සන්ධිවල ඇතිවන වේදනාව නැති කරගන්න ගෝවා වලින් විශ්මිත ඔසුවක් හදන හැටි

සන්ධි ආශ්‍රිත වේදනාවන් හා රෝගී තත්ත්වයන් වර්තමානයේ අපට බහුලව අසන්නට ලැබෙනවා. බොහෝ සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන් හට ගැනීම ආරම්භ වෙන්නේ වයස අවුරුදු 35 -40 කියන වයස් සීමාවේදී. කාර්යාල තුල එකම ඉරියව්වෙන් දවසම වැඩ කරන පුද්ගලයින් ඉක්මණින්ම සන්ධි වේදනා වලට ගොදුරු වෙනවා. සන්ධි රෝගයකදී බහුලව දැකගත හැකි ලක්‌ෂණ වන්නේ දණහිස, වළලුකර, මැණික්‌ කටුව, උකුල සන්ධිය ආශ්‍රිත සහ සෙසු කුඩා සන්ධි ආශ්‍රිත එනම් ඇඟිලි පුරුක්‌ සහ කොඳුඇට පුරුක්‌වල ඇති වන වේදනාවයි. කාන්තා පුරුෂ භේදයකින් තොරව හටගන්නා මේ පීඩාකාරී රෝගී අවස්ථාවන් වලදී බොහෝ දෙනා සිදුකරන්නේ, වේදනාව තාවකාලිකව සමනය කර ගැනීම සඳහා බාම් වර්ගයක් හෝ වේදනා නාශක පෙති භාවිතා කිරීමයි‍. නමුත් සන්ධි වේදනාවන් ආරම්භයේදීම නිසි ප්‍රතිකාර නොකිරීමෙන් පසුකාලිනව රෝගය උත්සන්න වීම සිදු වෙනවා. මෙම නිසා සන්ධි වේදනා පළමුව හදුනාගත මොහොතේම ප්‍රතිකාර සදහා යොමු වීමට අමතක කරන්න එපා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ ගෝවා භාවිතයෙන් සන්ධි වේදනා වලට සාර්ථක ලෙස ප්‍රතිකාර කර ගත හැකි ක්‍රමයක් ගැන.

ගෝවා තුල විටමින් K , විටමින් C හා පොටෑසියම් අඩංගු වෙනවා. ඒ වගේම ගෝවා ශරීරය නිවාලන ගුණයෙන්ද පොහොසත්. තවද විවිධ වර්ගයේ පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාවද ගෝවා සතු වෙනවා. කිරි දෙන මව්වරුන් හට, තම පියයුරු මත ගෝවා කොළ තබා ගැනීමෙන් හෝ ගෝවා යුෂ ආලේප කිරීමෙන් පියයුරු ඉදිමීම හා පියයුරු වේදනාව සමනය කර ගන්නට පුළුවන්. ගෝවා මගින් ලබා ගත හැකි සෞඛ්‍ය වාසි මෙපමණකින් සීමා වන්නේ නෑ. අද සමාජයේ බොහෝ දෙනෙකු පිඩා විදින සන්ධි වේදනාව සදහා සුවයක් සලසා ගැනීමටද ගෝවා යොදා ගත හැකි බව ඔබ මීට පෙර අසා නැතුව ඇති. හරි අපි දැන් බලමු ගෝවා භාවිතා කරලා සන්ධි වේදනාව සුව කර ගන්නේ කොහොමද කියලා.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
කාබනික පොහොර පමණක් යොදා වගා කල ගෝවා ගෙඩියක්, ගෝස් කැබලි හෝ වෙළුම් පටි, අවන් එකක්, රෝලින් පින් එකක් හෝ හිස් වයින් බෝතලයක්, ආහාර ඇසුරුම් කිරීම සදහා යොදා ගන්නා ඇලුමිනියම් කොළ. මේ ඇලුමිනියම් කොළ එහෙම නැත්තම් ඇලුමිනියම් ෆොයිල් ෆුඩ් සිටි වල ගන්න තියෙනවා.

බෙහෙත් වට්ටෝරුව සකස් කර ගන්නේ මෙහෙමයි
මුලින්ම ගෝවා ගෙඩියේ පිටත කොළ කිහිපය ඉවත් කර හොදින් සෝදා ගන්න. වතුර ගතිය යනතුරු හොදින් වියලා ගෙන , ගෝවා ගෙඩියේ මැද ඝන කොටස ඉවත් කර ගන්න දැන් ගෝවා කොළ කිහිපයක් එකවර ගෙන , ලැල්ලක් මත තබා , වයින් බෝතලය ආධාරයෙන් හොදින් තලා ගන්න. ඒ කියන්නේ ගෝවා කොළ වලින් යුෂ එලියට පැමිණෙන ආකාරයෙන් වයින් බෝතලයෙන් රෝල් කරන්න. දැන් ඇලුමිනියම් කොලයක් ගෙන එසේ තලා ගත් ගෝවා කොළ කිහිපය එහි ඔතා අවන් එකේ දමා විනාඩි කිහිපයක් රත් කර ගන්න. මෙහිදී අවශ්‍ය වන්නේ ගෝවා කොළ මදක් උණුසුම් කර ගැනීමට පමණයි. අධික ලෙස රත් කරන්න එපා. දැන් උණුසුම් ගෝවා කොළ වේදනාව දැනෙන ස්ථානයේ තබා ගෝස් කැබලි හෝ වෙළුම් පටි ආධාරයෙන් හොදින් වෙලන්න. පැය 2ක් පමණ තිබෙන්නට හරින්න. පසුව ඉවත් කරන්න. ඔබට හැකි නම් මෙය දිනකට දෙවරක් සිදු කරන්න. මේ ප්‍රතිකාරය නොකඩවා සති 4ක කාලයක් සිදු කල යුතු වෙනවා. මෙහි පුදුම හිතෙන කාරණය නම් පසු දින සිටම ඔබට ප්‍රතිපල අත්විදින්නට හැකි වීමයි. ගෝවා කොළ තැබූ පසු ඔබට කැසීමක් වැනි දෙයක් ඇති වනවා නම් වහාම ගෝවා කොළ ඉවත් කරන්න. එහි තේරුම ඔබගේ ශරීරය මෙම සත්කාරයට ප්‍රතිවිරුද්ධතාවයක් දක්වන බව. නමුදු එසේ සිදු වන්නේ ඉතාම කලාතුරකින් නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. කොහොමත් ස්වභාවික සත්කාර අපේ ඇගට කිසිම ලෙසකින් හානියක් කරන්නේ නෑ.

ගෝවා තුල අඩංගු වන ඇන්තොසයිනින්ස් , ශාක පෝෂක සහ ග්ලුටමින් වැනි සංයෝග , සන්ධි වේදනා සමනයට හා ආතරයිටිස් වැනි රෝග වලට ඉතාම ගුණදායකයි. මෙන්න මේ නිසයි ගෝවා ආධාරයෙන් මෙවැනි බෙහෙත් වට්ටෝරුවක් නිර්මාණය කිරීම සදහා ආයුර්වේදී වෛද්‍යවරුන් පෙළඹිලා තියෙන්නේ. ඇත්තෙන්ම කියනවා නම් ගෝවා කියන්නේ සොබාදහමෙන් අපිට නොමිලේම දායාද කරපු තවත් එක් වැදගත් රෝග නිවාරකයක්.

අපි හැමදාමත් ඔබව මෙවැනි ස්වාභාවික දේවල් භාවිතා කරලා. රෝග නිවාරණය කර ගන්නා ආකාරය පිලිබදව කියා දෙනවා. ඇත්තෙන්ම ඕනෑම දරුණු රෝගයක් සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව ඇත්තේ සොබා දහමට පමණයි කියලත් අපි තදින් විශ්වාස කරනවා. ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තනා ගන්නා බෙහෙත් සෑම විටම කෘතීම බටහිර බෙහෙත් වලට වඩා පලදායක වන්නේ ඒ නිසයි. ඉතින් ඔබත් මෙම බෙහෙත වට්ටෝරුව සකස් කර භාවිතා කරන්න. ඔබේ මිතුරන් ආදරණියන්ටත් දැන ගන්න මෙම වීඩියෝව ශෙයා කිරීමට කාරුණික වන්න.

තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම පහල රතු පාට සබ්ස්ක්‍රයිබ් බොත්තම ඔබලා විශ්ම ලෝකය යුටියිබ් නාලිකව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අලුත් විදියෝවකින් හමු වෙමු. ඔබට නිරෝගිමත් අනාගතයක්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)