පාරම් පරික හෙළයන්ගේ ශක්තිය වැඩිකර පෝෂණීය ආහාරය ‘බඩ ඉරිඟු බත්’ හදන හැටි

හෙළයන්ගේ ආහාර අතර ද්‍යාන්‍යය සුවිශේෂී ශක්තිජනක ආහාරක් වන අතර ගොවිතැනේදී ධාන්‍යය සදහා සුවිශේෂී තැනක් හිමි උනා ඒවගේම ඒ ඒ ධාන්‍යය වලින් විශාල ආහාර වර්ගයන් ප්‍රමාණයක් සකසමින් ආහාරයට ගනු ලැබුවා.

විශේෂයෙන් ආහාර හිගයන්ට ඉඩෝර කාලයන්ට අවැසි ආහාර කල්තබාගැනීමට අපේ හෙළය බොහෝ සැලසුම් සහගත ලෙස සිදුකලා ඒ අතර ධාන්‍යය සහ අල වර්ග ප්‍රදාන තැනක් ගනු ලැබුවා මෙකී ආහාර අතරේ බඩ ඉරිගු හේන් ගොවිතැනේ ප්‍රමුඛ තැනක් ගත් අතර ඒ නියගයට මනාලෙස ඔරොත්තු දීම සතුන්ගෙන් සිදුවන හානි සහ ලෙඩ රෝග ඇති වීම මේවාට නොමැති තරම් වීමයි (අද මෙරටේ කෘතීමව බෝකර ලඹු වසංගතය අපට අදාල නොවේ) තවද මේ බඩ ඉරිගු වගා කිරීමේදී රනිල කුලයේ බෝගයක් සමග එකට සිටුවීමෙන් ඒ ඒ බෝගයන්ගෙන් එකි නෙකාට අවැසි පෝශක ඔවු නොව්න් විසින් පසට සපයමින් වර්ධනය වේ තවද මෑ වැනි බෝගයන්ට අවැසි ආදාරකද මේ බඩ ඉරිගු ගස සමග සිටුවීමෙන් අවශ්‍යය නොවේ

එදා මෙරටේ බඩ ඉරිගු, කිරි බඩ ඉරිගු, රත් බඩ ඉරිගු, කහ බඩ ඉරිගු ලෙස තිබිනි අද ඒ වර්ග දැකීමට හෝ නැත.

බඩ ඉරිගු ලපටි කල අමුවෙන් ඉතාමත් කිරි රසයි තම්බා කෑමටත් අගුරු ගොඩේ පුළුස්සා කෑමටත් මේරූ කරල් ඇට ගලවා කබලේ බැද ආහාරයට ගැනීමටත් එකල කුඩා දරුවන් පවා බොහෝ ප්‍රියකලා මේරූ කරල් පහසුවෙන් පිට පොත්ත සමග දුමේ එල්ලා කල් තබාගැනීම එකල ගැමියන්ගේ පුරුද්දකි මෙසේ වියලුණු කරල් වල ඇට ගලවා විවිද ආකාරයෙන් ආහාරයට අත් අතර ඒවායෙන් බඩ ඉටිගු බත ඉතා පෝශයදායී හා බර ආහාරයක් විය උදෑසන ආහාරයක් ලෙස ඉතා ජනප්ප්‍රිය අතර වැඩෙන දරුවන්ට අවැසි සියළු පෝශ්‍යය පදාර්ත මෙහි අන්තර්ගතයි බර අඩු දරුවන්ට විශේශයෙන් මෙය බොහෝ වටිනා ආහාරක් විය

සාදන ආකාරය
වියළි බඩ ඉරිගු ඇට වනේ දමා හතරට පමණ කැඩෙන ලෙඩ කොටා කුල්ලෙන් පොලා එය ලිපේ තබා වතුරෙන් තැම්බීමට හැර මදක් තැම්බුනු පසු කඩල ඇට ,මුං ඇට හෝ කවුපි ඇට අහුර බැගින් දමා රතු හාල් මිටක්ද දමා (හීනැටි උරුළු තුඩ වැනි වර්ගයක් නම් බොහෝ වටී) නැවත නැම්බෙන්නට හැර පොල් කිරි දමා හොදින් බත ඉදුනු පසු බාගන්න මෙය නිමෙන්නට පෙර කෑම ඉතා ප්‍රියජනකයි.

බඩ ඉරිගු තැම්බීම්ට බොහො කාලය යන බ්වින් පෙගෙන්නට පැය දෙකක් පමණවත් තබා ගැනීම ඉතා වැදගත් එකල දර ලිපේ පිසීමේදී රෑ මැදියම මෙය ලිප තබා දර ඉවත්කොට අගුරු මත මද රස්නයේ එලිවෙනතෙක් තැම්බීමට හැරීමෙන් උදෑසන ආහාරයට සූදානම් කරගන්නාලදි. මෙවැනි දේශිය වස විස නොමැති රස ගුණ ආහාර පිලියෙලකොට ඔබත් ඔබේ දරුවනුත් භුක්තිවිද නිරෝගීවන්න .

දේශීය වසවිස නොමැති ගොවිතැනටත් පාරම්පරික බීජ සම්පතටත් නිරන්තරයෙන් කඩාපනින වසංගත බෝකොට පතුරුවා හරින ත්‍රස්තයන්ට හසුනොවන්න හෙළ ගොවිතැන නගාසිටුවන්න ඔබත් මුල පුරන්න නිරෝගී මතු පරපුරක් උදෙසා මා හේනේ පැලේ අප්පුහාමි ඔබ සැමට තෙරුවන්සරණයි !

(උපුටා ගැනීම – හේනෙ පැලේ අප්පුහාමි)

පට ගාලා බඩ අඩුකරගන්න නම් මෙන්න මේ ව්‍යායාම ටික කරන්න

උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් සරල භාෂාවෙන් පවසන බඩ වැඩිවීම විවිධ හේතු නිසා සිදුවූවත් තරබාරු වනවිට ඇතිවන බඩ වැඩිවීම සහ තරබාරුව නිසා මතුවූ බඩ වැඩිවීම වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා තුළ බහුලව දැකිය හැකියි.

එනිසා මේ වනවිට බොහෝ දෙනා තරබාරු බව පාලනය කරගන්න පමණක්‌ නොව ඉදිරියට නෙරා එන උදරය හෙවත් බඩ වැඩි වීම පාලනය කරගන්නත් දක්‌වන්නේ දැඩි උනන්දුවකි. ඒ සඳහා ව්‍යායාමවල යෙදීම, ආහාර පාලනය, ඖෂධ ගැනීම ආදී විවිධ ක්‍රම අනුගමනය කරති.

වෛද්‍යතුමනි මහත්වන විට උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් බඩ වැඩි වෙනවාද?
තරබාරුව හෙවත් මහත්වීම කියන්නේ අපගේ ශරීරය තුළ අනවශ්‍ය ලෙස මේදය තැන්පත්වීමටයි. මෙලෙස අනවශ්‍ය ලෙස මේදය තැන්පත්වීම ශරීරය අභ්‍යන්තරයේ සහ බාහිරව සිදුවෙනවා. බාහිරව මේදය තැන්පත්වීම අධික වනවිට සිරුර මහත්වීම හෙවත් තරබාරු බව මතු වෙනවා. සිරුරේ බාහිර ප්‍රදේශයේ මේදය තැන්පත්වීම බහුලව සිදුවන ස්‌ථානයක්‌ ලෙස උදරය ප්‍රදේශය දැකිය හැකියි.

මේදය තැන්පත් වීමට අමතරව උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන වෙනත් රෝග තත්ත්වයනුත් තිබෙනවා. නමුත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ තරබාරුව සහ වැරදි ඉරියව් නිසා උදරය ප්‍රදේශයේ මේදය තැන්පත්වීම අධික වී උදරය ඉදිරියට නෙරාඒම පිළිබඳව පමණයි බැවින් ඊට අදාළ කරුණු පිළිබඳව පමණක්‌ අවධානය යොමු කරනු ලබනවා.

තරබාරුව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අපගේ ආහාර රටාවේ තිබෙන අක්‍රමවත් බවයි. ඒ කියන්නේ සමබර ආහාර වේලක්‌ වෙනුවට අධික ලෙස මේදය සහ පිෂ්ටය සහිත ආහාරවලින් සමන්විතව දිනපතා අපගේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ දහවල් සහ රාත්‍රි වේල් තුන් ගැනීමයි. එවැනි ආහාර ගනිමින් ව්‍යායාම ආදියෙන් තොර වූ අලස දින චර්යාවක්‌ ගත කරන විට ඉතා ඉක්‌මනින්ම තරබාරුවට පත් වෙනවා. එහිදී උදරය ප්‍රදේශයේ ද මේදය අධිකව තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරාඒම සිදු වෙනවා.

ඒ අතර අප එදිනෙදා ජීවිතයේදී වාඩිවී සිටීමේදී අනුගමනය කරන ඉරියව් රටාවන් අනුවත් ඉතා ඉක්‌මනින් උදරය ඉදිරියට නෙරා එනවා. විශේෂයෙන්ම අප වාඩිවී හිඳිමින් දවසේ වැඩි කාලයක්‌ ගත කරනවා නම් එම වාඩිවී සිටීමේ ඉරියව් වැරදි සහගත නම් එයත් මේ සඳහා බලපානවා.

වාඩිවී සිටීමේ නිවැරදි ඉරියව්ව වනුයේ කොන්ද කෙලින් තබාගෙන උරහිස දෙපසට විහිදුවා යටිබඩ ඉස්‌සී තිබෙන ලෙස වාඩිවීමය.

උරහිස්‌ හකුළාගෙන කොන්ද නවාගෙන කුදුවී යටිබඩ පහළට නෙරා එන ලෙස වකුටු වී ගිය ඉරියව්වෙන් වාඩිවී සිටින විට ඉතා පහසුවෙන් උදරය ඉදිරියට නෙරා එනවා. වර්තමානයේ බොහෝ දෙනා වාඩිවී සිටින්නේ මෙවැනි වැරදි ඉරියව්වලට අනුව බව අනාවරණය වී තිබෙනවා.

වෛද්‍යතුමනි, මෙවැනි හේතු නිසා ඉදිරියට නෙරා ආ උදරය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නේ හෙවත් බඩ අඩු කරගන්නේ කෙසේද?
පළමුවෙන්ම කළ යුත්තේ ආහාර පාලනයයි. එහිදී නිසි වෛද්‍ය උපදෙස්‌ මත සමබර ආහාර වේලක්‌ ගැනීමට යොමු විය යුතුයි. සමබර ආහාර වේලක්‌ නොගෙන අප කෙතරම් ව්‍යායාම කළත් ඇති ප්‍රයෝජනයක්‌ නැහැ. අප ව්‍යායාම මගින් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක්‌ එක්‌ ආහාර වේලක්‌ තුළින් ගන්නවා නම් කෙතරම් ව්‍යායාම කළත් ශරීරයේa බර අඩුවන්නේ නැහැ.

උදරය ඉදිරියට නෙරාඒම වළක්‌වා ගැනීම හෙවත් බඩ අඩු කරගන්න නම් පළමුව අප අපගේ ශරීරයේ උසට සරිලනව තිබිය යුතු බර හඳුනාගත යුතුයි. ඊට අමතරව අපගේ ශරීරයේ තිබිය යුතු ඉණ වට ප්‍රමාණය දැනගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්‌වා ඇති අගයන් අනුව පිරිමියකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 36 ට අඩුවෙන් ද කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අඟල් 34 ට අඩුවෙන් ද තිබිය යුතුයි. එවැනි පුද්ගලයන් නිරෝගී බරකින් යුතු අය ලෙස හඳුන්වනු ලබනවා.

එසේම ඉනේ සහ උදරයේ පෙනුම ඇපල් ගෙඩියක්‌ හෝ පෙයාස්‌ ගෙඩියක්‌ වැනි හැඩයකින් තිබීම සුදුසු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්‌ෂණ අනුව සඳහන් කර තිබෙනවා.

උදරය ඉදිරියට නෙරාඒමට බලපා ඇති ප්‍රධාන හේතුව වන උදරය ප්‍රදේශයේ අධික ලෙස තැන්පත්ව ඇති මේදය ඉවත් කර ගැනීම සඳහා ඒවා දහනය කරන ව්‍යායාමවල යෙදිය හැකියි. ඒ සඳහා ඇවිදීම, පිහිනීම, ව්‍යායාම උපකරණ මත ධාවනය කළ හැකියි.

සිරුරේ නම්‍යතාවය ඇති කරන හෙවත් සිරුර හොඳින් නැවීම දිගහැරීම ඇති කරන ව්‍යායාම සහ ඉරියව් සහිත (ආසන) ව්‍යායාම ක්‍රමයක්‌ වන යෝගා ව්‍යායාමවල යෙදීමෙන් අප වාඩිවී සිටීමේදී අනුගමනය කරන වැරදි ඉරියව් නිවැරදි කර ගැනීමට බොහෝ සේ උපකාර වෙනවා.

ඊට අමතරව යටි බඩ ප්‍රදේශය සඳහාම සිදුකරන ව්‍යායාම වලිනුත් උදර ප්‍රදේශයේ තැන්පත්ව ඇති මේදය දහනය කිරීමේ හැකියාව තිබෙනවා.

වෛද්‍යතුමනි මෙලෙස ව්‍යායාමවල යෙදීමෙන් ඉදිරියට නෙරාවිත් ඇති උදරය සාමාන්‍ය මට්‌ටමට යළි පත්කර ගැනීමට හෙවත් බඩ අඩු කර ගැනීමට කොපමණ කාලයක්‌ ගත වේවිද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ඔවුන් ව්‍යායාමවල යෙදෙන ආකාරය සහ ආහාර පාලනය කරන ආකාරය අනුව තීරණය වෙනවා.

සාමාන්‍ය ලෙස ආහාර ගනිමින් දිනපතා ව්‍යායාමවල නිරත වන කෙනෙකුගේ ඉණේ අඟලක්‌ අඩු කර ගැනීමට සති 03 ක්‌ පමණ ගත වෙනවා.

වෛද්‍ය උපදෙස්‌වලට අනුව ආහාර පාලනය කරමින් දිනපතා ව්‍යායාමවල යෙදෙමින් නිවැරදි ඉරියව්වලට අනුව වාඩිවී හිඳිමින් කටයුතු කරන කෙනෙකුට මාසයක්‌ ඇතුළතදී ඉණෙහි අඟල් 02 ක්‌ 03 ක්‌ පමණ ප්‍රමාණයක්‌ අඩු කර ගත හැකියි.

සමහරු බඩ අඩුකරගන්න කියා උදැසනට ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදෙන්නේ ආහාර වේලක්‌ ගැනීමෙන් පසුවයි. එසේ කිරීමෙන් ශරීරයේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කර හරින්න බැහැ.

ආහාරයක්‌ ගැනීමෙන් පසු ව්‍යායාමවල යෙදීමේදී ව්‍යායාම මගින් දහනය කරන්නේ අප ගත් ආහාර වේලෙහි ඇති මේදයයි.

සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කළ යුත්තේ උදැසන ආහාර වේල ගැනීමට පෙරයි. ඉන්පසු ගනු ලබන ආහාර වේල තුළ තිබිය යුත්තේ ව්‍යායාම මගින් දහනය කළ කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයකි.

ඒ නිසා වර්තමානයේ බොහෝ දෙනකුට සිරුරේ පවතින තරබාරුව අඩු කර ගන්නත් ඉදිරියට නෙරාවිත් ඇති උදරය හෙවත් බඩ අඩු කර ගන්නත් අපහසු වී තිබෙන්නේ වැරදි අයුරින් ව්‍යායාමවල යෙදීම සහ වැරදි ආකාරයේ ආහාර පාන ගැනීමේ රටාවන්ට හුරුවී සිටීමත්ය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0722212121 අමතා ලබාගත හැකිය.

එංගලන්තයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ රාජකීය ආයතනයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න
(උපුටා ගැනීම දිවයින පුවත්පත)

අධික කොලෙස්ටරෝල් හෘදයාබාධයට අත වැනීමක්

ශරීරයේ ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය සම්මත ප්රමානයට වඩා ඉහල අගයක නම් හෘදයාබාධ ඇතිවීමේ ප්රවණතාවක් ඇත.

හෘදයාබාධ රෝග ලක්ෂණ.
එක් එක් පුද්ගලයන්ට ඇති හෘද රෝග තත්වයන්ට අනුව මෙහි ලක්ෂණ පෙන්නුම් කෙරේ. කෙසේවෙතත්, පොදු ලක්ෂණ වන්නේ පපුවේ වේදනාව, හුස්ම හිරවීම සහ හෘද අභිස්පන්දනයයි.

හෘද රෝග බොහෝමයකම පොදු ලක්ෂණ ලෙස පපුවේ වේදනාව ලෙස ඇන්ජිනා හෝ ඇන්ජයිනා පෙක්ටෝරිස් ( angina, or angina pectoris) ලෙස වන අතර හෘදයට අවැසි ඔක්සිජන් නොලැබීම මෙයට හේතුවේ.

මානසික පීඩනයකදී හෝ අධි කායික ක්රියාකාරකම්හිදීද ඇන්ජයිනා තත්වයන් විනාඩි 10 කට වඩා අඩු කාලයක් ඇතිවිය හැක. එය බිය වීමට කරැණක් නොව

විවිධ හෘද රෝගවල ප්රතිඵලයක් ලෙස හෘදයාබාධ ඇතිවිය හැක. හෘදයාබාධයක ඇතිවන ඇන්ජයිනා සංකෝචන සලකුණ, විවේක කාලයේදී සිදුවිය හැකි වන අතර, එය වඩාත් බරපතල තත්වයක් විය හැකිය.

හෘදයාබාධ ලක්ෂණ අතර සමහර අවස්ථාවලදී උදර කැක්කුම (බඩ රිදුම, දැවිල්ල, ඔක්කාරය, වමනේයාම) ඇති විය හැකි මෙන්ම පපුවේ දැඩි හැඟීමක් ඇතිවිය හැකිය.

සමහර හෘදයාබාධ තත්වයන් කිසිදු රෝග ලක්ෂණයකින් තොරවද ඇති විය හැකි අතර, විශේෂයෙන්ම වැඩිහිටියන් හා දියවැඩියාව ඇති පුද්ගලයින්ට මෙම තත්වය පෙන්නුම් කරයි.

නමුත් සාමාන්ය හෘද රෝග ලක්ෂණ ලෙස.
අධික දහඩිය දැමීම, අධික විඩාව, ශ්වසනය සහ නාඩි වේගවත් වීම, හුස්ම හිරවීම, පපුවේ වේදනාව, සම නිල් පැහැ ගැනීම, ඇගිලිතුඩු අග විශාල වීම වැනි ලක්ෂන පෙන්නුම් කරනු ඇත.

හෘදයාබාධයකදී දැකිය හැකි වෙනත් ලක්ෂණ..
පපුවේ සිට ගෙල, බෙල්ල, පිටුපස, උදරයේ හෝ හකු යේ සිට ශරීරය හරහා ගමන් කරන වේදනාව. හිස රුදාව හා කැරකිල්ල. දහඩිය දැමීම. ඔක්කාරය හා වමනය. රුධිරය සංසරණය දුර්වල වන අවස්ථාවලදී හුස්ම හිරවීම සිදුවිය හැක.

හෘද රෝග වලට හේතූන්..
මුළු හෘදය හෝ අර්ධ වශයෙන් හෘදයට හානි වීමෙන්, කිරීටක ධමනි වලට හානි වීමෙන් හෝ පෝෂ්ය පදාර්ථ හා ඔක්සිජන් හෘදයට සැපයීමේ ඌනතාවකදී හෘද රෝග අවදානමක් ඇතිවිය හැකිය.

ජානමය හෘද රෝග තත්වයන් මෙන්ම උපතින්ම ඇතිවන හෘද දෝෂ (පුද්ගලයකු ඉපදීමට පෙර සිදු විය හැකි තත්වයන්) එලෙසම හෘද රෝගවල අවදානම වැඩි කළ හැකි ජීවන රටා ගණනාවක් ඇත.

ඒවාට ඇතුළත් වන්නේ..
අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල්, දුම්බීම, බර හෝ තරබාරුකම, දියවැඩියාව, පවුලේ ඉතිහාසය, කෘතිම ආහාර, වයස, ගර්භණී සමයේදී පූර්ව preeclampsia ඉතිහාසය, රැකියාවට අනුව දීර්ඝ කාල පරිච්ඡේදයක් එකම ස්ථාපිතයෙහි සිටීම වැනි (වාඩිවී සිටීම වැනි) අවස්ථාද අධ්යයනය කර ඇත.

මෙම අවදානම් සාධකවලින් හෘදයාබාධ අවධානම වැඩි කරයි. වයස, වැනි ඇතැම් කාරණා නොවැළැක්විය හැකිය.

නිදසුනක් වශයෙන්, කාන්තාවන්ගේ වයස අවුරුදු 55 ඉක්මවූ පසු හෘදයාබාධ අවධානම වැඩි වීමක් සිදු වේ.

(තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )
උපුටා ගැනීම -‎ Widu Lowa Nursing school

නිවසේ ඇති සියළු වාස්තු දෝෂ සොබාදහම අනුව ඉවත් කරගමු

නිවසක් යනු සිත සනසන තැනකි. කොහේ ගියත් ගෙදර එනකම් සිහිය නෑ කියන්නේ එයටයි.. ඒත් සමහර ගෙවල් ගිනි ගොඩකි.. නිවසියන් හේතු රහිතව සබදතා බිදී ඇත.. දියුනුවක් සතුටක් සැනසීමක් නැත..සෞඛ්‍ය තත්ව පිරිහී ඇත..කනස්සල්ල රජයයි නිවසේ සිටීමද අප්‍රසන්න වේ.

එදා මෙදා තුර මෙයට හේතු වූයේ ධාර්මිකව ජීවත් නොවීම හා වාස්තු දෝශයි.. එසේනම් සෞභාග්‍ය සදහා ධර්මානුකූලව ජීවත් වීමත් වාස්තු දොස් මගහැර සොබාදහම සමග ජීවත් වීමත් කලයුතුය.. වාස්තු දොස් කොටස් අයින් කර වෙනස් කර නිවැරදිව ස්තාන ගත කරගත යුතු බව පැරනි පාරම්පරික නක්ෂත්‍රවේදීන් සොයාගත්හ..නමුත් එයින් යහපතක් උදා උනද සියයට සියයක් ප්‍රතිපල නොලැබෙන බවත් යම් කිසි අඩුවක් ඇති බවත් පෙනී ගොස් ඇත…එය කුමක්ද සොයා බලද්දි ඒ තුරු ලතා සතා සීපාවා වග අවබෝධ වී ඇත… එලෙස වාස්තු විද්‍යාව හා විශ්ව ශක්තිය මුහුකරගනිමින් සොබාදහමට ලංව් දෝශ මග හැර ගැනීමට කටයුතු කර ඇත.. නිවාස ඉදිරීයේ ගෙවත්තෙ මල් උයන් පලතුරු උයන් සමනල කුරුලු උයන් පොකුනු ආදිය නිර්මානය කර සොබාදහමේ නියමයන් ජීවිතයට ලං කරගෙන සියලු දොස් පහකර සෞභාග්‍ය උදා කරගෙන ඇත.. නිවසක දොස් ඇතද නැතද පහත ක්‍රියාපිලිවෙත් අනුගමනය කරන්නේ නම් ඔබගේ ගතට මෙන්ම සිතටද අපූරු සහනයක් ලැබිය හැක.

මල් උයන්
මල් සිතටචමත්කාරයක් ඇති කරවන දසුනකි..එපමනක් නොව බුදුන් දෙවි දේවතාවුන් පිදීම සදහාත් රැගෙන යයි.. දෙවියන්ගේ පාරිශුද්ධභාවය කියා දෙන්නෙ මල් ය.. යම් කිසි නිවසක් නොදැනුවත් කමින් පෙරේත පාදයේ සෑදුවේද මල් නිසා එය මනුස්ස පාදයක් කරයි.. මල් වල පවතින වාස්තු රහස එය වේ..

සමනල උයන්
සමනලයෝ දෙව්ලොව සිට පැමිනෙන සුරංගනාවන් ලෙස සලකති.. ඒ අනුව මල් පිපීම දෙවියන්ට කරනු ලබන ආරාධනාවකී.. මෙයට බොහෝ කාලයකට පෙර සමනලයන් සිරිපා කරුණා කලේ රංචු පිටිනි.. එහෙත් වර්තමානයෙ සමනලයින් දැකීම දුර්ලභ දර්ශනයකි..ඒ මිනිසාගෙ වැරදි අයහපත් ක්‍රියා හේතුවෙනි. නිවෙස් ඉදිරියෙ ගෙවත්තේ මල් වැවීම සමනල උයනකට ආරම්භයක් ලබා දීමකි. ඔබේ උද්‍යානයට ගෙවත්තට සමනලයින් පැමිනෙන්නේ නම් දෙවියන්ද ඒ සමග වඩිනු ඇත..දෝශ සමනය වෙත්..මල් වලට පැමිනෙන්නේ සමනලයන්ම පමනක් නෙවේ.. මීමැස්සෝද වෙත්..කසලට නොඇදෙන බිගුන් මලට ඇදෙන්නේ ගුමු ගුමුව දසත පතුරමිනි.. එයින් පරිසරය සක්‍රීය වේ… මීමැස්සා පරිසරයකට අත්‍යාව්ශ්‍යම සතකු බව ඔබ දන්නවා ඇත.. සමනලයා මෙන්ම මීමැසි පොදි වාස්තු විද්‍යාවේ දෝශ සමනය කරන සතෙකි..

නිවසක වාස්තු දොස් මගහරින්න වාසනාව උදාකරගන්න බොහො මුදල් අවශ්‍ය නොවේ… අවශ්‍ය වන්නේ කැපවීම උනන්දුව හා සොබාදහමට ඇති ලැදියාව වේ… පරිසරයෙන් උපන් අපි පරිසරයෙන්ම දෝශ විසදාගන්නේ නම් මැනවි.. පරසරයේ ඇති විශ්ව ශක්තීන් සුබ ශක්තීන් තමා වටා ඒක රාශි කරගැනීම තමාම කලයුතුය…

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

හැමදාම උදෑසන ආහාරයට ඕට්ස් එකතු කරගත්තොත් ඔබේ සිරුරටත් ප්‍රතිලාභ රැසක්

ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් ලෙස, ‘ඕට්ස්’ හැඳින්විය හැකි ය. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ – 20%කොපර් – 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යම් ප්‍රමාණයකට ඇතුළත්ව තිබේ . බටහිර වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට, ඕට්ස් ධාන්‍යමය ආහාරයේ මුළු කැලරි ප්‍රමාණය 303කි. මේ තරම් පෝෂණ ගුණයක් තිබෙන ඕට්ස්, මිනිසාට හිතකර වන්නේ කෙලෙසදැයි විමසා බලමු.

ඕට්ස් මඟින් රුධිරයේ සිනී මට්ටම පාලනය කර යි. මෙහි අඩංගු අධික තන්තුමය ස්වභාවය, දියවැඩියා රෝගීන්ට ගුණදායක ය. මේ නිසා, සිරුරේ නිපදවෙන ග්ලුකෝස් ප්‍රමාණය යම් පාලනයකට යටත් වීමක් ද සිදු වේ. දියවැඩියා රෝගී තත්ත්ව උග්‍ර වී, ඉන්සියුලීන් ප්‍රතිකාර කරන රෝගීන් සඳහා ද ඕට්ස් යෝග්‍ය ය.

අධික ස්ථුලතාවෙන් පෙළෙන්නන්ට, විදෙස් රටවල වෛද්‍යවරු ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කරයි. විශේෂයෙන් ම උදෑසන ආහාරය සඳහා මෙය කදිම ගුණදායක ආහාරයකි. ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර රත් කර සකසා ගන්නා ආහාරය, උදෑසන ආහාරයකට වඩාත් උචිත ය. ඒ අයුරින් සකසා ගත් ඕට්ස්, ඔබ කැමැති පලතුරු වර්ගයක් සමඟ, කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකි ය. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය ද එයයි.

2003 වර්ෂයේදී අමෙරිකානු චර්ම වෛද්‍යවරුන් පිරිසක් තම පරීක්ෂණ මඟින් ඕට්ස් සමට සත්කාරයක් වන ධාන්‍යක් බව ප්‍රකට කර ඇත. ඉන් පසු රූපලාවන්‍ය නිෂ්පාදන බෝහොමයකටම ඕට්ස් අන්තර්ගත කෙරිණි.

සමෙහි තෙතමනය පාලනය කර ගැනීමට සහ සමෙහි පැහැපත් බව වැඩි දියුණු කරලීම ඕට්ස් මඟින් සිදුවේ.

කුඩා කාලයේදී දරුවන්ට වැළඳෙන හතිය සඳහා ද මෙය වඩාත් ගුණදායක ය. ඕට්ස්වල පවතින ඇන්ටි ඔක්සයිඩ සංඝටකය මඟින්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කෙරේ. එම නිසා, බොහෝ ආහාරපානවලින් වැළකී සිටින, හතිය වැළඳී ඇති දරුවන් සඳහා ඕට්ස් ආහාරයට ලබා දීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කරයි.

වයසින් මුහුකුරා යන වැඩිහිටියන්ගේ මොළයෙහි ලේ ගමනාගමනය මැනවින් සිදු කරමින්, මනසෙහි ව්‍යාකූල ස්වභාවය නැති කිරීම සඳහා උචිත ආහාරයක් ලෙස ද මේ ධාන්‍ය වර්ගය හඳුන්වා දී ඇත. එක දිගට මාස තුනක පමණ කාලයක් ඕට්ස් ආහාරයට ගැනීමෙන්, වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිත රෝගාබාධ 59%ක් පමණ අවම කර ගැනීමට පුළුවන.

ඕට්ස් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
සම සුවපත් කරනවා. සමේ දැවිල්ල සහිත ඉදිමුම් සහගත තත්වයන් වන කසන ගතිය , රත්පැහැ වීම හා වියලි ස්භාවයන් මර්ධනය කර සුවදායක සමක් ලබා ගැනීමට ඕට්ස් ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙනවා. ඕට්ස් තුල අඩංගු වන සින්ක් මගින් සම ගැඹුරින් පිරිසිදු කර සම අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කරනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස සමේ කුඩා සිදුරු පටු වී , ඔබේ සමට තරුණ පෙනුමක් ලැබීම සිදු වෙනවා.

ඒ වගේම ඕට්ස් තුල අඩංගු යකඩ මගින් සමට අවශ්‍ය නිසි පෝෂණය හා තෙතමනය නිසි පරිදි ආරක්ෂා වීම සිදු වෙනවා. මැන්ගනීස් මගින් සමේ ඇති වී ඇති ඇති තුවාල , සුළු සිරීම් , පිළිස්සීම් වැනි තත්වයන් සුවපත් කර, සම ඉක්මනින් යතා තත්වයට පත් කරනවා. ඕට්ස් වල අඩංගු වන මැග්නීසියම් මගින් සම අවට ලේ ගමනාගමනය විධිමත් කර සමේ සෛල වේගයෙන් නැවත අලුත් කිරීම සිදු කරනවා.

ඔබේ මස් පිඩු වලට වැඩිපුර ප්‍රෝටීන් ලැබීම
ඕට්ස් වේලක් ආහාරයට ගැනීමෙන් එහෙමත් නැතිනම් ඕට්ස් මේස හැඳි 8ක් අවම වශයෙන් ආහාරයට ගැනීමෙන් පමණක් ඔබට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 15% සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම ඕට්ස් වල අඩංගු විටමින් E , ප්‍රතිඔක්සිකාරක හා ග්ලුටමින් මගින් මාශ පටක නැවත ප්‍රකෘතිමත් කිරීමද සිදු කරනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් – ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ඕට්ස් වල අඩංගු එවැනි ප්‍රබලම ප්‍රතිඔක්සිකාරයක් තමයි ඇවි-නැන්-ත්‍රිමයිඩ් කියන්නේ. එමගින් ශරීරයේ ඉදිමුම් සහගත තත්වයන් , කැසීම් හා අහිතකර රුධිර පීඩන තත්වයන් සුවපත් කිරීම සිදු කරනවා. ඕට්ස් වල අඩංගු තවත් ප්‍රතිඔක්සිකාරකයක් වන බෙටා ග්ලුකන් මගින් රුධිර සිනි ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. මෙහි ප්‍රතිපලය විටමින් C සමග ඒකාබද්ධ වූ විට තවත් ප්‍රබල වෙන බව පැවසෙනවා. එම නිසා දියවැඩියා රෝගින්ට උදැසන ආහාරය ලෙස ඕට්ස් කෝප්පයක් හා ලෙමන් යුෂ වීදුරුවක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි

හොද ජවයක් ලැබෙනවා
ඕට්ස් කියන්නේ කබෝහයිඩ්රේට් වලින් පිරිපුන් ආහාරයක්. ටිකක් විතර වියලි ඕට්ස් කෝප්පයක් උදෑසන ආහාරය ලෙස ගන්න පුළුවන් නම් ඔබට දිනය පුරාම උනත් හොද ජවයකින් වැඩ කරන්න ශක්තිය ලබා ගන්නට පුළුවන්.

ශරීර බර අඩු වෙනවා
දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් වී ඔබේ බර වේගයෙන් අඩු වීම සිදු වෙනවා. කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙසට ඕට්ස් අනුභව කරන්නට පුරුදු වීම මගින් අනවශ්‍ය ලෙස ශරිරය තුලට අමතර කැලරි ලබා ගැනීම වැලකි යනවා. මෙම ක්‍රියාව මගින් අපිට අනාගත ලෙඩ රෝග කන්දකින් වැලකී සිටින්නට හැකියාව ලැබෙනවා. මොකද ස්ථුලතාවය කියන්නේ ලෙඩ රෝග ගොඩක ආරම්භයක් නිසා.

කොලොස්ටරෝල් අඩු කරනවා
ඕට්ස් වල අඩංගු ලිනෝ – ලෙයික් අම්ල හා දියවන සුළු තන්තු මගින් රුධිරයේ ට්‍රයි-ග්ලිසරයිඩ් හා නරක කොලොස්ටරෝල් අඩු කිරීම සිදු කරනවා. මෙම පෝෂක මගින් රුධිර නාලයන්හි බිත්ති වල මේද තැන්පත් වීම වළක්වා , හෘදයාබාධ හා ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්ෂා කරනවා.

හදවත නිරෝගී කරනවා
ඕට්ස් තුල හදවතට හිතකර සෞඛ්‍ය සම්පන්න මේද අම්ල රාශියක් අඩංගු වෙනවා. මෙම මේද අම්ල මගින් හදවත් සෛල වල නිරෝගී තාවය හා රුධිර සංසරණ පද්ධතියේ නිරෝගිතාවය නිරතුරුවම ආරක්ෂා කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක බලය නිසා නිදහස් අණු මගින් , රුධිර නාල වල බිත්ති වලට හානි කිරීම අවම කර අනාගත හදවත් රෝග අවධානම අවම කරනවා.

ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා
ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගැනීමට නම් දිනකට තන්තු ග්‍රෑම් 25ත් – 35ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගත යුතු බව වෛද්‍යවරුන් පවසනවා. උදෑසන ආහාරය ලෙස ඕට්ස් සුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙන්ම පමණක් මෙම තන්තු අවශ්‍යතාවයෙන් පහෙන් එකක්ම සම්පුර්ණ කර ගන්නට පුළුවන්. ඉතින් ඔබටත් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගෙන , මල බද්ධය වැනි අපහසුකාරී රෝගයන්ගෙන් බේරිලා ඉන්න අවශ්‍ය නම් , එකට කරන්න තියෙන හොදම දේ තමයි ඕට්ස් කන්න පුරුදු වෙන එක

හරි අපි දැන් ඕට්ස් ගැන ගොඩක් දේවල් කතා කරානේ. දැන් අපි බලමු උදේට කන්න ඕට්ස් කොහොමද හදා ගන්නේ කියලා..

ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර සාස්පනක දමා රත් කර රසවත් ආහාරයක් ලෙස සකසා ගන්න. මෙසේ සකසා ගත් ඕට්ස් මතට කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකියි. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙයයි.

ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්.
ඕට්ස් භාවිතා කරලා හදන ආහාර වට්ටෝරු

01) ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක
විනාඩි කීපෙකින් හදාගන්න පුළුවන් ගුණවත් උදේ ආහාරයක්. ඒ වගේම හවසට පොඩි බඩගින්නක් ආවහම මහත් නොවී ගුණ ස්නැක් එකක් ලෙසත් අපූරුයි. මේක හදන්න විනාඩි කීපයයි යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :
උණු කිරි වීදුරු 1 යි, ඕට්ස් ඇති පමණ, රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ) පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී)

සාදන ක්‍රමය :
උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර කරන්න. උකු තලපයක් බවට පත් වේවි. ඉන් පසු එයට සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කර ගන්න. පලතුරු කුඩා කැබලි වලට කපා එයටම එක් කරන්න. විනාඩි දෙකකින් රසවත් අංග සම්පූර්ණ ආහාරයක් සූදානම්.

2) ඕට්ස් ඔම්ලට් එකක්
බඩගිනියි, හැබැයි පැණි රස සහ කිරි රහ හරියන්නේ නැහැ. වෙලාවකුත් නැහැ වෙන දෙයක් හදන්න. අන්න ඒ වගේ වෙලාවට විනාඩි 5 ක් යද්දී ගුණවත් ආහාරයක් හදා ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය :
නටන ජලය කෝප්ප 1 ක්, ඕට්ස් අවශ්‍ය පමණ, ලුණු, බිත්තර 2 ක්, හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි, කපන ලද අමු මිරිස් කරල් 3 යි, අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි

සාදන ක්‍රමය :
නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.

03) ඕට්ස් වලින් පෑන් කේක්
මේක නම් ගොඩක් රසයි. හදන්නත් ලේසියි. උදේ ආහාරයට නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :
ඕට්ස් කප් 1 යි, පාන් පිටි කප් 1 යි, බේකින් පවුඩර් හැඳි 1 යි, බටර් ස්වල්පයක්, බිත්තර 2 ක්, උණු කිරි කෝප්ප 1 යි

සාදන ක්‍රමය :
ඕට්ස් කප් එකට උණු කිරි කෝප්පය දමා විනාඩි කීපයක් වසා තබන්න. එයට පාන් පිටි සහ බේකින් පවුඩර් තේ හැන්ද බැගින් එක් කරන්න. කැටි ඉතුරු නොවෙන විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. එයටම වැනිලා තේ හැන්දක්, බටර් ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු හොඳින් ගසා ගත් බිත්තර දෙක මේ මිශ්‍රණයට එකතු කර නැවත වරක් හොඳින් ගසා ගන්න.

රෙදි කඩකින් හෝ පියනකින් වසා පැය භාගයක් තිබෙන්න හරින්න. බැටර් එක තද වැඩියි වගේ නම් තව උණු වතුර මිශ්‍ර කරලා හැඳි ගා ගන්න.

දැන් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් බිදු කීපයක් දමන්න. කපු රෙදි කඩකින් පෑන් එක පිස දමන්න. සාමන්‍ය පෑන් කේක් හදන විදිහටම බැටර් එක හැන්දෙන් එකක් අරගෙන පෑන් එකට දමා දෙපැත්ත දමමින් හදා ගන්න. පැණි, ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සමග ආහාරයට ගත හැක.

04) ඕට්ස් පිට්ටු
මේ ක්‍රමය අපිට එවුවේ FB එකේ ඉවුම් පිහුම් සමූහයේ ගංගා මානනායක මහත්මිය විසින්. ගුරුතුමියක් වුන ඇය දේශීය ක්‍රමයට ඕට්ස් වලින් ආහාර වර්ග අත්හදා බලනවා එහි ඇති ගුණ නිසාම. මේ තමයි ඇය පිට්ටු හදන ක්‍රමය.

අවශ්‍ය ද්‍රව්‍ය :
ඔට්ස් කප් 2 ක්, ගා ගත් පොල් කප් 1 ක්, ග්‍රේට් කළ කැරට් අලයක්, ලියා ගත් බීලූනු ගෙඩියක්, අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා, කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා ගොටු කොළ හෝ තියෙන පලා වර්ගයක් හීනියට ලියා ගෙන මිටක් විතර, ලුණු, ගම්මිරිස්

සාදන ක්‍රමය :
මේ සියළු දේවල් එකට මිශ්‍ර කරන්න. වතුර ඉතාම ස්වල්පයක් ඉහලා ලුණු, ගම්මිරිස් ඇති පමණ දමා පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න. සාමාන්‍ය පිට්ටු වලට වඩා වැඩි වෙලාවක් තැම්බෙන්න අරින්න.

මස්, මාළු කරියක් එහෙම නැත්නම් පරිප්පු , අල වගේ හොද්දක් එක්ක උනත් හරිම රසයි. උදේට වගේම රෑ කෑමටත් හොඳයි.

05) ඕට්ස් රොටි
අවශ්‍ය ද්‍රව්‍ය : ඔට්ස් කප් 2 යි, පාන් පිටි කප් 1යි, ගා ගත් පොල් කප් 2 යි, ලියාගත් බී ළූණු, අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා, කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා, ලුණු

සාදන ක්‍රමය :
ඕට්ස් ධාන්‍ය වර්ගය පාන් පිටි සමග හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු උණු වතුර දමමින් රොටී අනන ආකාරයට අනා ගන්න. ඉතුරු කළමනා එකතු කරන්න. අවශ්‍ය පමණ ලුණු මිශ්‍ර කරන්න. ඉන් පසු බෝල හදා පැය භාගයක් පමණ තිබෙන්නට හරින්න.

අත් දෙකේ තෙල් ආලේප කර ගෙන තෙල් ගාගත් ලෑල්ලක හොඳින් වඩා ගන්න. ඉන් පසු රත් වුන කබලක දමා දෙපැත්ත දමමින් සාමාන්‍ය ආකාරයට රොටී හදා ගන්න.

6) ඕට්ස් සහ කුරක්කන් කැඳ
ඔබට උදේ හෝ රාත්‍රී ආහාරයක් ලෙස මේ ඉතාම ගුණ කැඳ වර්ගය හදා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඕට්ස් කෝප්ප භාගයක්, කුරක්කන් කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්පයක්, ජලය සහ ලුණු ස්වල්පයක් පමණයි.

ඕට්ස් සහ කුරක්කන් වතුරෙන් හොඳින් තම්බා ගන්න. ඉන් පසු එම මිශ්‍රණයට පොල් කිරි සහ පදමට ලුණු දමා ලිපේ තබාගෙන හැඳි ගාන්න. රසම රස කැඳක් ලැබේවි.

7) ඕට්ස් වලින් අතුරුපස – ඕට්ස් කුකීස්
පොඩ්ඩන්ට හවසට තේ බොද්දි කන්න නම් අපූරු ගුණදායක බිස්කට් එකක් මේක. හදන්නත් ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය :
බටර් කෝප්ප භාගයයි, දුමුරු සීනි කෝප්ප තුන් කාලක්, පිටි වෙන්න කුඩු කර ගත් සාමාන්‍ය සීනි කෝප්ප භාගයයි, බිත්තර 2 ක්, වැනිලා තේ හැඳි 1 යි, හලාගත් පාන් පිටි කෝප්ප එක හමාරයි, ආප්ප සෝඩා ( බේකින් සෝඩා) තේ හැඳි 1 යි, කුරුඳු කුඩු තේ හැඳි 1 යි, ඕට්ස් කෝප්ප 3 යි, වියලි මිදී කෝප්ප 1 යි.

සාදන ක්‍රමය :
පළමුව අවන් එක සෙල්සියස් අංශක 170 ට පමණ preheat කර ගන්න. ඕට්ස් සහ වියලි මිදී හැර අනෙක් සියලු කළමනා ලොකු බෝල් එකකට දමා හොඳින් විදුලි මික්ෂර් එකකින් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ඕට්ස් කෝප්ප තුන සහ වියලි මිදී දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් වේවි.

බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා ගන්න. මිශ්‍රණයෙන් බෝල හදා ඈතින් ඈත බේකින් ට්‍රේ එකේ තියන්න. සාමාන්‍යයෙන් කුකීස් බේක් කරන විදිහටම කරන්න.

විනාඩි 20 පමණ අවන් එකේ තියල එලියට ගන්න. නිමුනහම භාජනෙක අසුරලා පොඩ්ඩන්ට තේ බොන්න පාවිච්චි කරන්න.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

වෙළඳපොලේ ඇති බාල පරිප්පු වලට රැවටෙන්නේ නැතිව හොඳ පරිප්පු තෝරාගන්න විදිය

පරිප්පු මිලදී ගැනීමේදී රතු හෙවත් මයිසුර් පරිප්පු මිල දී ගැනීමට ජනතාව ප්‍රමුඛත්වය දෙන බවක් දක්නට ලැබෙයි. මෙම මයිසුර් පරිප්පුවලට සමානව යන වෙජ් කියන ධාන්‍ය වර්ගය අශ්වයන්ට ආහාරයට දෙනු ලබනවා. කාලයක් මෙයත් මිනිසුන්ට පරිප්පු ලෙස කූඨ වෙළඳුන් අලෙවි කර තිබුණා. නමුත් දැන් එවැනි කූඨ වැඩ සිදුවන අවස්ථා අවමයි. නැති තරම්.

දිනපතා අප ආහාරයට ගන්නා ධාන්‍යමය ව්‍යාංජයන් අතර පරිප්පු ප්‍රධාන වේ. වෙළෙඳපොළේ දක්නට ලැබෙන පරිප්පු වර්ග කිහිපයකි. ඒ අතර මයිසුර් හෙවත් රතු පරිප්පු, කහ පරිප්පු, කඩල පරිප්පු ප්‍රධාන වේ. මෙලෙස අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා පරිප්පු හොඳ තත්ත්වයේ පවතී ද? පරිප්පු වලට ඩයි දමා විකුණු අවස්ථා, පරිප්පු මැලතින් මිශ්‍ර කර කල්තබන අවස්ථා, පරිප්පු හා සමානවන සත්ත්වමය ආහාර පරිප්පු ලෙස විකිණු අවස්ථා කෙතෙකුත් ඇති. තත්ත්වය මෙසේ නම් සැබෑවටම තත්ත්වයෙන් උසස් පරිප්පු වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ කෙසේ ද? එලෙස මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

පරිප්පු මිල දී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
පරිප්පු මිලදී ගැනීමේදී කැබලිවලට කැඩුණු පරිප්පු කිසිවිටෙක මිලදී නොගත යුතුයි. එයට හේතුව පරිප්පු වලට ගුල්ලන් හා වෙනත් කෘමි සතුන් විද හානි කර ඇති බැවිනි. තවද පණු කැදලි හා කෘමි සතුන් සිටින බවක් දිස්වෙන පරිප්පු කිසිසේත්ම මිනිස් පරිභෝජනයට සුදුසු නොවේ.

මන්ද මෙවැනි පරිප්පුවල ඇති ගුණාත්මක බව හා පෝෂණය මෙම සතුන් උරාගෙන ඔවුන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය පරිප්පු තුළට නිකුත් කරනු ලබන නිසා, එය මිනිස් සිරුරට හිතකර නොවේ. එවැනි පරිප්පු කිසි විටෙක මිල දී නොගත යුතුයි.

හොඳ පරිප්පු තෝරා ගන්නේ කෙසේද?
තත්ත්වයෙන් උසස් පිරිසුදු පරිප්පු මිල දී ගැනීමේදී පරිප්පු ඇට පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මන්ද පරිප්පු ඇටයේ ගුල්ලන් විදින ලද හිල් තිබේ ද යන්න සොය බැලිය යුතුය. එලෙසම පරිප්පු බහුලව කැබලිවලට කැඩී තිබේද යන්න සොයා බැලීම වැදගත්. මන්ද විකිණිමේදී ගුල්ලන් ගැසු පරිප්පු කැබලිවලට කඩා හොඳ පරිප්පු සමඟ මිශ්‍ර කර තිබීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි බැවිනි.

නමුත් හොඳ පරිප්පු ආනයනය කර පිරිසුදු කිරීමේ දී ද පරිප්පු ඇට කැඩීමකට ලක්වේ. එලෙස කැඩුනු පරිප්පු පරිභෝජනයට ගැටලුවක් නොවේ. නමුත්, බැලු බැල්මට කැඩී, පොඩි වී ගිය පරිප්පු මිල දී නොගත යුතුයි. පරිප්පුවල ජල ප්‍රතිශතය අඩුකර ගැනීමෙන් හා කෘමින්ගෙන් ආවරණය කර තබා ගැනීමෙන් බොහෝ කාලයක් පරිප්පු තබා ගැනීමට හැකියාව පවතී. එයට අමුතුවෙන් රසායනික ද්‍රව්‍ය යෙදිය යුතු නොවේ.

නමුත් වෙළෙඳපොළේ ඒ තත්ත්වය එලෙසම පවතිනවාද යන්න සැක සහිතය. පරිප්පුවල සියකට දහයට වඩා අඩු ජල ප්‍රතිශතයක් තිබු විට පරිප්පුවල පුස් වර්ග ඇති නොවන අතර පුස් වර්ග සැකසී පැවතුණොත් එය පිළිකා කාරක විෂ නිපදවීමට ඇති හැකියාව වැඩිය.

පරිප්පු කල්තබා ගැනීමට මැලතියන් යොදනවාද?
මීට කලකට පෙර මැලිතියන් යොදා පරිප්පු විකුණු අවස්ථා වාර්තා වුණා. නමුත් මේ වන විට මැලතියන් දැමීම සම්පුර්ණයෙන්ම තහනම්. එලෙසම මැලතියන් ලංකාවට ගෙන්වීමද තහනම් කර තිබෙන්නේ. නමුත් පරිප්පුවලට ඩයිවර්ග හා විවිධ වර්ණක යොදා අලෙවි කරන අවස්ථා තිබෙනවා.

විශේෂයෙන් නොමේරූ හා පරණ පරිප්පු මෙලෙස ඩයි දමා විකිණීමට තබනවා. එසේ වු විට මේ පරිප්පු ජලයේ දියකළ විට වර්ණක තිබේ නම් සේදී යන්න පුළුවන්. එයත් සොයා ගන්න අපහසු නම්, පරිප්පුවලට විනාකිරි ස්වල්පයක් දමා රත්කර එයට කපු රෙදි කැබැල්ලක් දැමු විට ඩයි දමා තිබේ නම් ඒ වර්ණකය රෙදි කැබැල්ලට උරා ගන්නවා. සාමාන්‍යයෙන් රසායනාගාරවලදී බැටළු ලොම් මේ සඳහා භාවිතා කරනවා.

අපි හැමවිටම වෙළෙඳ පොළෙන් මිලදී ගත යුත්තේ පැහැදිලි වර්ණයක් හා දිස්නයක් සහිත ඇට වෙන්ව ඇති පියලි වශයෙන් ඇති, නොකැඩුණු පරිප්පුය. පරිප්පුවල ප්‍රෝටීන් අධික වන අතර මිනිසාගේ පෝෂණයට ගුණදායක ආහාරයකි.

උපුටා ගැනීම – හෙළ දැණුමෙන් පෝෂණය / Yasintha Himasari

මස් පරදන පෝෂණ ගුණයෙන් අනූන කොලෙස්ටරෝල්, හෘද රෝග අඩු කරන මුං ඇට

හොඳ ප්‍රෝටීන් සැපයුමක් පහසුවෙන් ලබාගත හැකි ආහාර ලෙස සැලකෙන රනිල භෝග අතරින් මුංඇටවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මුංඇට එදිනෙදා ආහාරයක් ලෙස පැරැන්නන් මෙන්ම වර්තමාන පෝෂණවේදීන් අතරත් ජනප්‍රියව ඇත්තේ එහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය හා ප්‍රණීත බව නිසාම පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය විවිධාකාර වාසි රැසක් මේවා ආහාරයට ගන්නාට අත්වෙනවා.

මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්. මෙහි කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද, තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගත වෙනවා. සමස්ථයක් වශයෙන් ගත් කල්හි මුංඇටවල විටමින් ‘බී’ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ, සී, ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි. එමෙන්ම මුංඇටවල කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණත් අන්තර්ගත වෙනවා. මුංඇට ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් ශරීරයට දෛනිකව අවශ්‍යය විටමින් ඒ වලින් 2%ක් ද, විටමින් සී වලින් 8%ක් ද කැල්සියම්වලින් 13%ක් හා යකඩවලින් 37%ක් ද ලබාගත හැකි අතර එමඟින් සෝඩියම් මිලිග්‍රෑම් 15ක් හා පොටෑසියම් මිලිග්‍රෑම් 1246ක් ශරීරයට ලැබෙනවා.

දියවැඩියා අවදානම අඩු කිරීම
දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ හැකියාව මුංඇට ආහාරයට ගැනීමෙන් අඩු වන අතර ශරීරයේ ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මුංඇට ආහාරයට ගැනීම මඟින් රුධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා.

කොලෙස්ටරෝල් මට්ටම හා හෘද රෝග අවදානම අඩු කිරීම
මේවා ආහාරයට ගැනීම තුළින් රුධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳාකාරව සිදුවෙනවා. මීට අමතරව ප්‍රදාහ තත්ත්ව ඇති වීමත් වළකින අතර රුධිර නාලවල හානි වූ කොටස් ප්‍රතිස්ථාපනය වීමත් සිදු කෙරෙනවා. රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවදානමත් අඩුවෙනවා.

පිළිකා අවදානම නෑ
මුංඇට ආහාරයට ගන්නා අයට එහි අඩංගු ඇමයිනෝ අම්ල, ඔලිගොසැකරයිඩ හා පොලිෆීනොල නිසා ශරීරයේ ගැටිති ඇතිවීම මෙන්ම පිළිකා ඇතිවීමටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව ඩී.එන්.ඒ. දාමවල හානි ඇතිවීම හා විකෘති වීම වැළකෙනවා.

ශරීරයේ බර බහියි
මුංඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත්විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම නැවතෙනවා. මීට අමතරව මෙහි අඩංගු ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය නිසාත් මුංඇට සුළු ප්‍රමාණයකින් තෘප්තිමත් වන්නට ඒවා ආහාරයට ගන්නන්ට පුළුවන්. එමෙන්ම මුංඇට රනිල භෝග අතරින් පහසුවෙන්ම දිරවාගත හැකි රනිල භෝගය නිසා බඩ පුරවා දැමීම් වැනි තත්ත්ව ඇති වන්නේත් ඉතා කලාතුරකින්.

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම
මුංඇටවල අඩංගු ශාක පෝෂක රාශිය විෂබීජ නාශක ගුණය සිරුරට ලබාදෙනවා. මෙමඟින් ශරීරයට වැඩි ප්‍රතිශක්තිකරණ හැකියාවක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න උදරයක් ලබාදෙනවා. මේ නිසා අනෙකුත් ආහාරවල පෝෂකත් පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකි වෙනවා.

සමෙහි සෞඛ්‍යය ඔප්නැංවීම
වඩා තරුණ සෞඛ්‍යමත් සමක් ප්‍රතිඵල කරන්නට මුංඇටවල අඩංගු ශාක පෝෂක මගින් ශරීරයේ කොලැජන්, ඉලාස්ටින්, හයලුරොනික් අම්ලය වැනි දේ නිපදවීම උත්තේජනය කරනවා.

විශිෂ්ට ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස
ශාකමය ප්‍රෝටීන ප්‍රභව සොයන කායවර්ධක ක්‍රීඩකයන්, ගිලන්ව සිටින්නන් වැනි අයට ඉතා සුදුසු ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මුංඇට ඉහළින්ම තිබෙනවා. මුංඇටවල ඉහළ ග්ලොබියුලින් හා ඇල්බියුමින් ප්‍රතිශතයක් අඩංගුයි. එමෙන්ම මුංඇට මඟින් ලෙයුසීන්, අයිසොලෙයුසීන්, වැලීන් වැනි ඇමයිනෝ අම්ලත් යහමින් ශරීරයට ලැබෙනවා.

උපුටා ගැනීම – සුවපත් දිවියකට හෙළ ඔසු / Koshali Thanuja

නිතර හැදෙන සෙම් රෝග වලට මෙන්න හොඳම ප්‍රතිකාරය ‘පාවට්ටා’

මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු.

වෙනත් ප්‍රයෝජන
වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි. පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි. බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ. ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී. දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී. පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත. ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය
විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි. ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි.

භාවිතා කරනු ලබන රෝග අවස්ථා
බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි. විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි) සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි, හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි, අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව) මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග, රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශ්‍රිත රෝග, හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.

ප්‍රතිකර්ම
තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි. කුෂ්ටයට – දළු, අමුකහ, අඹරා ආලේපය
අර්ශස් රෝගයට – පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම. අපස්මාරය (වලිප්පුව) – පාවට්ටාවලින් කළ තෙල් ආලේපය. ක්‍රීම් නාශකයට (පණුවන්ට) පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න (ගුද මාර්ගය වටේ). ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න. පහසු ප්‍රසුතියට – හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට – පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම
අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බීම. රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම. පරණ උණට (කල් ගත වූ උණ) පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය
(උපුටා ගැනිම දිනමිණ ආරෝග්‍යා )

පාවට්ටා තේ
මේ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක ඔන්න හදන විදිහත් එක්කම දානවා. සාම්ප්‍රදායිකව පාවට්ටා කහට හදන්නෙ මෙහෙමයි. පාවට්ටා (ආඩතෝඩ) මල් හැදිච්චි අතු කීපයක් කඩාගෙන ඒවා හෝදලා වතුර බහින්න හෙවනක තියනවා. ඊට පස්සෙ එහෙම් පිටිම්ම ලෑල්ලක් උඩ තියල ලීයකින් යන්තමට තලනවා. කෝටු නම් හොදට තලනවා. මල් නොතැලෙන්න දාන්නෙ. කොල නම් යන්තමට තමා තලන්නෙ. ඉන්පස්සෙ සූදානම් කරපු කොළපතක් ඇරං අර තලාගත්ත ඔක්කොම ඒකට දාලා පැතලි මුලක් හදනවා. ඊළගට ඒක ගෙදර වතුර කලේ යට රැයක් තියනවා. පස්සෙ මුල ලිහල වට්ටියක දාල පවනේ වේලගෙන අතින් කුඩු කරනවා.

දැන් වතුර කල නැති හින්ද මම වෙන ක්‍රමේකට මේව හදන්නෙ. ඒ තමා තලපු කොල කිනිති ටික උදේ දහයට පෙර අවුවෙ තියල ඉතුරු ටික හෙවනෙ තියල දවසක් දෙකක් වේලනවා. ඊටපස්සෙ සුදු, බත් ඔතන කොලයක් ඇරං ඒකෙ මුලක් හදල තියල තියනවා. දෙවෙනි ඡායාරූපය එහෙම හදපු මුලක්. සතියකින් විතර බල්ද්දි තුන්වෙනි ඡායාරූපය වගේ ගානට වේලිලා තියෙනවා. පස්සෙ ඔක්කොම අතින් හොදට කුඩු කරනවා. එච්චරයි. පාවට්ටා මල් හා ඇති තරමට පොතු හැමදාම නැති හින්ද මම ඒව වෙනම තියාගෙන ඉන්නෙ කුඩු හදන වෙලාවට දාන්ට.

එතකොට කහට එක හදන එකත් සරළයි. මේ කුඩු පුරවල තේ හැදි දෙකක් නටන වතුර කෝප්පයකට දාල නිවෙනකං තියල පෙරා ගන්න එක තමා ඉක්මනට හදන විදිහ. හරි විදිහ නං පොඩි කේතලේකට කුඩු ටිකයි වතුරයි දාලා නටනකං රත් කරලා බොනගානට නිවෙන්ට ඇරලා පෙරල බොන එක. ඉගුරු කෑල්ලක් තලලා දාගන්ටත් පුලුවං. සීනි දාලත් හොදයි. උක් හකුරු කෑල්ලක් එක්ක නං. හදල බලන්ට. මට නං දැන් තේ හරියන්නෙම නෑ…

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඔබටත් අසාමාන්‍ය ලෙස දහදිය දමනවද? එහෙනම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි

ස්වේද ග්‍රාන්ථිය පමණට වඩා වැඩිව පිහිටිම නිසා උපතින් හෝ ජානමය බලපෑමක් වෙන්න පුලුවන් නිසා දහදිය බැදුනු වෙන රෝගතත්වයක් ද වෙන්න පුලුවන්. තයිරොයිඩ් ග්‍රාන්ථිය හෝ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයක් වෙන්න පුලුවන්. ඖෂධ ලබා ගැනිම නිසාද දහදිය වැඩිවිමේ ප්‍රවණතාවයක් තියනවා.

නව හිරිමල් යොවුන් දරුවන් තුල ද දක්නට ලැබෙනවා කුඩා දරුවන්ගේ නම් හිසට දහදිය දමන එක ගොඩක් මව්වරුන්ට පැන නැගෙන ප්‍රශ්නයක් ඒකට හේතුව තමයි කුඩා දරුවකුගේ හි⁣සේ වර්ධනයත් එක්ක ඇති වෙන දෙයක්. එයට ප්‍රතිකාර අවශ්‍යවෙන්නැ ගොඩක් දුරට.

අධ්‍යාපනය ලබන කෙනෙකුට මෙයින් ගොඩක් ගැටලු ඇති වෙනවා. විභාගයට ගියාම ගොඩක් වෙලාවට කඩදාසි වල අකුරු ලිවිමට පවා අපහසුතාවයට පත්වෙනවා. ඒ නිසා නියමිත වේලාවට විභාගයට ලිවිමට පවා අපහසු වෙනවා. මානසික පීඩකයන්ට පවා ලක්වෙනවා.ගොඩක් වෙලාවට.

අධික දහදිය නිසා විජලනය ද ඇතිවෙන්න පුලුවන්. මේ නිසා පුද්ගලයකු ඉක්මනින් ආසාධන වලට ගොදුරු වෙන්න පුලුවන් කමක් තියේ.. ඒ නිසා නිතර දෙවේලේ ශරිරය පිරිසිදුව තබා ගැනිම වැදගත්. ග්‍රාන්ථි ක්‍රියාකාරිත්වය හා වියපත් වෙමින් යන තරුණ අවධිය අනුව ද මෙම ප්‍රතික්‍රියාව සිදු විම අඩු වෙනවා

උපතින් ඇති වන දහදිය හේතුවෙන්.ප්‍රතිකාර හෝ ශල්‍ය ප්‍රතිකාර පවා සිදු කරන අවස්ථා අද වන විට දක්නට පුලුවන්. නමුත් එය ද තීරණය කල යුත්තේ වෛද්‍යවරයා පමනි.

ඇලුමිනියම් ක්ලෝරයිඩ් අඩංගු ආලේපන එවැනි අයට භාවිතා කරන්න පුලුවන්. සිරුරේ යම් යම් ස්ථාන වලට එමෙන් දහදිය පාලනය කර ගත හැක. නැතහොත් තාවකාලිකව පමණක් යටපත් කරයි. කෙසේ නමුත් අසාමාන්‍ය ලෙස දහදිය දමනවා නම් වෛද්‍යවරයා වෙත යොමුවෙන එක වැදගත්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඔබෙත් නිතර නිතර හිසකෙස් ගැලවෙනවනම් මෙන්න හේතු

කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන පංච කල්‍යාණය අතරින් කේශ කල්‍යාණයට හිමිවන්නේ වැදගත් තැනක්. හිසකෙස් අකලට වැටීම, සිනිඳු වීම, ගැලවී යාම ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙකුට වර්තමානයේ තිබෙන බරපතළ ප්‍රශ්නයක්. හිසකෙස් ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒත් නිරෝගී කෙස් කලඹක් සකසා ගැනීම සඳහා ඔබේ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි.

පුද්ගලයකුගේ කෙස් ගසක් වර්ධනය වන ආකාරය ගැන අපි දැනගෙන සිටීම මෙහිදී ඉතාමත් ම වැදගත්. කෙස් ගසක් වර්ධනය වීම අවධි තුනකින් සිදු වෙනවා.

වර්ධක අවධිය (Anagen Phase), නිසල අවධිය (Resting Phase), ගැලවී යාමේ අවධිය (A falling Phase) යනුවෙන් ඒ අවස්ථා හඳුන්වනවා. නීරෝගි පුද්ගලයකුගේ හිසේ කෙස්ගස් ලක්ෂයක් පමණ තිබෙනවා.දිනකට හිසකෙස් ගස් 100 ක් පමණ ගැලවී යාම සාමාන්‍ය තත්ත්වයක්.

සාමාන්‍යයෙන් නිරෝගි පුද්ගලයකුගේ හිසකෙස්වලින් 80% ක් වර්ධක අවධියේත්, 5% ක් නිසල අවධියේත් ඉතිරි 15% ගැලවී යාමේ අවධියේත් පවතිනවා. කෙස් ගසක් මසකට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ප්‍රමාණයකින් දිගින් වර්ධනය වෙනවා.

“අනේ කොණ්ඩෙ හරියට යනවා…” යැයි කියමින් නිතර කාන්තාවන් මැසිවිලි නඟනවා. මේ තත්ත්වය තේරුම් ගන්න ආකාර කිහිපයක් තිබෙනවා.හිස පීරන විට කෙස් අධික ලෙස පනාවට ඒම, ස්නානය කිරීමෙන් පසු අධික ලෙස කෙස් ගැලවී යාම, නිදාගෙන අවදි වන විට කොට්ටය මත කෙස් සාමාන්‍ය ප්‍රමාණයකට වඩා තිබීම, තැනින් තැන හිස් කබල පෙනෙන තත්ත්වයක් ඇතිවීම යනාදිය මෙහිදී වැදගත්.

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීම
දිනකට කෙස් ගස් 150 ඉක්මවා ගැලවී යාම අසාමාන්‍ය තත්ත්වයක්. මෙහිදී හිසකෙස් තුනී වීමක් හෝ තැනින් තැන කෙස් අඩුවීමක් දක්නට ලැබෙනවා.

විවිධ අසනීප තත්ත්ව Andro genetic Alopecia
අද බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙන හිසකෙස් ගැලවී යාමේ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. එසේ ම, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙවැනි තත්ත්වය ඇතිවිය හැකියි. ටෙස්ටස්ටෙ‍රෝන්, වයස අවුරුදු 20 ට වැඩි, ජානමය හේතු යන සාධක ත්‍රිත්වයේ සංකලනයක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන්.

උඳුගොව්වා කෑම
මෙහිදී තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදුවෙනවා. එහෙත් කලාතුරකින් සම්පූර්ණ හිසේම හෝ මුළු ශරීරයේම කෙස් ගැලවී යා හැකියි. මෙය කෙස් ‍ගසේ මුල ඇතිවන අසනීප තත්ත්වයක්. ඒත් බොහෝ දෙනා සිතා සිටින්නේ උඳුගොව්වන් කනවා කියන්නේ ක්ෂූද්‍ර ජීවී විශේෂයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඒත් එය මිථ්‍යාවක්.

Telogen Efmrium
මෙහිදී විසිරී පවතින කෙස් ගැලවී යාමක් සිදු වෙනවා. හදිසියේ ඇතිවන වෙනත් අසනීපයකට මාස 03 ක පමණ පසුව මෙවැනි තත්ත්වයක් උදාවිය හැකියි. උදාහරණ වශයෙන් උණ සන්නිපාතය, සෙංගමාලය, දරු ප්‍රසූතිය, මානසික ආතතිය යනාදිය මෙහිදී වැදගත්. ප්‍රතිකාර ‍මඟින් මේ තත්ත්වය ඉතාමත් සාර්ථකව පාලනය කළ හැකියි. දරු ප්‍රසූතියෙන් පසුව මවුකිරි දීම වැනි කරුණු නිසා හිසකෙස් ගැලවී යන්නට පටන් ගත් නමුත්, නිසි ලෙස විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේලක් ගැනීමෙන් මේ තත්ත්වය කාලයත් සමඟ නැවත යථා තත්ත්වයට පත්වෙනවා.

නිධන්ගත රෝග නිසා ඇතිවන කෙස් ගැලවීම
උදාහරණ වශයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ අසනීප ,Syphilis වැනි ආසාදන, යකඩ ඌණතා හෝ වෙනත් පෝෂණ ඌණතා ආදිය නිසා කෙස් ගැලවී යාමට පුළුවන්. දිලීර සහ බැක්ටීරියා ආසාදන නිසා ද හිසකෙස් ගැලවෙනවා. ඒ වගේ ම අධික ආතතියක් ඇතිවන අයුරින් කරන කොණ්ඩා මෝස්තර නිසා ද කෙස් ගැලවෙන්න පුළුවන්. තදට සිටින සේ හිසකෙස් ගෙතීම, කොණ්ඩය ගැටගැසීමටත්, ගැලවී යාමටත් බලපානවා. එසේ ම, විලාසිතා සඳහා කෙස්වලට දමන රසායන ද්‍රව්‍ය මඟින් ද මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. අද බොහෝ දෙනා අතර ජනප්‍රිය හිසකෙස් අයන් කිරීම මඟින් ද, හිසකෙස් වියලන උපකරණ මඟින් ද කෙස් කැඩීම, ගැලවී යාම දැකිය හැකියි.

උදා – Tight curlers and hair tyles Corn – braiding

මේ හැරුණු විට ඖෂධවල අතුරු ඵල නිසා ද කෙස් ගැලවී යන්න පුළුවන්. උපත් පාලන පෙති, පිළිකා මර්දන ‍ඖෂධ, ලේ කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ ආදිය නිසා හිසකෙස් ගැලවෙන්න පුළුවන්.

වෛද්‍ය ප්‍රතිකාර
ඉහත සඳහන් කළ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ප්‍රමාණවලින් හිසකෙස් ගැලවී යනවා නම්, වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. වෛද්‍යවරයා රෝග නිධානය සොයා බලා ප්‍රතිකාර කළ පසු ඔහු නියම කරන කාලය පුරාවටම ‍ඖෂධ ප්‍රතිකාර ගත යුතුයි.

හිසකෙස් මසාජ් කිරීම (Scalp Massage) හෝ හිතුමතේ ඖෂධ ලබාගැනීම කොහෙත්ම සුදුසු නෑ. මෙහිදී දැති දුරස් පනා භාවිත කළ යුතුයි. Brush කිරීම සුදුසු නෑ. තමාට ගැළපෙන විලාසිතා පමණක් කළ යුතුයි. ෆර්ම් කිරීම තාවකාලිකව නවතා දැමීම ඉතා යෝග්‍යයයි. හැකි අයුරින් සමබල ආහාර වේලක් ලබාගැනීමත්, හිස සේදීමට සැර නැති පිරිසුදු කාරකයක් භාවිත කිරීමත් මඟින් හිසකෙස් ගැලවී යාම පාලනය කළ හැකියි.

උපදෙස් – වෛද්‍ය ජී. එම්. චන්ද්‍රවංශ
(උපුටාගැනීම දිනමින පුවත්පත)

දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණ දෙන වට්ටක්කා කොළ

බොහෝ අය වට්ටක්කා ආහාරයට ගනිද්දී එකතු කරගනු ලබන්නේ වට්ටක්කා ගෙඩිය පමණි. නමුත් වට්ටක්කාවල කොළ සහ දලුවලද ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගතව පවතී. එමෙන්ම වට්ටක්කා දලු සහ කොළ මිශ්‍ර ආහාරයද ඉතා රසවත් වේ. රෝග රුසකට ලොකු ගුණයක් මෙමගින් ලැබේ.

වට්ටක්කා කොළ කෝප්ප එකකින් ඔමේගා 6 මේද අම්ලය මිලිග්‍රෑම් 3.9, ප්‍රෝටීන් ග්‍රෑම් 1-2, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 0.9ක් සම්පූර්ණ මේදය ග්‍රෑම් 0.2 ක්ද ලබාගත හැක. එමෙන්ම වට්ටක්කා කොළවල විටමින් ඒ වැඩි වශයෙන් අඩංගු වේ. ඊට අමතරව විටමින් සී යම් ප්‍රමාණයක්ද අන්තර්ගත වේ.

වට්ටක්කා කොළ ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට සීනි උරා ගැනීම අඩුය. මේ නිසා වට්ටක්කා කොළ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. කොළවල පවතින කහට රස නිසා සීනි ප්‍රමාණය අඩු කරයි.

විටමින් ඒ ඉතා යහමින් පවතින නිසා වට්ටක්කා කොළවල පිළිකා නාශක ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද ඇත. මෙහි කොලෙස්ටරෝල් සහ මද්‍යසාර අන්තර්ගත නැත. වට්ක්කා කොළවල ඇති විටමින් ඒ සංඝටකය නිසා ඇස් පෙනීම දියුණු කරයි. හිසකෙස් සහ නියවලට ඉතා ගුණදායක වේ. මෙහි කැල්සියම් හොඳින් ඇති නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග සඳහා වට්ටක්කා කොළ ඉතා සුදුසුය. ශරීරයේ ඇතිවිය හැකි කම්පන තත්ත්ව සහිත රෝගාබාධ පාලනය කරයි. රැධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත්වීම අඩුකරයි. වන්ධ්‍යාභාවය තුරන් කර සරු බව ඇති කරයි.

කුමන හෝ රෝගයකට ප්‍රතිකාර ගැනීම නිසා ඖෂධ මගින් හෝ වෙනත් ක්‍රම මගින් අක්මාවට ඇතිවන හානිය වට්ටක්කා කොළ මගින් අඩු කරයි. එහි බැක්ටීරියා නාශක ගුණයන්ද පවතී. සැලකිය යුතු ප්‍රමාණයක යකඩ අඩංගු නිසා රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. එමෙන්ම කිරිදෙන මව්වරැන්ට කිරි එරීමට උදව් කෙරේ. සැලකිය යුතු පෝෂණ ප්‍රමාණයක් අන්තර්ගතව ඇති නිසා ආහාර ජීර්ණය පහසු කරයි. නොයෙකුත් ආසාදන රෝග තත්ත්ව වළක්වන බැක්ටීරියා නාශක ගුණයක්ද පවතී.

මුරුංගා කොළ රෝග රැසකටහොඳ බෙහෙතක්
මුරුංගා මෙන්ම මුරුංගා කොළවලින්ද රෝග රැසකට ගුණයක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් අඩංගු කොළ වර්ගයකි.

මුරුංගා කොළ ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් ලෙසින් විටමින් සී මිලිග්‍රෑම් 220ක්ද, කැල්සියම් මිලිග්‍රෑම් 440ක්ද පවතින අතර ඊට අමතරව පොටෑසියම්, ප්‍රෝටීන් අඩංගු වේ.

ආයුර්වේදයේ බොහෝ රෝග රැසකට මුරැංගා කොළ යොදාගනී. මෙය දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක කොළ වර්ගයකි. අධි රුධිර පීඩනයට, පාචනය, කොළරාව වැනි රෝගවලටද මෙය වඩාත් සුදුසු ආහාරයක් ලෙස හැඳින්විය හැක. මුරුංගා කොළ ආහාරයට ගත්විට මුත්‍රා හොඳින් පිට වේ. සෙම නිසා ඇතිවන ශීර්ෂ රෝග සඳහාද, මෙය ගුණදායක වේ.

මෙම කොළ අඹරා සම මතුපිට ආලේප කළ විට සමේ ඇති විෂබීජ ඉවත් කළ හැකිය. උණ, ශ්වසන ප්‍රදාහය, ශ්වසන මාර්ගය, ඇස, කන යන ස්ථානවල පවතින ආසාදන රෝග, විදුරු මස්වල රතුවීම, ඉදිමීම සහිත ඇතිවන රෝග සඳහා මුරැංගා කොළ ඉතා ගුණදායක වේ. ආහාර මාර්ගයේ ඇතිවන අනවශ්‍ය පණුවන් ඉවත් කරලීමට මුරුංගා කොළවල ඇත්තේ ප්‍රබල හැකියාවකි. අධික කැල්සියම් ප්‍රමාණයක් අන්තර්ගතව පවතින නිසා දරුවන් ලැබුණු පසුව කිරි එරීමටත් ආර්තවහරණයෙන් පසුව ඇතිවන අස්ථි දිරීම, අස්ථි දියවීම සඳහා ඉතා සුදුසු කොළ වර්ගයකි. මෙහි පවතින යකඩ ප්‍රමාණය හේතුවෙන් රක්තහීනතාවයටද ඉතා ගුණදායක වේ. පලාවර්ගවලින් වැඩිපුරම විටමින් සී ප්‍රමාණයක් අඩංගු වන්නේ මුරුංගා කොළවලය.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරුණෑගල ආයුර්වේද රෝහල.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මහා බලගතු හෙනරාජ තෛලය නිවැරදිව සාදන හැටි

සිංහලයා සතු ජාතික විද්‍යාවන් අතර සිංහල වෙදකම ප්‍රමුඛ ස්ථානය ගනී. සිංහලයාගේ ජීවය හා නිරෝගීභාවය රැකුණේ එම වෙදකමෙනි. අප රටට යෝග්‍ය වූ අංගසම්පූර්ණ උසස් වෙදකමක් රාවණා යුගයේ සිට පැවැති බව ඉතිහාසයේ සඳහන් වෙයි.

සිංහල වෙදකමේ ඉතිහාසයද සිංහලයාගේ ඉතිහාසය මෙන් ඉපැරණිය. ලංකා සමාජය, උත්තර භාරතීය ජනතාවගෙන් හා මෙහි විසූ යක්ෂ, නාග, දේව යන ස්වදේශිකයන්ගෙන්ද සමන්විත සෑහෙන දියුණුවකින් හෙබි ශිෂ්ට මිනිස් සමූහයක් වූ නිසා ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරෝග්‍ය වර්ධනයට උපයෝගි වූයේ සිංහල වෙදකමයි.

මෙහි විසූ යක්ෂ ග්‍රෝතිකයෝ, පුලතිසි රාවණාදී පූර්ව පීතෘන් සතු වූ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමයන්හි හිමිකාරයෝ වූහ. වෙදකම, ජ්‍යොතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන්හි යක්ෂයන්​ෙග් විශ්මිත බුද්ධි ප්‍රභාව කෙතරම්දැයි සිතිය හැක්කේ අද එයින් නටබුන්ව පැරණි නගරයන්හි ගල්කණු සෙයින් තිබෙන මාහැඟි විද්‍යාවන් පිළිබඳව පර්යේෂණයක යෙදීමෙනි.

සිංහල වෙදකමේ ස්වර්ණමය යුගය
රාවණා සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකිය. රාවණා අවධිය රස විද්‍යාව, රසායන විද්‍යාව, තෘණ විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර හා ගුප්ත විද්‍යාවන්ගෙන් හෙබි ශ්‍රේෂ්ඨ චිකිත්සා ක්‍රමයක් පැවැති සමය විය. ධාතු, මූල හා ජීව යන ත්‍රිවිධ පදාර්ථයන්ගේ සාරය පෙරා බොහෝ කල් නියම තත්ත්වයෙන් තබා ගැනීමටත් සන්නිපාත ආදී අසාධ්‍ය රෝග, නාඩි විධි ආදියෙන් විනිශ්චය කොට රෝග සමනයට එම බෙහෙත් යොදා වෙදකම් කිරීමට රාවණා ඇතුළු වෛද්‍ය සමාජයෙහි වූයෝ දැන සිටියහ. රාවණයන් ලියූ ‘අර්ත ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, උඩිස් තන්ත්‍ර’ ආදී ඉපැරණි වෙද ග්‍රන්ථවලින් ඒ බව පෙන්වීමට සාධක ඇත.

රාවණා රජු දක්ෂ වෛද්‍යවරයෙකි. එහෙත් හෙතෙම ඉගෙන ගත් ගුරුවරයකු ගැන කියා නැත. අනුන් අතින් නොමැරෙණ වරයක් ලබා ගැනීම සඳහා මහා බ්‍රහ්මයා සතුටු කරනු පිණිස ‘ගෝ කර්ණ ආශ්‍රයට’ වී තපස් රැකි බව කියැවෙයි. (ගෝකර්ණ ආශ්‍රමය යනු ගව කණක හැඩහුරුකම් ඇති වරායක් අසබඩ පිහිටි අසපුවකි. ත්‍රිකුණාමලයට ගෝකර්ණ යන නම ව්‍යවහාර වූ බව සෙල්ලිපියක සඳහන්ව ඇත. ගෝ කර්ණයක හැඩහුරුව ඇති වරාය ත්‍රිකුණාමල වරාය වන අතර දැනට වැඩි කොටසක් මුහුදට දියවී ගොස් තිබෙන ගල්පර අතර වූ පැරණි දේවාලය, රාවණ රජු ඉගෙන ගත් ගෝකර්ණ ශ්‍රමය බව ජනප්‍රාවදයේ ඇත.)

රාම-රාවණා යුද්ධයේදී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් බවකුත් කියවෙන නිසා බ්‍රහ්මයා සතුටු කොට ඉගෙන ගත් වෙදකමෙන් ඉමහත් ප්‍රයෝජන ගත් බව සිතන්නට පුළුවනි. එසේම යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුප්ත විද්‍යාවන් දියුණු වී පැවැති බව ‘අහසේ වළාකුල් තුළ සැඟවී පහරදීම’, ‘අදෘශ්‍යමානව සිට පහරදීම’ ආදිය ඒ පිළිබඳව එන ජනප්‍රවාදවලින් හැඟෙයි.

මෑත කාලීන සිංහල වෙදකමේ සමෘද්ධිමත් අවධිය ලෙස අනුරාධපුර යුගය හැඳින්විය හැකිය. ඉන්පසු පොළොන්නරු හා දඹදෙණි යුගයන් හිද දේශීය වෙදකම උසස් මට්ටමින් පැවැතී ඇත.

ඉන්පසු කෝට්ටේ හා මහනුවර යුගයන්හි, රටේ දියුණුවට බාධක වූ විදේශීය බලපෑම් බහුල වීමත් සමග දේශීය වෙදකමද පිරිහෙන්නට පටන් ගත්තේය. සියරට දේට වඩා පිටරට දේවලට ජනයාගේ රුචියත් ගෞරවයත් වැඩි විය. බටහිර දිගින් දිගටම පිළිගැන් වූ භාෂා, වෙදකම් හා ආගම් මෙරට වැසියාට නොපිළිගෙන ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට අප රට බෝ නොවන රෝග බහුල හා ගුණධර්මයන් පිරිපුන් ජන කොට්ඨාශයක් ඇති රටක් බවට පත්වෙමින් ඇත.

දේශීය වෙදකම, ජ්‍යොතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සමග බද්ධව පැවැතීම නිසා දේශීය වෙදකමේ එන ඇතැම් ඖෂධයන් රෝග සුවයට යොදා ගැනීමෙන් ඔබ්බට ගිය විශ්මිත ගුණයන් පෙන්වීය. එම නිසා වර්තමානය වන විටත් එවැනි ඖෂධ කිහිපයක් පිළිබඳව ජනතාව තුළ කතාබහට ලක්වෙයි.

එනම් ‘උතුවන්කන්දේ සූර සරදියෙල් හෙණරාජ තෛලය සුරයක දමාගෙන පැළඳ ගෙන සිටි නිසා ඔහු වෙඩි නොවැදී සිටි බවත් එම සුරය කැඩී ගිය පසු ඔහුට වෙඩි වැදුන බවත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට අසීමිත බුද්ධියක් හා මතක ශක්තියක් හිමිවූයේ සරස්වතී තෛලය පමණ ඉක්මවා පානය කිරීම නිසා බවත් එම හිමියන්ගේ දේහය තවමත් නොදිරා පවතින්නේ එහිමියන් ‘සිද්ධාලෝක රසය’ නමැති රස ඖෂධය භාවිත කළ නිසාය… යන්න ඉන් කිහිපයකි.

හෙණරාජ තෛලය හා හෙණරාජ කසාය යන ඖෂධයන් දේශීය වෙදකමේ එන ඉමහත් ගුණයන් හා ඵලයන් ලැබිය හැකි ඖෂධයන්ය. බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘හෙණරාජ තෛලය’ පිළිබඳව මෙම ලිපියෙන් විස්තර කිරීමට අදහස් කළෙමි.

බලගතු හෙණරාජ තෛලය සාදාගන්නා අයුරු හා ගුණයන් – පුස්කොළයේ සඳහන් ආකාරයට මෙම තෛලයේ ගුණයන් මෙසේය.

පානය කිරීමට:-
මෙම තෙල් බිංදු 7 ක් පානය කිරීමෙන් කැවුණු වස විස අණවින දුරුවෙයි. දහ අටසන්නි, පිස්සු, ඔල්මාද, යක්ෂ ඔල්මාද විසි වැදෑරුම් ප්‍රමේහ, හන්දිපත් කොරවීම්, වාතාබාධ දුරුවෙයි.

පැළැදීමට:-
මෙම තෙල් ඇඟේ ගාගෙන හෝ සුරයක දමා පැළඳ ගෙන දඩයමේ ගියහොත් දඩයම් හිර ඇරී සතුන් ලැබෙයි. තුවක්කු දුනු හිර ඇරෙයි. යුධයට ගියහොත් වෙඩි සැර, කැපුම් කෙටුම් නොවැද ජය ලබයි. වලස්, දිවි, කුළු ගව ආදී සතුන්ගෙන් විපත් නොපැමිණෙයි. පිසාච යක් බිය හා රාජ උදහස් ඇති නොවේ. සූදුවෙන් ජය ලබයි. සතුරු බලවේග මැඩ, තේජස බලය රැකෙයි.

වශීකරණයට:-
මෙම තෙල් ස්වල්පයක් කටරොලු මල් යුසින් අතේ ගාගෙන කැමැතියන් ස්පර්ශ කිරීමෙන් වශීවෙයි.

තෛලය සෑදීමට අවශ්‍ය ඖෂධ:-
ඇත්දෙමට යුෂ – නැළි 1, වෙනිවැල් යුෂ – නැළි 1, අරත්ත අල යුෂ – නැළි 1, මගුල් කරඳ යුෂ – නැළි 1, කුරුඳු පොතු යුෂ – නැළි 1, දෙහි පොතු යුෂ – නැළි 1, බටුකර යුෂ – නැළි 1, කාමරංගා යුෂ – නැළි 1, ගොරකා යුෂ – නැළි 1, හරන්කහ යුෂ – නැළි 1, හීරැස්ස පලු යුෂ – නැළි 1, අන්කෙන්ද යුෂ – නැළි 1, අමුකහ යුෂ – නැළි 1, වේලා යුෂ – නැළි 1, යකිනාරන් යුෂ – නැළි 1, ඉඟුරු යුෂ – නැළි 1, වරා මුල් යුෂ – නැළි 1, දොඩම් පොතු යුෂ – නැළි 1, කුකුරුමුවන් ගෙඩි යුෂ – නැළි 1, දෙහි යුෂ – නැළි 1, නාරන් යුෂ – නැළි 1, අන්නාසි යුෂ – නැළි 1, කලුවා අල යුෂ – නැළි 1, පනම් පෙති යුෂ – නැළි 1, දෙමට මුල් යුෂ – නැළි 1, බෙහෙත් අනෝදා යුෂ – නැළි 1, ඉරමුසු මුල් යුෂ – නැළි 1, නික මුල් යුෂ – නැළි 1, දෙමට ගෙඩි යුෂ – නැළි 1, පෙනෙල පොතු යුෂ – නැළි 1, දොඩම් යුෂ – නැළි 1, පුහුල් යුෂ – නැළි 1 (නැළි 1 ක් බෝතල් 1 ලෙස ගන්න)

කල්කය සෑදීමට අවශ්‍ය ඖෂධ
අරළු, නෙල්ලි, වියළි ඉඟුරු, සුදු ලූනූ, අබ, ගම්මිරිස්, සුවස ලුණු, සවිඳ ලුණු, බළල් ලුණු, වෙඩි ලුණු, යවකාර ලුණු, ලේවා ලුණු, සවුක්කාරම් ගල්මද, ගල් නහර, උළුහාල්, වදකහ, හිරියල්, වැල්මී, සීනක්කාරම් ඕංකාරම්, නව සාරම්, අක්‍රපට්ටා, කොත්තමල්ලි, දේවදාර, සුවඳ කොට්ටම්, කරාබු නැටි, සාදික්ක, වසාවාසි, පෙනෙල ගෙඩියේ පොතු, වියළි කහ, ශුද්ධ ජාපාල, සුදුදුරු, කළුදුරු, අසමෝදගම්, දේවදුරු, තිප්පිලි, හරන්කහ, පෙරුංකායම්, සුදු හඳුන්, රත් හඳුන්, මේවා එක් වර්ගයකින් කලං 3 බැගින් ගෙන චූර්ණකර දොඩම් පැඟිරෙන් අඹරා ඉන්පසු හිඟුරුපට යුෂින්ද අඹරා තබාගන්න.

සාදන ආකාරය
ඉහතින් සඳහන් කළ යුෂ සියල්ල නැවුම් මුට්ටියකට වත්කර එයට බෙහෙත් එඬරු තෙල්, කොහොඹ තෙල්, තල තෙල්, මී තෙල්,​ පොල් තෙල් හා ගිතෙල් නැළි 1 බැගින් වත්කර, සුපිරිසුදු ස්ථානයක මඩුවක් සාදා එහි වියන් බැඳ වට තිර ඇද ළිප් බැඳ පැඟිරි දර හා කුරුඳු දර දමා සුබ මොහොතින් ගිනි මොළවා, රතන සූත්‍රය උච්චාරණය කරමින් මුට්ටිය ළිප තබන්න.

එය අඩක් සිඳීගෙන එන විට කල්කය දමා ගිනිකර පදම එන තෙක් සිඳින්න. (එම තෙලින් සුදු ලූණු සුවඳ නික්මෙයි නම් එය නියම පදමයි.) එකල ළිපෙන් බාගෙන නිවුණු පසු වීදුරු බඳුනකට තෙල වත්කර ගැනීම නියමයයි. ඉන් ඉක්බිතිව රතන සූත්‍රයෙන් 108 වර ජීවම් කර කිළි නොමැති ස්ථානයක සුරක්ෂිතව තබා ගැනීම මැනවි.

තෙල ලිප තැබීමට සුභ මොහොත පිළියෙල කිරීම.
මේ සඳහා ජ්‍යොතිෂානුකූලව සුභ වේලාවක් සකස්කර ගත යුතුය. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය කෙටියෙන් මෙසේය. අස්විද, බෙරණ, මුවසිරස, පුනාවස, පුෂ, අනුර, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල් උත්‍රසල හෝ උත්‍රපුටුප යන නැකතක් සහ පුර පක්ෂයේ පෑලවිය, තියවක, ජලවක, සැටවක, අටවක, නවවක, එකොළොස්වක හෝ තුදුස්වක යන තිථියක් උදාව පවතින දිනයක් වීම අවශ්‍ය වේ.

එම දිනය සඳු, කුජ, බුධ, ගුරු හෝ කිවි දිනයක් වී මේෂ, කටක, කන්‍යා, තුලා හෝ මකර ලග්නයක් උදාව පැවැතීම හා එම ලග්නයේ 6, 7, 8 යන රාශී පාපි ග්‍රහ පීඩා නොවී පැවැතීමද අවශ්‍යයය. එසේම ශුභ හෝරාව හා සූක්ෂමය ගණනය කර වේලාව සාදා ගන්න.

මෙම උතුම් ශාස්ත්‍රයන් ලොවට බිහිකළ ආදි පීතෘන්ට උපහාරයක් වේවා…

-ප්‍රසන්ජන සිල්වා-
(උපුටාගැනීම ලංකාදීප පුවත්පත)

පිළිකාව නිට්ටාවටම සුව කරන ප්‍රතිකාරයක් සොයාගැනේ

වසර ගණනාවකටම ඇසුනු හොඳම පුවත මෙය වෙන්න ඇති. එංගලන්තයේ පිළිකා පර්යේශණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් තමයි මේ සොයාගැනීම කරලා තියෙන්නේ. මෙය ප්‍රකාශයට පත්වුනේ පසුගිය දිනකයි.

ඇයි පිළිකාව සුව කිරීම අපහසු?
පිළිකා මර්ධනයට ලබා දෙන බෙහෙත් වලට විරුද්ධව ආරාක්ෂා වීමට මෙන්ම ඒවාට ප්‍රතිවිරෝධීව තම ජාන වෙනස් කරගැනීමට පිළිකා සෛල වලට පුළුවන්.

මේ නිසා විවිධ ප්‍රතිකාර ක්‍රම මඟින්, පිළිකා තත්ත්වය පළමුවර මර්ධනය කලත්, ඒ සෛල පරිණාමය වී නැවත ඊටත් වඩා දරුණු ලෙස නිරෝගී සෛල ආක්‍රමණය කිරීමට පටන් ගනී. මෙය Relapse වීම ලෙස හඳුන්වන අතර, පිළිකා මරණ වලින් වැඩි ප්‍රතිශතයකටද හේතුව මෙයයි.

ඉතින් මොකද්ද මේ සොයාගැනීම?
කෙටියෙන් කිව්වොත්, මෙහිදී වෙන්නේ, පිළිකා සෛල වලට ලබා දෙන විශේෂ ඖෂධයකින් එම සෛල නැවත අනුවර්තනය වීමට හෝ පරිණාමය වීමට නොහැකි ලෙස දුර්වල කිරීමයි. ඉතින් ඊලඟ පියවරට, තෝරාගත් වෙනත් ප්‍රතිකාරයක් මඟින් බය නැතුව මේ දුර්වලවුනු පිළිකා සෛල සදහටම විනාශ කරලා දාන්න පුළුවන්!

මේ ක්‍රමය හඳුන්වන්නේ, ‘ඩාවින්ගේ ප්‍රවේශය (Darwin’s Approach)’ ලෙසයි.

දැනට තිබෙන අති නවීන දියුණු පරිගණක මෘදුකාංග (Artificial Intelligence) හා දියුණු ගණිත ක්‍රම වල උදව්වෙන්, යම් නිශ්චිත ඖශධයකට, පිළිකා සෛල කෙසේ ප්‍රතික්‍රියා කරයිද යන්න කල් තියා දැනගන්න පුළුවන්. මේ සොයාගැනීමට එය ගොඩක් උදව් වී තිබෙනවා.

අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති විශේෂ APOBEC නම් අණු මඟින් එක එක ආසාදන රෝග වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්න අපේ ඒ සෛල අනුවර්තනය කිරීමක් කරනවා.

නමුත් පිළිකාවකදී වෙන්නේ, මේ APOBEC කියන අණු, පිළිකා සෛල මඟින් ආක්‍රමණය කරලා, ඔවුන්ට ඕනේ විදිහට, ඖෂධ වලට ප්‍රතිරෝධී වෙන විදිහට වෙනස් කරගැනීමයි. පිළිකා වර්ග 100කට වඩා වැඩි ගණනකදී මෙසේ APOBEC අණු ආක්‍රමණය වෙලා, පිළිකාව දරුණු අතට හැරෙන බව සොයාගෙන තියෙනවා!

ඉතින් මේ නව සොයාගැනීමේදී කරන්නේ, APOBEC අණු වල ක්‍රියාකාරීත්වය අත්හිටුවලා, පිළිකා සෛල විනාශ කිරීමයි.

මෙමඟින් පිළිකා තත්ත්ව දැනට වඩා දීර්ග කාලීනව මර්ධනය කිරීමටත්, ඉක්මණින්ම ඒවාට ඵලදායී රෝග සුවයක් ලබාදීමටත් නිසැකයෙන්ම හැකිවනු ඇතැයි ඔවුන් කියා සිටිනවා.

HIV ආසාදනයටත්, ක්‍ෂය රෝගයටත් දැනට තියෙන්නේ මෙවැනිම ප්‍රතිකාරයක්. ඒ කියන්නේ, රෝගයේ ව්‍යාප්තිය දිගුකාලීනව මැඩ පවත්වා, රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලබාදීමයි.

ඉදිරි වසර 10 ඇතුළත, රෝගීන්ට මෙය ප්‍රතිකාරයක් ලෙස ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ!

දැනට පර්යේශණ කරලා සොයාගත්තු පිළිකා මර්ධන ප්‍රතිකාර වලින් ඉදිරියෙන්ම සිටින්නේ මේ සොයාගැනීම බවයි කියැවෙන්නේ. මේ පර්යේශණ කටයුතු සඳහා ඇස්තමේන්තු කරපු අයවැය, ස්ට්ර්ලින් පවුම් මිලියන 75ක්.

පිළිකාව ගැන..
පිළිකා මාරයා විවිධ මුහුණුවරින් ඉන්නවා. එසේ දැනට සොයාගෙන ඇති පිළිකා වර්ග ගණන 200ද ඉක්මවයි! ඒවා අතරින්, පෙණහළු, අක්මා, ආමාශගත, පියයුරු, ගැබ්ගෙල, පුරස්ථිත (Prostate) හා ලේ පිළිකා (ලියුකේමියා) වැඩිපුර වාර්තා වේ.

දැනට තියන පිළිකා මර්ධන ප්‍රතිකාර අතර, සැත්කම්, රසායනික චිකිත්සාව (Chemo-Therapy), විකිරණ චිකිත්සාව (Radio-Therapy), හෝමෝන ප්‍රතිකාර, ප්‍රතිශක්තීකරණය වැඩි කරන ජෛව චිකිත්සාව (Bio-Therapy), ඇට මිදුළු හා Stem cells බද්ධය ප්‍රධාන තැනක් ගනී.

ඔබ දන්නවාද, 2018 වසරේදී පමණක්, ලෝකයේ වාර්තාවුනු පිළිකා රෝගීන් ගණන මිලියන 17ක්. එසේම එයින් මියගිය ගණන, මිලියන 9.6ක්.

ඉතින්, අවුරුදු බර ගාණක් ලෝකයක් දණ ගැස්සූ පිළිකාවටත්, ආයුබෝවන් කියන්න දැන් කාලය හරි වගෙයි පෙනෙන්නේ! වසූරිය, ලාදුරු වගේ අතීතයේ පැවති ලෙඩක් බවට පිළිකාවත් පත්වේවා යන්න අපගේ පැතුමයි!

Like කරන්න – Share කරන්න
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සුවපත් නින්දක් ලබන්න, නින්දට පෙර මේ ක්‍රම අනුව භාවනාවේ යෙදෙන්න

දිනක් භාග්‍යවතුන් වහන්සේ අළවු රට සිංසපා වනයෙහි ගවයන් ගමන් ගන්නා මගෙහි පිහිටි ඇට්ටේරියා කොළ ඇතිරියක වැඩ සිටිසේක. එකල්හී හත්ථක ආලවක නමැත්තා ඒ අසලින් ඇවිදගෙන යන විට බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ එක් පසෙක වාඩි වී “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පෙරදින රැයෙහි සුවසේ නිදාගත් සේක්ද?” යනුවෙන් විමසීය.

එයට පිළිවදන් දුන් බුදුරජාණන් වහන්සේ, පෙරදින රැයෙහි තමන් වහන්සේ සුවසේ සැතපුන බවත්, ලොව සුවසේ නිදන්නන් අතර තමන්වහන්සේ ද එක් අයෙකු බවත් පැවසූ සේක. බුදුරදුන්ගේ පිළිතුරෙන් විස්මයට පත් හත්ථක ආලවක හිම වැටෙන රාත්‍රියෙහි ගොන්කුර නිසා රළු වූ බිමක ඉතා තුනී කොල ඇතිරියක ශීතල සුළඟට හසුව සුවසේ නිදාගත්තේය යනුවෙන් කෙසේ පැවසිය හැකිදැයි විමසී ය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ හත්ථක ආලවකට කරුණු පැහැදිලි කරමින් ඔහුගෙන් මෙසේ විමසූ සේක. කිසියම් තැනැත්තෙකුට සියලු සැපතින් පිරි නිවසක් වේද, එහි මැනවින් සකස් කළ යහනක භාර්යාවන් සිව්දෙනෙකුගේ උපස්ථාන ලබමින් සැතපෙන අතර එම තැනැත්තා සුවසේ නිදන්නෙකැයි ඔබ විශ්වාස කරන්නේදැයි විමසූ සේක. එවැනි සැපතින් පිරි ආරක්ෂා සහිත යහනක සැතපෙන එම තැනැත්තා සැබැවින් ම සුවසේ නිදන්නෙකැයි තමා විශ්වාස කරන බව හත්ථක ආලවක පැවසී ය.

ඔහුගේ පිළිතුර අනුව තවදුරටත් කරුණු පැහැදිලි කළ බුදුන්වහන්සේ කායිකව හෝ චේතසිකව යම් රාගයකින් හෝ ද්වේෂයකින් හෝ මෝහයකින් එම තැනැත්තා පෙළේනම් සැපතින් පිරි සුවපහසු යහනක් ලැබුණත්, ඔහුට සුව නින්දක් ලැබිය හැකිදැයි විමසූ සේක. ආරක්ෂාව සහිත කොතරම් සුව පහසු යහනක් ලැබුණත්, එැවනි චිත්ත වේගයන්ගෙන් පීඩිතව සිටින්නෙකුට සුවපහසු නින්දක් අපේක්ෂා කළ නොහැකි බව හත්ථක ආලවක පිළිගත්තේ ය. තථාගතයන් වහන්සේ රාග දෝස මෝහ යන අකුශල සහගත සිතිවිලි මුලිනුපුටා දැමූ හෙයින් උන්වහන්සේ සුවසේ සැතපෙන බවත්, ඒ අනුව ලොව සුවසේ නිදන්නන් අතර උන්වහන්සේ ද එක් අයෙකු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

බුදුරදුන් හා හත්ථක ආලවක අතර ඇති වූ මෙම සංවාදයෙන් වර්තමාන ලෝකයා මුහුණ දෙන සාතිශය බරපතල ගැටලුවක් විශද වේ. එනම් නිසි පරිදි නින්ද නොයැමේ ගැටලුව යි. මෙය පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් මුහුණ දෙන බරපතල ගැටලුව කි. නිසි පරිදි නින්ද නොලැබීමේ හේතුවෙන් මානසික ආතතිය මෙන්ම කායික ආබාධවලින්ද පුද්ගලයා පීඩාවට පත්ව තිබේ. එම ගැටලුව අවම කිරීම සඳහා විවිධ ආකාරයේ උපදෙස් හා ප්‍රතිකාර මෙන්ම ඖෂධ වර්ග ද සොයාගෙන තිබේ. එහෙත් බාහිරව ලබාදෙන මෙම ප්‍රතිකාරවලින් තාවකාලික සහනයක් ලැබුණත් දීර්ඝකාලීන සුවයක් අපේක්ෂා කළ නොහැකි ය.

බුදුරදුන් රැය පහන් කළ සිංසපා වනයේ පැවතියේ අතිශය දුෂ්කර පරිසරය කි. එහි පොළොව ගවයන් නිතර එහා මෙහා යාමෙන් රළු වී තිබිණි. උන්වහන්සේ සැතපුන කොළ ඇතිරිය තුනී එකකි. උන්වහන්සේ එහි වැඩම කළේ ශීත ඍතුව පැවති කාලයේ හෙයින් රැය පුරාම හිම වැටිණි. දැඩි ශීතල සුළං හමා ආවේය. එයින් ආරක්ෂා වීමට උන්වහන්සේ සතුව තිබුණේ තුන් සිවුර පමණි. මෙපමණ අධික ශීතල රැයක සුවසේ සැතපුණේ යැයි බුදුරදුන් පවසනු ඇසීම හත්ථක ආලවකට නම් සැබැවින්ම අරුමය කි. එහෙත් එවැනි උවදුරු කිසිත් නැති, සුවපහසු පරිසරයක පිහිටී සයනයක නිදන තැනැත්තෙකුට සුව නින්දක් නොලැබෙන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව රාග, ද්වේෂ, මෝහ යන අකුශල සහගත චිත්තවේග ගණයට අයත් ආවේගවලින් ඔහුගේ සිත ආකූල වී ඇති හෙයිනි. එම චිත්තවේගවලින් මුළුමණින් ම මිදෙනතාක් සුව නින්දක් බලාපොරොත්තුවිය නොහැකිය. සුවපහසු සයනයක වැතිරී සිටියත් සිත නිරන්තරයෙන් ම රාගාදි ආවේගවලින් ආකුල වී ඇති නම් නින්ද අප සොයා නොපැමිණෙනු ඇත. රාග දෝස මෝහ සිතිවිලි ඇතිවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. එය ආකාස්මිකව ඇති වන්නක් නොවේ. නගරය ප්‍රදක්‍ෂිණා කරන අවස්ථාවක තමන් දුටු රූමත් ස්ත්‍රියක් පිළිබඳ රාග සිත් උපදවාගෙන ඇය ගැන බලාපොරොත්තුවෙන් රැය නිදිවර්ජිතව පහන් කළ කොසොල් රජු පිළිබඳ පුවතක් ධම්මපදට්ඨකථාවේ දැක්වේ. රාගයෙන් දැවෙන සිතක් ඇති කෙනෙකු නිදිවර්ජිතව පීඩා විඳී අයුරු මෙන්ම, ඒ නිසා සිදුකිරීමට අපේක්ෂාකළ විනාශය එහි මැනවින් විවරණය වේ.

ඇතැම් විට සිතේ ඇතිවන රාග සිතිවිලි අතීතයට හා සම්බන්ධ වූ ඒවා විය හැකි ය. නැතහොත් අනාගතයට සම්බන්ධ වූ ඒවා වීමට පුළුවන. පුද්ගලයා හැම විටම ජීවත්වන්නේ අතීතය හෝ අනාගතය ගැන අවධානය යොමුකරමිනි. වඩා වැදගත්ම මොහොත වර්තමානයයි. එහෙත් එහි සිත රඳවා තබාගැනීමට බොහෝ දෙනෙකු ප්‍රයත්න නොදරයි. අතීතය ගැන දුක් වීමෙනුත්, අනාගතය ගැන සිහින මැවීමෙනුත් ඵලක් නැත. අධික ශීතල සුළං හමා එන රැයෙහි තුනී තණ ඇතිරියක සැතපුණු බුදුරදුන් සුව නින්දක් ලැබුවේ උන්වහන්සේගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් ආකූල නොවූ බැවිණි. කොතරම් ශීතල පැවතුන ද, සිත කෙලෙස්වලින් මි¼දී ඇති හෙයින් උන්වහන්සේගේ සිතෙහි හමා ආ ශීතල සුළග සමග ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවීය. සිත සියල්ලෙන් නිදහස් වූ හෙයින් බාහිර පරිසරයෙන් ලැබෙන දෑ සම්බන්ධයෙන් කම්පනයක් උන්වහන්සේගේ සිතෙහි ඇති නොවුණි. ඒ අනුව සිත කෙලෙස්වලින් නිදහස් වූ තරමට එහි සංසුන් බව, තැන්පත් බව, නොසැලෙන ස්වභාවය ආරක්ෂා වේ. මෙත් සිත දියුණු කළ තැනැත්තෙකු සුවසේ නිදන්නේත් (සුඛං සුපති) සුවසේ අවදිවන්නේත් (සුඛං පටිබුජ්ඣති) නපුරු සිහින නොදකින්නේත් (න පාපකං සුපිනං පස්සති) ද්වේෂයෙන් සිත නිදහස්ව ඇති හෙයිනි. ඒ අනුව සුව නින්දක් ලැබීමට මෙත් සිත දියුණු කිරීම හේතුවන බව පැහැදිලි ය.

සැහැල්ලුවෙන් නින්දට යා හැක්කේ සිත නිදහස් වූ විට පමණි. සිත සැහැල්ලු කරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු දක්නට ලැබේ. කවර ආගමකට අයත් වුවද නින්දට පෙර ආගමික වතාවත්වල නිරත වීමෙන් සිත සැහැල්ලු කරගැනීමට හැකි වේ. නින්දට පෙර මොහොතක් භාවනා කිරීම සිත සැහැල්ලු කර ගැනීමට ඇති තවත් එක් උපක්‍රමය කි. මෙහිදී ආනාපාන සතිය වැඩීම වඩාත් යෝග්‍ය වන්නේ එමගින් සිත වර්තමානයේ රඳවා ගැනීමේ හැකියාව වර්ධනය කරන හෙයිනි. සතර ඉරියව්වෙන් කවර ඉරියව්වක වුව පිහිටා මෙත්තා භාවනාව වැඩිය හැකි ය. නින්ද ලැබෙන තෙක් මෙස් සිත වැඩීම කළ හැකිය යන්න මෙත්ත සූත්‍රය අවසානයේ දැක්වේ. සක්මන් භාවනාව ද ඒ සඳහා යෝග්‍ය අභ්‍යාසයකි. සිහිනුවණින් අනුගමනය කළ හැකි මෙවැනි උපක්‍රම සුව නින්දක් ලැබීමට හේතුවේ.

එහෙත් බුද්ධ වචනය අනුව සෑබෑම සුව නින්දක් ලැබිය හැකි වන්නේ සියලු ආශා දුරුකළ, හදවත දවන වේදනා සංසිඳුවා සිතින් සංසුන් බවට පැමිණි තැනැත්තා ට ය. එවන් උතුමන් ලබන සුව දායක නින්දක් කාම රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවූ තැනැත්තාට ලැබිය නොහැකි ය. කෙලෙස්වලින් සිත නිදහස් කරගත් පමණට ඒ හා සමාන සුවදායක නින්දක කොටස්කරුවෙකු බවට පත්විය හැකිය.

(කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය උඩුහාවර ආනන්ද හිමි)
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල් දිය කරන දිය හබරල (ජබර)

ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිතව වැවෙන කුඩා පැළෑටියකි. බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්ර.‍ කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්රී‍ දිගින් සෙ.මි. 15-18 සහ පළලින් සෙ.මි. 5-15 දක්වා වැඩේ. පත්රම‍ තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පැහැති වන අතර යටි පෘෂ්ඨය ළා පැහැති ය. සෘජු නටුවක් සහිත පුෂ්ප මංජරියෙහි හට ගන්නා නිල් පැහැති මල් අලංකාරවත් ය. ඵලය ඉලිප්සීය හැඩැති, සෙ.මි. 1 පමණ දිග ස්ඵෝටිකාවකි. එතුල මි.මි. 8 පමණ දිග දුඹුරු පැහැති බීජ පිහිටයි.

මෙම උද්භිද ගණයටම අයත් Monochoriavaginalis නම් දේශීය ශාකයක් ඇති අතර එය ද දියහබරල සහ ජබර යනුවෙන් හඳුන්වයි. දේශීය වෙදකමේදී දියබෙරලිය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම විශේෂ බවයි බොහෝ පිරිසකගේ පිළිගැනීම. පෙනුමෙන් මෙම විශේෂවලට තරමක් සමාන ජපන් ජබර (Eichhorniacrassipes) නමින් හඳුන්වන විදේශීය ආක්රබමණික ශාකය මෙම වර්ග සමඟ පටලවා නොගත යුතු ය. මේවා Pontederiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.

පිත නිසා හටගත් රෝග, මව්කිරි මදිකම, වාත මේහ, ප්‍ා දර රෝග, මුත්රහ‍ දැවිල්ල, මුත්ර ‍ අඩස්සිය, මුත්ර ‍ පිටනොවීම, මලබද්ධය, ගුද භ්රම‍න්ශ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා දියහබරල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. දියහබරල පිත සමනය කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍යිකාරක, කාම වර්ධක, වේදනා නාශක ආදී ගුණ සහිතයි. නීල්යායදී තෛලය දියහබරල යොදා නිපදවන ප්‍ාශකට ඖෂධයකි.

මව්කිරී එරීමට, වාත මේහයට, මුත්රහ‍ අඩස්සිය සහ මුත්ර ‍ පිට නොවීමට දියහබරල දෙහි ගෙඩියක් පමණ ප්‍රමාණයක් අඹරාගෙන මෝරු සමඟ දවසට දෙවරක් බැගින් දින 40 ක් භාවිතා කළ යුතුයි. ගුද භ්රක‍න්ශයට දියහබරල කැඳ දෙයි. අක්ෂි රෝග සඳහා ප්‍තිකාර කිරීමේදී දියහබරල යුෂ භාවිතා කරයි. කැක්කුම සහ දැවිල්ල සහිත වණවලට දියහබරල කොළ, කැකුළු හාල්, පොල්කිරෙන් තම්බා අඹරා බැඳිය යුතු යි. ගඩු සඳහා දියහබරල කොළ දොඬම් ඇඹුලෙන් අඹරා දීකිරි එක්කොට ගඩුවේ ගෑ යුතු යි. බාහිර ලේ වහනය වැලැක්වීමට කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරයි. දියහබරලවලට ශරීරගත විෂ ඉතා කෙටි කාලයකින් උරා ගෙන මල සමඟ පිටකිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා විෂ වෙදකමේදී භාවිතා කර ඇති බව සඳහන්. දියහබරල ශාක කොටස් උදරාබාධ, දත්කැක්කුම, ඇදුම, ඇල්ශයිමර් රෝගය ආදියට ප්‍ටසතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල දක්වා ඇත.

දියහබරල කොළ, අල සහ පුෂ්ප මංජරිය මැල්ලුම්, ව්‍යාංජන සහ කැඳ ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය. දියහබරල කොළ හා දඬු, ගාගත් පොල් සමග කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කරගත් කොළ කැඳ හිස් බඩ පානය කිරීමෙන් ශරීරයේ දැවිල්ල, මුත්රාර දැවිල්ල පහ වේ. එමෙන්ම එය මුත්‍ර ගල් දියවීමටත්, ශුක්ර මේහයටත්, සෙංගමාලයටත් අගනා ඔසුවකි. මේවා ශීත ගුණයෙන් යුත් ආහාර නිසා රත්පිත් රෝගීන්ට ද වඩාත් ගුණදාකය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ඉකිළිය, කිහිල්ල වගේ දහදිය රැඳෙන තැන්වල හැදෙන එපා කරපු කැසිල්ලක් අතිවන මේ රෝගයට පිළියම් රැසක්

ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇතිවෙන එපාකරපු කැසිල්ලක් ඇති කරන රෝගයක් ගැනයි මේ. ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල. කසන්න කසන්න ආස හිතෙන, සුවදායක බවක් දැනෙන, ඊටපස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ කැසිල්ල සාමාන්‍ය වහරෙදි කසානා කියලා තමා හඳුන්වන්නේ.

මේ කැසිල්ල, ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇති වෙනවා වගේම ඒ තැනින් නොනැවතී නියපොතු, යටිපතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක්. සරලව කීවොත් “පුස් බැඳීමක්”. පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම් කියන්න හේතුව මේ “පුස්” නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස්වෙලා කැඩිලා සම මතුපිට රවුම් හැඩයට කලාප හැදෙන නිසයි. මේ තත්ත්වයට වෛද්‍ය විද්‍යාලාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා. ලෙඩේ හදන අර පුස් වර්ගයට කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල.

මේ දිලීර අපේ සිරුරේ විවිධ තැන්වල හැදිලා පැතිරිය හැකියි. විශේෂයෙන්ම පාසල් යන වයසේ, නැත්නම් දවසේ වැඩි වෙලාවක් රුකියාවේ ඉන්න වයසේ හුඟදෙනෙක් විඳවන “ඉකිළි” කැසිල්ල, නැත්නම් කළව ප්‍රදේශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා. මේ කැසිල්ල ඔළුවේ, හිස් කබලේ ආවොත්, කෙස්ගස් හරි පහසුවෙන් ගැලවිලා ගිහින් රවුමට තට්ටය මතුවෙනවා. ඔය විදියට කකුලේ යටිපතුලේදී නියපොතුවල හෝ මුහුණෙදී පුස් බැඳිලා රවුම් හැදීමට හැකියි. මේ දිලිර ආසාදනය හරිම ඉක්මණට බෝවෙන්න හැකි ලෙඩක්, මිනිසුන් විතරක් නොවෙයි, ගෙදර ඉන්න පූසන්, බල්ලන් වගේ සුරතල් සතුන්ගෙනුත් ලෙඩේ එන්න පුළුවනි.

මේ තත්ත්වය තමන්ට තිබෙන බව දැනගත්තොත් ඉක්මණින්ම වෛද්‍යවරයා හමුවෙලා විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිපැදීමෙන් සහනය ලබාගත හැකියි.

මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම්, මුලින්ම තමන්ගේ ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගත යුතුයි. මෙතනදි නාන ඇඟ හෝදන එක ගැන විතරක් නොවෙයි කියන්නේ ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරලා වියළා ගන්න එක ගැනත් අවධානය යොමුවිය යුතුයි. ඒ විතරද ඇඟ පිස්නා, පනාව වගේ තමන්ගේ දේවල් තවත් අයත් එක්ක බෙදාහදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ දිලීර වර්ගය ප්‍රධානවම බෝවෙන්නේ ස්පර්ශය මඟින් නිසයි… ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේවත් තමන්ගේ ඇඟළු, පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත්. ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න. මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත්.

මේ තත්ත්වයදැයි කියල සැකනම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න. සමහරු හිතනවා ඉකිළිවල, සමහරවිට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුණාම “මහ භයානක සමාජ රෝගයක්, කාටවත් කියන්න බැහැනේ කියල” නැහැ කලබල වෙන්න එපා. මේක එහෙම තත්ත්වයක් නොවෙයි. මේ තවත් අළුහම් වර්ගයක් විතරයි. අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ. මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන්. හැබැයි ඕනනම් culture එකක් කරල වැඩිදුර හොයන්නත් පුළුවන්.

හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි. හිසේ නම් ගැටලුව ෂැම්පු වර්ගයකුත් එක්කම, අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා. මෙය සති හයක් විතර වෙනකම් වැඩිකරන්නත් පුළුවන්. ඊට අමතරව සමහරවිට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල – අපල ගැන හරියට අහගන්න. ඒ වගේම බෙහෙත ගන්න කාලය තුළ සමේ පාට වෙනස් වීමක්, කහපාට ගතියක්, කෑම අප්පිරියාවක්, බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න. මොකද හුඟක් ප්‍රති දිලීර පෙතිවලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාළ වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත්, ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වළක්වා ගන්නට මගයි.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ගෙවත්තේ පොඩි ඉඩකින් සාර්ථක අස්වැන්නක් ලැබෙනසේ ඉඟුරු වවන හැටි

ඉගුරු වානිජ වගාවක් ලෙස සිදු කරන්නේ කොහොමද? මුහුදු මට්ටමේ සිට මීටර් 1700 පමණ කලාපය දක්වා වගා කල හැකි මෙම බෝගය මාර්තු සිට මැයි දක්වා වූ කාලයේ වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක. පොල් වගාවේදී අතුරු බෝගයක් ලෙස වගා කල හැකි මෙම බෝගය සදහා නියං කාලවලදී ජල සම්පාදනය කළ යුතුය.

බෝගය සිටුවීමට ගන්නා ක්ෂේත්රය සෙන්ටිමීටර් 20- 25 ගැඹුරට බිමි කොටා සෙන්ටිමීටර් 60ක පරතරයට වැඩි කාණු සකසා එහි සෙන්ටිමීටර් 20 පමණ පරතරය ඇතිව මව් අලයෙන් වෙන් කරගත් අංකුර කැබැල්ලක් තබා පස් වලින් වැසිය යුතු අතර මුළු ක්ෂේත්‍රයම පිදුරු හෝ කොහුබත් මගින් ආවරණය කළ යුතුය.

ආරම්භයේදී බිම් සැකසීමේදී හෙක්ටයාර එකකට යූරියා කිලෝග්රැම් 75 ක්ද , සැපොස් පොස්පේට් කිලෝග්රැම් 230 ක්ද , මියුරියේට් ඔෆ් පොටෑෂ් කිලෝග්රැම් 66 ක්ද අනුමත පොහොර වර්ග වේ .

පසුව සිටුවා මාස 2කට පසු මතුපිට පොහොර ලෙස හෙක්ටයාර එකකට යූරියා කිලෝග්රෑම් 75 ක් හා මියුරේට් ම්ෆ් පොටෑෂ් කිලෝග්රැම් 33 ක් යෙදිය යුතුය. වගාව ආරම්භ කරන අවස්ථාවේදී හෙක්ටයාර එකකට කාබන්පියුරාන් 3% කැට කිලෝග්රෑම්

17 – 20 අතර ප්‍රමාණයක් යෙදීමෙන් ඉගුරු වගාවේ ප්‍රධානතම පළිබෝධකයා වන කඳ විදින දළඹුවා පාලනය කල හැක. දිලීර ආසාදනයක් හේතුවෙන් ඇති වන මද කුණුවීමේ හා පත්‍රවල කහ පුල්ලි ඇති වීමේ රෝගයට පිලියම් ලෙස කැප්ටාන් වැනි දිලීර නාශකයක් භාවිතා කල හැකි අතර රෝගය වැළදුනු පැළ ගලවා ක්ෂේත්රයෙන් ඉවත් කිරීමෙන් රෝගය පැතිර යාම පාලනය කල හැක.
ඉගුරු වගාව නිවැරදිව කරන්න මේ විදිහට බිම සකසන්න ඕන

හොදින් පස අඩි එකහමාරක් විතර පෙරලන්න (හාන්න). පාත්ති අඩි 5 ක් පමණ පලල දිග අඩි 10 සිට 20 දක්වා කැමැති ප්‍රමාණයක් ගන්න. පාත්තිය කට ඩොලමයිට් කිලෝ 3ක් /5 ක් පමණ යොදන්න. පාත්තියකට කාබනික පොහොර කිලෝ 50 පොහොර මලු 2 පමණ කවලම් කරන්න. අඩි 1 න් 1 පරතරයට කුඩා වලවල් පාත්ති ය තුල හාර ගන්න පේලි අතර හා වලවල් අතර පරතරය අඩි එකයි. එම වලකට rock ෆොස්පෙටේ ග්‍රෑම් 50 පමණ දන්න. හොදින් කවලම් කරලා දින 2 කට පමණ පසු වැසි සහිත දිනක වලකට ග්‍රෑම් 40 ක් 50 ක් පමණ වන ලොකු ඉගුරු බිජ කැබැල්ලක් සිටුවා අගල් එකක් පමණ පස් වලින් වහන්න. වසුනක් ලෙස පිදුරු හෝ මානා ගලිඩ්සිරිය, වැනි වසුන් යොදන්න දහයිය ත් හොදයි. ඉගුරු වගාව කරන ප්‍රධාන කන්න ය පෙබරවාරි අවසන් කාලේ සිට මැයි මාසෙ දක්වා. අස්වැන්න ගැම් 50 කැබැල්ලක් සිටුවීමට නිසා 700 ග් අනිවාර්යයෙන් ගන්න පුළුවන්. නියම ක්‍රමය අනුගමනය කරලා, මැයි හිටවලා දෙසැම්බර් අස්වැන්න ගන්න පුළුවන්. මේ වසරේ ගිය වසරට වඩා ඉගුරු වගාව ට යොමුවීම අඩු බව පෙනෙන්නට තියෙන්නේ එ නිසා ඊලඟට කන්නයේ මිල රු 500 පමන වෙන්න පුළුවන්. පසුගිය වසරේ බීජ මිල රු 500 /600 දක්වා උනත් මේ වසරේ 280/300 (රැන්ගුන් වර්ගය ) පමණ වෙනවා. මේ ප්‍රදේශයේ. වෙළදපොල මිල අඩු වු විට වගාව අඩු වෙනවා ඊට පස්සෙ මිල වැඩි වෙනවා ඊටපසු වැඩියෙන් හදලා නිශ්පාදනය වැඩි උනාම මිල බහිනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

රතු ලප උණ රෝගය ගැන ඔබත් වහාම දැනුවත් වෙන්න දැනටමත් මිලියන 200 ට අධික පිරිසක් බිලිගෙන අවසන්

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන විට මේ දිනවල කාගේත් අවධානය එක්වරම යොමුවන්නෙ ඩෙංගු රෝගය ගැනයි. නමුත් උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන්නෙ ඩෙංගුවලදී පමණක්ම නෙමෙයි. එබඳු තවත් රෝග තත්ත්වයක් හැටියට මේ දිනවල සෞඛ්‍ය අංශයේ කතාබහට නැවත ලක්වී ඇති සරම්ප රෝගය හඳුන්වන්න පුළුවන්. පසුගිය වසර 150 තුළ පමණක් සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනතාව මිලියන 200ක් පමණ මියගොස් ඇති අතර එය ආසියාව තුළ ඉහළ අවදානමක් සහිත රෝගයක් බවට දැන් පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළද සරම්ප රෝගීන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් තිබෙන බවත්, එහෙයින් ජූලි මස පස් වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියා තිබෙනවා.

මේ සඳහා දැනට ලබාදෙන එම්.එම්.ආර්. එන්නතට අමතරව මාස හයත් දොළහත් අතර දරුවන්ට එදින විශේෂ එන්නතක් ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරු පවසන්නේ මින් ඉහත සරම්ප රෝගය වැළඳී ඇති දරුවන්ට ද මෙම එන්නත ලබාදිය යුතු බවයි. මේ නිසා අද අපි ‘දේශය’ පාඨක ඔබ සරම්ප රෝගය ගැන දැනුම්වත් කිරීමට සිතුවෙමු.

සරම්ප රෝගය බුද්ධ වර්ෂ 600න් ඔබ්බටද වාර්තා වේ. කෙසේ වුවද රෝගය පිළිබඳව මුල්ම විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ බු.ව. 860–932 කාලයේදී විසූ පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හඳුනා‍ගන්නා ආකාරය විස්තර කර තිබිණි. සරම්ප වෛරසය හඳුනාගැනීමේ ගෞරවය එන්ඩර්ස් හා පීබල්ස් යන වෛද්‍යවරුන් දෙදෙනාට හිමි වේ.

1954 දී අමෙරිකානු ජාතික එකළොස් හැවිරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කළල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වනවිට වෛරසයේ ප්‍රභේද 21ක් හඳුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සඳහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ. සරම්ප රෝගය වළක්වාලීම සඳහා භාවිත වන එම්.එම්.ආර්. එන්නත නම් වූ එය සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා යන රෝග තුනටම ප‍්‍රතිශක්තිය ලබාදීමට සමත්ය. ශී‍්‍ර ලංකාවේ මාස 9ක් පිරුණු දරුවන්ට සරම්ප එන්නත අනිවාර්යයෙන්ම ලබාදෙනු ලැබේ.

සරම්ප: රුබෙයෝලා නමින්ද හැඳින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ. ඕනෑම වයසක කෙනකුට සෑදිය හැකි වුවද වැඩි වශයෙන් සරම්ප රෝගය වැළඳෙනුයේ කුඩා ළමයින්ටය. ඉතා කුඩා ප්‍රතිශතයකට අතුරු ආබාධ සහ වෙනත් සංකූලතා ඇතිවිය හැකි වුවද වැඩි දෙනෙක් එයින් පූර්ණ සුවය ලබති.

රෝගය මූලිකවම පැතිර යන්නේ ආසාදිත රෝගියකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිඳිති කෙළින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90%කටම අසාදිත රෝගියකු මාර්ගයෙන් මෙලෙස රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකු හටම ඉහත ආකාරයට වාතය මගින් බෝවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත විධි විධාන යෙදිය යුතුය.

රෝග ලක්ෂණ:
මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ වනුයේ තද උණ, නාසයෙන් සොටු දියර ගැලීම හා ඇස් ආසාදනයයි. ඊට අමතරව වියළි කැස්ස, කෑම අරුචිය, ඇඟපත අමාරුව හා පාචනය ඇති විය හැකිය. පුද්ගලයකු තුළට වෛරසය ඇතුළු වී දින 10ක් 14ක් ගත වූ පසුව ඔහුට රෝග ලක්ෂණ ඇතිවෙයි. රෝගය වැළඳී දින 4–5ක් පමණ වනවිට උණ රෝගය වැඩි වී අඩු වන්නට පටන් ගන්නා අතර ඇඟ පුරා රතු පැහැ පැල්ලම් මතුවෙයි. හිසෙන් පටන්ගෙන පැතිර යන රතු පැල්ලම් දින 03ක්/ 04ක් ඇතුළත දැකිය හැකි වේ. දින 2/3ක් අතර මුළු ශරීරය පුරා පැතිර යන මෙම පැල්ලම් දුඹුරු පැහැති වී ක්‍රමක්‍රමයෙන් නැති වී යයි. මේ විදියට උණ අඩුවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මුළු ශරීරය පුරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැවත මතුවේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතුවී හොඳින් අතින් අල්ලන්නටද පුළුවනි. මෙම ලප දින 09 ක් පමණ වනවිට අඩු වී යයි. දින 2ක් පමණ ගතවන විට කට ඇතුළත හක්ක ප‍්‍රදේශයේ සුදු පැහැ පැල්ලම් (Koplik’s spots) මතුවී ඇති වී දින 5-6 පමණ වනවිට අඩු වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි.

අනෙකුත් අතුරු ආබාධ සහ සංකූලතා:
කන් ආසාදනය – මේ නිසා කන් කැක්කුම ඇතිවිය හැක. උණ වලිප්පුව – ශ්වසන ආබාධ – නියුමෝනියාව. එන්කෙපලයිට්ස් – මෙම මොළයේ සිදුවන ආසාදනය දුබල වුවද මාරාන්තික විය හැකිය. නිදිමත ගතිය, හිස කැක්කුම හා වමනය මෙම තත්ත්වයේ රෝග ලක්ෂණ වේ. වපරය – වපරය සෑදීමේ හැකියාව සරම්ප රෝගය සෑදුණු ළමුන්ගේ වසර ගණනාවකට පසුව ඇතිවිය හැකි දුර්ලභ තත්ත්වයකි.

මතක තබාගන්න, සරම්ප රෝගය නිසා සංකූලතා බොහොමයක් දැකිය හැක්කේ ප්‍රතිශක්තිය අඩු හා මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් අතරය. එම හේතුව නිසා දියුණු වෙමින් පවතින රටවල තවම සරම්ප නිසා මරණයට පත්වන ළමුන් ගණන සැලකිය යුතු ප්‍රමාණයකි.

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වනුයේ:
සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රතිකාර නොමැතිව සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද රෝගය හඳුනාගැනීම සඳහා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර බැලිය හැක. ඊට අමතරව රෝගය උත්සන්න වෙන ලකුණු තිබෙන විට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

එම ලක්ෂණ වනුයේ, නිදිබර ගතිය. විජලනය – බොන දියර ප්‍රමාණය අඩු වූ විට මෙය සිදුවේ. පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම, කට/ දිව වියළීම මෙහි ලක්ෂණ වේ. හුස්ම ගැනීමේ අපහසුතා සහ වලිප්පුව.

ප්‍රතිකාර:
සරම්ප වෛරසය සඳහා විශේෂිත ප්‍රතිකාර නොමැති වුවද ශරීරයේ ප්‍රතිශක්තියෙන් රෝගය මර්දනය කරන තුරු රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා සුළු ප්‍රතිකාර කළ හැක.

වැඩිපුර දියර පානය කිරීම. උණ හා ඇඟපතේ අමාරුව සඳහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදිය හැක.

ප්‍රතිජීවක පෙති දීම – සරම්ප නිසා කන් අමාරුව, නියුමෝනියාව වැනි බැක්ටීරියා ආසාදන ඇතිවූ විට පමණක් ප්‍රතිජීවක දිය හැක. සාමාන්‍ය සරම්ප රෝගය සඳහා ප්‍රතිජීවක අනවශ්‍ය වේ.

රෝගය වැළැක්වීම හා නිවාරණය
සරම්ප රෝගය ශීඝ්‍රයෙන් බෝවේ. වෛරසය ශරීරගත වූ පසු දින 10-14ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වේ. රෝගය පැතිරීම සිදුවන්නේ රෝග ලක්ෂණ පහළ වීමට දිනකට පෙර සිට රෝග ලක්ෂණ පහළ වී දින 5ක් පමණ වන තුරුයි. එබැවින් සරම්ප රෝගය වැළදී ඇති අය සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් හා පාසල් යාමෙන් වැළකිය යුතුය.

සරම්ප ප්‍රතිශක්තිය ලබාදුන් ළමුන්ට සරම්ප සෑදීමේ හැකියාව ඉතා අඩුය. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව සරම්ප ප්‍රතිශක්තිකරණ මාත්‍රා 02ක් ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 03 දී හා දෙවැනි මාත්‍රාව වයස අවුරුදු 3 දී ලෙස මේවා ලබා දේ.

සුගත්
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කුරුඳු කුඩු සහ මුරුංගා කොළ කුඩු වලින් කොලෙස්ටරොල් අඩු කරගන්න නියම ක්‍රමයක්

කොලෙස්ටරෝල් යනු අපට අත්‍යවශ්‍ය සාධකයක් සේ පිලිගැනීමම ඉමහත් සතුටට කරුණකි. කොලෙස්ටරෝල් විනාශ කරන්නට අධික ලෙස ස්ටැටින් ඩ්‍රග්ස් ගන්නා අවධියක කොලෙස්ටරෝල් විනාශ කිරීම නිසා තමන්ට අයහපතක් වන බව දැනගැනීමට මෙම මානසිකත්වය තිබීම වැදගත් වේ. නමුත් ස්ටැටිංස් වලින් තොර විකල්පයක් නැති වීම නිසා අපි අසරණ වී සිටිමු. එහෙත් දැන් අපිට එසේ අසරණ වන්නට අවශ්‍ය නැත. ඕල්ටර්නේටිව් මෙඩිසින් කියා අහක දමා තිබූ වෛද්‍ය ක්‍රම දැන් ටිකෙන් ටික හිස ඔසවා ඇත. කොලෙස්ටරෝල් ගැන හෝලිස්ටික් ආකාරයට සිතන්නට හුරුවෙමු. අපි මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු.

‍දෙවැනි කාරණය නම් අපිව වසර සියයක පමණ කාලයක් නොමග යවා ඇති බොරුවකි. එයද අපි තේරුම් ගත යුතුය. එය තේරුම් ගැනීමට නම් අපෙන් මෙතුවක් සගවා තිබූ සත්‍යය මුලින්ම දැනගත යුතුය. මින් පෙරද මේ ගැන කතා කර ඇති නමුත් නැවතත් ඒ ගැන කතා කිරීම සුදුසු යැයි සිතුනේ තවමත් මේ බොරුවෙන් වැසී සිටින විශාල පිරිසක් සිටින නිසාය.

අපි රුධිරයේ කොලෙස්ටරෝල් පරීක්ෂා කර බලන්නට යොදාගන්නේ සමට ආසන්නයෙන් ගමන් කරන ශිරාවක් තුලින් ගමන් කරන රුධිරයයි. කිසි දිනක ධමණියකින් ඒ වෙනුවෙන් රුධිරය ගන්නේ නැත. එසේ ගන්නා රුධිරයේ HDL / LDL / VLDL වැනි කොලෙස්ටරෝල් වර්ග ඇති බව අපිට වාර්ථාවක් මගින් ලබාදෙයි. HDL අවශ්‍ය ප්‍රමාණයට ඇත්නම් සිතට සහනයක් වන අතර LDL / VLDL හෝ Triglycerides වැඩි බව දුටු වහාම සිතට එන බිය ගැන මම කිව යුතු නැත. දැන් ඔබට ජීවිතාන්තය දක්වා ස්ටැටිංස් වර්ගයේ බෙහෙත් බොන්නට වන සදා රෝගියෙක් බවට දොස්තර මහතා ලේබල් එකක් ගසා පිට කරනු ලබයි. ඔබත් කලකිරුණු මානසිකත්වයක් සහිතව ඒ බස පිලිගනිමින් පිටතට පියමන් කරයි.

මගේ දරුවන්ට තවම ඒ තරම් වයසක් නැහැ. මගේ දෙමව්පියන්ට මේ වගේ ලෙඩ තිබුනෙත් නැහැ. මොන කරුමයක් පල දෙන්න එනවාද දන්නේ නැහැ කියා දැන් තමන්ටම කියා ගන්නා මානසිකත්වයක් මේ වන විටත් ගොඩ නැගී අවසන්ය. එහෙත් කරන්නට දෙයක් නැත. අපිත් කවදා හරි මැරෙන්න එපැයි කියලා හිත හදාගන්නටද සිදුවේ.

එහෙත් මෙහි ඇත්ත කතාව මීට බොහෝ දුරට වෙනස්ය. උගත් මහත්වරුන් මා සමග උරණ වෙන්නට එපා. ඔබතුමන්ලාට මේ කාතා කරන දේවල් ඔප්පුකර පෙන්වා ඇති පත පොත මේ ලිපිය අවසානයේ පල කරන්නම්. මා සරලව ලියන්නේ අහින්සක පාඨකයන් වෙනුවෙනි. ඔවුන් කොලෙස්ටරෝල් නිසා මරබියෙන් ජීවත් වන ඒ කාලකන්නි මානසිකත්වයෙන් මුදවා ගැනීමේ චේතනාව සහිතවය.

ශිරාවකින් ලබා ගන්නා ලේ වලින් රුධිරයේ කොලෙස්ටරෝල් වල ප්‍රමාණයන් කියන්නට හැකිය කියන කාරණාව තුලම අපිට තේරුම් ගත හැක්කේ ශිරාවලත් කොලෙස්ටරෝල් ඇති බවය. එහෙත් ශිරාවක කොලෙස්ටරෝල් තැන්පත්වී හෘද රෝග හටගත් රෝගීන් ගැන අපි අසා නැත. කිරීටක ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වී හෘදරෝග හටගත් අය නම් අන්න්තව අපි දැක ඇත. එසේ නම් කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ධමීනි වල පමණක් බව අපි වටහා ගත යුතුය.

තවත් කාරණයක්. ධමණි වලද නැම්මක් ඇති තැනක තමයි මේ කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ. ධමණියක් කෙලින් ගමන් කරන තැනක කොලෙස්ටරෝල් තැන්පත් වන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. එය ජීවිත තර්ජනයක් ඇති නොකරයි. එයටද යම් හේතුවක් ඇත. එය අපි ඉදිරියේදී කතා කරමු.

අපි මුලින්ම ධමණියක ගලා යන රුධිරය සහ ශිරාවක ගලා යන රුධිරය අතර ඇති වෙනස බලමු. ධමනියක ගලා යන්නේ පිරිසිදු රුධිරය වන අතර එම රුධීරය ඔක්ෂිජන් බහුලය. ශිරාවේ මීට වෙනස්ය. සෛල වලින් බැහැර කරන අපද්‍රවශ සහ කාබන් ඩයොක්සයිඩ් තමයි මේ රුධිරයේ ගෙනියන්නේ. අපි යකඩ කෑල්ලක් වාතයට නිරාවරණය වන සේ තැබුවහොත් එම යකඩ කැබැල්ල මළ බැදෙන බව අපි දන්නා සත්‍යයකි. එසේ මළ බැදෙන්නට හේතුව කුමක්ද? ඒ වාතයේ ඇති ඔක්ෂිජන් සමග එක්වී යකඩ කැබැල්ලේ පිටත කොටස ඔක්සිකරණය වන නිසාය. ඔක්ෂිජන් යකඩ කැබැල්ලේ ඇති ඉලෙක්ට්‍රෝන රැගෙන ඔක්සයිඩ සෑදීම මළ බැඳීමක් ලෙස හදුන්වයි. ඔක්ෂිජන් ඇති ඕනෑම පරිසරයක මේ තත්වය උද්ගත විය හැකිය.

දැන් අපේ ධමණි ගැන සිතා බලන්න. ධමණියේ යන රුධිරය ඔක්ෂිජන් වලින් පොහොසත්ය. මෙම රුධිරයේ දියවී ඇති ඔක්ෂිජන් යම් ලෙසකට ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ නම් ඔක්සිකරණය වන්නටකිසිදු චකිතයක් නොදක්වයි. මෙසේ ඉලෙක්ටෝන සොයා යන ඔක්ෂිජන් අණු රුධිර නාල වල නැම්මේ ඇති බිත්තියේ ඇති සෛල අතර අන්තර් සම්බන්ධක වල ඇති ඉලෙක්ටේ‍රා්න තමන් වෙතට ඇද ගැනීම නිසා අදාල ස්ථානය ඔක්සිකරණයට ලක්වේ. ඒ කියන්නේ ධමණි බිත්තියේ රුධිරය ගමන් කරන පැත්තේ බත්තියේ දැන් යම් මළ බැදීමක් ඇතිවෙලා කියලා කියන්න පුලුවන්. මේ මළ බැඳීම නිසා ධමණි බිත්තියේ එන්ඩෝ තීලියම් සෛල හානි වීමට පටන් ගන්නවා. මේනිසා අභ්‍යන්තර රුධිර ගලනයක් වන්නට හේතු සාධක සැකසෙනවා. මේ නිසාම අපගේ මොළයෙන් ලබා දෙන අංඥාවකට අනුව අක්මාව ක්‍රියාත්මක වෙනවා. එසේ ක්‍රියාත්මක වී LDL නම්නි හැදින්වෙන කොපුවක කොලෙස්ටරෝල් තැන්පත් කර අර ඔක්සිකරණය වූ තැනට යවනවා. අදාල තැනට යන LDL එන්ඩොතීලියම් සෛල ස්ථරයට යටින් ප්ලාස්ටරයක් සේ තැන්පත් වෙනවා.

‍මෙය අපගේ ජීවිතය බේරාගන්නට අප සිරුර විසින් යොදන තාවකාලික පිලියමක්. එහෙත් මෙම ක්‍රියාව දිගින් දිගටම වීම නිසා නැවත නැවතත් LDL නිපදවන්නට වෙනවා. යම් දවසක අදාල ස්ථානයේ රුධිර කැටියක් හටගෙන මරණය පවා අත්වීමට මෙම ප්ලාස්ටරය හේතු වෙනවා. මෙම සංසිද්ධිය ශිරා වල වෙන්නේ නැහැ. ඊට හේතුව ශිරා වල රුධිරයේ ගමන් කරන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය වැඩි රුධිරය වීම නිසයි. එවැනි මාද්‍යයක ඔක්සිකරණ ක්‍රියාවලියක් සිදු වන්නේ නැහැ.

‍මෙම ස්වභාවික ක්‍රියාන්විතය ආපසු හරවන්නටද ක්‍රමයක් තිබිය යුතුය. සිදුවන්නේ ඔක්සිකරණය නම් අපි ඊට ප්‍රති විරුද්ධ දෙයක් ලබා දිය යුතුය. අප කල යුතු වන්නේ ප්‍රති ඔක්සිකාරක ලබා දීමයි. ප්‍රති ඔක්සිකාරක වල කර්තව්‍ය්‍ය කුමක්ද? ඔක්ෂිජන් නිසා ඔක්සිකරනය වන්නේ ඔක්ෂිජන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ උවමනාවකින් පෙලෙන නිසයා. ප්‍රති ඔක්සිකාරක වලින් කරන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රධානය කිරීමයි. එසේනම් සොබාදහම අපිට ප්‍රශ්නයට පිලිතුර ලබා දී අවසන්ය. නමුත් අපි ඒ ගැන සැලකිලිමත්ද කියන එකයි ප්‍රශ්නය.

ප්‍රති ඔක්සිකාරක මණින ඒකකයක් ඇත. ඒ ORAC (Oxygen Radical Absorbance Capacity) වේ. අපගේ ශරීරයේ ඇතිවන මෙවැනි ඔක්සිකරණයන් නවතාලන්නට දිනකට ORAC ඒකක 20000 ක් සහිත ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව ලබා ගත යුතුය. යම් කෙනෙකුගේ කොලෙස්ටරෝල් වැඩි වීමක් ඇත්නම් මෙම අගය දෙගුන තෙගුණ කල යුතුය. ඒ අනුව දිගින් දිගටම ඔක්සිකරණය වීම නවතී. මේ නිසා අනතුර පහව ගිය බව දැනගන්නා අපගේ මොළය නැවතත් පෙර සේම සංඥාවක් අක්මාව වෙත ලබා දෙයි. දැන් අනතුර අවසන් කරුණා කරලා අර තැන්පත් කල ඒවා ආපහු ගන්න කියලා තමයි සංඥාව ලැබෙන්නේ.

අක්මාවද ඉක්මනින්ම අර කලින් තැන්පත් කල කොලෙස්ටරෝල් නැවතත් අක්මාව වෙතට ගෙන එන්නට අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සකස් කරයි. එම කොලෙස්ටරෝල් රැගෙන එන්නට HDL නම් කොපුවක් අදාල ස්ථානය වෙත රුධිරයේ පාකර හරී. HDL ද අර ප්ලාස්ටරය ඇති තැනට ගොස් එහි ඇති කොලෙස්ටරෝල් කොපුව තුලට පුරවාගෙන නැවතත් අක්මාව වෙත ගෙන ගොස් මුදා හරී. මේ ලෙසට වැඩි වැඩියෙන් HDL නිපදවා අදාල ස්ථානය යතා තත්වයට පත් කරන්නට අවශ්‍ය පියවර අක්මාව විසින් ගනු ලබයි. මේ අනුව අපි කතා කරන හෘදයාබාදයක් ඇතිවීමට හේතු වන කොලෙස්ටරෝල් ගැටලුව විසදා ගනී.

දැන් මෙතනදී හොද හෝ නරක කියා කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබුනාද? මේ දෙදෙනාම සිදු කලේ අපේ ජීවිතය බේරාගන්නට අවශ්‍ය කර්තව්‍ය්‍යන් නොවේද? වරද අපි ගන්නා ආහාර වල ප්‍රතිඔක්සිකාරක නැති වීම නොවේද? අපි මේ වරද නිවැරදි කරන්නට භාවිතා කල උපක්‍රමයක කුමක්ද? ප්‍රතිඔක්සිකාරක ගන්නවා වෙනුවට අක්මාව නිපද වන කොලෙස්ටරෝල් විනාශ කරන්නට ස්ටැටිං ඩ්‍රග්ස් ගන්න එක නොවේද? ටිකක් හිතල බලන්න. අපි මොන තරම් අඥාන මිනිසුන්ද කියලා. ස්වභාවිකව අදාල අනතුර පහකරගන්නට අවශ්‍ය පහසුකම් සොබාදහම ලබා දීලා තිබියදී. අපි අපේ ජීවිතය අනතුරක දාගත්තා නොවේද?

ප්‍රතිඔක්සිකාරක වැඩිම එකේ සිට අඩුම එක දක්වා ආහාර ලැයිස්තුගත කලහොත් ඔබ පුදුම වේවි ලංකාවේ තියෙන කුළුබඩු තමයි එහි මුලින්ම තියෙන්නේ. සුද්දා අපේ රට ආක්‍රමණය කරන්නට පුධානම හේතුවක් තමයි මේ කුළුබඩු. ඒත් අපි දැන් සුදට කන්නට හුරු වෙලා. ගැස්ට්‍රයිටිස් කියලා තවත් බොරුවක් දාගෙන. ලුනු කන්නෙත් නැහැ ප්‍රෙෂර් කියලා. පහත තියෙන වගුව බලන්න. කරාඹු නැටි තමයි උඩින්ම තියෙන්නේ. ග්‍රැම් 100 ක ORAC ඒකක 340,000 ක් තියෙනවා. කුරුදු වල ORAC ඒකක 280000 ක් තියෙනවා. කුරුදු ග්රෑම් 5 ක් දවසකට ආහාරයට ගන්නට හැකිනම් ORAC ඒකක 14000 ක් එතනම අප ශරිරයට එක් කරලා හමාරයි. මේ වගේම එකක් තමයි මුරුංගා කොළ. වේලපු මුරුංගා කොළ කුඩු ග්රෑම් 100 ක ORAC ඒකක 147000 ක් තියෙනවා. ඉතිං මෙයින් ග්රෑම් 10 ක් දවසකට කන්නට පුලුවන් නම් ORAC ඒකක 14700 ක් ලැබිලා හමාරයි. දවසකට අවශ්‍ය වන්නේ ORAC ඒකක 20000 යි. වැඩි වුනා කියලා ප්‍රශ්නයක් නැහැ. වැඩි වන තරමට අපගේ සිරුරේ ඇතිවන දාහන නැති වෙනවා. ඔබගේ සිරුරට දරාගන්නට බැරි ප්‍රමාණයක් නම් ඔබගේ සිරුර ඊට ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් බඩ බුරුල් කර යෑම වගේ ඒවා. ඒත් ප්‍රති ඔක්සිකාරක නිසා නොව අදාල ආහාරයේ ඇතිවෙනත් කොටස් නිසා.

දැන් ලෝකයේ තාක්ෂණය දියුණු නිසාම පුතිඔක්සිකාරක ගුණය ඉතාමත් අධික අයණිකෘත ජලය නිපදවා තියෙනවා. විශේෂයෙන් ජපානයේ නිශ්පාදිත පානීය ජලය අයනීකරණය කරන යන්ත්‍රයක 11.5 pH වතුර වීදුරුවක ORAC ඒකක ගණන අප ආහාර වලින් ලබා ගන්නට නම් බ්‍රොෙකොලි කිලො 5 ක් ආහාරයට ගත යුතු වෙනවා. එහි ORAC ඒකක ගණන 75000 ක් පමණ වෙනවා. මේ නිසාම මෙම වතුර පානය කරන අයට ඉතාමත් ඉක්මනින් කොලෙස්ටරෝල් ගැටලුවෙන් මිදෙන්නට පුලුවන්. එපමණක් නොව වකුගඩු සහ අක්මාවේ රෝග වලින්ද ඉතාමත් ඉක්මනින් මිදෙන්නට හැකි වෙනවා. මේ ගැන වෙනම ලිපියක් මම ඉදිරියේදී ගෙන එන්නම්.

දැන් ඔබට කොලෙස්ටරෝල් වලින් මිදෙන්න ඉතාමත් අනගි ආහාරයක් නිවසේදී සාදාගත හැකියි. අපි කරන්නේ කුරුදු පොතු කුඩු ග්රෑම් 100 ක් සහ වේලපු මුරුංගා කොල කුඩු ග්රෑම් 200 ක් ගෙන මීපැණි වල කලවම් කර දිනකට තේහැදි තුනක් ආහාරයට ගැනීමයි. මේ ප්‍රමාණය තුල සාමාන්‍යෙයන් ORAC ඒකක 40000 ක් පමණ තියෙනවා. එය කොලෙස්ටරෝල් වලින් මිදෙන්නට ප්‍රමාණවත් වෙනවා. මේවා ආහාර නිසා කාගෙන්වත් තහනමක් නැහැනේ. කරලා බලන්න. තමන්ට ප්‍රතිඵල තියෙනවා නම් තව කෙනෙකුට කියලා දෙන්න. මේ විදිහට මුළු රටටම යහපතක් කරන්නට හැකි වේවි.

දැන් කතා කල යුතු වන්නේ කොලෙස්ටරෝල් විනාශ කරන්නට බෙහෙත් ගන්නා විට සිදුවන සංතෑසිය ගැනයි. මේ ටික නම් කිව යුතුමය. සමහර වෛද්‍ය වරුන් කොලෙස්ටරෝල් එයි කියන සැකය නිසාද මෙවැනි ස්ටැටිංස් වර්ගයේ බටහිර ඔසු නියම කරනවා. එය කෙතරම් උචිතද යන්න දෙවරක් නොව දහස් වරක් සිතා බලන්න. පින් අයිති වෙයි.

අපේ මොලයේ ඝන කොටසින් 75% පමණ නිර්මානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. අපගේ ලිංගික හෝමෝන නිපදවන්නට කොලෙස්ටරෝල් අවශ්‍ය වේ. අපගේ දේහ සෛල වල සෛල පටලය නිරිමානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. ස්නායු වල පිටත කවරය නිර්මානය වී ඇත්තේ කොලෙස්ටරෝල් වලිනි. ස්ට්‍රෙස් හෝමෝන නිපදවන්නේ කොලෙස්ටරොල් වලිනි.

අප ඉහත දැක්වූ ආකාරයේ අනතුරක් අපගේ ධමණි වලට හෝ අක්මාවට සිදුවන විට එය වලක්වන්නේ කොලෙස්ටරෝල් වලිනි.
(අක්මාවට වන හානිය වැඩි වන විට වැඩිපුර මේදය තැන්පත්වී ෆෑටිලිවර් යන තත්වය හටගනී. ඒ ගැන පසුව කතා කරන්නම්.)

දැන් මේ සියළුම කොලෙස්ටරෝල් වලට විරුද්ධව තමයි අපි ස්ටැටිං ඩ්‍රග්ස් ගන්නේ. අපේ බලාපොරොත්තුව වන්නේ ධමණි තුල ඇති කොලෙස්ටරෝල් විනාශ කිරීම වුවත් ඒවා පමණක් විනාශ කල හැකි බෙහෙතක් මේ වන තෙක් නිපදවා ඇත. දීර්ඝ කාලීනව ස්ටැටිං ඩ්‍රග්ස් ගන්නා අයට සැදෙන ප්‍රධානම අතුරු ආබාදයක් තමයි අල්සයිමර්ස් කියන්නේ. ඉතිරිය මා කිව යුතු නොවේ. ඔබට තේරුම් ගත හැකිය. මේ ලෙසටම මෙම බෙහෙත් දීර්ඝ කාලිනව ගන්නා අයට ලිංගික හෝමෝන නිපදවා ගන්නට බැරිය.

ඒ ගැනත් ඔබට අත්දැකීම් ඇති. මේවා භාවිතා කරන අය තම හදවතට තට්ටු කරලා බලන්න. ස්නායු වලට වන හානිය ඊලග අතුර ආබාධයයි. ස්නායු වල පිටත කවරයට හානි වීම නිසා ස්නායු පිටතට නිරාවරනයවේ. මේ නිසා මුලු සිරුරටම වේදනා ගෙන දේ. මෙම වේදනාව නිසා මෙම රෝගීන් ඉකිමනින් කිපෙන සුලු වේ. සුලු දේටත් කෝපාවිෂ්ඨ වේ. මා මේ කියන දේවල් සත්‍ය ද කියා ඔබ ඔබගෙන්ම අසා දැනගන්න. මේ බෙහෙත් ලබා දෙන නෝනා මහත්වරුනම් මේ දේවල් පිලිගන්න එකක් නැහැ. මේ ලිපිය අවසානයේ ඇති පොත ඊට ශක්ෂි දරාවි. නොමිළයේ බාගත කර හැකි නිසා සියලු දෙනාම බාගත කරගෙන කියවන්න. මේවා මම හිතලා කියන දේවල් නොවේ.

ඇයි මේ ගංගාවක පින්තූරයක් දාල තියෙන්නේ කියලා හිතන්න පුලුවන්. මේ පින්තූරයේ තියෙන්නේ ගගක් මුහුදට වැටන්නට කලින් නිර්මානය වන ස්වරූපයක්. ගග නැමි නැමී පහලට ගමන් කරනවා. මේ ගලා යන ජලධාරාවට හසුවන වැලි ගගේ නැම්මක් ඇති තැනකදී ගොඩට ගහනවා. බලන්න නැම්මේ ඇතුල් පැත්තේ තමයි වැලි තැන්පත් වෙලා බීච් එකක් හැදිලා තියෙන්නේ. අපේ කිරිටක ධමණි වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නෙත් මේ විදහටමයි. නැම්මක ඇතුල් පැත්තේ. අනෙක් තැන්වල තිබුනත් එතරම් ඝනව පිහිටන්නේ නැහැ.

ගංගාවේ ගලා යන වැලි වගේ තමයි රුධිර ධාරාවේ ඉදිරියට යන ෆ්‍රී රැඩිකල්. නැතිනම් ඉලෙක්ට්‍රෝන පිපාසාවෙන් පෙලෙන ඔක්ෂිජන් රැඩිකල්. මේවා තමයි ධමණි වල ඉදිරියට යන රුධිරය මගින් පැත්තකට තල්ලු කරලා දාන්නේ. එතැන බිත්තියේ ඇති ඉලෙක්ටේ‍රා්න තමයි අර ඔක්ෂිජන් රැඩිකල් සොරා ගන්නේ. ඒ නිසා එතනට තමයි කොලෙස්ටරෝල් අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ යමක් වැටහුනා කියලා.

තව ග්‍රාෆ් එකක් දාලා තියෙනවා නේද? මොකක්ද ඒ. 1980 වර්ෂයේ තමයි මේදය සහිත ආහාර ගන්නට එපා හෘද රෝග ඇතිවෙනවා කියලා ලොව පුරා ප්‍රචාරය කරන්නේ. එසේ සිදු කරන වසරේ සිටම පටන් ගන්නවා ස්ටැටින් ඩ්‍රග්ස් ලොව පුරා බෙදා හරින්න. එතන තියෙන රතුපාට කඩ ඉර තමයි මෙතනින් වඩාත්ම වැදගත් එක. මේදය නතරකර ස්ටැටින් ඖෂධ ගන්නා කාලය තුල අල්සයිමර්ස් රෝගය හිසඔසවා ඇති අයුරුයි මේ රූපසටහනෙන් දැක්වෙන්නේ. ඔබට යම් හෝඩුවාවක් මේ රූපසටහන ගෙන ඒවි යැයි සිතුන නිසා තමයි එය පල කලේ.

දෙතුන් වතාවක් කියවලා බලලා ෂෙයාර් කරන්න. තවත් ලක්ෂ ගානක් ඉන්නවා මේගැන දැනුවත් කමක් නැතිව. ඔවුන්ව ගොඩගන්නට ඔබට හැකි වේවි.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ඇඟලි සලකුණු වලින් හෙළිවන ඔබේ ජීවන තොරතුරු හරියටම දැනගන්න

අත්ලක පිහිටි රේඛාවන් පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම අත්ල පුරාමත්, ඇඟිලිවලත් ඇති ඉතා සියුම් රේඛා මෝස්තර තුළින් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. විශේෂයෙන් ඇඟිලි තුඩුවල එවැනි විවිධ මෝස්තර රටා පිහිටයි.

සමහර ඒවා රැලි ආකාරයෙනුත් තවත් ඒවා ආරුක්කු, ත්‍රිකෝණ, හක්ගෙඩි වමට, දකුණට කැරකුණ ආකාරයෙනුත් පිහිටිය හැක. ඔබේ අත ඇඟිලි දිගහැර පරීක්ෂාකාරීව බැලුවොත් එම ජීවන රටා පැහැදිලිව දැකිය හැකිය. මෙම ජීවන රටාවල් නිර්මාණය වන්නේ පසුගිය ලිපිවලින් දැක්වූ රේඛාවලින් නොව කෙස් ගස් වැනි සියුම් කෙඳිවලිනි. මෙහි ඇති රූප සටහන පරීක්ෂා කිරීමෙන් ජීවන රටා කියන්නේ මොනවාද ඔබට පැහැදිලි වනු ඇත.

දරුවෙකු මව් කුස පිළිසිඳ ගෙන සති 18කට පසුව ඔහුගේ හෝ ඇයගේ අත්වල මෙන්ම පතුල්වල ද මේවා නිර්මාණය වන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. එසේ පිහිටන මෙම ජීවන රටා මව් කුසින් බිහිවී මියයන තෙක්ම වෙනස් නොවී පවතියි. මෙම සියුම් රේඛා කැපීම්, කෙටීම්, තැලීම් වැනි සිද්ධීන් නිසා ජීවන රටා කෙඳිවල ස්වභාවය වෙනස් වූවත් ඒවායේ රටාව හෙවත් මෝස්තරය කෙනෙකු මියයන තුරාම වෙනස් නොවේ. එක සමාන ජීවන රටා ඇති දෙදෙනෙක් සොයාගත නොහැක.

කෙනෙකුගේ පෞද්ගලිකත්වය ජීවන රටාවන් තුළ සටහන් වී ඇත්තේ ඒ තරමටම සූක්ෂම ලෙසටයි. අපරාධකාරයින්, සොරුන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ එම නිසාය. දොස්තර ප්‍රැන්සිස් ගැල්ටන් විසින් සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු ක්‍රමය මේ වනවිට අද මුළු ලොව පුරාම අධිකරණයන් මඟින් පිළිගත් අපරාධ මාධ්‍යයක් වී ඇත්තේ ඒවායෙහි ඇති පෞද්ගලිකත්වය නිසාම බව ඔබට ද පැහැදිලි වනු ඇත.

හස්ත රේඛා විද්‍යාව අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු ප්‍රකාශ කිරීමට ජීවන රටා උපයෝගී කරගත හැකිවාක් මෙන්ම ඇඟිලි සලකුණු ක්‍රමය යටතේ අපරාධකාරයන් කොටුකර ගැනීමට ද ජීවන රටා මහෝපකාරී වෙයි. ජීවන රටාවල පිහිටීම තුළින් හෙළිකර ගත හැකි තොරතුරු මොනවාදැයි දැන් අපි බලමු.

දක්ෂිණ වෘත්තාකාර සුලි රටාවල සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. දක්ෂිණ වෘත්තාකාර සුළි රටා යයි හඳුන්වන්නේ දකුණු පැත්තට කරකැවී ගිය සුළිවලටයි. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මහපට ඇඟිල්ලේ එම රටාව ඇත්නම් ඔහු හෝ ඇයට කොතැනකට ගියත් නායකත්වය හිමි වෙයි. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල බොහෝවිට මෙවැනි සුළි රටා පිහිටිය හැක. දබර ඇඟිල්ලේ දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවක් ඇති පුද්ගලයා ආත්මාර්ථකාමී අයෙක් ලෙස හඳුනාගත හැක. බාධක කම්කටොලු නොතකා ඉදිරියට යන මොවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කර ගනී. දේශපාලනඥයන්ගේ අත්වල මෙම සුළි රටා පිහිටා තිබෙනු දැකගත හැක. මැද ඇඟිල්ලේ පිහිටි දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවන් ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීම් වේ. මෙම ලකුණ ඇති අය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන අතර හැමවිටම දුක හා අනිත්‍යය පිළිබඳව මෙනෙහි කරයි.

සුළැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර රටාවෙන් කපටි, වංචාකාරී පුද්ගලයෙක් හඳුන්වා දෙයි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතුවලින් බොහෝවිට දියුණු විය හැක. ඇඟිලි දහයේම එවැනි සුළි රටාවන් පිහිටීම මහාභාග්‍යමත් ලක්ෂණයකි. අප භාග්‍යමත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් එවන් මහා මංගල ලක්ෂණයන් විද්‍යාමාන වූ බැව් පැරණි පොත්වල සඳහන් වේ.

අංක 2 වාම වෘත්තාකාර සුළි රටා ලෙස හඳුන්වන්නේ වමට කරකැවී ගිය සුළි රටාවලටයි. මෙම සුළි රටා පෙර සඳහන් කළ දකුණට කරකැවී ගිය සුළි රටා තරම් බලවත් නොවේ. මහපට ඇඟිල්ලේ එම රටාවන් ඇත්නම් එම අය ව්‍යාපාරිකයන් වශයෙන් විශාල දියුණුවක් ලබයි.

දබර ඇඟිල්ලේ එවැනි සුළි රටාව ඇත්නම් හේ බොහෝ තණ්හාධික අයෙක් වෙයි. ඕනෑම කරදරයකට මුහුණදිය හැකි විදියේ චරිත ලක්ෂණ ඇති අයගේ අත්වල මැද ඇඟිල්ලේ වාම වෘත්තාකාර සුළි රටාවන් පිහිටයි. මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වුණත් දිළිඳු ජීවිතයක් ගත කරන අයගේ අත්වල වෙද ඇඟිල්ලේ එවැනි සුළි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක්ද නැති නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුළඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුළි රටාවෙන් හඳුනාගත හැකිය.

අංක 3 හක්ගෙඩි රටාවක සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. එය හරියට හක්ගෙඩියක් සේ දිස්වෙයි. එම සුළි රටාව ඇඟිලිවල හෝ අත්ලේ පිහිටියේ නම් හෝ බොහෝ ගරු බුහුමන් ලබන අයෙක් වෙයි. දස අතේම පැතිරුණ කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයින් ලෙස හැඳින්විය හැක. යාන වාහන හිමිකර ගැනීමේ වාසනාව ද හිමි ඔවුන් හට අතවැසියෝ ද අඩුවක් නැත.

යම් ස්ත්‍රියකගේ මහපට ඇඟිල්ලේ මෙවැනි ලක්ෂණයක් පිහිටියේ නම් ඇය රාජ්‍ය අංශයේ ඉහළම පදවියක් දරන්නීය. ගුරු ඇඟිල්ලේ නම් රටක හෝ පළාතක අධිපතිනිය වන්නීය. ශනි හෙවත් මැද ඇඟිල්ලේ එම ලක්ෂණය පිහිටියේ නම් පිරිවර ජනතාවගේ ප්‍රසාදයට පත්වෙන අතර බුධ ඇඟිල්ලේ පිහිටියේ නම් ගුප්ත ශාස්ත්‍රය දත් පඬි රුවනක් වන බව පැරණි ඍෂිවරු සඳහන් කර ඇත.

එමෙන්ම කාගේ හෝ අතක ඇඟිලි දහයේම හක්ගෙඩි රටා පිහිටා ඇත්නම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් ද වෙයි.

අංක 4 ත්‍රිකෝණ රටාවන් හොඳ පිහිටීමක් වේ. පර්යේෂණ මඟින් අලුත් අලුත් නිර්මාණයන් සොයා ගැනීමේ දක්ෂයන් වන එවැනි අයට විචක්ෂණ බුද්ධි බලයක් ඇත. හස්ත රේඛා විද්‍යාව, ජ්‍යොතිෂය, රසායන විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි වැඩි දක්ෂතාවක් පෙන්වන ඔවුන් එවැනි දේවලින් ලෝකපූජිත වීමට තරම් හේතු වේ.

අංක 5 ආරුක්කුවක ආකාරයට පිහිටා ඇති හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට මෙම ලක්ෂණය පිහිටයි. ස්ව උත්සාහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් ගතිගුණ ඇති අයගේ ඇඟිලි තුඩුවල මෙම ආරුක්කු ආකාර හැඩයට ලක්ෂණ පිහිටයි. මොවුන් බොහෝවිට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකිවීම කැපී පෙනෙන දුර්වලකමකි. පරිසරයට ආදරය කරන ඔවුන් සියලු සතුනට කරුණාව දක්වති.

අංක 6 පඬුරේඛා පුඩු රේඛාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධානෝපායන මාර්ගවලින් දියුණුවට පත්වෙන අයගේ ඇඟිලිවල හා අත්වල මෙවැනි රටා පිහිටයි. රැකියාවක් කරන අයෙකුගේ අත්වල මෙවැනි රටාවන් ඇත්නම් ඔහු හෝ අැය රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් උපයයි. මෙම පුඩු රේඛාවන් සමග හක්ගෙඩි රේඛා හා සුළිරේඛා ඇඟිලිවල සමබරව පිහිටා ඇත්නම් උපයන ධනය දනට, පිනට වැය කරයි. මහා මන්දිරවල ජීවත්වීමට හිමිකම් ලබන ඔවුන් පරිසරයට ද ආදරය කරන්නෝය.

අංක 7 රැලි රටාවක සාමාන්‍ය පිහිටීම එම රූපසටහනින් හඳුනා ගන්න. එවැනි රටා ඇති අය බොහෝවිට අලස ගතියක් පෙන්වයි. කතාවට දක්ෂ සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු ඔවුන් අනුන්ගේ දක්ෂකම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්නෝ වෙති.

හිඹුටානේ පියතිලක ද අල්විස් 158, හිඹුටාන (රෝහල ඉදිරිපිට) මුල්ලේරියාව නව නගරය.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)