කොච්චර තිත්ත උනත් ඉක්මනට ලස්සන වෙන්න නම් වෙනිවැල්ගැට තම්බලා බොන්න

සුන්දර පැහැපත් සමක් ලබන්න හැම කෙනෙක්ම කැමතියි. හැබැයි, ඒ සඳහා වෙළෙඳපොලේ තියෙන ක්‍රීම් වර්ග හැම එකක්ම ගන්න ඕන නැහැ. වැඩි වියදමක් නැතිව, සැමට හානියකුත් නැතිව ගෙදරදී කර ගන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකර්ම කොච්චර නම් තියෙනවා ද ? ඒ සඳහා ඉතාමත් සුදුසු ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි වෙනිවැල්ගැට කියන්නේ. මේ කියන්නට යන්නේ වෙනිවැල්ගැට ඇසුරින් ඔබේ සම අලංකාර කර ගන්න හැටි.

වෙනිවැල්ගැට ස්ක්රබ්
වෙනිවැල්ගැට කුඩු තේ හැන්දකට යෝගට් තේ හැඳි බාගයක් සහ දෙහි තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. එය සමේ ආලේප කර විනාඩි 10 කට පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉන් පසුව සීතල ජලයෙන් මුහුණ තවන්න.

වෙනිවැල්ගැට පැක්
මේ සඳහා අවශ්‍ය ඉතාමත් සිනිඳුවෙනිවැල්ගැටයි. කුඩු දෙවරක් හලා ගෙන හෝ වෙනිවැල්ගැට කැබැල්ලක් ජලය සමග ගල ගා ගන්නා ක්‍රීම් එක භාවිත කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ගත් සිනිඳු වෙනිවැල්ගැට කුඩු සමග ඒ හා සමාන ප්‍රමාණයක් මී පැණි මිශ්‍ර කරන්න. මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි 20 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කුරුලෑ සහ ළප කැළැල් සඳහා
වෙනිවැල්ගැට සහ අමු කහ එකට අඹරා කුරුලෑ මත ආලේප කරන්න. සුව නොවන කැසීම, දද , ලප, කැළැල් සඳහා වෙනිවැල්ගැට කුඩු, අමු කහ ඇත්තෝර කොළ සමග අඹරා ඒ ස්ථාන වල ආලේප කර බාගයක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

ඉස්හොරි වලට
වෙනිවැල්ගැට කුඩු සහ දෙහි යුෂ සම ප්‍රමාන වලින් ගෙන නෑමට පෙර හිසෙහි ගලවන්න. ඉස්හොරි වලට ඉතා හොඳ බෙහෙතකි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මෝර තෙල්, මෝර ගුලි වල ඇති අසීමිත ගුණ – හෘදයාබාධ, දියවැඩියාව, වැනි රෝග ගණනාවකට සුවය

අධික ලෙස තෙල් භාවිතය සිරුරට හිතකර වන්නේ නැහැ. ඒත්, ශරීරයට හිතකර ප්‍රතිඵල රැසක් අත්පත් කරදෙන තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් (Cod Liver Oil) හඳුන්වන්නට පුළුවනි. මෝරතෙල් ගුලි වශයෙන් හෝ තෙල් වශයෙන් වෙළඳසැල්වලින් මිළ දී ගැනීමට හැකියි.

මෝර තෙල් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමටත් දැනටමත් ඔබ අවධානය යොමු නොකළ ඇතැම් තත්වයන් වෙනුවෙන් මෝරතෙල් ගුණදායක බව අවබෝධ කරගන්නටත් මෝරතෙල්වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන ඇතුළත් මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි.

ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කිරීම
මෝර තෙල්වල අන්තර්ගත විටමින් ඩී මගින් ශරීරයේ ඇටමිදුළු ශක්තිමත් කරනවා. වයස්ගතවීමත් සමඟ දුර්වල වන ඇටමිදුළු ශක්තිමත් කිරීමට මෝරතෙල් උපකාරී වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෝරතෙල් වයස්ගත පුද්ගලයන්ට වගේ ම ක්‍රීඩකයින්ටත් අතිශයින් වැදගත් වන බවයි සඳහන් වෙන්නේ.

පියයුරු පිළිකා මර්දනය කිරීම
පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩුකරගන්නට මෝරතෙල් ගුණදායක බව සෞඛ්‍ය පර්යේෂණවලින් මේ වනවිට තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ මෝරතෙල්වල පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් අන්තර්ගත වන බවයි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට අතිශයින් ගුණදායක තෙල් වර්ගයක් හැටියට මෝරතෙල් හඳුන්වා දෙනවා.

හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කිරීම
මෝර තෙල්වල ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති නිසා ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇතිවීම අවම කරනවා. ඒ වගේ ම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සමබර ව පවත්වාගන්නටත් එය උපකාරී වෙනවා. අනෙක් තෙල්වර්ග වලට සාපේක්ෂව මෝරතෙල් ශරීරයට අතිශයින් හිතකර බවයි සෞඛ්‍ය පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මානසික සෞඛ්‍යයට හිතකරවීම
ඔමේගා 3 පෝෂණ සංඝටකය මනසෙහි සංකූලතා අවම කරන්නට සම්‍ත් බව ඔබ දැන සිටියා ද? සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝරතෙල් භාවිතයෙන් අඩු කරගත හැකියි. එමෙන්ම දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූලබව පාලනය කිරීමට ද මෝරතෙල් උපකාරී වෙනවා.

දියවැඩියාව ඇතිවීම පාලනය කිරීම
බටහිර වෛද්‍ය අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ මෝරතෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව බොහෝසෙයින් පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලීන් මනාව පාලනය කරන්නට ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත් වෙනවා. මේ නිසා මෝරතෙල්වල අඩංගු විටමින් ඒ මගින් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරගත හැකියි.

පිළිකාව නසන රෝග රැසකට ගුණ දෙන කටු අනෝදා හෙවත් කටු ආතා

කටු අනෝදා හෙවත් කටු ආතා ගුණදායක දේශීය පලතුරකි. ගැමි පරිසරයන්හි බහුලව දකින්ට ලැබෙන මෙම පලතුර දේශීය වෛද්‍ය විද්‍යාවේදී (ආයුර්වේද) ඖෂධයක් හැටියටත් භාවිත කරනවා. අනෝදා රෝග නාශක ගුණයෙන්ද යුතුයි.

ආයුර්වේදයට අනුව අනෝදා වර්ග තුනක් තිබෙනවා. ඒ කටු අනෝදා, සීනි අනෝදා සහ වැලි අනෝදා යන්නයි. අනෝදා ඵලයක ‍පෝෂණ ගුණය ගත්තම සීනි, ‍පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බි, වගේම විටමින් සී වැනි ‍පෝෂණ ගුණාංග එහි සමන්විතයි. ඒ වගේම අනෝදාවලටම ආවේණික වූ රසායන විශේෂයක්ද පවතිනවා.

මූත්‍රාශ්‍රය ආශ්‍රිත ඕනෑම රෝග තත්ත්වයකට අනෝදා ගුණදායකයි. මූත්‍රාගල්, මූත්‍රා අඩස්සිය, මූත්‍රා දැවිල්ල, පණු රෝග, අර්ශස් රෝගීන්ට ද මෙය ගුණදායකයි. මූත්‍රා ගල් දියකර හැරීමේ හැකියාවක්ද අනෝදා සතු බව කියවෙනවා. මූත්‍රා ආසාදනයෙන් පීඩා විඳින අයකුට අනෝදා පලතුරක් ලෙස ආහාරයට ගත හැකියි. ඒ වගේම අමු අනෝදා ගෙඩියක් වෑංජනයක් ලෙස ද සාදාගත හැකියි. මෙය පානයක් ලෙසටද සාදා ගැනීම ඉතා ගුණදායකයි.

අනෝදා කොළ තම්බා එම වතුර උදේ හවා පානය කිරීම මගින් මූත්‍රා දැවිල්ලට ගුණදායක ප්‍රතිඵල ළඟාකර ගත හැකියි. කැස්සට පීනසට, අනෝදා මල් කෂාය ඉතා ගුණදායකයි. අනෝදා මල් මිටක් අරගෙන වතුර පත හතර එකට සිඳුවා, දින කිහිපයක් පානය කිරීම උචිතයි.

ඒ වගේම අනෝදා අක්මාවට හිතකර පලතුරකි. කාන්තාවන්ට ඇතිවන ශ්වේත ප්‍රදර, රක්තප්‍රදර රෝගවලටද අනෝදා පලතුරක් ලෙසින් හෝ වෑංජනයක් ලෙසින් ආහාරයට ගැනීම ගුණදායක බවයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. අනෝදා ගෙඩි කොළ, මල් ‍පොතුවල අඩංගු රසායනික ගුණ මගින් මිනිස් සිරුරේ පිළිකා සෛල විනාශ කිරීමක් සිදුකළ හැකි බවද සොයාගෙන තිබෙනවා. අනෝදා ගෙඩියේ යුෂවල කොළ සහ ‍පොතුවල අඩංගු රසායනික සංයුතින් හේතුවෙන් පිළිකා සෛලවලට එරෙහිව කටයුතු කරනවා. සතියකට දෙපාරක්වත් අනෝදා පලතුරක් හැටියට හෝ වෑංජනයක් හැටියට ආහාරයට එක්කර ගැනීමෙන් ඉහත රෝගවලට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

සෙම පීනස සහ හතිය නාඩි බලා නිට්ටාවටම සුවකරන රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ

රෝගීන් රැගෙන එන සියලු වෛද්‍ය වාර්තා පසෙක තබා නාඩි බලා රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයක්‌ කරන වෙද හාමුදුරුනමක්‌ හමුවීමට පසුගිය දිනෙක අපි ගියෙමු. පිරිමි පක්‍ෂයේ දකුණතත්, කාන්තා පක්‍ෂයේ වමතත්, ඇතැම් විට දෙඅතත් නාඩි පිරික්‌සීමට ලක්‌කරන උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් ශරීරයේ තිබෙන සියලු රෝග හා දෝෂ දකින්නේ පියවි ඇසටත් වඩා නිරවුල්වය.

හෙළ වෙදකමේ මූලික අංගයක්‌ තමයි නාඩි පිරික්‌සීම. යම් වෙදැදුරුවරයකුට නාඩි පරීක්‍ෂාවකින් රෝග නිර්ණය කිරීමට නොහැකියාවක්‌ තිබෙනවා නම් ඔහු වට්‌ටෝරු බලා ප්‍රතිකාර කරන අයකු විය යුතුයි. මොකද ඒ තරමට නාඩි පරීක්‍ෂාව හෙළ වෙදකමත් එක්‌ක බද්ධ වෙලා තියෙන එකක්‌. වෙද හාමුදුරුවෝ තිර අදිටනින් ප්‍රකාශ කළහ.

මේ රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ වැඩි වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ සෙම, පීනස හා පපුවේ මහන්සිය වැනි රෝග සඳහා ය. මීට එහා ගිය වෙදකම් ද උන්වහන්සේ ප්‍රගුණ කර සියල්ලට ද ප්‍රතිකාර කළත් සෙම සම්බන්ධයෙන් වැඩි ප්‍රසිද්ධියක්‌ උසුලන්නේය. රෝගීන් කිහිපදෙනකුගේ ඉල්ලීම මත පසුගිය දිනෙක මම උන්වහන්සේ සොයා ගියේ තවත් කිහිපදෙනකු සමගය.

ඒ වෙද අසපුවට අපි ඇතුළු වනවාත් සමඟ වෙද හාමුදුරුවෝ අපව පිළිගනිමින් ලෑලි පෙට්‌ටි දෙකක්‌ තබා අසුන් ගන්නා ලෙස ඉල්ලීමක්‌ කළේ සුහද කතාබහකට සූදානම් වෙමිනි.

සෙම, හතිය හා පීනස රෝගවලට ඔබවහන්සේ ප්‍රතිකාර ඉතාමත් නිවැරැදිව කරන බව රෝගීන් කිහිපදෙනකු මට ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් ඔබවහන්සේගේ මේ ප්‍රතිකාරය රටට කියන්නයි ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම හරහා අපි ඔබවහන්සේ සොයා ගෙන ආවා. අපේ හාමුදුරුවනේ මෙවැනි රෝගීන් ඔබවහන්සේ හඳුනාගත්තේ කොහොමදැයි කියල අපට කිව්වොත්.

“නාඩි පරීක්‍ෂාවෙන්. මේ නාඩි පරීක්‍ෂාවෙන් සෙම, හතිය, පීනස නෙවෙයි ඕනෑම රෝගයක්‌ මට හඳුනාගන්න පුළුවන්. පාරම්පරික වෙදෙකුට වෛද්‍ය වාර්තා ඕන නෑ. අපේ වෙද පරම්පරාව මේ තාක්‌ කල් වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කළේ නෑ. වෙදැදුරුවරයකුගේ ස්‌කෑන් යන්තරේ තියෙන්නේ ඇඟිලි තුඩුවල මේ මහත්තයත් එක්‌ක ආපු ඔබතුමා මෙහෙට එන්න. දෙන්න ඔබේ අත.”

වෙද හාමුදුරුවෝ සමාධියට සම වැදුනාක්‌ මෙන් තත්පර කිහිපයක්‌ නිහඬව සිටියහ. ඉන් පසු උන්වහන්සේ යමක්‌ කියවන්නාක්‌ මෙන් මා සමඟ පැමිණි මිත්‍රයාගේ රෝග සියල්ල කියාගෙන යන්නට පටන් ගත්හ.

ඔබ අධික සෙම රෝගියෙක්‌. යාර කීපයක්‌ ඇවිද ගන්න බෑ පපුවේ හතිය සහ වේදනාවෙන් විඳවනවා. මේ තත්ත්වය ඉතාමත් අනතුරුදායකයි. ගන්න ඖෂධ ඒ වෙලාවට විතරයි. නැවත නැවත රෝගය මතු වෙනවා. මේ වන විට රෝගය උත්සන්න වෙලා. ඔබ වාර කිහිපයක්‌ රෝහල්ගත වෙලාත් ඉඳලා තියෙනවා. තවත් රෝග තිබුණත් මේ රෝගය ප්‍රධානයි.

මගේ මිත්‍රයාට වෙද හාමුදුරුවන්ගේ නාඩි පරීක්‍ෂාව අදහාගත නොහැක. තමන්ට තිබෙන රෝග සියල්ලත් මේ රෝගය නිසා විඳි වේදනාවන් නිවැරැදිව උන්වහන්සේගෙන් පිටවීම පුදුම සහගතය.

මා කිසි විටෙක මෙවැනි රෝගියකු සමඟ පැමිණෙන බවක්‌ කීවේ නැත. එමෙන්ම දැන ගැනීමට ඉඩක්‌ තැබුවේ ද නැත. සැබවින් ම ඔහු සෙම රෝගියෙකි. පපුවේ මහන්සිය වසර ගණනාවක සිට තිබූ බව මම ද දනිමි. වරින් වර මතු වූ මේ තත්ත්වයට ඔහු රෝහල්ගත කර සිටි බව ද මම දනිමි.

මේ රෝගියා එක්‌කරගෙන ආවේ මාව පරීක්‍ෂා කරන්නද? වෙද හාමුදුරුවන් අනතුරුව අප දෙස විමසිල්ලෙන් බලා ඇසූහ. නැහැ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගෙන් ප්‍රතිකාරයක්‌ ගන්නයි ආවේ. “ඉතිං ඒ බවක්‌ කලින් කිව්වේ නැත්තේ. කෝ බලන්න මේ නෝනත් එන්න.” උන්වහන්සේ අප සමඟ පැමිණි මිතුරියද නාඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.

දරාගන්න බැරි හිසේ වේදනාවක්‌ වරින්වර මතුවෙනවා. බඩේ රුදාවකුත් සමහර අවස්‌ථාවල මතුවෙනවා. එක දණහිසක තද බල වේදනාවකුත් එනවා. කොන්දේ අමාරුවත් සමහර වෙලාවට එනවා. හිසේ ආමාරුව දැනෙන වෙලාවට ඉවසා ගන්න බැරි තරමට වේදනාවක්‌ ගෙන දෙනවා. උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් සියල්ල නිවැරැදිව කියවා ගෙන ගියේ අප මිතුරිය ද විශ්මයට පත් කරවමිනි.

ඔය දෙන්නගේ මේ රෝගී තත්ත්වයන් මම පැය දෙකකදී ඉවත් කරනවා. කිසි දෙයකට බියවිය යුතු නැහැයි කියමින් උන්වහන්සේ ලෑලි ආසනයක්‌ පෙන්වමින් එහි හාන්සිවීමට අප මිතුරන්ට ඉඩ සලසා දුන්හ.

ඉන් අනතුරුව රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ අප මිත්‍රයාගේ දෙපයෙහි මහපට ඇඟිලි දෙක අල්ලා නිල තෙරපීමක්‌ කළේ තවත් ප්‍රතිකාරයකට මුල පුරමිනි.

ඉන් අනතුරුව දෙඅත්වල ද නිල තෙරපීමක්‌ කර දෙනෙත් වලට‍ තෙල් බින්දු කිහිපයක්‌ දැමූහ. ඉන් පසු දෙකන් වලට ද තෙල් දමා දිවේ කෙළවර තවරා ගැනීමට බෙහෙතක්‌ දුන්හ.

මේ සියල්ලට විනාඩි දෙකකට වඩා ගත වන්නට නැත. මගේ මිත්‍රයාගේ පපුවෙහි තිබූ සෙම යන්ත්‍රයකින් අදින්නාක්‌ මෙන් සියල්ල පිට වන්නට පටන් ගත්තේය.

ඉන් පැයකට පමණ පසු තවත් තෙල් බින්දු කිහිපයක්‌ උගුරෙහි තවරා නැවත සෙම ඉවත් කිරීමට උපදෙස්‌ දෙමින් වෙද හාමුදුරුවෝ බලා සිටියහ. මේ අතරතුර මම ද උන්වහන්සේ අසලින් සිට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගේ මිත්‍රයාගේ මහපට ඇඟිලි දෙක අල්ලා කුමක්‌ කළේ දැයි විමසීය.

මේ මහත්තයගෙ පපුවේ සෙම පිරිලා. මේ තත්ත්වය බොහෝම අනතුරුදායකයි. මම ඒ නිල තෙරපීමෙන් කළේ පෙනහැල්ලේ ලොක්‌ කිහිපයක්‌ ඇරීමයි. දැන් ඒ ඇරුණු දොරවල් වලින් සෙම දිගටම පිට වේවි. ඉන් පසු තවත් වේලාවක්‌ යන කොට සියලු සෙම ඉවත් වී අර මම විවෘත කළ ලොක්‌ වැහිල යාවි.

මේ අතර තුර තවත් කාන්තාවක්‌ සිය සැමියා සමඟ පැමිණ උන්වහන්සේ ඉදිරිපිට හඬන්නට පටන් ගත්තාය. ඇයගේ දකුණු අතෙහි පහළ කොටස ලී පතුරු කිහිපයක්‌ තබා රෙදි පටි වලින් ගැටගසා තිබූ අතර, ඇඟිලි නැවීමට නොහැකිව වේදනාවෙන් සිටි බවක්‌ පෙනිණි.

“මොකද ඔය වෙලා තියෙන්නෙ අතට..” අපේ හාමුදුරුවනේ වැටුණා… “ඉතිං අත කැඩුනද?” එහෙමයි. තැනකින් වෙදකම් කළා. ඒත් මොනව වෙලාද දන්නෙ නැහැ හරියට ඇදුම් දෙනවා. “කෝ බලමු අත.”

ඉන් අනතුරුව වෙද හාමුදුරුවෝ තෙල් ස්‌වල්පයක්‌ අතට ගෙන මෙම කාන්තාවගේ දකුණු බාහුවේ තවරා එක වරම ඇඟිලි තුඩුවලින් ඇද්දේය. මේ ප්‍රතිකාරයට ද විනාඩි කිහිපයකට වඩා ගත වූයේ නැත. මාස කිහිපයක්‌ ප්‍රතිකාර ගත්ත අත විනාඩි කිහිපයකින් සුවපත් කළහ.

මේ සියල්ල මා ඉදිරිපිට සිදුවෙද්දී මාගේ මිත්‍රයා තවමත් පපුවේ සෙම පිට කරමින් සිටියේය. ඔහුට දැන් තරමක සුවයක්‌ තිබෙන නිසා උගුරේ තෙල් ගැල්වීම නතර කරන්න දැයි විමසුවත් ඊට ඉඩ නොදුන් උන්වහන්සේ තව තවත් සෙම පිට කරන ලෙස උපදෙස්‌ දුන්හ.

නාඩි බලා රෝගය හදුනාගෙන විශ්මිත ලෙස සුවකරනා වෙද හාමුදුරුවෝ ගැන හැමෝටම දැනගන්න මේ වටිනා ලිපිය ශෙයා කරන්න.

විමලසිරි අගලකඩ
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කෑම රසවත් කරන සේර මේතරම් ගුණ යැයි ඔබ දැනන් හිටියාද?

සේර යනු ආසියාතික රටවල වැඩෙන සිහින්, දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. එහි නමට (lemongrass) අනුව ඒවා පැගිරි සුවද විහිදවයි. නමුත් එහි රසය වෙනස්ය. එහි මද පැණිරස ගතියක් ඇත. එසේම එය fevergrass ලෙසද හදුන්වයි. එය ආසියාතික සංස්කෘතිය තුළ බොහෝ ලෙස යොදා ගැනේ. එය විටමින් B, C සහ A, Zinc, folic acid, magnesium, manganese, calcium, potassium, copper, phosphorus සහ iron වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනුනය. කෙසේ වුවද මෙය ඖෂධිය ගුණ වලින්ද යුතුය.

ආතරයිටිස් සදහා
රක්තවාතය, ආතරයිටිස්, රුමැටික්, සන්ධි වේදනා, ඔස්ටියෝ ආතරයිටිස් වැනි තත්ත්ව දුර්වල කරන උෂ්ණ ප්‍රතිරෝධී, නිර්වේදනික සංයෝග මෙහි අඩංගුය. එසේම සේර සන්ධි වේදනා හා ඉදිමුමට බලපාන එන්සයිම වල ක්‍රියාකාරිත්වය මන්දගාමී කරයි.

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව
සේර වල පවතින දිලිර විරෝධී හා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණ වලට සාමාන්‍ය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි තත්ත්ව වලට විරුද්ධව ක්‍රියා කළ හැක. තවද විටමින් C බහුල බව ප්‍රතිශක්තිය ජනනය කරන අතර අසාදන වලක්වයි.

සේර එක්වුනු සෙම් ආදිය පිට කිරීමට උපකාර වේ. සේර වලින් යුත් තේ, ඇදුම හා ශ්වසන නාලිකා ප්‍රදාහ ගැටළු සදහා වැදගත් වේ.

ජීර්ණය පහසු කරයි
එය ජීර්ණ පද්ධතියට උපකාරී වේ. ජීර්ණ පධතියේ ඇති බැක්ටීරියා හා පරපෝෂිතයන් විෂ බිජ නාශක මගින් විනාශ කර ජීර්ණය පහසු කරයි. එම නිසා එය වමනය, වාතය පිරිම, උදර වේදනා, පපුව දැවිල්ල, මල බද්ධය, අජීර්ණය, බඩ පිපිම වැනි ජීර්ණ ගැටළු සදහා ප්‍රතිකාර කරයි. ගැස්ට්‍රික් තත්ත්ව වලදී ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ නිසා වේදනාව සමනය වේ. වැඩි ප්‍රතිපල සදහා සේර සහිත තේ දිනපතා පානය කළ යුතුය.

කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල් විරෝධී ගුණ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර ලේ දහරාවට ගමන් කරන කොලෙස්ටරෝල් අවම කරයි. ලේ නහරවල තැන්පත් වන කොලෙස්ටරෝල් මට්ටම ද වලක්වයි.

සොයාගැනීම් වලට අනුව අධික කොලෙස්ටරෝල් මට්ටමක් ඇති පුද්ගලයන් දිනපතා 140 mg සේර අන්තර්ගත කරල් භාවිතය මගින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගෙන ඇති බව සනාථ වේ. තවද එහි ඇති අධික පොටෑසියම් රුධිර පීඩනය ක්‍රමවත් කරයි.

පිළිකා
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ පිළිකා තත්ත්ව වලකන අතර අත්‍යන්ත හානිද වලක්වයි. සේර පිළිකා සෛලද විනාශ කරයි.

සෞඛ්‍යමත් සෛල විනාශ නොකර, සේර ශාකයේ citral නම් කොටස apoptosis උත්තේජනය මගින් පිළිකා සෛල නාශනය කරයි. තවද 2008 වසරේදී කරන ලද අධ්‍යනයකට අනුව citrol පියයුරු පිළිකා වර්ධනය ද අඩාල කරන බව හෙළි වී ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අකලට හිසකෙස් පැසෙන පීනස් රෝගය නිට්ටාවටම හොඳ කරගන්න මේ දේවල් කරන්න

නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, හිසෙහි බරගතිය වැනි ලක්ෂණ පෙරටු කරගත් මෙම රෝගය ස්ත්‍රී පුරුෂ භේදයකින් තෙරව, වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුටම පාහේ වැලඳිය හැකි රෝග තත්ත්වයක් ලෙස පීනස් රෝගය හැඳින්විය හැක.

නාසය, උගුර, ස්වරාලය, ශ්වාසනාලය සහ නාලිකා, පෙණහලූ යන ඉන්ද්‍රියයන් ශ්වසන ව්‍යුහයට අයත්ය. ආයුර්වේද මතයට අනුව ශ්වසන ව්‍යුහගත රෝග ඇතිවීමට බලපාන්නේ සෙම් දෝෂයයි. ජීවිතයේ බාල කාලයේ සෙම් දෝෂය උල්බනව පවතින බැවින් එම කාලයේදී ශ්වසන රෝග ඇතිවීම බහුලය. ශ්වාස, කාස, ප්‍රතිශ්‍යා, පීනස, රාජයක්ෂ්මා ශවසන ව්‍යුහගත රෝග කිහිපයකි. මේ වර්තමානයේ බහුලව දක්නට ලැඛෙන රෝග තත්ත්වයක් වන පීනස පිළිබඳව අවධානය යොමු කරමු.

විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් අතර මෙන්ම ළදරුවන් අතරද බහුලව ව්‍යාප්තව පවතින මෙම රෝගය කරදරකාරී රෝග තත්ත්වයකි. යමෙකුගේ නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳී පවතීද නැතහොත් තෙත්ව පවතීද නැතහොත් දවන්නාක් බඳු දැනීමක් ඇතිවේද, ගඳ, සුවඳ මධුරාදී රස දැනීම නොමැති වේද එම රෝගය පීනස ලෙස ආයුර්වේදයේ දැක්වේ.

පීනස් රෝගය පිළිබද කතා කිරීමට මත්තෙන් රෝගය ඇතිවිමට බලපාන හේතු පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. ආයුර්වේදයේ දැක්වෙන පරිදි බොහෝ රෝග වලට හේතු වන පරිදි ආමය පීනස සඳහා හේතු වේ. අග්නිමාන්ද්‍ය හෙයත් ගින්න මදකම හේතුවෙන් ආම අවස්ථාවක් හටගෙන රස ධාතු සහ රක්තය දූෂණ වීම නිසා පීනස හටගනී.

පාරම්පරිකවද පීනස හටගැනීමේ අවධානමක් පවතී. එනම් මව්පියන් හෝ ඊට කලින් පරම්පරාවේ සාමාජිකයන්ට පීනස, ඇදුම, හෝ කුෂ්ඨ රෝග පවතින අවස්ථා වලදී එවැනි අයගේ දරුවන්ට පීනස වැලඳීමේ ඉඩකඩ පවතී. ප්‍රතිශ්‍යාවට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් මෙන්ම ප්‍රතිශ්‍යාව පවතින විට දිය නෑමෙන්ද පීනස හටගනී. මීට අමතරව දහවල් නින්ද, රාත්‍රී නිදි වැරීම, තද අව් රශ්මියට, පිනිදියට නිරාවරණය වීම ආදිය ද බලපායි.

අහිතකර ආහාර පාන පීනස සදහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ විග්‍රහ කොට ඇත. එනම් ශීත කළ ජලය, ශීත කළ ආහාර පාන, මෙන්ම උෂ්ණ ගුණින් යුතු ආහාර පාන වන ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි, අච්චාරු ආදිය අධිකව අනුභව කිරීම නිසා වන අසාත්මිකතාවයද පීනස් රෝගය සඳහා ප්‍රධාන ලෙසම බලපායි.

විදුලි පංකා, වායු සමීකරණ, සහිත කාමර වල නිතර ගැවසීම, මෙන්ම සිතේ ඇතිවන කැලඹීම් හා මානසික හේතූන්ද පීනස ඇතිවීම සඳහා බලපාන බව දක්වා ඇත.

මීට අමතරව අසාත්මිකතාවය පීනස සඳහා බලපාන ප්‍රධාන හේතුවක් බව ආයුර්වේදයේ මෙන්ම නව්‍ය වෛද්‍ය විද්‍යාවේද දක්වා ඇත.

උදාහරණ ලෙස ආශ්වාස ද්‍රව්‍ය – දූවිලි, මල්රේණු, සුවඳ විළවුන්, ස්පර්ශ ද්‍රව්‍ය – පැලෑටි, සත්තු, මල් ආදිය, හතික කාරක – උෂ්ණ, ශීත ද්‍රව්‍ය, පරපෝෂක ද්‍රව්‍ය – ජීවාණු, අධිග්‍රහණ ද්‍රව්‍ය – ආහාර, ඖෂධ.

පීනස් රෝග ප්‍රභේද
දේශීය චිකිත්සාවේ පීනස් ප්‍රභේද 18 ක් දක්වා ඇත. එම ප්‍රභේද අතුරින් සෙම් පීනස, ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස, ගඳ පීනස යන ප්‍රභේද සමාජයේ බහුලව දැකිය හැක.

පීනස් රෝග ලක්ෂණ
සෙම් පීනස, නිතර කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර ගැලීම

මෙම ලක්ෂණ උදෑසන අවදි වූ විගස, පිනිබෑම, ස්නානයෙන් පසු, අධික ශීත ආහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව සහ දුම්, දූවිලි, පරාග ආදී අසාත්මිකතා හේතුවෙන් බහුලව ඇතිවේ.

හිස බරගතිය හා හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව, ඇස්, කණ්, නාසා ආශ්‍රිත කැසීම, උගුරේ සෙම බැඳීම, ප්‍රතිශ්‍යා පීනස, නාසයෙන් සොටු සමග සැරව පිටවීම, නාසයේ යමක් සිරවී ඇති බවක් දැනීම, නාසය දෙපස කළු වීම, ලේ රස සහ කුණු රසක් මුඛයට දැනීම, නාසයේ ගඳ බව, මෞඛ ශ්වසනය, ඇසීම අඩුවීම, කණ් අගුළු වැටීම, ගල් පීනස, හිස ඉහලට එසවීමේදී සහ පහත් කිරීමේදී වේදනාව, නලලට සෙමින් තට්ටු කිරීමේදි වේදනාව, කිවිසුම් යාම, කරැකැවිල්ල, අධික හිසරදය

බොහෝ විට සොටු දියර ගැලීමක් නොමැත
කිවිසුම් යාම සහ නාසයෙන් සොටු දියර ගැලීම දවස පුරා පවතී නම්, දිගුකාලයක් පවතී නම්, පාරම්පරිකව පවතී නම් ඒවා අසාධ්‍ය ලක්ෂණ වේ. නමුත් රෝගියාගේ ඇවතුම් පැවතුම්, උනන්දුව ආදිය නිසි අයුරින් පවත්වා ගැනීම මගින් ප්‍රතිකාර අපහසු වුවද යම් තරමකට පාලනය කර ගත හැක.

පීනස පවතින රෝගීන්ට ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙසු පුද්ගලයන්ට වඩා අපහසුතාවයක් සිරුරට දැනේ. සෙම් දෝෂය අධික බැවින් අධික නිදිමත, සිරුරේ බර බව සහ අලස බව ඇති වේ.

පීනස් රෝගීන් අතුරින් සමහරෙකුට නාසයෙන් ලේ පිටවීමක් දැක ගක හැක. දේශීය චිකිත්සාවේ ලේ පීනස ලෙස හඳුන්වා ඇත්තේ එම අවස්ථාවයි. එමෙන්ම දූෂිත වූ සෙම පෙණහලූ කරා ගොස් ලය පීනස හටගනී.

පීනස් රෝග උපද්‍රව
මුල් අවස්ථාවේ පීනස් රෝග ලක්ෂණ පිළිබඳව නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් පසු කාලීනව දරුණු උපද්‍රව ඇතිවීමට ඉඩ ඇත. එසේ හටගත හැකි ප්‍රධාන උපද්‍රවයකි තමක ශ්වාසය හෙවත් ඇදුම රෝගය ය. එබැවින් පීනස පවතින විට ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

මීට අමතරව හටගත හැකි උපද්‍රව ලෙස හිස කෙස් සුදුවීම හා ගැලවී යාම, විදුරුමස් පැසවීම හා දියවීම, විදුරුමසින් ලේ ගැලීම, මුඛය හා නාසයේ දුර්ගන්ධය, නාසයේ මස් දළු හටගැනීම, කර්ණ ප්‍රදාහය, ඇතැම් අවස්ථා වල දිගුකාලීනය පවතින කැස්ස මෙන්ම පෙණහලූ වල ආසාදන තත්ත්වද හටගත හැක.

පීනස් රෝග ප්‍රතිකාර
පීනස් රෝගය විවිධ හේතූන් මත හටගත හැකි විවිධ රෝග ලක්ෂණ වලින් යුක්ත වූ රෝගයක් බැවින් පොදු ප්‍රතිකාර පන්තියක් දැක්වීම අපහසුය. ඇතැම් රෝගීන්ට මෙම රෝගය වෙනත් රෝග හා අනුබන්ධවී පවතිනු දැකගත හැක. දෝෂ තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු රෝග තත්ත්වයක් වන පීනස රෝගය සුවකිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ආයුරුවේද ප්‍රතිකාර පවතී. අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ප්‍රතිකාර පවතී.

පංචකර්ම ප්‍රතිකාර අතුරින් නස්‍ය ප්‍රතිකාරය මේ සඳහා ඉතා සුදුසු වේ. පීනස රෝගයේදී නස්‍ය කර්මය යොදන්නේ කල්ගත වූ අවස්ථාවේ පමණි. නව පීනසට නස්‍ය කර්ම යොදනු නොලැබේ. මීට අමතරව ස්නේහ ( තෙල් ගෑම ), ස්වේද ( වාෂ්ප ඇල්ලීම), ඖෂධීය ධූමපාන, ගණ්ඩූෂ ධාරණ ආදියද මේ සඳහා යෝග්‍ය බව ආයුර්වේදයේ දක්වා ඇත.

මීට අමතරව රෝගයෙන් වැළකී සිටිම සඳහා පහත ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම උචිතය. රාත්‍රී නිදි වැරීමෙන් හා දිවා නින්දෙන් වැළකීම. දුම්, දූවිලි අසාමික කාරක වලින් ඈත්වීම. සවස් කාලයේ සහ ශීත දේශගුණයක් පවතින විට දිය නෑමෙන් වැළකීම. ශීත කළ ආහාර පාන වළින් හැකිතාක් ඈත් වීම.

(උපුටා ගැනීම kotuwapaththare වෙබ් අඩවියෙන්)

කොලෙස්ටරෝල් අඩු කරන බාර්ලි, උළුහාල් පානය

>බාර්ලි, සංයෝජනය අතින් තිරිඟුවලට සමාන වුවත් රසයෙන් අඩුය. ලෝකයේ බොහෝ ප්‍රකට ධාන්‍යයක් වන මෙය ඈත අතීතයේ සිට පැවත එන මිනිසාගේ මෙන්ම සතුන්ගේ ද ආහාරයකි. එමෙන් ම මත්පැන් පැසවීම හා පෙරීම සඳහා යොදාගනී.

පෙරදිග පාරම්පරික වෛද්‍යවරුන් බාර්ලි නිරන්තරයෙන් යෙදා ගන්නේ දිරවීමේ පද්ධතිය ශක්තිමත් කිරීමට හා සුව කිරීමේ කටයුතු පිණිසයි. දිරවීමේ පද්ධතියේ අමාරුවලට සරල, එහෙත් ඵලදායී අත් බෙහෙතක් ලෙස බාර්ලි පානයක් සේ සාදා දිනය මුළුල්ලේම එය ටිකෙන් ටික ගැනීම කළ හැකියි. මින් වෙනත් ආහාර ගැනීම වැළකේ. මෙම අත් බෙහෙත අද දින දක්වා බෙහෙවින් භාවිතා වේ. බාර්ලි පානය සාදා ගන්නේ බාර්ලි ඇට කෝප්ප කාලක් ජලය ලීටර් 2.5ක දමා තැම්බීමෙනි. දිය බාගයකට සිඳුණු පසුව එය ප්‍රවේශමෙන් පෙරිය යුතුයි. බාර්ලි පානය ආහාර දිරවීමේ අපහසුතාවලට දෙආකාරයකට බලපානු ලබයි. එහි සිනිදු කාරක බලපෑමක් අති අතර බඩේ දැවිල්ල නැති කරයි. මෙහි ඇති මැලියම් කාරක ක්‍රියාකාරීත්වයෙන් තෙල් වැනි ද්‍රව්‍යයක් ඇති කරන අතර ඉන් සීරුණු ඕජස් සහිත සිවිය ආරක්ෂා කරන්නට උදව් වෙයි. මේ අනුව දිරවීමේ පද්ධතිය සිනිදුව තිබීමෙන් ආහාර හොඳින් ජීර්ණ කරගන්නට හැකි වෙයි. උණ රෝගයන්හි හා සියලුම දැවිලි කාරක ගතිවලදී ධාන්‍යයක් වන්නේ එහි ඇති සිනිදු කාරක ගතිය නිසාවෙනි. මෝරු මිශ්‍රිත බාර්ලි කැඳ හා දෙහි යුෂ මුත්‍රා කාරක කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වෙයි. වකුගඩු ඉදිමීම් වැනි මුත්‍රා සම්බන්ධ ආබාධවලට සුදුසුයි.

ඖෂධීය වටිනාකම
තිත්තත රසයෙන් යුක්තයි. ශීත ගුණය ඇත. මල හොඳින් බුරුල් වෙයි. ආහාර රුචිය වැඩි කරයි. ශක්තිය ලැබීමට ඉතාමත් හොඳ ආහාරයකි. රුධිරය පිරිසිදු කරයි. උණ රෝගයට හිතකර වෙයි. පිපාසය සංසිදුවයි. උණ නාශක ගුණ ඇත. ආමාශගත පිළිකා දුරු කරයි.

කොලෙස්ටරෝල්ට බාර්ලි
සිරුරට අවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් (HDL) වැඩි කරයි. එසේම සිරුරට අවශ්‍ය නැැති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර දමයි. ඊට අමතරව එහි අඩංගු triglyzeride ප්‍රතිශතය අඩු කිරීමට උපකාරී වේ. එවිට (HDL) හිතකර කොලෙස්ටරෝල් ඇති කිරීමට හැකියි. අධික රුධිර පීඩනය අඩු කරයි. ශරීරයේ බර අඩු කරයි.

වෙනත් ගුණ
බුද්ධිය වර්ධනය කිරීමට උදව් වෙයි. කටහඬ පැහැදිලි වේ. උගුරට එන විවිධ ආබාධ දුරු කරයි. සමේ රෝගවලට හිතකරයි. මේදය හා අධික ස්ථුල හා උෂ්ණාධිකයන්ට අගනා ඔසුවකි. බාර්ලි 100ඨ ක ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය

ප්‍රතිකාරවලට යොදන ආකාරය හා ප්‍රයෝජන</b><br/> බාර්ලි උළුහාල් සමඟ තම්බා බීමෙන් කොලෙස්ටරෝල් අඩු වේ. බාර්ලි කුඩු කර වතුර දමා ලිප තබා 1/4ට සිඳුවා ලිපෙන් බා පැයක් පමණ නිවෙන තුරු හැඳි ගාමින් පොඩි කර බීමට දීමෙන් වකුගඩු වේදනා මුත්‍රාශ හා මුත්‍රා මාර්ග ආශ්‍රිත වේදනා ආසාදන දුරු වේ. බාර්ලි කුඩු සම ප්‍රමාණයට සීනි එකතු කර ජලයේ දියකර පානය කිරීමෙන් ගර්භපාතනය (Abortion) දුරු වේ. බාර්ලි ඇට හෝ කුඩු තම්බා පානය කිරිම. බාර්ලි ඇට කබලේ බැද කුඩු කර කෝපි මෙන් වත්කර බොන්න. බාර්ලි පොරි කැඳ සාදාගත හැකියි. සුප් වර්ගවලට යොදා ගනියි. කොලෙස්ටරෝල් හා සීනි වැඩි අයට බාර්ලි ඇට හෝ කුඩු දිනකට 3g – 12g දක්වා භාවිතා කළ හැකියි.

ස්වර්ණා ආරියවංශ
(උපුටාගැනීම ලක්බිම පුවත්පත)

නිවැරදිව ඔබේ ගෙවත්තේම නයි මිරිස් වගාවක් පටන්ගමු

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.

කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.

පැළ නිපදවා ගැනීම
ඇට ලබා ගැනීම සඳහා හොදින් පැසුනු කරල් බාවිතා කල හැකිය.වැදගත්ම කරුණ නම් මෙම ඇට කරලෙන් ඉවත් කොට කෙටි කාලයක් (දින 2-3) ඇතුලත තවාන් බඳුන් වල තැන්පත් කල යුතුය.මෙම ඇට කල් යත්ම ජීවී තාවය ගිලිහී යයි.වෙලඳපොලෙන් අසුරන ලද බීජ මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න.

පැළ නිපදවා ගැනීම සඳහා බඳුන් සැකසීම
බඳුන් සැකසීම සඳහා හකුලා තිබෙන විට සෙන්ටි මීටර 10 ක් (අඟල් 4) පළල හා සෙන්ටි මීටර් 10 ක් උස පොලිතීන් බඳුන් භාවිතා කිරීම වාසිදායක වේ. ජලවහනය සඳහා බෑගයේ පතුලේ කුඩා සිදුරු 4-8 ක් පමණ ඇති කළ යුතුය. පතුල සීල් නොකරන ලද බැගයක් ද මේ සඳහා යොදා ගත හැක. සකසා ගත් පෝච්චි වලට බීජ 10-12 පමණ සමාකාරව විහිදී යන ලෙස තැන්පත් කරන්න.පසුව එයට සෙවණ සපයන්න. අඟල් 6-8 පමණ වන පැළ සිටුවීමට ගත හැකිය.

පැළ අවශ්‍යතාව<
අක්කරයකට පැළ 4000 පමණ. එක් වලකට පැළ එක බැගින්.
අවශ්‍ය පරතරය පැළ අතර අඩි 3 පේලි අතර අඩි අඩි 2.5 /3 වලවල් සකස් කරගැනීම අවමය දිග, පළල , උස අඩියක් පමණ විය යුතු අතර වලේ ප්‍රමානය වැඩි වන තරමට නීරෝගී ශක්තිමත් උසස් දිරියකින් යුත් ගසක් සාදා ගත් හැකිය.(වලෙහි ප්‍රමාණය අඩි 2/2 2 දක්වා වැඩි කල හැකිය) වලෙහි ප්‍රමාණය වැඩි වන තරමට කොච්චි ගස පවත්වා ගත් හැකි කාලය වැඩි වේ.

වලවල් පිරවීම
කොම්පෝස්ට් කොටස් දෙකට මතුපිට පස් එක බැගින් කලවම් කර වලවල් පිරවිය යුතුයි.<br/> කොම්පෝස්ට් 2: මතුපිට පස් 1. මෙහිදී කොම්පෝස්ට් බහුලව යොදාගැනීම විශේශ කරුනකි.

පොහොර අවශ්‍යතාවය
නයි මිරිස් සඳහා සුවිශේශී වූ පොහොර නිර්දේශයක් අවශ්‍ය නැත.පැළ කුමක් හෝ ඌනතා ලක්ශණ පෙන්වයි නම් පමණක් මිරිස් සඳහා වූ පොහොර බාවිතා කල හැකිය.නමුත් මෙම නයි මිරිස් ප්‍රබේද රසායනික පොහොර නොමැතිව වගා කිරීමේදී උසස් වර්දන වේගයක් පෙන්වයි.

වල පිරවීමේදී මඩ පොහොර (TSP) 10-15g පමන වලකට කලවම් කිරීම ඉහල ගුණාත්මයක් සහිත පැළයක් කබා ගැනීමට ඉවහල් වනු ඇත.

පැළ සිටුවීම

එක් වලකට එක් පැළය බැගින් සිටුවීම සුදුසුයි.පැළයේ උස අඟල් 6-8 වන පැළ ක්ශේත්‍රයේ සිටුවීමට සුදුසුය.පැළ සිටුවා සෙවණ සැපයීම අත්‍යාවශයයි.

නඩත්තුව
වැදගත්ම කරුණ නම් මෙහිදී විශේශ වූ නඩත්තුවක් අවශ්‍ය නැත. වියලි කලාපයේ දී ජලය සැපයීම පැළ කුඩා කාලයේදී දිනකට දෙවරක් ජලය සැපයිය යුතුය.මිරිස් වගාවට වැලඳෙන රෝග සහ හානිකරන පළිබෝද මෙම බෝගයටද එකසේ බලපානු ලබයි.මෙය රෝග වලට ප්‍රතිරෝදී බවක් පෙන්වන අතර සෙවන සහිත පරිසරයේ වුවද සාර්තකව වගා කල හැකිය.වියලි කාලගුණ තත්ව යටතේ නොනැසී පැවතීමේ හැකියාවක්ද පවතියි.

අස්වනු නෙලීම
හොඳින් නඩත්තු කරන ලද වගාවකින් දින 75 ක් ඇතුලත පලමු අස්වැන්න නෙලාගත හැකිය.හොඳින් නඩත්තු කරන ලද වගාවකින් වසරකට වැඩි කාලයක් පලදාව ගත හැකිය.

විෂේශ කරුණු
වගාව මල අතු වලින්(පොල් අතු,කෙසෙල් පරඬැල්,තල් අතු.)ආවරණය කිරීමෙන් වගාවට පැමිනෙන කෘමීන් වලක්වා ගත හැකිය.තවද වගාව වටා දාස් පෙතියා මල් පැළ සිටිවීමෙන් වගාවට එන කෘමීන් පාලනය කරගත හැකිය.දාස් පෙතියා කෘමි විකර්ශක ශාකයක් ලෙස ක්‍රියා කරයි. තවද මෙම ශාකය තම ගෙවත්තේ වගා මලු වලද පහසුවෙන් වගා කරගත හැකිය.

(හරිත ලංකා කෘෂි සේවා පිටුවෙනි)

ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී දැනගත යුතු දේවල් රැසක් මෙන්න

Phone​ ​එකක්​ ​ගනිද්දී​ ​අපි​ ​සැලකිලිමත්​ ​විය​ ​යුතු​ ​බොහෝ​ ​දේවල්​ ​තිබෙනවා.​ ​අද​ අපි​ ​ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ මෙන්න මේ ගැනයි.

නිමාව (Finishing)
ෆෝන්​ ​එකක​ ​කල්​ ​පැවැත්මට​ ​ගොඩක්ම​ ​වැදගත්​ ​වන​ ​දෙයක්​ ​තමයි​ ​එහි​ ​කල්​ ​පැවැත්ම.​ ​ලෝහ,​ ​වීදුරු​ ​සහ ප්ලාස්ටික්​ ​අලුත්​ ​ෆෝන්වල​ ​වැඩිපුරම​ ​පාවිච්චි​ කරනවා.​ ​ඉතින්​ ​ෆෝන්​ ​එක​ ​අතට​ ​ගත්ත​ ​ගමන්​ ​ඔබේ​ ​පාවිච්චියේ හැටියට​ ​මේක​ ​ඔරොත්තු​ ​දෙන්න​ ​පුළුවන්ද​ ​කියලා​ ​පොඩ්ඩක්​ ​තට්ටුවක්​ ​දාලා​ ​බලන්න.​ ​නිතර​ ​ෆෝන්​ ​එක​ ​බිම දාගන්න​ ​කෙනෙක්​ ​නම්​ ​ප්ලාස්ටික්​ ​තමයි​ ​හොඳම.

ප්‍රමාණය (Size)
ෆෝන්​ ​එකේ​ ​ප්‍රමාණය​ ​ගොඩක්ම​ ​තීරණය​ ​කරන්නේ​ ​ෆෝන්​ ​එකේ​ ​තිරයයි.​ ​ඔබ​ ​නිතර​ ​වීඩියෝ,​ ​චිත්‍රපටි​ ​බලනවා නම්​ ​ටිකක්​ ​ලොකු​ ​තරමේ​ ​එකක්​ ​තියෙන​ ​එක​ හොඳයි.​ ​ඒත්​ ​ඉතින්​ ​අතේ​ ​තියාගෙන​ ​බස්​ ​එකේ​ ​එල්ලිලා​ ​තනි​ ​අතින් වුණත්​ ​පාවිච්චි​ ​කරන්න​ ​පුළුවන්​ ​වගේ​ ​ඔබේ​ ​එදිනෙදා​ ​ක්‍රියා​ ​පිළිවෙළට​ ​ගැලපෙන​ ප්‍රමාණයේ​ ​එකක්​ ​ගන්නත් අමතක​ ​කරන්න​ ​එපා.​ ​සාමාන්‍යයෙන්​ ​අඟල්​ ​5.5ක​ ​වගේ​ ​එකක්​ ​ඕනම​ ​දේකට​ ​ගැලපෙනවා.

ප්‍රොසෙසරය (Processors)
ෆෝන්​ ​එකේ​ ​වේගයට​ ​බලපාන​ ​තවත්​ ​සාධකයක්​ ​තමයි​ ​ප්‍රොසෙසරය​ ​කියන්නේ.​ ​මේ​ ​අගය​ ​ජී​ ​-​ ​එච්​ ​-​ ​ඉසෙඩ් හෙවත්​ ​ගිගාහර්ට්ස්​ ​කියලා​ ​අංකයකින්​ ​දක්වලා​ තියෙනවා.​ ​එය​ ​වැඩි​ ​වන​ ​තරමට​ ​වේගයත්​ ​වැඩි​ ​වෙනවා.​ ​මිනුමක් විධියට​ ​ගිගාහර්ට්ස්​ ​1.2​ ​GHz​ ​වුණු​ ​ඔක්ටාකෝ​ ​ප්‍රොසෙසරයක්​ ​ටිකක්​ ​බර​ ​වැඩකට​ ​වුණත්​ හොඳටම​ ​ඇති.

රැම්​ ​එක (Ram)
ෆෝන්​ ​එකේ​ ​වේගයට​ ​රැම්​ ​එක​ ​නම්​ ​ටිකක්​ ​වැඩිපුර​ ​නැතුවම​ ​බැහැ.​ ​මේ​ ​කාලයේ​ ​නම්​ ​අඩු​ ​තරමේ​ ​3GB​ ​රැම් එකක්වත්​ ​තිබෙනවා​ ​නම්​ ​තව​ ​අවුරුද්දක්​ ​දෙකක්​ ​ෆෝන්​ ​එක​ ​ස්ලෝ​ ​නොවී​ ​පාවිච්චි​ ​කරන්න​ ​පුළුවන්​ ​වේවි.

ඉදිරිපස​ ​සහ​ ​පසුපස​ ​කැමරාව (Back &amp; Front Camera)
කැමරාවේ​ ​ගුණාත්මක​ ​බව​ ​බලන්නේ​ ​මෙගා​ ​පික්සල්​ ​හෙවත්​ ​එම්​ ​-​ ​පී​ ​අගයෙන්.​ ​හැබැයි​ ​ඉතින්​ ​ඒ​ ​අගය​ ​වැඩි වුණාටම​ ​කැමරාවේ​ ​කොලිටිය​ ​වැඩි​ ​වෙන්නේ​ ​නැහැ.​ ​ඒකට​ ​පික්සල්​ ​ප්‍රමාණය,​ ​ISO​ ​අගය​ ​වගේ​ ​ගොඩක්​ ​දේවල් බලපානවා.​ ​ඔබ​ ​නිතර​ ​සෙල්ෆි​ ​ගන්නා​ ​කෙනෙක්​ ​නම්​ ​ඉදිරිපස​ ​කැමරාව​ ​ටිකක්​ ​වැඩි​ ​අගයක​ එකක්​ ​ගන්න​ ​බලන්න. අඳුරේදි,​ ​අත​ ​සෙලවෙද්දී​ ​හොඳ​ ​ඡායාරූපයක්​ ​ගන්න​ ​පුළුවන්​ ​කැමරාවක්​ ​නම්​ ​චාරිකාවක්​ ​යන​ ​ඔබට​ ​බොහොම වැදගත්​ ​වේවි.​ ​ඒ​ ​නිසා​ ​ෆෝන්​ ​එත​ ​මිලදී​ ​ගන්නට​ ​කලින්​ ​අතට​ ​අරගෙන​ ​පින්තුර​ ​කිහිපයක්​ ​අරගෙන​ ​බලන්න.

බැටරිය (Battery)
ඔබ​ ​ෆෝන්​ ​එක​ ​පාවිච්චි​ ​කරන​ ​ප්‍රමාණය​ ​අනුව​ ​බැටරිය​ ​බලපානවා.​ ​සාමාන්‍යයෙන්​ ​එම්​ ​ඒ​ ​එච්​ ​හෙවත්​ ​පැයට​ ​මිලි ඇම්පියර්​ ​ප්‍රමාණය​ ​3000ක්​ ​වගේ​ ​ගහලා​ තියෙන​ ​එකක්​ ​ගත්තොත්​ ​දවස​ ​පිරිමහ​ ​ගන්න​ ​පුළුවන්​ ​වේවි. කොහොමටත්​ ​ගත්තාට​ ​පස්සේ​ ​බ්‍රයිට්නස්​ ​අඩු​ ​කරලා​ ​එහෙම​ ​පාවිච්චි​ ​කළාම​ ​බැටරිය​ ​තවත්​ බහින්නේ​ ​නැතුව තියාගන්න​ ​පුළුවන්.

මෙහෙයුම්​ ​පද්ධතිය (Operating System)
ෆෝන්​ ​එකේ​ ​මෙහෙයුම්​ ​පද්ධතිය​ ​අලුත්​ ​වෙන​ ​තරමට​ ​එයට​ ​ලැබෙන​ ​පහසුකම්නුත්​ ​නිකම්ම​ ​වැඩිවෙනවා.​ ​ෆෝන් එක​ ​නිෂ්පාදිත​ ​වර්ෂය​ ​අලුත්​ ​වෙන​ ​තරමට​ ඔබට​ ​අලුතින්​ ​එන​ ​OS​ ​updatesනුත්​ ​ලබා​ ​ගන්න​ ​පුළුවන්.​ ​ඉතින්​ ​අවුරුදු කීපයකට​ ​පාවිච්චි​ ​කරන්න​ ​බලාගෙන​ ​ගන්නවා​ ​නම්​ ​නිෂ්පාදිත​ ​වර්ෂය​ ​අලුත්​ ​එකක්ම​ ​ගන්න

අභ්‍යන්තර​ ​ධාරිතාව (Rom)
ඉන්ටර්නල්​ ​ස්ටෝරේජ්​ ​එක​ ​අඩු​ ​තරමේ​ ​16GB​ ​කියලා​ ​ගහපු​ ​එකක්වත්​ ​නොගත්තොත්​ ​මේ​ ​කාලේ​ ​නම්​ ​පාවිච්චි කරන්න​ ​අමාරුයි.​ ​ඇප්ස්​ ​වැඩි​ ​වෙද්දි​ ​ඒකත්​ පිරිලා​ ​යනවා.​ ​හැබැයි​ ​එස්ඩී​ ​කාඩ්​ ​දාන්න​ ​පුළුවන්​ ​ෆෝන්​ ​එකක්​ ​නම් සින්දු,​ ​පින්තූර​ ​එහෙම​ ​ඒකේ​ ​තියන්න​ ​පුළුවන්​ ​නිසා​ ​වාසියක්​ ​තියෙනවා.

ආරක්ෂාව (Security)
දැන්​ ​එන​ ​බොහොමයක්​ ​දුරකථනවල​ ​ෆින්ගර්ප්‍රින්ට්​ ​සෙන්සර්ස්​ ​තියෙනවා.​ ​ඉතින්​ ​පාස්වර්ඩ්​ ​එක​ ​ගහනවාට​ ​වඩා​ ​ඒ වගේ​ ​ආරක්ෂාවක්​ ​ෆෝන්​ ​එකට​ ​ලැබෙන​ එක​ ​බොහොම​ ​වැදගත්.​ ​එතකොට​ ​යාළුවොන්ට​ ​ෆෝන්​ ​එක​ ​අහුවුණාම ෆේස්බුක්​ ​එකට​ ​අනංමනං​ ​දාන​ ​එක​ ​නවතිනවා.

සවුන්ඩ් (Sound)
තාමත්​ ​ජැක්​ ​තියෙන​ ​හෙඩ්සෙට්​ ​බහුල​ ​නිසා​ ​ෆෝන්​ ​එකේ​ ​හෙට්සෙට්​ ​ජැක්​ ​එකක්​ ​තියෙන​ ​එක​ ​ඕනම​ ​හෙඩ්සෙට් එකක්​ ​ගහන්න​ ​අවස්ථාව​ ​දෙන​ ​හින්දා​ ​වටිනවා.​ ​ඒ​ ​වගේම​ ​ෆෝන්​ ​එකේ​ ​ස්පීකර්ස්​ ​දෙකක්​ ​තිබෙන​ ​එක​ ​සද්දෙට සින්දු​ ​අහනවා​ ​නම්​ ​වැදගත්​ ​වේවි.

තඹරු​ ​විජේසේකර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මුරුංගා ශාකයම ඖෂධ ගබඩාවක් රෝග රැසකට දිව ඔසුවක් වූ මුරුංගා

බටහිර රටවල කුඩු කරන ලද වියලි පත්‍ර වලින් කැප්සුල් නිපදවා ගැනිම සිදු කෙරේ. ලංකාවෙත්‍ දැන් කැප්සුල් ගන්න තියනවා කියලා දැන ගත්තා. අනෙක් කොල වර්ග වලට සාපේක්ෂව විටමින් සී බහුල වශනේ අඩංගු වේ. Moringa වල අධික ලෙස ඇන්ටිඹක්සිජන් අඩංගු වේ.මෙහි විවිධ මුක්ත ඛන්ඩ විශාල වශයෙන් ඇත. මේ නිසා හදවත් රෝග දියවැඩියාව වැනි රෝග වලට ක්‍රියා කිරීමේ හැකියාව ඇත. Quercetin – රැධිර පීඩනය අඩු කරන ප්‍රබල ඇන්ටිඹක්සිජනයක් වේ. Chlorogenic acid -ආහාර ගැනීමෙන්පසු රැධිර සීනී පාලනයට වැදගත් වේ. මෙය කෝපි වලද බහුලව අඩංගු වේ. මුරුංගා 50 g දිනපතා ආහාරයට එකතු කර ගැනීමෙන් මාස 03 ක් පමණ වන විට රැධිර ගත සීනී ප්‍රමාණය 21%කින් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. අධික ලෙස ඇන්ටිඹක්සිජන් ඇති නිසා ආසාදන වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත. හදවත් රෝග පිලිකා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මුරුංගා වලින් රැධිරගක ක්ලොස්ටරෝල් මට්ටම පහත හෙලීමට උපකාරී වේ.

බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැක ගත හැක. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සදහා යොදා ගනී.

මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සදහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සදහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය. මුරුංගා පොතු වියලා කුළුබඩුවක් ලෙස දිනපතා වෑංජනවලට එකතුකර ගත හැකිනම් රෝග රැසකින් අත්මිදින්නට හැකිය. පණුරෝග, බඩේ ගල්, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධ, හෘදය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, කැස්ස, ඇදුම ආදී රෝග රැසක් සුව කර ගැනීමටත් ඉන් වැලකීමටත් ඉහත ක්‍රමවේදය පිටිවහලක් වේ.

ආයුර්වේදයේදී මුරුංගා හදුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ වනාහී රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතී. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටී, කැල්සියම්, මැග්නිසියම්,කොපර්, යකඩ, පොස්පරස්, ඛණිජලවන වැනි ගුණ රාශියක් පවතී.

මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොදින් කොටා මිරිකා මීපැණි තේ හන්දක් එක්කර එයට තැඹිලි ගෙඩියක වතුර එක්කර උදේ, දවල්, සවස ලෙස දිනකට තෙවරක් පානය කිරීම ආහාර ජීරණයට ඉතාමත් ගුණදායක වේ. මුරුංගා කොළ මිටක් හොදින් අඹරා ඊට මුදවපු කිරිමේසහැදි 5ක් එකතුකර දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් අත්මිදිය හැක. ශල්‍යකරමයකට ලක් නොකර මුත්‍රාගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් කසායක් සාදා ගත හැක. තරමක් වියලි මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතර එකට සිදුවා උදේ හා සවස සති දෙකක් පමණ දිනපතා පානය කිරීමෙන් මුත්‍රා ගල් අංශු බවට පත්වී දියවේ. මෙය හොදින් මුත්‍රා පිටවිමටත්, මුත්‍රා දැවිල්ල සමනය වීමටත් ගුණදායකය.

මුරුංගාවලට දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක් මෙන්ම සැරව ගලන තුවාල පිරිසිදු කර ඉක්මනින් සුව කර ගැනීමේ විශ්මිත හැකියාවක් ඇත. මෙවැනි කී නොකී ගුණයන් රාශියක් ඇති මුරුංගා එළවළුවක් ලෙස බොහෝ දෙනා ආහාරයට නොගැනීම කණගාටුවට කරුණකි. නවීන පර්යේෂණවලින් හෙලවී තිබෙන කරුණක් නම් ශරීරයේ කොලෙස්ටරෝල් හා සීනි ප්‍රමාණය අඩුවීමට මුරුංගා නිරන්තරයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය බවයි.

තවද සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම සදහා මුරුංගා කරලේ ඇති ඇට භාවිතයට ගනී. මින් හෙළිවන්නේ මෙම ශාකයෙහි පවතින අද්විතීය ගුණයයි. එම නිසා අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක්, මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් මනා සමබර නිරෝගිමත් ජීවන පැවැත්මක් පවත්වාගත හැකි වේ.

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.

මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.

පෝෂක මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස

β කැරොටින් 192mg 2400 120%, විටමින් C 6.6 mg 30 330%, යකඩ 0.26mg 9 8.7%, කැල්සියම් 22.4 mg 500 13.4%, පොස්පොරස් 6.3 mg 800 2.4%, මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.

ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි අඩංගු බොහෝ ලෝහ කොටස් හේතුවෙන් මිනිසාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩුවල විවිධ ගැටලු ඇතිවී ඇත. නමුත් අතීතයෙන් අපේ ගැමියෝ ආහාරය වගේම ජලය පිරිසුදු කිරීම සඳහා මුරුංගා ඇට භාවිත කළහ. මේ අනුව මෙය ඉහළ වටිනාකමකින් යුත් ඖෂධයකි. ඉස්සන්, මඤ්ඤොක්කා, වැලි කොටස්ඇට වැනි දේ තම්බන විට මුරැංගා කොළද එම ව්‍යාංජනයට යොදනු ලැබේ. එබැවින් එහි තිබිය හැකි විස තත්ත්වය අඩුවේ.

අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ. එමඟින් විශේෂයෙන් ආහාර ජීර්ණ තත්ත්වය මෙන්ම රසකාරක ගුණයද ලැබේ. බොහෝවිට තැම්බුම් හොදි දෙනු ලබන්නේ රෝගීන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ටය. ඔවුන්ට ඉතා ඉක්මණින් ආහාර දිරවීම වැදගත් වේ. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර් ජීර්ණ ශක්තිය වැඩිවේ. අච්චාරුවලට මුරුංගා පොතු කැබැල්ලක් එක් කිරීමෙන් රසය වැඩිවන අතර විනාකිරි වැනි දෙයින් ඇතිවන්නට ඇති අසාත්මිකතාවය වළක්වා ගත හැකිවේ.

පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ. මුරුංගාවල කොළ, පොතු, ඇට, මල් යන මේ සියල්ල ඖෂධ ලෙසින් එදා සිට අද දක්වා භාවිත කෙරේ. විශේෂයෙන් මුරුංගා කොළ මඳ පවනේ අඩු උෂ්ණත්වයක් යටතේ වේලා එය කුඩුකර ගැනීමෙන් පසුව ඖෂධීය පානය ලෙසින්ද බීමට හැක. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ.

නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ. මෙය මඳ පවනේ වේලා කුඩුකර මෙන්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානයද කළ හැක.

උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. මුරුංගා එයින් ප්‍රධාන වේ.

මුරුංගා ව්‍යංජනයක් ලෙසින්ද මුරුංගා කොළ වලින් කොළ කැඳක් ලෙසින්ද මුරුංගා මද, මුරුංගා ඇට, මුරුංගා කොළ ගෙන සුප් එකක් ලෙසින්ද සාදා ආහාරයට ගත හැක. ආයුර්වේදයේ විවිධ සන්ධි රෝගවලදී වේදනා නාශකයන් ලෙසින්ද හැඳින්වේ. ඉදිමුම අඩුකිරීමට යොදාගන්නා පත්තු බැඳීමේදී මුරුංගා කොළ, මුරුංගා පොතු සහ මුරුංගා මුල් භාවිත කෙරේ. එමෙන්ම මාසික ඔසප් වීම නිසියාකාරව සිදුෙනාවන අයට මුරුංගා අහාරයට ගැනීමෙන් ඔසප් ප්‍රශ්න මඟහරවා ගත හැකි බව වෛද්‍යවරු පවසති. එමෙන්ම ලිංගික ශක්තියත් වැඩිකිරීමටත් මරුංගා ආහාරයට ගැනීම බෙහෙවින් ඉවහල් වේ.

මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය. මුරුංගා ඇට, ග්‍රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්‍යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ.

මුරුංගාවල පෝෂ්‍ය පදාර්ථ ඇස්වලට ඉතා හිතකර වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත්, පිළිකා නාශකයක් ලෙසින්ද ඉතා වැදගත්වේ. කුරුලෑ නැති කිරීමට, සමේ රැලි වැටීම වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝග, වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතා ගුණදායක වේ. සමට, හිසකෙස්වලට මෙන්ම අස්ථිවලට වැදගත් ඖෂධයකි. සියලුම බෝ නොවන රෝග සඳහා, විශේෂයෙන් පිළිකා රෝග සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනයටද ඉතා ගුණදෙන බාල මහලු කොයි කාටත් ගුණදායක ආහාරයක් ලෙසින්ද ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්විය හැක.

මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ.
මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි.

මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි. එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ. විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති. මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.

ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අක්මාව පිරිසිදු කරවන ලෙඩ රෝග රැසක් දුරලන ශරීරයේ සියලුම විෂ නසන ආයුර්වේද පානයක් සාදාගන්නා හැටි

ඉන්දියාව තුල ඈත අතීතයේ සිටම භාවිතා කරන මෙම ස්වභාවික පානය සතුව ශරීරයේ සියලුම විෂ සහිත සංයෝගයන් ඉවත් කර රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කර ශරීර වේදනාවන් සමනය කිරීමේ හැකියාව තිබෙනවා. මෙය ආයුර්වේද ගුණ ඇති රසවත් පානයක්. අපි මේ පානය පිළිබඳව අද ඔබව දැනුවත් කරන්නයි සූදානම් වන්නේ.

ඉන්දියානුවන් විසින් සිදු කරනු ලබන්නේ මෙම පානය සාමාන්‍ය කිරි පානයක් ලෙස සකස් කර ආහාර සඳහා එක්කර ගැනීම, තේ කහට සමග එක්කර පානයක් සකස් කර ගැනීම සහ සුප් පානයන් සඳහා එක්කර පානය කිරීමයි.

මෙම කිරි පානය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය මගින් ශරීරයට සැලසෙන සෞඛ්‍යය වාසි පිළිබඳ එකින් එක විමසා බලමු.
මේ සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ කහ ය. කිරි පානය සඳහා කහ භාවිතා කිරීම මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශරීරයේ සන්ධි සහ මාංශ පේශී සඳහා සවිබල ලැබීම, අක්මා රෝග නිවාරණයවීම, සමේ ගැටළු නිවාරණය, ශ්වසන රෝග නිවාරණය සහ ආතරයිටිස් රෝගය නිවාරණයවීම වැනි රෝගී තත්වයන් නිවාරණය වීමයි.

අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇති ආකාරයට වේදනානාශක බලයන් සහ ක්ෂුද්‍රජීව නාශක බලයන් සහිත කහ මගින් විවිධ ආසාත්මිකතා සහ ශරීරයේ විවිධ අසමතුලිතතාවයන් සුවපත් කර “Alzheimer’s” සහ “dementia” වැනි රෝගී තත්වයන් පවා පාලනය කර පිළිකාව වැනි රෝගී තත්වයන්ගෙන් පවා ආරක්‍ෂා කිරීමේ හැකියාව කහ සතු වන බවයි.

මෙම කිරි පානය සඳහා භාවිතා වන තවත් අමුද්‍රව්‍යක් වන ඉඟුරු මගින් සිදු වන්නේ ශරීරයේ පවතින වේදනා සමනය කිරීම, ඔසප් සමයේදී සිදුවන අපහසුතා අවම කිරීම, රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කිරීම, ඔක්කාරය වැනි තත්වයන් පාලනය කිරීම, ආහාර ජීර්ණයට පහසු කරවීම සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීම වැනි අකාරයන්ගෙන් සෞඛ්‍යය ආරක්‍ෂා කරදීමයි.

පොල් කිරි තුල අඩංගු වන අධික විටමින් B ප්‍රමාණය, මැග්නීසියම්, electrolytes සහ මේද අම්ලයන් මගින් රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කර සන්ධි වේදනාව සමනය කර ශරීරයේ බර පාලනය කිරීම සිදු කරනවා.

පොල්තෙල් මගින් ශරීරයේ තුවාල සුවකිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම, ආහාර ජීර්ණය නියාමනය කිරීම, බර අඩු කර ගැනීමට සහාය වීම, සමේ තෙතමනය ආරක්‍ෂා කිරීම සහ අක්මාවේ සහ වකුගඩු වල ඇතිවන රෝග වලින් ආරක්‍ෂා කිරීම සිදු කරනවා.

මෙම කිරි පානයට ගම්මිරිස් එක්කර ගැනීම මගින් සිදු වන්නේ ශරීරයට කහ අවශෝෂණය වීමේ වේගය වැඩි කිරීමත් ශරීරය තුල ඇති ව්‍යාදිජනකයින් සමග සටන් වැදීමත් ආහාර ජීර්ණය නියාමනය කිරීමත් රක්තහීනතාවය දුරු කිරීමත් වැනි සෞඛ්‍යය වාසි අත්කර දීමයි.

මෙම කිරි පානය සඳහා මීපැණි භාවිතා කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් ආසාදනයන් මගින් ආරක්‍ෂා කිරීම මෙන්ම ශරීරය සැහැල්ලු කර සුවදායක නින්දක් අත්කර දීම සිදු කරනවා.

මෙම කිරි පානය සකස් කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය
කහ තේ හැන්දක්, කුඩා කැබලි වලට කපාගත් නවුම් ඉඟුරු අලයක්, පොල්තෙල් මේස හැන්දක්, ගම්මිරිස් ස්වල්පයක්, පොල් කිරි කෝප්ප දෙකක්, මීපැණි තේ හැන්දක්, කුරුඳු කුඩු තේ හැඳි භාගයක්.

සැකසීම
සාස්පානක් ගෙන අමුද්‍රව්‍ය සියල්ල එක්කර විනාඩි පහක් පමණ රත් කර කිරි පානය සකස් කර ගන්න. මෙසේ සකස් කර ගන්නා කිරි පානය ඔබට අවශ්‍ය වෙලාවක පානය කරන්නට පුළුවන්.

මුත්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන, වාතය හා සෙම සමනය කරන දිව ඔසුවක් වූ තිබ්බටු වලින් තිබ්බටු මාළුවක් හදන හැටි

වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු වලින් සාදන ලද තිබ්බටු මාළුව බොහෝ විට හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට හැකියාව ඇත.. සියලූ ආකාර රස ගුණ තිබෙන තිබ්බටු මාළුව සකසා ගන්නේ මේ ආකාරයෙනි.

තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගනී. සමහරවිට හාල්මැස්සන් අහුරක්ද එකතු කරයි . හොඳින් තැම්බුණු පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර ගනී.. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර ගනී.

තිබ්බටු අයත් වන්නේ කන්ඨකාරිකුලය යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum Linn ය . මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.

නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිට ද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ)ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.

ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද ,නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම, තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත

මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

අර්ශස් අමාරුව නිසා ඔබත් දුක් විඳිනවාද? අර්ශස් අමාරුව නිට්ටාවටම සුව කළ හැකි ආයුර්වේද ක්‍රම

අර්ශෂ් රෝගය අද වන විට බොහෝදෙනෙකු පීඩා විඳින රෝගී තත්ත්වයක්. මේ රෝගය පිළිබඳව ආයුර්වේදීය විග්‍රහයක් සමගින් ඒ සඳහා වූ ප්‍රතිකාර, ඇවතුම් පැවතුම් පිළිබඳව මේ ලිපිය මගින් විග්‍රහ කරනවා.

රෝග ලක්ෂණ
තදබල ලෙස කේන්තියාම, ඇවිදීමේදී ඇතිවන අපහසුතාව, මුනින් අතට නිදා ගැනීමේදී හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ අපහසුතාව, නිසි පරිදි මල පිට නොවීම, අර්ශස් ගෙඩි ඇති වීම, රුධිරය පිටවීම, වේදනාකාරී බව,

අර්ශස් ඇති වීමට බලපාන හේතු
මූලික වශයෙන් අර්ශස් ඇති වීම සඳහා ජානමය වශයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකියි. මවට එසේත් නැත්නම් පියාට මෙම ලක්ෂණ පවතිනවා නම් ළදරු කලලයේ සිට දරුවාට ද මෙම රෝග ලක්ෂණවලට මුහුණ දීමට සිදු වේ. මීට අමතරව වර්තමාන කාර්යබහුල ජීවන රටාවන් අර්ශස් ඇතිවීම සඳහා බලපාන ප්‍රබල හේතුවකි. මෙම අයහපත් ජීවන රටාවේ බලපෑම දරුවෙකුගේ කුඩා කාලයේ සිට ආරම්භ වන්නකි. මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්, පෙර පාසැල් යන වයසේ දරුවෙකු පිළිබඳ සලකා බැලූ විට ඉතා උදෑසනින් මව්පියන් විසින් ඔවුන් අවදි කර ගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක් මැද ඔවුන් පාසැල් යැවීම සඳහා සූදානම් කරනු ලැබේ. මෙවැනි තත්ත්වයකදී දරුවාට වැසිකිලි අවශ්‍යතා පවා නිසි පරිදි නිදහසේ ඉටු කර ගැනීමට හැකියාවක් නොමැති විය හැකියි. බොහෝදුරට රාත්‍රී කාලයේදී දරුවන් වැඩිපුර වේලාවක් අවදි කරගෙන සිටීම නිසා උදේ කාලයේදී විශේෂයෙන් මව්වරුන්ට මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත් සමහරුන් උදේ කාලය තුළ දරුවාට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවන විට වැසිකිළියාමට අවශ්‍ය වුවත් මලපහ නොකරන ලෙසින් දරුවන්ට තරවටු ද කරනු ලැබේ. ඒ වගේම නිවසින් පිටතදී මෙන්ම පාසැලේදී පවා මලපහ නොකරන ලෙසින් ද අවවාද කරනු ලැබේ. මෙවැනි තරවටු කිරීම් නිසා දරුවෙකුට නිවසින් පිටතදී හෝ කුමන අවස්ථාවකදී හෝ මල පිටකිරීමේ අවශ්‍යතාව පැමිණියත් එය ඉවසා දරා ගැනීමට පුරුදු වේ. පසුව කාලයත් සමඟ මෙම තත්ත්වය ඔවුන් පුරුද්දක් බවට පත් කරගනු ලැබේ.

කුඩා දරුවන්ට පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට ද අත් වන්නේ මීට සමාන ඉරණමකි. ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාව තුළ වැසිකිළියාම සඳහාවත් ඉඩක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නොමැත. තවද ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු : පිටි සහිත ආහාර වැඩිපුර භාවිතා කිරීමල ක්ෂණික ආහාර අම්ල අධික ආහාර ලබා ගැනීම :බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා. උෂ්ණ අධික ආහාර :ඉස්සෝ, දැල්ලෝ, බල මාළු- භාවිතයත් මීට බලපාන අනෙකුත් හේතුන් වේ.

ඉහත හේතූන්ට අමතරව ප්‍රධාන වශයෙන් ගැස්ට්‍රයිටීස් තත්ත්ව ආශි‍්‍රතව ඇතිවන ආහාර ජීර්ණයේ යම් යම් දුර්වලතා ද මීට හේතු වේ. ඒ අනුව ආහාර මාර්ගයේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩුකම් නිසා එහි අවසන් කෙළවරට :ගුද මාර්ගයට- අර්ශස් වැනි රෝගී තත්ත්ව ඇති කරනු ලැබේ.

රෝගී තත්ත්වය සුව අතට පත්වීමට නම්
මලපහ කිරීමේ යම් යම් අපහසුතා තිබෙනවා නම් හා නිසිකලට වේලාවට මලපිට වන්නේ නැතිනම් එය ඉතාමත් බරපතළ ගැටලුවකි. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු උදෑසන අවදි වූ විගස මලපහ කළ යුතුයි. සාමාන්‍යයෙන් දවසකට දෙවරක් වත් අවම වශයෙන් මල පිට කිරීම ගැටලුවක් නොවුණත් ඊට වඩා වැඩි වාර ගණනාවක් වැසිකිලි යාමේ අවශ්‍යතාවන් ඇති වීමත් ගැටලුකාරී විය හැකියි.

මේ සඳහා පවතින ආයුර්වේදීය ප්‍රතිකාර
මෙහිදී මූලික වශයෙන් උදේ කාලයේදී නියමිත පරිදි ඉතාමත් පහසුවෙන් මලපිට කිරීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලැබේ. මෙම ප්‍රතිකාර ක්‍රම ඉතාමත් සාර්ථක මට්ටමේ ක්‍රම නිසා ශල්‍යකර්මවලට භාජනය වීමට සිටින රෝගීන්ට පවා ඉතා පහසුවෙන් ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. ඉන් අනතුරුව ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම සමබර කිරීමේ ප්‍රතිකාරයක් ආරම්භ කරනු ලැබේ. මේ සඳහා ද ඉතාමත් ස්වභාවිකව නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙනු ලැබේ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ඕනෑම අයෙකුට උචිත වන පරිදි මෙම ඖෂධ වර්ග නිපදවීම අර්ශස් රෝගීන්ට තවත් පහසුවකි.

අර්ශස් රෝගී තත්ත්වයත් සමඟ ඇතිවන වෙනත් රෝගී තත්ත්ව
මෙවන් රෝගීන්ට අර්ශස්වලට අමතරව මුහුණ දීමට සිදුවන වෙනත් රෝග ගණනාවක් තිබේ. ඒ අතරින් හිස කැක්කුම, තදබල ගැස්ට්‍රයිටීස් තත්ත්ව, වාත රක්ත තත්ත්ව, ඇදුම, දියවැඩියාව, මූලික තත්ත්වයක් ගනු ලැබේ. නමුත් මෙම රෝගී තත්ත්ව හා අර්ශස් අතර සම්බන්ධයක් පවතින නමුත් රෝගීන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකියි. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හරහා අර්ශස්වලට පමණක් නොව ඒ සමඟ ඇතිවන වෙනත් රෝගී අවස්ථාවන් ද නිට්ටාවටම සුවකළ හැකි බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

උපුටනය – ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා / දිනමිණ

දිව ඔසුවක් වූ කෝමාරිකා උයල කාල තියෙනවද ? එහෙනම් මෙන්න හදන හැටි වගේම ගුණයත් දැනගන්න

ක්‍රීඩාවෙහි නියුතු තරුණියන්ට, ඔසප් සමයේ වේදනාවෙන් සිටින කාන්තාවන්ට, ශරීරයේ උෂ්ණත්වය වැඩි අයට මෙම කෝමාරිකා වැංජනය අතිශය ගුණ දායකයි.

අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා පිති 04 ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක්, කහ කුඩු තේ හැඳි 01 ක්, තුනපහ කුඩු තේ හැඳි 01 ක්, බටර් තේ හැඳි 01 ක්, පොල් තෙල් තේ හැඳි 01 ක්, සිහින්ව කැපු අමු මිරිස් කරල් 01 ක්, සිහින්ව කැපු සුදු ළුණු බික් 01 ක්, බී ළූණු ගෙඩි 01 ක්, වතුර මිලි ලීටර් 150 ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, රතු සහ කහ බෙල් පෙපර්

සාදන ක්‍රමය
කෝමාරිකා පිති 04 ක් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. කෝමාරිකා පිත්තේ අඟල් හතරක පමණ ප්‍රමාණයක් කපා ඉවත් කර ගන්න. පසුව කෝමාරිකා මදය පමණක් ගැනීම සඳහා කොලපාට පොත්ත සූරා ඉවත් කරන්න. කෝමාරිකා මදය තරමක් සිහින් ව කපා ගෙන එය වතුර භාජනයක දමා විනාඩි 05 ක් පමණ තබන්න. ඉන්පසු භාජනයක් ලිප තබා රත් වන විට බටර්, ගම්මිරිස්, තුනපහ කුඩු දමා හොඳින් කලවම් කරන්න. විනාඩියකට පසු අමු මිරිස්, සුදු ළූණු සහ බී ළූණු දමා වතුර ටික එක් කරන්න. විනාඩි තුන හතරකට පසුව එයට කෝමාරිකා මදය එක් කරන්න. අඩු ගින්දරේ විනාඩි කිහිපයක් තබන්න. අවසානයේ මෙය අලංකාර කිරීමට බෙල් පෙපර් සිහින් කපා එක් කර ගන්න.

කෝමාරිකා වල ගුණ
කෝමාරිකා, අතිශය ගුණ දෙන ස්වභාවික බෙහෙතක්. ඕනෑම නිවසක වවා ගත හැකි පැලෑටියක්. කෝමාරිකා, පුරුෂ ලිංගය ප්‍රාණවත් වීමේ ස්වභාවික උත්තේජනයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා ජෙල් තුල ඇති විවිධ පෝෂණ සංයෝගයන් අන්තර්ගත වන බොහෝ අතිරේක ඖෂධ අද වනවිට අලෙවි කිරීමට තිබෙනවා. කෝමාරිකා රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් ලෙස වගේම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාත් නැතිවම බැරි දෙයක්.

කෝමාරිකා තුල අන්තර්ගත වන කාබනික ජර්මේනියම “organic germanium” යන සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවිකවම නියාමනය කරන බවත් පැවසෙනවා. කෝමාරිකා තුල තිබෙන තවත් එක් සංයෝගයක් තමයි “isocitrate calcium salts” කියන්නේ. ඒ මගිනුත් ශරීරයේ අවයව කෙරිහි සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනව.

එසේම, කෝමාරිකා මගින් ශරීරයේ “LDL” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ “HDL” කොලෙස්ටරෝල් (හොඳ කොලෙස්ටරෝල්) මට්ටම වැඩි කිරීමද සිදු කරනවා.

කිරීටක ධමනි වල රෝග ඇති පුද්ගලයින්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔසිජන් නොමැති වීම නිසා ඇති වන වම් පස පපුවේ සහ බාහුවේ වේදනාව නැත්නම් “Angina pectoris” රෝගී තත්වයට කෝමාරිකා තුල අධික ලෙස අඩංගු වන ෆෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සපයා ගන්නට පුළුවන්.

කෝමාරිකා මගින් හදවත් රෝග නිවාරණය කිරීම, රුධිර සැපයුම වර්ධනය කිරීම සහ සමස්ථ රුධිර සංසරණ පද්ධතියටම සුවදායක වන නිසා කෝමාරිකා අපට බොහෝ සෙයින් වැදගත් වනවා. මේ නිසයි පිරිමි පුද්ගලයෙකු කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් තම පුරුෂ ශක්තිය වර්ධනය කර ගත හැක්කේ.

මීට අමතරව යෝනියේ ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා ස්වභාවික ලිහිස්සි ද්‍රාවණයක් ලෙසත් කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම කෝමාරිකා අම්ල පිත්ත රෝගයට හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයට ද ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. කෝමාරිකා යුෂ පානය මගින් ආමාශය සිසිල් කරනවා.

පිලිකා රෝගීන්ට ද කෝමාරිකා අතිශය ගුණ දායකයි. ඒ වගේම රුපලවන්ය කටයුතු වලදී සමේ වියලිබව නැති කිරීමට ආදී බොහෝ ප්‍රතිකාර සඳහා කෝමාරිකා යොදා ගන්නවා.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)

කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන ස්වභාවික බෙහෙතක් ගෙදරදීම සාදාගන්නා හැටි

ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ.

මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත. එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක.

එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි.

මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය.

මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය. කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි. සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය.

තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය. උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක.

මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.

දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක.

ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.

මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි.

(උපුටාගැනීම ලක්බිම පුවත්පත)

ඔබේ සම රන් පැහැ කරවන වට්ටක්කා පොතු

වට්ටක්කා කියන්නේ ඉටාමත් ගුණදායී එළවළු වර්ගයක්. පසුගිය දිනවල වට්ටක්කා ගැන රට පුරා කතා බහ කරන්න ගත්තා ඔබට මතක ඇති. ගොවීන්ට ඒවා විකුණා ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. කොහොම වූණත් මේ කියන්න යන්නේ අතිශය සුලබ වට්ටක්කා මගින් ඔබේ රුව අලංකරණය කර ගන්නා විදියක් ගැන.

වට්ටක්කා පොතු තමයි මේ සඳහා අපි භාවිත කරන්නේ. වට්ටක්කා පොතුවල විටමින් සහ ඛණිජ ලවණ බෙහෙවින් අඩංගුයි. මේ වට්ටක්ක පොතු ආලේපයක් ලෙස සකසා මුහුණේ ශරීරයේ ආලේප කල හැකියි.

මේ තියෙන්නේ ඒ ආලේපය හදන හැටි
මේ සඳහා වට්ටක්කා පොතු ටිකක් ගෙන එළකිරි සමග බ්ලෙන්ඩ් කර ගන්න. එය මුහුණේ සහ ශරීරයේ ආලේප කොට විනාඩි 30 ක් පමණ සිට සෝදා හරින්න. නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබේ සම රන්වන් පැහැ ගැන්වේ. ඊට අමතරව රැලි වැටීමද නතර කරයි.

අස්ථි සවිමත් කර අධි රුධිර පීඩනය පාලනය කරන, පිළිකාව සමග සටන් වදින “නෝකෝල්” වල ඇති අසීමිත ගුණ

“Kohlrabi” යන ජර්මානු වචනයයෙන් හඳුන්වන අපි නෝකෝල් යනුවෙන් හඳුන්වන අහාරය ගැන මේ කරුණු ඔබට වැදගත් වේවි . එය ජර්මන් ගෝවා ලෙසත් හඳුන්වනවා. බ්‍රෝකෝලි වලට සමාන රසයක් ගන්නා මෙහි පැණිරසක් සහිත වනවා. හැඩයෙන් මෙය රාබු සහ ගෝවා අතර මැදි එළවළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම එලවළුවේ මුල් හැර අනෙත් සියළුම කොටස් ආහාරයට ගන්නට පුළුවන්. ජර්මානු ගෝවා සෛල වලට හානිවීම වළක්වන සහ සමස්ත ශරීර සෞඛ්‍යයම වර්ධනය කරන “phytochemicals” සංයෝගයෙන් පොහොසත් වනවා.

අස්ථි සවිමත් කිරීම
“Kohlrabi” මැන්ගනීස්, යකඩ සහ කැල්සියම් වලින් පොහොසත් වන අතර වයස් ගත වද්දී අස්ථි වලට අවශ්‍ය වන ශක්තිය නිසි ලෙස ලාබාදෙන එළවළුවක් වනවා. ඔස්ටියෝපොරෝසීස් රෝගය වැළඳීමේ අවදානම තරුණ අවදියේදී ම ශරීරයට ලබාගන්නා කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම මගින් අඩු කර ගන්නට් පුළුවන්. එම නිසා ඔබට හැකි පරිදි මෙම එළවළුව ඔබේ කෑම වේලට එක්කර ගන්න.

පිළිකාව සමග සටන් වැදීම
එළවළු සතුව පිළිකාව හා සටන් වැදීමට විශේෂ හැකියාවක් තිබෙනවා. අක්මාවේ, පෙනහල්ලේ, සහ මහා බඩවැලේ ඇතිවන පිළිකා සෛල විනාශ කිරීමේ සුවිශේෂ හැකියාවක් මේ “Kohlrabi” සතු වනවා.

ශරීරයේ බර පාලනයවීම
“Kohlrabi” සතු තන්තු සහ වෙනත් පෝෂණ ගුණයන් නිසා ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සහා කරන පුද්ගලයින්ට “Kohlrabi” වඩාත් වැදගත් වනවා. මෙම එළවළුව අනුභව කිරීම මගින් දිගුවේලාවක් කුසගිනි නොදැනී සිටීමට හැකියාව ලැබෙනවා.

හදවත් සෞඛ්‍යය වර්ධනය වනවා
“Kohlrabi” ආහාරයට ගැනීම මගින් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කර ගන්නට පුළුවන්.එළවළු සහ පළතුරු අනුභව කිරීම මගින් හදවත් රෝග අඩු වන බව වයස අවුරුදු 25 – 74 අතර පුද්ගලයින් රැසක් එක්කර සිදු කල එක්තරා අධ්‍යයනයක් විසින් තහවුරු කර තිබෙනවා.

අජීර්ණය
කුසේ ඇතිවන විවිධ අජීර්ණයන් සුව කර ගැනීම සඳහාත් මෙය වඩාත් ඵලදායි වනවා. ඔබ එවන් අවස්ථාවකට මුහුණ දුන් විට සැල්දිරි, “Kohlrabi”, කැරට් සහ කොළපැහැති ඇපල් හොඳින් අඹරා පානයක් සකස් කර පානය කරන්න.

අධි රුධිර පීඩනය පාලනය
නිසි රුධිර පීඩනයක් පවත්වා ගැනීම සඳහා “Kohlrabi” විටමින් C වලින් පොහොසත් වනවා. විටමින් C ඌනතාවය නිසා රුධිර නාලිකා සිහින් වීම “atherosclerosis”, ආඝාතය, පිළිකාව සහ පිත්තාශයේ ගැටළු ඇතිවන්නට පුළුවන්.

පරිවෘත්තීය ක්‍රියාවලිය
ශරීරය තුල එන්සයිමීය ක්‍රියාකාරීත්වය සඳහා “Kohlrabi” සතු විටමින් B සහය වනවා. ශරීරය තුල සාමාන්‍ය ක්‍රියාවලියක් පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් වනවා. විටමින් B සපිරි “Kohlrabi” සහ වෙනත් එළවළු වර්ග ආහාරයට ගන්න.

පෙනීම් වර්ධනය
“Kohlrabi” බීටා කැරොටින් ඇතුළු කැරොටින් වර්ග වලින් පොහොසත් වනවා. බීටා කරොටින් අක්‍ෂි සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වන ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකෙන නිසා අක්‍ෂි වල සෞඛ්‍යය වර්ධනය කර ගන්නට “Kohlrabi” ඔබේ ආහාර වේලට එක්කර ගන්න.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)<

වාතය, පිත සමනය කරවන සිරුරට මහා ගුණ දෙන දිව ඔසුවක් වූ හාතාවාරිය

හාතාවාරිය ශාකය ගුණයෙන් අනුන ශාකයක්. හාතාවාරිය කොළවල අඩංගු ඛණිජමය පදාර්ථය පොටෑසියම් වේ. සෝඩියම් කැල්සියම් හා මැග්නීසියම් සාමාන්‍ය ප‍්‍රමාණයන්ගෙන් ද යකඩ සින්ක් හා කොපර් ද ඉතා සුළු ප‍්‍රමාණයන් ගෙන් ද අඩංගුය. කොළ කැඳ සඳහා භාවිතා වන්නේ හාතාවාරිය කොළ හෙයින් මෙම සංයුතීන් වැදගත් වේ.

හාතාවාරිය කඳේ පිටපොත්ත ප‍්‍රතිබැක්ටීරියාමය හා ප‍්‍රතිදිලීරමය ලක්‍ෂණ පෙන්වන අතර ඒවා ග‍්‍රසනිකාවේ පිළිකාමය සෛල ඇති කිරීමෙහි සමත් බව පරීක්‍ෂණ වාර්තා කරයි. ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. ගුල්මය අතීසාරය, වැනි රෝග නිරාවරණය කරන අතර ඇසට හිත කරයි. මෙහි දී වැදගත්ම වන්නේ ඒවා හෘදයට හිත කර වීමයි. මුත‍්‍ර මාර්ගයේ ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කසාය ගුණදායක වේ. රක්තාතීසාරයටත්, අපස්මාරයටත් හාතාවාරිය එළකිරෙන් අඹරා පානය කිරිම ගුණ වේ. අර්ශස්වලට හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම ද ගුණයි. අධික දාහයට හාතාවරිය, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කටුකරෝසන කසාය ලෙස සාදා බීම යෝග්‍යයි. එසේම හාතාවාරිය කොළ ගිතෙලින් බැද අනුභව කිරීමෙන් රාතී‍්‍ර අන්ධතාව සුව වේ.

සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, විෂ්ණු තෛලය, ශාතවාරී තෛලය, නරසිංහ රසායනය ආදිය හාතාවාරිය යොදා පිළියෙල කරනු ලබන ප‍්‍රකට ඖෂධ වේ. එයින් සිද්ධාර්ථ තෛලය ප‍්‍රකට වාත නාශක ඔසුවක් වන අතර හෘද රෝගයනට ද ගුණදායක බව දක්වා ඇත. නරසිංහ රසායනය දහඅට වැදෑරුම් පීනසට ද දියවැඩියාවට ද ඉතා ගුණ දෙන ඖෂධයක් ලෙස ප‍්‍රකට වේ.

මහා නාරායන තෛලය පක්‍ෂගාත, හිසරුදා, කොරවීම, ආදියට ද වඳ ස්ති‍්‍රනට දරු සම්පත් ලබා දිමට ද වාත රෝග, නැසීමට ද ගුණදායක වේ. හාතාවාරිය අල කැඳ පිළියෙල කිරීමේදී හාතාවාරිය අලවල පොතු හැර මැද නාරටිය ඉවත්කර ගත යුතුය. අනෙකුත් කැඳවර්ග පිළියෙල කරන ආකාරයට ම හාතාවාරිය අල කැඳ ද පිළියෙල කර ගත හැකිය. මෙම අසල කැඳ ඉතා පෝෂ්‍යදායකය. රසායන ගුණයෙන් ද යුක්ත වේ.

හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක් දක්වනවා. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත‍්‍ර රෝගවලට ගුණදායකය. හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි. වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්තී‍්‍රන්ගේ ශ්වේත ප‍්‍රදරයට, අධික ඔසප් වීමට ගුණදායකය. එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ.

හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය. හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ පැය බාගයකින් නසා ක්‍ෂණික සුවයක් ලැබෙන බැවින් ද මෙය අත්දුටු ප‍්‍රතිකාරයක් බැව් ද දක්වා තිබේ.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

කාබන් පෑන් ඉරි ඇඳුනු වලංගු මුදල් නෝට්ටු වල ඇති පෑන් ඉරි ඉවත් කරන ක්‍රම තුනක් මෙන්න

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන. ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්.

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි. රු 20 ක් 50 ක් නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000 ක් 5000 ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්.

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ. කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න..

ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්.

Acetone
මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්. මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්. Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා. පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා. කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය.

Alcohol
Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න. ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා. කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ. මේකත් සාර්ථක ක්‍රමයක්.

Lime Juice
ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්. මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්.

රු 1000 ක 5000 ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ. මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්. දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න.

තව කෙනෙක්ට උදව්වක් වශයෙන් share කර දැනුවත් කරන්න.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව පාලනයකරන, ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහල නෙල්ලි වල තිබෙන ඖෂධීය ගුණ

බෙහෙත් නෙල්ලි ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් ආයුර්වේදීය ඖෂධයක් ලෙසින් පිළිගැනෙනවා. හිසකෙස් වර්ධනය සඳහා නෙල්ලි නිතරම භාවිත කරනවා. එහි තිබෙන වටිනාකම් පිළිබඳව දැනුවත් වීම ඔබට බොහෝ සෙයින් වැදගත් වූ ඇතැයි නිරෝගා අපි විශ්වාස කරනවා..

ප්‍රතිශක්තිකරණ ගුණයෙන් ඉහලයි
බෙහෙත් නෙල්ලි වලට ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල නැංවිය හැකි අතර ශරීරය ආසාදන වැලි වැළක්වීමේ හැකියාවක්ද පවතිනවා. දිනපතා නෙල්ලි භාවිත කළ හැකි නම් ඔබට ඇතිවන ආසාදන තත්වයන් මග හරවා ගත හැකියි.

දන්ත සෞඛ්‍යය රැක දෙයි
දිනපතා නෙල්ලි ආහාරයට ගැනීමෙන් දත් වල ඇතිවෙන කුහර, මැලියම් සහ ආබාධ වලකා ගන්නට පුලුවන්. නෙල්ලි වල තිබෙන ක්ෂුද්‍ර ජීවින් මර්ධනය කිරීමේ ගුණය නිසා එය ඔබේ මුඛ සෞඛ්‍යය රැක දෙනවා.

සමේ පිළිස්සුම් කැළැල් සුව කරයි
හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන පිළිස්සුම් කැළැල් සුව කිරීමට නෙල්ලි වලට හැකියාවක් තිබෙනවා. නෙල්ලි බ්ලෙන්ඩර් කර පිළිස්සුම් තුවාල මත ආලේපකිරීම මගින් ඒවා සනීප කර ගත හැකියි.

ආහාර ජීර්ණය පහසු කරයි
ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ජීරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාමට නෙල්ලි තුල විශේෂ හැකියාවක් ඇත. එමගින් දේහයේ පරිවෘත්තීය වේගය වර්ධනය වන අතර බර ද අඩු වේ.

ආමාශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි
සිරුරේ ආමාශගත රෝග ඇති වීම ඉතා වේදනාකාරී එකකි. මෙම තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව බෙහෙත් නෙල්ලි සතුය. බෙහෙත් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ආම්ලික ගතිය අවම කරවන හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

දියවැඩියාව පාලනය කරයි
බෙහෙත් නෙල්ලි ඔබගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කරයි. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලිවලට හැකිය. ඒ නිසා හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි හොඳ ඔසුවකි.

(උපුටාගැනීම නිරෝගා වෙබ් අඩවිය)