හුලංකීරිය අල තම්බලා කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරනවා

අපේ රටේ වතු කෘෂිකර්මය සුද්දන් විසින් ආරම්භ කළත්, උන්ට අවශ්‍ය වුණු වැඩ කාරයන් , කම්කරුවන් සොයා ගැනිමට නොහැකිවුනේ ඇයි? අපිට රටේ හිටපු මුතුන්මිත්තන්ට කිසිම ආකාරයක ආහාර හිඟයක් නොමැති වූ නිසා ය . ඉංග‍්‍රීසීන් මෙරටට පැමිණි අවදියේ අප රට තිබූ තත්ත්වය සම්බන්ධ ව ඔවුන් පළ කළේ මෙබඳු අදහස්ය.

“ඉතාම පහසුවෙන් තම ගෙවත්තෙන් සහ අවටින් ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබිය දී වතුවල කුලීකාරයන් වශයෙන් සිංහලයන් සේවයට යාමට කැමති වන්නේ නැත. තම ගෙවත්තේ ඇති බෝගවලින් කිසිදු ආයාසයකින් තොරව මෙහි ගැමියනට තම පවුල් නඩත්තු කර ගැනීමට හැකියාව ඇත.” (Ceylon and the Cingalese – P130, Henry Charles Sirr-1850)ඉතින් මම හිතුවා අපේමේ පරගැති බව ටිකක් අඩු වෙලා යන්නත් එක්ක .අප ගේ දේශීය අල වර්ග ගැන ටිකක් මතක් කළොත් හොඳයි කියලා.

නම ඇහුව ගමන් නිකන් පාවෙන ගතියෙන් තිබ්බාට මොකද හුලංකීරිය කියන්නේ සුපිරි කෑමක් ,ඉස්සර අපි කැලෑගානේ රිංගන කාලේ හරි ජනප්‍රියකෑමක් තමයි හුලංකීරිය. සුදුපාට පොඩි අලයක්. සමහර දවස්වල මම පොලෙත් දැකලා තියෙනවා. දැන් අය නම් හුලං කීරිය කන්නේ තම්බලා උනත් අපි නම් ඒ කාලේ කෑවේ අමුවෙන්මයි. හෝදන්නෙත් නෑ. ගලවලා වැලි ටික පිහලා එහෙම්මම කනවා. වැඩියෙ මෝරපු නැති හුලංකීරිය අල කිරිම කිරි රහයි. හැබැයි පරිස්සම් වෙන්න ඕන නියඟලා අල හුලංකීරිය අලේට ටිකක් සමානයි. ඒ වගේමයි සුදු බතල අලේත් නියඟලා අල වගේමයි. හැබැයි දන්න කෙනාට මේක අඳුන ගන්න අමාරැ නෑ. හුලං කීරිය කියලා නියඟලා අල කෑවොත් සොරිම තමයි හොදේ.

හුළංකීරිය කියන්නේ නිකම්ම නිකන් කෑමක් විතරක් නෙමෙයි බොහොම වටින ඖෂධයක් Atorvastatin Fluvastatin,Lovastatin,Pitavastatin
Pravastatin ,Rosuvastatin,Simvastatin මගේ අම්මෝ අපේ කට්ටිය බොන පෙති කරල් තොගේ .කොලොස්ට්‍රෝල් නැති එකෙක් හොයාගන්න බෑ හත් දෙයියනේ අපේ මුතුන්මිත්තන්ට ඔය මඟුල් තිබ්බෙ නෑ නොවැ .

ඒ විතරක් නෙවේ හුලංකීරිය ශරිරයේ අම්ල ගතිය මර්ධනය කරයි. අජීර්ණය සුව කරයි. ස්ථුල බව අඩු කරයි. දියර ස්වභාවයෙන් මළ පිටවීම පාලනය කරයි. ලේ සීිදං පහවන අතීසාරය සුව කරයි. අර්ෂස් සුව කරයි. ළදරු ආහාරයක් ලෙසත්, සුව වූ රෝගීන්ට දෙන බර අඩු ආහාරයක් ලෙසත් නිර්දේශිත අල වර්ගයක් වෙනවා .ඒ විතරක් නෙමෙයි අජීර්ණ ,මුත්‍රා අඩස්සි ,වලිප්පුව,උණ,කැස්ස ,හමේ රෝග ,ශ්වාසනාළ ප්‍රදාහය ඇති වීම ,හෘද රෝග වගේ කුඩා හා හා ලෙඩ රෝගවලට හුලංකීරිය දිව්‍ය ඖෂධයක් .ඉස්සර කාලෙ අපේ පැතිවල වලිප්පුව හැදුණු ළමයින්ට හුලංකීරිය අල කොටලා ඉස්ම දෙනවා එහෙමත් නැත්නම් තම්බල කන්න දෙනවා .දැන් ඉතින් ඔය හැම තැනම තියෙනවා වගේ ආහාර විස වීමක් උනොත් හුලංකීරිය අල යුෂ බොන්න දෙනවා නම් ඉතිං ඊට වඩා වෙන දෙයක් නෑ .

කලටි පොල් ටිකක් ගාලා හුලංකීරිය අල ටිකක් තම්බලා කන්න දෙනව නං ඉතිං ඔය දැන් හැම තැනම තියෙන ගැස්ටික් එහෙමත් නැත්නම් අම්ලපිත්ත රෝගය එහෙම නැත්නම් බඩවැල්වල ඇති වන තුවාල,මලබද්ධය වගේ කරදරකාර ලෙඩ ඉතින් ඉවරටම ඉවරයි ඕං .

ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි තිබෙන ඉඩ උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හුලංකීරිය වගා කිරීම යෝජනා කරමි.ඔයාලගේ ඉඩමේ මායිමට වෙන්න ටිකක් උසට හිටින්න පස් පුරවලා පාත්ති ටිකක් හදා ගත්තොත් හුලංකීරිය වවාගන්න ඉතින් ඊට වඩා වෙන තැනක් නෑ .මාස කිහිපයකින් ම හොඳ අස්වැන්නක් අරගෙන ඔබගේ කුටුම්භයේ මෙනුඑක පෝෂණීය කිරීමට ලැබෙන හොඳ අවස්ථාවක් මේක.

ඔන්න එහෙනම් මගේ හුලංකීරිය වර්ණාව ඉවරයි .කල්පනා කරල හොඳට හිතලා බලලා ඔයාලගේ වත්තේ හොඳ තැනක මායිමක.හුලංකීරිය පඳුරක ටත් ඉඩක් තියේනම් වෙන් කරමු .නැවත වතාවක් දේශීය අල වර්ගයක් සමඟ සමග අපි නැවත හමුවෙමු .එතෙක් ඔබට සුභ සති අන්තයක් වේවා.

තෙරුවන්ගේ සරණයි උදිත් නිරෝෂන කුලසූරිය
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)