මේ ක්‍රමේට පාඩම් කරොත් ඔබටත් විභාගේ ඉහලින්ම සමත්වෙන්න පුළුවන්

පාඩම් කිරීමට දවසේ අසවල් වේලාව සුදුසු යැයි පැවසීම උචිත නොවේ. මක් නිසාද යත් දවසේ අවදිව සිටින සෑම මොහොතක්ම පාඩම් කිරීමට යොදාගත හැකි නිසාය. මේ අනුව බලන සලකා බලන විට පාන්දර මෙන්ම රාත්‍රියේද පාඩම් කිරීමෙහි වාසි ඇත. අප පාඩම් කළයුතු වේලාව තෝරාගත යුත්තේ අපට වඩා සුදුසු යැයි හැගෙන කාලයයි. එමෙන්ම අලූයම 4 – 6 හෙවත් බ්‍රහ්මණ වේලාව ඕනෑම විෂයක් පාඩම් කිරීමට සුදුසු ලෙසත්, රාත්‍රි 11 – 4 නින්දට සුදුසු ලෙස හඳුන්වයි. එහෙත් සමහර ශිෂ්‍යයන් පාඩම් කිරීමට නැකත් උදාවන තුරු බලා සිටී. පාඩම් කිරීමට නියමිත වේලාව උදාවන තුරු සිටීම නොකළ යුත්තකි. පාඩම් කිරීමට වේලාවක් ලැබුණ විගස පාඩම් කිරීම ආරම්භ කළ යුතුය.
’බලා සිටින්න එපා` හිරි වේලාව කිසිවිටෙක උදා නොවෙයි. හරි වේලාව නම් අපට කි්‍රයා කල හැකි වේලාවයි. අදම පටන් ගන්න. ඔබ හිටගෙන සිටින තැනදීම පටන් ගන්න.

ශිෂ්‍යයන් පිරිසක් රෑ නිදි මරා පාඩම කරන විට තවත් පිරිසක් පාන්දරම අවදි වී පාඩම් කරයි. මීට අමතරව දවල් කාලයද පාඩම් කිරීමට යොදාගත හැකිය. එහෙත් බොහෝ දෙනා එම කාලය අමතක කර දමන්නේ පාසල් හා ටියුෂන් යාම නිසාය. ටියුෂන් හා පාසලට සැලකිය යුතු තරම් කාලයක් වැයවන මුත් එම කි්‍රයාවලි දෙකට අමතරව ඉතිරි වන කාලයක් අධ්‍යාපනය සඳහා යොදා ගැනීම කළ හැකි මුත් බොහෝ දෙනා එම කාලය අතහැර දමයි. මෙසේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන මංගලගේ දින චර්යාව සලකා
බලමු.

5.00 ට අවදි වීම, 5.00 – 6.00 පාඩම් කිරීම, 6.00- 6.30 පෙර සුදානම් වීම, 6.30 – 8.00 පාසලට ලඟා වීම, 8.00 – 2.00 පාසල් කාලය, 2.00 – 3.00 පන්තියට ලඟා වීම, 3.00 – 6.00 පන්ති කාලය, 6.00 – 7.00 නිවසට ලඟා වීම, 7.00 – 9.00 වෙනත් කටයුතු, 9.00 – 12.00 පාඩම් කිරීම

මේ කාල සටහන අනුව පෙනෙන්නේ මංගල ප්‍රධාන වශයෙන් පාඩම් කරන්නේ රාත්‍රි කාලයට බවත්, ඔහු දිනකට පාඩම් කරන්නේ පැය 4 ක් පමණක් බවත්ය. එහෙත් ඔහු සත්‍ය වශයෙන් පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාලය වැඩි වශයෙන් පාඩම් වැඩවලට යොදාගන්නේ කෙසේදැයි බලමු.

මංගල 6.00 සිට 6.30 දක්වා කාලය තුල සාමාන්‍යයෙන් පිරිසිදු වීම, පාසල් යාමට සුදානම් වීම හා ආහාර ගැනීම සිදුකරයි. එමෙන්ම ඔහු එම කාලය තුළ පාඩම් කිරීම සිදු කරයි. මංගල සාමාන්‍යයෙන් පාසල් යන්නේ බස් රථයෙනි. එහිදීද ඔහු කෙටි සටහන් පාඩම් කරයි. උදෑසන බස්වල ඇසෙන Nonstop සින්දු ඇසීමට වඩා එය සෑම අතින්ම ඵලදායි කටයුත්තකි. බස් රථයේදී බැලීමට කෙටි සටහන් අඩංගු කුඩා කාඩ් පතක් සාක්කුවේ රඳවාගෙන යෑම ඔහුගේ පුරුද්දකි.

මංගල පාසලේදී ද ලැඛෙන සෑම කෙටි විවේකයකදීම කෙටි සටහන් කියවීමට හෝ ගණනක් දෙකක් සෑදීමට අමතක නොකරයි. විවේක කාලයදී පවා ඔහුගේ හා මිතුරුකැලගේ මාතෘකාව වශයෙන් තෝරා ගත්තේ අධ්‍යාපනික කරුණකි. තවද ඔහු ආහාර ගන්නා විට නිතරම වාගේ ඔහු ඉදිරියෙන් කෙටි සටහන් හෝ ක්‍රියාත්මක කළ කැසට් රෙකෝඩරයක් දැකිය හැකිය. මෙසේ බැලු කල සාමාන්‍යයෙන් මංගල දිනකට පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාල සටහනට අනුකූලව වැඩ කිරීම උචිත වුවත් එයටම ඇබ්බැහිවීම අවශ්‍ය නොවේ. සමහර අවස්ථාවල එය අවස්ථානුකූලව වෙනස් කර ගතයුතු වෙයි.

මංගල පාසල් නිමකර පන්ති ගොස් එනවිට රාත්‍රි 7.00 පමණ වන අතර එවිට ඔහුට ගමන තෙහෙට්ටුව නිසා රාත්‍රියට පාඩම් කිරීම අපහසු වූ අවස්ථා ඇත. එවැනි අවස්ථාවලදී ඔහු වේලාසනින් නින්දට ගොස් එම අතපසු වූ වේලාව ආවරණය කිරීමට පසුදා වේලාසනින් නැගිට කෙසේ හෝ ඔහු දිනකට පාඩම් කරන පැය ගණන නොවෙනස්ව තබා ගනී. එමෙන්ම ඔහු සාමාන්‍යයෙන් නින්දට යාමට පෙරද පටිගත කරන ලද කැසට් පට ශ්‍රවණය කරයි.

මංගල එක දිගට පාඩම් කරන්නේ රාත්‍රි කාලයටයි. (රාත්‍රි 9 – 12) අතර සමහර ශිෂ්‍යයෝ මෙසේ රාත්‍රියට පාඩම් නොකර පාන්දර නැගිට පාඩම් කරති. පාන්දරට පාඩම් කරන විට හොඳට මතක හිටින බවට සමහර ශිෂ්‍යයෝ පවසති. එමෙන්ම පාන්දර මොළයට යමක් ශ්‍රවණය කරගැනීමේ තීව්‍රතාව අධික බව සොයාගෙන ඇති නිසා ඉහත කරුණු සත්‍ය බව සිතිය හැකිය. එහෙත් නිමල් වැනි පළමුවර විභාගයට මුහුණදෙන ශිෂ්‍යයන්ට රාත්‍රියට නිදිවරා පාඩම් කිරීමට වඩා උදෑසන පාඩම් කිරීම යෝග්‍ය වෙයි.

එයට හේතුව වන්නේ දහවල් කාලයේ පාසල් ටියුෂන් ගොස් මෙහෙස වී සිටින විට ඉක්මනින් නිදිමත පැමිණීමයි. මෙයින් රාත්‍රියට පාඩම් නොකල යුතු බවට අදහස් නොකෙරේ. රාත්‍රියට තමන්ට හැකි වේලාවක් පාඩම් කළ යුතුය. කෙසේ වුවත් රාත්‍රියට හෝ කිසියම් වේලාවකදී “නිදි මරගාතේ” පාඩම් කිරීම නොකළ යුතුය. නිදිමත, ප්‍රබලව දැනෙන්නේ නම් එයට ඉඩදිය යුතුය.

විභාගය ළංවන විට බොහෝ දෙනා විභාගය ලංවන විට නිදිමතේ ඔලූව කඩා වැටෙද්දී නැවත නැවත පාඩම් කරයි. සමහරු කකුල් දෙක වතුර බේසමේ දමාගෙන පාඩම් කරයි. ඒවා එතරම් ඵලදායි නොවන බව පැවසිය යුතුයි. නිදිමත පැමිණෙන විට මුහුණ සේදීම හෝ කෙටි ව්‍යායාමයක් කිරීම, කෝපි කෝප්පයක් බීම වැනි ක්‍රම තුළින් නැවත ප්‍රකෘති තත්වයට පැමිණීමට හැකිවේ. එසේ කර නැවත පාඩම් කළ හැකිය. කෝපි පානය කිරීම තුළින් එහි ඇති කැෆෝන් නම් උත්තේජකය නිසා ප්‍රබෝධජනක තත්වයක් ඇතිවීම එයට හේතුවයි. එහෙත් එයින් අහිතකර තත්වයන්ද ඇති විය හැකිය. දිනකට ශරීරයට දරාගත හැක්කේ කැෆෝන් මිලි.ග්. 600 කි. එක් කෝපි කෝප්පයක කැෆෝන් ග්. 100 ක් ද තේ කෝප්පයක කැෆෝන් ග්. 60 ක්ද පවතී. දිනකට ශරීරයට දරා ගත හැකි කැෆෝන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වුවහොත් අමතර කැෆෝන් මගින් ශරීරයේ ශක්තිය අඩපණ කරයි.

එහෙත් මුලසිටම ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු කළ අයෙකුට මෙසේ වැඩි වේලාවක් නිදි වැරීමේ අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. තවද උදෑසන පාඩම් කිරීමට අවදිවීම තුළින් පාසල් යාම පෙර පිරිසිදු වීම වැනි කටයුතු ද මනා ලෙස ඉටුකර ගත හැකිය. එයින් පාසැලට ප්‍රමාදව පැමිණීමද වළක්වා ගත හැකිය.

රාත්‍රි පාඩම් කිරීමේද වාසි පවතියි. ශිෂ්‍යයෙකු පාඩම් කළ පසු එම කරුණු නින්දේදී හොඳින් මතකයේ තැන්පත් වන බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් පවසයි. එහෙයින් රාත්‍රියට පාඩම් කරන ශිෂ්‍යයාට නින්දේදී පාඩම් කළ කරුණු හොඳින් අවධාරණය වෙයි. “අද කළ යුත්තේ අද කළයුතු දෙයයි.”

-දිලාන් ද සිල්වා-
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)