ඇපල්, දොඩම් වෙළඳපොලෙන් ගන්නවනම් මේ ගැන අනිවාර්යෙන් දැනුවත්වෙන්න

මේ වන විට වෙළඳපොලේ විවිධ වර්ගයේ එළවළු පලතුරු වර්ග රැසක් විකුණන්න තියෙනවා. සමහරක් එළවළු පලතුරු අපේ රටේ ඒවා වුවත් ඇපල්, දොඩම්, පෙයාර්ස් වැනි බොහෝ පලතුරු එන්නේ පිටරටවල් වලින්. මෙම ගොඩක් එළවළු පලතුරු ප්‍රවාහණය කරන්නෙ නැවෙන්. මොකද එය ගුවනින් ගෙනෙනවට වඩා ගොඩාක් ලාභ දායක නිසා. ඉතින් මෙහෙම එළවළු පලතුරු අපේ රටට නැවෙන් එන්න සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඒ වගේම මේවා ගබඩා වලට ගිහින් තොග වෙළඳුන් මාර්ගයෙන් සිල්ලර වෙළඳුන් අතට යන්න තවත් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඔබ නොහිතුවට සමහර පලතුරු වර්ග අස්වැන්න නෙලාගත් දිනයෙ ඉඳන් ඔබ අතට පත්වෙන්න මාස 6ක් පමණ ගත වෙනවා. ස්වභාවිකව ඉදෙන එළවළුවක් පලතුරක් සතියක් දෙකක් ඉක්මවීමට ත් පෙර නරක් වෙනවා නම්, කොහොමද මෙවැනි එළවළු පලතුරු මෙපමණ කාලයක් කිසිදු ගැටලුවක් ඇති නොවී තබාගන්නේ? අන්න ඒ ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.

අපේ රටට විවිධ සමාගම් මඟින් මෙලෙස ආනයනය කරන මෙම එළවළු පලතුරු මත ලේබලයක් මඟින් / ස්ටිකර් එකක් මඟින් නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය මෙන්ම එම පලතුරු රසායනික ද්‍රව්‍ය වලින් සමන්විතද? සමන්විත නොමැතිද? යන බව දක්වන ස්ටිකර්ස් අලවා තිබිය යුතුයි. නමුත් පිටකොටුව වැනි ස්ථානයකින් මිළ දී ගන්නා මෙවැනි එළවළු පලතුරු වල බොහෝවිට එවැනි යමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අතුරින් අද අපි ඔබට පැහැදිලි කරන්නේ මෙම සමහරක් එළවළු පලතුරු මත ස්ටිකර් එකක් මඟින් මුද්‍රණය කර ඇති සංඛ්‍යා මඟින් පාරිභෝගිකයාට අඟවන්නේ කුමක්ද? කියලා.

කෙනෙක් හිතන්න පුලුවන් මේ පලතුරට ඉන්ජෙක්ෂන් ගහලා ඒක ආවරණය කරන්න තමයි මේ ස්ටිකර් එක ගහන්නෙ කියලා.. ඔව්.. ඒක එහෙම වෙන්නත් පුලුවන්. අපිට ඒක “නෑ” කියලා එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද එවැනි බොහෝ දේවල් රටේ තොටේ සිද්ද වෙන නිසා. ඔබට සමහර ස්ටිකර්ස් වල විවිධ අංකයන් දැක ගැනීමට පුලුවන්. එම අංකයෙන් ඒ ආහාරය රසායනික ද්‍රව්‍ය වලින් සමන්විත ද?, ජාන විකෘති කර සාදන ලද එකක් ද? නැතිනම් කාබනික නිෂ්පාදනයක් ද? යන වග අපට පහසුවෙන් හඳුනාගැනීමට හැකියි.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 4 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 4 න් හෝ 3 න් පටන් ගන්නවා නම් එවැනි ස්ටිකර් එකක් යෙදූ පලතුරක් හෝ එළවළුවක් සඳහා වැඩිපුර රසායනික ද්‍රව්‍ය යොදලා තියෙනවා. මෙවැනි එළවළු, පලතුරු පරිභෝජනයට හිතකර වෙන්නෙ නැහැ.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 5 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 8 න් පටන් ගන්නවා නම් එවැනි ස්ටිකර් එකක් සහිත පලතුරු හෝ එළවළු ජාන විකෘති කර නිපදවන ලද ඒවා යි. මෙවැනි එළවළු සහ පලතුරු ද මිනිස් පරිභෝජනයට හිතකර වෙන්නෙ නැහැ.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 5 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 9 න් ආරම්භ වන්නේ නම් එවැනි ස්ටිකර් එකක් යෙදූ පලතුරු සහ එළවළු කාබනිකව නිපදවන ලද ඒවා වෙයි. පරිභෝජනයට හිතකර වන්නේ මෙවැනි එළවළු සහ පලතුරු පමණයි.

විශේෂයෙන් ලංකාවේ පවතින ඇපල්, දොඩම් වැනි 9 ඉලක්කමෙන් පටන් ගන්නා සංඛ්‍යාවක් සහිත ශරීරයට හිතකර පලතුරු සාමාන්‍ය වෙළඳපොලෙන් සොයා ගැනීමට අපහසුයි. අපහසුයි කියන්නේ සොයාගැනීමට නොහැකි තරම්‍. සමහර විට කොටුවේ පේමන්ට් එකේ තියෙන මෙවැනි පලතුරු වලට ස්ටිකර් එකක් පවා අලවලා නැහැ. එම නිසා එවැනි පලතුරු වල ගුණාත්මකභාවය පිළිබඳ අපිට කිසිම අදහසක් ලබා ගැනීමට නොහැකියි.

ඊට අමතරව මෙවැනි බොහෝමයක් පලතුරු කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හා එම පලතුරු නැවුම් ලෙස බොහෝ කාලයක් තබාගැනීමට පිටතින් වැක්ස් එකක් (ඉටි ආවරණයක්) ආලේපකරනවා. මෙවැනි පලතුරු වල ටික දිනක් ගිය පසු ඇඟිල්ලෙන් පොත්ත මඳක් සීරූ විට ඔබට ඉටි වැනි යමක් දැකබලාගත හැකියි. මේ එම ඉටි ආවරණයයි. එම නිසා මෙවැනි පලතුරු පරිභෝජනයට නම් කිසිසේත්ම සුදුසු නැහැ.මේවා පරිභෝජනයට අවශ්‍යම නම් අනිවාර්යයෙන්ම 2mm (මිලිමීටර් 2) ක් පමණටවත් එහි පිටත ඇති පොත්ත සුද්ද කරගත යුතුයි. ඔබ කිසිම දිනක ඇපල් ගෙඩියක, දොඩම් ගෙඩියක පණුවෙක් විද ඇති තැනක් දැක නැත්තේ කිසිම සතෙකුට හානි කල නොහැකි තරමටම එම පලතුරු වලට මෙලෙස වස විස කලවම් කර ඇති නිසායි. ඔබ මෙවැනි ඇපල් කෑල්ලක් කපා පණුවන් සහිත තැනකට දමා බලන්න. බොහෝ ඇපල් කැබලි වලට පණුවන් හානි කරන්නේ නැහැ. ඒ මෙයට යොදා ඇති කෘෂි රසායනික ද්‍රව්‍යයන් ගේ බලපෑම නිසායි.

එම නිසා ඔබ ස්ටිකර් එකක් යොදා ඇති එළවළු පලතුරු මිළදී ගැනීමේදී එහි ආරම්භක ඉලක්කම ගැන දැනුවත් වීම අනිවාර්ය සේම කිසිම ස්ටිකර් එකක් යොදා නැති එළවළු පලතුරු පිළිබඳවත් වැඩිපුර ඔබේ අවධානය යොමු කරන්න.

(උපුටා ගැනීම -හෙළ අරණ Hela Arana)

වවාදයයි ඇළුමිනියම් භාජනවල කෑම පිසින්න එපා ඔබේ ජීවිතය අනතුරේ

ඇළුමිනියම් යනු, ඉතාමත් හොඳ තාප සන්නායක ලෝහයක් නිසා, ඉක්මනටම රත් වේ. මේ නිසා , ආහාර පිසීමට ගතවන්නේ අඩු කාලයකි. ඇළුමිනියම් භාජන මිලෙන් ද ඉතාමත් ම අඩු ය. මේ නිසා, මුළුතැන්ගෙයි ආහාර පිසීමට භාවිත කරන භාජන අතරින් ප්‍රධාන ස්ථානයක්, ඇළුමිනියම්වලට ලැබේ. පහසුව නිසා බොහෝ දෙනා ආහාර පිසීමට ඇළුමිනියම් භාජන භාවිත කළත්, ඇළුමිනියම් යනු ආහාර පිසීමට භාවිත නොකළම යුතු ලෝහ වර්ගයක් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකි ය. එයින් ඇතිවන සෞඛ්‍ය ගැටලු ඉතාමත් ම බරපතළය.

ඇළුමිනියම් යනු ඉතා ඉක්මනින් රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වන සක්‍රීය ලෝහයකි. අම්ල වර්ග සමඟ ඇළුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා, නව සංයෝග නිපදවයි. මේ නිසා ඔබ පිසින ආහාරවල ආම්ලික බව අඩංගු නම්, ආහාර පිසින අතරතුර ඇළුමිනියම් භාජනය එම ආහාර සමඟ ප්‍රතික්‍රියා කරයි. එසේ සෑදෙන නව සංයෝග, පිසින ආහාරවලට හොඳින් කලවම් වේ. අවසානයේදී එසේ ආහාරවලට මුසු වූ ඇළුමිනියම්, ඔබේ ශරීරයේ තැන්පත් වේ.

ඇළුමිනියම් යනු, අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇළුමිනියම් ශරීර ගත වීම අතිශයින් ම භයානක ය. පරීක්ෂණවලින් හෙලිවී ඇති පරිදි, ඇළුමිනියම් භාජනවල උයන ආහාර 100g ක් ගත් විට, එහි 3mg – 6mg (මිලි ග්‍රෑම්) ප්‍රමාණයක් ඇළුමිනියම් අන්තර්ගත වී ඇත. මේ නිසා, ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇළුමිනියම් ඇතුළු වී, බොහෝ ශාරීරික ගැටලු ඇතිකරයි.

ඇළුමිනියම් අම්ල සමඟ ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ්, ශරීරයට ඉතාමත් ම විෂ සහිත ය. දෙහි යුෂ, දොඩම් යුෂ, තක්කාලි, විනාකිරි වැනි දේ සමඟ ඇළුමිනියම් වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා, එවැනි ආම්ලික දේ ඇළුමිනියම් භාජනවල පිසීම ඉතාමත් ම භයානක ය. ඔබ පිසින ඕනෑම ආහාරයකට දෙහි, තක්කාලි, විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යයෙන් සිදු වන නිසා, පිසින ඕනෑම ආහාරයක්, ඇළුමිනියම් භාජන සමඟ විෂ සංයෝග සෑදීමට පෙලඹේ. බිත්තර කහ මදය සහ බොහෝ එළවළු වර්ග ද, ඇළුමිනියම් සමඟ ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වයි. අධික උෂ්ණත්වය, මේ ප්‍රතික්‍රියා වැඩි කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

එමෙන් ම, ශරීරගත වන ඇළුමිනියම්, ස්නායු පද්ධතියට සෘජුවම බලපායි. එම බලපෑම් මොළයට තදින්ම දැනේ. ඉක්මනින් මතකය නැති වීම හෙවත් ඇල්ෂමර් (alzheimer ) රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට මෙය හඳුනාගෙන තිබේ. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් ඇළුමිනියම් බලපායි.

2007 වසරේ සිට අමෙරිකාව , ඇළුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හඳුන්වා, අනතුරු හඟවා තිබේ. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇළුමිනියම් ආහාර බඳුන් නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කර ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අස්ථී බිඳීමක් ඇතිවුණොත් මේ අමුතු ලෙඩේ හැදෙනවා

අස්ථී බිඳීමක් එහෙමත් නැතිනම් සාමාන්‍ය කටවහර අනුව ඇටකටු කැඩුණොත් අපිට අනිවාර්යයෙන්ම රෝහලකට යන්න වෙනවාමයි. අපේ බොහෝමයක් දෙනා මේ වගේ සිද්ධියකදී රෝහලේදී මොකද වෙන්නෙ කියන එක ගැන දැනුවත්වයි ඉන්නෙ. “ප්ලාස්ටර් බදාමේ දාවි…. නැත්නම් ඇන්ටෙනාවක් දාවි… එහෙම නැත්නං ඉතින් ඇණ දාල ප්ලේට් එකක්දාවි….” පොදුවේ මේ ගැන ඇහැව්වොත් හුඟ දෙනෙක් දෙන උත්තරේ තමා ඒ. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ විදියට කීවත් අපි වෛද්‍ය විද්‍යාත්මකව නම් මේ ටික කියන්නේ “Plast Of Paris cast, External fixation, Internal fixation” කියන බරසාර විදිහටයි.

දැන් අපි බලමු අස්ථීයක් බිඳුනම කරන මේ කියන ප්‍රතිකාරයන්හිදී මොකද වෙන්නේ කියලා. ප්ලාස්ටර් බදාමේ ගැන හැමෝම දන්නවා. ඉහත කිව්ව සියලුම ප්‍රතිකාරවල මුලික අරමුණ වෙන්නේ අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා, ස්ථාවරව නොසෙල්වී තියා ගන්න එකත් ඒ තුවාල ඇතුළට විෂබීජ ඇතුළු නොවන විදියට ආරක්ෂා කරගන්න එකත් තමා. (වැරදිලාවත් මේ අස්ථී ඇතුළට විෂබීජයක් ඇතුළු වුණොත් සෑහෙන කරදරයකට වැටෙනවා) ඒ වගේම අවශ්‍ය පෝෂණය ලබාදෙන එකත්, වේදනාව පාලනය කරගන්න එකත් තමයි මෙහිදී කෙරෙන්න ඕනෑ. මේ ටික හරියට කෙරුණොත් “ස්වභාවික සුවවීමේ ක්‍රියාවලිය අනුව” නැවතත් අස්ථීය හාවෙනවා, මේ සඳහා ගතවන කාලය නම් වයස, රෝගී තත්ත්වයන්, අස්ථියේ ස්වභාවය අනුව එකිනෙකට වෙනස් විය හැකියි.

මේ ලිපියෙන් අපි කතා කරන්නට හදන්නෙ ප්ලාස්ටර් දැමීම වෙනුවට දරුණු අනතුරුවලදී ඇණ සහ ප්ලේට් යොදා කැඩුණු ඇට සවිමත්ව සවිකිරීම ගැනයි. එහිදී මතුවිය හැකි අවදානම් ගැනයි.

“ඇණ සහ ප්ලේට්” යෙදීමේ මේ ක්‍රමය ප්‍රධානව වැදගත් වෙන්නේ සුවවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන “අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ළං කරලා, අස්ථීයේ නියම හැඩරුවට සකසලා, ස්ථාවරව, නොසෙල්වී තියා ගැනීම සඳහායි. මේ සඳහා සිදුකරන්නට වන්නේ ශල්‍ය ප්‍රතිකාරයක් තමා. එය කරන ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි External fixation (ඔය කතාබහේදී කියන්නේ ඇන්ටනාවක් දාල කියලා) සහ Internal fixation. කතාබහට පින් දාල, ප්ලේට් දාලා කියලා කියන්නෙ මේ ක්‍රමයටයි. මේ ආකාර දෙකේදීම සිදුකරන්නෙ අස්ථී බද්ධ සැත්කමක් නැතිනම් orthopedic operation එකක්.

දැන් බලමු මොකක්ද මේ EF එකක් නැතිනම් ඇන්ටෙනාව කියලා කියන්නෙ කියලා. මේකෙදි කරන්නේ පිටතින් සම්බන්ධ කළ ලෝහමය රාමුවක් බිඳුනු අස්ථීය හරහා යන ඉස්කුරුප්පුවලින් සවිකරන එකයි. ඒ විදියට එම අස්ථීය බිඳීනු තැන පිහිටීම නිවැරදි කර ස්ථාවරව තියාගන්නටත්, සමහර විට බිඳුණු අස්ථි මුහුණත් අතර පරතරය අඩුවන්නට යම් පීඩනයක් යෙදීමටත් මෙය යොදා ගන්නවා. ඒ වගේම පිටතින් තිබෙන ඉස්කුරුප්පුව පාවිච්චි කරමින් අවශ්‍ය තරමට නැවත තද කරමින් හෝ බුරුල් කරමින් සුවවීමේ කාර්යයට සහාය වන්නට මේ පද්ධතිය උදව් වෙනවා.

ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නැතිවා නොවේ. මේ ලෝහ රාමුව අස්ථිය විදල හයි කරලා තිබෙන නිසාත් එහි කොටස් සම හරහා බාහිරට ඇවිත් තිබෙන නිසාත්, හොඳට පරිස්සම් කර නොගත්තොත් විෂබීජවලින් ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා EF එකක් external fixation එකක් දාල තිබේ නම් එහි බාහිරින් ඇති ලෝහමය කූරු මතුවූ තුවාල බොහොම පිරිසිදුව තබාගන්නට ඕන. නැතිනම් මේ වෙලාවේ අස්ථීය ඇතුළට විෂබීජයක් ගියොත් Osteomyelitis කියන රෝගය හැදිලා ඒක සමහරවිට මුළු ජීවිතයම වෙනස් කරන සාධකයක් බවට පත් වේවි.

මේ ලෝහමය රාමුව තාවකාලිකයි. ඒක ටිකක් කරදරයි වගේම පොඩි කැක්කුමක් තියෙන්නත් පුළුවනි. කොහොමටත් යම් කාල සීමාවට පස්සේ (කාල සීමාව අස්ථි බිඳීම අනුව වෙනස් වෙනවා) මේ රාමුව අයින් කරල දාන නිසා, ඒ දවස් ටිකේ විතරක් දුෂ්කර ක්‍රියා කරන්නට වෙනවා.

ඊළඟට බලමු Internal fixation එහෙම නැත්නම් එළියට මතු නොවෙන විදියට අස්ථි හයි කරන ක්‍රමය ගැන. මේ සඳහා ඇණ (Pin), ඉස්කුරුප්පු ඇණ (Screw) වගේම ලෝහමය දඬුත් (Rod) යොදාගන්නව. මීට අමතරව ඔය ඇණ, ඉස්කුරුප්පුවල උදව්වෙන් ටයිටේනියම් වගේ ලෝහවල හදපු Plate එකකින් අර කැඩිච්ච තැන හා කරල තබා ගන්නත් පුළුවන්. මීට අමතරව කම්බිත් පාවිච්චි කරන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැදගත්ම දේ මේ සියලු උපකරණ හදල තියෙන්නේ මළ නොකන ඒ වගේම සැහැල්ලු සහ ශක්තිමත් ලෝහ භාවිත කරමින් ඒ ටයිටේනියම් හෝ කොබොල්ට් මිශ්‍ර කළ ලෙසින් වන්නට පුළුවන්. අනෙක් දේ මෙම උපකරණ අස්ථීයට ඇතුළු කරන්නේ, සම්බන්ධ කරන්නේ විෂබීජ රහිත ශල්‍යාගාරයක් තුළ. ඒ නිසා මේ උපකරණත් එක්ක ඇඟ ඇතුළට විෂබීජ ඇතුළු වන්නට ඇති අවදානම ඉතාම අඩුයි. නිසි පහසුකම් යටතේ නිවැරදිව කෙරෙනවා නම් අවදානම බිංදුවයි කියන්න පුළුවනි.

මේ “ලෝහ කෑළි” අපේ ඇඟේ අනෙක් පටකවලට හානියක් කරන්නේ නැහැ. අසාත්මික වන්නට හැකියාවත් අඩුයි. කොහොම වුණත් මේ External fixation නම් සති කිහිපයකින් ඉවත් කරනවා. ඒත් Internal fixation ඉවත් කරන්න හෝ ප්‍රතිකාරය අනුව ජීවිත කාලයටම ඒකත් එක්ක ජීවත් වෙන්න සිදුවෙනවා. කොහොම වුණත් මේ ඕනම ප්‍රතිකාරයකදී යම් යම් අහිතකර ප්‍රතිපල ලැබෙන්නටත් ඉඩක් තිබෙනවා. දැන් අපි බලමු අන්න ඒ විය හැකි සීමිත ඉඩක් ඇති අනපේක්ෂිත දේ මොනවද කියන එක.

ආසාදන:
මේ අතරින් ප්‍රධානම දේ තමා ආසාදන. (Infections) මේ සඳහා රෝගියාගේ පෞද්ගලික පවිත්‍රතාව වගේම මේ ප්‍රතිකාර කටයුත්ත සිදුකරන ආකාරයත් යොදාගන්නා උපකරණවල පිරිසිදු බවත් මූලික වැදගත්කමක් දරනවා. ඒ වගේම රෝගියාගේ පෝෂණ තත්ත්වය වගේම මානසික තත්ත්වයත් මේ ආපදා සීමා කරගන්නට උදව්වෙනවා. ඊළඟට මේ බිඳීම ආශ්‍රිතව නැවත ලේ වහනය වන්නට සහ ලේ කැටිති ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ අවස්ථාවලදී ස්ථානිකව, ඒ කිව්වේ තැනින් තැන ඇතිවන තද වේදනාව වගේම මඳ උණ ගතියක්, තුවාලය ආශ්‍රිතව සමේ පාටේ වෙනසක්, කෑම අරුචියක් වගේ ලක්ෂණත් අමතරව එන්න පුළුවන්. කොහොම වුණත් මේ අවස්ථා දෙකම බොහෝවිට ඔබ රෝහල් පරිසරයේ ඉන්න දවස්වලම හඳුනාගන්නට හැකි නිසා ලොකු කරදරයක් නැතිව ප්‍රතිකාර ගන්නට හැකියි.

නිදන්ගත රෝග:
මෙන්න මේ අය වෙන අයට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ තමයි දියවැඩියාවෙන් පෙළෙන අය, හෘදයාබාධවලට ලක්වූ සහ ඊට ප්‍රතිකාර ලබන අය, මීට පෙර ලේ කැටි ගැසීම සම්බන්ධ ගැටලු තිබුණු අය වගේම දුම්බීමට ඇබ්බැහි වෙලා සිටින අය. මේ අයට ආසාදන සහ වෙනත් සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි.

පරිස්සම් වෙන හැටි:
දැන් කොහොමද මේ ප්‍රතිකාරයත් එක්ක පරිස්සම් වෙන්න ඕන කියල බලමු, ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ දින කිහිපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ රෝහලේ රඳවා ගන්නවා. ඒ දින හතක් දහයක් වගේ කාල සීමාවකට. වෙනත් ප්‍රශ්නයක් නොආවොත් ගෙදර යන්න පුළුවන්.

ඒත් ඔය ඇන්ටෙනාවත් එක්ක ගෙදර යන්න ටිකක් ලියකියවිලි වැඩ ටිකක් කරන්න වේවි. මොකද ඔය උපකරණය මිලෙන් වැඩියි. ඒ වගේම එය නැවත පාවිච්චි කරන්නට පුළුවන්. ඒ නිසාම External fixation එකක් එක්ක ගෙදර යන්න ඉස්සර වෙලා රෝහලේ නීති රීති අනුව සාමාන්‍ය ලියකියවිලිවලට අමතරව තවත් දේ නැවත ලබාගන්නා මුදල් තැන්පතුවක්, නැත්නම් යම්කිසි විදියට ඇපවීම කරන්නට වේවි. පෞද්ගලික රෝහලක නම් මෙහෙම අවශ්‍ය වෙන එකක් නැහැ. (මම ඒ ගැන නම් දන්නේ නැහැ) .

රෝහලේ ඉන්න දවස් ටිකේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව ඉන්න එක හරිම වැදගත්. නියමිත කාල සීමාවට පස්සේ ඇඳෙන් බහින එක, අතපයවලට ව්‍යායාම කරන එක, අකමැතිම වුණත්, වේදනාව ඇති වුණත්, ඇඳෙන් බැහැලා ඇවිදීම නොකළොත් තවත් කරදර මතුවෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම බෙහෙත් ටික හරියට ගන්න එක වැදගත්. බොහොමයක් විට ගැඹුරු ශ්වසන ව්‍යායාමත් කරවාවි. ඒකත් ඉතාම වැදගත්.

අවදානම් ලක්ෂණ:
මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වුණොත් ඉක්මණින්ම ඔබේ ප්‍රතිකාරය සම්බන්ධ රෝහලට, සායනයට නැත්නම් වෛද්‍යවරයා හමුවන්නට ඕනේ. මොනවද ඒ අවදානම් ලක්ෂණ.

අදාළ තුවාලය අවට කැක්කුම හුඟක් වැඩිවෙනවා නම් ඒ එක්කම ගැහිල උණ ගැනෙන තත්ත්වයක් ඇති වුණොත්, ඒ කියන්නේ ආසාදනයක පෙරනිමිති. මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවේ.

ඒ වගේම තුවාලයෙන් ලේ වහනය වීමක් (වැඩිවීමක්) සිදුවනවා නම්, නැත්නම් ප්‍රතිකාරයට අදාළ අත නැත්නම් කකුලේ හිරිවැටීමක්, පණ නැති ගතියක් දැනෙන්න පටන් ගත්තොත්, දෙන බෙහෙත්වලින් වේදනාව අඩුවෙන්නේ නැත්නම්, නැත්නම් වේදනාව වැඩිවෙනවා වගේ දැනෙනවා නම්… ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත්.

මේ වගේ ලක්ෂණ එක්ක හෝ නැතිව මුත්‍රා දැවිල්ල, මුත්‍රා එක්ක ලේ පිටවීමක්, එහෙම නැත්නම් හුස්ම ගැනීමට අමාරු ගතියක්, “පපුවේ සෙම එකතු වෙලා“ වගේ, නැත්නම් මහන්සිය වැඩි බවක් දැනෙනවා නම් මේව ප්‍රතිකාරයෙන් පස්සේ ඇතිවන්නට පුළුවන් ද්විතීක ගැටලු වෙන්නට පුළුවන්. මේ හැමදෙයක් ගැනම දැනගෙන නිසි අවධානයෙන්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළොත් ලොකු කරදරයක් නැතිව ඔබේ අස්ථි බිඳීම සුව කරගන්නට හැකියි.

(සුගත්)

අළුතින් හදන ගෙදර, වාස්‌තු විද්‍යානුකූලව කාමර දිශා ගතකරන හැටි

සමහරු නිවාස සාදා වැඩ අවසන් කළ පසුව, වාස්‌තු දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලති. එය නුවණට හුරු ක්‍රියාවක්‌ නොවේ. සාදා නිම කළ නිවසක වාස්‌තු දෝෂ තිබුණහොත් ඒවා වෙනස්‌ කිරීමට යැමෙන් අමතර මුදලක්‌ වියදම් කිරීමට සිදුවේ. එසේම, නිවසේ කොටස්‌ වෙනස්‌ කිරීමට යැමෙන් අලංකාරයටද බාධාවක්‌ ඇතිවේ.

සැලැස්‌ම ඇඳ වාස්‌තු විද්‍යාව දන්නා කෙනෙකුට පෙන්වා එහි දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලා නිවෙස ගොඩ නැගීම සුදුසුය. එයටත් වඩා සුදුසුවන්නේ නිවසේ දළ සැලැස්‌මක්‌ පිළියෙල කර, එහි දෝෂ පරීක්‍ෂා කර බලා නිවැරදි කර සැලැස්‌ම සකස්‌ කර ගැනීමයි. එසේ කිරීමෙන් අමතර මුදල් වියදම් කිරීමට සිදු නොවන අතර, නිවසේ අලංකාරයටද බාධාවක්‌ නොවේ.

පැරණි විශාල නිවෙස්‌වල විවෘත ආලින්දය, සාලය, මැද මිදුල, නිදන කාමර, සේවකයන්ගේ කාමරය, වී, ධාන්‍ය, ගබඩා කාමරය, කෑම කාමරය ආදී කොටස්‌ කීපයකින් යුක්‌ත විය. දර ලිප, අටුව, දුම ආදියෙන් සමන්විත කුස්‌සිය පිහිටියේ නිවසින් වෙන්වය. ඒ නිසාම කුස්‌සිය, මුළුතැන්ගෙය නමින් හැඳින්වන. වැසිකිළිය නිවසට තරමක්‌ දුරින් පිහිටියේය. වතුර බොන ළිඳ, නාන ළිඳ නිවසට ඈතින් විය. බුදුන් වඳින ස්‌ථානය නිවස ඉදිරිපිට විය.

වර්තමානයේ මේ සියල්ල පර්චස්‌ හත අටක්‌ තුළ පිහිටි නිවස අභ්‍යන්තරයේ ඇත. වැසිකිළිය සහ නාන කාමරය නිවස තුළ පිහිටීම සුදුසු නැතත්, වඩා පහසුව සඳහාත්, රාත්‍රි කාලයේ නිවසින් පිටතට යැම ආරක්‌ෂා සහිත නොවන නිසාත්, ඉඩම් කැබලි කුඩා වීම නිසාත් ඒවා නිවස තුළ ස්‌ථානගත කිරීමේ වරදක්‌ නොමැත. ඒවා සුදුසු තැන්වල පිහිටීම ශුභයි.

ප්‍රධාන දිසා හතර සහ අනු දිශා හතර පහත රූප සටහනින් දක්‌වා ඇත. උතුර, ඊශාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ ආපෝ, තේජෝ, පඨවි, වායෝ දිශාවන් අනුව නිවසක කාමර ස්‌ථාන ගත කළ යුතු ආකාරය දැන් විමසා බලමු.

නැගෙනහිර දිශාව – නිදන කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි. මුදල් තැන්පත් කිරීම. ස්‌වර්ණාභරණ තැන්පත්කර තැබීමද මෙම දිශාවට යෝග්‍ය වේ. නාන කාමරය දිශා ගත කිරීමටද නැගෙනහිර දිශාව ශුභයි. දකුණු දිශාව – නිදන කාමරය සහ කෑම කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි.

බටහිර දිශාව – දරුවන් පාඩම් කරන ස්‌ථානය බටහිර දිශාවේ බිහිවීම ශුභයි. පොත්පත් මෙම දිශාවේ කාමරයට තැන්පත් කිරීම, ලිපි ලේඛන කටයුතු ඉටුකිරීමටද මෙම දිශාවේ කාමරය ශුභයි.

උතුරු දිශාව – තමන් සතු ධනය, ඇඳුම් පැලඳුම් තබන අල්මාරිය, මෙම දිශාවේ කාමරයක තැබීම ඉතා ශුභයි. කණ්‌නාඩි මේසය තැබීමටද කාන්තාවන්ට ඇඳුම් පැලඳුම් ඇඳීමටද මෙම දිශාවේ කාමර සුදුසුය.

ගිණිකොණ දිශාව – තේaජෝ භූතයට අයත්ය. මෙම දිශාව ඉතාමත් සුදුසු වන්නේ මුළුතැන් ගෙය සඳහාය. දර ලිප, ගෑස්‌ ලිප, විදුලි උඳුන තැබීම සඳහා සුදුසු මෙම දිශාවය.

නිරිත දිශාව – පඨවි භූතයට අයත්ය. බර උපකරණ මෙම දිශාවේ තැබීම ශුභයි. ගොවි, උපකරණ, ආයුධ තබන ගබඩාව, වී සහල් ගබඩා කර තබන කාමරය මේ දිශාවට ගැනීම ශුභයි. වර්තමානයේදී ගරාජය තැනීමට ඉතා සුදුසුය. වයඹ දිශාව – වායෝ භූතයට අයත්ය. අමුත්තන්ගේ කාමරය, සාලය මෙම දිශාවට ගැනීම ශුභයි.

ඊශාන දිශාව – ආපෝ භූතයට අයත්ය. සතියේ කිසිම දිනක මරු නොසිටින දිශාවයි. බුදු මැදුර, ආගමික වතාවත් ඉටු කිරීම සඳහා කාමරයක්‌ සකස්‌ කිරීමට මෙම දිශාව ශුභයි.

වැසිකිළිය, නාන කාමරය, කුස්‌සිය, ඊසාන දිසාවට ගැනීම ශුභ නැත. නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය හැටියට සැලකේ. එම ප්‍රදේශය ආකාශ භූතයට අයත්ය. නිවසේ හරිමැද බිත්තියක්‌, උළුවස්‌සක්‌, කරුවක්‌ පිහිටීම ශුභ නැත. එම ස්‌ථානය හිස්‌ව නිදහස්‌ව තැබීම ඉතා සුදුසුය.

(උපුටා ගැනීම නිවාස සැලසුම් හා ජෝතිශය සේවය)

පරිප්පු වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම වර්ග තුනක් මෙන්න

පරිප්පු කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක් නේ. හැමදාම කන පරිප්පුව එපා වෙනවනේ. මේ කියන්න යන්නේ පරිප්පු වලින් රසම රස කෑම වර්ග 3 ක් හදන හැටි.

පරිප්පු කරිය
අවශ්‍ය දෙවල් :- පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට, කපා ගත් ලුනු /අමුමිරිස් / කරපිංචා, හොදින් තලා ගත් සුදුලුනු ටිකක්, අබ ඇට ටිකක්, මිරිස් කුඩු /කහ කුඩු හා අමුතුනපහ කුඩු, පොඩියට කඩා ගත් වෙලිච්ච මිරිස් කැලි කිහිපයක්.

හදාගන්නා ක්‍රමය :-
මුලින් පරිප්පු ටික වේලාවක් පෙගෙන්න දාන්න. ඉන්පසු හොදින් සෝදා එයට අවශ්‍ය ප්‍රමාණයට කහ / මිරිස් කුඩු /අමුතුනපහ කුඩු දමා ගන්න. රස අනුව ලුණු ටිකකුත් දමා හොදින් කලවම් කර, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පරිප්පු හොදින් උයා ගන්න. පරිප්පු වල වතුර ගතිය ගියාට පසු එයට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න. පරිප්පු කරියක් වඩාත් රස කර ගන්න පුලුවන් මේ තියා ගන්න කරි ප්‍රමාණය අනුව. පොල් කිරි දමා පරිප්පු කරිය හොදින් නටන කොට ලිපෙන් ඉවතට පරිප්පු කරිය අරගෙන , වෙනත් භාජනයකට දමා ගන්න.

දැන් ලිපේ ගින්දර අඩු කර භාජනයට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට ටිකක් හා කරපිංචා කොල ටිකක් වැඩිපුර බැදෙන්නට හරින්න. ඒකටම වෙලිච්ච මිරිස් කැලි ටිකත් දමා බැදෙන්නට හැර, එයටම සුදුලුනු ටිකත් දමා බැදෙන්නට හරින්න. දැන් එයටම කපා ගත් ලුනු / අමුමිරිස් දමා හොදින් බැදෙන්නට හැර එයට උයා ගත් පරිප්පු ටික දමා හොදින් කලවම් කර , ටික වේලාවකින් ලිපෙන් ඉවතට ගන්න.

පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :- පරිප්පු 500g, රතු ලූනු 50g, අමු මිරිස් කරල් 10, වියළි කෑලි මිරිස් තේ හැඳි 4, කරපිංචා, උම්බලකඩ කුඩු මේස හැඳි 3, තෙල් බෝතල් 1/2, ලුණු අවශ්‍ය පමණට.

සාදන ආකාරය :-
පරිප්පු ටික සෝදලා පිරිසිදු කරන් පැය 6ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්න.අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න. අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි. මේ මිශ්‍රණයෙන් වඩේ 50ක් විතර හදාගන්න පුළුවන්.

පරිප්පු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :- රතු පරිප්පු කප් 1ක්, ස්ටොක් වතුර කෝප්ප 3ක්, චොප් කරගත් ලූණු මේස හැඳි 2ක්, චොප් කරගත් සුදුලූණු මේස හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ටිකක්, රස අනුව ලුණු, සූදුරු ඇට ටිකක්, ලෙමන් යුශ ටිකක්

සාදන ක්‍රමය :-
මුලින්ම පරිප්පු හොඳින් සෝදා ස්ටොක් වතුර දමා තැම්බෙන්න තබා හොඳින් තැම්බුන පසු ලිපෙන් බා නිවෙන්න තබන්න.ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා ක්‍රීම් වනතෙක් අඹරාගන්න. දැන් සාස්පානක් ලිපේ තබා තෙල් ස්වල්පයක් එකතුකර එය රත්කර රත් වූ තෙල් වලට ලූණු,සුදුලූණු, සූදුරු දමා ලාවට බැදෙන්න හරින්න.දැන් එයට කලින් බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටික එකතුකර උතුරවා ගන්න.අවශ්‍යය පමණ ලුණු,ගම්මිරිස් එකතුකරන්න. පිළිගන්වන විට ලෙමන් යුශ එකතුකර උණුවෙන් පිළිගන්වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රුධිර නාලිකා වල තැන්පත් වී ඇති කොලෙස්ටරෝල් දියකර හරින ඖෂධීය පානයක්

රුධිර නාළිකා වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසාත්, එහි නිසි පාලනයක් නොමැති වීම නිසාත් බොහෝ දෙනෙකු තදබල රෝගාබාධයන්ට ලක් වෙනවා. හෘදයාබාධ, ආඝාතය හා ඒ නිසා හටගන්නා අංශභාග රෝග තත්වයන් ඒ අතරින් විශේෂයි. නමුත් රුධිර නාළිකා වල තැන්පත් වූ කොලෙස්ටරෝල් දිය කර හරින විශේෂිත ඉපැරැණි හෙළ වෙද වට්ටෝරු අපේ පාරම්පරික වෙදකම තුළ පවතිනවා.

මේ වට්ටෝරුව ඇසුරින් ප්‍රතිකාරය ඇරඹීමට පෙර සම්පූර්ණ රුධිර විශ්ලේෂණ පරීක්ෂණයක් ( FBC) කරන්න. ඉන්පසුව ප්‍රතිකාරය නිම වී දින 04 කින් පමණ පසුව නැවත එම පරීක්ෂණය සිදුකළ විට අහිතකර කොලෙස්ටරෝල් අගය පහත වැටී තිබෙන අයුරු ඔබට දැකගැනීමට හැකියි.

ඖෂධය පිළියෙල කරගන්නා ආකාරය
මෙම ප්‍රතිකාරය පිළියෙල කරන්නේ මෙහෙමයි. කළුදුරු, සුවඳ කොට්ටන්, එරඬු මුල්, ලුණුවිල, අමු ඉඟුරු, රසකිඳ, ඉඟුරු පියලි, කොළ අරළු, වැල් කහඹිලියා, සිරිතේක්කු, සාරණ මුල්, බෙලි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, පළොල් මුල්, හීන් මිදි මුල්, සල්වැන්න, පුස්වැන්න, එළබටු මුල්, ගොකටු මුල් සම සමව ග්‍රෑම් 27 බැගින් අරගෙන හොඳින් පිරිසිදු කර කොටාගන්න. නැතිනම් හීනියට කපාගන්න. ඒ සියල්ල ප්‍රමාණයෙන් තරමක් විශාල නැවුම් මුට්ටියකට හෝ කළ ගෙඩියකට දමා පිරිසිදු වතුර බෝතල් 16 ක් ඊට එක්කරන්න. එහි කට වැසෙන පරිදි පිරිසිදු රෙදි කැබැල්ලක් බඳින්න. ඊට උඩින් යකඩ කැබැල්ලක් තබන්න. ඉන්පසුව එය එක් දිනකුත් එක් රැයක් ඒ අයුරින්ම තිබෙන්නට හරින්න.

ඉන්පසුව මේ මුට්ටිය හෝ කළ ගෙඩිය මද ගින්නේ එක දිගට දින 03 ක් පමණ ළිප තබා බෝතල් තුනකට සිඳුවා කිහිප සැරයක් එය පෙරා වීදුරු බෝතල් 03 කට අසුරාගන්න. මෙම බෝතල් තුන ශීතකරණයේ තබන්න.

මෙම ඖෂධයෙන් අඬු කෝප්ප කාල බැගින් උදේට හිස්බඩට බොන්න. ඒ වගේම උදේට මෙනේරි හාල් කැඳ ටිකක් බොන්න. පස්වරුවේ 05.00 ත් 06.00 ත් අතර කාලය ඇතුළත ඖෂධයෙන් තවත් අඬුකෝප්ප කාලක් බොන්න. මේ ආකාරයට සකසාගත් ඖෂධ දින 16 ක් පමණ භාවිතයට ගත හැකියි. ප්‍රතිකාර නිමවී දින 04 කට පමණ පසුව නැවත සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ගෙන බලන්න.

එපමණක් නොවේ අක්මා පරීක්ෂණ ( Liver Profice) වාර්තාවක් හෝ Scan වාර්තාවක් ලබාගත හොත් අක්මාවේ අහිතකර මේදයද ඉවත්ව ඇතිබව ඔබට නිරීක්ෂණය කළ හැකියි. නමුත් ඉහත ප්‍රතිකාරය අක්මාවේ මේදය ඉවත් කිරීමට වඩා රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කරන ප්‍රතිකාරයක් හැටියටයි භාවිතයට ගැනෙන්නේ. මෙම ප්‍රතිකාරය ලබා ගන්නා කාලය තුළ තෙල්, බැදුම්, මස්, මාළු හා මිටිකිරි දමා පිසින කෑම අඟුණයි. මෙම ප්‍රතිකාරය අත්දුටු ප්‍රතිකාරයකි.

තොරතුරු :- වෛද්‍යාචාර්ය එන්. බී. වීරප්පෙරුම මහතා, සැකසුම :- හෙළ අරණ™️
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ බෝතල් පාවිචිචිය නිසා පිළිකා හැදෙනවා වහාම ඔබේ පරිහරණයෙන් ඈත් කරන්න

නවීන තාක්ෂණයත් සමග මිනිසාටද ඇත්තේ කාර්යබහුල ජීවිතයකි. ඇතැම් විට ඔවුනට දවසේ පැය 24 ක කාලයද එදිනෙදා ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැත. මේ නිසා බොහෝදෙනා එදිනෙදා පහසුවෙන් කරගෙන යාම සඳහා නවීන උපකරණ භාවිත කරති. අතීතයේ වී කුරහන්, තල, මෙනේරි වැනි ධාන්‍ය වර්ග නිවසේදීම සකස් කරගත් ගැමියන් අද වන විට විවිධ විදුලි උපකරණ වලින් එම කටයුතු සිදු කරගන්නේ ඔවුන්ගේ වැඩි පහසුව සඳහායි.

එදා උණුකර නිවාගත් හෝ ළිඳෙන් ගත් ජලය පානය කිරීම පුරුදු වූ මිනිසා අද බෝතල් කළ පානීය ජලයට පුරුදුව සිටී. එහෙත් එය කොතරම් ශරීරයට අහිතකරද යන්න ඔවුන් සිතන්නේ නැත. අද භාවිත කරන නවීන පන්නයේ විදුලි උපකරණ මිනිස් ශරීරයට කෙතරම් අහිතකරද? වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා අපට මෙසේ පිළිවදන් දුන්නේය.

කාර්යබහුල ජීවන රටාව නිසා අපගේ කෑම බීම පරිහරණය කරන භාණ්ඩ ද සම්පූර්ණයෙන් නවීකරණය වී ඇත. මහන්සියක් හා කාලය වැය කිරීමක් නැතිව ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන උපකරණ භාවිතයට සමාජය පෙළඹී ඇත. ඒ අතර බෝතල් කළ පානීය ජලය මුල් තැනක් ගනී. දැනට සොයාගෙන ඇති පරිදි බෝතල් කළ පානීය ජලය විෂකාරක සුළු මට්ටමේ සිට සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා වෙනස් වන පරිදි අන්තර්ගත වේ. මෙය බොහෝ විට බෝතල් කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් බෝතලය හා එහි මූඩිය මගින් එක්කෙරේ.

මෙහි ප්‍රධාන විෂකාරක දෙකකි. (i) bisaprolol A සහ රසායනික නිෂ්පාදන සංඝටක (ii) Micro Plastic
ප්ලාස්ටික් නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය මෙම ද්‍රව්‍ය කෙළින්ම බෝතල් කළ ජලයට බෝතලය මගින් එක්කරන අතර ජලය ගබඩා කර තිබෙන කාලය සහ ආකාරය අනුව විසරණය වැඩිවේ.

මෙවැනි රසායනික ශරීරගත වීමෙන් හා සාන්ද්‍රගත වීමෙන් පිළිකා අවදානම වැඩිවෙනවාට අමතරව අධික ස්ථූලභාවය, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි හෝර්මෝන ආශ්‍රිත රෝග අවදානම වැඩිවීම සිදුවේ. නවතම සොයාගැනීම් මගින් පෙනීයන ආකාරයට මෙහි අන්තර්ගත සමහර රසායනික ශරීරයේ ඊස්ටජන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරකම් සිදුකරන බැවින් මදසරු බවට හේතුවිය හැක.

එවැනි අවදානම නිසා ලොව bisoprolol අන්තර්ගත ප්ලාස්ටික් බෝතල් හා කුඩා ළමයින්ගේ උපකරණ තහනම් කර ඇත. Micro Plastic වනාහි 5mm ට වඩා කුඩා කැබලිය. බෝතලය පරණවත්ම හා සූර්යා ලෝකයට කෙළින් නිරාවරණය වීම මගින් අන්තර්ගත ජලයට එක්වීම වැඩි වේ.

මේ නිසා වතුර ගබඩා කිරීමට ප්ලාස්ටික් බෝතල් හා ටැංකි ද ආහාර ගබඩා කිරීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ද අවම කළ යුතුය. විකල්ප ලෙස වීදුරු බෝතල් සහ ස්වභාවික භාජන භාවිතයට ගත යුතුය. කෙසෙල් කොළ වැනි දේවල් භාවිතය වඩාත් සුදුසුය. ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතය නොකළ යුතුය.

කෑම පිසීමේදී Micro Wave උඳුන්වල අධික විකිරණශීලීත්වයක් ඇත. විකිරණ මගින් කිරි හා ධාන්‍ය වලින් පිළිකාකාරක සංඝටක නිපදවයි. එම නිසා එවැනි ද්‍රව්‍ය අන්තර්ගත ආහාර සැකසීමට භාවිත නොකළ යුතුය. 60% 90% අතර බොහෝ පෝෂක ගුණයන් අධික තාපය හමුවේ විනාශ වේ.

ඊට අමතරව විටමින් B/C/E විනාශ කරයි. උඳුන වටා ඇතිවන ක්ෂුද්‍ර තරංග වපසරිය ඇතිකරන සෞඛ්‍ය හානිය ගැන අවධානය වර්තමානයේ යොමුව ඇත. ඇලුමීනියම් භාජන Alzheiners වැනි රෝග සඳහා අධිකව ඇලුමීනියම් ශරීර ගතවීම හේතු වේ. නමුත් දිනකට 50mg ට වඩා ශරීරගතවීම ශරීරයට විෂ නොවන ආකාරයට යාමනය කරගත හැක. කෑම පිසීමේ දී යොදාගන්නා භාජන වලින් ඉතා පහසුවෙන් ඇලුමිනියම් ආහාරයට එකතු වේ.

එය වැඩි වේලාවක් පිසීමෙන් පිසූ ආහාර ඒවායේ ගබඩා කිරීමෙන් ආහාරයට එකතු වන ඇලුමිනියම් ප්‍රමාණය වැඩිවේ. ආම්ලික ආහාර (තක්කාලි, දෙහි) යනාදියට ඇලුමිනියම් වැඩිපුර උරාගැනේ. මල නොකන ලෝහ සහ යකඩෙන් සෑදූ භාණ්ඩ මේ ආකාරයෙන්ම ආහාරයට යකඩ, නිකල්, ක්‍රෝමියම් එක් කළ ද ඒවා බො​හෝ විට ශරීරයට අහිතකර මට්ටමට වඩා අඩු අගයක් ගනී. මේ ආකාරයට පළඳුවුණු Nonstick භාජන වලින් භාජන පිරිසිදු කරගන්නා යකඩ දැල් මගින් ලෝහ වර්ග ශරීරගත විය හැක.

ධනු විජේරත්න
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පෝෂණ ගුණයෙන් අනූන චොප්සියක් හදන හැටි

අපේ පාරම්පරික ක්‍රමයට එළවළු ව්‍යංජන උයන එක හොඳයි. හැබැයි බොහෝ විට වැඩිපුර හෝ තනිකර කන්න අමාරුයි. හේතුව ලුණු මිරිස් තුන පහ ගොඩක් දානවා. ආහාර වේලක් හැටියට ගන්නව නම්.. සුප් හෝ තැම්බූ එළවළු ක්‍රමයටයි කන්න වෙන්නේ. ටිකක් ඒකාකාරී.

චොප්සි ක්‍රමයෙදි වාසිය. එලවලු වැඩිපුර හෝ තනිකර කන්න පුළුවන්. ප්‍රෝටීන එකතු කරගන්නත් පුළුවන්. විවිධ වූ රස හා වර්ණවත් කරන්නත් පුළුවන්. දරුවනුත් කැමතියි. එහෙනම් හදල බලමු..

තෙල් භාජනයකට දමා රත්කරන්න. තලාගත් සුදුළුෑණු, අමු ඉඟුරු එක්කර තෙම්පරාදු කරගන්න. ඉහත තෙම්පරාදුවට, කුඩාවට කපාගත් මස් හෝ මාළු එක්කර තෙම්පරාදු කරගන්න. ඉස්සො, දැල්ලොත් පුළුවනි. බිත්තර එක් කරනව නම් අන්තිමට දාන්න. එයටම තැම්බෙන අනුපිලිවෙලට අනුව කපාගත් එළවළු එක්කර තෙම්පරාදු කරගන්න. (කැරට්, බේබිකෝන්, අර්තාපල්, බෝංචි, මල්ගෝවා, ගෝවා.) තෙම්පරාදු වූ පසු, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා තැම්බෙන්නට හරින්න. ඉන්පසු, කෝන්ෆලවර් ස්වල්පයක් දියකර එක්කර ගන්න. අවසානයේ නිවිති හෝ කොත්තමල්ලි කොළ දමා පදමට ලුණු දමා, අවශ්‍යනම් සීනි ස්වල්පයක්, සෝස් (ගෙදර හදාගන්නත් පුළුවන්) එක්කරගෙන රස විඳින්න..

මේ චොප්සියෙ කෙඳි ගොඩක් තියෙන නිසා බඩ පිරෙනවා. මල ක්‍රමවත් වෙනවා. අර්ශස්, බඩවැලේ පිළිකා අඩු කරනවා. ඛනිජ ලවණ ගොඩක් ලැබෙනවා. බොහෝ විටමින ලැබෙනවා. හොඳ PH අගයක් පවතින නිසා ගැස්ට්‍රයිටිස් සුවපත් කරනවා.

පිෂ්ඨ අඩුවෙන් යොදන නිසා කැලරි අගය අඩුයි. අධි පෝෂණ ලෙඩ වලටත් හොදයි. රාත්‍රී ආහාරයකට කදිමයි. නිවැරදිව තෙල් යොදන නිසා අවශ්‍ය මේද ලැබෙනවා. ප්‍රෝටීන වර්ගත් යොදන නිසා සම්පූර්ණ ආහාරයක් වෙනවා.

ඔබත් නිර්මාණශීලීව මේ ඉදිරිපත් කරල තියෙන අදියර 5 අනුගමනය කරල කැමති වර්ග කැමති ප්‍රමාණයන් භාවිතා කරල ලස්සන රසවත් චොප්සියක් හදාගන්න…

(උපුටා ගැනීම Ashoka Jayantha Jayakody‎)

පිළීකාව නිට්ටාවටම හොඳ කරන වැල, වරකා ගැන ඔබ නොදන්නා දේවල් රැසක්

වැල, වරකා ගැන ශ්‍රී ලාංකික අපට අමුතුවෙන් කිව යුතු නැතත තවමත් අපි නොදන්න බොහෝ පෝෂණ ගුණයන්ගෙන් වරකා සුවිශේෂී කීර්තියක් දිනාගෙන තිබෙනවා. කොස් ඉදෙන විට වැල සහ වරකා යනුවෙන් පලතුරු තත්වයට පත් වෙනවා. ඒ අතර වර්ධනය වුණු වරකා ගෙඩියක් සාමාන්‍යයෙන් රාත්තල් සීයයක පමණ බරින් යුක්තයි.

අපි දන්නා වරකා
අපිත් වරකා ගැන දන්නා දෙයක් තියෙනවා. ඒ වරකා අජීර්ණය වුනොත් තිබෙන අපහසුවයි. වමනයක් ඇති වුනොත් පහසුවෙන් යෑමක් නම් නැහැ. හවස් කාලයේ වරකා ආහාරයට ගතහොත් අජීර්ණ ඇති වෙන්නත් පුලුවන්. ඒ නිසා ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට වරකා ආහාරයට දීලා අන්තිමට මදුලට ලුණු කැට දෙකක් සහ ගම්මිරිස් ඇට කිහිපයක් ඇතුල් කරලා ආහාරයට දුන්නා. එයින් අමුතුම රසයක් ඇතිවුනා වගේම උදරාබාධයන් ඇති වුණෙත් නැහැ. ඔන්න අපි වරකා ගැන දන්න දේ.

අපි නොදන්න වරකා
අපි නොදන්න වරකා පළතුර බංග්ලාදේශයේ ජාතික පළතුර විදිහට සම්මානයට පත්‍ර වුණ පළතුරක්. වරකා වල පෝෂණ ප්‍රභව බොහෝමයක් තිබෙනවා. ඒ අතරට තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, විටමින් වර්ග අතරට විටමින් A, B6 සහ ප්‍රෝටීන් ඇතුළත් වෙනවා. වරකා මදුළු කෝප්පයකින් කැලරි 155 ක්, මේදය ග්‍රෑම් 4 ක්, සංතෘප්ත මේදය, සෝඩියම්, පොටෑසියම්, නයිසින්, රයිසින්, රයිබොප්ලෙවින්, තයමින් සහ ෆෝලේට් වැනි අත්‍යාවශ්‍ය ඛණිජ අන්තර්ගත වෙනවා.

ඔබ වරකා මදුළු ආහාර කෝප්පයක් ආහාරයට ගතහොත් විටමින් වලින් 25% ක් ද, දිනකට අවශ්‍ය තන්තු වලින් 11% ක් ද, වරකා වෙතින් සපුරා ගන්න පුලුවන්. අද බොහෝ දෙනෙක් නිර්මාංශ ආහාර වෙනුවෙන් යොමු වී සිටිනවා. ඒ ගැන තවත් අතුරු විපාකයක් විදිහට බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඌණතාවයන් ගැන ගැටලු ඇතිවිය හැකි බවයි. නමුත් නවතම අධ්‍යයනයන් අනුව ඔබ වරකා ආහාරයට ගන්නා නිර්මාංශිකයෙක් නම් ඒ ගැන කිසිම බියක් ඇති කර ගන්න එපා. ඔබ ආහාරයට ගන්නා වරකා මඟින් මෙම පෝෂණ ඌණතාවයන් කිසිම අඩුවක් නැතිව සපුරා ගන්න පුලුවන්.

පිළිකාව ගැන ඇහෙන්නවත් කියන්න එපා
පිළිකාව කියන වචනය අපි අහන්නත් අකමැතියි. ඊට හේතු නැතිව නෙවෙයි. දෙකෙන් එකක් නැහැ පිළිකාව කිව්වොත් මරණ වරෙන්තුව තමා යන අදහස අපේ හිතේ පැලපදියන් වෙලා තියෙනවා. එහි ඇත්තක් නැතුවත් නොවෙයි. පිළිකාවේ නරකම තත්වය වන්නේ එය සුව වීමට වඩාත් බලපාන්නේ පිළිකාව ඇතිවෙන ඉන්ද්‍රිය අනුවයි. මහ බඩවැල් පිළිකාව ගැන කිව්වොත් මෙය සුව කිරීමට අපහසු සහ පැතිරෙන සීග්‍රතාව ඉහළ යන කොටසට ඇතුළත් වෙනවා. ඒත්.. බිය වෙන්න එපා. සුබ ආරංචියක් ඔබට තිබෙනවා.

National Cancer Institute විසින් සපයන තොරතුරු අනුව නම් මහබඩවැලේ පිළිකාව සුවකර ගැනීමට වරකා ආහාරයට ගතහොත් ඉතාම පහසුවෙන් ආරක්ෂාව ලබාගන්න පුලුවන්.

වරකා වලින් පිළිකා සුව වෙන්නේ කොහොමද?
වරකා වල අන්තර්ගත Phytonutrient, Isoflavones, Lignans සහ Saponin වැනි ප්‍රතිපිළිකා සංයෝග මඟින් පිළිකාවන්ට එරෙහිව කටයුතු කරන හැකියාව ලැබෙනවා. ඒ නිසා අපිටත් නොදැනීම සිරුරට පිළිකා ආරක්ෂකයෙක් විදිහට කටයුතු කිරීමේ හැකියාව වරකා මදුලකට තිබෙන බව අමතක කරන්න එපා.

මොනවද මේ Phytonutrient?
ශාකමය පළතුරු වල පමණක් අන්තර්ගත Phytonutrient මඟින් පිළිකාව ඔඩු දිවීමට පෙර වළක්වා ගැනීමට පුලුවන්. මහබඩවැල ආශ්‍රිතව ඇතිවන පිළිකාවක් මුල් අවස්ථාවේදී ම මට්ටු කර ගත හැකිවුවහොත් එය විශාලම ආශිර්වාදයක්. ඒ නිසා වරකා ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය Phytonutrient උපයාගෙන පිළිකාව කියන භයානක වචනයෙන් මිදීමට අපට ද අවකාශය ලැබෙනවා.

එතකොට Saponin?
මේ නමින් හැඳින්වෙන්නේ තවත් පිළිකා නාශක හැකියාව ඇති සංයෝගයක්. මෙය ලියුකීමියා සෛල සමඟත් සටන් කිරීමට තරම් ප්‍රබල හැකියාවක් ඇති සංයෝගයක්. ඒ නිසා Saponin මඟින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇති කරමින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කිරීමට හැකියාවක් තිබෙනවා.

Lignans සහ Isoflavones
2006 වසරේ දී කාන්තාවන් 500 ක් සම්බන්ධ කරගෙන සිදුකරන ද අධ්‍යයනයකින් පිළිකා මර්ධනයට Lignans සහ Isoflavones ලබා දෙන සහයෝගය සොයා බැලුවා. ඊස්ට්‍රජන් හෝමෝනයෙන් කාන්තාවට ලැබෙන ආරක්ෂාව මෙම Lignans සහ Isoflavones යන සංයෝග දෙකෙන් ලැබෙන බව එහිදී පෙනී ගියා. ඒ වගේම මෙම සංයෝග වරකා වල යහමින් අන්තර්ගත වෙනවා. මුලින් සඳහන් කළ කාන්තාවන් අතරින් වරකා ආහාරයට ගත් කාන්තාවන් තුළ, වෙනත් පළතුරු ආහාරයට ගත් කාන්තාවන්ට වඩා Lignans සහ Isoflavones සතුටුදායක මට්ටමකින් පැවතීම විශේෂත්වයක් වුණා.

ප්‍රතිඔක්සිකාරකයක්
වරකා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ප්‍රතිඔක්සිකාරක හෙවත් anti-oxidants මඟින් අපේ සිරුර රෝගකාරකයන්ගෙන් ආරක්ෂා කරනවා. තන්තු බහුල නිසා මහබඩවැලේ සහ ජීර්ණ පද්ධතියේ ඇති විෂ සංඝටක පිරිසිදු කර පිළිකා අවදානම තුරන් කරන්නත් හැකියාව ලබා සිටින පළතුරක්.

ප්‍රතිශක්තිකරණය
වරකා විටමින් සහ සරල සීනි සංයෝගයන්ගෙන් යුක්ත නිසා අපේ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමටත් සමත්කම් දක්වන පළතුරක්.

(පුණ්‍යා චාන්දනී ද සිල්වා)

වෙළඳ පොළේ ඇති පොල්තෙල් වලින් හොඳ පොල්තෙල් බෝතලයක් හඳුනාගන්නේ මෙහෙමයි

පොල්තෙල් කියන්නේ ඈත අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් පවා බොහොම සමීපයෙන් ඇසුරු කළ ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ තෙල් වර්ගයක්. පොල්තෙල් කීවම බොහෝ අයගේ හිතට එන්නේ කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග තත්වයන්. නමුත් මේ රෝග ඇතිවීමට මූලික කාරණය වන්නේ පොල්තෙල් භාවිතයම නොව, අපි ව්‍යායාම සහිත දෛනික ක්‍රියාකාරකම් වලින් බොහෝ සෙයින් ඈත්වී සිටීමයි. අනිත් කාරණය වන්නේ අපි පිරිසිදු පොල්තෙල් කියා බොහෝවිට පරිභෝජනය කරන්නේ පාම් තෙල් ( ෆාම් තෙල් ) වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග සමඟ මිශ්‍ර කරනු ලැබූ පොල්තෙල් වර්ග වීම නිසයි.

වෙළඳපොල තුළ පොල්තෙල් වල වර්ණය බොහෝවිට ප්‍රධාන ආකාර 02 කින් දැකිය හැකියි. පළමු වර්ණය තමයි සුදු පැහැති ( ජලය මෙන් අවර්ණ ) පොල්තෙල්, අනෙක් වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුදු පැහැති පොල්තෙල් විශේෂය වර්ජින් පොල්තෙල් ( Vergin Coconut Oil ) ලෙස හඳුන්වනවා. අනෙක් පොල්තෙල් වලට වඩා මෙහි මිළ තරමක් වැඩියි. මෙම පොල්තෙල් සාදාගනු ලබන්නේ 100%ක් සුදු පැහැති පොල් මදය පමණක් භාවිතා කිරීමෙනුයි. ( කුරුට්ට භාවිතා නොකරයි.) කහ පැහැති පොල්තෙල් විශේෂය සෑදෙන්නේ සුදුපැහැති පොල් මදය සමඟ කුරුට්ටද මිශ්‍ර වීමෙනුයි. මෙම කහ පැහැය ලා කහ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වෙනස්විය හැකියි. කොප්පරා මඟින් තෙල් හිඳින විට එම තෙල් දුඹුරු පැහැයක් ගනු ලබනවා. එසේ වන්නේ එහි ඇති “කැරොටිනොයිඩ්” වර්ණකය නිසයි. ඊට අමතරව තෙල් සකසා ගැනීමේදී පොල් සෙල්සියස් අංශක 350 ට රත්කිරීමේදී ලැබෙන තෙල් ද දුඹුරු පැහැයක් ගන්නවා. එසේ අධික උෂ්ණත්වයකට ලක්කර ලබාගන්නා දුඹුරු පැහැති තෙල් ශරීරයට අහිතකරයි. එමෙන්ම මුඩු පොල්තෙල් භාවිතයද ශරීරයට අහිතකර වනවා.

පොල්තෙල් වල ගුණාත්මකභාවය තහවුරු කරගන්නේ කොහොමද?
අපිට මෙහි ගුණාත්මකභාවය මූලිකවම පැහැය හා ගන්ධය අනුව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

පැහැය අනුව පිරිසිදු පොල්තෙල් හඳුනා ගැනීම.
නියම Vergin Coconut Oil හෝ Pure White Coconut Oil සුදු පැහැයෙන් යුක්තයි. නමුත් කුරුට්ටද සහිතව පොල්තෙල් ලබාගැනීම නිසා වෙළඳපොලෙහි ඇති සාමාන්‍ය පොල්තෙල් තද කහ පැහැයට හෝ රන්වන් දුඹුරු පැහැයක් ගන්නවා. ඉතා තද පැහැයෙන් යුක්ත පොල්තෙල් ඇත්තටම ආහාර සඳහා සුදුසු නැහැ. ඒ නිසා ඔබට වර්ණය අනුව එහි ගුණාත්මක බව හඳුනගන්න පුළුවන්.

ගන්ධය
පොල්තෙල් වල ගුණාත්මකභාවය එහි ගන්ධය අනුවත් හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි වරක් බදින ලද කලවම් තෙල් හෝ ෆාම් ඔයිල් ( පාම් ඔයිල් ) එකතුකළ තෙල් ලිප තැබූවිට පෙණ පෙණ උඩට මතුවෙනවා. ඇතැම්විට පැහැයත් තද කළු පැහැයට වෙනස් වෙනවා. එහිදී ඇතිවන ගන්ධය ද වෙනස්.

හොඳ පොල්තෙල් හඳුනගන්න පුංචි පරීක්ෂණයක්
ගුණාත්මක බවින් හා ප්‍රමිතිගත පොල්තෙල් උෂ්ණත්වයට සංවේදීයි. සෙල්සියස් අංශක 27 දී පිරිසිදු පොල්තෙල් ඝන බවට පත්වෙනවා. මේ නිසා ගුණාත්මක බව මැන ගැනීමට ඔබට මේ විදියෙ පර්‍යේෂණයක් සිදුකරන්න පුළුවන්. ශීතකරණයේ පහළ තට්ටුවේ සෙල්සියස් අංශක 24 හි පොල්තෙල් බෝතලය ටික වේලාවක් තබන්න. ප්‍රමිතිගත පොල්තෙල් නම් අනිවාර්යයෙන්ම ඝන විය යුතුයි.

තවත් විකල්පයක් ලෙස සාමාන්‍ය හොඳ පොල්තෙල් යොදා පහනක් දැල්වූ විට පහන් සිල ඉතාමත් දීප්තිමත් ලෙස දැල්වෙනවා. නමුත් පාම් තෙල් හෝ වෙනත් අසංතෘප්ත තෙලක් කලවම් වී ඇත්නම් එම පොල්තෙල් පහනේ දැල්ල වටේම කළු පැහැයෙන් දිස්වෙනවා. යන්තම් හෝ කළුපාට දැල්ලක් දක්නට ලැබේ නම් ඒවා මිශ්‍ර කළ පොල්තෙල් ලෙස හඳුනාගත හැකියි.

(උපුටා ගැනීම හෙළ අරණ Hela Arana)

දරු ඵල පමාවන කාන්තාවන්ට දරු ඵල හිමි කරදෙන දිව්‍ය ඔසුව ‘තැල් කොළ’

පෙර මෙරට පැවති රාම රාවණ යුද්ධයේ දී හී පහරින් තුවාල ලද්දවුනට ඔසු පිණිස ලක්ෂමණ, ඉන්දියාවේ හිමාල වනයෙන් මෙහි ගෙනෙන ලදුව ව්‍යාප්තවූයේ යැයි ජනප්‍රවාදයේ කියැවෙන තැල් කොළ ත්‍රිවෘත් (Convolvulaceae) කුලයට අයත් වැල් ශාකයක්.ඉන්දියාවේ පමණක් නොව දකුණු අප්‍රිකාව මලයාව, චීනය මලයාසියාව ඔස්ට්‍රේලියාව වැනි රටවල ද දක්නට ලැබෙන තැල් මෙරට මහමඩු අඳුන් පලා නම් වලින්ද, සංස්කෘත දෙමළ භාෂාවලින් ලක්ෂමණ, කුලීනි, නාගිනී, මංජිකා, විරුතාලි, විරුඩාලි ආදි නම්වලින්ද හඳුන්වනු ලබනවා.රස තැල්, වස තැල්, ලප්තැල්, ගොතැල්, වශයෙන් ප්‍රභේදකර දැක්වෙන තැල් වැල් , ලා දම්, සුදු, කහ, වර්ණ මල් වලින් අලංකාරවනවා.

තැල් වටිනා ඔසුවක් මෙන්ම රසවත් ආහාරයක්.අබ කහ සුදුලූ නු ගොරක සමග හීන් කොච්චි පුපුරුවා දමා මිටිකිරි ස්වල්පයකින් උයාගන්නා තැල් කොළ ඇඹුල දිව පිනවන , රසවත් වෑංජනයක්. පෙර රජුන්ගේ බොජුන් පතටත් තැල් කොළ ඇඹුල එක්කරගත් බව සඳහන්. තැල් කොළ, කැඳ මැල්ලුම, නියඹලාව ආදි වශයෙන් ද සකසා ගනු ලබනවා .ආහාර ලෙස වැඩි වශයෙන් යොදාගන්නේ දුඹුරු දම් පැහැති ලප සහිත කොළ ඇති රස තැල් නම් විශේෂයයි.

හෙළ වෙදකමේත් ආයුර්වේදයේත් ඖෂධ පිණිස යොදා ගන්නා තැල් වා පිත් සෙම් තුන් දොස ම සමනය කරන්නක් ලෙස සැළකෙන්නක්. එය විෂ නාශකයක්, ආහාර රුචිකාරකයක් මුත්‍රාකාරකයක්, ලෙස ක්‍රියාත්මක වන්නක්. තැල් කොළ යුෂ එළඟිතෙල් සමග මිශ්‍රකර දින තුනක් පානය කිරීමෙන් මුත්‍රා ආබාධ පාලනය කරගත හැකි බව වෛද්‍ය ලේඛනවල දැක්වෙනවා.

වෙනත් ආහා‍රවලින් ඇතිවන විෂකොටස් බැහරකිරීමට ද ඊට හැකි බව සඳහන්. එය උදර , හදවත්, අක්මා, වකුගඩුරෝගවලට එරෙහිව ක්‍රියාකරන්නක්. අම්ල පිත්ත රෝගය දුරුකරන්නක්. එසේ ම ස්වාශ කාශ ආදි ශ්වසන පද්ධති රෝගද පාලනය කරන්නක්. තැල් කොළ කැඳ, මැල්ලුම් ආදියෙන් දීර්ඝ කාලීන කැස්ස සමනය කරගත හැකි බව ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා.

තැල් කොළ කාන්තාවන්ට වටිනා මිතුරෙක්. එය ඔවුන්ගේ ගර්භාෂ ආශ්‍රිතව ඇතිවන ප්‍රදර හා ආර්තව රෝග තත්ත්වයන් පළවා හරිනවා. දරු සම්පත් අහිමි විට එය හිමිකර ගැන්මට උපකාරිවනවා. දරුවකු පිළිසිඳ ගත්විට මුල් සමයෙහි ඇතිවන වමන ඔක්කාර ගති දුරහැර ආහාර රුචිය ඇතිකරගැන්මට සහාය වනවා. දරුවකු ලද විට මවුකිරි වර්ධනය කර දෙනවා.
වෙද ඉසිවරුන් පවසන්නේ තැල් කොළ යුෂ එළකිරි සමග නිසි කල්හි පානය කිරීමෙන් දරු පල අහිමි කතුන්ට දරු සම්පත් හිමිකරගත හැකි බවයි .කොළ යුෂ නෙල්ලි යුෂ සමග පානය කිරීම ද ඒ සඳහා පලදායක බව සඳහන්.

කාන්තා රෝගවලට ගුණ දෙන ලක්ෂ්මණාරිෂ්ටය සකසනුලබන්නේ තැල් ශාකයේ පංචාංගය යොදාගෙනයි. එය බටු තෙල් නිෂ්පාදනයටත් යොදා ගන්නා බව සඳහන් වෙනවා.

දැඩි ගමන් වෙහෙසින් සෑදෙන උණ සුවකිරීමට තැල් කොළ උපකාරිවනවා. පාදයේ උල් ඇනුණු විට ප්‍රතිකාරකිරීමටත් එය යොදාගනු ලබනවා.

ගොතැල් නමින් හඳුන්වනු ලබන කහ තැල් කොළ (Merremia hederacea) සමෙහි ඇති වන ගෙඩි වණ තුවාල සුවකිරීමට යොදා ගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා .එහි කොළ , පලා ඇඹුල ලෙස ආහාරයට යොදාගන්නා බවද සඳහන්.

වස තැල් (Ipomoea obscura) නම් ප්‍රභේදය සර්ප විෂ දුරලීමටත් ඇස් වෙදකමටත් උපයෝගීකරගන්නා අතර සිරුරේ ඇතිවන තැලීම් වලදී එහි කොළ අඹරා බඳිනු ලබනවා. නමින් වස තැල් වුවද එය කොළ කැඳ ලෙසත් සකසා ගන්නා බව සඳහන්වෙනවා. එහි විස ගති ඇත්තේ බීජයෙහි බවයි පළවෙන්නේ.

(මූලාශ්‍ර හා සේයා රූ- ඔසුපැළ හඳුනාගනිමු පූර්ව සංවාද , වෛද්‍ය ලේඛන, හා අන්තර්ජාලය ඇසුරිනි.)

වකුගඩු ගල් නිට්ටාවටම සුව කරන දිව්‍යමය ඔසුවක් ගෙදරදීම සාදාගන්නා හැටි මෙන්න

වකුගඩු යනු ශරීරයේ ඇති ඉතාමත් වැදගත් කාර්යයන් ඉටුකරන ඉන්ද්‍රියක්. එහි ප්‍රධානම කාර්යය වන්නේ ශරීරයේ අපද්‍රව්‍ය හා අමතර තරල සියල්ල මුත්‍රා බවට පරිවර්තනය කර ශරීරයෙන් ඉවත් කරවීමයි. වකුගඩු මඟින් පැය 24 ක් තුළ රුධිර ලීටර් 120 – 150 ත් අතර ප්‍රමාණයක් මෙලස පෙරීම සිදුකරන අතර එමඟින් පෙරා ඉවත් කරන අපද්‍රව්‍ය කොටස මුත්‍රා ලීටර් 1 – 2 ක් අතර අගයක් ගන්නවා.

වකුගඩු වලින් මිනිස් සිරුර තුළ අඩංගු ඉලෙක්ට්‍රොලයිට විධිමත් හා ස්ථායී කරීමත්, සෝඩියම් පොස්පේට් හා පොටෑසියම් වැනි ඉලෙක්ට්‍රොලයිට මඟින් රුධිර පීඩනය විධිමත්ව පවත්වාගෙන යාමටත් උදව් වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරන හෝර්මෝන නිපදවීමට හා හැම මොහොතකමදී ම ජීවය අවසන් වී යන රතු රුධිරාණු සෛල යළි උත්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය මෙම ඉලෙක්ට්‍රොලයිට මඟින් ලබා දීම සිදුවෙනවා. මේ දේවල් සියල්ල හොඳින් සිදුවීමට නම් ඔබට නිරෝගී වකුගඩු දෙකක් අනිවාර්යයෙන් අවශ්‍යයි.

වකුගඩු තුළ කැල්සියම් එකතුවීම නිසා පාෂාණ වැනි ඝණ ස්කන්ධයන් හට ගැනීම සිදුවන අතර ඒවා ගල් වැනි දැඩි ස්වභාවයකට පත්වන නිසා මේවා ‘වකුගඩු ගල්’ යනුවෙන් හඳුන්වනු ලබෙනවා. මෙම තත්වයට පත් වූ අය ඒ නිසා විඳින්නේ අපමණ වේදනාවක්. ඒ පීඩාකාරී වකුගඩු ගල් කිසිදු වේදනාවක් නැතිව ඉවත් කිරීමේ ක්‍රම රැසක් පවතිනවා. අද අපි ඔබට කියලා දෙන්නේ එයින් සරල එක් ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය – පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක්, පිරිසිදු පානීය ජලය

සකස් කරගන්නා ආකාරය :-
මුලින් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක් හොඳින් සෝදා පිරිසිදු කරන්න. ඉන්පසු එම කොළ මිට කුඩා කැබලි වලට කපාගෙන මුට්ටියකට දමා ගන්න. ඉන්පසු එම මුට්ටියට පිරිසිදු වතුර ඇති තරම් එකතුකොට මිනිත්තු 10 ක් පමණ හොඳින් තම්බාගන්න. ගින්දර නිවා දමා එලෙස සිසිල් වෙන්නට හරින්න. සිසිල් වුණු පසු මෙම මිශ්‍රණය පෙරණයක් ආධාරයෙන් පෙරාගෙන වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තැන්පත් කරන්න.

භාවිතා කරන ආකාරය..
ඔබ කළ යුතු වන්නේ දිනපතා මෙයින් එක් වීදුරුවක් පානය කිරිම පමණයි. කිසිදු වේදනාවක් නොමැතිව වකුගඩු ගල් ඉවත් වී යන ආකාරය ඔබට අත්විඳීමට හැකිවේවි. මේ විතරක් නොවෙයි වකුගඩු වල ක්‍රියාකාරිත්වය හොඳින් තියා ගැනීමට අවශ්‍ය නම් දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට අවශ්‍ය බව අමතක කරන්න එපා. එවිට ඔබේ ශරීරයේ ඇති සමහර අමතර විෂ ද්‍රව්‍ය හා ලවණ මුත්‍රා හරහා බැහැර වී යනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ගොඩක් අය නොදන්නා රුපියල් දහසේ නෝට්ටුවේ කතාව

ඔබ දැකලා ඇති රුපියල් 1000 නෝට්ටුවේ දැවැන්ත හස්තිරාජයෙක් සහ ඒ අසලින් සිටින මිනිසෙකුගේ රූපයක් තියෙනවා. මේ රූපය හා සම්බන්ද සත්‍ය සිදුවීමක් තියෙනවා කියලා ඔබ දන්නවද? අද අපි කියන්න හදන්නේ ඒ කතාව. මේ හස්තිරාජයා සහ මිනිසා ඉපදිලා තියෙන්නේ නැගනහිර පළාතේ. මේ මිනිසාගේ නම උමාර්ලෙබ්බෙ පනික්කාර්. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 1925 වසරේදී ඔහු, 1000 මුදල් නෝට්ටුවේ ඉන්න හස්තිරාජයාව අල්ල ගෙන හීලෑ කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු ඒ ඇතාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙනවා.

මේ ඇතාව අපි දන්නේ ‘රාජා’ කියලා කිව්වහම. දළදා කරඬුව ගෙන යන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සෑම සුදුසු කමක්ම සපුරලා තියෙන මේ හස්තියා ඉතා හොඳින් වැඩුණු සිරුරකට හිමිකම් කියන, ඉතාමත් තේජාන්විතව ගමන් ගත්තෙක්. අංග 7ක් පොළොවේ ස්පර්ශ විය යුතුයි කියලා කියන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සුදුසුකමද රාජාට තියෙනවා. මේ සත්ත්වයා දළදා මාලිගාවට දිගු කලක් සේවය කරලා තියෙනවා. තීක්ෂණ බුද්ධියක් තිබුණු රාජා තමන්ගේ ඇත්ගොව්වටත් ඉතාමත් කීකරුව හිටපු හස්ති රාජයෙක්.

1955 වසරේදී අසේල පෙරහැර සමයේ එක් දිනක කරඬුව වැඩමවාගෙන ගමන් ගත්තු රාජා හස්තියා මහනුවර රැජින හෝටලය අසලදී නතර වෙලා තියෙනවා. ඒ නිසා පෙරහැරද මොහොතකට නතර වෙලා තියෙනවා. එවකට දියවඩන නිලමේ තනතුර හෙබවපු සී. බී. නුගවෙල මහතා පැමිණිලා ආමන්ත්‍රණය කෙරුවත් රාජා ගොරවලා නිහඬ වෙලා තියෙනවා. පසුව හස්තියා දෙස විමසිලිවත්ව බැලීමේදී අනාවරණය වෙලා තියෙන්නේ හස්තියා මත තැම්පත් කරලා තිබුණු රන්සිවිගෙය බැඳලා තිබුණු බඳපටියක් කැඩිලා තියෙනවා කියලා. ඒ වෙලේ හස්තියා ඉදිරියට හරි පිටුපසට හරි ගමන් කලානම් කරඬුව බිමට වැටිලා හානියක් වීමටත් ඉඩ තිබිලා තියෙනවා. ඒ විදිහට බුද්ධිමත්ම කරඬුව රැක ගැනීමට පවා රාජා හස්තියා සමත් වෙලා තියෙනවා.

1938 වසරේදී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු බවට පත්වුණු රාජා ඇතා වැඩිකල් යන්නේ නැතුව දළඳා කරඬුව රැගෙන යන්නත් අවස්තාව ලබා ගන්නවා. මිය යන තුරුම දළඳා කරඩුව වැඩමවූ රාජා හස්තියා අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය සහ ගෞරවය දිනා ගත්තා. 1986 වසරේ අගෝස්තු 20 වනදා රාජා හස්තියාව ජාතික වස්තුවක් විදිහට එවකට හිටපු රජය ප්‍රකාශයට පත් කළා. 1987 වසරේ ජනවාරි 1 වනදා සිදුවුණු රිය අනතුරකින් තුවාල ලබලා රෝගී තත්ත්වයට පත් වුණු රාජා හස්තියා 1988 වසරේ ජුලි 16 වනදා මෙලොවින් සමු ගන්නවා.

මුළු මහත් ජනතාවගේම ගෞරවයට පත් වුණු රාජා හස්තියා සහ ඔහුව දළඳා මාලිගාවට පරිත්‍යාග කරපු උමාර්ලෙබ්බෙ පනික්කාර්ට ගෞරවයක් විදිහට තමයි මොවුන් දෙදෙනාව රුපියල් 1000 නෝට්ටුවේ සලකුණක් විදිහට යොදා ගෙන තියෙන්නේ.

(උපුටාගැනීම අසිරිමත් ලෝකය ඉසුරු ජයසිංහ)

ආමිස පුජාවේ ආනිසංස හරියටම දැනගන්න

බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා උසස් තත්වයකි.

නිර්වාණ මාර්ගඵල තත්වයන් ලබාගැනීම පිණිස ශ්‍රද්ධා, වීර්යය, සති,සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය බල ධර්මයන් පහ සමව වැඩී තිබීම අත්‍යවශ්‍යය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ප්‍රබල අවබෝධාත්මක ශ්‍රද්ධාවක් ලැබෙනුයේ හදවතින් ධර්මය දකින්න දකින්නය. ”ධර්මය දකින්නා මා දකී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ එබැවිනි. නමුත් එක රැයෙන් ධර්මය අවබෝධ කරගෙන, කෙලෙස් ප්‍රහීන කළ නොහැකිය.එයට ගමන් කළ යුතු, වැඩිය යුතු ප්‍රතිපදාවක් ඇත. ධර්මය දැකීමට නම් පියවරෙන් පියවර ගමන් කළ යුතුය.ඉන්ද්‍රිය බල ධර්මයන් ක්‍රමානුකූලව වැඩිය යුතුය. ධර්මය දැක ඉපදෙන ශ්‍රද්ධාවට පළමුව සාමාන්‍ය පෘථග්ජන සිත්වල බුද්ධ රූප දැකීමෙන්, බෝධි වන්දනා ආදිය කිරීමෙන් ශ්‍රද්ධාව ජනිත වේ.

පෙර බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවලදී පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා ආනන්ද බෝධිය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් රෝපණය කළේ බුදුරජාණන්වහන්සේගේ අනුදැනුම මතය. ජීවමාන බුදුරජාණන්වහන්සේට නමස්කාර කරමියි සිතා එයට වන්දනා කිරීමට අදද දහස් ගණන් බැතිමත්තු එවැනි ස්ථානවලට යති. ඔවුන් ශ්‍රද්ධාවෙන් එවැනි උතුම් වස්තූන් වන්දනා කර අප්‍රමාණ කුසල් රැස් කර ගනිති. අනෙත් අතින් ධර්මය හදවතින් දැක, ධර්මය දරණ පුද්ගලයෙක් වේද ඔහු කෙරේද මේ වා කෙරෙහි ඇත්තේ ශ්‍රද්ධාවකි. අප මහා බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික වස්තූන් යන අදහස සිතට නැඟෙත්ම එවැනි පුද්ගලයකුගේ සිත තුළ ඇතිවන්නේ කෘතඥ පූර්වක , ශ්‍රද්ධා සිතිවිලිය.

ධර්මයේ හරය , ඇත්තේ බාහිර වස්තුවක හෝ පොතපතක හෝ බුදු පිළිමයක නොවේය. ඒවාට වන්දනා කළ පමණින් නිවන් දකින්නේ නැත. අඩුම තරමින් ජීවීත කාලයම ජීවමාන බුදුරජාණන්වහන්සේට වන්දනා කළ කළ සිටියද නිවන් දැකිය නොහැක. එසේනම් බුදු පිළිමයකට වැඳිමෙන් නිවන සාක්ෂාත් කළ නොහැකි බවට සැකයක් නැත. නිවන දකින්නේ සම්මා දිට්ඨිය වැඩුණු සිතකිනි. සමාධි ප්‍රඥා වැඩි දියුණු කරන, ශීලයක් රකින පුද්ගලයකු විසින්, තමාගේ සිත තුළ ඇති කෙලෙස් මූලයන් තම ප්‍රඥාවෙන් දැක ඒවායේ අක්මුල් මුළිනුපුටා දමා, අවිද්‍යා, තෘෂ්ණා ආදී සංයෝජනයන්ගෙන් සර්ව සම්පූර්ණ වශයෙන්ම නිදහස් වීමෙනි. ඒ අවබෝධය සෑම බෞද්ධයකු තුළම තිබීම වැදගත්ය. එසේ වූවත් බුද්ධ ප්‍රතිමාවකට, බෝධි වෘක්ෂයකට සැඳැහැ සිතින් වන්දනාමාන කිරීමෙන් තම තමන්ගේ කුසල් සිත් වඩවා ගත හැක. සිත පිරිසිදු කර ගත හැක. ඒවාට විරුද්ධව නැඟී සිටිමින්, විකල්පවාදී අදහස් දරන්නන් නොදැනුවත්වම හෝ කරන්නේ, නිවන් දැකිය නොහැකි අයට කුසලයක් හෝ කරගැනීමට තිබෙන මං අවුරාලීමකි.

එසේම තවත් කරුණක් කිව යුත්තකි. මේ බුදු දහම ලංකාව තුළ රැකී ඇත්තේ අප විසින් පවත්වාගෙන එනු ලබන යම් යම් සංස්කෘතික අංගයන්ගෙන් ලැබෙන අනුබලයද හේතුවෙනි. කෙසෙල් ගෙඩිය ඉතා සියුම්ය.එය පිටත පොත්තෙන් ආරක්ෂා වී නොතිබුණේ නම්, කෙසෙල් ගෙඩිය විනාශ වීම ඉක්මන්ය . එසේම බෞද්ධ දර්ශනය යනුද ඉතා සියුම් ධර්මයකි. සියුම් ප්‍රඥාවෙන් දතයුතු ධර්මයකි. එය සැමට අවබෝධ කළ නොහැක. ධර්මයේ හරය වැනසෙමින් යමින් පවතී. නමුදු ඉදිරි අනාගතයේද පාරමි ඇත්තන් බිහිවෙනු නො අනුමානය. ඔවුන් සඳහා මෙම උතුම් ධර්මය අප සුරැකිය යුතුය. එහෙයින් බුද්ධිමත්ව සලකා බලා කටයුතු කළ යුතුය. ධර්මය රකින මුවාවෙන් පැමිණෙන විෂම අදහස් එලෙසින්ම භාර නොගෙන ප්‍රඥාවෙන් විමසා බැලිය යුතුය.

කෙසේ වුවද, නිර්වාණය යනු තම හදවතින් දැකිය යුත්තකි. ඇතැම් විට උසස් මාර්ගඵල ලැබූවන් බුද්ධ වන්දනා, බෝධී වන්දනා නොකරනු ඇත. එය බොහෝ විට වීමට ඉඩ ඇත. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම සිටින්නේ තම හදවත තුළ බව ඔවුන් ප්‍රත්‍යක්ෂව අත්දැක අති බැවිනි. බුදු ගුණ තිබෙන්නේත් තම සිතේය. ධර්මය තිබෙන්නේත් තම සිතේය. ආර්ය සංඝ රත්නය වැඩ සිටින්නේත් තම සිතේය. හදවත කෙලෙස් මලින් දුරලූ සුගන්ධ කුටියක් වූ කල, බුදුන් සොයා පිටත ගැවසීමට ඔවුනට අවශ්‍ය නොවනු ඇත.

සියල්ල ප්‍රඥාවෙන් විමසා බලා , තම සිතට ගැළපෙන අන්දමින්, තම සිතේ කෙලෙස් මුල් ඉදිරී යන අන්දමින්, තමාට සුදුසු ක්‍රමවේදයන් තෝරා ගෙන, නිර්වාණ මාර්ගය පූරණය කිරීම් තමා සතු වගකීමකි. ඒ සඳහා අවශ්‍ය වීර්යය ඔබ සැමට නිරතුරුවම ලැබේවා.

තෙරුවන් සරණයි..
(උපුටා ගැනීම අමා සුව)

ගෑස්ට්‍රයිටිස් නිට්ටාවටම සුවකරගන්න ආහාර වට්ටෝරු 3 ක්

බඩේ පිපුම, බඩේ දැවිල්ල, බඩේ ඇසිඩ් ගතිය, බඩ පපුව දැවිල්ල යනාදී විවිධ ආකාරයට හඳුන්වනු ලබන ආමාශයේ ප්‍රධාහයන්. ආමාශයේ ග්‍රහනියේ සහ ගලනාලයේ කල්පවතින ප්‍රධාහයන් හෝ අධික ආම්ලිකතාව නිසා හටගන්නා තුවාල, කලාතුරකින් හටගන්නා අර්බුද සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන් ආමාශගත රෝගාබාධ ලෙස හඳුන්වයි. මුලින්ම අපි ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය හඳුනා ගනිමු.

ආමාශයේ, ග්‍රහනියේ, ගලනාලයේ පහළ කොටසේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා මෙම අම්ල පිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිවීමට පුළුවනි. නිතර නිතර ඇතිවන බඩ පිපුම, ආහාර අරුචිය, බඩ පපුව දැවිල්ල, බඩේ ඉහළ කොටසේ සහ පපුවේ ඇතිවන දැවිල්ල, වරින් වර ඇඹුල් රසට උගුරට ඒම, ආහාර ගත් විට ඇතිවන ඔක්‌කාරය සහ වමන ගතිය, ආහාර ගත් විගසම වැසිකිළි යැමට අවශ්‍යතාව ඇතිවීම රෝග ලක්‍ෂණ සමහරකි.

අද පවතින කාර්යය බහුල සමාජයේ ජීවන රටාවත් සමඟ මිනිසුන්ගේ ආහාර ගැනීමේ රටාව විකෘති තත්ත්වයට පත්ව ඇත. නිසි පෝෂණයෙන් සපිරි සමබර ආහාර වේලක්‌ වෙනුවට ශරීරයට කිසිම ආකාරයකට ශක්‌තියක්‌ බලයක්‌ ලබා නොදෙන කෘත්‍රිම රසකාරක හා වර්ණක අඩංගු කෙටි ආහාර ගැනීමට මිනිසුන් හුරුපුරුදු වී සිටිති. අධික කාර්ය බහුලත්වය නිසා හටගන්නා මානසික පීඩනය (ආතතිය) සහ මෙවන් කෙටි ආහාර ගැනීම වැනි කරුණු නිසා බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටිස්‌a හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳිනු දක්‌නට ලැබේ.

මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වන්නේ මෙම රෝග ලක්‍ෂණවලින් සමහරක්‌ හෝ කිහිපයක්‌ ඔබට ඇතිනම් එය නොසලකා හැරීම නුවණට හුරු නොවන බවයි. රෝගය නොසලකා හැරීමෙන් එය උත්සන්න තත්ත්වයට පත්වුවහොත් උදරයේ අදාළ කොටස්‌වල ඇතිවිය හැකි තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වන්නට පුළුවන. රුධිරය ගලායැම වැඩි වුවහොත් සමහර අවස්‌ථාවල ශල්‍යකර්මවලට භාජන කිරීමටත් සිදුවනු ඇත. එම නිසා ඉහත රෝග ලක්‍ෂණ කිහිපයක්‌ ඔබට ඇත්නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ගැනීම සහ රෝගයෙන් වැළකී සිටීමට අනුගමනය කළ යුතු දින චර්යාවට හැඩගැසීම ඉතාමත් වැදගත් වේ.

අර්තාපල් වලින්-
අර්තාපල් අල ගෙඩියක්, සුදුහදුන් කුඩු මේස හැදි දෙකක්, නැවුම් මුට්ටියක්

උදේ පාන්දර හිස් බඩ අර්තාපල් අලය පෙති කපා අමුවෙන් කන්න. පෙර දින රාත්‍රියේ මුට්ටියට ලොකු වතුර විදුරැ දෙකක් දාලා සදුහදුන් කුඩු ටික දාලා රෙදි කැල්ලකින් බැදලා මිදුලේ පින්නේ තියන්න. උදේට විදුරැවකට දාලා අලගෙඩිය කෑමෙන් සපු හිස් බඩ වතුර විදුරැවක් බොන්න. අනිත් විදුරැව රැ නින්දට පෙර බොන්න..මේවගේ සතියට දවස් තුනක් කරන්න නිට්ටාටම ගෑස්ටිස් සුවයි.

දිය බත් – උයා ඉතිරි උන බත් ටිකක් (රතු කැකුළු සහල් නම් වඩාත් හොදයි),ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්,අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ,පොල් බෑයක කිරි,දෙහි බෑවක ඇඹුල්,ලූණු ස්වල්පයක්,උම්බලකඩ 20 ට පමණපෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න.එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න.

වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැන්දක් මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර බොන්න. කෝමාරිකා මැද ජෙල් කොටස වතුර සමග එකතු කර ජුස් එකක් හදා මී පැණි එකතු කර බොන්න. කිරි කෝප්පයකට බාර්ලි මේස හැදී දෙකක් එකතු කර උයා ගන්න.එයට මී පැණි කුරැදු කුඩු එකතු කර බොන්න.දිය බත් වගේම මේකත් දවස් 7ක් වගේ දීගටම කන්න රස ගුණ පිරුණු උදය ආහාරයක්.

මත්පැන් පානය ද වහාම නතර කළ යුතුය. මෙම කරුණු දෙකම බඩේ තුවාල උත්සන්න කිරීමට හේතුවන බැවිනි.නිතර නිතර උදරයට හානි කරන ඖෂධ වර්ග භාවිතයෙන් වැළකිය යුතුය.අධික මිරිස්‌, තුනපහ, ගම්මිරිස්‌, කුළුබඩු වර්ග, තෙල් වර්ග අඩංගු ආහාරවලින් වැළකිය යුතුය.ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුයඔබ නිතර නිතර දුම් පානය කරන්නේ නම් වහාම එය නතර කළ යුතුය.එකවර වැඩි ආහාර ප්‍රමාණයක්‌ අනුභව නොකළ යුතුය. එම විශාල ආහාර ප්‍රමාණය කොටස්‌ කිහිපයකට බෙදාගෙන වරින් වර සුළු ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත යුතුය. ටික ටික ආහාර කොටස්‌ ආමාශයට ඇතුළු වන විට එහි ඇති ආම්ලික ස්‍රාවයන් ඒවාට උරා ගන්නා නිසා ආමාශයේ බිත්ති තුවාල වීම වළක්‌වා ගත හැකිය. එම නිසා වෙනදා ආහාර ප්‍රමාණයම අඩු නොකළ යුතුය. එය කොටස්‌ කිහිපයකට බෙදා ආහාර ගන්නා වාර ගණන වැඩි කළ යුතුය.

කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි. ආහාර පිසින විට විවිධ රසකාරක වර්ණක කිසිසේත්ම එකතු නොකළ යුතුය. ආහාර ගැනීමේදී වෙනත් දේවල් ගැන නොසිතා තමන් ගන්නා ආහාරය ගැන සිතා එය තුළින් ශරීරයට සුවතාවක්‌ සැලසිය යුතු යෑයි සිතා ආහාර ගත යුතුය. නැතහොත් ගන්නා ආහාරයෙන් ශරීරයට යහපතක්‌ සිදුවන්නේ නැත. කෙටි ආහාරවලින් වැළකීම අනිවාර්ය වන අතර උදෑසන ආහාරය ඉතාමත් පෝෂ්‍යදායී එකක්‌ විය යුතුය. ආහාර ගන්නා විට විවිධ සිසිල් බීම වර්ග පානය කිරීම මෙම රෝග තත්ත්වය ඇතිවීමට සහ දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමට ද බලපාන ප්‍රධාන කරුණකි. ආහාර පිසින විට කෘත්‍රිම රසකාරක, වර්ණක, සෝස්‌ වර්ග, තෙල් වර්ග එකතු නොකළ යුතුය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පීනස නිට්ටාවටම සුවකරගන්න රතුළූණු තෙල් හිසේ ආලේප කරන්න

අප ‍රටේ ජනතාවෙන් දෙකෙන් කොටසකටත් වැඩි පිරිසක් පීනසෙන් පීඩාවිඳින බව සඳහන් වන අතර ශ්වසන පද්ධති රෝගීන් භයානක ලෙස වැඩිවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද කියා සිටිනවා. පාරම්පරික හා පාරම්පරික නොවන අසාත්මිකතා ලෙස හැඳින්විය හැකි පීනස ,දූවිල්ල සීතල වැනි නොයෙකුත් හේතු අසාත්මිකවීමෙන් වැළඳෙන්නක්. පීනස් රෝග 18 වර්ගයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.පොදුවේ ගත් කල හිසේබර ගතිය, කිවිසුම් යාම , සොටු දියර ගැලීම, ආදිය එහි මූලික ලක්ෂණයි. අසාත්මිකතාවට අදාලවන හේතුවෙන් ඈත්වූ තරමට රෝගයේ පීඩාවත් අඩුවනවා.

Centella asiatica නමින් හැඳින්වෙන ගොටුකොළ ඉතා වටිනා පැළෑටියක්. ගොටුකොළ මිටක යුෂ වලට මී පැණි හැන්දක් මුසුකර උදෑසන උදෑසන බීමෙන් සියලු රෝග නිවාරණය වන බව සඳහන්. ගොටුකොළ රෝග දුරලීමට මෙන් ම මොළය වර්ධනයටද මතක ශක්තිය වැඩීමට ද දීර්ඝායු ලැබීමටද හේතුවන්නක්.17 වන සියවසේ විසූ චින් යූ එන් නමැති ආත්මාරක්ෂක සටන් කරුවා තමාගේ ප්‍රධාන ආහාර වේල් සඳහා ගොටුකොළ යොදාගත් අතර ඔහු වසර 256 ක- ඇදහිය නොහැකි තරම් දිගු කාල සීමාවක් ජීවත්වූ බවට සඳහනක් දක්නට ලැබෙනවා.

ඖෂධ සඳහා යොදාගත යුත්තේ කුඩා පත්‍ර සහ කුඩා නැටි ඇති ගස් සෙවණේ වැල් ඇදෙමින් සෑදෙන කුඩා ගොටු කො ළ වර්ගයයි. රතුලූනු ත් රෝග ගණනාවකට සුව සදන වටිනා ශාකයක්. අල මෙන්ම පත්‍ර ද ගුණදායකයි. එසේ ම සෙම බුරුල්කරන වාතය සමනය කරන කාශ, කක්කල් කැස්ස ඇදුම වැනි ශ්වසන රෝග වලට විශේෂ ගුණ දෙන්නක්.සෙම් ප්‍රතිශ්‍යාව වැළදීගෙන එනවිට රතුලූනු අහුරක් කෑමෙන් නාසයේ උගුරේ සෙම පිටවී විෂබීජය විනාශවී යන බව සඳහන්.

මෙම රතුලූනු ගොටුකොළ සුසංයෝගය, පීනසට ගුණ දෙන දිව ඔසුවක් ලෙස හැඳින්වෙනවා. ගොටු කොළ කැඳ පීනසට ගුණදායකයි. ගොටු කොළ යුෂ කිතුල් හකුරු හෝ පැණි සමග ආහාරයට ගැනීමත් පීනසට යෝග්‍යයි. .ගොටුකොළ රතුලූනු හා අමුමිරිස් යොදා හදාගන්නා සම්බෝලය නිතර ආහාරයට ගැනීම ද පීනස මැඩ පැවැත්වීමට හේතුවනවා. සාමන්‍ය මට්ටමින් පීනස ඇති අයට මේ සරල කෂාය ගැලපෙනවා.

ගොටු කොළ දඬු සහ වලඟසාල් අහුරබැගින් ගන්න. රතුලූනු ගෙඩි හතක් ගන්න. බඳුනකට දැමූ වතුර කෝප්ප 7 ක් සමග ඒවා ලිපතබා කෝප්පයක් වනසේ සිඳුවා ගන්න. මෙය දවසක් ඇර දවසක් පානයකරන්න. මින් පීනස පාලනය වී සොටු දිය ගැලීම නතරවේවි.

වඩාත් බරපතල ලෙස පිනසෙන් පීඩා විඳින්නේ නම් පහත සඳහන් අත් බෙහෙත සුදුසුයි.
ගොටු කොළ මිටක් හා රතුලූනු ගෙඩි 7ක් ගන්න. වංගෙඩියක දමා හොඳින් කොටා රෙදිකඩක පොට්ටනියක්සේ බැඳ යුෂ මිරිකා ගන්න. මෙය උදේ හවස පානය කිරීමෙන් පීනස පාලනය කරගත හැකියි. මෙය නොකඩවා දින 7 ක් පානය කර මින් ලැබෙන ගුණ වටහාගන්න.

පීනස ඇතිවිට රතුලූනු තෙල් හිස ගැල්වීම ද හිත කරයි එය මෙසේ සකසා ගන්න.
රතුලූනු ග්‍රෑම් 200 ක යුෂ මිරිකා ගන්න. පිරිසුදු පොල්තෙල් කාලක් ළංකරගන්න. මේ දෙවර්ගය එකට දමා, තිබූ ප්‍රමාණයෙන් බාගයක් වනසේ සිඳුවාගන්න. උදේ හිස් මුදුනේ ගාන්න. තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයක් ගැල්වීම සුදුසුයි.

(මූලාශ්‍ර හා සේයා රූ-වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය ඇසුරිනි.)

සූද යාම කාන්තාවන්ගේ සිරුර කෙටිටූ වීමට හේතුවක් – කාන්තා රෝග රැසකට පිළිතුරු

මාගේ වයස අවූ. 28 කි. තවම විවාහ වී නොමැත. ටික කලක සිට මට සූද යෑම පවතී. ඇඟ කෙටිටූ වන බවක් ද දැනේ. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යද? මෙයට විසඳුම කුමක්ද?
ඔබගේ වයසේ කාන්තාවකට සූද යෑම වශයෙන් බහූලව භාවිත වන යෝනි මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. යෝනි මාර්ගය සහ ඊට ඉහළින් ඇති ගර්භාෂ ප්‍රදේශය සාමාන්‍යයෙන් තෙත්ව පවතී. මීට හේතුව එම ප්‍රදේශය වැසී ඇති පටක වල ග්‍රන්ථීන් තිබීමත් එම ග්‍රන්ථීන් මගින් ස්‍රාවයන් පිට කිරීමත්ය. මෙය සිදු නොවූනහොත් එම ප්‍රදේශය වියලී යෑමෙන් වේදනාව ඇතිවිය හැක. මෙවැනි ගැටළු ඇතිවීම වළක්වාලීමට ස්වභාවිකවම ඇති කරන ස්‍රාවයන් වැඩි වූ විට පිටතට ගලා ඒම සාමාන්‍ය දෙයකි. මේ සඳහා වෛද්‍ය උපදෙස් සෙවීම අවශ්‍ය නැත.

නමූත් යම් හෙයකින් මීට අමතරව වෙනත් ගැටළු ඇති නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යූතුයි. ඒ නම් මෙම පිටවන ස්‍රාවයේ විශේෂ පැහැයක් හෝ විශේෂ ගඳක් ඇත්නම් හෝ ඒ සමගම යෝනි මාර්ගයේ දැවිල්ලක් හෝ කැසිල්ලක් ඇත්නම් මෙය විෂබීජ ආසාදනයකින් සිදු වූවක් විය හැක. මෙවැනි රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම ප්‍රතිකාර ලබාගත යූතුයි.

ඔබගේ ඇඟ කෙටිටූ වීම කිසිසේත්ම සූද යෑමට සම්බන්ද දෙයක් නොවේ. ඇග කෙටිටූ වීම පැහැදිලිවම දැකිය හැකි ප්‍රමාණයට සිදුවේ නම් හෝ ශරීරයේ බර ක්‍රමයෙන් අඩූ වේ නම් වෛද්‍යවරයකු හමූ වී එයට හේතුව සොයා බැලීම කල යූතුයි.

විවාහ වී වසර හතරකි තවම දරුවන් නොමැත වයස අවූ 33 වන මට දරුවන් නොමැත. විවාහ වී අවූරුදු 4 කි. එක වරක් ගැබ් ගැනීමක් සිදුවිය. මාස 2 කදී එය ගබ්සා විය. ඉන්පසූ මගේ මාසික ශුද්ධ වීම අපිළිවෙල වී ඇත. මම දැන් දරුවකු බලාපොරොත්තුවෙන් සිටිමි. ඔසප් අපිළිවෙල බැවින් නැවත දරුවකු ලැබීමට නොහැකි වේද? ගැබ්ගෙන එය නැතිවීම නැවත සිදුවිය හැකිද?

ඔබගේ ඔසප් වීම අපිළිවෙල වීම කෙතරම් කලක් තිස්සේ ඇත් ද යන්න ඔබගේ ප්‍රශ්නයේ සඳහන් වී නැත. ගැබ් ගැනීමක් සිදු වී එය නැති වූ අලුත ඔසප් වීම අපිළිවෙල වීම සාමාන්‍ය දෙයකි. ගැබ් ගැනීමට පෙර ඔසප් වීම පිළිවෙලට සිදු වූයේ නම් ඒ පිළිබඳ බිය විය යූතු නැත. මාස කීපයක් යන වට එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වේ. එනම් ගර්භනී මවකගේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස් කම් නිසා ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවන්නේ නැත. ගර්භය ඉවත් වී ටික කලක් යනතුරු මෙම හෝමෝන ශරීරයේ සාමාන්‍ය තත්ත්වයට පත් වන්නේ නැත.

නමූත් මෙය සිදු වී දැන් වසර කීපයක් නම්, එනම් වසර ගණනාවක්ම ඔසප් වීම අපිළිවෙල නම් බලා සිටීම යෝග්‍ය නොවන්නේ ඔබ වයස් ගතවන බැවිනි. එබැවින් වෛද්‍යවරයකු හමූ වී ප්‍රතිකාර ගැනීම සූදුසූ වේ. කෙසේ වෙතත් ඔබට වරක් ගැබ් ගැනීමක් සිදු වූ කාන්තාවක් බැවින් දරුවකු ලැබීමට නොහැකි මඳසරු තත්ත්වයක් ඔබට නැත. එනම් ඔබගේ ශරීරයේ ගැබ් ගැනීම සම්බන්ධව සරු තත්ත්වයක් ඇති බව ඔප්පූ වී ඇත. එබැවින් ඔබ කල් නොහැර දරුවකු ලැබීමට උත්සාහ කල යූතුය. තවද වරක් ගර්භයක් නැති වූ පමණින් එය නැවත නැවත සිදුවිය යූතු නැත. එබැවින් ඔසප් වීම යථා තත්ත්වයට පත් කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කල යූතුයි. ගැබ් ගැනීමක් සිදු වූ විට වෛද්‍යවරයකු හමූවීම පමා නොකර සිදු කල යූතුයි.

අප විවාහ වී වසර දෙකහමාරක් ක් පමණ වේ. මගේ වයස අවූ( 31 කි. තවම දරුවන් නොමැත. පළමූ වසර එකහමාරක් තුළ අප දරුවකු පිළිබඳ උනන්දු වූයේ නැත. නමූත් දැන් වසරක පමණ කාලයක සිට උත්සාහ කලද දරු පල නොමැත.

වසරක පමණ කාලයක් උත්සාහ කිරීමෙන් පසූ දරුඵල නොමැති නම් එය ගැටලු සහගත තත්ත්වයකි. එබැවින් වෛද්‍යවරයකු හමූවීමට යා යූතුයි. ඔබගේ වයස සලකා බලන කල ඔබ දරුඵල ලැබීමට සූදුසූ වයසේ පසූවන නමූත් ප්‍රතිකාර ගැනීම පමා කිරීම අනූවණ ක්‍රියාවකි. දරුඵල නොමැති කම හෙවත් මඳ සරු භාවයට හේතුන් කාන්තාව තුළ ඇති ගැටලු තුළ ඇති ගැටලු හෝ මේ දෙදෙනාගේම ගැටලුත් විය හැක. බොහෝ විට ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයකින් මෙම ගැටලු විසඳා ගත හැකි වේ. සමහර අවස්ථාවල දෙපාර්ශවයේම කිසිම ප්‍රශ්නයක් නොමැති වූවද දරුඵල නොමැති අවස්ථා දැකිය හැකිය. මේ සඳහා ද විකල්ප ප්‍රතිකාර ක්‍රම ඇත. එබැවින් ඔබේ ගැටලුව වෛද්‍යවරයකු හමූ වී සාකච්ඡා කිරීම වහාම කළ යූතුය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

දුර ගමනක් යන විට ඔබටත් කරකැවිල්ල ඔක්කාරය වමනය හා ශාරීරික විඩාව ඇති වෙනවද?

වාහනයක දුර ගමනක් යද්දී ඔබට කරකැවිල්ල ඔක්කාරය වමනය එනවාද? කඳු පල්ලම් සහිත වංගු පාරක යද්දී ඒ ගතිය තවත් වැඩිවනවා ද? එසේ නම් බෝට්ටුවක, නැවක, ගුවන් යානයක යද්දී එය තවත් උග්‍ර වේවි.. ගමන් අසනීපය (travel sickness) ලෙස හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය රටේ ජනතාවෙන් තුනෙන් කොටසක පමණ පිරිසක් පීඩාවට පත් කරන්නක්.  කරකැවිල්ල ඔක්කාරය වමනය ශාරීරික විඩාව එහි ලක්ෂණයි.

එය ඇතිවන්නේ කොහොම ද?
අපගේ ශරීරය චලනය වනවිට එහි සමබරතාව මෙහෙයවීම සඳහා මොළයට පණිවිඩ දෙන්නේ කන ආශ්‍රිත උපකරණ පද්ධතියක් මගින්. ශරීරය සෙලවීමේදීත්, ගමන් කිරීමේදීත් ඇස ට දැනෙනා චලනය සමග එය ගලපා ගන්නා මොළය අවශ්‍ය සමබර තාව සඳහා සිරුර මෙහෙයවනවා. වාහනයකින් ගමන් ගන්නාවිට මෙය මඳක් වෙනස්වනවා. වාහනය සැබැවින් ම ගමන් ගත්තත් වාහනය තුළ සිටින්නා සිටින්නේ එතැනමයි. ඇස වාහනය තුළ දකින්නේ චලනය නොවන පරිසරයක් . කන ඇතුළේ ඇති උපකරණ පද්ධතිය , මොළයට සිරුර ගමන් ගන්නා බව ට වාර්තා කරන අතර ඇස මොළයට පවසන්නේ ගමන් නො ගන්නා බවයි. මේ නො ගැලපෙන වාර්තාවලින් ව්‍යාකූලවන මොළය තේරුම් ගන්නේ ආහාර මාර්ගයට වසක් විසක් ඇතුළු වූවාක් වැනි අමුතුම තත්ත්වයක් ලෙසයි. ප්‍රතිපලය වන්නේ වසවිසෙන් මිදීමට ස්වාභාවික වම ඇතිවන වමන ඔක්කාර තත්ත්වයයි.

ගමනේ දී ඇස් පියා ගෙන සිටීම හෝ නින්දක් ලබාගැනීම මගින් ඇස හා කන අතර විෂමතාව මොළයට නිරාකරණය කරගත හැකිවීමෙන් රෝගය අඩුවනවා. චුයින්ගම් හෝ වෙනත් ආහාරයක් දිගටම සපමින් සිටින්නේ නම් එවිටද තත්ත්වය යහපත් වනවා. ඉඟුරු කෑල්ලක් හෝ ඉඟුරු මිශ්‍ර කිසිවක් නම් වඩාත් සුදුසුයි. වාහනයේ සිට පෙනෙන ඈත ම ස්ථානය දෙසට නෙත් යොමු කොට ගෙන සිටීමෙන්ද අපහසුව අඩුවනවා. වාහනය තුළ ට පිටතින් ගලන නැවුම් සිසිල් වාතය ද රෝගියා ට සුව සලසනවා. වාහනය තුළ පොත්පත් කියවීම, හිස පහතට නමා ගැනීම, හෝ උකුළු මත හිස තබා ගැනීම, රෝගය වැඩිවීමට හේතුවක්. මේ තත්ත්ව‍යෙන් මිදීමට ඇතැමුන් කෙමක් කරනවා. ඒ වාහනයේ හිඳ ගන්නාවිට කතා නො කර ආසනය මත පත්තර පිටුවක් එළා හිඳ ගැනීමයි.

ගමන යාමට පෙර දින රැයේත් ගමන පිටත් වීමට පැය බාගයකට පෙරත් Cinneragine හෝ Promethazine වැනි ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමෙන් ගමන් අසනීපයට සහන අත්කර ගත හැකියි.

(වෛද්‍ය ලේඛනයක් ඇසුරිනි)

පන්සලකට ගිහින් නිවැරදිව බෝධි පූජාවක් තියන හැටි දැනගන්න

දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ. එය අද ලක්දිව බෞද්ධයන් අතර නිරන්තරයෙන් සිදුවන ජනපි‍්‍රය ආගමික කටයුත්තක් බවට පත්ව ඇත. මේ නිසා ම පෙර පැවති බෝධි පූජාව අද වන විට විවිධ වෙනස් වීම්වලට භාජනය වී ඇත. මෙම වෙනස් වීම් නිසා අද බෝධි පූජාව පැවැත්වීමේ අරමුණු ද වෙනත් මගක් ගෙන ඇත.

බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.

අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි. බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.

බෝධි යනු අවබෝධ බැවින් බෝධි පූජාව ද අවබෝධයෙන් කළ යුතු කාර්යයකි. බුදු දහමේ එන ඕනෑම ආගමික කාර්යයක් අවබෝධය, බුද්ධිය, ප්‍රඥාව පදනම් කරගෙන කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් ය. නමුත් අද ඇතැම් අයෙක් බෝධිපූජාව පවත්වනුයේ අවබෝධයෙන් දැයි විමසිය යුතු ය. බෝධි පූජාවට බෝධීන්වහන්සේ වෙත යන බොහෝ අයගේ අරමුණු වනුයේ අපල උපද්‍රව දුරු කරවා ගැනීම හා සෙත ශාන්තිය නිරෝගී සුවය ලබා ගැනීම වැනි කරුණු ය. හදිසි ආබාධවලට ලක්වූවන්ට ආශිර්වාද පිණිස ආගමික කටයුතු කිරීමෙන් ඔවුන් තුළ යහපත් මානසික තත්ත්වයක් ඇති කරලිය හැකි ය. එය කායික නිරෝගී භාවයට ද සෘජු ව බලපානු ඇත. හඳහන පරීක්‍ෂා කරවා ගැනීමෙන් අපල ඇති බව දැනගත් විට හා ඡ්‍යොතිෂවේදීන් බෝධි පූජා පැවැත්වීම නිර්දේශ කළ විට පන්සල බෝධිය සිහිවන බෞද්ධයෝ ද අද සිටිති. මල් පහන් ආදී නෙකවිධ පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කොට ගාථා කවි ගායනා කරමින් දින ගණන් ඇතැම්හු බෝධිය ඉදිරිපට යාඥාවන් පවත්වති. බොහෝ විට එවැනි අවස්ථාවල බුද්ධිය සැඟවී භීතිය, මෝහය වැනි හැඟීම් ඉස්මතු වේ. මෙලෙස පූජාවන් පැවැත්වීමේ දී බොහෝවිට අරුත්සුන් සෝභනකාරී වැඩවල ඇතැම්හු යෙදෙති. ශාස්ත්‍රය නිසි ලෙස නොදත් හා මූල්‍යමය අරමුණු පමණක් ඇති ඡ්‍යොතිෂවේදීහු ද කිසිදු පදනමක් නැතිව දින ගණන් බෝධි පූජාවන් කිරීම නිර්දේශ කරති. සියලු පූජා ද්‍රව්‍යයන් එකම ස්ථානයක තබා පූජාව පැවැත්විය යුතු යැයි ඡ්‍යොතිෂවේදියෙකු නිර්දේශ කළ බැවින් මල් පහන් ආදී සියලු ද්‍රව්‍යයන් බෝධිය අසල බුදුකුටිය තුළ තබා සිදුකළ බෝධිපූජාවක් අවසන් වූයේ මල් ආසන, තිරරෙදි ආදිය ගිනිබත් වීමෙන් බව මෑතක දී අපට සැල විය. ඇතැම් විට බෝධිපූජා පැවැත්විය යුතු කාලවකවානු ද නියම කෙරේ. ඇතැම්හු මධ්‍යම රාත්‍රියේ බෝධිපූජාවට පැමිණෙති. බෝධි පූජාව යනු බුද්ධිය මුල් කරගෙන යෙදිය යුතු ආගමික කාර්යයක් බව බෝධි පූජාව පවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුම තරයේ සිහි තබා ගත යුතු කරුණකි.

බෝධිපූජාවෙන් පමණක් අපල දුරු නොවේ. බෝධියට මෙන්ම අනෙක් වෘක්‍ෂලතාදියට ද ආදරය කළ යුතුය. සොබාදහමට පරිසරයට ලැදිව දිවි ගෙවීමෙන් අපල අනතුරු අවම කරගත හැකි ය. විහාරස්ථානයෙන් ම ඇති තරම් ජලය ගෙන බෝධිය නාවන ඇතැම්හු පිපාසිත සතෙකුට ජල බිඳක් දීමට මැලි වෙති. බුදුරදුන්ගේ නව ගුණ සිහි කරමින් ඒ පිහිටෙන් අපල දුරුවේවායි කවි ගායනා කෙරේ. යමෙකුගේ ගුණ ගායනා කිරීම ස්තුති පූජා ගණයට වැටේ. ඉන් පින් සිදුවේ. “නවගුණ ශාන්තිය” හෝ නවග්‍රහ ශාන්තිය ලෙස නම් කොට ඇති පැරණි කාව්‍ය මාලාව තුළ ඉල්ලීම් රාශියක් ඇතුළත් වේ. බෝධි පූජාවෙන් පමණක් මේ සෑම පැතුමක් ම ඉටුවේ දැයි සැක සහිතය. මල් පහන් ආදිය පුදා බෝධිය ළඟ වන්දනා කිරීමෙන් සියලු පැතුම් ඉටුවෙන බවක් බුදු දහමේ සඳහන් නොවේ. බෝධි පූජාවෙන් ශාන්තිය උදා නොවන බව ඉන් අදහස් නොකෙරේ. බෝධිපූජාවෙන් නියම ප්‍රතිඵල ලැබීමට නම් ශ්‍රද්ධාව හා බුද්ධිය මූලික විය යුතු ය. එසේ ම අවබෝධයෙන් යුතු දීර්ඝකාලීන හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා තිබිය යුතු ය. සම්බුදු නවගුණයන් තුළින් නවග්‍රහයන්ගේ අපල දුරුවේවායි පතන්නා තුළ නව අරහාදී බුදු ගුණ පිළිබඳ සුළුවෙන් හෝ අවබෝධයක් තිබිය යුතු ය. එම ගුණයන් හැකි පමණින් තම ජීවිතයට එකතු කරගෙන තිබිය යුතු ය. රහසින් වත් පව් නොකරන ස්වභාවය ‘අරහං’ බුදුගුණයේ එක් අවස්ථාවකි. එය බුදුරදුන් සතුය. අප හොර රහසේ සියලු පව් කරන අතර බුදු හිමියන්ගේ එම ගුණයේ පිහිටෙන් අපට සෙත සැලසේවායි කරන ඉල්ලීම සාධාරණද? එය ඉටු වේවි ද? මේ පිළිබඳ අප බුද්ධිමත් ව කල්පනා කළ යුතු ය.

පාලි භාෂාව පිළිබඳ අනවබෝධය නිසා බොහෝ විට ගාථාදිය සදොස්ව වහරන අතර අනවබෝධයෙන් මිදීමට හෙළ බසින් පමණක් වන්දනා කරන අවස්ථා ද ඇත. කෙසේ පැවැත්වූවත් බෝධි පූජාව තුළ තිබිය යුතු අනිවාර්ය අංග පිළිබඳ අප දැනුවත් විය යුතු ය. ඒ කරුණු මෙසේ පෙළ ගැස්විය හැකි ය.

ශ්‍රද්ධාවෙන් පූජා ද්‍රව්‍යයන් පිළියෙළ කර ගැනීම. පිරිසුදු ව ගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණීම. බෝධිය, මලසුන්, මලු ආදී තැන් පිරිසුදු කිරීම. යෝග්‍ය ස්ථානයන්හි අදාළ පූජා ද්‍රව්‍යයන් තැබීම. අර්ථය මෙනෙහි කරමින් පන්සිල් සමාදන් වීම. ගුණ සිහිකරමින් තෙරුවන් වන්දනාව හා ගාථා කීම. බෝධි වන්දනා ගාථා හා කවි ගායනය. තෙරුවන් ක්ෂමා කරවා ගැනීම. දෙවියන්ට ඥාතීන්ට පින් පැමිණවීම. මෛත්‍රී භාවනාව

පිරිත් සජ්ඣායනය (කරණීය මෙත්ත සූත්‍රය)
විහාරස්ථාන යනු විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථාන නොවේ. බෝධි පූජාවට පමණක් නොව ආගමික ස්ථානයකට යන විට චාම් හා සම්පූර්ණ ඇඳුමකින් සැරසීම මුලින් ම කළ යුතු ය. පූජා ද්‍රව්‍යයන් ශ්‍රද්ධාවෙන් හා පිරිසුදුව සකසා ගැනීම කළ යුතු ය. හැම දෙයක් ම මිලට ගැනීමට වඩා අවම වශයෙන් තමා විසින් ම තම නිවසින් මල් ටිකවත් නෙළා ගැනීම කළ හැකි ය. මල් පහන් ආදිය පිදීමට පෙර අදාළ ස්ථාන පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කළ යුතු කාර්යයකි. පූජා ද්‍රව්‍යයන් තැබිය යුත්තේ ද ඒ සඳහා වෙන් කොට ඇති අදාළ ස්ථානවලය. පහන් කපුරු ආදිය දල්වන්නේ නම් ඒවා දැල්විය යුත්තේ ඒ සඳහා පිළියෙළ කොට ඇති ස්ථානවල පමණි. බුදු පිළිමය, බෝධියට ලං වූ තරමට පින හා ප්‍රතිඵල වැඩි වේ යැයි සිතන ඇතැම්හු බෝධිය මුල හෝ පිළිම මත පහන් දල්වති.

එසේ කිරීමෙන් කෙලෙස් රැස්වෙන අතර අපල ද වැඩිවෙනු ඇත. ඇතැම් තැනක පෙරේත තටුවක් මෙන් බුද්ධ පූජාව ද පවත්වනු පෙනේ. කෙසෙල් ගෙඩියේ ලෙලි ඉවත් කොට, සමහර විට ඒ මත හඳුන්කූරු ද ගසා මල් අසුන් උඩ තබති. එය බුදුරදුන්ට තබා සතෙකුටවත් ආහාරයට ගැනීමට නො හැකි ය. එබැවින් මෙවැනි පූජාවන් තැබීමේ දී පිරිසුදුකම ගැන වඩාත් අවධානය යොමුවිය යුතු ය. ඒ සඳහා පිරිසුදු භාජන ද යොදා ගත යුතු ය. අඬු කැඩුණු, බිඳුණු, අපිරිසුදු භාජන සිඟන්නෙකුටවත් පිළිගැන්වීම සිදු නොකළ යුතු ය. එසේ තිබියදී බුද්ධ පූජාවට, බෝධිපූජාවට අපිරිසුදු භාජන යොදා ගැනීම කෙතරම් නුසුදුසුද? වන්දනාවට යොදාගන්නා කවි හා ගාථා පිළිබඳව ද අප තුළ නිසි අවබෝධයක් තිබිය යුතු ය.

අප පංචශීලය සමාදන් වනුයේ පාලි භාෂාවෙනි. අර්ථය මෙනෙහි කරමින් පාලි ගාථා හා පාඨ සජ්ඣායනය කිරීම පින අංග සම්පූර්ණ වීමට බලපායි. භාෂාව පිළිබඳ අනවබෝධය නිසා ඇතැම් ගාථා හා පාඨ සදොස් ව වැහැරීමත් ඒ සඳහා විකල්පයක් ලෙස සිංහලය පමණක් භාවිත කිරීමත් බුද්ධිගෝචර නොවේ. සිංහල කවි හා පාඨ ද භාවිතා කළ හැකිය. ගාථාවේ හෝ පාඨයේ අර්ථය හා ඉන් කෙරෙන කාර්යය පිළිබඳ මෙනෙහි කරමින් ගායනා කිරීම වඩා ඵලදායී වේ. මිහිරි ලෙස හා රිද්මයානුකූල ව ගාථා ගායනය වැදගත් ය. ආගමික වතාවත්වලදී රිද්මයානුකූල ගායනය මානව සංහතියේ ආරම්භයේ සිට ජන විඥානගතව පවතින තත්ත්වයක් බැවින් බුදුදහමේ ද එන මෙවැනි ආගමික කටයුතුවලට එය පොදු වී ඇත.

පූජාව අවසන සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කිරීම හා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම කුසල තීව්‍ර වීමට හේතු වේ. බෝධීන් වහන්සේ නමක් අභියස පහනක් ද දැල්විය හැකි ය. පිරිසුදු අරමුණෙන් යුක්ත වීම හා ශ්‍රද්ධාවෙන් නියැලීම තුළින් පින් රැස් වේ. මල් පිදීම ද එසේ ය. මල් ප්‍රිය උපදවන වස්තුවකි.

උතුම් හා උසස් බවේ සංකේතයකි. පැරණි දඹදිවවාසීහු උසස් කෙනෙක් දක්නට යාමේ දී මල් පොකුරක් ගෙන යති. ඒ අනුව බුදුරදුන් බැලීමට ආ අය ද මල් ගෙන ආහ. මල් පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස පැරැන්නන් සිතූහ. ඒ සිරිත අනුව මල් පූජාව ආරම්භ විය. මල්වලින් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් එය කරන නිසා යහපතක් වේ. පිනක් සිදුවේ. අප පහන් දල්වන්නේ බුදුරදුන් උදෙසාය. උන්වහන්සේට ගෞරවය පිණිස ය. මේ සියලු පූජාවන් සිදු කරනුයේ බුදුරදුන්ට ගෞරවය දැක්වීමේ මාධ්‍යයන් ලෙසය. එබැවින් බෝධි පූජාව වැනි ආගමික වතාවත්වලදී බාහිර සූදානම මෙන්ම මානසික සූදානම ද අතිශය වැදගත් වේ.

බලන්ගොඩ මෙත්තානන්ද හිමි
(උපුටාගැනීම බුදුසරණ අන්තර්ජාල කලාපය )

විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කර ගන්න විදිය ගැන හරියටම දැනගන්න

අනුරාධපුරයේ තිබෙනවා රන්මසු උයන නමැති ජල උද්‍යානයක්. මෙය පිහිටා තිබෙන්නේ තිසාවැව සහ ඉසුරුමුණිය අතර ප‍්‍රදේශය තුළයි. රන්මසු උයනේ එක් තැනෙක තිබෙනවා අඩි දහයක් පමණ උස රවුම් ගල් ගෙඩියක් හා සමාන ගල් පර්වතයක්. මෙහි කොටා තිබෙනව විශාල චක‍්‍රයක්. ඒ චක‍්‍රය තුළ තවත් චක‍්‍රයක් සහ එය තුළ තවත් චක‍්‍රයක් යනාදී වශයෙන් චක‍්‍ර කිහිපයක්ම කොටා තිබෙනවා. මේ චක‍්‍රය මත සිරස් අතට සමාන්තර රේඛා කිහිපයක්ද තවත් සංකේත ගණනාවක් ද කොටා තිබෙනවා. මෙයට කියන්නේ සක්වල චක‍්‍රය කියලයි. අපේ චක‍්‍රාවටය සහ එහි තිබෙන සෞරග‍්‍රහ මණ්ඩල එකී සංකේත මගින් නියෝජනය වන බවට ඪස්ාසපසර නදඩ්කිනහ නමැති රුසියානු පර්යේෂකයා සඳහන් කරන බව මෙහි මතක්කර දිය යුතුයි. මේ චක‍්‍රයේ තිබෙනවා විශේෂත්වයක්. මෙය ඉදිරිපිටට ගිහින් එම චක‍්‍රය කෙරෙහි සිත ඒකාග‍්‍ර කරගෙන භාවනා කරන්නට පටන් ගත්තාම එක් අවස්ථාවක ගල මත කොටා ඇති සක්වළ චක‍්‍රය විවෘත වෙලා අපට විශ්වය තුළට ගමන් කිරීමට මඟ පෑදෙනවා.

අතීතයේ සිටි සමහර භික්‍ෂූන් වහන්සේලා විශ්වය හරහා ගමන් කර එහෙමත් නැත්නම් අත්නරීක්‍ෂ ගවේෂණය සිදුකර විශ්වය පිළිබඳ දැනුම ලබා ගන්නේ මෙන්න මේ සක්වල චක‍්‍රය හරහා ගමන් කර බවට පිළිගැනීමක් තිබෙනවා. භාවනාව හොඳින් ප‍්‍රගුණ කළ රහතන් වහන්සේ කෙනකුට නම් මේ චක‍්‍රය නැතිව තමන්ම භාවනා කර හිත එකඟ කරගෙන විශ්වය හරහා ගිහින් එහි තිබෙන ශක්ති කදම්භ සම්පේ‍්‍රක්‍ෂණය කරන්නට පුළුවන්.

ප‍්‍රශ්නය – මෙවැනි චක‍්‍රයකින් තොරව විශ්වය හරහා සිත ගෙන යන්නට ඔබට පුළුවන්ද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – ස්ථිර වශයෙන්ම පුළුවන්. මේ සඳහා මම ශක්තීන් කිහිපයක් පරිහරණය කරනවා. ඊට අමතරව ඔබේ හිතට එබී බලන්නටත් ඒ තුළ තැන්පත්ව තිබෙන දුක් කරදර හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමටත් මට පුළුවන්. ඔබේ සිතට එබී බලන්නට මා පරිහරණය කරන්නේ ටෙලිපති ක‍්‍රමයයි.

ප‍්‍රශ්නය – ටෙලිපති කියන්නේ බටහිර විද්‍යාවට අයත් සිද්ධාන්තයක් නේද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – Ttelepathy කියන්නේ ගී‍්‍රක වචනයක්. Tele කියන එකේ තේරුම ‘දුර’ යන්නයි. Pathy කියන්නේ හැඟීම හෝ අත්දැකීම කියන එකයි. මෙහි නවීන විද්‍යාත්මක අර්ථකථනය තමයි කිසිදු භෞතික මාධ්‍යයක් ප‍්‍රයෝජනයට ගන්නෙ නැතිව හිස් අවකාශය හරහා චිත්ත තරංග යැවීම. ඔබට පණිවුඩයක් දීමට මට අවශ්‍ය නම් එය දුරකථන ඇමතුමක් මගින් කරනවා වගේම චිත්ත තරංග මගිනුත් මට කරන්නට පුළුවන්. දුරකථන ඇමතුමට වැඩිය චිත්ත තරංග ඉතා ප‍්‍රබලයි. දුරකථන ඇමතුම ඇහෙන්නේ කනටයි. චිත්ත තරංගය කෙළින්ම ඔබේ යටි හිතටම ගමන් කරනවා. යටි හිතට ගමන් කර එහි තැන්පත් වෙනවා. එසේ තැන්පත් වන චිත්ත තරංග ඉතාම ප‍්‍රබලයි. කනට ඇහෙන පණිවුඩයට වඩා හිතට දැනෙන පණිවුඩය ඉතා ප‍්‍රබලයි.

එය මනසේ පතුලටම කිඳා බහිනවා. ස්ථිරසාර පණිවුඩයක් ලෙස පවතිනවා. හිතමු ඔබට දරුණු ලෙඩක් තිබෙනවා කියලා. එය සුවපත් කර ගැනීමට නම් ඔබේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. සිත සවිමත් කර ගන්නට හැකිනම් ඒ මගින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතියත් සවිමත් කර ගන්නට පුුළුවන්. එසේනම් ටෙලිපති මාර්ගයෙන් චිත්ත තරංග මනසට යවා මනස සවිමත් කරන්නට පුළුවන්. මම ටෙලිපති මාර්ගයෙන් රෝගයක් සුව කරන විට මගේ මනස හරහා ඒ තරංග සියල්ල මගේ දකුණු අතට ලබා ගන්නවා. ඉන්පසු ඒ තරංග සමූහය ඔහුගේ හෝ ඇයගේ මනසට කාවද්දනවා. මෙය තරංග සම්පේ‍්‍රක්‍ෂණය කිරීමක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. එසේ තරංග යවන විට මගේ දකුණු අත සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරෙනවා. මා වෙත එන අයට මේ අත්දැකීම ලැබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ තවත් පාර්ශ්වයක් වෙත චිත්ත තරංග සම්පේ‍්‍රක්‍ෂණය කරන විට ඔබේ ශරීරයට කිසියම් වෙනසක් දැනෙනවාද?
විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – විශාල වෙනසක් දැනෙනවා. මොකද, මම ටෙලිපති තරංග සමග විශ්ව ශක්තියත් මුදාහරිනවා. ඒ වගේ වෙලාවට මගේ ශරීරය තුළ අධික උණුසුමක් හටගන්නා බව මට දැනෙනවා. මගේ ඒ වෙනස මගෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගියාටත් දැනෙනවා.

විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)