ඇවිද ගන්න බැරි රෝගීන් ඇවිද්දවන වැලිගම වෛද්‍ය එච්. ඒ. මදනායක

ඇවිද ගන්න බැරි ශරීරයේ සාමාන්‍ය චලනයක්‌ සිදු කරන්න බැරි කාන්තාවක්‌. ඇගේ වයස අවුරුදු 40 ඉක්‌ම ගිහින්. ඇගේ කොඳු ඇට පෙළ පරීක්‍ෂා කිරීමේදී වැටහෙනවා ඒවායේ තැන් තැන්වල පිපුරුම් තිබෙන බවත්, ඒ නිසා කොඳු ඇට පුරුක්‌ අතර හටගෙන තිබෙන තෙරපීමක්‌ හටගෙන සුෂුම්නාව පීඩනයට පත් වී ඇයට ඇවිද ගන්න බැරිව තිබෙන බවත් ඔබ අවබෝධ කර ගන්නවා.

වෛද්‍ය එච්. ඒ. මදනායක – ඔව්. මා ළඟට ඇය ගෙන එන විට නිදා සිටින තැනින් නැගිටලා කෙලින් ඉඳගන්නවත් ඇයට බැහැ. ඒ නිසා ඇය ඇවිද්දවීමේ අභියෝගයට වඩා ඇය නැගිට්‌ටවීමේ අභියෝගය තමයි මුලින්ම අප ඉදිරිපිට තිබුණේ. කෙනෙක්‌ ඇඳක නිදා සිටින විට හෝ හාන්සි පුටුවක වැතිර සිටින විට හෝ නැගිටින්නේ ශරීරයේ උඩුකය මගින් යොදන ආයාසයෙන්. ඒ ආයාසය පිළිබඳ පණිවුඩය සුෂුම්නාව මගින් කොඳුඇට දිගේ පහළට යන්න ඕනෑ. හැබැයි සුෂුම්නාව තෙරැපිලා තිබෙනවා නම් ඒ සංඥාව යන්නේ නැහැ. සුෂුම්නාව බෙල්ල කිට්‌ටුවෙන් තෙරපිලා නම් සංඥාව යන්නේ ඒ ටික දුර විතරයි. එතකොට ඔළුව හොළවන්න පුළුවන්. ඇඟේ ඉතිරි හරිය හොලවන්න, මා වෙත ගෙනාව. රෝගී කාන්තාවගේ බෙල්ලට ටිකක්‌ පහළින් කොඳු ඇටයේ පිපිරුමක්‌ තිබුණා. පිට මැදට වෙන්නට තව පිපිරුමක්‌ තිබුණා. ඊළඟට ඉනට සමාන්තරව තුන්වැනි පිපිරුම. මේ පිපිරුම් සියල්ල සිදු වෙලා තිබුණේ කුඩා කාලයේදී ඇය ඇද වැටීම නිසයි. වැඩිහිටියන් කොන්දේ තෙල්ගෑවා මිසක ඒ කාලයේදී මේ ගැන සැලකිලිමත් වුණේ නැහැ. පසුව පිපිරුම වර්ධනය වෙලා ඇට පුරුක්‌ අතර තිබෙන කාටිලේජවලට හානි වුණා. ඇයට ගෙලෙන් පහළ සොලවා ගන්නට බැරි වූයේ ඒ නිසයි.

ප්‍රශ්නය – මේ කාන්තාව සුවකිරීම ඔබට අභියෝගයක්‌ වුණාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක – හැම වෛද්‍යවරයකුටම තමා ඉදිරිපිට ඉන්න රෝගියා අභියෝගයක්‌. රෝගියෙක්‌ වෛද්‍යවරයා ඉදිරියට එන්නේ සනීප වෙලා නොවෙයි. රෝගියකු විදියටයි. ඔහු හෝ ඇය සුවපත් කිරීම තමයි වෛද්‍යවරයාගේ අභියෝගය. කොඳු ඇට පෙළේ ආබාධ නිසා ඇවිද ගන්න බැරි කාන්තාවක්‌ මා මීට පෙරත් සුවපත් කර තිබුණා. එහෙත් මේ කාන්තාවගේ එක්‌ස්‌ කිරණ වාර්තා සහ රෝගී නිශ්චය පත් පරීක්‍ෂා කරනවිට මට තේරුම් ගියා කාරණය ටිකක්‌ අමාරු බව. මා මුලින්ම අවධානය යොමු කළේ ඇය ඇවිද්දවීම නොව සයනය මත හිඳවීම ගැනයි.

ප්‍රශ්නය – මේ සඳහා ඔබ දීපු ඖෂධවල අඩංගු මොනවාද?
වෛද්‍ය එම්. ඒ. මදනායක – මා මෙයට පෙරත් ඔබට කියා තිබෙනවා අපේ පරම්පරාවේ බෙහෙත් සංකීර්ණ නැහැ. කසායකට තිබෙන්නේ බෙහෙත් ජාති තුන හතරයි. අපි බෙහෙතේ ගුණාගුණ හදාගන්නේ එයට යොදන ඖෂධවල බර වෙනස්‌ කිරීමෙන් ඒ කියන්නේ කසායකට ඖෂධ හතරක්‌ තිබෙනවා කියලා හිතමු. මෙයින් පළමුවැනි ඖෂධය කළඳක්‌ ගන්නකොට දෙවැනි ඖෂධය කලං එකහමාරක්‌ හෝ කලං 5 ක්‌ විය හැකියි. තුන්වන ඖෂධය කලං භාගයක්‌ විය හැකියි. ඉතින් පෙර කී රෝගී කාන්තාවට මා මුලින්ම තෙලක්‌ ගෑවා. එය ගොඩපර මුල්කරගත් ඖෂධයක්‌ Dillenia retusa ලෙස හඳුන්වන ගොඩපර ශාකය උණ, ස්‌නායු පද්ධතියේ ආබාධ, මුඛ රෝග, ඇඟ කෙට්‌ටුවීම, නොසංසිඳුන පිපාසය, කැස්‌ස, පපුවේ සහ බඩේ දැවිල්ලට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌. හෘදය සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමටත් හිසකෙස්‌ වර්ධනය කිරීමටත් ගොඩපර ඉස්‌මවලට පුළුවන්. මේ හැමටම වඩා දිරාගිය අස්‌ථි වර්ධනය කිරීමටත් කාටිලේජ වර්ධනය කිරීමටත් ගොඩපරවලට හැකියාව තිබෙනවා. මේ අවසන් කාරණය පාරම්පරික වෛද්‍යවරුන් අත්දැකීමෙන් දැන සිටි දෙයක්‌. ඒ නිසා පෙර කී කාන්තාවගේ තත්ත්වය වැන්නකදී අප මුලින්ම කරන්නේ ඉතා සියුම් ලෙස ශරීරය තුළට කි¹ බසින තෙල් වර්ගයක්‌ ආලේප කිරීමයි. එයින් සිදුකරන්නේ ඖෂධ අවශෝෂණය සඳහා ශරීරය සූදානම් වීමයි. මේ ආකාරයට බෙහෙත් කළ පසු පළමුවන දෙසතියෙන් අනතුරුව ඇය නැගී සිටියා. එතැන් සිට ඇය ඇවිද්දවීම ඒ තරම් දෙයක්‌ නෙමෙයි. මේ වන විට ඇය සෑහෙන තරම් ඇවිද යනවා.

වෛද්‍ය තුමන් සම්බන්ධකර ගැනීමට, නොමිලේ විස්‌තර සඳහා අමතන්න 0412251321/ 0710827836
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)