ඉක්මනින් කෙට්ටු වෙන්න එක එක බෙහෙත් බොන්න ඕන නෑ නිවැරදි ක්‍රමය මෙන්න

මම දැක්කා ඇඩ්වර්ටීස්ට්මන්ට් දාල තියෙනවා දවස් 10 කෙට්ටු වෙන්න පුලුවන් කියලා. මේ කියන අය එහි ඇති භයාණක කම දන්නේ නැහැ. බිස්නස් එකක් කියන්නේ ඉල්ලුමට සැපයුම ලබාදීමයි කියන මතයේ ඉන්නඅය තමයි මේවගේ බිස්නස් කරන්නේ. ඉල්ලුම කෙට්ටුවීම. ඉක්මණින් කෙට්ටු වීම. ලෝකයේ ඉතාම විශාල මාකට් එකක් මේක. ඉතිං ගාසීනියා, වගේ ඒවාට දැන් ඉතා හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඒ වගේ තවත් එක ඖෂධයක් තමයි. DNP (dinitrophenol) කියන්නේ. මෙම ඔසුව අනිවාර්යෙන් ඔබව කෙට්ටු කරල දෙයි. නමුත් ඔබ ඉතා ඉක්මණින්ම මරණයට ලගා වන බව ඔබ දන්නේ නැහැ. මෙය දැන් බොහෝ රටවලින් තහනම් කරලා තියෙන්නේ. නමුත් ඔබ හරියටම දන්නවාද ඔබ දැන් භාවිතා කරන ෆැට්බර්නිං මෙඩිසින් වල මේ ඔසු නැති බව. සමහර රටවල මේ වර්ගයේ ඔසු තේවලට මිශ්‍රකරලා ඒවා ෆැට්බර්නිං ටී කියලා අලෙවි කරනවා. ඉතිං කෙට්ටු වෙනවා තමයි. තම ජීවිතයට වන හානිය ඒ භාවිතා කරන අයදන්නේ නැහැ. සිංගප්පූරුවේ නම් එවැනි නිශ්පාදන ඉතාමත් ඉක්මණින් පරීක්ෂනයට භාජනය කර නතර කරනවා. අපේ රටවල එහෙම නැහැ. ඒවා පරීක්ෂා කරන්න ආයතනයක් වත් නැහැ. තියෙන ඒවගේද පහසුකම් නැහැ. ඒනිසා අපි ඉතාමත් පරිස්සම් විය යුතුයි මේ ෆැට්බර්නිං කියන කාරණයේදී.

තවත් සමහරු මෙට්ෆෙමින් භාවිතා කරනවා තමන් ගන්නා ආහාරයේ ඇති ග්ලූකොස් ප්‍රමාණය ඇවශෝෂනය අවම කරගන්නට. නමුත් ඔවුන්ගේ ශරීරයේ ඇති වෙනත් තත්වයන් නිසා ඔහුට ඉතාමත් ඉක්මනින් දියවැඩියාව හැදෙන බව ඔවුන් දන්නේ නැහැ. මේ කරන්නේ ඇදගෙන නෑමක් නොවේද?

ඔබ සාමාන්‍ය සිරුරක් සහිතව සිටි කාලය මතකද? ඒ කාලයේ සිට අද වන විට ඔබගේ ජීවන රටාව තුල ඇතිවුන වෙනස් කම් ගැන ඔබගේ මනස මෙහෙයවා බලන්න. මා කතා කරන දේවල් වලින් එකක් හෝ ඔබගේ ජීවන රටාවට එකතු වී ඇති. ඒ රටාව ඉවත් කරන්න. ඉන්පසු නිසි පොෂණය සිරුරට ලබා දෙන්න. එපමණයි කරන්නට තියෙන්නේ. අන් කිසිවක් නොවෙයි.

1. කාබෝහයිඩ්රේට අධික ආහාර රටාව.
අපේ රටේ කට්ටිය බත් පිගානට එලවලු චුට්ටක් තමයි දාගන්නේ. නමුත් මේ රටවල එළවලු පිගානට බත් චුටුටක් තමයි දාගන්නේ. බලන්න ජපානය, කොරියාව වගේ රටවල මිනිස්සු. ඒ අයට අපිට වගේ මහත ශරීර නැහැ. ප්‍රධානම හේතුව තමයි කාබෝ හයිඩ්රේට් අඩු ආහාර රටාව.

2. ජංක් ෆූඩ් සහ ෆාස්ට් ෆූූඩ්.
මේ දෙවර්ගයම කිසිම පෝෂනයක් නැති ආහාර වර්ග දෙකක්. ඉකිමණින් පිසලා පාර්සල් කරලා දෙන කෑම ටික තමයි දැක් බොහෝ දෙනෙක් ආහාරයට ගන්නේ. එලවලු ඉතාමත් සුළු ප්‍රමාණයක් සහිත කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් තමයි එතන තියෙන්නේ. මැක්ඩොනල්ඩ් වගේ ජනප්‍රිය ආහාර තමයි ඊලගට. මේවාගේ කන්න තියෙන්නේ සලාද කොල කෑල්ල සහ තක්කාලි පෙත්ත විතරයි. අනෙක් සියලු දේ වස විස. චීස් පෙත්තත් වරදක් නැති වෙන්න පුලුවන්.

3. ඇඩ්රිනලින් සහ කොටිසෝල්
ඔබගේ දෛනික ක්‍රියාකාරීත්වය නිසා දැන් ඔබ සිටින්නේ මානසික ආතතියෙන් වන්නට පුලුවන්. මේ මානසික ආතතිය නිසා ඔබගේ ඇඩ්රිනලින් ග්‍රන්ථියෙන් කෝටිසෝල් සහ ඇඩ්රිනලින් කියන හෝමෝනය සහ නියුරෝට්‍රාන්ස්මිීටරය නිකුත් කරනවා. මේ දෙක අපගේ ශරිරයේ පවතින විට රුධිර ග්ලූකොස් මට්ටම ඉහල යනවා. ඒ නිසා ඉන්සියුලින් මට්ටමත් ඉහල යනවා. මේ ග්ලූකෝස් ලබා ගන්නේ අක්මාවේ සහ මාංශ පේෂි වල ග්ලයිකෝජන් වල බන්ධන කඩලයි. දැන් ගලයිකෝජන් එන්න එන්න අඩු වෙනවා රුධිරයේ ඇති ග්ලූකෝස් නැවත ග්ලයිකොජන් කරන්න නම් පොටෑසියම් කියන මිනරල් එක ඕනි.ඒත් අපි දෛනිකව අවශ්‍ය වන පොටෑසියම් ප්‍රමාණයවත් ලබා ගන්නේ නැහැ. ඉතිං නැවත ග්ලයිකොජන් හදාගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ ග්ලූකෝස් පසුව පාවිච්චි කරන්නට මේදය ලෙසට තැන්පත් කරනවා. මේ මේදය තමයි ෆැට් කියන්නේ. ඉතිං මෙවා බර්න් කරන්න හදනවා.

දැන් හිතලා බලන්න මම මේ කිව්වේ ෆැට් හැදෙන්න එක එහේතුවක්. ඇඩ්රිනලින් සහ කෝටිසෝල්. මේ හෝමෝන ගැන මම ලිපියක් ලියලා ඇති එය කියවා තවත් දැනුම ලබා ගන්න.

දැන් සොයා බලමු මේ හෝමෝන වැඩි වෙන්න අපගේ ජීවිතයේ දී ඇතිවන හේතු ගැන.
පලමු හේතුව තමයි සවස හතේ සිට පටන් ගන්න ටෙලිනාට්‍ය ටික. මේ ටෙලිනාට්‍ය ටික අවසන් වෙනකම් ඔබ ඒ නාට්‍ය ඇතුලේ ජීවත් වෙනවා. ඉතිං අර නලුවා හෝ නිලිය ගේ ආතතිය තමන් ගන්නවා. ඒ අධ්‍යක්ෂවරුන් මාකට් කරන්නේ මානසික ආතතියයි. ඔබ හිතලා බලන්න ඒ ටෙලිනාට්‍යය බලන වෙලාවට ඔබගේ ඇග කෙතරම් රත් වෙනවාද කියලා. බඩට දැනෙන අපහසුතාවය ගැන සිත යොමා බලන්න. මේ සියල්ල සිදුවන්නේ මේ හෝමේන නිසා. ඉතිං ටිකවෙලාවක් යනවිට ඉන්සියුලින් නිකුත් වෙනවා. ඒ සමග නැවතත් බඩගිනි වෙනවා. මෙය නොකඩවා වන විට වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට ලබා ගන්නවා අමතරව ගන්නා කැලරි තමයි මේ ෆැට් එක ලෙසට එකතු වෙන්නේ.

තවත් කොටසක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය තරගයක් කරගෙන සිටින මව්වරුන්. ඒ අය තම දරුවා ගැන ඉතාමත් බියෙන් සිටින්නේ. ශිෂ්‍යත්වය ෆේල් වුනොත් ඔක්කොම ඉවරයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා දරුවාටද ඉතාමත් තද ආතතියක් ඇති කරවනවා. තමන්ද එයින් විදවනවා. එසේම තම ස්වාමියා ගැන ඇති අවිශ්වාසය නිසා හටගන්නා ආතතිය. තම ස්වාමියා වෙනත් සම්බන්ධකමක් ඇති කරගන්නවා නම් එයටද ඔබගේ දායකත්වයක් ඇති බව මා මින් පෙර ලියූ ලිපිවලින් කියා සිටියා. මේ සියල්ල ඔබගේ වරදින් තමයි සිදුවී ඇත්තේ. තරහා වෙන්න එපා. වරද දකින්නේ නැතිව කොහොමද මිදෙන්නේ. ඒකයි කියලා දෙන්නේ. නිවසේ පෝෂනය ගැන වගකිව යුත්තා ඔබයි. ඉතින් එය නිසි අයුරුන් සකස් කරගත යුතුයි. නැතිනම් මේ ගැටලු විසදෙන්නේ නැහැ.

4 නිදි වැරීම
ඊලග කාරණය තමයි නින්ද නැති වීම. මේ නිසා ඔබ ගේ අක්මාව එන්න එන්න දුර්වල වෙනවා. විශ හරණය කරන ක්‍රියාවලිය නවතිනවා. ඒ නිසා අපි ගන්නා ආහාර වල ඇති වස විෂ අපගේ මේදය තුල තැන්පත් වෙනවා. ඒ මේ වස විස ජලයේ දිය නොවන මේදයේ පමණක් දියවන ඒවා නිසා. මේ කාරණා ඔබව තව තවත් ආහාර ගැනීමට පොළඹවනවා. ඒ නිසා කැලරි ගාන එන්න එන්න වැඩි වෙනවා. කැලරි ගැන මම මින් පෙර ලියා ඇති ලිපි කියවා බලන්න. තමන්ට අවශ්‍ය කාරණාව nittaa.com වෙබ් අඩවියේ සර්ච් එකේ ටයිප් කලාම ඒ ලිපි සොයාගන්න පුලුවන්.

අපි ෆැට් බර්නිං වල ඇති භයාණක කම ගැන ටිකක් කතා කරමු
මම ඉහත දැක්වූවා අපි ගන්නා ආහාර වල ඇති වස විෂ දියවන්නේ මේදයේ බව. මෙදය තමයි අපි එක එක ක්‍රම භාවිතා කරලා දිය කරන්නේ. මේ මේදය දියකරන විට ඒවගේ දියවෙලා තිබුනු විෂද රුධිරයට එක් වෙනවා. ඉතිං මේ විෂ ටික හරණය කරගන්නට අක්මාවට මේවා යොමු වෙනවා. අක්මාවට එන විෂ ප්‍රමාණය ගැන සිතා බලන්න. වසර 20 ක් පමණ එක් කල වස විෂ දවස් 10 ක්වගේ කාලයක් ඇතුලත අක්මාවට එනවා. ඔබ හිතනවාද අක්මාවට මේ විෂ ප්‍රමාණය දරාගන්න පුලුවන් කියලා. අනෙක් කාරණය ඔබ නිදි මරණවා නම් අක්මාවට මේ වැඩේ කෙසේවත් කරගන්න බැහැ. අක්මාව තම විෂ හරණ ක්‍රියාවලිය සිදු කරන්නේ රාත්‍රී 11 සිට 3 පමණ වෙනකම්. ඉතිං මේ වෙලාවට ඔබ තද නින්දේ සිටිය යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ඒ විෂ නිසාම අක්මාවට හාණි සිදුවීමයි. මේ හාණි වූ තැන්වලට තමයි නැවතත් ෆැට් එක ඇවිල්ලා පිරෙන්නේ. ඉන්පසු ෆැටි ලිවර් සහ සිරෝසිස් කියලා අන්තිමට සුව කරන්නට නොහැකි රෝගයක් කියලා ජීවිත කාලය තුලම විදවනවා. මෙම රෝග ගැන වෙනකම කතා කරමු.

දැන් අපි මොකද කරන්නේ කියලා දැන් ඔබ අසාවි
අපිට කරන්නට තියෙන්නේ ශරිරයට අවධානය යොමු කිරීමයි. තම ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ ටි වී බලනවා නම් හෝ වෙනත් හේතුවක් නිසා ආතතියකට පත් වි සිටීනම් ඔබගේ රුධීරයට පැමිණි ග්ලූකෝස් නැවතත් ගලයිකෝජන් කරන්නට අවශ්‍ය පොටෑසියම් සිරුරට ලබා දිය යුතුයි. ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නව නම් ඔබ කොලපාට එලවලු කප් 7 ක්වත් ආහාරයට ගත යුතුයි. ඒ නිසා එක වේලක් තනිකර සැලඩ් එකක් පමණක් ගන්න. එවිට ඒ අනතුර පහව යයි.

අපගේ ශරීරයේ ශක්ති ගබඩා වලින් දෙවැන්න තමයි ෆැට් එක. ෆැට් එක පාවිච්චි නොකරන්නට හේතුව කුමක්ද? ඒ අපි දවසකට වැය කරන කැලර් ගානට වඩා වැඩි කැලරි ගානක් අනුභව කරන නිසයි. එසේ නම් කැලරි අඩු කරන ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. කැලරි අඩු කරගත හැක්කේ බඩගින්න අඩු කර ගැනීමෙන් පමණයි. මේ නිසා තම ආහාර වේලට ෆයිබර් වැඩියෙන් තියෙන ආහාර ගන්න. එසේම එලවලු වැඩිපුර ගන්න. කාබෝ හය්ඩ්රේට් අඩු කරන්න. හොදට වතුර බොන්න. නිසි පෝෂනය ලබා ගත හැකි ආහාර ගන්න. සැම විටම කාබණික ආහාර වෙත යොමු වෙන්න. එවිට වස විෂ අඩු වෙනවා. ඒ නිසා අක්මාවට වෙහෙ වෙන්නට අවශය නැහැ.

අපිට දෛනිකව අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් 90 ක් තියෙනවා. මේ 90 ම ගත්තත් ග්රැම් 15 ක් නැහැ. අපිට කුස ගින්න ලෙසට දැනෙන්නේ මේ පෝෂන ඌනතාවයයි. එහෙත් එය නොදන්නා අපි කුසගින්න නැතිවෙන්න මොනවා හරි කනවා. ඉතිං අර කාපු ටික ආමාෂයෙන් පහලට ගියාව නැවතත් බඩගිනියි. අපි එයටයි පිලිතුරු දිය යුතු වන්නේ. ඒ සදහා ස්වභාවික සප්ලිමන්ට් භාවිතා කලාට කමක් නැහැ. ඔබ ගන්නා සප්ලිමන්ට් එක සාර්ථක නම් බඩගිනි වීම අවම වෙන්න ඕනි. තමන් ආහාර ගන්නා වාර ගනන අඩු වෙන්න ඕනි. ආහාර ප්‍රමාණය අඩු වෙන්න ඕනි. මේ කාරණා නිසා අපි ගන්නා කැලරි ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩු වීම නිසාම අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට මේදය දහනය කර අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්නවා. ‍මේ නිසා කෙට්ටු වෙන්නට අපි අනුගමනය කල යුතු වන ක්‍රියාමාර්ගය ගැන දැන් ඔබට යම් දැනුමක් ඇති. මේ පෝස්ට් එක ෂෙයාර් කරලා තවත් දහස් ගණනකට මේ තොරතුරු ලබා දෙන්න. මෙත් සිතිනි.!!

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)