කුරක්කන් වලට වඩා ආටා පිටි දියවැඩියා රෝගීන්ට ඉතා හොඳයි

මුලින්ම බලමු ආටා පිටි කියන්නේ මෙනාවාද කියලා. ආටා පිටි කියන්නෙත් තිරිගු පිටිමයි. නමුත් මේවා නිවුඩු ඇර පිරිසිදු කල ඒවා නොවෙයි. මේ නිසා නිවුඩු හාල් වල ගුණය වැඩියි වගේම මේවාගේ ගුණය පාන් පිටි කියන පිරිපහදු කල තිරිගු පිටි වලට වඩා වැඩියි. නිවුඩ්ඩ තියෙන නිසා ෆයිබරි ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පාන් පිටි වලට වඩා විටමින් මිනරල් ප්‍රමාණයත් වැඩයි. මේ හේතු නිසා පාන් පිටි වලට වඩා ආටා පිටි ගුණදායක බව පිලිගත යුතුය.

ගුණදායකත්වය කෙසේ වුවත් අදාල පිටි වර්ග දෙකේම ඇති ග්ලූටන් ප්‍රිතිශතය නම් සමානය. නිවුඩ්ඩ නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටි වල සාපේක්ෂව අඩුය. ග්ලූටන් යනු අපව ලෙඩකරවන ප්‍රධානම රෝග කාරකයක් බව මම මීට පෙර ලිපි වලින් කිය සිටියා. මේ නිසා මා ඒගැන මෙහි සඳහන් කරන්නේ නැහැ. අදාල ලිපියේ සේලියැක් ඩිසීස් ගැනද සඳහන් කර තිබුනා මට මතක හැටියට. මෙම රෝගයට හේතුව තමයි ග්ලූටන් කියන්නේ. නැතිව ග්ලූටන් සහිත ආහාර මෙම රෝගය ඇති අයට කන්නට හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙය දෙකක් බව වටහා ගන්න.

එක්කො මම ඒ ගැනත් මෙතනම ලියන්නම්. නැත්නම් පෝස්ට් එක හොය හොයා ඉන්න එපැයි නේද?
ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එක අපගේ ආමාශයේ ඇති ආම්ලික තාවයයෙන් බිඳ දමන්නට බැහැ. ඉතින් ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසට නොව විශාල දාමක් ලෙසට කුඩා බඩවැල් වලට ඇතුල් වෙනවා. ග්ලූ කියන්නේ ගම්. ඒ වගේමයි මේ ග්ලූටන්. ග්ලූටන් නැති පිටි වර්ගයකින් පාප්ප හදන්න පරාටා වගේ ඇදෙන සුළු ආහාර වර්ග හදන්න බැහැ. පාන් පිටි වලින් 14% ක් ම තියෙන්නේ ග්ලූටන්. ඔබ පාන් පිටි ග්‍රෑම් 100 ක් ගෙන රොටී හදන්න ගන්න ඩෝ එකක් වගේ අනලා පැත්තකින් තියලා පැයකින් විතර වතුර පයිප්පයට අල්ලලා බෝල් එකක දාලා හෝදන්න. අවසානයේ පිටි ටික සේදිලා පොඩි ගුලියක් ඉතිරි වෙනවා. මේක තමයි ග්ලූටන් . මේවා වතුරෙන් දියකරන්නට බැහැ.

වෙනකක් තියා ඉතාමත් සාන්ද්‍ර මාද්‍යයක් වන ආමාශයික යුෂයේද මේවා දියකරන්නට බැහැ. ඒ වගේම මෙම ග්ලූටන් ගෑවෙන ගෑවෙන තැන ඇලෙනවා. ආමාශයෙන් පහලට යන ග්ලූටන් වලට කුඩාන්ත්‍රයට ඇතුලු වන විට හමුවන්නේ අංගුලිකා. අංගුලිකා වලින් තමයි අපි ගන්නා ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය වන්නේ. ඉතිං අංගුලිකා මේ ජීරණය නොවූ ප්‍රෝටීනයද අවශෝෂණය කරන්නට වෙර දරනවා. මේ නිසාම මේ ඇලෙන සුලු ග්ලූටන් අර අංගුලිකා වල ඇලනෙවා. එසේ ඇලිලා කැඩියා යනවා. මෙසේ කැඩිලා ගිය තැන් වල අංගුලිකා අඩුයි. මෙය කැමරාවක් යොදාගෙන බැලුවොත් අංගුලිකා නැති ස්ථාන කුඩා බඩවැල තුල දැකිය හැකියි. මෙය රෝගයක් ලෙස සලකනවා. එම රෝගයට තමයි සේලියැක් කියලා කියන්නේ. මේසේ ඇති අයට ග්ලූටන් සහිත ආහාර වලින් මිදෙන ලෙසට උපදෙස් ලැබනෙවා. දැන් ඔබගේ ණුවනින් විමසා බලන්න අපි අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න ඕනිද නැතිනම් අශ්වයා ඉන්න වෙලාවෙම ඉස්තාලය වහලා දානවාද කියලා.

ආටා පිටි වලත් 13%ක් විතර ග්ලූටන් තියෙනවා. ඉතිං ආටා පිටි කෑවා කියලා වෙනසක් නැහැ. නමුත් ආටා පිටි වල ග්ලියිසිමික් ඉන්ඩෙක්ස් එක නම් පාන් පිටි වලට වඩා අඩුයි. ඉතිං මේ නිසා පාන් පිටි නොකා ආටාපිටි කනවා. දියවැඩියාව පාලනය කරගන්නට හොඳ ක්‍රමයක් වගේ පෙනුනට වෙනත් ලෙඩ ගොඩක ආරම්භයක්. දියවැඩියාවට හේතුව කතා කලාම මේ ගැන සිතා ගන්නට හැකියි. ඒ ගැනත් මම කතා කලා මට මතක හැටියට. පොඩ්ඩක් බලන්න. ක්රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නිසීයම්.

සින්ක් වැන් මිනරල් කිහිපයක් අඩු වීම තමයි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමට හේතුව. ඉතිං ග්ලූටන් වලින් කරන්නේ පෝෂණය අවශෝෂණය කරගන්නට තියෙන අංගුලිකා විනාශ කරලා දානවා නම් අර කියපු පෝෂණ කොටස් අවශෝෂනය කරන්නට තියෙන දොරවල් නේද වහලා දාන්නේ. මේ කියපු පෝෂ්‍ය කොටස් දෛනිකව ලබා දුන්නා නම් දෙවැනි වර්ගයේ දියවැඩියාව සුව වන බව මා අත්දැක තිබෙනවා. කරන්නට ඇත්තේ ආහාර ටික හදාගන්න එක විතරයි. නමුත් දැන් කියන්නේ කන්න එපා කියන එක විතරයි. කන්න අවශ්‍ය ටික කියන්නේ නැහැ. මේනිසාම මෙම රෝගය සුව කරන්නට නොහැකි සාදාකාලික රෝගයක්. නැවත නැවත සිතන්න. යමක් වැටහේවි.

දැන් බලමු කුරක්කන් ගැන. කුරක් කන් වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක ආටා පිටි වලට වඩා වැඩියි කියන එක තමයි අදාල ලිපියේ තිබුනේ. මට වැරදිලා නම් නිවැරදි කරනු ඇතැයි සිතනවා.

ග්ලයිසිමික් ඉනිඩෙක්ස් ( GLYCEMIC INDEX – GI ) එක කියන්නේ අපි ගන්නා කාබෝ හයිඩ්රේට් ප්‍රමාණය ග්ලූකෝස් වලට කඩා රුධිරයට එක්වන්නට ගත වන කාලය හා සම්බන්ධ මිණුම් දණ්ඩක්. ඇත්තටම කුරක්කන් වල GI එක ආටා පිටි වලට වඩා වැඩියි. මෙම සාදකය පදනම් කරගෙනම තමයි දියවැඩියාව තියෙන අයට කුරක්කන් අගුණ බව අදාල ලිපියේ දක්වා තිබුනේ. නමුත් GLYCEMIC INDEX එකට අමතරව GLYCEMIC LOAD (GL) කියලා එකකුත් තියෙනවා. GLYCEMIC LOAD කියලා කියන්නේ අදාල ආහාරයේ ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයයි. මේ අගය මෙම ආහාර දෙකේ විශාල වෙනසක් තියෙනවා. ආටා පිටි වල 70% ක්ද කුරක්කන් වල 30% ක් විතරද වෙනවා. මේ දෙක ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න.

දැන් බලන්න අපිට ආටා පිටි වලින් හදන ආහාරයක් කොපමණ ප්‍රමාණයක් අනුභව කරන්නට හැකිද කියන එක. සහ කුරක්කන් පිටි වලින් සදන ආහාරයක් අනුභව කරන්නට හැකිද යන එක. කුරක්කන් පිටි වලින් හදන ආහාර වැඩිය කන්න බැහැ නේද? මම හිතන්නේ ඔබට මේ අත්දැකීම ඇති. මේකට හේතුව තමයි අපගේ මොළය විසින් ඉල්ලන පෝෂණය ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකින් සපුරා ලන්නට කුරක්කන් වලට හැකි වීම. අදාල අපේක්ෂිත පෝෂණය ලැබුනාම බඩගින්න කියන සංඥාව නවතිනවා. ඉතිං බඩ පිරිලා වගේ දැනෙනවා. මේ නිසා අපි ආහාරයට ගන්නා කැලරි ගාන අඩු වෙනවා. අඩු කැලරි ගණනකින් දවසකට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි හොදම ක්‍රමයක් තමයි කුරක්කන්.

මේ සියළුම කාරණා වලින් දැක්වෙන්නේ ආටා පිටි වලට වඩා කුරක්කන් වලින් සදන ආහාර දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි. තව කෙනෙක් දැනුවත් කරන්නට හැකියි ෂෙයාර් කලානම්. මෙත් සිතිනි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඔබේ ගෙවත්තේ ඉඩ අනුව අඩු ඉඩකට ගැලපෙන බඳුන් වගාව පටන් ගන්න විදිය

ඔබට හැකි ආකාරයට තම ගෙවත්තේ ම යමක්‌ වවා ගැනීම ප්‍රතිඵලදායක ය. එහෙත් මෙහි දී නාගරිකව ජීවත් වන්නවුන්ට බලපාන ප්‍රශ්නයක්‌ ලෙස ඉඩකඩ මඳ බව ඉස්‌මතු වේ. එයට පිළියමක්‌ ලෙසට බඳුන්ගත එළවළු වගාව හඳුන්වා දිය හැකිය. බදුන් වල එළවළු වගා කිරීමේ දී බෝගයේ ස්‌වභාවය අනුව බඳුන තෝරා ගැනීම ඉතා වැදගත් ය. ශාකයේ වර්ධනයේ ආකාරයට බඳුන වෙනස්‌ විය යුතු ය. උදාහරණයක්‌ ලෙස සොලනේසි කුලයට අයත් වන තක්‌කාලි, වම්බටු, මාළුමිරිස්‌ ආදියේ ගස්‌ උසට වැඩෙයි. ඒවා අතුපතර විහිදී වැඩෙයි. වැටකොළු, පතෝල, කරවිල වැනි කුකර්බිටේසි කුලයේ ශාක වැඩෙන්නේ වැල් වශයෙනි. රාබු, බීට්‌රූට්‌, කැරට්‌, නෝකෝල් ආදි ශාක කුඩාවට වැවෙයි. මේ ශාකවල වර්ධන ස්‌වරූපය අනුව බඳුනේ ප්‍රමාණය ද තෝරා ගත යුතු ය.

බඳුන් වශයෙන් යොදා ගන්නා දේ ගැන සලකා බැලීමේ දී ඒ සඳහා ද වැඩි වියදමක්‌ නො යන දේ යොදාගත හැකි ය. මේ සඳහා ඉවත දමන පොහොර බෑග්, හාල් බෑග් ප්‍රයෝජනවත් ආකාරයට යොදාගැනීමට පුළුවන. එයින් පරිසර දූෂණය ද අවම කළ හැකි ය. රිජිෆොaම් පෙට්‌ටි, වැහි පිහිලි ලෙස යොදාගනු ලබන බට, ටයර්, ටින්, පළුදු වූ ප්ලාස්‌ටික්‌ භාජන ආදිය ද භාවිතයට ගත හැකි ය. ජලය බැස යැම සඳහා ක්‍රමවත් ආකාරයක්‌ යොදා ගැනීම ඉතා ම අවශ්‍ය ය.

සාමාන්‍යයෙන් සොලනේසි කුලයේ බෝග ලෙස යොදා ගන්නා බටු, මිරිස්‌, තක්‌කාලි, වැනි බෝගවලට සෙ.මී. 30-45 පමණ උස, විෂ්කම්භය සෙ.මි. 30-40 පමණ වන බඳුන් යෝග්‍ය ය. සාමාන්‍ය කි.ග්‍රෑ. 10 ප්‍රමාණයේ මලු මේ සඳහා යොදාගත හැකි ය. රාබු, කැරට්‌, බීට්‌ වැනි බෝග සඳහා එතරම් උසකින් යුත් බඳුන් අවශ්‍ය නො වේ. ඒ සඳහා කි.ග්‍රෑ 5 ප්‍රමාණයේ මලු යෝග්‍ය වේ. කොළ එළවළු වර්ග වගා කිරීමට නම් සෙ.මි. 15ක්‌ පමණ උස ප්‍රමාණයේ බඳුන් යෝග්‍ය වේ. ඉවත දමන ටයර්වල ද ඉතා ක්‍රමවත් ආකාරයට කොළ වර්ග වගා කළ හැකි ය. කි.ග්‍රෑ 20, 50 ප්‍රමාණයේ මලුවල පහසුවෙන් අල වර්ග වගා කළ හැකි ය. මඤ්ඤොක්‌කා වැනි අල සඳහා කි.ග්‍රෑ 50 ප්‍රමාණයේ මලු යෝග්‍ය ය. වැල් අල වර්ග, ගහල වර්ග සඳහා ද මලු යොදා ගැනීමට පුළුවන. මේ උස, පළල ප්‍රමාණ ගැන අවබෝධ කරගෙන නිවසේ ඉවත දමන, සිදුරු වන ප්ලාස්‌ටික්‌ බාල්දි, බේසම් ආදිය වගාවන් සඳහා යොදාගත හැකි ය.

දැන් බොහෝ ස්‌ථානවල ස්‌ථිර බෝග වර්ග පවා බඳුන්වල වගා කර තිබෙනු දැකගත හැකි ය. මේ සඳහා ප්‍රමාණයෙන් විශාල සිමෙන්ති පෝච්චි, හිස්‌ තාර බැරල් ආදිය යොදාගෙන තිබෙන ආකාරය පෙනෙන්නට තිබේ. ඒවා සීමිත බිම් ප්‍රමාණයක වැඩුණත් අවශ්‍ය ප්‍රමාණයට පැළෑටි පෝෂක ලබා දීම මඟින් සාර්ථකව වර්ධනය වන බව දැකගත හැකි ය.

බෝග වර්ගය අනුවත්, බඳුනේ ප්‍රමාණය අනුවත් එක්‌ බඳුනක සිටුවන පැළ ප්‍රමාණය තීරණය කළ යුතු ය. උදාහරණයක්‌ ලෙස කුඩා බඳුනක පැළ (තක්‌කාලි, බටු වැනි) 2ක්‌ සිටවුව හොත් එම පැළ වර්ධනයට අවශ්‍ය ඉඩකඩ මඳකම නිසා හොඳ වර්ධනයක්‌ බලාපොරොත්තු විය නොහැකි ය. එහෙත් එවැනි තැනක එක පැළයක්‌ සිටුවුව හොත් ප්‍රතිඵල ඊට වඩා සතුටුදායක විය හැකි ය. එමෙන්ම එක ම වර්ගයක පැළ බඳුන් කිහිපයක සිටුවන විට එක ම ප්‍රමාණයේ පැළ සිටුවා ගැනීමෙන් ඒකාකාර වර්ධනයක්‌ දැකගත හැකි ය. එවිට එහි අලංකාරයක්‌ ද ගෙන දෙයි. බීජ සිටුවන විට ද එක ම ගැඹුරකින් බීජ තැන්පත් කිරීම වඩා වැදගත් ය. සාමාන්‍යයෙන් සෙ.මි. 1ක පමණ ගැඹුරකින් සිටුවීම යෝග්‍ය ය. කෘමින් ගෙන් හා වෙනත් උවදුරුවලින් බීජ ආරක්‌ෂා කිරීම පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය. බඳුන් මාධ්‍යයෙහි තෙතමනය පරීක්‌ෂා කර ජලය ලබා දීම වැදගත් ය. බීජ පැළ වීම, කෘමි හා වෙනත් උවදුරුවලින් බීජ ආරක්‌ෂා කිරීම පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය. බඳුන් මාධ්‍යයෙහි තෙතමනය පරීක්‍ෂා කර ජලය ලබා දීම වැදගත් ය. බීජ පැළ වීම ආරම්භ වූ පසු ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිටීම අවශ්‍ය ය. නැතිනම් ළපටි පැළවලට හානි සිදු විය හැකි ය. විශේෂයෙන් ම තද වර්ෂාව, කොළ අතුවලින් වතුර බිංදු බේරීම, ළපටි පැළවලට හානිදායක ය.

පත්‍ර දෙක තුනක්‌ පැමිණෙන විට බඳුනට අවශ්‍ය ප්‍රමාණයට වඩා පැළ තිබේ නම් ඒවා ඉවත් කළ යුතු ය. මේ ඉවත් කරන පැළවල මූල පද්ධතියට හානියක්‌ නො වන ආකාරයට ඉවත් කරගෙන වෙනත් බඳුනක සිටුවා ගැනීමට ද පුළුවන. පැළ ක්‍රමයෙන් වර්ධනය වන විට ක්‍රමයෙන් හිරු එළියට හුරු කළ යුතු ය. පස්‌ කුට්‌ටියත් සමග පැළ සිටුවීමට යොදා ගන්නේ නම් බොහෝ වාසිදායක තත්ත්වයක්‌ ලබා ගැනීමට පුළුවන. එසේ සඳහන් කරන්නේ ළපටි මුල්වලට ඉන් හානියක්‌ නො වීම නිසා ඉක්‌මනින් යථා තත්ත්වයට පත් වන බැවිනි. ආරම්භයේ දී ලැබෙන එම දිරිය පැළයේ ඉදිරි වර්ධනයට ඉතා ම හිතකර ය. ඉතා කුඩා බීජ සහිත වර්ග වන බටු, මාළුමිරිස්‌, තක්‌කාලි, ගෝවා වැනි බෝග සඳහා බඳුනක සිටුවා දැඩි කරගත් පැළ ස්‌ථිර බඳුනේ සිටුවීම ඉතා යෝග්‍ය ය.

තවාන් බඳුනක්‌ සකස්‌ කර ගැනීම සඳහා විෂ්කම්භය සෙ.මි. 10-12 තරම් වූ, උස සෙ.මී. 15 තරමේ පොලිතීන් බඳුන් සකස්‌ කරගත හැකි ය. මේ සඳහා හිස්‌ යෝගට්‌ කෝප්ප, පොල් කටු, කෙසෙල් පට්‌ටාවලින් සකස්‌ කරගත් බඳුන් ආදිය වුව සාදා ගැනීමට පුළුවන. කුමන දෙයක්‌ භාවිත කළත් ජලය නො රැඳෙන ආකාරයට වැඩි ජලය ඉවත් වීමට සිදුරු සකස්‌ කර ගැනීම අවශ්‍ය ය. මෙය ඉතා ම වැදගත් ය. තවාන් මාධ්‍ය ඉතා සියුම් වීම, ළපටි පැළ වර්ධනයට හිතකර ය. හොඳින් හලා ගත් මතු පස්‌ වියළුණු ගොම සමාන ප්‍රමාණවලින් (1(1 අනුපාතයට) ගෙන මිශ්‍ර කරගත යුතු ය. අළු හෝ කර කරගත් දහයියා සුළු වශයෙන් හෝ එක්‌ කරගත හැකි නම් වඩාත් සුදුසු ය. බඳුන්වලට මිශ්‍රණය පුරවා ගැනීමට පෙර පොලිතීන් බඳුන් වැනි දෙයක්‌ යොදා ගන්නවා නම් යට කෙළවර මුලු දෙකෙන් මඳක්‌ ඇතුළට සකස්‌ කර ගැනීමෙන් බඳුනට ශක්‌තිමත් බවක්‌ ලබා ගත හැකි ය.

වෙළෙඳපොළේ තවාන් තැටි වෙන ම මිල දී ගැනීමට තිබේ. ඒවා යොදන්නේ නම් වාර කිහිපයක්‌ පාවිච්චියට ගැනීමට පුළුවන. වගාව සඳහා යොදා ගන්නා. මාධ්‍යයට දිලීර නාශක ස්‌වල්පයක්‌ යොදා ජීවාණුහරණය කර ගැනීමෙන් වැඩෙන පැළ දිලීරවලින් ආරක්‌ෂා කරගත හැකි ය. සිටුවීමට යොදා ගන්නා බීජ ද දිලීර නාශකයක්‌ යොදා ජීවාණුහරණය කර ගැනීමෙන් බීජ මගින් පැතිරී යා හැකි දිලීර මර්දනය කර ගැනීමට පුළුවන. මේ සියලු කටයුතු ඉටු කර ගැනීම මගින් කුඩා පැළවල නිරෝගීභාවය ආරක්‌ෂා කර ගැනීමට හැකි වේ.

හොඳින් සකස්‌ කරගත් මාධ්‍යයක සිටුවන නිරෝගී බීජ මගින් නිරෝගී පැළ ලබා ගැනීමට හැකි වනවා මෙන්ම එවැනි ම බඳුනක ඊළඟට ද සිටුවීමෙන් පැළවල වර්ධනය සාර්ථක වේ. වගා මාධ්‍යයේ සාරවත්භාවය අනුව පොහොර වර්ග ලබා දීමට කටයුතු කළ යුතු ය. පැළ හොඳින් පත්‍ර සහිතව, අතු බෙදෙමින් වර්ධනය වන්නේ නම් අමතරව පොහොර යෙදීමට උනන්දු නො විය යුතු ය. සමහර දෙනෙක්‌ පැළ සිටුවූ දින සිට ම පොහොර යෙදීමට උනන්දු වෙති. දියර පොහොර යෙදීමටත්, වෙනත් රසායනික පොහොර යෙදීමටත් පටන් ගනිති. කුඩා කල සාරවත් වර්ධනයක්‌ නො පෙන්වයි නම් පමණක්‌ නයිට්‍රජන් වැඩි පොහොරක්‌ ලබා දීම අවශ්‍ය ය. යුරියා වැනි කැට පොහොර යෙදීම ඉතා නිවැරැදිව කළ යුතු ය. සති දෙකක්‌ පමණ යන විටත් පැළ සාර්ථක වර්ධනයක්‌ නො පෙන්වයි නම් පමණක්‌ නයිට්‍රජන් වැඩි පොහොරක්‌ ලබා දීම අවශ්‍ය ය. යූරියා වැනි කැට පොහොර යෙදීම ඉතා නිවැරැදිව කළ යුතු ය.

සති දෙකක්‌ පමණ යන විටත් පැළ සාර්ථක වර්ධනයක්‌ නො පෙන්වයි නම් පමණක්‌ ඉතා සුළු ප්‍රමාණයක්‌ යෙදිය හැකි ය. එහෙත් සැම විට ම කාබනික පොහොර මගින් මේ අවශ්‍යතාව සපුරා දිය හැකි ය. මල් පිපෙන අවස්‌ථාව වන විට පැළයෙහි වර්ධනය දුර්වල බව පෙනෙන්නට තිබේ නම් පමණක්‌ පොටෑසියම් අඩංගු පොහොරක්‌ ලබා දීම කළ හැකි ය. මේ අතර වාරයේ සාරවත් මූල මණ්‌ඩලයක්‌ පවත්වා ගැනීමටත්, පටකවල වර්ධනයටත් බලපාන පොස්‌පරස්‌ මුලද්‍රව්‍යය ද අවශ්‍ය ය. මේ කාල වකවානුවලට ගැළපෙන ලෙස නිෂ්පාදිත රසායනික පොහොර මිශ්‍රණ වෙළෙඳපොළේa මිල දී ගැනීමට ඇත. දියර පොහොර වශයෙන් යෙදීමට තිබෙන්නේ ද මෙම පෝෂ්‍ය පදාර්ථ අඩංගු දියර පොහොර ය. කෙසේ වෙතත් රසායනික පොහොර යෙදීම අවශ්‍ය වන්නේ පැළෑටි දුර්වල ලක්‌ෂණ පෙන්වන්නේ නම් පමණක්‌ බව විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සත්ත්ව පොහොර ලෙස ලබාගත හැකි ගොම පොහොර, කුකුළු පොහොර, එළු පෙහොර, ඌරු පොහොර, වවුල් පොහොර ඉතා වටිනා කාබනික පොහොර වේ. එහෙත් කුකුළු පොහොර සුළු ප්‍රමාණයක්‌ යෙදීමට වග බලා ගන්න. බ්‍රොයිලර් පොහොර සැර ගතියෙන් අඩු ය. මෙම සත්ත්ව පොහොර යොදාගෙන සකස්‌ කරනු ලබන කොම්පෝස්‌ට්‌ පොහොර ඉතා ම වටිනා කාබනික පොහොරකි. එහෙත් වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට තිබෙන බොහෝ කොම්පෝස්‌ට්‌ පොහොරවල ප්‍රමිතිය අඩු මට්‌ටමක තිබිය හැකි නිසා ඒවා යොදන විට ප්‍රතිඵල අඩු වීමට ඉඩ තිබේ. වගාවේ පත්‍රවල පැහැපත් බව අනුව යොදන පොහොරවල සාර්ථකභාවය නිගමනය කළ හැකි ය.

බඳුන් වගාවේ දී ඉතා වැදගත් වන අනෙක්‌ කාරණය හිරු එළිය ලැබෙන ආකාරයට ඒවා තැන්පත් කිරීම ය. හොඳින් කෙළින් ම පැළෑටිවලට පතිත වන හිරු එළිය සාර්ථක වර්ධනයකට හේතු වේ. පැළෑටිය බඳුනෙන් ඉවතට නැවී හිරු එළිය සොයා යැමට පෙලඹෙයි නම් ඒ බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි ය. පැළෑටිය හොඳින් කෙළින් වැඩේ නම් හිරු එළිය හොඳින් පැළෑටියට ලැබෙන බවට සාධකයකි. අද බොහෝ දෙනෙක්‌ නිවාස ඉදි කරන විට යොදා ගනු ලබන කොන්ක්‍රීට්‌ ලැලි (ඤබජරුඑe sක්‌ඉs) මත වගාවන් සිදු කරති. එම ස්‌ථානවලට හොඳින් ලැබෙන හිරු එළිය සාර්ථක වගාවක්‌ සඳහා හේතු වෙයි. මේ නිසා ම නාගරික ප්‍රදේශවල වගාවන් කරන බොහෝ දෙනකු දැන් යොමු වී තිබීම සතුටට කරුණකි. සාර්ථක එළවළු, පලතුරු ආදි බෝග මේ ආකාරයට ම සිටුවාගෙන මල් වගාවක්‌ කරනවාට වඩා මානසික සතුටක්‌ ලබා ගැනීමට මේ පිරිස පෙලඹී සිටිති. මේ ස්‌ථානවල නිර්පාංශු වගාවන් ද පහසුවෙන් කළ හැකි ය. වැහි පිහිලි ආදිය පවා යොදාගෙන පස්‌ රහිතව කරන වගාවන් මෙම ස්‌ථානවල කළ හැකි ය.

කුඩා ඉඩක කරන බඳුන් වගාව වඩාත් හොඳින් පවත්වා ගැනීමට ස්‌ථිරව පැළ සිටුවන මාධ්‍ය ද සාරවත් විය යුතු ය. මතුපස්‌ (සාරවත්), කොම්පෝස්‌ට්‌ හා වැලි 3 ( 2 ( 1 අනුපාතයට පැළෑටියට හිතකරය. වැලි යෙදීමෙන් ජල වහනය සඳහා හිතකර පරිසරයක්‌ ලබා දීමට පුළුවන. වැලි යොදන විට රළු වැලි යොදා ගැනීම අවශ්‍ය ය. බඳුනට මාධ්‍ය යොදන විට කට මට්‌ටමට අඟල් 2-3ක්‌ පමණ පහළට සිටින ලෙසට පිරවිය යුතු ය. බඳුන පිරි යන ආකාරයට යෙදීමෙන් ජලය යොදන විට මාධ්‍ය පිටතට ගලා යාම සිදු වේ. වැල් දුවන එළවළු වර්ග වන කරවිල, වැටකොළු, පිපිඤ්ඤා ආදී බෝග වවන විට ඒ සඳහා ආධාරක ලබා දිය යුතු ය. ඒ සඳහා ක්‍රමයක්‌ ලෙසට බඳුනේ ම කෙළවර ක්‍රමවත් ආකාරයට බටයක්‌ යෙදීම කළ හැකි ය. නැතිනම් මේ වර්ග කිහිපයක්‌ එක ළඟින් වගා කර පොදුවේ පත්දලමක්‌ සකස්‌ කර දිය හැකි ය. ආරුක්‌කු ආකාරයට නමා සකස්‌ කරන කම්බි, පීවීසී බට, ඨගෂ පයිප්ප ආදිය ද සකස්‌ කර ගැනීමට පුළුවන. එයින් අලංකාරය ද ලැබේ. කොළ එළවළු වගාවට යොදාගන්නා බඳුන් උඩකින් එල්ලා ගැනීමෙන් ද අලංකාරයක්‌ ලැබේ. උණ බට, වැහි පීලි, ටයර ආදිය භාවිතයට ගැනීමට පුළුවන.

බඳුන් තැන්පත් කරන විට ඒවා එක ළඟ තැන්පත් නො කර මඳක්‌ ඉඩ තබා තැන්පත් කිරීමෙන් නිදහසේ වර්ධනය වීමට අවශ්‍ය ඉඩකඩ ලැබේ. සෙ.මී 30-45 පමණ ඉඩ ලැබෙන ලෙස තැන්පත් කිරීම වඩා සුදුසු ය. එක පේළියට තබනවාට වඩා ත්‍රිකෝණකාර ක්‍රමයට තැබීමෙන් ඉඩ පිරිමැහීමත් අලංකාරයත් ලැබේ. වැල් දුවන වර්ග පිටුපසටත්, ඊළඟ උසකින් යුත් වර්ග ඉදිරියටත්, කෙටි ව වැඩෙන පලා වර්ග ඉදිරියටත් තැබීමෙන් උස මට්‌ටම් අනුව ද අලංකාරයක්‌ ලැබේ. මේ අතරට දාස්‌ පෙතියා වැනි කහ පාට මල් වර්ග සිටුවා ගැනීමෙන් පළිබෝධින් ගෙන් ආරක්‌ෂාව ද ලැබේ.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගුප්ත දොරකින් වැසී පවතින පිදුරංගල යට ගිය කතාව

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල. සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමකුත් තියෙනවා. පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි; සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක.

ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශියක් තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 – 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා. පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා. මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා.

මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා. ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්. මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්..

මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල ‘පිරමීඩ’ අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන “ඇට්ලාන්ටික්” නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ ‘මායාවරුන්ගේ ශිෂඨාචරය’ ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා. සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවා

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි ‘පිදුරංගල’ ගැන සාකච්ඡාවට නැගේවා..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

98% ක් ම නොදන්නා ධර්ම චක්‍රයේ ගැඹුරු අරුත මෙන්න

ධර්මය ගොනු කර, රථ රෝදයක ආකාරයෙන් ඉදිරිපත් කැරුණු සැලැසුම දක්වන ලිපියකි මේ. බුදු දහම සංකේතවත් කැරෙන මූලිකතම ලාංඡනය ධර්ම චක්‍රය යි. බුද්ධ – බෝසත් චරිත ප්‍රකට කිරීම සඳහා ක්‍රි.පූ. 3 වන සියවස වැනි ආදි යුගවලදී සිරිපතුල, චක්‍රය, ඇත් රූපය ආදිය භාවිත කළ බව සාන්චි – භාරුත් කැටයම් මගින් පැහැදිලි ය. ඒ යුගයේ චක්‍රය ධර්මයේ ආධිපත්‍යය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ ස්ථානවලදී ඉදිරිපත් කැරුණු බව මෞය¸ යුගයේ විශිෂ්ට කලා කෘති සේ පිළිගැනෙන සිංහ රූප සහිත ධර්මචක්‍ර ස්තම්බවලින් වටහාගත හැකි වේ.

අශෝක සමයට අයත් එකී සිංහ කුලුනුවල ශීර්ෂය ධර්මානුකූල පාලනය නිරූපණය සඳහා කොතරම් අපූරු දැ යි වටහාගත් ඉන්දීය දේශපාලනික පඬිවරුන්ට 1947දී ජාතික නිදහස ලබා ස්වෛරී – ස්වාධීන රාජ්‍යයක සංකේතය කුමක් විය යුතු දැ යි විමසන විට මේ අශෝක සිංහ කුලුනු හිස ඒ සඳහා ඉතා උචිත බැව් පෙනී ගියේ ය. ඒ අනුව ඉන්දීය කොඩියේ දැක්වෙන්නේ අශෝක ධර්ම චක්‍රය යි. පුරාණයේ සිට සිංහ රූපයෙන් පෙරපර දෙදිග සංකේතවත් කර ඇත්තේ තේජස, නිරවද්‍යතාව, තියුණු බුද්ධිය හා යුක්තිගරුක භාවය යි.

ඒ රූප අතර ධර්ම චක්‍රය නිර්මාණය කර, රාජ්‍ය ආඥාව චක්‍රයක් සේ භ්‍රමණය වෙමින් පැතිරී යන බවත්, එය ඒකාන්තයෙන් කායික හික්මීම, චෛතසික නිරවුල් බව හා ප්‍රඥාවෙන් තීරණ ගැනීම යන ගුණාංගවලින් සමන්විත වීමේ අවශ්‍යතාවත් සංකේතවත් කැරිණි. මෙයින් ප්‍රචණ්ඩ වූ ආධිපත්‍යය හෝ කුරිරු රාජාඥාව අනුමත නොවූ බව හා ධර්මය පදනම් කරගත් පාලනය පමණක් ම රජතුමා පිළිගත් බව පැහැදිලි වෙයි.

ධර්මාශෝක රජතුමා ධාර්මික රාජ්‍ය පිළිවෙතට හැරීම, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කිරීමෙන් වූ වෙනසක් බවත්, එතැන් සිට දිග්විජය අතැර ධර්ම විජය ආරම්භ කැරුණු බවත් පැහැදිලි කරුණකි. ස්මිත් වැනි බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් පවා පිළිගෙන ඇත්තේ ධර්මාශෝක රජතුමා තරමට ධර්මිෂ්ට වූ වෙනත් රජ කෙනකු ගැන ලෝක ඉතිහාසයෙහි කියවා නැති බව යි.

බුදු දහමේ දියුණුවට හා ව්‍යාප්තියට සිදු වූ සේවාව සමඟ ධර්මානුකූල රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යෑමටත්, කූටෝපානයක් නොවූ සැබෑ සුහදතාවෙන් අසල්වැසි රාජ්‍යයන් සමඟ සබඳතා පවත්වාගැනීමටත් අශෝක රජු දැක්වූ උනන්දුව එතුමාගේ සැබෑ ධාර්මිකත්වය පිළිබිඹු කිරීමක් බව සෑම ඉතිහාසඥයකු ම පිළිගෙන ඇත. මේ රජු ධර්මය බලයක්, ශක්තියක් බව හා එය චක්‍රාකාර ව සංසරණය වන බව පිළිගෙන තිබේ. ඒ බව කාලිංග ගිරි ලිපිය ඇතුළු ශිලා ලිපි ගණනාවකින් ම පැහැදිලි කැරේ.

ධර්ම ශක්තිය චක්‍රාකාර බවත්, එය ජීවිතයේ සෑම අවස්ථාවක ම සංසරණය විය යුතු බවත් පැහැදිලි කළේ බුදු රජාණන් වහන්සේ ප්‍රථම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මගිනි. මෙම පළමු දේශනාව පවත්වා ඇත්තේ බුද්ධත්වයෙන් මාස දෙකහමාරක පමණ කලකට පසු ව ය.

බුදු බව ලැබීමෙන් පසු පළමු සතිය ධර්ම මනසිකාරය සඳහා (අවබෝධ කරගත් ධර්මය මුල සිට අගටත්, අග සිට මුලටත් සිහිපත් කිරීම), බුද්ධ ඤාණ පරීක්ෂාව (බුද්ධත්වය හා උපන් ඤාණ සම්භාරය එකිනෙක අත්හදා බැලීම) යන දෙකරුණට ගත විණි. අනිමිසලෝචනය, රත්නචංක්‍රමණය ආදි වූ සතිවලින් අවසන් සත්වැන්න ගයාවට ආසන්නයේ වූ කිරිපලු රුක් සෙවණේ සමාධි සුවයෙන් කල් ගෙවා ඇත.

සත්වන සතිය අවසන නැගී සිටි තථාගතයන් වහන්සේ, යළිත් එළු රංචු බොහෝ සෙයින් ලැග සිටින අජපල් නුගරුක මුලට වැඩ, “මා අවබෝධ කරගත් ධර්මය ලොවට ඉදිරිපත් කරන්නේ කෙසේ ද?” යනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවට යොමු වූහ. මේ වන විට බුද්ධත්වයෙන් මාස දෙකක පමණ කාලයක් ගත ව තිබිණි. නේරංජා නදී තීරය, ගයා වන ළැහැබ අතර වූ සිහිල් රම්‍ය ප්‍රදේශයේ හුදෙකලා වීම මුන් වහන්සේට ප්‍රයෝජනවත් වූයේ නිසල ජලයෙහි පියුම් මතු වන්නාක් බඳු නැවුම් සිතිවිලි ධාරාඋපදවාගැනීම සඳහා ය.

මතු කරගත් මුතු – මැණික් සම්භාරය අර්ථවත් ව සමාජ ප්‍රයෝජනය සඳහා යෙදවීමට සැලසුම් කරන, ඒ සඳහා පිරිස කවුරුන් දැ යි තෝරන දානපතියකු සේ බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය කොතනක, කවුරුන්ගෙන්, කවර ආකාරයකින් ආරම්භ කළ යුතු ද? යනු නිශ්චය කරගැනීමට මේ නිසල හුදෙකලා කාලය ප්‍රයෝජනයට ගත්හ. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග තවුසන්, තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින් ම ශ්‍රවණයට යෝග්‍ය ශ්‍රාවකයන් ලෙස බුදු රජාණන් වහන්සේට අදහස් පහළ වූයේ දෙකරුණක් නිසා ය.

ඔවුහු බෝසතාණන් වහන්සේ අතිදුෂ්කර ව්‍රත සමාදානවල යෙදුණ සමයෙහි ඉතා සමීප ව ඇප-උපස්ථාන කළ පිරිස වූහ. බෝසතුන් රජගහ නුවරට අයත් මහ වන පෙදෙසින් නික්ම ගයාවට පැමිණෙන විට, දැඩි පිළිවෙත් නිවනට මග නොවන බව හැඳින ඒවා අතැර පිඬුසිඟා වැඩ, ලද ආහාරයක් අනුභවය පටන් ගන්නවාත් සමඟ මේ පස්දෙනා “සිදුහත් කුමරු වැරදි මගට පිළිපන්නේ යැ” යි කියමින් එතුමන් අතැර මහා ගංගාවෙන් ද එතෙර වී උතුරට ගමන් කර ප්‍රසිද්ධ ඉසිපතනයේ වාසය සඳහා පිටමං වූ හ.

බුද්ධත්වනේ පසු ඔවුන් ගැන සිහි කරනා විට බුදුන් වහන්සේට පෙනීගියේ, තමා අතැර ගිය ද ඔවුන් හිතකාමී, නිවැරදි පිරිසක් ලෙසට ය. එය පළමු කරුණ විය. දෙවැන්න වූයේ පස්වග තවුසන් නිවරද මගට ගැනීමේ යුතුකමක් ද තමා වෙත පැවරෙන බව ය. ඔවුන් පස්දෙනා බෝසතුන් දුෂ්කර ක්‍රියාවේ යෙදුණු මහ වනයට යවන ලද්දේ පියාණන් වූ සුදොවුන් රජතුමා විසිනි. අනතුරුවලින් වළකා තවස් දම් රැකීමට ආධාර වනු පිණිස එවූ මොවුන් වරෙක ආරක්ෂකයන් ලෙසින් ද, තවත් වරෙක උපස්ථායිකයන් ලෙසින් ද කළ කටයුතු සිහිපත් කළ එතුමන්ට පස්දෙනාගේ මූලිකයා වූ කොණ්ඩඤ්ඤ තමා ළදරු කල දේහ පරීක්ෂාවට පැමිණි බමුණු ගුරුන් අතර වූ ළාබාල වූ ද, “බුදු වනු විනා අන් කවරකට හෝ පත් නොවන බව“ ස්ථිර ව පැවසූ මහා නුවණැත්තා බව ද සිහිපත් විය.

බුදුන් වහන්සේ ඔවුන් සොයා ඉසිපතනයට යෑමේ දීර්ඝ ගමනට පිළිපන්හ. අතරමග මුලින් ම හමු වූයේ උපක ආජීවකයා ය. මොහු ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත්, ජීවිතාන්තය දක්වා ව්‍රත සමාදානයෙන් කල් ගෙවන පූජකවරයෙකි. ගසක් යට සෙවණේ සමීප ව හිඳ කතාබහට මුලපිරූ උපක “ඔබ කොහි යන්නහු ද? කවර ආචාර්යවරයකු ගුරු කොට කවර පිළිවෙතක පිහිටියක්හු ද?” ආදි ප්‍රශ්න රැසක් විමසා සිටියේ ය. “මම ධර්ම චක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමින් සිටිමි” යනුවෙන් උන් වහන්සේ පිළිතුරු දීම ආරම්භ කළහ (ධම්මචක්කං පවත්තේතුං). බුද්ධ ධර්මය චක්‍රාකාර බව පැවසෙන මුල් ම අවස්ථාව මෙය වේ.

ධර්මය ගොනු කර, රථ රෝදයක රූපාකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා බුදුන් වහන්සේ සැලසුම් කළේ බුද්ධත්වයෙන් අනතුරු ව දෙමාසයක් පමණ වූ කාලයක් නේරංජරා නදිය අසබඩ ගයා තීර්ථයේ වැඩ සිටි සමයේ ය. බුද්ධකාලීන භාරතීය නානා ආචාර්යවරු ඔවුන්ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ සමාජ දර්ශන සංකේතාත්මක ව රූපාකාරයෙන් දැක්වීමේ සම්ප්‍රදායකට හුරු ව සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

ක්‍රි.පූ. 8 – 4 අතර කාලය භාරතීය ආගමික හා දාර්ශනික චින්තකයන් රැසක් පහළ වූ කාලයකි. අබ්‍රාහ්මණික සම්ප්‍රදායේ මතවාදීන් බහුල වීමත්, තරගයට මෙන් ඒවා ඉදිරිපත් කිරීමත් සිදු වන විට, ජනයාට ඒ අතර විශේෂතා හඳුනාගැනීම පහසු කරනු පිණිස රූපමය සංකේත භාවිතය අවශ්‍යතම කරුණක් සේ සැලකිණි.

මේ සම්ප්‍රදාය ක්‍රි.පූ. 2000ට පමණ ඉහත වූ මොහෙන්ජොදාරො – හරප්පා ශිෂ්ටාචාර යුගයේ පවා භාවිත වූවක් බව පිළිගැනේ. පශුපති, ජගන්මාතා, ලිංගපූජා ආදි වූ ඇදහිලි හා සම්බන්ධ සංකේත ඒ ආදි යුගයේ භාවිතා වූ බවට සාක්ෂි ඇත. වෙසෙසින් ඉන්දීය සංස්කෘතියෙහි මුද්‍රා හා සංකේත භාවිතය සුවිශේෂ ලක්ෂණයකි. ජෛන මහාවීර ආචාර්යතුමන්ගේ අනුගාමිකයෝ සුපිපි නෙළුම් මලේ සංකේතයට ප්‍රණාම දැක්වීමට පුරුදු ව සිටියහ.

ක්‍රි.පූ. 3 – 2 සියවස්වල නිර්මාණය වූ බෞද්ධ සංකේතවල ප්‍රධානත්වය දරන ධර්මචක්‍රය බුදුන් වහන්සේ විසින් “ධර්මචක්‍රය පැවැත්වීමට ඉසිපතනය බලා ගමන් කරමි”යි කරන ලද භාෂිතය අනුව ඉන් සියවස් දෙක හමාරකට පමණ පසුව අශෝක අධිරාජයාගේ උපදේශයට අනුව නිර්මාණය විය. බුදුරදුන් මේ පළමු දේශනාවට වඩින ගමනේදී මුලින් ම හමු වූ උපක ආජීවකට “ධර්මචක්‍රය ප්‍රවර්තනය” කිරීම සම්බන්ධ ව කළ අවධානාත්මක ප්‍රකාශයට සමීප දහම් බෙර ලැවීම (ධම්ම භේරිංබරාපේතුං) සඳහා යන ගමනක් බව හා දහම් වැසි වැස්සවීම (ධම්ම මේඝ) සඳහා වූවක් බව ද පවසා තිබේ. “දහම් අමාව ලොව ගලා යෑමට සලස්වා ඇත. සවන් දෝතින් ගෙන එය පානය කරත්වා!” යන ආකර්ෂණීය දැන්වීමක් ද කර තිබේ.

දහම් බෙර ලැවීම, දහම් වැසි වැස්සවීම, අමා ගඟ ගලා යෑමට සැලැස්වීම යන සන්නිවේදන අතිශය ජනකාන්ත වුව ද බහුජන ආකර්ෂණයට බෙහෙවින් පාත්‍ර වූ ප්‍රකාශනය ධර්මචක්‍රය ප්‍රවර්තනය නොහොත්, “ලෝවටා ධර්මය භ්‍රමණය වීමට සැලැස්වීම” යන්න ය. මෙයට හේතුව “චක්‍ර ප්‍රවර්තන” යනු චක්‍රවර්තී රජතුමාගේ ධර්මාධිපත්‍යය යන ඉපැරණි භාරතීය රාජ්‍ය සංකල්පය සමඟ එක් මාවතේ ගමන් කරන්නක් වීම ය. සිදුහත් කුමරු සක්විති රජ වීමේ වාසනා ගුණ සහිත වුව ද, එම ආධිපත්‍යය අතැරදැමුයේ අලුයම හෙළන කෙළපිඬක් සේ යැ යි ධර්ම සාහිත්‍යයේ දැක්වේ. උන් වහන්සේගේ ලුහුබැඳීම වූයේ භෞතික සම්පත් සාධනය මගින් ප්‍රජාව පිනවීම නො වේ.

තමා විමුක්තියට පැමිණ සත්ත්ව ලෝකයාට ද ඒ මග හෙළි කර ඔවුන් ද පරම සුඛයට පත් කිරීම ය. මේ සඳහා සියලු ලෞකික බැඳීම් අතැරදැමීම (අභිනික්මන), වනගත ව බවුන් වැඩීම මගින් සත්‍ය සෙවීම (වානප්‍රස්ථ) අවශ්‍ය ම මාර්ගය බව සලකා එය අනුගමනය කළහ. මේ මග එකල භාරතීය වියත් ජනයාගේ ජීවන සම්ප්‍රදායයක් බවට ද පත් ව තිබිණි. බොහෝ පුණ්‍ය – බල – ඤාණ සම්පත් සහිත වූ කුලපුතුන් ලෞකික සැපත හැරදා බවුන් වැඩුමට වනගත වූ බවට වාර්තා ඇත. සිදුහත් කුමරුන්ගේ ප්‍රවේශය ද එක් වියත් ඤාණගවේෂි ගණයට අයත් වුව ද විශේෂතාව වූයේ ඒ බොහෝදෙනා තමන් කිසියම් ආචාර්යවරයකුගේ අතවැස්සකු බවට පත් වීමෙන් සෑහීමට පත් වුව ද, මෙතුවක් ගමන්මගේ අතරක නොසිට පරම විමුක්තිය ලබාගැනීම සඳහා තමා ම මෙහෙයවීම ය. මෙතුමන්ට කාලාම ක්ෂත්‍රිය පරපුරට අයත් ආළාර හා උද්දක රාමපුත්‍ර තවුසන් දෙදෙනාගෙන් චෛතසික ශක්තියේ උසස් තලයට නැගීමට මාර්ගය පෑදිණි.

උද්දක රාමපුත්‍ර විඥානය මගින් ලෝකය අල්ලාගැනීම (භෞතික හා චෛතසිකමය වශයෙන්) සපුරා අතහරින නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය දක්වා චිත්ත ශක්ති වර්ධනයේ මාර්ගය පහදා දී එහි ඵලාධිගමයට ද උපකාර වූ හ. එහෙත් බෝසතාණන් ක්ලේශ ප්‍රහාණය (සපුරා කෙලෙස් දුරු කිරීම) හා බුද්ධ ඤාණය මෙම තවුසන්ගේ ප්‍රතිපදාවෙන් අත් නො වන බව තියුණු නුවණින් දැන, නේරන්ජරා නදී තීරයේ බෝධි මූලයට පැමිණියේ එම දෙකරුණ සාක්ෂාත් කරගැනීම සඳහා ය. බෝධි මණ්ඩපයේදී, බෝසතුන් ක්ලේශ ප්‍රහාණයට (කෙලෙස් දුරු කිරීමට) සමතෙක් විය. ඒ කරුණ විසිතුරු උපමාවකින් දක්වා ඇත්තේ, දිගුකලක් තිස්සේ ගේ හදන වඩුවා සොයමින් සිටි කෙනකුට හදිසියේ ම ඔහු දැක හැඳිනගැනීමට ලද අවස්ථාවක් ලෙස ය.

වඩුවා තෘෂ්ණාව ය. සසර ගමනේ නවාතැන් ගැනීමට ගෙවල් හදන මොහු හැඳිනගැනීම යනු තෘෂ්ණාවත්, එහි කාර්යයත් අවබෝධ කරගැනීම ය. සංසාරය ද චක්‍රයකි. එයට ගමන් කරන වේග ශක්තිය ලබාදෙන්නේ ද තෘෂ්ණාව යි. ගෙවල් හදන වඩුවා – සංසාර චක්‍රය – එය භ්‍රමණය කරන ජව ශක්තිය, මේ සියලු උපමා හා සංකේත අන් කිසිවක් නොව, තෘෂ්ණාව ම බව පහදාගත් බුදු රජාණෝ එය නැති කිරීම සඳහා ශක්තිමත් වන්නේ ධර්මචක්‍රය බව බුද්ධ ඤාණයෙන් අවබෝධ කරගත්හ.

ධර්මචක්‍රය ගරාදි අටකින් යුක්ත ය. යහපත් දැක්ම, යහපත් සංකල්පනා ආදි වූ කරුණු අට කේන්ද්‍රගත ව ඇත්තේ සීල – සමාධි – පඤ්ඤා නම් වූ, කාය – වාක් සංවරය, චිත්ත සමාධිය හා අනිත්‍ය – දුක්ඛ – අනාත්ම වශයෙන් ලොව දෙස බලන ප්‍රඥාවෙන් යුක්ත වීම යන ශක්තීන් මත ය. මෙහි පැවැත්ම රථ චක්‍රයක ගරාදි බොස්ගෙඩියෙහි සවි වී තිබෙන්නාක් වැනි එකිනෙකෙහි ආධාරයෙන් පවත්නා ස්වභාවයක් බව වටහාගත හැකි ය. ගරාදි – බොස්ගෙඩිය, පට්ටම එකිනෙකින් වෙන් කළ හොත් රථ චක්‍රයක් නොපවත්නා සේ, ආර්ය මාර්ගයට අයත් කරුණු අටත් සීල – සමාධි – ප්‍රඥාවෙන් එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. මේ චක්‍රයේ පැවැත්ම, මෙහි සංචරණය සිදු වන්නේ රවුමට සවි කරන පට්ටම නිසා ය.

චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය – සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ආදි වූ ධර්ම කාරණා මෙම චක්‍රයට අන්තර්ගත වූ එහි පැවැත්ම ස්ථිර කරන්නා වූ අංගයෝ ය. මේ උත්තරීතර මානව ධර්මයේ සංයුතිය ලෞකික – ලෝකෝත්තර සුබ සාධනය අපේක්ෂා කරන බැවින් චාරිත්‍ර වාරිත්‍ර වැනි සුළු කරුණක පවා යහපත් බව (සම්මා) අපේක්ෂා කැරේ. ආර්ය ශ්‍රාවකයා සෑම ඉරියව්වකදී ම, නින්දේදී පවා සිහි එළවා සිටිය යුතු යැ යි අවධාරණය කර ඇත්තේ, යහපත් දැක්ම (සම්මා දිට්ඨිය) සමඟ ඇවිදීම – සිටගෙන සිටීම වැනි ඉරියව්වක පවා සබැඳියාවක් පවත්නා නිසා ය.

බෝමැඬදී අවබෝධ කරගත් ධර්මය, මානව ජීවන ප්‍රතිපදාවේ චාරිත්‍රයක් වැනි සුළු කරුණක් සමඟ ද සම්බන්ධය පැහැදිලි කැරෙන ඥාන මාර්ගයක් නිසා ධර්ම චක්‍රයක් බව වටහාගත් බුදුන් වහන්සේ එය මුල් වරට හෙළි කළ යුත්තේ යම් ධර්ම ශක්තියක් ඇති පිරිසක් ඉදිරියෙහි බව තීරණය කළහ.

පස්වග තවුසන් ඉසිපතනයෙහි වෙසෙන බව දැනගත් එතුමෝ උපක ආජීවක හමුවේදී ඉසිපතනය බලා ගමන් ගන්නා බව පැවසුවේ ඉහත සඳහන් බෞද්ධ ජීවන ප්‍රතිපදාව නොහොත් ධර්ම චක්‍රය ප්‍රවර්තනය සඳහා වන උද්යෝගීමත් ගමන ගැන ය. දීර්ඝ – දුෂ්කර චාරිකාවක් වූ එය, රෝහිත වස්තු, උරුවිල්වා කල්ප, අරුණාලය, සාරථිපුර පසු කර ගංගා නදියෙන් එතෙර ව බරණැස් නුවරට යොමු වී තිබිණි. ඒ ගමනේ රාත්‍රි නවාතැන්පළවල දී නව හඳක් පායා එන බව කිහිප දිනකදී ම දක්නට ලැබිණි.

ආසාළ්හ මාස (ඇසළ මස) පුරහඳ ශාස්ත්‍රීය වූ ද විමුක්ති දායක වූ ද ධර්ම දර්ශන ප්‍රකාශන සඳහා ආශීර්වාද ලබා දෙන බව භාරතීයයන්ගේ පිළිගැනීමකි. එහෙත් බුදුන් වහන්සේගේ අභිප්‍රාය වූයේ සුදුසු බිමක ම (යෝග්‍ය පිරිසක් ඉදිරියෙහි) ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම ය. කෙසේ නමුත් උන් වහන්සේ ඉසිපතනයට පා තැබුයේ ජන විශ්වාසය වූ ආශීර්වාදාත්මක ඇසළ පුන් පෝ දා ය. බුදුරදුන් පස්වග තවුසන් වෙත වඩිනු දුටු විගස කායික වශයෙන් උන් වහන්සේ ප්‍රභාස්වර ව සිටිනු දැක, සිද්ධාර්ථ ගෞතමයන් තපසින් ගිලිහී, පිහිට පතා අප වෙත එතැ” යි කල්පනා කළහ.

උන් වහන්සේට ආගන්තුක සත්කාර කිරීමට පවා මැළි වූ ඔවුන් බුදු හිමියන් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග කිහිප විටක් පැවසුව ද විශ්වාස නොකළ අතර, නව සොයාගැනීමක් ඇතැයි කියූ විට එය ද අවඥාවෙන් බැහැර කෙරිණි. “මා කිසිදා ඔබ බොරුවෙන් රවටා ඇද්දැ” යි අසා තමන් වහන්සේගේ සත්‍යවාදීත්වය අතීත ප්‍රවෘත්තිවලින් පවා ගෙනහැර පෑමට උන්වහන්සේට මෙහිදී සිදු විය.

කෙසේ නමුත් පස්වග තවුසෝ මුන් වහන්සේ කුමක් පවසනු ඇද්දැයි විපිළිසර වූවෝ හිර බසිමින්, සඳ නැෙඟමින් ඉසිපතනය මිශ්‍රවර්ණ සහිත ආලෝකයෙන් නැවුම් අසිරියකට පත් වන මොහොතෙහි තුරුගොමුවක් පසුබිම් කරගත් සහන් එළියක කථිකයාණන්ට අසුනක් පනවා ඒ වටා චක්‍රාකාර ව පත්කඩ එළා හිඳගත්හ.

බුදුන් වහන්සේට පස්වග තවුසන්ගේ හැසිරීම හොඳට හුරු ය. ඔවුන් මේ මොහොතෙහි කර ඔසවා නෙත් දල්වා තමන් වහන්සේ වෙත ආකර්ෂණය වී සිටින්නේ පිට වන හැම වචනයක් ම හොඳින් අසාගැනීමට හා විමර්ශනයට ය. සැඳෑ යාමයේ, දිනයට නියමිත අවසන් ගීතිකා මහ හඬින් ගයන කුරවි කෙවිල්ලෝ ද බිමට නැමුණු අතුපතරෙහි ලැග මේ අමුත්තාගේ හඬ ඇසීමට නිහඬ වූ හ. තවුසන් හා මිතුරු දමින් කල්ගෙවන හා- මුවපොව්වෝ ද බුලත් හපමින් ඇස් අයා කන් යොමා අසල තැන්පත් වූ හ.

පරිසරයට නෙත්හෙළූ කථිකයාණන්ට සඳ නැඟෙන මේ යාමයේ ධර්ම චක්‍රය දියත් කිරීමේ මොහොත පැමිණ ඇති බව පැහැදිලි විය. එදින දියත් වූ ධර්මචක්‍ර දේශනාව නිමා වූයේ ආරම්භයේදී බුදුනට අවනත නොවූ කොණ්ඩඤ්ඤ සෝවාන් පලයට පත් වීමෙන් හා ඉතිරි සිව්දෙනා බුදු සව්වන් බවට පත් වීමෙනි. එතැන් සිට අතිදීර්ඝ කාලයක් ලොව සැරි සරන ධර්මචක්‍රය මිනිස් ප්‍රජාව උතුම් සීලාචාර බවට පත් කිරීමෙහි සමත් විය. ඉදිරි කාලයේදී ධර්මචක්‍රයේ අනුහස වඩ වඩාත් ලෝකයට දැනෙනු ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රජවරුන් පවා ආහාරයට ගත්, පබිලිස් සිල්වා මහතා හදන තිරිවානා ගල් කරිය

මගේ පොත ‘සූපවංශය’ එළිදක්‌වපු දවසින්ම මම මේ කථාව ආරම්භ කරන්නම්. එදා මම ලංකාවෙ පළමු වරට දන්දිල අලවලින් (රාජඅල) රොටි හැදුවා. ඒ රොටිය හදන තාක්‌ෂණය මම ගත්තෙ ජපානයෙන්. මොකද ජපන් රටේ විවිධ අලවර්ග භාවිත කරලා ඉතා රසවත් ලෙස රොටි වර්ග සකසනවා. ඒ ආභාසය ලබාගෙන මම අපේ රටේ තිබෙන දන්දිල අල රොටිය හදනවා. එදා මගේ ‘සූපවංශය’ පොත දොරට වැඩීමේ උත්සවය වෙනුවෙන් සූදානම් කළ කෑම මේසයට තමයි ප්‍රථම වතාවට මම ඒක එක්‌ කරන්නෙ.

දන්දිල අල කියන්නෙ සූරලා පොත්ත අරින්න බැරි අල වර්ගයක්‌. මේ අල වර්ගය අපේ රටේ උතුරු ප්‍රදේශයේ දමිළ ජනතාව පුඩිමක්‌ හදන්න පාවිච්චි කරනවා. ඒ අයගෙ විශ්වාසයක්‌ තියෙනවා, මේක බොහොම ශක්‌තිමත් ආහාරයක්‌ කියලා. දන්දිල අලයක්‌ ගත්තොත් ඒකෙ ඇතුළෙ තියෙන්න නානු වගේ සෙවල ද්‍රව්‍යයක්‌. දන්දිල අලය කෑලි කපන්න බැහැ. අර මම කිව්ව “නානු” වලින් තමයි මේ රොටිය හදන්නෙ. ඒක හදන්නෙ මෙහෙමයි. දන්දිල අල කිලෝ එකකට පිටි මේස හැඳි දෙකයි බිත්තර කහමද දෙකයි අවශ්‍ය ලුණු ප්‍රමාණය දාල මේක හොඳින් හැඳිගානවා. ඊට පස්‌සේ වක්‌කරන්න තියන්නෙ හරියටම කිව්වොත් බිත්තර ඔම්ලට්‌ එකක්‌ දාන්නේ අන්න ඒ විදිහට සකසා ගන්න එකයි තියන්නෙ.

ඊට පස්‌සෙ ඒක හයි වෙනවා. තව එදා තිබුණ අලුත් ආහාරයක්‌ තමයි ගැටපොළොස්‌ ලැවරිය. ඒකත් කෑම මේසයට අලුතින් එකතු කළ ආහාරයක්‌. ඒක ආහාරයට ගන්න කම් හුඟ දෙනක්‌ හිතුවෙ පොල් පැණිවලින් හදපු ලැවරිය කියලා. නමුත් ඒක හැදුවෙ ගැටපොළොස්‌වලින්. හැබැයි ගැට පොලොස්‌ කරියක්‌ හදලා ඒකට ඇතුළු කළා නම් ලැවරිය එකක තිබෙන මතුපිට පැහැය වෙනස්‌ වෙනව. එදා හුඟ දෙනෙක්‌ මගෙන් අහපු පැනයක්‌ තමයි මොනවද මේ ලැවරිය එක ඇතුළට දාල තියෙන්නෙ කියන එක. ඒක කොහොමද හදන්නෙ කියන එක මම ඉදිරියෙදි පැහැදිලි කරන්නම්. මම මේ කියන්න උත්සාහ කරන්නෙ මේ දේවල් අපි අත්හදා බැලීම් කළ යුතුයි කියන එකයි.

මම මීට පෙරත් පුවත්පතකට කිව්වා පොල් ගෙඩියක පොල්කට්‌ට හැර මදය සහ මතුපිට ආවරණය. ආහාරයට ගන්න පුළුවන් විවිධ අවස්‌ථා කීපයක්‌ සම්බන්ධව. පොල් මලක හටගන්න. සියුම් පලයක්‌නෙ අවසානයේ පොල් ගෙඩියක්‌ වෙන්නෙ. අන්න ඒ එක්‌ එක්‌ අවස්‌ථාවන් තුළ උදාහරණයක්‌ විදිහට ගත්තොත් කුරුම්බැට්‌ටියෙන් සලාදයක්‌ එහෙමත් නැත්නම් පරිප්පුවලට බොහෝ සෙයින් සමාන වෑංජනයක්‌ හදන්න පුළුවන්. ඒ ගෙඩිය තව ටිකක්‌ මෝරල කුරුම්බ බවට පත්උනහම එතෙන අතුරුපස හදන්න පුළුවන්. අපට පොල් වර්ග අටක්‌ තිබෙනවා. ඒ අතරින් එකක්‌ තමයි “නැවැසි” එහෙමත් නැත්නම් ඇතැමුන් කියන පරිදි ‘නවසි’ පොල් ගෙඩියෙ පොල් ලෙල්ල කහට ගතියක්‌ නැහැ.

ඒ ලෙල්ලෙ ළපටි කාලෙ පැණි රසක්‌ තියෙනවා. කොළ පාට පොත්ත ඇරල ගත්විට කන්න පුළුවන්. ඒකෙනුත් හුඟක්‌ දේ කරන්න පුළුවන්. රසවත් කරියක්‌, සලාදයක්‌ විදිහට නවසි පොල් ගෙඩියෙ ලෙල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ අප අවට තියෙන බොහෝ දේ මේ වෙද්දි අපි ඉවත දැම්මට ඔය බොහෝ දේ තුළ විශේෂයෙන්ම ආහාර සම්බන්ධව ගත් කල ඒව ඉවත නොදැමිය යුතු දේවල්. මම හිතනව ඒ සම්බන්ධව රට දැනුවත් කරන්න මාධ්‍ය මගිනුත් විශාල වැඩ කොටසක්‌ සිදුකළ යුතුයි කියලා.”

“දැන්…. සති දෙක තුනකට පෙර ‘දිවයින’ පුවත්පතට අදහස්‌ දක්‌වමින් මම ප්‍රකාශ කරපු දෙයක්‌නෙ තිරිවානා ගල්වලින් කරියක්‌ හදන්න පුළුවන් කියන එක. ඔව් රජවරු පවා තමන්ගෙ ආහාරවේලට තිරුවාන ගල් අරන් තිබෙනවා. කෙනෙක්‌ හිතන්න පුළුවන් කොහොමද තිරුවානාගල් කන්නෙ කියලා. සූප ශාස්‌ත්‍රය කියන්නෙ අන්න ඒකට. ගල් කන්නෙ නැහැ. නමුත් ගලේ යම් සාරයක්‌ තිබෙනවා නම් අන්න ඒක තිරුවානාගල්වලට එකතු කරන අනෙකුත් අඩුම කුඩුමවලට උරාගන්නව. ඒ හින්ද තමයි පෙර රජ දරුවො තමන්ගේ රාජභෝජනවලට මේක එකතුකර ගත්තෙ.

දැනට වසර දෙකකට විතර පෙර අපේ ගල්කිස්‌සෙ මහ හෝටලයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානයක්‌ පිළියෙල කරනවා. ඒක සියක්‌ නමකට සූදානම් කළ පුණ්‍යකර්මයක්‌. අන්න ඒ දානය වෙලාවේ මම මේ තිරිවානා ගල් මිශ්‍ර වෑංජනය සකස්‌ කරනවා.

ඒක කරන්නෙ මෙහෙමයි. අපි හිතමුකෝ තිරිවානා ගල් කිලෝ එකක්‌ කියල ඒ කිලෝ එක තනි ගලක්‌ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් කීපයක්‌ කියමුකෝ. මේකට රතුලූනු ග්‍රෑම් පනහක්‌ තමන් කැමැතිනම් උම්බලකඩ එකතුකරන්න පුළුවන්. එහෙම කරනව නම් උම්බලකඩ කුඩු මේස හැඳි එකයි කහ තේ හැඳි භාගයයි, රම්පෙ අඟලක දෙකක කෑල්ලක්‌, කුරුඳු පොතු අඟලක කෑල්ලක්‌ කුඩුකරගත් කරපිංච මේස හැන්දක්‌ බැදගත් උළුහාල් තේ හැඳි භාගයක්‌ ලුණු ස්‌වල්පයක්‌ හොඳ මිටිකිරි අඬු කෝප්පයක්‌ දියකිරි හෝ වතුර අඬුq කෝප්ප පහක්‌ ළංකර ගන්නව ඉන් අනතුරුව අර තුනපහ වර්ග ටික දියකිරේ හොඳට කලවම්කර ගන්නවා. එහෙම කරලා පැය භාගයක්‌ පමණ තියාගන්න ඕන. ඊට පස්‌සෙ අර මිටි කිරි ටික දාල හැඳි ගානවා. ඕකට දෙහි අවශ්‍ය ප්‍රමාණය එකතු කර ගන්නව.

ඒ අතරතුරේ…. හොඳ තිරුවාන කිලෝ එකක්‌ විතර අරගෙන හොඳට පිරිසිදු කරනවා. ඒ කියන්නෙ උණු වතුරින් හෝදනව. එහෙම කරලා මී කිරි මුට්‌ටියක්‌ අරගෙන ඒ මී කිරි ටික අරගෙන රෙදි කඩක දාල ගැට ගහල වතුර බේරෙන්න උඩක එල්ලනවා. එතකොට මී කිරිවල තිබෙන ජලය ටික බේරෙනවා. දැන් ඔන්න ඔය විදිහට හදාගත්ත මී කිරි මිශ්‍රණයට අර තිරුවානා ගල් දාල හොඳින් ගල වටා දැවටෙන ආකාරයට ආලේප කර ගන්නවා. එහෙම දවටපු ගල හෝ ගල් කීපය ගිනිගොඩක්‌ ගහල ඒ ගින්දරේ රත්කරනවා. එහෙම පුච්චගෙන දැන් අපි අර හදල තිබෙන හොද්ද තියෙනවනෙ. ඒක ලිපේ තිබ්බෙ නැහැනෙ.

අර හොඳට පිච්චුන ගල හෝ ගල් කීපය හොදි මිශ්‍රණයට දානවා. ඒක දාපු ගමන් ගලේ තිබෙන රස්‌නෙට අර හොද්ද උතුරන්න ගන්නව. එතනදි අර ගල් පුපුරනවා. මේ හොද්ද ඉදෙන්නෙ අර ගලේ රස්‌නෙට. එහෙම නැතුව මේකට ගින්දර දාන්නෙ නැහැ. ටික වෙලාවක්‌ යද්දි මේ හොද්ද ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳින් කැටි ගැහෙනවා. ඔන්න ඔය සිදුවීම් ටික හරියට සිද්ධ කරන විට අර ගලේ තියෙන වාජීකරණ ශක්‌තිය හොද්දට එකතු වෙනවා.

අප දන්න දෙයක්‌නෙ කල අපල උදාවෙන කොට විවිධ ගල් වර්ග ඇඟේ පළඳින එක. එතකොට එහෙම විශ්වාස පවතිනව නම් ඒ හරහා යම් යම් ලෙඩ රෝග සුව වෙනව නම් මේ තිරුවානාගලේ තිබෙන බලය කෙළින්ම මේ හරහා ශරීරයට ඇතුළුවීමක්‌ සිද්ධ වෙනව නේද? මේව මේ විදිහට සිද්ධ වෙන්නෙ පැරැන්නන්ගෙ විශ්වාස හින්ද වෙන්න ඇති. මම මේක කරන්නෙ විවිධ පර්යේෂණ රාශියක්‌ සිද්ධ කිරීමෙන් අනතුරුවයි. ඒකට හේතුව තමයි මේ වෑංජනය ගැන පෙර රජ දවස පුස්‌කොළ පොත්වල සඳහන්ව තිබීම. හැබැයි එදා හිටපු අය මේව ලේඛනගත කරද්දි ගුරු මුෂ්ටිය තියාගෙන තමයි ඒ දේ කරල තියෙන්නෙ. දැන් මම කරන්නෙ කොහොමහරි ඒ රහස්‌ සොයාගෙන තවදුරටත් ඒව රහස්‌ බවට පත් නොකර සමාජගත කරන එක.

ඒ විතරක්‌ද? අපේ අන්තිම රඡ්ජුරුවො සොසේජස්‌ කෑව. මේව අපට ඔප්පු කරන්න පුළුවන්. මේ දේවල් ලේඛනගතව තියෙනවා. ඒව ඒ කාලෙ වෙන වෙන නම්වලින් නම් කරන්න ඇති. නමුත් අද ඔය අපි සොසේජස්‌ කියන නමින් ආහාරයට ගන්න දෙය ඒ කාලෙත් තිබිල තියෙනවා. සමහර විට ඒ වෙද්දි අපේ රට විදේශීය ජාතීන් තුනකට යටත් වෙලා කාලයක්‌ පැවැති හින්ද මේක මුලින්ම අපේ රටට ගේන්නෙ ඒ අය වෙන්න ඇති.

දැන් මමත් නිර්මාංශ සොසේජස්‌ හදනව. ඒක හැදුවට පස්‌සෙ මොනවායින්ද කියල හොයන්න බැහැ. ඒක හදන්නෙ මෙහෙමය. පොළොස්‌ ටිකයි ගන්නව. ඒක හොඳට තම්බල පොඩිකර ගන්නවා. එයින් කිලෝ එකයි. ඊළඟට කඩල පිටි ග්‍රෑම් තුන්සීයයි බිත්තර දෙකයි. ඊට අවශ්‍ය ලුණු, ගම්මිරිස්‌, මිරිස්‌ කුඩු කහ, රම්පෙ කරපිංච අවශ්‍ය ප්‍රමාණයට හොඳට අඹරල අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරනවා. එතකොට අපි කට්‌ලට්‌ හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක්‌ හැදෙනවා. ඊට පස්‌සෙ දුහුල් රෙදි කෑල්ලක්‌ අරන් හොඳට මිරිකල අර මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ඇඟිල්ලක්‌ තරමට වෙන්න රෝල් කරල අර රෙදි කඩ මත අතුරනවා. ඊට පස්‌සෙ රෙදි කැබැල්ල එය වටා ඔතල දෙපැත්ත බඳිනවා. ඊළඟට මේක හුමාලයෙන් තම්බ ගන්නවා. එහෙම කරල නිවුනට පස්‌සෙ ශීතකරණයට දානවා.

එහෙම තියල දවසකට පස්‌සෙ මේක එළියට අරන් අර රෙදිකඩ ලිහල ගත්තට පස්‌සෙ ඔය දැන් වෙළෙඳපොළේ තිබෙන සොසේජස්‌ ආකාරයේ සොසේජස්‌ එකක්‌ බවට මේ පොළොස්‌ මිශ්‍රණය පත්වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිශ්‍රණයම පොඩි කෑලිවලට කපලා එවලෙම ගැඹුරු තෙලේ බැදල රසවත් ආහාරයක්‌ ලෙස අනුභව කරන්නත් පුළුවන්. කොහිල අල පාවිච්චි කරලත් ඔය මම කිව්ව දෙයාකාරයටම ආහාරයට ගන්න පුළුවන්. මම මුලින් කිව්ව පොළොස්‌ සොසේජස්‌ ඩෙවල් එකක්‌ ලෙස හදාගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ හුඟක්‌ දේවල් මම දැනට අත්හදා බලල ඉන් අනතුරුව රටට ඉදිරිපත් කරලා තියෙනවා.

එහෙම කරපු නව සොයා ගැනීමක්‌ තමයි මඤ්ඤොක්‌කා රොටිය. මඤ්ඤොක්‌ක රොටිය කියන්නෙ අමුවෙන් මඤ්ඤොක්‌ක අරගෙන ඒක තුනීයට ගා ගන්නවා. ඊට පස්‌සෙ වතුර ස්‌වල්පයක්‌ ඒකට කලවම් කරලා මිරිකල ගන්නවා. එතකොට ඒක තරමක්‌ ඝනකම දියරක්‌ බවට පත්වෙනවා. එයින් කිලෝ එකකට පොල් සම්බල් ග්‍රෑම් හාරසියයක්‌ දානවා. ඒකට බිත්තරයක්‌ දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්‌සෙ අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදන්නෙ. අන්න ඒ ආකාරයටම තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රොටි පුච්ච ගන්නවා.

මම පුළුවන් තරම් මේ වගේ දේවල් කරන්න පෙළඹෙන්නෙ කාරණා කීපයක්‌ හින්දයි. ඒකෙ පළමුවැනි කාරණාව තමයි අපේ රටේ බෝ නොවන රෝග රාශියක්‌ සීග්‍රයෙන් පැතිර යැම. දියවැඩියාව, කොලෙස්‌ට්‌රෝල්. අධි රුධිර පීඩනය මේ කොයික ගත්තත් ඒවට මූලිකම හේතුව තමයි අපි ගන්න ආහාරයේ තිබෙන වස විස, මේවා අපිට හඳුන්වලා දෙන්නේ බහු ජාතික සමාගම්. දැන් මේ අය කරන්නේ අපේ රට විතරක්‌ නොවෙයි අපේ මුළුමහත් ජාතියම විනාශ කරන එකනේ. කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම තෙල් වර්ණකාරක දාල මේ අය මුලින්ම කරන්නෙ ආහාර හදලා අපේ රටට එවන එක. දෙවනුව ඒ වස විස දාල ආහාර පිළියෙල කරන්නත් අපව පොළඹවනවා. අද වෙලා තියෙන්නෙ. ඒක. මේවායින් වෙන්නෙ බෝ නොවන රෝග රාශියකට රටේ ජනතාව ගොදුරුවෙන එක.

අද පිළිකාව ගත්තොත් ඒක වසංගතයක්‌ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ. මෙන්න මේකෙන් රට ගලවාගන්න එක තමයි, මගේ උත්සාහය වෙන්නෙ. මේක අභියෝගයක්‌. ජීවිතය පරදුවට තබල මම භාර ගත්ත අභියෝගයක්‌ මේක මොකද මම හොයාගත්ත අලුත් අලුත් දේ මම විකුණන්නෙ නෑනෙ. මම කරන්නෙ ඒ පණිවිඩය මුළු මහත් සමාජයටම දෙන එක විතරයි.

හැබැයි මේ වැඩේට අධ්‍යාපනයෙන් උදව් කරන්න ඕන. සෞඛ්‍යයෙන් උදව් කරන්න ඕන. ඊට අමතරව ජනමාධ්‍යයෙන් මේව පිළිබඳ දැනුවත් කරන්න ඕන. ඔය කියන ටික මේ කාර්යයට හවුල් වෙනව නම් අපට පුළුවන් වේවි අනාගත පරපුර හරි මේ වැරදි ආහාර සංස්‌කෘතියෙන් ගලව ගන්න. මෙතනදි අධ්‍යාපන අමාත්‍යාංශය ‘සූපවේදය’ කියල වෙනම විෂයක්‌ විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු වෙනවා. අද පාසල් ළමුන්ට ගෘහ විද්‍යාව කියල විෂයයක්‌ තිබුණත් ඒක කප්පාදු කරල අද තියෙන්න ගෘහ විද්‍යාව කියල කේක්‌ එකක්‌ හදන හැටි ළමයින්ට කියාදෙන එක පමණයි. ඒකෙන් වෙන්නෙ මොකක්‌ද අර බෝ නොවන රෝගවලට නොකියා අත වැනීමක්‌ මොකද ඒක හදන්නෙත් කෘත්‍රිමව සකසා ගත්ත දෙයින්.

ඒකයි මම එදා සූපවංශය එළිදක්‌වන උත්සවයෙදීත් කිව්වෙ සූපවේදියයි. මාධ්‍යවේදියයි අධ්‍යාපනවේදියයි සෞඛ්‍යවේදියයි හරියට එකතු වුණොත් නැවත මේ රට ස්‌වර්ණමය තැනකට රැගෙන යා හැකියි කියල. ආහාරයෙන් තමයි· මනුෂ්‍යය සුගතියට හෝ නරකාදියට යවන්න පුළුවන් වෙන්නෙ. දැන් තියෙන්නෙ නරකාදිය. දොස්‌තර වර්ජනය කළොත් එක දවසකට කී දෙනෙක්‌ දුක්‌ විඳිනවද, විලාප තියනවද? රෝහලක බෙහෙත් පෝළිම කොච්චරවත් නම් දික්‌වෙනවද මෙන්න මෙතනින් රට ගලව ගන්න තමයි නිවැරදි ආහාර සහ ආහාර පිසීමේ කලාව වැදගත් බවක්‌ ගන්නෙ.

ඒ හින්ද මේ කතාබහ අවසානයෙත් මම ඉල්ලා සිටින්නෙ ශරීරයට හිතකර දේ පමණක්‌ පුළුවන් තරම්වත් හෝ ආහාරයට ගමු. ඒ ගැන රටවැසියන් දැනුවත් කරන්න ඕන තරම් අය මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. තවත් මට පුළුවන් හැම දේම රට ජාතිය වෙනුවෙන් කරන්න ඉදිරිපත් වෙනවා. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක්‌ කරමු. මම විශ්වාස කරනව. ඒක තමයි, සූපවේදීන් ලෙස අපට කළ හැකි ලොකුම දෙය…

(උපුටා ගැනීම Paththara Wisthara බ්ලොග් අඩවියෙනි)

මාස හයකින් ලක්‌ෂ 12 ක ආදායමක්‌ උපයාගන්න තුඹ කරවිල වගා කරන්න

වියලි කලාපයේ සරු කාලය වන මාස්‌ කන්නයේ වැසි අවසාන වන ජනවාරි – පෙබරවාරි සමය වන විට, කැලයට රිංගා තුඹ කරවිල කැඩීම එහි වෙසෙන්නන්ගේ පැරණි පුරුද්දකි. මාස කීපයක්‌ පසට යටවී නිදිගැන්වී සිටි තුඹ කරවිල අලය, ඔක්‌තෝබර් වැස්‌සත් සමග අවදි වේ. අහල පහල ඇති ආධාරක පඳුරක්‌ සොයාගෙන පිටතට ඇදෙන රිකිල්ල, මාස දෙක තුනක්‌ ඇතුළත ඝන වැලක්‌ බවට පත්වී පල දරයි. අවට සිටින ගැමියන්ගේ අතමිට සරු කරන තුඹ කරවිල නගරයට එනවිට රුපියල් සිය ගණන්වලට අලෙවි වන වස විස නැති ගමේ කෑමකි. ඖෂධීය ගුණය, ප්‍රනීත රසය ඇතුළු ගතිගුණ ගණනාවක්‌ එහි තැවරී තිබේ. දැනට දශක කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වගාව වැඩිදියුණු කිරීමට අතගසා ගොවීන් සඳහා මාදිලි කීපයක්‌ නිදහස්‌ කරන ලදී. අරලගන්විල පර්යේෂණ ස්‌ථානයේ සේවය කළ පර්යේෂණ නිලධාරි ඡේ. පී. සුමනරත්න මහතා තුම්භිකා සහ ගෝලිකා වශයෙන් ගෙඩි හැදෙන මාදිලි දෙකක්‌ද, පැරකුම් නමින් මල් මාදිලියක්‌ද (පිරිමි වැලක්‌) වගාව සඳහා නිර්දේශ කළ අතර, අඟුණකොළපැලැස්‌සේ ඩී. වීරසේකර මහතා විසල් සහ කේෂර යනුවෙන් තවත් ගැහැනු මාදිලි (ගෙඩි සාදන වැල්) දෙකක්‌ද නිදහස්‌ කරන ලදී.

පැරකුම් වැලක්‌ අවට තිබියදී මෙම මාදිලි වගා කිරීමෙන්, හෙක්‌ටයාරයකට මෙටි්‍රක්‌ ටොන් 2 – 3 ක්‌ අතර අස්‌වැන්නක්‌ ලබා ගැනුණි. බීජ ලබාගත් පසු ඒවා මාස අටක්‌ පමණ අක්‍රීයව තිබීම හෙවත් සුප්තතාවය මෙම බෝගයේ ප්‍රචාරණය මුහුණ දුන් ලොකු ප්‍රශ්නයක්‌ විය. එසේම පැළවෙන ඒවායින් කොටසක්‌ පිරිමි වැල්වීමද ගැටලුවක්‌ වුණි. ඒ අප සතු තුඹ කරවිල ඉතිහාසයයි.

නව සොයා ගැනීම්වලට පන්නරය සැපයෙන්නේ ඉතිහාසයේ වූ ගැටලු බව යළි පසක්‌ කරමින්, තුඹ කරවිල වලිනුත් හයිබ්‍රිඩ් මාදිලියක්‌ බිහිකර, කැලේ වැලට කිරුළ පැළන්දූ විද්වතෙකි ඩී. වීරසේකර මහතා. ඔහු අඟුණකොළපැලැස්‌සේ තෙල් හා මාශ බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‌ෂවරයෙකි. ඔහු නිපදවූ හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදය වන චන්දු, 2015 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්a වගාව සඳහා නිර්දේශ කළ අතර, මේ චන්දු ගැන ඔහු කියන කතාවයි.

අපේ තිබුණ වර්ගවල ගෙඩි පොඩියිනේ. අස්‌වැන්නත් ඒ තරමටම නෑ. මට හිතුණ වෙනත් බෝගවල වගේ මේකෙනුත් හයිබ්‍රිඩ් එකක්‌ හදන්න. ඒ සඳහා කැළේ වැවුණු පිරිමි වැලකින් පරාග අරගෙන පර්යේෂණ ස්‌ථානයේ මාදිලි එකතුවේ තිබුණු ස්‌ත්‍රී වැලක මල් එක්‌ක මුහුම් කළා. ලැබුණු ගෙඩිවල ඇට පැළ කරලා පරීක්‌ෂා කරනකොට තමයි මෙයාව අහු වුණේ. වෙන බෝගවල වගේ දැන් ඉතින් දිගටම මුහුම් කරන්න ඕනේ නෑ. ඒ වැල ආරක්‌ෂා කරගෙන වර්ධක ප්‍රචාරණය මගින්, එනම් දඬු කැබැලි පැළ කිරීම මගින් ඕනෙතරම් පැළ හදන්න පුළුවන්. ඒ තමයි චන්දු ගේ උපත.

චන්දුගේ ප්‍රචාරණය දඬු කැබලි වලින් සිදුවුවත්, එහි නිපදවෙන ස්‌ත්‍රී මල්වලින් ගෙඩි නිපදවීමට නම් ඒවා පරාගනය විය යුතුය. ඒ සඳහා අවශ්‍ය පිරිමි ශාකයක්‌ද තම දෙමුහුම් ප්‍රතිපල ගහනය වෙතින්ම ඔහු වෙන්කරගෙන තිබේ. එහි නම විශ්ම වේ. චන්දු සහ විශ්ම එකම දෙමාපියන්ගේ දරුවන්ය.

තුඹ කරවිල සඳහා හෙක්‌ටයාරයකට පැල 3000 ක්‌ නිර්දේශිතය. ස්‌ත්‍රී වැල් 10 කට පුරුෂ වැල් 1 ක්‌ යන අනුපාතය යටතේ වගාව ස්‌ථාපනය කෙරේ. පිරිමි සහ ගැහැනුq වැල් වෙන වෙනම පේළිවල වැවිය යුතු අතර උදේ 9.00 පමණ වනතෙක්‌ කෘත්‍රිමව පරාගනය කරනු ලබයි.

මල් පිපෙන්නේ රෑටනේ, උදේ වෙනකොට පරවෙනවා. ඒ නිසා මී මැස්‌සෝ වගේ සතුන් එන්නේ නෑ. පිරිමි මල්වලින් පරාග එකතුකරලා අපි විසින්ම කෘත්‍රිමව ගැහැණු මල් පරාගනය කළයුතු වෙන්නේ ඒ හින්දයි.

අද ගමේ එළවලු
මැස්‌සේ සිට සුපිරි වෙළෙඳසැලේ සිසිල් රාක්‌කය දක්‌වා චන්දු ආක්‍රමණය කර ඇත. ඔබ මෑතකදී ප්‍රමාණයෙන් ලොකු තුඹ කරවිල ගෙඩිවල අත්දැකීම ලබා ඇත්නම් ඒ අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් තුඹ නොහොත් චන්දු ය. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෙවන ලද දේශීය විද්වතෙකුගේ හපන්කමකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වස විස නැති කෑමකි. තවමත් තුඹ කරවිල කෘෂි රසායන දියරයෙන් නාවන්නේ නැත.

චන්දුගේ අස්‌වැන්න අපේ කලින් වර්ගවලට වඩා දස ගුණයකින් විතර වැඩියි. වැලකින් කිලෝ ග්‍රෑම් 10 – 12 ක්‌ විතර එනවා. එතකොට හෙක්‌ටයාරයකට මෙටි්‍රක්‌ ටොන් 25 – 30 ක්‌ වගේ වෙයි. තඹුත්තේගම ගොවිමහතෙක්‌ ටොන් 40 ක අස්‌වැන්නක්‌ අරන් තිබුණ. වියදමත් ගොඩක්‌ අඩුයි. අක්‌කර බාගයක්‌ හදන්න රුපියල් එක්‌ලක්‌ෂ විසිදාහක්‌ විතර යයි. වැල් තියෙන්නේ මාස හයයිනේ. ඒ කියන්නේ මාස හයට ලක්‌ෂ 12-15 ක්‌ අතර ආදායමක්‌ ලබන්න පුළුවන්.

නිර්දේශ කර වසර දෙකක්‌ ගතවුවද චන්දු පැළ නිෂ්පාදන වැඩසටහනක්‌ නිසි ආකාරයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසමත්ව තිබීම කනගාටුවට කරුණකි. අදින එකාටම බර අදින්න ඉඩහැර කුසීත බලධරයෝ නිදිකිරා වැටෙති. මෙම නිලධාරියාම ඒ ටිකත් භාරගෙන ඇතිවාසේ පෙනේ. ඔහු පවසන්නේ කලින් ඇණවුම් කරන්නේ නම් අඟුණකොළ-පැලැස්‌සෙන්ම පැල සාදාදීම කළ හැකි බවයි. පැළ නැති වුණත් දෙපාර්තමේන්තුවෙන් මිලක්‌ නම් ලැබී ඇත. පැළයක්‌ රුපියල් 70 කි.

දිගටම වගා කෙරුවොත් කරවිල කුලයේ ශාකවලට වෛරස්‌ රෝග එහෙම එනවා. ඒ නිසා ලාභය ලැබුණාට එක දිගටම මේ බෝගය වවන්න මම නිර්දේශ කරන්නේ නෑ. වසවිස නැති කියන ගෞරවය රැකගන්න බෝග මාරුවකට යන්නම වෙනවා. වැඩි විස්‌තර ඕනෙනම් 0718082943 අංකයට කතාකළොත් මට උදවු කරන්න පුළුවන්. වීරසේකර මහතා අවසාන වශයෙන් පැවසීය.

එක මවකගෙන් උපන් චන්දු සහ විශ්ම දරු දෙදෙනාගේ නොගැලපෙන පොරොන්දම් ගලපා අසම්මත දීගයකට පාර කැපුවත්, ඔහු කර ඇත්තේ චමත්කාර හයිබ්‍රිඩ් එළවළුවක්‌ රටට දායාද කිරීමයි. යළි යළිත් සනාථ වන්නේ කෘෂිකර්මයේ මහගෙදර හිඳිනා නිහඬ විද්වතුන්ගේ හදගැස්‌මේ ශක්‌තිය නොවේද?

සනත් එම්. බණ්‌ඩාර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ශ්‍රීපාදය වන්දනාවට පෙර මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න දැනගෙන වන්දනා කරන්න

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.

1. ආරම්භය
සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.

2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම
ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.

3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.කෝඩුකාරයින් වර්ග දෙකයි.ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්

“වඳින්ඩ යන මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, වැඳල බහින මේ නඩේට – සුමන සමන් දෙවි පිහිටයි, කරුණාවයි – කරුණාවයි”

වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්‍රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.

4. පද්මෙට යනතුරු
ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.පලාබද්දල මාර්ගයදුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු ලිහිණි හෙල අම්බලමලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.

ධර්මරාජ ගල
අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.
ගෙත්තම් පාන/ඉඳිකටු පානබුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?

සීතගඟුල
මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.

ඇහැල කණුව
අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.

අහස්ගව්ව
මේ ආශ්‍රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.

මහගිරිදඹය
අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.

හැටන් නල්ලතන්නි මාර්ගය
දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.

5. නොකියූ පැත්ත.
කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා. පියසටහන් පමණක් තබා ගෙන යන අන් සියල්ල රැගෙන එන්නට කාරුණික වන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඔබත් ප්‍රවේසම් වන්න – චීනයේ නිෂ්පාදිත ආහාර කන්න එපා

වසර ගණනාවක් තිස්සේ, ලෝක පුරවැසියන් චීනයෙන් ආනයනය කරන ලද ආහාර වලින් ඈත් වී සිටින අතර එයට හේතුව තේරුම් ගැනීම පහසුය. පියවි ඇස හා සසඳන විට ස්වභාවික දෙයට (මුල් පිටපතට)වඩා වෙනස් නොවන බව පෙනෙන අතිශය විෂ සහිත කෘතීම ආහාර නිෂ්පාදන නිර්මාණය කිරීමේදී චීනය පාරිභෝගිකයින් අතර සුප්‍රකට වී තිබීම නිසාය.

ව්‍යාජ සහල් අර්තාපල් කෘතිම දුම්මල හෝ ප්ලාස්ටික් වලින් සාදා ඇති බව වාර්තා වේ.රෝල් කරන ලද කඩදාසි කැබලිවලට ප්ලාස්ටික් පුරවා සාදන ලද ව්‍යාජ සහල් මෑතකදී ගුවැන්ඩොං පළාතේදී සොයා ගන්නා ලදී. කායි නම් කාන්තාවක් පැවසුවේ ඇගේ දිවා ආහාරය වෙනදාට වඩා හපන්න ටිකක් අමාරුවූ බවයි. තවද පුවත්පත් වාර්තාවකදී චීන අවන්හල් සංගමය පැවසුවේ සහල් බඳුන් තුනක් අනුභව කිරීම එක් ප්ලාස්ටික් බෑගයකට සමාන බවයි.

ගෝලීය වෙලඳපොලවල අලෙවි වන සුදුළූණු වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් චීනයෙන් ආනයනය කරන ලද අපිරිසිදු සුදුළූණු වේ. අධික ලෙස රසායනික ද්‍රව්‍යයන් ඉසින ලද අතර එම සුදුළූණු රසායනික සංයෝගයක අප්‍රසන්න රසයක් ඉතිරි කරන බව එක්සත් ජනපද පරීක්ෂකවරුන් මඟින් අනාවරණය කරගෙන තිබේ. තවද ව්‍යාජ බිත්තර නිපදවීමද පුළුල් වංචාවක් වූ අතර එය ඇසූ සියල්ලන්ටම පිළිකුලක් දැනවිය. දුඹුරු ඇල්ගී වලින් නිස්සාරණය කරන ලද බිත්තරය සුදු මදය, සෝඩියම් ඇල්ජිනේට් බවට පත් කිරීම සඳහා දුම්මල, පිෂ්ටය, කැටි ගැසීම් සහ වර්ණක භාවිතා කරන ලද අතර බිත්තරයට අවශ්‍ය දුස්ස්රාවීතාව ලබා දෙයි. ව්‍යාජ බිත්තර කහ මදයට වෙනස් දුම්මල හා වර්ණක මිශ්‍රණයක් භාවිතා කරයි.

නිසි හැඩය ලබා ගත් පසු ව්‍යාජ කවචය පැරෆින් ඉටි, ජිප්සම් කුඩු සහ කැල්සියම් කාබනේට් මිශ්‍ර කර සාදනු ලැබේ. සාමාන්‍යයෙන් සත්ව ආහාර ලෙස භාවිතා කරන කුණු වූ ධාන්‍ය, පුස් ධාන්‍ය වලින් ඔවුන් ව්‍යාජ නූඩ්ල්ස්ද සාදන අතර එයට සල්ෆර් ඩයොක්සයිඩ් වැනි පිළිකා ඇති කරන ආකලන සමඟ මිශ්‍ර කරනු ලැබේ. ඩොන්ග්ගුවාන් නගරයේ කර්මාන්තශාලා 50 කට ආසන්න සංඛ්‍යාවක් මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ වී ඇති අතර, නිලධාරීන් විසින් කර්මාන්ත ශාලාව වටලා එය වසා දැමීමට දිනකට පෙර ව්‍යාජ සහල් නූඩ්ල්ස් කිලෝග්‍රෑම් 500,000 ක් (රාත්තල් මිලියන 1.1 ක්) ඉවත දමනු ලැබීය. තිලාපියා යනු ලොව බොහෝ දෙනෙක් දන්නා, පුළුල් ලෙස ආහාරයට ගන්නා මත්ස්‍යයෙකු වන අතර එය චීනයේ බහුල වශයෙන් තටාක වල වගා කරන මසුන් විශේෂයක් වේ.

නීරස ඇත්තනම් බොහෝ දෙනා නොදන්නා කාරණයකි මේ තිලාපියා යනු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ආහාර පිඟානේ රස ගැන්වූ වඩාත්ම විෂ සහිත හා සෞඛ්‍යයට අහිතකරම මත්ස්‍යයන් වීමය. තිලාපියා මසුන් ඕනෑම දෙයක් අනුභව කරන අතර පහල පෝෂක මාළුවෙකු හා සැසඳිය හැකි අතර ඔවුන් මේ මසුන් වගා කරනුයේ අපද්‍රව්‍ය හා මාළු බැහැර කිරීම් වලින් පිරුණු කුඩා ජල තටාකයන් වලය. චීනයේ මත්ස්‍ය ගොවීන් තම පවුලේ අයට ඔවුන් ගොවිතැන් කරන මසුන් කෑමට පවා ඉඩ නොදෙන බව පොදුවේ දන්නා කරුණකි. ලෝකයේ තිලාපියා සැපයුමෙන් 40% ක් ලැබෙන්නේ චීනයෙන්ය ,එය නිසැකවම පාරිභෝගිකයින්ට කළ හැකි නරකම මුහුදු ආහාර මිලදී ගැනීමකි. චීනය ලෝක පරිබෝජකයන් මුලාකර පෙනුමැති ව්‍යාජ ආහාරයන් නිර්මාණය කර,මුදලින් බිලියන ගණන් උපයති. ඔවුන්ගේ ව්‍යාජ භාණ්ඩ පිළිබඳ ප්‍රවෘත්ති සංසරණය වුවද, ඒ පිළිබඳ සම්පූර්ණ අදහස ග්‍රහණය කර ගැනීම ඉතා අසීරු වන අතර සමහර විට ඒවා ඇත්ත වශයෙන්ම වෙළඳපොලේ විකුණනු ලබන්නේ සැබෑ ගනුදෙනුකරුවන්ට යැයි විශ්වාස කිරීම පවා වැටහා ගැනීම දුෂ්කරය. නමුත් එය සත්‍යකි ඔවුන් විශාල වශයෙන් මේ ව්‍යාජ නිෂ්පාදන ඉහලින්ම කරගෙන යති .ඒ බව මුළු ලෝකයම දැනුවත් වීම ඉතා ඉක්මනින්ම කලයුතු වේ.

Rashara Zoysa
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බයි පාස් කරනවිට, හදවත එලියට ගන්නකොට, ශරීරය ටික වෙලාවකට මිය යනවද ?

අද වන විට ලෝකයේ හෘද වස්තු බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය, මහනුවර මහ රෝහලේ දී සාර්ථකව සිදුකරනු ලැබුවා. ඒ වගේම බයිපාස් සැත්කම් මේ වන විට සිදු වෙනවා අපේ ර⁣ටෙත්. සිත පවතින්නේ හදවත ඇසුරු කොටගෙනද ? X නම් මිනිසාගේ හදවත ඉවත් කර Yනම් මිනිසාගේ හදවත Xට දානවා නම්, X ගේ සිතට කුමක් වේද ? Y ගේ සිතට කුමක් වේද ? බයි පාස් කරනවිට, හදවත එලියට ගන්නකොට, ශරීරය ටික වෙලාවකට මිය යනවද ? හදවත් බද්ධ කිරීමේදී චිත්තයට සිදුවන සිදුවෙන ක්‍රියාවලිය කුමක්ද ? හදවත බද්ධ කරන කාලය අතරතුර කුමක් සිදුවේද ?

සිත තියෙන්නේ කොහෙද යන්න හඳුනා ගැනීමට මම ඔබට සරල උපමාවක් දෙන්නම්. ඔබ පෑනක් ගෙන, තීන්ත හා කොළ භාවිතයෙන් රචනයක් ලියා නිම කර, අල්මාරියකට දමා වසා ගබඩා කලේ යයි යැයි මදකට සිතන්න. නමුත් ඔබ ගබඩා කල එම රචනය / අදහස, නැවත ප්‍රයෝජනයට ගැනීමට නම් කටින් කියවා හෝ ඇසින් දැකබලා ගත යුතුය. “පෑන = ඔබ, තීන්ත = ලේ ධාතුව, කොළය = හදවත, රචනය / අදහස = සිත”

මනස හෙවත් සිත මුල්කරගෙන උපත ලබන සත්ත්වයා, සිත මුල්කර ගෙනම සසර සැරිසරල සිත මුල්කරගෙනම සසරින් / දුකින් මිදෙන්න ඕන බව බුදුරදුන් වදාළා ” චිත්තෙන නීයතී ලොකො චිත්තෙන පරිකස්සති – චිත්තස්ස එක ධම්මස්ස නත්වෙව වසමන්වගු” සත්ව සංඛ්‍යාත ලෝකය පවත් වන්නේ, ඉදිරියට ගෙනයන්නේ චිත්තය විසිනි. සිත නමැති මේ පුදුම සහගත එකම ධර්මය විසින් වසඟතර නොගත්තෙකු , එයට යටත් නොවූවකු මේ තුන්ලොවට නැතැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා දී තිබෙනව. සිතීමේ අර්ථයෙන් සිතට චිත්තං කියනව. අරමුණු මැන ගන්නා අර්ථයෙන් මන කියනවා. ආයතනාර්තයෙන් මනායතනකියනවා. ඉන්ද්‍රිය අර්ථයෙන් මනේන්ද්රියං කියනචා. විශේෂයෙන් දැන ගන්නා බැවින් විඥානෝ කියනවා. සිත යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සියලු ස්වභාවයන්ගෙන් අයින් වුනු ගති ස්වභාවයකි. සිතට ස්ථිර හැඩයක් නැහැ. සිත අරූපී බැවින්, නිල්, රතු, සුදු ආදී වශයෙන් ගැනෙන වර්ණයක් නැත.සිත චිත්ත, චෛසික, රුප, නිර්වාන, කියලා කොටස් හතරකට බෙදිය හැකි නමුත් මෙය එකකට එකක් ප්‍රත්‍ය වී ඇත. කොටස් වශයෙන් වෙන්කර ඇත්තේ, හේතු ඵල දහම පෙන්වීමටය. අරමුණක් නැතිව කිසි කලකත් සිතක් උපදින්නෙ නැත.

පූජ්‍යය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පටිච්චසමුප්පාද විවරණය, 33 – 45 පිටු දක්වා, සිත ඇති ස්ථානය මෙසේ විග්‍රහ කර ඇත.” සත්ත්ව ශරීරයෙහි හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට ගෙන එක්තරා ධාතු කොටසක් ඇත. විඤ්ඤාණ ධාතුවට ආධාර ස්ථානය වන එයට අභිධර්ම ප්‍රකරණ වල වස්තු රූපය, හෘදය රූපය යන නම් ව්‍යවහාර වේ. එම වස්තු රූපය විඤ්ඤාණ ධාතුව සේ ම බිඳි බිඳී, නැවත නැවත උපදෙමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිරන්තරයෙන් ම ලේ ඇතුළු වෙමින්, බැහැර වෙමින් පවතී. එහෙත් හෘදය රූපය යන ධාතු විශේෂය හෘදය කෝෂය තුළ ඇති ලෙය සමග පවත්නා මිස, ඉන් බැහැර වූ ලෙය සමග පිටතට නොයයි. එබැවින් වස්තු රූපය හෘදය කෝෂය තුළම පවත්නා බව කියනු ලැබේ. සත්ත්වයාගේ සිත් පරම්පරාව පවත්නේ එම වස්තු රූපයෙහි ය. ”

හෘදය වස්තුව නමැති ගුහාවේ, පතක් පමණ වූ පිරිසිදු ලේ ධාතුව ඇසුරු කොට සිත පවතියි. අභිධර්මයේ විභාවනි ටීකාවේ සඳහන් කර තියෙන්නේ එහෙමයි. මේක හරියට දර කැබැල්ලක් ආශ්‍රය කරගෙන ගින්දර තිබෙනවා වගේ. සිත කියන්නේ ක්‍රියාවලියක්. ලේ ගමන් කරන ඕනම ස්ථානයක සිතට පැවතිය හැකියි. සිත හදවත ඇසුරු කරගෙන පැවතුනද, සිතට ජීවත් වීමට තව වාසස්ථාන පහක් තියෙනවා. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ පිහිටි දශක කලාප ඇසුරු කරගෙන සිත ගමන් කරනවා. සිත යනු නාම ධර්මයක්. එය ශරීරය පුරාම තම බලය පවත්වාගෙන යනවා. නිත්‍ය සිතක් නොමැති බවද, ආයුෂ චිත්තක්ෂනයක් බවද, සිත් පරම්පරාවක් හේතුකොටම සිතක් ඇතිවන බවද ධර්මයේ සඳහන්.

රූප කලාපයක් කියන්නේ සෛලයටත් වඩා, පරමාණුවටත් වඩා කුඩා ඇසට නොපෙනෙන, තවමත් නවීන විද්‍යා උපකරණවලින් පවා දැකිය නොහැකි වූ කුඩා ම ඒකකයක්. මේ කුඩා ම රූප කලාපය තුළත් පථවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර මහා ධාතූ රූප ද, ඒ ධාතු රූප නිසා හට ගන්නා වර්ණ, ගන්ධ, රස, ඕජා, යන උපාදා රූප සතර ද යන රූප අට හෙවත් “ශුද්ධාෂ්ටකය” පවතිනවා. ගස් ගල් ඇඳ පුටු ආදී සියලු භෞතික වස්තුවලත් කුඩා ම ඒකකය මේ ශුද්ධාෂ්ටකයයි. ඒත් මිනිස් ශරීරයේ මේ ශුද්ධාෂ්ටකය සමඟ තවත් රූප 28 ක් පවතිනවා. කර්මය හේතු වී හට ගන්නා රූප පාලනය කරන්නේ “ජීවිත රූපය” හෙවත් ජීවිතේන්ද්‍රියයි. ජීවිතේන්ද්‍රියන් නාම ජීවිතේන්ද්‍රිය හා රූප ජීවිතේන්ද්‍රියය කියා දෙයාකාර රූප දෙකක්.

ජීවිත රූපය මඟින් මේ ශරීරයේ රූප පරම්පරාව පවත්වා ගෙන යන රූපවලට අපි “කර්මජ රූප” යැයි කියනවා. මිනිස් ශරීරය තුළ නාම, රූප පරම්පරාව පවත්වා ගෙන යන කර්මජ රූප නවයක් (9) ක් තියෙනවා. චක්ඛු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය, ජීවිතා ප්‍රසාදය, කාය ප්‍රසාදය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය, වස්තු රූපය හා ජීවිත රූපය (ජීවිතේන්ද්‍රිය) ඒ රූප නවයයි. මේ ජීවිතේන්ද්‍රිය මඟින් කර්මජ රූප පාලනය කරනවා. ජීවිතේන්ද්‍රිය සත්ත්ව ශරීරවල මිසක් භෞතික වස්තුවල නැහැ.ඉහත කී ජීවිතේන්ද්‍රිය හා අනිකුත් කර්මජ රූප නැවියා සහ නැව වගෙයි. නැවියා නිසා නැව ගමන් කරනවා. නැව නිසා නැවියා ගමන් කරනවා. මේ අපේ ජීවිතය පවත්වා ගෙන යන ශක්තිය වූ ජීවිතේන්ද්‍රිය ශරීරයෙන් මිදී යෑමයි මරණය කියන්නේ.

අප තුල සිත පහල වන ස්ථාන ඇත්තේ 6 කි. සිතක් සැම විටම පහල වන්නේ දශක කලාපයක ප්‍රසාදය මතය. එම ප්‍රසාද නම් -: 1- චක්කු ප්‍රසාදය, 2 – සෝත ප්‍රසාදය, 3 – ඝාන ප්‍රසාදය, 4 -ජිව්හා ප්‍රසාදය, 5 – කාය ප්‍රසාදය, 6 – වස්තු ප්‍රසාදය. සිහි නැති කල විට, භවාංග සිත් පතනය වෙන්නේ, වස්තු ප්‍රසාදය මතයි. ඒ ගැන මෙම ලිපියේම ඉදිරියේදී සාකච්ඡා කර ඇත. යම් හෙයකින් වස්තු ප්‍රසාදයේ ද සිතට පහල විය නොහැකි විට, සිත වෙනත් භවයක් කරා ගමන් ගන්නවා. එනම් මරණය සිදුවේ. හදවතේ පිහිටන දශක කලාපය පමණක්, වස්තු දශක කලාපය ලෙස හඳුන්වනවා. පීළිවෙලින් අනෙක් දශක කලාප, ” චක්කු දශක කලාපය, සෝත දශක කලාපය, ඝාන දශක කලාපය, ජිව්හා දශක කලාපය, කාය දශක කලාපය ” යනුවෙන් හඳුන්වනවා.

හදවතක් බද්ධ කල විට සිතට නැවත වාසස්තානයක් ලැබෙනවා. හදවත් බද්ධ කිරීමේදී, මියගිය X ගේ සිත, වෙනත් භවයක සිත් පරම්පරාවක් ඇතිකරමින් පවතින නිසා, එම හදවතේ ඇති සිතක් ගැන කතා කිරිම කල නොහැක්කකි. සිත වැඩිපුර කාලයක් ජීවත් වෙන්නේ, හදවතේ පිහිටි දශක කලාපයේය. මෙය “වස්තු දශක කලාපය / වස්තු රූපය / හදවත් රූපය / වස්තු රූප කලාපය ” යන නම් වලින්ද හඳුන්වනු ලබනවා. හදවත ඉවත් කල X මැරෙනවා. පරිත්‍යාගශීලි ඔහුගේ, ප්‍රතිසංධිය වෙනත් තැනක සිදුවෙනවා. ඒත් බද්ධ කල, X ගේ හදවත ලබාගත් Y ජීවත් වෙනවා. බොහෝ විට හදවත් පරිත්‍යාග කරන්නේ, ජීවිතයත් මරණයත් අතර සිටින X වැනි අය. නැතහොත් හදවත බද්ධ කිරීමට දායකයාගේ හිසට හානි වීමෙන් මියගොස් තිබිය යුතු යි. මරණයෙන් පසු නැවත උපතකදී, කෙනෙකුගේ ප්‍රතිසන්ධි සිත තමයි මුලින්ම ඇතිවෙන්නේ. ඉන්පසු ප්‍රතිසන්ධි සිත ආශ්‍රය කොටගෙන හදවතේ 1 – වස්තු රූප 2 – භාව රූප 3 – කාය රූප ලෙස, රූප කලාපයන් තුනක් ඇතිවෙනවා. වස්තු රූප කලාපය තමයි පළමුවම ඇතිවෙන්නේ.

අපි දැන් සිහි නැති කිරීමේ ක්‍රියාවලිය සළකා බලමු. සිහි නැතිකිරීමට දෙන එන්නත් වල අඩංගු රසායනික ද්‍රව්‍ය වලින්, මොළයේ ඇතැම් කොටස්, තාවකාලිකව ක්‍රියා විරහිත කරනවා. එවිට ඇස, කණ, නාසය, දිව, කය යන ස්ථාන පහේ පිහිටන දශකකලාප මඳකට නිරුද්ධ වෙනව. එහෙම වෙන්නේ, ඒ දශක කලාප පහළ වෙන්නෙ, ස්නායු කෙළවරවල් වල නිසයි. එනම්, ඖෂධ බලයෙන් මොළයේ ඇතම් ක්‍රියාවන් නැවතීමක් කළ නිසා, ඒ දශක කලාපයන් පිහිටන ස්නායු හා, මොළය සමඟ පවතින සම්බන්ධය තාවකාලිකව නැවතීම මඟින්, ඒ දශක කලාප තාවකාලිකව නිරුද්ධ වෙනව. එවිට ඇස, කන, නාසාදී බාහිර ආයතන වලින් අරමුණු නොපැමිණෙන කළ, සිත වස්තු රූපය තුලම පමණක් පහළ, වෙමින් භවාංග ගත වීම සිදුවෙනවා. ඖෂධ බලයෙන් කරන සිහි නැතිවීම් වලින්, මුලින්ම නිරුද්ධ වෙන්නෙ ඇස, කන, නාසාදියේ ස්නායු මත පිහිටන දශක කලාප. හෘදය වස්තුවේ පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන පහළ වෙන වස්තු දශක කලාපය මේ ක්‍රියාවලියෙන් නිරුද්ධ වෙන්නේ නැහැ.

ශල්‍යකර්මය අතරතුරදී පුද්ගලයාගේ, ලේ පොම්ප කිරීමේ ක්‍රියාවලිය කෘතීම හර්දයකට ( උපකරණයකට ) පවරනවා. ලේ පිරිච්ච හෘදයක් අලුත්වැඩියා කිරීම අපහසු නිසයි, මුලින්ම ලේ ටික කරන්ට් එකෙන් වැඩ කරන කෘතිම හෘදයකට හරවන්නෙ. පසුව මුල් රෝගී වූ හර්දයේ අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකරනු ලබනවා. නැතහොත් නව නිරෝගී හර්දයක් බද්ධ කරනු ලබානවා. මේ කාලය තුලදී ” මනෝ විඥානය / භවාංග සිත”, උපකරණය තුල පවතින, පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන, ” වස්තු රූපය / හදවත් රූපය / වස්තු දශක කලාපය / වස්තු රූප කලාපය ” තුල පහළ වේ. මේ අවස්ථාවේදී වස්තු රූපය, ශරීරය තුල වෙනත් තැනක පහළ විය නොහැක. මක්නිසාද යත්, චක්කු – සෝත – ඝාන – ජිව්හා – කාය යන දශක කලාප, එන්නත් මඟින් සිදුකරන ලද, ඖෂධ නිසා තාවකාලිකව බිඳවැටීමකට ලක්වෙනවා. වස්තු රූප කලාපය, එන්නත් මඟින් බිඳ වැටීමකට ලක්වෙන්නේ නැහැ. වස්තු රූප කලාපයක්, මස් හර්දයක් තුල, කිසි විටෙක පිහිටන්නේ නැහැ. එමනිසා, රෝගී හර්දය ඉවත් කිරීමේදී, සිත ඉවත් වෙන්නේ නැහැ. ලේ පොම්ප කිරීම සඳහා, තාවකාලිකව සම්බන්ධ කර ඇති, උපකරණයේ ක්‍රියාකාරීත්වයද අවසන් වුවහොත්, ලේ අපිරිසිදු වීම මඟින්, තවදුරටත් වස්තු රූපයට පහල වීමට ස්ථානයක් නොමැති නිසා, චුති චිත්තය පහළ වීමෙන් මරණය සිදුවෙනවා. එනම් වස්තු රූපය, එවැනි ක්‍රියාවලියක් මඟින් බිඳවැටෙන විට, මරණය සිදුවෙනවා.

මෙවැනි ප්‍රශ්න සංසාර විමුක්තියට ප්‍රබල දායකත්වයක් නොදක්වන නිසා, බුදුරාජාණන් වහන්සේ මෙවැනි දේවල් දීර්ඝව දේශණා කර නැත. හිස ගිනි ගත්තෙක්, ඒ ගින්න නිවන්න උතසහ කරනවා සේ, වහ වහා නිර්වාණය අවබෝධ කිරීමට උත්සාහා කලයුතු බවටයි, බුදුරාජාණන් වහන්සේගේ අවවාදය. පෞද්ගලිකව මා ධර්ම කරුණු වාද කර කර ඉන්න අයෙක් නෙවෙයි. මාර්ගය වඩන කෙනෙක්. ධර්මාවබෝධයට මේ මොකුත් නොදැන ගත්තත් ප්‍රශ්නයක් නෑ. හොඳම දේ සිත කොහෙද තිබෙන්නේ යැයි, ගැටලු සකසා ගැනීම නොව, ලැබූ වටිනා මිනිස් ජිවිතය තුලින්, නිර්වාණය ලබාගැනීමට වහ වහා උත්සුක වීමය. මොකද ලෝකය ගැන හොයන්න ගියොත් ඉවරයක් නෑ. අචින්ත්‍ය ධර්ම මේවා. නමුත් මේවායින් තේරුම් ගන්න පුලුවන් යම් සත්‍ය්‍යයක් තිබුනොත්, එතුලින් තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වේවි. බුද්ධ දර්ශනය කෙරෙහි ඔබ තව තවත් පැහැදේවී. නමුත් නිර්වාණය කරා යන ගමනේදී, මේ වගේ ප්‍රශ්න, අතුරුපස මිස, ප්‍රධාන ආහාර වේලක් ලෙස, භාවිතා නොකළ යුතුය.

ඔබ සැමට තෙරුවන් සරණයි !! Charitha Chandima Hapukotuwa
ධර්ම දානය පිණිස බෙදාහරින්න.

කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇත් නම්, මේ ලක්ෂණ ඇතිවෙනවා

අතීතය සමඟ සන්සන්දනය කර බලන විට වර්තමානය වනවිට මෙම දරුවන්ගේ ප්‍රතිශතය බහුල වෙමින් පවතිනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් මාතෘකාවක් වශයෙන් සැලකිය හැකියි.

නිවුන් දරුවන් යම් වර්ග කිරීමක් කළ හැකිද?
අතීතයට වඩා මේ වනවිට නිවුන් දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වීමට විවිධ හේතු තිබෙනවා. ඒ අතුරින් විශේෂයෙන් කාන්තාවන් අධ්‍යාපනයට එසේත් නැත්නම් වෙනත් රැකියා අංශවලට යොමු වීම නිසා ගර්භණීභාවයට පත්වන වයස තරමක් වැඩි වී තිබෙනවා. ඒ හේතුව නිසා නිවුන් දරුවන් ලැබීමේ ප්‍රවණතාව ද තරමක් දුරට වර්ධනය වී තිබෙනවා. තවද අතීතය සමඟ සන්සන්දනාත්මකව විමසා බැලීමේදී මඳසරු භාවය සඳහා ද මේ වනවිට පිළියම් සොයාගෙන තිබීමත් මෙවැනි නිවුන් දරු උපත් සඳහා බලපාන තවත් හේතුවක්. ඒවගේම නළ දරු උපත් ප්‍රමාණය ද මේ සඳහා බලපාන තත්ත්වයකි. ඉහත කුමන හෝ හේතුවක් නිසා උපදින නිවුන් දරුවන් විවිධ ආකාරයට වර්ග කිරීමේ හැකියාවක් ද පවතිනවා.

නිවුන් දරුවන් ඇතිවන ආකාරය පිළිබඳ පැහැදිලි කළොත්?
මේ පිළිබඳ පැහැදිලි කිරීමේදී දරුවෙකු පිළිසිඳ ගැනීමේ කාර්යාවලියේ මූලාරම්භය පිළිබඳ කථාබහ කළ යුතුයි. ඒ අනුව මූලික වශයෙන් ඩිම්බ කෝෂ මඟින් ඩිම්බයක් නිකුත් කරන අතර මෙවැනි තත්ත්වයකදී කුමන හෝ හේතුවක් නිසා ඩිම්බ දෙකක් එකවර නිකුත් වනු ලැබේ.

පසුව ඩිම්බ කෝෂවලින් පිටවන ඩිම්බ පැලෝපීය නාල හරහා ගමන් කරනු ලැබේ. ඒ වගේම ශුක්‍රාණු, ගර්භාෂය හරහා පැලෝපීය නාලය දිගේ පැමිණ ඩිම්බ සමඟ එකතු වෙනු ලැබේ. මෙහිදී බහුල ලෙස නිවුන් දරුවන් ඇතිවීම සිදුවන්නේ පෙර පැහැදිලි කළ ලෙස එක්වර ඩිම්බ දෙකක් පිටවීම මඟිනි. නමුත් ඇතැම් අවස්ථාවල පැලෝපීය නාලයක් තුළදී සාමාන්‍ය ආකාරයෙන් සංසේචිත ඩිම්බයක් ගර්භාෂය තුළ තැන්පත් වීම දක්වා ගමන් කරන අතරතුර දෙකට බෙදීම මඟින් ද නිවුන් දරුවන් ඇතිවිය හැකියි. ඒ වගේම ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වීමෙන් සෑදෙන යුක්තානුව පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දක්වා ගමන් කරන මාර්ගයේදී සෛල 2,4,8,16 ලෙස බෙදෙන අතර එකම යුක්තානුව සම්පූර්ණ සෛල බෝල දෙකක් වශයෙන් බෙදීමට ලක්වීම මඟින් ද නිවුන් දරුවන් බිහි විය හැකියි.

ඒ අනුව මූලික වශයෙන් එක්වර ඩිම්බ දෙකක් පිටවීම හෝ ගර්භාෂය තුළට කලලය කිදා බැසීමට පෙර පැලෝපීය නාලයේ සිට පැමිණෙන අවස්ථාවේදී බෙදීමට ලක්වීම නිසාද නිවුන් දරුවන් ඇතිවිය හැකියි. මීට අමතරව ගර්භාෂය තුළ යුක්තානුවක් තැන්පත් වූ පසුවත් ඩිම්බය බෙදීමට ලක්විය හැකියි. නමුත් එවිට වැදෑමහ නිර්මාණය වී අවසන් අතර කලල දෙක වතුර බෑග් දෙකක පිහිටිය හැකියි. මෙම කලලය, සංසේචනය වී දවස් 4 -8 ත් අතර සිදුවන්නකි.

සාමාන්‍යයෙන් වැදෑමහ දෙකක් සහිත ඒ වගේම වතුර බෑග් දෙකක් සහිත නිවුන් දරුවන් හොඳම නිවුන් දරුවන් ලෙස හැඳින්විය හැකියි. නමුත් පෙර පැහැදිලි කළ ලෙස දින 4 – 8ත් අතර ඇතිවන නිවුන් දරුවන් එනම් එක් වැදෑමහක් සහ වතුර බෑග් දෙකකින් යුතු අයගේ ගැටලු රාශියක් ඇතිවිය හැකි අතර වාසනාවට මෙන් එවන් දරු උපත් එතරම් සුලබ නොවේ.

ඒ වගේම සංසේචනය වී 8 -13 අතර දින ගණනකදී කලලය දෙකට බෙදුනොත් එවිට වතුර බෑගය සහ වැදෑමහ යන දෙකම වර්ධනය වී අවසන් නිසා පෙකෙණිවැල් පැටලීම, වර්ධනය අඩුවීම වැනි සංකූලතා සහිත දරුවන් ඇතිවිය හැකියි. ඒ වගේම දින 13 ට පසුව ඇති වුණොත් වැදෑමහ, වතුර බෑගය පමණක් නොවේ දරුවාත් ඇති වී අවසන් නිසා එවිට කලලය දෙකට බෙදීමෙන් බද්ධ නිවුන් දරුවන් හටගත හැකියි. නමුත් වාසනාවට එවැනි නිවුන් දරු උපත් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ වුවත් මේ සෑම තත්ත්වයක්ම අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් මඟින් විමසා බැලිය හැකි වේ.

කාන්තාවට ඩිම්බ දෙකක් එකවර පිටවීම අසාමාන්‍ය තත්ත්වයක් ද?
සාමාන්‍යයෙන් කාන්තාවකගෙන් වරකට එක් ඩිම්බයක් පමණක් නිකුත් වූවත් කලාතුරකින් ඩිම්බ දෙකක් එකවර පිටවිය හැකියි. නමුත් එයද සාමාන්‍ය ස්වභාවිකව සිදුවීමක් වන අතර මේ සඳහා වයස් භේදයක් ද නොමැත. එය එතරම් සුලබ නොවනවා වගේම ඇතැම්විට එක් පසෙක ඇති ඩිම්බ කෝෂයකින් මෙන්ම දෙපස ඇති ඩිම්බ කෝෂ දෙකෙන්ම ද මේ ආකාරයට ඩිම්බ දෙකක් පිටවිය හැකියි. ඒ වගේම වයස 35න් පසුව ශරීරයේ සිදුවන හොර්මෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඩිම්බ උත්තේජනය මඟින් මොළයට සිදුවන බලපෑම නිසාත් එවැනි විටෙක ඩිම්බ කෝෂ මඟින් වැඩිපුර ඩිම්බයක් නිකුත් විය හැකියි. නමුත් ඊට අමතරව බහුල වශයෙන් මේ තත්ත්වය ඇති වන්නේ ඩිම්බ කෝෂ උත්තේජනය සඳහා ඖෂධ භාවිතා කරන අයටයි. මෙසේ ඖෂධ භාවිතා කරන්නේ බොහෝවිට මඳසරු භාවය ඇති කාන්තාවන්ටයි. මෙවැනි අයට ලබාදෙන ප්‍රතිකාර නිසා මෙසේ ඩිම්බ දෙකක් නැත්නම් කිහිපයක් වැඩිපුර නිකුත් විය හැකියි. ඒ වගේම ඉහත හේතූන් නොමැතිව වුවද (ස්වභාවිකව) ඩිම්බ දෙකක් පිටවීම සිදුවිය හැකියි. කෙසේ වෙතත් ඩිම්බ දෙකක් නිකුත් වීම යනු අනිවාර්යයෙන් නිවුන් දරුවන් ඇතිවන බවට පැවසිය හැකි දෙයක් නොවුණත් නිවුන් දරුවන් හට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් මෙමඟින් ඇතිවිය හැකි බව ඔබ මතක තබා ගත යුතුයි. නිවුන් දරුවන් යනු යම් රෝගී තත්ත්වයක් ද? ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ යම් නිර්ණායකයක් ලබාදිය හැකිද?

නිවුන් දරු ගැබයක් යනු ගර්භණීභාවයේදී ඇතිවන සෑම සංකූලතාවක්ම 5,6 ගුණයකින් වැඩිවන තත්ත්වයකි. නමුත් ඇතැම් කාන්තාවන් තමාට නිවුන් දරුවන් ඇති කර ගැනීමට අවශ්‍ය බවද වෛද්‍යවරුන්ට පවසන අවස්ථා ද ඕනෑ තරම්. නමුත් මෙය අවදානම් ගර්භණීභාවයක් වශයෙන් අපි විසින් හඳුන්වනු ලබනවා. ඒ නිසා මෙවැනි ගර්භණීභාවයකදී ඕනෑම ආකාරයේ සංකූලතාවන් ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් එක් දරුවෙක් පමණක් ප්‍රසූත කරන මවුවරු 1000ක් අතරින් මෙවැනි නිවුන් දරුවන් සහිත මවකට ඇතිවිය හැකි සංකූලතා මවට වගේම දරුවාටත් 5, 6 ගුණයකින් බලපෑ හැකියි. මේ හේතු නිසාවෙන්ම එවැනි දරු උපතක් අධි අවදානම් දරු උපතක් වශයෙන් සැලකිය හැකියි.

ඇතැම් මව්වරු නිවුන් දරුවන් ලබා ගැනීමට දැඩි ආශාවකින් පසු වුණත් ඔවුන් මෙලොවට බිහි වී නැවත නිරෝගීව නිවසට රැගෙන යන මොහොත තෙක් යම් යම් අවදානම්වල පසුවන නිසා එවැනි දරු උපත් තරමක් අවදානම් සහිතයි.

වෛද්‍ය විද්‍යාව මඟින් තනි යුක්තානුව දෙකට බෙදීමෙන් නිවුන් දරුවන් ලබාදිය නොහැකිද?
නළ දරු උපත්වල එය සිදු කරනු ලැබේ. මෙහිදී මෙම සංසේචනය ක්‍රියාවලිය පිටතදී සිදු කරනු ලැබේ. මේ සඳහා උත්සාහයක් ගත් බටහිර රටවල කලල දෙකකට වඩා තැන්පත් නොකරනු ලබන්නේ ඒ හරහා මවගේ ජීවිතය අනතුරට පත්විය හැකි නිසයි. විද්‍යාත්මක සාධක මත දරුවන් දෙදෙනාට වඩා වැඩි වනවිට මවට සහ දරුවාට මුහුණ දීමට සිදුවන අවදානම් සහිත තත්ත්ව නිසා උපරිම දරුවන් එක් අයෙකුට නැත්නම් දෙදෙනෙකුට පමණක් සීමා කරගන්නා ලෙසය.

නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බව හඳුනා ගන්නේ කෙසේද?
පෙර සඳහන් කළ පරිදි නිවුන් දරුවන් වර්ග 5 පිළිබඳවම මුල්කාලීනව සිදු කරනු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව මඟින් විමසා බැලිය හැකි වේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව ගර්භණීභාවයේ වයස පිළිබඳ දැනගත යුතුයි. කලලයේ දිග අනුව එහි වයස නිර්ණය කළ යුතුයි. ඒ වගේම දින නිර්ණය කිරීමේ ස්කෑන් පරීක්ෂණ ඕනෑම ගර්භණී කාන්තාවක් සති 10 – 14 අතර සිදු කර ගැනීම ඉතාම වැදගත් වේ. මෙය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය මඟින් සති 12 දී නිර්ණය කළ හැකියි. මෙහිදි නිවුන් දරුවන් පිහිටන ආකාරය නිවැරදිව දැකබලා ගත හැකියි.

ගර්භණීභාවය ප්‍රකාශ කළ යුත්තේ සති වශයෙනි. එය මාස වශයෙන් ප්‍රකාශ කළ නොහැක. මෙය සති සහ දවස් වශයෙන් ගණන් ගත යුතුයි. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට රසායනාගාර පරීක්ෂණ අත්‍යවශ්‍ය නොවන අතර එය සාමාන්‍ය සරල මුත්‍රා පරීක්ෂණයක් මඟින් නිවසේදී විමසා බැලිය හැකියි. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ කිසිසේත්ම මවට සහ දරුවාට බලපෑමක් ඇති නොකරන අතර මෙහිදී කිරණ භාවිතයක් නොමැති අතර ශබ්ද තරංග පමණක් භාවිතා වේ.

ලොව ඕනෑම තැනක දරුවෙකුගේ කලලයක මුල් කාලය ඇති සමානකම් ඉතාමත් වැඩියි. ඒවා අතර විවිධත්වය ඉතාම අඩුයි. ඒ නිසා මුල්කාලීනව සිදුවන අල්ට්‍රා සවුන් ස්කෑන් එකක් මඟින් දින ගණන අනුව නිවැරදිව කලලයේ වයස තීරණය කළ හැකියි. ඒ වගේම ඕනෑම ගර්භණී කාන්තාවක් මෙම පරීක්ෂණයට යොමුවීම හරහා එහි සංකූලතා තිබේ නම් එම සංකුලතා ප්‍රමාණය වළක්වා ගැනීමේ හැකියාවක් ලබාගත හැකියි. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයේ නරක ප්‍රතිඵල කිසිවත් ඇති නොවන බව මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ මඟින් අනපේක්ෂිත මළ දරු උපත් වළක්වා ගත හැකියි. අනවශ්‍ය සිසේරියන් සැත්කම්, දරුවාගේ වයස අනුව වර්ධනයේ ඇතිවන ගැටලු නිවැරදිව හඳුනාගත හැකියි.

නිවුන් දරුවන් පිළිසිඳගත් මවකට මුල්කාලීනව ඇතිවන සංකූලතා පිළිබඳ පැහැදිලි කළොත්?
ගර්භණී කාලය කාර්තු 03කි. එහිදී මුල් සති 12 පළමු කාර්තුව සති 12 සිට 28 දක්වා දෙවැනි කාර්තුව ද සති 28 සිට දරුවා බිහිවීම දක්වා තුන්වැනි කාර්තුව ලෙසද හැඳින්විය හැකියි. මෙහිදී සති 12 දක්වා මුල් කාර්තුව තුළ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්ව වන්නේ ගබ්සා වීම් ඇතිවීම, අධික වමනය, ශාරීරික වේදනාව, රුධිර වහනය වැනි සංකුලතායි. නමුත් අමතර ළදරු කලල ගබ්සා වීම මත ඉතිරි වන කලලවලට බොහෝදුරට ගැටලු ඇති නොවේ.

ඊට අමතරව දෙවැනි කාර්තුව තුළ දරුවා කලින් බිහිවීම ආදී ගැටලු, රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා වැඩිවිය හැකියි. කලල යුගලයේ අසමතුලිතා නිසා කලලයේ වර්ධනයට බාධා ඇතිවිය හැකියි. තනි දරුවෙකු සිටිනවාට වඩා 5,6 ගුණයකින් මෙවැනි මවකට විශාල සංකූලතා ප්‍රමාණයට මුහුණ දිය හැකියි. ඒ වගේම ප්‍රසූතියෙන් පසුව ද රුධිර වහනය වැඩිවිය හැකියි.
නිවුන් දරුවන් සිටින මවක් ප්‍රවේසම් විය යුත්තේ කෙසේද?

නිවැරදි ලෙස සායන වෙත යොමුවිය යුතුයි. වෛද්‍යවරයා නියම කරන සෑම උපදෙසක්ම පිළිපැදිය යුතුයි. යකඩ පෙති ලබා ගැනීම ආදී පෝෂණ අවශ්‍යතාව නිවැරදිව සපුරා ගත යුතුයි. අනවශ්‍ය ආහාර භාවිතය නිසා දියවැඩියාව අනිවාර්යයෙන්ම ඔවුන්ට ඇතිවිය හැකියි.

මෙහිදී සමබර ආහාර වේලක් භාවිතය හා ඒ අතර තුර අමතර ආහාර ලබා ගැනීම වැදගත්. ඒ වගේම ස්කෑන් පරීක්ෂණවලට යොමුවීම ද ඉතා වැදගත් වේ. ඒ වගේම මෙවැනි අය ප්‍රධාන රෝහලකට දරු ප්‍රසුතියට යොමුවිය යුතුයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ළුෑණු කැබැල්ලෙන් කණේ කැක්කුම පට ගාලා හොඳ කරගන්න කෙම් ක්‍රමයක්

ඕනෑම මුළුතැන්ගෙයක ළුෑණු කියන්නේ සුලබ දෙයක්. ඒ තරමට ළුෑණු ගෘහණියන්ට අත්‍යවශ්‍යය දෙයක්. මේ ළුෑණු ආහාර රසවත් කිරිමට මෙන්ම අලංකාර කිරිමටද යොදාගන්නවා. නමුත් මේ ලිපියෙන් කියවෙන්නේ ළුෑණු මගින් අපේ සෞඛ්‍යයට ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

01. කණේ කැක්කුමට
බොහෝවේලාවට ඔබේ කණේ කැක්කුමක් හටගන්න හේතුවන්නේ කණතුල අධික ලෙස කලාදුරු සිරවුනාමයි. මේ වගේ අවස්ථාවක කුඩා ළුෑණු කැබැල්ලක් සුද්ද කරලා කණ් සිදුරෙහි තබාගන්න. නමුත් මේ ළුෑණු කැබැල්ල කණ තුලටම නොදාගත යුතුයි. හැකිනම් රාත්‍රියේදී නින්දට යාමේදී මේ ප්‍රතිකාරය කළහොත් ඔබේ කණ තුල ඇති කලාදුරු දියවී ගොස් උදෑසන වනවිට ඔබට සහනයක් දැනේවී.

02. පිළිස්සුම් තුවාල සඳහා
ඕනෑම අවස්ථාවක් පිළිස්සුම් තුවාලයක් අපට සිදුවන්නට පුළුවන්. එයිනුත් බොහෝවේලාවට මුළුතැන්ගෙයි වැඩ කරන වේලාවදී පිළිස්සුම් ඇතිවෙන්න පුළුවන් අවස්ථා බොහොමයි. මේ වගේ අවස්ථාවකදී ළුෑණු ගෙඩියක් දෙකට කපලා පිළිස්සුම ඇතිවු ප්‍රදේශයේ ආලේප කරන්න. මෙමගින් සංකූලතා වළක්වා වේදනාව අඩු කරගන්න පුළුවන්.

03. දෙඹරුන්, බඹරුන්, මී මැසි හා පත්ත දෂ්ඨ කිරිම්වලට
මෙවැනි සතුන්ගේ දෂ්ඨ කිරීම් බොහෝ භයානක වෙන්න පුළුවන්.සමහර වෙලාවට මරණීය අවධානමක් වූවද ඇති වීමට පුළුවන්. මෙවැනි අවස්ථාවක දෂ්ඨ කරපු ස්ථානයේ දළය තිබෙනවානම් එය ඉවත් කරලා ළුෑණු ගෙඩියක් දෙකට කපලා දෂ්ඨ කල ස්ථානයේ හොඳින් ආලේප කරන්න. තදින් අතුල්ලන්න එපා. ඒ වගේම පත්තෑයෙක් දෂ්ඨ කලහොත් එම ස්ථානයේ ළුෑණු පලුවක් එම ස්ථානයේ ආලේප කරහොත් කිසිඳු ඉදමීමක් නොමැතිවම විෂ ඉවත් කරගන්න පුළුවන්.

04. උණ සුවකර ගැනීමට
උණ රෝගය වැළඳුණ අවස්ථාවක මේස් දෙකක් ඇතුලේ කුඩා ළුෑණු පෙති දෙකක් දමා එය කකුල් දෙකේ දමාගෙන රාත්‍රී නින්දට යෑමෙන් ඔබට උණ සුවකර ගන්න පුලුවන්.

05. නිවස තුල විෂබීජ විනාශ කිරිමට
අවකාශයේ ඇති බැක්ටීරියා වැනි විෂබීජ උරා ගැනීමට ළුෑණුවලට හැකියාවක් තිබෙනවා. ඔබේ නිවසේ තැනින් තැන කපන ලද ළුෑණු කෑලි තැබීමෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගවලින් ඔබට පහසුවෙන් ආරක්ෂිත විය හැකියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කොළ කැඳ හදන නිවැරදිම ක්‍රමය සහ භාවිතා කරන කොළ වර්ග

කැඳට ගන්නා කොළ වර්ගයක් හෝ කිහිපයක් බ්ලෙන්ඩ් කරල මුලින්ම ගන්න යුෂ ටික වෙන්කරලා වෙනම පැත්තකින් තියාගන්න.
(ගොටු කොල, හාතාවාරිය, පොල්පලා, වැල්පෙනෙල, මුකුණුවැන්න, කෝවක්කා, ඉරමුසු, ගොනිකා, කරපිංචා, හීන් බෝවිටියා ආදිය..) පොල් ටිකක් ගාල, ඉහත මිරිකගත්ත කොළ ටිකට එක්කරල.. වතුරත් දාල නැවත බ්ලෙන්ඩ් කරල.. දෙවෙනි පාර ගත්ත යුෂ ටික කැඳ හදන භාජනයට දන්න. රතුකැකුළු හාල් පිටි හෝ කුරක්කන් පිටි හෝ මුං පිටි, ඉහත යුෂට එක් කරල, හොඳින් දියකරල ලිපේ තියන්න. සුදුළුෑණු ටිකක් තලල එක් කරලා නටන තුරු හැදි ගාල ලිපෙන් බාන්න. මදක් නිවෙන කොට, මුලින්ම වෙන්කර ගත්ත යුෂ එකටම මිශ්‍ර කරල ලුණු චූට්ටක් දාල බීලා බලන්නකෝ.. රසයි වගේම ගුණයි. විශේෂයෙන්ම විටමින් C හා A  මැග්නීසියම්, කැල්සියම් අනූනයි. නිරෝගිත්, ලස්සනත් වේවි.

අමු ඉඟුරු, උලු හාල්, කුරුදු පොතු, ආදියත් සුළු වශයෙන් එක් කර ගත්තොත් තවත් රසයි ගුණයි. මෙහෙම හැදුවාම. ආහාරයක් වගේම ඖෂධයකුත් වෙනවා. ආයුර්වේද ක්‍රමවේද අනුව. මේක “සොරස” කියන්නත් පුළුවනි.

කොල පාට ක්ලෝරොෆිල් ඇතුලෙ තියෙන මැග්නීසියම්..රත් කලාම නිදහස් වෙලා.. මදක් භාෂ්මික වෙනවා.. රත් නොකරපු කොළ ඉස්ම වල ක්ලෝරොෆිල්.. මඳක් ආම්ලිකයි.. මේ දෙක එකතු උනාම බඩට ගැළපෙන PH අගයකට එන නිසා gastritis වලටත් හොඳයි.. උරා ගත්තට පස්සේ පස්සේ ලේ වලට මද භාස්මික ගතියකුත් ලැබෙනවා magnesium වලින්.. කැල්සියම් වලින් ඔස්ටියෝපොරෝසිස් වලට විසදුමක් ලැබෙනවා.. මුත්‍රා ගල් හට ගැනීමත් ගැනීමත් වළක්වනවා.. විටමින් C නිසා.. ගෙවී යන පටක අලුත් වෙනවා.. සුදු වෙලා ලස්සනත් වෙනවා.. ප්‍රතිඔක්සිකාරක නිසා නිසා පිළිකා අඩු වෙනවා.. විටමින් ඒ නිසා ඇස් පෙනීමටත් හොඳයි..

කාර්ය බහුල ලෝකෙ මටත් බ්ලෙන්ඩර් කරන්ඩ නං වෙනවා.. කෙඳි කැපුනා කියලා එතරම් ගැටලුවක් නෑ.. ඒවා හැදිල තියෙන්නෙ හැදිලා තියෙන්නේ ඔහු වතුරේ දිය නොවන සෙලියුලෝස් වලින්.. කොහොමත් උරා ගන්නේ නෑ.. වතුරේ දියවෙන හෙමිසෙලියුලෝස් වලටත් එච්චරයි.. වැඩේ කෙරෙන එකයි වටින්නේ.. පොල් කිරි පොඩ්ඩක් නිසා.. ප්‍රතිශක්තිය වැඩි කරනවා.. ඇල්ෂයිමර් අවදානම ඈත් කරනවා.. විසබීජ නාශකයක්..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කැස්ස, ඇදුම, නිට්ටාවටම සුව කරන කිරි අගුණ කොළ

පැරණි අපේ මුතුන්මිත්තෝ විවිධ පලා වර්ග ආහාර වශයෙන් වගේම අත්බෙහෙත් වශයෙනුත් භාවිත කළා. විවිධ රෝගාබාධ සඳහා විවිධාකාරයෙන් පලා වර්ග භාවිත කරන අයුරු ඔවුන් හොඳින් දැන සිටියා. මෙම පලා වර්ගවල ගුණ අගුණ සහ ඒවා භාවිත කළ යුතු ආකාරය ඔවුන් හොඳින් දැන සිටියා. නිරෝගී පැවැත්මක් උදෙසා පලා වර්ග වගේම අත් බෙහෙත් භාවිත කළ යුතු ආකාරයත් රෝගී වීමෙන් පසුව එවැනි බෙහෙත් භාවිත කළ යුතු මාත්‍රාවත් පැරැන්නෝ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ වට්ටෝරු විදිහට සලකන්න පුළුවන්. ඔවුන් ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් ජීවත් වී ඇති බව අප දන්නවා.

එහෙත් වර්තමානය වන විට මෙම බෙහෙත් වට්ටෝරු සහ පලා වර්ග භාවිතය අවම වීමත් සමග බෝ නොවන ලෙඩ රෝග ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. අද සමාජයේ බොහෝදෙනා දියවැඩියාව, අධි රුධිර පීඩනය, අර්ශස් රෝගය වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් සිටිනවා. නමුත් පැරැන්නෝ මෙම රෝගවලින් ආරක්ෂා වී සිටියේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ උචිත ආහාර රටාව සහ පලා වර්ගවලින් සමන්විත ආහාර වැඩිපුර ගැනීම නිසයි.

අප අද සලකා බලන්නේ එවැනි රෝගවලින් මිදීමට වගේම එවැනි බොහෝ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස උපයෝගි කොටගත හැකි කිරිඅඟුණ පැළෑටිය පිළිබඳවයි. ඒ පිළිබඳව අපට තොරතුරු සැපයුවේ කඳුබොඩ ආයුර්වේද රෝහ‍ලේ ආයුර්වේද වෛද්‍ය මංගලිකා කුමාරපේලි මහත්මියයි.

කිරිඅඟුණ ශාකය ගෙවත්තේ හෝ මල් ‍පෝච්චියක වුවද ඉතා පහසුවෙන් වවාගත හැකියි. කිරිඅඟුණ අමුවෙන්ම ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ විශේෂිත ශාකයක්. අනෙකුත් බහුලව භාවිත කරන පලා වර්ග හා සසඳා බලන විට කිරිඅඟුණවල කැල්සියම්, ‍පොස්පරස් හා යකඩ ඉහළ ප්‍රතිශතයක් තිබෙනවා. ඊට අමතරව කිරිඅඟුණවල විටමින් ‘ඒ’ සාදනු ලබන බිටා කැරොටින් පදාර්ථයද ඉතා ඉහළ අගයකින් අඩංගු වෙනවා.

අලුත උපන් දරුවකුට මේ ලෝකේ ඇති සුදුසුම හා ලැබිය යුතු එකම ආහාරය වන්නේ මව්කිරි. නමුත් අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසු මව්කිරි හිඟ තත්ත්වයකට පත්වෙනවා. තවත් විටෙක ප්‍රමාණවත් තරම් දරුවාට මව්කිරි දුන්නත් දරුවා කිරි බිමෙන් පසු වෙනත් අපහසුතාවලට ලක්වන අවස්ථා දකින්නට පුළුවන්.

එවිට දරුවා කිරි බිමෙන් පසු බඩ පුරවා දැමීම, කිරි වමනය, මල පිටවීමේ වෙනස්කම්, අජීරණ තත්ත්වයන් වැනි තත්ත්වයන් දක්නට ලැබෙනවා. මේ වගේ අවස්ථාවලදී කිරිඅඟුණ මැල්ලුමක් ලෙස මවට ලබාදිය හැකි ප්‍රබල ප්‍රතිකාරයක්. දරු ප්‍රසූතියට පෙර ගර්භණී කාලයේ ඇතිවන මලබද්ධයට පිළියමක් ලෙසද මෙම ඖෂධය භාවිත කළ හැකිය.

ලෙඩ රෝග සඳහා නොවූවත් නිරෝගී පැවැත්මක් උදෙසා කිරිඅඟුණ විවිධාකාරයෙන් භාවිතයට ගත හැකියි. කිරිඅඟුණ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම ඉතා හොඳ ක්‍රමයක්. අපි බලමු කිරිඅඟුණ සලාදයක් සකස් කරගන්නේ කෙසේද කියා. ඒ සඳහා අපට සෝදා පිරිසිදු කරගත් කිරිඅඟුණ කොළ මිටක්, ප්‍රමාණවත් තරම් ගාගත් ‍පොල්, අමු මිරිස් කරලක්, රතු ලූනු ගෙඩි තුන හතරක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ දෙහි, ගින්දරට අල්ලා පුලුස්සා ගන්නා ලද වියළි මිරිස් කරල් දෙකක් සහ අවශ්‍ය නම් පමණක් උම්බලකඩ යෙදිය හැකියි.

සකස් කරගන්නා පිළිවෙළ
කිරිඅඟුණ කොළ ටික හීනියට ලියාගෙන ගාගත් ‍පොල්, කපාගත් රතු ලූනු, අමු මිරිස්, උම්බලකඩ එකතු කරන්න. අවසානයේ ලුණු හා දෙහි ප්‍රමාණවත් තරම් දමා මිශ්‍රකර පුලුස්සාගත් මිරිස් කරල කෑලි කඩා උඩින් ඉසින්න.මේ ආකාරයට අඟුණ කොළ මැල්ලුමක්ද සකස් කරගන්නා ආකාරය කෙටියෙන් සලකා බලමු. පෙර පරිදිම සකස් කරගන්නා අඟුණ කොළ හීනියට ලියා අවශ්‍ය තරම් ගාගන්නා ලද ‍පොල්, කහ කුඩු ස්වල්පයක්, කුරුඳු කුඩු ස්වල්පයක් එක්කර එයට රතු ලූනු ගෙඩි තුන හතරක්, අමු මිරිස් කරලක් හීනියට කපා දමන්න. ප්‍රමාණවත් තරම් ලුණු කුඩු දමා සියල්ල හොඳින් මිශ්‍රකර මැටි ඇතිලියක් ළිප තබා කොළ පැහැය ආරක්ෂා වන සේ මලවා ගන්න. ළිපෙන් බාගත් පසු දෙහි ඉස්ම ස්වල්පයක් එක් කරන්න.

මේ ආකාරයට කිරිඅඟුණ කොළවලින් ව්‍යාංජනයක්ද සාදා ආහාරයට ගත හැකියි. කිරිඅඟුණ ව්‍යාංජනය සකස් කරගන්නා ආකාරය බලමු. පිරිසිදුව සකස් කරගත් කිරිඅඟුණ කොළ ටික තුනට හතරට කඩා පැත්තකින් තබාගන්න. කලින් සකස් කරගත් මිටි කිරි, රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, කුරුඳු කැබැල්ලක්, කරපිංචා ටිකක්, ප්‍රමාණවත් තරම් උළුහාල් ඇට කිහිපයක්, ගොරකා කැබැල්ලක් සහ ලුණු හොඳින් මිශ්‍රකර ළිප තබා තම්බා ගන්න. එය හොඳින් තැම්බෙන විට කඩාගත් කොළ ටික හොද්දට මිශ්‍රකර තරමක් රන්වන් වනවිට ළිපෙන් බාගන්න.

කිරි අඟුණ කිරිදෙන මව්වරුන්ගේ කිරි වැඩිකරන ඖෂධයකි. එය විෂ නාශකයක් ද වේ. ළදරුවන්ගේ පණු රෝග හා උණ ආදියට කිරි අගුණ දලු යෙදූ ඖෂධ භාවිත කෙරේ. බිළිදු දරුවන් සිටින මව්වරුන්ගේ කිරි හා රුධිරය පිරිසිදු කිරීම සඳහා කිරි අඟුණ කොළ ක්ෂාය කොට දෙනු ලැබේ. බුද්ධරාජ කල්කය හා බාලකුමාර තෛලය යන ඖෂධ සෑදීම සඳහා කිරි අඟුණ විශේෂයෙන්ම භාවිත කෙරේ. අගුණ විශේෂ සියල්ල ම මධුරයි. පිත පහ කරයි. විෂ හා ජවර නසයි.

මේ ලෙසටම කිරිඅඟුණ වැල්වල කරල්ද ව්‍යාංජනයක් ලෙස සකස් කරගත හැකියි. එම කරල්වල අන්තර්ගත තිත්ත රසය සකස් කිරීමේදී ඉවත් වී යයි.කිරිඅඟුණ කොළ ඉහත ආකාරයන්ට අනුව සකස් කර සතියට තුන් වතාවක් ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලට ඉතාමත් සුදුසු වේ. එවැනි රෝග පාලනය කිරීම සඳහාද කිරිඅඟුණ කොළවලින් සකස් කළ ආහාර ඉතා ප්‍රයෝජනවත් වෙයි.

කිරිඅඟුණ ශාකයේ තවත් ප්‍රයෝජන කිහිපයක් සලකා බැලුවහොත් කැස්ස, ඇදුම වැනි රෝග සහ පහසුවෙන් ගැලවී නොයන සෙම රෝගය සඳහා කිරිඅඟුණ ඉතා හොඳ අත්බෙහෙතකි. ඒ සඳහා පහසුවෙන් ගෙදරදීම සාදාගත හැකි අත් බෙහෙතක් සාදාගන්නා ආකාරය සලකා බලමු.

කිරිඅඟුණ දලු, ඔළිඳ දලු, පාවට්ටා දලු සමව ගෙන අමු ඉඟුරු ස්වල්පයක් දමා එකට කොටා වණ්ඩුවේ තම්බා ගන්න. එසේ තම්බාගත් මිශ්‍රණය හොඳින් මිරිකා එහි යුෂවලට සීනි, මීපැණි දමා මේස හැඳි එක බැගින් වරින් වර බිමට දීම හොඳම අත්බෙහෙතකි. මෙය ළදරුවන්ට වරකට තේ හැඳි එකක් හෝ දෙකක් ප්‍රමාණවත් වෙයි.

ගම්බද ප්‍රදේශවල නිතරම වගේ විවිධ සර්පයන් දෂ්ට කිරීමෙන් ඇතිවන හදිසි තත්ත්වවලදී ප්‍රථමාධාර වශයෙන් කිරි අඟුණ මුල් දෙහි ඇඹුලින් අඹරා ගෑම සිදු කරයි. කිරිඅඟුණ කොළ කැඳ සර්ප විෂට සහ මී විෂට ඉතාමත් ගුණදායක වෙයි.

කිරිඅඟුණ කොළ කැඳ සාදාගන්නා ආකාරය සලකා බලමු.කැකුළු හාල් මිටක් පමණ සෝදා වතුර වැඩිපුර යොදා ළිප තබන්න. පිරිසිදු කරගත් කිරිඅඟුණ කොළ මිටක් හා එයට අවශ්‍ය තරම් ගාගත් ‍පොල්, සුදු ලූනු බික් එකක්, අමු ඉඟුරු කැබැල්ලක් සමග හොඳින් අඹරා මිරිකා යුෂ ගන්න. කැඳ බත සහ කොළ යුෂ මිශ්‍රකර ලුණු රහිතව හොඳින් රත්වූ පසු කැඳ ළිපෙන් ඉවත්කර ගන්න.

නිතරම වාගේ නිවෙස්වල ඇති කරන බල්ලන් සපාකෑම සිදුවේ. එවැනි අවස්ථාවලට සහ සර්ප දෂ්ට කිරීම් ස්ථානයේ ගෑමට ඖෂධ සකස් කරගන්නා ආකාරය සලකා බලමු. ඒ සඳහා අමු කහ කැබැල්ලක්, කිරිඅඟුණ කොළ මිටක්, තුඹ කරවිල අල සම ප්‍රමාණයන් ගෙන කොටා, මිරිකා යුෂ ගෙන රත්කර බල්ලා සපා කෑ තුවාලයේ හෝ සර්ප දෂ්ට ස්ථානයේ ආ‍ලේප කරන්න. තවද විෂ ශරීරගත වූ විට කිරිඅඟුණ හා කරංපිචා කොළ සම්බෝලය ආහාරයට ගැනීම ඉතා සුදුසු වෙයි.

කනේරු කෑම නිසා ඇතිවන විෂ ලක්ෂණ පහළ වන විට එනම් වමනය, බඩේ කැක්කුම, හුස්ම ගැනීම වේගවත් වීම වැනි අවස්ථාවලදී ප්‍රථමාධාරයක් වශයෙන් කිරිඅඟුණ වැලෙන් ඖෂධයක් සකස් කරගත හැකිය. කිරිඅඟුණ කොළ සහ මුලත්, ආඩතෝඩ කොළ, රතු ලූනු කොටා මිරිකා රත්කර බිමට දීමෙන් කනේරු විෂ නැසිය හැකි වෙයි. කැඩුම් බිඳුම් සහ අවහන්දි වීම් සිදුවන අවස්ථාවල හෝ තැළුම් සිදුවූ අවස්ථාවල ඒ සඳහා ගෙදරදීම පහසුවෙන් කිරිඅඟුණ යොදා තෙලක් සාදාගත හැකිය. මේ සඳහා කිරිඅඟුණ කොළ, පැ‍පොල් කොළ සමග ‍පොල් කොටා මිරිකාගත් යුෂවලට අසමෝදගම්, පල්මානික්කම්, වද කහ සහ කළුදුරු සම ප්‍රමාණයෙන් කුඩුකර දමා මඳ අව්වේ වියළා සිඳගත් තෙල් භාවිත කළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය මංගලිකා කුමාරපේලි
නෙරංජලා වික්‍රමසිංහ

දිනපතා උදෑසන උණු වතුර වීදුරුවකට කහ මිශ්‍රකර පානය කරන්න

දේශීය රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි. එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත් කරන්නට ඉවහල් වෙයි. ඉංගී‍්‍රසි භාෂාවෙන් ටර්මරික් (Turmeric) වශයෙන් හඳුන්වන කහ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ curcumalonga යන්නයි.කහ ශ්‍රී ලංකේය අපට ආගන්තුක දෙයක් නොවේ. මෙය ආසියාතික රටවල කෑම සැකසීමේ දී කුළු බඩුවක් ලෙස ආහාර රස කිරීමටත් වර්ණ ගැන්වීමටත් යොදා ගනු ලබයි.

විශේෂයෙන්ම පිළිකා තත්ත්වයන්හි සිට සමේ රෝග සහ රූපලාවණ්‍ය දක්වාත් විශාල පරාසයක භාවිත කරන ඖෂධයක් ලෙස හඳුන්වන්නට පුළුවනි. කූකමින් (curumin) යන රසායනිකය මෙහි අඩංගුයි. කහ යොදාගනිමින් කරනු ලබන ඖෂධ නිෂ්පාදනයේ දී මෙය විනාශ නොවන ආකාරයට යොදා ගැනෙයි. ඖෂධ සංස්කරණයන්හි දී මෙහි නියම ප්‍රතිඵල අත්වෙයි.

ඊට අමතරව මෙහි ඖෂධීය වටිනාකම ගතහොත් ආයුර්වේද සහ දේශීය වෙදකමේ බෙහෙත් වට්ටෝරුවල දී බොහෝ විට යොදා ගැනේ. එහිදී භාවිත වෙන්නේ මෙහි රයිසෝමය හෙවත් අලයයි. සමේ රෝගවල දී ගැනෙන ඖෂධ අතර නැතුවම බැරි ඖෂධයකි.

සාමාන්‍යයෙන් දේශීය ඖෂධයක් ලෙස මෙය සමේ ආලේප කරයි. බොහෝ විට විෂබීජ අධිකව තිබෙන ස්ථානයකට ගොස් පැමිණි විට කහ දියරයෙන් දෑත් මුහුණ සෝදන අවස්ථා තිබේ. ඒ කහ විෂබීජ නසන, විෂබීජ නාශක හැකියාවක් ඇති ඖෂධයක් ලෙස පිළි ගන්නා නිසාය.

මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉතා ඉහළය. චර්මයේ ඇතිවන අසාත්මිකතා, තුවාල, පිළිකා රෝග, දියවැඩියාව වැනි බොහෝ රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි.

මේ පිළිබඳ තවදුරටත් විමසා බැලුවොත් මෙහි ගුණාත්මක බව තවත් තහවුරු කරගත හැකියි. උදෑසන පිබිදී උණු වතුර වීදුරුවකට කහ තේ හැඳි කාලක් මිශ්‍රකර බීමෙන් සිරුර හොඳින් පිරිසුදු වන බවද ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙයි. එමෙන්ම ආසාදනවලින් වැළකී සිටීමට ද මෙය බොහෝ දුරට ඉවහල් වෙයි.

තෙල් අධිකතාව
තෙල් අධික වූ පසු විශේෂයෙන්ම කුරුලෑ වැනි අවස්ථාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව දැක තිබේ. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වන්නේ කප දෝෂ වැඩි වීම යනුවෙනි. ශරීරය මහත් කිරීමට විරුද්ධව මෙය ක්‍රියාත්මක වෙයි. මෙහි ලේඛනීය ගුණයක් පවතී. ලේඛනීය ගුණයක් යනු ශරීරය කෙට්ටු කරන ගුණයක් සහ සිරුර හැඩ කිරීමේ ගුණයක් පැවතීමයි. මේ නිසා කහ රූපලාවණ්‍යයේ දී බහුලව යොදා ගත හැකි ශාක කාණ්ඩයක් වශයෙන් හැඳින්විය හැකියි.

උපදෙස් – විශේෂඥ උපදේශක වෛද්‍ය ආචාර්ය පතිරගේ කමල් පෙරේරා. මංජුලා මල්කාන්ති
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ සිංහල තේරුම නිවැරදිව දැනගන්න

“යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛෙ සබ්බේ ව භූතා සුමනා භවන්තු අථොපි සක්කච්ච සුනන්තු භාසිතං”
තේරුම – භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

“තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරොථ මානුසියා පජාය දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා”
තේරුම – අමනුෂ්යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්ය ප්රජාව කෙරෙහි මෛත්රිය කරවු. යම් මනුෂ්ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වා යං රතනං පණීතං න නො සමං අත්ථි තථාගතෙන ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – මනුෂ්ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

“ඛයං විරාගං අමතං පණීතං යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක් කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්ය බලයෙන් සෙත් වේවා.

“යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනාතෙන සමොන විජ්ජති ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු”
තේරුම – බුද්ධ ශ්රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්රශංසා කොට ප්රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්නභාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන නික්කාමිනො ගොතම සාසනම්හි තෙ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු”
තේරුම – යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“යථින්ද ඛීලො පඨවිංසිතො සියා චතුබ්භිවාතෙහි අසම්පකම්පියො තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්රණීත රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“යෙ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්යයන් තමනට ප්රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්ය බලයෙන් සෙත් වේවා.

“සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි චතූහපායෙහිච විප්පමුත්තො චඡාභිඨානානි අභබ්බොකාතුං ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ්බො සො තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්රණීත වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ තථූපමං ධම්මවරං අදෙසයි නිබ්බාණගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධෙ රතනං පණීතං ඒතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – ග්‍රීෂ්මසෘතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

“වරො වරඤ්ඤු වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයි ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සත්වයනට සෙත් වේවා

“ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු”
තේරුම – යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්ය බලයෙන් සෙත්වේවා.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

“යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ ථාගතං දෙව මනුස්ස පූජිතං සඞඝං නමස්සාම සුවත්ථි හොතු”
තේරුම – පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්රාවක සඞඝයා වහන්සේ වඳිමු.

ඉහත ශක්රදේවේන්ද්රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි.
තෙරුවන් සරණයි..

බුදුසරණ අන්තර්ජාල කලාපය – ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න!

මෙය උපුටාගැනීමකි – ජනිත වූ සුලු හෝ කුසලයක් වේද එය මුල්සම්පාදකයන්ටද අනුමෝදන් වෙත්වා. Share කර ඔබත් ධර්ම දානයට දායක වන්න (උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ෆෝන් එක වතුරට වැටුණොත් නොවරදවාම මේ දේවල් ඉක්මනින් කරන්න

ජංගම දුරකථනය බැරිවෙලා වත් වතුරට වැටුනොත් කරන්න ඕනේ මොනවද කියන එක ගැන බොහෝදෙනෙක්ට අවබෝධයක් නැහැ. මෙවැනි අවස්ථාවකදී දුරකථනය බේරා ගැනීමට යාමේදී කරන වැරදි හේතුවෙන් මුළුමනින්ම දුරකථනය භාවිතයට ගැනීමට නොහැකි තත්වයට පත්වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී කළ යුතු නිවැරැදි දේවල් මොනවද කියලා අපි අද බලමු.

ජංගම දුරකථනය හැකි ඉක්මනින් වතුරෙන් ඉවතට ගන්න. ඉක්මන්වීමෙන් ඔබේ දුරකථනයට ජලයෙන් වන හානිය අවම කරගැනීමට කටයුතු කළ හැකිය. කෙසේවෙතත් කලබල වෙන්න එපා, ඔබේ දුරකථනය විදුලියට සම්බන්ධ කර ඇත්නම් මුලින්ම ප්‍රධාන විදුලි ස්විචය අක්‍රීය කර ඉන්පසු දුරකථනය වතුරෙන් ඉවතට ගන්න.

දුරකථනය වතුරෙන් ඉවතට ගත් විගස බැටරි ආවරණය සහ බැටරි ඉවත්කර කඩදාසි තුවා හෝ මෘදු රෙදි කඩක් මත අතුරා තබන්න. දුරකථනය තෙත් වවිටදී හැකි ඉක්මනින බැටරිය ඉවත් කිරීමෙන් දුරකථනය තුල ඇති බොහෝ පරිපථ ජලය කථනය වීමෙන් බේරාගත හැක.

ඔබේ දුරකථනයෙ ඇති සිම්පතද ගලවා ඉවත් කරන්න. සිම් කාඩ් පතට ජලයෙන් වන හානිය අවමයි. කෙසේවෙතත් එය ඉවත්කර නැවත ඔබේ දුරකථනයට සම්බන්ධ කරන තෙක් හොදින් වියළීමට පසෙකින් තබන්න.

earbuds, memory cards එමෙන්ම phone cases ද ඉවත් කරන්න. දුරකතනය හොදින් වියළීමට එහි ඇති කුහර ආවරණය වන සියලු ප්ලග් ඉවත් කරන්න. මෘදු කඩමාල්ලක් හෝ තුවායක් භාවිතයෙන් ඔබේ දුරකථනය හොඳට වියළන්න.

ඔබ දුරකථනයේ අභ්යන්තර කොටස් වලට ජලය ගොස් ඇත්දැයි සැක නම් වැකියුම් ක්ලීනර් එකක් භාවිතා කිරීමට උත්සාහ කරන්න. දුරකථනය ඉක්මනින් වියළාගෙන යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වේගවත්ම ක්‍රමය මෙය වෙයි.

දුරකථනය වියළා ගැනීමට හෙයා ඩ්‍රයර් භාවිතා නොකරන්න. එසේ කිරීමෙන් දුරකථනය තුල ගැඹුරු විදුලි සංරචක කරා, එම කුහර දෙසට තවදුරටත් තෙතමනය යා හැක.

දුරකථනයේ ඇති තෙතමනය උරාගැනීම සඳහා සුදුසු ද්‍රවයක් භාවිතා කරන්න. එහෙම නැත්නම් දුරකථනය කඩදාසි තුවායක ඔතා තබන්න. මිළ අඩු විකල්පය – හාල් ටිකක් බදුනකට දමා එක් රැයක් දුරකථනය එහි බහා තැබීමයි. එක් රැයක් දුරකථනය එසේ තැබීමෙන් පසුව හෝ එය සිදුකිරීමට නොහැකි වූයේ නම් තුවා හෝ වෙනත් කඩදාසි මත දුරකථනය පැතිලි කර තබන්න.

මෙසේ කිරීමෙන් පැය 24කට පසු ඔබේ දුරකථනය පරික්ෂා කර බලන්න. දුරකථනයේ ඇති සියළු උපාංග පරික්ෂා කර බලා දූවිලි හා කුණු ඇත්නම් පිසදමා ඉන්පසු බැටරිය ඇතුල් කරන්න. ඉන්පසු දුරකථනය on කර එය නිවැරදිව කටයුතු කරනවා දැයි නිරීක්ෂණය කරන්න.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් පසුවත් ඔබේ දුරකථනය නිවැරදිව කටයුතු නොකරන්නේ නම් ඔබේ දුරකථනය බලයලත් අලෙවි නියෝජිතයකු වෙත රැගෙන යන්න. එය තෙත් වී ඇති බව සැඟවීමට උත්සාහ කරන්න එපා, ඔබේ දුරකථනයට සිදුවී ඇති දේ පැහැදිලිව පැවසීමෙන් ඔබට අවශ්‍ය උපකාරය නිසියාකාරව ලබාගත හැකිවනු ඇත.

ඔබ දුරකථනයේ ඇති උපාංග වෙන් කිරීමට නොදන්නේ නම් කිසිවිටෙකත් එසේ කිරීමට යාමෙන් වළකින්න. පහල තිබෙන ෂෙයාර් බටන් එක ක්ලික් කරලා ඔබ ලබාගත් මේ දැනුම ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාගන්න අමතක කරන්න එපා..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පිළිකා සුවකරන, මුත්‍රා ගල් නසන උක් යුෂ

මිහිරි රස සහිත ශාක අතර උක් ගස්වලට හිමිවන්නේ සුවිශේෂ තැනක්. උක්ගස්වලට කුඩා දරුවන් ආස කරන්නේ පලතුරක් විදියටයි. රසවත් ආහාරයක් මෙන්ම පලතුරක් ලෙසත් භාවිත කරන උක්ගස් සීනි නිෂ්පාදනයටත් අත්‍යවශ්‍යම ශාකයක්. ඊට අමතරව උක්ගස් කියන්නේ රෝග රැසකට ගුණය සලසන සුවය ලබා දෙන අගනා ඖෂධයක්. වියළි සහ තෙතමනය සහිත ඕනෑම පසක හට ගන්නා උක්ගස්, දඬු සහිත ශාකයක්. පඳුරක් සේ හටගන්න උක්ගස් අඩි 4ත් 12ත් අතර උසකට වැඩෙනවා. ආයුර්වේදයට අනුව තෘණ පංචමූල ගණයට අයත් උක්ගස් ඉක්ෂු, බහුරස, මධුතෘණ ආදී නම් රැසකින් හඳුන්වනවා.

නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන උක්ගස් අයත් වන්නේ ට්පචථඪදචඥ කුලය හෙවත් යව කුලයට. සාමාන්‍ය ලෙස ගත්තොත් උක්ගස් අයත් කුල දෙකක් පවතිනවා. එනම් දඬු සුදු පැහැති උක් ගස් හා දඬු කළු පැහැති උක්ගස්. ඒ අතරෙන් ඖෂධ පිණිස බහුල වශයෙන් යොදා ගන්නේ කළු උක්ගස් හෙවත් දණ්ඩ රතු හෝ දුඹුරු පැහැති උක්ගස. උක් දඬු ඉස්ම, මුල් තමයි ඖෂධ පිණිස ගන්නේ. උක් ගස් යුෂ අධික පැණි රසින් යුක්ත නිසා දියවැඩියා රෝගීන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීම නුසුදුසුයි. සීමාසහිතව ගත්තට ගැටලුවක් නෑ. ඒ වගේම තමයි ඖෂධ පිණිස උක් දඬු ගැනීමේදී පුස්වලින් තොර, අපිරිසුදු ජලය ගලන ස්ථානවල හටගත් උක්ගස්වලින් තොර පිරිසුදු උක් ගස් ගැනීම ඉතාම වැදගත්.

උක් පැණි හා උක් හකුරු හදන හැටි
ආයුර්වේදයේදී වෛද්‍යවරුන් විවිධ රෝග සඳහා උක් පැණි ඖෂධ පිණිස නිර්දේශ කරනවා. ඔබට නිවෙසේ සිටම උක් පැණි සාදා ගන්න පුළුවන්. එය ඉතා පහසුයි. උක් දඬු තළා මිරිකා ගත් යුෂ හොඳින් පෙරා ළිපේ රත් කර පැණි පදමට එන තුරු හැඳි ගාන්න. පැණි පදමට ආපසු ළිපෙන් බාගෙන එය බෝතල් කර උක් පැණි දිගු කාලයක් තබා ගන්නත් පුළුවන්. ඒ වගේම උක් හකුරු සාදන්නෙ මෙහෙමයි. මම ඉහත කීවා වගේ උක් යුෂ අරගෙන හොඳින් රත් කර පැණි පදමට වඩා ඝනව රත් කිරීමෙන් උක් හකුරු සාදා ගන්න පුළුවන්. උක් හකුරු හෙවත් ගුඩ ඔෟෂධ පිස බහුල වශයෙන් දේශීය වෛද්‍යවරුන් නියම කරනවා. ඒ වගේම අරිෂ්ට, ආසව සෑදීමේදීත් ගුඩ හෙවත් උක් හකුරු බහුල වශයෙන් යොදා ගන්නවා. මෙය ශරීරය පුෂ්ටිමත් කළ හැකි වටිනා ඖෂධයක්.

කටහඬ සියුම් කිරීමට උක්දඬුවලින් ඔසුවක්
ඇතැම් අයට සෙම්ප්‍රතිශ්‍යා ගතිය නිසා හෝ අධික ලෙස කතා කිරීම නිසා කටහඬ විකෘති වන්න පුළුවන්. කටහඬ බැරැන්ඩි අයගේ හඬ නැවැතත් ප්‍රකෘති තත්ත්වයට පත් කරන්නත් කටහඬ සියුම් කරන්නත් උක්ගස්වලට පුළුවන්. දිනපතා උදෑසන උක් දඬු තළා පෙරා ගත් උක් යුෂ වීදුරුවක් බොනව නම් සියුම් පැහැදිලි කටහඬකට ඔබට හිමිකම් කියන්න පුළුවන්.

මුත්‍රා ගල් නසන උක් හකුරු
මුත්‍රාශය ආශ්‍රිත රෝග රැසකට උක් ගස් හොඳ ප්‍රතිකර්මයක්. මුත්‍රා පිටවීමේදී ශරීරයේ දැවිල්ල වගේ තිබෙනව නම් රුධිරය සමඟ මුත්‍රා පිටවන තත්ත්වයක් තිබෙනවනම් සතියක් පමණ දිනපතා හිස් බඩට උක් යුෂ වීදුරුවක් බොන්න. ඇතැම් විට උෂ්ණ කාලවලදී වතුර පානය කිරීම අවම කිරීම නිසා හෝ වෙනත් හේතූන් මත මුත්‍රා දැවිල්ල දැඩි ලෙස හටගන්න පුළුවන්. එවන් අවස්ථාවලදී උක් යුෂ කෝප්පයකට දෙහි යුෂ ස්වල්පයක් හෝ ඉඟුරු යුෂ ස්වල්පයක් හෝ මිශ්‍ර කර රෝගියාට බොන්න දෙන්න. එහෙමත් නැතිනම් පොල්කිරි වීදුරු කාලකට උක් යුෂ වීදුරු භාගයක් පමණ මිශ්‍ර කර බොන්න. මුත්‍රා දැවිල්ලට එය ගුණදායකයි. මුත්‍රවාහිනි පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වයට උක් හකුරු ඉතාමත්ම ගුණදායකයි. මුත්‍රාශය ආශ්‍රිතව ගල් ඇති අය දිනපතා උක් හකුරු ආහාරයට ගැනීමෙන් මුත්‍රා ගල් දියකර හැරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම උක් යුෂ, කැකිරි, කිරිබදු එකට මිශ්‍ර කර තම්බා ආහාරයට ගැනීමෙන් මුත්‍රා ගල් විනාශ කරන්නත් පුළුවන්.

ශල්‍යකර්මවලින් පසුව සිරුර ප්‍රාණවත් කරන උක් යුෂ
විවිධ ශල්‍යකර්මවලට භාජන කිරීමෙන් පසුව හෝ බොහෝ කාලයක් රෝගාතුරව සිටීම නිසා ඇතැමුන්ගේ සිරුරෙ පෘෂ්ටිමත් බව නැතිවී ශරීරය දුර්වල තත්ත්වයකට පත්වනවා. කෙට්ටු වීම හෙවත් කෘශවීම එහි අතුරු ප්‍රතිඵලයක්. ශරීරයේ රුධිර සම්පාදනය හීන වීම නිසයි එහෙම වන්නේ. එවන් රෝගීන්ට යළිත් ශරීර ප්‍රාණය ලබා දෙන්නත් රුධිරය සම්පාදන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරන්නත් උක් යුෂ, නෙල්ලි යුෂ, මී පැණි සමව අරගෙන මිශ්‍ර කරලා දිනපතා උදෑසන සති 2ක් පමණ බොන්න දෙන්න. ඒ වගේම තමයි ඇතැම් අය ග්‍රීස්ම කාලවලදී රසායනික මිශ්‍රණ අඩංගු පැණි බීම ශීතකරණයේ තබා පානය කිරීමට පුරුදුව සිටිනවා. එය ඇත්තටම සල්ලි දීලා ලෙඩ ගැනීමක්. උෂ්ණ කාලවලදී උක් දඬු තළා පෙරා ගත් යුෂ ශීත කර පානය කරනව නම් එය ශරීරය ප්‍රාණවත්වීමට වගේම විවිධ රෝග නිවාරණය කිරීමටත් ගුණදායකයි.

ශරීර ශක්තිය වැඩිකර ගන්න සුදු උක් පැණි බොන්න.
විවිධ උණ රෝග වැලැඳීම හේතුවෙන් ශරීරයේ අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය හීන වීම නිසා ඇඟ දුර්වලකම වගේම ආහාර අරුචියක් ඇති වෙනවා. එවන් රෝග තත්ත්වයන් නැති කර ආහාර රුචිය වැඩි කරන්න සුදු උක් දඬු යුෂ පානය කිරීමෙන් හැකියාව පවතිනවා. ඒ වගේම අවුරුදු උත්සවවලදී හෝ ක්‍රීඩා උත්සවවලදී ඇඟ වෙහෙසවන ක්‍රීඩා කිරීමෙන් පසු අධික ශක්තියක් වැයවීම නිසා ශරීරය වෙව්ලීම වගේ අතුරු රෝග වැලැඳෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ශක්තිජනක ආහාරයක් ලෙස උක්ගස් යුෂ පානය කිරීම වැදගත්. මෙය රසවත් බීමක් වගේම ශරීර ශක්තිය වඩවන හොඳ ශක්ති ජනක පානයක්.

උක් යුෂවලින් කුෂ්ඨ සුවකරන්න පුළුවන්
ොවිවිධ කුෂ්ඨ රෝග තත්ත්වවලට ගොදුරු වී සිටින අයට ක්‍රමක්‍රමයෙන් ඒ රෝගයෙන් සුවය ලබන්න පුළුවන් ක්‍රමයක් තමයි අඛණ්ඩව දිනකට වරක් බැගින් උක් යුෂ පානය කිරීම. කුෂ්ඨ රෝග සුව කිරීමට උක් ගස් යුෂවලින් පුළුවන් කියලා අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගෙන තිබෙනවා.

නාසයෙන් ලේ ගැලීම නවත්වන ක්‍රමයක්
ෙතද අව්වේ රැඳී සිටීම නිසා හෝ වෙනයම් හේතුවක් මත නාසයෙන් ලේ ගලන අවදානමකදී ලේ ගැලීම නවතාලන්න උක් යුෂවලට පුළුවන්. නාසයෙන් රුධිරය වහනය වන අවස්ථාවකදී මිදි යුෂ සහ උක් යුෂ සමව අරගෙන හොඳින් මිශ්‍ර කර නස්න කරන්න. (නාසයට ඇතුළු කරන්න) රුධිරය වහනය වීම ඉන්පසු නවතිනවා.

ආහාර ජීර්ණය පහසු කරන ඔසුවක්
නොදිරවූ ලෙස මල පිටවීම හෙවත් ග්‍රහණි රෝගයෙන් පීඩා විඳින පිරිස් අප සමාජයේ සිටිනවා. එවන් අය දිනකට එක් වරක් බැගින් සතියක පමණ කාලයක් උක් යුෂ, මිදි යුෂ, රට ඉඳි යුෂ සමව මිශ්‍ර කරලා පානය කරන්න. ආහාර ජීර්ණයට එය අගනා ඔෟෂධීය පානයක්.

පිළිකා නසන උක් යුෂ
උක් යුෂවල පොදුවේ කැල්සියම්, පොටෑසියම්, යකඩ අන්තර්ගතයි. එබැවින් ශරීරය තුළ ප්‍රබෝධයක් ඇති කිරීමට මේ ඖෂධීය පානයට පුළුවන්. එබැවින් ශරීරය තුළ පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. සතියට දින 3ක්වත් උක් යුෂ පානය කරනව නම් පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සහ පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම නැති කරන්නත් වැලැඳුණු පිළිකා සුව කරන්නත් උක්ගස්වලට පුළුවන්.

දුර්වල වුණු අක්මාවට උක් යුෂෙන් සුවය
සෙංගමාල රෝගය වැලැඳුණු අයට එයින් සුවය ලබන්න පුළුවන්. ඒ සඳහා උක් ගස් යුෂ පානය කරන්න දෙන්න. එසේ නැතිනම් සෙංගමාල රෝගියකුට ඇහැළ පොතු කෂායක් හදලා ඒ කෂායට උක් යුෂ මිශ්‍ර කර බොන්න දෙන්න. එයත් ගුණදායකයි. එහෙමත් නැතිනම් උක් යුෂට දෙහි යුෂ මිශ්‍ර කරලා දිනකට වරක් බැගින් බොන්න දෙන්න. සෙංගමාල රෝගය වැලැඳුණු රෝගියකුගේ අක්මාව මඳින් මඳ දුර්වල වෙනවා. එය යථා තත්ත්වයට පත් කරන්න නිතර නිතර පැණි රස දේවල් දීම කරනවා. විවිධ පැණි රස දෑ දෙනවට වඩා සෞඛ්‍යයට හිතකර උක් ගස් යුෂ සෙංගමාල රෝගීන්ට දෙන්න පුරුදු වෙන්න. ඉතා පහසුවෙන් ජීර්ණය වීමට හැකි සීනි වර්ග උක්ගස්වල තිබෙනවා. එබැවින් සෙංගමාල රෝගීන්ගේ අක්මාව ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න නිර්දේශ කළ හැකි හොඳම දේ තමයි උක් යුෂ කියන්නේ.

බර අඩු දරුවන්ගේ බර වැඩි කරන ක්‍රමයක්
වැඩිහිටියන් අතර තිබෙන මිථ්‍යා මතයක් තමයි උක් දඬු හැපීමෙන් කුඩා දරුවන්ගේ දත් නරක් වෙනවා කියන සැකය. අධික පැණි රස ද්‍රව්‍යයක් නිසා දරුවන්ගේ දත් පණුවො කයි කියන බයකුත් ඔවුන් තුළ තිබෙනවා. නමුත් ඒ මතය වැරැදියි. උක් දඬු සපා යුෂ පානය කිරීමට දරුවන් පොලඹවනව නම් දත් අතර ඇති විසබීජ විනාශ කරන්නත්, අහිතකර බැක්ටීරියා විනාශ කරන්නත් පුළුවන්. ඒ වගේම දින දෙකකට වරක්වත් උක් දණ්ඩක් හපනව නම් මුඛ දුර්ගන්ධයත් නැති වෙනවා. දත් නරක් වීමේ අවදානමත් එයින් නැති වෙනවා. මොකද උක්ගස් කියන්නේ ඛනිජ ලවණ අධික ලෙස අඩංගු ද්‍රව්‍යයක් නිසා එය දත්වලට ඉතාමත්ම හිතකරයි. ඒ වගේම තමයි කුඩා දරුවන් විශාල පිරිසකගේ ශරීරවල බර අඩු ගතියක් පවතිනවා. ශරීරයේ බර වර්ධනය කිරීමට උක්ගස්වලින් පුළුවන්. එය අපි පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. එබැවින් සතියකට වරක් හෝ ඔබේ දරුවාට පිරිසුදු උක්ගස් දඬු කැබැල්ලක් හැපීමට දෙන්න.

(උපුටා ගැනීම – විශ්වය දෑතට Wishvaya dhathata)

පින්වන්ත දරුවෙකුගේ උපතක් ලබාගන්න විදිය

පින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියත් අනුගමනය කළ යුතු ආර්‍ය චාරිත්‍ර පේවිම් මෙසේ ය. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ( පැය 24 පුරාවට පූර්ණ උතුම් උපෝසථයක් ලෙස ) සතියක් පුරාවට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. එම සතිය පුරාවට දිනකට දෙවරක් ( උදේ – සවස ) මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස, පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. ( තුන් සූත්‍රය, ධජග්ග පිරිත, මහාසමය සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය ආදිය…) වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය. ( වෙනත් ඉල්ලීම් කිසිවක් නොකළ යුතුය.)

එම සතිය පුරාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇතුළත් පොත්පත් කියවමින් ඒවා තේරුම් ගනිමින් ගතකළ යුතුය. දවසේ හැකි සෑම විට ම බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා පුරුදු කළ යුතුය. මහා සඟරුවන උදෙසා දන්පැන් පූජා කළ යුතුය. මෙලෙස සතියක් පුරාවට උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රදුන් වැඩ සිටින අනුරාධපුර පින් බිම වන්දනා කිරීමට යා යුතුය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කළ යුතුය. මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්ම රාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදම් කළ යුතුය. ස්වර්ණමාලි මහා ස්ථූපය අභියසට පැමිණ, අවිද්‍යා අන්ධකාරය දුරුකොට ප්‍රඥාලෝකයෙන් තුන් ලොවම එළිය කළ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ප්‍රඥාලෝකයට උපහාර පිණිස යැයි සිතා සුවඳ දුම් දල්වන්න. සතළිස් පස් වසරක් පුරා ගතකළ පරම නිර්මල සම්බුදු දිවියට උපහාර පිණිස යැයි සිතා පිවිතුරු සුවඳ මල් පූජා කරන්න. ඉන් පසු මිහිරට සැදැහැයෙන් හඬනගා තෙරුවන් ගුණ සජ්ජායනා කරමින් මහා සෑය තුන් වතාවක් දක්ෂිණා වර්තව පැදකුණු කරන්න. එසේ කිරීමෙන් පසු පේසා වළලු මත නළල තබා උතුම් බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත්, මහ සෑ රජාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජාකරමි… පූජා වේවා! යි සිතා ජීවිතය පූජා කරන්න. උදෑසන කාලයක දී නම් කිරිපිඬු පූජා කරන්න. සවස් කාලයකදී නම් ගිලන්පස පූජා කරන්න. සෑ මළුවේ ම මහ සෑය හොඳින් පෙනෙනා තැනක අසුන් ගන්න. මිහිරට සැදැහැයෙන් තෙරුවන් වන්දනා කොට ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් ආදී පූජාවන් පූජා කරන්න. පසුව මෙසේ දේවතා ආරාධනය සිදු කරන්න.

සමන්තා චක්ක වාලේසූ – අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තධම්මස්සවණ කාලෝ – අයං භදන්තා

හාත්පස සක්වළ සිටින සදහම් අසනු කැමති දෙවියෝ සැදැහැ සිත් උපදවාගෙන අප මුනිරජුන් වදහළ මිහිරි සඳහම් ඇසුමට දැන් මෙතැනට පැමිණෙත්වා! පින්වත් දෙවිවරුනේ මේ එයට කාලයයි! ඉන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍රයත්, රතන සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සජ්ජායනා කරන්න. ඉන්පසු දෙනෙත් පියාගෙන ටික වෙලාවක් බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් සිදු කරන්න. ඉන්පසු සතියක් පුරාවට රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන් වචනයෙන් පවසා ඝටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පති බ්‍රහ්ම රාජය, සනංකුමාර බ්‍රහ්ම රාජයා ආදී බ්‍රහ්ම රාජයන්ට පින් අනුමෝදන් කරන්න. රැස්කළ පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ටත් අනුමෝදන් කළ යුතුය. එමෙන්ම ශාසන භාරධාරී විශ්ණු දෙවිඳුන්ටත්, සුමන සමන් දෙවිඳුන්ටත්, ස්වර්ණමාලි දෙවඟනටත් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දුටුගැමුණු දිව්‍ය රාජයාට පින් අනුමෝදන් කරන්න. භූමාටු දෙවිවරුන්ගේ පටන් සදෙව් ලෝවාසී සියලු දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික සියලු දෙවියන්ටත් පොදුවේ පින් අනුමෝදන් කරන්න.

ඉන්පසු ආයුෂ අවසන් වී මනුලොව වඩින්නට සිටිනා පින්වත් දිව්‍යරාජයෙකුට හෝ බ්‍රහ්මරාජයෙකුට පින්වත් දරුවෙකු බලාපොරොත්තු වන මෑණියන් විසින් තම කුසේ පිළිසිඳ ගන්නට මෙලෙසින් ආරාධනා කරන්න. ” සුගති ලොවක් වූ මිනිස්ලොව ඉපදීමට බලා සිටිනා දිව්‍යාරාජයිනි, බ්‍රහ්මරාජයිනි මිනිස් ලොව ඉපදී උතුම්ම ලාභය වූ තිසරණ සහිත ශ්‍රද්ධා ලාභය ලැබීම පිණිසත්, බුදුසසුන සුරැකීම පිණිසත්, ලංකාදීපය ආරක්ෂා කර සිංහල ජාතිය ආරක්ෂා කිරීමටත්, රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිසත් ඔබ වහන්සේලාගෙන් කවුරු හෝ තෙරුවන් කෙරෙහි පැහැදුන සිත් ඇති සීලවන්ත මාගේ කුස පිළිසිඳ ගනු මැනවි. අපි දෙදෙනාම මහත් වූ සෙනෙහසින් ඔබ රැකබලා ගන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ කුස පිළිසිඳ ගන්නා සේක්වා! මෙසේ දෙවනුව ද තෙවනුව ද ආරාධනා කොට සිටින්න. මෙසේ කරනා විට ඒකාන්තයෙන්ම පින්වන්තයෙකු ඔබගේ මව්කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. මෙසේ ශාසනික ප්‍රතිපත්තීන්හි පිහිටීමෙන් පින්වන්ත දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත්පසු කටයුතු කළ යුත්තේ මේ අයුරිනි.

දරු සම්පත පිළිසිඳ ගත් පසු සිදුකළ යුතු ආර්‍ය චාරිත්‍ර
මව්කුසේ දරු සම්පතක් පිළිසිඳ ගත්තේ ය යන දැනීම පහළ වූ සැණින් මව්පිය දෙදෙනා තෙරුවන් වන්දනා කොට දරුවාව තෙරුවනට පූජා කළ යුතුය.
හැකි නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රජුන් වැඩ සිටින අනුරාධපුර පින්බිම වන්දනා කිරීමට ගොස් පෙර සේම මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. දරුවාගේ ජීවිතය නැවත වරක් තෙරුවනට පූජා කළ යුතුය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, ස්වර්ණමාලි මහා සෑ රදුන්ටත් දරුවාගේ ජීවිතය පූජා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය.( මේ ආකාරයටම දරුවා මෙලොවට බිහි වූ පසුවත් සිදු කරන්න.)

ඉන්පසුව මහත් ඕනෑකමකින් දරු ගැබ ආරක්ෂා කරගනිමින් දිනපතා පන්සිල් රකිමින්, පුන් පොහෝ දින වලට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කරන්න. හැකි සෑම විටම සඟරුවනට දන්පැන් පුදන්න. උතුම් තෙරුවන් ගුණ හොඳින් ඉගෙන ගනිමින් ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඒ තෙරුවන් ගුණ හොඳින් මතකයේ දරාගෙන හැකි සෑම විටම ඒ තෙරුවන් ගුණ සිහිකරමින් උපන් ශ්‍රද්ධාව දියුණු කර ගන්න. තෙරුවන් ගුණ සඳහන් වන උතුම් දහම් පොත් කියවමින් ධර්මය සිහිකරන්න. මෛත්‍රී භාවනාව නිතර වඩන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරමින් සැදැහැසිතින් සෙත් පිරිත් සජ්ජායනා. කරන්න. දරුවා බිහිවීමට කාලය ළඟාවන විට සංඝරත්නය බැහැදැක වන්දනා කොට උතුම් අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබගන්න. තුණුරුවනේ ගුණ සිහිකරමින් පිරිත් පැන් පානය කොට මව්කුසේ පැන් තවරා ගන්න.

ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ… එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹ වේ…

මෙසේ ආර්‍ය පිළිවෙත් පිරීමෙන් පින්වන්ත දරු උපතක් සිදු වේ. දෙමාපියන්ට කරදරයක් නොවී සමාජයට බරක් නොවී ලොකු මහත් වී ඔහු පැමිණි කටයුත්ත නිර්භීතව සිදුකරනු ඇත. ඔහු උපන් පවුල දිනෙන් දින ධන ධාන්‍යයෙන් දියුණු වේ. මෙවන් පින්වන්තයින් දහ පහළොස් දෙනෙකු පවුලක සිටිය ද මව්පියන් දෙදෙනාට සවියක් මිස බරක් නොවේ. ඔහුගේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්, ආඩම්බරයක්, ගෞරවයක් වේ. ඔහු අපගේ අවිහිංසාවාදී කෘෂිකර්මාන්තය දියුණු කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කරනු ඇත. වාරි කර්මාන්තය දියුණු කරනු ඇත. වියළී ගිය රට සශ්‍රීක කරනු ඇත. සංඝරත්නය නො සිඳී පවතින්නට කල්‍යාණ වැටක් ඉදිකරනු ඇත. නිරෝගී ජනතාවක් වෙනුවෙන් ආරෝග්‍යශාලා ඉදිකරනු ඇත. සුවසේ ගමන් බිමන් යාමට මංමාවත් ඉදිකරනු ඇත.

උපුටා ගැනීම :- “ගෞතම සසුනේ පිහිට ලබන මනුලොව උපදින පුණ්‍යවන්තයෝ..” ග්‍රන්ථයෙන් / 🖊️ සැකසුම :- හෙළ අරණ

රසම රස චොක්ලට් මග් කේක් හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

චොක්ලට් මග් කේක් කිවුවම කන්න අකමැති කවුද? මේ කියන්න යන්නේ කටට රසට චොක්ලට් මග් කේක් එකක් ගෙදරදීම හදාගන්න හැටි. මයික්‍රෝවේව් එකේ හදන මේ මග් කේක් එක හදන්න යන්නේ විනාඩි 15යි. ලේසි රසවත් බිත්තර රහිත මේ චොක්ලට් කේක් එක හදලා රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පිටි කෝප්ප 1/4, සීනි කෝප්ප 1/4, කොකෝවා පවුඩර් මේස හැඳි 3, ලුණු තේ හැඳි 1/4, කිරි කෝප්ප 1/4, ලුණු රහිත දිය කර ගත් බටර් කෝප්ප 1/4, වැනිලා තේ හැඳි 1/2, කුඩාවට කපා ගත් සෙමි ස්වීට් චොක්ලට් කෝප්ප 1/4.

සාදන ක්‍රමය : බෝල් එකක පිටි, සීනි, කොකෝවා පවුඩර් සහ ලුණු මිශ්‍ර කරන්න. එයට කිරි, බටර් සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. චොක්ලට් කැබලි ටික එකතු කර කලවම් කරන්න. දැන් මිශ්‍රනය මයික්‍රෝවේව් එකට ඔරොත්තු දෙන කෝප්ප 2කට සමානව දමන්න. එය මතට කුඩා කොටුවට කපාගත් චොක්ලට් කැබලි ටිකක් ඉස ගන්න. කෝප්ප දෙක මයික්‍රෝවේ එකේ ඉහල උෂ්ණත්වයේ විනාඩි 2ක් පිස ගන්න. කෝප්ප දෙක එළියට ගෙන විනාඩි 10ක් නිවෙන්නට හැර රසවිඳින්න.

(උපුටාගැනීම hadakari.com වෙබ් අඩවියෙනි)

කටට රසට වට්ටක්කා සුප් එකක් හදමුද? රෙසිපි එකත් එක්කම මෙන්න හදන හැටි

වට්ටක්කා කියන්නේ රස වගේම අපේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් එළවළුවක්. පෝෂණය අතින් වගේම විටමින් A වලින් බහුල, ප්‍රතිඔක්සිකාර ගුණය මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහල නන්වන්න වට්ටක්කා වලට තියෙන හැකියාවද ඉහලයි. ඉතින් රාත්‍රී ආහාරයට කදිම මේ ලේසියෙන් හදාගන්න පුලුවන් වට්ටක්කා සුප් එකේ රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය : වට්ටක්කා 1.2 kg, සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1, සුදු ලූණු බික් 2, එළවළු හෝ චිකන් ස්ටොක් කෝප්ප 3, වතුර කෝප්ප 1
ලුණු සහ ගම්මිරිස් රස පදමට.

සාදන ආකාරය : වට්ටක්කා ටික පොතු හැර, ඇට ඉවත් කර කුඩාවට කපාගන්න. භාජනයක් ලිප තබා වට්ටක්කා, ලූණු, සුදු ලූණු, ස්ටොක් ටික සහ වතුර ටික එකතු කර උතුරන්න දෙන්න. භාජනය වසන්න එපා. උතුරන විට ලිපේ ගින්දර අඩු කර වට්ටාක්කා ටික හොඳින් පොඩි වන තරමට ඉදෙන්න දෙන්න. ලිපෙන් බා ගන්න. සියල්ල බ්ලෙඩර් කරගන්න. රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කර පිළිගන්වන්න.

(උපුටාගැනීම hadakari.com වෙබ් අඩවියෙනි)