කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඕනෑම ගෙදරක ආහාර රසවත් කරන්න ගන්න කරපිංචා කියන්නේ දිව්‍යමය ඖෂධයක්.

ඒ වගේම තමයි කහ, තක්කාලි, අලිගැටපේර, කෝපි, චොක්ලට්, වැනි ආහාරත් ඔබව සෞඛ්‍ය සම්පන්නව තබන ගමන් බට දිර්ඝායුෂ විදින්න අවස්ථාව සලසනවා.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

පෝෂණ ගුණයන්ගෙන් යුත් ‘හතු’ වලින් රසට සුප් එකක් හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ. හතු කියන්නේ අඩු කැලරි, තන්තු බහුල, දුසිම් ගනන් විටමින් සහ ඛනිජ ලවණ සපිරි ආහාරයක්. ඇඟ කෙට්ටු කරගන්න ක්‍රම හොයන ඔබටත්, පෝෂණය ගැන සැලකිලිමත් ඔබටත් හතු සුප් කියන්නේ හොඳම විසඳුමක්. රාත්‍රී ආහාරයට හතු සුප් එකක් බොන්න. හොඳින් බඩ පිරෙනවා වගේම ඔයාගේ ශරීරයට අවශ්‍ය පෝෂණයද නොඅඩුව ලැබෙනවා. ඔයාට මේ ගමන්ම කාබෝහයිඩ්‍රේට් ටිකකුත් ඕනේ නම් අපේ මීලඟ රෙසිපි එකෙන් ගාලික් බ්‍රෙඩ් හදන හැටි කියලා දෙන්නම්.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය : ඔයිස්ටර් හතු හෝ බට්න් හතු 200g ක්, ළූණු ගෙඩි 1 ක්, සුදු ළූණු බික් 2 ක්, පාන් පිටි මේස හැඳි 1 ක්, බටර් මේස හැඳි 1 ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, ලුණු පදමට, ගම්මිරිස් රස අනුව, කුකුල් මස් තම්බා ගත් වතුර 350ml ක්, නැවුම් කිරි 50ml ක්, සැරසීමට කැමැත්ත අනුව කොත්තමල්ලි කොල හෝ පාස්ලි කොල.

සාදන ක්‍රමය : ඔයිස්ටෙර් හතු නම් සිහින් තීරු ලෙසද, බට්න් හතු නම් පෙති ආකාරයෙන්ද කපා ගෙන පසෙකින් තබන්න.ලූණු සහ සුදු ලූණු ද සිහින්ව කපා ගන්න. මුලින්ම භාජනයක් ගෙන ලිප මත තබා එයට බටර් දමා රත් වෙන විට කුඩාවට කපා ගත් ළූණු, සුදු ළූණු දමා තෙම්පරාදු කරගන්න. එයට හතු සහ පාන් පිටි එකතු කර කළවම් කර ගන්න. එයටම කහ කුඩුත් එකතු කර පසුව කුකුල් මස් තම්බාගත් වතුර එක්කර විනාඩි 5ක් පමන හොඳින් තැම්බෙන්නට ඉඩ හරින්න. හතු හොඳින් තැම්බු පසු ලිපන් ඉවතටගෙන නිවෙන්නට හරින්න. හතු කොටසක් අයින් කරන්න. ඉතිරි කොටස නිවුණු පසු බ්ලෙන්ඩ් කරන්න. අයින් කල හතු ටිකත් බ්ලෙන්ඩ් කල හතු ටිකත් එකතු කර නැවත ලිපේ තබා මදක් තැම්බෙන විට නැවුම් කිරි එකතු කරන්න. බුබුලු දමන විට ලිපෙන් ඉවතට ගෙන රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. පිළිගැන්වීමට කැමැත්ත අනුව කොත්තමල්ලි කොල හෝ පාස්ලි කොල සිහින්ව කපා උඩින් ඉසින්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ස්පයිසි තක්කාලි පිලවු රයිස් එකක් ගෙදරදීම පහසුවෙන් රසට හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

රයිස් කිවවුවම එක එක ජාතියෙ රයිස් තියෙනවනේ. හැමදාම අපි කන රයිස් එකට වඩා පිලවු රයිස් කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආස කෑමක්. ඉතතින් ඔන්න අද පි කියන්න යන්නේ ගෙදරදීම රසට ස්පයිසි තක්කාලි පිලවු රයිස් එකක් කොහොමද හදන්නේ කියලා. පහතින් අවශ්‍ය ද්‍රව්‍ය සහ හදන හැටි කියෙනවා. කටට රසට කලබලයක් කරදරක් නැතිව ගෙදරදීම හදමු.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය : බාස්මතී සහල් ග්‍රෑම් 225 (කෝප්ප 1) ක්, බටර් ග්‍රෑම් 40 (මේස හැඳි 2 1/2) ක්, එනසාල් 4 ක්, කරාඹු නැටි 4 ක්, ගම්මිරිස් ඇට 10 ක්, කුරුඳු පොතු අඟල් 2ක කැබැල්ලක්, සිහින්ව කපා ගත් ලොකු ලූණු ගෙඩි 1 ක්, කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 175 (සාමාන්‍ය තරමේ ගෙඩි 3ක්), ලුණු / ගම්මිරිස්, සැරසීමට කොත්තමල්ලි කොල හෝ ලූණු කොල.

සාදන ක්‍රමය : හාල් ටික හොඳින් සෝදා වතුර පෙරා ගන්න. භාජනයකට දමා හාල් ටික වැසෙන ප්‍රමාණයට වතුර එකතු කර විනාඩි 30ක් පෙඟෙන්න හැර පසුව වතුර ටික පෙරා පසෙකින් තබා ගන්න. තාච්චිය හෝ පෑන් එක රත් වෙන්න හැර, එයට බටර් ටික එකතු කර බටර් දිය වෙන විට එයට එනසාල්, කුරුඳු, කරාඹු නැටි සහ ගම්මිරිස් ඇට ටික එකතු කරන්න. සාමාන්‍ය ගින්දරේ තප්පර 30ක් පමණ පිස ගන්න. ගින්දර ටිකක් වැඩි කර කපා ගත් ලූණු ටික එකතු කර එහෙට මෙහෙට පෙරලමින් ලූණු ටික දුඹුරු පැහැ වෙන්න පටන් ගන්නා තෙක් විනාඩි 7-8ක් පිස ගන්න. එයට හාල් ටිකද එකතු කර තව විනාඩි 2-3ක් පිස ගන්න. කුඩාවට කපා ගත් තක්කාලි වලට උණු වතුර කෝප්ප දෙකක් (450ml) එකතු කර එය හාල් ටිකට එකතු කරන්න. ලුණු සහ ගම්මිරිස්ද රස පදමට එකතු කරන්න. බුබුලු දමන විට ගින්දර අඩු කර පියනකින් වසා විනාඩි 10ක් පමණ පිස ගන්න. ලිපෙන් ඉවතට ගෙන විනාඩි 10ක් පියන වසා තබන්න. මතක තබාගන්න, පිසින විටත් ලිපෙන් ඉවතට ගෙන විනාඩි 10 තබන විටත් කිසි විටෙක පියන අරින්න එපා. පිළිගන්වන විට බත ලිප තබා හෝ මයික්‍රෝවේව් එකේ ටිකක් රත් කර, කොත්තමල්ලි කොල වලින් සරසා පිළිගන්වන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

සිරුරේ විෂ නැතිකර ලේ පිරිසිදු කරන කැකිරි වල ඔබ නොදත් ගුණ – මුත්‍රා ගල් ඇති අයට දිව ඔසුවක්

එළවළුවක් පලතුරක් සේම, රෝග ඖෂධයක් සේ ද, වැංජන රස කරගැන්මට යොදන පොල් කිරට ආදේශකයක් සේ ද. බහුකාර්ය සේවාවක නියැළෙන කැකිරි සුවිශේෂ වැල් ශාක පලයක්. පලය මත කහ කොළ වර්ණ හෝ එම වර්ණ මුසු විවිධ රටා හෝ දැකිය හැකියි. ශාකය කුකර්බිටේසියේ කුලයට අයත් වන්නක්. හේන් කැකිරි (Cucumis melo), සීනි කැකිරි (Cucumis sativus) වශයෙන් ප්‍රධාන ප්‍ර භේද දෙකකින් යුක්තයි. කැකිරි වසර දහස් ගණනකට පෙරට පෙර ඉන්දියාවේ උපත ලබා පැතිරුණක් බව සඳහන් වන අතර එය මෙරට මෙන් ම, චීනය කොරියාව ජපානය ආදි රටවල් ගණනාවක දක්නට ලැබෙනවා.

පිට් කැකිරි ,පිට්ටු කැකිරි ලෙසද හැඳින්වෙන, සීනි කැකිරි දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේයි. දෙවර්ගය ම, බොහෝ දුරට සමාන ගුණවලින් යුක්තයි. කැකිරි රෝගයට ඖෂධ වෙනුවට රෝගයට ආහාර යන තේමාවට වඩාත් ගැලපෙන්නක්.

කාබොහයිඩ්‍රේට්, මැග්නීසියම් පොටෑසියම්, කෙඳි සීනී ආදි පෝෂක අඩංගු, මේදය රහිත, ජලය සහිත පලයක්. පිළිකා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතවන අතර බෝ නොවන රෝගවලින් ඈත්ව සිටීමට උපකාරී වන්නක්. හේන් කැකිරි වෑංජනයක් සේ ආහාරයට ගැනෙන අතර සීනි කැකිරි වෑංජනයට ගත හැකිවුවත් වඩාත් ප්‍රයෝජනයට ගැනෙන්නේ පලතුරක් ලෙසයි, එය සලාදයක් කිරමක් හෝ පානයක් ලෙසද ආහාරයට ගත හැකියි .

කැකිරි ග්‍රෑම් 2.5 ක් ගැනීමෙන් දිනකට සිරුරට අවශ්‍යවන යකඩ හා මැග්නීසියම් අවශ්‍යතා සපුරාගත හැකියි. එය මල බද්ධය වළකනවා. ආහාර රුචිය වඩනවා. දියවැඩියා ව අධිරුධිර පීඩනය හර්දයාබාධ මුත්‍රා ආබාධ, වකුගඩු රෝග, අම්ල පිත්ත පණු රෝග පුරස්ථි ග්‍රන්ථි රෝග පාලනය කිරීමේ හැකියාව ද සහිතයි.

වියලි කලාපයේ බහුලව වැවෙන කැකිරි, එහි පරිසර තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට සොබා දහම ලබා දී ඇති වටිනා තෑග්ගක් සේ සැළකෙනවා. ලවණ අධික කිවුල් ජලය පානයෙන් ඇතිවන මුත්‍රා පෙරීමේ අපහසුතා ඒ හා බැඳුණු මුත්‍රා හා වකුගඩු ගල් සෑදීම ආදි උවදුරුවලින් බේරා ගැනීමේ ශක්තිය කැකිරි සතුයි. මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදි මුත්‍රා රෝගවල දී කැකිරි සිරුරට සහන සලසනවා. එසේ ම, අධික පිපාසය ,හිසේ අමාරු, නින්ද නොලැබීම ආදියට එරෙහිව ද ක්‍රියා කරනවා. දාහය නිවාගැනීමට බෙහෙවින් පලදායක වන සීනි කැකිරි, නමින් සීනි වුවත් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. එය වැලෙහිම ඉදෙන්නට හැර, ගෙඩිය පුපුරා ඇතුළත සුද දිස්වන කල ආහාරයට ගන්නවා. විජලනයට කදිම ඔසුවක්. විජලනය ඇතිවන අතීසාර අවස්ථාවේ පවා පරි භෝජනයට සුදුසුසේ සැලකෙනවා. උණ, හර්දයාබාධ, දියවැඩියාව. මුත්‍රා පද්ධතියේ ගැටළ මානසික ආතතීන් පාලනය කරන්නක් ලෙස ද, සැළකෙනවා. අම්ල පිත්ත රෝගය ට (ගැස්ට්‍ර යිටිස්) සීනි කැකිරි දිව ඔසුවක් සේ සැලකෙනවා, බඩ දැවිල්ල නැතිකර උදර ආම්ලිකතාව හා පිත් ස්වභාවය එමගින් අවම කර දෙනවා. කැකිරි පිත්තාශ ගල් සෑදීම වළකා ලනවා. සිරුරේ විෂ නැතිකර ලේ පිරිසිදු කර දෙනවා. ඉදිමුම් අඩු කරනවා. සෙංගමාලය ,ඔක්කාරය, මල බද්ධය, නින්ද නොයාම හා මුත්‍රාමාර්ග ආසාදනවලදීද ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කෙරෙනවා.

පොල් නැතිවිට පොල්කිරි වෙනුවට ආදේශකයක් ලෙස ද කැකිරි යොදා ගත හැකියි. පිසින්නට ගන්නා කැකිරිවල ඇට දුමෙහි තබා තියා, අවශ්‍යවිට අහුරක් ගෙන ඇල්දියෙන් අඹරා දිය කොට වෑංජනය පිසීමට කිරි සේ යොදා ගැනෙනවා. මේ කිර සුවිශේෂ ඖෂධීය ගුණයෙන් යුතුයි. පෝෂ්‍ය පදාර්ථ ලැබීම, බෝ නොවන රෝගවලින් වැළකීම, මෙන් ම මුත්‍රාශයේ අශ්මරී ගල් දියවීම ද එමගින් සිදුවනවා. එසේම කැකිරි ඇට බැද අහුර බැගින් වරින්වර කෑමෙන් නිතර මුත්‍රා පහවීමේ රෝගය පාලනයකර ගත හැකි බව ද සඳහන් වෙනවා.

මුත්‍රා පිට කිරීමේ. අපහසුව හා වේදනාව සඳහා කැකිරි ඇට කරඳමුංගු සහිඳලුණු සමවගෙන කුඩුකර, ඉන් තේ හැඳි දෙකක් උදෑසන පැසුණු හාල් පානුවතුරෙන් පානය කිරීම සුදුසු බව වෛද්‍ය ලිපිවල දැක්වෙනවා. කැකිරි ඇට ආතරයිටිස් රෝගයට කෂාය සැකසීමේදී ප්‍රතිජීවක ඔසුවක් ලෙස ත් යොදාගන්නා බව සඳහන්. මුත්‍රා ගල් ඇති අයට සුවයට ත්, නැති අයට ඉන් වැළකීමටත්, කැකිරි පිසින විට ඇට එකතු කරගැන්ම හිතකරයි. ඇට, අඹරා හෝ බ්ලෙන්ඩරයෙන් කොටා,ගෙන වෑංජනයටම එක්කර ගත හැකියි. එසේ නැත්නම් කබලේ බැද කුඩුකර වෑංජනය බිමට බානවිට එක්කර ගත හැකියි.

ලිපිය සැකසුම ඉන්ද්‍රාකුමාරි රත්නායක.
(මූලාශ්‍ර හා සේයා රූ අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි.)

පෝෂණ ගුණයෙන් අනූන මුරුංගා වලින් රසට සුප් එකක් හදන හැටි

පෝෂණ ගුණයෙන් අනූන සුප් එකක් බොන්න කවුද අකමැති නේ. එළියේ කඩවල් වල රසකාරක දාලා හදන සුප් එකට වලා ගෙදර පිරිසිදුව පෝෂ්‍යදායීව හදන සුප් එක කොච්චර රසද. ඔන්න අපි අද කියන්න යන්නේ මුරුංගා වලින් පෝෂ්‍යදායී ලෙස සුප් එකක් කොහොමද හදන්නේ කියලා.

මුරුංගා සුප් කියන්නේ ඉහළ පෝෂණ ගුණයෙන් යුතු සුප් එකක්. මේ සුප් එක ගෙදරදී හදලා රස බලමු.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය : මුරුංගා කරල් 3 ක්, පොඩියට කපා ගත් අර්තාපල් 50g ක්, පොඩි කර ගත් සුදු ළූණු තේ හැඳි 1/2 ක්, කපා ගත් ළූණු තේ හැඳි 1 ක්, ලුණු කුඩු තේ හැඳි 1/2 ක්, පොල් තෙල් තේ හැඳි 1/2 ක්, වතුර 300ml ක්.

මෙන්න සාදන ක්‍රමය : පළමුව මුරුංගා කරල් දෙකට පලා මදය තේ හැන්දකින් සූරා ගන්න. ඉන්පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා, ළූණු සහ සුදු ළූණු දමා රන්වන් පැහැවන විට මුරුංගා මද සහ අල දමා වතුර එකතුකර විනාඩි 15 ක් පමණ තම්බාගන්න. මුරුංගා මිශ්‍රණය නිවෙන්නට තබා පසුව බ්ලෙන්ඩර් කර පෙරාගන්න. එයට ලුණු එකතු කර නැවත රත් කරන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)