දත් කැක්කුම පටස් ගලා හොඳ කරගන්න සාර්ථක ක්‍රමයක් මෙන්න

අපේ දත් ස්නායු සමග සම්බන්ධයි. මේ නිසා අපිට දතේ කැක්කුම දරාගෙන ඉන්න අමාරුයි. සමහර අයගේ දතේ කැක්කම නැති වුනාට මෙය හිසේ කැක්කුමක් ලෙසට දැනෙනවා. ඉතින් මට හිතුනා අපේ වහරක ස්වාමීන් වහන්සේ විසින් අපිට කියා දීපු දත් බෙහෙතක් ගැන කියා දෙන්න. මුලින්ම අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකර සිටිමු.

අපි ලිඳක් ඉස්සහම අගුරු දානවා නේද? දැන් ලෝකයේ තියෙන හොඳම විෂ අවශෝෂණය වන දුව්‍යක් විදිහට ගන්නේ ඇක්ටිව් කාබන්. මේ සැම තැනම ඇත්තේ කාබන්. අපි මේ දත් බෙහෙත මගින් කරන්නට හදන්නේ කාබන් යොදාගෙන ස්නායු සහ දත් මුල් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්. අපි මේ කාබන් සොයාගන්නේ ඖෂධ දෙකක් ආධාරයෙන්

මේ දත් බෙහෙතෙන් දත් මැද්දම විටින් විට හැදෙන හිසේ කැක්කුමක් සුව වෙනවා. මෙම දත් බෙහෙත මගින් කරන්නේ දත් මුල් හරහා ගොස් ස්නායු පිරිසිදු කරන එක. ඉතින් මෙසේ ස්නායු පිරිසිදු වුනාම අර ආපු කැක්කුම නැතිව යනවා. මිග්රේන් වගේ තත්වයක් නම් ස්ම්පූර්ණයෙන් සුව වෙන එකක් නැහැ. ඒත් එක පැත්තක් විතරක් රිදෙන හිසරදය තියෙන අයට බොහෝ විට ඇත්තේ මේ හිසරදයයි. කොහොමත් හැමෝම මේ ක්‍රමය අනුගමණය කරන එක හොදයි. වරදක් වෙන්නේ නැහැනේ. එපමණක් නොව මෙම දත් බෙහෙත දත් මුල් දියවෙන එකටත් හොදයි. අපි බලමුු හදන විදිහ. දත් බෙහෙතට ගන්නේ ඇට නැතිව අරළු ගෑම් 100, ගෑම් 100, කරාඹු නැටි ස්වල්වල්පයක්, ලුණු ටිකකුත් එක්කරගත්තාට කමක් නැහැ.

හදන්නේ මෙහෙමයි.
කරුංකා ටික කබලක දාලා බදිනවා ගිණි ගන්නකම්. අගුරු වුනාට පස්සේ බාලා නිවෙන්නට තියෙනවා. අළු වෙන්න දෙන්න එපා. දැන් කුඩු කරලා පෙනේරයකින් හලා ගන්නවා. අරළු ටික කැබලි කර කබලක බදිනවා. දූඹුරු පාට වනතුරු බැද්දම ඇති. දැන් මේ ටිකත් දැන් බ්ලෙන්ඩරයක දාලා කුඩු කරගෙන පෙනේරයකින් හලා ගන්නවා. කරාඹු නැටි ටිකත් හොදට කුඩු කරගන්නවා. ලුණු නම් කුඩු ගන්න තියෙනවා නේ. දැන් මේ සියලු දේවල් එකට දාලා හොදට කලවම් කර ගන්නවා. මේක හොද දත්බෙහෙක්. මේ දත් බෙහෙත දැන් බෝතලයක දාලා තියාගෙන පාවිච්චි කරන්න පලුවන්.

රෑට නිදාගන්නට පෙර මේ දත් බෙහෙත් ටිකක් අරගෙන බ්‍රෂ් එකකින් හරි ඇගිල්ලෙන් හරි දත් ටික මදිනාවා. හොදට දත්මුල් වල ගැවෙන්න ඕනි. ටික වේලාවක් මැදලා කට හොදනවා. හැබැයි කට සම්පූර්ණයෙන් හෝදන්නේ නැහැ. කටේ කහට ගතිය ඉතිරි වෙලා තියෙන්න ඕනි. මේ නිසායි සම්පූර්ණයෙන් කට හෝදන්නේ නැත්තේ. මේ විදිහට මාසයක් විතර කරලා බලන්න අර තිබුන හිසරදය තියෙනවාද කියලා.

ඉස්සර අපේ සීීයලා කටේ අරළු ගෙඩියක් තියාගෙන හිටියා මට මතකයි. ඒ අයට දැන් වගේ දත් අමාරුත් නැහැ, හිසේ කැක්කුමක් තිබනෙත් නැහැ. දැන් වගේ බාම් වර්ග තිබුනෙත් නැහැ. අනිත් අයත් හිසරදයක් නැතිව ඉන්නවාට කැමති නම් ශෙයාර් කරලා උදව් කරන්න. මෙත් සිතිනි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පුරුෂ ශක්තිය ඉක්මනින් වැඩි කරගන්න මේ දේවල් ආහාරයට ගන්න

ලෝකයේ ඇති වටිනාම වාජීකරණ ඖෂධය ලෙස ආයුර්වේදයේ සඳහන් වන්නේ කස්තුරි මුවන්ගෙන් ලබාගන්නා කස්තුරි යි. අද වාජීකරණ, නැත්නම් පැරැන්නන් කියූ විදිහට “තිරිහන් වෙන්න භාවිත කරන බේත්” වැහිවැහැලා. පුරාණයේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට දේශීය ශාක ඔසු ගණනාවක් පරිසරයෙන් සොයාගත හැකිව තිබුණා. ඒවායින් ශරීරයට තවත් පෝෂණ ගුණාංග රැසකුත් ලැබුණා. නමුත් අද ලිංගික ශක්තිය වර්ධනය කරන ඔසු විකිණීම විශාල ලාබ ලබන ජාවාරමක් වෙලා. බටහිර ඖෂධ වගේම ආයුර්වේද වාජීකරණ ඖෂධ ගැනත් දැන්වීම් නිතර පත්තරවල පළ වෙනවා.

ආයුර්වේදයට අනුව වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භාවිත කෙරෙනවා. වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කෙරෙන ඖෂධ වන අතර, මේවාට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහාම සැකසූ සුවිශේෂී වට්ටෝරු තිබෙනවා. මෙම ඖෂධ වර්ග සකස්කර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ රෝගී අවස්ථාවට අනුව යි. මෙම වාජීකරණය එදා සමාජයට කාරණා කිහිපයක් මත අවශ්‍ය වුණා. ඉන් එකක් තමයි හොඳ ප්‍රජාවක් පවත්වාගෙන යාම. ශ්‍රමය මූලික කරගත් එවක සමාජය තුළ මනුෂ්‍යයා වැදගත් සාධකයක් වුණා. ඒ නිසා වර්ගයා බිහිකිරීම කියන කාරණයට ඉතා වැදගත් ස්ථානයක් දීලා තිබුණා.

හාතාවාරිය, හාතාවාරිය වැල්
එදා ගම්මානවල ඉබේ වැවුන, බහුලව දක්නට ලැබුණු වැල් වර්ගයක් හාතාවාරිය. වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් ගෙවතුවල, බඩවැටිවල මෙන්ම, වනගතවත් මෙය දක්නට ලැබුණා. මේ වැලේ අල හා කොළ කැඳ සඳහා භාවිත කරනවා. රසවත් කැඳ වර්ගයක් වන මින් ශරීර ශක්තිය වැඩිකරවන අතර ශරීරයේ ඇති විස නසනවා. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කර ශරීරයේ ප්‍රතිශක්තිය ද වැඩිදියුණු කරන ඔසු අතර හාතාවාරිය මුල් තැනක වැජඹෙනවා.

කැඳ තැනීමට කොටාගත් හාතාවාරිය
ත්‍රිදෝෂයම නසන හාතාවාරිය වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පානය කළ හැකි ඖෂධයක්. ශරීරය උෂ්ණාධික නම් මෙම ඖෂධීය කැඳ පානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකියි. ලේ පිරිසුදු කරන අතරම හාතවාරිය මඟින් වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරන බව ආයුර්වේදයේ සඳහන්. ශරීර දැවිල්ල නැති කරන අතරම කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරනවා. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසු යි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳ තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍ය බව පැවසෙනවා. හාතාවාරිය අල – අඩංගු පෝෂණ ගුණ: විටමින් ඒ, බී, සී, ඩී, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, ඛනිජ ලවණ

වැල්පෙනෙල
ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රී ලංකාව වැනි රටවල සාරවත්ව වැවෙන වැල් වර්ගයක්. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි පහත රට ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබෙනවා. කලකට පෙර අත්හැර දැමූ ඉඩම්වල මෙන්ම ගෙවතුවලද බහුලව මෙය වැවුණා. වැල් පෙනෙල කැඳ වශයෙන් මෙන්ම එහි කොළ තෙල්දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ජනප්‍රිය යි. ශරීර ශක්තිය සහ ශුක්‍රාණු වර්ධනය කරමින් ලිංගික ශක්තිය වැඩිකරන ඖෂධයක් ලෙස පුරාණයේ පටන් වැල්පෙනල ප්‍රකට යි. මීටර් 3ක්‌ පමණ දිගට වැවෙන සිහින් කඳක්‌ ඇති බහු වාර්ෂික වැලක්. ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගන්නා පත්‍ර දිගින් සෙ.මී. 3ත් 8ත් අතර ප්‍රමාණයක් වෙනවා. බීජ කළු පැහැති යි. වර්තමානයේ දේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ මේ සඳහා තිබෙනවා. නගරවල කොළ කැඳ වෙළෙදසැල්වලද වැල්පෙනෙන කැඳවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

පෙනෙල පුෂ්ප
දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ පෙනෙල පැළෑටියම ඖෂධ පිණිස ගන්නවා. මුත්‍රාකාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී ද යොදා ගැනෙනවා. කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල භාවිත කරනවා. උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතුවක්. වැල් පෙනෙල පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ: ප්‍රෝටීන 4.7%, මේද 0.6%, කාබෝහයිඩ්රේට්‌ 9.1%, ඛනිජ ලවණ 2.3%, ශක්‌තිය කැලරි 61

මුරුංගා කරල්
ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය කිරීමට හැකි මුරුංගා බුරුමය, ඉන්දියාව, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව වැනි රටවල පැතිර තිබෙනවා. සමහරු මේවා වැටේ මුරුංගා ලෙස ද හඳුන්වනවා. ඒ මුරුංගා බහුලව ගෙවතුවල වැට සඳහා සිටුවා ඇති නිස යි. අප රටේ වියළි කලාපයේ මුරුංගා හොඳින් වැවෙනවා. යාපනේ දෙමළ ජනතාව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වශයෙන් මුරුංගා සැලකෙනවා.

මුරුංගා ව්‍යාංජනයක්
මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර ඖෂධ සඳහා යොදා ගන්නවා. අප රටේ මුරුංගා කරල් පමණක් බහුලව එළවළුවක් ලෙස ආහාරයට ගත්තත්, වෙනත් ආසියානු රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා. ආයුර්වේදයේ දී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ රසවත් මැල්ලුමක් වශයෙන් ද ආහාරයට ගත හැකියි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතින බව ඔබ දන්නවා ද? මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් බී, බීටා කැරොටීන්, කැල්සියම්, මැග්නිසියම්, තඹ, යකඩ, පොස්පරස් ආදියේ ඛණිජ ලවණ අඩංගු යි. ගී‍්‍රක, රෝම, හා ඊජිප්තු ජාතිකයන්ගේ විශ්වාසය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු 300ක් නිරාකරණය කිරීම සඳහා දේශීය වෙදකමේ දී මෙම ශාක කොටස් උපයෝගී කරගෙන තිබෙනවා.

මුරුංගා පත්‍ර ව්‍යංජනයක්
සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වයේ ඇතිවන්නා වූ බාධක මැඩ පවත්වන ඔසුවක් ලෙසත් මෙය යොදා ගැනෙනවා. අස්ථි ශක්තිමත් කිරීමට, ලේ පිරිසිදු කිරීමට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමටත් මුරුංගා උපකාරී වෙනවා. මෙහි අඩංගු සැපොනින් නැමැති රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහළ නංවනවා. එය ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව නූතන පර්යේෂණ අනුව සොයාගෙන තිබෙනවා.

තෙලේ බදින ලද මුරුංගා පත්‍ර
ව්‍යායාමයෙන් පසු ශරීරය ප‍්‍රකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා කොළ තේ පානයක්, පෙත්තක්, කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම හිතකර යි. ඔබගේ සෞඛ්‍ය යහපත් කර ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය කිරීමෙන් අවස්ථාව ලැබෙනවා. ලොව බොහෝ රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා. නමුත් අප රටේ නම් එවැනි නිපැයුම් දක්නට නැතිවීම කනගාටුදායක කරුණක්.

ආශ්‍රිත මූලාශ්‍ර – ආයුර්වේද ප්‍රකාශන
courtesy – roar.media

පිට්ටු කන්න ආස නම් මෙන්න පිට්ටු වර්ග 5ක්ම ලේසියෙන්ම හදාගන්න ක්‍රමය

පිට්ටු එහෙමත් නැත්නම් කේරලෙන් මෙහෙට ආව පුට්ටු කියන්නෙ රෑ කෑමක් විදියටයි උදේ කෑමක් විදියටයි ලංකාවෙ අපි අතර සෑහෙන ජනප්‍රිය කෑමක්. හරිම විදියට හාල් පිටි වලට පොල් කලවම් කරල හදන මේ පිට්ටුවේ එක එක ප්‍රභේද දැන් තියෙනව. අද මේ කියන්න යන්නෙ පිට්ටු එහෙමත් නැත්නම් පුට්ටු හදාගන්න රෙසිපි කීපයක් ගැන.

1. හාල් පිටි පිට්ටු
උකු පොල් කිරි ටිකක්, සැරට හදපු කට්ට සම්බෝලයක් එක්ක හරි සීනි ටිකක් එක්ක හරි කියාපු කෑම. ලේසියෙන්ම හදන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය – හාල් පිටි කප් 1 1/2, පොල් කප් 1, රස අනුව ලුණු, වතුර හෝ පොල් කිරි.

මෙන්න හදන හැටි – පොල් ටිකට ලුණු එකතු කරල අනාගන්න. ඒකට පිටි ටික එකතු කරන් ඇඟිලි තුඩු වලින් කලවම් කරන්න. පොල් සහ පිටි හොඳින් මිශ්‍ර උනාම පොල් කිරි හෝ වතුර ටික ටික ඉසිමින්, ඇඟිලි තුඩු වලින් පොඩි කරමින් කුඩා කැට හදාගන්න. පිට්ටු බම්බුවකට පිටි මිශ්‍රණය දාගෙන යන්තම් එක පාරක් දෙපාරක් වටේට තට්ටු කරගන්න. පිට්ටු මිශ්‍රණය පුරවල අතින් හෝ හැඳි වලින් තද කරන්න එපා. හුමාලය පිට්ටුව තුළින් ගමන් නොකළම තැම්බෙන්නෙ බාගෙට.

2. රුලං පිට්ටු
සැරට හදාගන්න චිකන් හොද්දක් හොඳටම ඇති. මේ විදියට එළවළු එකතු කරල හෝ නොකර හදාගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය – රුලං කප් 2, පොල් කප් 2, සිහින්ව ගාගත් කැරට්, සිහින්ව කපාගත් ලීක්ස් සහ අමු මිරිස්, චොප් කරගත් ළූණු, ලුණු

මෙන්න හදන හැටි – පොල් වලට ලුණු සහ එළවළු සියල්ල එක් කර අනාගන්න. රුලං ටික සුවඳ හමන තුරු කබලේ රත් කරගෙන පොල් මිශ්‍රණයට එකතු කරගන්න. වතුර ස්වල්පය බැගින් ඉසිමින් ඇඟිලි තුඩු වලින් කලවම් කරමින් කැට කරගන්න. පෙර පරිදිම පිට්ටු බම්බුවට මිශ්‍රණය තද නොකර පුරවා තම්බාගන්න.

3. මනි පිට්ටු
බාබත් කරියක්, පරිප්පු හොද්දක් එක්ක මනි පිට්ටු කියන්නෙ රසවත් කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය – ඉඳි ආප්ප පිටි කප් 3, ලුණු, වතුර

මෙන්න හදන හැටි – ඉඳි ආප්ප පිටි පැකට්ටුවේ ඇති පරිදි ඉඳි ආප්ප පදමට අනාගන්න. ඉඳි ආප්ප වංගෙඩියේ තියෙන මහත සිදුරු සහිත තැටිය දමා පිටි මිශ්‍රණය පිටි ටිකක් දමාගත් පිටි හලනයකට වක් කරගන්න. වක් කරගත් රැලි ටික පිටි වල දවටමින් හලාගන්න. කුඩා කෑලි වලට කැඩුණ රැලි ටික පෙර පරිදිම පිට්ටු බම්බුවේ තම්බාගන්න.

4. කුරක්කන් පිට්ටු
කිරි හොද්දක්, ලුණු මිරිසක්, මිරිස් මාළුවක් එක්ක කියාපු පිට්ටුවක්. කුරක්කන් වැඩියෙන් දාල තමයි රසම.
අවශ්‍ය ද්‍රව්‍ය – කුරක්කන් පිටි කප් 1 1/2, හාල් පිටි කප් 1/2, පොල් කප් 1 1/2, ලුණු, වතුර

මෙන්න හදන හැටි – කුරක්කන් පිටි සහ හාල් පිටි එකට මිශ්‍ර කරගන්න. පොල් වලට ලුණු දමා අනාගෙන පිටි මිශ්‍රණය එක් කර ඇඟිලි තුඩින් මිශ්‍ර කරගන්න. වතුර ටික ටික ඉසිමින් කැට කරගෙන පෙර පරිදිම පිට්ටු බම්බුවක තම්බාගන්න.

5. පාන් පිටි පිට්ටු
පාන් පිටි තම්බල අරන් පිට්ටු හදන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට ලේසියෙන් කරගන්නත් පුළුවන්. කොහොම හැදුවත් පාන් පිටි පිට්ටු කන්න ලුණු මිරිසක් එක්ක කිරි හොද්දක් නම් ඕනමයි. අවශ්‍ය ද්‍රව්‍ය – පාන් පිටි කප් 2, පොල් කප් 1 1/2, පොල් කිරි, ලුණු

පාන් පිටි ටික කබලේ බැදගන්න. පිටි වියලි ගතියට ආවම ලුණු මිශ්‍ර කරගත්ත පොල් වලට දාල ඇඟිලි තුඩින් කලවම් කරගෙන පොල් කිරි ටික ටික ඉසිමින් කැට කරගන්න. පෙර පරිදිම පිට්ටු බම්බුවේ තම්බාගන්න.

සැලකිය යුතු දේ සහ පිට්ටු බම්බු නැත්නම් හදන හැටි
මොන පිට්ටුව හැදුවත් උණුවෙන්ම කන්න ගන්න. නැත්නම් ක්ලින්ග් රැප් හෝ ලන්ච් ශීට් එකකින් උණුවෙන්ම ඔතල තියන්න. වියලි ගතියක් එන්න බලනව නිවෙනකොට. පිට්ටු බම්බුවක් නැති කෙනෙක්ට පිට්ටු කන්න අකැප නෑ. පොඩි ඇලුමිනියම් කප් වල දාල ඒක වහන්න. වහල ස්ටීමර් එකක ස්ටීම් කරන්න. එහෙමත් නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකට පිට්ටු මිශ්‍රණය දාල වඩාත් තද හෝ බුරුල් නොවෙන්න ගැට ගහගෙන ස්ටීමර් එකක තම්බගන්නත් පුළුවන්.

(ලිපිය උපුටාගැනීම lifie.lk වෙබ් අඩවියෙන්)

නළල ආසන්නයේ කොන්ඩෙ යනවනම් මෙන්න බෙහෙත

විශේෂයෙන්ම නළල අවට හිසකෙස් වැටියාම නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවයම මහත් අපහසුතාවයකට පත් වනවා. කාන්තාවන්ට මෙම තත්වය ඇති වූ විට එය නැවතත් යතා තත්වයට පත් කර ගැනීම තරමක් අපහසු වන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ සඳහා බලපාන කරුණු හොඳින් අධ්‍යයනය කරනවා නම් මෙම සෞඛ්‍යය ගැටලුව සඳහා විසඳුමක් සොයා ගැනීම එතරම් අපහසු වන්නේත් නෑ. නළල ආශිත හිසකෙස් ගැලවී යාම යනු නළල ආශිත හිසකෙස් සිහින් වීමයි. මෙම තත්වය ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම පොදු වූ තත්වයක්. සෑම පුද්ගලයෙකුගේම වාගේ තට්ටය පැදීම ආරම්භ වන්නේත් නළල දෙපසින්. මෙම තත්වය සඳහා තයිරොයිඩ් බලපෑම්, හෝමෝන අසමතුලිත තාවයන් සහ PCOS වැනි ගැටළු වගේම හිසකෙස් තදින් බැඳ සිදු කරන විවිධ කොණ්ඩා මෝස්‌තර ආදියද බලපානවා. නළල ආසන්නයේ හිසකෙස් වැටීම ස්වභාවිකව සුව කර ගන්නා ආකාර..

1.ඔලිව් තෙල්
අවශ්‍ය ද්‍රව්‍ය: ඔලිව් තෙල් මේස හැඳි දෙකක් – ඔලිව් තෙල් සුළු වෙලාවක් රත් කර ගන්න. රත් කර ගත් ඔලිව් තෙල් හිසේ ආලේප කර විනාඩි 15 කාලයක් සම්භාහනය කරන්න. වැඩි වශයෙන් නළල ආශ්‍රිත ප්‍රදේශය හොඳින් සම්භාහනය කරන්න. සම්භාහනය අවසන් වූ පසුව ඉතිරි තෙල් හිසේ හොඳින් ආලේප කරන්න. දැන් විනාඩි තිහක් පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මෙම සත්කාර ක්‍රමය සතියට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න. ඔලිව් තෙල් සමග හිස සම්භාහනය කිරිමේදී මූල කේශ වලට සිදුවන රුධිර සංසරණය වේගවත්වී හිසකෙස් වර්ධනය උත්තේජනය වනවා.

2.කෝමාරිකා
අවශ්‍ය ද්‍රව්‍ය: කෝමාරිකා ජෙල් තේ හැන්දක් – නැවුම් කෝමාරිකා ජෙල් තේ හැන්දක් ගෙන හිසකෙස් හැලී ගිය ස්ථාන වල ආලේප කර පැයක් පමණ සිටින්න. සල්ෆේට් රහිත ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස කෙස් හොඳින් සෝදන්න. සතියකට වාර තුනකට වඩා ෂැම්පු භාවිතා නොකර මෙම සත්කාර ක්‍රමය සතියකට වාර හතරක් පමණ සිදු කරන්න. කෝමාරිකා සතු වන විටමින් A,B,C සහ E මගින් හිසකෙස් සඳහා අත්‍යාවශ්‍ය වන පෝෂණය සැපයෙනවා.

3. ළුණු
අවශ්‍ය ද්‍රව්‍ය: ළුණු යුෂ මේස හැන්දක් – ළුණු යුෂ ගෙන නළල ආසන්නයේ හිසකෙස් නොමැති ස්ථාන වල ආලේප කර විනාඩි 15 සිටින්න. ඉන් පසුව සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මෙම සත්කාරය සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න. ළුණු යුෂ සල්ෆර් වලින් පොහොසත් වන නිසා ක්ෂුද්‍රජීවින් සහ දිලිර ආදිය විනාශ කර රුධිර සංසරණයද ක්‍රමවත් කර නැවත හිසකෙස් වර්ධනය ඇති කරනු ලබනවා.

4. හරිත තේ
අවශ්‍ය ද්‍රව්‍ය: හරිත තේ බෑග් දෙකක්, උණු ජලය කෝප්පයක් – උණු ජලය කෝප්පය ගෙන එයට හරිත තේ බෑග් පොඟවා සිසිල් කර ගන්න. සිසිල් වූ පසුව හරිත තේ පෙඟවූ ජලය ගෙන නළල අවට ඇතුළුව හිස්කබල පුරාවට ආලේප කරන්න. දැන් විනාඩි 30 පමණ සිට සල්ෆේට් රහිත ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස හොඳින් සෝදා ගන්න. මෙම සත්කාර ක්‍රම සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න හරිත තේ සතු ප්‍රතිඔක්සිකාරක බලය නිසා හානිවූ සෛල නැවත සකස් කර හිසකෙස් වර්ධනය නැවතත් ඇති කරනු ලබනවා.

5. අර්තාපල් තැම්බූ ජලය
අවශ්‍ය ද්‍රව්‍ය: අර්තාපල් අල දෙකක්, ජලය කෝප්ප දෙකක් – අර්තාපල් අල දෙක තම්බා ජලය ලබාගෙන සිසිල් කර ගන්න. අර්තාපල් තැම්බූ ජලය භාවිතා කර හිස හොඳින් සෝදන්න. මෙම සත්කාර ක්‍රමය සතියට වාර දෙකක් හෝ තුනක් අනුගමනය කරන්න. අර්තාපල් Niacin, සින්ක්, විටමින් B සහ C වලින් පොහොසත් වන නිසා අර්තාපල් අල තැම්බූ ජලයෙන් හිස සේදු විට හිසකෙස් වර්ධනය වේගවත් වනවා.

6. පොල් තෙල්
අවශ්‍ය ද්‍රවය: පොල් තෙල් මේස හැඳි දෙකක් – පොල් තෙල් සුළු වෙලාවක් රත් කර උණුසුම් කර ගන්න. ඉන් පසුව රත්කර ගත් පොල් තෙල් හිස පුරාවටම ආලේප කර විනාඩි 15 පමණ හොඳින් සම්භාහනය කරන්න. පසුව විනාඩි 30 පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මෙම සත්කාර ක්‍රමය සතියකට වාර දෙකක් හෝ තුනක් සිදු කරන්න. පොල් තෙල් සතු මේද අම්ල මගින් හිස් කබලට සහ හිසකෙස් වලට අවශ්‍ය කරන නිසි පෝෂණය ලබාදී හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබනවා

7. මී පැණි, කුරුඳු සහ ඔලිව් තෙල්
අවශ්‍ය ද්‍රව්‍ය: කුරුඳු මේස හැන්දක්, මී පැණි මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් – භාජනයක් ගෙන අමුද්‍රව්‍ය සියල්ල එකට එක්කර මිශ්‍රණයක් සකස් කර ගන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර විනාඩි 40 සිටින්න. පසුව විනාඩි 30 පමණ සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මේ සත්කාර ක්‍රමය සතියකට වාර දෙකක් අනුගමනය කරන්න කුරුඳු තුල අඩංගු වන choline, පොටෑසියම්, විටමින් A, B සහ E මගින් හිසකෙස් නැවත වර්ධනය වේගවත් කරන අතර මී පැණි සහ ඔලිව් තෙල් මගින් නිසි පරිදි තෙතමනය ආරක්ෂා කරනු ලබනවා.

8.නෙල්ලි කොළ
අවශ්‍ය ද්‍රව්‍ය: නෙල්ලි කොළ ඉත්තක්, ජලය මේස හැඳි කිහිපයක් – අවශ්‍ය පරිදි ජලය එක්කර කොහොඹ කොළ හොඳින් අඹරා ගන්න. නළල ආසන්නයේ සහ හිස පුරාවටම මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 15 සිට සල්ෆේට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් භාවිතා කර සිසිල් හෝ ඇල් මැරුණු ජලය භාවිතා කර හිස සෝදන්න. මේ ආකාරයට මෙම සත්කාර ක්‍රමය සතියකට වාර හතරක් හෝ පහක් සිදු කරන්න. නෙල්ලි කොළ සතු බැක්ටීරියා නාශක බලය, දිලීර නාශක බලය සහ වේදනා නාශක බලය මගින් හිස් කබලේ සෞඛ්‍යය ආරක්‍ෂා කරනු ලබනවා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම නියුමෝනියා රෝගයට අත වැනීමක්

මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳ ඇත්ද? උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. බොහෝ විට එය වැඩි කරදරයක් නොකර ඉබේම සුව වී ගියද තවත් විටෙක එසේ නොවේ. අප බලා‍පොරොත්තු වන ඉක්මනට සුවය ගෙන නොදී බොහෝ පීඩා පමුණුවමින් දිගින්දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවන තැනට පවා මේ සුළු සෙම්ප්‍රතිශ්‍යාව පත්වන අවස්ථා තිබේ. සෙම්ප්‍රතිශ්‍යාවක් එතරම් බරපතළ තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි අද අපි විමසා බලමු.සෙම හටගත් විටදී ඉන් පීඩාවට පත්වන්නේ පපුවයි. හුස්ම ගැනීම සහ පිට කිරීම යනු අප අවට ඇති වාතය නාස් පුඩු තුළින් ඇද පපුව තුළට ගැනීමත් එහි ඇති වාතය නැවත පිටකර හැරීමත්ය.එලෙස නාසයෙන් ඇද ගන්නා වාතය උගුර හරහා කෙළින්ම පැමිණෙන්නේ පපුවටයි. පපුව සහ බඩ ඉදිරියට නෙරා එන්නේ එවිටය. අපේ පපුවත් බඩත් වෙන් කරන මායිම කුඩයක් ආකාර ගනී. කුඩය වැනි වූ කොටස මාංශපේශීන් මගින් පහළට අදින විට ඉන් පහළට ඇති සියල්ල තව තවත් පහළට තල්ලු වී යයි. බඩ ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නේ ඒ තල්ලුව නිසාය.කුඩය වැනි කොටස හකුලන විට නැතිනම් මාංශපේශීන්ගේ ඇදීම අත්හල විට ඊට ඉහළින් ඇති පපුව තෙරපී පපුවේ ඇති වාතය ඉවතට ඇදෙයි. එවිට බඩේ ඇති සියල්ල ඉහළට තල්ලු වී යන අතර හුස්ම පිටකරන විට බඩ ඇතුළට යනවාසේ පෙනෙන්නේ එනිසාය. හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා පපුවත් බඩත් එකවිට ඉහළ පහළ යන්නේ මේ ක්‍රියාවලිය හේතුවෙනි.මේ ආකාරයට පපුව තුළට ඇද ගන්නා වාතය පපුව දෙපස ඇති ලොකු කාමර දෙකක් වෙන ගමන් කරයි. එම කාමර ස්‍පොන්ච් ආකාරයේ කොටස් වලින් පිරී පවති. වම් පස ස්‍පොන්ච් කැබලි දෙකකින්ද දකුණු පස ස්‍පොන්ච් කොටස් තුනකින්ද පෙණහලු සමන්විතයි. හැකිලෙන්නට දිග හැරෙන්නට හැකි මෙම ස්‍පොන්ච් කොටසක් කුඩා සබන් බුබුළු ආකාරයේ බුබුළු ලක්ෂ 6000කින් යුතු බව සොයාගෙන තිබේ. ස්‍පොන්ච් කොටස හැකිලෙන විට මේ සියලු බුබුළු එකවර හැකිලී යන අතර නැවත දිග හැරෙන විට ඒවා සියල්ල නැවත විවර වේ. ස්‍පොන්ච් වැනි මේ සියල්ල එකට ගත් කල අපි ඒවා පෙණහලු ලෙස හඳුන්වමු.උගුරෙන් පහළට වාතය ගමන් කරන්නේ ඇඟිල්ලක් පමණ පළල බටයක් තුළිනි. එම තනි බටය පපුවට ඇතුළුවන විටම දෙකට බෙදී දෙපසට විහිදි යමින් නැවත තවත් කුඩා කුඩා බට ගණනාවකටම බෙදී යයි. ඒවා ගසක අතු ආකාරයට බෙදි ගියද ලක්ෂ සංඛ්‍යාත නාල සමූහයකි. ඒ සෑම සියුම් බටයක්ම අවසන් වන්නේ අප මුලින් සඳහන් කළ ඉතා සියුම් කුහරයක් තුළට ඇතුළු වීමෙන්ය. අප ගන්නා හුස්ම මේ සියලු බට තුළින් ගමන් කර සූක්ෂම කුහර සියල්ලටම එක වර ඇතුළු වේ. යම් තෙතමනයක් සහිත මෙම කුහර තුළදී පපුව තුළට ගත් ඔක්සිජන් දියවී එහි ඇති පටලය තුළින් ඒ ආසන්නයේම ඇති සියුම් නහරයකට ඇතුළුවේ. පෙණහලු තුළින් ‍ලේ ගමනාගමනය සිදුවන විටදී මේ සෑම කුහරයක් විසින්ම ‍ලේ වලට ඔක්සිජන් වාතය මුදාහරිනු ලබයි.

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන අයෙකු එක් කිවිසුමක් බැහැර කරන විටදී සෙම, සොටු, කෙළ බිඳිති සමග විෂබිජ සහ වෛරස් අති විශාල ප්‍රමාණයක් අවට පරිසරයේ වාතයට එකතු කරයි. එවැනි නොයෙක් ආකාරයන්ගෙන් අපට නොපෙනෙන බැක්ටීරියා වෛරස් විශාල වශයෙන් අපි ගන්නා හුස්ම ‍පොදට එකතු වේ. එලෙස ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ශ්වසන මාර්ගයේ බිත්තිවල තැන්පත් වූ වහාම අපේ ශරීරයේ ඇති ඉතා කුඩා ෙසෙල විවිධ උපක්‍රම යොදමින් ඒවා පලවාහැරීමේ සටනකට අවතීර්ණ වේ.සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ වැටුණත් නැතත් දින කිහිපයකින් රෝගය සුව වී යන්නේ මේ සටනේදී ශරීරය ජය ගැනීම නිසාය. අපේ ශරීරයට එවන් හැකියාවක් තිබුණද වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක පවා මෙහිදී කළ හැකි වැඩි යමක් නැත.නාසයෙන් දියර ගලමින් ඇඟපත රිදුම් දෙමින් හුස්ම මාර්ගය ඉදිමෙන්නට පටන් ගන්නේ වෛරස් විෂබිජ වලට එරෙහි මෙම සටන ආරම්භ වීමත් සමගය. හුස්ම මාර්ගය ඉදිමීමත් සමග වාතයට ගමන් කරන්නට ඇති මාර්ගය අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව සමග පපුවෙන් විවිධ ශබ්ද ඇතිවිය හැකිය. හුස්ම මාර්ගයේ උනන දියර බැහැර කිරීමට කැස්ස කිවිසුම් යෑම හට ගනී.රටක යුද්ධයක් පවතින විට ඒ රටේ කිසිදු දියුණුවක් නැති ආකාරයට ශරීර අභ්‍යන්තරයේ මෙවැනි සටනක් පවතින විට ඉතා හොඳින් සිටි අයෙකු පවා දිනෙන් දෙකෙන් රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම සටනේදී ශරීරය විසින් වෛරස් විනාශකර දමන තරමටම රෝගියාද දැඩි පීඩාවකට පත්වේ. උණ, හිසරදය, වමනය, ආහාර අරුචිය වැනි අපහසුතාවයන්ට බොහෝ විට රෝගියා මුහුණ දෙයි.එහෙත් අප මුලින් සඳහන් කළ දියර රෝගියා කහින විටදී ඉතා සිහින් නාල තුළින් පිටකර ගන්නට නොහැකි වුවහොත් පෙණහැල්‍ලේ ඇති ස්‍පොන්ච් වැනි කොටස පුරා පැතිර යන්නට පටන් ගනී. එවිට පෙණහැල්ලෙන් කොටසක් සෙම සහ සැරව වලින් සම්පූර්ණයෙන්ම පිරී යෑම සිදුවේ. අප නියුමෝනියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයකින් ඇරඹී එය නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි විමසා බලමු. රෝග කාරක බැක්ටීරියාවේ ඇති ප්‍රබලත්වය බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇතිකරවිය හැකියි. ඒ සඳහා දෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ දුර්වල නම් එවිටද බැක්ටීරියා බලසම්පන්න වී රෝගී තත්ත්වය වර්ධනය විය හැකිය.ඊට අමතරව රෝගියාගේ ශරීරය දුර්වලනම් දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් සහ රෝගී තත්ත්වය පිළිබඳව රෝගියා සැලකිලිමත් නොවූයේ නම් නියුමෝනියා තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකිය.

සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටදී නෑම නියුමෝනියාවට හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නැති වුවද නියුමෝනියාව වැලඳුන සෑම රෝගියෙකුගෙන්ම පාහේ කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට නෑම, වැස්සට තෙමීම පිළිබඳව පවසා තිබේ.මෙවැනි නියුමෝනියා තත්ත්වයක් එක්ස් කිරණ ඡායාරූපයක සුදු පැහැ ගුලියක් ආකාරයට ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මෙලෙස පෙණහලු ආක්‍රමණය කරන විෂබිජ එතැනින් නොනැවතී විවිධ වූ විෂද්‍රව්‍ය දිගින් දිගටම පිට කරද්දි ශරීරය අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විෂබිජ ‍ලේ වලටද එකතු වූ විට ‍ලේ ගමන අඩාල වේ. සමහර විට යාබද පෙණහලු කොටස් වලටද විෂබිජ පැතිර යන අවස්ථා තිබේ. එවිට රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වේ.මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් කුමන විෂබිජ වර්ගය ශරීරගත වී තිබේද යන්නත් ඒවා බලහීන කරවිය හැකි ප්‍රතිජීවක ඖෂධය කුමක්ද යන්නත් හඳුනා ගැනීම වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි. රෝහල් ගත කර දින ගණනාවක් ප්‍රතිජීවක ඖෂධය රුධිර ගත කරන විටදී සුව අතට හැරෙන්නට බොහෝ විට රෝගියාට හැකියාව තිබේ.ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග – විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා – අවධාරණය කරයි

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අළුත උපන් බිලිඳා ගෙදරට ගේනකොට දැනගෙන ඉන්න ඕන දේවල්

හුරතල් පුංචි දරු පැටියෙක් හා හා පුරා කියල අරන් එනව කියන්නෙ කොයි ගෙදරකටත් සතුටු උල්පතක්නෙ ඉතින්. ගෙදර හැමෝම බලන් ඉන්නෙ අලුත් අමුත්තව ජයටම පිළිගන්න. හැමෝටම අලුත් බලාපොරොත්තුවක් අරන් ඔන්න චූටිය ගෙදරට ආවයි කියමුකෝ. දැන් තමයි යුද්ධෙ පටන් ගන්නේ. පුංචි පැටියෙක් මේ ලෝකෙට ගෙනත් උස මහත් කරනව කියන්නේ සුළු පටු රාජකාරියක් නෙමෙයි කියල හිතෙන්නෙ දැන් තමයි. මේ ලියන්න යන්නේ තමන්ගේ කුළුදුල් දරු පැටියා ගෙදරට අරන් එන්න මඟ බලන් ඉන්න අළුත් අම්මලා තාත්තලාට වැදගත් වෙන කාරණා ටිකක්.

1. බබාට කාමරයක් – ඔන්න අළුත් අම්මල තාත්තල කවුරු උනත් බබාට අඳින්න, බබාව හෝදන්න වගේම බබාගෙ වටපිටාවටත් තමන්ට පුළුවන් උපරිම දේවල්, ලස්සන දේවල් මිලදී ගන්න දෙපාරක් හිතන්නෙ නැහැනෙ. කාමරය ලස්සනට සරසලා පුංචි ලස්සන කොට් එකක් තියලා හැඩ කරන්නෙ ගොඩක් වෙලාවට තාත්තල තමයි. හැබැයි මෙන්න මේ කාරණයේදී අපි හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි පුංචි බබා ඉන්න කාමරේ ලස්සනටත් වඩා පිරිසිඳුකම. හැඩ වැඩ කරන්න කලින් කාමරේ හොඳින් හෝදලා, මකුළු දැල් එහෙම කඩලා, තමන්ට පුළුවන් විදිහට පුංචි අළුත්වැඩියාවක් කරන්න. තීන්ත ටිකක් අලුතෙන් ගාන්න එහෙම පුළුවන්නම් ගොඩක්ම හොඳයි. කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා අරින්න බැරි ජනේල එහෙම තියෙනවනම් ඒව අලුත්වැඩියා කරන්නත් මේක තමයි හොඳම වෙලාව. සිවිලිමක් ගහල නැති වහලෙකින් දුවිලි, කුණු, පොඩි පොඩි සත්තු වගේ වැටෙන්න පුළුවන්නම් තාවකාලිකව හරි සිවිලිමක් ගහගන්නත් බලන්න ඕනෙ.ඔන්න කාමරේ පිරිසිඳු කරගත්තනෙ. ඊළඟට සැරසිලි. පුංචිම කාලේ බබාලගේ විෂන් එක ඩිවලොප් කරන්න හොඳ කළු සුදු වර්ණ. ඒ නිසා කළු සුදු කඩදාසි වලින් කරපු පොඩි පොඩි සැරසිලි බබාට පේන තැන්වල එල්ලන්න. ඇහේ පෙනුම ටික ටික වර්ධනය වෙනකොට තමයි තද වර්ණ වලින් කරපු ලස්සන සැරසිලි ඕන වෙන්නේ.ඊළඟට ලොකුම දේ තමයි බේබි කොට් එක. හුඟක් අම්මලා කොට් එකක් ගත්තට බයටයි දුකටයි බබාව ඒකෙ තියන්නෙම නැහැ. ඉතින් අර කොට් එක කාලයක් යද්දි කාමරේට වදයක් වෙනවා. තවත් සමහරක් ඇඳේ හිටියොත් යටවෙයි කියල බයට කොට් එකම පාවිච්චි කරනවා පුංචිම කාලේ ඉඳන්. ඉතින් මේ කාරණාව අම්මයි තාත්තයි දෙන්නත් එක්ක කතා බහ කරලා තීරණයක් ගන්න ඕන. නිකං ආසාවට අරගෙන පස්සේ වදයක් වෙනවට වඩා උවමනාව බලලා බබා වෙනුවෙන් මිලදී ගන්න හැම දෙයක්ම තීරණය කරන්න.

2. අපේ පිරිසිඳුකම – බබා ගෙදරට ගෙනාවම ගෙදර කාටවත් ඉතින් වෙන රාජකාරියක්නම් ඇත්තේම නැති තරම්. දරු සුරතල් බලන එකම තමයි වැඩේ. විශේෂයෙන්ම සහෝදරයෝ අම්මලා තාත්තලා එකට ජීවත් වෙන පවුල් වල මුළු සෙනගම බබාගෙ කාමරේ. ඉතින් මේ කාරණේ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. පුංචි බබාගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවම බාහිරින් එන අභියෝග හරියට අඳුරන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා පොඩ්ඩට විෂබීජ වලින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩියි. ඒ නිසා බබාගෙ ළඟ අනවශ්‍ය විදිහට සෙනඟ පිරෙන එක, නිතර නිතර බබාගෙ කාමරේට යන එන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ. අනිත් එක තමයි යන කීපදෙනාගෙ උනත් පිරිසිඳුකම. නිතරම නාල පිරිසිඳු ඇඳුම් ඇඳල බබා ලඟට යන්න ඕන වගේම, බබාව අල්ලන, අතට ගන්න හැමවෙලාවකම හොඳින් අත් සෝදන්නත් අමතක කරන්න එපා.

3. බබාගෙ මල් වගේ අතපය – මේ චූටි පැටියගේ අතපය තාමත් මල් වගේ සියුම්. බාහිර පරිසරයට හරියන්න රළු වෙලා හැඩගැහෙන්න, අස්ථි පද්ධතිය ශක්තිමත් වෙන්න තව හුඟක් කල් යනවා. ඒ නිසා බබාව අල්ලද්දී, වඩාගනිද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අම්මලා තාත්තලාටනම් මේ හැම දෙයක්ම ලස්සනට කියල දෙනවා ගමේ මාතෘ සායනයේදී. ඒ වගේම ගෙදර ඉන්න ආච්චිලා හොඳට දන්නවා පුංචි පැන්චොන්ව පරිස්සම් කරන හැටි. ඉතින් මෙන්න මේ කාරණේ ගෙදර ඉන්න හැමෝටම හොඳට කියල දෙන්න ඕන. බබා එක්ක තවම වැඩි සෙල්ලම් දාන්න බැහැ.

4. මව්කිරි දීම – ඔන්න දැන් අලුත් අම්මගේ පැත්තට හැරෙමු. මව්කිරි දීම කියන්නේ වෙනමම පාඨමාලාවක්. හැබැයි දැනගන්න ඕන මූලිකම කාරණාවන් කිහිපයකුත් තියෙනවා. දරුවා ඉපදිලා පළවෙනි පැය ඇතුළතදීම මව්කිරි දීම පටන් ගන්න ඕනේ. මේ වැඩේට සෑහෙන්න උපදෙස්, උදව් රයේ සායන වලිනුත් බබා ඉපදිලා ටිකට් කපන්න කලින් රෝහලෙනුත් ලැබෙනවා. හැබැයි ගෙදර ආවම තනියම අම්මා අතේ තමයි වැඩේ. චූටි පැටිය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අම්මගේ කිරි වලින්නේ. ඒ නිසා මේ කිරිදීම හරිම අවධානයෙන් කරන්න ඕන. අනේ මට කිරි නැහැ, කිරි මදිද වගේ දේවල් හිතන්න එපා කිසිම වෙලාවක. අම්මගේ මානසික මට්ටම සෑහෙන්න බලපානව කිරි එරෙන්නත්. හරියට වෙලාවට හොඳින් පියයුරු පිරිසිඳු කරලා පැටියට කිරි පොවන්න. මව්කිරි දෙන අතරේ බබත් එක්ක හිනාවෙන, කතා කරන, ඇස් දිහා බලන් ඉන්න එක අම්මගෙයි බබාගෙයි සම්බන්ධය ශක්තිමත් කරන්න ලොකු උදව්වක්. කිරි එරීම, බබා කිරි උරාබීම ගැන මොකක්ම හරි ගැටළුවක් තියෙනවනම් කිරි දොවල බෝතලෙන් පොවන්න හරි පොඩි බබාලට දෙන පිටිකිරි වර්ගයක් වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්න හරි පොඩ්ඩක්වත් පසුබට වෙන්න එපා. ඒකෙන් කිසිම වෙලාවක ඔයාව නරක අම්මා කෙනෙක් වෙන්නෙ නැහැ. කොහොමහරි දරුවා බඩගින්නෙ නොඉන්න එකයි වැදගත්.

5. පෙකෙණිවැල – පොඩි බබාලගේ වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන කරණා අතරින් ඉහලින්ම තියෙන තව කාරණාවක් තමයි මේ බබාගෙ පෙකණිය කියන්නෙ. කටුවත් එක්ක පෙකණියේ ඉතුරු කොටස හැලිල තුවාලෙ හොඳටම සුව වෙනකන් බොහොම පරිස්සමට බලාගන්න ඕනෙ. වතුර නොරැඳෙන්න හොඳින් තෙත මාත්තු කරලා වියලිව තියාගන්න ඕන. මොකද මේ තැන හරිම ලේසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මොකක්මහරි වෙනසක් තිබුනොතින් ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට හරි පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට හරි පෙන්නලා උපදෙසක් ලබාගන්න එක තමයි හොඳම දේ.

6. බබාට ගුඩුස් යවන හැටි – චූටි බබා කුක්කු බිව්වට පස්සේ අමාශයේ වාතය නොරැඳෙන්න ගුඩුස් යවන්න ඕනේ. නැත්තම් කිරි පිට උගුරේ ගිහින් හුස්ම ගැනීමේ ගැටළු වගේ ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන්. කිරි බීල ඉවර උනාම බබාගෙ බඩ හොඳින් තදවෙන විදිහට බබාව ටිකක් වෙලා වඩාගෙන ඉන්න ඕන මෙහෙම ගුඩුස් යවන්න. මේක හුඟක් අළුත් අම්මලා තාත්තලාට හරිම අමාරු වැඩක්. නූතන වෛද්‍ය විද්‍යාව අනුවනම් මේකට ආදේශන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බබාව පුංචි කාලේ ඉඳන්ම ටමි ටයිම් (Tummy Time) එකකට හුරු කරන එක. ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුගේ පූර්ණ නිරීක්ෂණය යටතේ බබා අවදිවෙලා ඉන්න වෙලාවක බඩ යටට හිටින්න මුනින් අතට බබාව සුළු වෙලාවක් තියන එක. මේකෙ වෛද්‍ය විද්‍යාත්මක වාසි ගොඩක් තියෙනවා. හැබැයි තවමත් රජයේ සායන වල වෛද්‍ය සහ පවුල් සෞඛ්‍ය නිළධාරීන් මේ ක්‍රම තරයේ ප්‍රතික්ෂේප කරනව. ඒ නිසා හොඳම දේ තමයි බබාව පෙන්නන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඔහුගේ උපදෙස් මත පමණක් මේ දේවල් උත්සහ කරන එක.

7. බබාගෙ නින්ද – ඊළඟට බබාගෙ නින්ද. ඔන්න මේ අලුත ගෙදරට ආපු පුංචි බබා ඉන්නව නේද. එයා හරියටම කිව්වොත් හැඩයක් නැති පුංචි මැටි ගුලියක් වගේ. අපි තමයි තීරණය කරන්න ඕන මේ මැටි ගුලියෙන් ලස්සන දෙයක් හදනවද නැත්තම් ඔහේ මැටි ගුලියට ඕන හැඩයකට හැදෙන්න දෙනවද කියලා. බබා නිදියන්නේ නෑ කියල කල් ගිහින් මැසිවිලි නැගල වැඩක් නැහැ. පුංචිම කාලේ ඉඳන් බබාව රූටින් එකකට පුරුදු කරන එක අපේ වගකීම. අපි පොඩි කාලේ ඉඳන්ම බබාව කකුලේ දාගෙන පද්දල නිදි කරන්න හුරු කළොත් එයා ඒකට හුරු වෙනවා. එහෙම නැතුව තනියම නිදාගන්න හුරු කළොත් ඒකට හුරුවෙනවා. ඒ වගේ බබාගෙ නිදියන ක්‍රමය, වෙලාව මුල ඉඳන්ම තීරණය කරලා එයාව ඒකට හුරු කරන එක අලුත් අම්මලා තාත්තලාට පැවරෙන තවත් එක අභියෝගයක්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

පිළිකාව සුවකරන විස්මිත ජීවකයා – හැමෝම මේ ගැන දැනුවත් කරමු

අප ඔබට මේ කියන්නට යන්නේ පිළිකා රෝගීන්ට ඉතා සතුටුදායක පුවතකි. ජීවිතයත් මරණයත් අතර පොර බදන පිළිකා රෝගීන් ලොව ඕනෑ තරම්ය. දිනක් හෝ ජීවත් වීමට පිළිකා රෝගීන් සිදු නොකරන බෙහෙතක් නොමැති තරම්ය. එහෙත් අවසානයේ සිදුවන්නේ පිළිකා රෝගය උත්සන්න වී මියයෑම බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් මෙතෙක් කලක් ලොව පුරා සිටින පිළිකා රෝගීන් නිට්ටාවට සුව කරවීමේ ක්‍රමවේදයක් පිළිබඳව අප අසා නොසිටියෙමු. පිළිකා රෝගියකු වෙනුවෙන් තිබුණේ විවිධ ඔෟෂධ වර්ග ලබාදී රෝගය තරමක් හෝ පාලනය කරමින් රෝගියා දිනක් හෝ ජීවත් කරවීමට අවස්ථාව ලබාදීම පමණක් බව අප හොඳාකාරවම දනිමු. මෙවන් පරිසරයක් තුළ දේශීය වෛද්‍ය විද්‍යාව තුළින් පිළිකාව නිට්ටාවට සුව කළ හැකි බව අද වනවිට ඔප්පු කර තිබේ.මෙම අපූරු හපන්කම සිදුකිරීමට සමත් වී ඇත්තේ පාරම්පරික වෙද මහතකු වීමද විශේෂත්වයකි. අප ලද මෙම තොරතුරු මත මෙම වෙද මැඳුර සොයා තිස්සමහාරාමය මාගම ප්‍රදේශයට ගියේ මේ අරුම පුදුම වෙද මහතා සොයාගෙනය. අප එහි යන විටත් සුවය ලද පිළිකා රෝගීන් කිහිපදෙනකුම වෙද මහතා හමුවට පැමිණ සිටියේ සිය පවුල් පිටින්මය. මේ පුවත ඇතැම් විට ඔබටද එකවර පිළිගැනීමට අපහසු වනු නොඅනුමානය. එහෙත් සත්‍ය කතාවකි.

තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ “මිණිකිරණ වෙද මැඳුර” ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.පියාගේ අභාවයෙන් පසු වෙදකම අතට ගත් මේ වෙද මහතා සිය පාරම්පරික වෙදකම දිගටම සිදු කරගෙන විත් තිබිණි. සිය පියා මිය යන්නට පෙර සිසිර ගමගේ වෙද මහතාට විශේෂ බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳව ඔහුට කියා දී තිබේ. ඒ පිළිකාව සහමුලින්ම නැති කර දැමිය හැකි බෙහෙත් වට්ටෝරුවකි.සිසිර ගමගේ වෙද මහතා වසර 07කට ආසන්න කාලයක් සිය පියාගේ මෙම බෙහෙත් වට්ටෝරුව පිළිබඳව අධ්‍යයනයකින් පසු පිළිකා රෝගීන්ට වෙදකම් කිරීම ආරම්භ කර තිබේ. අද වනවිට එය ඉතා සාර්ථක වී තිබේ. සුව අතට පත්ව ඇති පිළිකා රෝගීන් දෙස බැලූ විට එය අපටද තහවුරු විය. මරණය පෙනි පෙනී වෙද මහතා අසලට පැමිණ ඇති රෝගීන් අද ඉතා සතුටින් සිටින අයුරු අපටද දැක ගත හැකි විය.මේ අරුම පුදුම වෙදකම සම්බන්ධයෙන් අපට සිසිර ගමගේ වෙද මහතා පැවැසුවේ මෙවන් අදහසකි.“පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්.

සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ.පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.

පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් 937 දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා.ඒ අයගෙන් 524 දෙනකුගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් පවුල් ජීවිත ගෙවන අය. ඕනෑම කෙනකුට ඒ අය හමුවෙලා විස්තර දැනගන්න පුළුවන්. තවත් රෝගීන් 413 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අයගෙනුත් 128 දෙනකු මේ මස අවසන් වනවිට ප්‍රතිකාර අවසන් කරන අය. ඒ කියන්නේ පිළිකාව නිට්ටාවටම සුවවෙච්ච අය.ඇතැම් රෝගීන් මගේ ළඟට එන්නේ රෝහලින් දැන් නම් මෙයාගේ කාලය ඉවරයි කියලා ගෙදර අරගෙන ගිය අයයි. නමුත් අද මැරෙන්න හිටිය රෝගීන් තමන්ගේ දෙපයින් නැඟිටලා ඇවිදලා යනවා දැක්කම මට තියෙන්නේ පුදුම සතුටක්. මේ එන රෝගීන්ගෙන් බෙහෙත් සඳහා පමණයි මා සුළු මුදලක් අය කරන්නේ. අසරණ නැති බැරි අයගෙන් මං ඒ මුදල් ගන්නෙත් නෑ. මට ඕනේ මගේ තාත්තා කරගෙන ආ වෙදකම තවදුරටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම මං කියන්න ඕනෑ ඇතැම් අය මට දුරකථනය ඔස්සේ කතා කරලා අහනවා ඇත්තටම පිළිකාව සනීප කරන්න පුළුවන්ද අහනවා.මං ඒ හැම කෙනකුටම කියන්නේ බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් පිළිකාව දේශීය වෙදකම මඟින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. ඇවිත් බලන්න. ඇතැම් අය දුරකථනයෙන් කතා කරලා බෙහෙත් හදන විදියත් අහනවා. මට හැම දෙනාටම කියන්න තියෙන්නේ දුරකථනයෙන් නම් ප්‍රතිකාර කරන්න මට තවම පුළුවන්කමක් නෑ. මට පුළුවන් මගේ ළඟට එන රෝගීන් පරීක්‍ෂා කරලා බලලා එම රෝගියාගේ තත්ත්වයට හරියන විදියට ප්‍රතිකාර කරන්න විතරයි. බොහොම වගකීමෙන් කියනවා මගේ ළඟට එන පිළිකා රෝගීන් මාස හයක් යන්නට කලින් පිළිකාව නිට්ටාවට සුව කර දීමේ හැකියාවක් ඇති බව” යැයි පැවැසීය.

වෙද මහතාගෙන් පසු අප පිළිකා රෝගයෙන් පීඩා විඳි රෝගීන් කිහිදෙනකුම සොයා ගියේ මෙහි ඇති සත්‍යතාව පිළිබඳව තවදුරටත් පසක් කර ගැනීම සඳහාය.පිළිකා රෝගය වැලඳී පිළිකාව සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණු මාවතගම, කුරුණෑගල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ අනෝජා විමලරත්න මහත්මිය මෙසේ පැවැසුවාය.“මට මුලින්ම තිබුණේ බෙල්ලේ කැක්කුමක්. ඒ අනුව මං පේරාදෙණියේ රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයක් කරගත්තා. අවුරුදු දෙකක් තිස්සේ කැක්කුමට බෙහෙත් ගත්තා. ඒත් සුව වුණේ නෑ. පසුව දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවලින් පසුව කිව්වා මගේ බෙල්ලේ ගෙඩියක් තියෙනවා කියලා. ගෙඩිය මොකද්ද කියලා මාස කිහිපයක් තිස්සේ පරීක්ෂණ කරලා බලලා ‍ෙදාස්තර මහත්වරු කිව්වා මට පිළිකාවක් තියෙනවා කියලා.ඒ කිව්වේ 2018 අගෝස්තු මාසයේ. වෛද්‍යවරු මට කිව්වා ප්‍රතිකාර ගන්නකොට පිළිකාව පැතිරීයෑම අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් පිළිකා රෝගීන් රෝහල් ගත වුණාම ඒ අයට කරන්ට් ඇල්ලීම නිසා හා විවිධ ඔෟෂධ නිසා විකෘති වෙලා දුක් විඳලා මැරිලා යනවා මං දැකලා තියෙනවා. ඒ නිසා මං තීරණය කළා මොනවා වුණත් කමක් නෑ බටහිර වෙදකම් නම් කරන්නේ නෑ කියලා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. පිළිකාවක් කිව්වාම මට දැනුණු වේදනාව කියලා නිම කරන්න බැරි වුණා. මෙහෙම ඉන්නකොට තමයි මට තිස්සමහාරාමයේ වෙද මහතාගෙන් බෙහෙත් අරන් සුව වෙච්ච ලෙඩෙක් පිළිබඳව මගේ යාළුවකු මඟින් දැනගන්න ලැබුණේ. ඒ අනුව තොරතුරු සොයා බැලීමක් කළා.මම මෙතනට එනකොට මට කන්න බොන්න බැරිව ඇඟ හොඳටම දුර්වල වෙලා හිටියේ. මට තනියම ඇඳෙන් නැඟිට ගන්න බැරි වුණා. මගේ පවුලේ අය මාව උස්සගෙනයි මෙතනට ආවේ. එහෙම ආවම මේ වෙදමහත්තයා මාව පරීක්ෂා කරලා බලලා කිව්වා දරුවෝ ඔයාට මාස තුනක් යන්න කලින් පිළිකාව නිට්ටාවට සුව කරගන්න පුළුවන් කියලා. ඒත් මට ඒක පිළිගන්න බැරි වුණා. මොකද අවුරුදු ගණන් පිළිකාව හැදිලා දුක් විඳින මිනිස්සු තමයි මං දැකලා තියෙන්නේ. කොහොම හරි වෙද මහත්තයා මට පිළිකාවට වෙදකම් කරන්න ආරම්භ කරලා දින 10ක් වගේ යනකොට කන්න බැරිව හිටිය මට කන්න පුළුවන් වුණා. තනියම ඇවිද ගන්න පුළුවන් වුණා. මට මං ගැනම පුදුම හිතුණා.

මම නේවාසිකව ඉඳගෙන තමයි ප්‍රතිකාර ගත්තේ. මාස තුනක් යනකොට මට ලොකු වෙනසක් දැනුණා. වෙද මහත්තයා මට කිව්වා ඔයාගේ ප්‍රතිකාර දැන් හරි. ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙලා ස්කෑන් එකක් කරගෙන එන්න කිව්වා. මං නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් චැනල් කරලා පරීක්ෂා කරලා බැලුවාම ඒ රිපෝට් එකේ තිබුණේ මට පිළිකාවක් නෑ කියලයි. මට ඒත් සැක නිසා මං නැවත දිනයක ගිහින් ස්කෑන් එකක් කරලා බැලුවා. ඒ රිපෝට් එකෙත් තිබුණේ පිළිකාවක් නෑ කියලා. මට හිතුණා රිපෝට් වැරැදිලාද දන්නේ නෑ කියලත්.මං මහරගම ගිහින් එහේදීත් නැවත ස්කෑන් එකක් කරලා බැලුවා. මට පුදුම හිතුණා. ඒ රිපෝට් එකෙත් තිබුණේ මට පිළිකාවක් නෑ කියලා. මට මගේ ජීවිතයේ එදා තරම් සතුටු වෙච්ච තව දවසක් නැති තරම්. මැරෙන්න වැටිලා හිටිය මට ජීවිතය දුන්නේ මේ වෙද මහත්තයා. එතුමා නම් දෙවි කෙනෙක් කියලයි මට කියන්න තියෙන්නේ. මට මගේ පිළිකාව සුව වෙච්ච නිසා මං අනෙකුත් පිළිකා රෝගීන්ටත් දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා පිළිකාව නිසා දුක් විඳ විඳ ඉන්න එපා. මේ වෙද මහතා හමුවෙලා ප්‍රතිකාර ගන්න කියලයි මං කියන්නේ. පිළිකා රෝගයට බෙහෙත් අරගත්ත මගේ යාළුවෝ දෙන්නෙක්ම මට සුව වෙලා තියෙනවා දැකලා මගෙන් විස්තර අහගෙන ගිහින් මේ වෙද මහතාගෙන් බෙහෙත් අරගෙන අද ඉතා සතුටින් ඉන්නවා.”

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින කෑගල්ල, හෙම්මාතගම පදිංචි 78 හැවිරිදි බී.ඒ. මෙන්ඩිස් මහතා මෙසේ පැවැසීය.“මම ලංකා ගමනාගමන මණ්ඩලයේ තමයි වැඩ කළේ. සේවයෙන් විශ්‍රාම අරගෙන ටික කලක් ඉන්නකොට මට මගේ ඇඟේ ලොකු වෙනසක් දැනුණා. නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයකු හමුවුණා. එහිදී මාස කිහිපයක්ම විවිධ පරීක්ෂණ කිහිපයක් කළා. ඒ පරීක්ෂණවලදී මට කිව්වා ඔයාට පිළිකාවක් තියෙනවා කියලා. ඇඟ පුරාම පැතිරීමේ අවදානමක් තමයි තියෙනවා කිව්වේ. ඒ වෙනකොට මට කන්න බොන්න බෑ. තනියම ඇවිද ගන්නවත් බෑ.මං හොඳටම දුර්වල වෙලා තමයි හිටියේ. මගේ දරුවෝ තමයි මාව රෝහලට සායනවලට එක්කගෙන ගියේ. කට පිළිකාවක් කියලා වෛද්‍යවරු හොයා ගත්තම මට කිව්වා පිළිකාවට ප්‍රතිකාර ටිකක් තියෙනවා. වහාම රෝහලට ඇතුළත් වෙන්න කියලා. මං හා කියලා ගෙදර ගියා. නමුත් නැවත මං පිළිකාවට බෙහෙත් ගන්න රෝහලට නම් ගියේ නෑ. නොයන්න ප්‍රධානම හේතුව තමයි මගේ යාළුවකුත් පිළිකාවක් හැදිලා බෙහෙත් ගන්න රෝහලට ගිය දවසේ ඉඳලා පුදුම තරමේ දුකක් විඳලා මැරිලා ගියා. මටත් ඒක වේවි කියලා මට බය හිතුනා.
මෙහෙම ඉන්න කොට තමයි මට මේ තිස්සමහාරාමේ වෙද මහත්තයෙක් ගැන අහන්න ලැබුණේ. මං දරුවොත් එක්ක මේ වෙද මහත්තයා හමුවෙන්න ආවා. ඒ ඇවිත් වෙද මහත්තයා මාව පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා තාත්තේ බය වෙන්න එපා. තාත්තට ඉක්මනින් සුව වෙනවා. ඒ වෙනකොට මට මොකුත් කන්න බෑ. කටට දමන දියර ටිකක් විතරයි තිබුණෙ. ඇවිදින්න තියා ඇඳක වාඩි වෙලා ඉන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ.

වෙද මහත්තයා මට දින 10ක් වගේ බෙහෙත් ගානකොට මට කන්න පුළුවන් වුණා. තනියම ඇඳෙන් නැඟිටින්න පුළුවන් වුණා. අද වෙනකොට මට හිතාගන්නවත් බැරි තරමේ සුවයක් මට තියෙනවා. මං දින 15කට සැරයක් ඇවිත් වෙද මහතාගෙන් බෙහෙත් කරගෙන යනවා. අද මේ පස්වැනි බෙහෙත් මුරයට තමයි මං ආවේ. තව එක බෙහෙත් මුරයක් කරලා ස්කෑන් එකක් කරලා බලමු කියලා වෙද මහත්තයා මට කිව්වා. වෙනදා මගේ සාත්තුවට පුතා ළඟ හිටියා. අද මං තනියම මගේ වැඩ ඔක්කොම කරගන්නවා. මේ වෙද මහත්තයා නම් බුදු වෙන්න ඕනේ. මැරෙන්න ඇඳකට වැටිලා හිටිය මට පණ දුන්නේ මේ වෙද මහත්තයා.”තංගල්ලේ පදිංචි 41 හැවිරිදි මාලා පියදර්ශනී මහත්මිය,“මම පිටේ දැඩි වේදනාවකට තමයි මුලින්ම ප්‍රතිකාර ගන්න රෝහලට ගියේ. හැමදාම මං රෝහලේ සායනවලට ගියාට වෛද්‍යවරු කිව්වා ලෙඩේ මොකද්ද කියලා කියන්න පරීක්ෂණ කිහිපයක් කරන්න වෙනවා කියලා. එතකම් වෛද්‍යවරු මට එක බෙහෙත් පෙත්තක්වත් දුන්නේ නෑ. පුදුම තරම් පිටේ වේදනාවකින් ඒ වනවිටත් මං හිටියේ. කොහොම හරි වෛද්‍යවරු පරීක්ෂණ කරලා කරලා අවසානයේදී කිව්වා මට පියයුරු පිළිකාවක් තියෙන්නේ කියලා. නමුත් එදා මං රෝහලෙන් එළියට එනකොටම තීරණය කළා කොහොම හරි මේක විඳගෙන ඉන්නවා මිසක් ඉස්පිරිතාලේ නම් යන්නේ නෑ කියලා.

කොහොම හරි කාලයත් එක්ක මට මේ වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. දැන් මං මෙතනට ඇවිත් ප්‍රතිකාර කරන්න පටන් අරන් මාස තුනක් විතර වෙනවා. ඇත්තටම පළමු දින 10දීම මට ලොකු වෙනසක් දැනුණා. අද මට ඇත්තටම ලොකු සුවයත් තියෙනවා. වෙද මහත්තයා මට කිව්වා තව මාසයක් බෙහෙත් කළාට පස්සේ පරීක්ෂණයක් කරලා බලන්න කිව්වා පිළිකාව තියේද නැද්ද කියලා. ඇත්තටම මේ වෙනකොට මටත් දැඩි විශ්වාසයක් තියෙනවා පිළිකාව සුව වෙලා කියලා.”පිළිකා රෝගයට ගොදුරු වූ සිය බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට කුරුණෑගල සිට පැමිණි චින්තන ප්‍රදීප් මහතා,“නෝනගේ තිබුණු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගත්තා. එහිදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වුණා නෝනට පිළිකාවක් තියෙනවා කියලා. පස්සේ අපි කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරලා බලලා තහවුරු කර ගත්තා නෝනට කැන්සර් එකක් තියේද කියලා. එහිදී ඒක තහවුරු වුණා. ඒ වෛද්‍යවරයා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනෑ කියලා. අපි ඒක කළේ නැතිව මහරගම පිළිකා රෝහලට ගියා. එහේ කරන්න තියෙන හැම ටෙස්ටින් එකක්ම කළා. ඒ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු තීරණය කළා දකුණු පියයුරුවේත්, දකුණු අතේ කිහිල්ලයටත්, වම් පැත්තේ කිහිල්ල යටත් පිළිකාව පැතිරිලා තියෙනවා කියලා. මහරගම පිළිකා රෝහලට ගමන් වාර ගණනාවක්ම ගියා.කොච්චර බෙහෙත් කළත් අවසානයේ මැරෙන්නම වෙන බව කවුරුත් දන්නවා. ඒ අතරවාරයේ තමයි මට මේ වෙද මහතා පිළිබඳව දැනගන්න ලැබුණේ. ඒ අනුව මං මේ වෙද මහතා හොයාගෙන ආවා. දැන් මෙතනින් ප්‍රතිකාර ගන්න ඇවිත් මාස තුනකට ආසන්නයි. ඇත්තටම මේ වෙනකොට මගේ නෝනට සියට අනූනවයක්ම සුවයි. කවුරු මේක නොපිළිගත්තත් මට මේ වෙද මහත්තයා විශ්වාසයි. මං එහෙම කියන්නේ අවුරුදු ගාණක් පිළිකාවක් නිසා අපි දුක් වින්දා. නෝනා දිවි නසා ගන්න ගියා. හැබැයි මාස තුනක් වගේ කෙටි කාලයකින් මේ වෙද මහතා අපිට නැවත ජීවිතයක් දීලා තියෙනවා.”

තංගල්ලේ පදිංචි ඩබ්ලිව්.ඒ. ජයන්ත මහතා,“ඇත්තටම මං මෙතනට ආවේ නෝනගේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න. මුලින්ම සී.ටී. ස්කෑන් එක කරලා බැලුවා පිළිකාවක් කියලා තියෙනවා. මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන යන රෝගීන් මාස තුනකට හෝ හයකට පසු නැවත ගිහින් සී.ටී. ස්කෑන් එක කරලා බැලුවම පිළිකාවක් නෑ කියනවා. පුදුමේ කියන්නේ මේ වෙද මහත්තයා මේ එක රෝගියකුටවත් බෙහෙත් පෙත්තක්වත් කල්ක ටිකක් හෝ අරිෂ්ඨ ටිකක්වත් බොන්න දෙන්නේ නෑ. රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසු පිළිකාව පැතිරි ඇති ප්‍රදේශවල පිටතින් අලේප කිරීම විතරයි කරන්නේ.”ජනාවාස 10, පැල්වත්ත, බුත්තල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ ඩී.ජී. රේණුකා දමයන්ති මහත්මිය,“මට ඉස්සරවෙලා තිබුණේ කොන්දේ අමාරුවක්. ඒකට මොනරාගල රෝහලෙන් හම්බන්තොට හා මාතර රෝහල්වලින් විවිධ අවස්ථාවල ගිහින් ප්‍රතිකාර ගත්තා. නමුත් කිසිදු සුවයක් තිබුණේ නැති නිසා ගාල්ල කරාපිටියේ රෝහලට ගියා. එහිදී කාලයක් සිදුකළ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු මට ප්‍රතිකාර කළත් මොකක්ද ලෙඩේ කියලා කිව්වේ නෑ. පස්සේ පෙරැත්ත කරලා ඇහුවම තමයි කිව්වේ මගේ කොන්දේ පිළිකාවක් තියෙනවා කියලා.සාමාන්‍ය වාට්ටුවේ තියාගෙන ප්‍රතිකාර කරලා මාව කරාපිටියේ පිළිකා වාට්ටුවට දමලා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට මට ඇවිදින්න බැරි වුණා. කොණ්ඩේ ගියා. කන්න බොන්න බැරි වුණා. ඊට පස්සේ නහයෙන් බටයක් දමලා දියර වර්ග විතරයි පෙව්වේ. මුත්‍රාවලටත් බටයක් දමලා තිබුණේ. මං ජීවත්වීමේ ආශාව අත්හැරලා හිටියේ. වෛද්‍යවරු පවා කියලා තිබුණේ හිත හදාගන්න මේ ලෙඩාව සනීප කරන්න බෑ කියලයි.

මගේ මහත්තයාටයි සහෝදරයන්ටයි මම ඉන්න විදිය බලාගෙන ඉන්න බැරිව බලෙන්ම වගේ ටිකට් කප්පවලා මේ වෙද මහත්තයාට ළඟට අරන් ආවා. ඒ අරන් එනකොට මට නැඟිටින්න කන්න බොන්න මොකවත් බෑ. මෙතනට අරන් එනකොටවත් මාව බාගෙට මැරිලා වගෙයි හිටියේ. නාහෙට බට දමලා මුත්‍රාවලට බට දමලා මාව හරහට දෙන්නෙක් උස්සගෙනයි ආවේ. ඒ ඇවිත් මේ වෙද මහතා හමු වුණාම මගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා බලලා වෙද මහතා කිව්වා ඔයාගේ කොන්දේ පිළිකාවක් තියෙනවා.ඒක දැන් ගොඩක් පැතිරිලා තියෙන්නේ කිව්වා. එහෙම කියලා වෙද මහත්තයා මාස හයක් යන්න කලින් සනීප කර දෙන්නම් කිව්වා. ඒත් මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. කොහොම හරි වෙද මහත්තයා මට දමලා තිබුණු බට ඔක්කොම ගැලෙව්වා. ඒ ගලවලා මට බෙහෙත් ගාන්න පටන් ගත්තා. දවස් 10ක් යනකොට මට හොඳට කන්න පුළුවන් වුණා. මගේ කොන්දේ තිබුණු වේදනාව අඩුවෙලා ගියා. මාසයක් යන්න වුණේ නෑ මට හොඳටම නැඟිටලා කියලා යන්න පුළුවන් වුණා. හොඳටම කන්න පුළුවන් වුණා. වෙද මහත්තයා මාසෙකට දෙගමනක් හෝ තුන්ගමනක් බෙහෙත් නියම කළා. දැන් මාස හතරක් වෙනවා බෙහෙත් අරගන්න පටන් අරගෙන. මටත් හිතාගන්න බෑ මං දැන් තනියම නැඟිටලා ඇවිදගෙන යනවා.මට දැන් හොඳට කන්න බොන්න පුළුවන්. වෙද මහත්තයා කිව්වා තව මාස 02ක් බෙහෙත් ගන්නකොට පිළිකාව නිට්ටාවට සුව වෙනවා කියලා. ඇත්තටම මං මේ වෙදමහත්තයා ළඟට එනකොට ප්‍රතිකාර ගත්ත අය දැන් සුව වෙලා පුදුම සතුටින් වෙද මහත්තයා හමුවෙන්න එනවා. මමත් මේක පිළිගත්තේ නෑ මුලින්ම. ඇත්තටම වෙද මහත්තයා නම් දෙවියෙක්. අද මම මගේ මහත්තයයි දරු දෙදෙනයි සමඟ බොහොම සතුටින් ඉන්නවා. පිළිකා රෝගීන්ට මං කියනවා මමත් පිළිකා රෝගියෙක් විදියට අවුරුදු ගාණන් දුක් වින්දා. ඇත්තටම දැන් මට පිළිකාව හොඳයි. තව මාස දෙකකින් පසු මං නැවත සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට යන්න ඉන්නේ පිළිකාව සුව වෙලාද බලන්න.වෙද මහත්තයා මේ කරන්නේ මහා පින්කමක්. මේ මාස හතරටම වෙද මහත්තයා මට එකම බෙහෙත් පෙත්තක්වත්, අරිෂ්ඨ ටිකක්වත් බොන්න දුන්නේ නෑ. කළ එකම ප්‍රතිකාරය තමයි පිළිකා සෛල මැරෙන්න පිටතින් බෙහෙත් ගල්වපු එක විතරයි. ඇත්තටම මං අද පුදුම සතුටින් ඉන්නේ.”

අප මෙම වෙද මැඳුර පිළිබඳව පාඨක ඔබට ලියන්නට සිතුණේ දුකට කරදරයට පත්වන රෝගීන්ගෙන් මුදල් ගැරීමේ විවිධ ජාවාරම් අද රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින යුගයක මෙවැනි රෝගීන් සඳහා හැබෑවටම ප්‍රතිකාර කරන ස්ථාන ඇති බවට ඔබට සඳහන් කරන්නටය. සුවහසක් වූ අසරණ රෝගීන්ට දේශීය වෙදකම ඔස්සේ ජීවය දෙන සිසිර ගමගේ වෙද මහතා හැබෑවටද දක්ෂ වෙද මහතෙකි.මිණි කිරණ වෙද මැඳුරට ගොස් රෝගීන් හමුවී කතා කරනතෙක් ලිපිය ලියන මා වෙතද මේ පුවත අදහාගත නොහැකි එකක් වූ බවද ලිවිය යුතුමය. නමුත් දෑසින් දුටුදේත් සමඟින් පසක් වූයේ දෙවිවරු වන් මිනිසුන්ද මෙලොව සිටින බවයි.පිළිකා රෝගීන් මෙම වෙද මහතා හමුවට එන්නේ නම් ඉහත අප සඳහන් කළ පරිදි මිණි කිරණ වෙද මැඳුර, ආසිරි මාවත, දියස්යාය, මාගම පාර, තිස්සමහාරාම ලිපිනයට පැමිණිය හැකිය. සෑම සතියකම බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී පමණක් උදේ 06 සිට සවස 06 දක්වා ප්‍රතිකාර සිදු කරනු ලබයි.

(උපුටාගැනීම මව්බිම පුවත්පත)
සටහන හා සේයාරූ මත්තල ඩී.එන්.ජයසේකර

ලක්ෂ ගණනින් මුදල් උපයන්න අන්නාසි වගාවක් පටන් ගන්න විදිය

අනනාස් කොමොසස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත්වේ.මෙහි නිජබිම බ්‍රසීලයයි. ඉදවා අළුත් පළතුරක් ලෙසද ටින්වල අසුරනලද පළතුරක් ලෙස ජෑම් හාකෝඩියල් ආකාරයටද අන්නාසි ආහාරයට ගනුලැබේ. අන්නාසි ඵලයේ හා පත්‍රවල යුෂයෙහි පණුනාශකහැකියාව ඇතිඅතර තවද ඵලයේ ඇති බ්‍රොමිලින් නම් එන්සයිමය නිසා ආහාර දිරවීම පහසුකිරීම මෙහි ඖෂධීයමය ගුණ ලෙස හඳුනාගතහැක. චීනය,පිලිපීනය වැනි රටවල අන්නාසි පත්‍රවලින් ලබාගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනයට ගනුලැබේ. තවද විනාකිරි කර්මාන්තය සඳහා ද අන්නාසි උපයෝගීකරගනුලැබේ.

අන්නාසි වගාවේ දේශගුණික අවශ්‍යතා – වර්ශාපතනය – වර්ෂයකට මිලිමීටර්. 1500 – 3000 පමණ. උෂ්ණත්වය – සෙන්ටිග්‍රේට් අංශක 24– 32 පමණ.

අන්නාසි වගාබිමෙහි පසෙහි ස්වභාවය – වගාවට සුදුසු වන්නේ වැලි සහිත ලෝම පසකි. මැටි හෝ හුණු අධික පස් වගාවට නුසුදුසුය. හොඳින් පසේ ජලය බැසයාම වගාව සාර්ථකවීමට වැදගත්ය. පසෙහි පී.එච්. අගය 5.5 – 6 වීම වඩාත් සුදුසුය.

අන්නාසි ප්‍රබේද ප්‍රධාන ව‍ශයෙන් වගාකරන ප්‍රබේද දෙකක් ඇත. මුරුසි ප්‍රබේදය – ඉදවා අළුත් පළතුරක් ලෙස වැඩිවශයෙන් පරිබෝජනයකරයි.හොඳින් ඉදුණු ගෙඩියෙන් සුවඳක් හමයි.මාංශලය තද කහ වර්ණයෙන් යුතු අතර ඉතා පැණිරසය.හොඳින් වැඩුණු ගෙඩියක් කිලෝ එකහමාරක් පමණ බරය.මේ ප්‍රබේදයේ පත්‍ර කටු සහිතය.මේ ගසකින් මොරෙයියන් වැඩිප්‍රමාණයක්ද ලබාගත හැක.

කිව් ප්‍රබේදය – මේ ප්‍රබේදය ටින්වල ඇසිරීම සඳහා ගනුලබයි.කිව් ප්‍රබේදය මුරුසි ප්‍රබේදය තරම් පැණිරස නැත.තරමක් ඇඹුල් රසැතිය.මාංශලය සුදු පාටට හුරු ලාකහ පැහැතිය.ඉතා වැඩි යුෂ ප්‍රමාණයක් ඇත.ගෙඩියක් කිලෝ එකහමාරේ සිට කිලෝ තුන පමණ දක්වා වැඩේ.පත්‍රවල කටු අඩු අතර මොරෙයියන් හටගැනීමද අඩුය.

අන්නාසි වගාවේ රෝපණ ද්‍රව්‍ය – රෝපණ ද්‍රව්‍ය ලෙස විවිධාකාරයේ මොරෙය්යන් වර්ග භාවිතාකළ හැකිය. කරඬුව – ගෙඩිය මුදුනේ ඇති කොටස. නටුමොරෙයියන් – ගෙඩියේ නටුවෙන් මතුවන මොරෙයියන්. අක්ෂිමොරෙයියන් – පත්‍ර අතරින් මතුවන මොරෙයියන්. මුල්මොරෙයියන් – කඳ පාමුළින් මතුවන මොරෙයියන්.


අන්නාසි වගාකිරීම ක්ෂේත්‍රය සැකසීම – මූලික බිම් සැකසීම ලෙස ට්‍රැක්ටරයකින් පොළව හෑමෙන් පස මෘදුවසකසා දිග,පළල හා ගැඹුර සෙන්ටිමීටර 20 වන කානු සැකසිය යුතුය.බෑවුම් සහිත ඉඩමක නම් කානු දැමියයුත්තේ සමෝච්ච ක්‍රමයටය.කානු කැපීමේදී ඉවත්කරන පස්,බෑවුම ඇති දිසාවේ කුඩා වැටියක් සෑදෙන ආකාරයට දමන්න.

පැල සිටුවීම දෙපේළි ක්‍රමය – සකස්කරගත් ක්ෂේත්‍රයේ කානු දිගේ සෙන්ටිමීටර 20 ක පරතරයෙන් මොරෙය්යන් කෙළින් සිටින පරිදි වැටියට හේත්තුකරන්න.වැටියට විරුද්ධ පැත්තෙන් පස් සූරාගෙන මොරෙය්යන්ගේ පාදස්ථ කොටසින් සෙන්ටිමීටර 10 -15 පමණ වැසෙන සේ පස් දැමියයුතුය.දෙපේළි ක්‍රමය යටතේ පේළි දෙක අතර පරතරය සෙන්ටිමීටර 60 වියයුතුය.

තනිපේළි ක්‍රමය – මෙම කමයට පැල සිටුවීමේදී පේළි තුළ පැල අතර පර‍තරය සෙන්ටිමීටර 30 වියයුතුය.තනිපේළි ක්‍රමයේදී පේළි දෙකක් අතර පරතරය මීටර දෙකක් වියයුතුය.

පොහොර යෙදීම – යූරියා, රොක්පොස්පේට්, මියුරියේට්ඔ‍ෆ්පොටෑෂ් භාවිතාකර සාදාගන්නා එන්.පී.කේ. 11-7-31 පොහොර මිශ්‍රණය අන්නාසි සඳහා නිර්දේශිතය.අන්නාසි සඳහා මූළික පොහොර යෙදීමක් නොකර සිටුවා මසකට පසු ඉහත සඳහන් මිශ්‍රණයෙන් එක පැලයකට ග්‍රෑම් 28 බැගින් යෙදියයුතුය.ඉන්පසු සෑම මාස 3-4 කට වරක් පසේ හොඳින් තෙතමනය ඇති විටදී ඉහත සඳහන් කළ පොහොර ප්‍රමාණයම දැමියයුතුය.පළමු වරට පොහොර යොදන විට පැල ආසන්නයේ පසට යොදන්න ඉන්පසු ගසේ පහළින් ඇති පත්‍ර අතරට පොහොර යොදන්න.ගසේ ගොබයට පොහොර වැටීමට ඉඩනොදෙන්න.

ජල සම්පාදනය – වර්ශාව නොමැති වියලි කාලවලදී මසකට වාර 6-7 දක්වා ජල සැපයුම මගින් හොඳ අස්වැන්නක් ලබාගතහැක.පසෙ තෙතමනය සුරැකීමට සෙන්ටිමීටර 20-30 පමණ ඝණකමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැල පේළි අතරට යෙදියයුතුය.

අන්නාසි වගාවේ වල් පැල මර්දනය – සුළුපරිමාන වගාවන්හි අන්නාසි පත්‍රවලට හානි නොවන සේ උදලුගෑමෙන් වල් මර්දනය කළහැක.වල් මර්දනයට රසායනික වල්නාශකද භාවිත කළහැක.ඩියුරෝන් 80% තෙත්කළහැකි කුඩකි.එය ග්‍රෑම් 2ක් ජලය ලීටර 180- 200 ක මිශ්‍රකර සිටුවා මාසයක් පමණ වූ වගා වල වල්පැල මර්දනයට යෙදියහැක.

අන්නාසි වගාවට වැළදෙන රෝග – ගොබය හෙවත් කරඩුව කුණුවීම, පාදස්ථය කුණුවීම හා මුල් කුණුවීම, ගෙඩි කුණුවීම, ගස් මැළවීම රෝග
ලක්ෂණ හා රෝග පාලනය – කරඬුව කුණුවීම හා පාදස්ථ, මුල් කුණුවීම
රෝග ලක්ෂණ සැළකීමේදී ගොබ කුණුවීම අළුත් වගාවල ඇතිවේ. ගොබයේ ළාබාල පත්‍ර පහසුවෙන් ගැලවී එයි. පාදස්ථ,මුල් කුණුවීමේදී පත්‍ර මැළවේ. ගස් පහසුවෙන් ගැලවී එයි. රෝග පැතිරීම රෝගකාරක දිලීර සහිත පස් හා රෝපණ ද්‍රව්‍ය මගින් සිදුවේ. රෝග පාලනය සඳහා නිරෝගී වගාවකින් මොරෙයියන් ගෙන පැල සිටුවීමට පෙර දිලීරනාශකයක් යොදා පූර්ව ප්‍රතිකාර කර සිටුවියයුතුය. වගා ඉඩමේ ජලවහනය දියුණු කළයුතුය. වර්ශාව අධික තෙත් කාළගුණයක් ඇති විට පැල නොසිටුවීම වැදගත්ය. පැල සිටුවීමේදී ගොබය තුලට පස් නොවැටීමට වගබලා ගතයුතුය. පවතින වගාවක ගොබ කුණුවීමට දලීරනාශකයක් වන මැන්කොසෙබ් 64% , මෙටලැක්සිල් 8% තෙත්කළහැකි කුඩු (රිඩොමිල්) පැලවල ගොබයට යොදන්න. පවතින වගාවක පාදස්ථ කුණුවීම හෝ මුල් කුණුවීම ඇති විට රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත්කර ඉහත දැක්වූ දිලීරනාශකයම ගසේ පාමුල සේදීයන සේ වත්කර ගස පාමුළට පස් දමන්න.එවිට අළුත් මුල් වැඩේ.

ගෙඩි කුණුවීම
රෝග ලක්ෂණ සැළකීමේදී දිලීරය ඇතුල්වී දින දෙකකට පමණ පසු නෙලාගත් ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන්ගනී. පසුව මේ කළුපැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළටද පැතිරේ.රෝග පාලනය කිරීමේදී හානි නොවන සේ ප්‍රවේශමෙන් නෙලාගත් ගෙඩි පිරිසිදු ස්ථානයක ගබඩාකළ යුතුය. රෝගය තදින් ඇත්නම් බෙනොමිල් 80% තෙත්කළහැකි කුඩු ග්‍රෑම් 100 ක් ජලය මිලිලීටර 100 ක දියකළ ද්‍රාවණයක ගෙඩිවල නටුවේ කැපුම්පෘෂ්ඨය ගිල්වා ඉවතට ගෙන ගබඩාකරන්න.

ගස් මැළවීම
රෝග ලක්ෂණ සැළකීමේදී රෝගය වැලඳුන ගස්වල පත්‍ර පළමුව රතුවී පසුව රෝස පාටවේ. මේ අවස්ථාවේදී දාරය දිගේ පත්‍රඇතුලට නැමේ.පත්‍ර මැළවුණු ස්වභාවයක් දිස්වේ.රෝගී ගස් ක්‍රමයෙන් මැරීයයි.අන්නාසි ගස් මැළවීම විවිධ හේතු නිසා සිදුවේ.එනම් පාදස්ථ කුණුවීම , මුල් කුණුවීම , පිටිමකුණා මගින් පැතිරෙන වෛරස් රෝගය නිසා ගස් මැළවීම.රෝග පාලනය කිරීමේදී වැදගත් වන්නේ නිරෝගී වගාවකින් ලබාගත් මොරෙයියන් පමණක් සිටුවීමය. පිටිමකුණා පාලනයකරගැනීමද අවශ්‍යවේ.

කෘතීමව මල් හටගැන්වීම
අවාරයේ අන්නාසි අස්වනු ලබාගැනීම මෙහි අරමුණවේ. මේ සඳහා එතිෆෝන්, ඉන්ඩෝල්, ඇසිටික් අම්ලය, කැල්සියම් කාබයිඩ් වැනි රසායනික යොදාගනී. වඩාත් කාර්යක්ෂම රසායනිකය එතිෆෝන්ය. මෙහි වෙළඳනාමය එත්‍රල්ය. නිෂ්පාදනයන්ගේ නිර්දේශයන්ට අනුව සාදාගත් ද්‍රාවණයෙන් මිලිලීටර් 40 පමණ අන්නාසි ගසේ මේරූ පත්‍ර 20 ට වැඩි නම් ගොබයට වත්කල යුතුය. ද්‍රාවණය යොදා දින 30 න් රතු පාට මල් හටගනී.

ගෙඩි විශාල කරගැනීම
ඇල්‍ෆා නැප්තලීන් ඇසිටික් අම්ලය අඩංගු රසායනික ද්‍රව්‍යක් හෝ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය නිර්දේශිත පරිදි ජලයේ දියකර සාදාගත් ද්‍රාවණයේ ලීටරයකට යූරියා ග්‍රෑම් 2ක් මිශ්‍රකර මල් පිපී මසකින් ළපටි ගෙඩි වල‍ට ඉසීමෙන් ගෙඩිවල ප්‍රමාණය විශාල කරගතහැක.

ගෙඩිවල පැහැය වැඩිකරගැනීම
නෙළාගත් අන්නාසි ගෙඩිවලට එතිෆෝන් යෙදීමෙන් ඒකාකාරී කහ පැහැයක් ලබාගතහැක.

අස්වනු නෙළීම
අන්නාසි ගෙඩියේ නටුව සෙන්ටිමීටර 20 පමණ දිගට තබා ගෙඩියෙන් 25% පමණ පිටපොත්තේ වර්ණ‍ය කහපැහැවූ පැසුණු අන්නාසි ගෙඩි උදේ වරුවක නෙළිය යුතුය. නෙලූගෙඩි එකගොඩේ ගොඩනොගසා මදක් තුනීකර සෙවනේ තබා ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළයුතුය.

සාර්ථක අන්නාසි වගාවකට..
අනවශ්‍ය මොරෙයියන් ඉවත්කිරීම , නිසිකලට පොහොර දැමීම, ජලසම්පාදනය කිරීම, රෝග හා පළිබෝධ පාලනය කිරීම ආදිය කරමින් හොදින් නඩත්තුකරන අන්නාසි වගාවකින් වසර 3ක් පමණ සාර්ථක ලෙස අස්වැන්න ලබාගතහැක.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ ආහාර වර්ග වලින් ඔබේ ඇස් පෙනීම වැඩි කරනවා

දෙනෙත් සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීමට නම් ශරීරයට “Lutein”, “Zeaxanthin”, “Beta-carotene”, විටමින් A, සින්ක්, විටමින් C, විටමින් E සහ ඔමේගා 3 මේද අම්ලය වැනි පෝෂණයන් අත්‍යාවශ්‍ය වනවා. සෑම වසරකම අප්‍රේල් 7 වන දින ලෝක සෞඛ්‍යය දිනය සමරන අතර මෙවර එහි තේමා පාඨය වූයේ ‘Universal health coverage: everyone, everywhere’ යන්නයි.

අද වනවිට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය වැඩිවීමත්, ඩිජිටල් තිර දෙස දෙනෙත් යොමා සිටින කාලය වැඩි වීමත් මෙන්ම පෝෂණ ගුණයන්ගෙන් අඩු ආහාර පාන ලබා ගැනීමත් නිසා සෞඛ්‍යය තත්වය දැඩි ලෙස පිරිහීමකට පත්ව තිබෙනවා. නූතන සමාජය තුල දක්නට ලැබෙන මේ ආකාරයේ ජීවන රටාවන් නිසා අක්‍ෂි සෞඛ්‍යය බිඳවැටීම වැඩිවී තිබෙනවා. ඔබත් ඔබේ කාර්යය බහුල දිවිපෙවෙත අතරේ අක්‍ෂි සෞඛ්‍යයට ඉඩක් වෙන්කරමින් මෙම ලිපිය මගින් ගෙනෙන පෝෂණ ගුණය පිරි ආහාර ඔබේ ආහාර රටාවට එක්කර අක්ෂි සඳහා අවශ්‍ය වන පෝෂණය ලබා ගන්න.

බණ්ඩක්කා
බණ්ඩක්කා බීටා කැරොටින් වලින් පොහොසත් වන අතර “zeaxanthin”, “lutein” සහ අක්‍ෂි වල සෞඛ්‍යය සඳහා අත්‍යාවශය වන සියලුම පෝෂණ ගුණයන්ගෙන් පොහොසත් වනවා.

අප්‍රිකොට්
අක්‍ෂි සෞඛ්‍යය හා කතාබස් කිරීමේදී අප්‍රිකොට් පළතුර විශාල ස්ථානයක් ලබා ගන්නවා. අප්‍රිකොට් සතු අධික බීටා කරොටින් ප්‍රමාණය සහ විටමින් C, E, සින්ක් සහ කොපර් වැනි සංඝටක මගින් අක්‍ෂි වලට අවශ්‍ය පෝෂණය සපයා “macular degeneration” රෝගී තත්වයෙන් අක්‍ෂි ආරක්‍ෂා කර පෙනීම වර්ධනය කිරීම සිදු කරනවා.

බ්‍රාකොලි
බ්‍රාකොලි යනු අක්‍ෂි සෞඛ්‍යය සඳහා අතිශය වැදගත් වන එළවළුවක්. බ්‍රාකොලි සතු “lutein”, විටමින් C, බීටා කරොටින් සහ ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂණ ගුණයන් රාශියකින් අක්‍ෂි වලට අවශ්‍ය කරන පෝෂණ ගුණය සැපයෙනවා.

මත්ස්‍යයින්
දිනපතා මත්ස්‍යයින් ආහාරයට ගැනීම මගින් පෙනීම වර්ධනය වනවා. පෙනීම අහිමි කරන “macular degeneration” රෝගී තත්වය වැලැක්වීම සඳහා මත්ස්‍යය ආහාර තුල අන්තර්ගත වන ඔමේගා 3 මේද අම්ලය අතිශය ප්‍රයෝජනවත් වනවා.

ඇට සහ ධාන්‍ය වර්ග
කොට්ටං, වොල්නට්ස් වැනි ඇට වර්ග සින්ක් සහ විටමින් E වලින් පොහොසත් වනවා. පෙනීම වර්ධනය කර ගැනීම සඳහා විටමින් E අතිශය වැදගත් වන අතර “macular degeneration” රෝගී තත්වය ඇතිවීමද පාලනය කරනු ලබනවා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අක්මාවේ රෝග ඇතුළු රෝග රැසකට ගුණ දෙන දිවුල් කොළ පානය

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි. ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිඛෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් Aල ඊ වගේ පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඖෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

වඳ බව නසන දිවුල් ඛෙහෙත
ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

අතීසාරයට දිවුල්
අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.

අර්ශස්වලටත් දිවුල් ගුණයි
ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්
කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,
අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය
ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

දද කුෂ්ඨවලට දිවුල්
උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ
සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

මුත්‍රා රෝගවලට ගුණ දිවුල්
බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

ලේ පිරිසුදු කරන දිවුල්
දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

රස පිරි දිවුල් කිරි
ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්‍ය පමණට වතුර මිශ්‍ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්‍ර කරගන්න. ලුණු සහ සීනි අවශ්‍ය පදමට දමා අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරගෙන අමුත්තාට සංග්‍රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

දිරවන්නේ නැති අයට දිවුල්
සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.

සෙමට හා කැස්සට දිවුල්
ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

දිවුල් අඩංගු ඖෂධ
දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් zකපිත්තා පඨක චූර්ණය ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඇදුම රෝගය පාලනය සඳහා ඉන්හේලරයන් නිවැරදිව භාවිතා කරන්නේ කොමද?

ඇදුම රෝගය නිට්‌ටාවටම සුව කළ හැකිද? අපට එසේ කළ නොහැකි වුවත් බිය නොවන්න. ඇදුම ඉතාමත් හොඳින් පාලනය කළ හැකිය. බොහෝ ඇදුම රෝගීන්ට ඉතා අවම රෝග ලක්‍ෂණ සහිතව නිරෝගී සහ ක්‍රියාකාරී ජීවිතයක්‌ වෙනත් ඕනෑම පුද්ගලයකු සේ ගත කිරීමේ හැකියාව ඇත. එබැවින් ඔබත් ඇදුම රෝගයෙන් පෙළේ නම් අප හමුවීමට එන්න. ඇදුම රෝගය පාලනය කර ගන්නේ කෙසේද? ඇදුම රෝග ලක්‍ෂණ උත්සන්න කරවන කාරක වලට නිරාවරණය වීම අවම කර ගැනීම වඩාත් වැදගත් වේ.

ඇදුම රෝගය සඳහා වඩාත් ආරක්‍ෂාකාරී ප්‍රතිකාර ක්‍රමය බෙහෙත් පෙති නොව කටින් උරන ඉන්හේලරයයි. මන්ද ඉන්හේලරය පෙනහළුවල පමණක්‌ ක්‍රියාත්මක වන අතර පෙති භාවිත කිරීමෙන් මෙම ඖෂධවල සංකූලතා මුළු ශරීරයට බලපානු ඇත. එමෙන්ම ඉන්හේලරයේ ඇති සුළු ඖෂධ මාත්‍රාවෙන් වඩාත් සහනදායී ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉන්හේලර දෙවර්ගයක්‌ ඇදුම රෝගියකු භාවිත කරයි. ඉන් එක්‌ වර්ගයක්‌ නම් ක්‍ෂණික සහනදායී ඉන්හේලරයයි. (නිවාරණ ඉන්හේලරය)

මෙය භාවිතා කළ යුත්තේ රෝග ලක්‍ෂණ ඇති වන වෙලාවන්හිදීය. එවිට හැකිළුණු ශ්වසන මං විවෘත වන අතර රෝග ලක්‍ෂණවලින් ඉක්‌මන් සහනයක්‌ ලබා දේ. බොහෝ සහනදායී ඉන්හේලරයන් නිල් පාටයි. දෙවැන්න රෝගය වළක්‌වන ආකාරයේ ඉන්හේලරයයි. රෝග ලක්‍ෂණ ඇති වීම වැළැක්‌වීමට නම් දීර්ඝකාලීනව මෙම ඉන්හේලරයන් නිතිපතා පාවිච්චි කළ යුතුය. එවැනි බෙහෙත් වර්ග ශ්වසන මාර්ගයේ ප්‍රදාහ තත්ත්වය සමනය කර එහි සංවේදීතාවය පාලනය කරනු ලබයි. මෙලෙස ඇදුම උත්ප්‍රේරකයකට නිරාවරණය වූ විටද එයට ප්‍රතික්‍රියා කිරීම වළක්‌වයි. මේ ආකාරයේ ඉන්හේලරයන් නිතිපතා රෝග ලක්‍ෂන නැති විට පවා නොකඩවා පාවිච්චි කළ යුතුය. එමෙන්ම සෑම දිනකම එකම වෙලාවකදී පාවිච්චි කිරීම වඩාත් සුදුසුය. මෙම ඉන්හේලරය රෝගය මනා ලෙස පාලනය කර පෙනහළු ආරක්‍ෂා කරයි. එමෙන්ම ඇදුම නිසා ඇති විය හැකි ජීවිත හානිය වළක්‌වා සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමට උපකාරී වේ. ඉන්හේලරයන් පිළිබඳව දැනුම්වත් වෙමු. විවිධාකාර ඉන්හේලරයන් අපි අතර ඇත. මින් බහුලවම දකිනු ලබන්නේ..

වියළි කුඩු සහිත ඉන්හේලරයන් (Dry powder Prepreparations). අධි පීඩනයක්‌ යටතේ මාත්‍රාව ලබාදෙන ඉන්හේලරයන් (Pressurized metered dose inhalers). වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඒ ඒ රෝගියාට වඩාත් ගැලපෙන ඉන්හේලර වර්ගය පිළිබඳව එකඟතාවකට පැමිණීම සුදුසුය. රෝග පාලනය කිරීම සඳහා ඉන්හේලරය අසාර්ථක වීමට මූලික හේතූන් නම් රෝගියා ක්‍රමවත් ලෙස ආශ්වාස නොකිරීම සහ වෛද්‍ය උපදෙස්‌ අනුව නිතර භාවිතා නොකිරීමයි. එබැවින් ඉන්හේලරයේ ප්‍රතිඵල සාර්ථකව ලබා ගැනීම සඳහා එය නිසි ආකාරව භාවිත කරන්න. එය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ස්‌පේසරයක්‌ යනු කුමක්‌ද? අධි පීඩන ඉන්හේලරය භාවිතයේදී එහි අඩංගු ඖෂධ මාත්‍රාව වඩාත් කාර්යක්‍ෂමව රෝගියාගේ පෙනහළු තුළට යැම සඳහා භාවිතා වන ආධාරකයකි. ළමුන් සහ වැඩිමහල් පුද්ගලයන් මෙය භාවිතා කිරීම වඩාත් වැදගත්ය. නමුදු රෝගියා ඉන්හේලරය භාවිත කරන විලාසය පිළිබඳව සතුටු නොවන්නේ නම් වෛද්‍යවරුන් විසින් ඕනෑම රෝගියකුට මෙය නිර්දේශ කළ හැක. ඇදුම රෝගය පාලනය කරන්නේ කෙසේද?

වෛද්‍යවරයකුගේ පරීක්‍ෂාව යටතේ දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර ලැබිය යුතුය. වෛද්‍යවරයකුගේ නිර්දේශයක්‌ නොමැතිව ප්‍රතිකාර නැවැත්වීම නොකළ යුතුය. සායනයේ කාර්ය මණ්‌ඩලය සමග මනා සම්බන්ධතාවක්‌ සහ අදහස්‌ හුවමාරු කර ගැනීමක්‌ සඳහා උනන්දු වන්න. රෝගියාට යම් ප්‍රහේලිකාවක්‌ ඇත්නම් ඒ ගැන සාකච්ඡා කිරීමට කාර්ය මණ්‌ඩලය වඩාත් සතුටු වනු ඇත. ඇදුම රෝගය මනාව පාලනය කර රෝගියකුට කළ හැක්‌කේ මොනවාද?

ඇදුම රෝග ලක්‍ෂණ ඉස්‌මතු නොවී මනා ක්‍රියාකාරිත්වයක යෙදීම ඕනෑම ශාරීරික ව්‍යායාම සහ ක්‍රීඩාවල නිරත වීමට හැකිවීම. ඇදුම රෝග ලක්‍ෂණ නොමැතිව රාත්‍රිය පුරාවට බාධාවකින් තොරව නිදා ගැනීම. ඇදුම රෝග ලක්‍ෂණ වළක්‌වන අතර සහනදායී ඉන්හේලර පාවිච්චිය සතියකට දෙවරක්‌ හෝ ඊට අඩු වාර ගණනක්‌ දක්‌වා අවම කරයි.

පෙනහළු ක්‍රියාකාරීත්වය උපරිම මට්‌ටමක පවත්වා ගැනීම. මීළඟ සායනික පරීක්‍ෂාවට සූදානම් වන්නේ කෙසේද? ඇදුම පිළිබඳ දින පොතක්‌ නිවසේදී පවත්වා ගන්න. හටගන්නා සියලුම ඇදුම රෝග ලක්‍ෂණ පිළිබඳ සටහනක්‌ යොදා එය වෛද්‍යවරයාට පෙන්වන්න. මෙය ඖෂධ මාත්‍රාවන් අඩු වැඩි කිරීම සඳහා වෛද්‍යවරයාට උපකාරී වනු ඇත. පීනස්‌ රෝගී තත්ත්වයන් ඇති වුණාද නැතිද යන්නත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගී තත්ත්වයක්‌ තිබුණිදැයි සඳහන් කරන්න. සෑම අවස්‌ථාවකදීම ඉන්හේලරය නොවරදවා සායනයට රැගෙන යන්න. සහනදායී ඉන්හේලර මොනවාද, රෝගය වළක්‌වන ආකාරයේ ඉන්හේලර මොනවාද යන්න ගැන හොඳින් පැහැදිලි කරවා ගන්න.

සායනයේ කාර්ය මණ්‌ඩලයට ඉන්හේලරය පාවිච්චි කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වන්න. ඇදුම රෝගය උත්සන්න වීම හඳුනා ගන්නේ කෙසේදැයි විමසා සිටින්න. එවැනි අවස්‌ථාවල කළ යුත්තේ කුමක්‌දැයි විමසා දැනගන්න. ඉන්හේලරය පාවිච්චි කිරීම නවත්වන කාලය සහ එය කරන ආකාරය විමසා දැනගන්න. ඔබට තවදුරටත් යම් සැකයක්‌ හෝ බියක්‌ තිබෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරිනියට පවසා සැක දුරු කර ගන්න.

ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ විද්‍යාලයීය සභාව
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දේව පූජාවට නිවැරදිව පූජා වට්ටිය හදන හැටි

අතීතයේ දෙවියන්ට පූජා වට්‌ටියක්‌ තැබුවේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් වර්තමානය වන විට දෙවියන් උදෙසා පූජා වට්‌ටියක්‌ තැබීමට බැතිමත්හු බොහොමයක්‌ පුරුදුව සිටිති. එදා බැතිමත්හු දෙවියන් සතුටු කිරීමට ප්‍රතිපත්ති පූජාව ඉවහල්කොට ගත්හ. දෙවියන් කෙරෙහි භක්‌තියෙන් පුද පූජා තැබීමට කැප වූවන්ට දෙවියන් සඳහා මල් මාලාවක්‌, තිරයක්‌, පහනක්‌, කිරිබත් ස්‌වල්පයක්‌ මේ අතරින් එකක්‌ හෝ දෙකක්‌ තබා දෙවියන්ට පින් අනුමෝදන් කරවීමෙන් එදා තමන්ගේ බලාපොරොත්තු සපල කර ගැනීමට හැකිකම තිබිණි. එහෙත් වර්තමානයේ තමන්ට දේව පිහිට ලැබෙන්නේ ලොකු පලතුරු වට්‌ටියක්‌ තැබීමෙන්, ලොකු මුදලක්‌ පරිත්‍යාග කිරීමෙන් යෑයි බැතිමත්හු විශ්වාස කරති.

මෙසේ පූජා කරන පූජා වට්‌ටිය බොහෝ අවස්‌ථාවල දෙවියන්ට තබා ප්‍රේතයකුටවත් තැබීමට සුදුසු නොවේ. කුණු වී ඇති දිවුල්, කෙසෙල්ගෙඩි වැනි පලතුරු ඇතැම් අවස්‌ථාවල දක්‌නට ලැබේ. දෙවියන් පිදීමට පලතුරු වට්‌ටිය නැතිවම බැරි අංගයක්‌ බවට වර්තමානයේ පවත්ව ඇත. කෙසේ වෙතුදු දෙවියන් බැතිමතුන් විසින් දෙන පූජා වට්‌ටි බලා පොරොත්තුවෙන් සිටින අයෙක්‌ නොවේ. එහෙත් තමාට ගරු සත්කාර කරන්නේ යෑයි යන විශ්වාසයෙන් දෙවියන් යම් ප්‍රීති ප්‍රමෝදයකට පත් වෙති.

මෙසේ හෙයින් දෙවියන්ට යමක්‌ පුදන විට ඉතාමත්ව පිරිසිදුව නොඉඳුල්ව පූජා කිරීම යහපත් ප්‍රතිඵල ලැබීමට හේතු වේ. විශේෂයෙන් පූජා වට්‌ටියක්‌ දෙවියන් සඳහා තබන්නේ දෙවියන් සතුටු කර තමා තුළ ඇති කිසියම් බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීමේ අපේක්‍ෂාවෙනි. මේ නිසා පූජා වට්‌ටිය විධිමත්ව සකස්‌ කර ගත යුතු වෙයි. මෙහිදී තමා විසින් තබන්නට යන පූජාවෙන් බලාපොරොත්තු වන්නේ කුමන පිහිටක්‌ද යන්න සිහි කටයුතුය. ඊට අදාළ වන ආකාරයේ ද්‍රව්‍යවලින් පූජා වට්‌ටිය සකස්‌ විය යුතුය. තමාගේ සතුරකුගේ වෛර ක්‍රියාවක්‌ සඳහා කිසියම් තැනැත්තෙකු දෙවියන් ඉදිරියේ අවලාදයක්‌ කීමට යැමේදී සතුරන් දුරුවීම සඳහා අදළ ද්‍රව්‍ය පූජා වට්‌ටියේ තැන්පත් කර පිදීමෙන් තමා බලාපොරොත්තු වන අදහස සඵල වේ. ගොදරදොරේ වැඩි දියුණුව, දරු සම්පත් ඇතුළු යහපත් ප්‍රතිඵල ලැබීමේ අපේක්‍ෂාවෙන් කරනු ලබන පුද පූජාවලදී බෙලි, දෙලුම්, ඕලු පංචාමෘත්ත කිරි පැණි ආදී ද්‍රව්‍ය සහිත පූජාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.

පූජා වට්‌ටියක්‌ සකස්‌ කර ගැනීමේදී අනුගමය කළ යුතු පිළිවෙත් ක්‍රමයක්‌ ඇත. ග්‍රහ පූජාවක්‌ තැබීමේදී අදාළ ග්‍රහ රූපය ඇඳ පූජා වට්‌ටිය සැකසිය යුතු වන්නේය. මින් අදහස්‌ වනුයේ ඒ ඒ දෙවිවරුන්ට හිමි ග්‍රහයන්ට අනුව පුද පූජා වට්‌ටිය සැකසීමයි. පූජා වට්‌ටිය සැකසීමේදී වට්‌ටිය හෝ තැටිය පිරිසිදුව ගෙන ඒ මත බුලත් කොළ එළිය යුතුයි. බුලත් කොළ එළීමේදී විශේෂයෙන් බුලතේ මුල වට්‌ටියේ හෝ තැටියේ මැද වන්නටත්, බුලතේ කෙළවර මුදුන්වන්නට සේ සිටින සේ උඩ අතට තැබිය යුතු වෙයි. අනතුරුව මුඩ්ඩ සහිත පොල් ගෙඩියක්‌ සෝදා පිරිසිදු කර සඳුන් තිලක තුනක්‌ තබා වට්‌ටියේ මැද තැබිය යුතු වෙයි. බුලත් හයක්‌ ඇතුළු රවුමටද බුලත් දොළසක්‌ පිටරවුමටද තැබීම සම්ප්‍රදාය වේ. එයට ලදපස්‌මල්, මී පොරි හෝ කැකුළු සහල් එක්‌ වගයක්‌ අතුරු පානක චතුමධුර කැවිලි වර්ග පහක්‌ අලංකාරව තැන්පත් කටයුතු වන්නේය. එයටම බෙලි දොඩම් කෙසෙල් ඇතුළු පලතුරු වර්ග පහක්‌ තැඹිලි හෝ පැන් බඳුනක්‌ද තැබිය යුතු වේ.

මෙසේ සකස්‌ කර ගන්නා පූජා වට්‌ටිය පිරිසිදු රෙදි කඩකින් වැසීම කළ යුතු වේ. සුවඳ ද්‍රව්‍ය, අගිල් සැවන්දරා, කපුරු සහ පඬුරක්‌ පූජා වට්‌ටිය සමඟ පිදීම කළ යුතු වේ. දෙවියන් උදෙසා පූජාවක්‌ තැබීමේදී ගණ දෙවියන්ට පූජාවක්‌ මුලින් තැබීම සුවිශේෂී වෙයි. ඊශ්වර දෙවියන් විසින් මෙය ආඥවක්‌ ලෙස පනවා ඇතැයි වෛදික මතයක්‌ පවතී. මෙම නියමය පරිදි බැතිමතුන් මොන දෙවියන්ට පූජාවක්‌ තැබූවත් මුලින්ම ගණ දෙවියන්ට පූජාවක්‌ තැබීම නියමයයි. මේ අනුව මුලින්ම පූජා වට්‌ටියේ තබන ලද පොල්ගෙඩිය ගණ දෙවියන්ට හිමිවන බැවින් සහ පැන් බඳුන කඩවර දෙවියන්ට හිමිවන බැවින් ගණ දෙවියන්ට වෙනමම පූජාවක්‌ තැබීම අවශ්‍ය නොවේ.

(උපුටා ගැනීම රිවිර පුවත්පත)

වැටකේ මල් පූජාවේ බල මහිමෙන් රාහු අපල දුරුවෙනවද?

සෙනසුරුගෙන් නිතර නිතර කරදර විපත් ඇති වෙතැයි වැඩි දෙනා තුළ බියක් පවතී. රාහු සම්බන්ධයෙන් ද පුද්ගලයින් තුළ එවැනි බියක් පවතී. එසේ වුවද රාහු හැම අවස්ථාවකදී අයහපත් හෝ අශුභදායක තත්ත්වයෙන් ජන්මියාට විපත් නොපමුණුවනු ඇත. රාහු සිටි ස්ථානය, දශාව, සංයෝග දෘෂ්ටි අනුව විපත් කරදර ඇතිකරයි. මෙවැනි දේ ‘අපල’ වශයෙන් හැඳින්වේ. අනෙකුත් ග්‍රහයින්ගෙන් ඇති කෙරෙන අපල උවදුරු සේම රාහුගෙන් ඇති කෙරෙන අයහපත වෙනුවෙන් යම් යම් ආකාරයේ පුද පූජා හා පිළිවෙත් ඈත අතීතයේ පටන්ම පවතී. එබැවින් මෙම රාහුගේ අපල සම්බන්ධයෙන් සෙතක් ශාන්තියක් සලසා ගන්නේ කෙසේදැයි විමසා බලමු.

රාහු නියෝජනය කරනු ලබන්නේ වැටකේ වෘක්ෂය. එය වෙනත් වෘක්ෂ මෙන් හර ගණයට අයත් නොවේ. මෙම වෘක්ෂයට ආවතේව කිරීම හෝ පිරිමැදීම වඩාත් යෝග්‍යය. යම් යම් ආකාරයේ පූජාවලදී වැටකේ කොළ භාවිතයට ගැනීම වඩාත් සුදුසුය. වැටකේ මල් යම් යම් පූජාවන් සඳහා යොදා ගැනීම යෝග්‍යය. රාහුගේ අපල තත්ත්වය පවත්නා පුද්ගලයින් පදිංචි ස්ථානයේ වැටකේ වවා ගැනීම සුදුසුවන අතර ඊට හිරිහැර කිරීම යෝග්‍ය නොවේ.

සාමාන්‍යයෙන් මැණික් පැලඳීම විවිධ පුද්ගලයින් විසින් ඉටු කරනු ලබන්නේ එමගින් ලැබෙන ගුණාත්මක භාවයට වඩා අලංකාරය සඳහාය. එහෙත් රාහුගේ අපල අවම කර ගැනීම සඳහා ගෝමේද වර්ගයට අයත් වූ මැණික් පැලඳීමෙන් යම් යහපතක් සිදු වේ. අපල දුරුවේ. මැණික් පැලඳීමේදී එය බෙහෙවින්ම ශරීරයට ස්පර්ශ විය යුතුය. එසේ වූ විට මැණික් පැලඳීමේ ගුණය නිසි තත්ත්වයෙන් අත්පත් කර ගැනීමට පිළිවන.

මල් පූජා කිරීමේ කාර්යයට ආගම් භේදයකින් තොරව වැඩි දෙනකු සහභාගි වන්නේ එමගින් මනසට යම් සතුටක් ලැබෙන අතර පුණ්‍යකර්මයක් හෙයිනි. ග්‍රහ අපල දුරකර ගැනීම සඳහා මල් පූජා කිරීම යෝග්‍ය වූ පිළිවෙතකි. රාහුගේ අපල සඳහා සුදුසු සුවඳවත් වැටකේ මල් විශේෂිත වන්නේ වැටකේ වෘක්ෂය රාහු නියෝජනය කරනු ලබන හෙයිනි.
රාහුගෙන් සිදුවන අපල සම්බන්ධයෙන් බලියාග පැවැත්වීම ඈත අතීතයේ සිටම පැවත එන චාරිත්‍රයකි. වඩාත් යෝග්‍ය වන්නේ නාග රාක්ෂ බලිය හා රාක්ෂ බලියයි. රාහුගේ ගමන නිසා සිදුවන අපල උවදුරු සඳහා අසුරගිරි රකුසු බලිය බෙහෙවින් යෝග්‍යය. රාහු වැටකේ හා වෙනත් සුදු මල් වර්ග නියෝජනය කරනු ලබන හෙයින් වැටකේ සහිත සුදුමලින් සකස්කරන ලද මල්බලි මගින්ද අපල දුරුවේ.

විවිධ ග්‍රහයින්ගේ අපලයන් දුරුකර ගැනීම සඳහා යම් යම් දේවල් යම් පුද්ගලයන් උදෙසා ප්‍රදානය කිරීමෙන් සෙතක් ශාන්තියක් ඇති කෙරේ. රාහුගේ අපල පවත්නා පුද්ගලයින් ලෝහයෙන් සකස් කරන ලද විවිධ භාණ්ඩ, නාගරූප, ඝන නූලෙන් සකස් කරන ලද නීල වර්ණයෙන් යුක්ත රෙදි, ගෝමේද වර්ගයට අයත් මැණික් කාලවර්ණයෙන් යුක්ත එළුවන් හා අශ්වයන් ත්‍යාග වශයෙන් ලබාදීම හෝ පූජාකිරීම වඩාත් යෝග්‍යය.

ඖෂධ ජලයෙන් ස්නානය කිරීමෙන් රෝග සුවවන බව ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ දක්වා ඇත. එමගින් යම් සෙතක් ශාන්තියක් ලැබෙන අතර අපල සම්බන්ධයෙන් ඖෂධ ජලය ස්නානය සඳහා වඩාත් යෝග්‍ය හෙයින් ඇත්දත්, ඊතණ, තල, කොළොන්, තම්බාගත් ජලය ස්නානය කිරීමයි. දෙවියන් උදෙසා විවිධ පූජාවන් පැවැත්වීම අපල සම්බන්ධයෙන් යෝග්‍ය වූ පිළිවෙතකි. සිව දෙවියන් හා පාර්වතී වෙනුවෙන් පුද පූජා පැවත්වීම වඩාත් යෝග්‍යය. මෙම දෙවියන් වෙනුවෙන් නිතර වැටකේ මල් පූජා කරන්න. උක් සකුරු, සමන් පිච්ච, ඊතණ, එළකිරි පූජා කිරීම තුළින් රාහුගේ අපල දුරුකර ගැනීමට පිළිවන. සෙත්කවි ගායනය කිරීම මගින් යම් සහනයක් ලබා ගැනීමට පිළිවන. මෙසේ සෙත් කවි ඔප්පු කිරීම කළ යුත්තේ චන්ද්‍රයා පුර පක්ෂයේ බලවත් වූ කාල සීමාවන් තුළය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් එමගින් සහනයක් ලබාගැනීම සඳහා විෂ්ණු, කතරගම දෙවියන් උදෙසා සෙත් කවි ගායනය තුළින් යම් සෙතක් ලබා ගැනීමට පිළිවන. මෙම සෙත් කවි ඔප්පු කරන විට ප්‍රතිග්‍රාහකයා එම ස්ථානයේ සිටීම වඩා වැදගත්ය. එමගින් ලැබෙන ශාන්තිය වැඩි කෙරේ. විධිමත් ආකාරයෙන් සකස් කරගත් යන්ත්‍ර තුළින් වඩාත් උසස් ප්‍රතිඵලයන් අත්පත් කර ගැනීමට හැකියාව පවතී. මෙම යන්ත්‍ර සකස් කර ගන්නා තඹ තහඩු සඳහා යම් ප්‍රමාණයක් යකඩ මිශ්‍ර කිරීම වඩාත් සුදුසුය. රාහුගේ අපල සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ නාගර්ජනය යන්ත්‍රයයි. මෙම යන්ත්‍ර ශරීරයට ස්පර්ශ වන ආකාරයෙන් ගෙල පැලඳීම වඩාත් යෝග්‍යය. යන්ත්‍ර සකස් කිරීම හා පැලඳීම තම උපන් නැකතට සීහෙන ආකාරයෙන් සකස් කරගත යුතුය.

රාහුගේ අපල පවත්නා පුද්ගලයින් සුදු පැහැති තිර පූජාකිරීම වඩාත් සුදුසුය. මීට අමතරව සුදු මල්මාලා පූජා කිරීම යෝග්‍ය වන අතර ඒ සඳහා වැටකේ මල් කීපයක් හෝ යොදාගත යුතුය. රාහුගේ අපල පවත්නා පුද්ගලයින් අනතුරුදායක කටයුතුවල නිරතවන විට ඒ සම්බන්ධයෙන් වඩාත් හොඳින් ප්‍රවේශම් විය යුතුය. විදුලි උපකරණ භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. එවැනි තාක්ෂණික දේවල්වලින් අනතුරු වැඩිවීමේ ප්‍රවණතාව වැඩි කෙරේ.

අභිසම්භිධාන හෝ ජිනපංජරය වැනි පිරිත් සූත්‍ර දිනපතා සජ්ජායනය මගින් හා දේව ස්තේ‍රාත්තර ගායනය තුළින් අපල දුරුකර ගැනීමට හැකියාව පවතී. අපල කාල පවත්නා කාල සීමාවන් තුළදී පාපකර්මයන්ගෙන් වැළකීම වඩාත් යෝග්‍ය වන අතර ආගම ධර්මය අනුව කටයුතු කරනු ලබන්නේ නම් එමගින් යම් සහනයක් අත්පත් කරගැනීමට පිළිවන. ජලයේ වාසය කරනු ලබන සත්ත්වයන් වෙනුවෙන් උදේ කාලයේ ආහාර දීම වඩාත් යෝග්‍යය. එමගින් රාහු අපල දුරුකර ගැනීමට පිළිවන.

ප්‍රේමදාස කළුතන්තිරි
(උපුටා ගැනීම රිවිර පුවත්පත)