ඇසේ සුද ඉවත්කර ගන්න කරුංකා වලින් හදාගන්න පුළුවන් ඉපැරණි හෙළ ඔසුවක්

ඇසේ ඇතිවෙන සුද අද සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගී තත්වය නිසා දුක් විඳින විශාල පිරිසකගේ හිතසුව පිනිස මෙම හෙළ ඔසුව ඔබ වෙත ගෙන එන්නෙමග ඔබ දන්නා අයට මෙය කියාදී ඇස් දන්දුන්නා හා සමාන පුණ්‍ය කර්මයකට දායක වන්න.මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ අප කල්‍යාණ මිත්‍ර වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි ප්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.

ඇසේ සුද නැමති රොග තත්වය ඇති වන්නේ ශරීරයේ සෙම විශ විම නිසාය. මෙම තත්වය ශරීරයේ ඇති ඉතාම සංවේදී ඉන්ද්‍රය වන ඇසට ඉතා ඉක්මනින්ම බලපායි. මෙම තත්වයට හේතු වන්නේ අප ගන්නා ආහාරවල සහ පරිසරයේ ඇති විෂ ශරීර ගත වූ පසු ඒවා නිසායාකාරව ශරීරයෙන් බැහැර කිරීමට අපොහොසත් වීම නිසාය. අවසානයේ මෙම තත්වයටද හේතු වන්නේ අපගේ බහිශ්‍රාවීය පද්ධතිය අකර්මණ්‍ය වීමයි. පෙර වෛද්‍යවරුන් කිසියම් බෙහෙතක් රෝගියෙකුට ලබාදීමට පෙර විරේක කිරීම සිදුකලේ මේ හේතුව නිසාය. කෙසේ නමුත් දැන් සියල්ල සිදුවී හමාරය’ අපට ඇත්තේ මේ සිටින තැනින් ඉදිරියට යෑමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය.

ඇසේ සුද ඇති වීමට ඉහත කී සෙම විෂ වීමට අමතරව තමා විසින් පෙර කල කර්ම, හතලිස් ඇඳිරිය, වයසට යෑම නිසා ඇතිවන අන්ධ භාවය වැනි දේ ද හේතු විය හැකිවේ. කෙසේ නමුත් සියයට 50 කට වැඩි පිරිසකට මෙම තත්වයට හේතු වන්නේ සෙම විෂ වීම යි. කෙසේ නමුත් අප මෙහිදී ඉදිරිපත් කරන ඖෂධය මේ මොනයම් හෝ හේතුවක් නිසා හෝ පෙනීමේ දුර්වල තාවයක් ඇති අයෙකුට වුවද පාවිච්චි කලාට අගුණයක් නැත. සියළු දෙනාටම මෙයින් සහනයක් වනු නිසැකය. මේ සඳහා අවශ්‍ය ඖෂධ වන්නේ ලෙලි ගසා ගත් කරුංකා ගෙඩි කිහිපයක් පමණි.

සාදන ආකාරය
හොඳින් පදම් වූ යකඩ කබලක් සොයාගන්න. ගෙවල් වල තියෙන පරණ තාච්චියක් වැනි දෙයක් සුදුසුයි. කබල රත්වෙන්නට තබා කරුංකා ගෙඩි කිහිපය එයට දමා ගිණිියම් වන තුරු සිටින්න. කරුංකා ගෙඩි ගිණියම් වූ පසු බිමට බා ගන්න. දැන් නිවෙන්නට තබා පසුව හොඳින් කුඩු කර ගන්න. මෙම කුඩු පිරිසිදු බෝතලයක දමා වසා තබන්න.

පාවිච්චි කරන ආකාරය
රාත්‍රී නින්දට යන්නට පෙර කකුල් දෙක හොඳින් සෝදාගන්න. අප කලින් සාදාගත් කරුංකා අඟු‍රු තේ හැඳි භාගයක් පමණ ගෙන රෝගියාගේ සුද ඇත්තේ වම් ඇසේ නම් දකුණු කකුලේද, දකුණු ඇසේනම් වම් කකුලේද මාපටැඟිල්ලේ මුලට තබා රෙදි කඩකින් බඳින්න. කකුල් දෙකේම මාපට ඇඟිලි වලට බැන්දාට වරදක් නැත. මෙය පසුදා උදෑසන වන තුරු තබා ගලවා දමන්න.

ඇසේ අතිවන සුදට කකුලට වෙදකම් කරන්නේ ඇයි දැයි කෙනෙකුට පැණයක් මතුවිය හැකිය. අසේ ඇති ස්නායු වලට සම්බන්ධ නිල කකුලේ මාපට ඇඟිලි තුඩු වල ඇත. එසේම වම් ඇස සම්බන්ධවන්නේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. දකුණු ඇස සම්බන්ධ වන්නේ වම් කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. මේ ආකාරයට මාස තුනක් පමණ දින පතා රාත්‍රියට මෙම සත්කාරය කරන්න. වෙනස ඔබටම දැනගත හැකිය. මෙම ඉපැරණි ඔසුව මගින් කරන්නේ කකුලේ ඇති නිල හරහා ඇසේ පටල වෙත අඟු‍රු වල ඇති විෂ නසන සුළු ශක්තිය ගෙන යාමයි’ එමගින් ඇසේ පටල වල ඇති විෂනසා ඇස නීරෝගී මත් කිරීම මෙමගින් සිදුවේ.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)