කොලෙස්ටරෝල් අඩුකරගන්න උළුහාල් ඇට වලින් ක්‍රමයක්

මුළුතැන්ගෙයි කුළුබඩු අතර හිඳ , හොද්ද වෑංජනය රසවත් කිරීමටත්, කැඳ වර්ග ගුණදායක කිරීමටත්, උදව්වන උළුහාල් වල හැබෑ වටිනා කම තව ම ඔබ නොදන්නවා විය හැකියි. විටමින් සී හා පොටෑසියම් වලින් පොභොසත්, යකඩ කැල්සියම් සින්ක් කොපර් සෙනිලියම් ඛනිජ වර්ග තයොමින් මියසින් ෆෝලික් අම්ලය වැනි පෝෂක අඩංගු, උළුහාල් ඈත අතීතයේ සිට ම රෝග නිවාරණයට යොදා ගැනුණා. දිය වැඩියාව , ඇදුම , ආතරයිටීස් , අම්ල පිත්ත, රෝගය රක්තහීනතාව කොලෙස්ටරෝල් සම මත වණ තුවාල පිළිස්සීම්, මාන්දම, ස්නායු රෝග, කටී වායුව සිහි කල්පනාව අඩු වීම වැනි රෝග රාශියකට උළුහාල් ගුණදායකයි. ඒවා සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් බැහැරකර සන්ධි වේදනා මැඩ පවත්වනවා.

කෙඳි සහිත බැවින් මල බද්ධයට නැති කර ආහාර දිරවීම පහසු කරනවා. මෙහි ඇති වස විස ඉවත් කිරීමේ ශක්තිය නිසා බඩවැල් පිළිකා වලට ඉඩ නැතිවෙනවා. අඩංගු සංයෝග මගින් ඉන්සියුලින් නිපදවීම වර්ධනය කෙරෙන බැවින් දිය වැඩියාව පාලනය වෙනවා. ෆෝලික් අම්ලය නිසා උළුහාල කිරි දෙන මවුවරුන්ටත් ඉතා පලදායකයි. අළුත් මවකට පහසුවෙන් කිරි එරෙන අතර, දරු උපතින් ඇතිවන වේදනා තත්ත්වයන් ඉක්මනින් දුරුකිරීමට සහායවනවා . දරු උපත් පමාවන අයට ගර්භාෂගත රෝග දුරු කරමින් දරු සම්පත් ලබාගැන්මටත් උපකාරිවනවා.

මොළය නිරෝගි කරමින් බුද්ධිය හා කල්පනා ශක්තිය වර්ධනය කරන්නටත්, චර්ම රෝග බැහැරකර, සම පැහැපත් කරන්නටත්, සිරුර නොයෙක් රෝගවලට ගොදුරු, කරන තරබාරුව පාලනය කරන්නටත් උළුහාල්වලට හැකියි.හිසකේ වැටීම, අකලට සුදුවීම වළකා , ඉස්සොරි දුරුකර හිසකේ මනාව වැඩීමට ද උළුහාල් උපකාරිවනවා. පොල්තෙල්වලට උළුහාල් දමා රත්කර හිස ගල්වා මනා කෙස් කළඹක් වඩවාගැනීම පෙර සිටම පවතින කාන්තා පුරුද්දක්. උළුහාල්වලින් ඇතිවන නිරෝගීවීම් හරහා තරුණ පෙනුමක් ලැබීමත්, තරුණ ජවයක් ලැබීමත් සිදුවනවා. අතීසාර පාචන රෝගීන්ට උළුහාල් අහිතකර වන අතර, හර්ද රෝගීන් ට වැඩි වශයෙන් ගැනීම හිතකර නැහැ. අනෙකුත් අයට දිනකට කලං දෙකක උළුහාල් ගැනීම සුදුසු බව සඳහන්.

උළුහාල්වලින් අත්බෙහෙත්
වාත අමාරු, බඩ පුරවා දැමීම් වලදී – උළුහාල් සුදුළූනු සමග තම්බා බීම. හිස් සොරි ඇතිවිට – දෙහි සමග තම්බා හිසේ ගෑම, උළුහාල් තේ හැඳි 3 ක් රැයේ පෙඟෙන්නට තබා උදේ අඹරා හිස ගල්වා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම. දිය වැඩියා රෝගීන්ට – රුධිරගත සීනි පාලනයට – උළුහාල් කබලේ බැද කුඩුකර අසුරා තබාගෙන, තේ හැන්දක් දමා තේ මෙන් උණු දියෙන් සකසාගත් කෝප්පයක් , උදේ හිස්බඩ බීම. උළුහාල් රැයෙහි පෙඟෙන්නට තබා එම දිය උදෑසන හිස්බඩ පානය කිරීම (උළුහාල් ද සපා කන්න). තරබාරුව ,පාලනයට – මඳක් රත්කළ උළුහාල කුඩුකර මීපැණියෙන් අනා කෑම. උළුහාල හොදින්, තම්බා පෙරා, මීපැණි සමග පානය කිරීම. කොලෙස්ටරෝල් පාලනයට – ආහාර, ගැන්මෙන් පසු උළුහාල් ඇට කීපයක් සපා කෑම. උළුහාල් කොටස් දෙකකට, කළුදුරු, ගොරකා, කුරුඳු , කරපිංච දලු කොටස් එක බැගින් ද ගම්මිරිස් ඉඟුරු, කොටස් බාගය බැගින්ද ,දමා ලුණු ස්වල්පයක් එක්කර අඹරා ගන්නා සම්බෝලයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් බත් සමග කෑම. (මෙය තරබාරුව පාලනයටත් සුදුසුයි.) තරුණ පෙනුම හා ජවය ලැබීමට – උළුහාල් පිටි කර කැඳ සකසා බීම.

උළුහාල් වලින් වෑංජනයක් සකසා ගන්නේ මෙහෙමයි.
උළුහාල් ග්රෑම් 200 ක්, පොල් තෙල් මේස හැඳි 2 ක් යොදා බැදගන්න. තුනපහ කුඩු ටිකක් බැද පසෙක තබාගන්න. පොල් කිරි, මිරිස් කුඩු, ලූනූ කරපිංච ආදිය යොදාගෙන උළුහාල් ටික උයාගන්න. අන්තිමට බැදපු තුනපභ කුඩු ටික දමා වෑංජනය බාගන්න.මෙය වරින්වර සකසා ගෙන බත්වේලට එක්කර ගන්නේ නම් ඔබේ ශරීර සුවතාවට විපුල පල අත්වේවි.

(අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි. )