කනේ පළඳන ඉලෙක්ට්‍රොනික උපකරණ මොළයේ පිළිකා ඇති කරනවා

ලෝකයේ දියුණුවත් සමගම නවීන තාක්ෂණයට අද බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ජංගම දුරකථනය, පරිගණකය, ලැප්ටොප් මෙන්ම ඇතැම් දුරකතන සහ පරිගණක සඳහා භාවිත කරන හෙඩ් සෙට් ප්‍රධාන තැනක් ගනී. මෙම උපකරණ භාවිත කළ ද වැඩිදෙනාට ඉන් සිදුවන හානි පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඇතැම්විට මේ තුළින් ඉතා භයානක රෝග කාරක අවස්ථා සඳහා යොමුවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. එම හානිකර තත්ත්වයන් පිළිබඳ අප විමසීමක් කළේ වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා සමගයි. අද භාවිත කරන තාක්ෂණික උපකරණ අත්‍යවශ්‍යම දේවල් විදියට මිනිස්සු වැඩි වශයෙන් පරිහරණය කරන්න පෙලඹිලා ඉන්නවා. ජංගම දුරකථනය, පරිගණකය, රූපවාහිනිය සහ එම දුරකථන සහ පරිගණක භාවිතයේදී යොදාගන්නා ශ්‍රවණ රැහැන් ආධාරකයන් (Head Set) ඊට උදාහරණයි.

මෙම උපකරණ භාවිතයේදී අපට වාසි වගේම අවාසිත් සිදුවනවා. එබැවින් මෙම උපකරණ අත්‍යවශ්‍ය භාණ්ඩ වුණත් වැඩිපුර භාවිතයට සුදුසු දේවල් නෙමෙයි. මේ භාණ්ඩ මගින් විද්‍යුත් චුම්භක ධාරා මොළයේ හා ස්නායු පද්ධතියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ලෙම පාහේ ඒ දේ සිදුවෙනවා. විද්‍යුත් චුම්බක ධාරා මගින් මිනිසාගේ මොළේ න්‍යාය පද්ධතියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බව හෙළිවී තිබෙනවා.

නමුත් විද්‍යාඥයන් තවම අවසන් තීරණයකට එළඹිලා නැත්තෙ එහි ප්‍රතිශතය කොච්චරක්ද කියලා හරියටම හොයාගෙන නැති නිසායි. සමහරු කියනවා 30%ක් කියලා. තවත් අය කියනවා 50% කියලා. පිළිකා ඇති බව තහවුරු​ වෙලා තිබුණත් අවදානමේ ප්‍රතිශතය නිශ්චිතවම හොයාගෙන නැහැ.

අපි නිතරම ජංගම දුරකථනයේ එල්බගෙන ඉන්න නිසා එමඟින් පිළිකාවලට අමතරව ස්නායු පද්ධතියේත් වෙනම බලපෑමක් සිදුවෙනවා. විශේෂයෙන්ම නිතර හිසරදය ඇතිවීම, යමකට අවධානය අඩුවීම, ඉවසීම අඩුවීම, නිදිමත වෙනස්වීම, මානසික ආතතිය ඉහළ යාම වැනි දේවල් සිදුවෙන්න පුළුවන්.

ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිතයේදී ඒ දේට වැඩිව යොමුව සිටීම නිසා මානව බැඳීම අඩුවෙනවා. එහිදී අදහස් හුවමාරු කිරීම්ද වෙනස් වෙන්න පුළුවන්. වෙනම මවාගත් ලෝකෙක සීමාවෙනවා. එහිදී ඉවසීම අඩුකම මූලිකම ප්‍රශ්නයක්.

ඒ වගේම ස්වභාවික අයුරින් පුද්ගලයන් හා අදහස් හුවමාරු අඩුවීම, අන්‍යයන්ගේ අදහස්, අංග චලනයන් ගැන අවබෝධය අඩුවීම යනාදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා. එමගින් ක්ෂණික කෝපය, සබඳතා බිඳීයාම, සාමාන්‍ය සිතිවිලිවලින් වෙනස්වීම ආදිය සිදුවෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම දීර්ඝ වේලාවක් දුරකථනයේ සිටීමත්, SMS විශාල වශයෙන් යැවීමත් මගින් දුරකථනයට ඇබ්බැහිව සිටීම මගින් තාත්වික ලෝකයෙන් වෙන්වීම, මානසික රෝගවලට නැඹුරුව වැඩිවීම සිදුවෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන් ඉගෙනගන්න ළමයින්ට ජංගම දුරකතනය භාවිතයට එතරම් සුදුසු දෙයක් නෙමෙයි. අද ඊට ඇබ්බැහි වුණු ළමයි ඉන්නවා. ඒ වගේම දුරකථනයෙන් ගේම් ගහන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. ඇත්තටම මේ තුළින් මනසට ලොකු බලපෑමක් සිදුවෙන්නෙ. මේ දේට ඇබ්බැහි වීමේදී මතක ශක්තිය අඩුවීමක් වැඩි වශයෙන් සිදුවෙනවා. චීනයේ නම් මේ දේවල්වලට වැඩි වශයෙන් ඇබ්බැහිව සිටින ළමුන් වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරලයි තියෙන්නෙ.

ජංගම දුරකථනය හරහා ළමයින්ගෙ සන්නිවේදනය වැඩිවෙන්න වැඩිවෙන්න ඔවුන්ගෙ හැකියාවන් දුර්වල කරනවා. කතා කිරීමේ හැකියාව, අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ආදිය අඩු කරනවා. වට්ස්අැප් (Whatsapp), වයිබර් (Viber), ඉමෝ (IMO) ආදියත් ළමයින් අද වැඩි වශයෙන් පාවිච්චියට යොමුවෙලා තියෙනවා.

ඇත්තටම මේ තුළින් අදහස් හුවමාරු කර ගැනීමේදී හා අදහස් ලිඛිතව සටහන් තැබීමේදීයි හැඟීම් නොමග යවන්නෙ. ඒ නිසා ජංගම දුරකථනය අවශ්‍ය දේට පමණක් යොදාගත යුතුයි. සමහරු ජංගම දුරකථනය නිදාගන්නා විටදීද තමා ආසන්නයේ තබාගෙන ඉන්නෙ. ඇඳ මත හෝ කොට්ටෙ යට තබාගන්නෙ. එය නොකළ යුතු දෙයක්.

එමඟින් විද්‍යුත් චුම්බක තරංග පිටවෙනවා අපේ ශරීරයට. විශේෂයෙන් ජංගම දුරකථනයෙ විද්‍යුත් තරංග දුරකථනය භාවිත කිරීමෙන් පසුව නැවත ඇමතුමක් එනවිට හෝ කෙටි පණිවිඩයක් එන විට එය ග්‍රහණය වන වෙලාවට විද්‍යුත් තරංග ප්‍රමාණය වැඩි කරනවා. ඒ නිසා දුරකථන ළඟ තබාගෙන ඒ මොහොතේ කතා කරන අවස්ථාවට අවදානම වැඩියි.

ඒ වගේම ජංගම දුරකථනයත් සමග අප භාවිත කරන හෑන්ඩ් ෆ්‍රී (Hand Free) එමඟිනුත් ශරීරයට ඇතිවන බලපෑම වැඩියි. එමගිනුත් චුම්බක ක්ෂේත්‍රයක් නිපදවෙනවා. ඒ තුළිනුත් පිළිකා හැදීමේ අවදානම වැඩියි. නමුත් අලුත් තාක්ෂණේ තියෙනවා Hand Free එකට විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ ඇති උපකරණයක්. එය භාවිත කිරීමෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. නැතහොත් සාමාන්‍ය පාවිච්චියේදී අවදානම වැඩියි.

ගර්භණී මව්වරුන්ට වැඩි වශයෙන් මේ විද්‍යුත් භාවිතය ඉතා අහිතකරයි. ජංගම දුරකථන ළඟ තබා ගැනීමේදී පිටවෙන තරංග මගින් කළලයේ සිතිවිලිවලට බලපෑම්, බබාගේ සිතිවිලි තරංග හරහා ක්‍රියාකිරීම නිසා කළල වර්ධනයත් සමග මීටර් 1.5ක අවම වශයෙන් ඈත්ව තබාගැනීම සුදුසුයි. ගර්භණී මවක් නිවසක සිටිනවා නම් එම කාමරයෙන් දුරකථන ඈත් කර තැබීමත් ඉතා වැදගත්. විශේෂයෙන් මීටර් 1.5ක ඈත්ව තැබිය යුතුමයි.

ඊට අමතරව පිරිමි පාර්ශ්වයට කියන්න ඕනෑ ජංගම දුරකථනය තම කලිසම් සාක්කුවල නොදැමිය යුතුයි. ඒ තුළින් දරුඵල අඩු කිරීම්, වෘෂණ කෝෂ පිළිකා ඇතිවෙන්නට ඉඩ තියෙනවා. අඩුම අවදානම තියෙන්නෙ උඩ සාක්කුවෙ දුරකථනය රඳවා ගැනීමෙන්.

පොඩි දරුවන්ට මේ දේවල් පාවිච්චියට දෙනවා නම් වැඩසටහන් වෙලාවකට අනුව ලබාදීම වඩාත් වැදගත්. නමුත් වීඩියෝ ගේම් ආදිය ලබාදීම නොකළ යුතුයි. ඒ තුළින් විද්‍යුත් තරංගවලට අමතරව ඇස්වලට බලපෑම් එල්ලවීමටත් පුළුවන්. එහිදී පෙනීමේ දුර්වලතා ඇති වෙනවා.

හෙඩ් සෙට් (Head Set) පාවිච්චි කිරීමෙනුත් අධික තරංග හා ශබ්දය නිසා ඇසීම අඩුවීම, ප්‍රතිචාර දැක්වීමේ වේගය හා මතකය අඩුවීම නිසා හිසට ආසන්නයට විශාල චුම්බක නිසා මතකයට හානි ඇති කරනවා. වැඩිදෙනෙක් අද ව්‍යායාම් කිරීමට යද්දී පවා හෙඩ් සෙට් පාවිච්චි කරනවා. ඉස්සර බොහෝදෙනෙක් Hand Free එකෙන් ගීත ඇහුවා. දැන් පාවිච්චි කරන Head Set. එමගිනුත් අධි විද්‍යුත් තරංග සංඛ්‍යාවක් නිකුත් කෙරෙනවා. එය කෙළින්ම කනටයි බලපාන්නෙ. ඒ තුළින් පිළිකා ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වැඩිපුර මේ දේවල් ළඟට නොගැනීම වැදගත්.

රූපවාහිනිය වැඩි වශයෙන් නැරඹීමෙනුත් ක්ෂණික රූප රාමු වෙනස්වීම මඟින් ළමයින්ගේ සිතුවිලි වේගය අඩාළ වීම සිදුවෙනවා. එමඟින් මතකය තාර්කික බුද්ධිය අඩුවීම විශේෂයෙන් සිදුවෙනවා.

ඒ වගේම රූපවාහිනි, පරිගණක, ජංගම දුරකථනවල තියෙන විකිරණ නිසා පෙනීම අඩුවීම, ඇස් යට කළුවීම, ඇස් රැළි වැටීම, මුහුණ රැළි වැටීමත් සිද්ධ වෙනවා.
ඒ වගේම වැඩි වශයෙන් මේ උපකරණය භාවිතයේදී පීඩනයක්නෙ ඇතිවෙන්නෙ. එහිදී හිසකෙස් යාම, නින්ද අඩුවීමත් එක්ක එය ශරීරයේ හැඩරුව පවත්වාගෙන යාමටත් බලපාන්න පුළුවන්.

මේ දේවල් වළක්වා ගන්නට නින්දට යන විට දුරකථනය විසන්ධි කිරීම, අනවශ්‍ය වෙලාවට දුරකථනය ඈත්ව තැබීම, පරිගණකය භාවිතයේදී මොනිටර් ෆිල්ටරයක් භාවිත කිරීමත් රූපවාහිනිය, පරිගණකය දිගටම භාවිත කරනවා නම් පැයක් එක දිගට එදෙස බලා සිටියහොත් විනාඩි 5ක විවේකයක් ගැනීම කළ යුතුයි.

නව තාක්ෂණයේ ඇති විද්‍යුත් චුම්බක තරංග වළක්වන පැතිකඩ සහිත උපකරණ භාවිත කිරීම, විද්‍යුත් උපකරණ භාවිත කරන කාලය සීමා කිරීම ආදියත් හරි නින්දක් පවත්වාගෙන යාමෙනුත් මේ දේවල් රැකගන්නට හැකිවේවි.

ධනු විජේරත්න
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

ජීවිතයම ගොඩ යන්න මේ විදිහට නිවස හදා ගන්න – නිවසක් හදන ඔබටමයි

වාස්‌තු සිද්ධාන්තයන්ගේ මඟ පෙන්වීම මත සිදු කරනු ලැබූ මූලික සැලසුම් කිරීමෙන් අනතුරුව ඔබගේ නිවස භූමියේ ස්‌ථානගත කරනු ලබන ආකාරය පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතුයි. ඔබගේ නිවස ඉඩම ස්‌ථානගත කිරීමේ දී ඔබ විසින් අවධානය යොමුකළ යුතු මූලික වාස්‌තු සිද්ධාන්තයන් හඳුනා ගනිමු.

ඉඩමේ පවතින හැඩයට අනුරූපිව හැකිතාක්‌ වැඩි මායිම් ප්‍රමාණයක්‌ සමඟ නිවස සමාන්තරව තැබීමට උත්සාහ ගන්න. (කුඩා ඉඩම්වලට විශේෂයි). සෑම විටම මාර්ගයේ මායිමට හැකිතාක්‌ සමාන්තරව නිවස පිහිටුවීම ඉතා යහපත්ය. උතුරු නැගෙනහිර මායිම්වලට ළං කිරීම නොකළ යුතුයි. ඉඩමේ මධ්‍ය ලක්ෂය හා නිවසේ මධ්‍ය ලක්ෂය එක මත එක වැටෙන ලෙස නිවස භූමියේ ස්‌ථානගත නොකළ යුතුයි.

ඉහත උපදෙස්‌ පරිදි ඔබගේ නිවස, භූමියේ ස්‌ථානගත කිරීමට උත්සාහ ගත යුතු අතර පර්චස්‌ 10 කට වඩා අඩු භූමි භාගයන් පදිංචියන් සඳහා නිවාස සෑදීමට කිසිසේත්ම නොහැකි වනු බව පෙන්වා දෙමි. එසේ වුවද ඔබගේ ලැබීම් හා කර්ම ශාන්තිය පරිදි ඔබට මේ මහ පොළොවෙන් අයිති වන ඉඩම් කැබැල්ල තීරණය කිරීම සිදුවන බැවින් ඉඩම කුඩාවන තරමට වාස්‌තු සිද්ධාන්තයන් ආරම්භ කිරීමට ඇති හැකියාවන් අඩුවන බව මතක තබාගත යුතුයි. එය වාස්‌තුවල වැරැද්දක්‌ නොවන අතර ඔබගේ කුසල් අකුසල් මත ඔබට හිමි තත්ත්වයක්‌ බව සිතන්න.

ඔබ විසින් සාදන නිවසේ මූලික සැලසුම් කටයුතු නිම වීමෙන් පසුව දැන් ඔබ සූදානම් විය යුතුයි සැලසුම් කළ එම ගෘහය ප්‍රායෝගිකව ඉදිකිරීමේ මූලික පියවරයන් පිළිබඳව වාස්‌තු මූලධර්මයන්ට අනුකූලව කටයුතු සිදු කරනු ලබන ආකාරයන් ගැන දැනුවත් වීම. මෙහිදී වාස්‌තු මූලධර්මයට අනුව සැලසුම් කළ නිවස සෑදීම ආරම්භ කිරීම, නිවස සෑදීම ආරම්භ කිරීමට ප්‍රථම සපුරාගත යුතු පූර්ව කටයුතු කිහිපයක්‌ පවතිනවා.

ඔබ විසින් සැළසුම් කළ නිවාස සැලැස්‌ම ප්‍රායෝගිකව ඉදිකිරීමේ දී පළමුව භූමිය සකස්‌ කිරීමට අවශ්‍ය වෙනවා. මෙම භූමිය සකස්‌ කිරීමේ දී අප විසින් විශේෂයෙන් මතක තබාගත යුතු විශේෂ කාරණා කිහිපයකි. එහිදී ඔබගේ ගෘහ නිර්මාණය කරනු ලබන භූමිය සකස්‌ කිරීම කිසිම විටෙක අඟහරුවාදා, ඉරිදා දිනයන්හි ආරම්භ නොකළ යුතුයි. මේ සඳහා ඔබ විසින් එම දින දෙක නොමැතිව සුභ මුහුර්තියෙන් ලබාගත යුතු වෙනවා. මෙහිදී කෝණ මාස පිළිබඳවද විශේෂ අවධානයක්‌ යොමුකළ යුතුයි. භූමිය සකස්‌ කිරීම කෝණ මාසවල නොකළ යුතුයි.

කෝණ මාස මාර්ග හැර සුභ මුහුර්තියකින් ගෙපළ සකස්‌ කොට ඔබගේ නිවසේ මුල්ගල තැබීමට ප්‍රථම දින මෙහිදී ඔබ විසින් සිදුකළ යුතු වැදගත් පූජාවක්‌ වන්නේ බහිරව දේවතා පූජාවයි.

බහිරව දේවතා පූජාව
මුල්ගල තැබීමට ප්‍රථම දිනයේ රාත්‍රියේ දී ඔබ විසින් ඉඩමේ සිටින භූමි ඥාතීන්ට පින් දී ඔවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා බහිරව දේවතා පූජාවන් පැවැත්වීම සිදු කළ යුතුව තිබෙනවා. මේ සඳහා කිසිම විටක පුලුටු හෝa ගොඩ මස්‌, දිය මස්‌ ආදිය භාවිතා නොකළ යුතු අතර ගම්භාර දෙවියන්ට පලතුරු සුවඳ පූජාකොට ගම්භාර දෙවියන්ගේ මූලිකත්වයෙන් බුදු ගුණයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට විශේෂයෙන් මතක තබාගත යුතුයි. ඉන්පසුව ඉඩමේ හතර කොණ, අට කොණ නිසි ලෙස ආරක්‍ෂා කළ පසු ඔබගේ අභිනව නිවසේ වැඩ කටයුතු සුභ මුහුර්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා.

නිවෙස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම
පූර්ව කටයුතු අවසන් කළ පසු ඔබගේ ගෘහයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සුභ මුහුර්තියෙන් සිදුකළ යුතු වෙනවා. මෙහිදී ඔබ විසින් සුභ මුහුර්ති 03 ක්‌ ගත යුතුයි.

කණු සිටුවා ලණු ඇදීම
නිවසේ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමු කාර්යය වශයෙන් ලණු ඇඳීම සිදු කළ යුතුය. මෙය ඊසාන කොටසින් ආරම්භ කළ යුතුය. ලණු ඇදීමට භාවිතා කරනු ලබන කූඤ්ඤය සඳහා බෙලි ගසක ලීයක්‌ භාවිතා කිරීම අනිවාර්යෙන් කළ යුතු අතර කොහු ලණු පළමුවෙන් භාවිතා කළ යුතු අතර ඔර්ලෝසු කටුව කැරකෙන දිශාවට ලණු ඇදීම ඉතා යහපත් වේ. සුභ මුහුර්තියෙන් පළමු කූඤ්ඤය ගෘහ හිමියා විසින් ගැසිය යුතු=ය.

අත්තිවාරම් කැපීම
එදිනම සුභ වේලාවේදී යහපත් සිතුවිලි සහිතව මෙම ගෘහයේ කටයුතු ඉතා සාර්ථක වේවා යෑයි සිතා (තෙරුවන් බලයෙන්) උතුරු, ඊසාන, නැගෙනහිර දිශාවන්ගේ නිවසට අයත් කොටසක මංගල පස්‌ පිඩැල්ල කැපීම ඉතා යහපත් වේ.

මුල්ගල තැබීම
මුල්ගල තැබීම ගිණිකොණ හෝ ඊසාන කොටසේ සිදු කළ යුතු වේ. සුභ වේලාවේදී යහපත් සිතුවිල්ලෙන් සිදු කළ යුතු අතර මුල්ගල අනිවාර්යෙන්ම නොපෑගෙන තැනක බිත්තියකට ඇතුල් කළ යුතු වේ. ආගමික ස්‌ථානයකට ගෙන ගොස්‌ පිරිත් ස-Cධායනා කොට හා පිරිත් දේශනා මධ්‍යයේ මුල්ගල තැබීම ඉතා යහපත්ය. මුල්ගල තැබීම හා එය වැසීම ගෘහහිමියා විසින්ම සිදු කළ යුතුය. මුල්ගල තැබීම හා ලණු ඇදීම තුළින් සිදු කරන්නේ තම මතය විශ්වය හා ලියාපදිංචි කිරීමයි. මේ නිසා මුල්ගල තබන ස්‌ථානයේ ස්‌වස්‌ථික ලකුණක්‌ අංශක 90 ට දිශානුගතව ස්‌ථානගත කොට මුල්ගල තැබීම ඉතාමත් යහපත් වේ.

ගෘහ ආරම්භක වාස්‌තු පූජාව
සුභ මුහුර්තියෙන් කපන ලද මංගල පස්‌ පිඩැල්ල රතු රෙදි කඩකට ඔතා පස්‌ පිඩැල්ලේ තෙතමනය ඉවත් වීමට ප්‍රථම ගෘහ හිමියා විසින් ඉඩමට නුදුරු නොවන ගලන දියකට බැස ඉඩම සම්බන්ධයෙන් ඇති සියලුම දොස්‌ දුරුවේවා· යෑයි ප්‍රාර්ථනා පස්‌ පිඩැල්ල දියෙහි පා කළ යුතු අතර ඉඩමේ මුහුණතට පිටු පා මෙය කිරීම ඉතා සුභදායකය.

ඉහත කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමෙන් පසුව ඔබගේ නිවසේ කටයුතු, ඉදිකිරීම් කටයුතු ඉතා යහපත්ව වාස්‌තු සිද්ධාන්තයට එකඟව සිදුවනු ඇත. ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක්‌ තියෙනවා. ඔබ ගෘහයේ ඉඳුල් කිරීම ඔබ විසින්ම සිදුකළ යුතු වෙනවා. එබැවින් මුල්ගල තබන දිනයේ අත්තිවාරම තුළ ගෘහ හිමියා භෝජන සංග්‍රහය භුක්‌ති විඳීම කළ යුතුයි.

නොඑසේ නම් ඔබගේ ගෘහය වෙනත් පුද්ගලයන් විසින් ඉඳුල් කිරීම සිදුවන බැවින් එදිනට සාදාගත් රසකැවිලි අනුභවය සඳහා ලණු ගැසූ කොටස තුළ සිදු කරන්න. මෙසේ ඔබගේ වාස්‌තු සිද්ධාන්තවලට අනුව අභිනවයෙන් ඉදිකරනු ලබන ගෘහය ඉතා වාසනාවන්ත, ඉක්‌මනින් ඉදිවන ගෘහයක්‌ බවට පත්වන බව නිසැකයි.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)

පිළිස්සුම් තුවාල කැළැල් නැතිව සුව කරන පන්වත්තෙ ගෙදර පොඩි අප්පුහාමි වෙදැඳුරුතුමා

ඔබේ සිරුරේ කුමන හෝ ස්ථානයක් පිළිස්සීමකට ලක් වූ අවස්ථාවක් ඔබට මතකද? එදා ඔබට දැනුණු වේදනාව මතක් කරනවාට වත් ඔබ කැමැති නැතිව ඇති. ඉතා කෙටි කාලයක් තුළ පිළිස්සුම් වේදනා නැති කර, ටික දිනක් යන විට කැළැල් රහිතව තුවාල සුව කරන වෙද මහත්මයකු ලෙස ප්‍රකට පන්වත්තේ ගෙදර පොඩි අප්පුහාමි මහතා, තමන් කරන මේ විශේෂ ප්‍රතිකාර පිළිබඳ අප හා අදහස් දැක්වූයේ මෙසේ ය.

කැළැලක් නොසිටින පරිදි පිළිස්සුම් තුවාලවලට බෙහෙත් කිරීමේ වෛද්‍ය ශාස්ත්‍රය ඔබට ලැබුණේ කොහොමද?
මේ ශාස්ත්‍රය පරම්පරාවෙන් පැවැත එන එකක්. මට පෙර මගේ අම්මා සහ මාමා මේ ශාස්ත්‍රයෙන් ලෙඩුන් සුව කළා. ඊට පෙර මගේ මවගේ පියා මේ වෙදකම කර තිබෙනවා. මේ ආකාරයට පරම්පරානුගතව පැවැති එන වෙද ශාස්ත්‍රයක් විදිහට පිළිස්සුම් තුවාලවලට ප්‍රතිකර්ම කිරීම හඳුන්වන්න පුළුවන්. බුද්ධදාස රජතුමාටත් පෙර සිට ම පරම්පරානුගතව ආ වෙදකමක් විධිහටයි මං මෙය විශ්වාස කරන්නේ.

සිංහල වෙදකම අනෙක් සියලු ප්‍රතිකර්මවලට වඩා ප්‍රබලයි. සමහර වෙද හෙදකම් ක්‍රම අප අතරින් තුරන් වෙලා. ඒත් අපි මේ වෙදකම රැකගෙන ඉන්නවා. මේ ශාස්ත්‍රයේ වටිනාකම කවුරුත් දන්නෙ නෑ. මගේ අත්තගෙන් පස්සේ මාමා බෙහෙත් කළා. ඒ පරපුර එතනිං ඉවර වුණා. මගේ අම්මා වෙදකම කළ නිසා එය මට ලැබුණා. මගේ සහෝදර සහෝදරියො හය දෙනෙක් ඉන්නවා. ඒත් ඒ අයට මේ ශාස්ත්‍රය තේරෙන්නෙ නෑ. මං පොඩි කාලෙ ඉඳන් ම උනන්දුවෙන් හැදෑරුව නිසා මේ ශාස්ත්‍රය මට පිහිටියා. තවමත් මේ වෙදකම අපේ පරම්පරාවෙන් පිට ගියේ නෑ.

ඔබ සුවපත් කරන්නෙ සාමාන්‍ය පිළිස්සුම් තුවාල ද?
තුවාලය ලොකු වුණත්, පොඩි වුණත් ඒක සුව කරන්න පුළුවන්. මරණීය මට්ටමේ තුවාල නැත්නම්, කිසිම ආකාරයකින් හෝ පිළිස්සුන බව පෙන්වන කැළැලක් නැතිවන පරිදි සුවය ලබා දෙනවා. පිළිස්සීම සිදු වුණේ උණු වතුරෙන් හරි, ගින්දරෙන් හරි වෙන්න පුළුවන්. ඒ කුමන තුවාලයක් වුණත් සුව කරන්න මට හැකියාව තිබෙනවා.

දරුණු ලෙස පිළිස්සුණු අය සුවපත් කළ අවස්ථා ඔබට මතකද?
ලොරියක් වැඩ කරන කෙනෙක්, තමන්ගෙ ලොරිය උණුසුම් කරනකොට (boil වන විට) ඒක ඇරලා බලලා. උණු වතුර ටික එක පාරට ම මුහුණට විසිවෙලා ඇස්දෙක අරින්න බැරි තරමට මුහුණ පිච්චුණා. ඒ සිද්ධියට මුහුණ පෑ ගමන් ම එයා ආවා. දවස් හතරක් ඇස් දෙක අරින්න බැරිව හිටියා. ඒ පුද්ගලයාට එහෙම සිදුවීමක් වුණා කියලා හොයන්න බැරි තරමටම සුවය ලැබුණා. දරුවා බේසමේ හිටිද්දී එයාගෙ අම්මාට අමතක වෙලා නටන වතුර එකක් බේසමට හලලා පිච්චුණු ළමයෙක් ව ගෙනාවා. ඒ දරුවා සුවපත් කරන්න මට හැකි වුණා. මේසෙ ඉටි රෙද්ද ඇදලා චිමිනි ලාම්පුවක් ඇඟට වැටිලා පිළිස්සුණු පොඩි ළමයෙක් ව කෙසෙල් කොළයක තියලා සුවපත් කළා. පෙට්ට්‍රල් මැක්ස් ලාම්පුවක මැන්ටල් එක කඩාගෙන ඇවිත් මුණ පිච්චුණු අයෙක්ව මෑතකදී සුව කළා.

අවුරුදු කාලෙට පිළිස්සුණු අය එනවා වැඩියි. ඒ අතරින් වැඩි දෙනෙක් රතිඤ්ඤා හෝ තෙල් තාච්චිවලට පිළිස්සුණු අය. මෑතකදී මංගල උත්සවයට දින හතරකට පහකට පෙර හොදි ඇතිලියක් වැටිලා මනමාලිගෙ මුහුණයි, පපුවයි පිච්චුණා. එයා මංගල උත්සවය දවසෙ පෙර සිටි පරිදි හිටියා. එයාව දැක්කහම ඒ වගේ ඇබැද්දියක් වුණා කියලා කොහෙත්ම හිතන්න බෑ. පාරෙ තාර දාන කෙනෙක්ගෙ කකුලට නටන තාර භාජනයක් පෙරළිලා අරන් ආවා. එයාට සම්පූර්ණ සුවය ලැබුණා.

ඕනෑම පිළිස්සුම් තුවාලෙක කැළැල් හිටිනවා. කැළලක් නැතිව සුවපත් කිරීමේ හැකියාව ඔබට ලැබුණෙ කොහොමද?
එවෙලේම කඩා ගත්ත අමු බෙහෙත් ගස් කොළවලින් බේත් හදන්නෙ. ගෙවත්තෙන් මේ බෙහෙත් හොයා ගන්නවා. පිළිස්සුණු කෙනෙක් ගෙදර ඇවිත් විනාඩි 10 ක් යනවිට වේදනාව නැති කරනවා. තමන්ට සුවය ලැබුණු බව රෝගියා එවිට පවසන්න පුළුවන්. ඉන් අනතුරුව, බෙහෙත් සකසලා ගානවා. ඒ ඒ පුද්ගලයාගේ පිළිස්සුම අනුව බෙහෙත් ගාන දින ගණන වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සෙ අප විසින් ම සකසා ගන්නා තෙල් වර්ගයක් ගානවා. මේ තෙල් සකසන එක හරිම දුෂ්කර කටයුත්තක්. බෙහෙත් සොයා ගැනීමේ දුෂ්කරතා නිසා මේ වැඩේ කරන්න මාසයක් පමණ ගතවිය හැකියි.

වරකට අපි තෙල් බෝතල් තුනක් පමණ හිඳිනවා. ගෙදරදී වන පොඩි පොඩි පිළිස්සුම් තුවාලවලට වුණත් මේ තෙල ගෙනිහිං තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. තෙල් හිඳින කාලයේදී මස්, මාළු, බිත්තර, කන්නෙ නැතිව අපි ඒක කරන්නෙ. රෝගියාට දෙන්නෙත් නෑ. බැරිවෙලා හරි කෑවොත් රෝගී තත්ත්වය වැඩි වෙන්න පුළුවන්.

නිවෙසෙදී පිළිස්සුණු කෙනෙක්ට ප්‍රතිකාර ගැනීමට යාමට පෙර දිය යුතු ප්‍රථමාධාර මොනවාද?
බිත්තර සුදු මදය විතරක් අරගෙන පිළිස්සුන තැන ගෑමෙන් දැවිල්ල අඩු වෙනවා. කෝමාරිකා ගෑමත් හොඳයි. ක්‍රීම් වර්ග, කුකුල් තෙල්, අන්නාසි කොළයේ ඉස්ම ගෑම, අයිස් කැට තැබීම, සුදුසු නෑ. පිළිස්සුම් තුවාලයකට රසායන වර්ග දැමීම නිසා එය ශරීර අභ්‍යන්තරයට බලපාන්න පුළුවන්. ගලාගෙන යන පිරිසුදු ඇල් වතුරෙන් සෝදලා බිත්තර හෝ කෝමාරිකා ගෑම සුදුසුයි.

ඒවගේ කෙනෙක්ට කළ යුතු අත් බෙහෙත් මොනවාද?
මේ ශාස්ත්‍රය බෙහෙත් ලියා දීලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. බෙහෙත් හැදුවට මදි. එය ගාන ක්‍රමයක් තියෙනවා. බෙහෙතට ගන්න ගහක කොළයක් කඩන ක්‍රමය, පොත්තක් ගහන විදිහක් තියෙනවා. මේ කරන දෙයින් රෝගියාව සුවපත් වේවා කියන හැඟීම තියෙනවා.

අපි මේ දේ කරන්නෙ භක්තියක් ඇතිවයි. මේ ප්‍රතිකර්ම අපි කරන්නෙ නොමිලේ. තෙල් හිඳිනවිට රෝගියෙක් ඒ සඳහා ආධාර කළොත් විතරක් ඒ මුදල ගන්නවා. අපට වැදගත් රෝගියෙක් සුව වෙලා සතුටින් ඉන්නවා කියන කාරණය පමණයි. මීට පෙර මේ වෙදකම් ගෙනාව අයට පිනක් සිදුවීම සහ අපට පිනක් සිදුවීම පමණක් මෙයින් බලාපොරොත්තු වෙන්නෙ.

මීට පෙර පිළිස්සිලා කැළැල් තිබෙන කෙනෙක්ගෙ පිළිස්සුම් කැළැල් යැවීමේ හැකියාවක් තියෙනවද?
තුවාලය සුවපත් වීමට පෙර ආවොත් කැළලි නැතිව සුව කරන්න පුළුවන්. කැළලි ඇතිව සුව වූ කෙනෙක්ගෙ කැළලි යවන්න බෑ.

හුමාලය වැදුනහම පිළිස්සෙනවට වඩා තැම්බෙන ගතියක් තියෙන්නෙ. ඒ වගේ කෙනෙක් සුවපත් කරන්නෙ කොහොමද?
මං සකස් කළ තෙල් භාවිත කරලා ඒ වගේ අවස්ථාවක රෝගියා සුවපත් කරනවා.

තෙල් තාච්චියකට පිච්චිලා දියපට්ට ආ කෙනෙක් ප්‍රතිකාර ගන්න ඕනෙ කොහොමද?
දියපට්ටය මත බෙහෙත් ගාලා, දැවිල්ල අඩු කරලා සිසිල් කරනවා. ඊට පස්සෙ පිරිසුදු දොඩම් කටුවකින් සිදුරු කරලා තුවාලෙට බේත් කරනවා. තෙල් මගින් කැළැල් යවනවා. ඇඳන් ඉන්න ඇඳුමක් ගිනි ගත්තොත් තුවාලයට හානියක් නොවන පරිදි ඇඟට ඇළුණු ඇඳුම ඉවත් කරන්න බෙහෙත් ගානවා.

මෙවන් වටිනා වෙදකමක් පරම්පරාවෙන් පිට කෙනෙක්ට උගන්වන්නෙ නැත්තෙ ඇයි?
අපි බුදුගුණ අදහමින් වතාවත් කරලා මේ කටයුත්ත කරන්නෙ. මේ වෙදකම කාටවත් උගන්වන්න බෑ. අපිත් එක්ක කාලයක් ඉඳලා ඉගෙන ගන්න ඕන දෙයක්. මං පොඩි කාලෙ ඉඳන් අම්මත් එක්කම ගිහින් එයා කරන දේ බලන් හිටි නිසා මේ ශාස්ත්‍රය පිහිටියා. බෙහෙත් ගහක කොළය කඩන විදිහ, පොතු ගහන විදිහ අනුව සුවය හිටින්නෙ. අපි බේත් හේත් පොත්පත්වල ලියලා තියෙනවා. ඒත් ඒවා වෙන කෙනෙක් කළාට සුවය ලැබෙන්නෙ නෑ. අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් ආවොත්, එයා දැක්කහම අපට හිතන්න පුළුවන් එයා මේ ශාස්ත්‍රය කරයිද? නැද්ද? කියන එක. මුදල් හොයන්න බැරි නිසා බොහෝ අය මේ වෙදකම ඉගෙන ගන්න අකමැත්තකුත් තියෙනවා. ඒත් සුව වුණ රෝගියෙක් දැක්කහම අප ලබන සතුට , සුව වුණ රෝගියාට අපව දැක්කහම ලැබෙන සතුට කියා නිම කරන්න බෑ.

ඔබත් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබන අයෙක් නම්, 250/1, දෙල්දෙණිය , මැණික්දිවෙල පිහිටි පන්වත්තෙ වෙද ගෙදරට යන්න
ලිපි හිමිකම – ඉරෝෂිණි දීපිකා ඡායා – ඉරේෂා වඩුගේ

(උපුටාගැනීම දිනමිණ පුවත්පත)

ස්වාභාවික දරු ප්‍රසූතිය පහසු කරවන කැඳ වර්ග සහ කසාය වර්ග හදන හැටි

දරු ප්‍රසූතිය ආසන්නයේ සිටින තරුණ ගැබිනි මවුවරු බොහෝ දෙනෙක් ඒ දින කිහිපය ගත කරන්නේ තරමක චකිතයකින්. ඊට හේතුව තමයි ප්‍රසූති වේදනාව හා ප්‍රසූතිය අපහසු කටයුත්තක් වේ යැයි යන දෙගිඩියාව. දෙගිඩියාව නැත්තටම නැති කරගත හැකි, ඒ වගේම සිසේරියන් සැත්කමකින් තොරව මේ දරුවා බිහි කිරීමට මඟ පාදන වටිනා කැඳක් හා කසායක් අපේ ඉපැරැණි වෙද පත පොතෙහි සඳහන්.

මේ කැඳ දින 03 ක කාලයක් උදේට හිස් බඩට පානය කර පස්වරුවේ කසාය පානය කිරීමෙන් දරු ප්‍රසූතිය වේදනාවෙන් හා අපහසුවෙන් තොර කටයුත්තක් බවට පත්වෙනවා.

කැඳ සාදාගන්නා ආකාරය.
මුලින්ම වැල් තිබ්බටු කොළ පොල් සමඟ කොටා අඬු කෝප්ප භාගයක් පමණ වනතුරු මිරිකාගෙන පැත්තකින් තබා ගන්න. ඉන්පසුව තණ හාල් මිටක් අරගෙන එය නැවුම් මැටි මුට්ටියකට දමා සුදුසු පරිදි වතුර එකතු කර ළිප තබා කැඳ හදාගන්න. ඊට අවශ්‍ය පරිදි පදමට ලුණු ස්වල්පයකුත් එකතු කරන්න. එසේ හදාගත් කැඳ ළිපෙන් බාන්න. හදන මොහොතේ පොල් සමඟ කොටාගත් වැල් තිබ්බටු සාරය මේ කැඳ මුට්ටියට මිශ්‍ර කර ඒ මොහොතේම ළිපෙන් බාගන්න. ඉන්පසු එය නිවෙනතුරු පොල්කටු හැන්දකින් කාල් ගාන්න. සාදාගත් කැඳ අංගුලිමාල පිරිතෙන් ජීවම් කර පානය කරන්න.

බොහෝවිට ප්‍රසූතිය ආසන්න තරුණ මවුවරුන් ගේ උඩු පතුල් ඉදිමීම හා වාත දෝෂ කිපීම නිසා පාද ඉදිමීමත් සිදුවෙනවා. ඒ තත්වයෙන් අත්මිදීම සඳහාත් ප්‍රසූතිය පහසු කර ගැනීම සඳහාත් පහත සඳහන් කරන කසාය දින 03 ක් භාවිතයට ගැනීමෙන් එම මවුවරුන්ට සැනසිලි දායක තත්වයක් උදාකරගත හැකියි.

කසාය සාදාගන්නා ආකාරය.
ඒ සඳහා බැබිල මුල්, සුදු ළූණු හා උළුහාල් කළං හතර බැගින් ගෙන ඊට වතුර කාල් හතරක් ( බෝතලයක් ) එකතුකර නැවුම් මුට්ටියකට දමා එය එක් කාලක් වනතුරු හිඳගන්න. ඉන්පසුව පස්වරු 4 ත් 5 ත් අතර කාලයේ දී මෙම කසාය අංගුලිමාල පිරිතෙන් ජීවම් කර පානය කරන්න. ඒ වන විටත් ප්‍රසූතිය ආසන්න ගැබිනි මවුවරු රෝහල්ගතව සිටිනවා නම් එය රෝහලට ගොස් වුවත් භාවිතා කිරීමේ කිසිදු හානියක් නැහැ.

මෙම ප්‍රතිකාර පන්ති දෙකම අපගේ පාරම්පරික හෙළ වෙදකමේ ප්‍රසූතිය පහසු කරන ඉතාම අත්දුටු ප්‍රතිකාරයකි..

තොරතුරු :- වෛද්‍යාචාර්ය එන්. බී. වීරප්පෙරුම මහතා
සැකසුම :- හෙළ අරණ™️

(උපුටාගැනීම හෙළ අරණ Hela Arana)

පැළවුණු මේ වගේ ලක්ෂණ තියෙන අල කවදාවත් කන්න එපා විෂ වෙනවා

අර්තාපල් කියන්නේ කාබෝහයිඩ්ඩ්‍රේට් හෙවත් පිෂ්ඨය බහුල ආහාරයක්. කුඩා දරුවන්ගේ වර්ධනයට ඉතාම ගුණ දායක වන අර්තාපල් , වැඩිහිටියන්ටද එක සේම යෝග්‍ය වෙනවා. පෝෂණ ගුණයෙන් සපිරි අර්තාපල් , ආහාර රුචිය ඇති කරවීමට සමත් ආහාරයක්. දිනකට එක් අර්තාපල් ගෙඩියක් අනුභව කිරීමෙන් පමණක්, දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් සම්පුර්ණ කර ගැනීමට පුළුවන්. වයසට යාම හා හිරු එළියේ අහිතකර UV කිරණ මගින් , අපේ සමේ කොලජන් ප්‍රෝටීන විනාශ වී යනවා. මේ නිසාවෙන් සමේ රැළි හා එල්ලා වැටීම් ඇති වෙන්නට පටන් ගන්නවා. නමුත් විටමින් C මගින් , සමේ කොලජන් නිෂ්පාධනය වර්ධනය කරන නිසා, සම වයසට නොයා තරුණව පවත්වා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි අර්තාපල් තුල , කෙසෙල් වලට වඩා වැඩි පොටෑසියම් ප්‍රමාණයක්ද අන්තර්ගත වෙනවා. මස්පිඩු වල නිසි ක්‍රියාකාරිත්වය සදහා පොටෑසියම් ඉතා වැදගත් වන අතර , විශේෂයෙන්ම හදවතේ ගැස්ම හා හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන , හදවත ආශ්‍රිත මස්පිඩු වල නිසි ක්‍රියාකාරිත්වය සදහාද , පොටෑසියම් විශාල කාර්ය භාරයක් ඉටු කිරීම සිදු කරනවා.මේ නිසාවෙන් අර්තාපල් කියන්නේ හදවතට ඉතාම හිතකර ආහාරයක්. ඒ වගේම අර්තාපල්, ඉතා සැහැල්ලු ආහාරයක් නිසා දිරිවිමත් පහසුයි.

ලංකාවට අර්තාපල් විදේශයෙන් ආනයනය කරන අතර , නුවරඑළිය වැලිමඩ ප්‍රදේශවලත් ඉතා සරුවට අර්තාපල් වැවීම සිදු වෙනවා. අපි අර්තාපල් ආනයනය කරන්නේ පාකිස්ථානයෙන්. පාකිස්තාන් අල හා ලංකා අල අතර වෙනසක් පවතිනවා. පාකිස්තාන අල ලා දුඹුරු පාටින් යුක්තයි. ලංකා අල තද දුඹුරු පැහැයෙන් හා නැවුම් භාවයෙන් යුක්තයි. පාකිස්ථාන අර්තාපල් වලට වඩා , ලංකා අර්තාපල්වල පොත්ත තදින් ඇල්ලු විට ගැල වී යනවා. පාකිස්තාන අලවලට වඩා, ලංකා අල මිලෙන්ද ටිකක් අධික වෙනවා.

අර්තාපල් කියන්නේ මොන තරම් පෝෂණ ගුණයෙන් පරිපුර්ණ ආහාරයක් උනත් , ඒවා ශරීරයට විෂ සහගත විය හැකි අවස්ථා තිබෙනවා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ , පරිභෝජනයට නුසුදුසු අර්තාපල් හදුනා ගන්නේ කෙසේද යන්න පිලිබදවයි.

අර්තාපල් තෝරා ගැනිමේදි පොත්ත පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අල ගෙඩිය කොළපාට වි ඇත්නම් හෝ කොළ පැහැති කුඩා අංකුර මතු වී ඇත්නම්, ඒවා පරිභෝජනයට කිසිසේත්ම සුදුසු වෙන්නේ නෑ. විශේෂයෙන් අංකුර සහිත අර්තාපල්වල ශරිරයට අහිතකර විෂක් අඩංගු වෙනවා. එහි අඩංගු සොලනින් නැමැති රසායනික ද්‍රව්‍ය නිසා තමයි , මේ විදියට විෂ වීම් ඇති වෙන්නේ. ඇත්තටම මේ සොලනින් කියන්නේ, අල ගෙඩිය කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීමට , අල ගෙඩිය තුලම ස්වාභාවිකව නිපදවෙන කෘමි නාශක සංයෝගයකට. ඉතින් නිතර දෙවේලේ අංකුර සහිත අල අනුභව කරන අයට , මෙම විෂ ශරිරගත වෙලා , ස්නායු පද්දතියට හානි සිදුවිය හැකියි. බඩේ කැක්කුම, වමනය, කැරකැවිල්ල, උගුරේ දැවිල්ල, හිසරදය හා පාචනය ආදි රෝග ඇතිවිමටත් පුළුවන්. අංකුර සහිත අල දිර්ඝ කාලයක් පරිභෝජනයෙන් , පිළිකා වැලදිමටද හැකියාව තිබෙනවා. එබැවින් තිත්ත රසැති සහ කොළ පැහැ අංකුර සහිත අල මිලද ගැනිමෙන් වලකින්න. වෙළඳපොලෙන් මිලදි ගත හැකි ලංකා අර්තාපල්වල මෙම අංකර මතු වෙන්නේ ඉතාම අඩුවෙන්. එමෙන්ම කොළ පැහැ ගැන්වෙන්නේද ඉතාමත්ම අවම වශයෙන්. මිල ටිකක් වැඩි උනාට ලංකා අර්තාපල් අනුභවයෙන් මෙවැනි විෂ වීම් ඇති වීමේ අවධානම, ඔබට සෑහෙන දුරට අඩු කර ගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම වෙළදපොලෙන් මිලදී ගෙන , නිවසට ගෙන ඒමෙන් අනතුරුව , ටික දවසකින් අල ගෙඩිය කොළ පැහැවී ඇත්නම් , මුළු අල ගෙඩියම විසි කරන්න. ඇතැමුන් කොළ පැහැ ගැන්වු කොටස පමණක් ඉවත් කර , ඉතිරිය ආහාරයට ගැනීම සිදු කරනවා. එය කිසිසේත්ම සුදුසු වෙන්නේ නෑ. හේතුව වන්නේ කොළපාට කොටසේ සොලනින් විෂ රසායන අඩංගු වීමත්, එම කොටස කපා ඉවත් කළද , අර්තාපල් අලයේ ඉතිරි කොටසටත් සොලනින් සංක්‍රමණය වන නිසා , ඉතිරි කොටසේද සොලනින් අන්තර්ගත වීමයි. එම නිසා කොළ පාට කොටස කපා ඉවත් කර, එම අල ගෙඩිය ආහාරයට ගත්තද , අනිවාර්යයෙන්ම විෂ ශරිරගත වීම සිදු වෙනවා.

පදික වේදිකාවල අර්තාපල් කොටස් කපා ලාබෙට විකුණනු ඔබ දැක ඇති. ඇතැම් විට ඔබද ලාභය නිසා මෙවැනි අල මිලදි අරගෙන ඇති. නමුත් කොළ පැහැති කොටස් කපා ඉවත් කර විකිණීම සිදු කරන, මෙවැනි අල අනුභවය මගින් විශාල සොලනින් ප්‍රමාණයක් ඔබගේ සිරුරට අවශෝෂණය වන බව ඔබ දන්නවාද ? එම නිසා කවදාවත් එවැනි අල මිලදී ගැනීම සිදු කරන්න එපා.

වෙළදපොලෙන් හොද අල මිලදී ගත් පසු , ප්‍රථමයෙන් මඩ ඉවත්වන සේ හොඳින් සොදා ගන්න. අල සෝදා ගත යුත්තේ , ජලයෙන් බව මතක තබා ගන්න. එම නිසා භාජනයකට අල දමා සේදිමෙන් වළකින්න. අල භාජනයකට දමා සේදීමෙන් , මඩවල ඇති බැක්ටිරියා මෙන්ම පොහොරවල ඇති විෂ ද්‍රව්‍යද , කෘමිනාශක ගැල්වීමෙන් ඉතිරි වන විෂ ද්‍රව්‍යයද අර්තාපල් අලයට ඇතුළු වීමට පුළුවන්. මෙසේ ගලා යන ජලයෙන් සෝදාගත් පසු හොඳින් තම්බා ගන්න. පසුව පොත්ත ඉවත්කරගන්න. කිසි විටකත් පොත්ත සමඟ අර්තාපල් ආහාරයට ගන්න එපා.

කේටරින් සර්විස් , කැම පාර්සල් හෝ චයිනිස් හෝටල්වල ආහාර පරිභෝජනය කිරිමට සිදුවන අවස්ථාවලදි , ඔබට බොහෝ විට කැමට ලැබෙන්නේ , මඩ සහිත , නිසි ආකාරයෙන් නොසේදු බැක්ටිරියා සහිත අර්තාපල්. ඒ වගේම ඒවා කොළ පැහැයෙන් යුත් විෂ සොලනින් ගහන අර්තාපල් වීමටද ඉඩ කඩ වැඩි. බොහෝ විට එළවළු රෝටි හා කොත්තු රෝටිවල ලාභය වැඩි කර ගැනිම සඳහාද , කඩහිමියන් මෙවැනි විෂ සහිත ලාබ අර්තාපල් , පොත්ත සහිතව භාවිතා කරනවා. ඒ නිසා අර්තාපල් අනුභව කරනවා හැකි තරම් නිවස තුලදීම අපි උඩින් උපදෙස් දුන් ආකාරයට ඒවා පිස ගැනීම සිදු කරන්න.

නිවසේ අල අසුරා තැබිය යුත්තේද , එක මත එක තබා නොව . සමතලා පොලොවේ හොදින් වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන්. ලංකා අර්තාපල් හිරු එළියට නිරාවරණය වුවත් විෂ වර්ගයක් නිපදවන්නේ නැහැ. නමුත් ආනයනික අර්තාපල් හිරු එළියට නිරාවරණය වීමේදි කොළ පාට අංකුර ඇති වීමට පුළුවන්.

එහෙනම් යාලුවනේ මීට පස්සේ අර්තාපල් මිලදී ගන්න කොට , උයන කොට හා බාහිර තැන් වලින් අනුභව කරනකොට , විශ්ම ලෝකය අද කියපු මේ උපදෙස් හොදින් මතක තබා ගන්න. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් , ඔබේ මිතුරන්ට හා ආදරණියන්ටත් බලන්න පහලින් ශෙයා කරන්න.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)

පිපිඤ්ඤා වතුර දිනපතාම පානය කළොත් ඔබේ ශරීරයට මේ වටිනා සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙනවා

සාමාන්‍යයෙන් තිබහක් ඇති වුන වේලාවට කරන්නේ ජලය වීදුරුවක් පානය කරන එක. නමුත් ඔබ දන්නවාද සාමාන්‍ය වතුර පානය කරනවා වෙනුවට , පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ඔබට ඉතාම ප්‍රයෝජනවත් සෞඛ්‍යමය ප්‍රතිලාබ රාශියක්ම ලගා කරගන්න පුළුවන් බව.මෙම ලිපියෙන් අපි කතා කරන්න යන්නේ , අන්න ඒ වගේ පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ලබා ගත හැකි අනර්ඝ සෞඛ්‍ය වාසි 7ක් පිලිබදව.

මාංශ පේශි නිරෝගීව පවත්වා ගන්නවා
පිපිඤ්ඤා තුල ඇති සිලිකා මගින් ඔබේ ශරීරයේ සම්බන්ධක පටක නිරෝගී කරනවා. විශේෂයෙන්ම ඔබ දිනපතා පිපිඤ්ඤා වතුර පානය කරනවා නම්, වඩාත් හොඳින් මාංශ පටක නිරෝගිව තබා ගැනීමට පුළුවන්. ඔබේ වතුර බෝතලයට පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර පානය කරන්නට හැකි නම් එමගින් ඔබේ මාංශපේශි වලට අවශ්‍ය ඛණිජ පහසුවෙන්ම ලබාගත හැකි වෙනවා. ව්‍යායාම කරන අතරතුර පිපිඤ්ඤා වතුර භාවිත කිරීමෙන්ද වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

පිපිඤ්ඤා වතුර ඔබේ සමටත් හිතකරයි
සිලිකා වලට අමතරව , පිපිඤ්ඤා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමට දීප්තිමත් පෙනුමක් එකතු කරනවා. ඔබේ සමේ කුරුලෑ ආසාධන තත්වයක් පවතී නම්, සීතල ජලයෙන් පොඟවා ගත් පිපිඤ්ඤා පෙති, කුරුලෑ මත ආලේප කිරීම මගින් ඉක්මන් සුවයක් ලබා ගැනීමට පුළුවන්. එමෙන්ම පිපිඤ්ඤා ජලයෙන් මුහුණ සේදීමෙන්ද කුරුලෑ ආසාධාන වලට සුවයක් අත් කර ගෙන සම දිදුලන පෙනුමකින් පවත්වා ගත හැකියි.

කැලරි අඩු පානයක් නිසා ශරීරයට හිතකරයි.
අපි දවස පුරා ප්‍රබෝධමත්ව සිටීමට , විටින් විට විවිධ පාන වර්ග , බීම වර්ග භාවිතා කරනවා. නමුත් සීනි අධික ලෙස යෙදු මෙම රසවත් පාන වර්ගවල අති විශාල කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. අධික කැලරි පාරිබෝජනය නිසා සිරුර තරබාරු වීම ඇතුළු ලෙඩ රෝග රැසක්ම වැළදීමට පුළුවන්. නමුත් සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියකම අඩංගු වන්නේ කැලරි 45ක් තරම් ඉතා සුළු කැලරි ප්‍රමාණයක් පමණයි. මෙම නිසාවෙන් පිපිඤ්ඤා පෙති කිහිපයක් ජලයට එක්කර පානය කිරීමෙන් , සෞඛ්‍යට අහිතකර නොවන ලෙසින් , ශරීරයට ප්‍රබෝධමත් බවක් එකතු කර ගැනීමට පුළුවන්. එම නිසා මීට පස්සේ පැණි බීම එකක් බොන්න හිතෙන වෙලාවට වතුර එකට පිපිඤ්ඤා පෙත්තක් එකතු කරලා බීල බලන්නකෝ , මොන තරම් ප්‍රබෝධමත් බවක් අත් වෙනවද කියලා.

ශරීරයේ විෂ ඉවත් කරනවා
පිපිඤ්ඤා වතුර කියන්නේ ශරීරයේ විෂ හරණය කිරීමට යොදා ගන්නා ලොව ප්‍රචලිතම පානය කිව්වොත් වරදක් නෑ. ඒතරමටම පිපිඤ්ඤා වතුර ලොව පුරා සෞඛ්‍ය ගැන උනන්දුවක් දක්වන මිනිසුන් පාරිබෝජනය කරනවා. පිපිඤ්ඤා යුෂ වලට , මිනිස් ශරීරයේ සියලු පද්ධති වල ඇති විෂබිජ හා විෂ වර්ග ඉවත් කිරීමේ හොද හැකියාවක් තිබෙන නිසා , ඔබත් දිනපතා පිපිඤ්ඤා වතුර පානය කිරීම පුරුද්දක් කර ගන්න.

ශරීරය සජලව පවත්වා ගන්නවා
මිනිස් ශරීරය සෑම විටම සජලව පවත්වා ගත යුතුයි. විශේෂයෙන්ම උෂ්ණාධික දින වලදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. පිපිඤ්ඤා ජලය මගින් ශරීරය ඉතාම හොදින් සජල කර ගැනීමේ හැකියාව තිබෙනවා. නිවැරදි ශරීර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සහ හෘදවාහිනි පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සදහාද ශරීරය සජලව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

අමතර ශක්තියක් ලබා දෙනවා
කැෆෙන් හෝ සිනි අඩංගු වෙනත් ශක්තිජනක පානයක් පානය කරනවා වෙනුවට , පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් ඔබේ ශරීරයට අමතර ශක්තියක් ස්වභාවිකවම ලබාගත හැකි වෙනවා. විශේෂයෙන්ම පිපිඤ්ඤා ජලය මගින් ශරීරයේ විෂ ඉවත් කරන නිසා , තෙහෙට්ටුව ඇතිවීම වැළකෙනවා. ඒ වගේම දවස පුරා ජව සම්පන්නව හා හොද අවධානයකින් වැඩ කිරීමේ හැකියාවද ඔබට ලැබෙනවා.

විටමින් සහ ඛණිජ වර්ග වලින් පෝෂණීයයි
අපි හැමෝම දන්නවා වතුර කියන්නේ අපේ ශරීරයට ඉතාම හොඳ දෙයක් කියලා. හැබැයි අපි පානය කරන සාමාන්‍ය වතුරේ විටමින් සහ ඛනිජ අඩංගු වෙන්නේ නැහැ. මෙන්න මෙතැනදී තමයි අපිට පිපිඤ්ඤා වැදගත් වෙන්නේ. පිපිඤ්ඤා තුල විටමින් සහ ඛනිජ වර්ග රාශියක් අඩංගු වෙනවා. මේ නිසා නිකන් ජලය පානය කරනවට වඩා වැඩි පෝෂණයක් , ජලයට පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර පානය කිරීමෙන් ලබා ගත හැකි වෙනවා.

එහෙනම් යාලුවනේ මීට පස්සේ වතුර විතරක් නිකන් බොන්නේ නැතුව , පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කරලා සතියක් දෙකක් බීලා බලන්නකෝ. පිපිඤ්ඤා වතුර සාදා ගැනීමත් හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නේ දවස තුල , ඔබ බීමට අපේක්ෂා කරන ලොකු ජලජෝගුවකට, පිපිඤ්ඤා පෙති කිහිපයක් එකතු කර ගැනීම පමණයි. මේත් එක්කම ලෙමන් පෙත්තක් සහ මින්ට් කොළ කිහිපයක් මේ ජල ජෝගුවටම එකතු කරලා බොන්න පුළුවන් නම් තවත් හොදයි.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)

ඇපල්, දොඩම් වෙළඳපොලෙන් ගන්නවනම් මේ ගැන අනිවාර්යෙන් දැනුවත්වෙන්න

මේ වන විට වෙළඳපොලේ විවිධ වර්ගයේ එළවළු පලතුරු වර්ග රැසක් විකුණන්න තියෙනවා. සමහරක් එළවළු පලතුරු අපේ රටේ ඒවා වුවත් ඇපල්, දොඩම්, පෙයාර්ස් වැනි බොහෝ පලතුරු එන්නේ පිටරටවල් වලින්. මෙම ගොඩක් එළවළු පලතුරු ප්‍රවාහණය කරන්නෙ නැවෙන්. මොකද එය ගුවනින් ගෙනෙනවට වඩා ගොඩාක් ලාභ දායක නිසා. ඉතින් මෙහෙම එළවළු පලතුරු අපේ රටට නැවෙන් එන්න සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඒ වගේම මේවා ගබඩා වලට ගිහින් තොග වෙළඳුන් මාර්ගයෙන් සිල්ලර වෙළඳුන් අතට යන්න තවත් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. ඔබ නොහිතුවට සමහර පලතුරු වර්ග අස්වැන්න නෙලාගත් දිනයෙ ඉඳන් ඔබ අතට පත්වෙන්න මාස 6ක් පමණ ගත වෙනවා. ස්වභාවිකව ඉදෙන එළවළුවක් පලතුරක් සතියක් දෙකක් ඉක්මවීමට ත් පෙර නරක් වෙනවා නම්, කොහොමද මෙවැනි එළවළු පලතුරු මෙපමණ කාලයක් කිසිදු ගැටලුවක් ඇති නොවී තබාගන්නේ? අන්න ඒ ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.

අපේ රටට විවිධ සමාගම් මඟින් මෙලෙස ආනයනය කරන මෙම එළවළු පලතුරු මත ලේබලයක් මඟින් / ස්ටිකර් එකක් මඟින් නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය මෙන්ම එම පලතුරු රසායනික ද්‍රව්‍ය වලින් සමන්විතද? සමන්විත නොමැතිද? යන බව දක්වන ස්ටිකර්ස් අලවා තිබිය යුතුයි. නමුත් පිටකොටුව වැනි ස්ථානයකින් මිළ දී ගන්නා මෙවැනි එළවළු පලතුරු වල බොහෝවිට එවැනි යමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අතුරින් අද අපි ඔබට පැහැදිලි කරන්නේ මෙම සමහරක් එළවළු පලතුරු මත ස්ටිකර් එකක් මඟින් මුද්‍රණය කර ඇති සංඛ්‍යා මඟින් පාරිභෝගිකයාට අඟවන්නේ කුමක්ද? කියලා.

කෙනෙක් හිතන්න පුලුවන් මේ පලතුරට ඉන්ජෙක්ෂන් ගහලා ඒක ආවරණය කරන්න තමයි මේ ස්ටිකර් එක ගහන්නෙ කියලා.. ඔව්.. ඒක එහෙම වෙන්නත් පුලුවන්. අපිට ඒක “නෑ” කියලා එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද එවැනි බොහෝ දේවල් රටේ තොටේ සිද්ද වෙන නිසා. ඔබට සමහර ස්ටිකර්ස් වල විවිධ අංකයන් දැක ගැනීමට පුලුවන්. එම අංකයෙන් ඒ ආහාරය රසායනික ද්‍රව්‍ය වලින් සමන්විත ද?, ජාන විකෘති කර සාදන ලද එකක් ද? නැතිනම් කාබනික නිෂ්පාදනයක් ද? යන වග අපට පහසුවෙන් හඳුනාගැනීමට හැකියි.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 4 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 4 න් හෝ 3 න් පටන් ගන්නවා නම් එවැනි ස්ටිකර් එකක් යෙදූ පලතුරක් හෝ එළවළුවක් සඳහා වැඩිපුර රසායනික ද්‍රව්‍ය යොදලා තියෙනවා. මෙවැනි එළවළු, පලතුරු පරිභෝජනයට හිතකර වෙන්නෙ නැහැ.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 5 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 8 න් පටන් ගන්නවා නම් එවැනි ස්ටිකර් එකක් සහිත පලතුරු හෝ එළවළු ජාන විකෘති කර නිපදවන ලද ඒවා යි. මෙවැනි එළවළු සහ පලතුරු ද මිනිස් පරිභෝජනයට හිතකර වෙන්නෙ නැහැ.

ස්ටිකර් එකෙහි ඇති සංඛ්‍යාව ඉලක්කම් 5 කින් යුතු සංඛ්‍යාවක් වී, එහි පළමු ඉලක්කම 9 න් ආරම්භ වන්නේ නම් එවැනි ස්ටිකර් එකක් යෙදූ පලතුරු සහ එළවළු කාබනිකව නිපදවන ලද ඒවා වෙයි. පරිභෝජනයට හිතකර වන්නේ මෙවැනි එළවළු සහ පලතුරු පමණයි.

විශේෂයෙන් ලංකාවේ පවතින ඇපල්, දොඩම් වැනි 9 ඉලක්කමෙන් පටන් ගන්නා සංඛ්‍යාවක් සහිත ශරීරයට හිතකර පලතුරු සාමාන්‍ය වෙළඳපොලෙන් සොයා ගැනීමට අපහසුයි. අපහසුයි කියන්නේ සොයාගැනීමට නොහැකි තරම්‍. සමහර විට කොටුවේ පේමන්ට් එකේ තියෙන මෙවැනි පලතුරු වලට ස්ටිකර් එකක් පවා අලවලා නැහැ. එම නිසා එවැනි පලතුරු වල ගුණාත්මකභාවය පිළිබඳ අපිට කිසිම අදහසක් ලබා ගැනීමට නොහැකියි.

ඊට අමතරව මෙවැනි බොහෝමයක් පලතුරු කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හා එම පලතුරු නැවුම් ලෙස බොහෝ කාලයක් තබාගැනීමට පිටතින් වැක්ස් එකක් (ඉටි ආවරණයක්) ආලේපකරනවා. මෙවැනි පලතුරු වල ටික දිනක් ගිය පසු ඇඟිල්ලෙන් පොත්ත මඳක් සීරූ විට ඔබට ඉටි වැනි යමක් දැකබලාගත හැකියි. මේ එම ඉටි ආවරණයයි. එම නිසා මෙවැනි පලතුරු පරිභෝජනයට නම් කිසිසේත්ම සුදුසු නැහැ.මේවා පරිභෝජනයට අවශ්‍යම නම් අනිවාර්යයෙන්ම 2mm (මිලිමීටර් 2) ක් පමණටවත් එහි පිටත ඇති පොත්ත සුද්ද කරගත යුතුයි. ඔබ කිසිම දිනක ඇපල් ගෙඩියක, දොඩම් ගෙඩියක පණුවෙක් විද ඇති තැනක් දැක නැත්තේ කිසිම සතෙකුට හානි කල නොහැකි තරමටම එම පලතුරු වලට මෙලෙස වස විස කලවම් කර ඇති නිසායි. ඔබ මෙවැනි ඇපල් කෑල්ලක් කපා පණුවන් සහිත තැනකට දමා බලන්න. බොහෝ ඇපල් කැබලි වලට පණුවන් හානි කරන්නේ නැහැ. ඒ මෙයට යොදා ඇති කෘෂි රසායනික ද්‍රව්‍යයන් ගේ බලපෑම නිසායි.

එම නිසා ඔබ ස්ටිකර් එකක් යොදා ඇති එළවළු පලතුරු මිළදී ගැනීමේදී එහි ආරම්භක ඉලක්කම ගැන දැනුවත් වීම අනිවාර්ය සේම කිසිම ස්ටිකර් එකක් යොදා නැති එළවළු පලතුරු පිළිබඳවත් වැඩිපුර ඔබේ අවධානය යොමු කරන්න.

(උපුටා ගැනීම -හෙළ අරණ Hela Arana)

වවාදයයි ඇළුමිනියම් භාජනවල කෑම පිසින්න එපා ඔබේ ජීවිතය අනතුරේ

ඇළුමිනියම් යනු, ඉතාමත් හොඳ තාප සන්නායක ලෝහයක් නිසා, ඉක්මනටම රත් වේ. මේ නිසා , ආහාර පිසීමට ගතවන්නේ අඩු කාලයකි. ඇළුමිනියම් භාජන මිලෙන් ද ඉතාමත් ම අඩු ය. මේ නිසා, මුළුතැන්ගෙයි ආහාර පිසීමට භාවිත කරන භාජන අතරින් ප්‍රධාන ස්ථානයක්, ඇළුමිනියම්වලට ලැබේ. පහසුව නිසා බොහෝ දෙනා ආහාර පිසීමට ඇළුමිනියම් භාජන භාවිත කළත්, ඇළුමිනියම් යනු ආහාර පිසීමට භාවිත නොකළම යුතු ලෝහ වර්ගයක් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකි ය. එයින් ඇතිවන සෞඛ්‍ය ගැටලු ඉතාමත් ම බරපතළය.

ඇළුමිනියම් යනු ඉතා ඉක්මනින් රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වන සක්‍රීය ලෝහයකි. අම්ල වර්ග සමඟ ඇළුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා, නව සංයෝග නිපදවයි. මේ නිසා ඔබ පිසින ආහාරවල ආම්ලික බව අඩංගු නම්, ආහාර පිසින අතරතුර ඇළුමිනියම් භාජනය එම ආහාර සමඟ ප්‍රතික්‍රියා කරයි. එසේ සෑදෙන නව සංයෝග, පිසින ආහාරවලට හොඳින් කලවම් වේ. අවසානයේදී එසේ ආහාරවලට මුසු වූ ඇළුමිනියම්, ඔබේ ශරීරයේ තැන්පත් වේ.

ඇළුමිනියම් යනු, අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇළුමිනියම් ශරීර ගත වීම අතිශයින් ම භයානක ය. පරීක්ෂණවලින් හෙලිවී ඇති පරිදි, ඇළුමිනියම් භාජනවල උයන ආහාර 100g ක් ගත් විට, එහි 3mg – 6mg (මිලි ග්‍රෑම්) ප්‍රමාණයක් ඇළුමිනියම් අන්තර්ගත වී ඇත. මේ නිසා, ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇළුමිනියම් ඇතුළු වී, බොහෝ ශාරීරික ගැටලු ඇතිකරයි.

ඇළුමිනියම් අම්ල සමඟ ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ්, ශරීරයට ඉතාමත් ම විෂ සහිත ය. දෙහි යුෂ, දොඩම් යුෂ, තක්කාලි, විනාකිරි වැනි දේ සමඟ ඇළුමිනියම් වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා, එවැනි ආම්ලික දේ ඇළුමිනියම් භාජනවල පිසීම ඉතාමත් ම භයානක ය. ඔබ පිසින ඕනෑම ආහාරයකට දෙහි, තක්කාලි, විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යයෙන් සිදු වන නිසා, පිසින ඕනෑම ආහාරයක්, ඇළුමිනියම් භාජන සමඟ විෂ සංයෝග සෑදීමට පෙලඹේ. බිත්තර කහ මදය සහ බොහෝ එළවළු වර්ග ද, ඇළුමිනියම් සමඟ ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වයි. අධික උෂ්ණත්වය, මේ ප්‍රතික්‍රියා වැඩි කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

එමෙන් ම, ශරීරගත වන ඇළුමිනියම්, ස්නායු පද්ධතියට සෘජුවම බලපායි. එම බලපෑම් මොළයට තදින්ම දැනේ. ඉක්මනින් මතකය නැති වීම හෙවත් ඇල්ෂමර් (alzheimer ) රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට මෙය හඳුනාගෙන තිබේ. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් ඇළුමිනියම් බලපායි.

2007 වසරේ සිට අමෙරිකාව , ඇළුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හඳුන්වා, අනතුරු හඟවා තිබේ. ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇළුමිනියම් ආහාර බඳුන් නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කර ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අස්ථී බිඳීමක් ඇතිවුණොත් මේ අමුතු ලෙඩේ හැදෙනවා

අස්ථී බිඳීමක් එහෙමත් නැතිනම් සාමාන්‍ය කටවහර අනුව ඇටකටු කැඩුණොත් අපිට අනිවාර්යයෙන්ම රෝහලකට යන්න වෙනවාමයි. අපේ බොහෝමයක් දෙනා මේ වගේ සිද්ධියකදී රෝහලේදී මොකද වෙන්නෙ කියන එක ගැන දැනුවත්වයි ඉන්නෙ. “ප්ලාස්ටර් බදාමේ දාවි…. නැත්නම් ඇන්ටෙනාවක් දාවි… එහෙම නැත්නං ඉතින් ඇණ දාල ප්ලේට් එකක්දාවි….” පොදුවේ මේ ගැන ඇහැව්වොත් හුඟ දෙනෙක් දෙන උත්තරේ තමා ඒ. සාමාන්‍ය ව්‍යවහාරයේ මේ විදියට කීවත් අපි වෛද්‍ය විද්‍යාත්මකව නම් මේ ටික කියන්නේ “Plast Of Paris cast, External fixation, Internal fixation” කියන බරසාර විදිහටයි.

දැන් අපි බලමු අස්ථීයක් බිඳුනම කරන මේ කියන ප්‍රතිකාරයන්හිදී මොකද වෙන්නේ කියලා. ප්ලාස්ටර් බදාමේ ගැන හැමෝම දන්නවා. ඉහත කිව්ව සියලුම ප්‍රතිකාරවල මුලික අරමුණ වෙන්නේ අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා, ස්ථාවරව නොසෙල්වී තියා ගන්න එකත් ඒ තුවාල ඇතුළට විෂබීජ ඇතුළු නොවන විදියට ආරක්ෂා කරගන්න එකත් තමා. (වැරදිලාවත් මේ අස්ථී ඇතුළට විෂබීජයක් ඇතුළු වුණොත් සෑහෙන කරදරයකට වැටෙනවා) ඒ වගේම අවශ්‍ය පෝෂණය ලබාදෙන එකත්, වේදනාව පාලනය කරගන්න එකත් තමයි මෙහිදී කෙරෙන්න ඕනෑ. මේ ටික හරියට කෙරුණොත් “ස්වභාවික සුවවීමේ ක්‍රියාවලිය අනුව” නැවතත් අස්ථීය හාවෙනවා, මේ සඳහා ගතවන කාලය නම් වයස, රෝගී තත්ත්වයන්, අස්ථියේ ස්වභාවය අනුව එකිනෙකට වෙනස් විය හැකියි.

මේ ලිපියෙන් අපි කතා කරන්නට හදන්නෙ ප්ලාස්ටර් දැමීම වෙනුවට දරුණු අනතුරුවලදී ඇණ සහ ප්ලේට් යොදා කැඩුණු ඇට සවිමත්ව සවිකිරීම ගැනයි. එහිදී මතුවිය හැකි අවදානම් ගැනයි.

“ඇණ සහ ප්ලේට්” යෙදීමේ මේ ක්‍රමය ප්‍රධානව වැදගත් වෙන්නේ සුවවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන “අස්ථීයේ වෙන්වුණු මුහුණත් පුළුවන් තරම් නැවත ළං කරලා, අස්ථීයේ නියම හැඩරුවට සකසලා, ස්ථාවරව, නොසෙල්වී තියා ගැනීම සඳහායි. මේ සඳහා සිදුකරන්නට වන්නේ ශල්‍ය ප්‍රතිකාරයක් තමා. එය කරන ආකාර දෙකක් තිබෙනවා. ඒ තමයි External fixation (ඔය කතාබහේදී කියන්නේ ඇන්ටනාවක් දාල කියලා) සහ Internal fixation. කතාබහට පින් දාල, ප්ලේට් දාලා කියලා කියන්නෙ මේ ක්‍රමයටයි. මේ ආකාර දෙකේදීම සිදුකරන්නෙ අස්ථී බද්ධ සැත්කමක් නැතිනම් orthopedic operation එකක්.

දැන් බලමු මොකක්ද මේ EF එකක් නැතිනම් ඇන්ටෙනාව කියලා කියන්නෙ කියලා. මේකෙදි කරන්නේ පිටතින් සම්බන්ධ කළ ලෝහමය රාමුවක් බිඳුනු අස්ථීය හරහා යන ඉස්කුරුප්පුවලින් සවිකරන එකයි. ඒ විදියට එම අස්ථීය බිඳීනු තැන පිහිටීම නිවැරදි කර ස්ථාවරව තියාගන්නටත්, සමහර විට බිඳුණු අස්ථි මුහුණත් අතර පරතරය අඩුවන්නට යම් පීඩනයක් යෙදීමටත් මෙය යොදා ගන්නවා. ඒ වගේම පිටතින් තිබෙන ඉස්කුරුප්පුව පාවිච්චි කරමින් අවශ්‍ය තරමට නැවත තද කරමින් හෝ බුරුල් කරමින් සුවවීමේ කාර්යයට සහාය වන්නට මේ පද්ධතිය උදව් වෙනවා.

ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නැතිවා නොවේ. මේ ලෝහ රාමුව අස්ථිය විදල හයි කරලා තිබෙන නිසාත් එහි කොටස් සම හරහා බාහිරට ඇවිත් තිබෙන නිසාත්, හොඳට පරිස්සම් කර නොගත්තොත් විෂබීජවලින් ආසාදනය වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා EF එකක් external fixation එකක් දාල තිබේ නම් එහි බාහිරින් ඇති ලෝහමය කූරු මතුවූ තුවාල බොහොම පිරිසිදුව තබාගන්නට ඕන. නැතිනම් මේ වෙලාවේ අස්ථීය ඇතුළට විෂබීජයක් ගියොත් Osteomyelitis කියන රෝගය හැදිලා ඒක සමහරවිට මුළු ජීවිතයම වෙනස් කරන සාධකයක් බවට පත් වේවි.

මේ ලෝහමය රාමුව තාවකාලිකයි. ඒක ටිකක් කරදරයි වගේම පොඩි කැක්කුමක් තියෙන්නත් පුළුවනි. කොහොමටත් යම් කාල සීමාවට පස්සේ (කාල සීමාව අස්ථි බිඳීම අනුව වෙනස් වෙනවා) මේ රාමුව අයින් කරල දාන නිසා, ඒ දවස් ටිකේ විතරක් දුෂ්කර ක්‍රියා කරන්නට වෙනවා.

ඊළඟට බලමු Internal fixation එහෙම නැත්නම් එළියට මතු නොවෙන විදියට අස්ථි හයි කරන ක්‍රමය ගැන. මේ සඳහා ඇණ (Pin), ඉස්කුරුප්පු ඇණ (Screw) වගේම ලෝහමය දඬුත් (Rod) යොදාගන්නව. මීට අමතරව ඔය ඇණ, ඉස්කුරුප්පුවල උදව්වෙන් ටයිටේනියම් වගේ ලෝහවල හදපු Plate එකකින් අර කැඩිච්ච තැන හා කරල තබා ගන්නත් පුළුවන්. මීට අමතරව කම්බිත් පාවිච්චි කරන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා. වැදගත්ම දේ මේ සියලු උපකරණ හදල තියෙන්නේ මළ නොකන ඒ වගේම සැහැල්ලු සහ ශක්තිමත් ලෝහ භාවිත කරමින් ඒ ටයිටේනියම් හෝ කොබොල්ට් මිශ්‍ර කළ ලෙසින් වන්නට පුළුවන්. අනෙක් දේ මෙම උපකරණ අස්ථීයට ඇතුළු කරන්නේ, සම්බන්ධ කරන්නේ විෂබීජ රහිත ශල්‍යාගාරයක් තුළ. ඒ නිසා මේ උපකරණත් එක්ක ඇඟ ඇතුළට විෂබීජ ඇතුළු වන්නට ඇති අවදානම ඉතාම අඩුයි. නිසි පහසුකම් යටතේ නිවැරදිව කෙරෙනවා නම් අවදානම බිංදුවයි කියන්න පුළුවනි.

මේ “ලෝහ කෑළි” අපේ ඇඟේ අනෙක් පටකවලට හානියක් කරන්නේ නැහැ. අසාත්මික වන්නට හැකියාවත් අඩුයි. කොහොම වුණත් මේ External fixation නම් සති කිහිපයකින් ඉවත් කරනවා. ඒත් Internal fixation ඉවත් කරන්න හෝ ප්‍රතිකාරය අනුව ජීවිත කාලයටම ඒකත් එක්ක ජීවත් වෙන්න සිදුවෙනවා. කොහොම වුණත් මේ ඕනම ප්‍රතිකාරයකදී යම් යම් අහිතකර ප්‍රතිපල ලැබෙන්නටත් ඉඩක් තිබෙනවා. දැන් අපි බලමු අන්න ඒ විය හැකි සීමිත ඉඩක් ඇති අනපේක්ෂිත දේ මොනවද කියන එක.

ආසාදන:
මේ අතරින් ප්‍රධානම දේ තමා ආසාදන. (Infections) මේ සඳහා රෝගියාගේ පෞද්ගලික පවිත්‍රතාව වගේම මේ ප්‍රතිකාර කටයුත්ත සිදුකරන ආකාරයත් යොදාගන්නා උපකරණවල පිරිසිදු බවත් මූලික වැදගත්කමක් දරනවා. ඒ වගේම රෝගියාගේ පෝෂණ තත්ත්වය වගේම මානසික තත්ත්වයත් මේ ආපදා සීමා කරගන්නට උදව්වෙනවා. ඊළඟට මේ බිඳීම ආශ්‍රිතව නැවත ලේ වහනය වන්නට සහ ලේ කැටිති ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ අවස්ථාවලදී ස්ථානිකව, ඒ කිව්වේ තැනින් තැන ඇතිවන තද වේදනාව වගේම මඳ උණ ගතියක්, තුවාලය ආශ්‍රිතව සමේ පාටේ වෙනසක්, කෑම අරුචියක් වගේ ලක්ෂණත් අමතරව එන්න පුළුවන්. කොහොම වුණත් මේ අවස්ථා දෙකම බොහෝවිට ඔබ රෝහල් පරිසරයේ ඉන්න දවස්වලම හඳුනාගන්නට හැකි නිසා ලොකු කරදරයක් නැතිව ප්‍රතිකාර ගන්නට හැකියි.

නිදන්ගත රෝග:
මෙන්න මේ අය වෙන අයට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒ තමයි දියවැඩියාවෙන් පෙළෙන අය, හෘදයාබාධවලට ලක්වූ සහ ඊට ප්‍රතිකාර ලබන අය, මීට පෙර ලේ කැටි ගැසීම සම්බන්ධ ගැටලු තිබුණු අය වගේම දුම්බීමට ඇබ්බැහි වෙලා සිටින අය. මේ අයට ආසාදන සහ වෙනත් සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි.

පරිස්සම් වෙන හැටි:
දැන් කොහොමද මේ ප්‍රතිකාරයත් එක්ක පරිස්සම් වෙන්න ඕන කියල බලමු, ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ දින කිහිපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ රෝහලේ රඳවා ගන්නවා. ඒ දින හතක් දහයක් වගේ කාල සීමාවකට. වෙනත් ප්‍රශ්නයක් නොආවොත් ගෙදර යන්න පුළුවන්.

ඒත් ඔය ඇන්ටෙනාවත් එක්ක ගෙදර යන්න ටිකක් ලියකියවිලි වැඩ ටිකක් කරන්න වේවි. මොකද ඔය උපකරණය මිලෙන් වැඩියි. ඒ වගේම එය නැවත පාවිච්චි කරන්නට පුළුවන්. ඒ නිසාම External fixation එකක් එක්ක ගෙදර යන්න ඉස්සර වෙලා රෝහලේ නීති රීති අනුව සාමාන්‍ය ලියකියවිලිවලට අමතරව තවත් දේ නැවත ලබාගන්නා මුදල් තැන්පතුවක්, නැත්නම් යම්කිසි විදියට ඇපවීම කරන්නට වේවි. පෞද්ගලික රෝහලක නම් මෙහෙම අවශ්‍ය වෙන එකක් නැහැ. (මම ඒ ගැන නම් දන්නේ නැහැ) .

රෝහලේ ඉන්න දවස් ටිකේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව ඉන්න එක හරිම වැදගත්. නියමිත කාල සීමාවට පස්සේ ඇඳෙන් බහින එක, අතපයවලට ව්‍යායාම කරන එක, අකමැතිම වුණත්, වේදනාව ඇති වුණත්, ඇඳෙන් බැහැලා ඇවිදීම නොකළොත් තවත් කරදර මතුවෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම බෙහෙත් ටික හරියට ගන්න එක වැදගත්. බොහොමයක් විට ගැඹුරු ශ්වසන ව්‍යායාමත් කරවාවි. ඒකත් ඉතාම වැදගත්.

අවදානම් ලක්ෂණ:
මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වුණොත් ඉක්මණින්ම ඔබේ ප්‍රතිකාරය සම්බන්ධ රෝහලට, සායනයට නැත්නම් වෛද්‍යවරයා හමුවන්නට ඕනේ. මොනවද ඒ අවදානම් ලක්ෂණ.

අදාළ තුවාලය අවට කැක්කුම හුඟක් වැඩිවෙනවා නම් ඒ එක්කම ගැහිල උණ ගැනෙන තත්ත්වයක් ඇති වුණොත්, ඒ කියන්නේ ආසාදනයක පෙරනිමිති. මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නොවේ.

ඒ වගේම තුවාලයෙන් ලේ වහනය වීමක් (වැඩිවීමක්) සිදුවනවා නම්, නැත්නම් ප්‍රතිකාරයට අදාළ අත නැත්නම් කකුලේ හිරිවැටීමක්, පණ නැති ගතියක් දැනෙන්න පටන් ගත්තොත්, දෙන බෙහෙත්වලින් වේදනාව අඩුවෙන්නේ නැත්නම්, නැත්නම් වේදනාව වැඩිවෙනවා වගේ දැනෙනවා නම්… ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත්.

මේ වගේ ලක්ෂණ එක්ක හෝ නැතිව මුත්‍රා දැවිල්ල, මුත්‍රා එක්ක ලේ පිටවීමක්, එහෙම නැත්නම් හුස්ම ගැනීමට අමාරු ගතියක්, “පපුවේ සෙම එකතු වෙලා“ වගේ, නැත්නම් මහන්සිය වැඩි බවක් දැනෙනවා නම් මේව ප්‍රතිකාරයෙන් පස්සේ ඇතිවන්නට පුළුවන් ද්විතීක ගැටලු වෙන්නට පුළුවන්. මේ හැමදෙයක් ගැනම දැනගෙන නිසි අවධානයෙන්, වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළොත් ලොකු කරදරයක් නැතිව ඔබේ අස්ථි බිඳීම සුව කරගන්නට හැකියි.

(සුගත්)

අළුතින් හදන ගෙදර, වාස්‌තු විද්‍යානුකූලව කාමර දිශා ගතකරන හැටි

සමහරු නිවාස සාදා වැඩ අවසන් කළ පසුව, වාස්‌තු දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලති. එය නුවණට හුරු ක්‍රියාවක්‌ නොවේ. සාදා නිම කළ නිවසක වාස්‌තු දෝෂ තිබුණහොත් ඒවා වෙනස්‌ කිරීමට යැමෙන් අමතර මුදලක්‌ වියදම් කිරීමට සිදුවේ. එසේම, නිවසේ කොටස්‌ වෙනස්‌ කිරීමට යැමෙන් අලංකාරයටද බාධාවක්‌ ඇතිවේ.

සැලැස්‌ම ඇඳ වාස්‌තු විද්‍යාව දන්නා කෙනෙකුට පෙන්වා එහි දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලා නිවෙස ගොඩ නැගීම සුදුසුය. එයටත් වඩා සුදුසුවන්නේ නිවසේ දළ සැලැස්‌මක්‌ පිළියෙල කර, එහි දෝෂ පරීක්‍ෂා කර බලා නිවැරදි කර සැලැස්‌ම සකස්‌ කර ගැනීමයි. එසේ කිරීමෙන් අමතර මුදල් වියදම් කිරීමට සිදු නොවන අතර, නිවසේ අලංකාරයටද බාධාවක්‌ නොවේ.

පැරණි විශාල නිවෙස්‌වල විවෘත ආලින්දය, සාලය, මැද මිදුල, නිදන කාමර, සේවකයන්ගේ කාමරය, වී, ධාන්‍ය, ගබඩා කාමරය, කෑම කාමරය ආදී කොටස්‌ කීපයකින් යුක්‌ත විය. දර ලිප, අටුව, දුම ආදියෙන් සමන්විත කුස්‌සිය පිහිටියේ නිවසින් වෙන්වය. ඒ නිසාම කුස්‌සිය, මුළුතැන්ගෙය නමින් හැඳින්වන. වැසිකිළිය නිවසට තරමක්‌ දුරින් පිහිටියේය. වතුර බොන ළිඳ, නාන ළිඳ නිවසට ඈතින් විය. බුදුන් වඳින ස්‌ථානය නිවස ඉදිරිපිට විය.

වර්තමානයේ මේ සියල්ල පර්චස්‌ හත අටක්‌ තුළ පිහිටි නිවස අභ්‍යන්තරයේ ඇත. වැසිකිළිය සහ නාන කාමරය නිවස තුළ පිහිටීම සුදුසු නැතත්, වඩා පහසුව සඳහාත්, රාත්‍රි කාලයේ නිවසින් පිටතට යැම ආරක්‌ෂා සහිත නොවන නිසාත්, ඉඩම් කැබලි කුඩා වීම නිසාත් ඒවා නිවස තුළ ස්‌ථානගත කිරීමේ වරදක්‌ නොමැත. ඒවා සුදුසු තැන්වල පිහිටීම ශුභයි.

ප්‍රධාන දිසා හතර සහ අනු දිශා හතර පහත රූප සටහනින් දක්‌වා ඇත. උතුර, ඊශාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ ආපෝ, තේජෝ, පඨවි, වායෝ දිශාවන් අනුව නිවසක කාමර ස්‌ථාන ගත කළ යුතු ආකාරය දැන් විමසා බලමු.

නැගෙනහිර දිශාව – නිදන කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි. මුදල් තැන්පත් කිරීම. ස්‌වර්ණාභරණ තැන්පත්කර තැබීමද මෙම දිශාවට යෝග්‍ය වේ. නාන කාමරය දිශා ගත කිරීමටද නැගෙනහිර දිශාව ශුභයි. දකුණු දිශාව – නිදන කාමරය සහ කෑම කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි.

බටහිර දිශාව – දරුවන් පාඩම් කරන ස්‌ථානය බටහිර දිශාවේ බිහිවීම ශුභයි. පොත්පත් මෙම දිශාවේ කාමරයට තැන්පත් කිරීම, ලිපි ලේඛන කටයුතු ඉටුකිරීමටද මෙම දිශාවේ කාමරය ශුභයි.

උතුරු දිශාව – තමන් සතු ධනය, ඇඳුම් පැලඳුම් තබන අල්මාරිය, මෙම දිශාවේ කාමරයක තැබීම ඉතා ශුභයි. කණ්‌නාඩි මේසය තැබීමටද කාන්තාවන්ට ඇඳුම් පැලඳුම් ඇඳීමටද මෙම දිශාවේ කාමර සුදුසුය.

ගිණිකොණ දිශාව – තේaජෝ භූතයට අයත්ය. මෙම දිශාව ඉතාමත් සුදුසු වන්නේ මුළුතැන් ගෙය සඳහාය. දර ලිප, ගෑස්‌ ලිප, විදුලි උඳුන තැබීම සඳහා සුදුසු මෙම දිශාවය.

නිරිත දිශාව – පඨවි භූතයට අයත්ය. බර උපකරණ මෙම දිශාවේ තැබීම ශුභයි. ගොවි, උපකරණ, ආයුධ තබන ගබඩාව, වී සහල් ගබඩා කර තබන කාමරය මේ දිශාවට ගැනීම ශුභයි. වර්තමානයේදී ගරාජය තැනීමට ඉතා සුදුසුය. වයඹ දිශාව – වායෝ භූතයට අයත්ය. අමුත්තන්ගේ කාමරය, සාලය මෙම දිශාවට ගැනීම ශුභයි.

ඊශාන දිශාව – ආපෝ භූතයට අයත්ය. සතියේ කිසිම දිනක මරු නොසිටින දිශාවයි. බුදු මැදුර, ආගමික වතාවත් ඉටු කිරීම සඳහා කාමරයක්‌ සකස්‌ කිරීමට මෙම දිශාව ශුභයි.

වැසිකිළිය, නාන කාමරය, කුස්‌සිය, ඊසාන දිසාවට ගැනීම ශුභ නැත. නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය හැටියට සැලකේ. එම ප්‍රදේශය ආකාශ භූතයට අයත්ය. නිවසේ හරිමැද බිත්තියක්‌, උළුවස්‌සක්‌, කරුවක්‌ පිහිටීම ශුභ නැත. එම ස්‌ථානය හිස්‌ව නිදහස්‌ව තැබීම ඉතා සුදුසුය.

(උපුටා ගැනීම නිවාස සැලසුම් හා ජෝතිශය සේවය)

පරිප්පු වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම වර්ග තුනක් මෙන්න

පරිප්පු කියන්නේ අපි හැමෝම කන්න කැමති කෑමක් නේ. හැමදාම කන පරිප්පුව එපා වෙනවනේ. මේ කියන්න යන්නේ පරිප්පු වලින් රසම රස කෑම වර්ග 3 ක් හදන හැටි.

පරිප්පු කරිය
අවශ්‍ය දෙවල් :- පරිප්පු අවශ්‍ය ප්‍රමාණයට, කපා ගත් ලුනු /අමුමිරිස් / කරපිංචා, හොදින් තලා ගත් සුදුලුනු ටිකක්, අබ ඇට ටිකක්, මිරිස් කුඩු /කහ කුඩු හා අමුතුනපහ කුඩු, පොඩියට කඩා ගත් වෙලිච්ච මිරිස් කැලි කිහිපයක්.

හදාගන්නා ක්‍රමය :-
මුලින් පරිප්පු ටික වේලාවක් පෙගෙන්න දාන්න. ඉන්පසු හොදින් සෝදා එයට අවශ්‍ය ප්‍රමාණයට කහ / මිරිස් කුඩු /අමුතුනපහ කුඩු දමා ගන්න. රස අනුව ලුණු ටිකකුත් දමා හොදින් කලවම් කර, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පරිප්පු හොදින් උයා ගන්න. පරිප්පු වල වතුර ගතිය ගියාට පසු එයට පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න. පරිප්පු කරියක් වඩාත් රස කර ගන්න පුලුවන් මේ තියා ගන්න කරි ප්‍රමාණය අනුව. පොල් කිරි දමා පරිප්පු කරිය හොදින් නටන කොට ලිපෙන් ඉවතට පරිප්පු කරිය අරගෙන , වෙනත් භාජනයකට දමා ගන්න.

දැන් ලිපේ ගින්දර අඩු කර භාජනයට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට ටිකක් හා කරපිංචා කොල ටිකක් වැඩිපුර බැදෙන්නට හරින්න. ඒකටම වෙලිච්ච මිරිස් කැලි ටිකත් දමා බැදෙන්නට හැර, එයටම සුදුලුනු ටිකත් දමා බැදෙන්නට හරින්න. දැන් එයටම කපා ගත් ලුනු / අමුමිරිස් දමා හොදින් බැදෙන්නට හැර එයට උයා ගත් පරිප්පු ටික දමා හොදින් කලවම් කර , ටික වේලාවකින් ලිපෙන් ඉවතට ගන්න.

පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :- පරිප්පු 500g, රතු ලූනු 50g, අමු මිරිස් කරල් 10, වියළි කෑලි මිරිස් තේ හැඳි 4, කරපිංචා, උම්බලකඩ කුඩු මේස හැඳි 3, තෙල් බෝතල් 1/2, ලුණු අවශ්‍ය පමණට.

සාදන ආකාරය :-
පරිප්පු ටික සෝදලා පිරිසිදු කරන් පැය 6ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්න.අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න. අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි. මේ මිශ්‍රණයෙන් වඩේ 50ක් විතර හදාගන්න පුළුවන්.

පරිප්පු සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :- රතු පරිප්පු කප් 1ක්, ස්ටොක් වතුර කෝප්ප 3ක්, චොප් කරගත් ලූණු මේස හැඳි 2ක්, චොප් කරගත් සුදුලූණු මේස හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ටිකක්, රස අනුව ලුණු, සූදුරු ඇට ටිකක්, ලෙමන් යුශ ටිකක්

සාදන ක්‍රමය :-
මුලින්ම පරිප්පු හොඳින් සෝදා ස්ටොක් වතුර දමා තැම්බෙන්න තබා හොඳින් තැම්බුන පසු ලිපෙන් බා නිවෙන්න තබන්න.ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා ක්‍රීම් වනතෙක් අඹරාගන්න. දැන් සාස්පානක් ලිපේ තබා තෙල් ස්වල්පයක් එකතුකර එය රත්කර රත් වූ තෙල් වලට ලූණු,සුදුලූණු, සූදුරු දමා ලාවට බැදෙන්න හරින්න.දැන් එයට කලින් බ්ලෙන්ඩර් කරගත් පරිප්පු ටික එකතුකර උතුරවා ගන්න.අවශ්‍යය පමණ ලුණු,ගම්මිරිස් එකතුකරන්න. පිළිගන්වන විට ලෙමන් යුශ එකතුකර උණුවෙන් පිළිගන්වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රුධිර නාලිකා වල තැන්පත් වී ඇති කොලෙස්ටරෝල් දියකර හරින ඖෂධීය පානයක්

රුධිර නාළිකා වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසාත්, එහි නිසි පාලනයක් නොමැති වීම නිසාත් බොහෝ දෙනෙකු තදබල රෝගාබාධයන්ට ලක් වෙනවා. හෘදයාබාධ, ආඝාතය හා ඒ නිසා හටගන්නා අංශභාග රෝග තත්වයන් ඒ අතරින් විශේෂයි. නමුත් රුධිර නාළිකා වල තැන්පත් වූ කොලෙස්ටරෝල් දිය කර හරින විශේෂිත ඉපැරැණි හෙළ වෙද වට්ටෝරු අපේ පාරම්පරික වෙදකම තුළ පවතිනවා.

මේ වට්ටෝරුව ඇසුරින් ප්‍රතිකාරය ඇරඹීමට පෙර සම්පූර්ණ රුධිර විශ්ලේෂණ පරීක්ෂණයක් ( FBC) කරන්න. ඉන්පසුව ප්‍රතිකාරය නිම වී දින 04 කින් පමණ පසුව නැවත එම පරීක්ෂණය සිදුකළ විට අහිතකර කොලෙස්ටරෝල් අගය පහත වැටී තිබෙන අයුරු ඔබට දැකගැනීමට හැකියි.

ඖෂධය පිළියෙල කරගන්නා ආකාරය
මෙම ප්‍රතිකාරය පිළියෙල කරන්නේ මෙහෙමයි. කළුදුරු, සුවඳ කොට්ටන්, එරඬු මුල්, ලුණුවිල, අමු ඉඟුරු, රසකිඳ, ඉඟුරු පියලි, කොළ අරළු, වැල් කහඹිලියා, සිරිතේක්කු, සාරණ මුල්, බෙලි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, පළොල් මුල්, හීන් මිදි මුල්, සල්වැන්න, පුස්වැන්න, එළබටු මුල්, ගොකටු මුල් සම සමව ග්‍රෑම් 27 බැගින් අරගෙන හොඳින් පිරිසිදු කර කොටාගන්න. නැතිනම් හීනියට කපාගන්න. ඒ සියල්ල ප්‍රමාණයෙන් තරමක් විශාල නැවුම් මුට්ටියකට හෝ කළ ගෙඩියකට දමා පිරිසිදු වතුර බෝතල් 16 ක් ඊට එක්කරන්න. එහි කට වැසෙන පරිදි පිරිසිදු රෙදි කැබැල්ලක් බඳින්න. ඊට උඩින් යකඩ කැබැල්ලක් තබන්න. ඉන්පසුව එය එක් දිනකුත් එක් රැයක් ඒ අයුරින්ම තිබෙන්නට හරින්න.

ඉන්පසුව මේ මුට්ටිය හෝ කළ ගෙඩිය මද ගින්නේ එක දිගට දින 03 ක් පමණ ළිප තබා බෝතල් තුනකට සිඳුවා කිහිප සැරයක් එය පෙරා වීදුරු බෝතල් 03 කට අසුරාගන්න. මෙම බෝතල් තුන ශීතකරණයේ තබන්න.

මෙම ඖෂධයෙන් අඬු කෝප්ප කාල බැගින් උදේට හිස්බඩට බොන්න. ඒ වගේම උදේට මෙනේරි හාල් කැඳ ටිකක් බොන්න. පස්වරුවේ 05.00 ත් 06.00 ත් අතර කාලය ඇතුළත ඖෂධයෙන් තවත් අඬුකෝප්ප කාලක් බොන්න. මේ ආකාරයට සකසාගත් ඖෂධ දින 16 ක් පමණ භාවිතයට ගත හැකියි. ප්‍රතිකාර නිමවී දින 04 කට පමණ පසුව නැවත සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ගෙන බලන්න.

එපමණක් නොවේ අක්මා පරීක්ෂණ ( Liver Profice) වාර්තාවක් හෝ Scan වාර්තාවක් ලබාගත හොත් අක්මාවේ අහිතකර මේදයද ඉවත්ව ඇතිබව ඔබට නිරීක්ෂණය කළ හැකියි. නමුත් ඉහත ප්‍රතිකාරය අක්මාවේ මේදය ඉවත් කිරීමට වඩා රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කරන ප්‍රතිකාරයක් හැටියටයි භාවිතයට ගැනෙන්නේ. මෙම ප්‍රතිකාරය ලබා ගන්නා කාලය තුළ තෙල්, බැදුම්, මස්, මාළු හා මිටිකිරි දමා පිසින කෑම අඟුණයි. මෙම ප්‍රතිකාරය අත්දුටු ප්‍රතිකාරයකි.

තොරතුරු :- වෛද්‍යාචාර්ය එන්. බී. වීරප්පෙරුම මහතා, සැකසුම :- හෙළ අරණ™️
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ බෝතල් පාවිචිචිය නිසා පිළිකා හැදෙනවා වහාම ඔබේ පරිහරණයෙන් ඈත් කරන්න

නවීන තාක්ෂණයත් සමග මිනිසාටද ඇත්තේ කාර්යබහුල ජීවිතයකි. ඇතැම් විට ඔවුනට දවසේ පැය 24 ක කාලයද එදිනෙදා ජීවිතයේ කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නැත. මේ නිසා බොහෝදෙනා එදිනෙදා පහසුවෙන් කරගෙන යාම සඳහා නවීන උපකරණ භාවිත කරති. අතීතයේ වී කුරහන්, තල, මෙනේරි වැනි ධාන්‍ය වර්ග නිවසේදීම සකස් කරගත් ගැමියන් අද වන විට විවිධ විදුලි උපකරණ වලින් එම කටයුතු සිදු කරගන්නේ ඔවුන්ගේ වැඩි පහසුව සඳහායි.

එදා උණුකර නිවාගත් හෝ ළිඳෙන් ගත් ජලය පානය කිරීම පුරුදු වූ මිනිසා අද බෝතල් කළ පානීය ජලයට පුරුදුව සිටී. එහෙත් එය කොතරම් ශරීරයට අහිතකරද යන්න ඔවුන් සිතන්නේ නැත. අද භාවිත කරන නවීන පන්නයේ විදුලි උපකරණ මිනිස් ශරීරයට කෙතරම් අහිතකරද? වෛද්‍ය දිලීප වික්‍රමසේකර මහතා අපට මෙසේ පිළිවදන් දුන්නේය.

කාර්යබහුල ජීවන රටාව නිසා අපගේ කෑම බීම පරිහරණය කරන භාණ්ඩ ද සම්පූර්ණයෙන් නවීකරණය වී ඇත. මහන්සියක් හා කාලය වැය කිරීමක් නැතිව ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන උපකරණ භාවිතයට සමාජය පෙළඹී ඇත. ඒ අතර බෝතල් කළ පානීය ජලය මුල් තැනක් ගනී. දැනට සොයාගෙන ඇති පරිදි බෝතල් කළ පානීය ජලය විෂකාරක සුළු මට්ටමේ සිට සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා වෙනස් වන පරිදි අන්තර්ගත වේ. මෙය බොහෝ විට බෝතල් කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් බෝතලය හා එහි මූඩිය මගින් එක්කෙරේ.

මෙහි ප්‍රධාන විෂකාරක දෙකකි. (i) bisaprolol A සහ රසායනික නිෂ්පාදන සංඝටක (ii) Micro Plastic
ප්ලාස්ටික් නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය මෙම ද්‍රව්‍ය කෙළින්ම බෝතල් කළ ජලයට බෝතලය මගින් එක්කරන අතර ජලය ගබඩා කර තිබෙන කාලය සහ ආකාරය අනුව විසරණය වැඩිවේ.

මෙවැනි රසායනික ශරීරගත වීමෙන් හා සාන්ද්‍රගත වීමෙන් පිළිකා අවදානම වැඩිවෙනවාට අමතරව අධික ස්ථූලභාවය, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි හෝර්මෝන ආශ්‍රිත රෝග අවදානම වැඩිවීම සිදුවේ. නවතම සොයාගැනීම් මගින් පෙනීයන ආකාරයට මෙහි අන්තර්ගත සමහර රසායනික ශරීරයේ ඊස්ටජන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරකම් සිදුකරන බැවින් මදසරු බවට හේතුවිය හැක.

එවැනි අවදානම නිසා ලොව bisoprolol අන්තර්ගත ප්ලාස්ටික් බෝතල් හා කුඩා ළමයින්ගේ උපකරණ තහනම් කර ඇත. Micro Plastic වනාහි 5mm ට වඩා කුඩා කැබලිය. බෝතලය පරණවත්ම හා සූර්යා ලෝකයට කෙළින් නිරාවරණය වීම මගින් අන්තර්ගත ජලයට එක්වීම වැඩි වේ.

මේ නිසා වතුර ගබඩා කිරීමට ප්ලාස්ටික් බෝතල් හා ටැංකි ද ආහාර ගබඩා කිරීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ද අවම කළ යුතුය. විකල්ප ලෙස වීදුරු බෝතල් සහ ස්වභාවික භාජන භාවිතයට ගත යුතුය. කෙසෙල් කොළ වැනි දේවල් භාවිතය වඩාත් සුදුසුය. ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතය නොකළ යුතුය.

කෑම පිසීමේදී Micro Wave උඳුන්වල අධික විකිරණශීලීත්වයක් ඇත. විකිරණ මගින් කිරි හා ධාන්‍ය වලින් පිළිකාකාරක සංඝටක නිපදවයි. එම නිසා එවැනි ද්‍රව්‍ය අන්තර්ගත ආහාර සැකසීමට භාවිත නොකළ යුතුය. 60% 90% අතර බොහෝ පෝෂක ගුණයන් අධික තාපය හමුවේ විනාශ වේ.

ඊට අමතරව විටමින් B/C/E විනාශ කරයි. උඳුන වටා ඇතිවන ක්ෂුද්‍ර තරංග වපසරිය ඇතිකරන සෞඛ්‍ය හානිය ගැන අවධානය වර්තමානයේ යොමුව ඇත. ඇලුමීනියම් භාජන Alzheiners වැනි රෝග සඳහා අධිකව ඇලුමීනියම් ශරීර ගතවීම හේතු වේ. නමුත් දිනකට 50mg ට වඩා ශරීරගතවීම ශරීරයට විෂ නොවන ආකාරයට යාමනය කරගත හැක. කෑම පිසීමේ දී යොදාගන්නා භාජන වලින් ඉතා පහසුවෙන් ඇලුමිනියම් ආහාරයට එකතු වේ.

එය වැඩි වේලාවක් පිසීමෙන් පිසූ ආහාර ඒවායේ ගබඩා කිරීමෙන් ආහාරයට එකතු වන ඇලුමිනියම් ප්‍රමාණය වැඩිවේ. ආම්ලික ආහාර (තක්කාලි, දෙහි) යනාදියට ඇලුමිනියම් වැඩිපුර උරාගැනේ. මල නොකන ලෝහ සහ යකඩෙන් සෑදූ භාණ්ඩ මේ ආකාරයෙන්ම ආහාරයට යකඩ, නිකල්, ක්‍රෝමියම් එක් කළ ද ඒවා බො​හෝ විට ශරීරයට අහිතකර මට්ටමට වඩා අඩු අගයක් ගනී. මේ ආකාරයට පළඳුවුණු Nonstick භාජන වලින් භාජන පිරිසිදු කරගන්නා යකඩ දැල් මගින් ලෝහ වර්ග ශරීරගත විය හැක.

ධනු විජේරත්න
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පෝෂණ ගුණයෙන් අනූන චොප්සියක් හදන හැටි

අපේ පාරම්පරික ක්‍රමයට එළවළු ව්‍යංජන උයන එක හොඳයි. හැබැයි බොහෝ විට වැඩිපුර හෝ තනිකර කන්න අමාරුයි. හේතුව ලුණු මිරිස් තුන පහ ගොඩක් දානවා. ආහාර වේලක් හැටියට ගන්නව නම්.. සුප් හෝ තැම්බූ එළවළු ක්‍රමයටයි කන්න වෙන්නේ. ටිකක් ඒකාකාරී.

චොප්සි ක්‍රමයෙදි වාසිය. එලවලු වැඩිපුර හෝ තනිකර කන්න පුළුවන්. ප්‍රෝටීන එකතු කරගන්නත් පුළුවන්. විවිධ වූ රස හා වර්ණවත් කරන්නත් පුළුවන්. දරුවනුත් කැමතියි. එහෙනම් හදල බලමු..

තෙල් භාජනයකට දමා රත්කරන්න. තලාගත් සුදුළුෑණු, අමු ඉඟුරු එක්කර තෙම්පරාදු කරගන්න. ඉහත තෙම්පරාදුවට, කුඩාවට කපාගත් මස් හෝ මාළු එක්කර තෙම්පරාදු කරගන්න. ඉස්සො, දැල්ලොත් පුළුවනි. බිත්තර එක් කරනව නම් අන්තිමට දාන්න. එයටම තැම්බෙන අනුපිලිවෙලට අනුව කපාගත් එළවළු එක්කර තෙම්පරාදු කරගන්න. (කැරට්, බේබිකෝන්, අර්තාපල්, බෝංචි, මල්ගෝවා, ගෝවා.) තෙම්පරාදු වූ පසු, අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා තැම්බෙන්නට හරින්න. ඉන්පසු, කෝන්ෆලවර් ස්වල්පයක් දියකර එක්කර ගන්න. අවසානයේ නිවිති හෝ කොත්තමල්ලි කොළ දමා පදමට ලුණු දමා, අවශ්‍යනම් සීනි ස්වල්පයක්, සෝස් (ගෙදර හදාගන්නත් පුළුවන්) එක්කරගෙන රස විඳින්න..

මේ චොප්සියෙ කෙඳි ගොඩක් තියෙන නිසා බඩ පිරෙනවා. මල ක්‍රමවත් වෙනවා. අර්ශස්, බඩවැලේ පිළිකා අඩු කරනවා. ඛනිජ ලවණ ගොඩක් ලැබෙනවා. බොහෝ විටමින ලැබෙනවා. හොඳ PH අගයක් පවතින නිසා ගැස්ට්‍රයිටිස් සුවපත් කරනවා.

පිෂ්ඨ අඩුවෙන් යොදන නිසා කැලරි අගය අඩුයි. අධි පෝෂණ ලෙඩ වලටත් හොදයි. රාත්‍රී ආහාරයකට කදිමයි. නිවැරදිව තෙල් යොදන නිසා අවශ්‍ය මේද ලැබෙනවා. ප්‍රෝටීන වර්ගත් යොදන නිසා සම්පූර්ණ ආහාරයක් වෙනවා.

ඔබත් නිර්මාණශීලීව මේ ඉදිරිපත් කරල තියෙන අදියර 5 අනුගමනය කරල කැමති වර්ග කැමති ප්‍රමාණයන් භාවිතා කරල ලස්සන රසවත් චොප්සියක් හදාගන්න…

(උපුටා ගැනීම Ashoka Jayantha Jayakody‎)

පිළීකාව නිට්ටාවටම හොඳ කරන වැල, වරකා ගැන ඔබ නොදන්නා දේවල් රැසක්

වැල, වරකා ගැන ශ්‍රී ලාංකික අපට අමුතුවෙන් කිව යුතු නැතත තවමත් අපි නොදන්න බොහෝ පෝෂණ ගුණයන්ගෙන් වරකා සුවිශේෂී කීර්තියක් දිනාගෙන තිබෙනවා. කොස් ඉදෙන විට වැල සහ වරකා යනුවෙන් පලතුරු තත්වයට පත් වෙනවා. ඒ අතර වර්ධනය වුණු වරකා ගෙඩියක් සාමාන්‍යයෙන් රාත්තල් සීයයක පමණ බරින් යුක්තයි.

අපි දන්නා වරකා
අපිත් වරකා ගැන දන්නා දෙයක් තියෙනවා. ඒ වරකා අජීර්ණය වුනොත් තිබෙන අපහසුවයි. වමනයක් ඇති වුනොත් පහසුවෙන් යෑමක් නම් නැහැ. හවස් කාලයේ වරකා ආහාරයට ගතහොත් අජීර්ණ ඇති වෙන්නත් පුලුවන්. ඒ නිසා ඉස්සර කාලයේ අම්මලා දරුවන්ට වරකා ආහාරයට දීලා අන්තිමට මදුලට ලුණු කැට දෙකක් සහ ගම්මිරිස් ඇට කිහිපයක් ඇතුල් කරලා ආහාරයට දුන්නා. එයින් අමුතුම රසයක් ඇතිවුනා වගේම උදරාබාධයන් ඇති වුණෙත් නැහැ. ඔන්න අපි වරකා ගැන දන්න දේ.

අපි නොදන්න වරකා
අපි නොදන්න වරකා පළතුර බංග්ලාදේශයේ ජාතික පළතුර විදිහට සම්මානයට පත්‍ර වුණ පළතුරක්. වරකා වල පෝෂණ ප්‍රභව බොහෝමයක් තිබෙනවා. ඒ අතරට තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, විටමින් වර්ග අතරට විටමින් A, B6 සහ ප්‍රෝටීන් ඇතුළත් වෙනවා. වරකා මදුළු කෝප්පයකින් කැලරි 155 ක්, මේදය ග්‍රෑම් 4 ක්, සංතෘප්ත මේදය, සෝඩියම්, පොටෑසියම්, නයිසින්, රයිසින්, රයිබොප්ලෙවින්, තයමින් සහ ෆෝලේට් වැනි අත්‍යාවශ්‍ය ඛණිජ අන්තර්ගත වෙනවා.

ඔබ වරකා මදුළු ආහාර කෝප්පයක් ආහාරයට ගතහොත් විටමින් වලින් 25% ක් ද, දිනකට අවශ්‍ය තන්තු වලින් 11% ක් ද, වරකා වෙතින් සපුරා ගන්න පුලුවන්. අද බොහෝ දෙනෙක් නිර්මාංශ ආහාර වෙනුවෙන් යොමු වී සිටිනවා. ඒ ගැන තවත් අතුරු විපාකයක් විදිහට බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පෝෂණ ඌණතාවයන් ගැන ගැටලු ඇතිවිය හැකි බවයි. නමුත් නවතම අධ්‍යයනයන් අනුව ඔබ වරකා ආහාරයට ගන්නා නිර්මාංශිකයෙක් නම් ඒ ගැන කිසිම බියක් ඇති කර ගන්න එපා. ඔබ ආහාරයට ගන්නා වරකා මඟින් මෙම පෝෂණ ඌණතාවයන් කිසිම අඩුවක් නැතිව සපුරා ගන්න පුලුවන්.

පිළිකාව ගැන ඇහෙන්නවත් කියන්න එපා
පිළිකාව කියන වචනය අපි අහන්නත් අකමැතියි. ඊට හේතු නැතිව නෙවෙයි. දෙකෙන් එකක් නැහැ පිළිකාව කිව්වොත් මරණ වරෙන්තුව තමා යන අදහස අපේ හිතේ පැලපදියන් වෙලා තියෙනවා. එහි ඇත්තක් නැතුවත් නොවෙයි. පිළිකාවේ නරකම තත්වය වන්නේ එය සුව වීමට වඩාත් බලපාන්නේ පිළිකාව ඇතිවෙන ඉන්ද්‍රිය අනුවයි. මහ බඩවැල් පිළිකාව ගැන කිව්වොත් මෙය සුව කිරීමට අපහසු සහ පැතිරෙන සීග්‍රතාව ඉහළ යන කොටසට ඇතුළත් වෙනවා. ඒත්.. බිය වෙන්න එපා. සුබ ආරංචියක් ඔබට තිබෙනවා.

National Cancer Institute විසින් සපයන තොරතුරු අනුව නම් මහබඩවැලේ පිළිකාව සුවකර ගැනීමට වරකා ආහාරයට ගතහොත් ඉතාම පහසුවෙන් ආරක්ෂාව ලබාගන්න පුලුවන්.

වරකා වලින් පිළිකා සුව වෙන්නේ කොහොමද?
වරකා වල අන්තර්ගත Phytonutrient, Isoflavones, Lignans සහ Saponin වැනි ප්‍රතිපිළිකා සංයෝග මඟින් පිළිකාවන්ට එරෙහිව කටයුතු කරන හැකියාව ලැබෙනවා. ඒ නිසා අපිටත් නොදැනීම සිරුරට පිළිකා ආරක්ෂකයෙක් විදිහට කටයුතු කිරීමේ හැකියාව වරකා මදුලකට තිබෙන බව අමතක කරන්න එපා.

මොනවද මේ Phytonutrient?
ශාකමය පළතුරු වල පමණක් අන්තර්ගත Phytonutrient මඟින් පිළිකාව ඔඩු දිවීමට පෙර වළක්වා ගැනීමට පුලුවන්. මහබඩවැල ආශ්‍රිතව ඇතිවන පිළිකාවක් මුල් අවස්ථාවේදී ම මට්ටු කර ගත හැකිවුවහොත් එය විශාලම ආශිර්වාදයක්. ඒ නිසා වරකා ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය Phytonutrient උපයාගෙන පිළිකාව කියන භයානක වචනයෙන් මිදීමට අපට ද අවකාශය ලැබෙනවා.

එතකොට Saponin?
මේ නමින් හැඳින්වෙන්නේ තවත් පිළිකා නාශක හැකියාව ඇති සංයෝගයක්. මෙය ලියුකීමියා සෛල සමඟත් සටන් කිරීමට තරම් ප්‍රබල හැකියාවක් ඇති සංයෝගයක්. ඒ නිසා Saponin මඟින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇති කරමින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කිරීමට හැකියාවක් තිබෙනවා.

Lignans සහ Isoflavones
2006 වසරේ දී කාන්තාවන් 500 ක් සම්බන්ධ කරගෙන සිදුකරන ද අධ්‍යයනයකින් පිළිකා මර්ධනයට Lignans සහ Isoflavones ලබා දෙන සහයෝගය සොයා බැලුවා. ඊස්ට්‍රජන් හෝමෝනයෙන් කාන්තාවට ලැබෙන ආරක්ෂාව මෙම Lignans සහ Isoflavones යන සංයෝග දෙකෙන් ලැබෙන බව එහිදී පෙනී ගියා. ඒ වගේම මෙම සංයෝග වරකා වල යහමින් අන්තර්ගත වෙනවා. මුලින් සඳහන් කළ කාන්තාවන් අතරින් වරකා ආහාරයට ගත් කාන්තාවන් තුළ, වෙනත් පළතුරු ආහාරයට ගත් කාන්තාවන්ට වඩා Lignans සහ Isoflavones සතුටුදායක මට්ටමකින් පැවතීම විශේෂත්වයක් වුණා.

ප්‍රතිඔක්සිකාරකයක්
වරකා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ප්‍රතිඔක්සිකාරක හෙවත් anti-oxidants මඟින් අපේ සිරුර රෝගකාරකයන්ගෙන් ආරක්ෂා කරනවා. තන්තු බහුල නිසා මහබඩවැලේ සහ ජීර්ණ පද්ධතියේ ඇති විෂ සංඝටක පිරිසිදු කර පිළිකා අවදානම තුරන් කරන්නත් හැකියාව ලබා සිටින පළතුරක්.

ප්‍රතිශක්තිකරණය
වරකා විටමින් සහ සරල සීනි සංයෝගයන්ගෙන් යුක්ත නිසා අපේ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමටත් සමත්කම් දක්වන පළතුරක්.

(පුණ්‍යා චාන්දනී ද සිල්වා)

වෙළඳ පොළේ ඇති පොල්තෙල් වලින් හොඳ පොල්තෙල් බෝතලයක් හඳුනාගන්නේ මෙහෙමයි

පොල්තෙල් කියන්නේ ඈත අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් පවා බොහොම සමීපයෙන් ඇසුරු කළ ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ තෙල් වර්ගයක්. පොල්තෙල් කීවම බොහෝ අයගේ හිතට එන්නේ කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග තත්වයන්. නමුත් මේ රෝග ඇතිවීමට මූලික කාරණය වන්නේ පොල්තෙල් භාවිතයම නොව, අපි ව්‍යායාම සහිත දෛනික ක්‍රියාකාරකම් වලින් බොහෝ සෙයින් ඈත්වී සිටීමයි. අනිත් කාරණය වන්නේ අපි පිරිසිදු පොල්තෙල් කියා බොහෝවිට පරිභෝජනය කරන්නේ පාම් තෙල් ( ෆාම් තෙල් ) වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග සමඟ මිශ්‍ර කරනු ලැබූ පොල්තෙල් වර්ග වීම නිසයි.

වෙළඳපොල තුළ පොල්තෙල් වල වර්ණය බොහෝවිට ප්‍රධාන ආකාර 02 කින් දැකිය හැකියි. පළමු වර්ණය තමයි සුදු පැහැති ( ජලය මෙන් අවර්ණ ) පොල්තෙල්, අනෙක් වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුදු පැහැති පොල්තෙල් විශේෂය වර්ජින් පොල්තෙල් ( Vergin Coconut Oil ) ලෙස හඳුන්වනවා. අනෙක් පොල්තෙල් වලට වඩා මෙහි මිළ තරමක් වැඩියි. මෙම පොල්තෙල් සාදාගනු ලබන්නේ 100%ක් සුදු පැහැති පොල් මදය පමණක් භාවිතා කිරීමෙනුයි. ( කුරුට්ට භාවිතා නොකරයි.) කහ පැහැති පොල්තෙල් විශේෂය සෑදෙන්නේ සුදුපැහැති පොල් මදය සමඟ කුරුට්ටද මිශ්‍ර වීමෙනුයි. මෙම කහ පැහැය ලා කහ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වෙනස්විය හැකියි. කොප්පරා මඟින් තෙල් හිඳින විට එම තෙල් දුඹුරු පැහැයක් ගනු ලබනවා. එසේ වන්නේ එහි ඇති “කැරොටිනොයිඩ්” වර්ණකය නිසයි. ඊට අමතරව තෙල් සකසා ගැනීමේදී පොල් සෙල්සියස් අංශක 350 ට රත්කිරීමේදී ලැබෙන තෙල් ද දුඹුරු පැහැයක් ගන්නවා. එසේ අධික උෂ්ණත්වයකට ලක්කර ලබාගන්නා දුඹුරු පැහැති තෙල් ශරීරයට අහිතකරයි. එමෙන්ම මුඩු පොල්තෙල් භාවිතයද ශරීරයට අහිතකර වනවා.

පොල්තෙල් වල ගුණාත්මකභාවය තහවුරු කරගන්නේ කොහොමද?
අපිට මෙහි ගුණාත්මකභාවය මූලිකවම පැහැය හා ගන්ධය අනුව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

පැහැය අනුව පිරිසිදු පොල්තෙල් හඳුනා ගැනීම.
නියම Vergin Coconut Oil හෝ Pure White Coconut Oil සුදු පැහැයෙන් යුක්තයි. නමුත් කුරුට්ටද සහිතව පොල්තෙල් ලබාගැනීම නිසා වෙළඳපොලෙහි ඇති සාමාන්‍ය පොල්තෙල් තද කහ පැහැයට හෝ රන්වන් දුඹුරු පැහැයක් ගන්නවා. ඉතා තද පැහැයෙන් යුක්ත පොල්තෙල් ඇත්තටම ආහාර සඳහා සුදුසු නැහැ. ඒ නිසා ඔබට වර්ණය අනුව එහි ගුණාත්මක බව හඳුනගන්න පුළුවන්.

ගන්ධය
පොල්තෙල් වල ගුණාත්මකභාවය එහි ගන්ධය අනුවත් හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි වරක් බදින ලද කලවම් තෙල් හෝ ෆාම් ඔයිල් ( පාම් ඔයිල් ) එකතුකළ තෙල් ලිප තැබූවිට පෙණ පෙණ උඩට මතුවෙනවා. ඇතැම්විට පැහැයත් තද කළු පැහැයට වෙනස් වෙනවා. එහිදී ඇතිවන ගන්ධය ද වෙනස්.

හොඳ පොල්තෙල් හඳුනගන්න පුංචි පරීක්ෂණයක්
ගුණාත්මක බවින් හා ප්‍රමිතිගත පොල්තෙල් උෂ්ණත්වයට සංවේදීයි. සෙල්සියස් අංශක 27 දී පිරිසිදු පොල්තෙල් ඝන බවට පත්වෙනවා. මේ නිසා ගුණාත්මක බව මැන ගැනීමට ඔබට මේ විදියෙ පර්‍යේෂණයක් සිදුකරන්න පුළුවන්. ශීතකරණයේ පහළ තට්ටුවේ සෙල්සියස් අංශක 24 හි පොල්තෙල් බෝතලය ටික වේලාවක් තබන්න. ප්‍රමිතිගත පොල්තෙල් නම් අනිවාර්යයෙන්ම ඝන විය යුතුයි.

තවත් විකල්පයක් ලෙස සාමාන්‍ය හොඳ පොල්තෙල් යොදා පහනක් දැල්වූ විට පහන් සිල ඉතාමත් දීප්තිමත් ලෙස දැල්වෙනවා. නමුත් පාම් තෙල් හෝ වෙනත් අසංතෘප්ත තෙලක් කලවම් වී ඇත්නම් එම පොල්තෙල් පහනේ දැල්ල වටේම කළු පැහැයෙන් දිස්වෙනවා. යන්තම් හෝ කළුපාට දැල්ලක් දක්නට ලැබේ නම් ඒවා මිශ්‍ර කළ පොල්තෙල් ලෙස හඳුනාගත හැකියි.

(උපුටා ගැනීම හෙළ අරණ Hela Arana)

දරු ඵල පමාවන කාන්තාවන්ට දරු ඵල හිමි කරදෙන දිව්‍ය ඔසුව ‘තැල් කොළ’

පෙර මෙරට පැවති රාම රාවණ යුද්ධයේ දී හී පහරින් තුවාල ලද්දවුනට ඔසු පිණිස ලක්ෂමණ, ඉන්දියාවේ හිමාල වනයෙන් මෙහි ගෙනෙන ලදුව ව්‍යාප්තවූයේ යැයි ජනප්‍රවාදයේ කියැවෙන තැල් කොළ ත්‍රිවෘත් (Convolvulaceae) කුලයට අයත් වැල් ශාකයක්.ඉන්දියාවේ පමණක් නොව දකුණු අප්‍රිකාව මලයාව, චීනය මලයාසියාව ඔස්ට්‍රේලියාව වැනි රටවල ද දක්නට ලැබෙන තැල් මෙරට මහමඩු අඳුන් පලා නම් වලින්ද, සංස්කෘත දෙමළ භාෂාවලින් ලක්ෂමණ, කුලීනි, නාගිනී, මංජිකා, විරුතාලි, විරුඩාලි ආදි නම්වලින්ද හඳුන්වනු ලබනවා.රස තැල්, වස තැල්, ලප්තැල්, ගොතැල්, වශයෙන් ප්‍රභේදකර දැක්වෙන තැල් වැල් , ලා දම්, සුදු, කහ, වර්ණ මල් වලින් අලංකාරවනවා.

තැල් වටිනා ඔසුවක් මෙන්ම රසවත් ආහාරයක්.අබ කහ සුදුලූ නු ගොරක සමග හීන් කොච්චි පුපුරුවා දමා මිටිකිරි ස්වල්පයකින් උයාගන්නා තැල් කොළ ඇඹුල දිව පිනවන , රසවත් වෑංජනයක්. පෙර රජුන්ගේ බොජුන් පතටත් තැල් කොළ ඇඹුල එක්කරගත් බව සඳහන්. තැල් කොළ, කැඳ මැල්ලුම, නියඹලාව ආදි වශයෙන් ද සකසා ගනු ලබනවා .ආහාර ලෙස වැඩි වශයෙන් යොදාගන්නේ දුඹුරු දම් පැහැති ලප සහිත කොළ ඇති රස තැල් නම් විශේෂයයි.

හෙළ වෙදකමේත් ආයුර්වේදයේත් ඖෂධ පිණිස යොදා ගන්නා තැල් වා පිත් සෙම් තුන් දොස ම සමනය කරන්නක් ලෙස සැළකෙන්නක්. එය විෂ නාශකයක්, ආහාර රුචිකාරකයක් මුත්‍රාකාරකයක්, ලෙස ක්‍රියාත්මක වන්නක්. තැල් කොළ යුෂ එළඟිතෙල් සමග මිශ්‍රකර දින තුනක් පානය කිරීමෙන් මුත්‍රා ආබාධ පාලනය කරගත හැකි බව වෛද්‍ය ලේඛනවල දැක්වෙනවා.

වෙනත් ආහා‍රවලින් ඇතිවන විෂකොටස් බැහරකිරීමට ද ඊට හැකි බව සඳහන්. එය උදර , හදවත්, අක්මා, වකුගඩුරෝගවලට එරෙහිව ක්‍රියාකරන්නක්. අම්ල පිත්ත රෝගය දුරුකරන්නක්. එසේ ම ස්වාශ කාශ ආදි ශ්වසන පද්ධති රෝගද පාලනය කරන්නක්. තැල් කොළ කැඳ, මැල්ලුම් ආදියෙන් දීර්ඝ කාලීන කැස්ස සමනය කරගත හැකි බව ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා.

තැල් කොළ කාන්තාවන්ට වටිනා මිතුරෙක්. එය ඔවුන්ගේ ගර්භාෂ ආශ්‍රිතව ඇතිවන ප්‍රදර හා ආර්තව රෝග තත්ත්වයන් පළවා හරිනවා. දරු සම්පත් අහිමි විට එය හිමිකර ගැන්මට උපකාරිවනවා. දරුවකු පිළිසිඳ ගත්විට මුල් සමයෙහි ඇතිවන වමන ඔක්කාර ගති දුරහැර ආහාර රුචිය ඇතිකරගැන්මට සහාය වනවා. දරුවකු ලද විට මවුකිරි වර්ධනය කර දෙනවා.
වෙද ඉසිවරුන් පවසන්නේ තැල් කොළ යුෂ එළකිරි සමග නිසි කල්හි පානය කිරීමෙන් දරු පල අහිමි කතුන්ට දරු සම්පත් හිමිකරගත හැකි බවයි .කොළ යුෂ නෙල්ලි යුෂ සමග පානය කිරීම ද ඒ සඳහා පලදායක බව සඳහන්.

කාන්තා රෝගවලට ගුණ දෙන ලක්ෂ්මණාරිෂ්ටය සකසනුලබන්නේ තැල් ශාකයේ පංචාංගය යොදාගෙනයි. එය බටු තෙල් නිෂ්පාදනයටත් යොදා ගන්නා බව සඳහන් වෙනවා.

දැඩි ගමන් වෙහෙසින් සෑදෙන උණ සුවකිරීමට තැල් කොළ උපකාරිවනවා. පාදයේ උල් ඇනුණු විට ප්‍රතිකාරකිරීමටත් එය යොදාගනු ලබනවා.

ගොතැල් නමින් හඳුන්වනු ලබන කහ තැල් කොළ (Merremia hederacea) සමෙහි ඇති වන ගෙඩි වණ තුවාල සුවකිරීමට යොදා ගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා .එහි කොළ , පලා ඇඹුල ලෙස ආහාරයට යොදාගන්නා බවද සඳහන්.

වස තැල් (Ipomoea obscura) නම් ප්‍රභේදය සර්ප විෂ දුරලීමටත් ඇස් වෙදකමටත් උපයෝගීකරගන්නා අතර සිරුරේ ඇතිවන තැලීම් වලදී එහි කොළ අඹරා බඳිනු ලබනවා. නමින් වස තැල් වුවද එය කොළ කැඳ ලෙසත් සකසා ගන්නා බව සඳහන්වෙනවා. එහි විස ගති ඇත්තේ බීජයෙහි බවයි පළවෙන්නේ.

(මූලාශ්‍ර හා සේයා රූ- ඔසුපැළ හඳුනාගනිමු පූර්ව සංවාද , වෛද්‍ය ලේඛන, හා අන්තර්ජාලය ඇසුරිනි.)

වකුගඩු ගල් නිට්ටාවටම සුව කරන දිව්‍යමය ඔසුවක් ගෙදරදීම සාදාගන්නා හැටි මෙන්න

වකුගඩු යනු ශරීරයේ ඇති ඉතාමත් වැදගත් කාර්යයන් ඉටුකරන ඉන්ද්‍රියක්. එහි ප්‍රධානම කාර්යය වන්නේ ශරීරයේ අපද්‍රව්‍ය හා අමතර තරල සියල්ල මුත්‍රා බවට පරිවර්තනය කර ශරීරයෙන් ඉවත් කරවීමයි. වකුගඩු මඟින් පැය 24 ක් තුළ රුධිර ලීටර් 120 – 150 ත් අතර ප්‍රමාණයක් මෙලස පෙරීම සිදුකරන අතර එමඟින් පෙරා ඉවත් කරන අපද්‍රව්‍ය කොටස මුත්‍රා ලීටර් 1 – 2 ක් අතර අගයක් ගන්නවා.

වකුගඩු වලින් මිනිස් සිරුර තුළ අඩංගු ඉලෙක්ට්‍රොලයිට විධිමත් හා ස්ථායී කරීමත්, සෝඩියම් පොස්පේට් හා පොටෑසියම් වැනි ඉලෙක්ට්‍රොලයිට මඟින් රුධිර පීඩනය විධිමත්ව පවත්වාගෙන යාමටත් උදව් වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරන හෝර්මෝන නිපදවීමට හා හැම මොහොතකමදී ම ජීවය අවසන් වී යන රතු රුධිරාණු සෛල යළි උත්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය මෙම ඉලෙක්ට්‍රොලයිට මඟින් ලබා දීම සිදුවෙනවා. මේ දේවල් සියල්ල හොඳින් සිදුවීමට නම් ඔබට නිරෝගී වකුගඩු දෙකක් අනිවාර්යයෙන් අවශ්‍යයි.

වකුගඩු තුළ කැල්සියම් එකතුවීම නිසා පාෂාණ වැනි ඝණ ස්කන්ධයන් හට ගැනීම සිදුවන අතර ඒවා ගල් වැනි දැඩි ස්වභාවයකට පත්වන නිසා මේවා ‘වකුගඩු ගල්’ යනුවෙන් හඳුන්වනු ලබෙනවා. මෙම තත්වයට පත් වූ අය ඒ නිසා විඳින්නේ අපමණ වේදනාවක්. ඒ පීඩාකාරී වකුගඩු ගල් කිසිදු වේදනාවක් නැතිව ඉවත් කිරීමේ ක්‍රම රැසක් පවතිනවා. අද අපි ඔබට කියලා දෙන්නේ එයින් සරල එක් ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය – පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක්, පිරිසිදු පානීය ජලය

සකස් කරගන්නා ආකාරය :-
මුලින් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක් හොඳින් සෝදා පිරිසිදු කරන්න. ඉන්පසු එම කොළ මිට කුඩා කැබලි වලට කපාගෙන මුට්ටියකට දමා ගන්න. ඉන්පසු එම මුට්ටියට පිරිසිදු වතුර ඇති තරම් එකතුකොට මිනිත්තු 10 ක් පමණ හොඳින් තම්බාගන්න. ගින්දර නිවා දමා එලෙස සිසිල් වෙන්නට හරින්න. සිසිල් වුණු පසු මෙම මිශ්‍රණය පෙරණයක් ආධාරයෙන් පෙරාගෙන වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තැන්පත් කරන්න.

භාවිතා කරන ආකාරය..
ඔබ කළ යුතු වන්නේ දිනපතා මෙයින් එක් වීදුරුවක් පානය කිරිම පමණයි. කිසිදු වේදනාවක් නොමැතිව වකුගඩු ගල් ඉවත් වී යන ආකාරය ඔබට අත්විඳීමට හැකිවේවි. මේ විතරක් නොවෙයි වකුගඩු වල ක්‍රියාකාරිත්වය හොඳින් තියා ගැනීමට අවශ්‍ය නම් දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට අවශ්‍ය බව අමතක කරන්න එපා. එවිට ඔබේ ශරීරයේ ඇති සමහර අමතර විෂ ද්‍රව්‍ය හා ලවණ මුත්‍රා හරහා බැහැර වී යනවා.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ගොඩක් අය නොදන්නා රුපියල් දහසේ නෝට්ටුවේ කතාව

ඔබ දැකලා ඇති රුපියල් 1000 නෝට්ටුවේ දැවැන්ත හස්තිරාජයෙක් සහ ඒ අසලින් සිටින මිනිසෙකුගේ රූපයක් තියෙනවා. මේ රූපය හා සම්බන්ද සත්‍ය සිදුවීමක් තියෙනවා කියලා ඔබ දන්නවද? අද අපි කියන්න හදන්නේ ඒ කතාව. මේ හස්තිරාජයා සහ මිනිසා ඉපදිලා තියෙන්නේ නැගනහිර පළාතේ. මේ මිනිසාගේ නම උමාර්ලෙබ්බෙ පනික්කාර්. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 1925 වසරේදී ඔහු, 1000 මුදල් නෝට්ටුවේ ඉන්න හස්තිරාජයාව අල්ල ගෙන හීලෑ කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු ඒ ඇතාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙනවා.

මේ ඇතාව අපි දන්නේ ‘රාජා’ කියලා කිව්වහම. දළදා කරඬුව ගෙන යන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සෑම සුදුසු කමක්ම සපුරලා තියෙන මේ හස්තියා ඉතා හොඳින් වැඩුණු සිරුරකට හිමිකම් කියන, ඉතාමත් තේජාන්විතව ගමන් ගත්තෙක්. අංග 7ක් පොළොවේ ස්පර්ශ විය යුතුයි කියලා කියන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සුදුසුකමද රාජාට තියෙනවා. මේ සත්ත්වයා දළදා මාලිගාවට දිගු කලක් සේවය කරලා තියෙනවා. තීක්ෂණ බුද්ධියක් තිබුණු රාජා තමන්ගේ ඇත්ගොව්වටත් ඉතාමත් කීකරුව හිටපු හස්ති රාජයෙක්.

1955 වසරේදී අසේල පෙරහැර සමයේ එක් දිනක කරඬුව වැඩමවාගෙන ගමන් ගත්තු රාජා හස්තියා මහනුවර රැජින හෝටලය අසලදී නතර වෙලා තියෙනවා. ඒ නිසා පෙරහැරද මොහොතකට නතර වෙලා තියෙනවා. එවකට දියවඩන නිලමේ තනතුර හෙබවපු සී. බී. නුගවෙල මහතා පැමිණිලා ආමන්ත්‍රණය කෙරුවත් රාජා ගොරවලා නිහඬ වෙලා තියෙනවා. පසුව හස්තියා දෙස විමසිලිවත්ව බැලීමේදී අනාවරණය වෙලා තියෙන්නේ හස්තියා මත තැම්පත් කරලා තිබුණු රන්සිවිගෙය බැඳලා තිබුණු බඳපටියක් කැඩිලා තියෙනවා කියලා. ඒ වෙලේ හස්තියා ඉදිරියට හරි පිටුපසට හරි ගමන් කලානම් කරඬුව බිමට වැටිලා හානියක් වීමටත් ඉඩ තිබිලා තියෙනවා. ඒ විදිහට බුද්ධිමත්ම කරඬුව රැක ගැනීමට පවා රාජා හස්තියා සමත් වෙලා තියෙනවා.

1938 වසරේදී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු බවට පත්වුණු රාජා ඇතා වැඩිකල් යන්නේ නැතුව දළඳා කරඬුව රැගෙන යන්නත් අවස්තාව ලබා ගන්නවා. මිය යන තුරුම දළඳා කරඩුව වැඩමවූ රාජා හස්තියා අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය සහ ගෞරවය දිනා ගත්තා. 1986 වසරේ අගෝස්තු 20 වනදා රාජා හස්තියාව ජාතික වස්තුවක් විදිහට එවකට හිටපු රජය ප්‍රකාශයට පත් කළා. 1987 වසරේ ජනවාරි 1 වනදා සිදුවුණු රිය අනතුරකින් තුවාල ලබලා රෝගී තත්ත්වයට පත් වුණු රාජා හස්තියා 1988 වසරේ ජුලි 16 වනදා මෙලොවින් සමු ගන්නවා.

මුළු මහත් ජනතාවගේම ගෞරවයට පත් වුණු රාජා හස්තියා සහ ඔහුව දළඳා මාලිගාවට පරිත්‍යාග කරපු උමාර්ලෙබ්බෙ පනික්කාර්ට ගෞරවයක් විදිහට තමයි මොවුන් දෙදෙනාව රුපියල් 1000 නෝට්ටුවේ සලකුණක් විදිහට යොදා ගෙන තියෙන්නේ.

(උපුටාගැනීම අසිරිමත් ලෝකය ඉසුරු ජයසිංහ)

ආමිස පුජාවේ ආනිසංස හරියටම දැනගන්න

බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා උසස් තත්වයකි.

නිර්වාණ මාර්ගඵල තත්වයන් ලබාගැනීම පිණිස ශ්‍රද්ධා, වීර්යය, සති,සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය බල ධර්මයන් පහ සමව වැඩී තිබීම අත්‍යවශ්‍යය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ප්‍රබල අවබෝධාත්මක ශ්‍රද්ධාවක් ලැබෙනුයේ හදවතින් ධර්මය දකින්න දකින්නය. ”ධර්මය දකින්නා මා දකී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ එබැවිනි. නමුත් එක රැයෙන් ධර්මය අවබෝධ කරගෙන, කෙලෙස් ප්‍රහීන කළ නොහැකිය.එයට ගමන් කළ යුතු, වැඩිය යුතු ප්‍රතිපදාවක් ඇත. ධර්මය දැකීමට නම් පියවරෙන් පියවර ගමන් කළ යුතුය.ඉන්ද්‍රිය බල ධර්මයන් ක්‍රමානුකූලව වැඩිය යුතුය. ධර්මය දැක ඉපදෙන ශ්‍රද්ධාවට පළමුව සාමාන්‍ය පෘථග්ජන සිත්වල බුද්ධ රූප දැකීමෙන්, බෝධි වන්දනා ආදිය කිරීමෙන් ශ්‍රද්ධාව ජනිත වේ.

පෙර බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවලදී පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා ආනන්ද බෝධිය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් රෝපණය කළේ බුදුරජාණන්වහන්සේගේ අනුදැනුම මතය. ජීවමාන බුදුරජාණන්වහන්සේට නමස්කාර කරමියි සිතා එයට වන්දනා කිරීමට අදද දහස් ගණන් බැතිමත්තු එවැනි ස්ථානවලට යති. ඔවුන් ශ්‍රද්ධාවෙන් එවැනි උතුම් වස්තූන් වන්දනා කර අප්‍රමාණ කුසල් රැස් කර ගනිති. අනෙත් අතින් ධර්මය හදවතින් දැක, ධර්මය දරණ පුද්ගලයෙක් වේද ඔහු කෙරේද මේ වා කෙරෙහි ඇත්තේ ශ්‍රද්ධාවකි. අප මහා බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික වස්තූන් යන අදහස සිතට නැඟෙත්ම එවැනි පුද්ගලයකුගේ සිත තුළ ඇතිවන්නේ කෘතඥ පූර්වක , ශ්‍රද්ධා සිතිවිලිය.

ධර්මයේ හරය , ඇත්තේ බාහිර වස්තුවක හෝ පොතපතක හෝ බුදු පිළිමයක නොවේය. ඒවාට වන්දනා කළ පමණින් නිවන් දකින්නේ නැත. අඩුම තරමින් ජීවීත කාලයම ජීවමාන බුදුරජාණන්වහන්සේට වන්දනා කළ කළ සිටියද නිවන් දැකිය නොහැක. එසේනම් බුදු පිළිමයකට වැඳිමෙන් නිවන සාක්ෂාත් කළ නොහැකි බවට සැකයක් නැත. නිවන දකින්නේ සම්මා දිට්ඨිය වැඩුණු සිතකිනි. සමාධි ප්‍රඥා වැඩි දියුණු කරන, ශීලයක් රකින පුද්ගලයකු විසින්, තමාගේ සිත තුළ ඇති කෙලෙස් මූලයන් තම ප්‍රඥාවෙන් දැක ඒවායේ අක්මුල් මුළිනුපුටා දමා, අවිද්‍යා, තෘෂ්ණා ආදී සංයෝජනයන්ගෙන් සර්ව සම්පූර්ණ වශයෙන්ම නිදහස් වීමෙනි. ඒ අවබෝධය සෑම බෞද්ධයකු තුළම තිබීම වැදගත්ය. එසේ වූවත් බුද්ධ ප්‍රතිමාවකට, බෝධි වෘක්ෂයකට සැඳැහැ සිතින් වන්දනාමාන කිරීමෙන් තම තමන්ගේ කුසල් සිත් වඩවා ගත හැක. සිත පිරිසිදු කර ගත හැක. ඒවාට විරුද්ධව නැඟී සිටිමින්, විකල්පවාදී අදහස් දරන්නන් නොදැනුවත්වම හෝ කරන්නේ, නිවන් දැකිය නොහැකි අයට කුසලයක් හෝ කරගැනීමට තිබෙන මං අවුරාලීමකි.

එසේම තවත් කරුණක් කිව යුත්තකි. මේ බුදු දහම ලංකාව තුළ රැකී ඇත්තේ අප විසින් පවත්වාගෙන එනු ලබන යම් යම් සංස්කෘතික අංගයන්ගෙන් ලැබෙන අනුබලයද හේතුවෙනි. කෙසෙල් ගෙඩිය ඉතා සියුම්ය.එය පිටත පොත්තෙන් ආරක්ෂා වී නොතිබුණේ නම්, කෙසෙල් ගෙඩිය විනාශ වීම ඉක්මන්ය . එසේම බෞද්ධ දර්ශනය යනුද ඉතා සියුම් ධර්මයකි. සියුම් ප්‍රඥාවෙන් දතයුතු ධර්මයකි. එය සැමට අවබෝධ කළ නොහැක. ධර්මයේ හරය වැනසෙමින් යමින් පවතී. නමුදු ඉදිරි අනාගතයේද පාරමි ඇත්තන් බිහිවෙනු නො අනුමානය. ඔවුන් සඳහා මෙම උතුම් ධර්මය අප සුරැකිය යුතුය. එහෙයින් බුද්ධිමත්ව සලකා බලා කටයුතු කළ යුතුය. ධර්මය රකින මුවාවෙන් පැමිණෙන විෂම අදහස් එලෙසින්ම භාර නොගෙන ප්‍රඥාවෙන් විමසා බැලිය යුතුය.

කෙසේ වුවද, නිර්වාණය යනු තම හදවතින් දැකිය යුත්තකි. ඇතැම් විට උසස් මාර්ගඵල ලැබූවන් බුද්ධ වන්දනා, බෝධී වන්දනා නොකරනු ඇත. එය බොහෝ විට වීමට ඉඩ ඇත. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම සිටින්නේ තම හදවත තුළ බව ඔවුන් ප්‍රත්‍යක්ෂව අත්දැක අති බැවිනි. බුදු ගුණ තිබෙන්නේත් තම සිතේය. ධර්මය තිබෙන්නේත් තම සිතේය. ආර්ය සංඝ රත්නය වැඩ සිටින්නේත් තම සිතේය. හදවත කෙලෙස් මලින් දුරලූ සුගන්ධ කුටියක් වූ කල, බුදුන් සොයා පිටත ගැවසීමට ඔවුනට අවශ්‍ය නොවනු ඇත.

සියල්ල ප්‍රඥාවෙන් විමසා බලා , තම සිතට ගැළපෙන අන්දමින්, තම සිතේ කෙලෙස් මුල් ඉදිරී යන අන්දමින්, තමාට සුදුසු ක්‍රමවේදයන් තෝරා ගෙන, නිර්වාණ මාර්ගය පූරණය කිරීම් තමා සතු වගකීමකි. ඒ සඳහා අවශ්‍ය වීර්යය ඔබ සැමට නිරතුරුවම ලැබේවා.

තෙරුවන් සරණයි..
(උපුටා ගැනීම අමා සුව)